id
stringlengths 13
13
| news_content
stringlengths 120
24.3k
| headline
stringlengths 10
171
| is_headline
int64 0
1
|
---|---|---|---|
hp_train_7401 | (සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ විවාදය ලබන 24 වැනිදා පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කළ බව මහ ලේකම් නීතිඥ කුෂානි රෝහණදීර මහත්මිය පැවසුවාය.පාර්ලිමේන්තුව ලබන 22 වැනිදා සිට 25 වැනිදා දක්වා රැස්වීමට නියමිතය.මේ අතර පුරාවස්තු ආඥා පනත යටතේ නියෝග සහ සංචාරක කටයුතු පනත යටතේ අංක 2324/14 දරන ගැසට් පත්‍රයේ පළ කර ඇති නියමය ලබන 22 වැනිදා විවාදයට ගැනේ.අනතුරුව ආණ්ඩු පක්ෂය විසින් ඉදිරිපත් කෙරෙන සභාව කල් කල්තබන අවස්ථාවේ යෝජනාව පිළිබඳ විවාදය එදින ප.ව 5.00 සිට ප.ව 5.30 දක්වා පැවැත්වේ.ආනයන හා අපනයන (පාලන) පනත යටතේ අංක 2336/45 දරන ගැසට් පත්‍රයේ පළකොට ඇති රෙගුලාසි, ශ්‍රී ලංකා අපනයන සංවර්ධන පනත යටතේ අංක 2336/71 දරන ගැසට් පත්‍රයේ පළ කර ඇති නියෝග, වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව පනත යටතේ අංක 2343/60 දරන ගැසට් පත්‍රයේ පළ කළ නියෝග සහ ක්‍රමෝපාය සංවර්ධන පනත යටතේ 2339/08 දරන ගැසට් පත්‍රයේ පළ කළ නියෝග ලබන 23 වැනිදා විවාදයට ගැනීමටද තීරණය කර ඇත.අත්‍යවශ්‍ය මහජන සේවා පනත යටතේ ජනාධිපතිවරයා විසින් අංක 2341/03 දරන ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමයට ලබන 24 වැනිදා විවාදයට ගැනේ.අපවත්වී වදාළ හිටපු මන්ත්‍රී උඩවත්තේ නන්ද හිමි, අභාවප්‍රාප්ත හිටපු මන්ත්‍රීවරුන්වන එස්.ඒ.ආර් මද්දුමබණ්ඩාර සහ සිරිසේන කුරේ යන මහත්වරුන් පිළිබඳ ශෝක යෝජනා විවාදය ලබන 25 වැනිදා පැවැත්වේ. | ශ්‍රී ලංකා ක්‍රිකට් විවාදය 24 | 1 |
hp_train_7402 | ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ දශක දෙකකට වඩා වැඩි කාලයක් ගුවන් යානා මෙහෙයුම් සඳහා යොදාගත් A340 ගුවන් යානා ඇණියේ අවසන් ගුවන් යානයේ අවසන් වාණිජ ගුවන් ගමන ඊයේ (7) කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළෙන් නිම කළේය.ඉන්දියාවේ චෙන්නායි නුවර සිට අවසන් ගුවන් ගමන සිදුකරමින් දිවයිනට ලගා වු යානය කටුනායකදී ජල ප්‍රහාර විදිමින් ආචාර සමාචාර පවත්වමින් පිළිගත් අතර යානායේ සමුගැනීම සනිටුහන් කරමින් ශ්‍රී ලංකා ගුවන් සමාගම චාම් උත්සවයක්ද සංවිධානය කර තිබිණි. එන්ජින් 4ක් සහිත A340 ගුවන් යානාදිගු දුර සහ මධ්‍යම දුර ගුවන් මෙහෙයුම් සඳහාආසියාවේ ප්‍රථම වරට මිළදී ගත් ගුවන් සේවය වශයෙන් ශ්‍රීලංකන් ගුවන් සමාගම එකල ඉතිහාසගත විය. මෙම අවසන් ගුවන් මෙහෙයුමෙන් පසු A340 ගුවන් යානා ශ්‍රීලංකන් ගුවන් යානා ඇණියට සමු දී නික්ම යනු ඇත.වර්ෂ 1994 සැප්තැම්බර් මස 1 වෙනි දා එයාර්බස් ඉන්ඩස්ට්‍රීස් නිෂ්පාදනය කළ අතිනවීන ගුවන් යානාවක් වූ A340 ගුවන් යානය ප්‍රථම වතාවට ජාතික ගුවන් සේවයට එක් වන ලදී. වසර 21 කාලයක් පුරා A340 ගුවන් යානා හතක් ශ්‍රීලංකන් ගුවන් සමාගමේ සේවය සඳහා යොදාගනිමින්ගුවන් මෙහෙයුම් සිදුකරන ලදී.ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ගුවන් යානා ප්‍රතිඇණිගත කිරීමේ වැඩසටහන යටතේ නවතම එයාර්බස් 330-300 ගුවන් යානා හතක් මෙම මෙහෙයුම් සදහා ගුවන් යානා ඇණියට එක්කිරීමට කටයුතු යොදා තිබේ. මෙම නවතම පුළුල් බඳ සහිත A330-300 ගුවන් යානාඅති නවීන ගුවන් මැදිරි වලින් සමන්විත වන අතර අති නවීන ගුවන් යානා අභ්‍යන්තර විනෝදාස්වාදක පද්ධතියක්,උසස් තාක්ෂණික පහසුකම් සහ WIFI සම්බන්ධතාවය අත්විඳීමේ අපහසුකමද පවතී. එසේම මෙහි ගුවන් මැදිරිවල හාත්පස පැතිරුණු ආලෝකනය,සම්බන්ධතා ලක්ෂණ සහ අධික සුවපහසු ආසන පහසුකම් ඇත.ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී කපිතාන් සුරේන් රත්වත්ත මහතා ප්‍රකාශ කර සිටියේ “ පසුගිය දශක දෙක පුරා A340 ගුවන් යානා අපගේ ගුවන් ගමන් ජාල ව්‍යාප්තිය සඳහා විශාල කාර්යභාරයක් ඉටුකර ඇත. මෙමගින් ජාතික ගුවන් සේවය නව වෙළෙඳපොලවල් වෙත ගෙන යාමටත් සංචාරක පැමිණීම් තුළින් ජාතික ආර්ථිකය නංවාලීමටත් හැකිවී ඇත. කලාපීය තරගකාරී ගුවන් සේවා අභිබවාකටයුතු කිරීමටත් මෙම ගුවන් යානා කොළඹින් සහ එයින් පිටතට සිදුකරන නොනවතින සෘජු ගුවන් ගමන් සඳහා යොදා ගැනීමටත් මෙයින් හැකිවී ඇත. මෙමA340 ගුවන් යානා අප ගුවන්යානා ඇණියෙන් නික්ම ගියත් අපගේ නවතම A330-300 ගුවන් යානා මගින් නව ගමනක් යෑමටත් ශ්‍රීලංකන් ආගන්තුක සත්කාරය පිරි නවීන ගෝලීය ගුවන් සංචාර සැපයීමටත් හැකිවනු ඇති බව ද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේය.මේ පිළිබඳව අදහස් දක්වමින් ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ගුවන් මෙහෙයුම් ප්‍රධානී කපිතාන් රජීන් රණතුංග මහතා සඳහන් කළේ මෙම A340 ගුවන් යානය දිගු දුර ගුවන් සඳහා ගුවන් පැය විශාල ප්‍රමාණයක් පියාසර කර ඇති බැවින් එම යානාවන්ට විශ්‍රාම ලබා දීමට සිදුවීම පිළිබඳ ඉතා කණගාටුවන බවයි. නමුත් මේවන විටත් මගීන්ට සුව පහසු ගුවන් ගමන් අත්දැකීමක් ලබාදීමේ අරමුණින් නවතම එයාර්බස් 330-300 ගුවන් යානා ශ්‍රීලංකන් ගුවන් බල ඇණියට එක්කර තිබීම පිළිබඳව අතිශය සතුටට පත්වන බවද හෙතෙම පැවසීය.මෙලෙස ශ්‍රීලංකන් වෙතින් සමුගෙන යන A340 ගුවන් යානාව ශ්‍රී ලංකාවේ සවිල් ගුවන් සේවා ඉතිහාසයේ නොමැකෙන මතක සටහන් තැබූ ගුවන් යානාවකි. එනම් අති උතුම් ශුද්ධෝත්තම II ජුවාම් පාවුලු පාප් වහන්සේ සහ අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේශ්‍රී ලංකාවට සැපැත් වූයේද මෙම ගුවන් යානයේ වන අතර ඊට අමතරව විදේශීය සම්භාවනීය පුද්ගලයින් රැසැක්ම මෙම ගුවන් යානයෙන් ශ්‍රී ලංකාවට රැගෙනවිත් තිබේ. ඊට අමතරව 2004 වර්ෂයේ ඉන්දියානු සාගරයේ ඇති වූ සුනාමි ව්‍යසනයේදී ආධාර විශාල ප්‍රමාණයක් ශ්‍රී ලංකාවට රැගෙන ඒම සඳහා මෙම ගුවන් යානය උපකාරී වී තිබේ.මෙම A340 ගුවන් යානා හඳුන්වාදීම සිදුවූයේ ඒවනතෙක් භාවිත කල ද්විත්ව එන්ජින් සහිත ලොක්හීඩ් L1011 ට්‍රයිස්ටාර් ගුවන් යානා සේවයෙන් ඉවත් කිරීමෙන් පසුවය. ඉන් අනතුරුව මෙම A340 ගුවන් යානා කොළඹ සිට ලන්ඩන් සහ ටෝකියෝ වෙත නොනවතින ඝෘජු ගුවන් මෙහෙයුම් සිදුකරන ලදී. A340 ගුවන් යානාවට ගුවන් සැතපුම් 13,000 ප්‍රමාණයක් පියාසර කරමින් මගීන් 300 ක් රැගෙන යාමේ පහසුකම තිබේ.කෙසේ වෙතත්, වසර ගණනාවක් පුරා වැඩි දියුණු වන එන්ජින් තාක්ෂණයත් සමඟ එන්ජින් හතරක් සහිත ඉහළ ඉන්ධන පරිභෝජනය ඇතිA340 ගුවන් යානා වෙනුවට ද්විත්ව එන්ජින් වලින් සමන්විත වන ගුවන් යානා ඉන්ධන කාර්යක්ෂමතාවයෙන් සහ ගුවන් මගීන්ගේ ආකර්ෂණය දිනා ගැනීමට සමත් වූ එයාර්බස් 330 ගුවන් යානා ප්‍රතිඇණිගත කරන ලදී.ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ දශක දෙකකට වඩා වැඩි කාලයක් ගුවන් යානා මෙහෙයුම් සඳහා යොදාගත් A340 ගුවන් යානා ඇණියේ අවසන් ගුවන් යානයේ අවසන් වාණිජ ගුවන් ගමන ඊයේ (7) කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළෙන් නිම කළේය.ඉන්දියාවේ චෙන්නායි නුවර සිට අවසන් ගුවන් ගමන සිදුකරමින් දිවයිනට ලගා වු යානය කටුනායකදී ජල ප්‍රහාර විදිමින් ආචාර සමාචාර පවත්වමින් පිළිගත් අතර යානායේ සමුගැනීම සනිටුහන් කරමින් ශ්‍රී ලංකා ගුවන් සමාගම චාම් උත්සවයක්ද සංවිධානය කර තිබිණි. එන්ජින් 4ක් සහිත A340 ගුවන් යානාදිගු දුර සහ මධ්‍යම දුර ගුවන් මෙහෙයුම් සඳහාආසියාවේ ප්‍රථම වරට මිළදී ගත් ගුවන් සේවය වශයෙන් ශ්‍රීලංකන් ගුවන් සමාගම එකල ඉතිහාසගත විය. මෙම අවසන් ගුවන් මෙහෙයුමෙන් පසු A340 ගුවන් යානා ශ්‍රීලංකන් ගුවන් යානා ඇණියට සමු දී නික්ම යනු ඇත.වර්ෂ 1994 සැප්තැම්බර් මස 1 වෙනි දා එයාර්බස් ඉන්ඩස්ට්‍රීස් නිෂ්පාදනය කළ අතිනවීන ගුවන් යානාවක් වූ A340 ගුවන් යානය ප්‍රථම වතාවට ජාතික ගුවන් සේවයට එක් වන ලදී. වසර 21 කාලයක් පුරා A340 ගුවන් යානා හතක් ශ්‍රීලංකන් ගුවන් සමාගමේ සේවය සඳහා යොදාගනිමින්ගුවන් මෙහෙයුම් සිදුකරන ලදී.ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ගුවන් යානා ප්‍රතිඇණිගත කිරීමේ වැඩසටහන යටතේ නවතම එයාර්බස් 330-300 ගුවන් යානා හතක් මෙම මෙහෙයුම් සදහා ගුවන් යානා ඇණියට එක්කිරීමට කටයුතු යොදා තිබේ. මෙම නවතම පුළුල් බඳ සහිත A330-300 ගුවන් යානාඅති නවීන ගුවන් මැදිරි වලින් සමන්විත වන අතර අති නවීන ගුවන් යානා අභ්‍යන්තර විනෝදාස්වාදක පද්ධතියක්,උසස් තාක්ෂණික පහසුකම් සහ WIFI සම්බන්ධතාවය අත්විඳීමේ අපහසුකමද පවතී. එසේම මෙහි ගුවන් මැදිරිවල හාත්පස පැතිරුණු ආලෝකනය,සම්බන්ධතා ලක්ෂණ සහ අධික සුවපහසු ආසන පහසුකම් ඇත.ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී කපිතාන් සුරේන් රත්වත්ත මහතා ප්‍රකාශ කර සිටියේ “ පසුගිය දශක දෙක පුරා A340 ගුවන් යානා අපගේ ගුවන් ගමන් ජාල ව්‍යාප්තිය සඳහා විශාල කාර්යභාරයක් ඉටුකර ඇත. මෙමගින් ජාතික ගුවන් සේවය නව වෙළෙඳපොලවල් වෙත ගෙන යාමටත් සංචාරක පැමිණීම් තුළින් ජාතික ආර්ථිකය නංවාලීමටත් හැකිවී ඇත. කලාපීය තරගකාරී ගුවන් සේවා අභිබවාකටයුතු කිරීමටත් මෙම ගුවන් යානා කොළඹින් සහ එයින් පිටතට සිදුකරන නොනවතින සෘජු ගුවන් ගමන් සඳහා යොදා ගැනීමටත් මෙයින් හැකිවී ඇත. මෙමA340 ගුවන් යානා අප ගුවන්යානා ඇණියෙන් නික්ම ගියත් අපගේ නවතම A330-300 ගුවන් යානා මගින් නව ගමනක් යෑමටත් ශ්‍රීලංකන් ආගන්තුක සත්කාරය පිරි නවීන ගෝලීය ගුවන් සංචාර සැපයීමටත් හැකිවනු ඇති බව ද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේය.මේ පිළිබඳව අදහස් දක්වමින් ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ගුවන් මෙහෙයුම් ප්‍රධානී කපිතාන් රජීන් රණතුංග මහතා සඳහන් කළේ මෙම A340 ගුවන් යානය දිගු දුර ගුවන් සඳහා ගුවන් පැය විශාල ප්‍රමාණයක් පියාසර කර ඇති බැවින් එම යානාවන්ට විශ්‍රාම ලබා දීමට සිදුවීම පිළිබඳ ඉතා කණගාටුවන බවයි. නමුත් මේවන විටත් මගීන්ට සුව පහසු ගුවන් ගමන් අත්දැකීමක් ලබාදීමේ අරමුණින් නවතම එයාර්බස් 330-300 ගුවන් යානා ශ්‍රීලංකන් ගුවන් බල ඇණියට එක්කර තිබීම පිළිබඳව අතිශය සතුටට පත්වන බවද හෙතෙම පැවසීය.මෙලෙස ශ්‍රීලංකන් වෙතින් සමුගෙන යන A340 ගුවන් යානාව ශ්‍රී ලංකාවේ සවිල් ගුවන් සේවා ඉතිහාසයේ නොමැකෙන මතක සටහන් තැබූ ගුවන් යානාවකි. එනම් අති උතුම් ශුද්ධෝත්තම II ජුවාම් පාවුලු පාප් වහන්සේ සහ අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේශ්‍රී ලංකාවට සැපැත් වූයේද මෙම ගුවන් යානයේ වන අතර ඊට අමතරව විදේශීය සම්භාවනීය පුද්ගලයින් රැසැක්ම මෙම ගුවන් යානයෙන් ශ්‍රී ලංකාවට රැගෙනවිත් තිබේ. ඊට අමතරව 2004 වර්ෂයේ ඉන්දියානු සාගරයේ ඇති වූ සුනාමි ව්‍යසනයේදී ආධාර විශාල ප්‍රමාණයක් ශ්‍රී ලංකාවට රැගෙන ඒම සඳහා මෙම ගුවන් යානය උපකාරී වී තිබේ.මෙම A340 ගුවන් යානා හඳුන්වාදීම සිදුවූයේ ඒවනතෙක් භාවිත කල ද්විත්ව එන්ජින් සහිත ලොක්හීඩ් L1011 ට්‍රයිස්ටාර් ගුවන් යානා සේවයෙන් ඉවත් කිරීමෙන් පසුවය. ඉන් අනතුරුව මෙම A340 ගුවන් යානා කොළඹ සිට ලන්ඩන් සහ ටෝකියෝ වෙත නොනවතින ඝෘජු ගුවන් මෙහෙයුම් සිදුකරන ලදී. A340 ගුවන් යානාවට ගුවන් සැතපුම් 13,000 ප්‍රමාණයක් පියාසර කරමින් මගීන් 300 ක් රැගෙන යාමේ පහසුකම තිබේ.කෙසේ වෙතත්, වසර ගණනාවක් පුරා වැඩි දියුණු වන එන්ජින් තාක්ෂණයත් සමඟ එන්ජින් හතරක් සහිත ඉහළ ඉන්ධන පරිභෝජනය ඇතිA340 ගුවන් යානා වෙනුවට ද්විත්ව එන්ජින් වලින් සමන්විත වන ගුවන් යානා ඉන්ධන කාර්යක්ෂමතාවයෙන් සහ ගුවන් මගීන්ගේ ආකර්ෂණය දිනා ගැනීමට සමත් වූ එයාර්බස් 330 ගුවන් යානා ප්‍රතිඇණිගත කරන ලදී. | නියමුවන් 85කට ශ්‍රී ලන්කන් එපා වෙයි | 0 |
hp_train_7403 | (රංජිත් රාජපක්ෂ )බලපත්‍රයක් නොමැතිව හිංසාකාරි ලෙස ගවයන් දෙදෙනෙකු ප්‍රවාහනය කළ සැකකරුවන් දෙදෙනෙකු කුඩා ලොරි රථයක් සමග අද (06) අත්අඩංගුවට ගත් බව මස්කෙලිය පොලීසිය කියයි.සැකකරුවන් දෙදෙනා මස්කෙලිය අප්කට් ප්‍රදේශයේ සිට ගවයන් දෙදෙනා ඝාතනය කිරිමට රැගෙන යන බවට පොලිසියට ලැබුණු තොරතුරක් මත සැකකරුවන් දෙදෙනා ලොරි රථය සමග මස්කෙලිය නගරයේදි අත්අඩංගුවට ගත් බව පොලිස් ස්ථානාධිපතිවරයා පැවසිය.අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා ගම්පොල ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙකු බවත්,සැකකරුවන් දෙදෙනා මෙම ජාවාරම කාලයක් තිස්සේ සිදුකරගෙන පැමිණි සැකකරුවන් දෙදෙනෙකු බව පොලිසිය කියා සිටියේය. | පුපුරණද්‍රව්‍ය යොදා මසුන් ඇල්ලූ දෙදෙනෙක් අල්ලයි | 0 |
hp_train_7404 | ශ්‍රී ලංකාවේ ප්‍රධානතම ව්‍යාපාර අතරේ පෙරමුණ ගත් සමාගමක් වන එයිට්කන් ස්පෙන්ස් සමාගම 2021-22 වසරේ තුන් වැනි කාර්තුවේදී පෙර බදු ලාභය වශයෙන් රුපියල් මිලියන 3,000ක් වාර්තා කර තිබේ. පෙර වසරේ තුන් වැනි කාර්තුව හා සංසන්දනය කිරීමේ දී එය ඉතාමත් ඉහළ කාර්ය සාධනයක් වන අතරම ආයතනික ඉතිහාසයේ කාර්තුවක් වෙනුවෙන් ලද ඉහළම ලාභය ද එයයි.එයිට්කන් ව්‍යාපාර සමූහයේ, සංචාරක අංශය ද ඇතුළුව, මෑත කාලීන වාර්තා ප්රගතිශීලී වර්ධනයක් පෙන්නුම් කරයි.පොලී වියදම්, බදු, ක්ෂයවීම් සහ මූලික වියදම් අවප්‍රමාණවීමට පෙර, සමූහයේ ඉපැයීම් ඇතුළු සියලුම අංශ හරහා ආයතන සමූහයේ මූලික ආදායම රුපියල් බිලියන 5.2 කි. එය පෙර වසරේ මෙම කාර්තුවට සාපේක්ෂව කැපී පෙනෙන වර්ධනයකි. පසුගිය වසරේ මෙම කාර්තුව තුළ ලත් ආදායම වූයේ බිලියන 1.2 කි.2021 වසරේ දෙසැම්බර් 31 වැනිදායින් අවසන් වූ මාස 9 ඇතුළත දී පොලී ගෙවීමට පෙර ලබන ආදායම, බදු, ක්ෂයවීම් සහ මූලික වියදම් ක්‍රමයෙන් කපාහැරීම ඇතුළුව ව්‍යාපාර සමූහයේ සමස්ත මූල්‍ය ගණනය කිරීම්වල එකතුව රුපියල් බිලියන 9.8 කි.සැලකිය යුතු ආර්ථික ප්‍රශ්න තිබියදී පවා, එයිට්කන් ස්පෙන්ස් ව්‍යාපාර සමූහයේ කඩිනම් උපායයන් හි සාර්ථකත්වය එහි විදේශීය ව්‍යාපාරවලින් පිළිබිඹු වූයේය. එහි පෙර-බදු-ලාභය සමස්ත ආදායමෙන් සියයට78ක් ක්වූ අතර ගෙවී ගිය මාස 9 ක කාලයේදී ලබාගත් සමස්ත ආදායමෙන් පෙර-බදු-ලාභය 64% ක් විය. තුන් වන කාර්තුව තුළ එයිට්කන් ස්පෙන්ස් ව්‍යාපාර සමූහයේ සංචාරක අංශය සුවිශේෂී පෙරළියක් පෙන්වමින් රුපියල් බිලියන 1.6 ක පෙර-බදු-ලාභයක් වාර්තා කළේය. පසුගිය වසරේදී මෙම කාර්තුව ඇතුළත එහි අලාභය රුපියල් බිලියන 1.8 කි.එයිට්කන් ස්පෙන්ස් ව්‍යාපාර සංචාරක හෝටල් සියල්ලම පාහේ ඉතාමත් හොඳින් ක්‍රියාත්මක විය. එහි දී විදේශයන්හි තිබෙන සංචාරක හෝටල වලින් ලද ආදායම වඩාත් කැපී පෙනෙන මට්ටමක තිබිණ. දේශීය හෝටල් සමූහය ද වඩාත් සිත්ගන්නාසුළු නැඟී සිටීමක් පෙන්නුම් කළේය. ව්‍යාපාර සමූහයේ ගමනාන්ත කළමනාකරණ අංශය මගින් පහසුකම් සපයන ලදින්, නැගෙනහිර යුරෝපීය වෙළෙඳපොළෙන් සාර්ථක ප්රතිලාභ ලැබිණ.මෑතකදී ශ්‍රී ලංකාව සඳහා තවත් ධන උල්පතක් සොයාගත් එයිට්කන් ස්පෙන්ස් සංචාරක අංශය උස්බෙකිස්තානයේ සිට ශ්‍රී ලංකාවට වෙන්කරවාගත් ගමන් පහසුකම් නිර්මාණය කර දුන්නේය.තුන් වැනි කාර්තුවේ දී අප ව්‍යාපාර සමූහයේ සමුද්‍රීය සහ භාණ්ඩ ප්‍රවාහන අංශය තවදුරටත් ශක්තිමත් වෙමින්, රුපියල් බිලියන 1.1 ක පෙර-බදු-ලාභයක් පෙන්වීය.එයිට්කන් ස්පෙන්ස් ව්‍යාපාර සමූහයේ උපායමාර්ගික ආයෝජන අංශයේ රුපියල් මිලියන 181 ක පෙර-බදු-ලාභයක් පෙන්නුම් කරන අතර ව්‍යාපාර සමූහයේ සේවා අංශය රු. මිලියන 91 ක පෙර-බදු-ලාභයක් පෙන්වීය. පසුගිය වසරේදී අත්පත් කර ගන්නා ලද අපද්‍රව්‍ය බලශක්ති බලාගාරය සහ ජලවිදුලි බලාගාර තුන මෙන්ම මුද්‍රණ සහ ඇඟලුම් අංශවල දක්නට ලැබුණු වැඩි දියුණු කළ කාර්ය සාධනය ද මෙම අංශයේ ලාභයට සැලකිය යුතු ලෙස දායක විය.එයිට්කන් ස්පෙන්ස් ව්‍යාපාර සමූහය 2021 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වූ මාස නවය සඳහා රුපියල් බිලියන 3.3 ක පෙර-බදු-ලාභයක් පෙන්වීය. එය පසුගිය වසරේ දී ලද අලාභය හා සංසන්දනය කිරීමේ දී කැපීපෙනෙන වෙනසකි.කොරෝනා වසංගතයට පෙර, එනම් වසර 2019-2020 කාලසීමාවේදී, පෙන්නුම් කරන ලද රුපියල් බිලියන 2.4 පෙර-බදු-ලාභය හා සංසන්දනය කිරීමේ දී වත්මන් ප්‍රතිඵල ඉතාමත් ඉහළ සාර්ථකත්වයක් පෙන්නුම් කිරීමකි.“මෙම කාර්තුවේ අපගේ සාර්ථකත්වය, ඉතාමත් සිත්ගන්නාසුළුයි. සමාගමක් වශයෙන් අප මෙතෙක් මුහුණ දී නැති, පෙර නොවූවිරූ අභියෝග හමුවේ අප ඉදිරියට ගියේ අපගේ ආයතන සමූහයේ ඔරොත්තු දීමේ හැකියාව සහ නොපසුබට උත්සාහය නිසායි. වත්මන් සාර්ථකත්වය එහි මනා පිළිබිඹුවක්”“සමූහයේ සෑම අංශයකින්ම, විශේෂයෙන්ම සංචාරක ක්ෂේත්රය සඳහා කැපීපෙනෙන පෙරළියක් පෙන්නුම් කරමින් ඉහළ සාර්ථකත්වයක් දැකීම සතුටට කරුණක්. එය පැවැති තත්ත්වය උඩුයටිකුරු කිරීමකට සමානයි. මේ සම්බන්ධයෙන්, මා, අපගේ සෑම ස්පෙන් සෝනියානුවකුටම සහ අපගේ කළමනාකාරීත්ව කණ්ඩායම්වලට ප්‍රශංසා කළ යුතුයි. එනිසා අපගේ උත්සාහයට සහායවීම වෙනුවෙන් ව්‍යාපාරයේ සියලුම හවුල්කරුවන්ට මා ස්තූතිවන්ත වෙනවා” යයි මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් එයිට්කන් ස්පෙන්ස්’ සමාගමේ නියෝජ්‍ය සභාපති සහ කළමනාකාර අධ්යක්ෂ, ආචාර්ය පරාක්‍රම දිසානායක මහතා පැවසීය.සමාලෝචනය කරන ලද කාර්තුවේ දී එයිට්කන් ස්පෙන්ස් සමාගම සම්මාන කිහිපයකින්ම පිළිගැනීමට ලක් වූයේය. වසර 2021 දී ලංකා වාණිජ මණ්ඩලය විසින් සංවිධානය කරන ලද තිරසාර පැවැත්ම සම්බන්ධයෙන් වූ හොඳම ආයතන අතරේ වැඩිම සම්මාන සංඛ්‍යාවක් දිනාගැනීමට එයිට්කන් ස්පෙන්ස් සමාගම සමත් විය.1983 වසරේ සිට කොළඹ කොටස් වෙළෙඳ පොළේ ලැයිස්තු ගත කර ඇති ‘එයිට්කන් ස්පෙන්ස්’ සමාගම, වසර 150 ඉක්මවූ, ප්‍රෞඪ උරුමයකට හිමිකම් කියයි. එය ශ්‍රී ලංකාව, මාලදිවයින, ෆීජි, ඉන්දියාව, ඕමානය, මියන්මාරය, මොසැම්බික් සහ බංග්ලාදේශය යන රටවල් 8 ක පිහිටි ආයතන 16 ක සේවක සේවිකාවන් 12,000 කට අධික පිරිසකගේ ජීවනාලියයි.-සටහන- චමින්ද මුණසිංහ | එයිට්කන් ස්පෙන්ස් සමාගමට රුපියල් බිලියන 2.9 ක ආදායමක් දෙවැනි කාර්තුවේ සියයට 388ක වර්ධනයක් | 0 |
hp_train_7405 | බස්නාහිර, සබරගමුව, වයඹ සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් තැනින් තැන වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. ‘අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේදී නැගෙනහිර සහ ඌව පළාත්වල ස්ථාන ස්වල්පයක ගිගුරුම් සහිත වැසි වර්ධනය වන අතර කඳුකර ප්‍රදේශවල සහ අවට මුහුදු ප්‍රදේශ වල විටින් විට තද සුළං බලාපොරොත්තු වෙයි‘ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය දිනය : 14/06/2015 නගරයඋෂ්ණත්වය (සෙ. අංශක)සාපේක්ෂ ආර්ද්‍රතාවය (%) කාලගුණයඋපරිමඅවමඋපරිමඅවමඅනුරාධපුරය33259060ප්‍රධාන වශයෙන් වැසි රහිත.මඩකලපුව33269065අපරභාගයේදී සහ සන්ධ්‍යා කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.කොළඹ31269575වැසි වාර කිහිපයක්.ගාල්ල30259075වැසි වාර කිහිපයක්.යාපනය32278070වැසි ස්වල්පයක්.මහනුවර30219565වැසි වාර කිහිපයක්.නුවරඑළිය21139570වැසි වාර කිහිපයක්.රත්නපුරය33249570වැසි වාර කිහිපයක්.ත්‍රීකුණාමළය35258560වැසි ස්වල්පයක්.මන්නාරම31278570වැසි ස්වල්පයක්. | ‘හෙට දවසේ කාලගුණය‘ | 0 |
hp_train_7406 | ශ්‍රී ලංකාවේ උතුරු සහ නැගෙනහිර ප්‍රදේශ රැසකට සහ සෙසු බොහෝ ප්‍රදේශවලට අද රාත්‍රී කාලයේ සහ හෙට සවස 02.00 න් පසුව ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. ඇතැම් ස්ථාන වලට තරමක් තද වැසිද ඇති විය හැක. ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශ වල තාවකාලිකව තද සුළං ඇති වේ ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය දිනය : 22/10/2015 නගරයඋෂ්ණත්වය (සෙ. අංශක)සාපේක්ෂ ආර්ද්‍රතාවය (%) කාලගුණයඋපරිමඅවමඋපරිමඅවමඅනුරාධපුරය33249565සවස 2.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.මඩකලපුව31259570වැසි වාර කිහිපයක්.කොළඹ31249570සවස 2.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.ගාල්ල30249080සවස 2.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.යාපනය32258560වැසි ස්වල්පයක්.මහනුවර30219570සවස 2.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.නුවරඑළිය22129580සවස 2.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.රත්නපුරය32239570සවස 2.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.ත්‍රීකුණාමළය32259575වැසි වාර කිහිපයක්.මන්නාරම32259070සවස 2.00 න් න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි. | ‘පළාත් රැසකට අද රාත්‍රියේ තද වැසි‘ | 0 |
hp_train_7407 | රොමේෂ් මධුෂංඛ මුලතිව් ගුරුකන්ද පුරාණ රජමහා විහාරයේ දෙපාර්ශවයක් අතර ඇතිවූ සාමය කඩවීමක් සම්බන්ධයෙන් මුලතිව් අධිකරණයේ දී ගොනු කර ඇති නඩුව අද (26) කැඳවු අවස්ථාවේදී නඩුව ලබන මාර්තු 15 වැනිදා දක්වා කල්දැමීමට මුලතිව් මහෙස්ත්‍රාත් එස්. ලෙනින්කුමාර් මහතා නියෝග කළේය.පසුගිය පෙබරවාරි 12 වැනි දා පුරාවිද්‍යා කොමසාරිස් ජනරාල් මහාචාර්ය පී.බී. මණ්ඩාවල මහතා විසින් මුලතිව් ගුරුකන්ද පුරාණ රජමහාවිහාර භූමිය සම්බන්ධයෙන් මුලතිව් අධිකරණයට ඉදිරිපත් කරන ලද වාර්තාව පරිවර්තනය නොකොර ඇති හෙයින් අදාල වාර්තාව පරිවර්තනය කර මාර්තු මස 15 වැනි දා වන විට නඩු තීන්දුව ලබා දිය හැකි බවට මුලතිව් මහෙස්ත්‍රාත් එස්. ලෙනින් කුමාර් මහතා දැනුම් දුන් බවට මුලතිව් ගුරුකන්ද පුරාණ රජමහා විහාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ රෝහණ තල්පාවිල මහතා කියා සිටියේය.එමෙන්ම ලබන මාර්තු 15 වැනි දා දක්වා ගුරුකන්ද පුරාණ රජමහා විහාරයේ කිසිදු ඉදිකිරීමක් සිදු නොකරන ලෙසටද මුලතිව් මහේස්ත්‍රාත්වරයා විසින් විහාරාධිපති කොළඹ මේධාලංකාරකිත්ති හිමියන්ට දැනුම් දෙනු ලැබීය.පෙබරවාරී 12 වැනි දා මුලතිව් ගුරුකන්ද රජමහා විහාර භූමිය සම්බන්ධයෙන් පුරාවිද්‍යා අධ්යක්ෂ ජනරාල්වරයාගෙන් වාර්තාවක් කැඳවා තිබිණි. ඒ අනුව පුරාවිද්‍යා අධ්‍යක්ෂක ජනරාල් මහාචාර්ය පී.බී.මණ්ඩාවල මහතා විසින් මුලතිව් අධිකරණයේදී පෙනී සිටමින් අදාල වාර්තාව ඉදිරිපත් කරමින් මෙසේ පැවසීය.මුලතිව් නයාරු ගුරුකන්ද පුරාණ රජමහා විහාරය පුරාවිද්‍යා පනත මගින් නියාමනය වන පුරාවිද්‍යා ස්ථානයක් බවටත් ගුරුකන්ද රජමහා විහාරය පවතින ස්ථානයේ මුලතිව් කෝකිලායි මාර්ගය දෙපසම මැනුම්ගත කරන ලද පුරාවිද්‍යා ස්මාර්ක සහිත ප්‍රදේශයක් වන බවටත්ය.කෙසේ වෙතත් මේ වන විට මුලතිව් අධිකරණයේ ගුරුකන්ද රජමහා විහාරය සම්බන්ධයෙන් මුලතිව් පොලීසිය මගින් නඩු දෙකක් ගොනු කර ඇති අතර ඉන් අපරාධ නඩු විධාන සංග්‍රහ පනතේ 81 වගන්තිය යටතේ පාර්ශවයන් දෙකක් අතර සාමය කඩවීම වළක්වාලීමට බැඳුම්කරයකට අත්සන් කළ යුතුද නැද්ද සම්බන්ධයෙන් වූ නඩුව අද (26) විභාගයට ගැණුනු අතර, පුරා විද්‍යා භූමියකට ඇතුළු වී ස්වාමීන් වහන්සේට බැන තර්ජනය කර පුරාවිද්‍යා භූමියේ කැණීමක් කළ බවට වූ බී වාර්තාව දෙවන නඩුව වෙයි.පසුගිය ජනවාරී 14 වැනි දා ගුරුකන්ද පුරාණ රජමහා විහාර භූමියට අනවසරයෙන් පිරිසක් ඇතුල් වී මුල් ගලක් තැබීමකට සැරසීම නිසා ඇති වූ නොසන්සුන්තාවයක් හේතුවෙන් මුලතිව් පොලීසිය විසින් අදාල නඩු ගොනු කර තිබිණි. | නයාරු විහාරයේ නඩුව 15 ට කල්යයි | 1 |
hp_train_7408 | ( රංජිත් රාජපක්ෂ)රජය විසින් වතු කම්කරුවන්ට වැඩි කළ රුපියල් 1000 දෙනික වැටුප ලබාදෙන ලෙස ආගරපතන වැවිලි සමාගමට බල කරමින් එම වතු සමාගමට අයත් වතු 08 ක වතු කම්කරුවන් තලවකැලේ ලිදුල නගර මධ්‍යයේ (12) දින උද්ඝෝෂණයක නිරත විය.වැටුප් පරිපාලක සභාව විසින් වතු කම්කරුවෙකු පැය 08 ක කාලයක් සේවය කිරිම වෙනුවෙන් රු 1000 දෛනික වැටුපක් ගෙවන ලෙස කම්කරු අමාත්‍යංශය විසින් චක්‍රලේඛනයක්ද නිකුත් කර තිබුණි.එම චක්රලේඛනයට පටහැනිව කටයුතු කරමින් ආගරපතන වැවිලි සමාගම එම වැටුප ගෙවිමට දැනට දිනකට තේ නෙලන තේ දළු ප්‍රමාණය වැඩි කර නෙලන ලෙසටත්,එසේ තේ දළු නෙලන්නේ නැති වතු කම්කරුවන් වෙනුවෙන් වැටුපෙන් අඩක් ගෙවිමට වතු සමාගම කටයුතු කරමින් සිටින බවයි උද්ඝෝෂණයේ නියැලි සිටි වතු කම්කරුවන් කියා සිටියේ.තවද වතු සමාගම විසින් මෙතෙක් තමන්ට ලබාදුන් සුබසාධන කටයුතු කිසිවක් ලබානොදෙන බවත්, පවත්නා තත්ත්වය මත තේ කර්මාන්තයේ රැකියා වලින් තමන්ට ඉවත් විමට පවා සිති ඇති බව උද්ඝෝෂණයේ නියැලෙන වතු කම්කරුවෝ පැවසූහ.තවද තේ වතු වලට රසායනික පොහොර කාලයක් තිස්සේ යොදා නොමැති නිසා තේ ඵලදාව අඩුවිම හමුවේ වතු පාලන අධිකාරිය ඉල්ලන තේ දළු ප්‍රමාණය නෙලා දිය නොහැකි බවද වතු කම්කරුවන් කියා සිටිහ.ආගරපතන වැවිලි සමාගමට අයත් ඇල්බියන් , ටොරිංටන් ,ග්ලාස්ගෝ , ඩයගම ඇතුළු වතු 08 වතු කම්කරුවන් මෙම උද්ඝෝෂණයට සහභාගි වි සිටිහ.මෙම උද්ඝෝෂණයට එක් වු ලංකා කම්කරු කොන්ග්‍රසයේ ජෙෂ්ඨ උප සභාපති පි.සත්‍යවේල් මහතා කියා සිටියේ රජය විසින් වතු කම්කරුවන්ට වැඩි කල රු 1000 වැටුප ලබාදෙන තෙක් (13) දින සිට ආගරපතන වැවිලි සමාගමට අයත් සියළුම වතු වල වතු කම්කරුවන් අඛණ්ඩ වැඩ වර්ජනයක් ආරම්භ කරන බවයි. | බගවන්තලාව වතුකම්කරුවෝ උද්ඝෝෂණයක | 0 |
hp_train_7409 | බස්නාහිර, සබරගමුව, වයඹ සහ මධ්‍යම පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේදී නැගෙනහිර සහ ඌව පළාත්වල ස්ථාන ස්වල්පයක ගිගුරුම් සහිත වැසි වර්ධනය විය හැකිය.ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය දිනය : 29/07/2015 නගරයඋෂ්ණත්වය (සෙ. අංශක)සාපේක්ෂ ආර්ද්‍රතාවය (%) කාලගුණයඋපරිමඅවමඋපරිමඅවමඅනුරාධපුරය33258555ප්‍රධාන වශයෙන් වැසි රහිත.මඩකලපුව34269065අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.කොළඹ31259070වැසි ස්වල්පයක්.ගාල්ල30259080වැසි ස්වල්පයක්.යාපනය33278065ප්‍රධාන වශයෙන් වැසි රහිත.මහනුවර29209565වැසි ස්වල්පයක්.නුවරඑළිය20129075වැසි ස්වල්පයක්.රත්නපුරය31239570වැසි ස්වල්පයක්.ත්‍රීකුණාමළය35268050අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.මන්නාරම31268575ප්‍රධාන වශයෙන් වැසි රහිත. | ‘පළාත් කීපයකට ගිගුරුම් සහිත වැසි‘ | 0 |
hp_train_7410 | ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණයක් තත්ත්වයක් පැවැතියත් බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල දිස්ත්‍රීක්කයේත් වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. ප්‍රදේශ කීපයක විටින් විට තද සුළං ඇති විය හැකියි.ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය දිනය : 03/08/2016නගරය නගරයඋෂ්ණත්වය(සෙ. අංශක)සාපේක්ෂ ආර්ද්‍රතාවය (%) කාලගුණයඋපරිමඅවමඋපරිමඅවමඅනුරාධපුරය33258550ප්‍රධාන වශයෙන් වැසි රහිතමඩකලපුව36267550ප්‍රධාන වශයෙන් වැසි රහිතකොළඹ31269075වැසි ස්වල්පයක් ඇති විය හැකගාල්ල29258575වැසි ස්වල්පයක්යාපනය33287560ප්‍රධාන වශයෙන් වැසි රහිතමහනුවර28228565වැසි ස්වල්පයක් ඇති විය හැකනුවරඑළිය18139075වැසි ස්වල්පයක් ඇති විය හැකරත්නපුරය31248565වැසි ස්වල්පයක්ත්‍රීකුණාමලය34258550ප්‍රධාන වශයෙන් වැසි රහිතමන්නාරම31268070ප්‍රධාන වශයෙන් වැසි රහිත | ‘පළාත් කීපයකට සුළු වැසි‘ | 0 |
hp_train_7411 | බස්නාහිර, සබරගමුව, වයඹ සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් තැනින් තැන වැසි ඇති වන බවත් අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේදී නැගෙනහිර සහ ඌව පළාත්වල තැනින් තැන ගිගුරුම් සහිත වැසි වර්ධනය විය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.විශේෂයෙන් කඳුකර ප්‍රදේශවල සහ අවට මුහුදු ප්‍රදේශවලන් විටින් විට තද සුළං බලාපොරොත්තු විය හැකිය.ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය දිනය : 10/06/2015 නගරයඋෂ්ණත්වය (සෙ. අංශක)සාපේක්ෂ ආර්ද්‍රතාවය (%) කාලගුණයඋපරිමඅවමඋපරිමඅවමඅනුරාධපුරය34259060ප්‍රධාන වශයෙන් වැසි රහිත.මඩකලපුව33269065අපරභාගයේදී සහ සන්ධ්‍යා කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.කොළඹ31269570වැසි වාර කිහිපයක්.ගාල්ල31278575වැසි වාර කිහිපයක්.යාපනය33288075ප්‍රධාන වශයෙන් වැසි රහිත.මහනුවර30219565වැසි වාර කිහිපයක්.නුවරඑළිය21139065වැසි ස්වල්පයක්.රත්නපුරය33249570වැසි වාර කිහිපයක්.ත්‍රීකුණාමළය35259055අපරභාගයේදී සහ සන්ධ්‍යා කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.මන්නාරම32278070ප්‍රධාන වශයෙන් වැසි රහිත. | ‘හෙට වැහිබර කාලගුණයක්‘ | 0 |
hp_train_7412 | (ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක) මධ්‍යම කඳුකරයේ ජල විදුලිබලාගාර, ජල පෝෂක ප්‍රදේශ වලට මාසයකට වැඩි කාලයක් තිස්සේ ඇද හැලෙන අධික වර්ෂාවත් සමග මාවුස්සාකැලේ හා කාසල්රී යන ජලාශ දෙකේ ජල මට්ටම පිටාර මට්ටමට ආසන්න වෙමින් පවති. පවතින අධික වර්ෂාවත් සමග මාවුස්සාකැලේ හා කාසල්රී යන ජලාශ දෙකේ ජල මට්ටම අද (16) පෙ.ව.06.00 වන විට පිටාර මට්ටමට පැමිණීමට පිළිවෙළින් අඩි 16 ක් හා 08 ක් වශයෙන් පැවති බව එම ජලාශ බාර ඉංජිනේරුවෝ පැවසූහ. ජාතික ජල විදුලි බල පද්ධතියට අයත්, ලක්ෂපාන ජලවිදුලිබලාගාර සංකීර්ණයයටතේ ඇති ලක්ෂපාන, නව ලක්ෂපාන, කැනියෝන්, විමලසුරේන්ද්‍ර හා පොල්පිටිය යන ජලවිදුලි බලාගාර 5 සඳහා ප්‍රධාන වශයෙන් ජලය සැපයෙන්නේ මාවුස්සාකැලේ හා කාසල්රී යන ජලාශ දෙකෙනි. | මාවුස්සාකැලේ - කාසල්රී ජල මට්ටම සීඝ්රයෙන් පහතට | 0 |
hp_train_7413 | (ඩයනා උදයංගනී)කොවිඩ් ආසාදිතයින් තව 163 ක් අද (28) හඳුනාගත් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.ඒ අනුව මෙරටින් හඳුනාගෙන ඇති සමස්ත ආසාදිතයින් ගණන 661,053 ක් දක්වා ඉහළ ගොස් තිබේ. | අලුත් අසාදිතයෝ 1,254 ක් | 0 |
hp_train_7414 | (සම්පත් ප්‍රියනන්දන සහ නාලක ජේ. හෙට්ටිආරච්චි)ආවරණයක් නොමැතිව තේ කුඩු ප්‍රවාහනය කළ ලොරි රථ රියැදුරකු අද(07) අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.අත්අඩංගුවට ගෙන ඇත්තේ බලන්ගොඩ පොලිස් බල ප්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි අයෙකි. බලන්ගොඩ ප්‍රදේශයේ තේ කර්මාන්ත ශාලාවක සිට රත්නපුර වේවැල්වත්ත ප්‍රදේශයේ දක්වා ලොරි රථයකින් එම තේ කුඩු ප්‍රවාහන කරමින් සිටියදී ඔහුව අත්අඩංගුවට ගෙන ඇත. රියැදුරු හෙට (08) බලන්ගොඩ මහෙස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය. අත්අඩංගුවට ගත් තේ කුඩු සාම්පල ශ්‍රී ලංකා තේ මණ්ඩලයට යවා තත්ත්ව සහතිකයක් ලබා ගෙන අධිකරණට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත. | බලපත්‍ර නැතිව තේක්ක කඳන් ප්‍රවාහනය කළ පුද්ගලයකු අත්අඩංගුවට | 0 |
hp_train_7415 | (පොලොන්නරුව ක.ග. කරුණාරත්න)පොඩි තැනක සිට ලොකු තැනකට යනවා මිස එක පාරට ලොකු තැන්වලට යෑම හොඳ නැතැයිද ඊට හොඳම උදාහරණය තමා යැයි ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වැලිකන්දේ දී පෙරේදා (31) පැවැසීය.ව්‍යාපෘති කී විට බොහෝ අය ලොකු ලොකු දේවල්වලින් පටන් ගැනීමට කැමැති බව පැවසූ ජනාධිපතිවරයා නමුත් කළ යුත්තේ එය කුඩාවට පටන් ගැනීම යැයි ද කීය.ජනාධිපතිවරයා මේ බව පැවැසුවේ වැලිකන්ද ප්‍රාදේශීය සභා ගොඩනැගිල්ල ජනතා අයිතියට පත්කිරීම නිමිත්තෙන් පෙරේදා එහි පැවැති උත්සවය අමතමිනි.ජනාධිපතිවරයා මෙසේ ද කීය.අද වැලිකන්ද ප්‍රදේශයේ තමුන්නාන්සේලා සමඟ එක්වෙලා මේ ප්‍රදේශයේ සංවර්ධනයේ ප්‍රධාන පරිපාලන කේන්ද්‍රස්ථානයක් විදියට කටයුතු කරන පළාත් පාලන ආයතනයට නැත්නම් ප්‍රාදේශීය සභාවට මෙතෙක් තිබුණු ස්ථිර පහසුකම් ඇති ගොඩනැගිල්ලක අවශ්‍යතාවය සම්පූර්ණ කරමින් නව ගොඩනැගිල්ලක් විවෘත කරන අවස්ථාවට එක්වීමට ලැබීම ගැන මා ඉතාමත් සතුටු වෙනවා.මේ පළාත් පාලන ආයතනවල තිබෙන අඩුපාඩු සම්බන්ධයෙන් පුළුල් ලෙස අවධානය යොමු කරමින්, දස ලක්ෂ හතළිස් හයක් වැය කරලා වැලිකන්දට තිබුණු ප්‍රාදේශීය සභා කාර්යාලයක අවශ්‍යතාවය සම්පූර්ණ කිරීමට කටයුතු කිරීම පිළිබඳව මම විශේෂයෙන්ම උතුරු මැද පළාත් ප්‍රධාන අමාත්‍ය ගරු පේෂල ජයරත්න මැතිතුමාට ස්තූතිවන්න වෙනවා.වැලිකන්ද ප්‍රදේශය, පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ඉතාමත් අඩු පහසුකම් තිබුණු ප්‍රදේශයක්. මම 1989 මුලින්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් විදියට පත් වනවිට වැලිකන්ද ප්‍රදේශය තිබුණු තත්ත්වයත් අසේලපුර, සිංහපුර, නවසේන පුර, සෙවනපිටිය, දිඹුලාගල, මාදුරුඔය වැනි මේ සෑම ගම්මානයකම ජන ජීවිතයේ බොහෝ අත්‍යවශ්‍ය සේවාවන්, අඩුපාඩු රාශියක් තිබුණා. මගේ මිත්‍ර අභාවප්‍රාප්ත ගාමිණී දිසානායක ඇමැතිතුමා මහවැලි සංවර්ධන ව්‍යාපාරයේ මාදුරුඔය ව්‍යාපෘතිය මහවැලි බී කලාපය ආරම්භ කරලා මේ ප්‍රදේශවල ජනතාව පදිංචි කිරීමේ කටයුතු කරලා තිබුණා. ගාමිණී දිසානායක ඇමැතිතුමාගෙන් පසුව මහවැලි සංවර්ධන ව්‍යාපාරයේ අඩුපාඩු රාශියක් සම්පූර්ණ කරමින් එතුමා ඒ බලාපොරොත්තු වූ අරමුණු ඉදිරියට ගෙනයමින් ඒවගේම මගෙත් අලූත් අදහස් සමඟ මහවැලි සංවර්ධන ව්‍යාපාරය තුළ පරිවර්තනයන් රාශියක් 1994 සිට මා විසින් ඉටු කරනු ලැබුවා. මේ රටේ වැඩිම කාලයක් මහවැලි සංවර්ධන ව්‍යාපාරයේ විෂය භාර ඇමැතිවරයා විදියට කටයුතු කරලා තියෙන්නේ මම. අදත් ඒ අමාත්‍යාංශය මගේ යටතේ තිබෙන්නේ.මම ජනාධිපති ධුරයට පත්වෙන්න කලින් පොදු අපේක්ෂකයා විදියට මාව තෝරා ගත්ත වෙලාවේදී මගේ ජයග්‍රහණයට වැඩ කරපු එක්සත් ජාතික පක්ෂය ඇතුළු අනිත් දේශපාලන පක්ෂ සංවිධාන 49 ක් ගිවිසුමට අත්සන් කළ වෙලාවේ මගෙන් ඇහුවා ජයග්රහණයෙන් පස්සේ ජනාධිපති ධුරය හැරුණුකොට ඔබතුමා භාරගන්න කැමැති අමාත්‍යාංශ මොනවද කියලා. ජනාධිපතිවරයාට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්ම ආරක්ෂක අමාත්‍යාංශය පැවරෙනවා. ඒ වෙලාවේ මම කිව්වා මම ඉතාමත් ප්‍රිය කරන ආසා කරන මේ රටට වැඩ කරන්න සේවයක් කරන්න මගේ කැමැත්ත තිබෙන අමාත්‍යාංශය තමයි මහවැලි සහ පරිසර අමාත්‍යාංශය කියලා. ඒ ගිවිසුම තුළ තමයි ජනාධිපති ධුරයට පත් වුණාට පස්සේ මහවැලි සහ පරිසර ඇමැතිවරයා විදියට ඒ අමාත්‍යාංශයත් මගේ යටතට පත් වුණේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 2015 දී කරන ලද 19 වෙනි සංශෝධනය තුළ ඇති වූ අමාත්‍යාංශයක් වූ ජාතික ඒකාබද්ධතා සහ සංහිඳියා අමාත්‍යාංශය ව්‍යවස්ථාවෙන්ම තිබෙන්නේ ජනාධිපතිවරයා යටතට පත් විය යුතුයි කියලා.ඒ නිසා අද ඒ අමාත්‍යාංශ 03ක වගකීම මහවැලි සංවර්ධන ව්‍යාපාරය තුළ අපි කරන ලද, කරන පුනරුත්ථාපන, ප්‍රතිසංස්කරණ කටයුතු ඒවගේම නව සැලසුම්, ගොවි ජනතාවගේ ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා ආරම්භ කරනු ලබන නව ව්‍යාපෘති රාශියක් තිබෙනවා.මේ රටේ උතුරු මැද සහ වයඹ ප්‍රදේශයේ ජනතාවගේ සිහිනයක්ව තිබූ මොරගහකන්ද කළු ගඟ ජලාශයේ වැඩ පටන් අරගෙන නැවතිලා තිබුණ එම ව්‍යාපාරය මම මේ තනතුරට පත් වුණාට පසුව කඩිනම් කරලා මොරගහකන්ද ජලාශයේ වේල්ලේ බැම්මේ කටයුතු අවසන් කරන්න පුළුවන්කම ලැබුණා. අපිට තවත් තිබෙනවා කළු ගඟජලාශය සහ මොරගහකන්ද ජලාශය එකට එක් කිරීමට. ඒ සඳහා කිලෝ මීටර් හතහමාරක උමගක් සකස් කිරීමට තිබෙනවා. එයටත් ආසියානු සංවර්ධන බැංකුවේ මුදල් ලැබිලා තිබෙනවා.මහවැලි ව්‍යාපාර ජනපදිකයින්ගේ තිබෙන ප්‍රශ්න, ගැටලූ, ජීවන තත්ත්වය, ජීවන ප්‍රශ්න ඔවුන්ට අවශ්‍ය සුබසාධනයත් එක්ක කළ දේ මෙන්ම කළ යුතුදේ රාශියක් තිබෙනවා. නමුත් පේෂල ජයරත්න මහඇමැතිතුමා සඳහන් කළා වගේ පසුගිය ආණ්ඩු කාලය තුළ මේ ප්‍රදේශවල අත්‍යවශ්‍ය සංවර්ධනයට අවශ්‍ය මුදල් ලැබුණේ නැහැ. ආණ්ඩුව තුළ කොතෙක් කතා කළත්, කොතෙක් ඇවිටිලි කළත් ඒ කාලයේ නායකයින්ට මේ ජනතාවගේ ප්‍රශ්න මොනතරම් ඉදිරිපත් කළත්, ඒවාට ඒ අය සවන් දුන්නේ නැහැ. රටේ එක් ප්‍රදේශයක් විතරයි සංවර්ධනය වුණේ. එක් ප්‍රදේශයක පමණක් මහා යෝධ සංවර්ධන ව්‍යාපෘති ඉටු කරනු ලැබුවා.පේෂල ජයරත්න ඇමැතිතුමාගේ කතාවෙදි කිව්වා ප්‍රධාන වශයෙන් සංවර්ධන කටයුතුවලදී වැඩපිළිවෙළක් තිබුණේ නැහැයි කියන එක. වැඩපිළිවෙළක් තිබුණා. නැතුවා නොවෙයි. ඒ තිබුණු වැඩපිළිවෙළ අස්සේ තිබුණු වංචාව, දුෂණය, අක්රමිකතාවය සහ සොරකම ඒ සඳහා වැඩි පහසුකම් තිබෙන ව්‍යාපෘතිවලට තමයි මූලිකත්වය දුන්නේ. නමුත් මගේ රජයේ ප්‍රතිපත්තියක් විදියට මූලික සැලසුම්වලදි අපි ප්‍රමුඛත්වය දෙන්නේ ග්‍රාමීය සහ නගරවල ජීවත්වෙන සාමාන්‍ය පොදු ජනතාවගේ, අඩු ආදායම්ලාභීන්ගේ ගොවි ජනතාව ප්රමුඛ දරිද්‍රතාවයන්ට පීඩාවන්ට පත්වන ජනතාවට අවශ්‍ය සහන සැලසීමේ ව්‍යාපෘති සඳහායි. ඒ අනුව තමයි අපි මහවැලි බී කලාපය, දිඹුලාගල සහ වැලිකන්ද ප්‍රදේශවල අවශ්‍ය අත්‍යවශ්‍ය සේවාවන් මේ වනවිට අංගසම්පූර්ණ කරමින් සිටින්නේ.පළාත් පාලන ආයතනයකට අවශ්‍ය ගොඩනැගිල්ලක් ඒ ප්‍රදේශයේ ජනතාවගේ අවශ්‍ය සේවාවන් සඳහා එහි පත්වෙන සභාපතිවරයාට සහ මන්ත්‍රී මණ්ඩලය සහ විශේෂයෙන්ම වැඩ කරන නිලධාරීන්ට, කාර්යය මණ්ඩලවලට පහසුකම් සහිත ස්ථානයක් අවශ්‍ය වෙනවා. ඒ තුළ තමයි පුළුවන්කම ලැබෙන්නේ යහපත්, නිදහස් තෘප්තිමත් මනසක් ඇතිව තමන්ගේ සේවාවන් ඉෂ්ට කරන්න.වැලිකන්ද, දිඹුලාගල වැනි ප්‍රදේශ ගත්විට මේ ප්‍රදේශයේ සේවය කරන රාජ්‍ය සේවයේ රාජ්‍ය නිලධාරීන්, ඒවගේම ගුරු සේවයේ විදුහල්පතිතුමාලා ඇතුළු ගුරු මහත්මීන් ඒ සෑම කෙනෙකුටම ලංකාවේ පහසුකම් තිබෙන ප්‍රදේශවල තිබෙන ඒ පහසුකම් නැහැ. බොහෝ ගැටලූ සහ ප්‍රශ්න තිබෙනවා. ප්‍රවාහන ප්‍රශ්න තිබෙනවා. නේවාසික ප්‍රශ්න තිබෙනවා. ඒවගේම කාලගුණික දේශගුණික තත්ත්වයන් සමඟ ඇතිවෙන විවිධ සෞඛ්‍යමය ප්රශ්නන් තිබෙනවා. ඒ නිසා ඒ වැඩකරන පිරිස්වලට ජනතාවගේ සේවාවන් ඉෂ්ට කරන රාජ්‍ය සේවය වේවා අධ්‍යාපනය වේවා ඒ සෑම කෙනෙකුටම ඒ අවශ්‍ය පහසුකම් සැලසීම ඉතාමත් අත්‍යවශ්‍යයයි. දේශපාලනඥයින්ට ඡුන්දය ගත්ත ඕනෑම කෙනෙකු ඒ අපහසුකම් මධ්‍යයේ වුවත් තමාගේ වගකීම් සහ යුතුකම් ඉටු කරන්න බැඳී සිටිනවා.නමුත් රාජ්‍ය සේවයේ, අධ්‍යාපනය ක්ෂේත්රයේ, ගුරු සේවයේ ඒ ඉන්න සෑම කෙනෙකුටම ඒ ප්‍රදේශයේ ජනතාවට, දරුවන්ට ඒ සේවාවන් ඉෂ්ට කරන්න පුළුවන් වෙන්නේ ඒ අයට යහපත් පරිසරයක අවශ්‍ය පහසුකම් සමඟ කටයුතු කරන්න තිබෙනවා නම් පමණයි. ඒ නිසා තමයි මේ නව ප්‍රාදේශීය සභා ගොඩනැගිල්ල. ඒ නිසා තමයි දිඹුලාගල අධ්‍යාපන කොට්ඨාසයට අවශ්‍ය ප්‍රධාන කලාප අධ්‍යාපන කාර්යාලය අපි පසුගිය 10 වෙනිදා විවෘත කළේ. අපි අද උදේ හි`ගුරක්ගොඩ අධ්‍යාපන කාර්යාලය විවෘත කළා. ඒවගේම අද උදේ මැදිරිගිරිය ඈත කෙළවරේ මීගස්වැව ප්‍රදේශයේ ඉතාම දුෂ්කර ගම්මානයක සෞඛ්‍ය මධ්‍යස්ථානයක් විවෘත කළා. ඒ විදියට ඒ කටයුතු අපි ඉටු කරගෙන යනවා.දැන් මෙතැනින් අපි යන්නේ පොළොන්නරුව අලූත්වැව ගමට ලබාදුන්න අලූත් ගොඩනැගිල්ලක් විවෘත කරන්න. පොළොන්නරු දිස්ත්‍රික්කයේ පාසල් 246න් මේ වනවිට පාසල් 150ක ට වැඩි සංඛ්‍යාවක ව්‍යාපෘති ක්‍රියාත්මක වෙනවා පිබිදෙමු පොළොන්නරුව වැඩසටහන යටතේ. ඒ වගේම උතුරු මැද පළාත් සභාව විදියට ගත්විට පේෂල ජයරත්න බණ්ඩාර මහඇමැතිතුමා අධ්‍යාපන ඇමැති විදියට තමන්ගේ ඇමැතිවරු හා මන්ත්‍රීවරු සමඟ අධ්‍යාපන ක්ෂේත්රයට පළාත් සභාව හරහාත් සේවාවන් ඉටුවෙනවා.ඒ වගේම පොළොන්නරු දිස්ත්‍රික්කයේ සෑම රෝහලකම පාහේ අලූත් ගොඩනැගිලි හැදෙනවා. ඒ වගේම තමයි විහාරස්ථාන රාශියක අලූත් ගොඩනැගිලි හැදෙනවා. පොළොන්නරු දිස්ත්‍රික්කයේ තියෙන්නේ පිරිවෙන් 15 යි. ඉන් හතක් අංගසම්පූර්ණ කරගෙන යනවා මේ දිනවල. පන්සල් රාශියකට අපි මේ වනවිට මුදල් දීලා තියෙනවා. තව දෙන්නත් තිබෙනවා. අපි වසර තුනක සැලැස්මක් මේ කරන්නේ. සියලූම පාසල්වල කටයුතුත් වසරකින් දෙකකින් කරලා ඉවර කරන්න බැහැ. රෝහල්වල අලූත් ගොඩනැගිලිත් මේ වනවිට ඉදිකරමින් පවතිනවා. විදේශ ආධාර යටතේ මුලූ වැලිකන්ද ප්‍රදේශයටම පානීය ජලය ලබාදෙන විශාල ව්‍යාපෘතියක වැඩ පටන්ගන්න පුළුවන්. මේ වසරේදී ප්‍රධාන ගිවිසුම් 5ක් පොළොන්නරු දිස්ත්‍රික්කයේ සංවර්ධනය වෙනුවෙන් ඉන්දියාව හා චීනය සමඟ අපි අත්සන් කරලා තියෙනවා. මේ වසරේ පටන්ගන්න මාදුරුඔය දකුණු ඉවුර සංවර්ධන ව්‍යාපෘතිය, ඒ වගේම කදුරුවෙල නගරයේ ආර්ථික මධ්‍යස්ථානය අංග සම්පූර්ණ කිරීමට විශාල ගොඩනැගිලි සහිතව ඉදිවෙනවා.ඒ වගේම ලංකාවේ පළමු වතාවට මම ඉන්දීය රජයෙන් කළ ඉල්ලීමකට අනුව පොළොන්නරුව, කදුරුවෙල පාසලක් හදන්නට මුදල් ලැබිලා තියෙනවා. ශ්‍රී ලංකා ඉන්දීය මිත්‍රත්ව පාසලක් ඉදිවෙනවා ඉදිරියේදි. ඒ පාසල සංහි`දියා පාසලක් ලෙසින් සිංහල, මුස්ලිම්, දෙමළ සියලූම ළමයින් සඳහා පවත්වාගෙන යනවා. ඒ වගේම මුළුලංකාවේම වකුගඩු රෝගීන් සඳහා චීන මිත්‍රත්වය යටතේ ලැබෙන ආධාර මත රෝහලක් ඉදිකිරීමට බිම් සකස්කරමින් පවතිනවා. අපි ලබන මාසයේ ඒ කටයුතු ආරම්භ කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ සියලූම ඉදිකිරීම් කරලා දෙන්නේ චීනයමයි අප රටට. සෑම අංශයකම සංවර්ධනය පිළිබඳබැලූවොත් අපි පුළුල් සංවර්ධනයක් කරමින් පවතිනවා. ලංකාවේ සංවර්ධනම දිස්ත්‍රික්කය ලෙස ඉදිරි වසර කිහිපය තුළ ගොඩනගනවා.මම ඇමැතිවරයෙක් ලෙස කටයුතු කරන කාලේ අපි පටන්ගත්තා පුලතිසි දරුවෝ කියන වැඩසටහන. ලංකාවේ කිසිම දිස්ත්‍රික්කයක එවැනි වැඩසටහනක් තිබුණේ නැහැ. පුලතිසි කලා හවුල කියලා අපි වැඩසටහනක් කළා පාසල් දරුවන් එකතු කරගෙන. පුලතිසි රාවය කියලා ළමා ගුවන් විදුලි වැඩසටහනක් මම පටන් ගත්තා. 2001 එජාප ආණ්ඩුව ඇවිත් ඒක කඩලා කුඩු කරලා දාලා ගියා. මම ඒකට අත තිබ්බේ නැහැ ඊට පස්සේ. ඒ වගේම සුජාත දරුවෝ කියන වැඩසටහන අපි පටන් ගත්තා පාසල් දරුවන් සඳහා මේ දිස්ත්‍රික්කයේම. එදත් මම බලාපොරොත්තු වුණේ පොළොන්නරුවේ දරුවන් එගොඩ කරන්නේ කොහොමද කියලා. ඒ නිසා අපි අද සූදානම් වන්නේ වැලිකන්දේ පාසල්වල ඉන්න දරුවෝ වැලිකන්දට සීමා කරන්න නෙමේ, ජාත්‍යන්තරය දක්වා ගෙන යන්නයි අපි සූදානම් වන්නේ.අපිට සංවර්ධන කාර්යයන්වලදි කිසිදු තරගකාරීත්වයක් නැහැ. අවශ්‍ය සියලූ අංශ සංවර්ධනය කරනවා. මේ වසරේ මම වෙන්කරලා තියෙනවා පොළොන්නරු දිස්ත්‍රික්කයට පමණක් තරුණ දරුවන්ට ස්වයං රැුකියා සඳහා රුපියල් කෝටි 100 ක් පමණ. තමන්ගේ දක්ෂතා, හැකියාවන්, නිර්මාණශීලීභාවයන් උපයෝගි කර ගනිමින් කටයුතු කරන්න පුළුවන්. මාස 7ක් ගිහින් තිබෙනවා. සුළුමුදලක් තමයි ගිහින් තියෙන්නේ ඒ ව්‍යාපෘති සඳහා. ඒ නිසා මම ඊයේ සවසත් කිව්වා, කොළඹටත් කතා කළා ඒ තිබෙන විශාල මුදල මේ දිස්ත්‍රික්කයේ තරුණ පිරිස් සඳහා ලබාදෙන්න කියලා.දැන් අද ව්‍යාපෘති කිව්වාම ගොඩක් අය බලාපොරොත්තු වෙන්නේ ලොකු දේවල්වලින් පටන් ගන්න එක. නමුත් පටන්ගන්න ඕන ලොකු තැනින් නෙමේ. ඒකට හොඳම උදාහරණය තමයි මම. පොඩි තැනේ ඉඳලා ලොකු තැනට යනවා මිසක් එකපාරට ලොකු තැන්වලට යන්න හොඳනැහැ. පිටරටින් ගෙන්වන කුළුබඩු මෙරට වගා කළොත් කොපමණ ආදායමක් ලබාගනීද කියල අපි අද උදෑසනත් කෘෂිකර්ම අමාත්‍යතුමාත් අපිත් කතා කළා. ඒවා වගා කළොත් ඉහළම මිලක් තිබෙනවා. ඒ වගේම අපනයනය කරන්නත් පුළුවන්. මුදල් මේ ආකාරයෙන් වෙන්කරලා තියෙන්නේ එකපාරටම ලොකු ලොකු ව්‍යාපෘතිවලට යන්න නෙමේ. පොඩිතැනේ ඉඳලා ව්‍යාපෘති පටන් ගන්නයි. මමත් රැුකියාවක් නොමැති කාලයේ ඒ වගේ දේවල් කරලා තියෙනවා. අද නව පරපුර ඒ අයගේ දක්ෂතා, කුසලතා, නිර්මාණශීලිභාවය, භාවිතා කරලා ලෝකය දකින්න අවශ්‍ය කරන මධ්‍යස්ථාන අද තිබෙනවා.වෘත්තීය පුහුණු අමාත්‍යාංශය යටතේ ඒ සෑම තැනම තියෙනවා. ඒ නිසා ඒ දැනුම ලබා ගැනීමට අවශ්‍ය සම්පත් ලබා ගැනීමටයි අපි විශාල මුදලක් වෙන් කරලා තිබෙන්නේ. පොළොන්නරුවට පමණක් කෝටි 100 ක් වෙන්කර තිබෙන්නේ මේ ප්‍රදේශවල තරුණ දරුවන්ට.අද නියඟතත්ත්වයක් තිබෙනවා. මම ඊයේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගම්මානවලට ගියා, නියඟය නිසා පීඩාවට පත්වී සිටින පිරිස් බලන්න. රටේ තුනෙන් දෙකක පමණ නියඟය තිබෙනවා. අපේ කලාපයේ අනෙක් රටවල්වලත් තත්ත්වය එයයි. දකුණු ඉන්දියාවේ කෝටි ගණනක් ඉන්නවා වතුර නැතිව, ඉතාමත් දැඩි පීඩාකාරී තත්ත්වයක. සති තුනකට පෙර මා බංග්ලාදේශයේ සංචාරයක නිරත වුණා. එහි පවතින්නේ වෙනස් තත්ත්වයක්. ගංවතුර නිසා එහි සියලූ දේ විනාශ වෙලා. ගංවතුරෙන් ගොවිතැන් විනාශවී ඇති නිසා වෙනත් රටවල් තුනකින් හාල් ගෙන්වන බවට එහි පුවත්පත් වාර්තා කර තිබුණා. පකිස්ථානයේ එක් පැත්තක ගංවතුර අනෙක් පැත්තේ නිය`ගය.ලෝකයේ සෑම රටක්ම මෙවැනි ස්වභාවික විපත්වලට මුහුණ දෙනවා. මෙය අපට පමණක් සීමා වූ දෙයක් නෙවෙයි. ඒ නිසා ස්වභාව ධර්මයා සමඟ අපට සටන් කරන්න සිදුවී තිබෙනවා. මිනිසා දියුණු වුණේ ස්වභාව ධර්මයා සමඟ සටන් කරලා. නව සොයා ගැනීම් ඇතිවුණේ නව තාක්ෂණය බිහිවුණේ ඒ හේතුවෙන්. ඒ තුළිනුයි මානව සමාජයේ ඉහළම දියුණුව ඇතිවුණේ. මිනිසාගේ ආරම්භයේ සිට මේ දක්වා ස්වභාව ධර්මයා සමඟ සටන් කිරීම මිනිසාට උරුමයෙන් අයිති දෙයක්. නිය`ගයක් ගංවතුරක් ආ පමණින් අපි පසුබැසිය යුතු නැහැ. අපි ශක්තිමත්ව මේ ප්‍රශ්නවලට මුහුණ දීලා මේ රට යහපත් සුබවාදී ආර්ථිකයක් තිබෙන රටක් බවට පත් කළ යුතුයි.පළාත් සභාව සහයෝගය දෙයි. ජනාධිපති කාර්යාලයේ නිලධාරීන් ඒ සඳහා අවශ්‍ය සහයෝගය දෙයි. අධ්‍යාපන, සෞඛ්‍ය අංශවල සහයෝගය ගන්න පුළුවන්. දරුවන්ගේ අනාගතයට අභියෝගයක් වන දේවල් අයහපත් තත්ත්වයන් වෙනස් කරන්න අපි යම් කැපකිරීමක් කළ යුතුයි. ගොඩනැගිල්ලේ සුන්දරත්වය මේ ප්‍රදේශයේ දරුවන්ගේ ජීවිතවලටත් තිබෙන්නට ඕනෑ. ජනතාවගේ ජීවිතවලත් ඒ සුන්දරත්වය තියෙන්නට ඕනෑ.සෑම ප්‍රශ්නයකටම විස`දුමක් තිබෙනවා. විස`දුමක් නැති ප්‍රශ්නයක් නැහැ. මම බලාපොරොත්තු වෙනවා ඉදිරි දිනවලදී මේ ප්‍රදේශයේ ආයතන ප්‍රධානීන් සමඟ කතා කර ප්‍රදේශයේ කටයුතු සාර්ථක කර ගැනීමට පියවර ගන්න.මේ අවස්ථාවට එක්වීමට ලැබීම පිළිබඳව මා නැවතත් සතුටු වෙමින් ඔබෙන් සමුගන්නවා.උතුරු මැද මහ ඇමැති පේෂල ජයරත්න මහතා- වැලිකන්ද ප්‍රදේශය මහවැලි ජනපදකරණයෙන් පසුව සංවර්ධනය කිරීම සඳහා දායකත්වය ලබා දුන්න නායකයා තමයි අපේ අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා. තමුන්නාන්සේලාගේ ප්‍රදේශය හුදෙකලා වෙන්න දෙන්නේ නැතුව තනිවෙන්න දෙන්නේ නැතුව පරිපාලන වශයෙන් මේ ප්‍රදේශය ශක්තිමත් කිරීම සඳහා මේ ප්‍රදේශයට ප්‍රාදේශීය ලේකම් කාර්යාල වගේම ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයක් ලබා දුන්න නායකයා තමයි අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා. ඒ විතරක් නොවෙයි, එතුමා අමාත්‍යවරයෙක් හැටියට සිටින කාලය තුළදී මේ ප්‍රදේශයේ අධ්‍යාපනය පිළිබඳව හැඟීමකින් කටයුතු කළ නායකයෙක් කියන එක තමුන්නාන්සේලා, අපි ඉතාම හොඳින් දන්නවා.ඒ නිසා අද වැලිකන්ද ප්‍රදේශය සංවර්ධනය කිරීම සඳහා එතුමා විශේෂයෙන් අමාත්‍යවරයෙක් හැටියට වගේම අද මේ මහත් රටේම නායකතුමා හැටියට විශේෂ මහවැලි ව්‍යාපෘති ක්‍රියාත්මක කරමින් මේ ප්‍රදේශයේ ජන ජීවිතය ගොඩනැගීම සඳහා විශාල කාර්යභාරයක් ඉටු කරනවා. එම නිසා අපි කල්පනා කරලා බලන්න ඕන තමුන්නාන්සේලාට මේ කාලය කියලා කියන්නේ ඉතාම වටිනා කාලයක්. ඒකට හේතුව තමයි අවුරුදු 732කට පස්සේ රාජාණ්ඩු සමයෙන් පසුව මේ රටේ රාජ්‍ය නායකත්වයට උතුරු මැද පළාතෙන් පොළොන්නරුවෙන් බිහිවෙන එකම ජන නායකයා තමයි අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාණන්. ඒ නිසා මේ කාලය තුළ මේ ශක්තිය අරගෙන මේ ප්‍රදේශය මේ පළාතට අපිට දියුණු කරන්න පුළුවන්කම තිබෙනවා. ඒ නිසා සමහර අය පසුගිය ආණ්ඩුවේ කරපු දේවල් හැබැයි මේ ප්‍රදේශයට කරපු දේවල් නොවෙයි. මේ දිස්ත්‍රික්කයට කරපු දේවලූත් නොවෙයි. වෙනත් පළාතක වෙනත් ප්‍රදේශයක කරපු දේවල් තමයි අද සංවර්ධනය හැටියට ගෙනැල්ලා දක්වන්නේ.ඒ නිසා තමුන්නාන්සේලා කල්පනා කරලා බලන්න පසුගිය කාලේ වැලිකන්ද ප්‍රදේශයට ආපුවහම අපිට දකින්න තියෙන ප්‍රධාන කාරණයක් තමයි අඩුපාඩුවක් තමයි අපිට චෝදනා කරන්නේ තමන්ගේ පාසලේ ඉගැන්වීම සඳහා ගුරුවරු නැතැයි කියන එක. ඒ නිසා අද අපිට අපේ ජනාධිපතිතුමාගේ අවුරුදු දෙකේ කාලය තුළදී එතුමාගේ ආණ්ඩු කාලය තුළදී අපට පුළුවන්කම ලැබුණා වැලිකන්දේ තිබෙන සියලූම පාසල්වලට අවශ්‍ය ගුරුවරු සැලකිය යුතු සංඛ්‍යාවක් ලබාදෙන්න.ඒ වගේම අපි බලාපොරොත්තු වෙනවා තව මාසයක් යන්න කලියෙන් තවත් ගුරුවරුන් 1500ක් බඳවාගෙන වැලිකන්ද ප්‍රදේශයේ පමණක් නොවෙයි මුළු මහත් උතුරුමැද පළාතේම ගුරු හිඟය සම්පූර්ණයෙන්ම ඉවර කරලා දාන්න. ආයේ ගුරුවරු අපිට අඩුපාඩුවක් නැති වෙන්න. ඒ ශක්තිය ලබාදීපු නායකයා තමයි අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාණන්.උතුරුමැද පළාත් සභා මන්ත්‍රී එන්.වී. සමන්ත මහතා ද මෙහිදී කතා කළේය.උතුරුමැද පළාත් සභාවේ කෘෂිකර්ම හා ධීවර ඇමැති සම්පත් ශ්‍රී නිලන්ත, පළාත් සභා මන්ත්‍රීවරුන් වන එච්.එම්. අන්සාර්, ජනක සමරසිංහ, පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් රංජිත් ආරියරත්න, වැලිකන්ද ප්‍රාදේශීය මහලේකම් හර්ෂ බණ්ඩාර යන මහත්වරු ද මෙම අවස්ථාවට සහභාගි වූහ. | ආණ්ඩුවට මොන චෝදනා තිබුණත් මම මුල්තැන දෙන්නේ කෘෂි කර්මාන්තය දියුණු කිරීමටයි | 0 |
hp_train_7416 | ශ්‍රී ලංකාවේ උතුරු, උතුරු මැද, නැගෙනහිර හා ඌව පළාත් වල වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. සෙසු ප්‍රදේශවල තැනින් තැන සවස 2.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය දිනය : 26/01/2016නගරයඋෂ්ණත්වය (සෙ. අංශක)සාපේක්ෂ ආර්ද්‍රතාවය (%) කාලගුණයඋපරිමඅවමඋපරිමඅවමඅනුරාධපුරය31249075වැසි ස්වල්පයක්මඩකලපුව31249080වැසි වාර කීපයක් .කොළඹ33259060සවස 2.00න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක.ගාල්ල31249070සවස 2.00න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි.යාපනය30248575වැසි ස්වල්පයක් ඇතිවිය හැක.මහනුවර31219570සවස 2.00න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි.නුවරඑළිය21129585සවස 2.00න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි.රත්නපුරය34249560සවස 2.00න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි.ත්‍රීකුණාමළය30249580වැසි වාර කීපයක්මන්නාරම30249580වැසි ස්වල්පයක් ඇතිවිය හැක. | ‘පළාත් කීපයකට හෙට වැසි‘ | 0 |
hp_train_7417 | (නිමල කොඩිතුවක්කු)රාජපක්ෂ රජය ඉදිරිපත් කර ඇති අය වැයෙන් ගජ මිතුරන්ට, විදේශිකයන්ට, සමාගම් හිමිකරුවන්ට, තැරැව්කරුවන්ට සහන ලබාදෙද්දී ආණ්ඩුවට ඡන්දය ලබාදුන් ලක්ෂ 69 ඇතුලු කොරෝනා ව්‍යසනයෙන් විපතට පත් ජනතාවට කිසිදු සහනයක් ලැබී නැතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතා පැවසීය.ජනතාවට සහන කිසිවක් නැති මෙවර අය-වැයට පක්ෂව ඡන්දය ලබා දීමට හෘද සාක්ෂියට අනුව කිසිදු මන්ත්‍රීවරයකුට හැකියාවක් නැතැයිද ඔහු සඳහන් කළේය.කොළඹ මාක්ස් ප්‍රනාන්දු මාවතේ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේ අද(17) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් හෙතෙම මේ බව පැවසීය.එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතා මෙසේද කීවේය. "ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ආණ්ඩුව අවුරුද්දක් පරන උනත් තවම තල්ලු ස්ටාර්ට්. මෝටරය වැඩ කරන්නේ නැහැ. අයවැය ඉදිරිපත් කරන්නම අවුරුද්දක් ගියා.මේ ආණ්ඩුව කන්දක් විලි ලාලා තටමලා තටමලා මීයෙක් වැදුව වගේ තමයි මේ අයවැය ඉදිරිපත් කළේ. මේ අයවැයෙන් ජනතාවට කිසිදු සහනයක් නැහැ.මේ අයවැයෙන් තමන්ගේ ගජ මිතුරන්ට, ජාවාරම්කරුවන්ට, තැරැව්කරුවන්ට බදු සහන වාසි ලබා දීලා තියෙනවා. මේ ආණ්ඩුවට ඡන්දය ලබා දීපු ලක්ෂ 69 ඇතුළු කොරෝනා ව්‍යසනයෙන් පීඩා විඳින බහුතරයක් පොදු ජනතාවට මේ අයවැයෙන් කිසිම සහනයක් නැහැ.ඒ අයගේ ප්‍රශ්න ගැන ආශු මාත්‍රයකින් වත් ආමන්ත්‍රණය කරලා නැහැ.ගෝඨාභය රාජපක්ෂ මහතාගේ වියතුන් නිර්මාණය කළ මේ අයවැයෙන් කොරෝනා ව්‍යසනය සම්බන්ධයෙන් ඉදිරිපත් කරලා තියෙන්නේ එක ඡේදයක් පමණයි. ආර්ථිකය කළමනාකරණය කරන්නේ කොහොමද ව්‍යසනයෙන් ගොඩ එන්නේ කොහොමද කියලා මෙහි සඳහන් වෙලා නැහැ. මේ ලෝකෙ ඉඳන් මේ අයවැය හැදුවා කියලා අපිට හිතන්න බැහැ. ලෝකයේ සෙසු රටවල් මේ ව්‍යසනයෙන් රට මුදා ගැනීමට වැඩි අවධානය යොමු කරලා තියෙනවා.ආණ්ඩුවේ මාර්ග කිලෝමීටර් ලක්ෂයේ ව්‍යාපෘතියෙන් කිලෝමීටර් පනස් දහසක් හදන්න මිලියන විසි දහසක් වෙන්කරලා තියෙනවා. කිලෝමීටරයක ප්‍රමාණය ඉදිකරන්න අඩුම තරමින් රුපියල් මිලියන 12ක් වත් වැය වෙනවා. කිලෝමීටරයක් හදන්න මේ ආණ්ඩුවෙන් කරලා තියෙන්නේ රුපියල් ලක්ෂ හතරක් පමණයි. මේ මුදලින් හදන්න පුළුවන් කිලෝ මීටර් 1200ක් පමණයි. කිලෝමීටර් ලක්ෂයක් හදනවා කියල කියලා ජනතාවට පට්ට බොරුවක් මේ අය ගෙනියනවා.නිරුවතින් පිහිනුවේ කවුද කියා අනාවරණය වන්නේ වඩදිය බැස ගිය පසුවයි කියා කියමනක් තියෙනවා. මේ ආණ්ඩුවේ හෙලුව අයවැයෙන් අද හොඳටම පෙනීයනවා.මේ ආන්ඩුවේ වියතුන් කියන කණ්ඩායමේ අලුත් ධනේශ්වර පංතිය හදන්න තමයි මේ අයවැය යොදාගෙන තියෙන්නේ.අද ජනතාවට රැකියා නැහැ. ආදායම් මාර්ග අහිමි වෙලා. එදාවේල කන්ඩ විදියක් නැහැ. ණය වාරික පොලී ගෙවන්න විදියක් නැහැ. මේ ජනතාවට අයවැයෙන් ලැබිච්ච සහන මොනවද කියලා අපි අහනවා. අසරණ ජනතාව වෙනුවෙන් මේ ආණ්ඩුව තඹ සතයක් වෙන් කරලා නැහැ.මේ ආණ්ඩුවට ඡන්දය දීපු විදෙස් ශ්‍රමිකයන් ගෙන්වන්න කිසිදු මුදලක් වෙන්කරලා නැහැ. මේක පුදුම ආණ්ඩුවක්.මේ ආණ්ඩුව පත් වෙලා අවුරුද්දක් යනකන් කිසිම දෙයක් කළේ නැහැ. ඊළඟ අවුරුද්දෙත් කිසිදු වැඩපිළිවෙලක් නැහැ කියලා මේ අයවැයෙන් පෙනී යනවා. ඒ නිසා තමයි අපි කිව්වේ ගෝඨාභය සර් ෆේල් කියලා. එක පාරක් නෙමෙයි දෙපාරක් ෆේල් වෙලා බොරු කියන එකෙනුත් ෆේල් වෙලා තියෙනවා.නිදහසින් පස්සේ වැඩිම ණය අරගෙන තියෙන්නෙ මේ ආණ්ඩුව යටතේයි. 2020 සඳහා රුපියල් බිලියන 2830 කුත් 2021 සඳහා රුපියල් බිලියන 2900 කුත් ලෙස මේ වසර දෙක සඳහා රුපියල් බිලියන 5730 ක වාර්තාගත ණයක් ලබාගෙන තියෙනවා. එහෙත් ජනතාවට කිසිම සහනයක් නැහැ.අපේ රජය යටතේ ජනතාවගේ සුබසාධන සඳහා රුපියල් බිලියන 654ක් වෙන්කළා. එතකොට කොරෝනා තිබුණෙත් නැහැ. මේ ආණ්ඩුව ඒ මුදලත් කප්පාදු කරලා තියෙනවා.ජනතාවට සහන නැති මේ අය වැයට පක්ෂව හෘද සාක්ෂියට එකගව මහජන නියෝජිතයන්ට ඡන්දෙ දෙන්න බැහැ. ඒ නිසා මේ අය-වැය ට විරුද්ධ ව සිදු දෙනා ඡන්දය ප්‍රකාශ කළ යුතුයි.පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා. "ජනාධිපතිතුමා ජාතිය අමතනවා. ජනාධිපතිතුමා මාධ්‍ය එක්ක සාකච්ඡාවක් තිබ්බ නම් වඩා හොඳයි කියලා අපි හිතනවා. එහෙනම් මේ කොවිඩ් වසංගත පිළිබඳ ප්‍රශ්න අහන්න මාධ්‍යයටත් අවස්ථාවක් හිමි වෙනවා.මුදල් ඇමතිවරයා අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. මේක තරම් ජනතාව නින්දට දාපු අය වැයක් මම දැකලා නැහැ.මේ අය වැය මඟින් සංඛ්‍යා විජ්ජාවක් කරලා තියනවා. බොරුව වැපුරුවොත් මොනවද ලැබෙන්නේ කියලා අපි දන්නවා.මේ අයවැයේ හොඳ අරමුණු තියෙනවා. අරමුණු තිබුනට ඒවා ක්‍රියාත්මක කරන්න වැඩපිළිවෙළක් හෝ සම්පත් වෙන් කිරීමක් නැහැ.රට ෆෝජී වලින් ආවරණය කරනවා කියලා මිලියන පහළොවක් වෙන්කරලා තියෙනවා. රුපියල් මිලියන 15 කින් එක ගොඩනැගිල්ලක්වත් හදන්න බැහැ.ග්‍රාමීය මාර්ග කිලෝමීටර් පනස් දහසක් හදන්නේ මිලියන විසි දහසක් වෙන්කරලා තියෙනවා. එක කිලෝමීටරයක් හදන්න රුපියල් ලක්ෂ හතරක් වගේ තමයි වෙන් කරලා තියෙන්නේ.ග්‍රාමීය පාලම් දස දහසක් හදන්නේ මිලියන හත්දාහක් වෙන් කරලා තියෙනවා. එක පාලමකට ලක්ෂ හතයි වෙන් කරලා තියෙන්නේ.මේක භාණ්ඩාගාර නිලධාරීන් මැදිහත් වෙලා හදපු අයවැයක් කියලා අපි හිතන්නේ නැහැ.මේ අය වැයම පුස්සක්. ඉලක්කම් ගැලපෙන්නේ නැහැ. වැඩ පිළිවෙලක් නැති හුදු වචන පමණක් ගලපලා තියෙනවා. | විපතට පත් ජනතාවට අයවැයෙන් කිසිදු සහනයක් නැහැ | 1 |
hp_train_7418 | දේශපාලන අර්බුදයත් සමඟ සංචාරක ව්‍යාපාරයට අත්වී ඇති ඉරණම ගැන අද පාර්ලිමේන්තුවේ දී පැවැති කල් තැබීමේ විවාදයෙන් පසු පස්වරු 6.32ට පාර්ලිමේන්තුව 29 වැනි දා පෙරවරු 10.30 තෙක් කල් තැබිණි.මූලාසනාරූඪ මන්ත්‍රීවරයා ඉවත් වූ අතර නියෝජ්‍ය කතානායකවරයා මූලාසනයට පැමිණියේය.තමා ඝාතනය කිරීමට උත්සාහ කර දින තුනක් ගත වුවත් පොලිසියේ මේ වන තුරු කිසිදු ක්‍රියාමාර්ගයක් නොගැනීම ගැන වඩිවේල් සුරේෂ් මන්ත්‍රීවරයා යළිත් වරක් සිය විරෝධය පළ කළේය. ආණ්ඩුව යැයි කියා ගන්නා ඊනියා කණ්ඩායම පාර්ලිමේන්තු සභාවට නොපැමිණ පාර්ලිමේන්තුවේ අාපන ශාලාවට වී සිටින බවත්, පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්වීමට නොහැකි නිසා ආපන ශාලාවේ දී බහුතරය පෙන්වීමට හදන බවත් ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම මහතා කීවේය.පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකාරුණා මහතා සහ ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා ද මෙම විවාදයට එක්වෙමින් අදහස් දැක්වීය.නියෝජ්‍ය කතානායවරයා මූලාසනයෙන් යයි. විජේපාල හෙට්ටිආරච්චි මහතා මූලාසනාරූඪ විය. ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතාඅද හොර ආණ්ඩුවට සාපේ වැදිලා. මගේ බඩට ගැහුවේ කුරාන් පොතෙන්. බයිබලෙනුත් ගැහුවා. දැන් ඔවුන් සාපකාරී තත්ත්වයට පත් වෙලා. ඔවුන්ට දැන් පාර්ලිමේන්තුවේ වාඩි වෙද්දි පුටුව රත් වෙනවා. මේ හොර ආණ්ඩුව මේ විදියටම කූඩෑල්ලා වගේ අල්ලාගෙන හිටියොත් විදේශිකයෝ සල්ලි අරගෙන යයි. අය වැයක් සම්මත වෙන්නේ නැතුව බඩු මුට්ටු ගේන්න සල්ලි නැතුව යයි. මෙහෙම ගිහින් සංචාරකයෝ එන්නේ නැති, කෙහෙල්බොඩ කාපු, මිරිස් පොලු තිබ්බ, හාල් පොලු තිබ්බ 70-77 කාලෙට එයි.ඒ කාලේ විදුලිය නෑ, මැටි ගෙවල් තිබුණේ, වාහන වැඩිය නෑ. ඒ යුගය අපි වෙනස් කළා 77දි. දැන් මිනිස්සුන්ට යාන වාහන තිබෙනවා. විදුලිය තිබෙනවා. අධ්‍යාපනය හොඳින් දෙනවා. දැන් මේ යන විදියට ඉස්සරහදි පවුකාරයෝ විනාශ වෙනවා. එහෙම ශුද්ධ වෙලා යළිත් 78න් පස්සේ යුගයට එනවා.බිමල් රත්නායක මහතාජනාධිපතිවරයාත්, මහින්ද රාජපක්ෂ මහතාත් තමන්ගේ බල තන්හාවට කරන මේ විනාශය නොතේරීම ප්‍රශ්නයක්. සමහරු අහනවා පාර්ලිමේන්තු රැස් වන්නේ ඇයි කියලා. පාර්ලිමේන්තුව රැස් වෙන්නේ හිස්පුටුවලට කතා කරන්න නෙමේ තමයි. දැන් හොර කැබිනට්ටුවක් රැස් වෙනවා. මේ රටේ හැම ආණ්ඩුවක්ම සියයට හැට හැත්තාවක් ජනවරම උල්ලංඝණය කළා. හැබැයි මෛත්‍රීපාල සිරිසේන මහතා සියයට සීයක් ජන වරම උල්ලංඝණය කළා. කිසිම ලැජ්ජාවක් නැතුව, හිරිකිතයක් නැතුව නීති කඩමින් පාර්ලිමේන්තුවේ බලය අල්ලන්න යනවා.හොරු කණ්ඩායම් බැංකුවකට පැනලා කොටු වුණාම බෝම්බ තියාගෙන ඉන්නවා වගේ වැඩක්. අද රටේ ආයතන අල්ලාගෙන මේ කටයුත්ත කරනවා. කුමන්ත්‍රණය පාර්ලිමේන්තුවේ පරාජයට පත් වෙලා තිබෙනවා. විදෙස් රටවල් මේ ආණ්ඩුව පිළිඅරගෙන නෑ. මෛත්‍රීපාල සිරිසේන මහත්තයා පසුගියදා ගිය සීෂෙල්ස්වත් පිළිඅරගෙන නෑ. සීෂෙල්ස් ගියේ ඇයි කියලා අපි දන්නේ නෑ. ලංකාවට වැඩි ආදායමක් ලැබෙන සංචාරකයන් එන්නේ යුරෝපා රටවලින්. එක්සත් රාජධානිය, ඕස්ට්‍රේලියාව, ජර්මනිය, ප්‍රංශය වගේ රටවලින් මේ තත්ත්වය මත සංචාරකයන්ට නිකුත් කළ සංචාරක අවධානම් පිළිබඳ නිවේදන මම සභා ගත කරනවා. සංචාරකයන් පැමිණීම බිඳවැටීම සියයට 15ක් පමණ වෙලා තිබෙන බව දැනගන්න ලැබුණා. සේවකයන්ට ලැබෙන සේවා ගාස්තු අඩුවෙලා තිබෙනවා. අපි බහුතරයෙන් ස්ථාවර නියෝග අත්හිටුවලා දෙන්නම්. අපි අභියෝග කරනවා පුලුවන්නම් රාජපක්ෂ මහත්මයාට විශ්වාසය පළ කිරීමේ යෝජනාවක් ගෙන එන්න කියලා. මේ තක්කඩි පාලනය හදන්නේ තමන්ට දෙතුන් ගුණයක් හීලෑ මාධ්‍ය හදාන්න. ගඩාෆි මැරුණේ බෝක්කුවක් අස්සේ. හිට්ලර් මැරුනේ කොහොමද. ගඩාෆි මැරුව විදියට අපි එකඟ නෑ. හැබැයි හැම ඒකාධිපතියම බයෙන් ඉන්නේ. රාජපක්ෂලා මෛත්‍රීපාලලා පටන් ගන්නා මේ ගමන ඉවර වෙන්නේ බොහොම නරක තැනකින් වෙන්න පුලුවන්. ජෝන් අමරතුංග මහතා ඊයේ පෙරේදා සංචාරක ක්ෂේත්රයට පත් වුණු විනාශය බලන්න. මෙයාලා සංචාරක ඇමැතිවරයෙක් පත් කළා. ඒ පිස්සන්කොටුවේ ඉන්න බෑ කියලා ඔහු සති දෙකෙන් අපේ පැත්තට ආවා. සංචාරක ආදායම වැඩි කරන්න අපි බොහෝ දෑ කළා. 2022 වන විට සංචාරක ආදායම ඩොලර් බිලියන 5ක් ලබා ගන්නයි අපි ඉලක්ක කරගෙන තිබෙන්නේ.මේ සභාවෙදි කියවුණා ජනාධිපතිතුමා කරපු වැරදි දේවල් ගැන. වෙනදට ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ ඇවිත් වාඩි වෙලා ඉන්නවා. දැන් ඇවිත් උත්තර දෙන්න ඕනෑ. ඔහු මේ පැත්ත පලාතේ එන්නේ නෑ. මේ රටට ලැබෙන ආදායම විනාශ වෙන එක නවත්වන්නයි අපි මේ සභාවේ කතා කරන්නේ. ලංකාවේ සිදුවෙමින් තිබෙන දේ හැමෝම දැනගන්න ඕනා. මහින්ද රාජපක්ෂ මහත්මා මේ ගැන දැඩි අවධානයට ගන්න ඕනෑ. විදේශ රටවල් ශ්‍රීලංකාවේ අගමැති ලෙස ඔහු පිළිගත්තේ නෑ. මේ සිදුවෙමින් තිබෙන දේවල් විදේශ තානාපතිවරුන් පිලිගන්නේ නෑ. මහින්ද රාජපක්ෂ මහතා ඉල්ලා අස්විය යුතුයි. මේ අගමැති ධුරය නිසි අයිතිය තිබෙන අයට භාර දිය යුතුයි. 2005 සිට 2008 සිට මහජනතාවට බාධා වන අයුරින් කටයුතු කළ පුද්ගලයන් මේ නීති විරෝධී ආණ්ඩුවේ සාමාජිකයන් වෙලා ඉන්නවා. අද නීතියේ අධිපත්‍යක් නෑ. මේ නීති විරෝධී රජය යටතේ සංචාරක ක්ෂේත්රය විනාශ වෙමින් තිබෙනවා. අපි මේ තත්ත්වය ගැන ජනතාව දැනුම්වත් කළ යුතුයි.ආශු මාරසිංහ මහතා කල් තැබීමේ යෝජනාව ඉදිරිපත් කළ අතර සංදීප සමරසිංහ මහතා එම යෝජනාව ස්ථිර කළේය.කතානායකවරයා මූලාසනයෙන් ඉවත් වූ අතර නියෝජ්‍ය කතානායකවරයා මූලාසනාරූඪ විය.සභාව - එකඟයි කතානායක - මීළඟට නොවැම්බර් මස 29 දින 10.30 දක්වා පාර්ලිමේන්තුව කල් තැබීම සඳහා යෝජනාව සහ විවාදය. සභාව එකඟද?ඩී එම් ස්වාමිනාදන් මහතා පාර්ලිමේන්තුවේ සිදුවූ අවිනීතික සිදුවීම ගැන අදහස් දක්වන්න මමත් කැමතියි. පසුගිය කාලයේ සියලු ක්ෂේත්රයන් ඇනහිට තිබෙනවා. පාලකයන් ව්‍යවස්ථාවට එකඟවට කටයුතු නොකිරීම නිසයි මෙහෙම වුණේ. ජනාධිපතිවරයා ඉතා රහසිගතව අගමැති ඉවත් කරන වෙනත් පුද්ගලයකු පත් කළා. එය සම්පූර්ණ ව්‍යවස්ථා විරෝධියි. ජනාධිපතිවරයා ප්රජාතන්ත්රවාදී මූලධර්ම කෙරෙහි අවධානය යොමු කර සත්‍යයට කටයුතු කරමින් ව්‍යවස්ථාවට අනුව කටයුතු කළ යුතුයි. අවසානවාකට අපි මෙබඳු සිදුවීමක් අත්විඳ නෑ. අද රට අගාදයට වැටිලා තිබෙනවා. නීති විරෝධී ක්‍රියාවන්ගෙන් වලකින්නැයි මම ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටිනවා. එඩ්වඩ් ගුණසේකර මහතාඅපි මේ රට ජාතිවාදී, ආගම්වාදී ගෝත්‍රවාදයෙන් මුදවලා ගමනක් යන්නයි උත්සාහ කළේ. අඩෙයිකලනාදන් සභාපතිතුමා කළ කතාව රටේ සියලු දෙනා දැන ගත යුතුයි. එදා පොලිසියට මිරිස්කුඩු ගහද්දි ඔවුන්ගේ ගෙවල්වල උදවියට කොච්චර වේදනාවක් එන්න ඇද්ද? ඔබතුමා සියලු ප්‍රහාර විඳගෙන හිටියා. අද මේ රට යන්න ඕනෑ කොතනටද කියන එක ඔබතුමා පෙන්නුම් කළා. අඩෙයිකලනාදන් මහතාඔබට විවිධ හිරිහැර කළා. ඔබට ගහන්න හිටපු මිරිස්කුඩු තමයි පොලිසියට වැදුණේ. ඔබ ප්‍රහාරවලට ලක්වෙද්දි ඔබ නොසැලී කෙළින් හිටියා. ඔබ අපිට ලොකු ආදර්ශයක්. අපිට ගහද්දි අපේ අය අවි අතට ගත්තා. නමුත් ඔබට පහර දෙද්දි ඔබ පෙරලා පහර නොදී කෙළින් හිටියා. ඔබ ඇත්තටම ආදර්ශයක්. මුජිබර් රහුමාන් මහතා කතානායකතුමාට එරෙහිව විවිධ මඩ ව්‍යාපාර දියත් වෙනවා. ජනාධිපතිවරයාගේ අනුදැනුම මත මේ දේවල් වන බවට චෝදනා එල්ල වුණා. ජනාධිපති මාධ්‍ය අංශයෙන් මේවා ප්‍රචාරය කරන බව වෙබ් අඩවිවල පළ වුණා. ඔවුන් එම චෝදනා ප්‍රතික්ෂේප කළේ නෑ. මේවා සම්බන්ධයෙන් සොයා බැලිය යුතුයි. ගයන්ත කරුණාතිලක මහතා- මම 2000 වසරේ පාර්ලිමේන්තුවට ආවේ. 18 වසරක් තිස්සේ පාර්ලිමේන්තුව තුළත් ඉන් පිටතත් ඔබතුමා සම්භාව චරිතයක් ලෙස දැක්කා. ඔබතුමාගෙන් මම බොහෝ ආදර්ශ ගන්නවා. ඔබතුමා විවිද තනතුරු දරණ කාලයේ ක්‍රියා කළ ආකාරය අපි දැක්කා. ඔබතුමා නායකත්ව ගුණාංග රාශියක් පෙන්වා තිබෙනවා. ඔබතුමාට පුදුම හැකියාවක් තිබෙනවා වෙලාවට වැඩ කිරීමට. ප්රජාතන්ත්රවාදය වෙනුවෙන් අභීතව පෙනී සිටි කතානායකවරයා බව මම ප්‍රකාශ කරනවා. ඔබතුමා තොරතුරු පනත ගේන්න බොහොම උත්සාහ කළා. කතානායක - මම ඒ ගැන සොයා බලන්නම්.ව්‍යාජ සභානායක දිනේෂ් ගුණවර්ධන හැන්සාඩ් වාර්තා නීති විරෝධී යැයිද, ඒවා භාර ගන්න එපා කියලා මාධ්‍යයට ලිපියක් ලබා දීලා තිබෙනවා. ඒ සම්බන්ධයෙන් ඔබතුමාගේ බලතල අනුව පියවර ගන්න.චමින්ද විජේසිරි මන්ත්‍රීවරයා රීති ප්‍රශ්නයක් මතු කරයි.ජේ සී අලවතුවල මහතාඅදට මාසයක් මේ රට අරාජිත වෙලා. පාර්ලිමේන්තුව තුළ ඉතිහාසයේ කවදාවත් නොදැකපු ලෙස මහින්ද රාජපක්ෂ මන්ත්‍රීතුමා ඉන්දිම හැසිරුණු විදිය අපි දැක්කා. එම හැසිරීම සම්බන්ධයෙන් පොලිසියේ පැමිණිලි ගණනාවක් තිබෙනවා. පොලිසියටත් ගැහුවා. ජයවික්‍රම පෙරේරා වැනි දීර්ඝ කාලයක් සිටින මැති ඇමැතිවරුන්ට මිරිස්කුඩු ගැහුවා.ඇසිඩ් වගේ දේවල් ගෙනත් ඔබතුමාට ගහන්න සූදානමක් තිබුණු බව කිව්වා. ඒ සම්බන්ධයෙන් පියවර ගන්න. අද පාර්ලිමේන්තුව වර්ජනය කරලා තියෙන්නේ ඔවුන්ට බහුතරය නැති නිසයි. අපේ 122 දැන් 123 වෙලා තිබෙනවා. අපි අපේ බහුතරය පෙන්නුවා. හෙට වෙනකොට 130 දක්වා මන්ත්‍රීවරුන් ප්රජාතන්ත්රවාදය වෙනුවෙන් පෙනී සිටිනවා.අජිත් මාන්නපෙරුම මහතාඅපිට විරුද්ධව දුන්නු අධිකරණ තීන්දුවලට අපි හිස නැමුවා. ඉතිහාසයේ අග්රවිනිශ්චයකාරවරියට කරපු දේ අපි දැක්කා. තමන්ගේ උවමනාවට වැඩ කළේ නෑ කියලා විධායකය දුන්නු දඩුවම් අපි දැක්කා. එදා රටේ ජනාධිපතිගේ සහෝදරයයි කතානායක විදියට පත් කළේ. මේ පාර්ලිමේන්තුව රූකඩ පාර්ලිමේන්තුවක් කරගන්න උත්සාහ කළා. අද පාර්ලිමේන්තුව ස්වාධීනව කටයුතු කරනවා. අද අධිකරණයත් ස්වාධීනව කටයුතු කරන බව පේනවා. විවිධ අඩත්තේට්ටම් කරලා ඔබතුමාට තර්ජනය කරලා ආපස්සට හරවන්න පුලුවන්ද කියලා බැලුවා. එය බැරි වුණා. අද අධිකරණයට බලපෑම් කරමින් පොහොට්ටුවේ පළාත් පාලන ආයතන විවිද දෑ කරනවා. අධිකරණය හෑල්ලු කරන්න කටයුතු කරමින් ඉන්නවා. මයන්ත දිසානායක මහතාඔබතුමාට ඇසිඩ් ගහන්න හිටිය බවටත් වාර්තා වුණා. ඔබේ ආරක්ෂාව ගැන පියවර ගන්නා ලෙස ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටින්න. මගේ මිත්‍ර වසන්ත සේනානායක මහතා ඊයේ ගත්තු තීරණය ගැන මම ස්තුතිවන්ත වෙනවා. අපි මන්ත්‍රීවරුන් 122ක් අත්සන් කරලා බහුතරය පෙන්නුවා. ආණ්ඩු පක්ෂය යැයි කියා ගන්නා මහින්ද රාජපක්ෂ ඇතුළු පිරිසට කියන්න රට ආදරේ නම් දැන්වත් ඉවත් වෙන්න කියලා ඉල්ලනවා. හර්ෂ ද සිල්වා මහතාබොරැල්ල පැත්තේ මන්ත්‍රී කෙනෙක් කතාකායක කරගෙන හම්බන්තොට පැත්තේ තවත් පාර්ලිමේන්තුවක් පවත්වාගෙන යනවා කියලා කතාවක් තිබෙනවා. ඒ ගැනත් සොයා බලන්න. රිෂාඩ් බදුයුදීන් මහතාඔබතුමා ඔබේ ජීවිතය පරදුවට තියලා ධෛර්යවන්තව කටයුතු කළා. ඒ ගැන මම ස්තුතිවන්ත වෙනවා. මහලේකම්තුමා ඇතුළු නිලධාරීන් සහ පොලිස් නිලධාරීන් හරියට කටයුතු කළා. පොලිස් නිලධාරීන්ටත් මිරිස්කුඩු ගැහුවා. එදා මන්ත්‍රීවරුන්ගේ අශිෂ්ට ක්‍රියා හමුවේ නිර්භීත ලෙස පොලිසිය කටයුතු කළා.මම මගේ පාර්ලිමේන්තු දිවියේ මෙහෙම දැකලා නෑ. සමහර වැදගත් යැයි කියා ගන්නා අයත් ඒ විදියටයි කටයුතු කළේ. සියලුම පක්ෂ එකතු වෙලා උපාධියක්වත් තියන කෙනෙකුවත් පාර්ලිමේන්තුවට පත් කළ යුතුයි කියලා අපි පනතක් සම්මත කළ යුතුයි. නිලධාරීන් ඇත්තටම අහිංසකයි. ඔවුන් කිසිම පක්ෂයකට සම්බන්ධ නෑ. මන්ත්‍රීවරුන්ට වතුර දුන්නු අයත් පහරකෑමට ලක්වුණා.කතානායකතුමාට අවමානයක් ඇති කිරීමේ අරමුණින් යම් යම් ප්‍රචාර ගෙන යනවා. මටත් නොකළ වැරදි කළා කියලා චෝදනා කළා. මම අඩියක් පස්සට නොතියා දිගටම සේවය කළා. ඔබව විවේචනය කරන අය තමයි කවදා හරි පරාජය වෙන්නේ. කවදාවත් සත්‍ය පරාජය වෙන්නේ නෑ. මේ රට සුන්දර රටක්. මේ රට දියුණු වෙන්න ඕනෑ කියා කැමැත්තෙන් ඉන්න අයගෙන් මමත් කෙනෙත්.මේ රටේ යුද්ධයේ කුරිරු තත්ත්වය දැකපු කෙනෙක්. සිංහල, මුස්ලිම්, දෙමළ කියන සියලුම අය මේ අපේ රට කියන අදහසින් ජීවත් විය යුතුයි. මේ මාසයක සිට අපි සියලු දෙනාගෙන් අනාගතය ප්‍රශ්නයකට මුහුණ දීලා තියෙන්නේ. මට තානාපතිවරයෙක් කිව්වා අපිට කරන්න හිටපු ලොකු ආයෝජනයක් ගැන නැවත හිතා බලන්න සිද්ධ වෙලා තියෙනවා කියලා. අපිට ජනවරම ලැබුණේ අවුරුදු පහක් ඉන්න. අවුරුදු තුනකින් ආණ්ඩුව විසිරුවලා ඡන්දයක් තියලා ප්රජාතන්ත්රවාදය ඇති කරන්න පුලුවන් කියලා.මේ ඊනියා ආණ්ඩුව කියනවා නම් එය බාල ප්‍රකාශයක්. ව්‍යවස්ථාව අනුව පාර්ලිමේන්තුව ඇතුළේ මේ ප්රශ්නය විසඳා ගත යුතුයි. අපි 225 මේ රටේ සියලුම ජනතාව නියෝජනය කරනවා. අතිගරු ජනාධිපතිතුමා සාමන්‍ය පවුලක සිට ආපු කෙනෙක්. මම ඔහුගෙන් ඉල්ලා සිටිනවා මේකට කඩිනමින් විසඳුමක් ලබා දෙන්න කියලා. පාර්ලිමේන්තුවේ අශිෂ්ඨ ලෙස හැසිරුණු මන්ත්‍රීවරුන් ජනතාවගෙන් ප්‍රසිද්ධියේ සමාව ගත යුතුයි. ඔබතුමාව ආරක්ෂා කරන්න පැමිණි පොලිස් නිලධාරීන්ට මිරිස්කුඩු ගැහුවා. පාර්ලිමේන්තු සේවකයන්ට පහර දුන්නා. එම මන්ත්‍රීන් හඳුනාගෙන ඔවුන්ට දඬුවම් ලබා දිය යුතුයි. නාමල් කුමාරගේ සිද්ධිය ගැන අපගේ නමුත් ගලපා තිබ්බා. මඩකලපුවෙදි මාවත් ඝාතනය කරන්න කුමන්ත්‍රණය කළා කියලා සඳහන් වෙලා තිබෙනවා. අපි සුළු ජනකොටස්වලට අයත් පුද්ගලයින් නිසා ඒවා ගැන හොයන්නේ නෑ. මගේ ආරක්ෂාව සම්පූර්ණයෙන් නැති කරලා තිබෙනවා. මගේ ආරක්ෂාවට දෙදෙනකු පමණයි දීලා තිබෙන්නේ. මට සීඅයිඩියෙන් කතා කරලා කිව්වා ප්‍රකාශයක් ගන්න එන්න පුලුවන්ද කියලා. අපගේ ආරක්ෂකයා ලෙස සිටින කතානායකතුමා මේ ගැන පිරිසිදු පරීක්ෂණයක් කළ යුතුයි. මේ රටේ කවදාවත් බලාපොරොත්තු නොවූ බැරෑරම් තත්ත්වයක් ඇති කළේ නාමල් කුමාරගේ පැමිණීමෙන් පස්සේ. මගේ ආරක්ෂාව ඉවත් කරලා මට කිසි තැනකට යන්න බැරි තත්ත්වයක් උද්ගත වෙලා තිබෙනවා. හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය අද බොහෝ දෙනෙක් මාධ්‍යයට ඇඟිල්ල දිගු කරලා අහනවා මොකද මේ කරන්නේ කියලා. මාධ්‍යයට වහල්ලු වගේ ඉන්න පුලුවන් තව උපරිම මාසයක් විතරයි. මේ පාර්ලිමේන්තුවේ මෙතරම් කාලයක් අපි හිටියේ තිරිසන්නු ටිකක් එක්ක. ඔවුන් එන්නේ නැතිනම් දිගටම ඒක හොඳයි. මොකද ඔවුන් ආවනම් අපිට මෙහෙම කතා කරන්න පුලුවන්ද? අද අර කට්ටිය මෙතන හිටියා නම් වේත්‍රධාරීන් සෙංකෝලය ගාව ඉඳගෙන සෙංකෝලය ආරක්ෂා කරන්න වෙනවා. මෙච්චරකල් පාර්ලිමේන්තුව කඩාකප්පල් කළේ හිටපු ජනාධිපතිගේ සත්තුවත්තේ සත්තුටික කියන එක දැන් ඔප්පු වෙලා තියෙනවා. කතානායතුමාගේ ප්රජාතන්ත්රවාදය අපිට දීපු ලොකු ආදර්ශයක්. අනාගතයේ අපි ළමයින්ට හරි ඒ ගැන කියා දෙන්නපුලුවන්. කතානායක - මට නම් පෞද්ගලික තරහක් නෑ. ඒ ගැන පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකයි. ඉන් පසු බලන්න පුලුවන්.හේෂා විතානගේ මහතාඊනියා ආණ්ඩුව පත් වුණු ගමන් ජාතික රූපවානිහිනයට පැනලා යකා නැටුවා. ඒ වගේම නිවාස හා ඉදිකිරීම් අමාත්‍යංශයේ ස්ථිර නොවූ සේවකයන්ට නීතිවිරෝධී ඇමැතිවරයා බලපෑම් කරනවා. ජනාධිපතිවරයා ජනතාව බලා ගන්නේ නැති අවස්ථාවක, ආණ්ඩුවක් නැති අවස්ථාවක මම ඔබතුමාගෙන් ඉල්ලා සිටිනවා රජ්‍ය සේවකයන් බිය ගන්වා නෙරපාහැරීම ගැන විමල් වීරවංශලාට එරෙහිව ක්‍රියාමර්ග ගන්න කියා . අමාත්‍යංශවල මැතිවරණවලට අවශ්‍ය ක්‍රියාදාමය හදන්න. රටේ අහිංස මිනිසුන් වෙනුවෙන් ඔබට ගන්න පුලුවන් ක්‍රියාමාර්ග ගන්න. පහුගිය දිනවල පාර්ලිමේන්තුවේ හැසිරුණු හැටි අපි දැක්කා. පාර්ලිමේන්තුවේ උත්තරීතරභාවයට හානි කරමින් හැසිරුණු මන්ත්‍රීන්ට ගන්නා ක්‍රියාමාර්ග හෙළි කරන්න. චමින්ද විජේසිරි මහතාපහුගිය කාලයේ අපි ඔබතුමාට චෝදනා කළා. ඊට හේතුව ඔබ ඒකාබද්ධ විපක්ෂයට වැඩිපුර කාලය වෙන් කිරීමයි. ඒවා ඔවුන්ට අමතක නම් පාර්මේන්තු හැන්සාඩ් බලන්න කියන්න. කතානායක - මම ඒකාබද්ධ විපක්ෂයට වැඩිපුර වෙලාව දෙනවා කියලා මාව අයින් කරන්න කොළයකුත් අත්සන් කරලා තිබ්බානේ. මතක් කිරීම ගැන ස්තුතිවන්ත වෙනවා.නවීන් දිසානායක මහතා ශ්‍රී ලංකාවේ ප්රජාතන්ත්රවාදයට විවිධ තර්ජන එල්ල වුණු අවස්ථා තිබිලා තියෙනවා. පහුගිය ටික දවසෙත් අපි එය දැක්කා. පහුගිය මාසය තුළ ඔබට විශාල පීඩනයකට මුහුණ දෙන්න වුණා. පාර්ලිමේන්තුව තමයි ප්රජාතන්ත්රවාදයේ දෙවොල කියන්නේ. එහි අශිෂ්ඨ දේවල් වුණා. මම තැතිගැන්මට ලක්වුණා ඒ දේවල් ගැන. යම් පුද්ලයන් පිරිසක් කතානායක තුමාගේ ආසනයටත් වතුර දැම්මා. පොලිසියට මිරිස්කුඩු ගැහුවා. ප්රජාතන්ත්රවාදයේ පිහිටා ඔබ කටයුතු කළා. මගේ පියාත් නිර්භීත පුද්ලයෙක්. මම ඔබතුමාව එදා දැක්කේ ඊට වඩා නිර්භීත නායකයෙක් හැටියටයි. ඔබතුමා ආනන්ද විද්‍යාලයේ සාඩම්බර නිමැයුමක්. ස්වාධීනව කටයුතු කිරීම ගැන අධිකරණයටත් ස්තුතිවන්ත වෙනවා. එරාන් වික්‍රමරත්න මහතා රජය කියලා කියා ගන්න කණ්ඩායම පාර්ලිමේන්තු වර්ජනය කිරීම ලැජ්ජාවක්. කතානායක තනතුරේ ඉතිහාසය බැලුවොත් කවුරුන් විසින් දැරුවත් විධායකයෙන් ස්වාධීනව පවතින තනතුරක්. මෑතකදී පාර්ලිමේන්තුව අවතකේසේරු කළා. ආණ්ඩුවයැයි කියා ගන්නා කණ්ඩායමට බහුතරය පෙන්වන්න බැරි වුණා. විශ්වාස භංගයක් සම්මත කළා ඔවුන්ට එරෙහිව. ස්ථාවර නියෝග අතිහිටවූයේ බහුතර ඡන්දයෙන්. එවැනි දේවල් පාර්ලිමේන්තුවේ වෙනවා. ස්ථාවර නියෝග අනුව හඩෙන් ඡන්ද විමසන්න පුලුවන්. බෙදීමක් ඉල්ලුවොත් වෙනත් ක්‍රමයකින් ඡන්දය විමසන්න පුලුවන්. ඔවුන් බෙදීමක් ඉල්ලුවෙත් නෑ. එදා තිබුණේ දුෂ්කර තත්ත්වයක්. මන්ත්‍රීවරුන් 122ක අත්සනින් විශ්වාසයක් නැති බව ලබා දුන්නා. බන්දුලාල් බණ්ඩාරිගොඩ මහතාආණ්ඩු පක්ෂය යැයි කියා ගන්න කණ්ඩායම පාර්ලිමේන්තුවට නොපැමිණ මඟහැර ගොස් තිබෙනවා. පාර්ලිමේන්තුවෙන් එළියට ගිහින් විවිධ ප්රවෘත්ති සාකච්ඡා තිබනවා. ඔබේ රුවට සමාන පඹයන් හදලා ගිනි තියලා රටේ මතයක් හදන්න හදනවා තමන් පාර්ලිමේන්තු නොයන්නේ කතානායකට විරෝධය පළ කරලා කියලා. මේ කරුණ පිටිපස්සේ කූඨ උපක්‍රමයක් තිබෙනවා. ඔවුන් සභාවට පැමිණිනොත් ඔවුන් එක්ක ඉන්න සැබෑ මන්ත්‍රීන් ගණන ලෝකයම දැන ගන්නවා. ඔවුන් එළියට ගිහින් කියන මන්ත්‍රීන් ගණන ඔවුන්ට නෑ. ඒ නිසා ඔබට පහර දෙනවා. ඔබතුමා වගේ ශ්‍රේෂ්ඨ දේශපාලන චරිතයකට අපවාද නැගීම ගැන මමත් කණගාටුවෙනවා. කතානායක - පාර්ලිමේන්තුවේ සියලුම නිලධාරීන් ගැන මට ලොකු විශ්වාසයක් තිබෙනවා. පඹයෙන් පිච්චීම ගැන කතා කළා. පඹයින් පිච්චීම හොඳයි පස්දොස් යන්න. තවත් පිච්චුවොත් හොඳයි. විජේපාල හෙට්ටිආරච්චි මහතා මහාමාර්ග අමාත්‍යංශයෙන් වැරදි ගෙවීම් සිදු කරනවා. රජයේ විගණකාධිපති හා කෝප් කමිටුව මගින් මේ ගැන පරීක්ෂණ කළ යුතුයි. ජනාධිපති කියනවා ජනාධිපති කොමිසමක් පත් කරන්න කියලා. මම කියනවා ඔක්තෝබර් 26 ඉඳලා මේ හොර ආණ්ඩුවෙන් වුණ දේවල් ගැනත් හොයන්න ජනාධිපති පරීක්ෂණ කොමිසමක් පත් කරන්න කියලා. 2010 අගෝස්තු මාසේ පාර්ලිමේන්තුවේ ඉඳලා පරීක්ෂණ කරන්න කියලත් මම ඉල්ලීමක් කරනවා. පාලිත රංගේ බණ්ඩාර මහතා ඝාතන කුමන්ත්‍රණය කියන සිද්ධිය ගැන කතා කළා. ඉන්දියන් ජාතිකයා මානසික රෝගියෙක් කියලා වෛද්‍ය වාර්තාවක් දීලා තිබෙනවා. නාමල් කුමාර කියන තැනැත්තා විවිධ සිද්ධි ගැන පොලිසියට තොරතුරු දුන්නු තොරතුරුකරුවෙක්. ඔහු පොලිස් ත්‍යාග අරමුදලෙන් ත්‍යාග ලබාගෙන තිබෙනවා. මහු නැවතත් ලක්ෂ පහක් ඉල්ලලා තිබෙනවා. එය ලබා නොදීමට උරණ වෙලයි මේ විවිධ චෝදනා කරන්නේ. රාජ්‍ය සේවකය්නට කියනවා නීත්‍යනුකූල නියෝග ක්‍රියාත්මක කරන්න එපා කියලා.ප්‍රේමවතී මනප්පේරි නඩුවේ තීන්දුවේ එය පැහැදිලිව තිබෙනවා. නඩුවෙදි නිලධාරීන් කිව්වා ඉහළ නියෝග අනුවයි මෙය සිදු කළේ කියලා. නඩු තීන්දුවේ පැහැදිලිවම සඳහන් කළා නිලධාරීන් බැඳිලා ඉන්නේ නීත්‍යනුකූල නියෝග ක්‍රියාත්මක කරන්න විතරයි කියලා. මම පොලිස් ස්ථානාධිපතිවරයකු ලෙස කටයුතු කරද්දි පොලිස්පති රාජගුරුට ආ බලපෑමක් උඩ මාව ස්ථාන මාරු කළා. මම ඊට එරෙහිව නඩු දැම්මා. රංගේ බණ්ඩාර එදිරි රත්වත්තේ සහ තවත් අය කියන නඩුවේ පොලිස්පති රාජගුරුට හා රජයට සිද්ධ වුණා වැරදි නියෝග ක්‍රියාත්මක කිරීම ගැන මට වන්දි ගෙවන්න. අජිත් පී පෙරේරා මහතා නීති විරොධී කැබිනට් රැස්වීම්වලදි විවිධ යෝජනා අනුමත කරලා තියෙනවා. එක් යෝජනාවක් තමයි කොළඹ වරායේ ලොකු ඉදි කිරීම් දෙකක් ගැන. ඒ ටෙන්ඩර් දෙක චීන සමාගමකට ලබා දීලා තියෙනවා. හදිසියේ මෙම ඩොලර් මිලියන සියයකටත් වැඩි වටිනාකමකින් යුතු කොන්ත්‍රාත්දෙක චීන සමාගමකට දීම ලොකු ප්‍රශ්නයක්. අද අනිත් පිරිස පාර්ලිමේන්තුවට ඇවිත් පාර්ලිමේන්තු භෝජනාගාරයෙන් සහන මිලට කෑම අරං සභාවට එන්නේ නැතුව යන්න ගියා. සියලු පහසුකම් ගන්නවා. පඩිත් ගන්නවා. නමුත් සභාවට එන්නේ නෑ. මේ ගැන ජනාධිපතිතුමාට දැනුම් දෙන්න.කතානායක කරු ජයසූරිය මහතා යුක්තිය වෙනුවෙන් ජම්පර් අදින්න වුණොත් ඊට මම ලෑස්තියි. මම ජීවිතේට කූඨ වැඩක් කරලා නෑ. ඕනෑම පරීක්ෂණයකට මම සූදානම්. කතානාය හොඳ නැත්නම් හෙටම යෝජනාවක් ගෙනත් කතානායක ඉවත් කරන්න.මරික්කාර් මහතා උදය ගම්මන්පිල මාධ්‍ය සාකච්ඡා තියලා කියනවා කතානායකට ජම්බරය ස්ථිරයි කියලා. කූට ලේඛන සකස් කර ඇති බව කිව්වා. (එය කියවයි) පාර්ලිමේන්තු හැන්සාඩ් නිල වශයෙන් නිකුත් කිරීම කූඨ ලේඛන සකස් කිරීමක් කියනවා නම් පරීක්ෂණයක් කළ යුතුයි. මන්ත්‍රීවරුන් ලෙස අපිටත් ඇත්ත දැන ගන්න අවශ්‍යයි. ඔබතුමා ඇත්තටම කූට ලේඛන හැදුවද කියලා පරීක්ෂා කරන්න ඕනා.කරුණාරත්න පරණවිතාන මහතා මේ රටේ ජනතාවට තිබෙනවා නිවැරදි තොරතුරු දැන ගැනීමේ අයිතියක්. අද රට පුරා අසත්‍ය තොරතුරු ප්‍රචාරය වෙමින් තිබෙනවා. ඒ තමයි මේ ව්‍යාජ ආණ්ඩුව ඇත්ත.ආණ්ඩුවක් සේ ඇඟවෙන පරිදි ප්‍රචාරයන් ගෙනියනවා. අපි ඔබතුමාගෙන් ඉල්ලා සිටිනවා මේ සියලුම කොමිෂන් සභාවලට දැන් ආණ්ඩුවක් නැති බව දැනුම් දෙන්න. ව්‍යාජ ආණ්ඩුවක් තිබෙන්නේ. රාජ්‍ය මාධ්‍ය ආදිය අගමැති, ඇමැතිවරු කියලා ප්‍රචාරය කරනවා. මෙය මූලික අයිතිවාසිකම් උල්ලංඝණය කිරීමක්. විද්‍යුත් මාධ්‍ය පාවිච්චි කරන්නේ රාජ්‍ය දේපොළක් වන සංඛ්‍යාතයි. ඒ අයට බෑ රාජ්‍ය දේපොළ අවභාවිත කරන්නට. පාර්ලිමේන්තුව රැස් වෙන වෙලාවට වෙන වෙන පක්ෂවලට සජීවී විකාශ දෙනවා. ජනමාධ්‍ය පාර්ලිමේන්තුවේ කටයුතු කළ යුතු ආකාරය ගැන සුදුසු නියෝග දෙන්න. රංජිත් මද්දුම බණ්ඩාර මහතා ජනාධිපති ඝාතන කුමන්ත්‍රණය ගැන ඒ දිනවල පරීක්ෂණ හරියට කළා. නාමල් කුමාර දුන්නු හඬපට කිසිම එකක ජනපති හෝ හිටපු ආරක්ෂක ලේකම් ඝාතන කුමන්ත්‍රණයක් ගැන නෑ. දැන් මටත් චෝදනා කරනවා. රනිල් වික්‍රමසිංහ මහත්මයා ඉවත් කිරීමේ කුමන්ත්‍රණයට තමයි නාමල් කුමාර යොදා ගත්තේ.නාමල් කුමාර කියන්නේ පොලිසියට ඔත්තු දුන්නු පුද්ගලයෙක්. ඇවන්ගාඩ් වගේ තව තව තැන්වල වැඩ කළ පුද්ගලයෙක්. සරත් ෆොන්සේකා මහතා ඉල්ලපු පරීක්ෂණය කරන්න. නීත්‍යනුකූල නොවන ආණ්ඩුවට එරෙහිව බහුතරය පෙන්නුවට පස්සේ ඔබ කිව්වා අගමැති සහ ඇමැතිවරුන් නෑ කියලා.රටේ මුදල් බලය තියෙන්නේ පාර්ලිමේන්තුවට. එ නිසා මුදල් සම්බන්ධ නියෝග දෙන්න මහින්ද රාජපක්ෂටවත්, ඊනියා කැබිනට් ඇමැතිවරුන්යැයි කියා ගන්න අයටවත් බෑ. මං රජයේ සේවකයන්ට කියනවා මේ නීත්‍යනුකූල නොවන නියෝග ක්‍රියාත්මක කරන්න එපා කියලා. සරත් ෆොන්සේකා මහතා පහුගිය දිනක ඉරිදා පත්තරේක තිබ්බා මම ජනාධිපතිව ඝාතනය කරන්න හිටි බව ඔහුම කිව්වා කියලා. එතුමාට ඒවා කියන්නේ නාමල් කුමාර කියලා පුද්ගලයෙක්. ඔහු රහස් ඔත්තුකරවකු ලෙස ජනාධිපතිට වැඩ කරන්නේ. ජනාධිපති විදෙස් මාධ්‍යට කිව්වා මාව අගමැති කරන්නේ නෑ කියලා. මට එහෙම හීනයක්වත් නෑ. එතුමා එහෙම බයානක හීන දකින්නේ ඇයි කියලා මං දන්නේ නෑ.ඊට හේතුව ඇහුවාම කියලා තිබ්බා සරත් ෆොන්සේකා එතුමාව ඝාතනය කරන්න සැලසුම් කළා කියා. රටේ ජනාධිපති එහෙම කියනවා නම් මේක විශාල ප්‍රශ්නයක්. මේක වරප්‍රසාද ප්‍රශ්නයක්. ඔබතුමා පැය 48ක් වැනි කාලයක් තුළ පොලිස්පති පාර්ලිමේන්තුවට කැඳවන්න. එක්කෝ මාව කූඩුවට දාන්න කියන්න. නැත්නම් මේ චෝදනාව ගැන ක්‍රියාත්මක වෙන්න කියන්න.ජනාධිපතිතුමා අතීතයේ කියමින් සිටියේ මහින්ද රාජපක්ෂ මහතා ඔහුව අඩි හයක් පොළව යටට දාන්න හිටියා කියලා. දැන් ඔහුව අගමැති කළා. ඉතින් මම ඝාතන සැලසුමක හිටියත් මාව අගමැති කරන්න බෑ කියන්නේ කොහොමද? කොහොමද එහෙම හැදි දෙකකින් බෙදන්නේ? නාමල් කුමාර නම් පුද්ගලයා පොහොට්ටුවෙන් ඡන්දය ඉල්ලන්න යන කතාවකුත් තිබෙනවා. අබුද්දස්ස කාලේ ලබුත් තිත්තයි වගේ වැඩක්. මේ ගැන පරීක්ෂණයක් කරන්න. කතානායක - දැනටම පොලිස් පරීක්ෂණ කරගෙන යනවා.ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා ඔබතුමා ඉතිහාස ගත වෙනවා. එදා සිදුවීම අපි දැක්කා. මම 1977 පාර්ලිමේන්තුවට ගියේ. මහින්ද රාජපක්ෂ මැතිතුමා එක්ක හොස්ටල් එකේ අවුරුද්දක් තිබ්බා. මම ප්‍රසිද්ධිය පස්සේ ගිය කෙනෙක් නෙමෙයි. හෙට මගේ ඇස් පැය දෙකක් පරීක්ෂා කරන්න ඕනා කිව්වා. මෙහෙට ඇසිඩ් ගෙනත් තිබ්බා කිව්වා. එදා අපේ මන්ත්‍රීවරුන් විනීතව සිටියා. අපේ ආදර්ශය ලෝකයාට පෙන්නුවා. අයවැයක් අනුමත නොවුණාම අපිට කිසිම දෙයක් ගේන්න බෑ. මට වෙච්ච දේට මට ගෙවන වන්දිය මොකක්ද? අපේ ඥාති එඩ්වඩ් ගුණසේකර මන්ත්‍රීවරයාගේ ගෙදරට ලක්ෂ 20000ක ඇඩ්වාන්ස් අරගෙන ඇවිත් තිබ්බා. ඔහු ඊයේ ප්‍රකාශ කළා. මලික් සමරවික්‍රම මහතා මහින්ද රාජපක්ෂ මහතා අගමැති ලෙස පිළිගන්නේ නෑ කියලා ඔබතුමා කිව්වා. මට දැනගන්න ලැබුණා මාධ්‍යවලින් මන්ත්‍රීවරුන් කණ්ඩායමක් රැස්වෙලා විවිධ දෑ ගන්න තීන්දු තීරණ ගන්න. විවිද දෑ ලංකාවට ගෙන ඒමට සහ ව්‍යාපෘතිලබා දීම නීති විරෝධියි. මේ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගන්නා ලෙස ඉල්ලා සිටිනවා. රවුෆ් හකීම් මහතා -සභාවේ විශ්වාස භංග යෝජනාවක් සම්මත කර ගත්තට පස්සේ ඔබේ නියෝගය හැන්සාඩ් ගත වෙලා රටම පිළිගත යුතු තත්ත්වයක් තිබෙනවා. එසේ තිබිය දී මේ කල්ලිය අගමැති සහ ඇමැතිවරුන් ලෙස මාධ්‍යවල හැඳින්වීම අපේ වරප්‍රසාද කඩවීමක්. ඒ ගැන පරීක්ෂණයක් තිබිය යුතුයි. මේ අය තනතුරුවලින් හැඳින්වීම වැලැක්විය යුතුයි. එය නීත්‍යනුකූල නෑ. මේ තත්ත්වය අපට පිළිගන්න බෑ. මෙය මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද ප්‍රශ්නයක්. අජිත් මාන්නප්පෙරුම මහතා අද ප්රජාතන්ත්රවාදයට ගරු කරන මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවට ඇවිත් තියනවා. ප්රජාතන්ත්රවාදයට ගරු නොකරන මන්ත්‍රීවරුන් ගමෙන් පාර්ලිමේන්තුවට ඇවිත් පාර්ලිමේන්තු සභාවට ඇවිත් නැතිව පාර්ලිමේන්තුවේ ආපන ශාලාවට වෙලා ඒ වරප්‍රසාද භුක්ති විඳිමින් ඉන්නවා. කතානායකවරයා ලෙස ඔබ ප්රජාතන්ත්රවාදය ආරක්ෂා කිරීම ගැන අපිට ලොකු විශ්වාසයක් තිබෙනවා. මරික්කාර් මහතා පසුගියදා ඔබ තීන්දුවක් දුන්නා විශ්වාස භංගයෙන් පස්සේ ආණ්ඩුවක් නෑ කියලා. එය දුන්නේ 14 වැනි දා. මුදල් හා ආර්ථික කටයුතු අමාත්‍යංශයේ ලිපි ශීර්ෂයකින් මහින්ද රාජපක්ෂ මහත්මයා රේගු අධ්‍යක්ෂට නියෝගයක් දෙනවා අලි රිෂාඩ් කියන පුද්ගලයාට රාජසන්තක කළ ඇමෙරිකානු ඩොලර් 53400ක් නැවත මුදා හරින්න කියලා(ලිපිය කියවයි)මෙය නීත්‍යනුකූලද? මෙහෙම කරන්න පුලුවන්ද? රාජසන්ත කළ මුදල් එහෙම දීම ගැන ඔබතුමා හොයා බලා නියෝගයක් දෙන්න. පාර්ලිමේන්තුව කල් තිබ්බට පස්සේ රාජ්‍ය මාධ්‍ය දෙකක් පාර්ලිමේන්තුව යළි කල් තිබ්බා කියලා කිව්වා. පාර්ලිමේන්තුව සජීවීව දුන්නා කියලා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මාධ්‍ය සාකච්ඡා සජීවීව දුන්නා. මෙය මහජන මුදල් අවභාවිතාවක්. මහජන මුදල් අවභාවිතාව ගැනත්, මන්ත්‍රී වරප්‍රසාද කඩ වීම ගැනත් එම ප්‍රධානීන් වරප්‍රසාද කමිටුව හමුවට ගෙන්වන්න.කතානායක - මම ඒ ගැන පොලිස්පතිතුමා දැනුම්වත් කරන්නම්. මංගල සමරවීර මහතා නීත්‍යනුකූල නොවන ආණ්ඩුව තවදුරටත් මේ ආකාරයටම දෙසැම්බර් වෙනකම් ඉදිරියට යන්න දුන්නොත් අපිට මීට වැඩිය ගැටලු වලට මුහුණ දෙනවා. භාරකාර අරමුදලින් මුදල් නිකුත් කරන්නට වරෙන්තුව නිකුත් කළ හැකි නීත්‍යනුකූල මුදල් ඇමැතිවරයෙක් නෑ. ඉදිරියේදී නීත්‍යනුකූල රජයක් පත් නොකළොත් ජනවාරි පළමු වැනි දා සිට රජයේ සේවකයන්ට වැටුප් ගෙවන්න බැරි වෙයි. ඔබතුමා ජනාධිපතිවරයාට කියන්න රට පාවා නොදී රජයක් පත්කරන්න කියලා.ජෝන් අමරතුංග මහතාමේ නීත්‍යනුකූල නොවන ආණ්ඩුව මන්ත්‍රීවරුන් නොවන අයටත් ආරක්ෂාව දෙන්න. වඩිවේල් සුරේෂ් මහතාගේ පැමිණිල්ල බරපතල ප්‍රශ්නයක්. ඔබතුමාගේ වගකීමක් මන්ත්‍රීවරුන්ට ආරක්ෂාව දීම.කතානායක - මම අදම පොලිස්පතිවරයා දැනුම්වත් කරන්නම්. වඩිවෙල් සුරේෂ් මහතාඅපිට පාර්ලිමේන්තුවේ ආරක්ෂාව නෑ, මිරිස්කුඩු ගහනවා. ආසනේට ගියාම පිට අය අය ඇවිත් මට පෙට්‍රල් බෝම්බ ගහන හිටියා. මම ඒ ගැන පොලිසියට පැමිණිලි කළා. අද වෙනකම් පොලිසියෙන් කිසිම දෙයක් කරලා නෑ. පරීක්ෂණ නොකරපු ඕඅයිසී ඒස්පී කරලා අද. පාර්ලිමේන්තුවට ආවම මිරිස්කුඩු ගහනවා. ආසනේට ගිහාම පිට අය ඇවිත් ගහන්න හදනවා. අයිජීපීට කතා කළා. අයිජීපී ෆෝන් එක ආන්සර් කළේ නෑ. තවම කාවවත් අත්අඩංගුවට අරං නෑ. අපි කොහොමද මේ රටේ ජීවත් වෙන්නේ? මිනිස්සු අහනවා පාරට බහින්නද කියලා. කාවින්ද ජයවර්ධන - දැන් ආණ්ඩුවක් නෑ. අපි තුන් වතාවක් ආණ්ඩුව පරාජය කළා. ආණ්ඩුවක් නැති නිසා අද හැංගිලා ඉන්නවා. කතානායක - ඒ ගැන පරීක්ෂා කරමින් යනවා. පොලිසියත් පරීක්ෂා කරමින් යනවා.නලීන් බණ්ඩාර මහතා - පාර්ලිමේන්තුවට අලාභ හානි කරපු අය ගැන මොනවද කරලා තියෙන්නේ?ලක්ෂ්මන් කිරිඇල්ල මහතා - ආණ්ඩුව කියාගන්නා අය පාර්ලිමේන්තුව වර්ජනය කරනවාමන්ත්‍රීවරු - ආණ්ඩුවක් නෑලක්ෂ්මන් කිරිඇල්ල මහතා - යෝජිත ආණ්ඩුවට මාසයයි. ඒත් පාර්ලිමේන්තුවට කිසිම යෝජනාවක් ඉදිරිපත් කරලා නෑ. ආශු මාරසිංහ මහතා රටේ සිදුවූ අවාසනාවන්ත තත්ත්වය හේතුවෙන් සංචාරක කර්මාන්තය කඩා වැටීමේ තත්ත්වයකට පත්ව ඇති බැවින්ද, නීතියේ ආදිපත්‍ය කඩා වැටෙමින් ඇති බැවින් ද සංචාරක කර්මාන්තය යථා තත්ත්වයට පත් කිරීම සඳහා යෝජනාවක්කතානායක කරු ජයසූරිය මහතා - ස්ථාවර නියෝග යටතේ ආශු මාරසිංහ මහතා යෝජනාවක් ඉදිරිපත් කරනවා. කතානායක කරු ජයසූරිය මහතා මූලාසනාරූඩ වීමෙන් පසු වේත්‍රධාරියා විසින් සෙංකෝලය තැම්පත් කරනු ලැබීමෙන් පසු මීට ටික වේලාවකට පෙර පාර්ලිමේන්තු කටයුතු ආරම්භ විය. (තරිඳු ජයවර්ධන) රටේ ඇතිවී ඇති අර්බුදකාරී තත්ත්වය සම්බන්ධයෙන් පැවැති කල් තැබීමේ විවාදයෙන් පසු කල් තැබූ පාර්ලිමේන්තුව අද (27) පස්වරු 1.00ට යළි රැස්වීමට නියමිතය. අද දිනයේ ද විශේෂ කරුණු ඇතුළත් කරමින් න්‍යාය පත්‍රයක් ප්‍රසිද්ධියට පත් කර නැති අතර අද දිනයේ කටයුතු පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 22 යටතේ සිදු කෙරන බව සඳහන් කර තිබේ. පාර්ලිමේන්තුව රැස්වීමට පෙර කතානායකවරයා පක්ෂ නායකයන් හමුවනු ඇතැයි ද දැනගන්නට ඇත. ස්ථාවර නියෝග අංක 22හි දැක්වෙන පරිදි පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන අනුපිළිවෙළ පහත දැක්වේ. ( ඡායාරූප ලහිරු හර්ෂණ) | සිංගප්පූරු ගිවිසුම නපුරක් වෙන්නේ නෑ | 0 |
hp_train_7419 | ශ්‍රී ලන්කන් ගුවන් සමාගම හෝ ලොව වෙනත් කිසිදු ගුවන් සමාගමක් හෝ මිලදී ගැනීමට සැලැසුම් කර නැතැයි එමිරේට්ස් ගුවන් සමාගම පවසයි.ශ්‍රී ලංකාවේ ගුවන් සමාගමක් හෝ ගුවන් තොටුපොළක ආයෝජන කිරීමට හෝ වෙනත් කිසිවක් සම්බන්ධයෙන් හෝ සැලැසුමක් නැතැයි එමිරේට්ස් සමාගමේ ප්‍රකාශකවරයා ඇරබියන් බිස්නස් පුවත් සේවයට පවසා තිබේ.එමිරේට්ස් සමාගම 1998 වසරේදී ඇමෙරිකානු ඩොලර් මිලියන 70කට ‘ශ්‍රී ලන්කන් එයාර්වේස්’ සමාගම මිලදී ගත් අතර 2010 වසරේදී ඔවුන්ගේ කොටස් ඇමෙරිකානු ඩොලර් මිලියන 53කට විකුණා දමන ලදි.ශ්‍රී ලන්කන් එයාර්ලයින්ස් සමාගම පැවැරීම සම්බන්ධයෙන් ආණ්ඩුව එමිරේට්ස් සමාගම මෙන්ම අනෙකුත් ගුවන් සේවා සමාගම් සමඟ ද සාකච්ඡා පවත්වමින් සිටින බව රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න මහතා මීට පෙර අවස්ථාවක පැවැසීය. කිසිලෙසකින්වත් ශ්‍රී ලන්කන් එයාර්ලයින්ස් සමාගම පෞද්ගලීකරණය නොකරන බවත් රාජ්‍ය පෞද්ගලික හවුල්කාරීත්වයක් සම්බන්ධයෙන් ආණ්ඩුව අවධානය යොමු කර ඇති බවත් ඔහු එහිදී පවසා තිබිණි.055 | ශ්‍රී ලන්කන් මිලදී ගන්නේ නෑ-එමිරේට්ස් | 1 |
hp_train_7420 | නැගෙනහිර සහ ඌව පළාත් වලත්, හම්බන්තොට දිස්ත්‍රීක්කයේත් විටින් විට වැසි ඇති වන අතර උතුරු මැද පළාතේ වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.බස්නාහිර, මධ්‍යම සහ සබරගමුව පළාත්වලත්, ගාල්ල, මාතර සහ පුත්තලම දිස්ත්‍රීක්කවලත් සවස 4.00 න් පසුවවැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇතිවිය හැකියි.ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය දිනය : 16/02/2016නගරයඋෂ්ණත්වය (සෙ. අංශක)සාපේක්ෂ ආර්ද්‍රතාවය (%) කාලගුණයඋපරිමඅවමඋපරිමඅවමඅනුරාධපුරය31249560වැසිවාර කිහිපයක්මඩකලපුව29259570විටින් විට වැසිකොළඹ31259570සවස 4.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ගාල්ල30259570සවස 4.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි .යාපනය29239060වැසි ස්වල්පයක්මහනුවර29219550සවස 2.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසිනුවරඑළිය21119550සවස 2.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසිරත්නපුරය32249560සවස 2.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසිත්‍රීකුණාමළය29239570වැසිවාර කිහිපයක්.මන්නාරම31259065වැසි ස්වල්පයක් | ඉදිරි 24 පැයේ කාලගුණය | 0 |
hp_train_7421 | (පුත්තලම - ජුඩ්සමන්ත)වව්නියාවේ සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ පුද්ගලික බස් රථයක කොන්දොස්තරවරයෙකුට ජීප් රථයකින් පැමිණි පිරිසක් විසින් පහර දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශණ කටයුතු ආරම්භ කර ඇති බව හලාවත පොලීසිය කියයි.අද 28 දහවල් හලාවත - කොළඹ මාර්ගයේ පම්බල ප්‍රදේශයේදී මෙම පහර දීම සිදු වී ඇත.එසේ පහර කෑමට ලක්ව ඇත්තේ ආරච්චිකට්ටුව - ආනවිළුන්දාව පදිංකරුවෙකු වන කේ.ඩී.සාලිය එදිරිසිංහ නම් අයෙකි.පහර දුන් අය තමන් අත තිබූ මගීන්ට ප්‍රවේශ පත්‍ර නිකුත් කරන යන්ත්‍රයද පොලවේ ගසා හානි කර ඇති බව බස් කොන්දොස්තරවරයා විසින් කර ඇති පැමිණිල්ලේ සඳහන් වේ.මේ අයුරින්ම හලාවත - කොළඹ අතර ධාවනය වන පුද්ගලික බස් රථ රියදුරෙකුට පංචිකාවත්ත ප්‍රදේශයේදීද පසුගිය 26 වැනිදා පහර දී ඇත.මේ සිද්ධිය සම්බන්ධයෙන් කිසිවෙකුත් අත්අඩංගුවට ගෙන නොමැති අතර,හලාවත පොලීසිය වැඩිදුර විමර්ශණ කටයුතු සිදුකරයි. | වව්නියා - කොළඹ බස් රථයකට හලාවතදී ප්‍රහාරයක් | 1 |
hp_train_7422 | (ඩයනා උදයංගනී)කොවිඩ් ආසාදිත වූ තවත් රෝගීන් 16 දෙනකු ඊයේ (13) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (14) තහවුරු කළේය. ඒ සමඟ මෙරටින් වාර්තා වූ මුළු කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 15,190 දක්වා ඉහළ ගොස් ඇත.මිය ගිය අය අතර වයස අවුරුදු 60 ට වැඩි 10 දෙනකු, අවුරුදු 30 ත් 59 ත් අතර 5 දෙනකු සහ අවුරුදු 30ට අඩු එක් අයෙක් ද වන බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයාගේ දැක්වේ.එමෙන්ම පිරිමි අය 8 දෙනකු සහ කාන්තාවන් 8 දෙනකු මියගිය පිරිසට ඇතුළත් බව ද එම වාර්තාවේ සඳහන් වේ. | කොරෝනා මරණ 20ක් වාර්තා වෙයි | 0 |
hp_train_7423 | (උපාලි ආනන්ද) සිය බාල වයස්කාර පුතාගේ උදරයට සහ ලිංගේන්ද්‍රයට පයින් පහරදී ඔහු කෲරත්වයට පත් කළ බවට අනුරාධපුර මහාධිකරණය හමුවේ අධිචෝදනා ලැබ සිටි හිටපු යුද හමුදා අබාධිත සෙබෙළකු එකී චෝදනාවට වරද පිළිගත් පසුව ඔහුට වසර දෙකක බරපතල වැඩ සහිත සිර දඩුවමක් නියමකළ අනුරාධපුර අංක දෙක මහාධිකරණයේ විනිසුරු සහ උතුරු මැද පලාත් බද සිවිල් අබියාචනා මහාධිකරණයේ විනිසුරු ආචාර්ය සුමුදු ප්‍රේමචන්ද්‍ර මහතා එම සිර දඩුවම වසර 20 අත් හිටුවීමට අද (20) නියෝග කෙරිණි. ඊට අමතරව පැමිණිලිකාර තම දරුවාට රුපියල් ලක්ෂ හතරක වන්දියක් ගෙවන ලෙසටද විත්තිකාර හිටපු යුද හමුදා ආබාධිත සෙබළාට නියෝග කළ මහාධිකරණ විනිසුරු ප්‍රේමචන්ද්‍ර මහතා එම වන්දි මුදල නොගෙවන්නේ නම් විත්තිකරු තවත් වසරක සිර දඩුවමකටද යටත් කෙරිණ.මෙරට තිස් වසරක් පැවති උතුරු නැගෙනහිර යුද්ධය අවසන් කිරීමට විත්තිකරු යුධ හමුදා සෙබලෙකු ලෙස සක්‍රිය දායකත්වයක් ලබාදී ඇති බවත් එහිදී ඔහු සිය දකුනු පාදය සහ ඇසද අහිමි කර ගෙන ඇති බවත් පෙනී යන්නේ යැයි ද තීන්දුව ප්‍රකාශයට පත් කරමින් සදහන් කල මහාධිකරණ විනිසුරු ආචාර්ය සුදුමු ප්‍රේමචන්ද්‍ර මහතා විත්තිකරුගේ දඩුවම් නියම කිරීමේදී ඒ පිළිඳව සැලකිල්ලට ගන්නා බවද කීවේය.එමෙන්ම විත්තිකරුගේ මානසික්තවය මෙන්ම විත්තිකරු මුල් අවස්ථාවේදීම වරද පිළිගැනීමත් ඔහුට පෙර වැරදි නොමැතිවීමත් විත්තිකරු කෲරත්වයට පත් කර ඇති ඔහුගේ දරුවාට දීර්ඝ කාලීන රෝගී තත්වයක් නොමැති වීමත් විත්තිකරුට දඩුවම් නියම කිරීමේ සළකා බලන බවද මහාධිකරණ විනිසුරුවරයා තවදුරටත් ප්‍රකාශ කළේය.2017 වසරේ ජූනි මස 14 වන දින හෝ ඊට ආසන්න දිනයක අනුරාධපුර මහාධිකරණ බල ප්‍රදේශයට අත් මිහින්තලේදී වයස අවුරුදු 16 ට අඩු තම බාල වයස්කාර දරුවාගේ බාරකාරත්වය හා ආරක්ෂාව දරා සිටිමින් එකී ළමයාට වේදනාවක් හෝ ඔහුගේ සෞඛ්‍යයට හානියක් සිදු විය.හැකි ආකාරයට එකී ළමයාට ඔනෑකමින්ම අඩත්තෙට්ටම් කිරීමෙන් හිංසා කිරීමෙන් නොසලකා හැරීමෙන් එම ළමයාගේ උදරයට හා ලිංගේන්ද්‍රයට පයින් පහර දීමෙන් ලංකා දන්ඩ නීති සංග්‍රයේ 308 (ආ) (2) වගන්තිය යටතේ වරදක් සිදු කර ඇති බවට නීතීපතිවරයා විසින් මෙම විත්තිකරුට එරෙහිව අනුරාධපුර මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනු කර තිබිණි.මෙම නඩුවේ ලඝු නොවන මූලික විභාගය අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පැවැති අතර නීතිපතිවරයා විසින් විත්තිකරුට අධි චෝදනා බාර දීමෙන් අනතුරුව එහි වැඩිදුර විභාගය අනුරාධපුර අංක දෙක මහාධිකරණයට යොමු කර තිබිණි. පැමිණිල්ල වෙනුවෙන් රජයේ අධිනීතිඥ අග්බෝ පන්ඩිතරත්න මහතා පෙනී සිටි අතර විත්තිකරු වෙනුවෙන් නීතිඥ ප්‍රියදර්ශනී අත්තනායක මහත්මිය පෙනී සිටියාය. | බාලවයස්කාර දැරිය අපයෝජනය කළ සිව්දරු පියා හිරගෙට | 0 |
hp_train_7424 | (රංජිත් රාජපක්ෂ ) තේ වත්තේ වැඩ කරමින් සිටි වතු කම්කරුවන් පිරිසකට බඹරු ඇනීමෙන් තුවාල ලැබූ වතු කම්කරුවන් පස් දෙනෙකු අද (19) ලිදුල ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර ඇති බව තලවකැලේ පොලිසිය පවසයි.තලවකැලේ පොලිස් වසමට අයත් වටගොඩ තේ වත්තේ පහළ කොටසේ තේ වත්තේ වැඩ කරමින් සිටි වතු කම්කරුවන් පිරිසකට තේ වත්තේ ගසක බැද තිබු බඹර කුඩුවක් ඇවිස්සි බඹරුන් වතු කම්කරුවන්ට පහර දි ඇති බව තලවකැලේ පොලිසිය කියයි.රෝහල්ගත කළ වතු කම්කරුවන් තිදෙනෙකු බාහිර රෝගී අංශයෙන් ප්‍රතිකාර ලබා පිටව ගොස් ඇති අතර , බඹරු ඇනීමෙන් තුවාල ලැබු වතු කම්කරුවන් දෙදෙනෙක් පමණක් රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන බව ලිදුලි රෝහලේ වෛද්‍යවරයකු කියා සිටියේය. | වතුකම්කරුවන් අත්අඩංගුවට ගත්තාට විරෝධය පාති | 0 |
hp_train_7425 | (එම්.කේ.නන්දසේන)කතරගම ප්‍රාදේශීය සභාවේ මාසික සභා රැස්වීම පැවති අද (06දා) සභාපතිවරයා සභාවට පැමිණි විගසම සභාව කල් තබන බවට කල ප්‍රකාශයත් සමගම මන්ත්‍රීවරුන් අතර බහින් බස්වීක් දුරදිග යාමෙන් ඇතිවු පහර දීමක් හේතුවෙන් සභාපතිවරයා තැළුමි තුවාල සහිතව කතරගම දිසා රෝහල වෙත ඇතුලත් කෙරිණ. මෙහිදී කණකට සිදුව ඇතැයි කියන ආබාධයක් හේතුවෙන් වැඩිදුර ප්‍රතිකාර සඳහා හම්බන්තොට මහ රෝහල වෙත යවා ඇතැයි පොලීසිය කියයි. මෙලෙස රෝහල් ගත කොට ඇත්තේ සභාපති චානක අමිල් රංගන මහතාය. මෙම සභාව පොදු පෙරමුණට බලය හිමිවී ඇති අතර සභාපතිවරයාට පහරදී ඇත්තේ ද පොදු පෙරමුණට අයත් මන්ත්‍රීවරයෙකි. පොදු පෙරමුණට සභාපති වරයා සමග මන්ත්‍රීධූර 08 ක්ද, එක්සත් ජාතික පක්ෂයට ධූර 05 ද, එක්සත් ජනතා සංධානයට එක් ධූරයක්ද, ජනතා විමුක්ති පෙරමුණ ට ධූර 02 වසයෙන් මන්ත්‍රීන් සංයුතිය 16 කි. මෙම සභාවේ සභාපතිවරයාට පක්ෂව සිටින්නේ පොදු පෙරමුණ මන්ත්‍රී වරයෙකු සහ එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරයෙකු පමණි. විවිධ අක්‍රමිකතා සිදුව ඇති බවට චෝදනා කරමින් පොදු පෙරමුණේම මන්ත්‍රීවරුන් හය දෙනකු ද, එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් පස් දෙනාද, ජවිපෙ දෙදෙනාද එකතුවී ඉකුත් නොවැම්බර් මාසයේ පැවති මෙම වසරට අදාළ අයවැය අවස්ථා දෙකකදීම පරාජයට පත් කෙරිණ. එලෙස අයවැය පරාජය කර තිබියදීත් සභාපති වරයා ධුරයේ රැඳී සිටීම අභියෝගයට ලක්කරමින් උප සභාපති වරයා ඇතුළු මන්ත්‍රීවරුන් මොණරාගල මහධිකරණයේ නඩුවක් පවරා එය විභාග වෙමින් පවතී. මාස පහක් තිස්සේ මෙම සභාවේ දැඩි අර්බුදකාරී තත්ත්වයක් පවතින අතර පත්කර ඇති කමිටු වලින්ද මන්ත්‍රී සාමාජිකයින් ඉවත්වී තිබේ. සභා වාර්තා සහ යෝජනා සම්මත නොවූවද එය සම්මත වූ බවට සභා වාර්තාවට ඇතුළත් කිරීමද සෑම සභා වාරයකදීම ගැටලුසහගත තත්ත්වයක් ලෙස පැවතිණ. අදාල මන්ත්‍රීවරුන් පිරිස මේ සඳහා කඩිනමින් විසඳුම් ලබා දෙන ලෙස ඌව පළාත් ආණ්ඩුකාර වරයාට, වුව ඌව පළාත් පාලන කොමසාරිස්වරයාට අවස්ථා කිහිපයක් දැනුම් දී ඇතත් ඒ සඳහා මැදිහත් වී විසඳුමක් ලබා නොදීම මෙම ගැටළු ආරවුල්වලට හේතුවී ඇතැයි මන්ත්‍රීවරු පවසති. මීට සති දෙකකට පමණ ඉහතදී සභාපතිවරයා විසින් උප සභාපතිවරයාට වෙළඳසැලක් තුළදී පහර දීමේ සිද්ධියක් හේතු කොටගෙන උප සභාපති ඩී. වී. සාන්ත මහතාගේ හිසට බරපතල තුවාල සිදුවී හම්බන්තොට මහ රෝහලේ ප්‍රතිකාර ලබාගෙන ඇත. ඊයේ (06) දා පෙර වරු 10 ට සභා රැස්වීම පවත්වන බව දන්වා මන්ත්‍රීවරුන් කර තිබූ දැනුම් දීම මත මන්ත්‍රීවරුන් පෙරවරු 10.10 පමණ වන විට සභාවේ අසුන් ගෙන තිබූ නමුත් සභාපති වරයා පැමිණියේ පෙර වරු 10.20 ට පමණය. එලෙස පැමිණ ආගම සිහි කිරීමෙන් අනතුරුව පෙර වරු 11. 30 දක්වා සභාව කල් තබන බවට දැනුම් දීමත් සමග සියලුම න්ත්‍රීවරුන් එම ප්‍ර.කාශයට විරෝධය පළ කර සිටියහ. මෙම අවස්ථාවෙිදී ගැටුම ඇති විය. උප සභාපතිවරයා ඇතුළු පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් දහතුන් දෙනෙකු මීට සති දෙකකට පමණ ඉහතදී උප සභාපතිවරයාට පහර දීමට විරෝධය පල කරමින් කළු පටි පැළැඳ විරෝධතා පුවරු ද රැගෙන සභාවට පැමිණ තිබිණ. හටගත් ගැටුමෙන් පසු ලේකම්වරයා සභාව කල් තැබීමට සූදානම් වුවද ඌව පළාත් පාලන කොමසාරිස් වරයාගේ අනුමැතිය ලබාගෙන මෙම සභාව පවත්වාගෙන යාමට උපදෙස් ලබාගන්නා ලෙස මන්ත්‍රීවරුන් බොහෝ දෙනකු ඉල්ලා සිටි හෙයින් උප සභාපති වරයාගේ ප්රගධානත්වයෙන් සභාව පවත්වාගෙන යනු ලැබිණි. සභාපතිවරයාද තමාට පහර දුන් දිනයේ ලේ තැවරුණු කමිසය පැළඳ වෛද්‍ය වාර්තා ලියකියවිලි ද ප්‍රර්ශනය කරමින් සභාව පවත්වා ගෙන ගි ෙය්ය. | හොරොව්පොතාන ප්‍රා. සභාපතිගේ නිල රථයට පහර දෙයි | 0 |
hp_train_7426 | (සම්පත් ප්‍රියනන්දන සහ නාලක ජේ හෙටිටිආරචිචි)ඇමරිකාවේ නිෂ්පාදිත ගිනි අවියක් , මෙරට නිෂ්පාදිත ගිනි අවි දෙකක් සහ ඇමෙරිකාවේ නිෂ්පාදිත ගිනි අවියට යොදා ගන්නා උණ්ඩ 7 ක් සමඟ පුද්ගලයෙකු අද (20) අත්අඩංගුවට ගත්බව බලංගොඩ පොලිසිය පැවසීය.පින්නවල මෙගොඩ වලේබොඩ ප්‍රදේශයේ පදිංචි 43 හැවිරිදි පුද්ගලයෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇතමෙරට නිෂ්පාදිත ගිනි අවි දෙක සතුන් දඩයම් කිරීම සඳහා භාවිතා කරන ඒවා බව පොලිසිය පැවැසීය .අත්අඩංගුවට ගත් පුද්ගලයාගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් පසු හෙට (21) බලන්ගොඩ මහෙස්ත්‍රාත්වරයා හමුවට ඉදිපත් කිරීමට නියමිත බව පොලිසිය පැවසීය. | ටී 56 ජීව පතුරොම් සමඟ අයෙකු අත්අඩංගුවට | 0 |
hp_train_7427 | විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි සමඟ දිවයිනේ උතුරු, උතුරුමැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත් වල පවතින වැසි සහිත කාලගුණ තත්වය තව දුරටත් පවතී. නැගෙනහිර පළාතේ ඇතැම් ස්ථාන වලට තද වැසිද (මි.මී. 100 ට වැඩි) ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.විශේෂයෙන් අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේ දි සෙසු ප්රදේශවලද ගිගුරුම් සහිත වැසි වර්ධනය වේ.ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශ වල තාවකාලිකව තද සුළං ඇති විය හැක. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය දිනය : 25/11/2014 නගරයඋෂ්ණත්වය (සෙ. අංශක)සාපේක්ෂ ආර්ද්‍රතාවය (%) කාලගුණයඋපරිමඅවමඋපරිමඅවමඅනුරාධපුරය28239585විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.මඩකලපුව29229580විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.කොළඹ29239575අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේ දී ගිගුරුම් සහිත වැසි ඇති වේ.ගාල්ල29248575අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේ දී ගිගුරුම් සහිත වැසි ඇති වේ.යාපනය30249580වැසි වාර කිහිපයක්.මහනුවර27209580විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.නුවරඑළිය18139580විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.රත්නපුරය30239580අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේ දී ගිගුරුම් සහිත වැසි ඇති වේ.ත්‍රීකුණාමළය29239580විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.මන්නාරම29239580අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේ දී ගිගුරුම් සහිත වැසි ඇති වේ. පෙරවරු 5ටවිටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි සමඟ දිවයිනේ උතුරු, උතුරුමැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත් වල පවතින වැසි සහිත කාලගුණ තත්වය තව දුරටත් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.විශේෂයෙන් අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේ දි සෙසු ප්රදේශවලද ගිගුරුම් සහිත වැසි වර්ධනය වේ.ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශ වල තාවකාලිකව තද සුළං ඇති විය හැක. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.ඉදිරි පැය 24 සඳහා දිවයින වටා ඇති මුහුදේ කාලගුණ තත්ත්වය.දිවයින වටා වන මුහුදු ප්‍රදේශ වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.සුළං ඊසාන දෙසින් හමන අතර සුළගේ වේගය පැ.කි.මී. 20-40 ක් පමණ වේ. ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම මුහුදු ප්‍රදේශ වල තාවකාලිකව තද සුළං ඇති විය හැක.දිවයිනට බටහිර, දකුණු සහ නැගෙනහිර දෙසින් පවතින ක්‍රියාකාරී වලාකුළු පද්ධතිය හේතුවෙන් පුත්තලම සිට ගාල්ල සහ පොතුවිල් හරහා ත්‍රිකුණාමලය දක්වා වන මුහුදු ප්‍රදේශ වල ක්ෂණිකව සුළං වේගය ඉහළ යාමට ඉඩ ඇති අතර එවිට එම මුහුදු ප්‍රදේශ ක්ෂණිකව රළු වීමට වැඩි හැකියාවක් පවතී. සෙසු මුහුදු ප්‍රදේශ වල ද සුළං වේගය විටෙක පැ. කි. මී. 50 පමණ දක්වා ඉහල යා හැකි බැවින් එම මුහුදු ප්‍රදේශද විටින් විට තරමක් රළු විය හැක. | ඉදිරි 24 පැයේ කාලගුණය | 0 |
hp_train_7428 | (ඩයනා උදයංගනී)කොවිඩ් ආසාදිත තවත් රෝගීන් 107 දෙනකු අද(3) හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි.ඒ සමඟ අද දින වාර්තා වූ ආසාදිත සංඛ්‍යාව 581 කි.මේ වනවිට මෙරටින් වාර්තාවන මුළු කොරෝනා රෝගීන් සංඛ්‍යාව 5,42,793 ක් දක්වා ඉහළ ගොස් ඇත. | කොරෝනා ආසාදිතයන් අද 3333යි | 0 |
hp_train_7429 | (තුසිත කුමාර ද සිල්වා)ඇඳිරි නීතිය අඛණ්ඩව ක්‍රියාත්මකව පවතින මේ දිනවල බේරුවල ධීවර වරාය පරිශ්‍රයට ඇදී එන අධික ජනතාව අවම කිරීම සඳහා හෙට(01) සිට බේරුවල ධීවර වරාය පරිශ්‍රය තුළ ගොඩබාන සියලු මත්ස්‍ය තොග සම්පූර්ණයෙන්ම ශ්‍රී ලංකා ධීවර සංස්ථාව මගින් මිලදී ගැනීමට එකඟතාවක් ඇතිකරගෙන ඇතැයි බේරුවල ධීවර වරාය කළමනාකරු එඩ්වඩ් දයාමාල් මහතා අද (31)පැවසීය. ධීවර සංස්ථා මිලදී ගන්නා මත්ස්‍ය තොග යම් හෙයකින් අතිරික්ත වුවහොත් සෙසු මසුන් පෑලියගොඩ මත්ස්‍ය තොග වෙළෙඳපොළ වෙත බේරුවල ධීවර වරාය මගින් යොමු කර කඩිනමින් ව්‍යාපාරිකයන්ට අදාළ ගෙවීම් සිදු කරන බවත් හෙතෙම පැවසීය මේ අතර හෙට(01) සිට බේරුවල වරාය පරිශ්‍රය තුළ මසුන් තොග සිල්ලර විකිණීම නැවත දැනුම් දෙන තුරු කිසිදු පුද්ගලික අංශ වලට නවතා දමා ඇතැයි ද පවසයි . කොයිඩ් වෛරසය පැතිරයාම බේරුවල වඩාත් වර්ධනය වීම හේතුවෙන් විශාල ජනතාවක් වරාය පරිශ්‍රයට එක්රොක් වීම අවම කිරීම හේතුවෙන් හා වරාය පරිශ්‍රයට ලැබෙන මත්ස්‍ය තොග කඩිනමින් අලෙවි කර ධීවරයන්ට හා බහුදින යාත්‍රා හිමියන්ට සහන සැලසීමේ අරමුණින් සෞඛ්‍යය ,ආරක්ෂක සහ වරාය කළමනාකාරිත්වය රජයේ ඉහළ පෙළේ උපදෙස් මත මෙලෙස ක්‍රියා කිරීමට සාමූහිකව එකඟතාවයකට පැමිණි බව පවසයි . ඉකුත් දින කිහිපය තුළ ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන අවස්ථාවේ විශේෂ කාර්ය බලකාය සහ ශ්‍රී ලංකා පොලිසිය ඒකාබද්ධ බේරුවල ධීවර වරාය ආරක්ෂාව තහවුරු කිරීම පිළිබඳ සිය කෘතඥතාව පළ කළ බවද වරාය කලමනාකාර එඩ්වඩ් දයාමාල් මහතා වැඩිදුරටත් පැවසීය. | බේරුවල ධීවර වරාය ජංගම සිල්ලර වෙළදුන්ට හෙට සිට මසුන් මිලටගන්න ඉඩ සලස්වයි | 0 |
hp_train_7430 | හර්ෂණ තුෂාර සිල්වා රුපියල තවදුරටත් අවප්‍රමාණය එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය අද (7) 160 ක් දක්වා පහළ ගියේය.ශ්‍රී ලංකා මහ බැංකුව අද (7) නිකුත් කළ විනිමය අනුපාත අනුව එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂාව රුපියලේ විකුණුම් මිල 160.00ක් ලෙසත් ගැනුම් මිල 156.91ක් ලෙසත් සටහන් වී තිබිණි. ඉකුත් පෙබරවාරි 10 වැනි දා පැවැති පළාත් පාලන මැතිවරණයෙන් පසු ඇති වූ දේශපාලන අස්ථාවරත්වය නිසා රුපියල් අඛණ්ඩව පහත වැටුණු අතර රුපියලේ අගය මෙතරම් අගයකට පහත වැටුණු පළමු අවස්ථාව මෙය විය. මේ වසරේ ජනවාරි 1 වැනි දා සිට ජූනි 1 වැනි දා දක්වා කාලයේදී ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව රුපියල සියයට 3.3කින් අවප්‍රමාණය වී ඇතැයි ද ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි. එම කාලයේදී ස්ටලිං පවුමකට සාපේක්ෂව රුපියල සියයට 2.1කින් ද යුරෝවකට සාපේක්ෂව සියයට 1.3කින් ද අවප්‍රමාණය වී තිබේ. රුපියල වැඩි වශයෙන් අවප්‍රමාණය වූයේ අප්‍රේල් මස අගදී සහ මැයි මස මුලදී යැයි මේ වසරේ තෙවැනි මුදල් ප්‍රතිපත්ති විවරණය නිකුත් කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව මැයි (11) සඳහන් කළේය. පසුගිය වසරේදී රුපියල සියයට 2.5කින් සහ 2016 වසරේදී රුපියල සියයට 3.9කින් අවප්‍රමාණය වුණු බව ශ්‍රී ලංකා මහ බැංකු දත්ත වාර්තාවල දැක්වේ. මේ අතර ශ්‍රී ලංකා මහ බැංකුව අද (7) නිකුත් කළ විනිමය අනුපාතවලට අනුව ස්ටලිං පවුමකට සාපේක්ෂව රුපියලේ විකුණුම් අගය 216.05ක් ලෙසත් යුරෝ එකකට සාපේක්ෂව රුපියලේ විකුණුම් අගය 189.92ක් ලෙසත් දැක්විණි. | ‘රුපියල් සියයට 3.2 කින් අවප්‍රමාණය වෙලා’- මහ බැංකුව | 0 |
hp_train_7431 | මිනුවන්ගොඩ සහ පෑලියගොඩ කොරෝනා පොකුරට අද (30) පස්වරු 10.05 වනවිට තවත් ආසාදිතයන් 319 දෙනෙකු එක් වී ඇත. ඒ අනුව අද දිනයේදී හඳුනාගත් සමස්ත අසාදිතයන් සංඛ්‍යාව 633 ක් දක්වා ඉහළ ගියේය.මේ දක්වා එම පොකුරෙන් වාර්තා වූ ගණන 6627 කි. අද දිනයේදී අලුතින් හඳුනාගත් පිරිසත් සමඟ මිනුවන්ගොඩ සහ පෑලියගොඩ කොරෝනා පොකුරේ සමස්ත ආසාදිතයන් ගණන 6946 ක් වේ.අද දිනයේදී හඳුනාගත් ආසාදිතයන් පිරිසෙන් 83 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථානවල සිටින අය වන අතර, සෙසු 236 දෙනා පෑලියගොඩ සහ ධීවර වරායන්හි ආශ්‍රිතයෝ වෙති. | මිනුවන්ගොඩ - පෑලියගොඩ කොරෝනා පොකුරට තවත් 85ක් | 0 |
hp_train_7432 | (රංජිත් රාජපක්ෂ)තේ දළු නෙලමින් සිටි වතු කම්කරුවන් පිරිසකට (16) දින එල්ල වු බඹර ප්‍රහාරයකින් තුවාල ලැබු වතු කම්කරු කාන්තාවන් අට දෙනෙකු දික්ඔය මුලික රෝහලට ඇතුලත් කල බව හැටන් පොලිසිය පවසයි.මෙසේ බඹර ප්‍රහාරයකට ලක් වි තුවාල ලබා ඇත්තේ හැටන් පොලිස් වසමට අයත් ඇන්ෆිල්ඩ් වතු යායේ තේ දළු නෙලමින් සිටි වතු කම්කරු කාන්තාවන් අට දෙනෙකි.තේ වත්තේ ගසක් මත බැද තිබු බඹර කුඩුවක බඹර වදයකට උකුස්සකු පහර දිම නිසා බඹරුන් ඇවිස්සි තමන්ට පහරදුන් බවයි බඹර ප්‍රහාරයෙන් තුවාල ලබා දික්ඔය මුලික රෝහල වෙත ඇතුලත් කල වතු කම්කරු කාන්තාවන් කියා සිටියේ. | බඹරු ඇනීමෙක් තිදරු මවක් ජීවිතක්ෂයට | 0 |
hp_train_7433 | බස්නාහිර, සබරගමුව, වයඹ සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් කඩින් කඩ වැසි වන අතර අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේ දී නැගෙනහිර, ඌව, උතුරු සහ උතුරුමැද පළාත්වල තැනින් තැන ගිගුරුම් සහිත වැසි වර්ධනය වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.‘ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශ වල තාවකාලිකව තද සුළං ඇති විය හැකියි. කන්කසන්තුරේ සිට පුත්තලම සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා වන මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි ඇති වන අතර සෙසු මුහුදු ප්‍රදේශවල අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති ඇතිවේ.‘ | ඉදිරි 24 පැයේ කාලගුණය | 0 |
hp_train_7434 | (නිමල කොඩිතුවක්කු)අනුපාත ජන්ද ක්‍රමයත් වෙනස් කර ජනාධිපති ක්‍රමයත් අහෝසි කළහොත් රට අස්ථාවර වන බවත් මෙමගින් රටට පාලනයක් නැති තත්ත්වයක් ඇතිවෙන බවත් ජාතික හෙළ උරුමයේ මහලේකම් අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ඊයේ (03) පැවසීය.බත්තරමුල්ල පන්නිපිටියේ ජාතික හෙළ උරුමය කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව පැවසීය.අමාත්‍යවරයා මෙසේ ද කීය.මේ ආණ්ඩුව 2015 අගෝස්තු මාසයේ පැවති මැතිවරණයෙන් බලයට පත්වුණායින් පස්සේ නව ව්‍යවස්ථාවක් තැනීම පිළිබඳ යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. අද ඔය එළියේ මොනවා කතා කළත් ඒ නිසා පාර්ලිමේන්තුවේ ඉන්න 225 දෙනාම එකඟ වුණා. ඒ 225 දෙනාගෙන්ම සමන්විත ව්‍යවස්ථාදායක මණ්ඩලයක් බවට පාර්ලිමේන්තුවම පත්වුණා.මේ පිළිබ`ද දිගින් දිගටම එකඟතාවන් ඇති කරගන්න අපහසු වෙනකොට මෙහෙයුම් කමිටු ලේකම් කාර්යාලය විසින් එතෙක් කළ සාකච්ඡාවල සටහන් පදනම් කරගනිමින් ලියවිල්ලක් සකස් කළා. ඒ ලියවිල්ල තමයි මේ අතුරු වාර්තාව නමින් නිකුත් වෙලා තියෙන්නේ. මේ අතුරු වාර්තාවේ තියෙනවා වාර්තා 09ක්. එක වාර්තාවක් තමයි මේ ලේකම් කාර්යාලය විසින් සාකච්ඡා සටහන් පදනම් කරගනිමින් ඉදිරිපත් කර ඇති යෝජනාවලිය. ඒ යෝජනාවලියට එක්සත් ජාතික පක්ෂය එකඟ බව අගමැතිතුමා ප්‍රකාශ කරලා තියෙනවා. තවත් ලේඛන 08 කින් වෙනත් දේශපාලන පක්ෂ අදහස් දක්වලා තියෙනවා.එතකොට මෙතන තියෙනවා වාර්තා 09ක්. මේ රට බෙදනවා බුද්ධාගම ගලවන්න හදනවා ආදී වශයෙන් කියන්න කිසිම හේතුවක් නැහැ. ඒ අනුව පේන්න තියෙනවා මේ ආණ්ඩුවේ හෝ ආණ්ඩුවේ ප්‍රධාන සහකාර පක්ෂවල හෝ පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂවල හෝ මේ රටේ ඒකීය භාවයට හානි කරන වැඩපිළිවෙළක් හෝ බුද්ධාගමේ ප්‍රමුඛස්ථානය නැති කරන වැඩපිළිවෙළක් හෝ ජාතික ආරක්ෂාව සඳහා හෝ හානි වෙන වැඩපිළිවෙළක් මෙතන නැති බව.මෙතන සාකච්ඡාවක් ඇති වෙලා වාර්තාවක් ඉදිරිපත් කරලා තියෙනවා. අතීතයෙත් එවැනි වාර්තා ඉදිරිපත් වුණා. දැන් මේ හුඟක් දෙනෙක් දේශපේ‍්‍රමීන් වෙන්න දඟලනවා. මහින්ද රාජපක්ෂ මහතා 2006 දි සර්ව පාක්ෂික වාර්තාවක් කැඳෙව්වා. ඒකේ තිස්ස විතාරණ මහතාගේ ප්‍රධානත්වයෙන් විද්වද් කමිටුවක් පත්කළා. එතුමන්ලත් වාර්තාවක් ඉදිරිපත් කළා. ඒක පැහැදිලි රට බෙදන පෙඩරල් වාර්තාවක්. ඒක තමයි මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ වාර්තාව. එදත් අපි ජාතික හෙළ උරුමය විදියට වෙනම වාර්තාවක් ඉදිරිපත් කළා. ඒ වගේම ඒ විද්වද් කමිටුවේ සුළුතරය තවත් වාර්තාවක් ඉදිරිපත් කළා. ඒ මුළු කමිටුවේම ලේඛන ඔක්කොම එක්කහු කළාට පස්සේ පිටු 12,000 ක වාර්තාවක් නිකුත්වුණා. මේ වගේ ඉතිහාසයේ විටින්විට මේ ප්රශ්නය සම්බන්ධයෙන් විවිධ වාර්තා නිකුත් වෙලා තියෙනවා. නිශ්චිතව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ලියවිල්ලක් මේ මෑත ඉතිහාසයේ ඉදිරිපත් කළේ චන්ද්‍රිකා කුමාරතුංග මැතිනිය විතරයි. ඒ 2000 වසරේදී. ඒක පාර්ලිමේන්තුවේ සම්මත වුණේ නැහැ. ජාතික හෙළ උරුමය අපේ ස්ථාවරය ප්‍රකාශ කරලා තියෙනවා. ඒක ඕන කෙනෙකුට කියවලා බලන්න පුළුවන්. පාර්ලිමේන්තුවේත් අපි ඒක සභා ගත කළා. නව ව්‍යවස්ථාව පිළිබ`ද අපේ ස්ථාවරය අපි කිහිපවිටකදී ප්‍රකාශ කරලා තියෙනවා. නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හදනවා නම් හොඳයි අපිත් ඒකට පක්ෂයි. හැබැයි ඒ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මහා සම්මුතියකින් ඇති කර ගත යුතුයි. සියලූදෙනාගේ එකඟතාවයෙන් ඇති කර ගත යුතුයි.අතීතයේ ජයවර්ධන මැතිතුමාගේ ව්‍යවස්ථාව පළාත් සභාව ගෙනාපු ක්‍රමය ඒ වගේම සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය ව්‍යවස්ථාව හදපු ක්‍රමය එයට පෙර බි්රතාන්යයන් මේ රටට සොල්බරි ව්‍යවස්ථාව ගෙනාපු වගේ ක්‍රමයකට නෙවෙයි සියලූ දෙනාගේම අනුමැතියෙන් මේ දේවල් සිදුවිය යුතුයි. ඉන් පිටත සිදුවන දේ ඇත්තටම කුමන්ත්‍රණ මිසක් ජනතාව තුළින් ඒ වගේම මහජන නියෝජිතයන් තුළින් ජනිත වෙච්ච ව්‍යවස්ථා නෙවෙයි.ඒ වගේම අපි අවධාරණය කරනවා ප්‍රධාන කරුණු දෙකක්. අපි මේ ව්‍යවස්ථා ලියවිල්ලේත් ඒක කියලා තියෙනවා. ඒක තමයි මේ ව්‍යවස්ථාව තුළින් ස්ථාවරභාවයයි ප්රජාතන්ත්රවාදයයි කියන කාරණා දෙකම රැුකෙන්න ඕනෑ. ඒක සමබර වෙන්න ඕනෑ. දැන් සමහරුන්ට ඕනෑ ස්ථාවරභාවය නැතිකරගෙන හෝ ප්රජාතන්ත්රවාදය ඇති කරන්න. සමහරුන්ට ඕන ප්රජාතන්ත්රවාදය නැති කරගෙන හෝ දැඩි ස්ථාවර පාලනයක් හදන්න. අපි මේ අන්ත දෙකේම නෙවෙයි. අපි ඉන්නේ ස්ථාවර භාවයයි ප්රජාතන්ත්රවාදයයි අතර සමබර ව්‍යවස්ථාවක් ඇති විය යුතුයි කියන තැන.මොකක්ද ස්ථාවරභාවය කියන්නේ, අපි හදන ව්‍යවස්ථාවෙන් රටේ ආර්ථිකය ඉදිරියට යනවා මිසක් ප්රගමනය වෙනවා මිසක් ඒකට බාධා වෙන්නේ බැහැ. ඒ වගේම සමාජමය ස්ථාවරය, දැනට මේ රටේ ඇතිවෙලා තියෙන සංහිඳියාව, සාමය කඩවන සුළු පැරණි තුවාල පෑරෙන සුළු අලූත් තුවාල ඇතිවෙන සුළු දේශපාලන වශයෙන් කළබලකාරී තත්ත්වයන් ඇතිවන සුළු කිසිම ආකාරයක ව්‍යවස්ථා සංශෝධනයක් කළ යුතු නැහැ. ඒවගේම පාරිසරික ස්ථාවරතාවය මේ ප්රශ්නය අතීතයේ තිබුනේ නැහැ. මේ පරිසර තුලිත භාවය තිරිසරභාවය ඒ ව්‍යවස්ථාව තුළ අනිවාර්යයෙන්ම ආරක්ෂා විය යුතුයි. ඒ යටතේ කරන දේශපාලන ප්‍රතිසංස්කරණ තුළ ඒ පරිසර තුළිතභාවය රැුකගත යුතුයි. මේ විදියට ආර්ථික, සමාජීය, පාරිසරික සහ දේශපාලනික ස්ථාවරය ඇතිවිය යුතුයි.ඊළඟට ප්රජාතන්ත්රවාදය මිනිස් නිදහස, ඒ වගේම ජනතාවගේ ජන්ද අයිතිය, ඒ වගේම දේශපාලන පක්ෂවල නියෝජිත තත්ත්වය ඒ වෙනුවෙන් කරන්නා වූ මැතිවරණ ක්රමයේ වෙනස බලය කොයි ආකාරයටද බිමි මට්ටමට ගම් මට්ටමට යන්නේ, ජන්ද අයිතිය ශක්තිමත් වෙන හැටි මේ සියල්ල ප්රජාතන්ත්රවාදයට අයිතියි. මේ කරුණු දෙක මත තමයි අපි ව්‍යවස්ථාවක් සැකසිය යුත්තේ.අද රටේ ගොඩක් විවාදයට ලක්වෙලා තියෙන කාරණය රටේ ඒකීයභාවය පිළිබඳ තියෙන ගැටලූව. රටේ ඒකීයභාවය මේ රටේ ඓතිහාසික උරුමයක් විදියට තිබුණු දෙයක්. 1972 ව්‍යවස්ථාවේ ඒක නීත්‍යානුකූලව ලියවුණත් ඊට කලින් මේ රටේ තිබුණේත් එක පාර්ලිමේන්තුවයි. බි්රතාන්යය පාලන සමය යටතේත් ඒකීය රටක් විදියට තමයි තිබුණේ. පළාත් සභා ක්‍රමය ආවම මේ ඒකීයභාවයට යම් පළිදු වීමක් වුණා. ඒ නිසා අපි ස්ථාවරව ප්‍රකාශ කරනවා දැනට ව්‍යවස්ථාවේ සඳහන් ඒකීයභාවය පිළිබ`ද වගන්තිය. ඒ වගන්තිය එක්ක ගැටගැහිච්ච ව්‍යවස්ථාවේ අංක හතර. ඒක ඒ වගේම හැත්තෑ හය එක කියන වැදගත් වගන්තිවල කිසිදු වෙනසක් සිදුවිය යුතු නෑ කියන එක අපි බොහොම පැහැදිලිව ප්‍රකාශ කරලා තියෙනවා. ඒ වගේම මේ මෙහෙයුම් කමිටු ලේකම් කාර්යාලය විසින් යෝජනා කරලා තියෙන ඒකීයභාවය කියන වගන්තියට අපේ එකඟතාවක් නැහැ. ඒකීයභාවය කියන්නේ නොබෙදුණු රටක් නෙවෙයි. ඉන් ඔබ්බට ගිය රටේ නීති තැනීමේ අයිතිය තනි ආයතනයකට පැවරීම පිළිබ`ද කතාවක් තමයි නීතිමය වශයෙන් දේශපාලන වශයෙන් ඒකීයභාවය නමින් හඳුන්වා ගන්නේ. ඒ සම්බන්ධයෙන් අපේ මතය ඒ ලෙසම පවතිනවා.ඒ වගේම තවත් බොහොම දෙනෙක් ආශ්වාදයට වගේ මෑත කාලයේ කියන කතාවක් තමයි මේ බුද්ධාගමට තිබුණ තැන නැති කළා කියලා. බොහොම පැහැදිලිව අපි ජාතික හෙළ උරුමය විදියට කියනවා මේ රටේ නමවන වගන්තියේ බුද්ධාගමට ප්‍රමුඛස්ථානය ලබාදීලා තියෙනවා කියන එක කොහේවත් විධිමත්ව අර්ථ නිරූපනය වෙලා නැහැ. ඒ මගින් බුද්ධාගමට මොනම විශේෂ වරප්රසාදයක්වත් ලැබිලා නැහැ. ඒක ව්‍යවස්ථා සැරසිල්ලක් පමණයි. බුද්ධාගම රාජ්‍ය ආගම කරලයි රට ලෞකික රාජ්‍යයක් කරන්න ඕනැයි කියලා යම් යම් අය කියනවා. ඇත්ත වශයෙන් දැන් තියෙන ව්‍යවස්ථාව යටතේ කිසිම ආගමකට එහෙම විශේෂ සැලකිල්ලක් ලබාදීලා නැහැ. නමවන වගන්තිය දහය දා හතර වගන්තිත් එක්ක කියන කොට සෙසු සියලූ ආගම් වලට ඒ අයිතිය ලබා දීලා තියෙනවා. හරයාත්මකව ගත්තොත් එහෙම ලංකාවේ බුද්ධාගමට ලැබිච්ච දෙයක් නැහැ. හැබැයි මේ ව්‍යවස්ථා සැරසිල්ල හරි දිය කරනව නම් ඒක වැරදියි. මොකද මේක අතීතයේ ඉඳන් ආපු අපේ උරුමයේ කොටසක්. ඒ උරුමය නිසා වෙනත් ආගම්වලට කොහේවත් කවදාවත් හානි වෙලා නැහැ. ඒනිසා සම්බුද්ධ ශාසනය රැුකගැනීම රජයේ වගකීමක්. ඒ වෙනුවෙන් මෙයට වඩා ශක්ති සම්පන්න ඒවා එන්න ඕන කියන එකයි අපි විශ්වාස කරන්නේ. ලේකම්වරු යෝජනා කරලා තියෙන ඒ යෝජනාවෙන් කිසියම් දුරකට ඒ වගන්තිය දියකර හැරීමකට උත්සාහ කරලා තියෙනවා කියන එක අපිට පේනවා.පළාත් සභාවලට බලය ඕනෑ කියලා කෑ ගහන අයට අද උතුරු පළාත් සභාවට බලය තිබියදීත් වැඩ කිරීමට නොහැකි වී තිබෙනවා. සෙසු පළාත් සභාවල වැඩ ටිකවත් අද උතුරු පළාත් සභාවේ මහ ඇමැති විග්නේශ්වරම් මහතාට කරගත නොහැකියි. අපි හිතනවා දෙමළ ජනතාවගේ නියෝජිතයන් මධ්‍ය පාලනයට සම්බන්ධවී කටයුතු කළ යුතුයි. මේ හරහා ඔවුන්ගේ ගැටලූ විස`දා ගත හැකියි.මේ ජනාධිපතිධුරය සම්බන්ධයෙනුත් මහා විශාල මායාවක් තියෙනවා. ලෝකයේ ආණ්ඩුක්‍රම ඇතුළේ ජනාධිපති ක්‍රම 03ක් තියෙනවා. එකක් තමයි ජනාධිපති ක්‍රමය. ඒක තමයි ඇමරිකාවේ තියෙන්නේ. සියලූම කටයුතු කරන්නේ ඔහු. ඔහුට අසීමාන්තික බලයක් ලැබෙනවා. ඊළඟට තියෙනවා පාර්ලිමේන්තු ක්‍රමය. ඒක තමයි ඉන්දියාවේ තියෙන්නේ. ඕක තමයි අපෙත් 77ට කලින් තිබ්බේ. ඊළඟට තියෙනවා මේ දෙකේ මිශ්‍ර ක්‍රමය. ඒ මිශ්‍ර ක්‍රමය තමයි ඔය ප්‍රංශයේ එහෙම අත්හදා බලලා තියෙන්නේ.දැන් අපි අර පළවෙනි ක්රමයේ ඉඳලා ව්‍යවස්ථා සංශෝධන කිහිපයක් මගින් මේ තුන්වන ක්‍රමයට මාරු වෙලා තියෙනවා. ඒ කියන්නේ බලගතු ජනාධිපති පදවියක සිට මිශ්‍ර ක්‍රමයකට මාරු වෙලා තියෙනවා. පළමුව ජනාධිපතිගේ බලය ඉවත් වුණේ 13 වැනි සංශෝධනය හරහා. ඊළඟට ස්වාධීන කොමිෂන් සභා ඇතුළු කාරණා නිසා 19 වැනි සංශෝධනය හා 17 වැනි සංශෝධනය නිසා ජනාධිපතිගේ බලතල තවත් විශාල ප්‍රමාණයක් ඉවත් වුණා. ජනාධිපතිගේ බලතල ඉවත් කරලා ජනාධිපති ධුරය ප්රජාතන්ත්රකරණය කිරීමක් තමයි දැන් සිද්ධ වෙලා තියෙන්නේ. ඒ නිසා මේ දැන් තියෙන ධුරය අහෝසි කළ යුතුයි. මේක ඒකාධිපතියි කියලා කියන්න කාටවත් බැහැ. කෙලින්ම ජනාධිපති ජනතාව පත්කරලා තියෙන්නේ. ඒ ජනාධිපති පාර්ලිමේන්තුවට වගකියන ජනාධිපති කෙනෙක්, උසාවියට වග කියන ජනාධිපති කෙනෙක්. රජයේ නිලධාරීන්ට වග කියන ජනාධිපති ධුරයක් ඇති කරලා. ජනාධිපතිධුරය ප්රජාතන්ත්රකරණය කරලා තියෙන්නේ.මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදුන් අමාත්‍යවරයා මෙසේද පැවසීය.ප්රශ්නය - නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඉදිරි පියවර මොනවද?පිළිතුර - නව ව්‍යවස්ථා කෙටුම්පතක් නිසා අනිවාර්යයෙන්ම ජනමත විචාරණයකට යා යුතුයි. මේ කටයුුත්ත සියලූ දෙනාගේම එකඟතාවයෙන් කරන්න පුළුවන්නම් ඒක තමයි වඩා සාර්ථක වෙන්නේ.ප්රශ්නය - මියන්මාරයේ රෝහින්ග්‍යා සරණාගතයින් ගැටලූව සම්බන්ධයෙන් ඔබේ අදහස?පිළිතුර - මියන්මාරයේ ප්‍රශ්න මියන්මාරය විසඳා ගත යුතුයි. ඒකට මේ රටේ අපේ මැදිහත් වීමක් අවශ්‍ය නැහැ. මොකද ඔය විදියට අපි අනික් රටවල ප්‍රශ්නවලට මැදිහත් වෙන්න ගියොත් ඒකෙ කෙළවරක් වෙන්නේ නැහැ. අපි ඒවට විරෝධතා පවත්වන්න ගියොත් ඒවට කතා පවත්වන්න ගියොත් අපේ රටේ දැන් තියෙන සංහිදියාවත් නැති වෙන එක තමයි වෙන්නේ.ප්රශ්නය - මේ සරණාගතයෝ අපේ රටේත් සිටිනවා?පිළිතුර - ඔය මහලොකුවට දේශපේ‍්‍රමීව කතා කළාට ගොඨාභයයි මහින්දයි තමයි 2005 දෙසැම්බර් 07 වනදා අපේ විරෝධතාව මත අනාථයන් භාරගන්න ඔය ගිවිසුමට අත්සන් කළේ. දැන් අපි ඒකට බැඳිලා. ඒකයි මේ ගැටලූව.අලූතින් සරණාගතයින් නැහැ. ඔය ගිය අපේ‍්‍රල් මාසේ පැමිණි පිරිසක්. ඒ අයට මෙහේ පුරවැසිකම් දෙන්න කිසිම තීරණයක් ගෙන නැහැ. | අනුපාත ඡන්ද ක්‍රමය වෙනස් කර ජනපති ක්‍රමය අහෝසි කළොත් රටම අස්ථාවරයි | 1 |
hp_train_7435 | දිවයිනේ නිරිත දිග කොටසේ වැසි සහිත කාලගුණ තත්ත්වය තවදුරටත් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. බස්නාහිර, දකුණු සහ සබරගමුව පළාත්වල විටින් විට වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇති වේ. දිවයිනේ සෙසු ප්‍රදේශවල තැනින් තැන සවස 02.00 න් පමණ පසු ගිගුරුම් සහිත වැසි වර්ධනය වේ. ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැක. ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය දිනය : 26/09/2015 නගරයඋෂ්ණත්වය (සෙ. අංශක)සාපේක්ෂ ආර්ද්‍රතාවය (%) කාලගුණයඋපරිමඅවමඋපරිමඅවමඅනුරාධපුරය34249555සවස 2.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.මඩකලපුව33259070සවස 2.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.කොළඹ30259570විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි.ගාල්ල30259075විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි.යාපනය34268565ප්‍රධාන වශයෙන් වැසි රහිතමහනුවර29219570සවස 2.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.නුවරඑළිය21119575සවස 2.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.රත්නපුරය32239570විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි.ත්‍රීකුණාමළය36259055සවස 2.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.මන්නාරම33269070සවස 2.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි. | ‘වැසි තත්ත්වය තවත් වර්ධනය වෙයි‘ | 0 |
hp_train_7436 | ටෝනි කරුණානායක මිනුවන්ගොඩ නගර සභාවේ සභාපති ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නීල් ජයසේකර මහතා අද වැඩි ඡන්දයෙන් තේරී පත් විය. සභාපතිවරයා තෝරා පත් කර ගැනීමට රහස් ඡන්දයක් පැවැත්විය යුතු බව යෝජනා වූයෙන් බස්නාහිර පළාතේ පළාත් පාලන කොමසාරිස් චන්ද්‍රාණි සමරකෝන් මහත්මිය ඉදිරියේ ඡන්දය පැවැත්විණි. ඒ අනුව පැවැති රහස් ඡන්දයෙන් නීල් ජයසේකර මහතා ඡන්ද අටක් ලබා ගත්තේය. ඔහු මිනුවන්ගොඩ නගර සභාවේ හිටපු උප සභාපතිවරයෙකි. මෙවර උප සභාපති ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අතුල කුමාර මන්ත්‍රීවරයා පත් කර ගැණිනි. මිනුවන්ගොඩ නගර සභාවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් මන්ත්‍රීවරු හත් දෙනෙක් ද, එජාපයෙන් මන්ත්‍රීවරු පස් දෙනෙක් ද, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් මන්ත්‍රීවරු දෙදෙනෙක් සහ ජනතා විමුක්ති පෙරමුණෙන් එක් මන්ත්‍රීවරයෙක් ද තේරී පත්වූහ. අද ඡන්දයයේ දී ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරයා ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැලකී සිටියේය. ඒ අනුව එජාපයේ හෝ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරයකු ද නීල් ජයසේකර මහතා වෙනුවෙන් ඡන්දය භාවිත කර තිබේ. | මිනුවන්ගොඩ නගර සභාවේ සභාපතිත් පොහොට්ටුවෙන් | 1 |
hp_train_7437 | ගාල්ල දිස්ත්‍රික්කයේ ග්‍රාමීය පාසල්වල පවතින ඉංග්‍රීසි ගුරු හිඟය විසඳන්නැයි ද ගණිත හා විද්‍යා විෂය ඉගැන්වීමට අවශ්‍ය ගුරුවරු බඳවාගන්නා ක්‍රමවේද විධිමත් කරන්නැයි ද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගාල්ලේදී අද (27) නිලධාරීන්ට උපදෙස් දුන්නේය.මහින්දෝදය තාක්ෂණ විද්‍යාගාර බිහිකිරීමේ අරමුණ ක්‍රියාවට නංවමින් නව තාක්ෂණය මඟින් කාලීනව ඉංග්‍රීසි, ගණිත හා විද්‍යා විෂය ඉගැන්වීමට පසුබිම සකසන්නැයි ද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස් දුන්නේය.දිස්ත්‍රික්කවල ජන ගැටලුවලට කඩිනම් විසඳුම් දීමේ අරමුණින් සංවිධානය කෙරෙන දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම් මාලාව යටතේ ගාල්ල දිස්ත්‍රික්කයේ උඩුගම හෝමාදොළ රාජගිරිය ලෙන් විහාරස්ථානයේ පැවැති රැස්වීමට එක්වෙමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඒ බව ප්‍රකාශ කළේය.සංඛ්‍යා ලේඛන අනුව ගාල්ල දිස්ත්‍රික්කයේ දුප්පත්ම ග්‍රාමයක් වන උඩුගම, හෝමාදොළ, කොතලාවලපුර ග්‍රාමය ජනාධිපතිවරයා විසින් තෝරා ගනු ලැබ තිබිණි. මෙලෙස පැවැත්වෙන දිස්ත්‍රික් කමිටු රැස්වීම් සඳහා වැය වන මුදල් සීමා කර ඉන් ලැබෙන ප්රතිලාභ ග්‍රාමීය ජනතාවට ලබාදීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අරමුණ වී ඇතැයි ද ජනාධිපති කාර්යාලය නිකුත් කළ නිවේදනයේ දැක්විණි.සාකච්ඡාව ආරම්භයේ දී දිස්ත්‍රික්කයේ නගර, ග්‍රාමීය ආර්ථික සංවර්ධන සහ ආපදා කළමනාකරණ සැලසුම් ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කෙරිණ. දිස්ත්‍රික්කයේ ජනතාව මුහුණ දෙන දේශපාලන, සමාජ, ආර්ථික ගැටළු ක්ෂේත්‍ර රැසක් ඔස්සේ මෙහිදි සාකච්ඡාවට ලක් විය. දුගී බව තුරන් කිරීම, සැමට නිරෝගීමත් දිවියක් මෙන්ම මනා අධ්‍යාපන පසුබිමක් සැකසීම, කෘෂි හා ධීවර ක්ෂේත්රයන්හි කඩිනම් සංවර්ධනය පිළිබඳ විශේෂ අවධානය යොමු විය.ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා රැස්වීමට සහභාගීවීමට යන මග දෙපස රැස්ව සිටී ජනතාව හමුවී ඔවුන්ගේ ප්‍රශ්න මොනවාදැයි විමසීය. කටුපොල් වගාවෙන් පරිසරයට වන හානිය පිළිබදව ජනතාව එහිදි ජනාධිපතිවරයාට පැමිණි කළහ. සාකච්ඡාවේ පළමු ගැටලුව ලෙස මේ පිළිබඳ අවධානය යොමු විය. ප්‍රදේශයේ පැන නැගී ඇති ජල හිඟයට කටුපොල් වගාව බෙහෙවින් බලපා ඇතැයි එහිදි ප්‍රදේශවාසීහු ජනාධිපතිවරයා දැනුවත් කළහ.ඒ පිළිබඳ විධිමත් පාරිසරික අධ්‍යයනයක් වහාම සිදුකරන ලෙස උපදෙස් දුන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කටුපොල් වගාවෙන් ලාභ ලැබුණ ද පරිසරයට හානියක් සිදුවන්නේ නම් එම ලාභයෙන් පලක් නැතැයි ද පෙන්වා දුන්නේය. ඒ නිසා පරිසරයට හානියක් සිදුවන්නේ නම් කටුපොල් වගාව වහාම නතර කරන්නැයි ද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එහිදි නිලධාරීන්ට උපදෙස් දුන්නේය.පොල්තෙල් පරිභෝජනයට ජනතාව දිරි ගැන්විය යුතු එහිදි පෙන්වාදුන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එහි ප්‍රතිඵලයක් ලෙස පොල් වගාව ද සංවර්ධනය වනු ඇතැයි කීවේය. රබර් ආශ්රිත කර්මාන්ත ශාලා රැසක් ආරම්භ කර තිබෙන නමුත් එහෙත් එම නිෂ්පාදනවලට අවශ්‍ය රබර් ප්‍රමාණවත් අයුරින් නොලැබෙන බව පෙන්වා දුන් ජනාධිපතිවරයා රබර් වගාව කෘෂිකර්මාන්තයක් ලෙස නගා සිටුවීමට පියවර ගන්නා ලෙස ද දැනුම් දුන්නේය. එය දිරි ගැන්වීම පිණිස රබර් ආනයනය වහාම නතර කිරීම සම්බන්ධයෙන් ද ජනාධිපතිවරයා මෙහිදි අවධානය යොමු කළේය.ගාල්ල දිස්ත්‍රික්කයේ ග්‍රාමීය පාසල්වල පවතින ඉංග්‍රීසි ගුරු හිගය පිළිබඳව ප්‍රදේශයේ දේශපාලනඥයෝ ජනාධිපතිවරයාගේ අවධානය යොමු කළහ. කඩිනමින් එම පුරප්පාඩු පිරවීමටත්, ගණිත විද්‍යා විෂයන් ඉගැන්වීමට අවශ්‍ය ගුරුවරු මෙන්ම ක්‍රමවේදයන් විධිමත් කිරීමටත් ජනාධිපතිවරයා එහිදි නිලධාරීන්ට උපදෙස් දුන්නේය. මහින්දෝදය තාක්ෂණ විද්‍යාගාර බිහි කිරීමේ අරමුණ ක්‍රියාවට නංවමින් නව තාක්ෂණය මගින් කාලීනව ඉංග්‍රීසි, ගණිත විද්‍යා විෂයන් ඉගැන්වීමට පසුබිම සකසන්නැයි ද ජනාධිපතිවරයා නිලධාරීන්ට පැවැසීය.නෙළුව, නාගොඩ, උඩුගම ඇතුළු ප්‍රදේශ රැසක පැන නැගී ඇති පානීය ජල ගැටළුව පිළිබඳව ද දීර්ඝ වශයෙන් මෙහිදි සාකච්ඡාවට ලක් විය. දිස්ත්‍රික්කයේ පවතින අඩු පාඩු සහ ගැටලු ප්‍රමුඛතා පදනමෙන් විසඳීමට පියවර ගන්නැයි ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.දියත් කර ඇති ප්‍රජා සහ සෙසු ජල ව්‍යාපෘති නිම කිරීමට අවශ්‍ය මුල්‍ය ප්‍රතිපාදන ලබාදී පානීය ජල ගැටලුවට විසඳුම් ලබාදෙන්නැයි ද ජනාධිපතිවරයා නිලධාරීන්ට දැනුම් දුන්නේය. කොන්ත්‍රාත්කරුවන් නිසි අයුරින් වැඩ නිමකර නොමැතිනම් ඔවුන් වහාම ඉවත් කරන ලෙස ද ජනාධිපතිවරයා මෙහිදි නිලධාරීන්ට උපදෙස් දුන්නේය.ඝන අපද්‍රව්‍ය කළමනාකරණ ගැටළුව ද මෙහිදි සාකච්ඡාවට ලක් වූ ප්රමුඛ කරුණකි. ප්‍රාදේශිය මට්ටමින් ජනතාව දැනුවත් කර නිශ්කාෂන ව්‍යාපෘතිවලට සහාය වන ලෙස ජනාධිපතිවරයා මෙම සාකච්ඡාවේදී පළාත් පාලන ආයතනවලට දැනුම් දුන්නේය.ග්‍රාමීය වෛද්‍ය මධ්‍යස්ථාන වැඩිදියුණු කිරීම කෙරෙහි ද මෙහිදි අවධානය යොමු වූ අතර වෛද්‍යවරුන්, හෙදියන් ප්‍රමාණවත් අයුරින් ඒවාට යොමුකර ජනතාවට අවශ්‍ය පහසුකම් සලසන්නැයි ද ජනාධිපතිවරයා සෞඛ්‍ය බලධාරීන්ට උපදෙස් දුන්නේය. එමඟින් කොළඹ සහ ප්‍රධාන නගර ආශ්රිත රෝහල්වල තදබදය විශාල වශයෙන් අඩු කර ගත හැකි බව ද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.ගාල්ල දිස්ත්‍රික්කයේ ග්‍රාමීය මාර්ග හා පාලම් ඉදිකිරීම, ගංවතුර පාලනය, නාගරික සංවර්ධනයේ දී බලපා ඇති ගැටලුවලට විසදුම් ලබාදීම කෙරෙහි ද මෙහිදි අවධානය යොමු විය.මෙරට සංචාරක ක්ෂේත්රයේ සුවිශේෂී ස්ථානයක් ගාල්ල දිස්ත්‍රික්කයට හිමි වී තිබෙන කී ජනාධිපතිවරයා හික්කඩුව, වෙරළ තීරයේ සංචාරකයන්ගේ ආරක්ෂාව සහ ප්‍රදේශයේ වැදගත්කම පිළිබඳ ඔවුන් දැනුවත් කිරීමට පියවර ගන්නා ලෙස ද ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් උපදෙස් දුන්නේය.උණවටුන ආශ්‍රිතව සංචාරක පොලීසියක් වහාම ඉදිකිරීමට ද මෙම සාකච්ඡාවේදී තීරණය කෙරිණ. ධීවර කර්මාන්තය නගා සිටුවීමට දිස්ත්‍රික්කයේ ඇති ධීවර වරාය ආශ්රිත ගැටලු හඳුනාගෙන ඒ ඒ අමාත්‍යාංශ වෙත වගකීම් පැවරීමට ද ජනාධිපති ගෝඨාභය රාපජක්ෂ මහතා මෙහිදි පියරව ගත්තේය.හඳුනාගත් ජන ගැටලු කඩිනමින් විසඳීමට පියවර ගන්නැයි ඒ ඒ අමාත්‍යාංශ නිලධාරින්ට ජනාධිපතිතුමා එහිදි වැඩිදුරටත් දැනුම් දුන්නේය.දීප ව්‍යාප්තව පැවැත්වෙන් දිස්ත්‍රික් කමිටු රැස්වීම් මාලාවට සමගාමීව පරිසර දූෂණය අවම කිරීමේ අරමුණින් පැළ සිටුවීමේ වැඩසටහනක් ද ජනාධිපත ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සංකල්පයක් මත ක්‍රියාවට නංවා තිබේ. ගාල්ල දිස්ත්‍රික්කයේ පැළ 300ක් සිටුවීමේ වැඩසටහනේ සමාරම්භය සනිටුහන් කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විහාරස්ථාන භූමියේ පැළයක් රෝපණය කළේය.ගාල්ල දිස්ත්‍රික් නායක අමාත්‍ය රමේෂ් පතිරණ මහතාගේ මූලිකත්වයෙන් පැවති දිස්ත්‍රික් සම්බන්ධීකරණ රැස්වීමට කැබිනට් සහ රාජ්‍ය අමාත්‍යවරු, ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර, අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණි සෙනරත් යන මහත්වරු ඇතුළු අමාත්‍යාංශ ලේකම්වරු සහ නිලධාරිහූ එක්ව සිටියහ.055 | “රටින් ගෙනෙන බඩුවල ප්‍රමිතිය නිරන්තරයෙන් සෙවිල්ලෙන් ඉන්න‘‘ | 0 |
hp_train_7438 | (අනීෂා මානගේ) බලපත්‍ර නොමැතිව කපා ප්‍රවාහනය කරමින් තිබූ බව කියන තේක්ක දැව තොගයක් සමඟ සැකකරුවකු අද(2) බෙලිඅත්තේදී අත්අඩංගුවට ගත් බව බෙලිඅත්ත පොලිසිය කියයි. මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ බෙලිඅත්ත මාළිගාතැන්න ප්‍රදේශයේ පදිංචිකරුවකු බව පොලිසිය කියයි. බලපත්‍ර නොමැතිව කපා ට්‍රැක්ටරයක පටවාගෙන තේක්ක දැව තොගයක් ප්‍රවාහනය කරමින් සිටියදී සැකකරු බෙලිඅත්ත මාළිගාතැන්න ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබිණි. තේක්ක දැව තොගය සහ ට්රැක්ටරය පොලිස් බාරයට ගෙන තිබේ. | තරුණියක ලිංගිකව අපයෝජනය කළැයි ව්‍යාපාරිකයකු අත්අඩංගුවට | 0 |
hp_train_7439 | (විනීතා එම් ගමගේ)කොරෝනා වයිරසය පාලනය කළේ යැයි සෞඛ්‍යය අංශවලින් තහවුරුව ලබාගත් වහාම ජනතාවගේ ජීවිත සුරක්ෂිත කළ හැකි පළමු තත්ත්පරයේ ම හැටනම ලක්ෂයක් ජනතාවගේ අභිලාෂය කරිහ යාත්මක කිරීමට පාර්ලිමේන්තුවක් ඇතිකිරීම සදහා පාරලිමේන්තු මැතිවරණය පැවැත්විය යුතු යැයි ජාතික නිදහස් පෙරමුණේ ජාතික සංවිධායක ජයන්ත සමරවීර මහතා පැවසීය.මැතිවරණ්යික් පැවැත්වීමෙන් පසු අද ආසාදිතව සිටින එජාපයේ කල්ලි දෙකම පොළවේ වැළලෙන ආකාරයත් ජවිපෙ නැත්තට නැතිවී යන හැටිත් රටට බලාගත හැකි වනු ඇතැයි ද සමරවීර මහතා කීය.ලෝකයේ සියලූ රටවල් මෙවැනි ව්ය්සනයක දී පක්ෂ විපක්ෂ භේදයක් නොබලන්නේ යැයි ද මෙරට විපක්ෂය නොදියුණු සහගත කුහක හා පවිටු අන්දමින් කොවිඞ් 19 තමන්ගේ බඩජාරි පැවැත්මට යොදා ගන්නට උත්සාහ කළේයැයි ද ඔහු පැවැසීය.ජයන්ත සමරවීර මහතා මේ අදහස් පළ කලේ ජාතික නිදහස් පෙරමුණේ පරිපකධාන කාර්යාලයේ අද(17) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.එහි දී තවදුරටත් අදහස් දැක්වූ සමරවීර මහතා කියා සිටියේ වත්මන් රජය ලොවටම ආදර්ශයක් දෙමින් වසංගතයක් පාලනය කර සිටිය දී පවා විපක්ෂය තමන්ගේ පටු දේශපාලන වුවමනාවන් සදහා සැළසුම් කරමින් ආණ්ඩුවට වරදින්නේ කෙසේ දැයි බලමින් සිටින බවය.වරක් තිවිධ හමුදාව මේ සදහා යොදාගැනීම වැරදි යැයි කියමින් පපුවට ගහන්නට හැ¥ විපක්ෂය එයින් මානසික බාධාවක් පනවා හමුදා දුර්මුඛ කිරීමට උත්සාහ දැරුවේ යැයි ද හෙතෙම සදහන් කළේය.ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මෙහෙයවීම යටතේ තරි් කවිධ හමුදා විශේෂයෙන් බුද්ධි අංශවල පළපුරුද්ද යොදාගැනීම කොරෝනා පාලනය කිරීමේ සුවිශේෂී සාධකයක් යැයි මේ වනවිට මුළු ලෝකයම පිළිගන්නා බව ද හෙතෙම කියා සිටියේය.කොරෝනා වසංගතය මැනවින් පාලනය කළ ශ්රීර ලංකාව දියුණු යැයි පවසන රටවල්වලට ආදර්ශයක් බවත් ජනාධිපතිවරයාගේ නිවැරදි මග පෙන්වීමත් සෞඛ්යං අංශය හා තරිවනවවිධ හමුදාවන්හි කැපවීමත් අනෙක් රාජ්ය් සේවාවන්හි සහයත් මෙන්ම මේ රටේ සබුද්ධික ජනතාවගේ කැපවීම හා පරිත්යාරගයත් නිසා වසංගතය පාලනය කළ හැකි වූ බවත් ලෝකයටම ආදර්ශයක් ලෙස මේ වසංගතය පාලනය කළ හැකි වුණේ ඒ නිසා බවත් හෙතෙම කියා සිටියේය.එවැනි තත්ත්වයක් තිබිය දී ආණ්ඩුවට සල්ලි නැතැයි කියමින් අනියත බියක් ජනතාව අතර ඇති කරන්නට ද, තවත් විටෙක මේ ලබා දෙන්නේ ඇත්ත තොරතුරු නොවන අතර නිවැරදි සංඛයාලේඛන මීට වඩා වැඩි බව කියමින් ජනතාව රවටන්නට උත්සාහ කළ බව ද බවද සමරවීර මහතා කීය.එය ද අසාර්ථක වූ තැන විපක්ෂය පාර්ලිමේන්තුව කැදවන්නැයි ඉල්ලමින් දැඟලී යැයි ද ද ඔහු කියා සිටියේය.මේ සියල්ල කළෙ මැතිවරණ සමයක් ආසන්න අවස්ථාවේ පවතින නිසා මෙන්ම විපක්ෂය අසරණ වී කුජීත වී සිටින නිසා යැයි ද හෙතෙම වැඩිදුරටත් සදහන් කළේය.ඊනියා විපක්ෂයේ කල්ලි දෙකටම අද සටන්පාඨ අහිමිවී ඇතැයි කී සමරවීර මහතා ඉතිහාසයේ නරකම අත්දැකීමකට මුහුණ දෙමින් සිටින්නේ යැයි ද කීය.විපක්ෂය ගජබින්න දෙසා බාමින් සිටින්නේ කරන්නට දෙයක් නැති නිසා යැයි කී සමරවීර මහතා 2019 වසරේ හැටනමලක්ෂයක් ජනතාවගේ මහා පර සිගතිශීළී ජනවරමට නිදහස් ශ්රීව ලංකාවක් නිර්මාණය කිරීමේ අභිලාශය වෙනුවෙන් ගුණවත් නැණවත් පාර්ලිමේන්තුවක් අවශ්යර වන්නේ යැයි ද කියා සිටියේය.මේ නිසා ජනාධිපතිවරයාට ස්වකීිය සෞභාග්ය්යේ දැක්ම දිගේලි කරන්නට ද පරසිටජාතන්තරාණයවාදය නැවත වතාවක් අරුත් ගන්වන්ට යහපත් පාර්ලිමේන්තුවක් අවශ්යශ වන්නේ යැයි ද ඔහු කියාසිටියේය.පළාත් පාලන මැතිවරණය වසර තුනකින් ද, පළාත් සභා ඡුන්දය දින නියමයක් නැතිව ද කල් දමා ඇති පැවැති ආණ්ඩුව සමුපකාර ඡන්ද පවා කල් දමන්නට කටයුතු කළේ යැයි ද හෙතෙම සදහන් කළේය.රටේ පර ස ජාතන්තරදමනවාදය වැනසූ, හඩින් ඡන්ද විමසා පාර්ලිමේන්තු අභ්යරන්තරයේ පවා පරවක ජාතන්තරලක්වාදය වැනසූ රටක පරේ ජාතන්තරන්තවාදය යලි ස්ථාපිත කිරීම අවශ්යඩම මොහොතක් උදාවී ඇතැයි ද ඔහු පැවැසීය. | ‘‘පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්විය යුතුයි‘‘ | 0 |
hp_train_7440 | (අංජුල මහික වීරරත්න)“ශ්‍රී ලංකාවේ කිසිම දේශපාලන පක්ෂයකට නැති සම්පතක් වන 2030 දක්වා නායකයන් එක්සත් ජාතික පක්ෂය සතුව සිටින බව”, එක්සත් ජාතික පක්ෂ නායක සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පිටකෝට්ටේ සිරිකොත එජාප මූලස්ථානයේදී ඊයේ (24) පැවැසීය. “එක්සත් ජාතික පක්ෂයට විකල්ප ලෙස ඉදිරිපත්වී සිටින පක්ෂවල සිටින්නේ විශ්‍රාම ගිය හමුදා නිලධාරීන් පමණක් බව කී අග්‍රාමාත්‍යවරයා, පාර්ලිමේන්තුවේ කෑගසන මන්ත්‍රීවරුන් කිහිප දෙනා පිටත සිට පඹයන් ලෙස හසුරුවන තත්ත්වය දැන් දැන් පෙන්නුම් කෙරෙතැයිද” ප්‍රකාශ කළේය. “ජනතාවට අවශ්‍ය වන්නේ ප්‍රජාතන්ත්‍රවාදයද? “රාජපක්ෂ රෙජීමය 2” දැයි”, තීරණය කිරීම අසීරු කරුණක් නොවන බවද”, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කීවේය.අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පැවැසුවේ එක්සත් ජාතික පක්ෂ අභිනව ජාතික සංවිධායක ලෙස පත් කෙරුණු වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතා වැඩ භාර ගැනීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිත ලෙස සහභාගි වෙමිනි. පක්ෂයේ අභිනව නායකයන් සියලුම දෙනා මේ අවස්ථාවට සහභාගිවී සිටීම විශේෂත්වයක් විය. එහිදී තවදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද පැවැසීය.“අපේ පක්ෂයේ ජාතික සංවිධායක ලෙස නවින් දිසානායක මහතා අද වැඩ භාර ගන්නවා. එතුමා පක්ෂයට පැමිණ විශාල සේවයක් කරනවා. අමාත්‍යවරයකු ලෙස දක්ෂකම් පෙන්වනවා. තරුණ මන්ත්‍රීවරයකු ලෙස පාර්ලිමේන්තු විවාදවලදී දක්ෂතා දක්වනවා. මාධ්‍ය සාකච්ඡාවලදී තම කාර්ය භාරය නිවැරැදිව ඉටුකර තිබෙනවා.එමෙන්ම නුවරඑළිය දිස්ත්‍රික්කය ජයග්‍රහණය කරා යොමු කිරීම සඳහා ක්‍රියා කළා. අපගේ පක්ෂ ප්‍රතිසංවිධානය සඳහා අවශ්‍ය වන්නේ එවැනි තරුණ නායකයන් බව කිව යුතුයි. එවැනිම වූ විශාල සේවයක් එතුමා එක්සත් ජාතික පක්ෂයට ද කරනු ඇතැයි මා බලාපොරොත්තු වෙනවා. නවින් දිසානායක ඇමැතිතුමා පිළිබඳව මා දීර්ඝ වශයෙන් කතා කළ යුතු වන්නේ නැහැ. එතුමාට ඇති ශක්තිය සහ කැපවීම පිළිබඳව මා හොඳින්ම අවබෝධ කරගෙන සිටිනවා. එමෙන්ම පක්ෂය ඉදිරියට ගෙනගොස් බලයේ තබා ගැනීම සඳහා එතුමාට තිබෙන ශක්තිය ගැන මා දන්නවා. මෙවර ප්රතිසංවිධානයේදී නිලධාරීන් ලෙස පත්කර ඇත්තේ එවැනි කැපවීම ඇති නිලධාරීන් බව කිව යුතුයි. 1970 වසරේ පක්ෂය ලැබූ පරාජයෙන් පසු පක්ෂය ප්‍රතිසංවිධානය කිරීම සඳහා නවින් දිසානායක මහතාගේ පියා ඉදිරිපත් වුණා. ගාමිණි දිසානායක මහතා එදා නුවරඑළියට තරග කර පසුව ඡන්ද පෙත්සමක් නිසා ආසනය අහිමි වුණා. එතුමා නැවතත් ආසනය දිනාගෙන ජේ. ආර්. ජයවර්ධන මහතා සමඟ පක්ෂ ප්‍රතිසංවිධානය සඳහා එක්ව ඉදිරියෙන්ම කටයුතු කළා.ප්‍රේමදාස මහතා, ලලිත් ඇතුලත්මුදලි මහතා මෙන්ම ගාමිණී දිසානායක මහතා, සිරිල් මැතිව් මහතා වැනි බොහෝ දෙනකු ඉදිරියට පැමිණ පක්ෂය ප්‍රතිසංවිධානය කළා. අලුතෙන් පක්ෂය ගොඩනගා පාර්ලිමේන්තු මැතිවරණයත්, ජනාධිපතිවරණයත් ජයග්‍රහණය කළා.ගාමිණී දිසානායක මහතා සමඟ ළඟින් ඇසුරු කිරීමට මට අවස්ථාව ලැබුණා. අප පක්ෂය ගොඩනැගීමේ ව්‍යාපාර කිහිපයකම එකට වැඩ කළා.1971 වසරේ සිට මා එතුමා දැන හඳුනාගෙන සිටියා. අවසානයේදී ගාමිණී දිසානායක මහතා පක්ෂයේ ජනාධිපති අපේක්ෂක ලෙස සිටියදී පක්ෂය වෙනුවෙන් තම ජීවිතය පූජා කළා. ඒ කාරණය අපට කෙළෙසකවත් අමතක කරන්න බැහැ. අමාරු කාලයේ අපේ පක්ෂය වෙනුවෙන් ජීවිතය පූජා කළේ ඒ අයයි. නවින් දිසානාක ඇමැතිතුමාටත් පියාගේ ගති ලක්ෂණ බොහොමයක් පිහිටා තිබෙනවා. පක්ෂය ප්රතිසංවිධාන කටයුතු සාර්ථක වන බවට මගේ නම් කිසිම සැකයක් නැහැ.නවින් දිසානායක මහතා මෙන්ම මේ වැඩ කටයුතු ඉදිරියට ගෙන යාම සඳහා තරුණ පිරිසක් සිටිනවා. නියෝජ්‍ය නායක, උප නායක, නව මහලේකම්, භාණ්ඩාගාරික, වෘත්තීය සමිති ලේකම් ආදී අලුත් කණ්ඩායමට පක්ෂයේ වගකීම් භාර දුන්නා. එමෙන්ම තවත් තනතුරු භාර ගැනීම සඳහා තරුණ මන්ත්‍රීවරුන් සිටිනවා.පළාත් සභා මන්ත්‍රීවරුන් සිටිනවා. ඒ අනුව ඊළඟ මාස තුනේදී විශාල වැඩ කොටසක් කරන්න තිබෙනවා. ලබන සතියේදී කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී මේ පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කරනවා.තරුණ පරපුර ඊළඟ නායක පරම්පරාව ලෙස ඉදිරිපත්විය යුතුයි. පක්ෂයට නායකත්වය දෙන පුද්ගලයන් මේ අය අතරත්, පක්ෂයට අලුතෙන් එක්වන පිරිස අතරත් සිටිනවා. ප්රාජාතන්ත්රවාදය යනු ජනතා ඡන්දයෙන් පත්වීමයි.ජනතා ඡන්දයෙන් පත්වෙනවා නම් පක්ෂය ඉදිරියට ගෙන යන්නේ කෙසේද, දෙැවනි පෙළ සහ තුන්වැනි පෙළ නායකයන් කවුද? අනාගත නායකයන් කවුද යන කාරණය පෙන්වා දිය හැකියි. එලෙස පෙන්වා දිය හැකි එකම පක්ෂය වන්නේ එක්සත් ජාතික පක්ෂය පමණයි. 2020 දක්වා පමණක් නොව 2030 දක්වා නායකයන් කවුදැයි පෙන්වා දිය හැකියි. අමාත්‍යවරුන්, නියෝජ්‍ය අමාත්‍යවරුන්, මන්ත්‍රීවරුන් ලෙස නායකයන් යම් ප්‍රතිපත්තියක් පෙන්වා තිබෙනවා. ඒ අනුව වැරැදි හදාගෙන ඉදිරියට යා යුතුයි. සාර්ථක දේශපාලනය යනු එයයි. රට දියුණු වීමට නම් එකම පක්ෂයක නායකත්වය විටින් විට ඉදිරියට ගෙන යා යුතුයි. රටක් දියුණුවට පත් කළ හැක්කේ එවිටයි. මේ කණ්ඩායම මා ඉදිරිපත් කර ඇත්තේ රට ගැන සිතීමෙනුයි. අලුත් කණ්ඩායමක් ඉදිරිපත් කර ඇති බව ඔබට රට වටා ගොස් කිව හැකියි. අලුත් පරපුර සමඟ රට හදන බව බය නැතිව කිව හැකියි. වෙන කිසිම පක්ෂයකට මේ හැකියාව නැහැ. හැකිනම් එකම පක්ෂයක් හෝ පෙන්වා දෙන්න.පොහොට්ටුවට තිබෙන හැකියාව කුමක්ද? පොහොට්ටුවේ සිටින අලුත් මුහුණු මොනවාද? විශ්‍රාම ගිය හමුදා නිලධාරීන් පමණයි. ඔවුන් උත්සාහ කරන්නේ නැවත රෙජිමයක් ඇති කරන්නයි. පොහොට්ටුව දෙස බැලූ විට බැලූ බැලූ අත පෙනෙන්නේ විශ්‍රාම ගිය හමුදා නිලධාරින් පමණයි. පොහොට්ටුවේ පෝස්ටරයක එක මන්ත්‍රීවරයකු හෝ මුහුණක් පෙන්වන්න. හොඳ වුනත්, නරක වුණත් කමක් නැහැ. අලුත් මුහුණක් දැක තිබේද? සියලුම දෙනා ඉන්නේ විශ්‍රාමලත් හමුදා නිලධාරීන් පමණයි. ඒ එදා රාජපක්ෂ රෙජිමය පිහිටුවීමට ගිය පිරිසයි.පාර්ලිමේන්තුවේ ඔවුන් කොපමණ කෑ ගැසුවත් ඒ අය විශ්‍රාම ගිය හමුදා නිලධාරීන්ගේ පඹයන් පමණයි. මොවුන් සිටින්නේ දෙවැනි පෙළේයි. අපේ අය පාර්ලිමේන්තුවේදී පක්ෂයේ නායකයන් ලෙස නැගිට අභිමානයෙන් කතා කරනවා. මේ අය එතැන කෑ ගැසුවාට පක්ෂයේ තීරණ ගන්නේ කවුද? මොවුන්ගේ අරමුණ ජනතාව ප්‍රතික්ෂේප කළ රාජපක්ෂ රෙජීමය නැවත ගෙන ඒම පමණයි. වර්තමානයේදි එක් පැත්තකින් තරුණ ප්රජාතන්ත්රවාදී නායකත්වය සිටිනවා. අනෙක් පැත්තෙන් රාජපක්ෂ රෙජීමය ක්‍රියාත්මක කළ විශ්‍රාම ගිය හමුදා නිලධාරින් පිරිස සිටිනවා. ඔවුන්ගෙන් ප්රජාතන්ත්රවාදය ආරක්ෂා වේවිද? ඔවුන් කරන්නේ කුමක්ද? එදා ලසන්ත වික්‍රමතුංග ඝාතනය වුණා. එක්නැලිගොඩ අතුරුදන් කළා.මා එක් කාරණයක් අවධාරණය කරන්නම්. මේ පිරිස වෙනුවෙන් පෙනී සිටින මාධ්‍යවේදීන් ගණනාවකට ඔවුන් බලයට පැමිණියහොත් අතුරුදන්වන්න සිදුවේවි. ඔවුන්ගේ පිළිවෙත එයයි. මා නැවත මතක් කළ යුතු නැහැ. තමන්ගේ බෙල්ල වටේ තමන්ම තොණ්ඩුව දමා ගනීවි.” මේ කාරණය හෙට පුවත්පත්වල පළ කරන්නේ නැහැ. මාධ්‍යයේ රූපවාහිනියේ පළ කරන්නේ නැහැ. ප්‍රශ්නයක් නැහැ. අපේ පාක්ෂිකයන් එය මතක තබාගන්න. නැවත හමුදා පාලනය ළඟා නොකිරීම අපේ අරමුණයි. මේ කණ්ඩායම වෙනත් නමකින් කියන්නේ කුමක්ද යන්න තේරුම් ගත යුතුයි. ඔවුන්ගේ උත්සාහය නැවත රෙජීමය ඇති කිරීමයි. එය රාජපක්ෂ “රෙජීමය-2” ලෙස හඳුන්වා දිය හැකියි. ඔබට ප්රජාතන්ත්රවාදය ද රාජපක්ෂ රෙජීමය-2” අවශ්‍ය කියා තීරණය කරන්න.තරුණ පිරිස එක්ව අපේ පක්ෂය ජයග්‍රහණය කරා මෙහෙයවමින් සිටිනවා. තරුණයන්ට වගකීම භාර දුන්නා. ප්‍රජාතන්ත්‍රවාදයද, ඒකාධිපතිවාදයද යන්න තීරණය කිරීම සඳහා තරුණ පිරිසට සහයෝගය දෙන ලෙස ඉල්ලා සිටිනවා. නව නිලධාරි මණ්ඩලයට මා සුබ ප්‍රාර්ථනා කරනවා. යයි ද” රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් පැවැසීය. එක්සත් ජාතික පක්ෂ ජාතික සංවිධායක වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතා-“එක්සත් ජාතික පක්ෂය අලුත් මාවතක හැරවුම් ලක්ෂ්‍යය කරා යන මොහොතේ පක්ෂ නායකගේ ආශිර්වාදය මත මා වැඩ භාර ගත්තා.පැරැණි සිරිකොත මන්දිරයට මා පියා සමඟ ගිය අයුරු තවම මතකයි. පක්ෂයේ ශ්‍රේෂ්ඨ නායකයන්ගේ මුහුණු මතකයි. පොඩි කොල්ලකු ලෙස පියා සමඟ මා එහි ගියා.එක්සත් ජාතික පක්ෂයේ හද ගැස්ම මට ඉගැන්වූයේ මගේ පියායි. එතුමා පක්ෂය ජයග්‍රාහී මාවතකට ගැනීමට විශාල කැපවීමක් කළා. කණ්ඩායම් හැඟීමෙන් කටයුතු කළා. පක්ෂයට ආවේණික ගුණාංගවලින් අප පෝෂණය වී සිටිනවා. ප්රජාතන්ත්රවාදය, සුදුස්සාට තැන දීම, සියලු ජාතීන්ට, ආගමිකයන්ට වෙනසක් නොකිරීම ආදී ගුණාංගවලින් අප පොහොසත්. වෙනත් පක්ෂවල එවැනි ලක්ෂණ නැහැ. ජේ. ආර්. ජයවර්ධන මහතා දෙවැනි පෙළක් නිර්මාණය කළා. කොටි සංවිධානය විසින් ඒ නායකයන් ඝාතනය කරනු ලැබුවා. රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂ නායකත්වය භාරගෙන පක්ෂය ශක්තිමත් කිරීමට කටයුතු කළා. ඔහු නව පරපුරට දක්ෂතා දැක්වීමට අවස්ථාව දෙනවා.අපේ පක්ෂය රටේ ප්රබලතම දේශපාලන ව්‍යාපාරයයි. නමුත් යම් පසුබෑමකට ලක්වී ඇති බව පිළිගත යුතුයි. එයින් ගොඩ ඒමට නම් පොදු න්‍යාය පත්‍රයක් අනුව කණ්ඩායම් හැඟීමෙන් වැඩ කළ යුතුයි.සුදු වෑන් හඳුන්වා දුන් අය නැවත සුදනන් වී ජනතාව අන්දමින් සිටිනවා. මෙය විහිළුවක් පමණයි. එක්සත් ජාතික පක්ෂය ජයග්‍රාහී මාවතට නොගතහොත් හොරුන් නැවතත් කරළියට එනවා. ඊට ඉඩ දෙන්න බැහැ.පාක්ෂිකයන්ගේ හදවතට දැනෙන වැඩ කොටසක් ක්‍රියාත්මක කළ යුතුයි. අපට පැහැදිලිව ජයගත හැකියි. නායකයන් සියල්ල එක රොත්තක්සේ වැඩ කළ යුතුයි. එලෙස වැඩ කිරීමේ ශක්තිය මා සතුයි.අද අප අලුත් මාවතකට යමින් සිටිනවා. ඉදිරි මාස තුන හතර ඉතා වැදගත් වෙනවා. පාක්ෂිකයා අමතක නොකිරීම මගේ පියා මට ඉගැන්වූ පාඩමයි. අපේ හදවත පාක්ෂිකයන් ලවා අමතක කළ යුතු නැහැ.”එක්සත් ජාතික පක්ෂ මහලේකම් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා-“ඉදිරියේ අප හමුවේ විශාල වැඩ කොටසක් තිබෙනවා. අප ඒ වෙනුවෙන් විධිමත් සැලසුම් හැදුවා. දේශපාලන මණ්ඩලය විසින් ඒ වැඩ පිළිවෙළ අනුමත කළා. අපට මේ ගමන යාමට හැකියි. ඉතා වේගයෙන් සංවිධාන ගතවී ඉදිරි මැතිවරණ ජය ගන්නවා.මේ අවස්ථාවට එජාප නියෝජ්‍ය නායක නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා ප්රමුඛ මැති-ඇමැතිවරුද, නවින් දිසානායක මහතාගේ මෑණියන් වන ශ්‍රීමා දිසානායක මහත්මිය ද පාක්ෂිකයෝ විශාල පිරිසක්ද සහභාගි වූහ. | එජාප ජාතික ලැයිස්තු අපේක්ෂකයා කඩිනමින් පත් කරනවා | 0 |
hp_train_7441 | ඩබ්ලිව්.ඒ. අසේලවැලිසර නාවික හමුදා කදවුරේ සේවය කර මහනුවර නැහිනිවෙල ප්‍රදේශයට පැමිණි නාවික හමුදා සෙබලෙකු හට කොවිඩ් 19 ආසාදිත වී ඇති බවට තහවුරු වීමත් සමග ඔහු සමග ලගින්ම ඇසුරු කළ 11 දෙනෙකු නිරෝධානය සඳහා අද (29) වව්නියාව පම්පෙමඩු ප්‍රදේශයේ නිරෝධායන මධ්‍යස්ථානය වෙතට රැගෙන ගොස් ඇත.ඔහු සමග ඇසුරු කල පවුල් පහලොවක පුද්ගලයින් 56 දෙනෙකු මේ වන විට හඳුනාගෙන ඇති අතර ඉතිරි 45 දෙනා තම නිවාස තුලම නිරෝධනයට ලක්කිරීමට පාත හේවාහැට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ නිලධාරින් හා තලාතුඔය පොලීසිය කටයුතු යොදා ඇත.ඔහුගේ බිරිද හා වයස අවුරුදු දෙකක් වන පිරිමි දරුවාද පරීක්ෂණ කටයුතු සඳහා මහනුවර මහ රෝහලට අද දින ඇතුලත් කර ඇත.ඔහු ඇසුරු කල තවත් පුද්ගලයින් සොයා පරීක්ෂණ කටයුතු දිගටම ක්‍රියාත්මක කර ඇති අතර නැහිනිවෙල ප්‍රදේශයට වාහන හා පිටස්තර පුද්ගලයින් ඇතුල් වීමද සීමා කර තිබේ.ප්‍රදේශයේ පොලිස් ආරක්ෂාවද තර කර ඇත. | නැහිනිවෙල ආසාදිතයා ඇසුරු කළ 11 ක් පම්පෙමඩු යවති | 1 |
hp_train_7442 | (යොහාන් භාසුර)විදුලි ජනනය සඳහා ප්‍රමාණවත් ඉන්ධන නොමැති වීම නිසා හෙට (19) ‘ඒ’ සිට ‘එල්’ දක්වා කලාප 12 ට පැය තුනයි විනාඩි 45 ක් විදුලිය කප්පාදු කරන බව ලංකා විදුලිබල මණ්ඩලය අද (18) පස්වරු පැවසීය. ‘පී’ සිට ‘ඩබ්ලිව්’ දක්වා කලාප අටකට හෙට පැය 3 ක් විදුලිය කප්පාදු කරන බව ද ලංකා විදුලිබල මණ්ඩලය කීය.‘ඒ’ සිට ‘එල්’ කලාප 12 කට පෙරවරු 8.00 සිට පස්වරු 6.00 දක්වා දහවල් කාලයේ පැය 2 යි විනාඩි 30 ද, පස්වරු 6.00 සිට රාත්‍රී 11.00 දක්වා පස්වරුවේ පැයයි විනාඩි 15 ක් ද, විදුලිය කප්පාදු කරන බවත් ලංකා විදුලිබල මණ්ඩලය කීය.‘පී’ සිට ‘ඩබ්ලිව්’ දක්වා කලාප අටට පෙරවරු 10.00 සිට පස්වරු 4.00 දක්වා දහවල් කාලයේ පැයයි විනාඩි 30 ක් ද, පස්වරු 4.00 සිට රාත්‍රී 10.00 දක්වා පස්වරු කාලයේ පැයයි විනාඩි 30 ක් ද,විදුලිය කප්පාදු කරන බව එම මණ්ඩලය වැඩි දුරටත් සඳහන් කළේය. | හෙටත් පැය 6 ක් විදුලි කපයි | 0 |
hp_train_7443 | (කාංචන කුමාර ආරියදාස)රුපියල් එක් ලක්ෂ තිස් දාහක් සොරකම් කර පැය හතරක් ඇතුළත ඉන් රුපියල් හතළිස් දහසක මුදලක් වියදම් කරමින් මිතුරන්ට මත්කුඩු සාදයක් පැවැත් වූ පුද්ගලයෙකු සැකපිට දඹුල්ල පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ.දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය අසල ආපන ශාලාවක දුම්වැටි අලෙවි කරන පුද්ගලයෙකු ළඟ තිබූ රුපියල් එක්ලක්ෂ තිස්දහසක මුදලක් පුද්ගලයෙකු සොරාගෙන ගොස් ඇතැයි දඹුල්ල පොලිසියට පැමිණිල්ලක් ලැබී තිබිණි.එම සොරකම සිදු වෙන ආකාරය සහ මුදල් රැගෙන යන පුද්ගලයා පිළිබඳව ආපනශාලාවේ සවිකොට තිබූ ආරක්ෂිත කැමරාවක සටහන්ව තිබී ඇත.එම ආපන ශාලාවේ ඉදිරියේ පිහිටි ලෑල්ලක් මත තිබු මුදල රැගෙන කලිසමේ සාක්කුවේ දමාගන්නා ආකාරයත් සටහන්ව තිබී ඇත , ඒ අනුව දඹුල්ල පොලීසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ගයාන් සමරකෝන් මහතා ඉතා සූක්ෂම ලෙස මෙම සල්ලි මුදල් සොරා ගෙන යන පුද්ගලයා පිළිබඳව සැකසිතී ඔහුගේ නිවස පරික්ෂා කිරීම සඳහා පොලිස් කණ්ඩායමක් ඒ වෙත යවා තිබිණි. ඒ අවස්ථාව වන විට පැය හතරක කාලයක් ගතවී තිබුණි. නිවසේ සිටි සැකකරු අත්අඩංගුවට ගෙන පරීක්ෂාකිරීමේදී 130000 ක මුදලින් රුපියල් 40,000 ක මුදලක් වියදම් කොට තමන්ගේ මිතුරන්ට මත්කුඩු සාදයක් පැවැත්වූ බව සැකකරු පවසා ඇත. ඉතිරි මුදල් සහ සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. | පොලිසියට ගෙනා හොරා පැමිණිලිකරුට ‘බණ’ කියයි | 0 |
hp_train_7444 | (චමිල් රූපසිංහ) උඩුනුවර ප්‍රදේශීය සභාවේ 2019 වසර සඳහා ඉදිරිපත් කළ අයවැය යෝජනාව අද (07) සම්මත විය. අය වැය යෝජනා වාර්තාව පිළිගත නොහැකි බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී කණ්ඩායම ප්‍රකාශ කිරීමත් සමඟ සභාවේ උණුසුම් තත්ත්වයක්ද ඇතිවිය. මෙම යෝජනා සම්බන්ධයෙන් පැවති ඡන්ද විමසීමේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු හතර දෙනෙක් , එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරු 13 දෙනෙක් සහ මහජන කොන්ග්‍රසයේ මන්ත්‍රීවරු දෙදෙනෙක් පක්ෂව ඡන්දය ලබා දුන්හ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු 17 දෙනෙක්, ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරයෙක් සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරයෙක් ඡන්ද දීමෙන් වැළකී සිටියහ. ඒ අනුව උඩුනුවර ප්‍රදේශීය සභාවේ අයවැයට පක්ෂ සහ විපක්ෂව සමව ඡන්දය හිමි වූ අතර ප්‍රදේශීය සභා පනතේ බලතල අනුව සභාපතිවරයාගේ ඡන්දය ලබා දීමෙන් අනතුරුව උඩුනුවර ප්‍රදේශීය සභාවේ අයවැය සම්මත විය. උඩුනුවර ප්‍රදේශීය සභාවේ හිටපු සභාපතිවරයා අයවැයට පක්ෂව ඡන්දය ලබා දුන් අතර ඒ අවස්ථාවේ සභා ගර්භයේදී හිටපු සභාපතිවරයාට ප්‍රහාරයක් එල්ල විය. උඩුනුවර ප්‍රදේශීය සභාවේ ලේකම්වරියට සහ මන්ත්‍රීවරයෙකුට ප්රහාරයන් එල්ල වූ අතර මේ සිද්ධිය පිළිබඳ පේරාදෙණිය පොලිසිය පරීක්ෂණ පවත්වයි. | උඩුනුවර ප්‍රදේශීය සභාව උණුසුම් | 1 |
hp_train_7445 | වැසි ඇතිවීමේ හැකියාව අඩු මට්ටමක පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමෙන්තුව කියයි. කෙසේ වෙතත් නැගෙනහිර සහ ඌව පළාත්වල වැසි ස්වල්පයක් ඇති වීමේ ඉඩ කඩ පවතින බව සඳහන් කරයි.‘අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේදී දිවයිනේ දකුණ , මධ්‍යම, සබරගමුව සහ බස්නාහිර පළාත්වල ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි‘.‘ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැක. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ‘.‘දිවයිනේ මඩකලපුව සිට පොතුවිල්, හම්බන්තොට සහ ගාල්ල හරහා කොළඹ දක්වා වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශ වල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ස්වල්පයක් ඇති වේ‘.‘සුළං ඊසාන දෙසින් හමන අතර වේගය පැයට කිලෝ මීටර් 30-40 ක් පමණ වේ‘.‘දිවයින වටා වන මුහුදු ප්‍රදේශ සාමාන්‍යයෙන් රළු නොවන නමුත් ගිගිරුම් සහිත වැසි ඇතිවන අවස්ථා වලදී එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව රළු විය හැකිය‘.2015පෙබරවාරි මස 14 වැනි දින දහවල් 12.00 ට නිකුත් කෙරිණි. | ‘ඉදිරි 24 පැයේ කාලගුණය‘ | 1 |
hp_train_7446 | (නිමල කොඩිතුවක්කු)මෙවර අයවැය මගින් ජාත්‍යන්තර නීති රීති පවා උල්ලංඝනය කරමින් කළු සල්ලි සුදු කිරීමට ආණ්ඩුව කටයුතු කර ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී දොස්තර රාජිත සේනාරත්න මහතා කොළඹදී අද(23) පැවසීය.දේශපාලන වශයෙන් අසමත් වී ඇති ආණ්ඩුව ආර්ථිකමය වශයෙනුත් අසමත් වී ඇති බව අද ඒත්තු ගන්වමින් සිටින බවද සේනාරත්න මහතා සඳහන් කළේය.ජනතාවට සහන දෙන බව පවසා බලයට පැමිණි රාජපක්ෂ ආණ්ඩුව යහපාලන රජය ලබාදුන් සහන කප්පාදු කර ජනතාව කබලෙන් ලිපට ඇද දමා ඇතැයිද කොළඹ මාක්ස් ප්‍රනාන්දු මාවතේ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පැවසීය.එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී දොස්තර රාජිත සේනාරත්න මහතා මෙසේද කීවේය. “මේ දිනවල පාර්ලිමේන්තුවේ අයවැය විවාදය පැවැත්වෙනවා. කළු සල්ලි සුදු කරන එක තමයි මෙහි තිබෙන භයානකම තත්ත්වය. මෙයට විරුද්ධව එදා මහින්ද රාජපක්ෂ ඇතුළු කණ්ඩායම විපක්ෂයේ ඉඳන් කෑ ගැහුවා. කළු සල්ලි සුදු කරනවා නම් ඒ රටවලට විරුද්ධව ආර්ථික තහංචි දැමීමට ජාත්‍යන්තරයට හැකියාවක් ලැබෙනවා.කළු සල්ලි සුදු කරන්න වෙනම වැඩපිළිවෙළක් මේ අය සකස් කරලා තියනවා. දිවුරුම් ප්‍රකාශයක් දීලා 1% ක බද්දක් ගෙව්වම ඕනම මුදලක් ගෙනල්ලා ලංකාවේ තැන්පත් කරන්න මේ අනුව හැකියාව ලැබෙනවා.මේක මහා භයානක වැඩක්. මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්, ආයුධ ජාවාරම්කරුවන්, පගා ගහලා පිටරට හංගපු සල්ලි නැවත ගේන්න මේ අනුව හැකියාව ලැබෙනවා.එවැනි තත්ත්වයන් වලක්වන්න ලෝකෙ තියෙන මූල්‍යායතන එකතුවෙලා ජාත්‍යන්තර ආයතනයක් බිහි කරලා තියෙනවා. කලු ෂල්ලි සුදු කිරීම ගැන ශ්‍රී ලංකාවට ඉතා නරක ඉතිහාසයක් තියෙනවාඒ වගේම පහුගිය රාජපක්ෂ යුගයේදී මෙවැනි ගනුදෙනු නිසා රට පත්ව තිබූ අවදානම් තත්ත්වයෙන් මිදෙන්න භාණ්ඩාගාරයටත්, මහ බැංකුවටත් අවුරුදු තුනක් මහන්සි වෙන්න වුණා.මේ රජය දේශපාලන වශයෙන් පමණක් නෙමෙයි ආර්ථික වශයෙනුත් බංකොලොත් වෙලා කියලා මේකෙන් පේනවා. ජාත්‍යන්තර නීති රීති පවා උල්ලංඝනය කරමින් කළු සල්ලි සිදු කරමින් ලංකාවට ගෙන ඒමට කටයුතු කිරීමෙන්ම එය තහවුරු වනවා.මේ අයවැයේ බොහෝ සංඛ්‍යා ලේඛන වැරදියි. රජයේ ආදායම බිලියන 1961 එකක් කියලා එහි 51 වැනි පිටුවේ සඳහන් වෙනවා. තව තැනක එය බිලියන 2029 කියලත් සඳහන් වෙනවා. ඒ වගේම රජයේ සමස්ත වියදම බිලියන 3525 ක් ලෙස එක තැනක සඳහන් වෙනවා. තව තැනක එය රුපියල් බිලියන 3594 ක් ලෙස දැක්වෙනවා.මේ අයවැය සංවර්ධනය පිළිබඳ මිත්‍යාවක් සිදු කරලා තියෙනවා. මේ අය වැය මඟින් ජනතාව මුළා කරන්න සංඛ්‍යා විජ්ජාවක් කරලා තියනවා.ලක්ෂ 2කට ජල සැපයුම ලබා දෙන්න කියලා මිලියන 5000ක් වෙන් කරලා තියෙනවා. එක නිවසකට ජල සැපයුම ලබා දෙන්න ලක්ෂ 25ක් පමණ වැයවෙනවා. ඒ අනුව ගෙවල් 2000 කට පමණයි මේ මුදල් වලින් වතුර දෙන්න පුළුවන් වෙන්නේ.රට ෆෝජී වලින් ආවරණය කරනවා කියලා මිලියන පහළොවක් වෙන්කරලා තියෙනවා. රුපියල් මිලියන 15 කින් එක ගොඩනැගිල්ලක්වත් හදන්න බැහැ.ග්‍රාමීය මාර්ග කිලෝමීටර් පනස් දහසක් හදන්නේ මිලියන විසි දහසක් වෙන්කරලා තියෙනවා. එක කිලෝමීටරයක් හදන්න රුපියල් ලක්ෂ හතරක් වගේ තමයි වෙන් කරලා තියෙන්නේ.ග්‍රාමීය පාලම් දස දහසක් හදන්න් මිලියන හත්දාහක් වෙන් කරලා තියෙනවා. එක පාලමකට ලක්ෂ හතයි වෙන් කරලා තියෙන්නේ....මෙතන කරලා තියෙන්නේ ඉලක්කම් සෙල්ලමක්. සාමාන්‍ය මිනිස්සු මුළා කරන ඉලක්කම් විජ්ජාවල් කරලා තියනවා. ජනතාව මුලා කරන සංඛ්‍යා ලේඛනයක් තමයි මෙවර අය-වැය විදිහට ඉදිරිපත් කරලා තියෙන්නේ.මේ අයවැය ලේඛනයෙන් තමන්ට ලැබෙන සංවර්ධනය මොකක්ද කියලා ලබන වසර මැදදී ජනතාවට බලාගන්න පුළුවන්.අපේ රජය යටතේ ජනතාවගේ සුබසාධන සඳහා රුපියල් බිලියන 654ක් වෙන්කළා. එතකොට කොරෝනා තිබුණෙත් නැහැ. ජනතාවට සහන දෙන්න ආපු මේ ආණ්ඩුව ඒ මුදලත් කප්පාදු කරලා තියෙනවා.ජනතාවගේ සුබසාධන සඳහා 2020 වසරට වෙන්කරලා තියෙන්නේ බිලියන 561ක් පමණයි. අපි දීපු මුදලෙනුත් බිලියන 93ක් කපලා. 2020 දී වෙන්කරලා තියෙන්නේ රුපියල් බිලියන 581ක් පමණයි. මේ විදියට තමයි ජනතාවට සහන දෙන්න ආපු ආණ්ඩු අද කටයුතු කරන්නේ. | විපතට පත් ජනතාවට අයවැයෙන් කිසිදු සහනයක් නැහැ | 0 |
hp_train_7447 | වැසි සහිත කාලගුණයේ වැඩි වීමක් හෙට (13) සවස් කාලයේ සිට අපේක්ෂා කරන බවත් බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වන බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.ශ්‍රී ලංකාවේ සෙසු ප්‍රදේශවල, සවස 2.00න් පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය දිනය : 13/07/2016නගරය නගරයඋෂ්ණත්වය(සෙ. අංශක)සාපේක්ෂ ආර්ද්‍රතාවය (%) කාලගුණයඋපරිමඅවමඋපරිමඅවමඅනුරාධපුරය33268560ප්‍රධාන වශයෙන් වැසි රහිතමඩකලපුව37277040ප්‍රධාන වශයෙන් වැසි රහිතකොළඹ31268575වැසි ස්වල්පයක්ගාල්ල29278580සිහින් වැසි වාර කිහිපයක් ඇතිවේයාපනය32287565ප්‍රධාන වශයෙන් වැසි රහිතමහනුවර27238570වැසි ස්වල්පයක්නුවරඑළිය17139585වැසි ස්වල්පයක්රත්නපුරය31258070වැසි ස්වල්පයක්ත්‍රීකුණාමලය35277550ප්‍රධාන වශයෙන් වැසි රහිතමන්නාරම31278575ප්‍රධාන වශයෙන් වැසි රහිත | ‘බස්නාහිරට හෙට තද වැසි‘ | 0 |
hp_train_7448 | (රංජිත් රාජපක්ෂ) බගවන්තලාවේ මීට පෙර ආසාදිත අයකුගේ පවුලේ පස් දෙනෙකුට සහ ආසාදිතයා පිවිසි වෙලදසැලේ හිමිකරු ඇතුළු හය දෙනෙකුට කොවිඩ් 19 වෛරසය ආසාදනය වීමෙන් එම ආසාදිතයන්ගේ ආශ්රිත පවුල් 32 ක් සහ පාසල් සිසු සිසුවියන් 11 දෙනෙකු ස්වයං නිරෝධානයට යොමු කර තිබේ.බගවන්තලාව සෞඛ්‍යය වෛද්‍යය නිලධාරි කාර්යයාලය යටතේ පාලනය වන බගවන්තලාව බොගවාන වතුයායට අයත් ලින්ස්ටඩ් වතු යායේ පහල කොටසේ එකම පවුලේ පස් දෙනෙකුට සහ ව්‍යාපාරිකයෙකුට කොවිඩ් 19 වෛරසය අසාදනය වි ඇති බවට අද (01) දින පි.සි.ආර් පරික්ෂණ වාර්තා අනුව තහවුරු වු බව බගවන්තලාව සෞඛ්‍යය වෛද්‍යය නිලධාරි කාර්යයාලයේ මහජන සෞඛ්‍යය පරික්ෂක කදිරවේල් ජේ.ගනේෂ් මහතා පැවසිය.බම්බලපිටිය ප්‍රදේශයේ රැකියාවක නිරතව සිට තම නිවසට පැමිණ සිටි 42 හැවිරිදි පෙර අසාදිතයාගේ එකම පවුලේ පියා (75) , මව (64) , බිරිද (34) , දුව (13) , පුතා (09) යන අයට කොවිඩ් 19 වෛරසය අසාදනය වි ඇති බවත් , පෙර අසාදිතයා බගවන්තලාව නගරයේ වෙලදසැලකට පිවිස ආහාර ද්‍රව්‍යය මිල දි ගත් එම වතු යායේම පදිංචි 41 හැවිරිදි එම වෙලදසැලේ හිමිකරුටද කොවිඩ් 19 වෛරසය අසාදනය වි ඇති බව මහජන සෞඛ්‍යය පරික්ෂකවරයා කියා සිටියේය.එම ව්‍යාපාරිකයාගේ පවුලේ 6 දෙනෙකු තවදුරටත් ස්වයං නිරෝධානයට යොමු කර ඇති අතර , බගවන්තලාව බස් නැවතුම්පොලේ පිහිටි එම වෙලදසැලද වසා දමා එම වෙලදසැලේ සේවකයින්ද ස්වයං නිරෝධානයට යොමු කිරිමටද මහජන සෞඛ්‍යය පරික්ෂකවරුන් කටයුතු කර ඇත.කොවිඩ් 19 වෛරසය අසාදනය වු අසාදිතයන් නිරෝධායන මධ්‍යස්ථානයක් කරා යොමු කිරිමට පියවර ගන්නා බව බගවන්තලාව මහජන සෞඛ්‍යය පරික්ෂකවරුන් කියා සිටියේය.බගවන්තලාව ලින්ස්ටඩ් වතු යායෙන් කොවිඩ් 19 වෛරසය අසාදනය වු අසාදිතයන් 6 දෙනෙකු (01) දින හමුවිමත් සමග එම වතු යායේ පහල කොටස් දෛනික කටයුතු (01) දින තාවකලිකව නතර කර එම කොටසේ වතු නිවාස සියල්ල විෂබිජහරණයට ලක් කිරිමට කටයුතු කර ඇති බව බොගවාන වතුයායේ වතු අධිකාරි නලින්ද අල්විස් මහතා පැවසිය. | බගවන්තලාව ලින්ස්ටඩ් වත්තේ කොටසක් හුදකලා කරයි | 0 |
hp_train_7449 | දිවයින ආසන්නයේ පවතින වායුගෝලීය කැළඹිලි ස්වභාවය දිවයිනේ කාලගුණයට බලපෑම් කරමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.දිවයිනේ උතුරු, උතුරුමැද, නැගෙනහිර සහ ඌව පළාත්වලට ද හම්බන්තොට දිස්ත්‍රික්කයට ද විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. විශේෂයෙන් අපරභාගයේදී සහ රාත්‍රී කාලයේ දි සෙසු ප්රදේශවලද ගිගුරුම් සහිත වැසි වර්ධනය වේ. සමහර ස්ථාන වලට තද වැසිද (මිලී මීටර් 100 කට වඩා) ඇතිවීමට ඉඩ ඇත.ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශ වල තාවකාලිකව තද සුළං ඇති විය හැක. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය දිනය : 09/12/2014 නගරයඋෂ්ණත්වය (සෙ. අංශක)සාපේක්ෂ ආර්ද්‍රතාවය (%) කාලගුණයඋපරිමඅවමඋපරිමඅවමඅනුරාධපුරය29239580විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි.මඩකලපුව28249080විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි.කොළඹ30249075අපරභාගයේදී සහ රාත්‍රී කාලයේ දී ගිගුරුම් සහිත වැසි ඇති වේ.ගාල්ල30249585අපරභාගයේදී සහ රාත්‍රී කාලයේ දී ගිගුරුම් සහිත වැසි ඇති වේ.යාපනය28239080විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි.මහනුවර27209580අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේ දී ගිගුරුම් සහිත වැසි ඇති වේ.නුවරඑළිය20129580අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේ දී ගිගුරුම් සහිත වැසි ඇති වේ.රත්නපුරය31249585අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේ දී ගිගුරුම් සහිත වැසි ඇති වේ.ත්‍රීකුණාමළය28249585විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි.මන්නාරම29259590අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේ දී ගිගුරුම් සහිත වැසි ඇති වේ. ප්‍රදේශ කිහිපයකට අදත් වැසිපෙරවුරු 12.10දිවයිනේ උතුරු, උතුරුමැද, නැගෙනහිර සහ ඌව පළාත්වලට ද හම්බන්තොට දිස්ත්‍රික්කයටද විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. විශේෂයෙන් අපරභාගයේදී සහ රාත්‍රී කාලයේ දි සෙසු ප්රදේශවලද ගිගුරුම් සහිත වැසි වර්ධනය වේ.සමහර ස්ථාන වලට තද වැසිද (මිලී මීටර් 100 කට වඩා) ඇතිවීමට ඉඩ ඇත.ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශ වල තාවකාලිකව තද සුළං ඇති විය හැක. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.ඉදිරි පැය 24 සඳහා දිවයින වටා ඇති මුහුදේ කාලගුණ තත්ත්වය.කන්කසන්තුරේ සිට ත්‍රීකුණාමළය සහ පොතුවිල් හරහා හම්බන්තොට දක්වා වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශ වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ද දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශ වල විශේෂයෙන් අපරභාගයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ද ඇති වේ. සුළං ඊසාන දෙසින් හමන අතර සුළගේ වේගය පැ.කි.මී. 20-40 ක් පමණ වේ.ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම මුහුදු ප්‍රදේශ වල තාවකාලිකව තද සුළං ඇති විය හැක.පුත්තලම සිට කන්කසන්තුරේ හරහා ත්‍රීකුණාමලය දක්වා වන ගැඹුරු හා නොගැඹුරු මුහුදු ප්‍රදේශ වල සුළං වේගය විටෙක පැ. කි. මී. 50 පමණ දක්වා ඉහල යා හැකි බැවින් එම මුහුදු ප්‍රදේශ විටින් විට තරමක් රළු විය හැක.පෙරවුරු 50.30දිවයිනේ උතුරු, උතුරුමැද, නැගෙනහිර සහ ඌව පළාත්වලට ද හම්බන්තොට දිස්ත්‍රික්කයට ද විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. විශේෂයෙන් අපරභාගයේදී සහ රාත්‍රී කාලයේ දි සෙසු ප්රදේශවලද ගිගුරුම් සහිත වැසි වර්ධනය වේ. සමහර ස්ථාන වලට තද වැසිද (මිලී මීටර් 100 කට වඩා) ඇතිවීමට ඉඩ ඇත.ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශ වල තාවකාලිකව තද සුළං ඇති විය හැක. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.ඉදිරි පැය 24 සඳහා දිවයින වටා ඇති මුහුදේ කාලගුණ තත්ත්වය.ත්‍රීකුණාමළය සිට පොතුවිල් හරහා හම්බන්තොට දක්වා සහ කොළඹ සිට ගාල්ල හරහා මාතර දක්වා වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශ වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ද දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශ වල විශේෂයෙන් අපරභාගයේදී සහ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ද ඇති වේ. සුළං ඊසාන දෙසින් හමන අතර සුළගේ වේගය පැ.කි.මී. 20-40 ක් පමණ වේ. ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම මුහුදු ප්‍රදේශ වල තාවකාලිකව තද සුළං ඇති විය හැක.පුත්තලම සිට කන්කසන්තුරේ හරහා ත්‍රීකුණාමලය දක්වා වන මුහුදු ප්‍රදේශ වල සුළං වේගය විටෙක පැ. කි. මී. 50 පමණ දක්වා ඉහල යා හැකි බැවින් එම මුහුදු ප්‍රදේශ විටින් විට තරමක් රළු විය හැක.කාලගුණ විද්‍යාඥ (Duty Meteorologist), කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තූව (Department of Meteorology). | පළාත් කිහිපයකට අදත් වැසි | 0 |
hp_train_7450 | (ඉන්දිකා රාමනායක)නිරෝධායන නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ගතවූ පැය 24 තුළ පුද්ගලයන් 227 ක් අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.නිරෝධායන නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් මේ දක්වා පුද්ගලයන් 54889 ක් අත්අඩංගුවට ගෙන ඇත.ඔවුන් අතරින් 52,000 ට අධික පිරිසකට නඩු පවරා ඇති බව 2000 පිරිසකට නඩු පැවරීමට නියමිත බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන මහතා කීය. | පැය 24 කදී නීරෝධායන නීති කැඩු 224 ක් අත්අඩංගුවට | 0 |
hp_train_7451 | (ඩයනා උදයංගනී)බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත්, ගාල්ල, මාතර දිස්ත්‍රික්කවලත් අද (10) දිනයේත් වැසිවාර කිහිපයක් ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරුමැද සහ වයඹ පළාත්වලත්, හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට පැයට කිලෝමීටර් 50 ක් පමණ වේගවත් සුළං ඇතිවන බව ද එම දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් සඳහන් කරයි. | පළාත් රැසකට තවදුරටත් වැස්ස | 1 |
hp_train_7452 | (ඩී.ජී.සුගතපාල)ඇල්පිටිය ප්‍රාදේශීය සභාවට සමානුපාතික නියෝජනය යටතේ එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් නම් කළ යුතුව තිබෙන සභිකයින් තිදෙනාගේ නම් මේ වනතුරු ඒවා නොතිබීමෙන් එම නම් ගැසට් කිරීමටත් සභාව රැස්විමටත් නොහැකි වී ඇතැයි දකුණු පළාත් පාලන දෙපාර්තමේන්තු පවසයි.ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ මැතිවරණය පවත්වා මේ වනවිට මාසයකට අධික කාලයක් ගතව ඇතත් තවමත් සභාව පාලනය වන්නේ ලේකම්වරිය යටතේය.සභිකයින් 15ක ගෙන් සමන්විත වූ ඇල්පිටිය ප්‍රාදේශීය සභාව සඳහා නව මැතිවරණ ක්‍රමය යටතේ ඔක්තෝබර් 11 වැනි දා පවත්වන ලද මැතිවරණයේ දී කොට්ඨාස මට්ටමින් පොදුජන පෙරමුණට සභික ධුර 17ක් ද හිමිවු අතර සමානුපාතික නියෝජනය යටතේ එක්සත් ජාතික පක්ෂයට සභික ධුර 7ක් ද එක්සත් ජනතා නිදහස් සන්ධානයට සභික ධුර 3ක් ද ජනතා විමුක්ති පෙරමුණට සභික ධුර 2ක් හිමි විය. ඒ අනුව සම්පූර්ණ සභික සංඛ්‍යාව 29කි.සමානුපාතික නියෝජනය යටතේ තෝරා පත් කරනු ලබන සභිකයින්ගේ නම් ඒ ඒ පක්ෂවලින් නම්කර එවිය යුතු වුවත් එක්සත් ජනතා නිදහස් සන්ධානය විසින් එම පක්ෂයෙන් නම් කරනු ලබන සභිකයින්ගේ නම් මෙතෙක් දන්වා එවා නොතිබිම නිසා ගැසට් පත්‍රයට යැවිම ප්‍රමාදවි ඇතැයි ගාල්ල දිස්ත්‍රික් නියොජ්‍ය මැතිවරණ කොමසාරිස් කාර්යාලයේ උසස් නිලධාරියෙකු පැවසීය.එක්සත් ජාතික පක්ෂයට සමානුපාතික නියෝජනය යටතේ හිමිවන සභික ධුර 7 සඳහා ද ජනතා විමුක්ති පෙරමුණට සමානුපාතික නියෝජනය යටතේ හිමිව සභික ධුර 2 සඳහා ද නම් එවා ඇතත් එක්සත් ජනතා නිදහස් සන්ධානයට හිමිවු සභික ධුර 3 සඳහා මෙතෙක් එම සන්ධානය විසින් නම් එවා නොතිබීමෙන් සභාවේ සභාපතිවරයා සහ උප සභාපතිවරයා නම් කිරිමට ද නොහැකිව තිබෙන අතර සභාව රැස්වීමට ද නොහැකිව ඇත. | ඇල්පිටිය ප්‍රා. සභා සභිකයන්ගේ නම් තවම ගැසට් කර නැහැ | 0 |
hp_train_7453 | (ජයන්ත සමරකෝන්)ජ්‍යෙෂ්ඨ බන්ධනාගාර නිලධාරීන් ගණනාවකට ළඟදීම උසස්වීම් පිරිනැමීමට නියමිත බව අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය පවසයි.කොමසාරිස්වරුන් ලෙස ජ්‍යෙෂ්ඨ බන්ධනාගාර අධිකාරිවරුන් වන ජයලත් සේනානායක ( වාරියපොල) , ටී.අයි උඩුනුවර ( වැලිකඩ) , එස් කොඩිතුවක්කු (මහර) යන මහත්වරුන් පත්වීමට ඉඩ ඇතැයි එම බන්ධනාගාර ආරංචි මාර්ග අනාවරණය කරයි.ඒ සමඟම බන්ධනාගාර අධිකාරී , සහකාර අධිකාරී සහ ප්‍රධාන ජේලර් තනතුරේ උසස් වීම් රැසක් මේ අතර වන බවද එම අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් බන්දුල ජයසිංහ මහතා පැවැසීය. | බන්ධනාගාර නිලධාරීන් රැසකට ළඟදීම උසස්වීම් | 1 |
hp_train_7454 | (දියතලාව - ඩී.කේ.රත්න)බණ්ඩාරවෙල නගරයේ කොමර්ෂල් වෙළඳ සංකීර්ණයේ පවත්වා ගෙන ගිය ව්‍යාජ කච්චේරියක් වැටලූ බණ්ඩාරවෙල පොලිසිය එහී තිබී ව්‍යාජ ලෙස සකස් කරන ලද උප්පැන්න සහතික, හැඳුනුම්පත්, හොර සහතික, විවිධ රබර් මුද්‍රා ඇතුලු එම ද්‍රව්‍ය සෑදීමට උපයෝගී කර ගනු ලැබූ උපකරණ තොගයක් සහ පුද්ගලයින් දෙදෙනෙකු අද (11) අත්අඩංගුවට ගෙන ඇතැයි බණ්ඩාරවෙල පොලීසිය පවසයි.බණ්ඩාරවෙල ක්‍රේග් වත්ත පදිංචි 41 හැවිරිදි පුද්ගලයෙකු හා හපුතලේ විහාරගල පදිංචි 57 හැවිරිදි පුද්ගලයෙකු මේ සම්බන්ධයෙන් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.බණ්ඩාරවෙල රථවාහන අංශයේ නිලධාරීන්ට ලැබුණු ව්‍යාජ ලියවිල්ලක් අනුව පරීක්ෂණ සිදු කළ බණ්ඩාරවෙල පොලිසිය මෙම ස්ථානය වටලා හොර ලිපිලේඛන, ව්‍යාජ රබර් සීල් හා එම ලිපි ලේඛන හා රබර් සීල් නිෂ්පාදනයට යොදා ගනු ලැබූ පරිඝණකයක්, ස්කෑන් යන්ත්‍රයක් මුද්‍රණ යන්ත්‍රයක් ඇතුලු උපකරණ තොගයක්ද අත්අඩංගුවට ගෙන තිබේ.මෙම පුද්ගලයින් දිවයිනේ විවිධ ආයතනවල හා විවිධ පුද්ගලයින්ගේ නම් සදහන් රබර් සීල් සකස් කර එමගින් විවිධ ලිපි ලේඛන සකස් කර ඇතැයි පොලීසිය පවසයි.අත්අඩංගුවට ගනු ලැබූ සැකකරුවන් බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. බණ්ඩාරවෙල කොට්ඨාශ භාර පොලිස් අධිකාරි සුදත් මාසිංහ මහතාගේ උපදෙස් පරීදි බණ්ඩාරවෙල පොලීසියේ නිලධාරීහු මේ පිළිබදව පරීක්ෂණ සිදු කරති. | විශේෂ සෝදිසි මෙහෙයුමකින් 25ක් අත්අඩංගුවට | 0 |
hp_train_7455 | (මොහොමඩ් ආසික්)පූජාපිටිය ප්‍රාදේශිය සභාවේ 2021 වසර සඳහා වන අයවැය කෙටුම්පත අද (17) එහි සභාපති අනුර ප්‍රනාන්දු මහතා විසින් ඉදිරිපත් කරන ලදී. අයවැය ඡන්ද 16 කින් සම්මත විය.මෙම අයවැය විවාදයට එක්වූ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සහ එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරුන් ප්‍රකාශ කළේ, වත්මන් රජයේ පළමු වන අයවැය ඉදිරිපත් කරන අද දිනයේ දී පූජාපිටිය ප්‍රාදේශිය සභාවේ තුන්වන අයවැය ඉදිරිපත් කිරීමට ලැබීම සතුටට කරුණක් බවයි. කෙසේ නමුත් එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් මෙහිදී ප්‍රකාශ කළේ, මෙවර අයවැය මගින් ජනතාවට අවශ්‍ය පහසුකම් සැපයීමක් සිදු නොවන බැවින් අයවැය ඡන්ද විමසීමේදී ස්වාධින වන බවයි.එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් ස්වාධීන වන බව ප්‍රකාශ කිරීමත් සමඟ අයවැය කෙටුම්පත සම්බන්ධයෙන්ව මතය විමසූ අතර, එහිදී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සහ එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරුන් අයවැයට පක්ෂව ඡන්දය ලබාදුන් අතර එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරු 5දෙනෙක් ස්වාධිනව සිටියහ. මෙම මතය විමසන අවස්ථාවේදී උප සභාපති ඒ.එල්.එම්.රසාන්( ශ්‍රිලමුකො) පොදු ජන පෙරමුණ මන්ත්‍රී අජිත් සමරතුංග, ජවිපෙ මන්ත්‍රී දිල්ශාන් රූපසිංහ යන මන්ත්‍රීවරුන් සහ එක්සත්ජාතික පක්ෂයේ එස් .එම්.කලීල් සහ සුනිල් කොටුගොඩැල්ල යන මන්ත්‍රීවරු ද සභාව තුල නොසිටියහ. | පූජාපිටිය ප්‍රා. සභාවේ අයවැයත් සම්මතයි | 1 |
hp_train_7456 | ඇතැමුන් දේශපාලන බලය ලබාගැනීම උදෙසා පෞද්ගලික න්‍යාය පත්‍ර අනුව කටයුතු කරමින් සිටින බවත්, රටේ ප්‍රශ්න විසඳීම හෝ ජාතික සමගිය සහ සංහිඳියාව ශක්තිමත් කිරීම ඔවුන්ට වැදගත් නොවන බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (19) පැවැසීය.රට ගැන නොසිතා දේශපාලන බලය ගැන පමණක් සිතන මෙම පිරිස් ජනතාව විසින් හඳුනාගත යුතු බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය.ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව පැවැසුවේ යාපනය, ශාන්ත පැටි්රක් විද්‍යාලයේ නව තාක්ෂණික ගොඩනැගිල්ල සිසු අයිතියට පවරාදීමේ හා උපාධිධාරී ගුරු පත්වීම් ප්රදානය කිරීමේ අවස්ථාවට ඊයේ (19) පෙරවරුවේ එක්වෙමිනි.රටේ ජනතාව 2015 ජනවාරි 08 වැනිදා තමා කෙරෙහි තැබූ විශ්වාසය කිසිදු අවස්ථාවක කඩ නොකළ අතර, එම ප්‍රතිපත්ති ද වෙනස් කර නොමැති බව ජනාධිපතිවරයා සඳහන් කළේය.විරුද්ධ දේශපාලන බලවේග කෙතරම් පැමිණිය ද ඉදිරියේදී ද එම ප්රතිපත්තිවල කිසිදු වෙනසක් සිදු කිරීමට සූදානම් නොමැති බව ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අවධාරණය කළේය.රටේ ප්‍රශ්න විසඳමින් ඉදිරි අභියෝග ජය ගැනීම සඳහා අවංක දේශපාලනඥයන්ගේ එකතුවක් රටට අවශ්‍ය අතර, රටට ආදරයෙන් කටයුතු කරන්නැයි තමා සියලු දේශපාලන ප්‍රධානීන්ගෙන් ඉල්ලා සිටින බව ද ජනාධිපතිවරයා පැවැසීය.යාපනය, ශාන්ත පැට්රික් පෞද්ගලික විද්‍යාලය වෙත ඊයේ (19) පෙරවරුවේ ගිය ජනාධිපතිවරයා, එම සිසු දරුවන් විසින් මහත් හරසරින් පිළිගෙන විද්‍යාලය වෙත කැඳවාගෙන යනු ලැබීය.අනතුරුව සමරු ඵලකය නිරාවරණය කර නව තාක්ෂණික මධ්‍යස්ථානය සිසු අයිතියට පවරාදුන් ජනාධිපතිවරයා එහි නිරීක්ෂණ චාරිකාවක ද නිරත විය.ඉන් අනතුරුව පැවැති උත්සව සභාවේ දී උතුරු පළාතේ උපාධිධාරීන් 197 දෙනකුට ගුරු පත්වීම් ප්රදානය සංකේතවත් කරමින් 10 දෙනකුට පත්වීම් ප්රදානය කිරීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් සිදු විය.සිසු දරුවන් ඇමතූ ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ රටක ප්‍රශ්න විසඳා ගැනීමේදී ඉතා වැදගත් වන්නේ එම රටේ ජනතාවට හොඳ අධ්‍යාපනයක් ලබාදීම බවයි.උගතුන් වැඩිවීමත් සමඟ රටක ප්‍රශ්න අඩුවන අතර එබැවින් රටේ සහ ජාතියේ අනාගතය වෙනුවෙන් රාජ්‍ය සහ රාජ්‍ය නොවන අධ්‍යාපන ආයතනවල ද ප්‍රධාන වගකීමක් වන්නේ ජනතාවට අවශ්‍ය දැනුම ලබාදීම බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය.නිදහස් අධ්‍යාපනය ශක්තිමත් කරනවා මිස එය කිසිදු අවස්ථාවක සීමා කිරීමට කටයුතු නොකරන අතර නව අධ්‍යාපන ප්‍රතිපත්ති තුළ ද කටයුතු කිරීමේ වගකීම ඉටුකරන බව පැවැසූ ජනාධිපතිවරයා වත්මන් රජයේ නව අධ්‍යාපන ප්‍රතිපත්ති හා සැලසුම් තුළ උපාධිධාරීන්ට රැකියා නොමැතිව උද්ඝෝෂණය කිරීමට සිදුවන ක්‍රමය වෙනස් කර තිබෙන බව ද කියා සිටියේය.තාක්ෂණ විෂයයන් සහිත උපාධිධාරීන්ට ජපානයේ රැකියා අවස්ථා රැසක් අද උදා වී තිබෙන අතර ඒ සඳහා ශ්‍රී ලාංකික උපාධිධාරීන් යොමු කිරීම සඳහා තමා පසුගියදා සිදුකළ ජපාන සංචාරයේදී ජපාන අග්‍රාමාත්‍යවරයා සමඟ සාකච්ඡා පැවැත්වූ බව ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කළේය.මැල්කම් කාදිනල් රංජිත් අගරදගුරුතමෝ ද ජස්ටින් ඥානප්‍රගාසම් යාපනය රදගුරුතුමන් සහ විපක්ෂනායක ආර්. සම්පන්ධන්, උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අංගජන් රාමනාදන්, මාවෙයි සේනාධිරාජා යන මහත්වරු සහ විද්‍යාලයේ විදුහල්පති තිරුමහන් පියතුමා ඇතුළු ආචාර්ය මණ්ඩලය, මවුපියන්, ආදි සිසුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.මේ අතර උතුරු පළාත් ප්‍රධාන සංඝ නායක, යාපනය ශ්‍රී නාග විහාරාධිපති මීගහජදුරේ ඥානරතන හිමියන් අපවත්වීමෙන් තෙමසක් සම්පූර්ණ වීම නිමිත්තෙන් ශිෂ්‍ය භික්ෂුන්වහන්සේලා සහ දායක සභාව මෙන්ම යාපනය සර්ව ආගමික එකමුතුව සංවිධානය කළ දානමය පුණ්‍ය කර්මයට ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එක් විය. | සංහිඳියාව පැත්තක තියා සමහරු කුරුමාණම් අල්ලන්නේ දේශපාලන බලය ගැනීමට විතරයි | 1 |
hp_train_7457 | (විනීතා එම් ගමගේ)යාල ජාතික වනෝද්‍යානයේ කලාප අංක 1 කොටස ලබල සැප්තැම්බර් පළමුවැනිදා සිට ඔක්තෝබර් 31 වැනිදා දක්වා සංචාරකයන් සඳහා වසා තැබීමට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව තීරණය කර ඇත.එහි ජීවත්වන වනසතුන්ගේ ස්වභාවික චර්යා රටාවන් හා වාසස්ථාන යථා තත්ත්වයට පත් කිරීමට හා උද්‍යානයේ යටිතල පහසුකම් වැඩි දියුණු කිරීමට මෙම කාලසීමාව යොදා ගන්නා බව එම දෙපාර්තමේන්තුව කියයි.වනෝද්‍යානයේ කලාප අංක 01 හි පළටුපාන පිවිසුම ආශ්‍රීතව පවත්නා සංචාරකයින්ගේ තදබදය වනජීවින්ගේ හැසිරීම් රටාවට බාධාවක් වන බැවින් වන සතුන්ට නිදහසේ හැසිරීම සඳහා යාල කලාප අංක එක අදාළ දිනයන් හි වසා තැබුවද කලාප අංක 3, 4, 5 සහ සෙසු උද්‍යානයන් සංචාරකයන් සඳහා සුපුරුදු පරිදි විවෘතව තැබෙන බව ද වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.කෙසේ වෙතත් මෙම කලාපය වසා තබන කාලය තුළ දී වනපෙතේ ආරක්ෂාව සඳහා වන ජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව විශේෂ මුර සංචාර පවත්වන බවත් නියං සමයක් වුවහොත් වසා තැබෙන කාලය අඩු වැඩි විය හැකි බවත් එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි. | යාල කලාප 1 මාස දෙකකට වහයි | 0 |
hp_train_7458 | (සිතුම් චතුරංග) වවුනියාව පුලියංකුලම පූතූර් කෝවිල ප්‍රදේශයේ දී පොලිස් නිලධාරීන් පිරිසක් සැකකටයුතු පුද්ගලයකු පරීක්ෂා කිරීමේදී ඔහුගේ ගමන් මල්ලෙහි තිබූ විදේශ රටක නිෂ්පාදිත ජීව අත්බෝම්බ හතරක් හා මයික්‍රෝ වර්ගයේ පිස්තෝලයක් සොයාගත් බව පුලියංකුලම පොලිසිය කියයි.සැකකාර පුද්ගලයා පොලිස් නිලධාරීන් විසින් පරීක්ෂා කිරීමට උත්සහ කරන අවස්ථාවේ පලා ගොස් ඇති බවද පොලිසිය සඳහන් කළේය.පොලිස් බුද්ධි අංශ නිලධාරින් පිරිසකට සැකකටයුතු පුද්ගලයකු පිළිබඳ ලැබුණ තොරතුරක් මත පුලියංකුලම පොලිස් ස්ථානයේ නිලධාරීන් සමඟ සිදුකළ වැටලීමකදී සැකකරු රැගෙන ආ ගමන් මල්ලෙහි තිබී මෙම අත්බෝම්බ හා පිස්තෝලය සොයාගත් ගෙන ඇත.සැකකරුගේ ගමන් මල්ලෙහි මයික්‍රෝ වර්ගයේ පිස්තෝලයට යොදන ජීව උණ්ඩ 18ක් , එම පිස්තෝලයේ පතුරම් ගැබක්, මාලිමා යන්ත්‍රයක්, ස්මාට් වර්ගයේ ජංගම දුරකථන දෙකක්, ජංගම දුරකථන උපාංග , මදුරුවන්ගෙන් ආරක්ෂා වීම සඳහා ඇඟ ගල්වන ක්‍රීම් වර්ග, පිස්තෝල සඳහා යොදන ලිහිසි තෙල් , දත්බෙහෙත් ඇතුළු උපකරණ රාශියක් සොයා ගත් බව පොලිසිය කීය.ආයුධ රැගෙන ආ සැකකරු කිසියම් අපරාධයක් සඳහා සූදානමින් පුපුරණ ද්‍රව්‍ය හා පිස්තෝල රැගෙන පැමිණෙන්නට ඇති බවට සැක පලකරන බවත් ගමන් මල්ලෙහි තිබූ පුපුරණ ද්‍රව්‍ය හා උපකරණ පරීක්ෂා කිරීමේදී ගිනි අවි සඳහා පුහුණුව ලැබූ අයකු බව පොලිසිය සඳහන් කරයි. | ආයුධ රැගෙන ආ පුද්ගලයා සොයා පැය 17 ක මෙහෙයුමක් | 0 |
hp_train_7459 | (විමුක්ති එස් රුද්‍රිගු)ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රකාශයට පත් කළ දෛනික විනිමය අනුපාතිකයේ අද(17) ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල ශත 25 කින් පහළ ගියේය.ශ්‍රී ලංකා මහ බැංකුව අද (17) ප්‍රකාශයට පත් කළ දෛනික විනිමය අනුපාතිකයට අනූව ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල රුපියල් 364.73 ක් වූ අතර ගැණුම් මිල රුපියල් 354.76 ලෙස සටහන් විය. | රුපියල ගණන් උස්සයි | 1 |
hp_train_7460 | (ඩයනා උදයංගනී)දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද (30) දිනයේත් සවස් කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.සබරගමුව, මධ්‍යම, බස්නාහිර, වයඹ සහ ඌව පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර 75ට වැඩි තරමක තද වැසි ඇතිවිය බව එම දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් පැවසීය. නැගෙනහිර පළාතේ වෙරළබඩ ප්‍රදේශවල සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ උදෑසන කාලයේ ද වැසි ස්වල්පයක් ඇතිවන බව එම ප්‍රකාශකයා සඳහන් කළේය ගිගුරුම් සහිත වැසි සමග තාවකාලික තද සුළං සහ අකුණු අනතුරු ඇති විය හැකි බැවින් අනතුරු අවම කර ගැනීමට පියවර ගන්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම්දීමක් කරයි. | වර්ෂාව වැඩි වන ලකුණු | 0 |
hp_train_7461 | තරිඳු ජයවර්ධන වසරක වැඩ තහනමකින් පසු ජාතික පොලිස් කොමිෂන් සභාවේ නියෝග මත සේවයේ පිහිටවූ පොලිස් අධිකාරී ප්‍රියදර්ශන හේරත් මහතාගේ රාජකාරි යළි අත්හිටුවීමට පොලිස්පතිවරයා පියවර ගෙන ඇතැයි පොලිස් ආරංචි මාර්ග කියයි. පොලිස් කොමිෂන් සභාව මගින් සේවයේ පිහිටුවා දින 20ක් පමණ රාජකාරි කිරීමෙන් පසු පොලිස්පතිවරයා විසින් මෙලෙස වැඩ තහනම් කරනු ලැබ ඇත්තේ ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය මත නොවන බව එම කොමිෂන් සභාවේ උසස් නිලධාරියෙක් ලංකාදීපයට පැවසීය. පොලිස් අධිකාරී ප්‍රියදර්ශන හේරත් මහතාගේ රාජකාරි මුල් වරට අත්හිටවනු ලැබුවේ 2017 වසරේ දීය. වසරකට ආසන්න කාලයක් තිස්සේ වැඩ තහනම් කර ඇතත් චෝදනාපත්‍රයක් හෝ ලබා දී නැතැයි කියමින් ඒ මහතා ජාතික පොලිස් කොමිෂන් සභාවට කළ අභියාචනයක් අනුව 2018 ජනවාරි 18 වැනි දා රැස්වූ ජාතික පොලිස් කොමිෂන් සභාව ඒ මහතා යළි සේවයේ පිහිටුවීමට තීරණය කළේය. ඒ බව 2018 පෙබරවාරි දෙවැනි දා නීතිය හා සාමය අමාත්‍යංශ ලේකම්ට හා පොලිස්පතිට ලිඛිතව දැන්වූ බව කොමිසමේ ප්‍රකාශකයෙක් කීවේය. පොලිස්පතිවරයා කොමිෂන් සභා තීරණය ක්‍රියාත්මක නොකර ඇතැයි කියමින් එම තීන්දුව ක්‍රියාත්මක කරන ලෙස දන්වමින් ජාතික පොලිස් කොමිෂන් සභාවේ ලේකම් ඩී එම් එස් දිසානායක මහතා අප්‍රේල් නව වැනි දා නීතිය හා සාමය අමාත්‍යංශයේ ලේකම්වරයාට හා පොලිස්පතිවරයට දෙවැනි වරටත් ලිඛිතව දැනුම් දීමෙන් පසු මැයි මාසයේ දී ප්‍රියදර්ශන හේරත් මහතා රාජකාරියේ පිහිටුවා ඇත. 2009 සැප්තැම්බර් මස නව වැනි දා ප්‍රියදර්ශන හේරත් මහතා සිදු කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් පොලිස්පතිවරයා යළිත් වරක් ඒ මහතාගේ වැඩ තහනම් කර එම නියෝගය නැගෙනහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා වෙත යවා තිබේ. මෙම චෝදනාව සම්බන්ධයෙන් 2016 වසරේ දී එවකට විනය හා කල්ක්‍රියා දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පොලිස් අධිකාරීවරයාට අවවාද පත්‍රියාවක් ලබා දී තිබිය දී මෙම වැඩ තහනම් කිරිම සිදු කර ඇතැයි පොලිස් ආරංචි මාර්ග පවසයි. මේ සම්බන්ධයෙන් කළ විමසීමේ දී ජාතික පොලිස් කොමිෂන් සභාවේ උසස් නිලධාරියකු පැවසුවේ සහකාර පොලිස් අධිකාරී නිලයෙන් ඉහළ නිලධාරියකුගේ වැඩ තහනම් කළ යුත්තේ ජාතික පොලිස් කොමිෂන් සභාව වුවත් තම කොමිෂන් සභාව එම නිලධාරියාගේ වැඩ තහනම් කිරීමට තීරණයක් ගෙන නොමැති බවයි. පොලිස්පතිවරයා මෙලස වැඩ තහනම් කිරීම ගැන එම පොලිස් අධිකාරීවරයා අද ජාතික පොලිස් කොමිෂන් සභාවට පැමිණිල්ලක් කළ බව ද එම නිලධාරියා කීවේය.මේ සම්බන්ධයෙන් විමසීමට පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා සම්බන්ධ කර ගැනීමට උත්සාහ කළ ද එය අසාර්ථන විය. | පොලිස්පති නියෝගය විසිකර පොලිස් අධිකාරී සේවයේ පිහිටුවන්න නියෝග | 0 |
hp_train_7462 | උතුරු සහ නැගෙනහිර පළාත්වල හැර අනෙකුත් ප්‍රදේශවල තැනින් තැන සවස 2.00 න් පසුව වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණය කියයි.නිරිතදිග හා දකුණු වෙරළබඩ ප්‍රදේශවල උදය කාලයේදී ද වැසි ස්වල්පයක් ඇති විය හැකියි. ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්රලදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැක. | 'පළාත් කීපයකට ගිගුරුම් සහිත වැසි' | 1 |
hp_train_7463 | බිඟුන් මේනක ගමගේ පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතාට විපක්ෂ නායක ධූරය ලබාදෙන්නැයි ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් කළ ඉල්ලීම සම්බන්ධයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අදහස කතානායක කරු ජයසූරිය මහතා එහි මහලේකම් මහින්ද අමරවීර ඇමැතිවරයාගෙන් ලිඛිතව විමසන්නට අද කටයුතු කර ඇත. කිසියම් පක්ෂයකින් තේරී පත් වූ මන්ත්‍රීවරු පිරිසක් , කණ්ඩායම් කිහිපයක් හෝ තනි කණ්ඩායමක් ලෙස ඒකරාශී වී තමන් කැමැති මන්ත්රිවරයෙකුට විපක්ෂ නායක ධුරය ලබා දෙන ලෙස ඉල්ලා සිටින විටක එම මන්ත්‍රීවරුන් තේරීපත් වූ පක්ෂයේ නිල මතය කවරක් ද යන්න විමසීම කථානායකවරයාගේ වගකීම යැයි ද ඒ අනුව මෙම විමසීම කර ඇතැයි ද කතානායක මාධ්‍ය අංශය පවසයි. එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරු ලෙස පාර්ලිමේන්තුවට තේරීපත් වූ තමන් නියෝජනය කරන කණ්ඩායමට පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් හැත්තෑ දෙනෙකු අයත් යැයි ද ඒ නිසා පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධූරය එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන දිනේෂ් ගුණවර්ධන මහතා වෙත ලබා දෙන්නැයි ද ඉල්ලා සිටිමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු අට දෙනෙකු විසින් අත්සන් තබන ලද ලිපියක් ජූලි 30 වැනිදා කථානායකවරයා වෙත ඉදිරිපත් කර තිබිණි. | කතානායක විපක්ෂනායක ධූරය ගැන සන්ධාන මතය විමසයි | 1 |
hp_train_7464 | (පොලොන්නරුව ක.ග. කරුණාරත්න)දේශපාලන විරුද්ධවාදීන් කුමන විවේචන කළත් වත්මන් රජය යටතේ රටේ කෘෂි ආර්ථිකය, ජාතික ආර්ථිකය හා හෙට දවස වෙනුවෙන් විශාල වැඩකොටසක් සිදුකර ඇති බවත්, දේශපාලනඥයන්ගේ ආරවුල් හා ගැටුම් පමණක් දකින මාධ්‍ය එවැනිදේ විකාශය නොකරන බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පොළොන්නරුවේදී පැවසීය.මාධ්‍ය තුළින් පවසන ආකාරයේ විනාශයක් රටට වී නැතැයි කී ජනාධිපතිවරයා බුද්ධිමත් ජනතාව එය තේරුම් ගෙන ඇතැයිද සඳහන් කළේය.ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ අදහස් පළ කළේ රුපියල් ලක්ෂ 132 ක වියදමින් වැලිකන්ද නගරයේ ඉදිකළ නව ගොවි ජනසේවා මධ්‍යස්ථානය විවෘත කිරීමෙන් අනතුරුව පැවැති ගොවි ජන හමුවක් අමතමිනි.මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙසේද කීය.වැලිකන්ද ප්‍රදේශයේ ගොවි ජනතාව පොලොන්නරුව දිස්ත්‍රික්කයේ ගොවීන් අතරේ ඉතාම දුෂ්කර ජීවිතයක් ගත කරන අය. ඔවුන්ගේ ජීවන රටාව, ආර්ථික පසුබිම ජීවත්වීමට තිබෙන්නාවූ අභියෝග, ගැටලු එක්, එක් ප්‍රදේශවල එය වෙනස් වෙනවා.මහනුවර දිස්ත්‍රික්කයේ, කෑගල්ල දිස්ත්‍රික්කයේ ගොවියෙකුගේ තිබෙන ප්‍රශ්නවලට වඩා පොලොන්නරුව, අනුරාධපුර දිස්ත්‍රික්කවල ගොවීන්ගේ ප්‍රශ්න වෙනස්. පොලොන්නරුව දිස්ත්‍රික්කයේත් පරාක්‍රම සමුද්‍රය, මින්නේරිය කවුඩුල්ල ව්‍යාපාරවල ගොවීන්ට තිබෙන ප්‍රශ්නවලට වඩා වැලිකන්දේ මහවැලි ව්‍යාපාරවල තිබෙන ගොවි ජනතාවගේ ප්‍රශ්න සහ ගැටලු වෙනස්. ඩී.එස්. සේනානායක මැතිතුමාගේ මුල් ගොවි ජනපද සංකල්පය සහ කෘෂිකර්ම ප්‍රතිපත්තිය තුළ අපේ රටේ උතුරු මැද, නැගෙනහිර විශේෂයෙන්ම එදා ඇතිවූ ගොවිජනපද ව්‍යාපාර තුළ එහි ආරම්භයත් සමඟ ඒවායේ සාර්ථකත්වය ඒ ජනතාව දකින්නේ රටක් විදියට අදයි.ඒ අවුරුදු 60 ක් 70 ක් වගේ කාලයක් ගෙවී ගිහිල්ලා. ඒ ප්‍රදේශවල ජනතාවගේ ආර්ථිකය සහ වැලිකන්ද ගොවි ජනතාවගේ ආර්ථිකයේ බොහෝ වෙනස්කම් තිබෙනවා. ජීවන තත්ත්වයේ බොහෝ ප්‍රශ්න තිබෙනවා. අධ්‍යාපනය, සෞඛ්‍ය, කෘෂිකර්මාන්තය අනෙකුත් ජීවන රටාවන් ඒ සියල්ල තුළ වෙනස්කම් රාශියක් තිබෙනවා. අපි ප්‍රධාන වශයෙන්ම ඒවා හඳුනාගෙන කටයුතු කිරීම ඉතාමත් වැදගත් වෙනවා.වැලිකන්ද ජනතාව මුහුණදෙන වල් අලි ප්රශ්නය සහ පානීය ජල ප්රශ්නය පිළිබඳව මෙතැනදී ඉදිරිපත් වුණා. ඒ ප්‍රශ්න දෙකටම මේ වනවිට මූලික විසඳුම් දීලා තිබෙනවා.ඒ වගේම කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, ගොවිජන සේවා දෙපාර්තමේන්තුව, මහවැලි අධිකාරිය මේ රටේ ගොවි ආර්ථිකය ශක්තිමත් කිරීමේ ප්රමුඛ කාර්ය උසුලන ආයතන. කෘෂිකර්ම ඇමැතිවරයකු විදියට මට තිබෙනා අවුරුදු පහක අත්දැකීම් එක්ක මම දන්නවා කෘෂිකර්ම අමාත්‍යංශයත්, මහවැලි අමාත්‍යංශය වගේම වාරිමාර්ග අමාත්‍යාංශය ඒකාබද්ධව දැනට කරන සංවර්ධන කටයුතුවල යහපත් ප්‍රතිඵල රාශියක් ඉදිරියේදී තවත් ඵලදායී ලෙස ලබා ගන්නට පුළුවන්කම තිබෙනවා.මේ රටේ වැඩිපුර දුක් විඳින්නේ ගොවි ජනතාව. ඒ තුළ වඩාත් දුෂ්කරතාවට පත්වෙච්ච ගොවීන් විශාල පිරිසක් ඉන්නවා. තමුන්නාන්සේලාගේ ජීවිත තුළ සැපතක් සතුටක් ලබපු අය නොවෙයි. තමුන්නාන්සේලාගේ ප්‍රාර්ථනා තිබෙන්නේ තමුන්නාන්සේලා ගත කරන ජීවිතය තමුන්නාන්සේලාගේ දරුවන්ට නොදීමයි. ඒ සඳහා අපි රජයක් විදියට කැප වෙනවා.ඒ නිසා තමා මේ පොලොන්නරුව දිස්ත්‍රික්කයේ විශාල සංවර්ධන ව්‍යාපෘති කරගෙන යන්න මේ ගොවිජන සේවා මධ්‍යස්ථානය තමුන්නාන්සේලාට ලබා දෙන්නේ. මෙය එදා හෙක්ටර් කොබ්බෑකඩුව කෘෂිකර්ම ඇමැතිතුමා 1970 සිරිමා බණ්ඩාරනායක මැතිනියගේ රජය යටතේ ආරම්භ කළ ගොවිජන සේවා මධ්‍යස්ථාන හාරසිය ගණනක වැඩපිළිවෙළේ එක අවස්ථාවක්.කෘෂිකර්ම ක්ෂේත්රය ගත්විට මේ වකවානුව මම දකින්නේ දේශපාලන විරුද්ධවාදීන් මොනවා කිව්වත් මොන විවේචන කළත් මේ රටේ ගොවි ආර්ථිකයට සහ කෘෂි ආර්ථිකයට ජාතික ආර්ථිකයට හෙට දවසට ඉතාම වාසනාවන්ත කාලයක්. අපි මේ වන විට නියඟයෙන් පීඩා විඳි ජනතාවට රුපියල් කෝටි දහස් ගාණක් දීලා තිබෙනවා. කිසිම ආණ්ඩුවක් එච්චර දීලා නෑ. නියඟය වෙනුවෙන් ආපදා වෙනුවෙන්.තමුන්නාන්සේලා හවසට රූපවාහිනිය බලපුවහම නම් ඒව මොකක්වත් නෑ. ආණ්ඩුව කරන දේකුත් නෑ. ආණ්ඩුව කරපු දේකුත් නෑ. රූපවාහිනියේ දැන් හවසට තියෙන්නේ ඔක්කෝම දේශපාලනඥයින්ගේ ආරවුල් ගැටුම් බැණගන්න ඒවා. රටක් නෑ කියලා තමයි පෙන්නන්නේ. නමුත් රටක් ගොඩනගන්න ආණ්ඩුවක් විදියට ඒ වැඩ ඉතාම සාර්ථකව අපි කරලා තිබෙනවා.කළුගඟ ජලාශයට ජලය එක් කිරීම ලබන 23 වැනිදා අපි සුබ මොහොතින් සුබ නැකතකින් පටන් ගන්නවා. කළුගඟ මොරගහකන්ද මහා ජලාශයත්, ඉහළ ඇලහැර ඇළ, වයඹ ඇළ, උතුරුමැද මහ ඇළ ඒ යටතේ හැදෙන වාරි පද්ධතිය වැව් 2400 ට රුපියල් කෝටි 22000 ක් අපි වැය කරනවා. මේ වනවිට රුපියල් කෝටි 11000 කට වැඩිය වියදම් වෙලා තිබෙනවා. ඒ ඇළවල්වල, වැව්වල වැඩ පටන් අරන් තිබෙනවා. ආසියානු සංවර්ධන බැංකුව, කුවේට් අරමුදල, සෞදි අරමුදල විදේශීය මූල්‍ය ආයතන සියල්ලම අපිට සල්ලි සම්පූර්ණයෙන් දීලයි තියෙන්නේ. අපිට මුදල්වල කිසිම අඩුවක් නෑ. මේ රටේ පෙර රජ දවසෙන් පස්සේ මේ වගේ වාරිකෘෂි යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක වෙලා නෑ. ඒක බොහොම පැහැදිලිව කියනව. සමහර අය අහනවා අපි මොනවද කෙරුවෙ කියලා. අපි කරපු ඒවා පෙන්නන්න හවසට රූපවාහිනිය ඉස්සරහ ඉඳගත්තට හරියන්නේ නෑ. ඒකෙ පෙන්නන්නේ ඔක්කොම රටේ අවුල් තමයි. ඒක නිසා ඒවා පෙන්නන්න පුළුවන් ඒ වැඩ කරන තැන්වලට ආපුවහමයි. මොරගහකන්දට ගියහම, කලුගඟට ගියාම වයඹ මහ ඇළ වැඩ පටන් අරන් තියෙනවා. උතුරු මහ ඇළ වැඩ පටන් අරන් තියෙනවා. ඉහළ ඇලහැර ඇළ පටන් අරන් තියෙනවා. වැව් 2400 පටන් අරන් තියෙනවා. කෝටි 22000 ක් මේ සඳහා වැය කරනවා. මම මේවා කියන්නේ තමුන්නාන්සේලාගේ කනට හැම වේලේම ඇහෙන්නේත් ඇහැට පේන්නේත් මේ අලුත් තාක්ෂණයත් එක්ක අමු පච බේගල් සහ ගැටුම් විතරයි. රටේ යහපතට ආණ්ඩුවක් විදියට කරන දේවල් ඒවා පෙන්නන්නේ නෑ. ඒවා කියන්නේ නෑ. මාධ්‍යවල මහත්තුරුන්ටත් ලොකු සනීපයක් තියෙන්නේ අවුල් පෙන්නපුවහම තමයි. හිතනවා මේවා පෙන්නපුවහම තමයි මේවා බලන්නේ කියලා. නමුත් ඒ මාධ්‍යයෙන් කියන විදියටම පෙන්නන විදියටම ඔය අවුල් ජනතාව පිළිගන්නේ නෑ.මම පසුගිය ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙච්ච වෙලාවේ මට මගේ පැත්තට හිටියේ සිරස ආයතනය විතරයි. වෙන එකක්වත් ජනාධිපති ඡන්දයේදී හිටියේ නෑ. නමුත් රටේ මහජනයා ඒ රූපවාහිනීවල පෙන්නපු විකාර, තිත්ත කුණුහරුප, චරිත ඝාතන ඒවා එකක්වත් සැලකුවේ නෑ. ඒක නිසා ඒ මාධ්‍ය ඇතැම් වෙලාවට ගන්න අසාර්ථක උත්සාහයන් බුද්ධිමත් ජනතාව ප්‍රතික්ෂේප කරනවා.තමුන්නාන්සේලාත් ගෙදර ඉඳගෙන, ගේ ඇතුළේ ඉඳගෙන රූපවාහිනිය දාපුවහම ඒක දිහා බලාගෙන ඉන්නවා. අප්පච්චියේ රටට වෙන දෙයක් කියලා. ඔය රූපවාහිනියේ පෙන්වන එහෙම දෙයක් රටට වෙලා නෑ. එහෙම අස්ථාවරත්වයක් මේ රටේ සිද්ධවෙලා නෑ. අපි ආණ්ඩුවක් විදියට රජයක් විදියට විශාල වැඩකොටසක් කරනවා. කරගෙන යනවා. ඉදිරියටත් යනවා. එන දේශපාලන අභියෝගවලටත් අපි මුහුණ දෙනවා.කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර මහතාරටක් විදියට මේ රටේ ගොවි ජනතාව ආරක්ෂා කිරීමේ වගකීම මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා බාරගෙන තිබෙනවා. එතුමා ඒ වැඩපිළිවෙළ අදියර ගණනාවක් ඔස්සේ ක්‍රියාත්මක කරලා තිබෙනවා. අද මේ වෙනකොට මට බය නැතුව කියන්න පුළුවන් මේ රටේ ඉතිහාසයේ ගොවි ජනතාව වෙනුවෙන් වඩාත්ම සහන ලබාදුන්න කාලයක් තිබෙනවා නම් ඒ වාර්තාව තියල තියෙන්නේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාගේ කාල පරාසයේයි කියලා.අපි මේ අවුරුද්දේ පොහොර සහනාධාරයට විතරක් රුපියල් මිලියන 33000 ක් වියදම් කරනවා. ඉතිහාසයේ වැඩිම මුදල. ඒ විතරක් නෙවෙයි වගා පාළු වෙනුවෙන් රක්ෂණ ආවරණයක් ලබාදීලා තිබෙනවා. හෙක්ටයාර් එකකට රුපියල් ලක්ෂයක රක්ෂණයක් ලබා දෙනවා.කෘෂිකර්ම නියෝජ්‍ය ඇමති අංගජන් රාමනාදන්, උතුරු මැද පළාත් සභාවේ හිටපු මහ ඇමැති පේෂල ජයරත්න, ගොවි ජන සේවා කොමසාරිස් මද්දුම බණ්ඩා වීරසේකර, පොලොන්නරුව දිස්ත්‍රික් ලේකම් රංජිත් ආරියරත්න යන මහත්වරුන්ද පොලොන්නරුව ගොවිජන සේවා සහකාර කොමසාරිස් හර්ෂණී කුමාරිහාමි මහත්මිය ද ඇතුළු විශාල පිරිසක් මේ අවස්ථාවට සහභාගි වූහ. | ආණ්ඩුවට මොන චෝදනා තිබුණත් මම මුල්තැන දෙන්නේ කෘෂි කර්මාන්තය දියුණු කිරීමටයි | 0 |
hp_train_7465 | තරිඳු ජයවර්ධන ආන්දෝලනයකට තුඩු දී ඇති කතරගම පොලිස් ස්ථානාධිපතිගේ ස්ථාන මාරුව සම්බන්ධයෙන් නීතිය හා සාමය අමාත්‍යංශය ඉදිරිපත් කළ නිර්දේශයක් ප්‍රතික්ෂේප කළ ජාතික පොලිස් කොමිෂන් සභාව එම ස්ථාන මාරුව පෙර පරිදිම ක්‍රියාත්මක කරන ලෙස අද නියෝග කළේය. කතරගම පොලිස් ස්ථානාධිපති ලෙස කටයුතු කළ ප්‍රධාන පොලිස් පරීක්ෂක එස් කේ උපාලි මහතා ගම්පහ කොට්ඨාසයේ සාමාන්‍ය රාජකාරි සදහා යොමු කරන ලෙස ජාතික පොලිස් කොමිෂන් සභාව මීට සති දෙකකට පෙර නියෝග කළේය. එසේ තිබිය දී ඔහු පූගොඩ ස්ථානාධිපති ලෙස පත්කරමින් පොලිස්පතිවරයා පොලිස් පණිවුඩයක් නිකුත් කර තිබුණු අතර ඒ ගැන පසුගිය සතියේ රැස්වූ ජාතික පොලිස් කොමිසමේ දී විවේචනයට ලක් විය. දේශපාලනඥයකුගේ ඉල්ලීමත් මත ජාතික පොලිස් කොමිසම සහ පොලිසිය ඔහු පූගොඩ පොලිස් ස්ථානාධිපති ලෙස පත් කළ බවට ද චෝදනා එල්ල විය. ඒ සමගම ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා පූගොඩ ස්ථානාධිපති ලෙස පත් කළ පොලිස් පණිවුඩය අහෝසි කර ඔහු ගම්පහ කොට්ඨාසයේ සාමාන්‍ය රාජකාරි සදහා යොදවන ලෙස කොමිසම පසුගිය සතියේ යළිත් වරක් නියෝග කර තිබිණි. එම නියෝගය ක්‍රියාත්මක නොවූ අතර ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා සම්බන්ධයෙන් පැවැත්වෙන විමර්ශන අවසන් වන තෙක් ඔහු පූගොඩ පොලිස් ස්ථානාධිපති ධුරයේ තබන ලෙස නීතිය හා සාමය අමාත්‍යංශය පසුගියදා ජාතික පොලිස් කොමිෂන් සභාවෙන් ලිඛිත ඉල්ලීමක් කළේය. ජාතික පොලිස් කොමිෂන් සභාව අද රැස්වූ අවස්ථාවේ දී මෙම ලිපිය සාකච්ඡාවට ගත් අතර එහි දී කොමිසම නීතිය හා සාමය අමාත්‍යංශයේ ලිපිය ප්‍රතික්ෂේප කරමින් කොමිසම මීට පෙර දුන් නියෝග ක්‍රියාත්මක කිරීමට නියෝග කළ බව එහි ආරංචි මාර්ග කියයි. ඒ අනුව ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා වහාම ගම්පහ කොට්ඨාසයේ සාමාන්‍ය රාජකාරි සඳහා යොදවන ලෙස ජාතික පොලිස් කොමිෂන් සභාව පොලිස්පතිවරයාට උපදෙස් දී තිබේ. ඊට පොලිස්පතිවරයා ද එකඟතාවය පළ කළ බව කොමිසමේ ආරංචි මාර්ග පවසයි. | කතරගම ස්ථානාධිපති පූගොඩට දැමීමේ පොලිස් පණිවුඩය කොමිසමෙන් අවලංගු කරයි | 0 |
hp_train_7466 | (ඩයනා උදයංගනී)කොවිඩ් ආසාදිතවූ තවත් 45 දෙනකු ඊයේ (24) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (25) තහවුරු කළේය.ඒ සමඟ මෙරටින් වාර්තා වූ කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 4,099ක් දක්වා ඉහළ ගොස් ඇත.මියගිය අය අතර පිරිමි අය 23 දෙනෙක් සහ කාන්තාවෝ 22 දෙනෙක් වෙති.මියගිය අයගෙන් 37 දෙනකු වයස අවුරුදු 60 ට වැඩි අය වන අතර අවුරුදු 30 ත් 59 ත් අතර වයසේ පසුවන 7 දෙනක් සහ වයස 30 ට අඩු එක්අයෙක් ද වෙති. | කොරෝනා මරණ 67ක් වාර්තා වෙයි | 0 |
hp_train_7467 | (අංජුල මහික වීරරත්න නාත්තණ්ඩිය සිට)‘‘පරම්පරා තුනක් උකසට තබා රාජපක්ෂ රජය ගත් ණය කන්දෙන් රුපියල් කෝටි ලක්ෂ තුනක් 2018-2019 වසරවලදී ගෙවා දමා ශක්තිමත් ආර්ථිකය ගොඩනැගීමට ඉදිරි අය-වැයෙන් පියවර ගන්නා බව’’ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා නාත්තණ්ඩියේදී ඊයේ (18) පැවැසීය.‘‘යහපාලන ජාතික රජය කිසිවිටෙක ජනතාව ණය බරක අතරමං කර පලා යන්නේ නැතැයි’’ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය.අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ බව කීවේ නාත්තණ්ඩිය, මානිංගල, අශෝකපුර ආදර්ශ ගම්මානය විවෘත කිරීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වෙමිනි.නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශය ක්‍රියාත්මක කරන නිවාස ව්‍යාපෘතිය නව නිවාස 98කින් සමන්විතය.රුපියල් කෝටි 54 ක වියදමකින් අශෝකපුර නිවාස ව්‍යාපෘතිය ඉදි කෙරෙයි.එහිදී තවදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ ද කීවේය.‘‘ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසමේ සභාපතිවරයා සමග සාකච්ඡා කර ඉඩම් ප්රශ්නය විසඳා දෙන ලෙස අශෝක ප්‍රියන්ත මන්ත්‍රීතුමා මට පැවැසුවා. මා එහිදී සභාපතිවරයා සහ අශෝක ප්‍රියන්ත මන්ත්‍රීතුමා කැඳවා ප්‍රශ්නයට විසඳුමක් දුන්නා.නමුත් ප්රශ්නය එතැනින් අවසන් වූයේ නැහැ. ඇතැම් අවස්ථාවලදී ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව අදාළ නියෝග අනුව ක්‍රියා කළේ නැහැ.නිවාස ඉදිකිරීම සඳහා අශෝක මන්ත්‍රීතුමා විශාල සටනක් ගෙනගියා. මෙවැනි සටනක් ගෙන යන්නේ ඇයි දැයි මා ඇසුවා. මෙහි ජනතාවට ඉඩමක් නිවෙසක් නැති බවත්, කුලී ගෙවල්වල ජීවත්වන බවත් මන්ත්‍රීතුමා මට පැවැසුවා.දරුවන්ට හරියාකාර අධ්‍යාපනය ලබා ගැනීමට වාතාවරණය නැති නිසා ඔවුන් වෙනුවෙන් සටන් කරන බවත් පැවැසුවා. අශෝකපුර වැඩසටහන ආරම්භ කළේ එතුමාගේ ධෛර්යය ශක්තිය සමගයි. ඒ සමගම එතුමා නායකත්වය ගෙන ඉදිරියට ගියා.නිරෝෂන් පෙරේරා ඇමැතිතුමාත් මේ පිළිබඳව මට විටින් විට කරුණු වාර්තා කළා. එතුමා ගත් උත්සාහය නිසා අද මට මෙහි පැමිණ අශෝකපුර නිවාස ව්‍යාපෘතිය විවෘත කරන්න හැකියාව ලැබුණා. හැරල්ඞ් හේරත් ඇමැතිතුමා ලෙසින්ම අශෝක මන්ත්‍රීතුමා ද මේ ප්‍රදේශ දියුණු කිරීමට කටයුතු කරනවා.නාත්තණ්ඩිය වැනි ප්‍රදේශ සංවර්ධනය කළ යුතුයි. බිංගිරිය, නාත්තණ්ඩිය, වෙන්නප්පුව ප්‍රදේශ ආශ්‍රිතව විශාල සංවර්ධන වැඩසටහන් තිබෙනවා. අශෝක මන්ත්‍රීතුමා පාර්ලිමේන්තුවේදීත් නිරන්තරයෙන් ආණ්ඩුවේ ප්‍රතිපත්ති පිළිබඳව අදහස් දක්වනවා. පක්ෂයේ අනාගතය තහවුරු කිරීම සඳහා අපට අවශ්‍ය වන්නේ තරුණ මන්ත්‍රීවරුන් බව කිව යුතුයි.නිවාස යෝජනා ක්‍රමයට විදුලි බලය සපයා ගැනීම සඳහා අජිත් පී. පෙරේරා නියෝජ්‍ය ඇමැතිතුමා මූලික වී ක්‍රියා කළා.වයඹ සංවර්ධන අමාත්‍ය එස්.බී. නාවින්න මහතා මෙහි මාර්ග පද්ධතිය ඉදිකිරීම සඳහා කටයුතු කළා.සජිත් පේ‍්‍රමදාස ඇමැතිතුමා පියාගේ අමාත්‍යාංශය බාරගෙන රට වටා නිවාස ඉදිකිරීමේ වැඩසටහන ක්‍රියාත්මක කරනවා. දැනට එතුමා නිවාස යෝජනා ක්‍රම 470 ක් ඉදිකරමින් සිටිනවා. එතුමා නිවාස ව්‍යාපෘති 2000 ඉලක්ක කර ගනිමින් වැඩ කරනවා.මේ වැඩසටහන යටතේ නිවාස ඉදිකර ගැනීමට අවශ්‍ය පහසුකම් සියල්ල දෙනවා. පසුගිය වසරේදී මේ ආධාර ක්‍රමය යටතේ නිවාස ලක්ෂ දෙකකට වඩා ආරම්භ කළා. එය කළ හැකි වූයේ ඇයි? ශක්තිමත් ආර්ථිකය ඇති කිරීමට පියවර ගත් නිසයි.2015 ජනාධිපතිවරණය හදිසියේ පැවැත්වූයේ ඇයි? එවකට පැවැති රජයට මෙරට ආර්ථිකය පාලනය කරන්න නොහැකි වුණා. ණය බර වැඩි වුණා. රජයේ ආදායම ණය ගෙවීමට ප්‍රමාණවත් වූයේ නැහැ.2018x2019 වසර වනවිට ආපසු ගෙවීම සඳහා විශාල ණය ප්‍රමාණයක් තිබුණා. එය ගෙවන්න නොහැකි තත්ත්වය උදා වූවා. ඒ නිසා නියමිත කාලයට පෙර මැතිවරණය පැවැත්වීමට රාජපක්ෂ තීරණය කළා. ඒ වනවිට රටේ ආර්ථිකය කඩා වැටී තිබුණා. ආණ්ඩුව මුදල් සොයා ගත්තේ ඉන්ධන හා අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා බදු පැනවීම මඟිනුයි.අපේ ප්‍රතිපත්තිය වන්නේ ලෝක වෙළෙඳ පොළෙහි මිල අඩුවන විට මෙහි මිල අඩු කිරීමත්, ලෝක වෙළෙඳ පොළෙහි මිල වැඩිවන විට වැඩි කිරීමත් බව සඳහන් කළ යුතුයි. නමුත් පසුගිය රජය මිල අඩුවන විට අඩු කිරීමට පෙළඹුණේ නැහැ. ඒ නිසා ජනතාවට ජීවත්වීම අසීරු වුණා.එවන් අවස්ථාවකදී මෛත්‍රීපාල සිරිසේන මහතා පොදු අපේක්ෂක බවට පත්කර ජනපතිවරණය ජයගෙන මා අග්‍රාමාත්‍යවරයා ලෙස පත්වුණා.ඒ අවස්ථාවේදී මැරෙන්න යන ලෙඩෙකු ඔබ විසින් බාරගෙන තිබෙන බව මට ආර්ථික විශේෂඥයින් දැනුම් දුන්නා. ලෙඩා මියයන බව පැවැසුවා. ලෙඩා මිය යන්නේ නැති බවත් ජීවත් කළ යුතු බවත් එහිදී මා දැනුම් දුන්නා. මා අභියෝගය බාරගත්තේ ඒ අනුවයි. ආණ්ඩුව හැදුවේ එවැනි වාතාවරණයකයි.2015 ජනවාරි මාසයේ අප ආණ්ඩුව ගත් පසුව ඊළඟ මාස තුන රට ගෙනයන්නවත් මුදල් තිබුණේ නැහැ. අයxවැයෙන් අප සහන ගණනාවක් දුන්නා. පඩි වැඩි කළා. අප කෙසේ හෝ රාජ්‍ය සේවක වැටුප රුපියල් දස දහසකින් වැඩි කළා.අප කෙසේ හෝ ආර්ථිකය ගොඩගෙන ඉදිරියට යනවා. රට පෙර පරිදි යන්න දුන්නා නම් ණය ගෙවීම මේ පරපුරට පමණක් නොව ඊට පසු පරම්පරාවලටත් බලපානවා. ණය අපේ කාලයේදීම ගෙවා දමනවාද? නැතිනම් ඊළඟ පරපුරට බාර දෙනවාද කියා තීරණය කළා.අප ආර්ථිකය ගොඩනැගීම සඳහා අවතීර්ණ වූයේ මේ කරුණු තීරණය කිරීමෙන් පසුවයි. මෙරට ආදායම වැඩි කිරීමට අද අපට හැකිවෙලා.බදු පැහැරහැර ඇති අයගෙන් බදු අය කළා. වැට් බදු හඳුන්වාදීමේදී අපට දොස් කිව්වා. එහෙත් අද රටේ ආදායම් තත්ත්වය නිසා ණය ගෙවීම් කළමනාකරණය කර ගන්න හැකියි.2015 වසරේදී අපට ණය ගෙවීමට ආදායම තිබුණේ නැහැ. අපට දැන් තිබෙන ආදායමෙන් ණය ගෙවීමට හැකියි. අපේ ආදායම තවත් වැඩිකරගත යුතුයි.එදා අප රට බාරගන්නා විට රජයේ වියදම් ආදායමට වඩා වැඩියි. රජයේ වියදම් හා ආදායම් දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 5.7 ක වෙනසක් තිබුණා. 2020 වනවිට ඒ වෙනස 3.5% දක්වා අඩු කරනවා.මේ වසර දෙක තුළදී නිවාස ඉදිකිරීමට ආධාර කරන්න හැකිවුණා. එමෙන්ම උතුරු-නැගෙනහිර අලූතින් නිවාස ඉදි කරනවා. බිම් අඟලක් නැති වතුකරයේ ජනතාව සඳහා පර්චස් 7 බැගින් වන නිවාස ඉදිකරනවා.කොළඹ පැල්පත්වල ජීවත් වන අඩු ආදායම් ලබන අයට මහල් නිවාස දී ඔවුන් ජීවත් වූ ඉඩම් වෙනත් සංවර්ධන කටයුතු සඳහා යොදවනවා.එමෙන්ම මධ්‍යම පාන්තිකයන්ට නිවාස ගැනීම සඳහා ණය දෙනවා. දැන් ඒ වෙනුවෙන් දෙන ණය ප්‍රමාණය වැඩි කරලා ඉදිකරන නිවාස ප්‍රමාණය ද වැඩි කරනවා.කොළඹ නගරයේ පැල්පත්වල ජීවත්වන අඩු ආදායම් ජනතාවට ඉදිකරන මහල් නිවාස ප්‍රමාණය වැඩි කරනවා. සියල්ල කරන්නේ අපට ශක්තිමත් ආර්ථිකය ගොඩනැගීමට හැකියාව ලැබුණු නිසයි.හොඳම පාසල - ළඟම පාසල වැඩසටහන යටතේ අධ්‍යාපන ක්ෂේත්රය දියුණු කරනවා. ශිෂ්‍ය රක්ෂණ ක්‍රමය ආරම්භ කළා.එමෙන්ම සෞඛ්‍ය ක්ෂෙත්රයට මුදල් දුන්නා. විදුලි බලය, නිවාස ඉදි කිරීම, වාරිමාර්ග ආදියට මුදල් දී තිබෙනවා.සියල්ල කළේ එදා ඉදිරියට ගෙනයාමට නොහැකිව කඩා වැටුණු ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීම නිසයි.නමුත් අපට තවත් ණය ගෙවීමට තිබෙනවා. ඒ නිසා ඇතැම් ණය පාලනය කරන්න වැඩසටහන ක්‍රියාත්මක කරනවා. ණය පාලනය කර ආදායම් වැඩි කරන්නේ කෙසේද? මෙරට උද්ධමනය පාලනය කරන්නේ කෙසේද?ජල ගැල්මට, නියඟයට, කුණු කඳු නායයෑම්, ඩෙංගු වසංගතවලට මුහුණ දෙන්න වුණා. ආර්ථිකය සම්පූර්ණයෙන්ම කඩා වැටෙණු ඇතැයි ඇතැමුන් සිතුවා. නමුත් එලෙස ආර්ථිකය වැටුණේ නැහැ. මේ වනවිට 4% හෝ 4.5% ක හෝ වර්ධන වේගය බලාපොරොත්තු වෙනවා.ගංවතුර නිසා කෘෂිකර්මාන්තය, වී ගොවිතැන ආදියට හානි වුණා. පොල් වගාවට හානි වුණා. විදුලි ගාස්තු වැඩි වුණා. ශක්තිමත් ආර්ථිකය ගොඩනැගූ නිසා ඊට මුහුණ දී අදත් අපට ඉදිරියට යාමට හැකියාව තිබෙනවා.අපට තව දුර ගමනක් තිබෙනවා. ණය කන්දේ මුදුනට තවම පැමිණ නැහැ. ණය කන්දේ මුදුනට එන්න වන්නේ 2018x2019 වසරවලයි. රාජපක්ෂලා ණය ගත්තේ පරම්පරා තුනක් උකසට තැබීමෙනුයි.ලබන වසරේත්, ඊළඟ වසරේත් ගෙවීමට ඇති ණය ප්‍රමාණය රුපියල් කෝටි ලක්ෂ තුනක් වෙනවා. මේ ණය ගෙවන්නේ කෙසේද? මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා 2018 සහ 2019 අය වැයෙන් අවධානය යොමු කරන්නේ ඒ අරමුණ ඉටුකර ගැනීම සඳහායි.මේ මුදල ගෙවා දැමූ පසු අපට කන්ද උඩටම යන්න හැකියාව ලැබෙනවා.ණය ගෙවූ පසු ඊළඟ වටයේ ණය ගෙවීමට තවත් ශක්තිය තිබෙනවා. කෝටි ලක්ෂ තුන ගෙවීමටත් අපට හැකියි. අප වියදම් පාලනය කර ඉදිරියට යමු. මෙවැනි විශාල මුදලක් ගෙවීම ලෙහෙසි පහසු කටයුත්තක් නොවෙයි. නමුත් කෙසේ හෝ මේ මුදල ගෙවිය යුතුයි.ණය අපේ පරම්පරාව විසින්ම ගෙවා දැමිය යුතුයි. ඊළඟ පරපුරට ණය බාරදීමට මා සූදානම් නැහැ. ණය ගෙවීමට වසර 10ක් අවශ්‍ය නැහැ. අපේ ආණ්ඩු සමයේදී අප කන්ද උඩටම යමු.කෝටි ලක්ෂ තුනක ණයක් අනාගත පරපුරට උරුම කිරීමට මට අවශ්‍ය නැහැ.අප රජය කිසිවිටෙක වගකීම අතහැර පැන යන්නේ නැහැ. ආර්ථිකය ගොඩනගා 2018x2019 කාලයේදී ගෙවීමට ඇති කෝටි ලක්ෂ තුනක විශාලතම ණය බර ගෙවා දමනවා. ඉදිරි අයවැයෙන් අවධානය යොමු කරන්නේ ඒ ඉලක්කය සඳහායි.ඒ සමගම අප නිවාසවලට මුදල් දෙනවා. අවුරුදු 13ක අධ්‍යාපනය අනිවාර්ය කර වෘත්තීය අධ්‍යාපනය සඳහා මුදල් දෙනවා. කුඩා ව්‍යාපාර සඳහා ණය දෙනවා.ගමේ සංවර්ධනය මීට වඩා වේගවත් කිරීම අපේ අරමුණයි. එක් පැත්තකින් ණය ගෙව්වත් අනෙක් පැත්තෙන් සංවර්ධනය ඇති කරන්නත් කටයුතු කරනවා.තුන්වැනි පියවර ලෙස අප ආයෝජන ගෙන රැුකියා බිහි කරනවා. ඒ පිළිබඳව ලබන සිකුරාදා පාර්ලිමේන්තුවේ දී ආර්ථික ප්‍රතිපත්ති එළිදැක්වීමේදී ප්‍රකාශ කරන්නම්. නොවැම්බර් 9 වැනිදා මුදල් ඇමැතිතුමා අයවැයෙන් කෝටි ලක්ෂ තුනක ණය ගෙවා දමා රට සංවර්ධනය කර සහන දෙන්නේ කෙසේදැයි ප්‍රකාශ කරාවි.ඇතැම්විට ජනතාවට බර වැඩිවන අවස්ථා තිබෙනවා. කළ යුත්තේ ණය මේ සමයේදී ගෙවා දමා ඉදිරි පරපුර ණයෙන් නිදහස් කිරීමයි. අපට ඇත්තේ ඒ ශක්තියයි. අපේ මූලික පරමාර්ථය එයයි.ණය ගත්තේ කව්දැයි සිතමින් සිටීමෙන් ඵලක් නැහැ. මේ අප ගත් ණය නොවෙයි. නමුත් කෙසේ හෝ ණය ගෙවා දැමිය යුතුයි.ඊළඟ වසර දෙකෙහි ණය ගෙවා රට සංවර්ධනය කර රැුකියා උත්පාදනය කරන්න හැකි ශක්තිමත් ආර්ථිකයක් අප ගොඩනගනවා.ඊළඟ වසර දෙකෙහි දී ණය නොගන්නා රටක් ලෙස, හොඳ ආදායම් ලබන රටක් ලෙස අඩිතාලම් දමමු යයිද? රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් පැවසීය.නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස මහතා:‘‘අද විවෘත වන්නේ යහපාලන රජය ඇරැුඹූ උදාගම්මාන වැඩ සටහනේ 43 වැනි ගම්මානයයි. මේ වනවිට රට පුරා නිවාස ව්‍යාපෘති 400 ක් ඉදිවෙමින් තිබෙනවා. මේ වසර අවසන් වනවිට උදා ගම්මාන 500ක් ආරම්භ කරනවා.2020 වසර වනවිට තවත් උදා ගම්මාන 2000ක් ඉදිකර ලබන ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ උදාගම්මාන 2500 ක් ජනතාව අතට පත්කිරීමෙනුයි.අශෝක ප්‍රියන්ත මන්ත්‍රීතුමා සමග අත්වැල් බැඳගෙන නිවාස ව්‍යාපෘතිය සාර්ථක අයුරින් නිමා කරන්න අපට හැකියාව ලැබුණා. නිවාස ව්‍යාපෘතියට නිවාස 98 ක් අයත්ව තිබෙනවා.සම්ප්‍රදායානුකූල රාමුවලට කොටු නොවී ජනතාවට සහන සැලසීම අගමැතිතුමාගේ දර්ශනයයි. නිවාස ඉදි කෙරුණු ඉඩම විවිධ සමාගම්වලට බෙදා දී තිබුණා. අශෝක මන්ත්‍රීතුමාගේ එඩිතර බව නිසා ඉඩම් නැවත ජනතාව අතට පත්වුණා.අව්වට වේලෙමින්, වැස්සට තෙමෙමින් සිටි ජනතාවට අද තමන්ගේම නිවෙසක අයිතිය ලැබිලා. අශෝකපුර නිවාස ව්‍යාපෘතියේ II පියවර ක්‍රියාත්මක කිරීමද අප ආරම්භ කළා. අපට ඉඩම් සොයා දෙනවා නම් හතු පිපෙනවා සේ උදාගම්මාන ඉදිකිරීමට සූදානමින් සිටිනවා.ඒකීය බව ගැන අද බොහෝ අය මන්තරේ වගේ ජප කරනවා. ශ්‍රී ලංකාවේ ඒකීය බව රකින බව පසුගිය හැම මැතිවරණයකදීම අප ප්‍රකාශ කළා. අපේ පුටු දෙස කෑදරකමින් බලා ඉන්න පිරිස පොහොට්ටුවක් තියාගෙන ඒකීය බව නැති කරනවා යැයි කෑ ගහනවා.රට ඒකීය වීමට නම් සෑම ජන කොටසක්ම සතුටින් ජීවත්විය යුතුයි. සැවොම එක මව්බිමක සහෝදරත්වයෙන් ජීවත්වෙනවා නම් ඒකීය බව තිබෙනවා. විරැුකියාව, දුප්පත්කම තිබෙනවා නම් ඒකීයබව තහවුරු වන්නේ නැහැ.2015 ට පෙර නමට ඒකීය බව ගැන කිවුවද සැබෑ ඒකීය බව තිබුණේ නැහැ. යුද ජයයෙන් ජනතාවගේ සාක්කු පුරවනවා වෙනුවට තම පරපුරේ සාක්කු පුරවමින් සිටියා.අද රටතුළ ජාතීන් අතර එකමුතු බව නිර්මාණය වෙලා. නිවෙස් නැති පොඩි මිනිහාට ඉඩම් ලැබිලා. ගොවි, ධීවර, කම්කරු ජනතාව ආරක්ෂා වෙලා. ඒකීය බව තහවුරු වන්නේ එවිටයි.ඒකීය බව මුලට දමා ජනතා මුදල් කොල්ලකෑමේ පිළිවෙත අප අනුමත කරන්නේ නැහැ.යහපාලන රජය ජනතා සම්පත් කොල්ලකන රජයක් නොවෙයි. අප ලැබූ තාවකාලිකබාරය නැවත 2020 දී විභාගයකට මුහුණ දීමට සූදානම්.අප කිසිවිටෙක අපේ සාක්කු ගැන සිතන්නේ නැහැ. නිවාස ප්‍රශ්නයෙන් පීඩා විඳින පවුල් ලක්ෂ 25ක් සිටිනවා. රාජපක්ෂ යුගයේ දැවැන්ත සංවර්ධනය වුණා නම් මෙතරම් පිරිසක් නිවාස නැතිව ඉන්නේ කෙසේද?කාර්යය අකුරටම ඉටුකිරීම මගේ අරමුණයි. නිවාස ඉදිකිරීමේදී ඇතැම් නිලධාරීන්ගේ කටයුතු ගැන සතුටු විය නොහැකියි. ඒ නිසා නිලධාරීන් ජනතාව වෙනුවෙන් කටයුතු කළ යුතුයි.ජනපති x අගමැති ශක්තියෙන් 2025 වනවිට සැමට සෙවනදීම අපේ අරමුණයි.’’විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතා:‘‘එක්සත් ජාතික පක්ෂය හැමවිටම බිම් මට්ටමේ නායකයන්ට අතදෙන පක්ෂයයි. නිවාස ව්‍යාපෘතියට විදුලියදීම සඳහා අප විශාල පිරිවැයක් දැරුවා.නිවාස ව්‍යාපෘතිය ඉතා ආදර්ශවත් අයුරින් ඉදිකර ඇති ආකාරය අපට දැක ගැනීමට හැකිවුණා.’’ පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක ප්‍රියන්ත මහතා:‘‘නිවාස ව්‍යාපෘතිය මගින් සිහිනය සැබෑවීම බව කිව යුතුයි. අගමැතිතුමන්ගේ දුරදක්නා නුවණ ගැන අමුතුවෙන් කිව යුතු නැහැ.ගම අශෝකපුර ලෙස නම් කරන්න මට සිදුවුණා. එය අගමැතිතුමා අනුමත නොකරන බව මගේ හැඟීමයි. නමුත් වර්තමාන දේශපාලන තත්ත්වය මත මට එසේ කරන්න වුණා.එක්සත් ජාතික පක්ෂය රටට කළ සේවය අමතක කළ යුගය තිබුණා. පෙර අපේ නායකවරුන් මේ ප්‍රදේශවල නිවාස ව්‍යාපෘති ගණනාවක්, යටිතල පහසුකම් ගොඩනැගුවා. පසුගිය රජය පාරකට තාර දැමුවා හැර පවතින දෙයක් කළේ නැහැ.කැලෑවකින් වැසී තිබූ මේ ඉඩම අද නිවාස ව්‍යාපෘතියක් බවට පත්වෙලා.නිවාස හා ඉදිකිරීම් අමාත්‍යංශය විසින් ඉදිකළ විශාලතම නිවාස ව්‍යාපෘතිය වන්නේ අශෝක පුරයයි. අපගේ අරමුණ වන්නේ ජනතාවට සැපවත් ජීවිතය දීමයි.’’මේ අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු විශාල පිරිසක් සහභාගි වී සිටියහ. | සහන බඩු මල්ල තව සති තුනකින් ගමේ කඩෙනුත් ගන්න පහසුකම් සලසනවා | 0 |
hp_train_7468 | ( ටී.කේ.ජී.කපිල )ශ්‍රී ලන්කන් ගුවන් සේවය සංක්‍රමණික ගුවන් මගීන් 289 ක් යොදා ගෙන අද (28) දින කටුනායක ගුවන් තොටුපළේ සිට මාලේ , ලන්ඩන් සහ මෙල්බර්න් ගුවන් තොටුපළ වෙත සීමිත ගුවන් මෙහෙයුමක් ක්‍රියාත්මක කළේය.ඒ අනුව අද දින දහවල් 11.41 ට මාලදිවයින , මාලේ ගුවන් තොටුපළේ සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 102 දරන විශේෂ ගුවන් යානය , ගුවන් මගීන් 120 ක් කටුනායක ගුවන් තොටුපළ රැගෙන පැමිණියේය.මෙසේ රැගෙන පැමිණි සියලුම ගුවන් මගීන් කටුනායක ගුවන් තොටුපළ තොටුපළ තුළ දී ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් විශබීජහරණය කිරීමට ලක් කෙරුණි.ඉන් පසුව දහවල් 1.31 ට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 503 දරන විශේෂ ගුවන් යානය මගින් ගුවන් මගීන් 107 දෙනෙකු එංගලන්තයේ , ලන්ඩන් නුවර හීත්රෝ ගුවන් තොටුපළ වෙත රැගෙන ගියහ.මෙම ගුවන් මගීන් අතර මාලේ සිට පැමිණි ගුවන් මගීන් මෙන්ම , ශ්‍රී ලංකාවෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ සිටි ගුවන් මගීහු ද වූහ .පසුව අද 28 දින රාත්‍රී 6.14 ට මාලේ සහ කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ සිටි ගුවන් මගීන් 62 ක් රැගෙන ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් ගුවන් තොටුපළ බලා ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 604 දරන විශේෂ ගුවන් යානය කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගියේය .මෙම ගුවන් යානා දෙක හෙට 29 දින එංගලන්තයේ ලන්ඩන් හීත්රෝ ගුවන් තොටුපළෙන් සහ ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් ගුවන් තොටුපළෙන් එම රටවල රැදී සිටින ශ්‍රී ලාංකිකයන් පිරිසක් මෙරටට රැගෙන ඒමට නියමිතය .මේ අතර අද 28 දින රාත්‍රී 11.05 ට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 1206 දරන විශේෂ ගුවන් යානය බෙලරෑස් රාජ්‍යයේ මින්ස්ක් ගුවන් තොටුපළේ සිට ශ්‍රී ලාංකික ගුවන් මගීන් 278 ක් රැගෙන කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණීමට නියමිතය. | සිරවී සිටි 319ක් අදත් ලංකාවට රැගෙන එති | 0 |
hp_train_7469 | බස්නාහිර, සබරගමුව, වයඹ සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් කඩින් කඩ වැසි වන අතර අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේ දී නැගෙනහිර, ඌව, උතුරු සහ උතුරුමැද පළාත්වල තැනින් තැන ගිගුරුම් සහිත වැසි වර්ධනය වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.‘ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශ වල තාවකාලිකව තද සුළං ඇති විය හැකියි. කන්කසන්තුරේ සිට පුත්තලම සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා වන මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි ඇති වන අතර සෙසු මුහුදු ප්‍රදේශවල අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති ඇතිවේ.‘ | පළාත් කීපයකට මද වැසි | 0 |
hp_train_7470 | (සුජිත් හේවාජුලිගේ)පොහොට්ටුවේ රැස්වීමට ගිය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් ක්‍රියාමාර්ගයක් ගැනීමට අපට හදිසියක් නැතැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ භාණ්ඩාගාරික, ඇමැති එස්.බී. දිසානායක මහතා පැවැසීය.එතුමා සම්බන්ධයෙන් ගන්නා ක්‍රියාමාර්ගය පක්ෂයේ මධ්‍යම කාරක සභාව ඉදිරියේදී තීන්දු කරාවි යැයි කී දිසානායක මහතා පොහොට්ටුවේ මිත්‍රයන් අපේ ගොඩට ගැනීමට අප අද වගේම හෙටත් උත්සාහ දරන බව ප්‍රකාශ කළේය.අප පළාත් පාලන රාජ්‍යයක් පිහිටුවන බවද ඔහු කීය.දිසානායක මහතා මේ බව පැවැසුවේ කොළඹ ඩාර්ලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ දී ඊයේ (3) පෙරවරුවේ පැවැති එම පක්ෂයේ ප්රවෘත්ති සාකච්ඡාවේදීය.එස්.බී. දිසානායක මහතා එහිදී මෙසේ කීය.මැතිවරණ මෙහෙයුම් කාර්යාලය අද මේ මූලස්ථානයේ පිහිටුවූවා. පළමු අපේක්ෂක හමුව සුගතදාස ක්‍රීඩාංගනයේදී පසුගිය 29 වැනිදා සාර්ථකව පැවැත්වූවා. අපේ පළමු මහ රැලිය අනුරාධපුරයේදී 10 වැනිදා පවත්වනවා. දුමින්ද දිසානායක එය සංවිධානය කරනවා. 11 වැනිදා නැවත කොළඹ රැස්වීමක් පවත්වනවා. අප දැන් ශක්තිමත්. විපක්ෂයේ අපේ මිතුරන් එකතු කර ගන්න අපි විශාල උත්සාහයක් ගත්තා. සාකච්ඡා වට ගණනාවක් පැවැත් වූවා. නිමල් සුසිල් ඇමැතිවරුන් ඊට මැදිහත් වූණා. ඒ එකතුවට ලොකු බාධා ඇති වුණා. දැන් පක්ෂ රැසක් අප සමග එකතු වී සිටිනවා. මහජන පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරිය අපට ආවා. ඒ පක්ෂයේ නියෝජ්‍ය නායක ආවා. විමල්ගේ පක්ෂයේ දෙවැනියා අපට ආවා. ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂය එකතු වුණා. ලංකා සම සමාජ පක්ෂයේ ක්‍රියාකාරි කණ්ඩායම පවා එකතු වුණා. වතු කම්කරු කොංග්රසයත් අප සමගයි. අතාවුල්ලාගේ හා හිස්බුල්ලාගේ පක්ෂ දෙක අප සමග එකතු වුණා. පළාත් පාලන ආයතනයට තරග කරන සන්ධානය අපියි. අපි උතුරු නැගෙනහිර සෑම ආයතනයකටම තරග කරනවා. අතීතයේදී යම් යම් පිරිස් පක්ෂයෙන් ගියා. නමුත් පසුකාලීනව නැවත එකතුවෙන්න සිදුවුණා. මහින්ද එක්ක ගියේ කනිෂ්ඨයෝ ටිකක්. පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් පොහොට්ටුව එක්ක එකතු වෙලා නැහැ. අපි මේ මැතිවරණයට ශක්තිමත්ව මුහුණ දෙනවා.ඡන්දයෙන් පස්සේ පොහොට්ටු පක්ෂයේ අය ශ්‍රී ලනිපයට බැඳෙයි. මහින්ද ඊට පසුව විශ්‍රාම යාවි. ප්‍රධාන පක්ෂ දෙක එකතු වීමෙන් ජයග්‍රහණ රැසක් ගත්තා. මේ ඡන්ද ක්‍රමයට යූඑන්පිය පොහොට්ටු පක්ෂය විරුද්ධ වුණා. අපියි මේ ඡන්ද ක්‍රමය ගත්තේ. අද සල්ලි නැතිව වුණත් මැතිවණ දිනන්න පුළුවන්. මෙය ලොකු ජයග්‍රහණයක්. මහින්ද පොහොට්ටු රැස්වීමට යෑම ගැන මධ්‍යම කාරක සභාව රැස්වී තීන්දුවක් ගනීවි. ඒකට අපිට හදිසියක් නැහැ. චන්ද කාලවලදී ඔය වගේ දේවල් වෙනවා. අප පළාත් පාලන රාජ්‍යයක් පිහිටුවනවා.තනි ආණ්ඩුවක් හදාගන්න අපේ පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් එදා යෝජනාවක් ඉදිරිපත් කළා. නමුත් පොහොට්ටුවේ අය ඒකට කැමැති වුණේ නැහැ. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ටිකක් පස්සට ගිහින් එතුමාගේම පවුලේ චමල් රාජපක්ෂ අපට දෙන්න කිව්වා අගමැති අපේක්ෂක හැටියට. මෛත්‍රීපාල සිරිසේන මහත්තයාට මැතිවරණය මෙහෙයවන්න ඉඩ දෙන්න කියලත් අප කිව්වා. ඒකට ඉඩ දෙන්නෙ නැතිව එතුමා එළියට ආවා. ඇවිල්ල සටනට පැමිණියාම වර්තමාන ජනාධිපතිතුමා ටිකක් පස්සට ගියා. ඒ නිසා ඒ මැතිවරණයෙන් අපට බහුතරයක් හම්බ වුණේ නැහැ. කාටවත් ආණ්ඩු පිහිටුවීමේ බලය තිබ්බේ නැහැ. මන්ත්‍රීවරු සල්ලිවලට එහාට මෙහාට උස්සන්න හදපු වෙලාවේ ඒක නැවැත්තුවා. පසුව පක්ෂ එකතු වෙලා ආණ්ඩුවක් හදා ගත්තා. ඊට පස්සේ අපි ලෝකය දිනාගත්තා. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විශ්වාසය දිනා ගත්තා. මුළු යුරෝපයම අපේ පැත්තට ගත්තා.අපි 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙනැවිත් ලොකු වෙනසක් කළා. ජනාධිපතිතුමා එතුමාගේ බලතල අතහැර දැම්මා.පොහොට්ටුවේ අය අපේ ගොඩට ගන්න අපි අද වගේම හෙටත් උත්සාහ දරනවා. ඒ අය අපේ අය. අපේ මිත්‍රයෝ අපේ කිසිම තරහක් නැහැ.මෙම ප්රවෘත්ති සාකච්ඡාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලේකම් දුමින්ද දිසානායක, අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත, බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය මහත්වරුන් ඇතුළු පිරිසක්ද සහභාගි වූහ. | “පොහොට්ටුවත් අතත් එක්වීමෙන් දෙපැත්තේ කාටවත් අසාධාරණයක් වෙන්නේ නෑ“ | 0 |
hp_train_7471 | ශ්‍රී ලංකාව පුරා පිහිටි අතිදුෂ්කර ග්‍රාමීය ප්‍රදේශවල සම්බන්ධතාව පුළුල් කිරීමේ අදිටනින් යුතුව ඩයලොග් සමාගම ‘සිව් දෙනටම ඩයලොග්’ වැඩසටහන යටතේ බදුල්ල දිස්ත්‍රික්කයේ මඩොල්සිම ප්‍රදේශයට නව සන්නිවේදන කුලුනක් ඉදිකිරීමට පසුගියදා කටයුතු කළේය.මඩොල්සිම ප්‍රදේශයේ ඉදිකෙරුණු නව සන්නිවේදන කුලුනට අමතරව බදුල්ල දිස්ත්‍රික්කයට අයත් නිකපිටිය සහ කරඳගම ගම්මාන දෙකෙහි ද නව සන්නිවේදන කුලුනු ඉදිකෙරිණි. තවද පුත්තලම දිස්ත්‍රික්කයේ පහරිය, පනිරෙන්ඩාව, කුඹුක්වැව සහ මැදගම ගම්මානවලත් සන්නිවේදන කුලුනු ඉදිකිරීමට කටයුතු කෙරිණි. මෙවැනි වැඩසටහන් හරහා වැඩි දියුණු කළ සබඳතා පහසුකම් තුළින් දිවයිනේ සෑම ප්‍රදේශයකම ජීවත් වන ශ්‍රී ලාංකිකයන්ගේ ජීවිත සවිබලගන්වමින් උසස් තත්ත්වයකට ගෙන ඒම වෙනුවෙන් ඩයලොග් සමාගම දක්වන කැපවීම පිළිබිඹු කරයි.මෙවැනි අභියෝගාත්මක කාලසීමාවන්වලදී සන්නිවේදන ආවරණය පුළුල් කරමින් පාරිභෝගිකයන්ට සහායවීමට අඛණ්ඩව ගන්නා උත්සාහය යටතේ ඩයලොග් සමාගම 2022 අවසන් වන විට ඩයලොග් ජාලය තුළ 4G මොබයිල් කුලුනු 4700 කට වැඩි සංඛ්‍යාවක් ඉදිකර ඇත. එය ශ්‍රී ලංකාවේ ඉදිකර තිබෙන වැඩිම සන්නිවේදන කුලුනු සංඛ්‍යාවද වේ. එමෙන්ම සියයට 95 කට වැඩි ජනගහනයකට 4G ආවරණ පහසුකම් සලසාදීමට ද ඩයලොග් සමාගමට හැකි වී තිබේ. එමෙන්ම අතිදුෂ්කර ගම් ප්‍රදේශවලට සන්නිවේදන පහසුකම් සැලසීමේ ක්‍රියාවලිය පුළුල් කිරීම සඳහා ඩයලොග් සමාගම Green Field කුලුනු උපයෝගී කරගත් අතර, ජනාකීර්ණ ප්‍රදේශවල අවශ්‍යතාවයන් වෙනුවෙන් Lamp Pole විසඳුම හරහා සේවා ලබාදී ඇත.595‘සිව් දෙසටම ඩයලොග්’ වැඩසටහන යටතේ බදුල්ල දිස්ත්‍රික්කයේ මඩොල්සිම ප්‍රදේශයේ ඉදිකළ නව සන්නිවේදන කුලුන විවෘත කරන අවස්ථාවට එක්වූ ඩයලොග් සමාගමේ නියෝජිතයන් | ‘සිව් දෙසටම ඩයලොග්’ මඩොල්සිමට නව කුලුනක් | 1 |
hp_train_7472 | (තිළිණි ද සිල්වා) යාල ජාතික වනෝද්‍යානයේ එක කලාපයක් ඉදිරි මාස දෙකක කාලය තුළ වසා තබන බව වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කර සිටීයි.ඒ අනුව සැප්තැම්බර් පළමු වැනි දා සිට ඔක්තෝබර් 31 වැනි දා දක්වා කාලය තුළ ජාතික වනෝද්‍යානයේ කලාප අංක 1 වසා තැබීමට පියවර ගන්නා බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් කියා සිටී.වනෝද්‍යානයේ එම කලාපය එලෙස වසා දැමීමට තීරණය කර ඇත්තේ, එහි පවතින සංචාරක නිවාස අලුත්වැඩියා කිරීම සඳහාය.කලාප අංක එක වසා තැබීමට කටයුතු කළ ද අනෙකුත් කලාප සංචාරකයින් සඳහා විවෘතව පවතින බව ද වනජීවී දෙපාර්තමේන්තුව කීය.යාල ජාතික වනෝද්‍යානයේ කලාප අංක එක සංචාරකයන් සඳහා නැවත නොවැම්බර් පළමු වන දා සිට විවෘත කිරීමට නියමිතය. | යාල කලාප 1 මාස දෙකකට වහයි | 1 |
hp_train_7473 | (ශාන්ත චන්ද්‍රසිරි) හෝර්ටන්තැන්න රක්ෂිත වනෝද්‍යානයට ගිනි දැල්විය හැකි උපකරණ රහසේ රැගෙනයාමේ චෝදනාවට වරද පිළිගත් පුද්ගලයන් දෙදෙනෙකුට රුපියල් 50,000ක දඩ මුදලක් ගෙවන ලෙස නුවරඑළිය මහේස්ත්‍රාත් පමෝද ජයසේකර මහතා විසින් අද (31) නියෝග කළේය.එක් අයෙකුට රුපියල් 25,000 බැගින් දඩ මුදලක් ගෙවන ලෙස මෙසේ මහේස්ත්‍රාත්වරයා නියෝග කරන ලද්දේ මහරගම ප්‍රදේශයේ පදිංචි පුද්ගලයන් දෙනෙකුටය. අනවසර ලෙස හෝර්ටන්තැන්න වනෝද්‍යානයට ගිනි දැල්වීමේ උපකරණ රැගෙන ගොස් වනෝද්‍යානය තුළ තබාගෙන සිටියදී වනෝද්‍යාන නිලධාරීන් විසින් මොවුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට පමුණුවා තිබිණි. හෝර්ටන්තැන්න වනෝද්‍යානයේ සහකාර භාරකරු පී. ටී. දයාරත්න, අඩවි සහකාර පී. එම්. පිත පනාවලගේ, වන සත්ව නියාමකධාරක ලක්මාල් සමරකෝන්, කේෂ්ත්‍ර සහායකවරුන්වන රවීන් ලක්මාල්, උදය කුමාර යන නිලධාරී මහත්වරුන් මෙම වැටලීම සිදුකර එම පුද්ගලයන් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පියවර ගෙනතිබිණි. | සතුන්ට බාධා වන අයුරින් හෝර්ටන්තැන්නේ සිටි තිදෙනෙක්ට දඩ | 0 |
hp_train_7474 | ලංවා සංස්ථා සිමෙන්ට් කෝපරේෂන් සමාගම සහ හම්බන්තොට ඉන්ටනැෂනල් පෝර්ට් ගෲප් සමාගම අතර විශේෂ ගිවිසුම් දෙකකට පසුගියදා අත්සන් තබන ලදී. මෙම ගිවිසුම් යටතේ, කිලෝමීටර් 2.4 ක දිගින් යුත් කන්වේයර් බෙල්ට් එකක් මගින් මිරිජ්ජවිල අපනයන සැකසුම් කලාපයේ පිහිටි සංස්ථා සිමෙන්ති කර්මාන්තශාලාව සහ හම්බන්තොට ජාත්‍යන්තර වරාය එකිනෙක සම්බන්ධ කෙරෙනු ඇත.එමෙන්ම මෙම ගිවිසුම්වලට අනුව, ලංවා සංස්ථා සිමෙන්ට් සමාගම වෙත අනියුක්ත කර ඇති ජැටිය පරිශ්‍රයේ මෙහෙයුම් කටයුතු සිදුකිරීමට එම සමාගම සතු ෂිප් අන්ලෝඩර් දෙකකට අවස්ථාව ලැබේ. වරාය සහ කර්මාන්තශාලාව යා කරන ඉහළම කාර්යක්ෂමතාවකින් යුත් කන්වේයර් බෙල්ට් එක නිසා අපතේ යාම් සහ පරිසර දූෂණය අවම වන අතර, මෙය පරිසර හිතකාමී ලෙස කටයුතු කරමින් කාර්යක්ෂමතාව වැඩි කරගැනීම සම්බන්ධයෙන් අනෙකුත් සමාගම්වලටද මහඟු ආදර්ශයක් වනු ඇත. දුහුවිලි ඇතුළු නොවන පරිදි ආවරණය කර අමුද්‍රව්‍ය ප්‍රවාහනය කරනු ලබන මෙම කන්වේයර් බෙල්ට් එක මගින් පැයකට අමුද්‍රව්‍ය ටොන් 1,200 ක් ප්‍රවාහනය කිරීමේ හැකියාව පවතී. එමෙන්ම නවීනතම යටිතල පහසුකම් භාවිත කරමින්, ටොන් 60,000 ක ධාරිතාවෙන් යුත් නෞකාවකින් රැගෙන එනු ලබන අමුද්‍රව්‍ය දින 3 ක් තුළ ගොඩබෑමට හැකි වේ.ලංවා සංස්ථා සිමෙන්ති සමාගම යනු 100% ක්ම දේශීය ආයෝජනයක් යටතේ ආයෝජන මණ්ඩලයේ ව්‍යාපෘතියක් ලෙස ආරම්භ වූ සමාගමකි. මෙහි විශේෂත්වය වන්නේ නිෂ්පාදන කටයුතු සඳහා නවීනතම තාක්ෂණය භාවිත වීමය.සිමෙන්ති මිශ්‍ර කිරීමේ කටයුතු සඳහා නවීනතම යුරෝපීය තාක්ෂණය භාවිත වන අතර, නිෂ්පාදන ක්‍රියාවලිය තුළ භාවිත වන යන්ත්‍රෝපකරණ, නවෝත්පාදන සම්බන්ධ ලොව ප්‍රමුඛතම සමාගම් විසින් සැලසුම් කරන ලද ඒවා වේ. ඇසුරුම්කරණ කටයුතුවලදී ද කාර්යක්ෂමතාව ඉහළ නංවමින් අපතේ යෑම් අවම කරන නවීනතම තාක්ෂණයන් භාවිත කරනු ලබයි.“ශ්‍රී ලංකාව තුළ මේ ආකාරයට උපරිම නිෂ්පාදන හැකියාවක් සඳහා නවීනතම යුරෝපීය තාක්ෂණය භාවිත කරන අතරම පරිසර හිතකාමීත්වය වෙනුවෙන් අඛණ්ඩ නිරීක්ෂණ ක්‍රියාවලියක් ක්‍රියාත්මක කෙරෙන මෙම වර්ගයේ එකම කර්මාන්තශාලාව මෙයයි. මෙහි නිෂ්පාදන කටයුතු තවදුරටත් වැඩිදියුණු කිරීම සඳහා හම්බන්තොට ඉන්ටනැෂනල් පෝර්ට් ගෲප් (පුද්.) සමාගම සමග හවුල්කාරීත්වයකට එළඹීමට හැකිවීම අපට මහත් සතුටක්. මෙය අපගේ මාතෘභූමියේ ඉදිකිරීම් කර්මාන්තයට මහත් වූ ප්රතිලාභ සලසන පියවරක් වනු ඇතැයි කියා අප සිතනවා.” සංස්ථා සිමෙන්ට් සමාගමේ සභාපති නන්දන ලොකුවිතාන මහතා පැවසීය.මෙම කර්මාන්තශාලාවට පූර්ණ වශයෙන් ස්වයංක්‍රීය ‘ස්ටැකර් රික්ලේමර් යාර්ඩ්’ එකක් සහ ‘බ්‍රිජ්-ටයිප් ෂිප් අන්ලෝඩර්’ දෙකක් ඇතුළත් වේ. මෙය ජාත්‍යන්තර ප්රවණතාවලට සමගාමී වන, ශ්‍රමය වෙනුවට තාක්ෂණය භාවිතයෙන් භාණ්ඩ හැසිරවීම සම්බන්ධ පුරෝගාමී පියවරකි. භාණ්ඩ ප්‍රවාහන නෞකා 3කට සමාන ගබඩා පහසුකම් ලංවා සංස්ථා සිමෙන්ති කර්මාන්තශාලාව සතු වේ.නිෂ්පාදන කටයුතු ආරම්භ වූ පසු, කොළඹ වරාය නගරය සහ අධිවේගී මාර්ග ඇතුළුව සියලුම ප්‍රධාන පෙළේ ඉදිකිරීම් සඳහා අවශ්‍ය සිමෙන්ති සැපයීමට ලංවා සංස්ථා සිමෙන්ති කර්මාන්තශාලාව සමත් වනු ඇතැයි අපේක්ෂා කෙරේ | ලංවා සංස්ථා සිමෙන්ති නිෂ්පාදන ඇරැඹීමට සූදානම් | 0 |
hp_train_7475 | ත්රස්ත්රවාදය පරාජය කරමින් මාතෘභූමියට සාමය හා නිදහස ලබා දීමට මෙන්ම, භෞමික අඛණ්ඩතාව ආරක්ෂා කර ගැනීමට ආරක්ෂක හමුදා කළ උතුම් මෙහෙවර ඉතා විශිෂ්ට බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉකුත් දා (27) පැවැසීය.යුද්ධයේ දී මියගිය ති‍්‍රවිධ හමුදා මෙන්ම පොලිස්, සිවිල් ආරක්ෂක ඇතුළු සියලූ ආරක්ෂක අංශවල රණවිරුවන් ඉතාමත් ගෞරවයෙන් සිහිපත් කරන බවත්, මියගිය රණවිරුවන් හා ඔවුන්ගේ පවුල්වල සුබ සාධනය වෙනුවෙන් රජයක් විසින් ඉටුකළ යුතු වගකීම් සහ යුතුකම් කිසි විටක පැහැර හරින්නේ නැති බවත් ජනාධිපතිවරයා කීය.ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා මේ බව පැවැසුවේ ශී‍්‍ර ලංකා නාවික හමුදාවේ ප්‍රථම මැරීන් බලඇණියට අයත් භටයන් 164 දෙනකු විසිර යාම සහ ලාංඡුන පැළඳවීම වෙනුවෙන් මන්නාරම මුල්ලිකුලම් හි පැවැති උත්සවය අමතමිනි.මෙම උත්සවය මුල්ලිකුලම් හි පිහිටි වයඹ නාවික විධාන මූලස්ථානයේ දී පැවැත්විණි.ශ්‍රී ලංකා නාවික හමුදා ඉතිහාසයේ ප්‍රථම වතාවට පසුගිය වසරේ මැරීන් බලඇණියක් පිහිටුවා තිබූ අතර, එහි මාස 4ක විශිෂ්ට පුහුණුව නිමා කළ ප්‍රථම බලඇණිය මෙලෙස උත්කර්ෂවත් අයුරින් විසිර ගියේය.මෙම බලඇණියට නිලධාරීන් හය දෙනකු ඇතුළු 164 දෙනෙක් එක්ව සිටියහ.නාවික හමුදාපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා විසින් ජනාධිපතිවරයා උත්සව භූමියේ විශේෂ පීඨිකාව වෙත කැඳවාගෙන යනු ලැබීමෙන් අනතුරුව උත්සවයේ කටයුතු ආරම්භ කෙරිණි. නාවික හමුදාව එහිදී ජනාධිපතිවරයා වෙත සම්මාන මුරයක් පැවැත්වූ අතර සම්මාන මුරයෙන් අනතුරුව ජනාධිපතිවරයා ආචාර පෙළපාළිය ද පරීක්ෂාවට ලක් කළේය.ජනාධිපතිවරයා ද ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී එයාර් චීෆ් මාෂල් කෝලිත ගුණතිලක, නාවික හමුදාපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න, යුද හමුදාපති ලූතිනන් ජනරාල් කි‍්‍රෂාන්ත ද සිල්වා, ගුවන් හමුදාපති එයාර් මාෂල් කපිල ජයම්පති යන මහත්වරු මැරීන් බලඇණියේ භටයන් වෙත සරඹ පිටියේ දී මැරීන් නිල ලාංඡුන පැළඳ වූහ.ලාංඡන පැළඳවීමෙන් අනතුරුව ජනාධිපතිවරයා උත්සව සභාව අමතමින් තවදුරටත් මෙසේ ද පැවසීය. ”ශ්‍රී ලංකා නාවික හමුදාව අපේ රටේ ජාතික ආරක්ෂාව, කලාපීය ආරක්ෂාව සම්බන්ධයෙන් ඉතා වැදගත් කාර්යයභාරයක් උසුලන වගකීම් රාශියක් ඉටුකරන ත්‍රිවිධ හමුදාව තුළ තිබෙන විශිෂ්ට වූ හමුදාවක්. නාවික හමුදාවට උගතයුතු පාඩම් සමග අනාගතය සකස් කර ගැනීම ඉතාමත් වැදගත් වෙනවා. ඒ වගේම අපේ නාවික හමුදාවට ඉතා කීර්තිමත් ඉතිහාසයක් තිබෙනවා. අපේ රටේ පැවැති දීර්ඝ කාලීන යුද්ධයේදී නාවික හමුදාව අපගේ මාතෘභූමිය වෙනුවෙන් කරන ලද උතුම් මෙහෙවර මේ රටේ ඉතිහාසයට එක්වී තිබෙනවා. එක් එක් වකවානුවල අපේ රටේ ඉතිහාසය ගත්විට අපි දුපත් රාජ්‍යයක් විදියට වරින් වර විදේශීය ආක්රමණවලට ලක්වීමත් ඇතැම් විට රට තුළ ඇතිවන අභ්‍යන්තර අරගල ද ඇතිවීම් ඉතිහාසයේ සඳහන් වෙනවා. ඒ සියලූ අත්දැකීම් සමග අපි දන්නවා. සටන්කාමීත්වය, රණකාමීත්වය, රණශූරභාවය, දක්ෂතාව සහ ජයග්‍රහණ පිළිබඳව අපේ රටේ ආරක්ෂක හමුදාවලට දීර්ඝ කාලීනව වසර දහස් ගණනක ඉතිහාසයක් තිබෙනවා.ඔබේත් මගේත් මේ උතුම් මාතෘභූමියේ ආරක්ෂාව පිළිබඳව ඔබ ඉහළම කැපකිරීමක් කළ යුගයක් වන්නේ, එල්.ටී.ටී.ඊ. ත්රස්තවාදීන් සමග සටන් වැදී ඔවුන් පරාජය කරමින් මාතෘභූමියට සාමය සහ නිදහස ලබා ගැනීමයි. ඒ වගේම මේ රටේ භෞමික අඛණ්ඩතාව ආරක්ෂා කර ගනිමින් ස්වාධීනත්වය ආරක්ෂා කරගනිමින් ඔබ විසින් කරන ලද උතුම් මෙහෙවර ඉතා විශිෂ්ටයි. යුද්ධයේදී මියගිය නාවික හමුදා මෙන්ම යුද, ගුවන්, පොලිස්, සිවිල් ආරක්ෂක සියලූ ආරක්ෂක අංශවල රණවිරුවන් අපි ගෞරවයෙන් සිහිපත් කළ යුතු වෙනවා. ඔවුන්ට ජාතියේ ගෞරවය එදත් අදත් හෙට දවසේත් හිමි වෙනවා. යුද්ධය නිසා අත පය අහිමි වූ ආබාධිත වූ සෑම රණවිරුවකු පිළිබඳව අප තුළ ඉමහත් ගෞරවයක් තිබෙනවා.මියගිය රණවිරුවන්, ආපදාවලට පත්වූ රණවිරුවන් ඒ සියල්ලන්ගේ පවුල්වල සුබසාධනය සඳහා අප විසින් රජයක් විදියට ඉටුකළ යුතු වගකීම් සහ යුතුකම් අපි කිසිවිටකත් පැහැර හරින්නේ නැහැ. පසුගිය අවුරුදු දෙකක කාල සීමාව මා මේ රටේ ජනාධිපති ධුරයට පත්වීමෙන් පසුව අපේ ආරක්ෂක හමුදාවල සුබසාධන කටයුතු සඳහා යුද්ධයේදී මියගිය රණවිරුවන්ගේ පවුල් වෙනුවෙන් ආබාධිත රණවිරුවන්ගේ පවුල් වෙනුවෙන් ඔවුන්ගේ සුබසාධනය සඳහා වරප්‍රසාද, දීමනා පහසුකම් වැඩිකිරීම් රාශියක් අපි ඉටුකර තිබෙනවා. ඒ සියල්ල දුන් පමණින් අප සෑහීමකට පත්වන්නේ නැහැ. තවදුරටත් ඔවුන් වෙනුවෙන් රජය විදියට කළ හැකි, කළ යුතු යුතුකම් අප විසින් සැම විටම ඉටුකරනු ලබනවා. ශ්‍රී ලංකා නාවික හමුදාවත් අපේ අනෙකුත් හමුදාවන් මෙන් නව තාක්ෂණය හා බද්ධ වී තිබෙනවා. අධි තාක්ෂණික ලෝකයේ නාවික කටයුතු, ජාතික හා කලාපීය ආරක්ෂාව ආදී සියලූ කටයුතුවලදී අධි තාක්ෂණික මෙවලම් සමග ඔබේ කය මනස වෙහෙසකරමින් ඔබේ මගේ මාතෘ භූමිය වෙනුවෙන් සැමවිටම කැපවෙනවා.මගේ රජය බලයට පත්වීමෙන් පසුව පසුගිය වසර දෙකක කාලසීමාව විදේශීය රාජ්‍යයන් මිත්‍ර රාජ්‍යයන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුළු සියලූ ජාත්‍යන්තර සංවිධානවලින් රටට සහ ආරක්ෂක හමුදාවලට පැසසුම් ගෞරවය ලබා ගැනීමට ගත හැකි පියවර රාශියක් මම ගනු ලැබුවා. විදේශ රාජ්‍ය නායකයන් සමග මම කතා කළා. ජාත්‍යන්තර සංවිධාන ප්‍රධානීන් සමඟ සාකච්ඡුා කළා. අපට වඩා සංවර්ධනයෙන්, තාක්ෂණයෙන්, යුද කටයුතුවලින් උසස් තත්ත්වයක සිටින රටවලින් අපේ හමුදාවට අවශ්‍ය පුහුණුවීම් ලබාදීම් ප්‍රබල රාජ්‍යයන් විසින් නතර කරලයි තිබුණේ. නමුත් මගේ රජය බලයට පත්වීමෙන් පසුව නව රජයේ ප්‍රතිපත්ති සහ වැඩසටහන් ඒ රාජ්‍යයන්ට, ප්‍රධානීන්ට පැහැදිලි කිරීමෙන් පසුව අපේ ආරක්ෂක හමුදාවලට පෙරටත් වඩා අද සහ ඉදිරි කාලයේදී නව තාක්ෂණික යුද උපක්‍රම ක්‍රමවේදයන් තාක්ෂණික දැනුම ලබාදීම සඳහා ඒ රටවල් කටයුතු කර තිබෙනවා.අද මේ ස්ථානයේ ශ්‍රී ලංකාවේ සේවය කරන ඇමරිකානු තානාපතිතුමා සිටිනවා. විශේෂයෙන් මම ස්තූතිවන්ත වෙනවා ඇමරිකානු රජය අපේ ත්‍රිවිධ හමුදාවලට නව විශේෂඥ පුහුණුවීම් ලබාදීම මේ වනවිට නැවතත් ආරම්භ කර තිබීම පිළිබඳව.නාවික හමුදා ක්ෂේත්රය පිළිබඳව ජාත්‍යන්තර වශයෙන් ගත්විට ඇමරිකා එක්සත් ජනපදයට තිබෙන්නේ ඉතාම විශිෂ්ට තාක්ෂණික දැනුමක්. එම දැනුම අපේ නාවික හමුදාවට පුහුණුවීම් සඳහා ලබාදීමට ඇමරිකා එක්සත් ජනපදය අප සමග එකඟත්වය පළකරමින් ඒ සඳහා මේ වනවිට කටයුතු කරගෙන යනවා. ඒ නිසා ඇමරිකා එක්සත් ජනපදයටත් අනෙකුත් අපිට ප්‍රධාන වශයෙන් පුහුණුවීම් ලබාදෙන ඉන්දියාව, පාකිස්තානය, චීනය, එංගලන්තය, ජපානය ආදී රටවල් සහ සහයෝගය දක්වන සියලූම විදේශීය මිත්‍ර රාජ්‍යයන්ට මගේ ගෞරවණීය ස්තූතිය පුදකරනවා. ඉතාම විශිෂ්ට පුහුණුවකින් පසුව අද විසිර යන ඔබටත් ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් සහ රටේ මහජනතාවගේ සුබසාධනය සහ සංවර්ධනය සම්බන්ධයෙන් කලාපීය ආරක්ෂාව සම්බන්ධයෙන් පැවරී ඇති වගකීම් ඉටුකරන්නට ඔබ සෑම කෙනකුටම ධෛර්යය, ශක්තිය, ධෛර්යය ලැබේවායි කියා මා ප්‍රාර්ථනා කරනවා.ඔබට වාසනාවන්ත අනාගතයක් ප්‍රාර්ථනා කරමින් එය ලබාදෙන්නට රජය විදියට අපේ වගකීම් නිසි ලෙස ඉටුකරන බව ප්‍රකාශ කරමින් ඔබෙන් සමුගන්නවා.”පදක්කම් පැළඳවීමෙන් අනතුරුව මුල්ලිකුලම් වෙරළේ දී මැරීන් බලඇණියේ භට පිරිසක් හෙලිකොප්ටර් යානා සහ නාවික හමුදා නෞකා සහ කුඩා යාත්‍රා උපයෝගි කරගෙන විශේෂ සතුරු ආක්‍රමණ සංදර්ශනයක නිරත වූහ.මෙම උත්කර්ෂවත් අවස්ථාව සංකේතවත් කරමින් ජනාධිපතිවරයා එහිදී පැළයක් රෝපණය කළ අතර මැරීන් බලඇණියේ වෙබ් අඩවියක් ද දියත් කළේය. ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී එයාර් චීෆ් මාෂල් කෝලිත ගුණතිලක, නාවික හමුදාපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න, යුද හමුදාපති ලූතිනන් ජනරාල් කි‍්‍රෂාන්ත ද සිල්වා, ගුවන් හමුදාපති එයාර් මාෂල් කපිල ජයම්පති, ශ්‍රී ලංකාවේ ඇමරිකානු තනාපති අතුල් කේෂාර්, වන්නි සහ මන්නාරම දිසාභාර නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් යන මහත්වරු ද ඇතුළු ති‍්‍රවිධ හමුදා හා පොලිසියේ උසස් නිලධාරීහු සහ ඇමෙරිකානු හමුදා ප්‍රධානීහු පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වුහ.(ඉන්දිකා රාමනායක මන්නාරම මුල්ලිකුලම් සිට) ජායාරූප - ඉෂාන් සංජිව | හමුදාව ශක්තිමත් රණවිරුවන්ට ජනපතිගේත් ජාතියේත් ගෞරවය | 0 |
hp_train_7476 | ( රංජිත් රාජපක්ෂ ) තේ දලු නෙළමින් සිටි වතු කම්කරුවන් පිරිසකට අද (11) එල්ල වු බඹර ප්‍රහාරයකින් තුවාල ලැබු වතු කම්කරුවන් 11 දෙනෙකු දික්ඔය මුලික රෝහල වෙත ඇතුළත් කර ඇති බව හැටන් පොලිසිය පැවසිය. හැටන් පොලිස් වසමට අයත් දික්ඔය ඇන්ෆිල්ඩ් තේ වත්තේ තේ දලු නෙලමින් සිටි වතු කම්කරු කාන්තාවන් 10 දෙනෙකු සහ එක් වතු කම්කරුවෙකු මෙසේ රෝහල් ගත කර තිබේ. ඇන්ෆිල්ඩ් තේ වත්තේ යාන්ත්‍රානුසාරයෙන් තේ පණුවන් සදහා කෘමිනාෂක දියර ඉසමින් සිටින අවස්තාවේ එරබදු ගසක බැද තිබු බඹර කුඩුවක් එක් වරම ඇවිස්සි තමන්ට පහර දුන් බව තුවාල ලබා දික්ඔය මුලික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන වතු කම්කරුවෝ පැවසූහ. තේ වතු ආශ්‍රිතව තේ පදුරු සහ ඒ අවට තිබෙන ගස්වල මේ දිනවල විශාල වශයෙන් බඹර කූඩු ඇති අතර එම බඹර කුඩුවල බඹර වද තිබෙන නිසා සුළු ශබ්දයකදි පවා බඹරුන් ඇවිස්සී තේ වතු යායේ වැඩ කරමින් සිටින වතු කම්කරුවන්ට අනින බව පරිසරවේදිහු කියති. | බඹරු ඇන 11 ක් රෝහලේ | 1 |
hp_train_7477 | ඉදිරි දින කිහිපයේදී ශ්‍රී ලංකාවට දකුණු දෙසින් වන මුහුදු ප්‍රදේශයේ සහ මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල සුළං වේගය වැඩි විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි. මේ ගැන විපරමින් සිටින්නැයි ධිවර සහ නාවික ප්‍රජාවට දැනුම් දෙයි.බස්නාහිර, වයඹ, දකුණ, මධ්‍යම සහ සබරගමුව පළාත්වල වැසි වාර කිහිපයක් ඇති වන බවත් මන්නාරම සහ අනුරාධපුර දිස්ත්‍රික්කවලද වැසි ස්වල්පයක් ඇති වන බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය දිනය : 14/06/2016නගරයඋෂ්ණත්වය (සෙ. අංශක)සාපේක්ෂ ආර්ද්‍රතාවය (%) කාලගුණයඋපරිමඅවමඋපරිමඅවමඅනුරාධපුරය33259060වැසි ස්වල්පයක්.මඩකලපුව34278060ප්‍රධාන වශයෙන් වැසි රහිතකොළඹ31268575වැසි වාර කිහිපයක්ගාල්ල30268580වැසි වාර කිහිපයක්යාපනය31288070ප්‍රධාන වශයෙන් වැසි රහිතමහනුවර29229570වැසි වාර කිහිපයක්නුවරඑළිය19149580වැසි වාර කිහිපයක්රත්නපුරය31249570වැසි වාර කිහිපයක්ත්‍රීකුණාමළය35268055ප්‍රධාන වශයෙන් වැසි රහිතමන්නාරම31279080වැසි ස්වල්පයක්. | ‘ඉදිරි දිනවල සුළඟේ වේගය වැඩිවෙයි ‘ | 1 |
hp_train_7478 | (ඩයනා උදයංගනී)කොවිඩ් ආසාදිත තවත් රෝගීන් 107 දෙනකු අද(3) හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි.ඒ සමඟ අද දින වාර්තා වූ ආසාදිත සංඛ්‍යාව 581 කි.මේ වනවිට මෙරටින් වාර්තාවන මුළු කොරෝනා රෝගීන් සංඛ්‍යාව 5,42,793 ක් දක්වා ඉහළ ගොස් ඇත. | කොරෝනා ආසාදිතයන් තවත් 168 | 0 |
hp_train_7479 | (කාංචන කුමාර ආරියදාස)ඇඳිරිනීතිය ඉවත් කිරීමත් සමඟ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට අද(04) දීන විශාල එළවළු තොග ප්‍රමාණයක් ලැබී තිබිණි . දඹුල්ල ප්‍රධාන මාර්ග රැසකම එළවළු රැගත් වාහන දිගු පෝලිම් දැකගැනීමට හැකි විය. එළවළු කිලෝ ලක්ෂ 50කට අධික ප්‍රමාණයක් අද දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට ලැබී ඇති බව ද ව්‍යාපාරිකයෝ පවසති. ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු මිල ද මධ්‍යස්ත මිල ගණන් පැවති බව වෙළෙන්දෝ කියති . ඇඳිරිනීතිය අවසන්වීමත් සමඟ වීවිධ ගමන් බිමන් යෑම සඳහා පැමිණි ජනතාව පොදු ප්‍රවාහන සේවාවන් නොමැති නිසා නගරයේ තැන තැන විශාල වශයෙන් රැස්ව සිටින අයුරුද දැක ගැනීමට හැකි විය. දඹුල්ල නගරයේ සෑම කෘෂි රසායන අලෙවි සැලකම දේශීය ලොකු ලූනු බීජ මිලදී ගැනීම සහ පොහොර මිලදී ගැනීම සඳහා දිගු පෝළිම් දැකගැනීමට හැකිවිය . බොහෝ දෙනා කියා සිටියේ දේශීය ලොකු ලූනු බීජ සහ පොහොර නොමැති බවයි. මීට අමතරව දඹුල්ල නගරයේ වෙසක් කූඩු වෙසක් සැරසිලි අලෙවි කිරීම සඳහා තබා තිබෙන අයුරු ද දැක ගැනීමට හැකි විය. | ඇදිරිය ඉවත් කිරීමෙන් පසු දඹුල්ල ආර්ථිකයට එළවළු කිලෝ ලක්ෂ 50 ක් | 0 |
hp_train_7480 | (සිරංගිකා ලොකුකරවිට) මොන්රෝවියා වත්ත කසළ අංගනයට කසළ බැහැර කිරීම තහනම් කරමින් අධිකරණය ලබාදුන් නියෝගයක් හේතුවෙන් ගාල්ලේ පළාත් පාළන ආයතන රැසක කසළ බැහැර කිරීමේ කටයුතු අඩපණ වී ඇත.දකුණු පළාත් පාලන කොමසාරිස්වරයාටත් කසළ ප්‍රතිචක්‍රීකරණ මධ්‍යස්ථානයේ බාරකරුට ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුනාවල මහතා විසින් පසුගිය 14 වැනිදා මෙම නියෝගය නිකුත් කරණු ලැබීය.රත්ගම ප්‍රදේශයේ පිහිටුවා ඇති එම කසළ ප්‍රතිචක්‍රීකරණ මධ්‍යස්ථානය හේතුවෙන් අවට පදිංචිකරුවන්ට සිදුවී ඇති මහජන පීඩාව සම්බන්ධව රත්ගම පොලිසිය විසින් අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් පසු ඉහත නියෝගය නිකුත් කිරීම සිදුවිය.මෙම නියෝගය හේතුවෙන් මොන්රෝවියා වත්තේ පිහිටි කසළ ප්‍රතිචක්‍රීකරණ මධ්‍යස්ථානයට කසළ ගෙන එන ගාල්ල මහ නගර සභාව, රත්ගම ප්‍රාදේශීය සභාව, හික්කඩුව නගර සභාව සහ බෝපෙ පෝද්දල ප්‍රාදේශීය සභාව යන පළාත් පාලන ආයතන හතරේ කසළ බැහැර කිරීම දැවැන්ත ගැටලුවක් වී ඇත.මේ සම්බන්ධව අදහස් විමසීමේදී දකුණු පළාත් පාලන කොමසාරිස් සේනක පල්ලියගුරු මහතා මෙසේ පැවසීය. “කසළ කළමනාකරණය කියන්නේ පළාත් පාලන ආයතනවල ප්‍රධාන වගකීමක්. මහජන සෞඛ්‍ය හා සනීපාරක්ෂාව සඳහා මෙය ඉතාමත් වැදගත් වෙනවා. නමුත් පළාත් සභාවේ බල අධිකාරිය විසින් පළාත් පාලන කොමසාරිස්වරයාට කසළ කළමණාකරණ බලතල පැවරුවා.ඒ අනුවයි මා වෙත මෙම අධිකරණ නියෝගය ලබාදී තිබෙන්නේ. අපිට අදාල නෛතික කාර්යයන් තිබෙනවා. මෙය නෛතික කාර්යයක් නොවෙයි. කසළ කළමනාකරණ කටයුතු වල වගකීම ඒ ඒ පළාත් පාලන ආයතන වලින් දැරිය යුතුයි.මධ්‍යම පරිසර අධිකාරියෙන් මොන්රෝවියා වත්තේ කෝටි ගණනක මුදල් වියදම් කරලා ඉදිකරපු කසළ කළමනාකරණ ව්‍යාපෘතියට රත්ගම ප්‍රාදේශීය සභාව, බෝපේ පෝද්දල ප්‍රාදේශීය සභාව, හික්කඩුව නගර සභාව සහ ගාල්ල මහ නගර සභාව කසළ ගෙන එනවා. එය කොටස් දෙකකට සිදුකරන දෙයක්. දිරායන කසළ වෙනමත් දිරා නොයන කසළ වෙනමත් බැහැර කරනවා. මෙතැන දිරායන කසළවලින් කොම්පෝස්ට් සකසනවා. දිරා නොයන කසළ පිළිබඳව ගැටලුවක් තියෙනවා.දිරා නොයන කසළ බැහර කිරීම සම්බන්ධයෙන් මහජනතාවගෙන් දිගින් දිගටම පැමිණිලි ලැබුණා. මහජන පීඩාකාරී ආඥාපනත යටතේ පොලිසිය විසින් තමයි උසාවියට මේ ගැන කරුණු වාර්තා කරලා තියෙන්නේ.මේ පැමිණිල්ල සම්බන්ධයෙන් පළාත් පාලන කොමසාරිස්වරයා ලෙස අපි අධිකරණයට කරුණු වාර්තා කළ යුතුයි. මේ කරුණු වාර්තා කිරීමට තිබෙන්නේ ජනවාරි 21 වැනිදා.කරුණු වාර්තාකරන තුරු අධිකරණය තාවකාලිකව තහනම් නියෝගයක් පනවා තිබෙනවා මොන්රෝවියා වත්තේ කසළ අංගනයට කසළ ගෙනගොස් දමන්න එපා කියලා.ඒ නිසා මේ දිනවල ගාල්ල මහ නගර සභාව, හික්කඩුව නගර සභාව, බෝපේ පෝද්දල ප්‍රාදේශීය සභාව සහ රත්ගම ප්‍රාදේශීය සභාව කියන පළාත් පාලන ආයතන හතර කසළ එකතුකිරීමේ කටයුතු නිසි පරිදි සිදුකරන්නේ නැහැ.” මේ සම්බන්දව අදහස් පල කරමින් බෝපෙ පෝද්දල ප්‍රාදේශීය සභාවේ සභාපති දිල්රුක් අබේකෝන් මහතා මෙසේ පැවසීය, “උද්ගතවී ඇති තත්ත්වය හේතුවෙන් දැනට බෝපෙ පෝද්දල බල ප්‍රදේශයේ කුනු එකතු කිරීම නවත්වා තිබෙනවා. අපි දිගටම දිරන සහ නොදිරන කසළ ගෙනගියේ මොන්රෝවියා වත්ත කසළ අංගනයටයි.අප ඒ සඳහා එම ස්ථානයට ගෙවීමක් ද සිදුකළා. කසළ ගෙනයන ප්‍රමාණය අනුව මාසිකව රුපියල් ලක්ෂ එක හමාරත් දෙකත් අතර ප්‍රමාණයක් ප්‍රාදේශීය සභාව මගින් මොන්රෝවියා වත්ත කසළ අංගනයට ගෙවනවා.අධිකරණ නියෝගය නිසා කසළ එකතු කිරීම සම්බන්දව දැවැන්ත අර්බුදයකට අප පත්ව සිටිනවා. මොන්රෝවියා වත්තට කසළ ගෙනයෑම වෙනුවට වෙනත් විකල්පයක් සඳහා සැලසුම් සකස් කරමින් පැවතුනත් ඒ සඳහා තරමක කාලයක් ගතවෙනවා. මේ හේතුවෙන් අප ප්‍රාදේශීය සභාව ලෙස වෙනමම අධිකරණයට කරුණු දැක්වීමට බලාපොරොත්තු වන අතර එහිදී සහන කාලයක් ලැබෙනු ඇතැයි සිතනවා.”ගාල්ල මහ නගර සභාව සතුවද කසළ බැහැර කිරීමට ස්ථිර ස්ථානයක් නොමැති වීම හේතුවෙන් දැනට දින පහක පමණ සිට නගර සභා බල ප්‍රදේශය තුළ කසළ එකතු කිරීම අත්හිටුවා ඇත.මේ හේතුවෙන් බන්ධනාගාරය, නාවික හා යුද හමුදා කඳවුරු, කරාපිටිය හා මහමෝදර යන රෝහල් වල කසළ බැහැර කිරීමේ දැවැන්ත ගැටලුවක් පැන නැගී තිබේ. කසළ එකතු කිරීම නිසි පරිදි සිදු කරන තෙක් එම කසළ පාරට නොදමා නිවෙස් වල ගබඩා කර තබා ගන්නා ලෙස ශබ්ද විකාශන මගින් ජනතාව දැනුම්වත් කිරීමට ද ගාල්ල නගර සභාව විසින් අද (19) කටයුතු කරන ලදී. | ගාල්ල මහනගර සභාව කසළ එකතුකිරීම තාවකාලිකව නවතයි | 0 |
hp_train_7481 | (ගල්කිරියාගම කුෂාන් ජයවර්ධන)කැකිරාව හෝරාපොල ප්‍රදේශයේ වගා බිමක ඇති අඩි 25ක් පමණ ගැඹුරැති අනාරක්ෂිත වගා ළිඳකට අලි දෙදෙනෙකු ඊයේ (02) රාත්‍රී කාලයේදී ආහාර සොයායන අතරේදී වැටී තිබේ.මෙම අලි දෙදෙනා අතර වයස අවුරුදු 04ක් පමණ වන අලි පැටවකු හා අවුරුදු 25ක් පමණ වන අලියෙකු වන බව වනජීවී නිලධාරීහු පවසති. මේ දිනවල ප්‍රදේශයට බලපා ඇති දැඩි වියළි කාලගුණයත් සමග මතුව ඇති ආහාර හා ජලය හිඟය හේතුවෙන් කලාවැව ජාතික උද්‍යානයේ සිටින වල් අලින් නිරන්තරයෙන් ගම් වැදීම සිදුවේ. මෙම අලි දෙදෙනාද එසේ පැමිණෙන්නට ඇතැයි වනජීවී නිලධාරීහු පවසති.ළිඳේ වැටී සිටින අලි දෙදෙනා ගොඩ ගැනීම සඳහා ගල්කිරියාගම වනජීවී කාර්යාලයේ නිලධාරීන් මේ වනවිට මෙහෙයුම් අරඹා තිබේ. කලාවැව ජාතික උද්‍යානයේ කටයුතුද බාර ගල්කිරියාගම වනජීවී කාර්යාලය සතුව ජේ.සී.බී යන්ත්‍රයක් නොමැතිකමින් මේ වනවිට එම මෙහෙයුම් දියත් කිරීමේ ප්රමාදයකටද වනජීවී නිලධාරීන්ට මුහුණ දීමට සිදුවී තිබේ. | වගා ළිඳට වැටුණු වන අලියා බේරා ගනී | 0 |
hp_train_7482 | (ඩයනා උදයංගනී)කොවිඩ් ආසාදිතවූ තවත් 37 දෙනකු ඊයේ (1) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (2) තහවුරු කළේය.ඒ සමඟ මෙරටින් වාර්තා වූ කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 3,157 ක් දක්වා ඉහළ ගොස් ඇත. මියගිය අය අතර පිරිමි අය 25 දෙනෙක් සහ කාන්තාවෝ 12 දෙනෙක් වෙති.මියගිය අයගෙන් 28 දෙනකු වයස අවුරුදු 60 ට වැඩි අය වන අතර අවුරුදු 30 ත් 59 ත් අතර වයසේ පසුවන අටයදෙනකු සහ වයස අවුරුදු 30ට අඩු එක් අයෙක් ද මියගිය අය අතර වෙති. | කොරෝනා මරණ 71ක් වාර්තා වෙයි | 0 |
hp_train_7483 | (මොහොමඩ් ආසික්)හාරිස්පත්තුව ප්‍රාදේශිය සභාවේ 2021 වසර සඳහා වන අයවැය කෙටුම්පත අද( 26 )වනදා වැඩි ඡන්ද හතකින් පරාජයට පත්විය.හාරිස්පත්තුව ප්‍රාදේශිය සභාවේ සභාපති ආනන්ද ජයවිලාල් මහතා විසින් හාරිස්පත්තුව ප්‍රාදේශිය සභාවේ 2021 වසර සඳහා වන අයවැය අද 26 වනදා ඉදිරිපත් කරනු ලැබීය.හාරිස්පත්තුව බරිගම පිහිටි ප්‍රාදේශිය සභා රැස්වීම් ශාලාවේදී පැවැති එහි මහ සභා රැස්වීමේදී මෙම අයවැය ඉදිරිපත් කරනු ලැබූ අතර අයවැය ඉදිරිපත් කරන අවස්ථාව්දීම එක්සත් ජාතික පක්ෂයේ සහ එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරුන් බෙදීමක් ඉල්ලා සිටි බැවින් සභාව තුල උණුසුම් තතවයක් හට ගත්තේය.කෙසේ නමුත් දීර්ග වේලාවක් පැවැති වාද විවාදවලින් පසුව අයවැය කෙටුම්පත සම්බන්ධයෙන් ලේකම්වරිය විසින් විවෘත ඡන්ද විමසීම සිදු කරනු ලැබීය. ඒ අනුව අයවැය යෝජනාවට පක්ෂව ඡන්ද 14 ක් සහ විපක්ෂව ඡන්ද 21 ක් ලැබී ඇති බව ලේකම්වරිය සභාව වෙත දැන්වූවාය. ඒ අනුව වැඩි ඡන්ද හතකින් අයවැය පාජයට පත්විය.එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් සහ මන්ත්‍රීවරියන් දස දෙනෙකු, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් සහ මන්ත්‍රීවරියන් තිදෙනෙකු, ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රිවරුන් දෙදෙනෙකු, සහ ආණ්ඩු පක්ෂය නියෝජනය කරන ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරුන් හය දෙනෙකුද ඇතුළුව මන්ත්‍රීවරුන් සහ මන්ත්‍රීවරියන් 21 දෙනෙකු අයවැයට විරුද්ධව ඡන්දය භාවිතා කර තිබිණ.එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරයෙකු ඡන්දය භාවිතා කිරීමෙන් වැළකී සිටි අතර එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන මන්ත්‍රීවරිය ඡන්දය විමසන අවස්ථාවේ සභාව තුල නොසිටියාය.අයවැයට පක්ෂව පොදු ජන පෙරමුණේ මන්ත්‍රිවරුන් දහ තුන් දෙනෙකු සහ ප්රජාතාන්ත්රවාදී එක්සත් පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රීවරයාද ඇතුළුව මන්ත්‍රිවරුන් දහ හතර දෙනෙකු ඡන්දය භාවිතා කර තිබිණ. | උකුවෙල ප්‍රා. සභාවේ අයවැය සම්මතයි | 0 |
hp_train_7484 | උතුරු සහ නැගෙනහිර පළාත්වල හැර අනෙකුත් ප්‍රදේශවල තැනින් තැන සවස 2.00 න් පසුව වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණය කියයි.නිරිතදිග හා දකුණු වෙරළබඩ ප්‍රදේශවල උදය කාලයේදී ද වැසි ස්වල්පයක් ඇති විය හැකියි. ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්රලදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැක. | ‘ප්‍රදේශ කිපයකට වැසි සහිත තද සුළං‘ | 0 |
hp_train_7485 | (සිතුම් චතුරංග)නීතිවිරෝධිව ඉන්දියාවේ සිට ධීවර බෝට්ටු මාර්ගයෙන් මෙරටට රැගෙනවිත් කොළඹට ප්‍රවාහනය කරමින් තිබූ වියලි කහ කිලෝ 306ක් සමඟ පුද්ගලයකු මන්නාරම ජපන් මිත්‍රත්ව පාලම අසලදී අත්අඩංගුවට ගත් බව මන්නාරම පොලිසිය කියයි.නිරෝධායන අැඳිරිනීතිය නොතකමින් කොළඹ ප්‍රදේශයට ගමන්කල සැකකටයුතු ලොරි රථයක් පරීක්ෂා කිරීමේදී වියලි කහ තොගය සොයාගෙන තිබෙි.පොලිතින් උර තුල වියලි කහ තොගය අසුරා කිසිවෙකුට සැක නොසිතෙන ලෙස සැකකරු කහ තොගය ප්‍රවාහනය කිරමින් සිටි බවද පොලිසිය පැවසීය.තලෙයිමන්නාරම ප්‍රදේශයේ සිටින ජාවාරම්කරුවකුගෙන් වියළි කහතොගය ලබාගෙන අැති බවට සිදුකළ විමර්ශන වලදී අනාවරණයවූ බවද පොලිසිය පැවසීය.සැකකරු මඩකලපුව, එරාවූර් පදිංචි වයස අවුරුදු 29ක පුද්ගලයකු වෙි.අත්අඩංගුවටගත් වියළි කහ තොගය සහ සැකකරු මන්නාරම මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව කහතොගය විනාශ කිරීමට නියමිතව තිබුණි.මන්නාරම පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි. | වියලි කහ සමඟ අයෙක් මන්නාරමෙන් අල්ලයි | 1 |
hp_train_7486 | අන්තර් නිවර්තන අභිසාරී කලාපයේෙ බලපෑම නිසා දිවයින අශ්‍රිතව වැසි ඇති වීමේ හැකියාව වැඩි මට්ටමක පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.අපරභාගයේදී සහ රාත්‍රී කාලයේ දී දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බවත් බස්නාහිර පළාතේ උදය කාලයේදී ද වැසි ඇති විය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.‘මුහුදු ප්‍රදේශ වල අපරභාගයේදී සහ රාත්‍රී කාලයේ දී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා මාතර දක්වා වන වෙරළබඩ ප්‍රදේශවල උදය කාලයේදී ද වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි‘. | ‘වායු ගෝලයේ කැළඹීමෙන් අදත් වැසි‘ | 0 |
hp_train_7487 | කොරෝනා ආසාදිත තවත් පුද්ගලයින් සිවු දෙනකු අද (19) දිනයේදී මිය ගොස් ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා තහවුරු කරයි.කොළඹ 15 සහ කළුතර ප්‍රදේශවල පදිංචි අවුරුදු 27 ක සහ 59 ක කාන්තාවන් දෙදෙනෙක්ද, කොළඹ 10 සහ කළුතර ප්‍රදේශවල පදිංචි අවුරුදු 70 ක සහ 86 ක පිරිමි පුද්ගලයන් දෙදෙනෙක් අද දිනයේදී මිය ගිය පුද්ගලයන් අතර වෙති.මෙම මරණ 4 ත් සමඟ ශ්‍රී ලංකාවෙන් මේ වන විට වාර්තා වන සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 73 ක් බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා සඳහන් කරයි. | කොරෝනා මරණ සංඛ්‍යාව 90 දක්වා ඉහළට | 0 |
hp_train_7488 | (ඩයනා උදයංගනී)කොවිඩ් ආසාදිත රෝගීන් තවත් 479 දෙනකු අද(28) අලුතින් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා නිවේදනය කළේය.ඒ අනුව මෙරටින් වාර්තාවන මුළු කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 5,84,586 ක් බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයාගේ වාර්තාවේ දැක්වේ. | කොවිඩ් ආසාදිතයන් 129 ක් | 0 |
hp_train_7489 | නැගෙනහිර, ඌව සහ උතුරුමැද පළාත් වල තැනින් තැන වැසි ඇති වන බවත්,බස්නාහිර, සබරගමුව, වයඹ සහ මධ්‍යම පළාත් වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රීක්ක වල තැනින් තැන සවස 2.00 න් පසුව වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇතිවිය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.ත්‍රීකුණාමලය සිට පොතුවිල් සහ හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. පුත්තලම සිට ගාල්ල හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල ස්ථාන කිහිපයක සවස 4.00 න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි. | ‘පළාත් කීපයකට අදත් ගිගුරුම් සහිත වැසි‘ | 0 |
hp_train_7490 | උතුරු, උතුරු මැද, නැගෙනහිර සහ ඌව පළාත්වල සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ තැනින් තැන වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේතුව කියයි.‘‘‘අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේ දි දිවයිනේ සෙසු ප්‍රදේශවල තැනින් තැන ගිගුරුම් සහිත වැසි වර්ධනය වේ‘.‘‘ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශ වල තාවකාලිකව තද සුළං ඇති විය හැක. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ‘‘.‘‘කන්කසන්තුරේ සිට ත්‍රිකුණාමලය සහ පොතුවිල් හරහා ගාල්ල දක්වා වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. දිවයින වටා වන සෙසු මුහුදු ප්රදේශවලද විශේෂයෙන් අපරභාගයේදී සහ රාත්‍රී කාලයේ දි තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි‘‘.‘‘සුළං නැගෙනහිර දෙසින් හමන අතර වේගය පැයට කිලෝ මීටර්. 20-30 ක් පමණ වේ. ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම මුහුදු ප්‍රදේශ වල තාවකාලිකව තද සුළං ඇති විය හැකියි‘‘.2015 මාර්තු මස 04 වැනි දින උදෑසන 05.30 ට නිකුත් කැරිණි. | ‘තැනින් තැට මඳ වැසි‘ | 0 |
hp_train_7491 | ශ්‍ර උතුරුමැද, නැගෙනහිර හා ඌව පළාත්වල සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ වැසි වාර කිහිපයක් ඇති වන බවත් බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් තැනින් තැන සවස 4.00 න් පසුව වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇති වන බවත් කාලගුණ විද්‍යා ෙදපාර්තෙම්න්තුව පවසයි. ඇතැම් ප්‍රදේශවල උදෑසන කාලයේ මීදුම් තත්ත්වයක් ඇති විය හැකියි.ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති වීෙම් අවදානමක් පවති. | ‘පළාත් රැසකට අද ගිගුරුම් තද වැසි‘ | 0 |
hp_train_7492 | (දියතලාව - ඩී.කේ.රත්න)වැලිමඩ සිට කොළඹ දක්වා ධාවනය වෙමින් තිබූ ලංගම බස්රථයක කොන්දොස්තරවරයෙකුට අද (6) බණ්ඩාරවෙල නගරයේ ප්‍රධාන බස්රථ නැවතුම්පළේදී යාපනය සිට දියතලාව දක්වා ධාවනය වූ පෞද්ගලික බස් රථයක සේවකයින් දෙදෙනෙකු පහරදීම නිසා ලංගම බස්රථ කොන්දොස්තරවරයා දැඩි අසාධ්‍ය තත්වයෙන් බණ්ඩාරවෙල දිසා රෝහලට ඇතුලත් කර ඇතයි බණ්ඩාරවෙල පොලිසිය පවසයි.බණ්ඩාරවෙල කොන්තෙහෙල දිගනතැන්න පදිංචි ලසිත් සන්දික කවිරත්න නැමති 27 ගැවිරිදි කොන්දොස්තරවරයෙකු මෙසේ පහරකෑමට ලක්වීමෙන් රෝහල් ගත කර තිබේ.බස් රථවලට මගීන් නංවා ගැනීමේදී ඇතිවූ බහින් බස්වීමක් දුරදිග ගොස් මෙම පහරදීම සිදු කර ඇතැයි පොලිසිය කියයි.මෙම පහරදීමට සම්බන්ධ පෞද්ගලික බස් රථයේ රියදුරු සහ කොන්දොස්තරවරයා බණ්ඩාරවෙල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.බණ්ඩාරවෙල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චන්දන ජයතිලක මහතාගේ උපදෙස් පරිදි බණ්ඩාරවෙල පොලිස් නිලධාරීහු විසින් මේ පිළිබඳව පරීක්ෂණ සිදුකරති. | ලංගම කොන්දොස්තරවරයෙකුට පහරදීමක් | 1 |
hp_train_7493 | (ඩයනා උදයංගනී) ශ්‍රී ලංකාවේ ගිනිකොණ දෙසින් වන මුහුදු ප්‍රදේශයේ පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවයක් හේතුවෙන් දිවයින අවට මුහුදු ප්‍රදේශ රළු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. මඩකලපුව සිට පොතුවිල් හරහා හම්බන්තොට දක්වා මුහුදු ප්‍රදේශවල තද වැසි සමඟ පැයට කිලෝමීටර 70ක 80ක පමණ වේගවත් තද සුළං ද ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අනාවැකිකරණ අංශයේ නියෝජ්‍ය අධ්යක්ෂ මෙරිල් මෙන්ඩිස් මහතා පැවසීය. දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද (25) පස්වරුවේද වැසි ඇතිවන බව ඔහු පැවසීය. මේ අතර දිවයිනට ගිනිකොණ දෙසින් කැළඹිලි ස්වභාවයක් වර්ධනය වෙමින් පැවතීම හේතුවෙන් හෙට (26) රාත්‍රියේ සිට පළාත් කිහිපයකට තද වැසි ඇතිවන බව නියෝජ්‍ය අධ්යක්ෂවරයා සඳහන් කළේය. විශේෂයෙන් උතුර, නැගෙනහිර, උතුරු මැද සහ ඌව පළාත්වලට මෙහි වැඩි බලපෑමක් ඇතිවන බවද, බස්නාහිර, වයඹ සහ සබරගමුව පළාත්වල සහ ගාල්ල, මාතර දිස්ත්‍රික්කවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බවද මෙරිල් මෙන්ඩිස් මහතා පැවසීය. සෙසු ප්රදේශයන්හිද පස්වරු 1.00න් පසු වැසි ඇතිවන බව නියෝජ්‍ය අධ්යක්ෂවරයා සඳහන් කළේය. මධ්‍යම, සබරගමුව, ඌව සහ උතුරු මැද පළාත්වල උදෑසන කාලයේදී මීදුම් තත්ත්වයක් ඇතිවන බව ද එම ප්‍රකාශකයා කීවේය. ගිගුරුම් සහිත වැසි ඇතිවන අවස්ථාවලදී තාවකාලික තද සුළං සහ අකුණු අනතුරුද ඇතිවිය හැකි බැවින් අනතුරු අවම කරගැනීමට ක්‍රියාකරන්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි. දිවයින වටා මුහුදු ප්රදේශවලද වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර එම අවස්ථාවලදී මුහුදු ප්‍රදේශ ඉතා රළු විය හැකි බැවින් ධීවර හා නාවික කටයුතුවලදී විමසිලිමත් විය යුතු බවද මෙරිල් මෙන්ඩිස් මහතා පැවසීය. | උතුරු- නැගෙනහිර පළාත් වලට තද වැසි | 0 |
hp_train_7494 | (විජේරත්න රත්නායක )ඉකුත්(24)දා වැඩි ඡන්ද එකකින් පරාජයට පත්වූ බදුල්ල මහ නගර සභාවේ 2019 වසර සඳහා වූ මුදල් ප්‍රකාශය අද (31) යළි දෙවන වරටත් සභාවට ඉදිරිපත් කිරීමෙන් පසු එක් ඡන්දයකින් පරාජය විය.ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ එක්සත් ජනතා නිදහස් සන්ධානය එක්ව බලය පිහිටුවා ඇති බදුල්ල මහ නගර සභාවේ සභා රැස්වීම් ශාලාවේදී අද (31) බදුල්ල මහ නගරාධිපති ඩබ්.ඩී.ප්‍රියන්ත අමරසිරි මහතා අයවැය වාර්තාව සභාවට ඉදිරිපත් කළ අතර ඉන් අනතුරුව සිදුකෙරුණු විවෘත ඡන්ද විමසීමේදී පෙර පරිදිම නගරාධිපතිවරයා ඇතුළු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් 07 දෙනෙක් සහ උප නගරාධිපතිවරයා ඇතුළු එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරුන් 05 දෙනාද වශයෙන් සභාවේ ආණ්ඩු පක්ෂය අයවැයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළහ.විපක්ෂ නායකවරයා ඇතුළු එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් 09 දෙනාද, ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරුන් තිදෙනාද ඇතුළත් නගර සභාවේ විපක්ෂය සහ මේ වන විට විපක්ෂයේ ස්වාධීන මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කරන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී බාලගේ ආතර් සිල්වා මහතාද වශයෙන් සභිකයින් 13 දෙනෙකු අයවැයට විරුද්ධව ඡන්දය භාවිතා කළහ.ඒ අනුව අයවැයට පක්ෂව ඡන්ද 12 ක් සහ විරුද්ධව ඡන්ද 13 ක්ද ලැබීමෙන් බදුල්ල මහ නගර සභාවේ 2019 වසර සඳහා වූ මුදල් ප්‍රකාශය දෙවන වරටද වැඩිඡන්ද 01 කින් පරාජයට පත්විය. | බදුල්ල මහ නගර සභාවේ අයවැය එක් ඡන්දයකින් පරාදයි | 0 |
hp_train_7495 | (දයාරත්න ඇඹෝගම)උතුරු මුහුදු තීරයෙන් මේ දිනවල සාර්ථක මත්ස්‍ය අස්වැන්නක් ලැබෙමින් පවතින බව ධීවර හා ජලජ සම්පත් අමාත්‍යාංශය පවසති.යාපනය, මන්නාරම්, මුලතිව්, ප්‍රදේශවල ධීවරයින් පවසන්නේ ඔවුන්ට මේ දිනවල වැඩි මත්ස්‍ය අස්වැන්නක් ලබාගැනීමට හැකි වී ඇති බවයි. මසුන් වෙළඳපොළට පැමිණීමත් සමඟ එම ප්‍රදේශවල මාළු මිලෙහි ද අඩු වීමක් දැක ගැනීමට හැකිව තිබේ. රජයේ වින්චි යන්ත්‍ර උපයෝගි කරගනිමින් මා දැල් කර්මාන්තයේ යෙදීමට අවසර දීමද මත්ස්‍ය අස්වැන්න වැඩි වීමට හේතු වී ඇති බව ධීවරයෝ පවසති.කොළඹ සහ අනෙකුත් පළාත් වල මසුන් ප්‍රවාහනය කිරීම යාපනය කේන්ද්‍ර කරගනිමින් සිදු වෙමින් පවති. ධීවර කර්මාන්තයේ යෙදෙන පවුල් මෙන්ම එම ක්ෂේත්රයට සම්බන්ධ වක්‍ර රැකියාවල නිරත වූවන්ටද මෙමගින් ආර්ථික වාසි රැසක් ඇති බව ඔවුහු පවසති. | උතුරට සාර්ථක මත්ස්‍ය අස්වැන්නක් | 0 |
hp_train_7496 | ( සිතුම් චතුරංග)ත්‍රිවිධ හමුදාවට විරුද්ධව චෝදනා පත්‍ර දීමට, නඩු ඇහීමට කිසිවිටෙකත් තමා සූදානම් නැතැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පලාලිහිදී පැවැසීය. සමහර ශ්‍රී ලාංකිකයින් පිටරටින් ඩොලර්, පවුම් ගෙන හමුදාවට විරුද්ධව වැරැදි ප්‍රචාරයන් ගෙන යන බව කී ජනාධිපතිවරයා අන්තවාදී දේශපාලනඥයින් වගේම ඇතැම් මාධ්‍ය ද හමුදාවට අගෞරව වන විදියට කටයුතු කිරීම කනගාටුවක් යැයි ප්‍රකාශ කළේය. රණවිරුවන් පාවා දෙනවා යැයි කියමින් දේශපාලන විරුද්ධවාදීන් බොල් හඬ නංවා කරන විවේචන ප්‍රතික්ෂේප කරන බවත් රජය රණවිරුවන් ආරක්ෂා කිරීමට දිවි හිමියෙන් කැප වන බවත් ජනාධිපතිවරයා කීය. ජනාධිපතිවරයා මේ බව පැවැසුවේ යාපනය පාලාලි ගුවන් හමුදා කඳවුරේ නිරීක්ෂණ චාරිකාවක යෙදීමෙන් පසුව එහිදී ත්‍රිවිධ හමුදා හා පොලිස් නිලධාරීන් අමතමිනි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එහිදී මෙසේද කීය. ති‍්‍රවිධ හමුදා ප්‍රධානීන් සහ පොලිස් ප්‍රධානීන් සමග ඉතාමත් ක්‍රමවත් වැදගත් අවස්ථාවක මෙවැනි උත්සවයකට මේ අයුරින් සහභාගි වීමට ලැබීම පිළිබඳ මා සතුටු වෙනවා. ඔබටත් මටත් මේ රටේ පුරවැසියන් විදියට තිබෙන්නේ එක හා සමාන වූ වගකීමක් සහ යුතුකමක්.අපේ රටේ පුරවැසියන් විදියට කවුරුත් විවිධ තනතුරු දරනවා. එක් පැත්තකින් දේශපාලනඥයින් තවත් පැත්තකින් රාජ්‍ය නිලධාරීන්, තවත් පැත්තකින් ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය. ඒ වගකීම් සහ යුතුකම් ඉටුකිරීමේ ඉතාම උතුම් කාර්යය සඳහා. රටක පැවැත්ම පිළිබඳ රාජ්‍යයක අනාගතය පිළිබඳ ඒ රාජ්‍යයේ ස්ථාවරත්වය පිළිබඳ ති‍්‍රවිධ හමුදාව සහ පොලිසිය කිියන ආයතනවලින් සිදුවන සේවාව එක් පැත්තකින් ව්‍යාස්ථාපිත සහ නීතිමය වශයෙන් තවත් පැත්තකින් රටක තියෙන සම්ප්‍රදායන් සහ සංස්කෘතීන් වගේම තවත් පැත්තකින් රටක තියෙන සිරිත් විරිත් වශයෙන්. ඒ වගේ තවත් පැත්තකින් මානුෂීය වශයෙන් අපි සෑම කෙනෙක්ම අපේ ප්‍රධාන වගකීම් යුතුකම් රාජකාරීන් ඒ සියල්ලට මූලිකත්වය දීපූ කරුණු කිහිපයක් තියෙනවා. එහි අංක එක අපේ රට. ඒවාගේම අපේ ජනතාව. අපේ මාතෘ භූමිය. අපේ මාතෘ භූමියේ සහ ජනතාවගේ නිදහස, ස්වාධීනත්වය, ප්රජාතන්ත්රවාදය ඒ ඒ තුළ යහපත් රටක් ගොඩ නැගීම. අපිට ඒ සේවාවන්වල ඉතිහාසය ගත්විට යුධ, නාවික, ගුවන් සහ පොලිසියේ ඉතිහාසය ගතහොත් අපිට පසුගිය වසර ගණනාවක් පිළිබඳ දීර්ඝ කතාවක් කරන්න පුළුවන්කම තිබෙනවා.අපි 1505 සිට 1948 දක්වා ප්‍රධාන වශයෙන්ම විදේශීය ආක්‍රමණයකින් සමග යුද්ධයක් තිබුණා. 1505 සිට 1948 දක්වා මේ රටේ ජනතාව විදේශීය ආක්රමණිකයින්ට විරුද්ධව දිර්ඝ ලෙස සටන් කළා. ජීවිත පූජා කළා. දේපළ විනාශ වුණා. අපේ ඉතිහාසයේ ශේ්රෂ්ඨ රණවිරුවන්ව ඇතැම් විදේශීය ආක්රමණිකයින් ඝාතනය කළා. විනාශ කළා. මරා දැමුවා පමණක් නොවෙයි මේ රටින් පිටුවහල් කළා. ඔවුන්ගේ රටවල්වලට ගෙන ගොස් වහල් සේවයට යොදා ගත්තා. අපේ කාන්තාවන්, මව්වරුන්, අපේ දියණියන් බරපතළ වධ හිංසාවලට ලක් කළා විදේශ ආක්‍රමණිකයන්. ඔවුන්ගේ රටවල්වලට ගෙන ගොස් වහල් සේවයට යොදා ගත්තා. මේ රට ආක්‍රමණය කළ ඉංග්‍රීසීන් 1815 මාර්තු මාසයේ දෙවැනිදා ලංකා රාජ්‍යයේ ද්‍රෝහීන් සමග අත්සන් කළ ගිවිසුමට අදාළ බලයන් සමගයි. අපේ රට ආක්‍රමණය කළ ඉංගී්රසීන් විසින් ඔවුන්ට විරුද්ධව අරගල කළ දේශපේ‍්‍රමීන්, වීරවරයන්, රණකාමීන් ඇතු`එ ශේ්‍්‍රෂ්ඨ ලාංකික පුත්‍රයින් දේශද්‍රෝහීන් බවට පත් කළ නිවේදනය අවලංගු කළා.1815 මාර්තු මාසේ 02 ඉංගී්රසි පාලකයින් සහ දේශීය නියෝජිතයින් සමග ගිවිසුමක් අත්සන් කිරීමෙන් අවුරුදු 202කට පසුව ඔවුන් දේශපේ‍්‍රමීන් බවට පත් කළා වගේම ඔවුන් ශ්‍රේෂ්ඨ ලංකා පුත්‍රයින් බවට පත් කරන ගැසට් නිවේදනය නිකුත් කරමින් දේශද්‍රෝහීන් විදියට නිකුත් කරපු ගැසට් නිවේදනය අවලංගු කරනු ලැබුවා. අපිට ඉතිහාසයේ මතක සටහන් සමග වසර දහස් ගණනක කතාවේ ඒ රණකාමීත්වය, ශ්‍රේෂ්ඨත්වය, විශිෂ්ටත්වය, වීරත්වය පිළිබඳ මහා ගෞරවණීය තත්ත්වයක්. අපි දුපත් රාජ්‍යයක් විදියට අපේ මුළු ඉතිහාසය පුරාම ආක්රමණවලට මුහුණ දීලා තිියෙනවා. අපි සටන් කරලා තියෙනවා. ශී‍්‍ර ලාංකික සිංහලයින් මේ රටේ රණකාමීත්වය පිළිබඳව මුළු ඉතිහාසය පුරා සිය විශිෂ්ටත්වය සහ රණකාමීත්වය, වීරත්වය පෙන්නුම් කරලා තියෙනවා. ඒ එක් එක් යුග තුළ. ඒ වාගේම තමයි අපි අමතක කළ යුතු නැහැ බි්රතාන්ය පාලනයෙන් නිදහස ලබා ගැනීමට 30 දශකය 40 දශකය වන විට මේ රටේ සිංහල, දමිළ, මුස්ලිම් සියලූ නායකයින් සිය යුග මෙහෙවර ඉටු කරමින්, ජාතික නිදහස් අරගලය දියත් කළා ඉංගී්රසි පාලකයින්ට විරුද්ධව. බි්රතාන්ය පාලකයින්ට විරුද්ධව. යටත් විජිතවාදීන්ට විරුද්ධව. 1948 දී අපි නිදහස ලබා ගත්තේ 1505 සිට ලක්ෂ ගණනක් ජීවිත පූජා කරලා. අපේ මහ පොළොව තෙත් වන ආකාරයට ලේ ගලාගොස් මේ උතුම් මාතෘභූමිය අපේ රණවිරුවන්ගේ ලේවලින් තෙත් වූ මහ පෙළොවක් විදියට ඉතිහාසයට එකතු වුණා. අපි අමතක කළ යුතු නැහැ සිංහල, දමිළ, මුස්ලිම් නායකයින් 30 දශකයේ 40 දශකයේ ගෙන ගිය සටන්වල ප්‍රතිඵලයක් විදියට 48 නිදහස ලබාගත්තා. මේ රටේ සමාජයේ ඇති වෙච්ච බලවේග, ජනතාවගෙන් ඇති වෙච්ච විරෝධය, එවකට නිදහස ලබා ගැනීමට සටන් කළ නායකයින්ගේ අප්‍රතිහත ධෛර්යත් සමග ඒ ලබා ගත් නිදහස විශිෂ්ට ලෙස ලබා ගැනීමට එදා කටයුතු කළ නායකයින් අපි විශේෂයෙන් ගෞරවයෙන් සිහිපත් කරනවා. ඒ නිදහස ලබාගෙන අපි රටක් විදියට සංවර්ධනය වුණා. ලෝකයේ රටවල්වල සහයෝගය අපිට ලැබුණා. 70 දශකයේ මැද භාගයේ මේ රටේ ප්‍රධාන වශයෙන් ත්‍රස්තවාදය ආරම්භවීමේ මුල් වෙඩිල්ල පත්තු වීමත් සමග 80 දශකය වන විට මූලික වශයෙන් අපේ රටේ ජනතාවටත්, ති‍්‍රවිධ හමුදාවට සහ පොලිසියටත් ම්ලේච්ඡ නින්දිත එල්ටිටීඊ ත්රස්තවාදීන් පරාජය කරන්න කැපවෙන්න සිද්ධ වුණා.ඔබ මෙන්ම ජීවිත පූජා කළ, මහා පරිත්‍යාගයන් කළ, ජීවිත අහිමි වූ අත පය පූජා කළ ආබාධිත වු බොහෝ ගැටලූ ප්‍රශ්නවලට ලක් වූ සිය මව්පියන්ගෙන් දරු පවුල්වලින් ඈත් වී ඒ ඓතිහාසික අරගලය කිරීම නිසා විවිධ දුක් කම්කටොලූවලට මුහුණ දුන් පිරිසක් අපේ ති‍්‍රවිධ හමුදාවල සහ පොලිසියේ සිටින්නේ. පොලිසියේ සේවාව දෙපාර්තමේන්තුවක් විදියට සිවිල් සේවාව වුණත් යුද්ධ ආරම්භ විමත් සමග පොලිසියට සිදු වුණා යුධ හමුදාවක් විදියට කටයුතු කරන්න. පොලිසියේ සාමාන්‍ය රාජකාරීවලින් බැහැරව ඒවා අතපසු කරමින් රටේ ස්වාධීනත්වය සඳහා පොලිසියත් ති‍්‍රවිධ හමුදාවට එක් වුණා. යුද්ධය මැද භාගයේ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව පිහිටවනු ලැබුවා. විශේෂයෙන් ගම්වල ආරක්ෂාවත් සමග. ඒ නිසා ඒ වකවානු තුළ ඒ මහා කැපවීම් කළ අතපය අහිමි වූ ආබාධිත වුණ ජීවිත පරිත්‍යාග කළ දරුපවුල් අහිමි වූ ඒ සෑම කෙනෙක් වෙතම අපි විශේෂයෙන් ජාතියේ ගෞරවය අපි අදත් පිරිනැමිය යුතුයි. ඒ සියලූ දෙනාම ගෞරවයෙන් සිහිපත් කළ යුතුයි. ඒ වගේම අද සේවයේ යෙදී සිටින ඔබ සෑම කෙනෙකුගේම වරප්‍රසාද, පහසුකම් වැඩි කරමින් ඔබට නව තාක්ෂණය සමග නව යුධ ක්‍රම, ශිල්පීය ඥානය, පුහුණුවීම්, තාක්ෂණික දැනුම ලබාදීමට රජයක් විදියට ති‍්‍රවිධ හමුදාවටත් පොලිසියටත් රජය සම්පූර්ණ වගකීම් සහ යුතුකම් ඉටු කරනවා. මා ජනාධිපති ධුරයට පත්වීමට පෙර ලෝකයේ ප්‍රබල රාජ්‍ය ගණනාවක් අපේ හමුදාවලට පුහුණු කිරීම් නවත්වලා තිබුණා. අපිට මානව හිමිකම් චෝදනා එල්ල කරමින් පුහුණු වීම් නවත්වා තිබුණා. නමුත් රජයේ ප්‍රධානියා විදියට මා රාජ්‍ය නායකයන්ට කරුණු පැහැදිලි කළා. අපේ නිර්දෝෂීභාවය කියා සිටියා. ඒ තුළ නැවත ලෝකයේ ප්‍රබල රාජ්‍යයන් අපේ ත්‍රිවිධ හමුදාවට වගේම පොලිසියට අවශ්‍ය පුහුණු වීම්, ශිල්පීය ඥානය ලබාදීමට දැන් කටයුතු කරමින් සිටිනවා. විදේශීය ත්‍රස්තවාදී සංවිධානවල සෙවනැලි 2009 මැයි මාසයෙන් පසුව අවසන් වුණේ නැහැ. මුහුදෙන් එතෙර සිට සතුරු මිනිස් සෙවනැලි වැඩ කරන්න පටන් ගත්තා. ඔවුන් කියා සිටියා යුද්ධය කිරීමේදී මානව හිමිකම් කඩකළා කියලා. ඔවුන් චෝදනා පත්‍ර හැදුවා. එක්සත් ජාතීන්ගේ සංවිධානය හරහා චෝදනා ඉදිරිපත් කළා. මාධ්‍ය තුළ නොයෙකුත් විග්රහයන් කෙරෙනවා. අපේ හමුදාවන්ට අගෞරව වන විදියට ඇතැම් මාධ්‍ය හැසිරෙනවා. ඒ වගේම අන්තවාදී දේශපාලනඥයින් වැරදි ප්‍රචාරයන් ගෙනියනවා. මගේ රජය ආරක්ෂක හමුදාවන්ට සලකන්නේ නෑ ඒ අයව පාවා දෙනවා කියන දේශපාලන විරුද්ධවාදීන්ගේ බොල් හඬ තැන් තැන්වල නැගෙනවා. නමුත් මම පැහැදිලිව කියනවා ඒ කුමන විවේචන කුමන ආකාරයෙන් පැමිණියත් ති‍්‍රවිධ හමුදාවත් පොලිසියත් ඉතාම වගකීමෙන් ආරක්ෂා කරන බව. මොන චෝදනා ආවත් ඒවා අපි ප්‍රතික්ෂේප කරනවා. අපේ ආරක්ෂක හමුදාවලට විරුද්ධව විදේශීය විනිශ්චකරුවන් ගෙනල්ලා නඩු අහන්න ඕනෑ කියන චෝදනා පත්‍රයක් එක්ක යෝජනා ඇවිත් තිබෙන්නේ. මම පැහැදිලිව කිව්වා මම ඒකට ලැහැස්ති නැහැයි කියලා. රට තුළ සිටින ඇතැම් ලාංකිකයන් තම වගකීම් සහ යුතුකම් නිසි ලෙස ඉටු නොකර රාජ්‍ය නොවන සංවිධාන හරහා වැරදි නිගමනයන්ට එළැඹ ඔවුන්ට එන මහා මුදල් කන්දරාවන් ගන්න, ඩොලර්, පවුම් අරගන්න අපේ හමුදාවන් පිළිබඳව වැරදි ප්‍රචාරයන් ගෙනියනවා.මම පැහැදිලිව කියනවා විදේශීය සම්බන්ධතා මත මේ රටේ රාජ්‍ය නොවන සංවිධානවලට ඕනෑ විදියට මම ආණ්ඩු කරන්න ලෑස්ති නැහැ. ඒ අය කියන විදියට ත්‍රිවිධ හමුදාවට චෝදනා පත්‍ර දෙන්න මම ලෑස්ති නැහැ. ඒ අය කියන විදියට මම ත්‍රිවිධ හමුදාවට විරුද්ධව නඩු අහන්න ලෑස්ති නැහැ. මම සැමවිටම ඒ වගකීම සහ යුතුකම ඉටුකරන බව ප්‍රකාශ කරන්නට ඕනෑ. අපේ රණවිරුවන් එල්ටීටීඊ ත්රස්වාදයට විරුද්ධව සටන් කළ කාලේ මම ත්‍රස්තවාදී ප්‍රහාර 5 කට ලක් වූ අයෙක්. මට ඒ අත්දැකීම තිබෙනවා. ඒ කාලය තුළ ඔබ ගතකළ ජීවිතය වගේම අප ගත කළ ජීවිතත් මේ රටේ සමස්ත ජනතාව නිදහස් සමාජයක් නොමැතිව ගත කළ ජීවිතත් අපේ හිත්වල සටහන් වී තිබෙනවා. ඒවා ඉතිහාස පොතට එක්වී තිබෙනවා. ඒ නිසා ලබාගත් නිදහස, සාමය සුරක්ෂිත කළ යුතුයි. පෝෂණය කළ යුතුයි. ඒ නිදහස ලබා ගැනීම සඳහා සටන් කළ සෑම රණවිරුවෙක් වෙනුවෙන්ම ඔවුන්ගේ ආරක්ෂාවට ඔවුන්ගේ අනාගතය සඳහා කැපවන රජයක් විදියට මගේ රජය කටයුතු කරන බව විශේෂයෙන්ම සඳහන් කළ යුතුයි. ඇතැම් වෙලාවට වෙබ් අඩවි, ෆේස්බුක්, අන්තර්ජාලය, ජනමාධ්‍ය වැරදි ප්‍රචාරයන් කරනවා. ඔබ වෙනුවෙන් ඔබේ ප්‍රධාන ආරක්ෂකයා සැම විටම මමයි කියන එක මම පැහැදිලිව කියනවා. ඒ නිසා විදේශීය වශයෙන් මොන විදියේ චෝදනා පත්‍ර එල්ල වුණත් මොන විදියේ සැලසුම් ඒ අය ඉදිරිපත් කළත් මේ උතුම් මාතෘ භූමිය වෙනුවෙන් සැමවිටම ස්වාධීනත්වය, ස්වෛරීත්වය, භෞමික අඛණ්ඩතාවය ආරක්ෂා කරමින් ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ රටේ ජනතාව ආරක්ෂා කරමින් ඔබ වෙනුවෙන් කළ හැකි යුතුකම් සහ වගකීම් නිසි ලෙස ඉටුකරන බව සඳහන් කරන්නට කැමතියි.ත්‍රිවිධ හමුදාවත් පොලිසියත් කරන්නේ පහසු කාර්යයක් නොවෙයි. ඔබ යුද්ධය කළ කාලයේ කළ කැපවීම දුෂ්කරයි. ඒවා අභියෝගාත්මකයි. ඒවා ඔබ ඉටුකළේ ජීවිත පරිත්‍යාගයෙන්. අද දවසේ පොලිස් දෙපාර්තමේන්තුව සාමාන්‍ය මහජනතාවගේ සේවාවන් සඳහා පූර්ණව කැපවෙලා තිබෙනවා. ඒ ගැන අපි සතුටු වෙනවා. ත්‍රිවිධ හමුදාව ජාතික හා කලාපීය ආරක්ෂාව වෙනුවෙන් පුළුල් මෙහෙවරක් කරනවා. ඒ වගේ්ම මහජන සුබසාධනය සඳහා, සංවර්ධනය සඳහා ඔබ විශාල සේවාවක් කරනවා. මේ රටේ සංවර්ධනය කාර්යක්ෂම කරන්න ඔබෙන් විශාල සේවාවක් සිදුවනවා. හෙට දවස වෙනුවෙන් ඔබ ලෝකයේ ශක්තිමත් විශිෂ්ට සේවාවක් කරනවා. මගේ රජය රජයක් විදියට ඔබට දිය හැකි සියලූ පහසුකම් ලබාදෙනවා. අධි තාක්ෂණයට ඔබව යොමු කරමින් ඒ සඳහා අවශ්‍ය මඟපෙන්වීම් ලබාදෙමින් ලෝකයේ ඉහළම යුද ශිල්පීය ඥානය සහ උපක්‍රම සැලසුම් පිළිබඳව දැනුම අවබෝධය තිබෙන ප්‍රබල දියුණු රටවල්වල පුහුණුවීම් ඔබට ලබා දෙමින් ඔබ ලෝකයේ විශිෂ්ටතම හමුදාවක් බවට පත්කිරීමට මගේ රජය කටයුතු කරන බව ඉතා පැහැදිලිව සඳහන් කිරීමට ඕනෑ.ඒ නිසා ඔබේ ක්‍රියාශීලීත්වය මගේ රටේ අනාගතයයි. ඔබෙත්් මගේත් මවුබිමේ ජාතිික ආරක්ෂාව පිළිබඳව වගේම සංවර්ධනය වගේම විනයගරුක හික්මුණු ජනතාවක් බිහිකරන්න ඔබේ ආදර්ශය ඉතාම වැදගත්. අපේ රටේ දේශපාලනයේ තිබෙන්නා වූ දුර්වලතාවයක් තමයි විනයක් නැති බොහෝ අයගේ හැසිරීම. මේ රට සංවර්ධනය වෙන්න ප්රබුද්ධ රටක් වෙන්න නම් ඉතාම හොඳ විනයක් ඇති රටක් බවට පත්වෙන්න ඕනෑ. එසේ වන්නට රාජ්‍ය නිලධාරීන්ට, රටේ සාමාන්‍ය පුරවැසියන්ට ආදර්ශවත් චරිත බවට පත්වී ඇත්තේ ඔබයි. ත්‍රිවිධ හමුදාවේ විනය, පොලිසියේ විනය ඉතාම වැදගත්. ඒ විනයගරුක චරිතයෙන් දෙන ආදර්ශය ඉතාම වැදගත්. ලෝකයේ බොහෝ රටවල්වල හමුදාවන්වල ඔබ දන්නවා රටේ සාමාන්‍ය පුරවැසියන්ට හමුදා පුහුණුව දෙනවා. කෙටි හමුදා පුහුණුවීම් දෙනවා. ඒ දෙන්නේ විනයක් ඇති ජනතාවක් බිහිකරන්නයි. ඒ නිසා විනයක් ඇති යහපත් සමාජයක් ගොඩනගාගන්න, ආර්ථික සමෘද්ධියක් ඇති කරන්න ලෝකයේ විශිෂ්ට රාජ්‍යයක් බවට පත්වෙන්න ජාතික ආරක්ෂාව පිළිබඳව ලෝකයේ තවත් රටකට දෙවෙනි නොවෙන්න දක්ෂ ආරක්ෂක හමුදාවන් බවට පත්වෙන්න, ඒ වගේම පොලිසිය සිය රාජකාරී කටයුතුවලදී ලෝකයේ විශිෂ්ට පොලිස් සේවාවක් බවට පත්වෙන්න රජයක වගකීම සහ යුතුකම් ඔබ වෙනුවෙන් අපි ඉටුකරනවා. ඒ නිසා ඔබේ අනාගතය සුරක්ෂිතයි. වාසනාවන්තයි. භාග්‍යවන්තයි. පිංවන්තයි. ඔබ භාග්‍යවන්ත වූ පමණින් ඔබ පිංවන්ත වූ පමණින් ඔබ කරන්නා වූ කාර්යයන් තුළ භාග්‍යවන්ත ජනතාවක් ඇති රටක් බවට පත්වෙනවා. ඒ සඳහා නායකත්වය ගත යුත්තේ ඔබයි. ඔබේ ආදර්ශවත් විනයගරුක හික්මුණු ක්‍රියාශීලී නායකත්වය තුළ ඒ විශිෂ්ට නායකත්වය තුළ ලෝකයේ ප්රබුද්ධ රාජ්‍යයක් ගොඩනැගීමට අපි සියලූ දෙනා එක්වෙමු. ඒ සඳහා ඔබ සියලූ දෙනාට මම සුබ පතනවා.අමාත්‍යවරුන් වන මහින්ද සමරසිංහ, දුමින්ද දිසානායක මහත්වරුන් ද ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, ත්‍රිවිධ හමුදාපතිවරුන්, පොලිස්පතිවරයා ඇතුළු පිරිසක් ද මේ අවස්ථාවට සහභාගි වූහ. | ’අන්තවාදී දේශපාලකයන් හමුදාවට අගෞරව වන අයුරින් වැඩ කරනවා’ හමුදාවට අත තියන්න ඉඩ දෙන්නේ නෑ | 1 |
hp_train_7497 | ( රංජිත් රාජපක්ෂ ) තේ දලු නෙළමින් සිටි වතු කම්කරුවන් පිරිසකට අද (11) එල්ල වු බඹර ප්‍රහාරයකින් තුවාල ලැබු වතු කම්කරුවන් 11 දෙනෙකු දික්ඔය මුලික රෝහල වෙත ඇතුළත් කර ඇති බව හැටන් පොලිසිය පැවසිය. හැටන් පොලිස් වසමට අයත් දික්ඔය ඇන්ෆිල්ඩ් තේ වත්තේ තේ දලු නෙලමින් සිටි වතු කම්කරු කාන්තාවන් 10 දෙනෙකු සහ එක් වතු කම්කරුවෙකු මෙසේ රෝහල් ගත කර තිබේ. ඇන්ෆිල්ඩ් තේ වත්තේ යාන්ත්‍රානුසාරයෙන් තේ පණුවන් සදහා කෘමිනාෂක දියර ඉසමින් සිටින අවස්තාවේ එරබදු ගසක බැද තිබු බඹර කුඩුවක් එක් වරම ඇවිස්සි තමන්ට පහර දුන් බව තුවාල ලබා දික්ඔය මුලික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන වතු කම්කරුවෝ පැවසූහ. තේ වතු ආශ්‍රිතව තේ පදුරු සහ ඒ අවට තිබෙන ගස්වල මේ දිනවල විශාල වශයෙන් බඹර කූඩු ඇති අතර එම බඹර කුඩුවල බඹර වද තිබෙන නිසා සුළු ශබ්දයකදි පවා බඹරුන් ඇවිස්සී තේ වතු යායේ වැඩ කරමින් සිටින වතු කම්කරුවන්ට අනින බව පරිසරවේදිහු කියති. | බඹරු ඇනීමෙන් වතුකම්කරුවෝ 35 ක් රෝහලේ | 0 |
hp_train_7498 | දූෂණයට, වංචාවට, හොරකමට එරෙහිව කටයුතු කරද්දී යූඑන්පී ද ශ්‍රී ලංකා ද කුමන පක්ෂයේ ද යන්න තමාට වැදගත් නැතැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා රත්නපුරදී පෙරේදා (27) පැවැසීය.තමාගේ ඇඟේ තිබෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලේ යැයි ද ජනාධිපතිවරයා සඳහන් කළේය.ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව පැවැසුවේ රත්නපුරේ පළාත් පාලන ආයතනවලට එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තරග කරන අපේක්ෂකයින්ට සහාය පළකිරීම සඳහා රත්නපුර නගරයේ පැවැති ජනහමුවකට සහභාගී වෙමිනි.එහිදී අදහස් දැක්වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙසේ ද කීවේය.“දේශපාලනඥයෙක් කළ යුතු දේ වගේම නොකළ යුතු දේත් තියනවා. පසුගිය අවුරුදු තුන තුළ මම ජනාධිපති වෙන්න කලින් මේ රට පත්වෙලා තිබුණ තැනින් බේරාගත්තා. එදා අපේ රට අන්තර් ජාතික මට්ටමෙන් පත්ව තිබුණ තැන ගමේ සාමාන්‍ය ජනතාවට දැනුණේ නෑ. දේශපාලන නායකයින්, මේ රටේ විවිධ අංශ ප්‍රධානීන් ඒ සියල්ල තිබුණ තත්ත්වය දැනගෙන හිටියා. එක්සත් ජාතීන්ගේ සංවිධානය තුළ ලෝකයේ රටවල් 194ක් තිබෙනවා. 2015 ජනවාරි වනවිට මේ රටවල් අතරින් අතේ ඇඟිලි ගාණටවත් අපට හිතවත්ව රටවල් හිටියේ නෑ.ජාත්‍යන්තර දේශපාලනයේ අපට තිබූ අවමානය, නොපිළිගැනීම, අගෞරවය මම ඉවත් කළා කියන එක පැහැදිලිව කියන්න ඕනෑ.අපිට කියනවා රණවිරු දඩයම කියලා. මම ජනාධිපති ධුරයට පත්වනවිට අපේ යුද, නාවික, ගුවන් කියන අංශ ජාත්‍යන්තරය විසින් පිළිගැනීම ප්‍රතික්ෂේප කරලා තිබුණේ. යුද්ධය දිනවපු මහා රණවිරුවා වූ සරත් ෆොන්සෙකා 2010 ජනාධිපතිවරණයට ඉල්ලුවා කියලා දීපු දඬුවම තමුන්නාන්සේලා දන්නවා. හිරේදාලා, තරුපටි ගලවලා, ජම්පරය අන්දවලා, ඒ ශ්‍රේෂ්ඨ රණවිරුවට දඬුවම් දුන්නේ කවුද කියලා තමුන්නාන්සේලාගෙන් වගේම මේ රටේ ජනතාවගෙනුත් මම අහනවා.මගේ මිත්‍ර මහින්ද රාජපක්ෂ මැතිතුමා බලයට පත්කරන්න පළවෙනි ඡන්දෙදි, පක්ෂයේ ලේකම්වරයා විදියට එදා මම තරම් කර ගහපු කෙනෙක් ඉන්නව ද කියලා අහනවා. 2005 ඡන්දෙදි සමහර කැබිනට් ඇමැතිවරු එතුමාව දාලා ගියා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානේ දොරවල් වැහුණා. රහසක් නෙවෙයි හිටපු ජනාධිපතිතුමියත් සහයෝගය දුන්නේ නෑ. පක්ෂයේ ලේකම් විදියට මම ඒ මැතිවරණය කරට ගත්තා.එදා ඒ යුගයේ මහින්ද රාජපක්ෂ මැතිතුමා මට කතා කළේ මල්ලී කියලා. මම එතුමාව අගමැති වෙනකම් කතා කළේ අයියේ කියලා. එතුමයි අපියි එකට යුද්දේ කළා. යුද ජයග්‍රහණය තනි පුද්ගලයකුගේ ජයග්‍රහණයක් නොවෙයි. දුටුගැමුණු මහ රජ්ජුරුවෝ එළාර පරාද කළේ දස මහා යෝධයොත් එක්ක. මහින්ද රාපක්ෂ මහත්තයට එදා යුද්දේ කරන්න අපි වගේ දස මහා යෝධයෝ හිටියා. මෛත්‍රීපාල සිරිසේනලා, ජෝන් සෙනෙවිරත්නලා, නිමල් සිරිපාල ද සිල්වලා, අනුර යාපලා, සුසිල් ප්‍රේම්ජයන්තලා, එවැනි සෙන්පතියෝ හිටියා. කරදුන්නා, උරදුන්නා.මට එල්ටීටීඊ ත්රස්තවාදීන් පස් සැරයක් ගැහුවා. ඒ පස් සැරේම ඔවුන් විනාශ වුණා. අහිංසක මිනිස්සු මැරුණා. ගහන්න ආපු සමහරු අත්අඩංගුවට ගත්තාම සයනයිඞ් කාලා මැරුණා. මම හින්දා එල්ටීටීඊකාරයෝ හය දෙනෙක් මියගියා.අපි ලස්සනට ආණ්ඩු කළා. 2010 මැතිවරණයෙන් පස්සේ අපිව ටිකක් ඈත් කරලා, වටේ හිටපු බමුණොයි, කේවට්ටයොයි එතුමාව මහ රජාණෝ කළා. ඒ කාලේ බොහොම සුන්දර මිනිහෙක් එතුමා. එතුමා මහ රජාණෝ වෙනකොට අපි ඈත් වුණා. රට වෙන පැත්තකට ගියා. යුද්දෙන් පස්සෙත් රටේ අතුරුදන්වීම්, ඝාතන, බෙදීම්, සිංහල, දමිළ, මුස්ලිම් ජනකොටස් අතර අසමගිය, විරෝධය, ප්රතිවිරෝධය, ගැටුම්, හැප්පිලි ඔබට මතක ඇති.මම ඒ සමාජය වෙනස් කළා. මට රට හදාගන්න ඉඩ දෙන්න කියලා ලෝකයට කියලා, රටේ ප්රජාතන්ත්රවාදය රට තුළ සහතික කළා. අද මිනිස් ඝාතන, අතුරුදන්වීම් නැහැ. අද මාධ්‍ය ආයතන ගිනි ගන්නේ නැහැ. මාධ්‍යවේදියෝ රට හැරදාලා යන්නේ නැහැ. අද අපේ හමුදාව එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් සාම සාධක හමුදාව ලෙස මුළු ලෝකයේම අරගෙන යනවා. ගහගන්න තැන්වලට අරගෙන ගිහිං සාමය සඳහා මැද හිටවනවා. ඒ විදියට මේ රට වෙනස් වුණා. රණවිරු දඩයම් නෑ.අපිට කියනවා රට විකුණනවා, රට බෙදනවා, රට කඩනවා කියලා. මම මේ ජනාධිපති ධුරයේ සිටිනතාක් කල් මේ රට කඩන්න, බෙදන්න මොන යෝජනා ආවත්, මම ඒවාට ඉඩ දෙන්නේ නැහැ. මව්බිමේ උරුමය වෙනුවෙන් ජීවිත පූජා කරලා මේ රට ආරක්ෂා කරනවා.2015 මහ මැතිවරණයෙන් පස්සේ අපේම පාර්ලිමේන්තු කණ්ඩායම අපි ඔක්කොම එකට රැස්වුණා. ඒ වෙලාවේ ඉල්ලීමක් ආවා, ආණ්ඩුවත් එක්ක නොයන අයට විපක්ෂයේ විදියට ඉන්න ඉඩ දෙමු කියලා අපේ මධ්‍යම කාරක සභා රැස්වීමේදී. මම කිව්වා ඔව් කැමතියි. කැමති අය ආණ්ඩුවට එකතු වෙන්න. අකමැති නම් විපක්ෂයට ගිහින් ඉන්න කියලා. මගේ විරුද්ධත්වයක් නෑ. ඕන තරම් ආණ්ඩුව විවේචනය කරන්න. අපි ශ්රීලනිපය විදියට වැඩ කරමු. මොකද වුණේ? ටික කාලයක් යනකොට මගෙ මිත්‍ර මහින්ද රාජපක්ෂ මැතිතුමා දන්නෙම නැහැ, යට ඉන්න ගෝලයෝ ටිකක් අලුත් පක්ෂයක් හැදුවා.අපිට කියනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආණ්ඩුවක් හදනව නම් එකට එකතු වෙනවයි කියලා. මම ඒ ගොල්ලන්ට කියනවා 2015 අගෝස්තු මැතිවරණයේදී ජයග්‍රහණය කරපු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්රමුඛ සන්ධානයේ මන්ත්‍රීවරු අනූහය දෙනා මාත් එක්ක හෙට එකට හිටගන්නව නම් මම ලෑස්තියි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආණ්ඩුවක් හදන්න.ඔය කුණු කන්දල් අලුත් දේශපාලන කුණු කූඬේ, ඔය වසංගතේ, ජී.එල්. පීරිස්ගේ කුණු කාණුව, ඕක දාලා එන්න. මං ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආණ්ඩුවක් හදන්න හෙට ලෑස්තියි. හෙට උදේට එන්න අපේ ගෙදරට අනූහයම මාත් එක්ක එකට හිටගන්න, මං ආණ්ඩුවක් හදලා පෙන්වන්නම්.මගේ ඇඟේ තියෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලේ. මගේ ඇඟේ තියෙන්නේ දූෂණයට, නාස්තියට, පවුල්වාදයට, ඒකාධිපතිත්වයට විරුද්ධ දේ.අද මහ බැංකු කොමිෂන් වාර්තාව ගැන හැම කෙනෙක්ම වේදිකාවල්වල කතා කරනවා. ජී.එල්. පීරිස්ගේ කට්ටියත් උඩ පැන පැන කතා කරනවා. හැබැයි ඒ ගොල්ලෝ දන්නේ නෑ, මහ බැංකු වාර්තාවේ තියෙන්නේ, ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාරවරු අත්සන් කරපු වාර්තාවේ තියෙන්නේ, මේ මහ බැංකුවෙ බරපතළ දූෂණ වංචා සිදුව තියෙන්නේ 2008 සිට 2016 දක්වා කියන එක, බොහොම පැහැදිලිව සඳහන් කරලා තියනවා.ඒ එක්කම මම පත්කරපු බරපතළ වංචා දූෂණ කොමිසම. මේ වාර්තා දෙකම ඉල්ලලා කෑගැහුවා. දෙන්න දෙන්න ජනාධිපති ඔක්කොම හංගාගෙන අතේ තියාගෙන ඉන්නවා කියලා. මම දෙකම ඇරියා. කෝ අර කෑගහපු මිනිස්සු. සද්ද නෑ. පොත වැහුවා. දෙගොල්ලම කතාවෙලා පොත වැහුවා. මොකද කතා කළා නම් දෙගොල්ලන්ගෙම රෙදි බුරුල් වෙනවා කියලා දන්න නිසා.ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු කණ්ඩායම පැහැදිලිව කිව්වා විවාදයක් තියන්න කියලා. නමුත් පක්ෂ නායක රැස්වීමේ වැඩි බලය තියෙන්නේ ඔය වාර්තාවේ කියන පක්ෂ දෙකට අයත් නායකයෝ තමයි ඉන්නේ. පාර්ලිමේන්තුවේ 225න් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉන්නේ 42යි. අනිත් ඔක්කෝම කිව්වා මේක වහමුයි කියලා. විවාද එපා කියලා.ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිපත්තියට, බණ්ඩාරනායක දර්ශනයට නැතුව ඒකාධිපතිත්වයෙන්, මිනිස් ඝාතන, අතුරුදන්වීම් එක්ක මේ රට යනකොට, 2014 නොවැම්බර් මාසෙ මම ආණ්ඩුවෙන් එළියට ඇවිත් පොදු අපේක්ෂකයා විදියට ඉදිරිපත් වෙච්ච වෙලාවේ, ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයෝ, ඔබ ඇඟිල්ල දිගු කරලා කිව්වා, ඇයි තමුසේ අපිට ඔහොම කරන්නේ කියලා.අපේ රත්නපුරේ මිත්‍රයෝ මට ගලුත් ගැහුවානේ. (ජනාධිපතිවරයා සිනහව පළ කරයි.) දේශපාලනයේ සදාකාලික හතුරන් ද නැත. මිතුරන් ද නැත. ඒ නිසා ඕනෑ වෙලාවක වෙන් වෙන්න පුළුවන්. ඕනෑ වෙලාවක එක් වෙන්න පුළුවන්. දූෂණය වංචාව නාස්තියත් එක්ක අද ආණ්ඩුව තුළ සිදුවන වැරදි නිසා, ඇතිවන බරපතළ දූෂණ මහ බැංකු මංකොල්ලත් එක්ක මම ප්‍රකාශ නිකුත් කළා වගේම ක්‍රියා කරන්නත් ගත්තා. කොමිසමේ සාක්කි යනකොට, ඒවා පත්තරවල යනකොට මමත් ජනතාවගේ පැත්තටයි වැටුණේ. කොමිසමට මම පැහැදිලිව ආශිර්වාද කළා. එතකොට ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයෝ 2014 නොවැම්බර් මාසෙ මට ඇඟිල්ල දික්කරලා ඇයි උඹ අපිට මෙහෙම කරන්නේ කියලා ඇහුවා වගේ, පසුගිය මාසයක් දෙකක් තුළ එක්සත් ජාතික පාක්ෂිකයො අහන්න පටන් ගත්තා, ජනාධිපතිව කරන්න ඉස්සරහින් හිටිය අපි තමුසෙව ජනාධිපති කළා. ඇයි අපිට මෙහෙම කරන්නේ කියලා. මම එදා ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන්ට ද්‍රෝහි වුණේ නැහැ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එදා ද්‍රෝහි වුණේ නැහැ. මම අද එක්සත් ජාතික පාක්ෂිකයන්ට ද්‍රෝහි වෙලා නැහැ. මම එක්සත් ජාතික පක්ෂයට ද්‍රෝහි වෙලා නැහැ. මම ද්‍රෝහි වෙන්නේ, විරුද්ධ වෙන්නේ, මම දැඩි ක්‍රියාමාර්ග ගන්නේ දූෂණයට, වංචාවට, හොරකමට, නාස්තියට හා පවුල්වාදයටයි. ඒ අය ඉන්නේ යූඇන්පී ද ශ්‍රී ලංකා ද මොන පක්ෂය ද මොන පාට ද මොන වර්ණය ද මට ප්‍රශ්නයක් නැහැ. ඒ ඕනෑ කරන කෙනකුට දෙන්න තියන ඉහළම දඬුවම් දෙන්න නීතිය ඉස්සරහට ගෙනියන්න, හිරේ දාන්න, අපායට ගෙනියන්න ඕනෑ කරන වැඩකටයුතු ටික අඩුවක් නැතුව ඉෂ්ට කරනවයි කියන එක මම තමුන්නාන්සේලාට බොහෝම පැහැදිලිව කියන්නට ඕනෑ.හත්දෙයියනේ, හැමුදුරුවනේ, මේ රට හොර ගුහාවක් වෙලා. ලෝකෙන් උතුම් රට. බෞද්ධයන් අන්‍ය ආගමිකයන් සමඟ සමගියෙන් ඉන්න රට. ඇයි මෙහෙම මේ රට පත්වුණේ. මම ඊයේ ප්‍රකාශයක් කළා ඔබ මාධ්‍ය තුළ දැක්කා. පහුගිය අවුරුදු දහය ඇතුළත මුදල් අමාත්‍යාංශය විදේශ ණය ගත්ත ඒවා, ටි්රලියන් දහයකට වැඩියි. ටි්රලියනයක් කියන්නේ රුපියල් කෝටි දාහක්. භාණ්ඩාගාරයේ, මුදල් අමාත්‍යාංශයේ පොත්පත්වල දැනගන්න තියෙන්නේ ටි්රලියන් එකක වත්කම් විතරයි. අනෙක් ටි්රලියන් නවය රටට ගත්තා තමයි වුණේ මොකද කියලා පොත්පත්වල සටහන් වෙලා නෑ.මේ අවුරුදු දෙකේ තුනේ රජයේ ආදායම්, ආණ්ඩුවට ආපු සල්ලි, ආණ්ඩුවේ භාණ්ඩාගාරයේ තියන සල්ලි ආණ්ඩුවෙන් කඩලා පෞද්ගලික සමාගම්වලට දුන්නා. කාට ද මේවා කියන්නේ. මිහින් එයාර්, ශ්‍රීලන්කන් ගුවන් සේවය, අලුත් ජනාධිපති කොමිසම මම ලබන සුමානේ අලුතින් ගැසට් කරනවා. කාගෙ කාගෙත් තත්ත්වය හෙළිවෙයි.මේ රටේ නාස්තියට, වංචාවට, දූෂණයට කොමිෂන් සභා පත්කරනව නම්, පඳුරක්, පඳුරක් ගානේ කොමිෂන් සභා පත්කරන්න වෙනවා. පත්කළ යුතු ඒවාට කොමිෂන් සභා පත්කරනවා. පත්කරපු ඒවායේ වාර්තා අනුව කටයුතු කරනවා. දෙන්න තියන ඉහළම දඬුවම් දෙනවා. නැති වෙච්ච සල්ලි ටික හොයා ගන්නවා.රටක් හදන්න හිරගෙවල් පුරවලා වැඩක් නෑ. හිරගෙවල්වලින් රට හදන්න බැහැ. හිරගෙවල්වලට යන වැරදි නොකරන මිනිස්සු ඉන්න රටක් අපි හදන්න ඕනෑ. ඒකයි අවශ්‍ය වෙන්නේ. වැරදි කළ මිනිහාට දඬුවම් දීම එකක්. මිනිසුන් අතින් වැරදි නොවන ලෙස ආයතන, නීතිය හැදීම වැරදි කරන්න තියන ඉඩ ඇහිරීම අනිත් එක.ඒ නිසයි මම මුළු රටටම කියන්නේ පෙබරවාරි 10 මේ සටන අවසන් වන දවස නෙවෙයි. ඡන්ද පොළට ගිහිල්ලා බුලත් කොළේට කතිරය ගහලා මේ ජාතික වගකීම ඉෂ්ට කරන්න. නගර සභාව, ප්‍රාදේශීය සභාව අපේ බලයට ගැනීම පමණක් නොවෙයි, එතැන සිට මේ රටේ පිරිසුදු දේශපාලනයක් සඳහා අවශ්‍ය පිරිසක් හදන්න මම පෙරමුණ ගන්නවා. මම 2015 බාරගත්තෙ ජනාධිපතිවරණයෙන් පරාද වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයක්. එය මහ මැතිවරණයෙන් පරාදයි. ජී.ඇල්. පීරිස්ගේ පක්ෂයෙ කට්ටිය මහින්ද රාජපක්ෂ මහත්තයත් නොදැන ශ්රීලනිපය පරාද කළා. අවුරුදු දෙකක් තිබියදී හිටපු ජනාධිපතිතුමා ඡන්දයකට ගියේ බැරි නිසයි කියලා තේරෙනවා. පරාද වුණ පක්ෂයක් මට බාරදුන්නේ. පක්ෂය ගොඩගන්න මම පක්ෂයේ ව්‍යවස්ථාව පවා වෙනස් කළා. පක්ෂ සංවත්සරවල, මැයි රැලිවල 2015ට වැඩිය 2016, 2017 පක්ෂය උඩට ආවා. ප්‍රාදේශීය සභාවලට නාමයෝජනා මෙදා දෙනකොට එදා ශ්රීලනිපය තිබුණ තැන නෙවෙයි මෙදා තියෙන්නේ.”සමාජ සවිබල ගැන්වීමේ, උඩරට ගැමි පුනරුත්ථාපන සහ උඩරට සංවර්ධන ඇමැති එස්.බී. දිසානායක මහතා:“1969න් පස්සේ කොට්ඨාස ක්‍රමයට මේ මැතිවරණය පවත්වනවා. කොට්ඨාස ක්‍රමයට මේ මැතිවරණය ගේනවට බොහෝ දේශපාලන පක්ෂ දිගින් දිගටම විරුද්ධ වුණා. ගමේ කොල්ලෙක් කෙල්ලෙක් මන්ත්‍රී වෙනවට ඒ අය කැමති නෑ.මේ අපේක්ෂකයෝ තමයි ජනාධිපතිතුමාගේ ගැමි ආර්ථිකය ඉහළ නංවන ජාතික වැඩසටහනේ ඔබේ ගමේ නියෝජිතයා. ඉදිරියේ දී ගමේ සියලු සංවර්ධන වැඩ කෙරෙන්නේ ඒ නියෝජිතයා හරහා.”ජාතික නිදහස් පෙරමුණේ හිටපු නියෝජ්‍ය නායක වීරකුමාර දිසානායක මහතා:“බැඳුම්කර වංචාව ගැන පෙබරවාරි 10 දාට කලින් පාර්ලිමේන්තුවේ විවාදය තිබ්බොත් කාගෙ කාගෙත් කෙරුවාවල් ජනතාව දැන ගනීවි.”හිටපු ඇමැති චන්ද්‍රසේන විජේසිංහ, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අනුරුද්ධ පොල්ගම්පොල යන මහත්වරු ද නැගෙනහිර පළාත් සභාවේ හිටපු ඇමැති ආරියවතී ගලප්පත්ති මහත්මිය ද මෙහිදී අදහස් දැක්වූහ.කම්කරු හා කම්කරු සබඳතා ඇමැති ඩබ්ලිව්.ඩී.ජේ. සෙනෙවිරත්න, අතුල කුමාර රාහුබද්ධ, භාණු මුණිප්රිය, සලිත කරුණාරත්න, සරත් සඳනායක, මියුරු භාෂිත ලියනගේ, වරුණ ලියනගේ යන මහත්වරු ද පළාත් පාලන අපේක්ෂක අපේක්ෂිකාවෝ ද ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට පැමිණ සිටියහ.(අජිත්ලාල් ශාන්තඋදය, රත්නපුරේ පී.ඒ.කේ. විජයසුන්දර සහ අප්සරා යෝසිත් විජේසූරිය) | මගේ ඇඟේ දුවන්නේ ශ්‍රී ලංකා ලේ | 1 |
hp_train_7499 | අන්තර් නිවර්තන අභිසාරී කලාපයේ බලපෑම නිසා දිවයින අශ්‍රිතව වැසි සහ අකුණු ඇතිවීමේ හැකියාව වැඩි මට්ටමක පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.අපරභාගයේදී සහ රාත්‍රී කාලයේ දී දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන අතර සමහර ස්ථාන වලට මිලී මීටර් 100 ක පමණ වැසි ඇති වීමට ඉඩ ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.‘උදය කාලයේදී ද වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය. වන මුහුදු ප්‍රදේශවල අපරභාගයේදී සහ රාත්‍රී කාලයේ දී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. මන්නාරම සිට කොළඹ හරහා ගාල්ල දක්වා වන මුහුදු ප්‍රදේශ වල උදය කාලයේදී ද වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විමට ඉඩ ඇත.‘ | ‘තව දුරටත් වැසි වර්ධනය වේ‘ | 0 |
hp_train_7500 | (හර්ෂණ තුෂාර සිල්වා)කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය ඉතිහාසයේ ඉහළම අගය අද (18) වාර්තා කළේය.මේ වසරේ දී කොළඹ කොටස් වෙළෙඳපොළේ ගනුදෙනු සිදු වූ 10 වැනි දිනය අද (18) වූ අතර, දිනය අවසානයේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 7,922.66 ලෙස දැක්විණි.මීට පෙර සියලු කොටස් මිල දර්ශකය ඉහළම අගයක් වාර්තා කරන ලද්දේ 2011 වසරේ පෙබරවාරි 11 වැනිදා ය. එදින, දිනට නියමිත ගනුදෙනු අවසානයේදී සියලු කොටස් මිල දර්ශකය ඒකක 7,811.80ක් ලෙස සටහන්ව තිබිණි.දිනයේ ගනුදෙනු අවසානයේදී සියලු කොටස් මිල දර්ශකය අද ඒකක 188.09කින් ඉහළ ගිය අතර කොළඹ කොටස් හුවමාරුවේ වසර 35ක ඉතිහාසයේදී ඉහළම අගයක් වාර්තා කළ 8වැනි අවස්ථාව මෙය විය.කොළඹ කොටස් වෙළෙඳපොළේ එස් ඇන්ඩ් පී ශ්‍රී ලංකා 20 දර්ශකය ද අද (18) ඒකක 3,000 සීමාව ඉක්මවා ගිය අතර දිනයේ ගනුදෙනු අවසානයේදී ඒකක 3,003.30ක් ලෙස දැක්විණි. එස් ඇන්ඩ් පී ශ්‍රී ලංකා 20 දර්ශකය අද ඒකක 100.32කින් ඉහළ ගිය අතර එය 3.46%ක වර්ධනයකි.දිනයේ අවසානයේදී කොළඹ කොටස් වෙළෙඳපොළේ ගනුදෙනු පිරිවැටුම රුපියල් බිලියන 12 ඉක්මවූ අතර ගනුදෙනු පිරිවැටුම අඛණ්ඩව රුපියල් බිලියන 12.18ක් ලෙස වාර්තා වූ දෙවැනි දිනය ඊයේ විය.මේ අතර අද දිනය තුළ කොටස් ගනුදෙනු 67,153 ක් වාර්තා වී තිබූ අතර එය ඉතිහාසයේ තනි දිනක් තුළ සිදු වූ වැඩිම ගනුදෙනු සංඛ්‍යාව ලෙස සටහන් විය. | සියලු කොටස් මිල දර්ශකය ඉහළම අගය වාර්තා කරයි | 1 |