id
stringlengths
13
13
news_content
stringlengths
120
24.3k
headline
stringlengths
10
171
is_headline
int64
0
1
hp_train_7301
බස්නාහිර, දකුණ, මධ්‍යම, සබරගමුව සහ වයඹ පළාත් වල වැසි වාර කිහිපයක් ඇති වන බවත් නැගෙනහිර පළාතේ තැනින් තැන සවස 2.00න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල සහ දකුණු  පළාතේ සහ ශ්‍රී ලංකාවට දකුණු දෙසින් වන මුහුදු ප්‍රදේශවල ඉදිරි දිනවල   සුළං වේගය වැඩිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි.ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය                                                      දිනය : 15/06/2016නගරයඋෂ්ණත්වය (සෙ. අංශක)සාපේක්ෂ ආර්ද්‍රතාවය (%) කාලගුණයඋපරිමඅවමඋපරිමඅවමඅනුරාධපුරය33269055වැසි ස්වල්පයක්.මඩකලපුව35268055ප්‍රධාන වශයෙන් වැසි රහිතකොළඹ32278570වැසි වාර කිහිපයක්ගාල්ල30269080වැසි වාර කිහිපයක්යාපනය32288065ප්‍රධාන වශයෙන් වැසි රහිතමහනුවර30229570වැසි වාර කිහිපයක්නුවරඑළිය18149580වැසි වාර කිහිපයක්රත්නපුරය31249570වැසි වාර කිහිපයක්ත්‍රීකුණාමළය35278050ප්‍රධාන වශයෙන් වැසි රහිතමන්නාරම32278575ප්‍රධාන වශයෙන් වැසි රහිත
‘පළාත් රැසකට අදත් තද වැසි‘
0
hp_train_7302
(චන්ද්‍රසිරි ගුණසේකර)ඇල්පිටිය ප්‍රාදේශීය සභා රැස්වීම අද (08) පැවැත්වෙමින් තිබියදී දහවල් 11.45 ට සභාපතිවරයා විසින් සභාව විනාඩි දහයකට කල්තබා උපසභාපතිවරයා ඇතුළු මන්ත්‍රී වරුන් සමග සභාවෙන් පිටව යාමෙන් විපක්ෂ මන්ත්‍රීවරු ඊට විරෝධය පළකරමින් කෑ කෝ ගැසමින් සභාවේම රැදී සිටියහ.අද පෙරවරුවේ ඇල්පිටිය ප්‍රාදේශිය සභා රැස්වීම සභාපති කරුණාසේන පොන්නම්පෙරුම මහතාගේ ප්‍රධානත්වයෙන් පෙරවරු 10.00ට ආරම්භ විණි.න්‍යාය පත්‍රයට අනුව සභාපතිවරයා විසින් 2021 වර්ෂයේ අය වැය ලේඛණය සභා සම්මත කිරීම සදහා සභාවට ඉදිරිපත් කළ අතර ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රී නිශාන්ත පෙරේරා මහතා රීති ප්‍රශ්නයක් මතුකරමින් අයවැය ලේඛනය සභා සම්මත කිරීමට විරෝධය පළකළේය.සභාපතිවරයා විසින් සභාවට ඉදිරිපත් කර තිබුණේ අයවැය කෙටුම්පතකි.එය එසේ සම්මත කළ නොහැකි බවත් සභා සම්මත කිරීමට නම් මන්ත්‍රී වරුන් විසින් සංශෝධන ඉදිරිපත් කිරීමෙන් පසු අයවැය ලේඛණයක් ඉදිරිපත් කළයුතු බවත් පවසමින් විපක්ෂනායක භාතිය ලියන ආරච්චි හා ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රී නිශාන්ත පෙරේරා යන මහත්වරු විරෝධය පළකළහ.අය වැය කෙටුම්පත පිළිබදව සාකාච්චා කිරීමෙන් පසු (රහසිගත ලෙස මන්ත්‍රීවරුන් සමග සාකච්චා කිරීමෙන් පසු) සභාපතිවරයා විසින් විනාඩි දහයකට සභාව කල්තබමින් මන්ත්‍රීවරු සමග සභාවෙන් පිටව ගියහ.ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී වරු හා පොදුජන පෙරමුණේ මන්ත්‍රී වරු ඇතුළු මන්ත්‍රීවරු විස්සම සභාවෙන් පිටව ගිය අතර විපක්ෂයේ මන්ත්‍රීවරු නවදෙනා විවිධ දේ පවසමින් කෑකෝ ගසමින් සභාවේ රැදීසිටියහ.විනාඩි දහයකට පසුව සභාපතිවරයා ඇතුළු මන්ත්‍රී වරු විසිදෙනා සභාරැස්වීමට පැමිණි අතර ඒ වනවිට මන්ත්‍රී වරුන් අතට 2021 අය වැය ලේඛණය රීතියට අනුව ලැබෙන්නට කටයුතු කර තිබුණි.මේ අවස්ථාවේ විපක්ෂනායක භාතිය ලියන ආරච්චි හා ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රී නිශාන්ත පෙරේරා මහතා ඊට විරෝධය පලකරමින් අදහස් පළකළහ.ඇල්පිටිය ප්‍රාදේශිය සභාවේ පොදුජන පෙරමුණේ මන්ත්‍රී වරු 17 කි.පොදුජන පෙරමුණේ මන්ත්‍රී වරු 03  කි.එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී වරු  07 කි. ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රී වරු දෙදෙනෙකි.සභාපතිවරයා ඇතුළු මුළු මන්ත්‍රීවරු ගණන 29 කි.
හල්දුම්මුල්ල ප්‍රාදේශීය සභා රැස්වීමේදී උණුසුම් තත්වයක්
0
hp_train_7303
(හේමලතා ඩී. හේවගේ)                                    පන්නල ප්‍රාදේශීය සභාවේ මහා සභාව පැවති අද (09) දින එක්සත් ජාතික පක්ෂයෙන් තරඟ කර පන්නල  ප්‍රාදේශීය සභාවට තේරීපත්වූ සමගි ජන බල වේගය නියෝජනය කරන මන්ත්‍රීවරු පිරිස, වෙනත් කරුණු යටතේ අදහස් ඉදිරිපත් කිරීමේදී කාලය සීමාකිරීමට විරෝධතාවය පාමින් සභාවෙන් පිටව ගියහ. වෙනත් කරුණු යටතේ අදහස් ඉදිරිපත් කිරීමේදී සභාවේ සිටින සියලු මන්ත්‍රීවරුන්ට පොදුවන සේ කථාව විනාඩි පහකට සීමාකිරීම සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රි සුපුන් රංගන මහතා යෝජනා කළේය. ඒ සමග විපක්ෂය නියෝජනය කළ නන්දසිරි පරාක්‍රම මන්ත්‍රීවරයා මාසයකට වරක් රැස්වන මෙම සභාවේදී මන්ත්‍රීවරුන්ගේ කාලය සීමා කිරීම ඔවුනට කරන අසාධාරණයක් බවත් විපක්ෂයක් හැටියට එයට විරුද්ධ වන බවද පැවසීය. සභාවේ අදහස් දෙකක් මතුවීම නිසා ඡන්දයක් පැවැත්විය යුතුබව පැවසූ සභාපති රංජිත් ලංසක්කාර මහතා ඡන්ද විමසීමක් සිදුකරනු ලැබූ අතර යෝජනාවට පක්ෂව ඡන්ද 19 ක් විපක්ෂව ඡන්ද 10 ක් ලැබිණි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කළ මන්ත්‍රීවරු සිව්දෙනා ඡන්දය ප්‍රකාෂ කිරීමෙන් වැළකී සිටියහ. අනතුරුව සමගි ජනබලවේගය නියෝජනය කරන විපක්ෂ නායක චන්දන ප්‍රසාත් මහතා ඇතුඵ මන්ත්‍රීවරුන් පිරිස සභාවෙන් පිටව ගිය අතර එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන එකම මන්ත්‍රීවරයා ඇතුඵ ආණ්ඩුපක්ෂයේ මන්ත්‍රීවරුන් සමග සභාපති රංජිත් ලංසක්කාර මහතා සභාවේ වැඩකටයුතු ඉදිරියට ගෙන ගියේය.
මිල්ලනිය ප්‍රා.සභාවේ සභාපතිට පොහොට්ටුවේ මන්ත්‍රීවරුන්ගෙන් විරෝධය
0
hp_train_7304
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ වයඹ පළාත්වලත් මන්නාරම දිස්ත්‍රික්ක‍යෙත්  සිහින් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.ඌව සහ නැගෙනහිර පළාත්වල ස්ථාන ස්වල්පයක සවස 2.00 න් පමණ පසුව වැසි  හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක. දෘශ්‍ය ලෙස සූර්යයා දකුණට ගමන් කිරීමේදී, අගෝස්තු මස 28 වන දින සිට සැප්තැම්බර් 07 දක්වා ශ්‍රී ලංකාව ආසන්න  අක්ෂාංශ වලට සෘජුවම ඉහලින් පවතී. ‍හෙට  (29) දහවල් 12.12 කුලමරිප්පුව, ‍තෙන්නියන්කුලම සහ  අම්බනාම යන නගර වලට ඉතා ආසන්නව හිරු මුදුන්ව පවතී.ප්‍රධාන  නගර සදහා කාලගුණ අනාවැකිය                                                      දිනය : 29/08/2016නගරය නගරයඋෂ්ණත්වය(සෙ. අංශක)සාපේක්ෂ  ආර්ද්‍රතාවය  (%) කාලගුණයඋපරිමඅවමඋපරිමඅවමඅනුරාධපුරය32258560ප්‍රධාන වශයෙන් වැසි රහිතමඩකලපුව34267545ප්‍රධාන වශයෙන් වැසි රහිතකොළඹ31268570 වැසි ස්වල්පයක් ඇති විය හැකගාල්ල29259085සිහින් වැසි වාර කිහිපයක්යාපනය30289070ප්‍රධාන වශයෙන් වැසි රහිතමහනුවර28238575සිහින් වැසි වාර කිහිපයක්නුවරඑළිය17149585ප්‍රධාන වශයෙන් වැසි රහිතරත්නපුරය30249070සිහින් වැසි වාර කිහිපයක්ත්‍රීකුණාමලය3326     8055සවස 2.00 න් පමණ පසුව වැසි හෝ  ගිගුරුම් සහිත වැසි ඇති විය හැකමන්නාරම30278575වැසි ස්වල්පයක් ඇති විය හැක
‘දකුණේ නගර කීපයකට හෙට හිරු ළං වෙයි‘
0
hp_train_7305
උතුරු, නැගෙනහිර සහ ඌව පළාත්වලට ද හම්බන්තොට දිස්ත්‍රික්කයේද තැනින් තැන වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.‘‘විශේෂයෙන් අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේ දි සෙසු පළාත්වල බොහෝ ප්‍රදේශවල ගිගුරුම් සහිත වැසි වර්ධනය වේ‘‘.‘‘ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකිය‘‘. ‘‘පුත්තලම සිට කොළඹ හරහා ගාල්ල දක්වා වන ගැඹුරු සහ නොගැඹුරු  මුහුදු ප්‍රදේශවල උදය කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ‘‘.‘‘කන්කසන්තුරේ සිට ත්‍රිකුණාමලය හරහා පොතුවිල් දක්වා වන ගැඹුරු සහ නොගැඹුරු  මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි වර්ධනය වෙයි‘‘‘‘සුළං නැගෙනහිර දෙසින් හමන අතර වේගය පැයට කිලෝ මීටර් 20-40 අතර  වේ. ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම මුහුදු ප්‍රදේශ වල තාවකාලිකව තද සුළං ඇති විය හැකියි‘‘.ගිගුරුම් සහිත වැසි ඇති වන විට මුහුදු ප්‍රදේශ තාවකාලිකව රළු වන බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.  2015පෙබරවාරි මස 25 වැනි දින දහවල්  12.00 ට නිකුත් කෙරිණි.
ඉදිරි 24 පැයේ කාලගුණය
0
hp_train_7306
(රංජිත් රාජපක්ෂ)                 මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට තවදුරටත් ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් ඉහළ කොත්මලේ ජලාශයේ ස්වයංක්‍රිය  වාන් දොරටුව අද (01) අලුයම සිට ස්වයංක්‍රියව විවෘත වි ඇත. ඉහළ කොත්මලේ ජලාශයේ ඉහල ජල පෝෂක ප්‍රදේශවලට ඊයේ (30) සිට ඇද හැලෙන අධික වර්ෂාවත් සමග කොත්මලේ ජල මට්ටම ඉහල යාම නිසා ජලාශවේල්ලේ ස්වයංක්‍රිය වාන් දොරටුව ස්වයංක්‍රියව  විවෘත වි ඇති බඑම ජලාශ භාර ඉංජිනේරුවරයා කීවේය.  එම ජල පෝෂක ප්‍රදේශවලට තවදුරටත් වැසි ලැබුණහොත් ජලාශයේ සෙසු වාන් දොරටු විවෘත කිරිමට සිදු වන නිසා ජලාශ වේල්ලට පහලින් කොත්මලාඔයේ දෙපස පදිංචිකරුවන් සහ කොත්මලාඔයේ ජලය පරිහරණය කරන අය සැලකිලිමත්ව සිටින ලෙස එම ජලාශ භාර ඉංජිනේරුවන් මහජනතාවගෙන් ඉල්ලා සිටියි.
ඉහළ කොත්මලේ ජලාශයේ වාන් දොරටු දෙකක් ස්වයංක්‍රීයව විවෘතවේ
0
hp_train_7307
(ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක)තලවාකැලේ ලිඳුල “එන්ෆෝල්ඩ්” වතුයායේ තේ දලු නෙළමින් සිටි වතු කම්කරුවන් පිරිසකට අද (15) එල්ල වූ බඹර ප්‍රහාරයකින් පාසල් දැරියක් ඇතුලු 14 දෙනෙක් තුවාල ලබා ලිඳුල ප්‍රාදේශීය රෝහලට ඇතුලත් කර තිබේ.තුවාල ලැබූවන් අතර අවුරුදු 10 ක ගැහැණු ළමයෙක්, පිරිමි කම්කරුවන් 06 ක් හා කාන්තාවන් 07 සිටින බව රෝහල් ප්‍රකාශකයෙකු පැවසීය.තුවාලකරුවන්ගෙන් 06 දෙනෙක් බාහාර රෝගී අංශයෙන් ප්‍රතිකාර ලබාගෙන පිටව ගිය බවත් පාසල් දැරිය සහ කාන්තාවන් සිව්දෙනෙක් හා පිරිමින් තිදෙනෙක් නේවාසිකව ප්‍රතිකාර ලබන බව දිඳුල රෝහලේ වෛද්‍යවරු පැවසූහ.තේ ගසක බැඳ තිබූ බඹර කූඩුවක් ඇවිස්සී තමන්ට පහර දුන් බව තුවාල ලබා රෝහල් ගතකර සිටින වතු කම්කරුවෝ පැවසූහ.  
ලිඳුල එන්ෆෝල්ඩ් වත්තේ තේ දලු නෙළමින් සිටි පිරිසකට බඹර ප්‍රහාරයක්
1
hp_train_7308
(අංජුල මහික වීරරත්න, මඩුකන්ද සිතුම් චතුරංග, අම්පාර නවරත්න සමරතුංග, පොතුවිල් යූ. විජේසිංහ)“ජාති ආගම් බේදයෙන් තොරව එක නීතියක් යටතේ සැමට සමානව සලකන රටක් බිහි කරන බව” නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා උතුරු සහ නැගෙනහිර පළාත්වල ජන රැලි අමතමින් පැවැසීය.උතුම් බෞද්ධ ප්‍රතිපත්තිය තුළ බුද්ධාගමට මුල් තැන දී ආරක්‍ෂා කරන්නාසේම සෙසු සියලුම ආගම් ජාතීන් ආරක්ෂා කරමින් ජාතිවාදය, ආගම්වාදය සම්පූර්ණයෙන්ම තුරන් කොට ශිෂ්ට සම්පන්න, යුක්තිගරුක - මනුෂ්‍යත්වය රජ කරන මානව හිතවාදී යුගය 16 වැනිදා ජයග්‍රහණයත් සමග ආරම්භ කරතැයි ද ජනපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කළේය.නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්‍ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ සහභාගීත්වයෙන් සිකුරාදා (8) සහ සෙනසුරාදා (9) උතුරු නැගෙනහිර පළාත්වල මන්නාරම, කිලිනොච්චි, යාපනය, ත්‍රිකුණාමලය, අම්පාර, කල්කුඩා, පදිරිප්පු, මඩකළපුව, පොතුවිල්, කල්මුණේ නින්දවූර් සහ සමන්තුරේ දී ජන රැලි මාලාව පැවැත්විණි.ජන රැලි සඳහා උතුරු - නැගෙනහිර පළාත්වල අති විශාල ජනතාවක් සහභාගි වී සිටියහ.වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති අපේක්‍ෂක සජිත් ප්‍රේමදාස මහතා මෙසේ ද පැවැසීය.යුද්ධය නිසා ජාති - ආගම් - කුල මල පන්ති භේදයෙන් තොරව අනාථ වූ සියලු දෙනා මගේ නායකත්වය යටතේ ජාති භේදයෙන් තොරව නැවත පදිංචි කරනවා. මල්වතු ඔය සංවර්ධන ව්‍යාපෘතිය හරහා මේ ප්‍රදේශයේ වැව් පද්ධතිය ශක්තිමත් කර ජනතාවගේ ගොවිතැන සරු සාර කරන්න මා කටයුතු කරනවා.තලෙයිමන්නාරම වරාය, පේසාල වරාය, සිලාවතුර වරාය මගේ නායකත්වයෙන් අනිවාර්යෙන්ම සංවර්ධනය කරනවා.තලේමන්නාරම සිට ත්‍රිකුණාමලය දක්වා තීරු 4ක මාර්ගයක් හදනවා. ඒ වගේම පුත්තලමත්, මන්නාරමත් යා කෙරෙන විකල්ප මාර්ග විල්පත්තු වනයට හානි නොවන ආකාරයට පරිසර හිතකාමීව ඉදි කරනවා.ධීවර කර්මාන්තය විධිමත්ව සංවර්ධනය කර කර්මාන්තයේ යෙදී සිටින ප්‍රජාවට ප්‍රශ්නයක් නැතිව කර්මාන්තය කරගෙන යාමට ඉඩ සලසනවා. ඊට අමතරව ධීවර කර්මාන්තයට අවශ්‍ය උපකරණ-මෙවලම්- ආම්පන්න සහනාධාර ක්‍රමයට දීමට කටයුතු කරනවා. වෙරළ තීරයේ සිට නාවුක සැතපුම් 200ක් අපේ රටට අයිතියි. මේ නාවික සැතපුම් 200 මෙපමණ කාලයක් අපේ රටේ ප්‍රයෝජනය සඳහා ගෙන නැහැ. නව තාක්ෂණ ක්‍රමවේද උපයෝගී කර ගනිමින් සයුරු සම්පතට හානියක් නොවන ආකාරයට ධීවර කර්මාන්තය ගොඩ නගනවා පමණක් නොව වෙරළ තීරයේ සිට නාවික සැතපුම් 200ක ප්‍රමාණය අපේ රටේ ප්‍රයෝජනයට ගන්නවා. එය ධීවර කර්මාන්තයට පමණක් සීමා කරන්නේ නැහැ. මගේ අවශ්‍යතාව මේ ප්‍රදේශය සුරපුරය කිරීමටයි.මෙහි කෘෂිකර්මාන්තය ක්‍රියාත්මකයි. එළවළු - පලතුරු වී, තේ, පොල්, රබර්, සුළු අපනයන භෝග හැම එකකටම නොමිලේ පොහොර දෙනවා. මන්නාරම් දිස්ත්‍රික්කයේ ගොවිතැන් කරන සියලු දෙනාට නොමිලේ පොහොර දෙනවා.පාසල් යන දූ - දරුවන්ට නොමිලේ නිල ඇඳුම් හා දිවා ආහාර දුන්නේ මගේ පියායි. මගේ ප්‍රතිවාදියාගේ දේශපාලන කණ්ඩායම දිවා ආහාරය දූ - දරුවන්ගෙන් උදුරා ගත්තා. පාසල් යන දූ දරුවන් 44 ලක්ෂයක් රටේ ඉන්නවා. සෑම දෙනාටම මා ජනාධිපති වූ පසු දිවා ආහාරයයි, නිල ඇඳුම් කට්ටල දෙකයි, සපත්තු ජෝඩුවයි දෙනවා.ඒ වගේම මන්නාරම් දිස්ත්‍රික්කයේ පමණක් නොව රටේ හැම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයක් ආවරණය වන පරිදි කර්මාන්ත පුරවර ආරම්භ කරනවා. ඉන්දියාවට, බංග්ලාදේශයට, කාම්බෝජයට, වියට්නාමයට යන ඍජු විදේශ ආයෝජන මෙරටට ගෙනල්ලා කර්මාන්තපුර ඇති කරනවා. එතැනින් නතර නොවී හැම ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයකම නව තාක්ෂණික විද්‍යාලයක් හරහා තොරතුරු තාක්ෂණය, පරිගණක තාක්ෂණය, නැනෝ තාක්ෂණය ලබා දෙනවා. තොරතුරු තාක්ෂණ උද්‍යාන හැම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකටම දී යොවුන් පරපුරට වෙන කිසි දවසක නොලද ඓතිහාසික ශක්තිය මා දෙනවා.දුප්පත් ජනතාව වෙනුවෙන් සමෘද්ධි වැඩසටහන ක්‍රියාත්මක වෙනවා. ඒ වැඩ සටහන ශක්තිමත්ව ඉදිරියට ක්‍රියාත්මක කරමින් සමෘද්ධිය දිය යුතු සෑම දෙනාටම සමෘද්ධිය දෙනවා. දුප්පත්කම ඉක්මනින් තුරන් කරන්න ඕනෑ. ඒ නිසාම සමෘද්ධි වැඩ සටහන ක්‍රියාත්මක කරන අතරතුර මගේ පියා ආරම්භ කළ ජනසවිය වැඩසටහන ද ආරම්භ කරනවා. සමෘද්ධියත්, ජනසවියත් දෙකම දුප්පත් ජනතාවට දෙනවා.පෙර පාසල් පද්ධතිය ශක්තිමත් කරනවා. පෙර පාසල් ගුරුවරියන්ට, සහායක පාලිකාවන්ට මින් ඉදිරියට රජයෙන් වැටුප් ගෙවනවා. හැම පෙර පාසලකටම වෙනමම ශාලාව වෙනමම ළමා උද්‍යානය ඇතුළු සම්පත් දෙනවා. පෙර පාසල් දූ දරුවන්ට දිවා ආහාරය ද දෙනවා. රටේ පෙර පාසල් අධ්‍යාපනය නිදහස් අධ්‍යාපන ක්‍රමයට ඇතුළත් කරනවා.ඒකීය හා ස්වෛරී ශ්‍රී ලංකාව තුළ නොබෙදුනු නොකැඩුණු ශ්‍රී ලංකාව තුළ උපරිම බලය බෙදා හරිනවා. කිසිදු අවස්ථාවක රටේ ත්‍රස්තවාදයට ඉඩ තබන්නේ නැහැ. කිසි දවසක රටේ මිනී මැරුම්වලට ස්ත්‍රී දූෂණයන්ට, කුඩු වෙළෙඳාමට, කප්පම් කල්ලිවලට මා ඉඩ තබන්නේ නැහැ. ළමා අපචාරවලට ඉඩ තබන්නේ නැහැ. රටේ කිසිම ආගම්වාදයකට, ජාතිවාදයට, ආගම් භේදයකට ජාති භේදයකට මගේ ජනාධිපති කාලයේ දී ඉඩ තබන්නේ නැහැ.මා හොඳ සිංහල බෞද්ධයෙකු වනවා. මා හොඳ සිංහල - බෞද්ධ ප්‍රතිපත්ති අනුගමනය කරනවා. ලොව්තුරා බුදුරජාණන් වහන්සේ ජාතිය ආගම කේන්ද්‍ර කරගෙන ජාතීන් විනාශ කරන්න ආගම් විනාශ කරන්න කියා දේශනා කර නැහැ.ලොව්තුරා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ සියලු සත්වයෝ නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා කියලා. ඒ උතුම් බෞද්ධ ප්‍රතිපත්ති අනුගමනය කරමින් මන්නාරම් දිස්ත්‍රික්කය ජාති ආගම් භේදයෙන් තොරව මා සංවර්ධනය කරනවා.ඒකීය ශ්‍රී ලංකාව තුළ රට ගොඩ නගනවා කියන පණිවුඩය රටට දෙන්න. උතුරු පළාතේ හා දකුණු පළාතේ ආබාධිත වූ අයට විශේෂ සැලකිල්ල රජයේ මැදිහත්වීමෙන් ඇති කරනවා.ඊට අමතරව උතුරු පළාතටත්, නැගෙනහිර පළාතටත් විශේෂිත වූ ආධාර සමුළු දෙකක් පවත්වා ප්‍රදේශ දියුණු කරනවා. යුද්ධයෙන් පසු කිසිවෙකුට මේ සමුළු දෙක පවත්වන්න බැරි වුණා. නමුත් මා එය කරනවා. ජාති ආගම් භේදය නැති කර එක නීතිය යටතේ සියලු දෙනා සමානව සලකන, හැමෝටම එකට ජීවත් විය හැකි රට හදන්න මා කැප වෙනවා.මඩකළපුව - කල්කුඩා ජනතාවට කිව යුතු එක දෙයක් තිබෙනවා. කිසි දවසක ඉතිහාසයේ නොවුණු දැවැන්ත සංවර්ධනය පක්ෂ - පන්ති ආගම් - කුල භේදයෙන් තොරව ප්‍රේමදාසගේ පුතා ඉටු කරනවා. මගේ සිහිනයක් තිබෙනවා. එය 17 වැනිදාට මා සැබෑ කර ගන්නවා. 17 වැනි දා උදා වන විට ශීතාගාර පහසුකම් සහිත අලුත් ධීවර වරායට එනම් වාලච්චේන ධීවර වරායට මුල්ගල තියා එය ජනාධිපති ලෙස මමම විවෘත කරනවා.කල්කුඩා මැතිවරණ කොට්ඨාසයේ තිබෙන සියලුම රෝහල් වැඩි දියුණු කර වාලච්චේන රෝහල උසස්ම ගණයේ රෝහලක් ලෙස සංවර්ධනය කරනවා. එපමණකින් නොනැවතී යෞවන - යෞවනියන්ට ක්‍රීඩා කරන්න තිබෙන ක්‍රීඩාපිටිය ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩා පිටිය ලෙස සංවර්ධනය කරනවා.වාලච්චේන කඩදාසි කර්මාන්ත ශාලාව ගැන මීට පෙර බොහෝ දෙනකු බොහෝ දේවල් කියා තිබෙනවා. ඒවා අහලා ජනතාව හෙම්බත් වෙලා ඇති. වෙන අය වගේ නොවෙයි සජිත් ප්‍රේමදාස යමක් කීවොත් එය අනිවාර්යයෙන්ම ඉටු කරනවා. බැරි දේවල් මා භාර ගන්නේ නැහැ.ජනාධිපති වී මාස 3ක් ඇතුළත කඩදාසි කර්මාන්ත ශාලාව විවෘත කොට ප්‍රදේශයේ දස දහස් ගණනක් තරුණ - තරුණියන්ට රැකියා දෙන්න මගේ අලුත් රජය කටයුතු කරනවා.මුස්ලිම්, දෙමළ, සිංහල, බර්ගර් මැලේ කවුරු වුණත් හැමට පිරිසිදු පානීය ජලය දෙන වැඩපිළිවෙළ ක්‍රියාත්මක කොට ජනතාවගේ ආයුෂ වැඩි කරන්න කටයුතු කරනවා. ජාතික වශයෙන් වැදගත් කාර්යභාර රැසක් ජනතාව වෙනුවෙන් මා ඉටු කරනවා.මා හඳෙන් ආපු කෙනෙකු නොවෙයි. මා ඇමරිකාවෙන් ආපු කෙනෙකු ද නොවෙයි. මාතෘභූමියේ, මහ පොළොවට පය ගහලා ඉන්න හැම ජාතියකටම, හැම ආගමකටම ගරු කරන පුද්ගලයා මමයි.ස්වයං රැකියා කරන අයට අනිවාර්යයෙන්ම සහයෝගය දෙනවා. ත්‍රිරෝද රථ රියැදුරන්ට ඇප පොලී නැතුව ලක්ෂ 3ක ණයක් දෙනවා. ජන සමාජයේ පොඩිම තැන ඉඳලා නූපන් දරුවාගේ සිට වැඩිහිටියා දක්වා රට සුරකින ගමනට 16 වැනිදා හංසයා ඉදිරියේ කතිරය ගසා සජිත් ප්‍රේමදාස දිනවන ලෙස ඉල්ලා සිටිනවා.අමිර් අලි මැතිතුමා ඉතා ශක්තිමත් කණ්ඩායමක් ගොඩ නගලා. හොඳට මතක තියා ගන්න අනිත්පැත්තට උදව් කරන අය කියන්නේ පල්ලි කඩන එක හොඳයි, කෝවිල් කඩන එක හොඳයි, දේවස්ථාන කඩන එක හොඳයි, ආගමික ස්ථාන විනාශ කරන එක හොඳයි කියලයි. සජිත් ප්‍රේමදාස ගාව විනාශ කිරීම, කඩා දැමීම, පිච්චීම ශබ්ද කෝෂයේ නැහැ. මගේ ශබ්ද කෝෂයේ තිබෙන්නේ ඉදිකිරීම, ගොඩනැගීම හා නිර්මාණය කිරීම පමණයි.16 වැනිදාට නිර්මාණය වෙන්නේ උතුරත්, දකුණත්, නැගෙනහිරත්, බටහිරත් රටේ පළාත් නමයම රටේ දිස්ත්‍රික්ක 25, රටේ වසම් 14022ම එක්සත් වූ සද්දන්ත ශ්‍රී ලංකාවයි. ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාගේ නායකත්වයෙන් අනිවාර්යයෙන්ම ත්‍රස්තවාදය, කුඩු ජාවාරම, මිනීමරුවෝ, කප්පම් කල්ලි, ළමා අපචාර කල්ලි විනාශ කරනවා. මගේ නායකත්වය යටතේ රටේ ජාතිභේදයට, ආගම්වාදයට, ජාතිවාදයට, ආගම්භේදයට ඉඩක් තබන්නේ නැතැයි ද සජිත් ප්‍රේමදාස මහතා කීවේය.අම්පිටිය ගඟවටකෝරළේ සභාපති සුභාශ් යටවර මහතා සංවිධානය කර තිබූ මැතිවරණ ප්‍රචාරණ රැස්වීම ඇමතූ සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මෙසේ කීවේය.අද ගෝඨාභය අපේක්ෂකට අභියෝග පිට අභියෝග එල්ල කළත් විවාදයට නොඑන්නේ අපේක්ෂකයකු හැටියට සංයමයෙන් හික්මීම ඇතිව කිසිම උත්තරයක් දෙන්න හැකියාවක් නැති නිසයි. එතුමාට අද දෙන්න උත්තර නැහැ.විශාල ජන ගංගාවක් උතුරු සහ නැගෙනහිර ජන රැලිවලට සහභාගි වී සිටියහ.
“16 වැනිදා උදාවෙන්නේ මානව හිතවාදී යුගයයි“
1
hp_train_7309
(සිතුම් චතුරංග)         බලපත්‍ර නොමැතිව අනුරාධපුරයේ සිට මන්නාරම දක්වා ලොරි රථයකින් මත්පැන් ප්‍රවාහනය කළ පුද්ගලයින් දෙදෙනකු මත්පැන් බෝතල් 660 සමඟ මන්නාරම වනජීවි කාර්යාලය අසළ දී අත්අඩංගුවට ගත් බව මන්නාරම පොලිසිය කියයි.දීර්ඝ කාලයක සිට බලපත්‍ර නොමැතිව මත්පැන් ප්‍රවාහනය කරන ජාවාරමක් පිළිබඳ මන්නාරම පොලිස් දූෂණ මර්දන අංශය වෙත ලැබුණ තොරතුරක් මත සිදුකළ වැටලීමකදී මිලි ලීටර 750 මත්පැන් බෝතල් තොගය සමඟ සැකකරුවන් අත්අඩංගුවටගෙන තිබේ.අත්අඩංගුවට ගත් මත්පැන් ප්‍රවාහනය සඳහා බියර ප්‍රවාහන බලපත්‍රයක් පමණක් සැකකරුවන් ලබාගෙන ඇති අතර බියර සමඟ සූක්ෂම ලෙස සඟවා මෙම මත්පැන් ප්‍රවාහනය කරන බව පොලිසිය පවසයි.පොලිසිය පැවසූයේ ප්‍රදේශයේ සිටින බලවත් ව්‍යාපාරිකයකුගේ උපදෙස් මත දීර්ඝ කාලයක සිට බලපත්‍ර නොමැතිව මත්පැන් ප්‍රවාහනය සිදුකර ඇති බවට තොරතුරු අනාවරණය වූ බවයි.මත්පැන් තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ 12 කට අධික බවද පොලිසිය පවසයි. අත්අඩංගුවට ගත් සැකකරුවන් අනුරාධපුර , සාලියවැව පදිංචි වයස අවුරුදු 29 ත් 39 වයසේ පසුවන්නෝ වෙති.අත්අඩංගුවට ගත් සැකකරුවන් මන්නාරම මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතවූ පුද්ගලයින් දෙදෙනකු අත්අඩංගුවට
0
hp_train_7310
(ඩී.කේ.රත්න)හපුතලේ ප්‍රාදේශීය සභාවේ 2020 වර්ෂයේ අයවැය ලේඛනය මාසික මහ සභා වාරයේ දී වැඩි ඡන්ද 11 කින් අද (14)  සභා සම්මත විය.හපුතලේ ප්‍රාදේශීය සභාවේ සභාපති බී.කන්දසාමි මහතා විසින් මෙම අයවැය ලේඛනය මාසික මහ සභා වාරයට ඉදිරිපත් කෙරිණි.අයවැය විවාදයෙන් පසුව සිදුකළ ඡන්ද විමසීමේ දී මෙම අයවැයට පක්ෂව ඡන්ද 12 ක්  ද විපක්ෂව ඡන්ද එකක් ද ලැබුණු අතර එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් 6 දෙනෙකු ඡන්දය දීමෙන් වැළකී සිටියහ.මෙම ඡන්ද විමසීමේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මන්ත්‍රීවරු 7 දෙනා සමඟ එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරු පස් දෙනාම අයවැයට පක්ෂව ඡන්දය ලබාදුන් අතර ජනතා විමුක්ති පෙරමුණ මන්ත්‍රීවරයා පමණක් අයවැයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළහ.මෙම අවස්ථාවේදී එක්සත් ජාතික පක්ෂ ප්‍රාදේශීය සභා මන්ත්‍රී සුදත් අරුණ රංජන මහතා සභා ගැබේ නොසිටියේය.හපුතලේ ප්‍රාදේශීය සභාව මන්ත්‍රීවරුන් විසි දෙනෙකුගෙන් සමන්විත අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මන්ත්‍රීවරු හතක් එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරු පහක් එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරු හතකගෙන් සහ ජනතා විමුක්ති පෙරමුණ මන්ත්‍රීවරයෙකුගෙන් සමන්විතය.
කන්තලේ ප්‍රා.සභාවේ අයවැය වැඩි ඡන්ද 13කින් සම්මතයි
0
hp_train_7311
(රංජිත් රාජපක්ෂ) බගවන්තලාව පොලිස් වසමට අයත් කැම්පියන් තේ වත්තේ තේ දළු නෙළමින් සිටි වතු කම්කරුවන්ට අද (26) එල්ල වූ බඹර ප්‍රහාරයකින් තුවාල ලැබූ වතු කම්කරුවන් 5 දෙනෙකු බගවන්තලාව  ප්‍රාදේශීය රෝහල වෙත ඇතුළත් කර ඇති බව බගවන්තලාව  පොලිසිය පවසයි.බගවන්තලාව කැම්පියන් තේ වතුවල වැඩ කරමින් සිටියදී තේ පදුරක් මත බැද තිබූ බඹර කූඩුවක් එකවර ඇවිස්සී බඹරුන් පහර දුන් බව මෙම බඹර ප්‍රහාරයෙන් තුවාල ලබා බගවන්තලාව ප්‍රාදේශීය රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන වතු කම්කරුවන් පවසති.බඹර ප්‍රහාරයෙන් වතු කම්කරු කාන්තාවන් සිව්දෙනෙකු සහ වතු කම්කරුවෙක් තුවාල ලබා ඇත. බඹර ප්‍රහාරය සම්බන්ධයෙන් බගවන්තලාව පොලිසිය පරික්ෂණ පවත්වයි.
බඹරු ඇනීමෙන් 6 ක් රෝහලේ
0
hp_train_7312
(ක.ග.කරුණාරත්න) අරලගංවිල පොලිස් වසමේ සිදුකළ විශේෂ මෙහෙයුමකදී හෙරොයින් මත්කුඩු,ගංජා, කසිප්පු සහ ගෝඩා ළඟ තබාගෙන සිටි පුද්ගලයෝ 15 දෙනෙකු අද(11) අලූයම අත් අඩංගුවට ගත් බව අරලගංවිල  පොලීසිය කියයි. ඊට අමතරව රාත‍්‍රී කාලයේ  ඇඳිරි නීතිය කඩ කිරීම් සිදුකල 21 දෙනෙකුද පොලිස් අත් අඩංගුවට පත්වී ඇත. සැකකරුවන් සියලූම දෙනා අරලගංවිල පොලිස් වසමේ පදිංචිකරුවන් බව හෙළිවී තිබේ. මෙම විශේෂ මෙහෙයුමේදී හෙරොයින් මත්කුඩු ග‍්‍රෑම් 08යි මිලිග‍්‍රෑම් 10ක්,කසිප්පු මිලි ලීටර් 6000ක්,ගෝඩා මිලි ලීටර් 1,70.000ක් සහ කේරළ ගංජා ග‍්‍රෑම් 02ක් සැකකරුවන් සන්තකයේ තිබී සොයාගෙන ඇත.  අත් අඩංගුවට ගත් කසිප්පු තොගය වෙසක් සතියේ අරලගංවිල නගරය සහ ඒ අවට ගම්මානවල අලෙවි කිරීම සඳහා බෙදාහැරීමට සූදානම්කර තිබූ ඒවා බව සැකකරුවන් පොලීසියට ප‍්‍රකාශකර තිබේ. සැකකරුවන් සියලූම දෙනා අද(11) දිනයේ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව විමර්ශන සිදුකරන පොලිස් නිලධාරීහු පැවැසූහ.  පොලොන්නරුව ජ්‍යෙෂඨ පොලිස් අධිකාරී  ඕෂාන් හේවාවිතාරණ මහතාගේ උපදෙස් පරිදි අරලගංවිල පොලීසියේ ස්ථානාධිපති,ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක කේ.පී.ඩබ්ලිව්.පේ‍්‍රමලාල් මහතාගේ මෙහෙයැවීමෙන්  මේ පිළිබඳව පරීක්‍ෂණ පවත්වයි. 
හොරොයින් ගංජා ඇතුළු මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන සිටි 15 ක් අත්අඩංගුවට
1
hp_train_7313
(ඩයනා උදයංගනී)           දිවයිනේ දිස්ත‍්‍රික්ක 13 කට බල පා ඇති තද වැසි, ගං වතුර, නායයෑම් අවදානම් ඇතුළු ආපදා තත්ත්වය හේතුවෙන් පවුල් 18,840 කට අයත් 64,608 දෙනෙක් පීඩාවට පත්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.           බදුල්ල, මොණරාගල, මඩකලපුව, අම්පාර, මහනුවර, නුවරඑළිය, මාතලේ, හම්බන්තොට, කුරුණෑගල, පුත්තලම, කෑගල්ල, අනුරාධපුරය සහ පොළොන්නරුව දිස්ත‍්‍රික්කවල ජනතාව මෙලෙස පීඩාවට පත්ව සිටිති.           මේ අතරින් අවතැන් වූ පවුල් 5,255 කට අයත් 17,766 දෙනෙක් ආරක්‍ෂිත ස්ථාන 132 ක රදවා සිටින බව ද කොඩිප්පිලි මහතා සදහන්  කළේය.           මින් වැඩිම පීඩාවකට පත්ව ඇත්තේ පුත්තලම දිස්ත‍්‍රික්කයේ ජනතාව වන අතර එහි පවුල් 4,920කට අයත් 16,755 දෙනෙක් පීඩාවට පත්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්‍ෂ (මාධ්‍ය)  ප‍්‍රදීප් කොඩිප්පිලි මහතා පැවසීය. මෙම තත්ත්වය හේතුවෙන් නිවාස 62 ක් සම්පූර්ණයෙන් විනාශ වී ඇති අතර තවත් නිවාස 1,463 කට අර්ධ හානි සිදුව ඇතැයිද ප‍්‍රදීප් කොඩිප්පිලි මහතා කීවේය. 
ගං වතුරෙන්- නාය යෑමෙන් දිවයින පුරා පවුල් 9,962 ක් අවතැන්
0
hp_train_7314
(නාලක සංජීව දහනායක)පැවැති බදු ක්‍රමය සම්පූර්ණයෙන්ම විකෘතිකර වත්මන් ආණ්ඩුව මහජනතාවගේ සාක්කු සුද්ධ කිරීමට පටන්ගෙන තිබෙන බව විපක්‍ෂනායක මහින්ද රාජපක්‍ෂ මහතා මාළබේ, අරංගල දී  පැවැසීය.ආණ්ඩුව පසුගිය අවුරුදු හතරේ දී ගොංකං කළා මිස රට සංවර්ධනය කිරීමට කටයුතු නොකළ බවද ඔහු කීය.  මාලඹේ, අරංගල ක්‍රීඩාංගණයේ පැවැති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ රැළියකට සහභාගි වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.එහිදී විපක්‍ෂනායකවරයා මෙසේ ද පැවැසීය.එක්සත් ජාතික පක්‍ෂයේ අපේක්‍ෂකයා හා අපේ අපේක්‍ෂකයා කියන කතා ගැන වෙන් වෙන්ව කල්පනා කරල බැලුවම රට පාලනයට වැඩියෙන්ම සුදුසු කවුද කියල ඔබට තෝරගන්න පුළුවන්.සජිත් මහත්තයා බලය ඉල්ලන්නේ තමන්ගේ පියාගේ අඩි පාරේ යන්නයි. ඒ කතාව ඇහුවම මට තරුණ පරපුර ගැන බියක් ඇති වුණා. භීෂණ කාලේදී තරුණ තරුණියන් මරල දාපු සුප්‍රසිද්ධ හෝකන්දර වළ තියෙන්නේ මේ පැත්තේ. ඒ කාලෙදි විමල් අහුවුණා නම් ඉවරයි. අහුවුණා නම් විමල් අද ඉන්නේ හෝකන්දර වළෙයි. ඒ විතරක් නෙවෙයි 2800කට වැඩිය තරුණ පිරිසක් ඝාතනය වුණේ සජිත්ගේ පියාගේ යුගයේදියි. ඒ විතරක් නෙවෙයි රිචඞ් ද සොයිසා වැනි මාධ්‍යවේදීන් හෙලිකොප්ටරෙන් ගෙනිහිල්ලා මුහුදට දැම්මා. අහිංසක මිනිස්සු මරලා දාන්න තරම් එදා තිබූ ආණ්ඩුව කෲර වුණා. අද හුඟාක් දෙනෙක්ට ඒ යුගය අමතකයි.අපි අවුරුදු හතරහමාරක් මේ අයට බලය දීලා බලාගෙන හිටියා. මොනවද රටට කළේ. වෙනසක් ඕන කියපු අයට වෙනස ලැබුණා. අද බොම්බයි ළුෑණු ගෙඩියක් කීයද? අර්තාපල්, කරවල, මාළු ලාභදජනතාව - ‘කන්න බැරියෝ’මාසේ පඩියට මේවා ගණං හදල බලනකොට ජීවත් වෙන්න බැහැ. ආණ්ඩුවක් මුලින්ම කළ යුත්තේ මිනිස්සු ජීවත් කරවීමයි. අද මිනිස්සුන්ගේ අතේ සල්ලි නැහැ. ව්‍යාපාර කඩා වැටිලා. නිෂ්පාදන අමුද්‍රව්‍යවලට, භාණ්ඩ නිෂ්පාදනයට, භාණ්ඩ අලෙවි කිරීමට, එය මිල දී ගැනීමේ දී මේ සියල්ලටම බදු ගහනවා. ඒ බදු සියල්ලම අවසානයට එකතු වෙන්නේ පාරිභෝගිකයාගේ කරටයි. මේ බදු ක්‍රමයම විකෘතියක්.මේක ජනතාවගේ සාක්කුවට බහින මංකොල්ල කන ආණ්ඩුවක්. අපි මේවා වෙනස් කළ යුතුයි. ජනතාවට සහන දෙන්න, රට සංවර්ධනය කිරීම ගැන කතා කරන විට ඒව කරන්න සල්ලි කොයින්ද කියල අපෙන් අහනවා. අපි එදා යුද්ධය පටන් ගන්න කොටත් සල්ලි තිබුණේ නැහැ. නමුත් අපි යුද්ධය කරලා රට සංවර්ධනය කළා. රටට අලුත් වරායක්, ගුවන් තොටුපළක් හැදුවා. වරාය විකුණා දැම්මා. ගුවන් තොටුපළ විකුණන්න සූදානම් වෙනවා. ගුවන් තොටුපළක වී ගබඩා කළ එකම ආණ්ඩුව රනිල් - සජිත් ආණ්ඩුවයි. රත්නපුර, නුවර, යාපනය අධිවේගී මාර්ග ඉදිවීම නතර කළා. සංවර්ධනය එහෙමම නතර කළා. ආණ්ඩුව ගොංකන් කළා මිස වැඩක් කළේ නැහැ.හෝමාගම නගරය වගේම කඩුවෙලත් අධ්‍යාපනයේ කේන්ද්‍රස්ථානයක් බවට පත් කළ යුතුයි. අපිට වැඩක් කරන්න පුළුවන්. ඒකට අවශ්‍ය මිනිස්සු අපිත් එක්ක ඉන්නවා. අද රජයේ නිලධාරීන් වැඩක් කරන්නේ නැහැ. ඔවුන් වැඩ කරන්න බයයි. සිල් රෙදි බෙදපු නිසා ලලිත් වීරතුංග මේ ආණ්ඩුව විසින් හිර කළා. අපි ඒක කළේ බුද්ධ ජයන්තිය නිමිත්තෙන් සිල් රෙදි බෙදන්න කියලා මහානායක හිමිවරු ඉල්ලුවා. ජනාධිපතිවරයා වශයෙන් මම ඒකට නියෝගය දුන්නා. ඒ සියල්ල නීත්‍යානුකූලව තියෙද්දි මේ ආණ්ඩු ජම්පර් ඇන්දුවා.මැතිවරණ නීති උල්ලංඝනය කරමින් ආණ්ඩුව ජනතාවට විවිධ දේවල් බෙදනවා. නමුත් ජනතාව මේ ආණ්ඩුවට නැවත බලය දෙන්නේ නැතැයි ද ඔහු කීය.ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂ මහතා:විශේෂයෙන්ම මේ රට බලාපොරොත්තු වන්නේ වැඩ කරන ක්‍රියාශීලී රජයක්. ජනාධිපතිවරණය ජයග්‍රහණය කර අප එය ඔබට ලබාදෙනවා. අපගේ ජයග්‍රහණයෙන් පසුව සියලුම රාජ්‍ය ආයතන සඳහා වැඩ කළ හැකි පිරිස් පත් කරනවා. එමෙන්ම ඔවුන්ට ඉලක්ක ලබාදී ඔවුන්ගේ ප්‍රගතිය විමසා බලනවා. සියලුම රාජ්‍ය ආයතන ශක්තිමත් කරනවා. කිසිදු රාජ්‍ය ආයතනයක් විකුණා දමන්නේ නැහැ. ඒ වගේම සියලුම රාජ්‍ය ආයතන මහා භාණ්ඩාගාරයට පාඩුවක් නොවන ආකාරයට පවත්වාගෙන යනවා.නැවතී ඇති තැනින් ඉදිරියට යෑමට නම් ආරක්‍ෂාව තරකර රටෙහි විනය ඇති කළ යුතුයි. අපි එදා ත්‍රස්තවාදය අවසන් කළා පමණක් නෙවෙයි ත්‍රස්තවාදය නැවැත හිස ඔසවන්න නැති වෙන ආකාරයට රටේ ආරක්‍ෂාව තහවුරු කළා. රණවිරුවන් හා බුද්ධි අංශ නිලධාරීන් සිරගත කර රණවිරුවන් ජාත්‍යන්තර යුද අධිකරණයට ගෙන යෑමට කටයුතු කිරීම නිසා ඔවුන්ගේ මානසිකත්වය කඩා වැටුණා. මේ ආණ්ඩුවට ජාතික ආරක්‍ෂාව ගැන කිසිම තැකීමක් නැහැ. ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය ආරම්භ කර ත්‍රස්තවාදීන් හොයන්න අපි කටයුතු කළා. නමුත් මේ රජය එම ආයතන පාවිච්චි කළේ විරුද්ධවාදීන්ගෙන් පළිගන්නයි.නව ලිබරල්වාදී අදහස් දරන රාජ්‍ය නොවන සංවිධානවලට ගැති කම් කරන ඇමති මණ්ඩලයකට රටකට සුරක්‍ෂිත බවක් ලබාදෙන්න බැහැ. පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය එල්ල වන බවට හැම විස්තරයක්ම ලබාදී තිබියදීත් ඒ ත්‍රස්තවාදීන් හොයා ගන්න රජය අපොහොසත් වුණා. පාස්කු ඉරු දිනයේදී මේ රටේ නැවතත් බෝම්බ පිපුරුවේ ඒ නිසයි. ඒ නිසා මේ රට නැවත සුරක්‍ෂිත කළ හැක්කේ අපිට පමණයි.යුද්ධය අවසන් කර වරායන්, ගුවන්තොටුපළ, අධිවේගී මාර්ග ඉදිකළ අපි කොළඹ නගරය ආසියාවේ වේගයෙන්ම දියුණුවන නගරයක් බවට පත් කළා. මේ රජය බලයට පත්වී එම සංවර්ධන ව්‍යාපෘති සම්පූර්ණයෙන්ම නතර කළා. සියලුම ව්‍යාපාර කඩා වැටුණා. වත්මන් රජය කිසිම අවස්ථාවක කෘෂිකර්මාන්තයට තැනක්  දුන්නේ නැහැ. කිසිම වෙලාවක දී අපගේ සංස්කෘතිය අමතක කරන්න අපිට බැහැ. අපි එදා නොමිලයේ පොහොර සහනාධාරය ලබා දුන්නා. ගොවියාට නිසි තැන ලබා දුන්නා.අද තේ, රබර්, ගම්මිරිස්, කුරුඳු ඇතුළු සියලුම වැවිලි කර්මාන්ත කඩා වැටිලා. අපේ රජයක් යටතේ කිසිම භෝගයක් පිටරටින් ගෙන්වන්න ඉඩ තියන්නේ නැහැ. ගොවියා ව්‍යවසායකයෙක් කරන්න අපි කටයුතු කරනවා. නවීන තාක්‍ෂණය ලබාදී ගොවියා ශක්තිමත් කළ යුතුයි. අපි ගොවීන්ට සහන දුන්නේ රට ස්වයංපෝෂිත කිරීමටයි. අපගේ රජයක් යටතේ දේශීය ව්‍යාපාර නැංවීම සඳහා වැට්බද්ද සියයට 8න් අඩු කරනවා. එමෙන්ම ව්‍යාපාරිකයන් සඳහා සරළ බදු ක්‍රමයක් හඳුන්වා දෙනවා.වර්තමානය වනවිට ලෝකයේ ශීඝ්‍රයෙන්ම දියුණු වන්නේ ආසියාවයි. ඒ අනුව ලෝක ආර්ථිකයේ කේන්ද්‍රස්ථානය බවට ආසියාව පත්ව තිබෙනවා. මේ ශතවර්ෂය හඳුන්වන්නේ ඥානය මුල්වූ ශතවර්ෂය හැටියටයි. තොරතුරු තාක්‍ෂණය පිළිබඳ සමාගම්වල රැකියා අවස්ථා ලක්‍ෂ තුනකට වඩා තිබෙනවා. නමුත් අපේ අධ්‍යාපන ක්‍රමයේ තිබෙන යම් යම් අඩුපාඩු නිසාවෙන් තරුණ පරපුර අතරමං වෙලා. නව රැකියාවන් සඳහා අපේ රටේම ශ්‍රම බළකායක් ගොඩනැඟිය යුතුයි. එසේ කිරීමෙන් ඇමරිකානු ඩොලර් බිලියන පහක පමණ විදේශ විනිමයක් අපේ රටට ලබාගත හැකියි. අප බලයට පත්වී පළමු වසරේ සිටම අධ්‍යාපනය වෙනුවෙන් විශාල ආයෝජනයක් වෙන් කරන්නේ ඒ වෙනුවෙනුයි. එමෙන්ම විශ්වවිද්‍යාලවල ධාරිතාවය වර්ධනය කරන්නත් අලුතින් විශ්වවිද්‍යාල ආරම්භ කරන්නත් අපි කටයුතු කරනවා. විදේශවලට සරිලන පරිදි පාඨමාලාවන් වෙනස් කරනවා.එමෙන්ම සංචාරක ක්‍ෂේත්‍රය තුළත් අපිට විශාල අවස්ථාවන් ප්‍රමාණයක් තිබෙනවා. මේ ආයෝජන ගෙන එන්නට නම් සුරක්‍ෂිත රටක් තිබිය යුතුයි. රාජ්‍ය සේවකයන්ගෙන් පළිගන්න යෑම නිසා ඔවුන් තීන්දු තීරණ ගන්න බයයි. තම රජයක් යටතේ රාජ්‍ය සේවකයන්ට වගකීම් ලබාදී ඔවුන්ට වැඩ කළ හැකි ආකාරයට අවශ්‍ය නීතිමය රැකවරණය ලබාදෙන්නත් කටයුතු කරනවා යැයි ද ඔහු කීය.ඒකාබද්ධ විපක්‍ෂයේ නායක, කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා:අපගේ ආණ්ඩුව විසින් ආරක්‍ෂාකරගෙන ආ රාජ්‍ය අංශය ඉදිරියට ගෙන යා හැකි එකම නායකයා ගෝඨාභය රාජපක්‍ෂ පමණයි. රට ගොඩනගන්න, ආර්ථිකය ගොඩගන්න තමන් ළඟ තිබෙන සැලසුම් මොනවාදැයි ඔහු දැනටමත් රටට හෙළි කර තිබෙනවා. දුප්පත් මිනිහගේ ආර්ථිකය ගොඩගත හැකි එකම නායකයා ඔහුයි. වත්මන් ආණ්ඩුවේ මහ බැංකු කොල්ලයේ ප්‍රතිඵලයක් වශයෙන් සමස්ත රටේම ආර්ථිකය කඩා වැටුණා. ඒ සිද්ධියට අගමැතිවරයා වගේම නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාසත් වග කිව යුතු යැයි ද ඔහු කීය.ජාතික නිදහස් පෙරමුණේ නායක, කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා:බලාපොරොත්තු සඵල කරගන්න දරුවකු බිහි කර ගැනීමේ විලිරුදාවෙන් ලක්මාතාව පෙළෙනවා. ලබන 16 වැනිදාට ඔබ ඡන්දපොළට යන්නේ ඒ විලිරුදාවට වින්නඹුකම් කරන්නයි. සතුරන් මගේ රට ගිලගෙන ඉන්න අවස්ථාවන්වල දී ලක් මව වීරයන් ඉල්ලුවා. අදත් මේ රට 2005 ඉල්ලුව වගේ එඩිතර නායකයෙක් ඉල්ලනවා. එදා දකුණේ ජනතාව ඒ නායකයා දුන්නා. අදත් අපිට අවශ්‍ය නායකයෝ දෙන්න දෙන්නෙ දකුණේ මිනිස්සුයි.අද තරුණ පරපුර දේශපාලනඥයන් පිළිකුල් කරනවා. ඔවුන් දේශපාලනඥයා දෙස බලන්නේ හොරෙක්, තක්කඩියෙක් දිහා බලනව වගෙයි. තමන්ගේ පිලද, අනිත්  පිලද කියල බලන්නේ නැතුව මේ රටේ හොරකම නතර කරන්න පුළුවන් බය නැති නායකයෙක් මේ රට අද ඉල්ලනවා. විල්පත්තුව, සිංහරාජේ රැකලා දෙන මේ රටේ දරුවන්ට කුසලතා ඇතිකර දෙන නායකයෙක් අද මේ රටට අවශ්‍යයි. ගෝඨාභය රාජපක්‍ෂ සිමෙන්ති කොට්ට බෙදල දෙන දුප්පත්කම පාවිච්චි කරලා දේශපාලන වුවමනා එපාකම් ඉටුකරන නායකයෙක් නොවෙයි. කොළඹ නගරයේ පැල්පත්වාසීන්ට මහල් නිවාස හදල දුන්නේ ඒ නිසයි. දුප්පත්කම පාවිච්චි කරනවා වෙනුවට දුප්පතාට තමන්ගේ ස්ථානය ලබලා දෙන්න ඔබ එදා කටයුතු කළා.මම ජනතා විමුක්ති පෙරමුණේ ඉන්න කාලෙදි මහින්ද රාජපක්‍ෂ යුද්ධය අවසන් කරයිද නැද්ද කියලා සංවාදයක් ඇති වුණා. මහින්ද රාජපක්‍ෂ මේ යුද්ධය ඉවර කරාවි යැයි මම කිව්වා. තමන්ගේ සහෝදරයා ගෝඨාභය රාජපක්‍ෂ ආරක්‍ෂක ලේකම් තනතුරට පත්කිරීමත්, සරත් ෆොන්සේකා යුද්ධ හමුදාපති ධුරයට පත් කිරීමත් එයට හේතුව වශයෙන් මම දැක්කා. ගෝඨාභය රාජපක්‍ෂට ආරක්‍ෂක ලේකම්කම ලැබුණදා ඉඳලම ඔහු හිටියේ එල්.ටී.ටී.ඊ එකට ගේම දෙන්නයි. අයියා ජනාධිපති, මල්ලි ආරක්‍ෂක ලේකම් ඒ නිසා කේලාම් කියල දෙන්නව කොටවන්න කාටවත් බැරි වුණා. ඒ සහෝදර බැඳීමෙන් අත්වුණ හොඳම ප්‍රතිඵලය නිසා තිස් අවුරුදු යුද්ධය අවසන් කරන්න හැකියාව ලැබුණා. ගෝඨාභය සටන ඉවර කළාට තමන්ගේ වැඬේ ඉවර කළේ නැහැ. 13000 කට අධික ත්‍රස්තවාදීන් පුනරුත්ථානය කළා. ඔවුන්ට ජීවනෝපාය ක්‍රම සකස් කරලා දුන්නා. කොළඹ නගරය නවීකරණය කළා.  අද රටට අවශ්‍යව තිබෙන්නේ හොඳ පරිකල්පන මනසක් තිබෙන නායකයෙක්. අපිට අවශ්‍ය ස්වාභාවික නායකයෙක් මිස රෑට ගෙවල් ගානේ යන අස්වාභාවික නායකයෙක් නෙවෙයි. මේ රට නිර්මාණාත්මක පරිවර්තනයකට ගෙන යා හැකි නායකයා ගෝඨාභය රාජපක්‍ෂයි. ඔහු කාටත් බෙදන්නේ එකම හැන්දෙන්. අද රට ඉල්ලන්නේ ඒ විනයයි. ඔහුගේ ජයග්‍රණය වෙනුවෙන් අපි අතරත් අද විශාල සමගියක් ඇතිවෙලා තියෙනවා. අපේ කඳවුරේ අන්තවාදීන් නැහැ. ජනාධිපතිවරණය ආසන්න දිනයක දී අපිට සහය දෙන බව පවසා අපේ ඡන්ද කඩන්න අන්තවාදියෙක් සූදානමින් සිටින බවට ආරංචියක් පැතිර යනවා. ඔබ ඒ ආරංචි විශ්වාස කරන්න එපා. එකම එක අන්තවාදියෙක්ගෙන්වත් සහය ලබාගන්න ගෝඨාභය රාජපක්‍ෂ සූදානම් නැහැ.ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ ප්‍රධාන ලේකම්, රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා:මේ රට බේරා ගැනීමට නම් රට විනාශ කරන එක්සත් ජාතික පක්‍ෂ කඳවුරේ නියෝජිතයාව පරාජය කිරීම ඔබගේ වගකීමක්. දිනෙන් දින ණය බර වැඩිවෙමින් තිබෙන නිසා අපගේ රට දිනෙන් දිනම විනාශයට පත්වෙනවා.  ඒ නිසා මේ ආණ්ඩුව කුජීත පරාජයකට ගෙන යාම ඔබගේ වගකීමක්. අපේ අපේක්‍ෂකයා කියන හැමදේම ආණ්ඩුවේ ජනාධිපතිවරණ අපේක්‍ෂක සජිත් ප්‍රේමදාස මහතා ගිරා පෝතකයෙක් වගේ කියවනවා. ජීවන වියදම අඩු කරන බව සජිත් කියනවා. හැබැයි ජීවන වියදම අඩුකරන ක්‍රමවේදය පැහැදිලි කරනවිට ඔහුගේ දිව පැටලෙනවා. වැට් බද්ද අඩු කරනවාට මුදල් ඇමති මංගල සමරවීර විරුද්ධයි. තමන් බදු අඩු කරන බව සජිත් කියනවා. හැබැයි ඒ සාමාන්‍ය ජනතාවට නෙවෙයි. ව්‍යාපාරිකයන්ටයි ඔහු ඒ බව කියන්නේ. මේ ආණ්ඩුව හැමදාම හිතුවේ ඉහළ පන්තිය ගැනයි. එක්සත් ජාතික පක්‍ෂය වෙළඳපොළ ප්‍රතිපත්තිය ගැන විශ්වාසය තබන විට අපි සමාජ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිපත්තිය ගැන විශ්වාසය තබනවා යැයි ද ඔහු කීය.ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති, මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා:ගෝඨාභය රාජපක්‍ෂ මහතාට දේශපාලනිකව මුහුණ දී ඔහුව පරාජය කරනවා වෙනුවට ඔහුට විරුද්ධව අභූත චෝදනා නගමින් මඩ ප්‍රහාර එල්ල කිරීමට විරුද්ධ පක්‍ෂය කටයුතු කරනවා. ඔහුගේ පුරවැසි බව ප්‍රශ්න කරමින් පැවරූ නඩුව මෙරට අධිකරණය විසින් ප්‍රතික්‍ෂේප කළා. ඒ අතර දී ලසන්ත වික්‍රමතුංග මහතාගේ දියණිය වන අහිම්සා වික්‍රමතුංග මහත්මිය විසින් ඇමරිකානු අධිකරණයේ පවරා තිබූ නඩුවත් මේ වනවිට එරට අධිකරණය විසින් ප්‍රතික්‍ෂේප කර තිබෙනවා. එම නඩුව පැවරීමට කිසිදු සාක්‍ෂියක් නැති ඔවුන් එය නිෂ්ප්‍රභ කර තිබෙනවා.එක්සත් ජාතික පක්‍ෂයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්‍ෂ මහතා:විජාතික බලවේගවලට හිස ඔසවන්නට ඉඩ දී රට කෑලිවලට කඩන්න ඉඩදී අපි සියලුම දෙනාගේ ජීවිත අනාරක්‍ෂිත කරගන්නව ද කියලා මේ වෙලාවෙදි අපිම තීරණය කරන්න ඕන. සුපිරි ප්‍රජාතන්ත්‍රවාදයක් ලබාදෙන බව කියමින් බලයට පැමිණි එක්සත් ජාතික පක්‍ෂය අමුතුම කැබිනට් මණ්ඩලයක් හැදුවා. ඇමති මණ්ඩලය තුළත් ආණ්ඩුව හා විපක්‍ෂය ලෙස කටයුතු කරන්න අපිට සිදුවුණා. මිස්ටර් ක්ලීන් කියපු රනිල් වික්‍රමසිංහ දෙවැනි කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කළේ අර්ජුන් මහේන්ද්‍රන් මහ බැංකුවේ අධිපති කරන්නයි. මේ දෙන්න එකතුවෙලා රට විනාශ කරන්න සූදානම් වන බව අපිට තේරුණා.මේ ආණ්ඩුව මුලින්ම කොල්ලකෑවේ රටේ ජනාධිපතිවරයාගේ විධායක බලයයි. ඊට පස්සෙ තමන්ගේ ගජ මිතුරු හවුලේ අර්ජුන් මහේන්ද්‍රන් මහබැංකු අධිපති කරලා මහ බැංකු හොරකම කළා. ජනාධිපතිවරයා මේ ගැන හොයන්න කොමිසමක් පත්කළ නිසා ඒ මහා කොල්ලය ගැන තොරතුරු දැනගන්න ඔබට පුළුවන්කම ලැබුණා. මේ මහා කොල්ලය පිටුපස හිටපු පුද්ගලයා මලික් සමරවික්‍රමයි. ඒ බව දැන් ඔප්පුවෙලා තියෙනවා. අද තියෙන්නේ විජාතික එක්සත් ජාතික පක්‍ෂයක්. යුද්ධයට නායකත්වය දුන් සේනාධිනායකයාගේ සිට රණවිරුවා දක්වා සියල්ලන්ම මානව හිමිකම් කොමිසමට ගෙන යෑමට ඉදිරිපත් වූ යෝජනාවට මංගල සමරවීර අනුග්‍රහය දැක්වූවා.එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියෝ:අද රටට ශක්තිමත් නායකයෙක් අවශ්‍යවී තිබෙනවා. ඒ නායකත්වය රටට දිය හැක්කේ ගෝඨාභය රාජපක්‍ෂ මහතාටයි. මේ රට සිංගප්පූරුවක් කරන්න සමහර නායකයෝ හීන දකිනවා. මේ රට ලංකාව වගේ සංවර්ධනය කරනවා මිස ලෝකයේ වෙනත් රටක් වගේ සංවර්ධනය කරන්න ඕන නැහැ. ලෝකයේ අනෙක් රටවල් සමග තරග කළ හැකි ආර්ථිකයක් මේ රටේ නිර්මාණය කළ යුතු බව ගෝඨාභය රාජපක්‍ෂ කියනවා. රසායනික පොහොර භාවිතය ඉවතදාලා මේ රට වස විසෙන් තොර රටක් බවට පත්කරන්න ඔහු අදහස් කරනවා.අපි වසරකට ඇමරිකානු ඩොලර් බිලියන 5 වැඩි මුදලක් වියදම් කරලා පිටරටින් ආහාර ගෙන්වනවා. අක්කර 8000ක් අර්තාපල් වගා කළොත් මුළු රටටම අර්තාපල් කන්න දෙන්න පුළුවන්. රණවිරුවන් ගොවීන් සමග එකතුවෙලා කිරෙන් සහලින් මේ රට ස්වයංපෝෂිත කරන්න පුළුවන්. ඒ සැළසුම් ක්‍රියාත්මක කළ හැකි එකම නායකයා ගෝඨාභය රාජපක්‍ෂ පමණයි.කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සුසිල් ප්‍රේමජයන්ත මහතා:දැක්මක් ඇතිව වැඩපිළිවෙලක් ඇතිව වැඩකරන නායකයෙක් නිසා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ අපි ගෝඨාභය රාජපක්‍ෂ මහතා සමග සිටගත්තා. ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ඇතුළුව සියලුම බලවේග අද මහින්ද රාජපක්‍ෂ වටා ගොනුවී සිටිනවා. ඒ නිසා ගෝඨාභය රාජපක්‍ෂ මහතා මේ මැතිවරණ ව්‍යාපාරය ආරම්භ කරන්නේම ඡන්ද ලක්‍ෂ 68න්. සජිත් ජනාධිපතිවරණ ව්‍යාපාරය ආරම්භ කරන්නේ ඡන්ද ලක්‍ෂ 36න්. ඒ ගොඩට දෙමළ ජාතික සන්ධානයේ ඡන්ද ලක්‍ෂ තුනහමාරක් එකතු වේවි. ඒ වනවිටත් ගෝඨාභය සියයට 50 ඉක්මවා ගිහිල්ලා අවසානයි.ආචාර්ය බන්දුල ගුණවර්ධන, තිලංග සුමතිපාල, ගාමිණී ලොකුගේ යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ද ජගත් කුමාර, හෙක්ටර් බෙත්මගේ යන හිටපු පළාත් සභා මන්ත්‍රීවරු ද කඩුවෙල නගරාධිපති බුද්ධික ජයවිලාල් මහතා ඇතුළු විශාල පිරිසක් රැලියට සහභාගි වූහ.
“ඔබ ඔබේ යුතුකම ඉටුකරන්න.මම මගේ යුතුකම ඉටුකිරීමට සූදානම්“
0
hp_train_7315
රුපියල් ලක්ෂ දහ අටක් පමණ  වටිනා  රන් බිස්කට්  තුනහමාරක් තම ගුද මාර්ගයේ සගවාගෙන ඉන්දියාවේ  මදුරෙයි බලා යාමට උත්සහ කළ ඉන්දියන් ජාතික රෙදිපිලි ව්‍යාපාරිකයින් දෙදෙනෙකු කටුනායකදී  රේගු නිලදාරීන් විිසින් අත්අඩංගුවට ගනු ලැබීය.අත්අඩංගුවට ගත් රන් බිස්කටි වල බර ග‍්‍රෑම්  350 කි. සැකරුවන් දෙදෙනා රෙදිපිලි ව්‍යාපාරිකයින් ලෙසින් ඊයේ මෙරටට පැමණ ඇති අතර අද සවස ස්පයිස් ජෙට්  ගුවන් සේවයට අයත් එස්.ජී 3310 ගුවන්යානයෙන් යලි ඉන්දියාව බලා යාමට කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළට පැමිණ සිටියදී අත්අඩංගුවට ගත් බව රේගුව  කියයි.මේ  පිළිබඳ විමර්ශන කටයුතු රේගු අධ්‍යක්ෂක ජනරාල් ජගත් පී විජෙවීර  මහතාගේ උපදෙස් මත ගුවන්තොටුපොළ රේගු අධ්‍යක්ෂක සරත් නෝනිස් මහතාගේ අධීක්ෂනය යටතේ රේගු අධිකාරී ටී  වැලිකල මහතාගේ මෙහෙයවීමෙන් සහකාර රේගු අධිකාරීවරුන් වන ජී.ඩබිලවි.එමි  ප‍්‍රසාදී, එන්.ඞී හෙට්ටිආරච්චි , රුවන් අල්විස්, පී.ජී ගුණවර්ධන, සී.පී බෝපගේ, අසංක ප‍්‍රියදර්ශන යන නිලධාරීහු සිදු කරති.මේ  පිළිබඳ රේගු පරික්ෂනය  නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක එම්. පාස්කරන් මහතා විිසින් සිදුකිරීමට නියමිතය.     
අනුන්ගේ පාර්සලෙන් ලොකු ලෙඩක් දා ගනී
0
hp_train_7316
හර්ෂණ තුෂාර සිල්වා  මසකට ආසන්න කාලයකට පසු ඇමෙරිකානු එක්සත් ජනපද ඩොලරයකට සාපේක්ෂව රුපියලේ අගය අද (22) ඉහළ ගියේය. මේ අනුව ශ්‍රී ලංකා මහ බැංකුව දෛනිකව නිකුත් කළ විනිමය අනුපාතිකවලට අනුව ඇමෙරිකානු එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල රුපියල් 179.78 ක් ලෙස දැක්වුණු අතර ගැනුම් මිල රුපියල් 175.93ක් ලෙස දැක්විණි. ඉකුත් වසරේ පෙබරවාරි මස පැවති පළාත් පාලන මැතිවරණයෙන් පසු අඛණ්ඩව අවප්‍රමාණය විය. පසුගිය දෙසැම්බර් මාසයේ දී ඉතිහාසයේ පළමු වරට ඇමෙරිකානු ඩොලරයකට ගෙවන රුපියල් ප්‍රමාණය 184.69 දක්වා ඉහළ ගියේය.  මේ වසරේ මේ දක්වා කාලයේ දී ඇමෙරිකානු එක්සත් ජනපදයට සාපේක්ෂව රුපියලේ විකුණුම් මිල රුපියල් 183ත් 179ත් අතර දැක්වුණු අතර එක් අවස්ථාවකදී පමණක් විකුණුම් මිල රුපියල 178 ක් ලෙස දැක්විණි. රොයිටර් පුවත් සේවයට අනුව පසුගිය වසරේදී ඇමෙරිකානු එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව රුපියල 16% කින් අවප්‍රමාණය වී තිබෙන අතර මේ වසරේ දක්වා කාලයේදී ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය 2.64 % කින් ඉහළ ගොස් තිබේ.  මේ අතර ශ්‍රී ලංකා මහ බැංකුව සතිපතා නිකුත් කරන දත්තවලට අනුව ජනවාරි 1 වැනිදා සිට මාර්තු 15 වැනිදා දක්වා කාලයේදී ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය 2.2 % කින් ඉහළ ගොස් ඇත. 
මේ සතියේ දෙවැනි වරටත් රුපියල බහී
0
hp_train_7317
ශ්‍රී ලංකාවේ නැගෙනහිර හා ඌව පළාත් වල වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. සෙසු ප්‍රදේශවල සවස 2.00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි. පොතුවිල් සිට මඩකලපුව හරහා ත්‍රීකුණාමලය දක්වා වෙරළට ඔබ්බෙන්  වන මුහුදු ප්‍රදේශ වල තැනින් තැන වැසි ඇති වේ.ශ්‍රී ලංකාව වටා වන සෙසු  මුහුදු ප්‍රදේශ වල ස්ථාන ස්වල්පයක සවස 4.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වර්ධනය වේ.
‘පළාත් කීපයකට වැසි වාර කීපයක්‘
1
hp_train_7318
(ඩයනා උදයංගනී)උතුරු, උතුරුමැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේ දිස්ත්‍රික්කයේත් අද (8) වැසි වාර කිහිපයක් ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත්, සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව එම දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් පැවසීය.සබරගමුව පළාතේත්, කළුතර සහ ගාල්ල දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර 50 ට වැඩි තරමක තද වැසි ඇතිවන බව එම ප්‍රකාශකයා කීය. 
කාලගුණයේ යළි වෙනසක්
0
hp_train_7319
(ඩයනා උදයංගනී)කොවිඩ් 19 ආසාදිත රෝගීන් තවත් 685 දෙනකු අද (29) හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි.ඒ සමඟ මෙරටින් වාර්තාවන මුළු කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 5,16,209 දෙනකු දක්වා ඉහළ ගොස් ඇත.ප්‍රතිකාර ලබමින් සිටි තවත් කොවිඩ් රෝගීන් 770 දෙනකු සුවය ලබා අද රෝහල්වලින් පිටත්ව ගිය අතර මේ වන විට මෙරට සුවය ලැබූ මුළු රෝගීන් සංඛ්‍යාව 4,56,857ක් දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය අංශ සඳහන් කරයි.
කොවිඩ් ආසාදිතයන් තව 685ක්
1
hp_train_7320
බස්නාහිර, දකුණු, මධ්‍යම සහ සබරගමුව පළාත්වල විටින් විට වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇති වන බවත් දිවයිනේ සෙසු ප්‍රදේශවල තැනින් තැන සවස 02.00 න් පමණ පසු ගිගුරුම් සහිත වැසි වර්ධනය වේ. ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශ වල තාවකාලිකව තද සුළං ඇති විය හැක. ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය                                                      දිනය : 27/09/2015    නගරයඋෂ්ණත්වය (සෙ. අංශක)සාපේක්ෂ ආර්ද්‍රතාවය (%) කාලගුණයඋපරිමඅවමඋපරිමඅවමඅනුරාධපුරය34249555සවස 2.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.මඩකලපුව33259065සවස 2.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.කොළඹ31259570විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි.ගාල්ල30249580විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි.යාපනය34268065සවස 2.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ස්වල්පයක්.මහනුවර30209570සවස 2.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.නුවරඑළිය20129575සවස 2.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.රත්නපුරය32239570විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි.ත්‍රීකුණාමළය36259065සවස 2.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.මන්නාරම32269075සවස 2.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.  
‘පළාත් කීපයකට හෙටත් වැසි‘
0
hp_train_7321
උතුරු, උතුරු මැද සහ නැගෙනහිර පළාත් වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.  බොහෝ ප්‍රදේශ වලට සවස 2.00 න් පසු ගිගුරුම් සහිත වැසි වර්ධනය වේ. මැඩර්න් - ජුලියන් දෝලනවල බලපෑම හේතුවෙන් ශ්‍රී ලංකාව පුරා මිලි මීටර් 100 ට වඩා තද වැසි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු කියයි. මීට අමතරව, ශ්‍රී ලංකාවට ගිනිකොණ දෙසින් අඩු පීඩන කලාපයක් ස්ථාන ගතව පවතී. එය ශ්‍රී ලංකාව වෙතට ගමන් කිරීම නිසා හෙටින් පසු දිවයිනේ නැගෙනහිර කොටසේ වැසි සහිත කාලගුණ  තවදුරටත් වැඩි වේ.ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය                                                      දිනය : 07/11/2015    නගරයඋෂ්ණත්වය (සෙ. අංශක)සාපේක්ෂ ආර්ද්‍රතාවය (%) කාලගුණයඋපරිමඅවමඋපරිමඅවමඅනුරාධපුරය31239570විටින් විට වැසි.මඩකලපුව30249580විටින් විට වැසිකොළඹ30249570සවස 2.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.ගාල්ල30249580සවස 2.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.යාපනය30249080විටින් විට වැසිමහනුවර28209575සවස 2.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.නුවරඑළිය20119580සවස 2.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.රත්නපුරය30229570සවස 2.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.ත්‍රීකුණාමළය30249580විටින් විට වැසිමන්නාරම30259570සවස 2.00 න් න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි. 
නැ‘හිර මුහුදේ තද සුළං සහ තද වැසි
0
hp_train_7322
එම්.එම්.බි.එල් පාතෆයින්ඩර් සමූහ ව්‍යාපාරයට අයත් ලෙෂර් හෝල්ඩිංස් පෞද්ගලික සමාගම හා ඉන්දියාවේ අයි.ටී.සී හෝටල් සමුහයේ මෙරට ව්‍යවසායකයන් වන වෙල්කම් ලංකා සමාගම අතර අවබෝධතා ගිවිසුමක් පසුගියදා අත්සන් කෙරිණි. මෙම ගිවිසුම අනුව දිවයිනපුරා ස්ථාන ගණනාවක මධ්‍ය පරිමාණ සංචාරක හෝටල් ජාලයක් ආරම්භ කරන්නට පසුබිම සකස් කෙරේ.ති‍්‍රකුණාමලය, කටුනායක, ගාල්ල, මාතර හා මහනුවර යන ප‍්‍රදේශවල තෝරාගත් ආකර්ශණීය ස්ථානන වල මැදි කාණ්ඩයේ හෝටල් ඉදිකරනු ඇති අතර එහි පළමුවැන්න සඳහා ක‍්‍රිකුණාමලය වෙරළබඩ තීරය තෝරාගෙන ඇත. එම්.එම්.බි.එල් ලෙෂර් සමාගම යාපනය නගර මධ්‍යයේ ඉදිකරන ලද ජෙට්වින් ජැෆ්නා හෝටලය, බෙන්තොට ලංකා හවුස් බෝට් සහ සිනමන් එයාර් අභ්‍යන්තර ගුවන් සමාගමේ ප‍්‍රධාන කොටස්කරුවන් වන අතර ඒවා සංචාරක ක්ෂේත‍්‍රයේ අභිවර්ධනයට හේතුවන ආයෝජන සේ සැලකේ.වෙල්කම් හොටෙල් ලංකා ආයතන කළමනාකාර අධ්‍යක්ෂ අරුන් පතාක් සහ පාත්ෆයින්ඩර් පදනමේ සභාපති බර්නාඞ් ගුණතිලක යන මහත්වරු මෙම ගිවිසුමට අත්සන් කරන ලද අතර ඉන්දීය මහ කොමසාරිස් තරන්ජිත් සිංග්,එම්.එම්.බී.එල් පාත්ෆයින්ඩර් ආයතන නිර්මාතෘ මිලින්ද මොරගොඩ, ප‍්‍රධාන විධායක කේ. බාලසුන්දරම්, ඉන්දීය මහ කොමසාරිස් ලේකම් සූජා මෙනන්, අයි.ටී.සී ආයතන උප සභාපති සුභී කොෂී ජෝර්ජ්, අයි.ටී.සී ආයතන මූල්‍ය අංශ ප‍්‍රධානී අභීජීත ශී‍්‍ර නිවාසන් යන මහත්ම මහත්මීහු මෙම අවස්ථාවට සහභාගී වූහ.
මහා පරිමාණ හෝටල් ජාලයකට MMBL පාත්ෆයින්ඩර් සහ අයි.ටී.සී. ගිවිසුමක
0
hp_train_7323
රුපියල්  හාරලක්ෂ අසූ දහසක්  වටිනා රත්තරන් කැබැල්ලක්  තම කටෙහි  සගවාගෙන බැංගලෝරය බලා යාමට පැමිණි ශ්‍රී   ලාංකිකයෙක්  කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී රේගු නිලධාරීන් විසින්  අද අත් අඩංගුවට ගනු ලැබීය.සැකකරු මාවනැල්ල ප්‍රදේශයේ පදිංචි 49  හැවිරිදි පුද්ගලයෙකි.අත්අඩංගුවට ගනු ලැබු රන් කැබැල්ලෙහි බර ග්‍රෑම් 98 කි.ඔහුගේ ගුවන් බලපත්‍රයේ සඳහන්ව ඇත්තේ ඔහු  වෘත්තියෙන් රියදුරෙක් බවයි.  නමුත් ඔහු  නිතර,  නිතර ඉන්දියාවට යන එන පුද්ගලයෙකු බව රේගුව කියයි.සැකකරු ඊයේ  ශ්‍රී ලංකන් ගුවන්සේවයට අයත් යු.එල් 171 දරණ ගුවන් යානයෙන් බැංගගෝරය බලා යාමට කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළට පැමිණ ඇත.මේ පිළිබඳ රේගු පරික්ෂණය  නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක ස්ටැන්ලි සේනාරත්න මහතා  විසින් සිදු කර සැකකරුට රුපියල්  විසිදහසක දඩයක් නියම කොට  එම රන් කැබල්ල රාජසන්තක කළේය.මේ පිළිබඳ විමර්ශන කටයුතු ගුවන්තොටුපොළ රේගු අධ්‍යක්ෂක දීපාල් සිරිබද්ධන මහතාගේ උපදෙස් මත නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක ස්ටැන්ලි සේනාරත්න මහතාගේ මෙහෙයවීමෙන් රේගු අධිකාරී ඩග්ලස් සිල්වා, සහකාර රේගු අධිකාරීවරුන් වන නුවන් අබේනායක, එස්. මහේෂ්, චින්තක ශ්‍යාමාල්, මංජුල කුමාර, නුවන් ජයසුන්දර, නිරෝෂා විජේතුංග යන නිලධාරීහු සිදු කරති.  
ලක්ෂ 22 ක රන් මල්ලෙන් එළියට
0
hp_train_7324
(ජයන්ත සමරකෝන්)නඩුකාරයන්ගේ ආරක්ෂක රැකවලූන්ට උතුරේදී වෙඩි ප‍්‍රහාර එල්ල කරද්දී දකුණේ සයිටම් විරෝධී නිරායුධ සිසුන්ට පොලිසිය තඩි බාන බවත් ඔවුන් මහදවාලේ පැහැරගෙන යන්නට සුදු වෑන් එවන බවත් ප‍්‍රජාතන්ත‍්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක හා පාර්ලිමේන්තු මන්ත‍්‍රී වාසුදේව නානායක්කාර මහතා පෙරේදා (24) පැවැසීය.මෙය උතුර දකුණ අතර සැසඳීමක් නොවන නමුත් ආණ්ඩුවත් පොලිස්පතිවරයාත් මේ දක්වා ඊට පිළිතුරක් දී නැතැයි ද බොරැල්ල ආචාර්ය ඇන්.ඇම්. පෙරේරා කේන්ද්‍රයේදී පැවැති සමාජවාදී ජනතා පෙරමුණේ ප‍්‍රවෘත්ති සාකච්ඡාවකදී මන්ත‍්‍රීවරයා කීය.රටේ වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳව මාධ්‍ය දැනුම්වත් කිරීම සඳහා මෙම ප‍්‍රවෘත්ති සාකච්ඡාව පැවැත්විණි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත‍්‍රීවරයා මෙසේ ද කීය.”සුදු වෑන් රථයකින් පැමිණ ශිෂ්‍යයෙක් පැහැරගෙන යන්නට උත්සාහ කළා. නිලඇඳුමෙන් සිටි පොලිස් නිලධාරියෙක් ඊට අනුබල දුන්නා. මෙය නීති විරෝධී තත්ත්වයක්. පොලිස්පතිවරයා මේ ගැන තවමත් නීතිය නවමින් ඉන්නවා. දැන් මේ ප‍්‍රශ්නවලට පිළිතුරු අවශ්‍යයි.පොලිස් ඔත්තුකරුවන් යොදා සිසුවා පැහැරගෙන යාමට තැත් කර තිබෙනවා. දැන් මේකට ආණ්ඩුවත් හවුල්වෙලා. පේදුරුතුඩුව වෙරළාරක්ෂක හමුදාවෙන් අත්අඩංගුවට ගත් වැලි ලොරි තුනක් මැරවරයින් වෙඩි තබා පැහැරගෙන ගිහින්. පොලිසිය මෙහේ නිරායුධ සිසුන්ට වෙඩි තියනවා.අද උතුරේ නීතිය ඉටුකරන්නට නීතිය රකින්නට බැරිවෙලා. සාමය රකින්නට බැරිවෙලා. දැන් පොලිස් කොමිසම මෙම සිද්ධීන් ගැන නිහඬව ඉන්නවා ද ක‍්‍රියාකරනවා ද කියන හඬක් අපට ඇහෙන්නේ නැහැ.පළාත් පාලන මැතිවරණය පැවැත්වීම ගැන මැතිවරණ කොමිසම ඉදිරිපත් කළ සංශෝධන ලබන සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ජනාධිපතිතුමා සඳහන් කළා. ඒ වුණාට මේ සතියේ පාර්ලිමේන්තු න්‍යාය පත‍්‍රයේ ඒක නැහැ. කොහොම වුණත් පළාත් පාලන මැතිවරණය නොපැවැත්වීම ගැන රටේ උද්ඝෝෂණ සූදානම නම් බලවත්වී තිබෙනවා.ඩෙංගු උවදුර එන්න එන්නම වැඩිවෙනවා. රෝගීන්ගේ ප‍්‍රමාණය ලක්ෂය පැනලා. ශිෂ්‍යයන් මර්දනය කළාට මදුරු කීටයන් මර්දනය කරන්නට ආණ්ඩුවට බැරිවෙලා. කියුබාව ගැන රාජිත ඇමැතිවරයා අසත්‍ය ප‍්‍රකාශ කළා. ඒ රටේ මදුරු කීටයන් සහිත නිවාස පොළොවට සමතලා කරන බවටත් නඩුදාන බවටත් කළ එම ප‍්‍රකාශය ගැන ඇහුවාම කියුබානු තානාපති කාර්යාලය කිව්වේ එය අසත්‍යයක් බවයි. දේශීය ආදායම් බදු පනත් කෙටුම්පත ගෙනත් තියෙන්නේ. ජාත්‍යන්තර මුල්‍ය අරමුදලත් රටේ ජනතාවත් රටට එකයි. මිල මුදල් තියෙන වෘත්තිකයන්ගෙන් බදු අයකරන බවත් සාමාන්‍ය ජනතාව මත තියෙන බදු බර අඩුකරන බවත් කියන මේ දෙකම බොරුවක්.අදාළ ආදායම් ලබන කොම්පැණිකාරයෝ තමා මේ ආණ්ඩුවේ උදව්කාරයෝ. ආණ්ඩුව අවශ්‍ය බව කියන්නේ ඔවුන්. ඔවුන්ට එරෙහිව බදු පනවයි කියලා හිතන්නට එපා. මේ ඔක්කොම කරන්නේ මුල්‍ය අරමුදල රවටන්නයි. එදා මන්දිර බද්ද පැනෙව්වා. ක‍්‍රියාත්මක කළා ද?අන්තිමට වුණේ වක‍්‍ර බද්ද සියයට 85යි. ධනපතීන්ගේ ඍජු බද්ද සියයට 15යි. දැන් බලන්න නෙවිල් ප‍්‍රනාන්දුගේ පරිත්‍යාගයේ තරම. අපේ රන් භාණ්ඩ උකස් කරලා බේරාගන්නට බැරුව සින්න වෙනකොට අපි ඔක්කොම කරන්නේ රන් භාණ්ඩ රජයට පරිත්‍යාග කරන එක ද? නෙවිල් ප‍්‍රනාන්දුගේ මෙම පරිත්‍යාගය සමකළොත් හිතෙන්නේ එහෙමයි.මේ ශිෂ්‍ය මර්දනය නතර නොකළොත් ආණ්ඩුවේ මර්දනය බිඳ වැටෙන තැනට ජනතාව ශිෂ්‍යයන් පැත්තේ හිටගන්න එක වළක්වන්න බැහැ. අන්තිමේදී මුළු රටම ඇනහිටින වර්ජනයක් වෙන්නට පෙර ආණ්ඩුව කල්පනා කර බලලා තීරණයක් ගන්නවා නම් හොඳයි.”මෙහිදී අදහස් දැක්වූ ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ උපසභාපති පාර්ලිමේන්තු මන්ත‍්‍රී චන්ද්‍රසිරි ගජධීර මහතා මෙසේ පැවැසීය. ”අද වනවිට නැවතත් සුදු වෑන් සංස්කෘතියක් මතුවෙලා. සයිටම් විරෝධී අරගලයත් සමග මතුවූ ශිෂ්‍ය උද්ඝෝෂණය මර්දනය සඳහා සංවාදමය තත්ත්වයක් ඇතිකිරීම වෙනුවට සුදු වෑන් සංස්කෘතිය යොදාගන්නා බව පෙනෙනවා. මේ වනවිට ඒ පිළිබඳව රටේ ඉමහත් ආන්දෝලනයක් ඇතිවෙලා.මේ ගැන රජය පිළිතුරක් නොදුන්නොත් රජයේ වෛද්‍ය නිලධාරී සංගමය වැඩ වර්ජනයකට සැරසෙනවා. මිනිස්සු යහපාලන රජයෙන් වෙනසක් බලාපොරොත්තු  වුණා. මෙවැනි රජයකට යහපාලනයක් දෙන්නට බැරි බව අපි දැන සිටියා.දැන් යහපාලනයකුත් නැහැ. වෙනසකුත් නැහැ. වෙනසකට වඩා බරපතළ විදියට මුල්‍ය මංකොල්ලකාරයෝ බිහිවෙලා. මහ දවාලේ මහ බැංකු කොල්ලය ඊට හොඳ නිදසුනක්. ඩෙංගු හැදුනාම ප‍්‍රතිකාර මගින් සුව කරන්නට පුළුවන්. ජනතාව රවටා බලය අරන් ජනතාවට වුණු පොරොන්දු ඉටු නොකරන මෙම වැඩපිළිවෙළේදී සමහර නායකයන්ට මානසික රෝග තියෙනවා ද හිතෙනවා.”ලංකා සම සමාජ පක්ෂයේ ප‍්‍රධාන ලේකම් මහාචාර්ය තිස්ස විතාරණ මහතා ”ව්‍යවස්ථා සම්පාදන මණ්ඩලයට ඒකාබද්ධ විපක්ෂය හැටියට අපි කරුණු 14ක් ඉදිරිපත් කර තිබෙනවා. අපේ ස්ථාවරය දිගටම කමිටුවේ සිටිය යුතුය යන්නයි.දැන් ආණ්ඩුව සියලූම විරෝධතා නොතකා හම්බන්තොට වරාය චීනයට විකුණන්නට හදනවා. ඇමැති මාරුව සිදු කළේ ඒකටයි. බි‍්‍රතාන්‍ය පාලන සමයෙත් අපි දිනාගත්ත සියලූම වරායන් මේ ආණ්ඩුව නැවතත් විදේශිකයන්ට දෙන්නට හදනවා. කොළඹ වරාය නැගෙනහිර ජැටිය, ත‍්‍රිකුණාමල වරාය තෙල් ටැංකිත් එක්කම ඉන්දියාවට දෙන්නට යනවා.දැන් තියෙන්නේ අපේ සම්පත් පිටරටට විකුණන වැඩපිළිවෙළක්. නෙවිල් ප‍්‍රනාන්දු රෝහල රජයට පවරා ගැනීම ගැන පැහැදිලි නැහැ. රජය උදව් කරන්නේ නෙවිල් ප‍්‍රනාන්දුට ද ශිෂ්‍යයන්ට ද කියන එක ප‍්‍රශ්නයක්.”ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ සභාපති රාජා කොල්ලූරේ මහතා ”පසුගිය ආණ්ඩුවට චෝදනා කළ සුදු වෑන් සංස්කෘතිය නැවත ඇවිත්. සිවිල් ජනතාවපැහැරගෙන යාමේ උත්සාහයක් තිබෙනවා. වෛද්‍ය පීඨ ශිෂ්‍ය සංගම් ක‍්‍රියාකාරී කමිටුවේ රයන් ජයලත් පැහැරගෙන යාමට දැරූ උත්සාහය රටම දන්නවා.අද රටේ නීතිය මෙය ඉතාමත් අනතුරුදායකයි. මුදල් ඇමැති මංගල සමරවීර කියනවා පොලිසියේ ක‍්‍රියාකලාපය හෙලා දකිනවාලූ. පොලිසිය කියන්නේ විපක්ෂයේ නොවෙයි. මීට ආණ්ඩුව මුළුමනින්ම වගකිව යුතුයි. වැඩ කරන ජනතාව ආදායම් බදු දැලට හසු කරගන්ටයි මේ සූදානම් වෙන්නේ. ඊ.පී.එෆ්. ඊ.ටී.එෆ්. එකටත් බදු ගහන්නට යනවා. බදු එකතු කිරීමත් පෞද්ගලීකරණය කරන්නට හදනවා.” ප‍්‍රජාතන්ත‍්‍රවාදී වාමාංශික පෙරමුණේ නියෝජ්‍ය ප‍්‍රධාන ලේකම් ඞී.වී.ඞී. තිලකසිරි, කොමියුනිස්ට් පක්ෂයේ මාධ්‍ය ලේකම් එල්.ආර්. ස්ටීවන් යන මහත්වරු ද මෙම අවස්ථාවට එක්වූහ.
’රාජපක්ෂලා දඩයම හැර මේ ආණ්ඩුවට වෙන කිසිම වැඩපිළිවෙළක් නෑ’
0
hp_train_7325
එම ආයතනයේ සේවය කළේ ආරක්ෂක නිලධාරීන් දෙදෙනෙකි. ආයතනයේ උසස් නිලධාරියෙක් දිවා ආහාරය සඳහා පිටතට යන සෑම විටම මොවුන් දෙදෙනාගෙන් කෑම කෑවාදැයි අසන්නට අමතක කළේ නැත. එසේ අසන අවස්ථාවේදී ආරක්ෂක නිලධාරීන් ආහාර නොගෙන සිටියත් පැවසුවේ ”කෑම කෑවා සර්” යනුවෙනි.දිනක් සුපුරුදු පරිදි නිලධාරි මහතා දිවා ආහාරය සඳහා පිටතට යන විට ආරක්ෂක නිලධාරීන්ව දැක, ”ඔයාලා කෑම කෑවා දැයි” විමසීය. ඒ වන විට ආරක්ෂක නිලධාරීන්ට ආහාර සපයන සැපයුම්කරු පැමිණ නොතිබිණි. ඔවුන් සිටියේ ද දැඩි කුසගින්නෙනි. ”තවම කෑම කෑවේ නැහැ සර්”, ආරක්ෂක නිලධාරියෙක් පැවසීය. ”මොනාද කන්නේ” මහතා විමසූවිට ” ඕන දෙයක්” ආරක්ෂක නිලධාරීහු පැවසූහ. ආපසු පැමිණි නිලධාරියා බුරියානි පාර්සල් දෙකක් ආරක්ෂක නිලධාරීන්ට දීමට කටයුතු කළේය. මාසයකට පස් හය වතාවක්් ඔවුනට බුරියානි ලැබිණි. ආරක්ෂක නිලධාරීන්ට ද මෙය ආර්ථික වාසියක් විය. සමහර දිනවල ආහාර සපයන්නාගෙන් දිවා ආහාරය නොගත් ඔවුහූ මහතා දුන් ඉස්තරම් ආහාරයෙන් සංතර්පණය වූහ. කල්යෑමේදී පෙරකී මහතාගේ මුදල් පසුම්බිය සිඳෙන්නට විය. ඒ අනුව බුරියානි කෑම සාමාන්‍ය කෑම බවට පත් විණි. අවසානයේදී ඒ මහතා ”කෑම කෑවාදැයි” ඇසීම නවත්වා දැමීය.(ක‍්‍රිස්ටෝපර් සීපියන්, අනුරාධපුරය)
ආරක්ෂක නිලධාරියාගේ බත්පත විධායක නිලධාරියා කාලා
0
hp_train_7326
(ක්‍රිෂාන් ජීවක ජයරුක්)“අල, ලූණු, ගම්මිරිස් ආදී සෑම භෝගයක්ම කිසිදු පාලනයකින් තොරව පිටරටින් ගෙන ඒමට ඉඩ දීම නිසා අද අපේ කෘෂි කර්මාන්තය හා ගොවියා ඉතා අවාසනාවන්ත තත්ත්වයකට පත් වෙලා. අපේ සංස්කෘතිය හා බැඳුණු කෘෂි කර්මාන්තයේ වැදගත්කම පිටරටවල උපදේශකයින්ගේ උපදෙස් අහන රජයන්වලට තේරෙන්නේ නැහැ” යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා ඉකුත්දා (08) පැවසීය.ඔහු මේ බව සඳහන් කළේ මාතර පැවැති ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ විශේෂ සමුළුව අමතමිනි.ජනතා ජයග්‍රහණය උදෙසා වමේ ශක්තිය මැයෙන් යුත් එම සමුළුව මාතර උයන්වත්ත ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.එහිදී අදහස් දැක්වූ ගෝඨාභය රාජපක්ෂ මහතා මෙසේද කීය.අපි පක්ෂයක් හැටියට ඉදිරිපත් කරන සැලැස්ම ජනතා කේන්ද්‍රීය සංවර්ධන සැලැස්මක්. කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රතිපත්තිත් සැලැස්මත් ජනතා කේන්ද්‍රීය ප්‍රතිපත්ති වශයෙන් ඒ පක්ෂයේ නායකයින්ගේ කතා දිහා බැලුවම පේනවා. විශේෂයෙන්ම එස්.ඒ. වික්‍රමසිංහ මැතිතුමා පාර්ලිමේන්තුවේදී සිදු කළ කතා හැන්සාඞ්වලින් බැලුවම එතුමා ඉදිරිපත් කර තිබෙන අදහස් අද අපට මුහුණපාන්න තිබෙන ප්‍රශ්නවලට පිළිතුරු බව ඉතාමත්ම පැහැදිලියි.ඩිව් ගුණසේකර මහතා කෙටියෙන් ප්‍රකාශ කළේ අපේ සංවර්ධන සැලැස්ම සමාජයේ එක් කාලයකට පමණක් සීමා නොවී සෑම තලයකම ඉන්න ජනතා කොටස්වල ජීවිත ඉහළට ගන්නට පුළුවන් වන ආර්ථික සැලැස්මක් අවශ්‍යයි කියන එකයි. ඉන් අදහස් කරන්නේ සෑම දෙනාම සමාන තත්ත්වයකට ගෙන ඒම නොවෙයි. නමුත් අද අපේ රටේ දිළිඳු බවින් පෙළෙන විශාල කොටසක් ඉන්නවා. මෙන්න මේ ජනතාව අපි ජීවත් වීමේ ප්‍රතිපත්තියක් සැලැස්මක් සහිත සංවර්ධන මොඩලයක් තමයි අපිට අවශ්‍ය වෙන්නේ. අපි සකස් කර තිබෙන ඒ ආර්ථික සැලැස්ම සංවර්ධන සැලැස්ම සෑම ක්ෂේත්‍රයකම සෑම තලයකම ඉන්න ජනතාව ජීවත් වීමේ ප්‍රමුඛත්වය දීලා හදපු සැලැස්මක්.අපි අහලා තියෙනවා පාර්ලිමේන්තුවේ ඇමැතිවරු කතා කරනවා අපි මෙච්චර රස්සාවල් දුන්නා කියලා. නමුත් අපි අහලා නැහැ කවදාවත් අපි මෙච්චර රස්සාවල් නිෂ්පාදනය කළා කියලා. ඒ එක්කම අපි අහලා තියෙනවා ඇමැතිවරු කියනවා අපි මෙච්චර දෙනවා කියලා. නමුත් අපි අහලා නැහැ ඒවා දෙන්නේ කොහොමද කියලා කාගෙන්වත්. ඉතිං අපිට වැදගත් වෙන්නේ මේ රටේ විරැකියාව නැති කරන්න නම් අපි රජයක් හැටියට රැකියා නිෂ්පාදනය කරන්න උත්පාදනය කරන්න තියන සැලැස්ම මොකක්ද කියලයි. අපි ගොවියාට දෙන සහන අපි දුප්පත් මිනිසුන්ට දෙන සහන තරුණයන්ට දෙන සහන අධ්‍යාපනය වෙනුවෙන් අපි කරන ආයෝජන මේවා කොහොමද අපි නිර්මාණය කරගන්නේ කියලා කියන සැලැස්ම මොකක්ද කියලයි වැදගත් වෙන්නේ.ඒ වගේම ඉතාම වැදගත් වෙන දෙයක් තමයි සැලැස්මවල් තියෙන්න පුළුවන්. නමුත් මේ සැලැස්මවල් ක්‍රියාත්මක කරන්න පුළුවන් නායකත්වයක් හා කණ්ඩායමක් අවශ්‍යතාවයයි වැදගත් වෙන්නේ. අපි 2005 මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා බලයට පත් කළාට පස්සේ ඔහු පත්වුණේ විශාල අභියෝග සමග. මම හිතන්නේ නැහැ මේ රටේ කිසිම ජනාධිපතිවරයෙක් ඒ තරම් අභියෝග සමග ජනාධිපති ධුරයට පත් වෙලා ඇති කියලා. රටෙන් භාගයක් අපට තිබුණේ නැහැ. ත්‍රස්තවාදීන්ගේ අතේ තිබුණේ. ආර්ථිකය කඩා වැටිලා. රැකියාවල් තිබුණේ නැහැ. මෙයයි අභියෝග. අපිට පුළුවන් වුණා අවුරුදු 10 ක කාලයක් ඇතුළත ඒ සියල්ල විසඳන්නට. අවුරුදු ගණනාවක් ඇදි ඇදී තිබුණු ආණ්ඩු ගණනාවක් යටතේ ජනාධිපතිවරු ගණනාවක් යටතේ ඇදි ඇදී තිබූ ත්‍රස්තවාදය අපට පුළුවන් වුණා සැලැස්මක් ඇතිව නායකත්වයක් දීලා අවුරුදු දෙක හමාරකින් අවසන් කරන්න. ඩිව් ගුණසේකර මහතා කිව්ව වගේ ඒ කාලය තමයි අපේ ඉතිහාසයේ යටිතල පහසුකම් විශාල වශයෙන් සංවර්ධනය වූ එකම කාලය.අධිවේගී මාර්ග වේවා, දුම්රිය මාර්ග වේවා, වරායවල් වේවා, ගුවන් තොටුපළ වේවා, නගර සංවර්ධනය වේවා මේ සියල්ලක්ම සිදු වුණේ ඒ කාලය තුළ. අපි වැඩ කරලා පෙන්නුවා. අපි සැලසුම් ඉදිරිපත් කළා පමණක් නොවෙයි ඒවා කතා කළා විතරක් නොවෙයි ඒවා ක්‍රියාත්මක කරලා පෙන්නපු කණ්ඩායමක්. මේකයි වැදගත් වෙන්නේ.අද මේ රටේ ජීවත් වන මිනිසුන්ගෙන් තුනෙන් එකක් ජීවත් වෙන්නේ තවමත් කෘෂි කර්මාන්තයෙන්. එදා කෘෂි කර්මාන්තය වෙනුවෙන් විශාල වැඩ කොටසක් සිදු කළා. පොහොර සහනාධාරය දුන්නා. වැඩ වැඩියෙන් කුඹුරු අස්වැද්දීම සිදු කළා. පුරන් වෙලා තිබුණු කුඹුරු පවා අස්වැද්දුවා. ඒ වගේම ගොවියා වෙනුවෙන් වී වලට සහන මිලක් දුන්නා. කුඹුරු ගොවියා වේවා එළවලු ගොවියා වේවා එදා පිළිවෙළක් තිබුණා අර්තාපල්, ලූනු, ගම්මිරිස්, මිරිස් ගොවියාව ආරක්ෂා කර ගන්නට.නමුත් අද කෘෂි කර්මාන්තයට කිසිම ප්‍රමුඛත්වයක් දුන්නේ නැහැ. ඒ හේතුව නිසා කෘෂි ක්ෂේත්‍රයේ සෑම අංශයක්ම කඩාවැටිලා තියෙනවා. තේ, රබර්, පොල්, ගම්මිරිස්, වී ආදී අනෙකුත් භෝග වර්ග සියල්ලම අද කඩාවැටිලා තිබෙනවා. විශේෂයෙන්ම අපේ රජයක් යටතේ මේ අංශ අපි ආරක්ෂා කර ගන්නවා.සහතික මිලක් අපි වී ගොවියාට ලබා දෙනවා. මේ රජය යටතේ නැතිවුණු එදා අපි දුන්න පොහොර සහනාධාරය තවදුරටත් ඉදිරියට ගෙන යනවා. ඒ වගේම අපි පාලනයක් කරන්න ඕන මේ රටට ගේන භෝග වර්ග ගැන. අද සෑම දෙයක්ම පිටරටින් ගේනවා. එදා වියළි මිරිස්වලින් අපි සීයට සීයක්ම ස්වයංපෝෂිත වෙලා තිබුණා. අද සියයට සීයක් පිටරටින් ගේනවා. අර්තාපල්වලින් සියයට සීයක් ස්වයං පෝෂිත වෙලා තිබුණා. අද සියයට හැත්තෑවක් පිටරටින් ගේනවා. ගම්මිරිස් පිටරටින් ගේනවා කිසිම පාලනයක් නැතිව. මේ සෑම දෙයක්ම පිටරටින් ගේන්න ඉඩ දීම නිසා අපේ කෘෂි කර්මාන්තය, ගොවියා ඉතා අවාසනාවන්ත තත්ත්වයකට පත්වෙලා තිබෙනවා.අපේ කෘෂි කර්මාන්තය අපේ සංස්කෘතිය සමග බැඳුණු දෙයක්. එස්.ඒ. වික්‍රමසිංහ මැතිතුමා කෘෂිකර්මය ගැන එදා ඉඳලා කතා කරලා තිබෙනවා. එදා ඉඳලා ඔහු තේරුම් ගත්තා කෘෂි කර්මාන්තය අපට කොපමණ වැදගත්ද කියලා. මේ පිටරට උපදේශකයින්ගේ උපදෙස් අහන රජයන්වලට තේරෙන්නේ නැහැ අපේ සංස්කෘතියත් එක්ක බැඳුණු කෘෂි කර්මාන්තය ගැන.ඉතාමත් වැදගත් වෙන්නේ මේ ආර්ථිකය ඉදිරියට ගෙන යන්න නිසි සැලැස්මක්. අපි දන්නවා අපේ රට ඇතුළුව ආසියාව අද ලෝක සංවර්ධනයේ කේන්ද්‍රස්ථානය වෙලා තියෙනවා. ආසියාව තමයි ලෝකයටම තිබෙන වෙළෙඳපොළ වෙලා තිබෙන්නේ. ආසියාවේ තමයි ඥානය පිළිබඳව ආර්ථිකයේ ඉහළම ස්ථාන තිබෙන්නේ. මේ ආසියාවේ තමයි තාක්ෂණය දියුණුම රටවල් තිබෙන්නේ. අපි මේ අවස්ථාව ප්‍රයෝජනයට ගන්න ඕන. අපේ මානව සම්පත් සංවර්ධනය තමයි අපිට ඉතා වැදගත් වෙන්නේ. තොරතුරු තාක්ෂණය පිළිබඳව නියැලෙන සමාගම්වල අයිතිකරුවන් සමග මම සාකච්ඡා කළා.අපිට කෙටි කාලීන හා දීර්ඝ කාලීන සැලසුම් තිබෙනවා මේ වෙනුවෙන්. අද අපේ තරුණ තරුණියන් කෙතරම් ප්‍රමාණයක් අතරමං වෙලා ඉන්නවද කියලා බලන්න. ආර්ථිකයට සුදුසු නොවන උපාධි ලබලා අතරමං වෙනවා. ලක්ෂ පහක් තරුණ තරුණියන් උසස් පෙළ විභාගයට ඉදිරිපත් වෙනවා. ලක්ෂ දෙකක් සමත් වෙනවා. 35000 ක් පමණයි විශ්වවිද්‍යාලවලට සුදුසුකම් ලබන්නේ. ඊට අමතරව සාමාන්‍ය පෙළදි සිසුන් අතරමං වෙනවා. මේ වගේ විශාල සංඛ්‍යාවක් තරුණ තරුණියන් හරි මගකට යොමු වෙන්නේ නැතිව අතරමං වෙනවා.අපේ රජයක් තුළදී අපි ප්‍රථමයෙන් කරන්නේ මේ අතරමං වන තරුණ තරුණියන්ට උසස් අධ්‍යාපනයක් ලබා දීලා අපි සැලසුම් කරන ආර්ථිකයට සුදුසු පරිදි අධ්‍යාපනයක් ලබාදීලා ඔවුන්ව ආර්ථිකයේ ප්‍රතිඵල ගන්න පුළුවන් රැකියාලාභීන් බවට පත් කරන්න මුදල් ආයෝජනය කරනවා.මේ සම්පත අපට අහක දාන්න පුළුවන්කමක් නැහැ. ඒ වගේම මේ තරුණ තරුණියන්ට හැම කෙනෙක්ම උපාධියක් ලබන්න ඕන නැහැ. තොරතුරු තාත්ෂණයේ හොඳ රැකියාවක් ගන්නට අපිට පුළුවන් ඒ අයව කෙටි කාලීන පාඨමාලාවලට පුහුණු කරලා  හොඳ වේතනයක් ලබන රැකියාවන්වලට අපිට ඒ අයව පුහුණු කරන්න පුළුවන්.කලා අංශයෙන් උපාධිය ලබපු තරුණ උපාධිධාරීන් අපිට පුළුවන් තොරතුරු තාක්ෂණයට පුහුණු කරවන්නට. ඒ වගේම බලන්න කොතරම් ප්‍රමාණයක් සංචාරක අංශයේ රැකියාවන් නිෂ්පාදනය කරන්න පුළුවන්ද කියලා. විශාල වශයෙන් රැකියා නිෂ්පාදනය කරන්න පුළුවන්. මේ තරුණ තරුණියන් ශ්‍රමය කෙටි කාලීනව පුහුණු කරලා අපිට අවශ්‍ය ආර්ථිකයට ඵලදායී ලෙස යොදන්න පුළුවන් ආයෝජනයක් අපි කළ යුතුයි.ඒ වගේමයි මේ තාක්ෂණය අපේ රටේ සෑම ක්ෂේත්‍රයකම ගේන්න ඕන. අද අපි කතා කරනවා ගොවියා ගැන. නමුත් ගොවියා හැමදාම දුප්පත්. අපි කල්පනා කරන්න ඕන කොහොමද මේ ගොවියාගේ ආදායම ඉහළ යන අන්දමට රජය මැදිහත් වෙන්න පුළුවන් කියලා. තාක්ෂණය හඳුන්වාදීම තුළින් අපිට ඔවුන්ගේ ආදායම වැඩි කරන්න පුළුවන්. ඔවුන්ගේ නිෂ්පාදනය වැඩි කරන්න පුළුවන්.කෘෂි කර්මාන්තය අද ලෝකයේ වැදගත්ම කර්මාන්තයක්. අපේ රටේ පමණක් නොවෙයි අනෙක් දියුණු රටවල පවා ආහාර රක්ෂණය ආහාර සුරක්ෂිත භාවය ඉදිරියේදී වැදගත් වෙනවා. කිසිම රටක් ආහාරවලින් ස්වයංපෝෂිත නොවුණහොත් අනාගතයට මුහුණදෙන්න බැරි වෙනවා. අපි කෘෂි කාර්මික සංස්කෘතියක් තිබෙන මේ රටේ අනිවාර්යයෙන්ම ආහාර සුරක්ෂිතතාවය කර ගන්නට ඕන. මේ තුළින් ඉතාම කෙටි කාලීන හා දිගුකාලීන ආර්ථික සැලැස්මක් මොඩලයක් අපි ඉදිරිපත් කරනවා. ඒ සඳහා අපි ජනතාව අතරට ගිහින් අපි ප්‍රශ්න හඳුනා ගත්තා. ඒවාට අපි විසඳුම් සොයා ගත්තා. ඒවා අපිට ඉදිරියට ගෙන යන්න අවශ්‍යයි. මේ රට සෞභා්‍යමත් සුරක්ෂිත රටක් බවට පත් කරන්න ඔබලාගේ යුතුකම ඉෂ්ට කරන්න. ඔබලා යුතුකම ඉෂ්ට කළොත් මගේ යුතුකම ඉෂ්ට කරන්න මම ලෑස්තියි.විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා:- කොමියුනිස්ට් පක්ෂය තමයි අපිට ඉතා වැඩියෙන්ම කිට්ටු දේශපාලන පක්ෂය කීවොත් මම නිවැරදියි. ඒකට හේතු කිහිපයක් තිබෙනවා. එකක් දොස්තර එස්.ඒ. වික්‍රමසිංහ. කුඩා කාලයේදී අපි දොස්තර එස්.ඒ. වික්‍රමසිංහ මහත්තයා ගාවට තමයි අසනීප වුණත් බෙහෙත් ගන්න යන්නේ. අම්මා පාලටුවේ නිසාත් ඒ සම්බන්ධතාවය තිබුණා. ඊට පසුව ඩිව් ගුණසේකර මහතා සමගත් අපේ සම්බන්ධතාවය ඇති වුණා.පාසල් යන කාලයේ ජාතික ශිෂ්‍ය සංගමයේ සාමාජිකයෙක් ලෙස අපේ විද්‍යාලයේ රාජා කොල්ලුරේ මහතා සමග කිට්ටුවෙන් ඇසුරු කළා. පෙළපාළි යන්න අර තානාපති කාර්යාලය වටලන්න කීවාම අපි මෝඩයෝ වගේ ඒ දවස්වල එතුමත් එක්ක යනවා. ගුටි නොකා ආපහු බේරිලා එනවා. ඒ නිසා මේ පක්ෂය එක්ක බොහොම සම්බන්ධකම් අපට තිබෙනවා. ඒ වගේම තමයි මේ මාතර බී.වයි. තුඩාවේ මැතිතුමාලා. මේ වේදිකාව දැක්කාම එස්.ඒ. වික්‍රමසිංහ මැතිතුමාලා අපිට අමතක කරන්න පුළුවන්කමක් නැහැ.  මේ මාතර රතු බලකොටුවක් බවට පත් කරගෙන සිටියා විලියම් නානායක්කාර මැතිතුමා ඇතුළු කණ්ඩායම. ඉතිං ඒ සම්බන්ධකමත් අපි ගාව තිබුණා. අපි හැමදාම විශ්වාස කළා කොමියුනිස්ට් පක්ෂ සියලු වමේ බලවේග එකතු කිරීම සඳහා හැමදාමත් පියවර ගත්තා කියලා. අපි මේ වෙලාවේ ආදාරයෙන් මතක් කරනවා.අද අපි ජනාධිපතිවරණයකට මුහුණ දෙන්නේ. අද මේ ජනාධිපතිවරණය තීරණාත්මකයි. මේ රටේ සම්පත් ටික විකුණලා දාන්න මේ ආණ්ඩුව පසුගිය වසර හතර හමාර තුළ මහන්සි ගත්තා. ඒ වගේම වික්කා. අපි වරායක් හැදුවාම ඒ වරාය වික්කා. ගුවන්තොටුපොළ විකුණන්න පිඹුරුපත් හැදුවා. අධිවේගී මාර්ග විකුණන්න ලෑස්ති කරලා තියෙනවා. මේ තියන සම්පත් සියලු දේ විකුණලා දාලා ඔවුන් අත හෝදගෙන ඉන්න තමයි සූදානම් වුණේ. මේ අවුරුදු පහක් තුළ ආණ්ඩුව ආර්ථිකය විනාශ කර දැම්මා. අපි ගොඩ නගපු ආර්ථිකය යළිත් විනාශ කරලා දැම්මා.මම අහගෙන හිටියා ගෝඨාභය මහත්තයාගේ කතාව. අද එතුමා ප්‍රතිපත්ති මාලාවක් ගැන කිව්වා. මම සජිත්ගේ කතාවකුත් අහගෙන හිටියා. මම ජනාධිපති මන්දිරයත් ටෙක්නොලොජි එකක් කරනවා කීවා. ඕක මහලොකු වැඩක්ද?. ඕක හෙට කරන්න පුළුවන්. මේ මානසිකත්වය බලන්න. මේවද කියන්න ඕන. ඊළඟට එතුමාගේ මොකක්ද මම කියන්නේ මොන මුඛයද කියලා. මගෙන් පුංචි එකෙක් අහනවා මොන මුඛයෙන්ද සර් කියලා. මේක තමයි එයාගේ තත්ත්වය. ඒ තත්ත්වයට ඔහු බැහැලා තිබෙනවා. හරයක් නැහැ. ගැඹුරක් නැහැ. හරයක් නැති ගැඹුරක් නැති මාර්ගයක් නැති අයෙකුට රටක් ගෙනියන්න පුළුවන්කමක් නැහැ. ඒක තමයි ඇත්ත කතාව. ඒ නිසා අද අපිට තීන්දුවක් ගන්න තිබෙනවා. අද රටේ ජනතාව ගන්න නිවැරදි තීරණය තවදුරටත් ශක්තිමත් කරන්න ඔබට වගකීමක් තිබෙනවා.ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් ඩිව් ගුණසේකර මහතා:- මෙවර ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ සහයෝගය ගෝඨාභය රාජපක්ෂ මහතාට ලබාදීමට මධ්‍යම කාරක සභාව තීරණය කර ඇති බව මම මේ සභාවට නිල වශයෙන් දැනුම් දෙන්න කැමතියි. රටේ මතුවූ ආර්ථික අර්බුදය දැන් දේශපාලන සමාජ, සංස්කෘතික ක්ෂේත්‍ර දක්වා පැතිර ගොස් තිබෙනවා. ඒවා නිසා රට අස්ථාවර වී තිබෙනවා. ජාත්‍යන්තර හා දේශපාලනික බලපෑම්වලට ගොදුරු වීමේ අනතුරකට පත්ව තිබෙනවා. පසුගිය වසර හතර හමාර තුළ ඊනියා යහපාලනය යටතේ ආර්ථික කළමනාකරණය කිරීමට අසමත්වීම නිසා දැන් ආර්ථිකය අයාලේ යමින් තිබෙනවා. අප පළමුව කළ යුත්තේ අර්බුදය හඳුනාගෙන ඊට ස්ථිර විසඳුම් සොයා යාමයි.ජාතිය ගොඩනැගීම, ජාතික ආරක්ෂාව, ආර්ථික උපායමාර්ග, ජාතික සම්පත් සංවර්ධනය, යටිතල පහසුකම් සංවර්ධනය, මුල්‍ය ක්ෂේත්‍රය, කෘෂි ක්ෂේත්‍රය, කාර්මිකකරණය, රාජ්‍ය සේවාව දේශපාලනීකරණය වීම, අපනයන සංවර්ධනය ආදී ක්ෂේත්‍ර ගණනාවක් කෙරෙහි අපගේ අවධානය යොමු කළ යුතුව තිබෙනවා. ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂය ඊට අදාළ 36 වැදෑරුම් වැඩපිළිවෙළක් රට හමුවේ ඉදිරිපත් කර තිබෙනවා. ඒ අතරින් වැදගත්ම හා ඉහළ ප්‍රමුඛතාවයක් දිය යුතු යෝජනා 10 ක් අද අපි මේ විශේෂ සමුළුවේදී ගෝඨාභය රාජපක්ෂ මහතාට ඉදිරිපත් කරනවා. බහු පක්ෂ ප්‍රජාත්ත්‍රවාදය තුළ සභාග දේශපාලන ක්‍රමවේදය රට තුළ දැන් ස්ථාපිත වී තිබෙනවා. එම ක්‍රමවේදය සාර්ථක වන්නේ සාමුහික ප්‍රයත්නය සහ පොදු එකඟතාවය ක්‍රියාත්මක වුවහොත් පමණක් බවද මා අවධාරණය කරනවා.දකුණු පළාත් සභාවේ හිටපු මන්ත්‍රී වීරසුමන වීරසිංහ මහතාද අදහස් දැක්විය.පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඩලස් අලහප්පෙරුම, මහින්ද යාපා අබේවර්ධන, කංචන විජේසේකර, නිරෝෂන් ප්‍රේමරත්න, ලක්ෂ්මන් යාපා අබේවර්ධන, සිසිර ජයකොඩි, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ් සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස්, හිටපු පළාත් සභා මන්ත්‍රී බිංදු වීරසිංහ, දෙවිනුවර ප්‍රාදේශීය සභාවේ සභාපති සුජීව වෙදගේ යන මහත්වරුන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූහ. 
අපේ ප්‍රතිපත්තිය මධ්‍යස්ථයි
0
hp_train_7327
(නිමල කොඩිතුවක්කු)ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ විශ්‍රාමික පරිපාලන නිලධාරියකු වන සමන් ඒකනායක ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් නව අග්‍රාමාත්‍ය ලේකම්වරයා ලෙස පත් කර තිබේ.2015-2019 යහපාලන ආණ්ඩුව ‍යටතේ අවස්ථා තුනකදී අග්‍රාමාත්‍ය ලේකම් වශයෙන් පත්වීම් ලද ඒකනායක මහතා මෙවර අග්‍රාමාත්‍ය ලේකම් වශයෙන් පත් කරනු ලබන්නේ සිව් වෙනි වතාවටයි.පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙන් සිය ප්‍රථම උපාධිය ගත් ඒකනායක මහතා ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයෙන් රාජ්‍ය පරිපාලනය පිලිබඳ පශ්චාත් උපාධියක් ලබා ඇත.වසර තිහක් ඉක්ම වූ පරිපාලන සේවය තුළ යෞවන කටයුතු, ක්‍රීඩා, සමෘද්ධි,නිවාස,කර්මාන්ත, විදේශ කටයුතු හා මුදල් යන අමාත්‍යාංශවල මෙන්ම මැලේසියාවේ ශ්‍රි ලංකා මහ කොමසාරිස් කාර්‍යාලයේ සහ ලන්ඩනයේ මහ කොමසාරිස් කාර්‍යාලයේද සේවය කර ඇත. 
අගමැති ලේකම් සමන් ඒකනායක
1
hp_train_7328
(ටී.කේ.ජී.කපිල )ජපාන විදේශ අමාත්‍ය මොටැජි ටොසිමිට්සු මහතා ශ්‍රී ලංකාවේ නිල සංචාරයක් සඳහා අද (12) දින සවස කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියේය.ඒ මහතා සමඟ දූත පිරිස 21 දෙනෙකු පැමිණ සිටියහ.ඔවුන් පිළිගැනීම සඳහා ශ්‍රී ලංකාවේ ජපාන මහ කොමසාරිස්  කාර්යාලයේ නිලධාරීන් සහ ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිලධාරීන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ සිටියහ. 
ජපාන විදේශ ඇමැති අද දිවයිනට
1
hp_train_7329
නැගෙනහිර සහ ඌව පළාත් වලත්, හම්බන්තොට දිස්ත්‍රීක්කයේත් විටින් විට වැසි ඇති වන අතර උතුරු මැද පළාතේ වැසි වාර කිහිපයක්  ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.බස්නාහිර, මධ්‍යම සහ සබරගමුව පළාත්වලත්, ගාල්ල, මාතර සහ පුත්තලම දිස්ත්‍රීක්කවලත් සවස 4.00 න් පසුවවැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇතිවිය හැකියි.ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය                                                      දිනය : 16/02/2016නගරයඋෂ්ණත්වය (සෙ. අංශක)සාපේක්ෂ ආර්ද්‍රතාවය (%) කාලගුණයඋපරිමඅවමඋපරිමඅවමඅනුරාධපුරය31249560වැසිවාර කිහිපයක්මඩකලපුව29259570විටින් විට වැසිකොළඹ31259570සවස 4.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි  ගාල්ල30259570සවස 4.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි .යාපනය29239060වැසි ස්වල්පයක්මහනුවර29219550සවස 2.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසිනුවරඑළිය21119550සවස 2.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසිරත්නපුරය32249560සවස 2.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසිත්‍රීකුණාමළය29239570වැසිවාර කිහිපයක්.මන්නාරම31259065වැසි ස්වල්පයක්
‘පළාත් කීපයකට හෙට වැසි‘
0
hp_train_7330
(ටී.කේ.ජී.කපිල )ඕමානයේ මස්කට් සහ ශ්‍රී ලංකාවේ කටුනායක ගුවන් තොටුපළ අතර ඍජු ගුවන් ගමන් සේවයක් ආරම්භ කළ සලාම් එයා ගුවන් සේවයේ මංගල ගුවන් ගමන් සිදු කරමින් ප්‍රථම ගුවන් යානය අද (25) කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළට ළගා විය.ගුවන් නියමු කපිතාන් මොහොමඩ්  අහමඩ් මහතා විසින් යානය  පදවාගෙන පැමිණි අතර , එහි මගීන් 86 දෙනෙකු සහ 07 දෙනෙකුගෙන් සමන්විත කාර්යය මණ්ඩලයක් ද පැමිණ තිබුණි . ගුවන් ගමන සදහා ඒ.- 320 නියෝ වර්ගයේ ගුවන් යානයක් යොදවා තිබූ අතර , එම ගුවන් යානය අද (25)  උදෑසන 8.00 ට ඕ.වී.- 431 දරණ ගුවන් ගමන් අංකය යටතේ කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .මෙම ගුවන් ගමන් සේවාව සතියේ සෑම සදුදා , බදාදා , සිකුරාදා සහ ඉරිදා යන දින වල උදෑසන 8.10 ට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ , යළි එම දින වලම උදෑසන 9.10 ඕමානයේ මස්කට් බලා පිටත්ව යෑමට නියමිතය.
ගල්ෆ් එයාර් - ජසීරා ගුවන් සේවා යළිත් කොළඹට
0
hp_train_7331
අපරභාගයේදී දිවයින අභ්‍යන්තරයේ තැනින් තැන ගිගුරුම් සහිත වැසි වර්ධනය වී පසුව ඒවා බස්නාහිර සහ වයඹ වෙරළබඩ ප්‍රදේශ කරා පැතිර යන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.‘පොතුවිල් සිට හම්බන්තොට හරහා ගාල්ල දක්වා වන වෙරළබඩ ප්‍රදේශවල උදය කාලයේදී ද මඳ වැසි  ඇති විය හැකියි‘.ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය                                                      දිනය : 29/04/2015   නගරයඋෂ්ණත්වය (සෙ. අංශක)සාපේක්ෂ ආර්ද්‍රතාවය (%) කාලගුණයඋපරිමඅවමඋපරිමඅවමඅනුරාධපුරය34249555අපරභාගයේදී  හා රාත්‍රී  කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.මඩකලපුව33269065වැසි ස්වල්පයක්.කොළඹ32259060අපරභාගයේදී  හා රාත්‍රී  කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.ගාල්ල32259065අපරභාගයේදී  හා රාත්‍රී  කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.යාපනය34259055වැසි ස්වල්පයක්.මහනුවර31219560අපරභාගයේදී  හා රාත්‍රී  කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.නුවරඑළිය22119570අපරභාගයේදී  හා රාත්‍රී  කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි..රත්නපුරය34239555අපරභාගයේදී  හා රාත්‍රී  කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.ත්‍රීකුණාමළය34259560වැසි ස්වල්පයක්.මන්නාරම32259060වැසි ස්වල්පයක්. 
ඉදිරි 24 පැයේ කාලගුණය
1
hp_train_7332
(යොහාන් භාසුර)විදුලි ජනනය සඳහා ප්‍රමාණවත් ඉන්ධන නොමැති වීම නිසා හෙට (19) ‘ඒ’ සිට ‘එල්’ දක්වා කලාප 12 ට පැය තුනයි විනාඩි 45 ක් විදුලිය කප්පාදු කරන බව ලංකා විදුලිබල මණ්ඩලය අද (18) පස්වරු පැවසීය. ‘පී’ සිට ‘ඩබ්ලිව්’ දක්වා කලාප අටකට හෙට පැය 3 ක් විදුලිය කප්පාදු කරන බව ද ලංකා විදුලිබල මණ්ඩලය කීය.‘ඒ’ සිට ‘එල්’ කලාප 12 කට පෙරවරු 8.00 සිට පස්වරු 6.00 දක්වා දහවල් කාලයේ පැය 2 යි විනාඩි 30 ද, පස්වරු 6.00 සිට රාත්‍රී 11.00 දක්වා පස්වරුවේ පැයයි විනාඩි 15 ක් ද, විදුලිය කප්පාදු කරන බවත් ලංකා විදුලිබල මණ්ඩලය කීය.‘පී’ සිට ‘ඩබ්ලිව්’ දක්වා කලාප අටට පෙරවරු 10.00 සිට පස්වරු 4.00 දක්වා දහවල් කාලයේ පැයයි විනාඩි 30 ක් ද, පස්වරු 4.00 සිට රාත්‍රී 10.00 දක්වා පස්වරු කාලයේ පැයයි විනාඩි 30 ක් ද,විදුලිය කප්පාදු කරන බව එම මණ්ඩලය වැඩි දුරටත් සඳහන් කළේය. 
හෙට පැය 5 ක් ලයිට් නෑ
0
hp_train_7333
ඇය විසි හතර හැවිරිදි තරුණියකි. ඉහළ අධ්‍යාපනයක් නොලැබුවත් ඇයටත් අනෙක් යෙහෙළියන්ට මෙන් රැකියාවක් කිරීමේ ආසාවක් ඇති විය. එහෙත් ඇඟලු‍ම් කම්හලක රැකියාවට ඇයගේ එතරම් කැමැත්තක් නොවීය. මේ අතර අහම්බෙන් ඇයට රැකියාවකට මං පෑදිණ.රැකියාව පදිංචි දිස්ත්‍රික්කයෙන් පිට  දිස්ත්‍රික්කයක කෙළවර පිහිටි කම්හලකය. එම කම්හල පිහිටි ප්‍රදේශයේ සියයට අනුවකගේ ප්‍රධාන ආදායම් මාර්ගය වූයේ තේ කර්මාන්තයයි. දිනපතා නිවසේ සිට රැකියාවට යාම අපහසු නිසා ඇයට කම්හල ආශ්‍රිතව නේවාසිකාගාරයේ සුව පහසු කාමරයක්ද ලැබිණි.ඇය රැකියාවට ගොස් මාසයක් ගතවීමට පෙරම නොසිතු ලෙස වාසනාව ඇය වටා කැරකෙන්නට විය. ඒ කම්හල් කළමනාකරුගේ පුතාය. ඔහු විසි එක් හැවිරිදි තරුණයෙකි. ඔහු සමග හෝටල් කාමරවල ඇඳන් මත සිටින විට සුව පහසු යාන වාහන සුවිසල් නිවාස වතු නිලධාරින්ගේ සුහද හමු ඇයට මැවී පෙනෙන්නට විය.මේ අතර දෙදෙනා දිනක් ගාල්ල නගරාසන්නයේ හෝටලයකට පැමිණයහ. හෝරා කිහිපයක් එහි ගතකිරීමෙන් පසු ඔහු මෝටර් රථයෙන් ඇය බස් නැවතුම් පොලට කැඳවාගෙන ආවේය. “දැන් කොහෙද යන්නේ” ඔහු ඇසුවේය.“මම ගෙදර ගිහිල්ල හෙට එන්නම්. හුඟාක් කාලෙකින් ගියේ නැහැ”ඇය කිවාය.පසුව ඔහු මෝටර් රථයෙන් පිටත්ව ගිය අතර ඇය බස් නැවතුම් පොලේ නතර වූවාය. ටික වේලාවකට පසු ඔහු ඇයගේ ජංගම දුර කතනයට කතාකර ඉන්නේ කොහේදැයි විමසීය. “මම මේ මහ වීදියෙ කඩේකට  ආවා. අම්මට ඇඳුමක් ගන්න.” ඇය කීවාය. එහෙත් එසේ කියා වැඩි වේලාවක් යන්නට පෙර පිටුපසින් පැමිණි මෝටර් රථයක් ඇය අසල නතර කළේය.මෝටර් රථයෙන් බැස ගත්තේ මෙයට ටික වේලාවකට පෙර යහන් ගතව සිටි කම්හල් කළමනාකරුගේ පුතාය. අවාසනාවට මෙන් ඇය සිටියේ තවත් තරුණයෙකුගේ අත අල්ලා ගෙනය. මෙයට පෙර දැනහැඳින ගෙන සිටි එම තරුණයා සමග ඇය ගාලු‍ කොටුවට යමින් සිටියාය. මෝටර් රථයෙන් බැසගත් ඔහු “ඇයි මට බොරු කිව්වේ” කියමින් අත මිට මොලවා ඇයගේ මුහුණට වේගයෙන් පහරක් එල්ලකර මෝටර් රථයට නංවා ගත්තේය. ඇය සමග සිටි තරුණයා අන්ද මන්දවී බලා සිටියේය.“මම ඔක්කොම බලාගෙන හිටියේ කව්ද ඒ හාදයා” ඔහු  ඇසුවේය.“ඒ මම අඳුනන ගමේ යාලු‍වෙක්” ඇය කීවාය. ඇයගේ මුහුණ රතුවී ඉදිමී තිබිණ. පසුව ඔහු ඖෂධ ශාලාවකට ගොස් අයිස් බෑගයක් ගෙනැවිත් මෝටර් රථය තුළදීම ප්‍රථමාධාර දුන්නේය. ඉන්පසු ඇය නිවසට යන බව පවසා මෝටර් රථයෙන් බැස ගියාය. එහෙත් ඇය ගියේ පොලිසියේ ළමා හා කාන්තා කාර්යංශයටය. උණවටුන – ඩී.ජී. සුගතපාල
‘ඩබල් ලව්’ මාට්ටුවී මූණ රතුවෙන්න නෙළලා​
0
hp_train_7334
එක්සත් ජාතීන්ගේ ලෝක පරිසර දූෂණය වැළැක්වීමේ ජාත්‍යයන්තර පැරිස් සම්මේලනය නොවැම්බර් 29 වැනිදා පැරීසියේදි ආරම්භ වී දෙසැම්බර් 12 වැනිදා අවසන් වුයේය. ලෝකයේ රාජ්‍ය නායකයෝ 147 දෙනෙකු සහ රටවල් 196ක රාජ්‍ය නිලධාරීන් 45000ක් සහභාගිවූ මෙම සම්මේලනයට ශ්‍රීලංකාවේ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ප‍්‍රධාන නියෝජිත පිරිසක්ද සහභාගි වුහ.එක්සත් ජාතීන්ගේ මහ සැසිවාරයට පසු රාජ්‍ය නායකයන් රැසක් සහභාගි වන මෙම සම්මේලනය ඩෙන්මාර්කයේ කෝෆන්හේගන් සමුළුවට පසු පැවැත්වෙන විශාලතම සමුළුව ලෙස සැලකේ. මෙම සමුළුවට සහභාගිවූ ශ්‍රී ලංකා කණ්ඩායමේ ප‍්‍රධානියා ලෙස පාර්ලිමේන්තු මන්ත‍්‍රී අතුරලියේ රතන හිමියෝ සහභාගී වූහ. 45000ක් රාජ්‍ය නිලධාරීන් අතර සිටි එකම පූජ්‍ය පක්ෂ සාමාජිකයා වූ උන්වහන්සේ එසැණ සමග සාකච්ඡාවක් පැවැත්වූහ.ප‍්‍රශ්නය:ස්වාමීන්වහන්ස ඔබවහන්සේ ශ්‍රී ලංකා කණ්ඩායමේ ප‍්‍රධානියා ලෙස පැරීසියේ පැවැත්වූ ගෝලීය උෂ්ණත්වය හා පරිසර  දූෂණය වැළක්වීමේ ජාත්‍යයන්තර සමුළුවට සහභාගි වුණා. එම සමුළුව ගැන හා ශ්‍රී ලංකාවට එම සමුළුවේ ඇති වැදගත්කම ඔබ වහන්සේ විස්තර කරන්නේ කෙසේද?පිළිතුර:මෙම විෂය ශ්‍රී ලංකාවට පමණක් නොව මුළු ලෝකයටම බලපාන ප‍්‍රශ්නයක්. නිරීක්ෂකයකු ලෙසත් තීන්දු තීරණ ගන්නා රාජ්‍ය මට්ටමේ කණ්ඩායම් වලටත් මෙම සමුළුවේදි මම සහභාගි වුණා. ලෝක ගෝලීය උෂ්ණත්වයේ වෙනස්වීම වළක්වා ගැනීම මෙම සමුළුවේ ප‍්‍රධාන අරමුණයි. මීට අවුරුදු සියයකට පමණ පෙර ගල් අඟුරු තෙල්, ගෑස් වගේ දේ පෘතුවියෙන් බලශක්තියක් ලෙස සොයා ගැනුණා. එම නිසා ගල් අඟුරු, තෙල්, ගෑස් වලින් පිරි බලශක්ති ලෝකයක් බිහිවුණා. මෙම බලශක්ති සොයා ගැනීම හා නිෂ්පාදන ක‍්‍රියාවලියේ අතුරු පලයක් ලෙස කාබන්ඩයොක්සයිඞ් වායුව පරිසරයට මුදා හැරිණි. යුරෝපය ඇමෙරිකාව වගේ රටවල් මෙම සංවර්ධනය කරා පැමිණීමට ඉහත බලශක්ති යොදා ගැනීමෙන් මෙම වායුව පරිසරයට එක් වුණා. අද වන විට පරිසරයට එක්වන මෙම වායුව ගණනය කිරීමට ක‍්‍රමවේදයන් සොයා ගැනීම හේතු කොට එක් එක් රටවල් පරිසරයට මුදා හරින කාබන් ඩයොක්සයිඩ් ප‍්‍රමාණය ගණනය කිරීමට හැකිවී තිබෙනවා.ඊළඟට මෙම වායුව පරිසරයට එක්වීමෙන් හා මිනිසා වන සම්පත් විනාශ කිරීමෙන් ප‍්‍රභාසංස්ලේෂණ ක‍්‍රියාවලිය අඩපණ වීමත් හේතු කොට ලෝක ගෝලයේ සමස්ත උෂ්ණත්වය ඉහළ යෑම ආරම්භ වුණා. පෘථිවිය සමස්තයක් ලෙස සැලකුවොත් සෙන්ටිගේ‍්‍රඞ් අංශක 1කින් ලෝක උෂ්ණත්වයේ ඉහළ යෑම නවතා ගැනීමට මීට අවුරුදු 30කට පෙර මෙවැනිම සමුළුවකින් තීන්දු කළද අද වනවිට එය අංශක 1.6 දක්වා ඉහළ ගොස් තිබෙනවා. මෙය ඉතාමත්ම භයානක අවස්ථාවක් මෙන්ම දැඩි ලෙස අවධානය යොමු කළ යුතු විෂයක් බවට පත්වී තිබෙනවා. එබැවින් අංශක 2ක් දක්වා ඉහළ යෑම නවතා ගැනීම පැරිස් සමුළුවේ ප‍්‍රධානම අරමුණයි.ඉහත සඳහන් ලෙස ගෝලීය උෂ්ණත්වය වැඩි වීමෙන් පරිසරයට සිදුවන හානිය රටවල් ලෙස සිතියම් ගත කොට තිබෙනවා. ඒ අනුව අංශක 2 දක්වා වැඩිවීම යනු බොහෝ රටවලට විශාල ලෙස හානි සිදුවෙනවා. අපේ රට ගැන සැලකුවොත් කොළඹ සහ ඒ අවට අපේ මුහුද කි.මී 15ක් පමණ රට ඇතුළට පැමිණීමට ඉඩ තිබෙනවා. යාපනය හා ඒ අවට සම්පූර්ණයෙන්ම මුහුදෙන් යට වෙනවා. ඉතින් හිතා ගන්නකෝ කොහොමද තත්වය කියලා? එබැවින් මෙය අපේ රට ගැන පමණක් නොවේ, මුළු ලෝකයම ගැන සිතමින්, එලෙස කටයුතු කිරීමටත් එයට සරිලන ක‍්‍රමයන්ට හැඩ ගැසීමටත් අනිවාර්යය කොට තිබෙනවා. එම නිසා අපේ කෘෂිකර්මාන්තය සම්පූර්ණයෙන්ම තිරසාර දිශාවකට ගෙන යෑමට තීරණය කර තිබෙනවා. ජනාධිපතිතුමාගේ හා අගමැති තුමාගේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශන වල ඒ බව අපි සඳහන් කොට තිබෙනවා. ඒ සඳහා මේ වනවිට නිවැරැදි වැඩ පිළිවෙළක් සැලසුම් නොකළත්, එය ආරම්භ කොට තිබෙනවා. උදාහරණයක් ලෙස අපේ ගොවියෝ කෘමිනාශකයක් ලෙස භාවිතා කළ ග්ලයිෆොසෙට් ගෙන්වීම අපි තහනම් කර තිබෙනවා. වසවිස වලින් තොර අහාර නිෂ්පාදනයක් ඇති කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. ඉහත මුලික විෂය සම්බන්ධව ලෝකයේ බලගතු රටවල් විවිධ මතවාද පෙරටුකොට වාද විවාද කරමින් සිටියත් මෙවර පැරිස් සමුළුවේදි යම් තීරණාත්මක සංධිස්ථානයකට පැමිණීමට සියලු රටවල් එකඟවීම මත ඉදිරි අනාගතය ගැන සුබදායක පරිසරයක් ඇතිවේ යැයි බලාපොරොත්තු වෙනවා.ප‍්‍රශ්නය:බුදු දහම, පරිසරය හා මිනිසාගේ වගකීම යන කරුණු ඉහත සමුළුව හා බද්ධ වන්නේ කෙසේද?පිළිතුර:බුදු දහමට අනුව සැලකුවොත්  දැන් මිනිසුන්ගේ ආශා වැඩියි. මේ ආශා ඔක්කොම ඉටු කරන්න මේ ලෝකය මදි. ඒකයි දැන් වෙලා තියෙන්නේ. තන්හාව හා මමත්වය වැඩියි. බුදු දහමේ කියන්නේ තන්හාව නැති කරන්න. ඒ සඳහා තාක්ෂණික බොහොම සරල ක‍්‍රම තුනක් අපට බුදු දහමේ උගන්වනවා. මම කියන්නේ කවුද? කියලා අවබෝධ කරගන්න. මම මැරෙන කෙනෙක්. මගේ ආශා තාවකාලිකයි. මේ සියලු දේ කවදා හෝ අපි දාල යන්න  ඕනෑ. මේ ටික හොඳ මනසකින් අවබෝධ කර ගැනීම ඉතාම අවශ්‍යයයි. සරලව සාමුහිකව සතුටින් ජීවත් වීමයි අවශ්‍ය වන්නේ. මහා ලොකු දේ කරන්න යන්න අවශ්‍යය නැහැ. මෙය සංකීර්ණ ක‍්‍රියාවලියක් වුවද මේ සඳහා මතවාදයක් බුදු දහමේ උගන්වනවා. බෞද්ධ දර්ශනයට අනුව කරුණාව, මෛත‍්‍රිය දියුණු කර ගැනීම, සොබා දහමට ආදරය කිරීම, සතා සිව්පාවට හා ගසට කොළයට ආදරය කිරීම, සියලු සත්වයන්ට ආදරය කරන ලෙස අපේ බණ පොත් වල උගන්වන දෙයක්නේ.අපි සැවොම එලෙස හැඩ ගැහෙනවා නම් මේ පරිසරය කොතරම් සුන්දර වේවිද? සියලූ සත්වයෝ සුවපත් වේවා! යනු මේ ලෝකයේ ඉදිරි තේමා පාඨය බවට පත්වීමට බොහෝ ඉඩකඩ තිබෙනවා. එම නිසා බුද්ධාගමට, එම සිතුවිලි වලට මෙන්ම බෞද්ධයන්ට ලොකු වටිනාකමක් ලැබෙනවා. මෙහේ අපේ බෞද්ධයෝ ඇතැයි මම නම් සිතන්නේ නැහැ. අපේ රටෙත් එහෙමයි. වැඩි හරියක් ඉන්නේ උප්පැන්න බෞද්ධයෝනේ. නිවැරදි බෞද්ධයන් ලෙස ජීවත් වෙනව නම් මේ රට වලදිත් අපට විශාල ගෞරවයක් ලැබෙනවා. බුදු දහම ඉතාම වටිනා දර්ශනයක් ලෙස දැන් ලෝකය පුරාම මතවාදයක් ගොඩ නැගෙමින් පවතිනවා. මටත් ලොකු පිළිගැනීමක් ලැබෙන්නේ එම නිසයි.ප‍්‍රශ්නය:පැරිස් සමුළුවට රටවල් 196කින් සහාභාගීවූ රාජ්‍ය නිලධාරීන් 45000 ක් අතරින් පූජ්‍ය පක්ෂය නියෝජනය කළ එකම නියෝජිතයා වන්නේ ඔබ වහන්සේය. මෙම දුර්ලභ අවස්ථාව ගැන ඔබ වහන්සේගේ අදහස කුමක්ද?පිළිතුර:භික්ෂුවකට ලැබුණු බොහෝම දුර්ලභ අවස්ථාවක්. බෞද්ධ භික්ෂුවක් නිසා විශේෂ ගෞරවයක් මෙන්ම පිලිගැනීමක් තිබුණා. එය අපේ භික්ෂු සමාජයටම ගෞරවයක්. එයට හේතුව බුදු දහමයි. යුරෝපය බුදු දහමට විශේෂ ඇල්මක් දක්වනවා. මෙම සමුළුව මට හොඳ අත්දැකීමක්. බොහෝ දේ ඉගෙන ගත්තා. පරිසර හිතකාමී වටිනා මිනිසුන්, විද්‍යාඥයෝ, සුප‍්‍රසිද්ධ මාධ්‍යවේදීන්, උපදේශකයෝ, ප‍්‍රසිද්ධ රාජ්‍ය නිලධාරීන් වැනි අය හමුවීමට අවස්ථාව ලැබුණා. ප‍්‍රංශයේ ප‍්‍රසිද්ධ සඟරා දෙකක් හා පුවත් පත් දෙකකට මගේ සම්මුඛ සාකච්ඡා ලබා ගත්තා. ප‍්‍රංශ ජනාධිපති මුණගැසී පරිසර දූෂණය සම්බන්ධව අපේ රටේ ස්ථාවරය පැහැදිලි කරදීමටද අවස්ථාව ලැබුණා. මේ සියලූ දේවල් ලැබුනේ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු මන්ත‍්‍රී තනතුරක් මට ලැබුණ නිසයි. මම හිතනවා රට වෙනුවෙන් යම් සේවයක් සිදුකළා. එය සලකා මන්ත‍්‍රී තනතුරක් හිමිවුණා. රට වෙනුවෙන් උපරිම සේවය කිරීමට එම තනතුර යොදා ගන්නවා.ප‍්‍රශ්නය: ඔබ වහන්සේද ඇතුළත් නව ජාතික රජයේ ප‍්‍රථම අයවැය ගැන ඔබ වහන්සේගේ අදහස කුමක්ද?පිළිතුර:යම් යම් අඩුපාඩු තියෙනවා. ඒවා අපි හදා ගන්න  ඕනෑ. සංශෝධන මගින් අපිට ඒවා හදා ගන්න පුළුවන්. ඉලෙක්ටි‍්‍රක් වාහන වලට බද්දක් අයකිරීම එතරම් සුදුසු නැහැ. එවැනි දේවල් වෙනස් කළ යුතුයි. එසේ නොමැතිව පොදුවේ ගත් කළ එතරම් නරක අයවැයක් නොවේ. සංශෝධනය කළ යුතු කරුණු කිහිපයක් තියෙනවා. ජනාධිපතිතුමා, අගමැතිතුමා සමඟ එම කරුණු ගැන මම ඉදිරියේදි කථා කිරීමට බලාපොරොත්තු වෙනවා.ප‍්‍රශ්නය:පාර්ලිමේන්තුවේ පිළිගත් විපක්ෂයට අමතරව විමල් වීරවංශ, සෝමවංශ අමරසිංහ, තිස්ස විතාරණ, ඩිව් ගුණසේකර, දිනේෂ් ගුණවර්ධන, උදය ගම්මන්පිල, වාසුදේව නානායක්කාර ප‍්‍රධානීන් ඇතුළත් විපක්ෂයක් ගොඩ නැගෙමින් පවතිනවා. එම කණ්ඩායමට අනාගතයක් තිබේද?පිළිතුර:එය තීරනය වන්නේ; අපි වැඩ කරන ආකාරය අනුවයි. අපි හරියට වැඩ කළොත් එයාලට අනාගතයක් නැතිවේවී. අපි වැරදියට වැඩ කළොත් ඔවුන්ට අනාගතයක් තියේවි. අපට අනාගතයක් නැතිවේවී. එම නිසා අපි නිවැරදිව වැඩ කළාම අනාගතය ගැන ප‍්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ. එබැවින් අපි නිවැරදිව වැඩ කරමු.ප‍්‍රශ්නය:සුද්දන්ගේ උසාවිය හා ජාතියේ අවනඩුව” මැයෙන් පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා විසින් පසුගියදා පැරීසියේදි දේශනයක් පැවැත්වූ අතර, අපේ රට හා යුද්ධය ජයගත් රණවිරුවන් අධිරාජ්‍යවාදීන්ගේ දඬුකඳ වෙත රැගෙන යෑමට වර්තමාන පාලකයන් ක‍්‍රියා කරන බවත් එයින් ජාතික ආරක්ෂාව අනතුරේ බවත් චෝදනා කරනවා. මෙම චෝදනාව ගැන ඔබ වහන්සේගේ පැහැදිලි කිරීම කෙසේද?පිළිතුර:එතුමා එහෙම අදහස් ප‍්‍රකාශ කළාට නම් කමක් නැහැ. නමුත් අපි ආණ්ඩුවේ ඉන්න තුරු රණවිරුවන් හිරේ දාන්නවත් රටේ ජාතික ආරක්ෂාවට හානියක් වෙන්නවත් ඉඩ තියන්නේ නැහැ. අපි ඒ ගැන දැඪී අවධානයෙන් ඉන්නවා. ඒ නිසා ඒ ගැන අනියත බියක් ඇති කර ගන්න එපා.ප‍්‍රශ්නය:පැරීසියේ පරිසර සමුළුවට පැමිණි ඔබ වහන්සේ ”බුදු දහම හා පරිසරය” ,”පරිසරය හා මිනිසාගේ වගකීම” මැයෙන් මහජන දේශණ දෙකක් පැරීසියේදි පවත්වනු ලැබුවා. පැරීසියේ සිටි කාලය තුළ ඔබ වහන්සේ එහි ශ්‍රී ලාංකික විහාරස්ථාන වලට වැඩම කළාද?පිළිතුර:සමුළුවට සූදානම් වීම සඳහා පළමු දින කිහිපයේ හෝටලයක නවාතැන් ගත්තා. පැරීසියේ අපේ විහාරස්ථාන හතරක් තිබෙනවා. ඥාණිස්සර හිමියන් බොහෝ කලක සිට මම හඳුනනවා. උන්වහන්සේ මේ දිනවල ලංකාවට වැඩම කරලා. පරවාහැර චන්ද්‍රරතන හිමියන්, කෝ ආනන්ද හිමියන්, හා සුමංගල හිමියන්ගේ විහාරස්ථාන වලත්, ප‍්‍රංශ ජාතිකයන්ගේ නිවෙස් වලත්, අපේ ශ්‍රීලාංකික මිතුරන්ගේ නිවෙස් වලත් මම නවාතැන් ගත්තා. පැරීසියේ අපේ ස්වාමීන් වහණ්සේලාත් රට වෙනුවෙන් විශාල සේවයක් සිදුකරනවා. පරිසර දූෂණය සම්බන්ධව උන්වහන්සේලා සමඟ සාකච්ඡා කිරීමටත් මට අවස්ථාව ලැබුණා. ඉහත සියලූ දෙනාම ඉතාමත්ම කාරුණිකව මට උදව් උපකාර කළා. ඒ සියලූ දෙනාටම මම ස්තුති වන්ත වෙනවා.
‘මෙහෙම ගියොත් ලංකාව පුංචි වේවි‘
1
hp_train_7335
(කෑගල්ල අධිකරණ චමින්ද වැවතැන්න)බස් රථයෙන් බසින අවස්ථාවේ දී සිය බිරිදගේ පය සරමේ පැටලී සරම බිමට වැටී පුද්ගලයෙකුට සිදු වූ ජංජාලයක් පිළිබඳ කෑගල්ල ප්‍රදේශයේ ග්‍රාමයකින් වාර්තා විය. වාර්තා වන අන්දමට සිද්ධිය මෙසේය.කෑගල්ලේ තරමක් දුෂ්කර ග්‍රාමයක සිට කෑගල්ල බලා ඉකුත් සති අන්තයේ දිනක පෙරවරුවේ පෞද්ගලික බස් රථයක් ධාවනය කිරීම ආරම්භ කෙරිණ. ආරම්භ අවස්ථාවේදීම තරමක් වයෝවෘද්ධ යුවළක් බස් රථයට ගොඩ වූයේ කිලෝමීටර් හයක් පමණ ඈතින් පදිංචිව සිටින සිය දියණියගේ නිවස බලා යාමටය. බස් රථය කෑගල්ල නගරය බලා ගමන් ආරම්භ කෙරිණ.සති අන්තයේ දිනක් බැවින් කෑගල්ල නගරයේ පෞද්ගලික පංති වෙත යන එන දූ දරුවන්ගෙන් බස් රථය පිරෙන්නට විය. තරමක් වයෝවෘද්ධ යුවළ බස් රථයේ අසුන්ගෙන සිටියේ මැද හරියේය. ඔවුන් බසින ස්ථානය ටිකෙන් ටික ළංවෙමින් පැවතිණ. යුවළ මගීන්ගෙන් ඉඩකඩ ඉල්ලාගෙන පිටුපස දොර අසලට පැමිණියහ. බසින ස්ථානය ළං වීමත් සමගම වයෝවෘද්ධ කාන්තාව බස් රථයේ බෙල් එක වරක් නාද කළාය. බස් රථය ඊ ළඟ බස් නැවතුම්පොළේ නතර කෙරිණ. පාපුවරුවේ සිටි දරුවන් මෙන්ම වැඩිහිටියන් පිරිසක් ද කොන්දොස්තරවරයා විසින් බිමට බස්සවා වයෝවෘද්ධ යුවළට බස් රථයෙන් බැසීමට අවස්ථාව උදා කර දුන්නේය. පළමුව වයෝවෘද්ධ පියා බිමට බසිනවාත් සමගම පිටුපස සිටි වයෝවෘද්ධ කාන්තාව ද බසින අවස්ථාවේ දී සැමියා ඇඳ සිටි සරම බිරිඳගේ කකුලකින් පෑගිණ. වයෝවෘද්ධ පියාගේ සරම ගැටය ලෙහී බිමට වැටුණි. එම අවස්ථාවේ දී බිම සිටි අමතර පංති දරුවන් මෙන්ම බස් රථයේ සිටි ලොකු කුඩා සියලු දෙනාටම සිනා ගියේය. බිරිඳ සිය සැමියා දෙස ආපසු හැරී බලා ඇඳ සිටි චීත්තයේ පොටකින් මුහුණ වසාගෙන සිනාසෙන්නට විය. වයෝවෘද්ධ පියා කිසිවකු දෙස නොබලා වැටුණු සරම අතට ගෙන මුහුණත් වැසෙන අයුරින් සරම හිසේ දමාගෙන අතුරු මාර්ගය දිගේ දියණියගේ නිවස වෙත ඉදිරියට ගමන් කරන අයුරු දක්නට ලැබුණි.
බිරියගේ කකුල සැමියාගේ සරමේ පැටළී ජංජාලයක්
0
hp_train_7336
(ඩී.ජී.සුගතපාල) තීරු බදු නොගෙවා නීතිවිරෝධී ලෙස විදේශයක සිට මෙරටට ගෙන්වන ලද සිගරට් 8360ක් සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන් වරද පිළිගත් විත්තිකරුවෙකුට ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා අද(06) රුපියල් 25,000ක දඩයක් නියම කළේය. මෙසේ දඩ නියමවුයේ කාරියවසම් හේවාමානගේ කවිෂ්ක ලක්ෂාන් නමැති විත්තිකරුවෙකුටය. ඔහු අලෙවිය සඳහා මෙම සිගරට් තොගය ළඟ තබාගෙන සිටියදී විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් කටුගොඩ ප්‍රදේශයේදි ඔහුව අත්අඩංගුවට ගෙන, අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා වරාය පොලිසියට බාරදී තිබිණි. වරාය පොලිසියේ උප පොලිස් පරීක්ෂක උදය කුමාර මහතා සමග සැරයන් දහනායක (20484) මහතා විසින් පැමිණිල්ල මෙහෙයවන ලදී.
නීතිවිරෝධීව ගෙන් වූ සිගරට් ළඟ තබාගත් අයෙක්ට දඩ
0
hp_train_7337
(නිමල කොඩිතුවක්කු)“ග්‍රාමීය මෙන්ම නාගරික වැඩසටහන් මගින්  නිවාස ඉදිකිරීම සදහා රට තුළ විශාල වැඩපිළිවළක් ක්‍රියාත්මක බව” අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කොළඹ දී පැවසීය.‘මෙමගින් නිවාස ප්‍රශ්නය විසඳීමට මෙන්ම  ඉදිකිරීම් කර්මාන්තය දියුණු කිරීමටත් හැකියාව ලැබෙන්නේ යයි’ ද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පැවසුවේ  බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ පැවති නිවාස හා ඉදිකිරීම් කර්මාන්ත ප්‍රදර්ශනය විවෘත කිරීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිත ලෙස එක්වෙමිනි. බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවති නිවාස හා ඉදිකිරීම් කර්මාන්ත ප්‍රදර්ශනය - 2018 සමාරම්භක අවස්ථාවට එක්වෙමින්  අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද කීවේය.“මධ්‍යම අධිවේගී මාර්ගයේ දෙවැනි අදියරට සහභාගී වන සමාගම් මුණගැහිලා ඒ අධිවේගී මාර්ගයේ ප්‍රගතිය බලන්න ළඟදි දවසක මට අවස්ථාවක් ලැබුණා. ලංකාවේ ඉදිකිරීම් සමාගම් ප්‍රථම වතාවට ජාත්‍යන්තර මට්ටමේ අධිවේගී මාර්ගයක් ඉදිකරන්න භාරගෙන අද එම කටයුතු සාර්ථකව කරගෙන යනවා. මම ඒ ගැන ආඩම්බර වෙනවා. මධ්‍යම අධිවේගී මාර්ගයේ දෙවැනි අදියරේ කටයුතු කරන සමාගම් නියෝජිතයන් හමුවීමට මෙන්ම එහි ප්‍රගතිය සොයා බැලීමට මෑතකදී මට අවස්ථාව ලැබුණා. මෙහිදී ශ්‍රී ලංකාවේ ඉදිකිරීම් සමාගම් ප්‍රථම වතාවට ජාත්‍යන්තර මට්ටමේ අධිවේගී මාර්ගය ඉදිකිරීමේ කටයුතු කිරීම පිළිබඳ මා ඉතා ආඩම්බර වෙනවා. ඒවගේම දෙවැනි අදියරේ වැඩ කලට වේලාවට අවසන් කිරීමට අප බලාපොරොත්තු වෙනවා.වසර ගණනාවක් විදේශීය ඉදිකිරීම් සමාගම් සමග සම්බන්ධ වී ක්‍රියා කළ නිසා ලංකාවේ අපට මේ කටයුතු කිරීමට ශක්තිය මෙන්ම හැකියාව තිබෙනවා. මේ දියුණුව ඉදිරියට ගෙනයාම සඳහා පහසුකම් සැලසිය යුතුයි.ආර්ථික දියුණුවත් සමග අධිවේගී මාර්ග පමණක් නොව විවිධ ක්ෂේත්‍රවල ඉදිකිරීම් කෙරෙනවා. මේ නිසා රජයේ මෙන්ම පෞද්ගලික අංශයේ ද ඉදිකිරීම් ක්ෂේත්‍රයේ වර්ධනය වෙනවා.ඊළඟ දශකය තුළ පෞද්ගලික අංශයේ ඉදිකිරීම් කටයුතු මීට වඩා දියුණු කරමින් එහි වැඩි ප්‍රගතියක් ප්‍රතිශතයක් ඉදිකිරීම් ක්ෂේත්‍රය වෙනුවෙන් ගැනීමට මා බලාපොරොත්තු වෙනවා. ඒ සඳහා පෞද්ගලික අංශය දිරිගැන්වීමට ක්‍රියා කරනවා.මෙහිදී අපේ අවධානය තවත් ක්ෂේත්‍රයක් වෙත යොමු වෙනවා. ඒ නිවාස ඉදිකිරීම් සම්බන්ධවයි. සජිත් ප්‍රේමදාස ඇමතිතුමා තම පියා ආරම්භ කළ ග්‍රාමීය නිවාස වැඩසටහන මේ වන විට ඉදිරියට ගෙනයමින් සිටිනවා. අද ශ්‍රී ලංකාවේ නිවාස අවශ්‍යතාව ගමට පමණක් සීමා වී නැහැ. ගමෙන් තව ඉල්ලීම් තිබෙනවා. ඒ සඳහා අපි ග්‍රාමීය වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට කටයුතු කරනවා.නමුත් යුද්ධය නිසා විනාශ වූ ප්‍රදේශ තිබෙනවා. ඒ වගේම නාගරික ජනතාවගේ ඉල්ලීම් ද තිබෙනවා. නාගරිකරණය මෙන්ම අර්ධ නාගරීකරණයද ශීඝ්‍රයෙන් වෙනවා. ඒ නිසා අවට ඉඩම් කුඩා කැබලිවලට වෙන් වෙනවා. එය ගැටලුවක් වෙලා.කෙසේ හෝ නාගරික ඉදිකිරීම්වලට ප්‍රමුඛත්වය දීමටත් අප ක්‍රියා කරනවා. ඒ සඳහා මහ නගරය තුළ අඩු ආදායම්ලාභීන් යළි පදිංචිකිරීමේ වැඩසටහන වේගවත් කර ඒ සඳහා අවශ්‍ය මුදල් දීමට ක්‍රියා කරනවා. ඒ යටතේ විශාල සංඛ්‍යාවකට නිවාස දීම මගේ බලාපොරොත්තුවයි.ඒ වැඩකටයුතු ඉදිරියට ගෙන යාමට රජයේ මුදල්වලට අමතරව ආසියානු යටිතල පහසුකම් සංවර්ධන බැංකුවෙන් (්ෂඊ) ඩොලර් මිලියන 200 ක් ගෙන තිබෙනවා. ඒ සඳහා අපේ ඉදිකිරීම් ආයතන සහභාගි කර ගනිමින් විශාල වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරනවා.මේ සමගම උතුරු ප්‍රදේශයේ නිවාස ඉදිකිරීමේ කටයුතු කරගෙන යනවා. ඒ සඳහා අපි විශාල මුදලක් දුන්නා. එහි සමහර ස්ථානවල යම් ප්‍රමාද සිදුවෙලා. මේ වන විට ඉදිකිරීම් කටයුතු වෙනුවෙන් කොටසකට මුදල් දීලා. ඉදිරියේදී ඉතිරි කොටසට ද ඉක්මනින් දීමට කටයුතු කරනවා.යුද්ධය නිමාවී මේ වන විට වසර 10 ක් ගතවී තිබෙනවා. එහිදී නිවාස අහිමිවූවන්ට මේ යටතේ නිවාස දීම අපේ බලාපොරොත්තුවයි.ඊළඟ පියවර වන්නේ වතුකරයේ ජනතාවට නිවාස දීමයි. වතුකරයේ සේවය කරන ජනතාවට ඉඩම් නැහැ. නිවාස ද නැහැ. ඔවුන්ගේ අවශ්‍යතා සම්පූර්ණ කළ යුතුයි. ඉන්දීය අගමැති මෝදි මහතා මෙරටට පැමිණි අවස්ථාවේ වතුකරයේ ජනතාවට නිවාස සහ ඉඩම් වෙනුවෙන් මුදල් දීමට එකඟතාව පළ කළා. දැන් ඒ වැඩකටයුතු ආරම්භ කෙරෙනවා.වැවිලි සමාගම් සමග සාකච්ඡා කර ඉඩම් ගැනීමටත්, එසේ ඉඩම් නොලැබෙන ප්‍රදේශවලට රජයෙන් ඉඩම් දීමටත් දැන් ක්‍රියා කරගෙන යනවා. ඒ සමගම නැවත මධ්‍යම පාන්තිකයින් සඳහා නිවාස ණය දීමේ වැඩසටහන අප ආරම්භ කළා.දැන් ජාතික ඉතිරි කිරීමේ බැංකුවෙන් ණය මුදල් දීමට ක්‍රියා කරනවා. දැනට නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශය මගින් එහි කටයුතු ක්‍රියාවට නංවා තිබෙනවා.මේ ආකාරයට ග්‍රාමීය පමණක් නොව විශාල නාගරික වැඩසටහන් මගින් නාගරික ජනතාවට නිවාස දීමටත්, වතුකරයේ ජනතාවට නිවාස දීමටත් ක්‍රියා කරනවා. ඒ තුළින් රටේ නිවාස ප්‍රශ්නය විසඳීමටත්, ඉදිකිරීම් ක්ෂේත්‍රය දියුණු කිරීමටත් බලාපොරොත්තු වෙනවා. ඒ සමගම අද කර්මාන්ත ක්ෂේත්‍රයේ විශාල ඉල්ලීමක් වන්නේ මිනිස් බලයයි. අපේ රටේ තරුණ තරුණියන්ගෙන් ඒ ප්‍රශ්නය විසඳීමට අපේක්ෂා කරනවා.අද ඉතා වැදගත් දිනයක් බව මෙහිදී මා මතක් කළ යුතුයි. ත්‍රස්තවාදය පරාජය කර, යුද්ධය අවසන් කර සාමය ළඟාකර ගැනීමට කැපවූ සියලු රණවිරුවන් සිහිපත් කරනවා. ඒවාගේම යුද්ධය නිසා ජීවිත අහිමිවූ අහිංසක ජනතාව ද මේ අවස්ථාවේ සිහිපත් කරනවා” යයිද රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් කීවේය. නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා “රටේ ස්වාධීනත්වය, ස්වෛරීභාවය, භෞමික අඛණ්ඩතාව  සාක්ෂාත් කිරීම උදෙසා රට දැය වෙනුවෙන් දිවි පිදූ වීරෝදාර රණවිරුවන් මේ අවස්ථාවේ සිහිකළ යුතුයි. ඔවුන් සිය ඇස්, ලේ, ඇට, නහර දන්දී ත්‍රස්තවාදය සහමුලින්ම පරාජය කළ නිර්මල සේවයට අපේ ගෞරවය පුදකර සිටිනවා. තිස් වසරක යුද්ධය අවසන් කිරීමට දිවි පරදුවට තැබූ වීරෝදාර රණවිරුවන් සදාකල් වැජඹේවා කියා අප ප්‍රාර්ථනා කරනවා. රණවිරු පවුල්වල  අනාගතය අනාගත සුබ සිද්ධිය වෙනුවෙන් ජනාධිපතිතුමා, අගමැතිතුමා ඇතුළු සියලු දෙනා දිවිහිමියෙන් ඇප කැප වෙනවා. සෑම රණවිරුවකුගේම අනාගතය යහ පාලන රජය යටතේ සුරක්ෂිතයි කියා අප කියනවා.ප්‍රදර්ශනය සංවිධානය කළ දේශීය මෙන්ම විදේශීය කර්මාන්තකරුවන්ට ස්තූතිවන්ත වෙනවා. ඉදිකිරීම් කර්මාන්තය නවමු වැඩපිළිවළක් ඔස්සේ ඉදිරියට ගමන් කරනවා. මේ ක්ෂේත්‍රයේ සිටින පිරිස් ඒ සම්බන්ධයෙන් සැලකිල්ලක් දැක්වීමට වෙනවා.කර්මාන්තය සඳහා ශ්‍රමිකයන්ගේ අඩුපාඩු පිළිබඳ කියැවුණා. ඒ සඳහා විදේශීය ශ්‍රමිකයන් ගෙන්වන එක යෝග්‍ය නැහැ. එය දිගු කාලීන විසඳුම නොවෙයි.ඉදිකිරීම් ක්ෂේත්‍රය සඳහා වන නව ප්‍රතිපත්තිය අප හඳුන්වාදී තිබෙනවා. ඒ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමත් සමග ඉදිකිරීම් ක්ෂේත්‍රයට බලපාන නීති වෙනස් කිරීමට කටයුතු කරනවා”මේ අවස්ථාව සඳහා මහ නගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක, ශ්‍රී ලංකා ඉදිකිරීම් හා කර්මාන්ත මණ්ඩලයේ සභාපති ඉංජිනේරු මේජර් රන්ජිත් ගුණතිලක, ප්‍රධාන විධායක නිලධාරී ඉංජිනේරු නිශ්ශංක එන්. විජේරත්න යන මහත්වරුන් සහ  ශ්‍රී ලංකා ඉදිකිරීම් හා කර්මාන්ත මණ්ඩලයේ නිලධාරීන් ඇතුළු පිරිස එක්ව සිටියහ. 
ග්‍රාමීය - නාගරික වැඩසටහන් ඔස්සේ නිවාස හැදීමේ විශාල වැඩපිළිවෙළක් හදනවා
1
hp_train_7338
(අංජුල මහික වීරරත්න, මීරිගම පුෂ්පකුමාර මල්ලවආරච්චි, බියගම සේනක නිර්මාණ, මල්වාන කේ.ඩී.එම්. විතානගේ දෙල්ගොඩ සුදත් පුබුදු කීර්ති සහ මහරගම ගාමිණී සරත් ගුණවර්ධන)“ත්‍රස්තවාදය, කුඩු, කප්පම්, මිනීමැරුම්, අපචාර නැති විනය ගරුක ශ්‍රී ලංකාවක් බිහි කරන බව” නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක, එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා බියගමදී පෙරේදා (29) පැවසීය. ජාතික ආරක්ෂාවට මුල්තැන සහ සුදුස්සාට සුදුසු තැන දීම තම මූලික ප්‍රතිපත්තිය බව කී සජිත් ප්‍රේමදාස මහතා එමගින් ලෝකය ඉදිරියේ දණ නොනමන තේජවන්ත ශ්‍රී ලංකාවක් ගොඩ නගතැයිද අවධාරණය කළේය.ජනපතිවරණ අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කරන බියගම ජනරැලිය බියගම - වෙළෙඳ කලාපය අසළ භූමියේදී පැවැත්විණි.එක්සත් ජාතික පක්ෂ බියගම සංවිධායක ජනමාධ්‍ය අමාත්‍ය සහ ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා සංවිධාන කළ ජන රැලියට අතිවිශාල ජනකායක් සහභාගිවී සිටියහ.බියගම ජන රැලියට අමතරව මෙදින දිවුලපිටිය, වත්තල මහරගම සහ කිරුළපන දී ද ජනරැලිය පැවැත්විණි.ජන රැලිවලදී වැඩිදුරටත් අදහස් දක්වමින් ජනපති අපේක්‍ෂක සජිත් ප්‍රේමදාස මහතා මෙසේද පැවසීය.බියගම ප්‍රදේශයට මූලික වූ අවශ්‍යතා රැසක් තිබෙනවා. අපගේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වය තුළ ක්‍රියාත්මක වූ නිදහස් වෙළෙඳ කලාපය නිසා ප්‍රදේශයට නේවාසිකාගාරවල වැඩි ඉල්ලුමක් දකින්නට ලැබෙනවා. ලබන 16 වැනිදාට මා ජනාධිපති ධුරයට පත් වූ පසු නිදහස් වෙළෙඳ කලාපයේ නේවාසිකාගාර ප්‍රශ්නය පිළිබඳ පූර්ණ අවධානය යොමුකර ඒ පහසුකම් වර්ධනය කරන්න කටයුතු කරනවා.එමෙන්ම ප්‍රදේශයට ජාතික පාසලක දැඩි අවශ්‍යතාව තිබෙනවා. රෝහලක අවශ්‍යතාවද තිබෙනවා. මා ඒ පිළිබඳව රුවන් විජයවර්ධන ඇමැතිතුමා සමඟද සාකච්ඡා කළා.බලයට පත්වී මාස තුනක් ඇතුළත ප්‍රදේශයේ රෝහලේ වැඩ ආරම්භ කරන්න  මෙන්ම ජාතික පාසලේ වැඩ කටයුතු ආරම්භ කරන්න අනිවාර්යෙන්ම මා කටයුතු කරන බවට මෙහිදී පොරොන්දු වෙනවා.ප්‍රදේශය ගංවතුර උවදුරෙන් පීඩාවට පත් වෙනවා. ගං වතුර පාලනය සඳහා විධිමත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරනවා. ප්‍රදේශයේ බහුතරය ජනතාව වැලි ගොඩදැමීම ජීවනෝපාය කරගෙන තිබෙනවා. වැලි ගොඩ දැමීමේ ව්‍යාපාරයේ නිරත වූවන් විවිධ නීති රීති නිසා තම සුපුරුදු ව්‍යාපාර කරගෙන යාමට නොහැකිව විශාල අසරණ  භාවයකට පත්වී සිටිනවා.මා ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ අසරණ බවට පත්වූ සැමට සරණ වීමටයි. ඒ නිසා පරිසරය ගංගා නිම්න ආරක්ෂා කර ගනිමින් මිනිසාගේ ජන ජීවිතයට ප්‍රමුඛතාව දෙමින් පරිසරයට අගතියක් නොවන ආකාරයට වැලිගොඩ දැමීමට මා අවසර දෙනවා.ප්‍රදේශයේ ව්‍යාපාර ගොඩ නැංවීමටත් මා ශක්තිය දෙනවා. කොළඹ - මල්වාන මාර්ගය ඉදිකර යටිතල පහසුකම් නැංවීම තුළින් ජන ජීවිතය උසස් තලයකට ගෙන ඒමට කටයුතු කරනවා.අපේ රටේ කාන්තා ගෘහ මූලික පවුල් ලක්ෂ ගණනක් තිබෙනවා. මේ පවුල් ඒකකවල ජන ජීවිතය ඉතාම දුක්ඛිතයි. කාන්තාවන් ඉතා අමාරුවෙන් පවුල් සංස්ථාව රැක ගනිමින් දුවා - දරුවන් රැක ගන්නවා. ඒ පිළිබඳව විශේෂ අවධානයක් යොමුකර කාන්තා පරපුර සවිබල ගන්වනවා.සහල් මෝල් හිමියන්ට විශේෂ දිරි ගැන්වීමේ වැඩ සටහනක් ක්‍රියාත්මක කරනවා. සහල් කර්මාන්තය වැඩි දියුණු කිරීමට නවීන තාක්ෂණ ක්‍රමවේද උපයෝගී කර ගනිමින් සහල් කර්මාන්තයේ නිෂ්පාදකයින්ට විශේෂ මූල්‍ය ශක්තිය දී සහල් කර්මාන්ත ක්ෂේත්‍රය ඉහළ තැනකට ගේනවා.සියලු වගාවනට වී, තේ, පොල්, රබර්, සුළු අපනයන බෝග එළවළු පලතුරු හේන් වගාවට නොමිලේ පොහොර දෙනවා. එය එසේ කරන්නේ ජාතික වශයෙන් කෘෂි නිෂ්පාදනය ඉතා ඉහළට ගෙනැවිත් පිටරටින් මෙරටට බවභෝග ආනයනය කරනවා වෙනුවට භෝගවලින් ස්වයංපෝෂිත මාතෘ භූමියක් නිර්මාණය කරන්නයි.ආර්ථික වශයෙන් ඉහළට එනවා වගේම ජාතික නිෂ්පාදනයටත් එයින් දැවැන්ත රුකුලක් ලැබෙනවා. එවිට රටේ ආදායමත් ඉහළ යනවා. සියලු ක්‍රියා නිසා රට ලෙස සිරවී සිටින ණය උගුලෙන් එළියට එන්න උදව් වෙනවා.පැහැදිලි ආර්ථික ගමනක් තුළ ඉලක්ක ගත වැඩ පිළිවෙළ යටතේ පොහොර නොමිලයේ දී ජාතික නිෂ්පාදනය ඉහළ දමා රට ණය බරින් මිරිකුණු යුගය අවසන් කරනවා. එමගින් ජනතාවට සෞභාග්‍යමත් රටක් බිහි කරනවා.වර්තමානයේ මාතෘ භූමියේ දුගී - දුප්පත්කම නැති කිරීමේ වැඩ සටහන සමෘද්ධි වැඩසටහනයි. අදටත් විශාල ජන කොට්ඨාසයක් දුප්පත් කමින් පෙළෙනවා. දුප්පත්කම නැති කිරීම සඳහා සමෘද්ධි දීමනා වැඩිකර සමෘද්ධියට තවත් වැඩ සටහන් එකතු කරමින් දුප්පත් කමින් මිදීමේ අවස්ථාව උදා කරනවා. සමෘද්ධිය ශක්තිමත් කරනවා සේම ජනසවිය ද නැවත අරඹා මෙරට දුගී දුප්පත් ජනතාව ඉන් මුදවා ගැනීමට කළ හැකි සියලු දේ කරනවා.කාන්තාව මා ඉතා උතුම් ලෙස සලකනවා. කාන්තාව මුහුණ දෙන කව්රුත් කතා නොකරන සෞඛ්‍ය ප්‍රශ්නයක් තිබෙනවා. කාන්තාවනගේ වටිනාම සම්පත මාතෘත්වයයි. බොහොම සංවේදී හිතට වදදෙන කාරණයක් ගැන මා කල්පනාකොට විසඳුමක් දුන්නා. කාන්තාවගේ ප්‍රශ්නය ගැන මා කතාකර විසඳුම දුන්නාම පොහොට්ටු කණ්ඩායම් මට පහර පිට පහර ගහනවා.ලෝකයට ජීවය දෙන උතුම් කාන්තාවන් අද බරපතළ ගැටලුවට මුහුණ දෙනවා. මාසික ශුද්ධිය කාලයේදී නිසි සනීපාරක්ෂක ක්‍රමවේද අනුගමනය නොකරන නිසා භයානක බලපෑම් ගණනාවක් නිර්මාණයවෙලා.විශේෂයෙන්ම ගැබ් ගෙළ පිළිකාව, මුත්‍රා ආසාධනය, වකුගඩු ඉන්ද්‍රීය නරක්වීම, ප්‍රජනන අවයවවල ආසාධනය වැනි බරපතළ රෝගී තත්ත්ව නිර්මාණය වෙන්නේ නිසි සනීපාරක්ෂක ක්‍රමවේද අනුගමනය නොකරන නිසා බව කිව යුතුයි. මෙය දියුණු වෛද්‍ය පරීක්ෂණ මගින්ද තහවුරු කරලා.කව්රුත් කතා නොකරන සියයට 51.8ක් වන කාන්තා පරපුරට බලපාන ගැටලුව ගැන රජය ලෙස මා අනාගතයේදී විසඳුමක් දෙනවා. මාස 10ක කාලයක් දරුවකු කුසේ තබා ගෙන උහුලා ගන්න බැරි වේදනාවක් දරාගෙන මිහිපිට දෙවියෙකු ලෙස සලකන්න පුළුවන් කාන්තාවට බලපාන ගැටලුවට මගේ රජය මගින් අනිවාර්යයෙන්ම විසඳුම් දෙනවා.මෙවැනි ප්‍රශ්න තිබෙනවිට රටක පාලකයන් ලෙස මට නිහඬව බලා සිටින්න බැහැ. මව් කැක්කුම සහෝදර කැක්කුම දන්න කාන්තාවගේ දුක තේරෙන මා මේ ප්‍රශ්නවලට තිරසර විසඳුමක් දෙන්න කටයුතු කරනවා.රටේ කාන්තා පරපුර මැද පෙරදිග ගොස් නොයෙක් වද - හිංසා විඳ මෙරටට විදේශ විනිමය ගේනවා. මධ්‍යම කඳුකරයේ තේ වතුවල කාන්තා පරපුර සේවය කර දැවැන්ත ආර්ථික ශක්තියක් දෙනවා. ඇඟලුම් කම්හල්වල සේවය කරන තරුණ කාන්තා පරපුර අපේ රටට ඓතිහාසික හයියක් දෙනවා. රටේ ආර්ථිකය ශක්තිමත් කරන්න වැඩිම දායකත්වය දෙන්නේ කාන්තා පරපුරයි.මෙවැනි තත්ත්වය තුළ කවුරු කොහොම විහිළු කළ ද කවුරු කොච්චර ප්‍රශ්නය අවලාදයට ලක් කළ ද කාන්තාවන්ගේ ප්‍රශ්න පිළිබඳව අවබෝධය සැලකිල්ලක් තිබෙන අම්මාගේ දුක දන්න, සහෝදරියන්ගේ- කාන්තාවන්ගේ දරු පරම්පරාව ගැන කැක්කුම තිබෙන පුද්ගලයා ලෙස ප්‍රශ්නයට ජාතික වශයෙන් විසඳුම් දී සනීපාරක්ෂක පහසුකම් නැති සියලු කාන්තාවනට ඒ පහසුකම් දෙන්න මා කටයුතු කරනවා. එපමණක් ද නොව පාසල් අධ්‍යාපනය තුළ දැරියන් මුහුණ දෙන ප්‍රශ්නයට සාධනීය විසඳුම් දෙන වෛද්‍ය ඒකක නිර්මාණය කරනවා.පොදු ජනතාව, සාමාන්‍ය ජනතාව රජ කරවන යුගය 16 වැනිදා නිර්මාණය කරන විට අපේකම - ගමේකම - නගරේකම, අපේ සංස්කෘතිය - සභ්‍යත්වය, රටේ ඒකීයභාවය - ස්වෛරීත්වය, භෞමික අඛණ්ඩතාව ආරක්ෂා කරගෙන කශේරුකාව කෙළින් තබා ගෙන මාතෘ භූමිය මා දිවි හිමියෙන් රකිනවා.රට ආරක්‍ෂා කරන්නේ කෙසේ ද රට ගොඩ නගන්නේ කෙසේ ද යන කරුණු පිළිබඳව සාකච්ඡා කළ යුතුයි. මා කළේ විවෘත ආරාධනයක්. මගේ ආරාධනාවට එතුමා පිළිතුරු දුන්නේ නැහැ. නමුත් අහල පහළ ඉන්න කුක්කෝ ටික උත්තර දෙනවා. මට කුක්කන්ගේ උත්තර හරියන්නේ නැහැ. මට අවශ්‍ය මගේ ප්‍රතිවාදී අපේක්‍ෂකයාගේ උත්තරය මොකක්ද කියා දැන ගන්නයි.රණවිරුවන් ගැන මගේ ප්‍රතිවාදියාගෙන් මාධ්‍ය ප්‍රශ්නයක් ඇසූ විට හමුදාව බාරව ඔහුවත් ඔහුගේ අයියාවත් හිටියේ නැතැයි පැවසුවා. අවුරුදු 10කට පෙර ඔවුන් කළ බොරුව එයින් හෙළි වුණා. යුද්ධයෙන් පසු මේ අය පොළොව ඉඹ කිව්වේ මොකක්ද? යුද්ධය කළේ ඔවුන් බවයි.මගේ පියා අවසන් වරට කිව්වේ සත්‍ය ජයගනී යන ප්‍රකාශයයි. ඒ ප්‍රකාශය තහවුරු කරමින් යුද්ධය කළේ ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා බව ඔවුන්ම අද ප්‍රකාශ කළා. දේශප්‍රේමින්ගේ හැටි පේනවා නේද?යුද්ධය දිනා දින 10ක් තුළ මහා පාවාදීම කළා. මානව හිමිකම් කඩ වූ බවට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් සමග ගිවිසුම අත්සන් කළා. එදා වගේම අදත් තමන්ගේ ආරක්ෂාව වෙනුවෙන් රණවිරුවන් පාවා දෙනවා. මා නම් එසේ කරන්නේ නැහැ. රණවිරුවන් වෙනුවෙන් ඕනෑම තොණ්ඩුවකට බෙල්ල දෙන්න මා සූදානම් යැයි ද සජිත් ප්‍රේමදාස මහතා පැවැසීය.එක්සත් ජාතික පක්‍ෂ බියගම ප්‍රධාන සංවිධායක ජනමාධ්‍ය අමාත්‍ය සහ ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා:තරුණ නායකත්වයක් අවශ්‍ය බවට වසර ගණනාවක් තිස්සේ ඉල්ලීම තිබුණා. ඒ අනුව අපගේ නායකයන් සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් කළා. ජනතාව අතර විශාල උද්යෝගය අද ඇති වෙලා.රට ඉදිරියට ගෙන යන්න තරුණ නායකත්වය අවශ්‍යයි. අනාගතය ආර්ථිකය පිළිබඳව සජිත් පේ්්‍රමදාස මහතාට හොඳ දැක්මක් තිබෙනවා. සජිත් ප්‍රේමදාස මහතා තම පියා කළ සේවය ඉදිරියට ගෙන යාමට කටයුතු කරමින් ඉන්නවා. එතුමා එක්සත් ජාතික පක්‍ෂ බලකොටුවක් වූ කොළඹ අතහැර හම්බන්තොට ගියේ දිළිඳු ජනතාවට සේවය කරන්නයි. ඔහු හම්බන්තොටට රාජපක්ෂලාට වඩා සේවය කරන්නයි. ඔහු හම්බන්තොටට රාජපක්‍ෂලාට වඩා සේවය කර තිබෙන බව කිව යුතුයි. රට පුරා දිළිඳු ජනතාව වෙනුවෙන් එතුමා නිවාස ඉදි කළා.ශ්‍රී ලංකාව ඇමරිකාවට විකුණන්න හදන බවට විමල් වීරවංශ වැනි දේශපාලකයන් කෑගැසුවා. ඔවුන් ඇමරිකන් පුරවැසියෙකු ජනාධිපති කරන්න රට පුරා කෑගසමින් යනවා. ගුරුවරුන් දණගස්වන කාන්තාවන් කෙලෙසන දේශපාලකයින් අපට අවශ්‍ය නැහැ.නැවතත් රට පවුල් පාලනයට ගෙන යන්න අප ඉඩ තබන්නේ නැහැ. අද අප මාධ්‍ය නිදහස ස්ථාපිත කරලා එයින් වැඩිපුරම බැට කන්න වූයේ වත්මන් රජයට බව කිව යුතුයි.ජනරැල්ල නතර කරන්න කිසිවකුටත් බැහැ. පසුගිය සමයේ දී රුපියල් මිලියන 300ක සංවර්ධනය මේ ප්‍රදේශයට පමණක් කර තිබෙන බව කිව යුතුයි. සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති ධුරයට පත්වූ සැණින් බියගමට රෝහලක් දීමට මා කටයුතු කරනවා.පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා:අපේ පක්ෂය සෑම විටම ප්‍රජාතන්ත්‍රවාදය ගරු කරනවා. ජනතා ඉල්ලීම අනුව සජිත් ප්‍රේමදාස මහතා ඉදිරිපත් කළේ ඒ අනුවයි.සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති ධුරයට පත්වූ පසුව ශ්‍රී ලංකාවේ ආරක්‍ෂාව මා බාර ගන්නවා. ආරක්‍ෂාව බාරගෙන වසර දෙකක් ඇතුළත මෙරටින් මත්ද්‍රව්‍ය උවදුර තුරන් කරන බවට මා ප්‍රතිඥා දෙනවා.තෙරිපැහැ සිරිනන්ද හිමියෝ ද මහා මාර්ග මාර්ග සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක, පුරවැසි සංවිධාන එක්මුතුවේ කැඳවුම්කරු සමන් රත්නප්‍රිය, බියගම ප්‍රාදේශීය සභාවේ විෂක්ෂ නායක සුසන්ත සම්පත් යන මහත්වරු ද අදහස් දැක්වූහ.මහවැලි සංවර්ධන සහ පරිසර රාජ්‍ය අමාත්‍ය අජිත් මාන්නප්පෙරුම, පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා යන මහත්වරුන් ප්‍රමුඛ දේශපාලන නියෝජිතයෝ විශාල පිරිසක් මේ අවස්ථාවට සහභාගි වී සිටියහ.ඡායාරූප-චතුර එස්.කොඩිකාර 
“විනයගරුක රටක් හදනවා“
1
hp_train_7339
(ඩයනා උදයංගනී)ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ඉදිරි පළාත් පාලන මැතිවරණය සඳහා තනිව තරග කරන බවත් එක්සත් ජාතික පක්‍ෂය හා එක්ව හංසයා ලකුණ යටතේ තරග කිරීමට කිසිම බලාපොරොත්තුවක් නොමැති බවත් ශ්‍රී.ල.නි.ප. මහ ලේකම්, කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මහතා ඊයේ (20) පැවසීය.මෙහිදී ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය අත ලකුණ යටතේ ඉදිරිපත් වීමට තීරණය කර ඇති බව කී මහ ලේකම්වරයා පක්‍ෂය සමග සන්ධානගතව සිටින වෙනත් පක්ෂවලින් ඉල්ලීමක් ලැබුණොත් පමණක් වෙනත් ලකුණක් ගැන සාකච්ඡා කරන බව සඳහන් කළේය.ඒ අනුව එම මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය හා එක්සත් ජාතික පක්‍ෂය තරග කරන්නේ වෙන වෙනම බව ස්ථිර යැයි ද දුමින්ද දිසානායක මහතා කියා සිටියේය.මහලේකම් දුමින්ද දිසානායක මහතා මේ බව පැවසුවේ කොළඹ ඩාර්ලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මූලස්ථානයේදී ඊයේ (20) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මහ ලේකම්වරයා මෙසේ ද කියා සිටියේය.‘‘නිවෙස්වලත් මව්පියන් හා දරුවන් අතරත් මතගැටුම් ඇති වෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයත් අභ්‍යන්තර ප‍්‍රශ්නවලට මුහුණ දෙන අවස්ථා තිබෙනවා. අපි ඒවා අභ්‍යන්තරයේම සාකච්ඡා කරනවා. පක්‍ෂයේ කවුරුත් තනි තීන්දු ගන්න හදිසි වෙන්නේ නැහැ. අපි ජාතික ආණ්ඩුව ඇති කළේ රටේ සියලූ දෙනා බලා සිටියදී මිස හොර රහසේ නෙවෙයි. මධ්‍යම කාරක සභාවේ තීරණයක් ලෙසයි. ඒ ගිවිසුම දෙසැම්බර් මාසේ අවසන් වෙනවා. අපි ඉන්පසුයි ඉදිරියට යනවා ද නැද්ද යන්න තීරණය කරන්නේ.පක්‍ෂයේ අය යන්න හදන බවට ඇතිකරන මතවාදයෙන් පාඩු වෙන්නේ රටටයි. ඒ නිසා එවැනි ප‍්‍රචාර පතුරුවන්න එපා. එයින් රටවැසියා හා ලෝකය අතර ඇතිවන සැකය රටේ සංවර්ධනයට බාධාවක්. තීන්දුවක් ගන්නා අවස්ථාවේදී ජනතාව දැනුවත් කරනවා. හොර රහසේ තීන්දු ගන්නේ නැහැ. ඒ නිසා රටේ අනව්‍යශ කලබල ඇති නොකරන ලෙස මාධ්‍යවලින් ඉල්ලා සිටිනවා.’’එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය මහින්ද අමරවීර මහතා මෙසේ සඳහන් කළේය.‘‘අපේ පක්‍ෂයේ 66 වැනි සංවත්සරය කොළඹ කැම්බල් පිටියේදී සැප්තැම්බර් මස 2 වැනිදා පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා. අද දිනයේදීත් අප ඒ පිළිබඳව පක්‍ෂයේ ආසන සංවිධායකවරුන් සමඟ සාකච්ඡාවක් පැවැත්වූවා. අපි සාර්ථක මෙන්ම ගුණාත්මක, ජනතා ආකර්ෂණය ඇති සංවත්සර උත්සවයක් පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා. මෙයට විශාල ජනතා සහභාගීත්වයක් අපි බලාපොරොත්තු වෙනවා.මෛත‍්‍රීපාල සිරිසේන මහතා පක්‍ෂයේ නායකත්වයට පත්වීමෙන් පසු අපේ පළමුවරට පැවැත්වූ පක්‍ෂයේ 64 වැනි සංවත්සර උළෙල පැවැත්වූයේ පොළොන්නරුවෙයි. ඉන්පසු 65 වැනි සංවත්සර උළෙල කුරුණෑගල දී පැවැත්වුණා. පොළොන්නරුවේ පැවති සංවත්සර උළෙලට වඩා කුරුණෑගල පැවති උත්සවය සාර්ථක වුණා. එදාටත් වඩා සාර්ථකව 66 වැනි සංවත්සර උළෙල පැවැත්වීමට අපි කටයුතු කරගෙන යනවා.’’පළාත් පාලන හා පළාත් සභා අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා -‘‘පළාත් පාලන පනත් කෙටුම්පත අවශ්‍ය සංශෝධන සහිතව මේ වන විට සකස්කර පාර්ලිමේන්තුවට ඉදිරිපත්කර තිබෙනවා. මෙය ඊ ළඟ සැසිවාරයේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙනවා. කාරක සභා අවස්ථාවේදීත් මෙයට සංශෝධන ඉදිරිපත් කරනු ඇතැයි අපි බලාපොරොත්තු වෙනවා. ඒ අනුව නුදුරු අනාගතයේදී පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට හැකිවනු ඇතැයි අපි බලාපොරොත්තු වෙනවා. ඒ වගේම සියලූ දේශපාලන පක්‍ෂ එකතු වී කෙටුම්පතේ යම් යම් වෙනස්කම් කරන්නත් බලාපොරොත්තු වෙනවා. සමස්තයක් ලෙස අද වන විට සියලූ දේශපාලන පක්‍ෂ මේ පනතෙහි ඇති ක‍්‍රමවේදය අනුව ඉදිරියට යාමට තීරණය කර තිබෙනවා.සමහරු මැතිවරණය පමාවීම ගැන ආණ්ඩුවට චෝදනා කළත් මේ වන විට ඔවුන් යථාර්ථය තේරුම් ගෙන තිබෙනවා. සීමා නිර්ණය ප‍්‍රශ්න, තාක්‍ෂණික සංශෝධන කරන්නට සිදුවීම, සුළු පක්‍ෂවලට සාධාරණයක් ඉටුකිරීමට පියවර ගැනීම ආදිය ඇතුළු මෙම සංශෝධන තුළින් ප‍්‍රජාතන්ත‍්‍රවාදී ක‍්‍රමවේදයක් ස්ථාපිත වෙනවා. එමෙන්ම කාන්තා නියෝජනය සියයට 25ක් වීමත් සිදුවෙනවා.’’පුනරුත්ථාපන හා නැවත පදිංචි කිරීම් රාජ්‍ය අමාත්‍ය එම්.එල්.ඒ.එම් හිස්බුල්ලාහ් මහතා‘‘මමත් ආණ්ඩුවෙන් ඉවත් වන බව මාධ්‍ය වාර්තාකර තිබෙනවා. මම එවැනි තීරණයක් ගෙන හෝ කවුරුත් සමඟ සාකච්ඡා කර හෝ නැහැ. අපි ඉදිරි මැතිවරණවලදීත් ජනාධිපතිතුමා සමඟ සහයෝගයෙන් කටයුතු කරමින් පක්‍ෂයේ ජයග‍්‍රහණය වෙනුවෙන් පෙනී සිටිනවා.’’උතුරු මැද පළාත් ප‍්‍රධාන අමාත්‍ය පේෂල ජයරත්න මහතා -උතුරු මැද පළාත් සභාවේ සිටි සභාපතිවරයා පත්කරනු ලැබුවේ එක්සත් ජාතික පක්‍ෂය විසිනුයි. 2012 සැප්තැම්බර් මාසයේ පළාත් සභාව පළමුවරට රැස්වූ අවස්ථාවේ අපේ පක්‍ෂයෙන් ඉදිරිපත් කළ අපේක්‍ෂකයා සිටියදී ටී.එම්.ආර් සිරිපාල මහතාගේ නම එක්සත් ජාතික පක්‍ෂය යෝජනා කළා. එතුමා ශ්‍රී.ල.නි.පයේ වුවත් සභාපතිකමට පත්වුණේ එ.ජා.පයේ යෝජනාවක් අනුවයි. එ.ජා.පය හා එතුමා අතර එකඟතාවක් තිබුණත් එය කඩකරන නිසා 2014දීත් විශ්වාසභංගයක් ගෙනාවා. එදා විවෘත ඡන්දයක් පැවැත්වූ නිසා බියට සමහරු ඡන්දය සභාපතිවරයාට පක්‍ෂව ලබාදුන්නා. එදා රහස් ඡන්දයකට ගියා නම් ඔය සභාපතිවරයා ඉවත් කෙරෙන්නේ 2014 වසරේදීයි.දැන් යළිත් විශ්වාසභංගයක් ආ අවස්ථාවේ සභාපතිවරයා එය ප‍්‍රතික්‍ෂ්ප කළා. එය න්‍යාය පත‍්‍රයට ඇතුළත් කරගත්තේ ආණ්ඩුකාරතුමාගේ උපදෙස් මතයි. එදා න්‍යායපත‍්‍රයට ඇතුල් කළ විටත් මේ යෝජනාව මගහරින්න උත්සාහ කළා. ඒ අවස්ථාවේයි කලබගෑනියක් ඇතිවුණේ. සභාව කල්දමන්න යද්දීත් එ.ජා.පය විරුද්ධ වුණා. ඉන්පසු ඒකාබද්ධයේ අය මැදිහත් වී ගැටුමක් ඇතිවුණා. සෙංකෝලය පවා කැඞීගියා. සභාව කල්තබා පටන් ගන්න යද්දී ඒකාබද්ධයේ අය සෙංකෝලය තමන් භාරයේ ර`දවා ගත්තා.ඉන්පසු පොලීසියේත් සහය ඇතිව සෙංකෝලය ලබාගෙන සභාව ආරම්භ කළා. ආණ්ඩු පක්‍ෂයේ කිසිවෙක් විශ්වාසභංගයට විරුද්ධව ඡුන්දය ප‍්‍රකාශ කළෙත් නැහැ. දැන් පාර්ලිමේන්තුවේ අය මොනවා කීවත් කවුරුත් විරුද්ධ වුණේ නැහැ. නව සභාපතිවරයෙක් පත්කරන්න නාම යෝජනා ඉදිරිපත් වූ පසුවත් මෙයට විරුද්ධ බව කීවේ සේමසිංහ මන්ත‍්‍රීතුමා පමණයි. කවුරුත් වෙනත් නමක් යෝජනා කළේ හෝ රහස් ඡුන්දයක් ඉල්ලූවේ නැහැ. ඒ කිසිවක් නොකර සමහරු ආණ්ඩුවට චෝදනා කරනවා.එදා පක්‍ෂයේ තීන්දුව ක‍්‍රියාත්මක නොකර එ.ජා.පයේ නියෝජිතයා ලෙස සභාපතිධුරයට පත්වීම ගැන සභාපතිතුමාට විරුද්ධව මහින්ද රාජපක්‍ෂ මහතා විනය පරීක්‍ෂණයක් හෝ පැවැත්වූවේ නැහැ. එදා වැරදි නොදැකපු අය අද වැරදි දකිනවා. අද එතුමා වෙනුවෙන් ඉන්න අයම එදා විවේචන කළා. අද ඔවුන් කතා කරන්නේ එදා හිටියේ නැහැ වගේයි. එදා එ.ජා.පය පත් කළ කෙනා අද එ.ජා.පය විසින්ම විශ්වාස භංගයක් ගෙනත් ඉවත් කළා.ඒකාබද්ධයේ කණ්ඩායමට තම සාමාජිකයා ආරක්‍ෂා කරගැනීමේ සැලැස්මක් තිබුණේ නැහැ. කලබල ඇතිකිරීම පමණයි අදහස වී තිබුණේ. බුද්ධිමත් තීන්දුවක් ගත යුතු බව මා කීවත් ඒ දේ ඇසුවේ නැහැ. අපි අපේ පක්‍ෂය ලෙස අපේ කටයුතු කරගෙන යනවා. අපි එ.ජා.පයට උදව් කරන බව ඒකාබද්ධයේ අය කීවත් අපි එසේ කර නැහැ. ඒත් එකඟතාවයක් අනුව කටයුතු කරනවා.’’මෙහිදී මාධ්‍යවේදීන් නැගූ ප‍්‍රශ්න සහ ඒවාට ලැබුණු පිළිතුරු මෙසේය.ප‍්‍රශ්නය-පළාත් පාලන මැතිවරණය පැවැත්විය හැකි වන්නේ කුමන කාලයේදීද?ෆයිසර් මුස්තාපා ඇමතිවරයා-පනත පාර්ලිමේන්තුවේ සම්මත වූ පසු මැතිවරණය පැවැත්වීමට දින 55ක කාලයක් අවශ්‍ය බව මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ප‍්‍රකාශ කර තිබෙනවා.ප‍්‍රශ්නය-නව සංශෝධන තුළින් කාන්තා නියෝජනය අඩුවීමක් සිදුවෙනවාද?ෆයිසර් මුස්තාපා ඇමතිවරයා -නැහැ. සියයට 25ක කාන්තා නියෝජනය ආරක්‍ෂා කරගැනීම සඳහා අපි සියලූ දෙනා පෙනී සිටිනවා.ප‍්‍රශ්නය -ආණ්ඩුවෙන් යන බව ඇතැම් නියෝජ්‍ය ඇමැතිවරු ප‍්‍රකාශ කර තිබෙනවා නේද?අමාත්‍ය දුමින්ද දිසානායක මහතා -කවුරුත් යන්නේ නැහැ. ගියොත් බලමු. අපි තීන්දුවත් ගන්නේ දෙසැම්බර් මාසයේ. මෙතෙක් නිල වශයෙන් කිසිම තීන්දුවක් ගෙන නැහැ.ප‍්‍රශ්නය -ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ඉදිරි පළාත් පාලන මැතිවරණයට මුහුණ දෙන්නේ කොයි ආකාරයෙන්ද? හංසයා ලකුණින් තරග කරන බලාපොරොත්තුවක් තිබෙනවාද?අමාත්‍ය දුමින්ද දිසානායක මහතා -අපි අපේක්‍ෂකයින් තේරුවේ මාස ගණනකට පෙරයි. මෙයට මුහුණදීම සම්බන්ධයෙන් අපේ පක්‍ෂයට අසීරුවක් නැහැ. අපි පක්‍ෂයක් ලෙස මැතිවරණයට අත ලකුණින් ඉදිරිපත් වෙනවා. මේ වන විටත් අපේ පක්‍ෂය සමඟ පක්‍ෂ රාශියක් සන්ධානගත වී සිටිනවා. අනුබද්ධ සංවිධාන තිබෙනවා. සන්ධානගත වීමේදී ඒ අයගේ ඉල්ලීම මත ඉතිහාසයේදී මෙන් වෙනත් ලාංඡනයක් ගැන සාකච්ඡා කරන්න වෙන්නත් පුළුවන්. නමුත් දැනට අපි තීරණය කර තිබෙන්නේ අත ලකුණින් තරඟ කරන්නයි. කෙසේ වෙතත් හංසයා ලකුණින් තරඟ කරන්න කිසිම බලාපොරොත්තුවක් අපිට නැහැ. එහිදී එ.ජා.පය හා ශ්‍රී.ල.නි.පය වෙනමයි තරඟ කරන්නේ.ප‍්‍රශ්නය-66 වැනි සංවත්සර උළෙලට ඒකාබද්ධ විපක්‍ෂයේ අයටත් ආරාධනා කරනවාද?අමාත්‍ය දුමින්ද දිසානායක මහතා-පක්‍ෂය නියෝජනය කරන සියලූ අයට අවසාන වතාවට ආරාධනා කරන්න බලාපොරොත්තු වෙනවා. හැමදාමත් ආරාධනා කළාට එන්නේ නැත්නම් එයින් පෙනෙන්නේ සම්බන්ධය පවත්වා ගැනීමට අකමැති බවයි. නමුත් කිසිම බෙදීමක් නොකරන ලෙස ජනාධිපතිතුමාත් උපදෙස් දී තිබෙනවා. ඒ අනුව 66 වැනි සංවත්සරයටත් සියලූ දෙනාට ආරාධනා කරන්න බලාපොරොත්තු වෙනවා.ප‍්‍රශ්නය-ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ ලේකම්වරයා බබෙක් කියා ඩිලාන් පෙරේරා රාජ්‍ය ඇමතිතුමා ප‍්‍රකාශ කළා නේද?අමාත්‍ය දුමින්ද දිසානායක මහතා-මම ඒ ගැන කතා කරන්න යන්නේ නැහැ. ශ්‍රී.ල.නි.පය විනයක් ඇති පක්‍ෂයක්. සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය තමන්ගේ දරුවා පවා පක්‍ෂයෙන් ඉවත් කළ අවස්ථා තිබෙනවා. පසුගිය වකවානුවේ පක්‍ෂයේ විනය කඩකිරීම් අප දැක්කා. නමුත් පක්‍ෂයේ ලේකම්වරයා ලෙස මම විනය ආරක්‍ෂා කළ යුතුයි. ඒත් අප ඉදිරියේදී පක්‍ෂයේ විනය තදින් ක‍්‍රියාත්මක කළ යුතුයි. පක්‍ෂය නිවැරදි විය යුතුයි. අනාගතයේදී අපේ පක්‍ෂය විශ්වාසනීය පක්‍ෂයක් බවට පත්කිරීම ජනාධිපතිතුමාගේ බලාපොරොත්තුවයි. ඒ නිසා අප ඉදිරියේදී පක්‍ෂයේ විනය සම්බන්ධව කටයුතු කරනවා. විනය කැඩුණු තැනක් ගැන දැන් කතා කරන්න මම කැමති නැහැ.ප‍්‍රශ්නය-මේ වන විට එවැනි විනය ක‍්‍රියාමාර්ග ගෙන තිබෙනවාද?අමාත්‍ය දුමින්ද දිසානායක මහතා-සනත් නිශාන්ත මන්ත‍්‍රීවරයාට විරුද්ධව විනය ක‍්‍රියාමාර්ග ගැනීම ආරම්භ වී තිබෙනවා. එතුමා පක්‍ෂයේ විනය කැඩෙන ආකාරයේ ප‍්‍රකාශයක් රූපවාහිනී නාලිකාවකදී ප‍්‍රකාශ කිරීම ගැන දැන් කටයුතු කරගෙන යනවා. මේ පරීක්‍ෂණය අවසානයේ ඉදිරියේ තීන්දුවක් දීමට නියමිතයි. අද එදා මෙන් නොව තීන්දු ගන්නේ සාධාරණ ලෙසයි. ඒ අයටත් හේතු ඉදිරිපත් කරන්න අවශ්‍ය වෙනවා. කඩිනම් තීන්දු ගැනීමට වඩා සාධාරණ තීන්දු ගැනීමයි වැදගත් වෙන්නේ. පක්‍ෂය තීන්දුවක් ගත්විට ඒ අයගේ මන්ත‍්‍රීකම අහෝසි වෙන්නේ නැහැ. ඒ අයටත් අධිකරණය ඉදිරියට යන්න අවස්ථාව ලැබෙනවා. පක්‍ෂයේ කෙනෙක් විනය කඩකළොත් අවසන් ප‍්‍රතිඵලය මන්ත‍්‍රීධූරය අහිමිවීමයි. අපි ඒ සඳහා නීතිය අනුවයි කටයුතු කරන්නේ. ඒ නිසා යම් කාලයක් යනවා. අපි රටට වගේම පක්‍ෂයටත් යහපාලනය පුරුදු කර තිබෙනවා.ප‍්‍රශ්නය-18 දෙනෙක් ඉවතට යන්නේ පක්‍ෂයේ 95 දෙනා ලෙස එක්වීමට බව බස්නාහිර ප‍්‍රධාන අමාත්‍යවරයා කියා තිබුණා. ඒකාබද්ධයේ අය කියන්නේ අගමැතිතුමා වෙනස් විය යුතු බවයි. ඔබ දෙපිරිස එක්වුණොත් අගමැතිතුමාට මොකද වෙන්නේ.අමාත්‍ය දුමින්ද දිසානායක මහතා-අගමැතිතුමා හෝ ජනාධිපතිතුමා වෙනස් කිරීම ගැන අපි කිසිම සාකච්ඡාවක් පවත්වා නැහැ. කරන්න බලාපොරොත්තු වෙන්නේත් නැහැ. අපි මේ එකඟතාව ඇතිකරගත්තේ රටේ යහපත වෙනුවෙන් මිස පුද්ගලයන්ගේ යහපත වෙනුවෙන් නෙවෙයි. මෙයින් අපි ශක්තිමත් කළේ පුද්ගලයින් නෙවෙයි. රටේ වෙනසකුයි ඇති කළේ. තනතුරු නැති වූ අය තමන්ට තනතුරු ගන්න හදනවා. ඒත් කළ යුත්තේ එය නෙවෙයි. අපි අතර මෙන්ම ඒකාබද්ධ විපක්‍ෂයේත් ප‍්‍රශ්න ඇති බව රොෂාන් රණසිංහ මහතාගේ තීන්දුවෙන් පෙනෙනවා. එක්සත් ජාතික පක්‍ෂයේත් ප‍්‍රශ්න තිබෙනවා. අනෙක් පක්‍ෂවලත් එහෙමයි.ප‍්‍රශ්නය -උතුරු මැද පළාත් සභාවේ ඇති වූ සිද්ධිය ගැන පක්‍ෂයෙන් පරීක්‍ෂණයක් කරන්නේ නැද්ද?අමාත්‍ය දුමින්ද දිසානායක මහතා -මෙය පරීක්‍ෂණයක් කළ යුතු දෙයක් නෙවෙයි. මෙය 2012 සිට ආ තත්ත්වයක් ගැන පැහැදිලි වුණා. විශ්වාසභංගයක් ගෙනාවා නම් එයට ඉඩදිය යුතුව තිබුණා. යහපාලනය කියන්නේ එයටයි. සෙංකෝලය උස්සා කෑ ගහන්න අවශ්‍ය නැහැ. අන් අය යහපාලනයට විරුද්ධව තක්කඩිකම් කරන විට එයට උදව් කිරීමත් යහපාලනය නෙවෙයි. තක්කඩිකම්වලට පිළිතුරු දීමත් සිදුවිය යුතුයි. මෙහි වූ දේ අනුරාධපුරයේ හා පොළොන්නරුවේ ජනතාව හොඳින් දන්නවා.බස්නාහිර පළාත් ප‍්‍රධාන අමාත්‍ය ඉසුර දේවප‍්‍රිය මහතා ඇතුළු පළාත් මැති ඇමැතිවරු පිරිසක් ද මෙම මාධ්‍ය හමුවට සහභාගී වූහ.
2030 දක්වා එජාපයට නායකයන් සිටිනවා
0
hp_train_7340
දැනට පවත්නා වැසි සහිත අයහපත් කාලගුණ තත්වය දිවයිනේ බොහෝ ප්‍රදේශ වලට, විශේෂයෙන් දිවයිනේ දකුණු අර්ධයට තව දුරටත් බලාපොරොත්තු විය හැක බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. බටහිර, මධ්‍යම, සබරගමුව, නැගෙනහිර, දකුණු සහ ඌව පළාත් වල සමහර ස්ථාන වලට ඉතා තද වැසි   ඇතිවීමටද ඉඩ ඇත. දිවයිනට බටහිර සහ දකුණු දෙසින් පවතින ක්‍රියාකාරී වලාකුළු පද්ධතිය හේතුවෙන් යාපනයේ සිට කොළඹ සහ ගාල්ල හරහා  හම්බන්තොට දක්වා වන  මුහුදු ප්‍රදේශ වල ක්ෂණිකව සුළං වේගය ඉහළ යාමට ඉඩ  ඇති  අතර එවිට එම මුහුදු ප්‍රදේශ ක්ෂණිකව රළු වීමට වැඩි හැකියාවක් පවතී.  දිවයින වටා වන මුහුදු ප්‍රදේශ වල වැසි හෝ ගිගුරුම් සහිත වැසි තව දුරටත් පවතී. සවස 5ට නිකුත් වූ කාලගුණ අනාවැකියදිවයිනේ බොහෝ ප්‍රදේශ වල විශේෂයෙන් අපරභාගයේ දී සහ රාත්‍රී කාලයේ දී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. ඇතැම් ස්ථාන වලට තද වැසි (මි.මී 100ට වැඩි) ද ඇති විය හැක.දිවයින වටා වන වෙරළ බඩ ප්‍රදේශ වල උදය කාලයේදී ද වැසි ඇති වේ.ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශ වල තාවකාලිකව තද සුළං ඇති විය හැක. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය                                                   දිනය : 31/10/2014   නගරයඋෂ්ණත්වය (සෙ. අංශක)සාපේක්ෂ ආර්ද්‍රතාවය (%) කාලගුණයඋපරිමඅවමඋපරිමඅවමඅනුරාධපුරය31239565අපරභාගයේදී සහ රාත්‍රි කාලයේදී ගිගුරුම් සහිත වැසි.මඩකලපුව30249570උදෑසන වැසි සහ අපරභාගයේදී ගිගුරුම් සහිත වැසි.කොළඹ29259570උදෑසන වැසි සහ අපරභාගයේදී ගිගුරුම් සහිත වැසි.ගාල්ල29249575උදෑසන වැසි සහ අපරභාගයේදී ගිගුරුම් සහිත වැසි.යාපනය31259570උදෑසන වැසි හෝ අපරභාගයේදී ගිගුරුම් සහිත වැසි.මහනුවර28229570අපරභාගයේදී සහ රාත්‍රි කාලයේදී ගිගුරුම් සහිත වැසි.නුවරඑළිය19129575අපරභාගයේදී සහ රාත්‍රි කාලයේදී ගිගුරුම් සහිත වැසි.රත්නපුරය30239565අපරභාගයේදී සහ රාත්‍රි කාලයේදී ගිගුරුම් සහිත වැසි.ත්‍රීකුණාමළය31249570උදෑසන වැසි සහ අපරභාගයේදී ගිගුරුම් සහිත වැසි.මන්නාරම30259570උදෑසන වැසි සහ අපරභාගයේදී ගිගුරුම් සහිතකාලගුණ විද්‍යාඥ  (Duty Meteorologist), කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තූව (Department of Meteorology).      
අද කාලගුණය
0
hp_train_7341
(ටී.කේ.ජී.කපිල )ඩුබායි සිට නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ආ දුම්වැටි තොගයක් සමඟ ශ්‍රී ලාංකික ගුවන් මගීයකු අද (26) අලුයම කටුනායක ගුවන් තොටුපළේ දී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වැඩබලන රේගු මාධ්‍ය ප්‍රකාශක, රේගු අධිකාරී ලාල් වීරකෝන් මහතා පැවසීය.මොහු ගම්පහ, යක්කල ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි ව්‍යාපාරිකයෙකි. ඔහු අද (26) අලුයම 1.30 ට ඩුබායි සිට පැමිණි ෆ්ලයි ඩුබායි ගුවන් සේවයේ එෆ්.ඉසෙඩ් - 557 දරණ ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියේය.ඔහු විසින් රැගෙන විත් තිබූ ගමන් මලු 5 ක රුපියල් ලක්ෂ 22 ක් වටිනා ඩුබායි හි නිෂ්පාදිත දුම්වැටි 36,400 ක් අඩංගු දුම්වැටි කාටූන් 182 ක් සඟවා ගෙන සිටියදී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබිණි.
ලක්ෂ 15 ක දුම්වැටි ගෙනත් ගුවන් තොටුපොළේදී අසුවෙයි
0
hp_train_7342
බස්නාහිර, සබරගමුව හා මධ්‍යම පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බවත් වයඹ පළාතේද  තැනින් තැන වැසි බලාපොරොත්තු වන බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.සවස 4 සිට රාත්‍රී 8 පමණ දක්වා කාලයේදී දිවයිනේ අනෙකුත් පළාත් වල තැනින් තැන ගිගුරුම් සහිත වැසි වර්ධනය විය හැකියි.ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය                                                      දිනය : 02/09/2015    නගරයඋෂ්ණත්වය (සෙ. අංශක)සාපේක්ෂ ආර්ද්‍රතාවය (%) කාලගුණයඋපරිමඅවමඋපරිමඅවමඅනුරාධපුරය35259040සවස 4 සිට රාත්‍රී 8 දක්වා කාලයේදී ගිගුරුම් සහිත වැසිමඩකලපුව34268565සවස  4සිට රාත්‍රී 8 දක්වා කාලයේදී ගිගුරුම් සහිත වැසිකොළඹ32269075වැසි වාර කිහිපයක්.ගාල්ල31259080වැසි වාර කිහිපයක්.යාපනය34278560ප්‍රධාන වශයෙන් වැසි රහිත.මහනුවර31219560වැසි වාර කිහිපයක්.නුවරඑළිය20139570වැසි වාර කිහිපයක්.රත්නපුරය32249565වැසි වාර කිහිපයක්.ත්‍රීකුණාමළය36269055සවස 4 සිට රාත්‍රී 8 දක්වා කාලයේදී ගිගුරුම් සහිත වැසිමන්නාරම32269070ප්‍රධාන වශයෙන් වැසි රහිත.  
ඉදිරි 24 පැයේ කාලගුණය
1
hp_train_7343
(ඩයනා උදයංගනී)නිරිතදිග මෝසම් කාලගුණ තත්වය ස්ථාපිත වෙමින් පවතින නිසා පළාත් කිහිපයකට ඉදිරි දිනවලදීත් වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.ඒ අනුව බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.බස්නාහිර සහ සබරගමුව පළාත්වල සහ මහනුවර, නුවරඑළිය ගාල්ල, මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානයන්හි මිලිමීටර 100 ට වැඩි තද වැසි ඇතිවන බව එම දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් පැවසීය.උතුරු පළාතේත්, අනුරාධපුරය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවන බව එම ප්‍රකාශකයා සඳහන් කළේය.මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු උතුරුමැද, වයඹ පළාත්වල සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට පැයට කිලෝමීටර 40ක 50 ක පමණ වේගවත් සුළං හැමිය හැකි බව ඔහු පැවසීය.ගිගුරුම් සහිත වැසි සමඟ තාවකාලික තද සුළං සහ අකුණු අනතුරු ද ඇතිවිය හැකි බැවින් අනතුරු අවම කරගැනීමට ක්‍රියාකරන්නැයි එම දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම්දීමක් කරයි. 
ප්‍රදේශ රැසකට විටින් විට තද වැසි
0
hp_train_7344
පදම ඉක්මවා මත්පැන් පානයකොට මහ මග අයිනේ දිගේලිකොට සිටි වසු පැටියෙකුට කිති කවන්නට ගිය පුද්ගලයෙකු වසු පැටියගේ පා පහරකට ලක්වීම නිසා රෝහල් ගතවීමට සිදුවූ බව කියැවෙන පුවතක් ලංකාදීපයට වාර්තා වේ.ඔහුගේම මිතුරු පිරිසක් පැවසූ අන්දමට සිද්ධිය මෙසේය. මත්පැනට බොහෝසේ ගිජුවූ පුද්ගලයෙකි. පසුගිය දිනෙක ඔහුට ද ගමේ නිවසක පැවැති සාදයකට ආරාධනාවක් ලැබුණේය. කල්තබාම එහිගිය ඔහු ඇති පදම් සප්පායම් වුණේ කලකින් ලද අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගනිමිනි. සාදය නිමාවී ආපසු එන්නට හැරුණේය මිතුරෝ පිරිසක්ද ගමනට එක්වූහ.එන අතරතුර පිරිසට නෙත ගැටුණේ මහ මග අයිනේ දිගේලි කර සිටි වසු පැටවෙකි. “ඔන්න බලා ගනිල්ලා” යි කියූ හෙතෙම එක් වරම වසු පැටියගේ පසුපස දෙපා අතරින් අත්දෙක දැම්මේය. හායි කියමින් කිති කැවුවේය. කලබල වූ ගවයාද දෙපා උස්සා වැරෙන් පහරක් එල්ල කළේය. පහර වැදුණේ ඔහුගේ රහස් පෙදෙසටය. “බුදු අම්මෝ” කියූ ඔහු උදරයට අත තියාගෙන ඇද වැටුණේය. ඔහු වත්තම් කරගත් පිරිස ඔහු රෝහලට ඇතුළත් කළේය.(වියලුව වාර්තාකරු) ​
බීලා ගිය තරුණයාට වසු පැටියාගෙන් අපූරු පාඩමක්
1
hp_train_7345
උතුරු, නැගෙනහිර සහ දකුණු පළාත් වල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. සෙසු ප්‍රදේශවල තැනින් තැන සවස 2.00 න් පසු ගිගුරුම් සහිත වැසි වර්ධනය වේ.ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශ වල තාවකාලිකව තද සුළං ඇති විය හැක. ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය                                                      දිනය : 01/11/2015    නගරයඋෂ්ණත්වය (සෙ. අංශක)සාපේක්ෂ ආර්ද්‍රතාවය (%) කාලගුණයඋපරිමඅවමඋපරිමඅවමඅනුරාධපුරය30249575සවස 2.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.මඩකලපුව29259580සවස 2.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.කොළඹ30259070වැසි වාර කිහිපයක්ගාල්ල29249580වැසි වාර කිහිපයක්යාපනය29249585සවස 2.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.මහනුවර28219585සවස 2.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.නුවරඑළිය19149585සවස 2.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.රත්නපුරය30249580සවස 2.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.ත්‍රීකුණාමළය30259580සවස 2.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.මන්නාරම29259075සවස 2.00 න් න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි. 
‘අද රාත්‍රියේ සහ හෙට තද වැසි‘
0
hp_train_7346
නැගෙනහිර සහ ඌව පළාත්වල විටින් විට වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.‘මධ්‍යම,  උතුරු සහ උතුරු මැද පළාත් වලත් හම්බන්තොට දිස්ත්‍රීක්කයෙත්   තැනින් තැන වැසි ඇති වේ‘.‘අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේදී දිවයිනේ අනෙකුත් බොහෝ ප්‍රදේශවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි.‘ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශ වල තාවකාලිකව තද සුළං ඇති විය හැකියි‘. ‘දිවයින වටා වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ‘.‘සුළං ඊසාන දෙසින් හමන අතර එහි වේගය පැයට කිලෝ මීටර් 30-40 ත් අතර   වේ‘.‘කොළඹ සිට  පුත්තලම සහ මන්නාරම හරහා කන්කසන්තුරේ දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළං විටෙක පැයට කිලෝ මීටර් 50 පමණ අගයක් දක්වා වැඩි විය හැකි බැවින් එම මුහුදු ප්‍රදේශ රළු විය හැකියි‘.2015පෙබරවාරි මස 12 වැනි දින දහවල්  12.00 ට නිකුත් කැරිණි  
‘වැසි සහිත කාලගුණයක්‘
0
hp_train_7347
ඉන්දියාවෙන් දිනක් ඇතුළත වාර්තා වූ වැඩිම ආසාදිතයන්ගේ ගණන අද (8) වාර්තා වූ අතර එම ගණන 9,983ක් ලෙස දැක්විණි.ඒ අනුව ඉන්දියාවෙන් අද (8) පස්වරු 3 වනවිට වාර්තා වූ සමස්ත ආසාදිතයන්ගේ ගණන 2,56,611ක් ලෙස දැක්වුණු අතර ඉන්දියාව ලොව වැඩිම ආසාදිතයන් ගණනක් වාර්තා වන රටවල් අතර පස්වැනි තැනට පත්ව ඇත.ඉන්දියාව මේ වනවිට චීනයේ හුබෙයි පළාතේ වූහාන් නගරයෙන් ව්‍යාප්ත වීමට පටන් ගත් නව කොරෝනා වයිරසය හේතුවෙන් ඉතාලියෙන් සහ ස්පාඤ්ඤයෙන් වාර්තා වන ආසාදිතයන්ගේ ගණන ද ඉක්මවා ගොස් ඇත.ඉතාලියෙන් අද (8) පස්වරු 3 වනවිට වාර්තා වූ සමස්ත ආසාදිතයන්ගේ ගණන 2,34,998ක් වූ අතර ස්පාඤ්ඤයෙන් වාර්තා වූ ආසාදිතයන්ගේ ගණන 2,41,550ක් ලෙස දැක්විණි.ඉන්දියාවේ රෝහල්වල ප්‍රතිකාර ලබන කොරෝනා ආසාදිතයන්ගේ ගණන 1,25,381ක් වන අතර සුව වූ ගණන 1,24,095කි. එරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිත මරණ ගණන 7,135කි.එරට වැඩිම බලපෑමක් වූ ප්‍රාන්තය බවට පත්ව ඇත්තේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තය යි. එම ප්‍රාන්තයෙන් වාර්තා වන ආසාදිතයන්ගේ ගණන 85,975කි. තමිල්නාඩුවෙන් ආසාදිතයන් 31,667කු, දිල්ලියෙන් ආසාදිතයන් 27,654 දෙනකු සහ ගුජරාට් ප්‍රාන්තයෙන් අද පස්වරු වනවිට ආසාදිතයන් 20,070 කු වාර්තා වී තිබිණි.අසල්වැසි පාකිස්තානයෙන් අද (8) පස්වරු 3 වනවිට වාර්තා වූ ආසාදිතයන්ගේ ගණන 98,943ක් වූ අතර බංග්ලාදේශයෙන් වාර්තා වූ ආසාදිතයන්ගේ ගණන 65,769ක් ලෙස දැක්විණිඑන්.ඩී.ටීවී.055 ඉන්දියාවෙන් අදත් කොරෝනා ආසාදිතයන් 9,000ක්ඉන්දියාවෙන් දිනක් ඇතුළත වාර්තා වූ වැඩිම ආසාදිතයන්ගේ ගණන අද (8) වාර්තා වූ අතර එම ගණන 9,983ක් ලෙස දැක්විණි.ඒ අනුව ඉන්දියාවෙන් අද (8) පස්වරු 3 වනවිට වාර්තා වූ සමස්ත ආසාදිතයන්ගේ ගණන 2,56,611ක් ලෙස දැක්වුණු අතර ඉන්දියාව ලොව වැඩිම ආසාදිතයන් ගණනක් වාර්තා වන රටවල් අතර පස්වැනි තැනට පත්ව ඇත.ඉන්දියාව මේ වනවිට චීනයේ හුබෙයි පළාතේ වූහාන් නගරයෙන් ව්‍යාප්ත වීමට පටන් ගත් නව කොරෝනා වයිරසය හේතුවෙන් ඉතාලියෙන් සහ ස්පාඤ්ඤයෙන් වාර්තා වන ආසාදිතයන්ගේ ගණන ද ඉක්මවා ගොස් ඇත.ඉතාලියෙන් අද (8) පස්වරු 3 වනවිට වාර්තා වූ සමස්ත ආසාදිතයන්ගේ ගණන 2,34,998ක් වූ අතර ස්පාඤ්ඤයෙන් වාර්තා වූ ආසාදිතයන්ගේ ගණන 2,41,550ක් ලෙස දැක්විණි.ඉන්දියාවේ රෝහල්වල ප්‍රතිකාර ලබන කොරෝනා ආසාදිතයන්ගේ ගණන 1,25,381ක් වන අතර සුව වූ ගණන 1,24,095කි. එරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිත මරණ ගණන 7,135කි.එරට වැඩිම බලපෑමක් වූ ප්‍රාන්තය බවට පත්ව ඇත්තේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තය යි. එම ප්‍රාන්තයෙන් වාර්තා වන ආසාදිතයන්ගේ ගණන 85,975කි. තමිල්නාඩුවෙන් ආසාදිතයන් 31,667කු, දිල්ලියෙන් ආසාදිතයන් 27,654 දෙනකු සහ ගුජරාට් ප්‍රාන්තයෙන් අද පස්වරු වනවිට ආසාදිතයන් 20,070 කු වාර්තා වී තිබිණි.අසල්වැසි පාකිස්තානයෙන් අද (8) පස්වරු 3 වනවිට වාර්තා වූ ආසාදිතයන්ගේ ගණන 98,943ක් වූ අතර බංග්ලාදේශයෙන් වාර්තා වූ ආසාදිතයන්ගේ ගණන 65,769ක් ලෙස දැක්විණි. එන්.ඩී.ටීවී.055  
ඉන්දියාවෙන් ආසාදිතයන් 13,000ක්
0
hp_train_7348
(තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ) ඉදිරියේදී කිසිදු විදෙස් රටකින් කසල මෙරටට ආනයනය කිරීම වළකාලන අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසද, යළිත් එරටට යැවීමට නියෝග කරන ලෙසද,  ඉල්ලා පාරිසරික යුක්ති කේන්ද්‍රය ගොනු කළ රිට් පෙත්සම සැප්තැම්බර් 20 වැනිදා විභාගයට ගැනීමට අභියාචනාධිකරණය අද (31) තීන්දු කළේය.එසේම කොළඹ වරාය පර්යන්තයේ සහ කටුනායක අපනයන සැකසුම් කලාපයේ රඳවා තිබෙන, එක්සත් රාජධානියේ සිට මෙරටට ආනයනය කර ඇතැයි කියන සායනික අපද්‍රව්‍ය සහිත කැළි කසල  එම ස්ථානයන්හි පරිසරයට හානි නොවන ලෙස පවතින ආකරයෙන්ම තබා ගන්නා ලෙසට නියෝග කරමින් අභියාචනාධිකරණය අතුරු නියෝගයක්ද නිකුත් කළේය.පාරිසරික  යුක්ති කේන්ද්‍රය ගොනු කළ රිට් පෙත්සමක අභියාචනාධිකරණය හමුවේ කැදවූ අතර එහිදී මෙම නියෝග නිකුත් කළේය. අභියාචනාධිකරණ සභාපති යසන්ත කෝදාගොඩ සහ අර්ජුන ඔබේසේකර  යන මහත්වරුන් හමුවේ මෙම පෙත්සම කැදවිණි.පාරිසරික යුක්ති කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ හේමන්ත සිසිර කුමාර මහතා විසින් ගොනු කර ඇති මෙම පෙත්සමෙහි වගඋත්තරකරුවන් ලෙස මධ්‍යම පරිසර අධිකාරියේ රේගු අධ්‍යක්ෂ ජනරාල් සහ නීතිපති නම් කරනු ලැබ ඇත.
රජයේ රස පරීක්ෂකවරයා අධිකරණයට කළ දැනුම් දීමක් ගැන විමර්ශනයක් කරන්න නියෝග
0
hp_train_7349
(ඉන්දිකා රාමනායක)රුපියල් කෝටි 2 ට අධික වටිනා හොරොයින් මත්කුඩු තොගයක්  යතුරුපැදියකින් ප‍්‍රවාහනය කරමින් සිටි සැකකරුවකු අත්අඩංගුවට ගත් බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය කියයි.මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ හබරකඩ ප‍්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි සැකකරුවෙකි.අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ සැකකරු සතුව හොරොයින් කිලෝ ග‍්‍රෑම් 1 යි, ග‍්‍රෑම් 300 ක ප‍්‍රමාණයක් තිබී ඇත.මෙම සැකකරු සම්බන්ධයෙන් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට ලැබුණු තොරතුරු අනුව මොහු අත්අඩංගුවට ගැණිනි.
ලක්ෂ 17 ක මත්ද්‍රව්‍ය සමඟ ‘වැල්ලේ සුරංගේ’ ගෝලයෙක් අල්ලයි
0
hp_train_7350
(විමුක්ති එස් රුද්‍රිගු)ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය පැවැත්වූ රැස්වීමේදී නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය පදනම් අංක 100 කින් පහළ දැමීමට තීරණය කර තිබේ.ඒ අනුව නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය සියයට 10 දක්වාත් නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය සියයට 11 දක්වාත් අඩු වී ඇත.2023 අංක 16 දරන ශ්‍රී ලංකා මහ බැංකු පනත යටතේ පැවැත්වූ ප්‍රථම මුදල් මණ්ඩල රැස්වීම මෙය විය.ශ්‍රී ලංකා ආර්ථිකයේ සිදුවී වී තිබෙන සහ සිදුවිය හැකි වර්ධනයන් ඉතාමත් සැලකිල්ලෙන් විශ්ලේෂණය කිරීමෙන් අනතුරුව මුදල් මණ්ඩලය මෙම තීරණය ගෙන තිබේ. 
ණය පහසුකම් අනුපාතිකය පහළට
1
hp_train_7351
(ඩයනා උදයංගනී)දිවයින හරහා ඊසාන දිග මෝසම ස්ථාපිත වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.ඒ හේතුවෙන් ඉදිරි දිනවලදී උතුරු, නැගෙනහිර, ඌව සහ උතුරුමැද පළාත්වල විටින් විට වැසි ඇතිවන අතර, බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ තැනිත් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් පැවසීය.උතුරු, නැගෙනහිර සහ ඌව පළාත්වලත්, පොළොන්නරුව සහ මාතලේ දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර 50ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බව එම ප්‍රකාශකයා සඳහන් කළේය.ගිගුරුම් සහිත වැසි සමඟ අකුණු අනතුරු සහ තාවකාලික තද සුළං ඇතිවිය හැකි බැවින් අනතුරු අවම කරගැනීමට පියවර ගන්නා ලෙස ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම්දීමක් කරයි. 
කාලගුණයේ යළි වෙනසක්
0
hp_train_7352
වර්තමාන ආණ්ඩුවට රටේ ඒකීය භාවය බිඳ දැමීමට බුදු දහමට ලබා දී ඇති ප‍්‍රමුඛතාව හා බුද්ධ ශාසනය ආරක්‍ෂා කොට පෝෂණය කිරීමේ රාජ්‍ය යුතුකම අහෝසි කර ෆෙඩරල් ආකෘතියක් හෝ ඊට සමාන රාජ්‍ය ක‍්‍රමයක් ඇති කිරීම සඳහා ව්‍යවස්ථා වෙනසක් කිරීමට කිසිදු ජනවරමක් නැතැයි ඒකාබද්ධ විපක්‍ෂයේ කැඳවුම්කරු පාර්ලිමේන්තු මන්ත‍්‍රී ප‍්‍රසන්න රණතුංග මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.එබැවින් යෝජිත නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් රටට පිළිගත හැකි පැහැදිලි කිරීමක් කරන ලෙස ජනාධිපතිවරයා ප‍්‍රමුඛ ආණ්ඩුවට බලකරන බව ද ඔහු සඳහන් කරයි.මන්ත‍්‍රීවරයා නිකුත් කර ඇති එම නිවේදනයේ මෙසේ ද සඳහන් වේ.යෝජිත නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව රටේ ඒකීය භාවයට හානි කරන රට බෙදන උත්සාහයක් බැවින් රටට ආදරය කරන ආගමික නායකයන් ප‍්‍රමුඛ බහුතර ජනතාවගේ විරෝධය මේ වනවිට ඒ සඳහා එල්ල වී තිබේ. ඒකාබද්ධ විපක්‍ෂය වෙනුවෙන් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩල සාමාජිකයන් වන දිනේෂ් ගුණවර්ධන මැතිතුමා සහ මම ලිඛිතව කිහිප අවස්ථාවකදීම කරුණු සහිතව මේ සඳහා විරෝධය පළ කළ ද ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලය ඉදිරිපත් කළ අතුරු වාර්තාවෙන් (කෙටුම්පත) පැහැදිලි වන්නේ ඔවුන් ඒ විරෝධයන් පිළිබඳව කිසිදු සැලකිල්ලක් දක්වා නොමැති බවය.ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩල මෙහෙයුම් කමිටුවේ අතුරු වාර්තාව (කෙටුම්පත) පසුගිය දිනක පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවේ අගමැතිවරයා විසිනි. අතුරු වාර්තා කෙටුම්පත සකස් කිරීමේදී මේ වනවිට ඒකාබද්ධ විපක්‍ෂය මෙහෙයුම් කමිටුව වෙත ඉදිරිපත් කර ඇති වාචික හා ලිඛිත සංදේශ හෝ සැලකිරීම් කිසිවක් සැලකිල්ලට ගෙන නොමැත. අපගේ ස්ථාවරයන්ට හාත්පසින්ම පටහැනි වූ කරුණු එම අතුරු වාර්තා කෙටුම්පත්වලට ඇතුළත් කර ඒවා එකඟ වූ කරුණු ලෙස සාවද්‍ය ලෙස හුවා දැක්වීම පිළිබඳව අපි දිගින් දිගටම විරෝධය පළ කළ බව ද අවධාරණය කරනු කැමැත්තෙමි.බුදු දහමට ප‍්‍රමුඛස්ථානය ලැබේ යනුවෙන් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ දැනට ඇති වගන්තිය ඉවත් කිරීමට ඒකාබද්ධ විපක්‍ෂය ලෙස අපි මෙම මෙහෙයුම් කමිටුවේදී දැඩි ලෙස විරෝධය පළ කළ අතර, ඒ සම්බන්ධයෙන් ඇති වත්මන් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 09 වන වගන්තිය ඒ ආකාරයෙන්ම තිබිය යුතු බව අපි නැවත නැවතත් අවධාරණය කළ ද එම 09 වන වගන්තිය ඉවත් කිරීමේ අරමුණින් ආණ්ඩුව ඒ සඳහා විකල්ප පද යෙදුම් යෝජනා කරමින් සිටී. එය බරපතළ අනතුරුදායක තත්ත්වයකි.මෙම අතුරු වාර්තාවේ (කෙටුම්පත) සිංහල භාෂාවෙන් ඒකීය යන වචනය තිබුණ ද දෙමළ භාෂාවෙන් ඇත්තේ සන්දීය යන අදහස රැගත් වචනයකි. මේ අනුව යෝජිත නව ව්‍යවස්ථාව පැහැදිලිවම බෙදුම්වාදය ශක්තිමත් කරන්නකි. යෝජිත නව ව්‍යවස්ථාව පිළිබඳ අපගේ විවේචන, අදහස් හා නිරීක්‍ෂණ තහවුරු කරමින් බුද්ධ ශාසන කාර්ය සාදන මණ්ඩලය මෙමගින් බෙදුම්වාදයට දොර ඇරෙන බව ඉතා පැහැදිලිව කරුණු දක්වමින් ජනාධිපතිවරයාට ද ලිපියක් යොමුකර තිබුණි.පුදුමය වන්නේ එය ජනාධිපතිවරයා වෙත යොමු කළ ද එහි අඩංගු කරුණු පුවත්පත්වල පළකෙරෙන තුරු ජනාධිපතිවරයා නොදැන සිටීමය. ඔහු බුද්ධ ශාසන කාර්ය සාධන මණ්ඩලයේ චෝදනා ප‍්‍රතික්ෂේප කරන්නේ ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයේ සාමාජික ජයම්පති වික‍්‍රමරත්න මහතා දුරකතනයෙන් අමතා පැහැදිලි කර ගැනීමක් ලබා ගැනීමෙන් පසුවය. තමන් වරක් නොව දෙවරක්ම වික‍්‍රමරත්න මහතාගෙන් මේ පැහැදිලි කර ගැනීම සිදු කළ බව ජනාධිපතිවරයා ප‍්‍රසිද්ධියේම කීවේය.අපට ඇති ප‍්‍රශ්නය වන්නේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩල මෙහෙයුම් කමිටුවේ අතුරු වාර්තාව අගමැතිවරයා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇත්තේ ජනාධිපතිවරයා නොදැනුවත්ව ද යන්නයි. එසේ නම් එය භයානක තත්ත්වයකි. රාජ්‍ය නායකයා නොදැනුවත්ව රටක ව්‍යවස්ථාව සකස් වන්නේ කෙසේ ද එහි අන්තර්ගතය කුමක් වුව ද ඒ ගැන රාජ්‍ය නායකයා දැන සිටිය යුතු නොවේ ද. රටේ ව්‍යවස්ථාව වැනි අතිශය බරපතළ කාරණාවක් සම්බන්ධයෙන් එක් අයකුට දුරකතන ඇමතුමක් දී සෑහීමට පත්වීමට ජනාධිපතිවරයකුට හැකි ද.මෙමගින් තහවුරු වන්නේ එක්කෝ නැවත මේ රටේ ජනතාව ඇන්දවීමට උත්සාහ දරන බවය. නැතහොත් මේ ර`ග දක්වන්නේ පසුගිය කාලය පුරාම ර`ග දැක්වූ බොරු කීමේ නාටකයේ තවත් එක් ජවනිකාවක් බවය.එසේත් නැති නම් මතුවන ගැටලූව වන්නේ බුද්ධ ශාසන කාර්ය සාධන මණ්ඩලය ඉදිරිපත් කරන කරුණු සරල කාරණා ලෙස ගෙන ජනාධිපතිවරයා එහි ඇතුළත් කරුණුවල බැ?රුම්කම යටපත් කිරීම සඳහා දේශපාලන පිළිතුරක් ලබා දී ඇති බවය.වත්මන් ආණ්ඩුවට නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් සැකසීමට ජන වරමක් නොමැත. 2015 දී බලයට පත් වත්මන් ජනාධිපතිවරයා පොරොන්දු වූයේ ජනමත විචාරණයකින් පමණක් සංශෝධනය කළ හැකි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ වගන්තිවලට අත නොතබා ව්‍යවස්ථා සංශෝධනයක් සිදුකරන බවටය. විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම, මැතිවරණ ක‍්‍රමය සංශෝධනය කිරීම එමගින් සිදුවනු ඇතැයි ජනතාව තුළ බලාපොරොත්තුවක් ඇතිවිය. වර්තමාන ආණ්ඩුවට රටේ ඒකීය භාවය බිඳ දැමීමට බුදු දහමට ලබා දී ඇති ප‍්‍රමුඛත්වය හා බුද්ධ ශාසනය ආරක්‍ෂා කොට පෝෂණය කිරීමේ රාජ්‍ය යුතුකම අහෝසි කිරීමට ෆෙඩරල් ආකෘතියක් හෝ ඊට සමාන රාජ්‍ය ක‍්‍රමයක් ඇති කිරීම සඳහා ව්‍යවස්ථා වෙනසක් කිරීමට කිසිදු ජනවරමක් නොමැත.එවැනි ජන වරමක් නොමැතිව තිබියදී ආණ්ඩුව නව ව්‍යවස්ථාව සම්මත කර ගැනීමට යන්නේ ජනතාව ගොනාට අන්දවමිනි. ඉන් ගම්‍ය වන්නේ යෝජිත ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව රටටත් ජනතාවටත් හිතකර එකක් නොවන බවය. මේ ගෙනෙන්නට හදන නව ව්‍යවස්ථාව කොටි ඩයස් පෝරාවට සහ ආණ්ඩුවේ ඊනියා ජත්‍යන්තර ගජ මිතුරන්ගේ අවශ්‍යතා ඉටුකරන ලේඛනයක් මිස අන් කිසිවක් නොවේ. මේ ලබා දෙන්නට උත්සාහ දරන්නේ පසුගිය ජනාධිපතිවරණයේදී තමන් ජයග‍්‍රහණය කරවීමට සහාය පළ කළ කොටි ඩයස් පෝරාවට සහ ඊනීයා ජාත්‍යන්තර ගජ මිතුරන්ට ඒ වෙනුවෙන් ලබාදෙන සන්තෝසමකි. පසුගිය ජනාධිපතිවරණ සමයේ දෙමළ ජාතික සන්ධානය සහ වත්මන් ආණ්ඩුවේ ප‍්‍රධානීන් අතර, ඇති වූයේ යැයි කියන රහසිගත එකඟතාවන් පිළිබඳ ලියවිල්ලක් ප‍්‍රකාශයට පත් විය. එහි සඳහන් වූයේ ද ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයකි. මේ සිදුවන්නේ එයදැයි අපට සාධාරණ සැකයක් මතුවෙයි. එසේ නොවන්නේ නම් ආණ්ඩුව මෙලෙස රටටත් ජනතාවටත් කොළේ වසා ගැසිය යුතු නැත.ඒ නිසා අප ජනාධිපතිවරයා ප‍්‍රමුඛ ආණ්ඩුවට බල කර සිටින්නේ වහාම යෝජිත ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් රටට පිළිගත හැකි පැහැදිලි කිරීමක් කරන ලෙසය. එසේ නොකර ජනතාවගේ ඇස වසමින් ඊනියා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව සම්මත කිරීමට ආණ්ඩුව උත්සාහ දරන්නේ නම් එකී උත්සාහය පරාජය කිරීමට එක්වන ලෙස රටට ආදරය කරන සමස්ත ශී‍්‍ර ලාංකීය ජනතාවගෙන් අපි ඉල්ලා සිටිමු.
ආණ්ඩුව පනත් සම්මත කරන්නේ තක්කඩි විදිහට
0
hp_train_7353
දකුණු පළාතේ සහ මධ්‍යම කඳුකර ප්‍රදේශවල තද සුළං තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. මධ්‍යම සහ සබරගමුව පළාත්වල සිහින් වැසි වාර කිහිපයක් ඇති වේ.බස්නාහිර සහ වයඹ පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්‌ත්‍රික්‌කවලත් වැසි ස්වල්පයක් ඇති විය හැකියි.ප්‍රධාන  නගර සදහා කාලගුණ අනාවැකිය                                                      දිනය : 20/08/2016නගරය නගරයඋෂ්ණත්වය(සෙ. අංශක)සාපේක්ෂ  ආර්ද්‍රතාවය  (%) කාලගුණයඋපරිමඅවමඋපරිමඅවමඅනුරාධපුරය33258550ප්‍රධාන වශයෙන් වැසි රහිතමඩකලපුව36268040සවස 2.00 න් පමණ පසුව ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.කොළඹ31278070වැසි ස්වල්පයක් ඇති විය හැකගාල්ල29268575වැසි ස්වල්පයක්යාපනය34297060ප්‍රධාන වශයෙන් වැසි රහිතමහනුවර28219075වැසි ස්වල්පයක්නුවරඑළිය18139585වැසි ස්වල්පයක්රත්නපුරය31249065වැසි ස්වල්පයක්ත්‍රීකුණාමලය35258045සවස 2.00 න් පමණ පසුව ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.මන්නාරම30258570ප්‍රධාන වශයෙන් වැසි රහිත
‘වැසි රහිත කාලගුණය තව දුරටත්‘
0
hp_train_7354
(අංජුල මහික වීරරත්න,ඡායාරූප ඉෂාන් සංජිව)රට අගාධයට ගියේ ආර්ථිකය අතපසු කර දේශපාලනය කරන්නට හැකි යැයි සිතූ පාලකයන් නිසා බව අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා කොළඹදී අද (5) පැවසීය.මුල් වසර දෙක ඇතුළත අමාරු තීරණ ගෙන ආර්ථිකය ස්ථාවර කළ බව කී අග‍්‍රාමාත්‍යවරයා ශක්තිමත් පදනමක මිස මඩ වගුරේ ගෙවල් හදන්නට හැකියාවක් නැති බවද අවධාරණය කළේය.අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා මේ බව පැවසුවේ ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ ආයතනයේ නව ගොඩනැගිල්ල විවෘත කිරීමේ උත්සවයේ ප‍්‍රධාන ආරාධිත ලෙස සහභාගි වෙමිනි.එහිදී තවදුරටත් අදහස් දැක්වූ අග‍්‍රාමාත්‍යවරයා මෙසේද කීය. ලබන තෙවසර තුළ අපනයන ආදායමට මූලිකත්වය දෙන, ශීඝ‍්‍රයෙන් දියුණුවන ආර්ථිකයක් නිර්මාණය කිරීම අපේ අරමුණයි.රැකියා බිහිකිරීම, ආදායම වැඩි කිරීම එමෙන්ම සාමාන්‍ය ජනතාවට දැනෙන සංවර්ධනයක් ඇති කිරීම අපේ බලාපොරොත්තුවයි. වසර 40කට පෙර එනම් 1977 වසරේ නොවැම්බරයේ අප මෙරටට විවෘත ආර්ථිකයක් හඳුන්වා දුන්නා. එම නිසා නිෂ්පාදන භාණ්ඩ අපනයන වෙළෙඳ කටයුතු වැඩි වුණා. චීනය, ඉන්දියාව, වියට්නාමය විවෘත ආර්ථිකයට පිවිසුණේ අපෙන් පසුවයි.යුද්ධය නිසා අපේ සංවර්ධන වේගය අඩු වුණා. සෙසු රටවල සංවර්ධන වේගය අඩු වුණේ නැහැ. අපිට සමාන මට්ටමේ සිටි මැලේසියාව, ඉන්දුනීසියාව ආදී රටවල් ද අපට පිටුපසින් සිටි චීනයත්, පසුව ඉන්දියාවත්, වියට්නාමයත් දැන් අප පසු කරගෙන ඉදිරියට ගොස් තිබෙනවා. දැන් අපට පිටුපසින් සිටින්නේ මියන්මාරය, කාම්බෝජය, ලා ඕසය, ඇෆ්ගනිස්ථානය පමණයි.අප අපනයන ආර්ථිකයට ගමන් කිරීමේ වේගය අඩු වුණත්, පසුගිය දශකයේදී විපර්යාසයක් ඇති වුණා. අපගේ ආර්ථිකය වෙළෙඳ නොවන කටයුතු සඳහා වැඩි වශයෙන් අවධානය යොමු වුණා. රටේ වර්ධනය ඇති වුණේ වෙළෙඳ නොවන අංශවලිනුයි. ආර්ථිකයේ අපනයන නිෂ්පාදනයටත් ඊට සම්බන්ධ ආයෝජනකරුවන්ටත් අහිත කරවූ ප‍්‍රතිපත්ති එම යුගයේදී ක‍්‍රියාත්මක වුණා. එකළ ජී.එස්.පී. ප්ලස් ඇඟලූම් තීරු බදු සහනයෙන් ලැබෙන්නට තිබූ වාසිය ආණ්ඩුව විසින් ප‍්‍රතික්ෂේප කළා. බංග්ලාදේශය එහි වාසිය ලබා ගත්තා.අපනයන අඩුවීමත් සමඟ සංවර්ධනය සඳහා එවකට රජය යටිතල පහසුකම් ඉදිකිරීම ආරම්භ කළා. යටිතල පහසුකම් ඉදිකිරීමට තම ආදායම් නොතිබූ නිසා ණය ලබාගත්තා. ලංකාවේ වෙළෙඳපොළින් පමණක් නොව පළමුවරට විශාල වශයෙන් විදේශ වෙළෙඳපොළෙන් මුදල් ලබා ගත්තා. එකල යුරෝපයේ තිබූ ආර්ථික අර්බුදය නිසා විදේශ මුදල් ලංකාවේ රැඳුණේ කෙටි කාලයක් පමණයි. එම මුදල් ආපසු යන්නට පටන් ගත්තා. ඒ අනුව සම්පූර්ණයෙන්ම යටිතල පහසුකම් ඉදිකරන්නට පටන් ගත්තා.උදාහරණ වශයෙන් ගතහොත් හම්බන්තොට වරාය, සූරියවැව ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණය, හම්බන්තොට සම්මන්ත‍්‍රණ ශාලාව ආදිය දැක්විය හැකියි. මේ ආයතනයේ අය ක‍්‍රිකට් ගහන්න කැමැති නම් අපට සූරියවැව ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණය දෙන්න පුළුවන්. මේ සියලූම ඉදිකිරීම් සඳහා අප විශාල වශයෙන් ණය ලබාගත්තා. අන්තිමට සිදුවූයේ කුමක්ද? මෙරට තරුණ තරුණියන්ට රැකියා තිබුණේ නැහැ. සමහරුන් මැදපෙරදිග රටවල්වලට ගියා. එම නිසා සමාජ ව්‍යුහය වෙනස් වුණා. පවුල් කැඩුණා. බොහෝ විට තරුණයන් ත‍්‍රීරෝද රැකියාවට යොමු වුණා.අවසාන යුගය වනවිට ණය නොව පොලියවත් ගෙවා ගන්නට නොහැකි තත්ත්වයකට රට ඇද වැටී තිබුණා. 2015 වසර වනවිට රට විශාල ආර්ථික අවුලකට යන බවට බොහෝදෙනා මත පළ කර තිබුණා. ඒ යුගයේ මහබැංකුවේ සහ මහා භාණ්ඩාගාරයේ මා දන්නා අයට කතා කළ විට ඔවුන්ගෙන් සුබවාදී පිළිතුරක් ලැබුණේ නැහැ. එවැනි අර්බුදයක් එන්නට පෙර වේලාසනින්ම ජනාධිපතිවරණයක් පැවැත්වීමට රාජපක්ෂ මහතා තීරණය කළා. සමහර රටවල ආර්ථික අර්බුදයක් එනවා නම් මැතිවරණ පවත්වනවා.අවසානයේදී මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් ආර්ථික මෙහෙයුම ඇරැඹීමේ වගකීම අපට පැවරුණා. අප ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය සංසන්දනය කර බලමු. 2004 වසරේ ශ්‍රී ලංකාවේ අපනයනය බිලියන 5ක් හෙවත් මිලියන 467ක් වුණා. බංග්ලාදේශයේ එම වසරේ අපනයනය බිලියන 8ක් හෙවත් මිලියන 657ක් වශයෙන් දැක්වුණා. අප ජී.එස්.පී. ප්ලස් තීරු බදු සහනය ලබාගත්තේ නැහැ. 2017 වන විට අපේ අපනයනය බිලියන 10ක් හෙවත් මිලියන 546ක් බවට පත්වී තිබුණා. එය දෙගුණයක්වත් වැඩිවී නැහැ. නමුත් බංග්ලාදේශයේ 2017 වන විට අපනයනය බිලියන 30ක් හෙවත් මිලියන 197ක් බවට පත්වී තිබුණා. එසේනම් බංග්ලාදේශයේ අපනයනය තුන් ගුණයකටත් වඩා වැඩිවී තිබෙනවා.අප ජී.එස්.පී. ප්ලස් සහනය ලබාගෙන ඉදිරියට ගියා නම් එම වසරේදී අපට ඩොලර් බිලියන 19ක් ලැබීමට තිබුණා. බංග්ලාදේශයේ සිදු වුණේ කුමක්ද? ඒ අය හොඳ ආරම්භයක් ගෙන ෂික් හෂීනා අගමැතිතුමියගේ මූලිකත්වයෙන් මැතිවරණයක් පවත්වා වසර 5කට පසු ජයග‍්‍රහණය කළා. ලංකාවේ සිදු වුණේ කුමක්ද? ලංකාවේ එසේ වුණානම් හොඳ ආර්ථිකයක් සමඟ මැතිවරණයක් පවත්වා ජයග‍්‍රහණය කරන්න තිබුණා. එසේ වුණානම් මා මෙතැන නැහැ.ආර්ථිකය අතපසු කර දේශපාලනය කරන්නට හැකියැයි බොහෝ අය සිතනවා. අමාරු වුණත් තීරණ ගෙන ආර්ථිකය ඉදිරියට ගෙන යා යුතුයි. එම නිසා ගත යුතු අමාරු තීරණ අප පළමු වසර දෙකේදී අරගත්තා. රට සංවර්ධනය කිරීමට අප පොරොන්දු වුණා. නමුත් සංවර්ධනයට පෙර ආර්ථික ස්ථාවරභාවය අවශ්‍යයි. මඩවගුරේ ගෙවල් හදන්නට බැහැ. කොපමණ සංවර්ධනයක් අවශ්‍ය වුවත් ආර්ථික ස්ථාවර බව නැතිව ඉදිරියට යන්න බැහැ. අප පසුකළේ ණය පොලියවත් ගෙවා ගන්නට නොහැකිව තිබූ ආර්ථිකයක් බව අමතක කළ යුතු නැහැ.එම තත්ත්වයෙන් රට ගොඩගැනීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලබාදුන් සහයෝගය අප අගය කරනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ආධාර ගන්නේ ඇයිදැයි බොහෝ අය ඇසුවා. අපට අවශ්‍ය තරමින් ආධාර ලබාගත යුතුයි. අපට අවශ්‍ය ආධාර ඔවුන්ගෙන් ලැබුණා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා කර අවශ්‍ය මුදල් ලබාගැනීමට අපේ රජයට හැකියාව ලැබුණා.ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ක‍්‍රියා කළේ අපේ දේශීය ආදායම වැඩිකිරීමටයි. එසේ කිරීමේදී වැට් බදු වැඩි කිරීමට සිදුවුණා. එවිට බැණුම් අසන්නටත් සිදුවුණා. මේ වන විට ලබාගත් ණයෙහි පොලිය අපේ ආදායමෙන් ගෙවා දැමීමට හැකියාව ලැබී තිබෙනවා. එයත් විශාල ජයග‍්‍රහණයක් බව කිව යුතුයි. එම ස්ථාවර බව අප ඇති කර තිබෙනවා. මෙතැන් සිට ඉදිරි පියවර කිහිපයක් අප විසින් ගත යුතුයි. ඒ ආර්ථිකයේ ස්ථාවර බව තහවුරු කිරීම සඳහායි.නමුත් අපට සම්පූර්ණ ණය ගෙවා දැමීමට ශක්තියක් නැහැ. අප විදේශ ආයෝජන ලබාගැනීමට ක‍්‍රියා කරන්නේ ඇයි? තව අවුරුදු පහ, හයකින් අපගේ දළ දේශීය නිෂ්පාදිතය ශීඝ‍්‍රයෙන් වර්ධනය වූ පසුව එම ආදායමත් ණය ගෙවාදැමීම සඳහා යෙදවීමට හැකියාව තිබෙනවා.ඒ වනතුරු අපට ණය ගැනීමට සිදුවනවා. මෙවර ණය ගන්නේ ණය ගෙවීමට මාර්ගයක් නැතිව නොවේ. පැහැදිලි දැක්මක් ඇතිවයි. වසර පහක්, දහයක් යන විට ණය ගෙවීමට අපට මුදල් තිබෙනවා. ඒ එක්කම දළ දේශීය නිෂ්පාදනය දෙස බලන විට ජාතික ණය ප‍්‍රතිශතය 79 සිට 70 දක්වා අඩු කර ගන්නට අපට හැකිවුණා.එය 60 දක්වා අඩු කිරීමට අප ක‍්‍රියා කළ යුතුයි. මේ වනවිට මහ බැංකුවෙන් කෙටි හා මධ්‍ය කාලීන ණය පාලනය කිරීමේ උපක‍්‍රමයක් ඉදිරිපත් කර තිබෙනවා. එය සංශෝධනය කිරීමෙන් පසුව ක‍්‍රියාත්මක කිරීමට නියමිතයි.ඊට හේතුව 2019 සිට 22 දක්වා එක් අවුරුද්දකට අඩුම වශයෙන් විදේශ ණය රුපියල් බිලියන එකත් දෙකත් අතර ප‍්‍රමාණයක් ගෙවීමට සිදුව තිබීමයි. එම අවුරුදු හතර ඇතුළත එතරම් විශාල ණයප‍්‍රමාණයක් ගෙවීමට සිදුව තිබෙනවා. ඒ සඳහා අවශ්‍ය මුදල් සොයා ගැනීමට අපට සිදුවනවා. ඒවගේම අපේ අයවැය තදින් පාලනය කිරීමටත් සිදුවෙනවා. මේ සඳහා අප අලූත් වෙන්දේසි ක‍්‍රමයක් ආරම්භ කර තිබෙනවා. ඒ පිළිබඳව මහ බැංකුව සහ භාණ්ඩාගාරය මේ දිනවල සාකච්ඡා කරමින් සිටිනවා. සාකච්ඡුාවලින් පසුව එම වෙන්දේසි ක‍්‍රමයත් ක‍්‍රියාත්මක කිරීමට අප බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ලබාගෙන ඇති ණය පියවීම සඳහා කාර්යාලයක් ආරම්භ කිරීමට අප කටයුතු කරමින් සිටිනවා. එය මහ භාණ්ඩාගාරය හා සම්බන්ධ කිරීමටත් බලාපොරොත්තු වෙනවා. මුදල් ණයට ගැනීම සඳහා මහා භාණ්ඩාගාරය මැදිහත්ව කටයුතු කළ නිසා එය ගෙවීමේ කටයුතු සඳහාත් මැදිහත්වන ලෙස මම ඔවුන්ට පැවසුවා.මහ බැංකුව ණය ගැනීම සඳහා භාණ්ඩාගාරය යොදා ගත්තත් අනෙක් පාලන කටයුතු නොකිරීම අපේ එක් අත්දැකීමක්. එම නිසා මහ බැංකුවට සහ භාණ්ඩාගාරයට වෙන් වෙන්ම කටයුතු කිරීමට සැලැස්වීමට අප තීරණය කළා. අද අප මේ කටයුතු කරන්නේ එහි එක් ප‍්‍රතිඵලයක් ලෙසයි. උද්ධමනය අඩු කිරීම පිළිබඳව ද අප මේ වන විට සාකච්ඡා කරමින් සිටිනවා. අප මෙම වසරේදී    6% ආර්ථික වර්ධන වේගයක්බලාපොරොත්තු වුවද නියඟය සහ ගංවතුර තත්ත්වයන් නිසා එය අඩාල වුණා. වැට් වැඩි කිරීමේ බලපෑම, බඩු භාණ්ඩවල හිඟයක් ඇතිවීම ආදී සිදුවීම් පාලනය කරමින් ඉදිරියට යා යුතු වෙනවා. ඇතැම් පුද්ගලයන්ට ඔවුන්ගේ කෘෂි නිෂ්පාදන ගබඩා කිරීමට හෝ එය වෙළෙඳපොළට රැගෙන ඒමට තරම් ශක්තියක් නැහැ. මෙවැනි පසුබිමක් මත මෙම වසරේදී අප විශාල සංවර්ධන වැඩ සටහනක් ක‍්‍රියාත්මක කරනවා. ඒ සඳහා විශේෂයෙන්ම ආර්ථික වර්ධනය සහ රැකියා උත්පාදනය කිරීමේ උපක‍්‍රම පිළිබඳවත් අප සාකච්ඡා කරනවා. ඒ සඳහා විවිධ අමාත්‍යාංශයන්ගෙන් අදහස් ලැබී තිබෙන අතර මහ බැංකුව හරහා මූලික වාර්තාව සකස් කර තිබෙනවා. හර්ෂ ද සිල්වා අමාත්‍යතුමාට ඒ සඳහා වූ සම්පූර්ණ වාර්තාව සකස් කිරීමට අප භාර දී තිබෙනවා.මෙම වසරේ මුල් භාගයේදී කුලියාපිටිය, පන්නල, කොග්ගල, කළුතර ආදී ප‍්‍රදේශවල ව්‍යාපෘති ආරම්භ කර එම කාර්මාන්ත ශාලාවල ඉදි කිරීම් කටයුතු මේ වන විට සිදු වෙමින් පවතිනවා.හම්බන්තොට ව්‍යාපෘති ඉදිරි මාස දෙක, තුන තුළ ක‍්‍රියාත්මක කිරීමට අප බලාපොරොත්තු වනවා. මේ වනවිට නව ආයෝජන සිදු කිරීමට ආයෝජකයන් අපෙන් අවස්ථා ඉල්ලමින් සිටිනවා. හම්බන්තොට පිරිපහදු මධ්‍යස්ථානයක්, එල්එන්ජී විදුලි බලාගාරයක්, ආදී ව්‍යාපෘති රැසක් ක‍්‍රියාත්මක කිරීමට නියමිතයි.ඉදි කෙරෙමින් පවතින කොළඹ මූල්‍ය නගරයේ ගොඩනැගිලි ඉදි කිරීම පිළිබඳව මේ වනවිට කටයුතු සිදු කෙරෙමින් පවතිනවා. ඉන්දියාව සහ ජපානය ඒකාබද්ධවී එල්එන්ජී විදුලි බලාගාර දෙකක් සහ පර්යන්තයක් ඉදි කිරීමට එකඟවී තිබෙනවා. මෙවැනි වැඩසටහන් රාශියක් ක‍්‍රියාත්මක කර තිබෙනවා.නුවර සිට හම්බන්තොට දක්වා විශේෂ ආර්ථික කලාපයක් ඇති කිරීමට කටයුතු කරනවා. එම විශේෂ ආර්ථික කලාපයට ගුවන් තොටුපළ දෙකක් සහ වරාය දෙකක් ඉදිකිරීමට නියමිතයි. ඉදිරියේදී සිංගප්පූරු සමාගමක් ත‍්‍රිකුණාමලයේත්, පොළොන්නරුව,අනුරාධපුරය, දඹුල්ල සහ මඩකළපුව ආදී ප‍්‍රදේශවලත් කර්මාන්ත ඇති කිරීම සඳහා සැලැස්මක් ඉදිරිපත් කර තිබෙනවා. ඒ ආකාරයට ඊසාන දිග සහ නිරිත දිග ආර්ථික කලාප දෙකක් නිර්මාණය වෙනවා. නව ආයෝජන ලබා ගැනීමට තිබෙන්නේ මෙම ආර්ථික කලාප හරහායි.අප රටේ සියලූම නිෂ්පාදන ජාත්‍යන්තර මට්ටමේ තරගකාරීත්වයකින් සමන්විත විය යුතුයි. ශ්‍රී ලංකාවේ ඇතැම් ව්‍යාපාර සඳහා රට තුළ තරගකාරීත්වයක් නොමැතිවීම හේතුවෙන් බංග්ලාදේශයට සහ මියන්මාරයට රැගෙන යනවා. එය අපට නැවැත්විය නොහැකියි. අප බෙංගාලබොක්කේ රටවල් සමඟ සහයෝගයෙන් කටයුතු කළ යුතුයි.මේ වනවිට ශ්‍රී ලංකාවට ජීඑස්පී ප්ලස් සහනය ලැබී තිබෙනවා. දැන් අපිට ඇති අභියෝගය ජීඑස්පී ප්ලස් සහනයෙන් ලැබුණු නිෂ්පාදන හය දහසින් කොතරම් ප‍්‍රමාණයක් අපනයනය කිරීමට හැකිවේද යන්නයි. අප ඇඟළුම්, රබර්, ධීවර කර්මාන්ත සඳහා පමණක් සීමා වෙනවාද එසේත් නොමැතිනම් තවත් වසරක් දෙකක් ගත වනවිට විදේශ ආයෝජකයින්ගේ ද සහාය ඇතිව අපනයන ප‍්‍රමාණය පුළුල් කරනවාද යන්න අප තීරණය කළ යුතුයි. මෙම වසර තුන තුළ එවැනි ශක්තිමත් ආර්ථිකයක් නිර්මාණය කිරීමටයි අප කටයුතු කරන්නේ. මූල්‍ය ක්ෂේත‍්‍රය සහ බැංකු ක්ෂේත‍්‍රයත් මීට සම්බන්ධ කළ යුතු වෙනවා. මම මෙම ස්ථානයට පැමිණෙන විට සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ සිසුවියන් සිවු දෙනෙක් ජය මංගල ගාථා ගායනා කළා.මට අවශ්‍ය එම සිසුවියන් සිවුදෙනා ඇතුළු සියලූම ¥ දරුවන්ට ණය බරින් තොර රටක් නිර්මාණය කර දීමටයි. මේ පව් ඔවුන් පිට පැටවීමට මම සූදානම් නැහැ. අපි මේ සඳහා විසඳුම් සෙවිය යුතුයි. ඔබේ දරුවන්ට බරක් නැති, නීතිය සාමය ගරු කරන හොඳ ආදායමක් සහිත ආර්ථික වශයෙන් කේන්ද්‍රිය රටක් ඇති කිරීමට මට අවශ්‍යයි. රට පිළිබඳව මගේ අවසාන අරමුණ එයයි. අප ක‍්‍රියාත්මක කරන සියලූ දේවල් ඒ අරමුණ සඳහා වන උපක‍්‍රමයි.මේ සියල්ල සිදු කිරීමට නම් ඔබේ ක්ෂේත‍්‍රයෙන් විශාල සේවයක් ලැබිය යුතුයි. අවසානයේ මෙහි ප‍්‍රතිඵල ලබා ගන්නේ අනාගත පරපුරයි. මෙම වැඩසටහන් ක‍්‍රියාත්මක වන විට වැඩි බරක් පැටවෙන්නේ පෞද්ගලික අංශයටයි. පෞද්ගලික අංශයෙන් වැඩ කටයුතු රාශියක් සිදු කිරීමට තිබෙනවා. එම නිසා ඉදිරියේදී මෙම ක්ෂේත‍්‍රයෙන් රටේ සංවර්ධනය සඳහා විශාල වැඩ කොටසක් සිදු වේ යැයි අප බලාපොරොත්තු වෙනවා. මෙම අවස්ථාවට මහ බැංකුවේ අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා ඇතුළු බැංකු නිලධරයෝ රැසක් ද සහභාගී වූහ.
’යහපාලන රජයට ඡන්දය දුන්නේ හොරකම් නොකරන රජයක් හදන්නයි’
0
hp_train_7355
(හර්ෂණ තුෂාර සිල්වා) මේ වසරේ ජනවාරි 1 වැනිදා සිට මැයි 15 වැනිදා දක්වා කාලයේදී ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සියයට 3.4කින් අවප්‍රමාණය වී ඇත. එම කාලයේදී ස්ටර්ලිං පවුමට සාපේක්ෂව සියයට 3.9කින් ද ඉන්දීය රුපියලට සාපේක්ෂව සියයට 2.2කින් ද ජපානයේ යෙන් මුදල් ඒකකයට සාපේක්ෂව සියයට 4.6කින් ද ශ්‍රී ලංකා රුපියල අවප්‍රමාණය වී ඇත. මාස එකහාමාරකට පසු ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලට ගෙවන අගය පසුගිය සිකුරාදා (15) 190න් මෙපිටට පැමිණියේ ය. ශ්‍රී ලංකා මහ බැංකුව දෛනිකව නිකුත් කරන විනිමය අනුපාතිකවලට අනුව සිකුරාදා (15) ඇමෙරිකානු ඩොලරයක ගැනුම් මිල රුපියල් 184.89ක් ලෙසත් විකුණුම් මිල 189.99ක් ලෙසත් දැක්විණි. නව කොරෝනා වයිරසය හෙවත් ‘කොවිඩ්-19’ ගෝලීය වසංගතය හේතුවෙන් ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය ඉකුත් අප්‍රේල් 8 වැනිදා 200 සීමාව ද ඉක්මවා ගියේ ය. ‘කොවිඩ්-19’ ගෝලීය වසංගතය හේතුවෙන් ලොවපුරා මුදල් ඒකක රැසක් අවප්‍රමාණය විය. මෙලෙස ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල 190 සීමාවෙන් මෙපිටට පැමිණියේ මාර්තු 20 වැනිදායින් පසුව ය. මේ අතර මාර්තු මස 31 වැනිදා වනවිට ඇමෙරිකානු ඩොලර් බිලියන 7.5ක් වූ මෙරට නිල සංචිත ප්‍රමාණය අප්‍රේල් 30 වැනිදා වනවිට ඇමෙරිකානු ඩොලර් බිලියන 7.1ක් දක්වා අඩු වී ඇත. මේ වසරේ පෙබරවාරි මාසය අවසානයේදී මෙරට දළ නිල සංචිත ය ඇමෙරිකානු ඩොලර් බිලියන 7.9ක් විය.
රුපියල සියයට 9.1 කින් අවප්‍රමාණය වෙයි
0
hp_train_7356
ත‍්‍රස්ත‍්‍රවාදය පරාජය කරමින් මාතෘභූමියට සාමය හා නිදහස ලබා දීමට මෙන්ම, භෞමික අඛණ්ඩතාව ආරක්ෂා කර ගැනීමට ආරක්ෂක හමුදා කළ උතුම් මෙහෙවර ඉතා විශිෂ්ට බව   ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ඉකුත් දා (27) පැවැසීය.යුද්ධයේ දී මියගිය ති‍්‍රවිධ හමුදා මෙන්ම පොලිස්, සිවිල් ආරක්ෂක ඇතුළු සියලූ ආරක්ෂක අංශවල රණවිරුවන් ඉතාමත් ගෞරවයෙන් සිහිපත් කරන බවත්, මියගිය රණවිරුවන් හා ඔවුන්ගේ පවුල්වල සුබ සාධනය වෙනුවෙන් රජයක් විසින් ඉටුකළ යුතු වගකීම් සහ යුතුකම් කිසි විටක පැහැර හරින්නේ නැති බවත් ජනාධිපතිවරයා කීය.ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා මේ බව පැවැසුවේ ශී‍්‍ර ලංකා නාවික හමුදාවේ ප‍්‍රථම මැරීන් බලඇණියට අයත් භටයන් 164 දෙනකු විසිර යාම සහ ලාංඡුන පැළඳවීම වෙනුවෙන් මන්නාරම මුල්ලිකුලම් හි පැවැති උත්සවය අමතමිනි.මෙම උත්සවය  මුල්ලිකුලම් හි පිහිටි වයඹ නාවික විධාන මූලස්ථානයේ දී පැවැත්විණි.ශ්‍රී ලංකා නාවික හමුදා ඉතිහාසයේ ප‍්‍රථම වතාවට පසුගිය වසරේ මැරීන් බලඇණියක් පිහිටුවා තිබූ අතර, එහි මාස 4ක විශිෂ්ට පුහුණුව නිමා කළ ප‍්‍රථම බලඇණිය මෙලෙස  උත්කර්ෂවත් අයුරින් විසිර ගියේය.මෙම බලඇණියට නිලධාරීන් හය දෙනකු ඇතුළු 164 දෙනෙක් එක්ව සිටියහ.නාවික හමුදාපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා විසින් ජනාධිපතිවරයා  උත්සව භූමියේ විශේෂ පීඨිකාව වෙත කැඳවාගෙන යනු ලැබීමෙන් අනතුරුව උත්සවයේ කටයුතු ආරම්භ කෙරිණි. නාවික හමුදාව එහිදී ජනාධිපතිවරයා වෙත සම්මාන මුරයක් පැවැත්වූ අතර සම්මාන මුරයෙන් අනතුරුව ජනාධිපතිවරයා ආචාර පෙළපාළිය ද පරීක්ෂාවට ලක් කළේය.ජනාධිපතිවරයා ද ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන, ආරක්ෂක මාණ්ඩලික ප‍්‍රධානී එයාර් චීෆ් මාෂල් කෝලිත ගුණතිලක, නාවික හමුදාපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න, යුද හමුදාපති ලූතිනන් ජනරාල් කි‍්‍රෂාන්ත ද සිල්වා, ගුවන් හමුදාපති එයාර් මාෂල් කපිල ජයම්පති යන මහත්වරු මැරීන් බලඇණියේ භටයන් වෙත සරඹ පිටියේ දී මැරීන් නිල ලාංඡුන පැළඳ වූහ.ලාංඡන පැළඳවීමෙන් අනතුරුව ජනාධිපතිවරයා උත්සව සභාව අමතමින් තවදුරටත් මෙසේ ද පැවසීය. ”ශ‍්‍රී ලංකා නාවික හමුදාව අපේ රටේ ජාතික ආරක්ෂාව, කලාපීය ආරක්ෂාව සම්බන්ධයෙන් ඉතා වැදගත් කාර්යයභාරයක් උසුලන වගකීම් රාශියක් ඉටුකරන ත‍්‍රිවිධ හමුදාව තුළ තිබෙන විශිෂ්ට වූ හමුදාවක්. නාවික හමුදාවට උගතයුතු පාඩම් සමග අනාගතය සකස් කර ගැනීම ඉතාමත් වැදගත් වෙනවා. ඒ වගේම අපේ නාවික හමුදාවට ඉතා කීර්තිමත් ඉතිහාසයක් තිබෙනවා. අපේ රටේ පැවැති දීර්ඝ කාලීන යුද්ධයේදී නාවික හමුදාව අපගේ මාතෘභූමිය වෙනුවෙන් කරන ලද උතුම් මෙහෙවර මේ රටේ ඉතිහාසයට එක්වී තිබෙනවා. එක් එක් වකවානුවල අපේ රටේ ඉතිහාසය ගත්විට අපි දුපත් රාජ්‍යයක් විදියට වරින් වර විදේශීය ආක‍්‍රමණවලට ලක්වීමත් ඇතැම් විට රට තුළ ඇතිවන අභ්‍යන්තර අරගල ද ඇතිවීම් ඉතිහාසයේ සඳහන් වෙනවා. ඒ සියලූ අත්දැකීම් සමග අපි දන්නවා. සටන්කාමීත්වය, රණකාමීත්වය, රණශූරභාවය, දක්ෂතාව සහ ජයග‍්‍රහණ පිළිබඳව අපේ රටේ ආරක්ෂක හමුදාවලට දීර්ඝ කාලීනව වසර දහස් ගණනක ඉතිහාසයක් තිබෙනවා.ඔබේත් මගේත් මේ උතුම් මාතෘභූමියේ ආරක්ෂාව පිළිබඳව ඔබ ඉහළම කැපකිරීමක් කළ යුගයක් වන්නේ, එල්.ටී.ටී.ඊ. ත‍්‍රස්තවාදීන් සමග සටන් වැදී ඔවුන් පරාජය කරමින් මාතෘභූමියට සාමය සහ නිදහස ලබා ගැනීමයි. ඒ වගේම මේ රටේ භෞමික අඛණ්ඩතාව ආරක්ෂා කර ගනිමින් ස්වාධීනත්වය ආරක්ෂා කරගනිමින් ඔබ විසින් කරන ලද උතුම් මෙහෙවර ඉතා විශිෂ්ටයි. යුද්ධයේදී මියගිය නාවික හමුදා මෙන්ම යුද, ගුවන්, පොලිස්, සිවිල් ආරක්ෂක සියලූ ආරක්ෂක අංශවල රණවිරුවන් අපි ගෞරවයෙන් සිහිපත් කළ යුතු වෙනවා. ඔවුන්ට ජාතියේ ගෞරවය එදත් අදත් හෙට දවසේත් හිමි වෙනවා. යුද්ධය නිසා අත පය අහිමි වූ ආබාධිත වූ සෑම රණවිරුවකු පිළිබඳව අප තුළ ඉමහත් ගෞරවයක් තිබෙනවා.මියගිය රණවිරුවන්, ආපදාවලට පත්වූ රණවිරුවන් ඒ සියල්ලන්ගේ පවුල්වල සුබසාධනය සඳහා අප විසින් රජයක් විදියට ඉටුකළ යුතු වගකීම් සහ යුතුකම් අපි කිසිවිටකත් පැහැර හරින්නේ නැහැ. පසුගිය අවුරුදු දෙකක කාල සීමාව මා මේ රටේ ජනාධිපති ධුරයට පත්වීමෙන් පසුව අපේ ආරක්ෂක හමුදාවල සුබසාධන කටයුතු සඳහා යුද්ධයේදී මියගිය රණවිරුවන්ගේ පවුල් වෙනුවෙන් ආබාධිත රණවිරුවන්ගේ පවුල් වෙනුවෙන් ඔවුන්ගේ සුබසාධනය සඳහා වරප‍්‍රසාද, දීමනා පහසුකම් වැඩිකිරීම් රාශියක් අපි ඉටුකර තිබෙනවා. ඒ සියල්ල දුන් පමණින් අප සෑහීමකට පත්වන්නේ නැහැ. තවදුරටත් ඔවුන් වෙනුවෙන් රජය විදියට කළ හැකි, කළ යුතු යුතුකම් අප විසින් සැම විටම ඉටුකරනු ලබනවා. ශ‍්‍රී ලංකා නාවික හමුදාවත් අපේ අනෙකුත් හමුදාවන් මෙන් නව තාක්ෂණය හා බද්ධ වී තිබෙනවා. අධි තාක්ෂණික ලෝකයේ නාවික කටයුතු, ජාතික හා කලාපීය ආරක්ෂාව ආදී සියලූ කටයුතුවලදී අධි තාක්ෂණික මෙවලම් සමග ඔබේ කය මනස වෙහෙසකරමින් ඔබේ මගේ මාතෘ භූමිය වෙනුවෙන් සැමවිටම කැපවෙනවා.මගේ රජය බලයට පත්වීමෙන් පසුව පසුගිය වසර දෙකක කාලසීමාව විදේශීය රාජ්‍යයන් මිත‍්‍ර රාජ්‍යයන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුළු සියලූ ජාත්‍යන්තර සංවිධානවලින් රටට සහ ආරක්ෂක හමුදාවලට පැසසුම් ගෞරවය ලබා ගැනීමට ගත හැකි පියවර රාශියක් මම ගනු ලැබුවා. විදේශ රාජ්‍ය නායකයන් සමග මම කතා කළා. ජාත්‍යන්තර සංවිධාන ප‍්‍රධානීන් සමඟ සාකච්ඡුා කළා. අපට වඩා සංවර්ධනයෙන්, තාක්ෂණයෙන්, යුද කටයුතුවලින් උසස් තත්ත්වයක සිටින රටවලින් අපේ හමුදාවට අවශ්‍ය පුහුණුවීම් ලබාදීම් ප‍්‍රබල රාජ්‍යයන් විසින් නතර කරලයි තිබුණේ. නමුත් මගේ රජය බලයට පත්වීමෙන් පසුව නව රජයේ ප‍්‍රතිපත්ති සහ වැඩසටහන් ඒ රාජ්‍යයන්ට, ප‍්‍රධානීන්ට පැහැදිලි කිරීමෙන් පසුව අපේ ආරක්ෂක හමුදාවලට පෙරටත් වඩා අද සහ ඉදිරි කාලයේදී නව තාක්ෂණික යුද උපක‍්‍රම ක‍්‍රමවේදයන් තාක්ෂණික දැනුම ලබාදීම සඳහා ඒ රටවල් කටයුතු කර තිබෙනවා.අද මේ ස්ථානයේ ශ‍්‍රී ලංකාවේ සේවය කරන ඇමරිකානු තානාපතිතුමා සිටිනවා. විශේෂයෙන් මම ස්තූතිවන්ත වෙනවා ඇමරිකානු රජය අපේ ත‍්‍රිවිධ හමුදාවලට නව විශේෂඥ පුහුණුවීම් ලබාදීම මේ වනවිට නැවතත් ආරම්භ කර තිබීම පිළිබඳව.නාවික හමුදා ක්ෂේත‍්‍රය පිළිබඳව ජාත්‍යන්තර වශයෙන් ගත්විට ඇමරිකා එක්සත් ජනපදයට තිබෙන්නේ ඉතාම විශිෂ්ට තාක්ෂණික දැනුමක්. එම දැනුම අපේ නාවික හමුදාවට පුහුණුවීම් සඳහා ලබාදීමට ඇමරිකා එක්සත් ජනපදය අප සමග එකඟත්වය පළකරමින් ඒ සඳහා මේ වනවිට කටයුතු කරගෙන යනවා. ඒ නිසා ඇමරිකා එක්සත් ජනපදයටත් අනෙකුත් අපිට ප‍්‍රධාන වශයෙන් පුහුණුවීම් ලබාදෙන ඉන්දියාව, පාකිස්තානය, චීනය, එංගලන්තය, ජපානය ආදී රටවල් සහ සහයෝගය දක්වන සියලූම විදේශීය මිත‍්‍ර රාජ්‍යයන්ට මගේ ගෞරවණීය ස්තූතිය පුදකරනවා. ඉතාම විශිෂ්ට පුහුණුවකින් පසුව අද විසිර යන ඔබටත් ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් සහ රටේ මහජනතාවගේ සුබසාධනය සහ සංවර්ධනය සම්බන්ධයෙන් කලාපීය ආරක්ෂාව සම්බන්ධයෙන් පැවරී ඇති වගකීම් ඉටුකරන්නට ඔබ සෑම කෙනකුටම ධෛර්යය, ශක්තිය, ධෛර්යය ලැබේවායි කියා මා ප‍්‍රාර්ථනා කරනවා.ඔබට වාසනාවන්ත අනාගතයක් ප‍්‍රාර්ථනා කරමින් එය ලබාදෙන්නට රජය විදියට අපේ වගකීම් නිසි ලෙස ඉටුකරන බව ප‍්‍රකාශ කරමින් ඔබෙන් සමුගන්නවා.”පදක්කම් පැළඳවීමෙන් අනතුරුව මුල්ලිකුලම් වෙරළේ දී මැරීන් බලඇණියේ භට පිරිසක්  හෙලිකොප්ටර් යානා සහ නාවික හමුදා නෞකා සහ කුඩා යාත‍්‍රා උපයෝගි කරගෙන විශේෂ සතුරු ආක‍්‍රමණ සංදර්ශනයක නිරත වූහ.මෙම උත්කර්ෂවත් අවස්ථාව සංකේතවත් කරමින් ජනාධිපතිවරයා එහිදී පැළයක් රෝපණය කළ අතර මැරීන් බලඇණියේ වෙබ් අඩවියක් ද දියත් කළේය. ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන, ආරක්ෂක මාණ්ඩලික ප‍්‍රධානී එයාර් චීෆ් මාෂල් කෝලිත ගුණතිලක, නාවික හමුදාපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න, යුද හමුදාපති ලූතිනන් ජනරාල් කි‍්‍රෂාන්ත ද සිල්වා, ගුවන් හමුදාපති එයාර් මාෂල් කපිල ජයම්පති, ශ‍්‍රී ලංකාවේ ඇමරිකානු තනාපති අතුල් කේෂාර්, වන්නි සහ මන්නාරම දිසාභාර නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් යන මහත්වරු ද ඇතුළු ති‍්‍රවිධ හමුදා හා පොලිසියේ උසස් නිලධාරීහු  සහ  ඇමෙරිකානු  හමුදා ප‍්‍රධානීහු පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වුහ.(ඉන්දිකා රාමනායක මන්නාරම මුල්ලිකුලම් සිට) ජායාරූප - ඉෂාන් සංජිව
’අන්තවාදී දේශපාලකයන් හමුදාවට අගෞරව වන අයුරින් වැඩ කරනවා’ හමුදාවට අත තියන්න ඉඩ දෙන්නේ නෑ
0
hp_train_7357
(නිශාන්ත කුමාර)මීගහකිවුල ප්‍රාදේශීය සභාවේ වාර්ෂික අය අයවැය ලේඛනය අද (26) වැඩි ඡන්දයෙන් සම්මත විය.ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පාලනය යටතේ පවතින මීගහකිවුල ප්‍රාදේශීය සභාවේ වාර්ෂික අයවැය ලේඛනය එහි  සභාපති ලලිත් ජයවර්ධන මහතා විසින් ඉදිරිපත් කළ  අතර අයවැය ලේඛනයට පක්ෂව  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරු 11 දෙනා ඡන්දය ප්‍රකාශ කළ අතර එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරු පස් දෙනා ඡන්දය දීමෙන් වැළකී සිටියේය.ජනතා විමුක්ති පෙරමුණ මන්ත්‍රීවරයා පමණක් අයවැයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළේය. ප්‍රාදේශීය සභා භූමිය වෙත රැස් ව සිටි පොදුජන එක්සත් පෙරමුණ ආධාරකරුවෝ රතිඤ්ඤා දල්වමින් සතුට ප්‍රකාශ කරනු දක්නට ලැබිණි.
මීගහකිවුල අයවැයත් සම්මතයි
0
hp_train_7358
(ඩයනා උදයංගනී)බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (7) විටින් විට වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.වයඹ පළාතේ වැසි වාර කිහිපයක් ඇතිවන අතර ඌව පළාතේත්, අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව එම දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් සඳහන් කළේය.ගිගුරුම් සහිත වැසි සමඟ තාවකාලික තද සුළං සහ අකුණු අනතුරු ද ඇතිවිය හැකි බැවින් අනතුරු අවම කරගැනීමට ක්‍රියාකරන්නැයි එම දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම්දීමක් කරයි. 
ප්‍රදේශ රැසකට විටින් විට තද වැසි
0
hp_train_7359
(ක්‍රිෂාන් ජීවක ජයරුක්)“අල, ලූණු, ගම්මිරිස් ආදී සෑම භෝගයක්ම කිසිදු පාලනයකින් තොරව පිටරටින් ගෙන ඒමට ඉඩ දීම නිසා අද අපේ කෘෂි කර්මාන්තය හා ගොවියා ඉතා අවාසනාවන්ත තත්ත්වයකට පත් වෙලා. අපේ සංස්කෘතිය හා බැඳුණු කෘෂි කර්මාන්තයේ වැදගත්කම පිටරටවල උපදේශකයින්ගේ උපදෙස් අහන රජයන්වලට තේරෙන්නේ නැහැ” යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා ඉකුත්දා (08) පැවසීය.ඔහු මේ බව සඳහන් කළේ මාතර පැවැති ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ විශේෂ සමුළුව අමතමිනි.ජනතා ජයග්‍රහණය උදෙසා වමේ ශක්තිය මැයෙන් යුත් එම සමුළුව මාතර උයන්වත්ත ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.එහිදී අදහස් දැක්වූ ගෝඨාභය රාජපක්ෂ මහතා මෙසේද කීය.අපි පක්ෂයක් හැටියට ඉදිරිපත් කරන සැලැස්ම ජනතා කේන්ද්‍රීය සංවර්ධන සැලැස්මක්. කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රතිපත්තිත් සැලැස්මත් ජනතා කේන්ද්‍රීය ප්‍රතිපත්ති වශයෙන් ඒ පක්ෂයේ නායකයින්ගේ කතා දිහා බැලුවම පේනවා. විශේෂයෙන්ම එස්.ඒ. වික්‍රමසිංහ මැතිතුමා පාර්ලිමේන්තුවේදී සිදු කළ කතා හැන්සාඞ්වලින් බැලුවම එතුමා ඉදිරිපත් කර තිබෙන අදහස් අද අපට මුහුණපාන්න තිබෙන ප්‍රශ්නවලට පිළිතුරු බව ඉතාමත්ම පැහැදිලියි.ඩිව් ගුණසේකර මහතා කෙටියෙන් ප්‍රකාශ කළේ අපේ සංවර්ධන සැලැස්ම සමාජයේ එක් කාලයකට පමණක් සීමා නොවී සෑම තලයකම ඉන්න ජනතා කොටස්වල ජීවිත ඉහළට ගන්නට පුළුවන් වන ආර්ථික සැලැස්මක් අවශ්‍යයි කියන එකයි. ඉන් අදහස් කරන්නේ සෑම දෙනාම සමාන තත්ත්වයකට ගෙන ඒම නොවෙයි. නමුත් අද අපේ රටේ දිළිඳු බවින් පෙළෙන විශාල කොටසක් ඉන්නවා. මෙන්න මේ ජනතාව අපි ජීවත් වීමේ ප්‍රතිපත්තියක් සැලැස්මක් සහිත සංවර්ධන මොඩලයක් තමයි අපිට අවශ්‍ය වෙන්නේ. අපි සකස් කර තිබෙන ඒ ආර්ථික සැලැස්ම සංවර්ධන සැලැස්ම සෑම ක්ෂේත්‍රයකම සෑම තලයකම ඉන්න ජනතාව ජීවත් වීමේ ප්‍රමුඛත්වය දීලා හදපු සැලැස්මක්.අපි අහලා තියෙනවා පාර්ලිමේන්තුවේ ඇමැතිවරු කතා කරනවා අපි මෙච්චර රස්සාවල් දුන්නා කියලා. නමුත් අපි අහලා නැහැ කවදාවත් අපි මෙච්චර රස්සාවල් නිෂ්පාදනය කළා කියලා. ඒ එක්කම අපි අහලා තියෙනවා ඇමැතිවරු කියනවා අපි මෙච්චර දෙනවා කියලා. නමුත් අපි අහලා නැහැ ඒවා දෙන්නේ කොහොමද කියලා කාගෙන්වත්. ඉතිං අපිට වැදගත් වෙන්නේ මේ රටේ විරැකියාව නැති කරන්න නම් අපි රජයක් හැටියට රැකියා නිෂ්පාදනය කරන්න උත්පාදනය කරන්න තියන සැලැස්ම මොකක්ද කියලයි. අපි ගොවියාට දෙන සහන අපි දුප්පත් මිනිසුන්ට දෙන සහන තරුණයන්ට දෙන සහන අධ්‍යාපනය වෙනුවෙන් අපි කරන ආයෝජන මේවා කොහොමද අපි නිර්මාණය කරගන්නේ කියලා කියන සැලැස්ම මොකක්ද කියලයි වැදගත් වෙන්නේ.ඒ වගේම ඉතාම වැදගත් වෙන දෙයක් තමයි සැලැස්මවල් තියෙන්න පුළුවන්. නමුත් මේ සැලැස්මවල් ක්‍රියාත්මක කරන්න පුළුවන් නායකත්වයක් හා කණ්ඩායමක් අවශ්‍යතාවයයි වැදගත් වෙන්නේ. අපි 2005 මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා බලයට පත් කළාට පස්සේ ඔහු පත්වුණේ විශාල අභියෝග සමග. මම හිතන්නේ නැහැ මේ රටේ කිසිම ජනාධිපතිවරයෙක් ඒ තරම් අභියෝග සමග ජනාධිපති ධුරයට පත් වෙලා ඇති කියලා. රටෙන් භාගයක් අපට තිබුණේ නැහැ. ත්‍රස්තවාදීන්ගේ අතේ තිබුණේ. ආර්ථිකය කඩා වැටිලා. රැකියාවල් තිබුණේ නැහැ. මෙයයි අභියෝග. අපිට පුළුවන් වුණා අවුරුදු 10 ක කාලයක් ඇතුළත ඒ සියල්ල විසඳන්නට. අවුරුදු ගණනාවක් ඇදි ඇදී තිබුණු ආණ්ඩු ගණනාවක් යටතේ ජනාධිපතිවරු ගණනාවක් යටතේ ඇදි ඇදී තිබූ ත්‍රස්තවාදය අපට පුළුවන් වුණා සැලැස්මක් ඇතිව නායකත්වයක් දීලා අවුරුදු දෙක හමාරකින් අවසන් කරන්න. ඩිව් ගුණසේකර මහතා කිව්ව වගේ ඒ කාලය තමයි අපේ ඉතිහාසයේ යටිතල පහසුකම් විශාල වශයෙන් සංවර්ධනය වූ එකම කාලය.අධිවේගී මාර්ග වේවා, දුම්රිය මාර්ග වේවා, වරායවල් වේවා, ගුවන් තොටුපළ වේවා, නගර සංවර්ධනය වේවා මේ සියල්ලක්ම සිදු වුණේ ඒ කාලය තුළ. අපි වැඩ කරලා පෙන්නුවා. අපි සැලසුම් ඉදිරිපත් කළා පමණක් නොවෙයි ඒවා කතා කළා විතරක් නොවෙයි ඒවා ක්‍රියාත්මක කරලා පෙන්නපු කණ්ඩායමක්. මේකයි වැදගත් වෙන්නේ.අද මේ රටේ ජීවත් වන මිනිසුන්ගෙන් තුනෙන් එකක් ජීවත් වෙන්නේ තවමත් කෘෂි කර්මාන්තයෙන්. එදා කෘෂි කර්මාන්තය වෙනුවෙන් විශාල වැඩ කොටසක් සිදු කළා. පොහොර සහනාධාරය දුන්නා. වැඩ වැඩියෙන් කුඹුරු අස්වැද්දීම සිදු කළා. පුරන් වෙලා තිබුණු කුඹුරු පවා අස්වැද්දුවා. ඒ වගේම ගොවියා වෙනුවෙන් වී වලට සහන මිලක් දුන්නා. කුඹුරු ගොවියා වේවා එළවලු ගොවියා වේවා එදා පිළිවෙළක් තිබුණා අර්තාපල්, ලූනු, ගම්මිරිස්, මිරිස් ගොවියාව ආරක්ෂා කර ගන්නට.නමුත් අද කෘෂි කර්මාන්තයට කිසිම ප්‍රමුඛත්වයක් දුන්නේ නැහැ. ඒ හේතුව නිසා කෘෂි ක්ෂේත්‍රයේ සෑම අංශයක්ම කඩාවැටිලා තියෙනවා. තේ, රබර්, පොල්, ගම්මිරිස්, වී ආදී අනෙකුත් භෝග වර්ග සියල්ලම අද කඩාවැටිලා තිබෙනවා. විශේෂයෙන්ම අපේ රජයක් යටතේ මේ අංශ අපි ආරක්ෂා කර ගන්නවා.සහතික මිලක් අපි වී ගොවියාට ලබා දෙනවා. මේ රජය යටතේ නැතිවුණු එදා අපි දුන්න පොහොර සහනාධාරය තවදුරටත් ඉදිරියට ගෙන යනවා. ඒ වගේම අපි පාලනයක් කරන්න ඕන මේ රටට ගේන භෝග වර්ග ගැන. අද සෑම දෙයක්ම පිටරටින් ගේනවා. එදා වියළි මිරිස්වලින් අපි සීයට සීයක්ම ස්වයංපෝෂිත වෙලා තිබුණා. අද සියයට සීයක් පිටරටින් ගේනවා. අර්තාපල්වලින් සියයට සීයක් ස්වයං පෝෂිත වෙලා තිබුණා. අද සියයට හැත්තෑවක් පිටරටින් ගේනවා. ගම්මිරිස් පිටරටින් ගේනවා කිසිම පාලනයක් නැතිව. මේ සෑම දෙයක්ම පිටරටින් ගේන්න ඉඩ දීම නිසා අපේ කෘෂි කර්මාන්තය, ගොවියා ඉතා අවාසනාවන්ත තත්ත්වයකට පත්වෙලා තිබෙනවා.අපේ කෘෂි කර්මාන්තය අපේ සංස්කෘතිය සමග බැඳුණු දෙයක්. එස්.ඒ. වික්‍රමසිංහ මැතිතුමා කෘෂිකර්මය ගැන එදා ඉඳලා කතා කරලා තිබෙනවා. එදා ඉඳලා ඔහු තේරුම් ගත්තා කෘෂි කර්මාන්තය අපට කොපමණ වැදගත්ද කියලා. මේ පිටරට උපදේශකයින්ගේ උපදෙස් අහන රජයන්වලට තේරෙන්නේ නැහැ අපේ සංස්කෘතියත් එක්ක බැඳුණු කෘෂි කර්මාන්තය ගැන.ඉතාමත් වැදගත් වෙන්නේ මේ ආර්ථිකය ඉදිරියට ගෙන යන්න නිසි සැලැස්මක්. අපි දන්නවා අපේ රට ඇතුළුව ආසියාව අද ලෝක සංවර්ධනයේ කේන්ද්‍රස්ථානය වෙලා තියෙනවා. ආසියාව තමයි ලෝකයටම තිබෙන වෙළෙඳපොළ වෙලා තිබෙන්නේ. ආසියාවේ තමයි ඥානය පිළිබඳව ආර්ථිකයේ ඉහළම ස්ථාන තිබෙන්නේ. මේ ආසියාවේ තමයි තාක්ෂණය දියුණුම රටවල් තිබෙන්නේ. අපි මේ අවස්ථාව ප්‍රයෝජනයට ගන්න ඕන. අපේ මානව සම්පත් සංවර්ධනය තමයි අපිට ඉතා වැදගත් වෙන්නේ. තොරතුරු තාක්ෂණය පිළිබඳව නියැලෙන සමාගම්වල අයිතිකරුවන් සමග මම සාකච්ඡා කළා.අපිට කෙටි කාලීන හා දීර්ඝ කාලීන සැලසුම් තිබෙනවා මේ වෙනුවෙන්. අද අපේ තරුණ තරුණියන් කෙතරම් ප්‍රමාණයක් අතරමං වෙලා ඉන්නවද කියලා බලන්න. ආර්ථිකයට සුදුසු නොවන උපාධි ලබලා අතරමං වෙනවා. ලක්ෂ පහක් තරුණ තරුණියන් උසස් පෙළ විභාගයට ඉදිරිපත් වෙනවා. ලක්ෂ දෙකක් සමත් වෙනවා. 35000 ක් පමණයි විශ්වවිද්‍යාලවලට සුදුසුකම් ලබන්නේ. ඊට අමතරව සාමාන්‍ය පෙළදි සිසුන් අතරමං වෙනවා. මේ වගේ විශාල සංඛ්‍යාවක් තරුණ තරුණියන් හරි මගකට යොමු වෙන්නේ නැතිව අතරමං වෙනවා.අපේ රජයක් තුළදී අපි ප්‍රථමයෙන් කරන්නේ මේ අතරමං වන තරුණ තරුණියන්ට උසස් අධ්‍යාපනයක් ලබා දීලා අපි සැලසුම් කරන ආර්ථිකයට සුදුසු පරිදි අධ්‍යාපනයක් ලබාදීලා ඔවුන්ව ආර්ථිකයේ ප්‍රතිඵල ගන්න පුළුවන් රැකියාලාභීන් බවට පත් කරන්න මුදල් ආයෝජනය කරනවා.මේ සම්පත අපට අහක දාන්න පුළුවන්කමක් නැහැ. ඒ වගේම මේ තරුණ තරුණියන්ට හැම කෙනෙක්ම උපාධියක් ලබන්න ඕන නැහැ. තොරතුරු තාත්ෂණයේ හොඳ රැකියාවක් ගන්නට අපිට පුළුවන් ඒ අයව කෙටි කාලීන පාඨමාලාවලට පුහුණු කරලා  හොඳ වේතනයක් ලබන රැකියාවන්වලට අපිට ඒ අයව පුහුණු කරන්න පුළුවන්.කලා අංශයෙන් උපාධිය ලබපු තරුණ උපාධිධාරීන් අපිට පුළුවන් තොරතුරු තාක්ෂණයට පුහුණු කරවන්නට. ඒ වගේම බලන්න කොතරම් ප්‍රමාණයක් සංචාරක අංශයේ රැකියාවන් නිෂ්පාදනය කරන්න පුළුවන්ද කියලා. විශාල වශයෙන් රැකියා නිෂ්පාදනය කරන්න පුළුවන්. මේ තරුණ තරුණියන් ශ්‍රමය කෙටි කාලීනව පුහුණු කරලා අපිට අවශ්‍ය ආර්ථිකයට ඵලදායී ලෙස යොදන්න පුළුවන් ආයෝජනයක් අපි කළ යුතුයි.ඒ වගේමයි මේ තාක්ෂණය අපේ රටේ සෑම ක්ෂේත්‍රයකම ගේන්න ඕන. අද අපි කතා කරනවා ගොවියා ගැන. නමුත් ගොවියා හැමදාම දුප්පත්. අපි කල්පනා කරන්න ඕන කොහොමද මේ ගොවියාගේ ආදායම ඉහළ යන අන්දමට රජය මැදිහත් වෙන්න පුළුවන් කියලා. තාක්ෂණය හඳුන්වාදීම තුළින් අපිට ඔවුන්ගේ ආදායම වැඩි කරන්න පුළුවන්. ඔවුන්ගේ නිෂ්පාදනය වැඩි කරන්න පුළුවන්.කෘෂි කර්මාන්තය අද ලෝකයේ වැදගත්ම කර්මාන්තයක්. අපේ රටේ පමණක් නොවෙයි අනෙක් දියුණු රටවල පවා ආහාර රක්ෂණය ආහාර සුරක්ෂිත භාවය ඉදිරියේදී වැදගත් වෙනවා. කිසිම රටක් ආහාරවලින් ස්වයංපෝෂිත නොවුණහොත් අනාගතයට මුහුණදෙන්න බැරි වෙනවා. අපි කෘෂි කාර්මික සංස්කෘතියක් තිබෙන මේ රටේ අනිවාර්යයෙන්ම ආහාර සුරක්ෂිතතාවය කර ගන්නට ඕන. මේ තුළින් ඉතාම කෙටි කාලීන හා දිගුකාලීන ආර්ථික සැලැස්මක් මොඩලයක් අපි ඉදිරිපත් කරනවා. ඒ සඳහා අපි ජනතාව අතරට ගිහින් අපි ප්‍රශ්න හඳුනා ගත්තා. ඒවාට අපි විසඳුම් සොයා ගත්තා. ඒවා අපිට ඉදිරියට ගෙන යන්න අවශ්‍යයි. මේ රට සෞභා්‍යමත් සුරක්ෂිත රටක් බවට පත් කරන්න ඔබලාගේ යුතුකම ඉෂ්ට කරන්න. ඔබලා යුතුකම ඉෂ්ට කළොත් මගේ යුතුකම ඉෂ්ට කරන්න මම ලෑස්තියි.විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා:- කොමියුනිස්ට් පක්ෂය තමයි අපිට ඉතා වැඩියෙන්ම කිට්ටු දේශපාලන පක්ෂය කීවොත් මම නිවැරදියි. ඒකට හේතු කිහිපයක් තිබෙනවා. එකක් දොස්තර එස්.ඒ. වික්‍රමසිංහ. කුඩා කාලයේදී අපි දොස්තර එස්.ඒ. වික්‍රමසිංහ මහත්තයා ගාවට තමයි අසනීප වුණත් බෙහෙත් ගන්න යන්නේ. අම්මා පාලටුවේ නිසාත් ඒ සම්බන්ධතාවය තිබුණා. ඊට පසුව ඩිව් ගුණසේකර මහතා සමගත් අපේ සම්බන්ධතාවය ඇති වුණා.පාසල් යන කාලයේ ජාතික ශිෂ්‍ය සංගමයේ සාමාජිකයෙක් ලෙස අපේ විද්‍යාලයේ රාජා කොල්ලුරේ මහතා සමග කිට්ටුවෙන් ඇසුරු කළා. පෙළපාළි යන්න අර තානාපති කාර්යාලය වටලන්න කීවාම අපි මෝඩයෝ වගේ ඒ දවස්වල එතුමත් එක්ක යනවා. ගුටි නොකා ආපහු බේරිලා එනවා. ඒ නිසා මේ පක්ෂය එක්ක බොහොම සම්බන්ධකම් අපට තිබෙනවා. ඒ වගේම තමයි මේ මාතර බී.වයි. තුඩාවේ මැතිතුමාලා. මේ වේදිකාව දැක්කාම එස්.ඒ. වික්‍රමසිංහ මැතිතුමාලා අපිට අමතක කරන්න පුළුවන්කමක් නැහැ.  මේ මාතර රතු බලකොටුවක් බවට පත් කරගෙන සිටියා විලියම් නානායක්කාර මැතිතුමා ඇතුළු කණ්ඩායම. ඉතිං ඒ සම්බන්ධකමත් අපි ගාව තිබුණා. අපි හැමදාම විශ්වාස කළා කොමියුනිස්ට් පක්ෂ සියලු වමේ බලවේග එකතු කිරීම සඳහා හැමදාමත් පියවර ගත්තා කියලා. අපි මේ වෙලාවේ ආදාරයෙන් මතක් කරනවා.අද අපි ජනාධිපතිවරණයකට මුහුණ දෙන්නේ. අද මේ ජනාධිපතිවරණය තීරණාත්මකයි. මේ රටේ සම්පත් ටික විකුණලා දාන්න මේ ආණ්ඩුව පසුගිය වසර හතර හමාර තුළ මහන්සි ගත්තා. ඒ වගේම වික්කා. අපි වරායක් හැදුවාම ඒ වරාය වික්කා. ගුවන්තොටුපොළ විකුණන්න පිඹුරුපත් හැදුවා. අධිවේගී මාර්ග විකුණන්න ලෑස්ති කරලා තියෙනවා. මේ තියන සම්පත් සියලු දේ විකුණලා දාලා ඔවුන් අත හෝදගෙන ඉන්න තමයි සූදානම් වුණේ. මේ අවුරුදු පහක් තුළ ආණ්ඩුව ආර්ථිකය විනාශ කර දැම්මා. අපි ගොඩ නගපු ආර්ථිකය යළිත් විනාශ කරලා දැම්මා.මම අහගෙන හිටියා ගෝඨාභය මහත්තයාගේ කතාව. අද එතුමා ප්‍රතිපත්ති මාලාවක් ගැන කිව්වා. මම සජිත්ගේ කතාවකුත් අහගෙන හිටියා. මම ජනාධිපති මන්දිරයත් ටෙක්නොලොජි එකක් කරනවා කීවා. ඕක මහලොකු වැඩක්ද?. ඕක හෙට කරන්න පුළුවන්. මේ මානසිකත්වය බලන්න. මේවද කියන්න ඕන. ඊළඟට එතුමාගේ මොකක්ද මම කියන්නේ මොන මුඛයද කියලා. මගෙන් පුංචි එකෙක් අහනවා මොන මුඛයෙන්ද සර් කියලා. මේක තමයි එයාගේ තත්ත්වය. ඒ තත්ත්වයට ඔහු බැහැලා තිබෙනවා. හරයක් නැහැ. ගැඹුරක් නැහැ. හරයක් නැති ගැඹුරක් නැති මාර්ගයක් නැති අයෙකුට රටක් ගෙනියන්න පුළුවන්කමක් නැහැ. ඒක තමයි ඇත්ත කතාව. ඒ නිසා අද අපිට තීන්දුවක් ගන්න තිබෙනවා. අද රටේ ජනතාව ගන්න නිවැරදි තීරණය තවදුරටත් ශක්තිමත් කරන්න ඔබට වගකීමක් තිබෙනවා.ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් ඩිව් ගුණසේකර මහතා:- මෙවර ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ සහයෝගය ගෝඨාභය රාජපක්ෂ මහතාට ලබාදීමට මධ්‍යම කාරක සභාව තීරණය කර ඇති බව මම මේ සභාවට නිල වශයෙන් දැනුම් දෙන්න කැමතියි. රටේ මතුවූ ආර්ථික අර්බුදය දැන් දේශපාලන සමාජ, සංස්කෘතික ක්ෂේත්‍ර දක්වා පැතිර ගොස් තිබෙනවා. ඒවා නිසා රට අස්ථාවර වී තිබෙනවා. ජාත්‍යන්තර හා දේශපාලනික බලපෑම්වලට ගොදුරු වීමේ අනතුරකට පත්ව තිබෙනවා. පසුගිය වසර හතර හමාර තුළ ඊනියා යහපාලනය යටතේ ආර්ථික කළමනාකරණය කිරීමට අසමත්වීම නිසා දැන් ආර්ථිකය අයාලේ යමින් තිබෙනවා. අප පළමුව කළ යුත්තේ අර්බුදය හඳුනාගෙන ඊට ස්ථිර විසඳුම් සොයා යාමයි.ජාතිය ගොඩනැගීම, ජාතික ආරක්ෂාව, ආර්ථික උපායමාර්ග, ජාතික සම්පත් සංවර්ධනය, යටිතල පහසුකම් සංවර්ධනය, මුල්‍ය ක්ෂේත්‍රය, කෘෂි ක්ෂේත්‍රය, කාර්මිකකරණය, රාජ්‍ය සේවාව දේශපාලනීකරණය වීම, අපනයන සංවර්ධනය ආදී ක්ෂේත්‍ර ගණනාවක් කෙරෙහි අපගේ අවධානය යොමු කළ යුතුව තිබෙනවා. ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂය ඊට අදාළ 36 වැදෑරුම් වැඩපිළිවෙළක් රට හමුවේ ඉදිරිපත් කර තිබෙනවා. ඒ අතරින් වැදගත්ම හා ඉහළ ප්‍රමුඛතාවයක් දිය යුතු යෝජනා 10 ක් අද අපි මේ විශේෂ සමුළුවේදී ගෝඨාභය රාජපක්ෂ මහතාට ඉදිරිපත් කරනවා. බහු පක්ෂ ප්‍රජාත්ත්‍රවාදය තුළ සභාග දේශපාලන ක්‍රමවේදය රට තුළ දැන් ස්ථාපිත වී තිබෙනවා. එම ක්‍රමවේදය සාර්ථක වන්නේ සාමුහික ප්‍රයත්නය සහ පොදු එකඟතාවය ක්‍රියාත්මක වුවහොත් පමණක් බවද මා අවධාරණය කරනවා.දකුණු පළාත් සභාවේ හිටපු මන්ත්‍රී වීරසුමන වීරසිංහ මහතාද අදහස් දැක්විය.පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඩලස් අලහප්පෙරුම, මහින්ද යාපා අබේවර්ධන, කංචන විජේසේකර, නිරෝෂන් ප්‍රේමරත්න, ලක්ෂ්මන් යාපා අබේවර්ධන, සිසිර ජයකොඩි, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ් සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස්, හිටපු පළාත් සභා මන්ත්‍රී බිංදු වීරසිංහ, දෙවිනුවර ප්‍රාදේශීය සභාවේ සභාපති සුජීව වෙදගේ යන මහත්වරුන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූහ. 
“තේ කම්හල් හිමියන්ට පොරොන්දු රැසක්“
0
hp_train_7360
(ඩයනා උදයංගනී)බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (3) විටින් විට වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.මධ්‍යම සහ ඌව පළාත්වලත් අම්පාර දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානයන්හි සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව එම දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් පැවසීය.ගිගුරුම් සහිත වැසි සමඟ තාවකාලික තද සුළං සහ අකුණු අනතුරු ද ඇතිවිය හැකි බැවින් අනතුරු අවම කරගැනීමට ක්‍රියාකරන්නැයි එම දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම්දීමක් කරයි. 
පළාත් රැසකට කඩින් කඩ වැසි
1
hp_train_7361
උතුරු, උතුරු මැද සහ නැගෙනහිර පළාත් වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.  බොහෝ ප්‍රදේශ වලට සවස 2.00 න් පසු ගිගුරුම් සහිත වැසි වර්ධනය වේ. මැඩර්න් - ජුලියන් දෝලනවල බලපෑම හේතුවෙන් ශ්‍රී ලංකාව පුරා මිලි මීටර් 100 ට වඩා තද වැසි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු කියයි. මීට අමතරව, ශ්‍රී ලංකාවට ගිනිකොණ දෙසින් අඩු පීඩන කලාපයක් ස්ථාන ගතව පවතී. එය ශ්‍රී ලංකාව වෙතට ගමන් කිරීම නිසා හෙටින් පසු දිවයිනේ නැගෙනහිර කොටසේ වැසි සහිත කාලගුණ  තවදුරටත් වැඩි වේ.ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය                                                      දිනය : 07/11/2015    නගරයඋෂ්ණත්වය (සෙ. අංශක)සාපේක්ෂ ආර්ද්‍රතාවය (%) කාලගුණයඋපරිමඅවමඋපරිමඅවමඅනුරාධපුරය31239570විටින් විට වැසි.මඩකලපුව30249580විටින් විට වැසිකොළඹ30249570සවස 2.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.ගාල්ල30249580සවස 2.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.යාපනය30249080විටින් විට වැසිමහනුවර28209575සවස 2.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.නුවරඑළිය20119580සවස 2.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.රත්නපුරය30229570සවස 2.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.ත්‍රීකුණාමළය30249580විටින් විට වැසිමන්නාරම30259570සවස 2.00 න් න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි. 
හෙට කාලගුණය
1
hp_train_7362
ශ්‍රී ලංකාව බටහිරට පමණක් බරවූ ආණ්ඩුවක් කියා නැගෙන විවේචන තමන් ප‍්‍රතික්ෂේප කරන බවත්, රජය සෑම විටම මධ්‍යස්ථ විදේශ ප‍්‍රතිපත්තියක සිටිමින් ලෝකයේ සෑම රාජ්‍යයක් සමගම මිත‍්‍ර රාජ්‍යයක් ලෙස කටයුතු කරන බවත් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පැවසීය.රුසියන් ශ‍්‍රී ලංකා ද්විපාර්ශ්වීය සබඳතා සාර්ථක වීම, ජාත්‍යන්තර වශයෙන් ශ්‍රී ලංකා විදේශ ප‍්‍රතිපත්ති පැහැදිළිව පෙන්නුම් කිරීමත් හා ලෝකයේ සෑම රාජ්‍යයක් සමඟම අපේ තිබෙන මිත‍්‍රශීලීභාවය ද්විපාර්ශ්වීය, ආර්ථික සහ වෙළෙඳ සම්බන්ධතා ආදී සියල්ල සමඟ ශ්‍රී ලංකාව ඉතා සාර්ථක ගමනක් යමින් සිටින බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා මේ බව පැවසුවේ රුසියාවේ මොස්කව් නුවර පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේදී එරට වෙසෙන ශ්‍රී ලාංකිකයින් හමුවූ අවස්ථාවේදීය.එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා මෙසේ ද කියා සිටියේය.‘‘අපේ දීර්ඝ කාලීන මිත‍්‍රයෙක් වූ රුසියාවේ සිට’ ශ‍්‍රී ලංකා රුසියා මිත‍්‍රත්වයට වසර 60 ක් පිරීම සමරන අවස්ථාවේ ඔබ සමඟ එක්වීමට ලැබීම පිළිබඳව මා ඉතාමත් සතුටු වෙනවා. පසුගිය වසර 60ක කාල සීමාවක එනම් 1957 වසරේ ආරම්භ වූ ශ‍්‍රී ලංකා සෝවියට් මිත‍්‍රත්වය සෝවියට් සමුහාණ්ඩුවේ වෙනස්වීම් ඇති වුවත් රුසියන් ෆෙඩරල් ආණ්ඩුව සමඟ අපි පවත්වාගෙන ආ සුහදතාව සහ සම්බන්ධතා දිගින් දිගටම ශක්තිමත්ව පැවතුණා.අපේ රටේ සංවර්ධනය සඳහා ගෙවීගිය වසර 60 ක කාල සීමාව තුළ විශාල සහයෝගයක් මේ රටින් අපිට ලැබී තිබෙනවා. ජාතික සංවර්ධනයේදී වගේම එක්සත් ජාතීන්ගේ සංවිධානය, ආරක්ෂක මණ්ඩලය, මානව හිමිකම් කවුන්සිලය ආදී ආයතන ඉදිරියේ අපි අසීරුතාවන්ට පත්වූ අවස්ථාවන්වලදී රුසියාව, සෝවියට් සමුහාණ්ඩුව අපේ අවංක මිත‍්‍රයෙක් ලෙස සෑම තැනකදීම කටයුතු කර තිබෙනවා. එම මිත‍්‍රත්වය අන්තර්ජාතික වශයෙන් ගොඩනැගුණා වගේම අපේ රටේ පසුගිය දශක කිහිපය තුළ කෘෂිකර්ම, වාරිමාර්ග, අධ්‍යාපන, සංස්කෘතික කර්මාන්ත තාක්ෂණ මේ සියලූ අංශවල සංවර්ධනය සඳහා විශාල සහයෝගීතාවක් අපිට රුසියාව ලබාදී තිබෙනවා. ඒ සියල්ල සිහිපත් කරමින් 60 වසරක ද්විපාර්ශ්වික සබඳතා පිළිබඳව ගෞරවනීය අතීතයක් පිළිබ`දව අපි ඉතා සතුටින් අද කතා කරනවා.60 වසරක ද්විපාර්ශ්වික සබ`දතාවන්හි නව පිටුවක් පෙරළමින්, දෙරට අතරේ මිත‍්‍රත්වය සුහදශීලීතාවය වර්ධනය කරගැනීම මගේ ගමනෙහි ප‍්‍රධානම අරමුණක් වෙනවා. රුසියන් ජනාධිපති ව්ලැඞ්මීර් පුටින් මහතා කරන ලද ආරාධනාවක් මත අපි මෙහි ආවා. අපි පැමිණි අවස්ථාවේ සිට ඉතා ඉහළ උණුසුම් පිළිගැනීමක් අපට තිබුණා. එමෙන්ම ඉතාමත් සාර්ථක ද්විපාර්ශ්වීය සබඳතාත්  අතීතයේ මතක සටහන් සමඟ අනාගතය වඩාත් සාර්ථක කර ගැනීම සඳහා දෙරටේ මිත‍්‍රශීලීභාවය ඇති කරගනිමින් සාර්ථක සාකච්ඡා පැවැත්වූවා. අද සන්ධ්‍යාවේ දෙරට අතරේ ගිවිසුම් කිහිපයක් සඳහා ද අත්සන් කරනු ලබනවා. රුසියානු ජනාධිපති පුටින් මැතිතුමාත් අග‍්‍රාමාත්‍යතුමාත් සමඟ කරන ලද සාකච්ඡුා තුළ අපේ රටේ සංවර්ධනයේ විවිධ ක්ෂේත‍්‍ර පිළිබඳ දැඩි ලෙස අවධානය යොමු කළා.මම ශ‍්‍රී ලංකා රජය වෙනුවෙන් සහ මගේ ආදරණීය ශ‍්‍රී ලංකා ජනතාව වෙනුවෙන් රුසියන් ජනාධිපති ව්ලැඞ්මීර් පුටින් මැතිතුමාටත් රුසියන් රජයට සහ ජනතාවටත් මගේ ගෞරවනීය ස්තූතිය සුභාශිංසන සහ ආශීර්වාදය පිරිනමනවා. ද්විපාර්ශ්වීය සබඳතාවලදී රටේ සංවර්ධනයට අවශ්‍ය සියලූ අංශ සම්බන්ධයෙන් ව්ලැඞ්මීර් පුටින් ජනාධිපතිතුමාගේ පෞද්ගලික අවධානය යොමු කරමින් එතුමා අප සමඟ සංවාදයේ යෙදුණා. අධ්‍යාපන, සංස්කෘතික, සංචාරක, බලශක්ති, ජාතික මෙන්ම අන්තර්ජාතික ආරක්ෂාව මේ සියලූ අංශයන්හි කටයුතු පිළිබඳව වෙන වෙනම සාකච්ඡා කරනු ලැබුවා. ඊයේ දිනයේ පැය දෙකහමාරක් වැනි කාලයක් තුළ සාකච්ඡා පැවැත්වුවා. ඒ වගේම රුසියාවේ අග‍්‍රාමාත්‍යතුමා සමඟ පැවැති සාකච්ඡාව ද සාර්ථක සාකච්ඡාවක් බවට පත්වුණා.අපි රටක් ලෙස කටයුතු කිරීමේදී අපේ විදේශ ප‍්‍රතිපත්තියේ තිබෙන මැදිහත්බව සහ ශක්තිමත්බව අන්තර්ජාතික වශයෙන් පෙන්නුම් කළ අවස්ථාවක් තමයි, මේ රුසියානු නිල සංචාරය. මටත් අපේ ආණ්ඩුවටත් යම් විවේචන සහ චෝදනා තිබෙනවා අපි එක් පැත්තකට බරවූ ආණ්ඩුවක් කියා. අපි බටහිරට පමණක් බරවූ ආණ්ඩුවක් කියා විවේචන තිබෙනවා. මම එම විවේචන ප‍්‍රතික්ෂේප කර තිබෙනවා. අපි මධ්‍යස්ථ විදේශ ප‍්‍රතිපත්තිය තුළ ජාත්‍යන්තර සහයෝගිතාවයේදී ලෝකයේ සෑම රාජ්‍යයක්ම අපේ මිත‍්‍ර රාජ්‍යයන් විදියට අද කටයුතු කරනවා.මම ඉතා සතුටින් ප‍්‍රකාශ කරනවා අද ලෝකයේ කිසිදු රාජ්‍යයක් ශ‍්‍රී ලංකා රාජ්‍ය සමග කිසිදු ආකාරයක මතභේදයක් නැහැ. අමනාපයක් නැහැ. මා දන්නා පරිදි දශක ගණනාවකින් අන්තර්ජාතික සහයෝගිතාව ඉහළ ආ අවස්ථාවක් මෙය. එම අන්තර්ජාතික සහයෝගිතාව බටහිර ද උතුර ද නැගෙනහිර ද යන්න ප‍්‍රශ්නයක් නොමැතිව සියලූ අංශවලින් ලැබෙන නිසා ජාත්‍යන්තර සහයෝගිතාව සංවර්ධනය වූ රටවල්වල තිබෙන මිත‍්‍රශීලීභාවය වගේම අනෙකුත් සියලූ රටවල් සමඟ ඇති කරගෙන තිබෙන සුහදතාවය අපේ රටේ අනාගතය ස`දහා රට ගොඩනගන්න ශක්තිමත් කරන්න ඉදිරියට යාමටයි අපි ඒ ශක්තිය සැමවිටම භාවිතා කරන්නේ. මේ ගමන තුළින් රුසියන් ශ‍්‍රී ලංකා සබඳතා ද්විපාර්ශ්වීය සබ`දතා සාර්ථකවීම වගේම ජාත්‍යන්තර වශයෙන් අපේ විදේශ ප‍්‍රතිපත්ති පැහැදිළිව පෙන්නුම් කිරීමත් ලෝකයේ සෑම රාජ්‍යයක් සමඟම අපේ තිබෙන මිත‍්‍රශීලීභාවය ද්විපාර්ශ්වීය සබඳතා ආර්ථික සහ වෙළෙඳ සම්බන්ධතා අන්තර්ජාතික සහයෝගිතා සියල්ල සමඟ අපි ඉතා සාර්ථක ගමනක් යනවා.පසුගිය වසර දෙකහමාර කාලය තුළ කොපමණ චෝදනා තිබුණත් මිනිසුන්ට සමාජයේ නිදහසේ ජීවත් විය හැකි පසුබිම ගොඩනගමින් අපි රටක් විදියට සාර්ථක ව්‍යායාමයක යෙදෙන්නේ. රුසියාවේ විවිධ ක්ෂේත‍්‍රවල විවිධ වෘත්තීන් හා විවිධ ව්‍යාපාරික අංශවල සේවය කරන ශ‍්‍රී ලාංකික සියලූ දෙනාට මම සුබ පතනවා. ආශිර්වාද කරනවා. ඔබේ දැනුම, බුද්ධිය, අවබෝධය සහ පරිණතභාවය සමඟ ඔබ ඉතා සාර්ථක ලෙස ශ‍්‍රී ලාංකිකයෙක් වශයෙන් රුසියාව තුළ සියලූ කටයුතු සාර්ථක ඉටු කිරීමට ලැබේවා කියා.එමෙන්ම ශ‍්‍රී ලංකාවේ සිට මෙහි පැමිණ අධ්‍යාපනය ලබන අපේ දරුවන්ට මම සුබ පතනවා. ඔබ පැමිණියේ අධ්‍යාපනය සඳහායි. ඔබේ අධ්‍යාපන කටයුතු සාර්ථක කර ගැනීම තුළින් ඔබ බලාපොරොත්තුවන ඉලක්කය සම්පූර්ණ කර ගැනීමටත් ඔබේ මවුපියන්ගේ බලාපොරොත්තු ඉටු කිරීමට හැකියාව ලැබේවා. ඔබේ මවුපියන් රුසියාව වැනි විදේශ රටකට ඔබව එවා ඔබට සාර්ථක අධ්‍යාපනයක් ලබා දීමටයි ඔවුන් කැපවී තිබෙන්නේ.අපි රටක් විදියට බලාපොරොත්තු වනවා ඔබ උගත් තරුණ පිරිසක් විදියට සාර්ථක ලෙස අධ්‍යාපන කටයුතු අවසන් කරලා අපේ රටේ හෝ විදේශයක ඔබේ දැනුම මුල් කරගෙන දැනුමෙන් පරිණත වූ සන්නද්ධ වූ විශිෂ්ටයෙක් විදියට අපේ උතුම් මානව සමාජයට සේවය කරන්න ඔබට සියලූ ආකාරයෙන් ධෛර්යය වාසනාව ශක්තිය ලැබේවා. අප සමඟ අපේ ව්‍යාපාරික හිතවතුන් රාශියක් පැමිණියා. ඒ සියලූ දෙනා පැමිණියේ ව්‍යාපාරික අවස්ථා සහ ආයෝජන සම්බන්ධයෙන් ඇති කරගන්නාවූ එකඟතාවන් සහ අවශ්‍ය අවබෝධය ලබාගෙන එම අවස්ථාවන් වඩාත් සාර්ථක කර ගැනීමටයි. උදාහරණයක් ලෙස, අපේ හොඳම තේ ගැනුම්කරුවා වන්නේ රුසියාව කියා ඔබ දන්නවා. රුසියාවේ රජයට සහ පෞද්ගලික අංශවල ආයෝජකයින්ට අපි ආරාධනා කරනවා ශ‍්‍රී ලංකාවේ ආයෝජනය කිරීම සඳහා. අප සමඟ පැමිණි ව්‍යාපාරික මහත්වරුන්ටත් මම සුබ පතනවා. ඔබේ මව්බිම වෙනුවෙන් ඔබ බලාපොරොත්තු වූ අරමුණ සාර්ථකව ඉටුකර ගැනීමට මේ ගමනින් ඔබට ලැබේවා කියා. තානාපතිතුමා ඇතුඑ මෙහි සේවය කරන සියලූ දෙනාට මම විශේෂයෙන් ස්තූතිවන්ත වෙන්න  ඕන. මෙම ගමන ඉතා ඵලදායී සාර්ථක ගමනක් කර ගැනීමට ඉතාමත් වෙහෙස මහන්සිවී කටයුතු කර තිබෙනවා.අපි සමහර රටවල්වලට ගියාම එහි සංවිධාන කටයුතුවල දුර්වලතාවන් දකිනවා. නමුත් මේ ගමනේදී එවැනි අඩුපාඩුවක් දුර්වලතාවක් නොමැතිව තානාපතිතුමා සහ කාර්ය මණ්ඩලය උසස් ලෙස එම කාර්යය ඉටුකර තිබෙනවා රට වෙනුවෙන් රජය වෙනුවෙන්. රුසියා ශ‍්‍රී ලංකා මිත‍්‍රත්වයට 60 වසරක් සපිරෙන අවස්ථාවේ ඉදිරි වසර සියයක් සඳහා අවශ්‍ය සූදානම වඩාත් විධිමත්ව ඉටුකරමින් දෙරටේ මිත‍්‍රශීලීභාවය අන්තර්ජාතික සහයෝගීතාව කලාපීය සහයෝගීතාව සඳහාත් මේ ගමන ශක්තිමත් ගමනක් වේවා කියා සුබ පතමින් එම සාර්ථකත්වය ලබා ගැනීමට ඔබ අප සියලූ දෙනාම කැපවෙමු කියා ඉල්ලීම කරමින් ඔබෙන් සමුගන්නවා. ස්තූතියි. තෙරුවන් සරණයි..’’අමාත්‍යවරුන් වන ජෝන් අමරතුංග, සුසිල් ප්‍රේමජයන්ත, දයාසිරි ජයසේකර, එස්.බී නාවින්න යන මහත්වරුන් ඇතුළු ජනාධිපතිවරයා සමග රුසියා සංචාරයට එක්වූ ශ්‍රී ලංකා දූත පිරිසේ සාමාජිකයෝද මෙම අවස්ථාවට එක්ව සිටියහ. (ඡායාරූප - ජනාධිපති මාධ්‍ය අංශය අනුග්‍රහයෙනි) 
අපේ ප්‍රතිපත්තිය මධ්‍යස්ථයි
1
hp_train_7363
(තිළිණි ද සිල්වා) යාල ජාතික වනෝද්‍යානයේ එක කලාපයක් ඉදිරි මාස දෙකක කාලය තුළ වසා තබන බව වනජීවි සංරක්ෂ‍ණ දෙපාර්තමේන්තුව සඳහන් කර සිටීයි.ඒ අනුව සැප්තැම්බර් පළමු වැනි දා සිට ඔක්තෝබර් 31 වැනි දා දක්වා කාලය තුළ ජාතික වනෝද්‍යානයේ කලාප අංක 1 වසා තැබීමට පියවර ගන්නා බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් කියා සිටී.වනෝද්‍යානයේ එම කලාපය එලෙස වසා දැමීමට තීරණය කර ඇත්තේ, එහි පවතින  සංචාරක නිවාස අලුත්වැඩියා කිරීම සඳහාය.කලාප අංක එක වසා තැබීමට කටයුතු කළ ද අනෙකුත් කලාප සංචාරකයින් සඳහා විවෘතව පවතින බව ද වනජීවී දෙපාර්තමේන්තුව කීය.යාල ජාතික වනෝද්‍යානයේ කලාප අංක එක සංචාරකයන් සඳහා නැවත නොවැම්බර් පළමු වන දා සිට විවෘත කිරීමට නියමිතය. 
සැප්තැම්බරයේ යාල වහයි
0
hp_train_7364
(ඩී.ජී.සුගතපාල)ගාල්ල දිස්ත්‍රික් ඉඩම් රිජිස්ටාර් කාර්යාලයේ පත්ඉරු පොත්වල පත්ඉරු සොරකම් කරගෙන  ගොස් ඒවායේ භුමි ප්‍රමාණයන් වෙනස් කර ව්‍යාජ ඔප්පු සකස් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලද සැකකාරිය සහ සැකකරු 9 වන දින දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරීමට  ගාල්ල වැඩ බලන මහේස්ත්‍රාත් ලලිත් පතිරණ මහතා අද (04) නියෝග කළේය.මෙසේ රිමාන්ඩ් බන්ධනාගාර ගත කරනු ලැබුවේ  හෝමාගම ප්‍රදේශයේ පදිංචි ගාල්ලගේ නිමල්කා තිළිණි ප්‍රනාන්දු (42) සහ හිරිපිටියගේ සහන් .චමින්ද (48) යන අය වේ.ඉඩම් රෙජිස්ටාර් කාර්යාලයේ පත්ඉරු පරීක්ෂා කිරීමට නීතිඥවරයෙකුගේ බලය පැවරූ ලිපියක් අවශ්‍ය වන අතර මෙම දෙදෙනා ව්‍යාජ ලෙස එම ලිපි සකස් කරගෙන පත්ඉරු පරීක්ෂා කර ඇති බවත්, එසේ පරීක්ෂා කරන මුවාවෙන් ඔවුන් පත්ඉරු ගලවාගෙන ගොස් එහි තිබෙන භුමි ප්‍රමාණය වැඩියෙන් සටහන් කර නැවත පොත්වල අලවන බවට ලැබුණු තොරතුරක් අනුව ගාල්ල දිස්ත්‍රික් ලේකම්වරයාගේ උපදෙස් පරිදි අතිරේක ඉඩම් රෙජිස්ටාර්වරයකු පොලිසියට දන්වා ඇත.ඒ අනුව රැකවලෙහි සිටි බුද්ධි අංශයේ නිලධාරින් පිරිසක් ඊයේ (03) ඔවුන් දෙදෙනා එසේ සොරකම්කර ගලවාගෙන ගොස් තිබූ පත්ඉරු නැවත පොතේ ඇලවිමට යාමේදී අත්අඩංගුවට ගෙන වැඩිදුර පරික්ෂණ සඳහා විශේෂ අපරාධ විමර්ශණ අංශයට බාරදී ඇත. එම දෙදෙනා මෝටර් රථයකින් පැමිණ තිබූ අතර එම මෝටර් රථයද පොලිස් බාරයට ගෙන තිබේ.විමර්ශනවලදි අනාවරණය වී ඇත්තේ පත්ඉරු හොරෙන් ගලවා ගෙන ගොස් ඒවායේ භුමි ප්‍රමාණය වැඩියෙන් සඳහන් කර නැවත පොතේ අලවා ඒවාට ව්‍යාජ ඔප්පුද සකස්කර ඇති බවය. ඒ සඳහා විවිධ පුද්ගලයින්ගෙන් විශාල වශයෙන් මුදල් ලබාගෙන ඇති බවත් අනාවරණය වි තිබේ.අත් අඩංගුවට ගන්නා අවස්ථාවේ  ඔවුන් සන්තකයේ තිබී මිගමුව සහ ගම්පහ ප්‍රදේශවල  නීතිඥවරුන් දෙදෙනෙකුගේ ව්‍යාජ නිල මුද්‍රා දෙකක්ද පොලිසිය විසින් සොයාගෙන ඇත.අක්මිමණ, බද්දේගම, පින්නදූව ආදී ප්‍රදේශවල ඉහළ වටිනාකමින් යුත් ඉඩම්වල පත් ඉරු මෙසේ ගලවාගෙන ගොස් ඇති අතර දිස්ත්‍රික් ඉඩම් ර‍ෙජිස්ටාර් කාර්යාලයේ සේවය කරන අයෙකුගේ ඉඩමකට අයත් පත් ඉරුවක්ද ගලවාගෙන ගොස් තිබූ පත්ඉරු අතර වන බවද පොලිසිය පැවසීය.මේ පිළිබඳ වැඩිදුර පරික්ෂණ පවත්වා ගෙන යනු ලැබේ.
පත්ඉරු ගැලවූ දෙදෙනෙකු රිමාන්ඩ්
0
hp_train_7365
බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත් වලත් පුත්තලම දිස්ත්‍රීක්කයේත් වැසි වාර කිහිපයක් ඇති වන බවත්  සෙසු ප්‍රදේශ වල සවස 2.00 න් පසු තැනින් තැන ගිගුරුම් සහිත වැසි වර්ධනය වන බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය                                                      දිනය : 12/11/2015    නගරයඋෂ්ණත්වය (සෙ. අංශක)සාපේක්ෂ ආර්ද්‍රතාවය (%) කාලගුණයඋපරිමඅවමඋපරිමඅවමඅනුරාධපුරය32239570සවස 2.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.මඩකලපුව30259570සවස 2.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.කොළඹ32249575වැසි වාර  කිහිපයක්.ගාල්ල30259075වැසි වාර  කිහිපයක්.යාපනය30249080සවස 2.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.මහනුවර29209570සවස 2.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.නුවරඑළිය20139575සවස 2.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.රත්නපුරය32229570වැසි වාර  කිහිපයක්.ත්‍රීකුණාමළය32249070සවස 2.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.මන්නාරම30259075සවස 2.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.   
‘පළාත් කීපයකට හෙටත් වැසි‘
1
hp_train_7366
(දිලීප් ජයසේකර) හෝටලයක් ඉදිකිරිමට අසාධාරණ ලෙස ලබාගත් සිය ඉඩම යළි ලබා දෙන්නැයි ඉල්ලමින්  ලුණුගම්වෙහෙර, සීනිමුල්ල, ස්පිල් ගම්මානයේ පදිංචි දරු පවුලක් දින 08ක් තිස්සේ ලුණුගම්වෙහෙර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිට අඛණ්ඩ උපවාසයක් ආරම්භ කර තිබේ. මෙලෙස උපවාසයේ නිරතව ඇත්තේ ලුණුගම්වෙහෙර, සීනිමුල්ල, ස්පිල්ගම්මානයේ පදිංචිව සිටි 45 හැවිරිදි  සුවදහැන්නදිගේ සරත් මහතා, ඔහුගේ බිරිද හා දරුවන් සිව් දෙනාය. තමන් පදිංචිව සිටි ඉඩම ප්‍රාදේශීයසබා ජන්දයට ඉදිරිපත් වු අයෙකුට හෝටලයක් සෑදිමට දීම සම්බන්ධයෙන් විරෝධය පළකරමින් පසුගිය 24 දින සිට මෙම පිරිස අඛණ්ඩ උපවාසයේ නිරතව සිටිති. උපවාසයේ නිරත සිව් දරු පියෙකු වන 45 හැවිරිදි  සුවදහැන්නදිගේ සරත් මහතා පවසන්නේ තමන් වසර 28ක් පදිංචිව සිටි මෙම ඉඩම නිළධාරීන් හා එකතුවී ප්‍රදේශයේ දේශපාලඥයෙකුගේ වුමනාවට හෝටලයක් ගැසිමට තමන්ව ඉඩමෙන් ඉවත් කළ බවයි. මේ සම්බන්ධයෙන් අප ලුණුගම්වෙහෙර ප්‍රාදේශීය ලේකම් එල්.අයි.වික්‍රමනායක මහතාගෙන්ද විමසීමක් කළ අතර එහිදී ඔහු මෙසේ පැවසිය. මොහු රජයේ ඉඩමක් බලෙන් අල්ලගෙන ඉදලා නිසා හිටපු ප්‍රාදේශීය ලේකම්තුමා ඔහුට විරුද්ධව 2007දී නඩු පවරලා තියෙනවා.ඒ අනුව තිස්සමහාරාම මහේස්ත්‍රාත් අධිකරණයෙන් තමයි 2020 ජනවාරි මාසේ මේ අය ඉඩමෙන් ඉවත් කලේ නඩුවට අදාලව. මේ වන විට මේ ඉඩම සදහා ව්‍යාපෘති 03කට ඉල්ලීම් ලැබිලා තියෙනවා. ඒ අතරින් එක් ව්‍යාපෘතියක් සදහා ප්‍රාදේශීය ඉඩම් පරිහරණ කමිටුවෙන් හා දිස්ත්‍රික් ඉඩම් පරිහරණ කමිටුවෙන් අවසර ලැබිලා තියෙනවා.මේ ස්ථානයේ හෝටලයක් හදන්න කියලා තමයි ඉල්ලුම් කරලා තියෙන්නේ යැයි පැවසිය.
ලුණුගම්වෙහෙර ප්‍රා. ලේ. කාර්යාලය ඉදිරිපිට පවුලක් උපවාසයේ
0
hp_train_7367
ඉන්දියාවෙන් අඛණ්ඩව දෙවැනි දිනටත් දිනක් ඇතුළත නව කොරෝනා ආසාදිතයන් 11,929ක් අද (14) වාර්තා විය.එම ආසාදිතයන් 11,929දෙනා ඉන්දියාවෙන් පැය 24ක් ඇතුළත වාර්තා වූ වැඩිම ආසාදිතයන් ගණන ද විය.ඉන්දියාවෙන් සෙනසුරාදා පස්වරුවෙන් අවසන් වූ පැය 24ක කාලයේදී ආසාදිතයෝ 11,458 දෙනෙක් වාර්තා වූහ. මේ අනුව ඉන්දියාවෙන් වාර්තා වන කොරෝනා ආසාදිතයන්ගේ සමස්ත ගණන 3,20,922ක් දක්වා ඉහළ ගොස් ඇත. ඉන්දියාවේ විවිධ රෝහල්වල ප්‍රතිකාර ලබන කොරෝනා ආසාදිතයන්ගේ 1,49,348ක් වන අතර සුවය ලැබූ පිරිසගේ ගණන 1,62,379කි.ඉන්දියාවෙන් අද පස්වරුවෙන් අවසන් වූ පැය 24ක කාලයේදී කොරෝනා ආසාදිත මරණ 311ක් වාර්තා වූ අතර ඒ අනුව එරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිත මරණ ගණන 9,195කි.නව කොරෝනා වයිරසය හෙවත් ‘කොවිඩ්-19’ ගෝලීය වසංගතය හේතුවෙන් ඉන්දියාවේ වැඩිම බලපෑමක් එල්ල වූ ප්‍රාන්තය බවට පත්ව ඇත්තේ මහරාෂ්ට්‍ර ප්‍රාන්තය යි. එම ප්‍රාන්තයෙන් අද වනවිට වාර්තා වූ සමස්ත කොරෝනා ආසාදිතයන්ගේ ගණන 1,04,568ක් විය. තමිල්නාඩුවෙන් ආසාදිතයන් 42,687ක් ද දිල්ලියෙන් ආසාදිතයන් 38,958ක් ගුජරාට් ප්‍රාන්තයෙන් ආසාදිතයන් 23,038ක් ද මේ වනවිට වාර්තා වී ඇත.(එන්.ඩී.ටීවී. )055 
දෙවැනි දිනටත් ඉන්දියාවේ දිනක කොරෝනා ආසාදිතයන්ගේ ගණන 11,000 ඉක්මවයි
1
hp_train_7368
(ත්‍රිකුණාමලය - අමදෝරු අමරජීව කන්තලේ සිට)ගෝඨාභය රාජපක්ෂ මහත්තයා කියනවා රට හදන්න එයාට ඡන්දය දෙන්න කියලා. එහෙම නම් එයා ආරක්ෂක ලේකම් වෙලා ඉන්න වෙලාවේ එයාගේ අයියාට තිබුණාගේ රට හදන්න. අනෙක් පැත්තෙන් කියනවා රට හදන්න සජිත්ට දෙන්නලු. 2015 ඉඳලා එයාලනේ ආණ්ඩු කළේ. එතකොට රනිල් අගමැති සජිත් ඇමැති ඉතින් ඒ අයට තිබුණනේ රට හදන්න. මේ ප්‍රධාන පක්ෂ දෙක වසර 71ක් කළේ එක එක සන්ධානවලින් ඇවිත් රට පාලනය කරපු එක යැයි ජාතික ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පැවැසීය.කන්තලේ දුම්රිය පොළ අසල ඉකුත් 25 වැනිදා පැවැති ජනපතිවරණ ප්‍රචාරක රැලියක් අමතා අනුර කුමාර දිසානායක මහතා එසේ කීය.මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ අනුර දිසානායක මහතා මෙසේ ද පැවසීය.ලබන නොවැම්බර් 16දාට නව තීන්දුවක් ගන්න ඔබට ආරාධනය කරන්නයි අපි ආවේ. මේ රට හදන තීන්දුව තුළින් නීතියේ සාධාරණත්වය ඉටුවන රටක් අපි හදනවා. දැන් අපේ රටේ නීතියේ සාධාරණත්වය නැහැ. දුප්පත්තුන්ට දුබලයන්ට එක නීතියක්. බල පුළුවන්කාරයන්ට නව නීතියක්.සමහර අපරාධ තියනවා අදටත් සොයා ගන්න බැරි ඒවා. ලසන්ත, තාජුදීන් ඝාතන, ලලිත් - කූගන් පැහැර ගැනීම, එක්නැලිගොඩ අතුරුදන් කිරීම, පෝද්දල ජයන්තගේ කකුල් කඩා දැමීම, මේවා සොයා ගන්න බැරි අපරාධ. මේ අපරාධ සොයා ගැනීමට බැරිවෙලා තියෙන්නේ දේශපාලන මැදිහත්වීම් මත සිදුවූ අපරාධ නිසා. ඒ නිසයි අපි කියන්නේ නීතිගරුක සමාජයක් හදන්න නම් සැමට නීතියේ සාධාරණත්වය ඉටු වෙන්න ඕන කියලා.පසුගිය කාලේ පොලිසියේ 125කට ඒ.එස්.පී. උසස්වීම් දුන්නා. තනතුරු දුන්නාට ඒ තනතුරට අදාළව දෙන්න වාහන නැහැ. නමුත් මෛත්‍රීට ගන්න නිල රථයේ කෝටි 10ක බදු මුදලක් නිදහස් කළා. මහින්දට ගන්න වාහනයේ කෝටි 10ක බදු මුදල් නිදහස් කළා. කෝටි 10 බද්ද එතකොට වාහනයේ මිල ඊට වැඩියි. පොලිසියට නිසි උසස්වීම් නැහැ. 1994 බැඳුණු පී.සී. විශ්‍රාම අරන් ගෙදර යනකොටත් පී.සී. ගෙදර නෝනා උම්මා එකක්වත් දෙන්නේ නැහැ. ඇයි හැමදාම පී.සී. නේ. ඒ නිසා අපේ ආණ්ඩුවක් යටතේ පොලිස් නිලධාරීන් වෙනුවෙන් නව සේවා ව්‍යවස්ථාවක් හදනවා.චන්ද්‍රිකාට නිදහස් චතුරස්‍රයෙන් විශාල ගෙයක් දුන්නා. මහින්දට විජේරාමෙන් ගෙයක් දුන්නා. ඒකේ අලුත්වැඩියාවන් විතරක් ලක්ෂ 200යි. මෛත්‍රී මහත්තයා නොවැම්බර් 17දා ගෙදර යනකොට කැබිනට් එකට දාලා කෝටි 800ක ගෙයක් ගත්තා. හේමාටත් ගෙයක් දීලා තියනවා. ඒ විතරක් නොවෙයි මේ අයට ආහාරපාන, වාහන, ආරක්ෂාව කාර්ය මණ්ඩල මේ සියල්ලම නඩත්තු කරන්නේ ආණ්ඩුවෙන්. අපි ආපු ගමන් චන්ද්‍රිකාට යන්න පුළුවන් එයා හිටිය රොස්මිඞ් පෙදෙසේ ගෙට, මහින්ද යවනවා මිරිහානේ එයාගේ ගෙදරට. අපි අපේ ආණ්ඩුවක් යටතේ හිටපු ජනාධිපතිවරු නඩත්තු කරන එක නවත්වනවා. සජිත්ට කියන්න පුළුවන්ද අම්මාව එයාගේ ගෙදරට යවනවා කියලා. එයාට එහෙම කියන්න බැහැ.අවුරුදු පහකට බලයට පත්වන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට විශ්‍රාම වැටුපක් හිමිවෙනවා. මන්ත්‍රීවරයා මාස තුනකට පාරක් පාර්ලිමේන්තු ගියාම ඇති. නැතිනම් පාර්ලිමේන්තුවේ මේ දොරෙන් ඇතුල් වෙලා ඊළඟ දොරෙන් පිට වුණත් ඇති. ඒවාගේ අවුරුද්දට හතර වතාවක් පාර්ලිමේන්තු යන්න ඕනේ. මේ ක්‍රමය නැති කරමින් අපි මන්ත්‍රී විශ්‍රාම වැටුප ජනාධිපති විශ්‍රාම වැටුප අහෝසි කරනවා. ජනාධිපතිවරයා ඔහුට ඉන්න එක එක තැන්වල මාලිගා හදල තියෙනවා. යාපනයේ එකයි. උඩවලවේ එකයි. නුවර එකයි. නුවරඑළියේ එකයි. එක රැයක් බුදියගෙන නැතිව ඇති මේ මාලිගාවල. යාපනය මාලිගාවේ විතරක් පොලිසියේ 200ක් ඉන්නවා ආරක්ෂාවට. අපි මේ මාලිගවල් සංචාරක හෝටල් බවට පත් කරනවා.දැන් පාර්ලිමේන්තුව මහලු මඩම වගේ අවුරුදු 70ට වැඩි කී දෙනෙක් පාර්ලිමේන්තුවේ ඉන්නව ද? සමහර අයට පාර්ලිමේන්තුවේ පඩි පෙළ නගින්න දෙන්නෙක් දෙපැත්තෙන් අල්ලන් එන්න ඕන. අවුරුදු 84 එක්කෙනෙක් ඉන්නවා. 79 එක්කෙනෙක් ඉන්නවා. ජයවික්‍රම පෙරේරා ඇමැතිතුමාගෙන් පාර්ලිමේන්තුවේ දී අහන ප්‍රශ්නයට නෙවෙයි උත්තර දෙන්නේ. ඒ වෙලාවට කරු ජයසූරිය කථානායක කියනවා ඔන්න ඔහේ පාඩුවේ ඉන්න දෙන්න කියලා. අපි සීයා කෙනෙකුගෙන් කෑවේ නැද්ද කියලා ඇහැව්වාම තවම බෙහෙත් බිව්වේ නෑ පුතේ කියලා කියනවා වගේ අවුරුදු 70ට වැඩි අය පාර්ලිමේන්තුවට ඉල්ලන්ට දෙන්නේ නැති ක්‍රමයක් හදනවා.ඊයේ පෙරේදා අතුරු සම්මත ගිණුමක් දෙගොල්ලොම එකතු වෙලා සම්මත කර ගත්තා. අපි විතරයි මේකට විරුද්ධ වුණේ. ඒකේ තියන ජනාධිපතිවරණ වැය ශීර්ෂයේ දිනක වියදම කෝටි දෙකයි. මේ දෙගොල්ලෝ මේක සම්මත කර ගන්නේ ඇයි? සජිත් ආවොත් හරි ගෝඨා ආවොත් හරි මේ මුදල වියදම් කරන්නේ ඒ අයට. ඒ නිසා අපි අපේ පාලනයක් තුළ ජනාධිපති වැය ශීර්ෂය සියයට 90කින් කප්පාදු කරනවා.නොවැම්බර් 16දා ඡන්දෙන් නොවැම්බර් 17දා දිනලා දිවුරුම් දුන් ගමන් අපේ පාලනයක් තුළ හොරා කාපු දේපළ, මුදල් මාස දෙකේ එනම් ජනවාරි 17 කාලය තුළ ආණ්ඩුවට දෙන්න ඕන. එහෙම නැති වුණොත් අපි ආණ්ඩුවට ගන්නවා බැසිල්ගේ මල්වානේ නිවස, ගෝඨාභයගේ මිග්යානා අතයට සල්ලි, රනිල් හා රවි මහා බැංකුවෙන් හොරා කාපු සල්ලි, මහින්දානන්දගේ දේපොල මේ සියල්ලම රජයට ගන්නවා යැයි ද කීය.මෙහිදී අදහස් දැක්වූ කෝප් කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා මෙසේ පැවසීය.ජනතා විමුක්ති පෙරමුණ කියන්නේ ඡන්දෙ කාලෙට විතරක් ජනතාව ඉදිරියේ පෙනී සිටින පක්ෂයක් නොවෙයි. ඡන්ද කාලෙට බඩු බෙදන අරක්කු බෙදන පක්ෂයක් නොවෙයි. ජනතා විමුක්ති පෙරමුණ කියන්නේ ජනතාවගේ සැමදා හිතේ තියන පක්ෂයක්. ගොවියාට බීජ ටික වතුර ටික අරන් දෙන්න සටන් කරන පක්ෂයක්. ගොවියාගේ ඉඩම් ටික බේරා ගන්න පක්ෂයක්. ඡන්දෙන් පස්සේ ඔබ කියන අනෙක් පක්ෂ අපිව රැවැට්ටුවා අපරාදේ ජේ.වී.පී. පාලනයක් ආවා නම් හොඳයි කියලා.ඒ නිසා තමයි මේ රට හදන්න අනුර සහෝදරයා ඉදිරිපත් කරලා තියෙන්නේ. මග වරදින කොට පාර කියන්නේ මාලිමාවයි. ඒ නිසයි ජාතික ජන බලවේගය මාලිමාවෙන් ඉදිරිපත් වෙන්නේ. නැගෙනහිර පළාතේ දැවැන්ත සංවර්ධනයට පංගුකාරයෙක් වෙන්න, කොටස්කාරයෙක් වෙන්න ත්‍රිකුණාමලයේ ඕනෑ තරම් සම්පත් තියනවා. තෙල් ටැංකි ටික, ස්වභාවික වරාය, සංචාරක කර්මාන්තය ඒ අතින් විශේෂයි. ආසියාවටම සීනි දෙන්න පුළුවන් කන්තලේ සීනි කම්හල පරණ යකඩවලට කපලා විකුණන්න සූදානම් වෙනකොට අපි කෑගහලා ඒක නැවැත්තුවා. ත්‍රිකුණාමලයේ තියන තෙල් ටැංකිවල ලංකාවට තෙල් මාස හයකට දෙන්න ගබඩා කරන්න පුළුවන්. ලෝකයේ තෙල් මිල අඩුවෙනකොට ගබඩා කරන තෙල් ලංකාවේ ස්ථාවර මිලකට දෙන්න පුළුවන්. ඔය මිල සූත්‍ර වැඩක් නැහැ. තෙල් මිල ඉහළ යෑම මේ නිසා පාලනයක් වෙනවා.පසුගිය වසරේ ඛනිජ තෙල් සංස්ථාවේ පාඩුව රුපියල් කෝටි 10,502යි. මේ තෙල් ගබඩා කරලා තිබුණා නම් පාඩුව මගහරවා ගන්න තිබුණා.රට හදන සැලැස්ම තියෙන්නේ අපි ළඟ. සිංහල, දෙමළ, මුස්ලිම් ජාතික සමගිය සඳහා සැලැස්ම තියෙන්නේ අපි ළඟ යැයි ද ඔහු කීය.ප්‍රවීණ රංගන ශිල්පිනී දීපානි සිල්වා, සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ප්‍රධාන ලේකම් පී.බී. සරත්, යහපාලනය සඳහා වූ ජාතික පෙරමුණේ ලේකම් වෛද්‍ය සහීර්, ජාතික ජන බලවේගයේ ආර්ථික ප්‍රතිපත්ති සම්පාදන කමිටු සාමාජික ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු  යන මහත්ම මහත්මීහු මෙහිදී අදහස් දැක්වූහ.අනතුරුව පැවැති මුතූර් රැලියේ දී මුස්ලිම් ප්‍රජාව අනුර කුමාර දිසානායක මහතා උණුසුම් ලෙස පිළිගැනීම විශේෂත්වයකි. ජනතා විමුක්ති පෙරමුණේ ත්‍රිකුණාමල දිස්ත්‍රික් සංවිධායක නීතිඥ අරුන් හේමචන්ද්‍ර මහතා ඇතුළු ක්‍රියාකාරිකයන් මෙම ජන හමු සංවිධානය කර තිබුණි. 
“ප්‍රධාන පක්ෂ වසර 71 ක් රටට කළ දෙයක් නෑ“
1
hp_train_7369
(ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක)වතු කම්කරුවන් පිරිසකට අද (10) එල්ල වූ බඹර ප්‍රහාරයක් හේතුවෙන් 45 දෙනෙක් තුවාල ලබා මස්කෙළිය ප්‍රාදේශිය රෝහල වෙත ඇතුළත් කර තිබේ.මස්කෙළිය පොලිස් වසමට අයත් ග්ලෙන්ටිල්ට් හා බැනියන් යන තේ වතුවල කම්කරුවන් පිරිසකට මෙම හදිසි බඹර ප්‍රහාරය එල්ල වී ඇත්තේ වතුවල දෛනික සේවා කටයුතු වල නිරිතවෙමින් සිටියදීය.බැනියන් වතුයායේ කම්කරුවන් 22 කට හා ග්ලෙන්ටිල්ට් වතුයායේ කම්කරුවන් 23 ක් මෙහිදී තුවාල ලබා ඇති අතර එයින් 14 දෙනෙකු මේ වන විට මස්කෙළිය ප්‍රාදේශීය රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන බව ප්‍රධාන වෛද්‍ය නිලධාරි ලියැදිපිටිය මහතා පැවසීය. ඔවුන්ගේ තත්ත්වය බරපතල නොවන බවද ඒ මහතා පැවසීය. රෝගීන් 31 දෙනෙකු බාහිර රෝගී අංශයෙන් ප්‍රතිකාර ලබාගෙන පිටව ගොස් ඇත.නේවාසිකව ප්‍රතිකාර ලබන රෝගීන් අතර ගැහැණු කම්කරුවන් 10 දෙනෙකු සහ පිරිමි කම්කරුවන් 04 දෙනෙකු සිටින බව මස්කෙළිය රෝහලේ ප්‍රකාශකයෙක් පැවසීය.   
බඹරු ඇනීමෙන් වතු කම්කරුවෝ 20ක් රෝහලේ
0
hp_train_7370
 ( හැටන් රංජිත් රාජපක්ෂ  )                                                                       බගවන්තලාව , පෙට්රොසෝ වතුයායේ තේ වත්තේ අනවසරෙන් මැණික් ගරමින් සිටි හත්දෙනෙක් සැකපිට අද (10) අලුයම සැකපිට අත්අඩංගුවට ගත් බව බගවන්තලාව  පොලිසියේ වැඩ බලන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ධර්මකිර්ති මහතා පැවසිය. පෙට්රොසෝ රක්ෂිතයේ සිට කාසල්රි ජලාශයට ප්‍රධාන වශයෙන් ජලය ගලා බසිනා කෙසෙල්ගමුඔයේ ප්‍රධාන අතු ශාඛාවක් වන පෙට්රොසෝ ඔයේ විශාල වලවල් හාරා පරිසර විනාශයක් සිදු කරමින් මෙම ජාවාරම්කරුවන් පිරිස අවසරෙන් මැණික් ගරමින් සිටින බවට ලද තොරතුරක් මත  මෙම වැටලිම සිදු කර සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත. සැකකරුවන් මැණික් ගැරිමට උපයෝගි කරගත් උපකරණ රැසක් ද පොලිස්භාරයට ගෙන ඇති අතර, අත්අඩංගුවට ගත් සැකකරුවන් බලංගොඩ සහ පෙට්රොසෝ වතුයායේ පදිංචිකරුවන් බවයි පොලිසිය කියා සිටියේ. අත්අඩංගුවට ගත් සැකකරුවන් හැටන් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතයි.
අනවසරයෙන් මැණික් ගැරූ 7 ක් අත්අඩංගුවට
1
hp_train_7371
ඉදිරි දින  දෙකේ ශ්‍රී ලංකාවේ නිරිත දිග  සහ කඳුකර ප්‍රදේශවනලත් බස්නාහිර සහ දකුණු මුහුදු ප්‍රදේශ වලත් විටින් විට  පැයට කිලෝ මීටර් 60-70 පමණ තද සුළං   බලාපොරොත්තු වන බව  කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත් වල සහ ගාල්ල, මාතර සහ යාපනය දිස්ත්‍රික්ක වල මද වැසි ඇති වන අතර නැගෙනහිර සහ ඌව පළාත්වල ස්ථාන ස්වල්පයක සවස 2.00න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. සෙසු  ප්‍රදේශ වල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවති.ප්‍රධාන  නගර සදහා කාලගුණ අනාවැකිය                                                      දිනය : 21/07/2016නගරය නගරයඋෂ්ණත්වය(සෙ. අංශක)සාපේක්ෂ  ආර්ද්‍රතාවය  (%) කාලගුණයඋපරිමඅවමඋපරිමඅවමඅනුරාධපුරය33258555ප්‍රධාන වශයෙන් වැසි රහිතමඩකලපුව35268550ප්‍රධාන වශයෙන් වැසි රහිතකොළඹ30278075ප්‍රධාන වශයෙන් වැසි රහිතගාල්ල29278580වැසි ස්වල්පයක්යාපනය33298055වැසි ස්වල්පයක්මහනුවර29219060වැසි ස්වල්පයක්නුවරඑළිය19139080වැසි ස්වල්පයක්රත්නපුරය32249065වැසි ස්වල්පයක්ත්‍රීකුණාමලය34258550සවස 2.00 න් පසු  වැසි හෝ ගිගුරුම් සහිත වැසිමන්නාරම31279070ප්‍රධාන වශයෙන් වැසි රහිත
‘නිරිතට සහ කඳුකරයට තද සුළං‘
1
hp_train_7372
(මීරිගම විශේෂ පුෂ්පකුමාර මල්ලවආරච්චි)හොරෙන් පොල් කඩා අයිතිකරුට අසුවීමෙන් පසු සමාව ඉල්ලා සමාව ලැබුණු පසු ගස් දෙකක පොල් කැඩීම සඳහා කුලිය දෙන්නැයි ඉල්ලූ සොරෙකු පිළිබඳව සියනෑවේ ගම්මානයකින් පසුගියදා වාර්තාවිය.ප්‍රදේශයේ පොල් වත්තකි. නිතර සොරකමට පුරුදු අයකු හිමිදිරියේම හොරාට පොල් කඩන්නට ගියේ අයිතිකරු එන්නට පෙරය. මේ දිනවල පවතින පොල් හිඟයත් මිල ඉහළ යාමත් නිසා ඔහු හොර පොල් කැඩීමේ නිරත වූයේය. ගස් දෙකක පොල් කැඩූ ඔහු තවත් ගසකට නගින්නට සූදානම් වෙද්දී එහි ආ අයිතිකරුට අසුවිය. ගස් දෙකෙන් කඩාගත් පොල් ගෙඩි කිහිපය පැත්තක තිබිණි.කර කියාගත හැකි දෙයක් නොවූ සොරා බේරෙන මගක් සොයා ගනු පිණිස අයිතිකරු හමුවේ වැඳ වැටුණේ ය. ජීවත්වෙන්නට මඟක් නැති කමත් ලෙඩදුක් කරදර නිසාත් වැරැදි වැඬේ කළ බව ඔහු කීය. හොර පොල් කැඩූ අය සමාව ඉල්ලද්දී හිත උණූවූ ඉඩමේ අයිතිකරු කෑමට පොල් ගෙඩි දෙකක්ද දී යාමට ඉඩ දුන්නේ නැවත මෙවැනි වැරැදි නොකරන ලෙසට අවවාදයක්ද කරමිනි.පොල් ගෙඩි දෙක අතට ගත් ඔහු ‘මහත්තයා පොල් කැඩූ ගස්වලට කුලිය දෙන්න’ බැරිදැයි විමසීය. අයිතිකරු හොඳ කුලියක් දෙන්නම් කියා වටපිට බලද්දී අතට ගත් පොල් ගෙඩි දෙකත් බිම දමා හොරා පලාගියේ ගුටි නොකා බේරෙන්නටය.
හොරෙන් පොල් කඩා අහුවුණාම කුලියත් ඉල්ලලා
1
hp_train_7373
කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් රෝහල්ගතව සිටි 715ක් සුවය ලබා අද(15) පිටව ගොස් ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය පවසයි.ඒ අනුව, සුවය ලැබූ සමස්ත ආසාදිතයන් ගණන 69, 411කි. එය ප්‍රතිශතයක් වශයෙන් 90.9%කි. ආසාදිතයන් සුවය ලැබීමේ අනුපාතය ප්‍රතිශතයක් ලෙස 91.75%ක් බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ නිල වෙබ් අඩවියේ දැක්වේ.ඉන්දියාවේ එම අගය 97.29%කි. ලෝකයේ කොරෝනා ආසාදිතයන් සුවය ලැබීමේ ප්‍රතිශතය අද වනවිට 74.64%කි.අද දිනයේදී වැඩිම පිරිසක් සුවය ලබා පිටව ගොස් ඇත්තේ කහවත්ත ප්‍රතිකාර මධ්‍යස්ථානයෙන් වන අතර එම ගණන 126කි.කෙසේවෙතත් මේ වනවිට ආසාදිතයෝ 5,846දෙනෙක් තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් පසුවෙති.අද උදෑසන වනවිට 664දෙනෙකු කොරෝනා බවට සැක සහිතව රෝහල්ගත කර ඇති බවද වසංගත රෝග විද්‍යා අංශය පෙරවරු 10.00ට නිකුත් කළ නිවේදනයේ දැක්වේ.මේ වනවිට ශ්‍රී ලංකාවේ කොරෝනා මරණ ගණන 397ක් වන අතර, එය ප්‍රතිශතයක් වශයෙන් 0.52%කි.  ශ්‍රී ලංකාවේ ජනගහනය මිලියනයකට සිදු වූ කොවිඩ් මරණ ගණන 18කි.සමස්ත කොරෝනා ආසාදිතයන් ගණන 75,654කි.(රූප සටහන්/ ප්‍රස්තාර - සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ වෙබ් අඩවියෙනි)
සුවය ලැබූවන් 69,000 පනී
1
hp_train_7374
(කැලණිය - ලාල් එස්. කුමාර සහ වැල්ලම්පිටිය - ශාන්ත සෙනෙවිරත්න)“අපේ ආණ්ඩුව කාලේ ගොවියාට පොහොර සහනාධාර ලබාදීලා අස්වැන්න වැඩි කළා. අපේ කාලයේ වී අස්වැන්න කොහොම තිබුණ ද කිව්වොත් මේ ආණ්ඩුව ඇවිල්ලා මත්තල ගුවන්තොටුපළෙත් වීවලින් පිරෙව්වා. එහෙම තිබුණ මේ රටට අද පිටරටට අතපාන්න වෙලා. ඒ තත්ත්වය ඇති කළ මේ ආණ්ඩුවේ අපේක්ෂකයකුට කෘෂිකර්මය ගැන කතා කරන්න බැහැ.” යැයි විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පෙරේදා (19) පැවැසීය.කිරිබත්ගොඩ නගරයේදී පෙරේදා (19) පැවැති ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ රැලියේදී විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළේය. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ කැලණිය සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණවීර මහතා විසින් මෙම රැලිය සංවිධානය කර තිබිණි.විපක්ෂ නායකවරයා මෙසේ ද පැවැසීය.“මේ ආණ්ඩුවේ අපේක්ෂකයාට දැන් කෘෂිකර්මය මතක් වෙලා. අපි පොහොර සහනාධාරය කෘෂිකාර්මික කටයුතුවලට දෙනවා කිව්වහමයි එයාටත් මතක් වෙලා තිබෙන්නේ.මේ අපේක්ෂකයා හිටපු ආණ්ඩුව කෘෂිකර්මය විනාශ කරලා දැම්මා. රට තුළ කුඹුරු වගා කිරීම නතර කෙරෙව්වා. මේ ආණ්ඩුව ආපු දවසේ ඉඳලා අක්කර ලක්ෂයක් මුඩු කෙරෙව්වා.අපේ කාලයේ ගොවියාට පොහොර සහනාධාර දීලා කෘෂිකාර්මික කටයුතු නගාසිටෙව්වා. අපේ කාලයේ වී අස්වැන්න කොහොම තිබුණා ද කිව්වොත් මේ ආණ්ඩුව ඇවිල්ලා මත්තල ගුවන්තොටුපළෙත් වී අස්වැන්න පිරෙව්වා. එහෙම තිබ්බ රටට පිටරටට අතපාන්න වෙලා. එවැනි තත්ත්වයක් ඇති කරපු මේ ආණ්ඩුවේ අපේක්ෂකයකුට කෘෂිකර්මය ගැන කතා කරන්න බැහැ.මේ අවුරුදු හතරේ කරපු වැඩ මේ රටේ ජනතාව දන්නවා. විරැකියාවෙන් පෙළෙනවා. උපාධිධාරීන්ට රැකියා නැහැ. අපේ ආණ්ඩුව කාලේ උපාධිධාරීන් 55000කට රැකියා දුන්නා. මේ ආණ්ඩුව අද හෙංචයියලාට රක්ෂා දෙනවා. මැතිවරණ නීති අමු අමුවේ උල්ලංඝනය කරනවා. මේ ආණ්ඩුව අද තැපෑලෙන් පත්වීම් ලබාදෙනවා. අපේ ගමටත් ඈත පළාත්වලින් එවලා තිබෙනවා. ඒ අයට ඉන්න තැනක් නැහැ. බෝඩිම් සොය සොයා ඇවිදිනවා. දේශපාලනඥයන් පස්සේ යන්නේ නැතිව රක්ෂා ලබාදීම අපේ වගකීම වශයෙන් අපි සලකනවා.අද මම කැලණිය පාලම පැනලා මේ පැත්තට එනකොට පැල්පත් පෙනුණා. එහා පැත්තේ පැල්පත් නැති කරපු අපි මෙහා පැත්තේ (කැලණියේ) පැල්පත් නැති කිරීමේ වැඩපිළිවෙළත් අප ක්‍රියාත්මක කරනවා.මේ දවස්වල බොරු ප්‍රචාර යවනවා. ෆේස්බුක්, කටකතා, බොරු කියනවා. ඒවට රැවැටුණු යුගය ඉවරයි. 2015 දී රැවැටුණා. දෙපාරක් රැවැටෙන්නේ නැහැ. අපි දැම්මේ නිකන් මිනිහෙක් නොවේ. අපේ නායකයෝ එක්ක කතා කරලා හොඳට හිතලා බලලා වැඩ කරන්න පුළුවන් කෙනෙක් දැම්මේ. මේ වෙලාවට රටට අවශ්‍ය වැඩ කරන මිනිහෙක්. නිදි මරාගෙන යාල කැලේ අලි කොටි දිහා බලාගෙන ඉන්න මිනිහෙක් නොවෙයි.අපි වැඩ කරන්න පුළුවන් ගෝඨාභය රාජපක්ෂ දාලා තිබෙනවා. 16 වැනිදා උදේ පාන්දර ගිහිල්ලා අර ඈත පෙනෙන පොහොට්ටුව මතක තබාගෙන ගිහිල්ලා ඡන්දය පාවිච්චි කරලා පොහොට්ටුව දිනවන්න කටයුතු කරමු.” යැයි මහින්ද රාජපක්ෂ මහතා වැඩිදුරටත් පැවැසීය.ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා මෙසේ පැවැසීය.“අද රටේ ජනතාව ඉල්ලා සිටින්නේ අපට ආරක්ෂිත රටක් ලබාදෙන්න, රට ආරක්ෂා කරදෙන්න. එදා ත්‍රිවිධ හමුදාව පොලිසිය සිවිල් ආරක්ෂක රණවිරුවන් දිනාගත් රට නැවතත් බෝම්බ පුපුරණ තත්ත්වයකට පත් වුණා. අපේ රජයක් යටතේ ජාතික ආරක්ෂාවට ප්‍රමුඛත්වය දෙනවා. නැවතත් මේ රට සෛවරී සුරක්ෂිත රටක් කරන බවට මම පොරොන්දු වෙනවා.අපි එදා අණ දුන්නේ ආර්ථිකයෙන් ඉහළ සංවර්ධිත රටක්. අද සෑම ක්ෂේත්‍රයක් වාගේම පරිහානියට පත්වෙලා. අපි මේ රට සංවර්ධනය කිරීමට නිසැකවම ප්‍රතිපත්ති මාලාවක් ඉදිරිපත් කරනාව. ලෝකයේ තිබෙන ආර්ථිකයත් සමග ඉදිරියට යන විශේෂයෙන්ම ආසියාවේ දැනුම මුල් කරගත්තු ආර්ථිකයක් ඔස්සේ රට සංවර්ධනය කිරීමට ආර්ථික සැලැස්මක් අපි ඉදිරිපත් කර තිබෙනවා. මේ ආර්ථික සැලැස්ම ක්‍රියාත්මක කිරීම සඳහා අපි විශේෂයෙන් මේ රටේ මිනිස් සම්පත කෙරෙහි විශ්වාසය තබනවා.අද තරුණ තරුණියන් අතරමං වෙලා තිබෙනවා. උසස් පෙළ සමත් වෙලා විශ්වවිද්‍යාලවලට ඇතුළත් වෙන්න පුළුවන්කමක් නැතිව අතරමං වෙලා.ඒ වගේම උසස් පෙළ අසමත් වූ සෑම ක්ෂේත්‍රයකම විශාල තරුණ පිරිසක් අතරමං වෙලා සිටිනවා. අපේ රජයක් යටතේ අධ්‍යාපනය වෙනුවෙන් විශාල ආයෝජනයක් කරනවා. ඒ අනුව උසස් පෙළ සමත් විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබන්නට සුදුසු සියලු අයට විශ්වවිද්‍යාලවලට ඇතුළත් වීමේ වරම ලබාදෙනවා.ඒ වගේම තාක්ෂණ විද්‍යාල, කාර්මික විද්‍යාල, වෘත්තිය විද්‍යාල ඇති කර ඔවුන්ට හොඳ වේතනයක් ලබන්නට හැකි රැකියා ලබා දෙනවා. ගම්පහ දිස්ත්‍රික්කය රැකියා කේන්ද්‍රස්ථානයක් බවට අපේ රජයක් යටතේ පත් කරනවා.කැලණිය විශ්වවිද්‍යාලයේ ධාරිතාව වැඩි කරනවා. ඒ හා සම්බන්ධ උපාධි ආයතන, වෘත්තීය පුහුණු හා තාක්ෂණ මධ්‍යස්ථාන ඇති කරනවා.ගම්පහ දිස්ත්‍රික්කය පාරම්පරික වෙදකම වෙනුවෙන් ප්‍රසිද්ධයි. විශේෂයෙන්ම වික්‍රමාරච්චි ආයුර්වේද විද්‍යායතනය අපි විශ්වවිද්‍යාලයක් බවට උසස් කළ යුතුයි. ඒ වගේම මේ දිස්ත්‍රික්කය පලතුරු වගා කරන ප්‍රදේශයක්. ඒ අනුව නව තාක්ෂණ ක්‍රමවේද හඳුන්වලා දීලා කෘෂිකර්මය දියුණු කරන්න පුළුවනි. ඒ වගේම පුරන් වූ කුඹුරු කාබනික පොහොර යොදවලා අස්වැද්දීම කරනවා.අපේ රජයක් යටතේ ජාතික ආරක්ෂාව, ඒ වගේම ආර්ථිකය, අධ්‍යාපනය වැනි ක්ෂේත්‍රවලට ප්‍රමුඛතාව දීම හරහා සුරක්ෂිත රටක්, සෞභාග්‍යවත් රටක් ලබා දෙන්න මා පොරොන්දු වෙනවා. ඒ සඳහා තමුන්නාන්සේලාගේ යුතුකම ඉටු කරන්න. මම මගේ යුතුකම ඉටු කරලා සෞභාග්‍යවත් රටක් බිහි කරනවා.” යැයි ද ගෝඨාභය රාජපක්ෂ මහතා වැඩිදුරටත් පැවැසීය.  පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා මෙසේ පැවැසීය.“එදා 2005 මහින්ද රාජපක්ෂ එනකොට මේ රට තිබුණේ සෝල්හයිම් අතේ. මේ රට දෙමළ ඊළම නිර්මාණය කරලා අසරණ වෙලා තිබුණේ. බෙදලා තිබුණ රටේ ආරක්ෂාව සහතික කරලා මාතෘ භූමියට පණ දෙන්න මහින්ද රාජපක්ෂ ආණ්ඩුවට පුළුවන් වුණා.අන්තවාදීන් සහරාන්ලා හුරතල් කරපු වීඩියෝ පටයක් දැන් පෙන්වලා තිබෙනවා. එහි හකීම් සහරාන්ලාට අතට අත දෙනවා. සාකච්ඡා පවත්වනවා. පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන සොයන්න ආණ්ඩුව පත් කරපු තේරීම් කාරක සභාවේ එක නඩුකාරයෙක් තමයි හකීම්. නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ. ඒ හකීම් දැන් සජිත් ප්‍රේමදාසගේ වේදිකාවේ. සහරාන්ගේ අවතාරය ඉන්නේ සජිත්ගේ වේදිකාවේ.මහ බැංකුව මහ දවල් සුද්ධ කරපු කඳවුරේ සජිත්ට වම් පැත්තෙන් සුජීව සේනසිංහ ඉන්නවා. බැඳුම්කරයේ ග්‍රන්ථ කතුවරයා ෆුට් නෝට් කල්ලියේ අජිත් පී. පෙරේරා දකුණු පැත්තේ. රවී කරුණානායක පිටුපස්සේ ඉන්නවා. කබීර් හෂීම් එක් තවත් චූදිතයෙක්. ඒ ඔක්කොටම වඩා නායක රනිල් බැබලි බැබලී ඉන්නවා.අද භේදයකින් තොරව මුළු රටම ගෝඨාභය රාජපක්ෂ ඕනෑ කියනවා. මත්ද්‍රව්‍ය මාෆියාවට, හොර ජාවාරම්කාරයින් වැනි කොටස්වලට අද ගෝඨා බය කියනවා. මහජනතාවට පාට් පෙන්වන රාජ්‍ය සේවයේ සමහරුන්ටත් ගෝඨා බය තිබෙනවා. සිංහල දෙමළ මුස්ලිම් අපි කාටවත් ගෝඨා බය නැහැ. අපේ ජනතාව ඉල්ලන්නේ ගෝඨා තමයි. රටේ විනය හදන්න පුළුවන් ගෝඨාභයටයි.මේ 16 වැනිදා ජාතික ආරක්ෂාවට පණ දෙන්න අලුත් රටක් හදන්න පටන් ගන්න දිනයයි. ඒ සඳහා ඔබගේ ඡන්දය පොහොට්ටුවට ලබා දෙන්න.” යැයි විමල් වීරවංශ මහතා වැඩිදුරටත් පැවැසීය.පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණවීර මහතා මෙසේ පැවැසීය.“මහින්ද රාජපක්ෂ සමග යන අපිට වහල්ලු කියනවා. මේ රටට ආදරය කරන මේ මාතෘ භූමියට ආදරය කරන මේ රටේ ජාතික සම්පත් විකුණන්නේ නැති මහින්ද රාජපක්ෂ පස්සෙන් යන අපිට නම්බුයි. මේ රටේ ජාතික සම්පත් විකුණන් කන, මේ රට පිටරටට පාවලා දෙන, මේ රටේ ත්‍රස්ත්‍රවාදය අන්තවාදය පස්සේ යනවාට වඩා අපි මහින්ද රාජපක්ෂ සමග මේ ගමන ඉදිරියට යනවා. ඒක අපට ලොකු නම්බුවක්. අපි සියලු දෙනා එකතු වෙලා 16 වැනිදා මේ ආණ්ඩුව පෙරළන්න පෙළගැසෙමු.”මෙම අවස්ථාවට විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ජී.එල්. පීරිස්, විමල් වීරවංශ, වාසුදේව නානායක්කාර, සිසිර ජයකොඩි මහත්වරුන් ද පළාත් සභා, ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් ඇතුළු විශාල ජනතාවක් ද එක්ව සිටියහ.ඊට අමතරව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ගම්පහ දිස්ත්‍රික් සංවිධායක රෙහෙනසිරි වරාගොඩ මහතා ඇතුළු එම පක්ෂයේ ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රීවරු කිහිපදෙනෙක් ද ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට සහාය පළ කරමින් එම වේදිකාවට එක් වූහ.එලෙස එක්සත් ජාතික පක්ෂයෙන් කැලණිය ප්‍රාදේශීය සභාවට තරග කළ බුද්ධික මිහිපති මහතා ද පොදු ජන පෙරමුණට එක්විය. 
“අපි ජාතික ආරක්ෂාවට මුල් තැන දෙනවා“
1
hp_train_7375
(චන්ද්‍රසිරි ගුණසේකර)ඇල්පිටිය විවිධ සේවා සමූපකාර සංගමයට අයත් ඇල්පිටිය ඉන්ධන පිරවුම් හලේ සේවකයන් ගේ ඉල්ලිමට ප්‍රතිචාර දක්වමින් මෙම සදුදා ඔවුන්ගේ ඉල්ලිම ඉටු කර දෙන බවට  සංගමයේ සාමන්‍යාධිකාරිවරිය එම සේවකයන්ට පොරොන්දු වීම නිසා අද උදෑසන සිට ඔවුන් යළිත් පුරුදු පරිදි සේවය ආරම්භ කළ බව එම සේවකයෝ පවසති . අත්‍යාවශ්‍ය සේවාවක් ලෙස ඉන්ධන පිරවුම් හලේ සේවකයන් කරන සේවය සදහා තමන්ට අමතර දීමනාවක් ලබාදෙන ලෙස ඔවුන් සිය පාලනාධිකාරිය වෙත ඉදිරිපත් කල ඉල්ලිමට යහපත් ප්‍රතිචාර යක් නොලැබීම නිසා ඊයේ එම සේවකයන් වැඩ වර්ජනයක් ආරම්භ කර තිබුණි.එම දීමනාව ලබා දෙන ලෙස අධ්‍යක්ෂ මණ්ඩලයේ අනුමැතිය පවා ලැබී තිබියදී පාලනාධිකාරිය එම දීමනාව ලබා නොදිමට විරෝධය  පලකිරීමට ඔවුන් එම වැඩ වර්ජනය අරඹා තිබිණි. පොලිසිය ඇතුලු අත්‍යාවශ්‍ය සේවාවන් සදහා ඇල්පිටිය නගරයේ ඉන්ධන සපයන එකම ඉන්ධන පිරවුම් හල මෙය නිසා මෙම වැඩ වර්ජනය එම සේවාවන් ට බෙහෙවින් බලපාන්නක් වී තිබුණි.ඉන්ධන පිරවුම් හලේ සේවකයන් 11 දෙනෙකු මෙම වර්ජනයට ඊයේ එක්ව සිටි අතර අද සිට ඔවුන් සියලු දෙනාම සේවයේ යෙදෙන බව එම සේවකයෝ පැවසූහ
ඇල්පිටිය සමූපකාර ඉන්ධන පිරවුම්හලේ වර්ජනය අවසන්
1
hp_train_7376
 සෙලාන් බැංකුව 2021 වසරේ අනුරූප කාලපරිච්ඡේදය තුළ වාර්තා කළ රුපියල් මිලියන 2,105 ට සාපේක්ෂව 2022 ජුනි 30 දිනෙන් අවසන් මාස 6 සඳහා රුපියල් මිලියන 1,504 ක බදු පසු ලාභයක් වාර්තා කිරීමට සමත් විය.විශේෂයෙන් මේ වසරේ දෙවැනි කාර්තුවේදී, ශ්‍රී ලංකාව නිදහස ලැබූ පසු මුහුණ දුන් දරුණුතම ආර්ථික අර්බුදකාරී වකවානුව තුළ බැංකුව ක්‍රියාත්මක වූ අතිශය අභියෝගාත්මක සහ අහිතකර තත්ත්වයන් හමුවේ මෙවැනි අගයක් වාර්තා කිරීම ප්‍රශංසනීය බැංකු කාර්ය සාධනයක් ලෙස මූල්‍ය විශ්ලේෂකයෝ පෙන්වා දෙති.ශුද්ධ පොලී ආදායම රුපියල් මිලියන 10,971 සිට රුපියල් මිලියන 16,851 දක්වා ඉහළ ගොස් ඇති අතර එය 2022 ජුනි 30 දිනෙන් අවසන් වූ මාස 6 සඳහා පෙර වසරට සාපේක්ෂව සියයට 53.60 ක වර්ධනයක් ලබා ගෙන තිබේ. ප්‍රධාන වශයෙන් හර සහ ණය කාඩ්පත් ආශ්‍රිත ආදායම, විද්‍යුත් බැංකුකරණයේ කොමිස් ආදායම, තැන්පතු සඳහා සේවා ගාස්තු සහ ප්‍රේෂණ සඳහා කොමිස් ඉහළ යාමත් ඇපකර ආශ්‍රිත ආදායම සහ ණය සහ අත්තිකාරම් ආශ්‍රිත ආදායම අඩු වීමත් තුලනය වෙමින්  බැංකුවේ  ගාස්තු මත පදනම් වූ ශුද්ධ ආදායම වසරේ පළමු අර්ධය තුළ දී රුපියල් මිලියන 2,180 සිට රුපියල් මිලියන 2,776 දක්වා සියයට27.36 ක වර්ධනයක් පවත්වාගෙන ඇත.වෙළඳ කටයුතු, මූල්‍ය වත්කම් හඳුනා නොගැනීම, විදේශ විනිමය ගනුදෙනු යනාදියෙහි ශුද්ධ ඉපයීම් සමන්විත වෙනත් ආදායම් ශීර්ෂයන් සියයට 37.20 ක වර්ධන වේගයක් සහිතව වර්ෂ 2022 පළමු භාගය සඳහා පසුගිය වසරේ අනුරූප කාලයට සාපේක්ෂව රුපියල් මිලියන 1,526 ක සිට රුපියල් මිලියන 2,093 දක්වා වැඩිවීමක් පවත්වාගෙන ඇත.  පසුගිය වසරේ පළමු අර්ධය සඳහා වාර්තා වූ මුළු වියදම්  ප්‍රමාණය වූ රුපියල් මිලියන 6,750 අභිබවමින් 2022 ජූනි 30 දිනෙන් අවසන් වූ මාස 6 සඳහා මුළු වියදම් ප්‍රමාණය රුපියල් මිලියන සියයට7,251 දක්වා 7.43ක වැඩිවීමක් පෙන්නුම් කර ඇත. මේ සඳහා ප්‍රධාන වශයෙන් පාදක වී ඇත්තේ සාමූහික ගිවිසුම මත කාර්ය මණ්ඩල ප්‍රතිලාභ ඉහළ යාම හේතුවෙන් සේවක වියදම් රුපියල් මිලියන 287 කින් වැඩි වීමයි. ඉහළ උද්ධමනය සහ දේශීය මුදල් අවප්‍රමාණය වීමේ ප්‍රතිඵලයන්  ලෙස මිලදී ගැනීම් සහ සේවාවල පිරිවැය ඉහළ යාම හේතුවෙන් අනෙකුත් මෙහෙයුම් වියදම් හා ඊට සමගාමී ක්ෂය වියදම් ද සියයට7.35 කින් වැඩි විය. කෙසේ වෙතත්, විවිධ පිරිවැය ක්‍රමයන් භාවිතයෙන්  පිරිවැය අවම කරලීම සඳහා බැංකුව අඛණ්ඩව ඉදිරි පියවර ගනු ඇත.සියයට183.49 ක වැඩිවීමක් පෙන්නුම් කරමින් පසුගිය වසරේ අනුරූප කාලපරිච්ඡේදය තුළ වාර්තා වූ රුපියල් බිලියන 4 ක හානිකරණ ගාස්තුවට සාපේක්ෂව 2022 වසරේ දෙවැනි කාර්තුවේ දී රුපියල් බිලියන 11 ක මුළු අගය හානිකරණ ගාස්තුවක් බැංකුවට දැරීමට සිදු වී තිබේ. වර්ධනය වෙමින් පවතින ගෝලීය සහ දේශීය ආර්ථික අභියෝග සහ ගනුදෙනුකරුවන්ගේ ණය අවදානම් පැතිකඩ කෙරෙහි සංවේදී වෙමින් ඒ ඔස්සේ ඇති විය හැකි අනාගත බලපෑම ග්‍රහණය කර ගැනීම සඳහා බැංකුව විසින් හානිකරණය පාදක කර ගත් ප්‍රතිපාදන වැඩි කර ඇත.සමාලෝචිත කාල සීමාව තුළ දී බැංකුව විසින් ශුද්ධ ණය සහ අත්තිකාරම් අගය රුපියල් මිලියන 467,758 වන ලෙස  සියයට5.83ක ආන්තික වර්ධනයක් වාර්තා කර ඇත.  බැංකුවේ සමස්ත තැන්පතු පදනම 2021 දෙසැම්බරයේ රුපියල් මිලියන 488,653 සිට 2022 පළමු අර්ධය අවසන් වන විට  රුපියල් මිලියන 531,741 දක්වා වර්ධනය කර ඇත.බැංකුවේ ජංගම ගිණුම් සහ ඉතුරුම් ගිණුම් අනුපාතය (CASA) 31.92 ක් ලෙසින් පවතී. එමෙන්ම බැංකුවේ වත්කම් පදනම 2021 දෙසැම්බර් 31දා සිට රුපියල් මිලියන 58,902 කින් රුපියල් මිලියන 666,478 ක් දක්වා වර්ධනය වී ඇත.සමස්තයක් වශයෙන්, මාස හයක කාලය තුළ වාර්තා වූ කාර්ය සාධනයට අනුගාමීව බැංකුවේ කොටසක ඉපැයීම් අගය (EPS) රුපියල් 2.60 ක් ලෙසින් වාර්තා විය. බැංකුව 0.64% ක බදු පෙර සාමාන්‍ය වත්කම් මත ලාභයක් (ROAA) සහ 5.83% ක හිමිකම් මත ප්‍රතිලාභයක් (ROE) වාර්තා කළේය. 2022 ජුනි 30 වන දිනට බැංකුවේ කොටසක ශුද්ධ වත්කම් වටිනාකම රුපියල් 89.26 (සමූහ වටිනාකම රු. 92.46)ක් විය.සෙලාන් බැංකුව ප්‍රධාන ප්‍රාග්ධන ප්‍රමාණාත්මතා අනුපාතයන්  නියාමන අවම අවශ්‍යතාවලට වඩා බෙහෙවින් ඉහළ මට්ටමක පවත්වා ගැනීමට විචක්ෂණශීලී වී ඇති අතර පළමු පෙළ ප්‍රාග්ධන මුළු අනුපාතය සියයට10.18ක් සහ මුළු ප්‍රාග්ධන අනුපාතය සියයට 13.54ක් වශයෙන් පවත්වාගෙන ඇත.බැංකුවේ ද්‍රවශීලතා අනුපාතයන් ව්‍යවස්ථාපිත සීමාවන් තුළ මනාව පවත්වා ගැනීමට හැකි වී ඇත. දේශීය බැංකු ඒකකයේ සහ විදේශ මුදල් බැංකු ඒකකයේ ව්‍යවස්ථාපිත ද්‍රවශීල වත්කම් අනුපාතිකය (SLAR) පිළිවෙළින් සියයට25.97 සහ සියයට21.28 වශයෙන් පැවති අතර බැංකුවේ සියලුම ව්‍යවහාර මුදල් හා රුපියල්වලින් ඇති ගනුදෙනුවල ද්‍රවශීලතා ආවරණ අනුපාතය පිළිවෙළින් සියයට106.70 සහ සියයට152.42 ලෙස වාර්තා විය.බැංකුවේ (අදියර 3)  හානිකරණ ණයවල වත්කම් තත්ත්ව අනුපාතය සහ අදියර 3 ණය වල හානිකරණය (අදියර 3) වත්කම් තත්ත්ව අනුපාතය පිළිවෙළින් සියයට4.36 සහ සියයට 47.65 ලෙස පැවතුණි.595 සෙලාන් බැංකුවේ සභාපති රවී ඩයස් මහතාසෙලාන් බැංකුවේ අධ්‍යක්ෂ / ප්‍රධාන විධායක නිලධාරී කපිල ආරියරත්න
සෙලාන් බැංකුවට රුපියල් බිලියන 1.5ක බදු පසු ලාභයක්
1
hp_train_7377
( තිළිණි ද සිල්වා  සහ රංජන් කටුගම්පොළ )ලබන සතිය අවසන් වනතුරු මරණ දඬුවම ක්‍රියාත්මක කරමින්  තමන් යටතේ සිටින කිසිම පුද්ගලයකු එල්ලා මැරීම සිදු නොකිරීමට බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ජයසිරි විජේනාත් තෙන්නකොන් මහතා අද ( 28) අධිකරණය හමුවේ එකඟතාවය පළ කළේය.මරණදඬුවම් ක්‍රියාත්මක කරමින් කිසිම පුද්ගලයකු එල්ලා මැරීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා හිටපු පුවත්පත් කතුවරයකු ගොනු කළ රිට් පෙත්සම සම්බන්ධයෙන් අධිකරණය හමුවේ කරුණු දැක්වන්නැයි නියෝග කරමින් අභියාචනාධිකරණය අද (28) උදේ වරුවේ  නීතිපතිට නොතීසි නිකුත් කළේය.ඒ අනුව අද දවල් 2.30ට නීතිපතිට අධිකරණය හමුවේ පෙනී සිටියේය. නිතිපති වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් නෙරින් පුල්ලේ මහතා දන්වා සිටියේ ජනාධිපතිවරයා ගේ ක්‍රියාවක් අභියෝගයට ලක් කීරීමට අභියාචනාධිකරණයට අධිකරණ බලයක් නොමැති බවය.කරුණු සැළකිල්ලට ගත් අභියාචනාධිකරණය ජුලි 2 වැනිදා මෙම පෙත්සම සම්බන්ධයෙන් කරුණු දැක්වීමට තීන්දු කළ අතර එදිනට නීතිපති මූලික විරෝධතාවයක් ඉදිරිපත් කරන බවද අධිකරණයට දැන්වීය.(ඡායාරූප - ළහිරු හර්ෂණ)
පුවත්පත් කතුවරයාගේ පෙත්සම ගැන කරුණු දක්වන්න නීතිපතිට නොතිසී
0
hp_train_7378
නැගෙනහිර සහ ඌව පළාත් වලත්, හම්බන්තොට දිස්ත්‍රීක්කයේත් විටින් විට වැසි ඇති වන අතර උතුරුමැද පළාතේ වැසි වාර කිහිපයක්  ඇති වන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.බස්නාහිර, සබරගමුව, වයඹ සහ මධ්‍යම පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රීක්කවලත් සවස 4.00 න් පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇති වේ.ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය                                                      දිනය : 18/02/2016නගරයඋෂ්ණත්වය (සෙ. අංශක)සාපේක්ෂ ආර්ද්‍රතාවය (%) කාලගුණයඋපරිමඅවමඋපරිමඅවමඅනුරාධපුරය32239055වැසි වාර  කීපයක්මඩකලපුව29269070විටින් විට වැසිකොළඹ33259055සවස 4.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි  ඇති විය හැක.ගාල්ල29239075සවස 4.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි  ඇති විය හැක..යාපනය32247560වැසි ස්වල්පයක්මහනුවර27219060සවස 2.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.නුවරඑළිය17129580සවස 2.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.රත්නපුරය32239570සවස 2.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසිත්‍රීකුණාමළය31268570විටින් විට වැසිමන්නාරම32268565වැසි ස්වල්පයක්
‘අලුයම් කාලයේ මීදුම් තත්ත්වයක්‘
0
hp_train_7379
අගෝස්තු මාසය හා සැසඳීමේදී සැප්තැම්බර් මාසයේදී උද්ධමනය සියයට 0.9කින් පහළ ගියේ යැයි ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි. මේ අනුව ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව ගණනය කරනු ලබන මතුපිට ලක්ෂ්‍යමය පදනම මත මේ වසරේ අගෝස්තු මාසයේ පැවැති සියයට 2.5ට සාපේක්ෂව සැප්තැම්බර් මාසයේදී සියයට 0.9කින් පහළ ගිය බව ශ්‍රී ලංකා මහ බැංකුව පෙන්වා දෙයි. ජාතික පාරිභෝගික මිල දර්ශකයේ (2013-100) යන විචලනය මගින් ලක්ෂ්‍යමය පදනම මත මතුපිට උද්ධමනය ගණනය කරනු ලබයි. ආහාර මිල ගණන්වල සිදු වූ මාසික පහළ යෑම එසේ මතුපිට උද්ධමනය අඩු වීමට බලපෑම බව ද මහ බැංකුව පෙන්වා දෙයි. වාර්ෂික සාමාන්‍ය පදනම මත මනිනු ලබන ජාතික පාරිභෝගික මිල දර්ශකයේ වෙනස අගෝස්තු මාසයේදී වාර්තා වූ සියයට 4.7 සිට සැප්තැම්බර් මාසයේදී සියයට 4.0ක් දක්වා පහළ ගිය බව ද මහ බැංකුව කියයි.  මාසික වෙනස්වීම සැලකූ විට ජාතික පාරිභෝගික මිල දර්ශකයේ අගෝස්තු මාසයේ වාර්තා වූ දර්ශක අංක 125.4 සිට සැප්තැම්බර් මාසයේදී දර්ශක අංක 124.4 දක්වා පහළ ගිය බවත් ආහාර  මිල ගණන් පහළ යෑම ප්‍රධාන වශයෙන් ඊට හේතු වූ බවත් මහ බැංකුව සඳහන් කරයි.එහිදි විශේෂයෙන්ම එළවළු, පොල්, අමු මිරිස් සහ  මත්ස්‍ය හි මිල ගණන් පහළ යෑම හේතු වී තිබේ. ආහාර නොවන කාණ්ඩය තුළ මිල ඉහළ යෑම දක්නට ලැබුණු අතර විශේෂයෙන්ම මත්පැන් වර්ග, දුම්කොළ, ප්‍රවාහන හා ආපනශාලා සහ හෝටල් යන උප කාණ්ඩ ඊට දායක වී ඇත.  ආර්ථිකයේ යටිදැරි උද්ධමනය නිරූපනය කරන ජාතික පාරිභෝගික මිල දර්ශකයේ මූලික උද්ධමනය ලක්ෂ්‍යමය පදනම මත අගෝස්තු මාසයේදී සියයට 2.7ක් වූ අතර එය සැප්තැම්බර් මාසයේදී සියයට 3.1ක් දක්වා ඉහළ ගොස් ඇත.  මේ අතර අගෝස්තු මාසයේදී සියයට 2.5ක් වූ වාර්ෂික සාමාන්‍ය මූලික උද්ධමනය සැප්තැම්බර් මාසයේ දී සියයට 2.4ක් දක්වා පහළ ගිය බව ද ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.    (055)
සැප්තැම්බරයේදී උද්ධමනය තවත් ඉහළට
0
hp_train_7380
(ඩයනා උදයංගනී)කොරෝනා ආසාදිත රෝගීන්ගේ මරණ තවත් 11ක් ඊයේ (4) දිනයේදී වාර්තා වී ඇත.ඒ සමඟ මෙරටින් වාර්තා වූ කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 720කි.කෝන්ගහවෙල පදිංචි 33 හැවිරිදි කාන්තාවක්, දියතලා‍වේ 84 හැවිරිදි පිරිමි අයෙක්, මාළඹේ 94 හැවිරිදි කාන්තාවක්, මහරගම පදිංචි 62 හැවිරිදි පිරි‍මි‍ අයෙක්, අරණායක 68 හැවිරිදි පිරිමි අයෙක්, වල්ගම්මුල්ල ප්‍රදේශයේ 74 හැවිරිදි කාන්තාවක්, වේයන්ගොඩ ප්‍රදේශයේ 69 හැවිරිදි කාන්තාවක්, දඞපොත ප්‍රදේශයේ 49 හැවිරිදි කාන්තාවක්, මොරටුව ප්‍රදේශයේ 82 හැවිරිදි පිරිමි අයෙක්, කුරුණෑගල 64 හැවිරිදි පිරිමි අයෙක් සහ වස්කඩුව ප්‍රදේශයේ 73 හැවිරිදි කාන්තාවක් මෙලෙස මියගොස් ඇත. 
කොරෝනා මරණ අද 43ක් වාර්තා වෙයි
0
hp_train_7381
උතුරු, උතුරුමැද, නැගෙනහිර සහ ඌව පළාත්ටත්, හම්බන්තොට දිස්ත්‍රික්කයේ ස්ථාන කීපයකටත් වැසි වාර කිහිපයක්  ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි'බස්නාහිර, සබරගමුව, වයඹ සහ මධ්‍යම පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රීක්කවලත් ස්ථාන ස්වල්පයක සවස 4.00 න් පසුව වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇති වේ. ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශ වල තාවකාලිකව තද සුළං ඇති විය හැකියි. ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය                                                      දිනය : 19/02/2016නගරයඋෂ්ණත්වය (සෙ. අංශක)සාපේක්ෂ ආර්ද්‍රතාවය (%) කාලගුණයඋපරිමඅවමඋපරිමඅවමඅනුරාධපුරය31239570වැසි වාර  කීපයක්මඩකලපුව29259075වැසි වාර  කීපයක්කොළඹ34259060සවස 4.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි  ඇති විය හැක.ගාල්ල30258565සවස 4.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි  ඇති විය හැක..යාපනය32258065වැසි ස්වල්පයක්මහනුවර29219560සවස 4.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.නුවරඑළිය18139580සවස 4.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.රත්නපුරය34239560සවස 4.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසිත්‍රීකුණාමළය31258575වැසි වාර  කීපයක්මන්නාරම32269570වැසි ස්වල්පයක්                   
ඉදිරි 24 පැයේ කාලගුණය
1
hp_train_7382
(මුදිතා දයානන්ද)ශ්‍රී.ල.නි.පයත් එ.ජා.ප යත්. පොහොට්ටුවත් එකම කඳවුරක කොටස් තුනක් පමණයි. හරියට තල් රායි, පොල් රායි, කිතුල් රායි වගේ. මේ ජරාජීර්ණ දේශපාලන සංස්කෘතිය වෙනස් කළ හැක්කේ මේ කඳවුරු තුනට එරෙහිව පවතින එකම දේශපාලන ව්‍යාපාරය වන ජනතා විමුක්ති පෙරමුණට පමණක් යැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා ඊයේ (17) පැවසීය.දිසානායක මහතා මෙසේ පැවසුයේ ජනතා විමුක්ති පෙරමුණේ පළාත් පාලන මැතිවරණ අපේක්ෂකයන්ගේ ජාතික සමුළුව අමතමිනි.මෙහිදී ජනතා විමුක්ති පෙරමුණේ අපේක්ෂකයන් විසින් රැකිය යුතු කරුණු දොළහකින් යුත් ආචාර ධර්ම පද්ධතියක් පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා විසින් සභාවට ඉදිරිපත් කළ අතර අපේක්ෂකයෝ සියලු දෙනා එය සුරකින බවට ප්‍රතිඥා දුන්හ.වැඩිදුරටත් අදහස් දැක්වු දිසානායක මහතා මෙසේද පැවසීය.පළාත් පාලන ආයතනයක නිල කාලයම අවුරුදු හතරයි. අවුරුදු තුනකට ආසන්න කාලයක් මැතිවරණය කල් ගිහින් තිබෙනවා. එය සභාවක නිල කාලයට ආසන්න කාලයක්. පළාත් පාලන මැතිවරණය කියන්නේ ජනතාවගේ ගම්වල තිබෙන ප්‍රශ්න විසඳා ගන්න නියෝජිතයන් පත්කර ගන්නා මැතිවරණයයි. නමුත් තෝරා යැවූ අය කරල තියෙන්නේ මොනවාද? පුවත්පත්වල පළවූ තෝරාගත් කිහිපයක් ගැන මම කියන්නම්.‘මාවනැල්ල ඩිපෝ අධිකාරිට අරණායක සභාපති පහරදෙයි’, ‘නියාගම සභාපතියි, ගෝලයොයි යුවළකට තුවාල වෙන්න ගහලා’, ‘කොළොන්නාව නගර සභාවේ සභාපති, උප සභාපති සමග ගුටි හුවමාරුවක’, ‘සිසුන් හතරක් සහ සිසුවියන් හතර දෙනෙකුට පහරදුන් හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රී සොයා පොලිස් පරීක්ෂණ’, ‘බැංකුවට පැන බිරියට පහරදුන් සන්ධාන මන්ත්‍රී අල්ලන්න අධිකරණ නියෝගයක්’, ‘පොස්පේට් සේවකයන්ට පහරදුන් තලාව ප්‍රාදේශීය මන්ත්‍රී රිමාන්ඞ් භාරයට’, ‘පුද්ගලයෙකුට පහරදීම නිසා බියගම ප්‍රාදේශීය සභාවේ සන්ධාන මන්ත්‍රී අත්අඩංගුවේ’, ‘සංචාරක හෝටලයේ කළමනාකරුට පහරදී දේපළවලට හානි කළ බදුල්ල නගර සභාවේ සන්ධාන මන්ත්‍රී රිමාන්ඞ් භාරයේ’, ‘කාන්තාවකට පහරදුන් කතරගම මන්ත්‍රී ඇපමත මුදාහරී’, ‘පොලිස් කොස්තාපල්ට පහරදුන් ඇඹිලිපිටිය ප්‍රාදේශීය සභා සභාපති රිමාන්ඞ් භාරයේ’, ‘වාරිමාර්ග නිලධාරියෙකුට  පහරදුන් කරුවලගස්වැව සභාපති රිමාන්ඞ් භාරයේ’, ‘මීගමුව නගර සභාවේ සන්ධාන මන්ත්‍රී ජේලර්ගේ කන පලයි’, ‘පෑලියගොඩ සභාපති සහ උපසභාපති ගුටි ඇන ගනිති’, ‘බුලත්සිංහල පොලිසියට පහරදුන් ප්‍රාදේශීය සභා මන්ත්‍රී ගමෙනුත් පැන ගිහින්’, ‘දැරණියගල ප්‍රාදේශීය සභා සභාපති ක්‍රීඩකයකුට පහරදී අත්අඩංගුවේ’,  ‘වෛද්‍යවරයෙකුගේ බිරියකට තර්ජනය කළ සන්ධාන මන්ත්‍රීට ලක්ෂ දෙකක ඇප’,  ‘බෙන්තොට ප්‍රාදේශීය සභාවේ සභාපති උපසභාපතිගේ දතක් ගලවයි’, ‘අල්ලස්ගෙන වලල්ලාවිට ප්‍රාදේශීය සභා සභාපති අත්අඩංගුවට’,  ‘යටියන්තොට ප්‍රාදේශීය සභා සභාපති අල්ලස් ගනිද්දී අත්අඩංගුවට’,  ‘හිඟුරක්ගොඩ ප්‍රාදේශීය සභාවේ සභාපතිගේ හොර වාහන අටක් අල්ලයි’, මේ වගේ තව විශාල ලැයිස්තුවක් මා අතේ තිබෙනවා. පසුගිය කාලය පුරාම, හොරුන්ගේ දූෂිතයන්ගේ සහ දාමරිකයන්ගේ ගුහාවක් බවට ප්‍රාදේශීය සභා පත්කරගෙන තිබුණා.ඒ නිසා, අද අපිට වගකීමක් පැවරී තිබෙනවා. දූෂිතයන්ගේ, පාදඩයන්ගේ, සල්ලාලයන්ගේ තිප්පොළවල් බවට පත්වී තිබෙන, මේ ප්‍රාදේශීය සභා ජනතාවගේ නියෝජිත ආයතන බවට පත් කිරීමේ අභියෝගය අප හැමට තිබෙනවා. මේ ප්‍රාදේශීය සභා හරහා හැදෙන යාන්ත්‍රණය ඉහළ බල අධිකාරය ශක්තිමත් කර තිබෙනවා. ඒනිසා මේ පළාත් සභා මැතිවරණයේදී ඉහළ පාලන පාදඩ යාන්ත්‍රණය ගම් මට්ටමින් බිඳවට්ටා දුර්වල කොට, ජනතා විමුක්ති පෙරමුණේ යාන්ත්‍රණය ජයග්‍රහණය කර, ශක්තිමත් මට්ටමින් ඔසවා තැබිය යුතුයි.  ඉහළ පාදඩයන්ගේ ආරක්ෂාව, රැකවරණය සහ බලය ශක්තිමත් කළ පහළම තැනින් එය බිඳ දැමීම ආරම්භ කළ යුතුයි.දැන් අප ඉදිරියේ තියෙන පළාත් පාලන මැතිවරණය ආණ්ඩුව යොදා ගන්නේ කවර අරමුණකින්ද? යන්න අප සලකා බැලිය යුතුයි. මේ පළාත් පාලන මැතිවරණයේදී ආණ්ඩුව ලබන කවර ජයග්‍රහණයක් වුවත් ඔවුන්ට තිබෙන යම් බාධාකාරී සීමාවන් ඉවත්කර ගන්න ලයිසන් එකක් හැටියට ’භාවිත කරනවා. මේ විනාශකාරී ආර්ථික ගමන පරාජයට පත්කරන්න නම්, එළඹෙන පළාත් පාලන මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය අනිවාර්ය ලෙස පරාජයට පත් කළ යුතුයි. එය පරාජයට පත්කරන්නත් වරායේ, තෙල් සංස්ථාවේ, පුල්මුඩෙයි ඛනිජ වැලි නිධියේ සේවකයන්ට සටන් කරන්න ශක්තියක් ලැබෙන්නේ මේ මැතිවරණයෙන් විනාශකාරී ආර්ථිකයට ජනතාවගේ අනුමැතියක් නැති බව ඔප්පු කිරීමෙන් විතරයි.එක පැත්තකින් රනිල් වික්‍රමසිංහගේ කණ්ඩායමත්, අනෙක් පැත්තෙන් මහින්ද රාජපක්ෂ නායකයා නොවන ජී.ඇල්. පීරිස් නායකයා වන පොදුජන පෙරමුණත්, මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් මේ මැතිවරණයට ඉදිරිපත්වී තිබෙනවා. මේ පාර්ශ්ව තුනම එකම කඳවුරක කොටස් තුනක් බව තේරුම් ගන්න ඕනෑ. කඳවුරු තුනක් නොවෙයි. හරියට තල් රායි, පොල් රායි, කිතුල් රායි වගේ. තුනම තාල වර්ගයේ ගස්. තුනටම මුදුන් මුලක් නැහැ. හැබැයි මේ ගස් තුනේ කොළ එකිනෙකට වෙනස්.මේ මැතිවරණයේදී තමන් ළඟ තියෙන ආණ්ඩු බලය ගමේ සංවර්ධනයේදී යොදවන්න තමන්ට ඡන්දය දෙන්න කියලා රනිල් වික්‍රමසිංහ කියනවා. රටේ බලය තිබෙනවා නම් ගම හදන්න වෙනම බලයක් මොකටද? මහින්ද රාජපක්ෂ කියන්නේ රට බෙදීම වළක්වන්න තමන්ට ඡන්දය දෙන්න කියලයි. ඔවුන්ට ඉතිරිවී තිබෙන බොරු දේශප්‍රේමිත්වය මේ ඡන්දයේදී ද, පාවිච්චි කරනවා. මාතෘ භූමිය පිළිබඳවත්, රටේ ජනතාව පිළිබඳවත් ඔවුන්ට තියෙන්නේ ව්‍යාජ රඟපෑමක් විතරයි.ජනතා විමුක්ති පෙරමුණේ ඉන්නේ සිංහල, දෙමළ, මුස්ලිම් ජන කොට්ඨාසයන් තුනේම සම අයිතීන් වෙනුවෙන් පෙනී සිටින ජාතිකත්ව වශයෙන් නොබෙදී සිටිය යුතු රට බෙදීමට විරුද්ධ ස්ථාවරයකයි. ඊටත් වඩා වැඩි බරකින් අපේ රටේ ජාතිවාදයටත් විරුද්ධයි. ජාතික අසමානතාවටත් ඒ වගේම විරුද්ධයි. ජාතික සමගිය වෙනුවෙන් හැම ජන කොට්ඨාසයකම සම අයිතිය වෙනුවෙන්  එකමුතු වී සටන් කරන, මේ රටේ එකම දේශපාලන ව්‍යාපාරය ජනතා විමුක්ති පෙරමුණ පමණයි. අනෙක් පැත්තෙන් මෛත්‍රීපාල සිරිසේන මහත්තයාගේ කණ්ඩායම ඉන්නවා. මේ කඳවුරු තුනක් නොවන බව දැන් හොඳටම පැහැදිලියි. මෙච්චර කාලයක් ඒ බව හංගලා තිබුණා. හැබැයි මේ ගෙවීගිය දින කීපය ඇතුළේ මේ සියලු දෙනාම එක කඳවුරක බව වෙන කවරදාටත් වඩා හොඳින් ඔප්පුකර තිබෙනවා.මේ වන විට ජනතාවගේ සතුරු භාවයට පත්වී තිබෙන මේ ප්‍රාදේශීය සභා ජනතාවගේ ඥාතියකු බවට පත්කර ගන්නා මැතිවරණ ජයග්‍රහණයක් ලබාගන්න ජනතා විමුක්ති පෙරමුණ කටයුතු කරනවා. පළමුව දූෂණය නතර කරනවා. දෙවනුව කාර්යක්ෂමතාව ඇති කරනවා. පළාත් පාලන ආයතනවලට පැවරී තිබෙන කාර්ය භාරය අතරින් ප්‍රමුඛම වැඩටික අපි ඉටුකරනවා. මේ ජයග්‍රහණ ලබාගත හැක්කේ ප්‍රාදේශීය සභා මැතිවරණයේදී ජනතාවගේ ජීවිත සමග බද්ධ වුණු ප්‍රාදේශීය සභා බලය ජනතා විමුක්ති පෙරමුණට වැඩි වශයෙන් ලබාදීමෙන් පමණයි. ලස්සන නගරයක්, සුන්දර පරිසරයක් සහිත ප්‍රාදේශීය සභාවක් ගොඩනඟා ළමා හා මාතෘ සායන පහසුකම් සහිතව  ගොඩනඟා අනාගත පරම්පරාව ගොඩනැගීමේ අත්තිවාරම දමනවා. මේ කාර්ය භාරය ඉටුකිරීමට ජනතා විමුක්ති පෙරමුණේ කැපවීම ඉහළින්ම ලබාදෙන මේ අපේක්ෂක අපේක්ෂිකාවන් ගම්මට්ටමේදී ජයග්‍රහණය කිරීමේ කාර්ය භාරය ඉටුකළ යුතුව තිබෙනවා. මේ රට නව දේශපාලන සංස්කෘතියකට රැගෙන යන මුල් පියවර වශයෙන් එළඹෙන පළාත් පාලන මැතිවරණය සියලුම ජයග්‍රහණයන් ලබා ගැනීමට ඔබ වෙත පැවරී තිබෙන කාර්ය භාරය ශක්තිමත්ව නොපිරිහෙළා ඉටුකරාවි කියන විශ්වාසයෙන් යුතුව ඊට අවශ්‍ය ශක්තිය ධෛර්යය ලැබේවා ! කියල ප්‍රාර්ථනා කරනවා.මෙහිදී අදහස් දැක්වු ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙසේ පැවසීය.අපි කවුරුත් දන්නවා පළාත් පාලන මැතිවරණය වසර දෙකකට වැඩිය ප්‍රමාද වූ බව. අපි දැවැන්ත සටනක් කළා පැවතුණ මැතිවරණ ක්‍රමය වෙනස් කරගන්න. ඒ සටන ජයගෙන මනාප පොරය නැති කොට්ඨාසයට වගකියන මන්ත්‍රීවරයෙක් තෝරාගත හැක, අපේ රටේ ජනගහනයෙන් අඩකට වඩා සිටින කාන්තාවන්ගේ නියෝජනය වැඩි නව මැතිවරණ ක්‍රමයක ලැබි තිබෙනවා. ජනතා විමුක්ති පෙරමුණේ අපි ප්‍රතිපත්තිමය දේශපාලනයකට අන් කවරදාත් වගේම මුලපුරා තිබෙනවා. මේ පවතින පාදඩ දේශපාලන සංස්කෘතිය වෙනස් කරලා හෘදය සාක්ෂියක් තිබෙන මානවවාදී දේශපාලන සංස්කෘතියක් මේ රටේ ගොඩනඟන්න මැදිහත් වෙන්නේ මේ රැස්වෙලා ඉන්න ආදරණීය අපේක්ෂක අපේක්ෂිකාවන්. අපේ පක්ෂයේ ගෞරවණීය දේශපාලන සංස්කෘතිය මේ රටට අවශ්‍යයි.මේ රටේ පාලන බලය හොබවපු පක්ෂ දෙකේම අය නැවත ජනතාවගේ ඡන්දය ඉල්ලන්නේ අවුරුදු හතරක් යැපෙන්න හොඳ රස්සාවක් හදාගන්න. ලොකු දීමනාවක් නැති වුණාට, ලැබෙන දේශපාලන බලය පාවිච්චි කරලා ලොකු ධනස්කන්දයක් උපයාගන්න පුළුවන් නිසා. අපි මේ මැතිවරණයට එන්නේ පළමු වතාවට රට පුරාම පළාත් පාලන ආයතනවලට අපේක්ෂක අපේක්ෂිකාවෝ ඉදිරිපත් කළ ජයග්‍රාහී පසුබිමක. අද මෛත්‍රීපාල සිරිසේන මහත්තයා ඡන්දයට එන්නේ නාවන්න බල්ලන් ගෙනියනවා වාගේ. ඡන්දය කල්දාන්න යටිකූට්ටු ආකාරයට පෙත්සම් ඉදිරිපත් කළා. ඒ පෙත්සම් ඉවර වෙනවාත් එක්කම මහින්ද රාජපක්ෂ මහත්තයාගේ කණ්ඩායමක් තවත් විදිහකින් පෙත්සම් ඉදිරිපත් කළා. එක්සත් ජාතික පක්ෂයත් ඡන්දය කල්දාන්න කැමැත්තෙන් සිටියේ. ඒ සියලු උත්සාහයන් පරාජයට පත්කරන්න අපිට හැකිවුණා.ඡන්ද කල්දැමීමේ කුමන්ත්‍රණ පරාජයට පත්කර, සටන් කිරීමෙන් ලබාගත් ඡන්දයේ ප්‍රතිඵල ජනතාවට වාසිදායක ආකාරයට ලබාගත හැකි වන්නේ ජනතා විමුක්ති පෙරමුණේ අපේක්ෂකයන් වැඩි පිරිසක් මහජන නියෝජිතයන් වශයෙන් පත්කර ගත්තොත් පමණයි. පල්වෙලා ගඳ ගහන, වංචා - දූෂණ පිරුණු මත්ද්‍රව්‍යවලට ලොල් බවක් දක්වන ජාවාරම්කාරයන්, හොරෙන් වැලි ගොඩ දාන්නන්, වගේ අයගෙන් හොර ගුහාවක් වූ මේ ආයතනය මහජන මිත්‍රශීලී ආයතන බවට පත්කරන්න ඕනෑ. පහුගිය හැත්තෑ වසර පුරා පාදඩකරණය කළ දේශපාලනය තුළ බිහිවූදේශපාලනඥයා, මිත්‍රශීලී මහජන සේවකයෙකු කිරීමට මුල පුරන්න හොඳම තැන පළාත් පාලන ආයතනයි. ගම ගොඩනැඟීමේ වැඩපිළිවෙළ මේ බිමේ යථාර්ථයක් කරන්න ඉන්නේ ජනතා විමුක්ති පෙරමුණ විතරයි. අපි සතුරාව පරාජය කරන්න ඕනෑ ඡන්දයෙන් විතරක් නොවෙයි. දේශපාලන වශයෙනුත් පරද්දන්න ඕනෑ. දේශපාලන වශයෙන් පරාජය කළ හැක්කේ ආදර්ශ දීමෙන්. දුෂ්කරතා විඳදරා ගනිමින් කැපකිරීමෙන්. මහජනතාවගේ පොදු අරමුණු වෙනුවෙන් පෞද්ගලික ජීවිතයේ සුඛ විහරණය, කැපකිරීමෙන් විතරයි. ජනතා විමුක්ති පෙරමුණ ඒ පොදු අරමුණු වෙනුවෙන් දිවිපුදා ගොඩනඟාගත් පක්ෂයක්.1994 මුල්වරට හම්බන්තොට දිස්ත්‍රික්කයේ ජනතාව, අපේ පක්ෂයට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් ලබාදුන්නා. එදා ඉඳලා අද දක්වාම නිහාල් ගලප්පත්ති සහෝදරයා තමන්ට ලැබෙන වැටුප රට තමන්ගේ සුඛ විහරණයට ලබානොගෙන පොදු අරමුණකට යොමු කරමින් ඒ ගෞරවනීය ආදර්ශය රටට දුන්නා. 1997 පළාත් පාලන මැතිවරණයෙන් මන්ත්‍රී ධුර 101 ක් ලබාගත්තා. පළාත් සභාවලින් මන්ත්‍රී ධුර 24ක් ලැබුණා. ඒ ඔස්සේ ජනතා විමුක්ති පෙරමුණේ මහජන මන්ත්‍රී අරමුදල වැඩි වුණා. මන්ත්‍රී වැටුප් හා දීමනා විතරක් නොවෙයි කාර්ය මණ්ඩල වැටුප් හා දීමනාත් මේ අරමුදලට එකතු වුණා. අපි මුලින්ම මේ අරමුදල යොදවලා හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් විශ්විවිද්‍යාලයට තේරී පත්වුණු ආර්ථික දුෂ්කරතා තියෙන ශිෂ්‍යයන් පිරිසකට ආධාර ලබාදුන්නා. කුරුණෑගල දුෂ්කර විදුහලක පුස්තකාලයක් සංවර්ධනය කර දුන්නා. අපි ඒක නම් කළේ සුමිත් අතුකෝරල පුස්තකාලය කියලයි. ඒ වගේම අද වගේ පරිගණක පහසුකම් නොතිබුණු 2000ට ඉස්සෙල්ලා කාලයේ රටපුරා විශ්ව පරිගණක මධ්‍යස්ථාන පහක් පටන් අරන් දරුවන්ට නොමිලයේ පරිගණක පුහුණු ලබාදුන්නා. අපි ඒ විදිහට එදා සිටම රටට ආදර්ශ සපයා තිබෙනවා. රට වෙනස් කරන්න ආදර්ශය දෙන්න ඕනෑ ගමෙන්. 2020දී ආණ්ඩු වෙනස් කිරීමේ හැකියාව පෙන්වන්න ඕනෑ මේ මැතිවරණයෙන්. ජන සහභාගී සංවර්ධනය ආරම්භය වෙනුවෙන් ඔබට විශාල වගකීමක් පැවරී තිබෙනවා.අනික් පක්ෂ කරන්නේ ජනතාවට සිමෙන්ති, ටකරන් තහඩු, ගිනිපෙට්ටි, වගේ දේවල් බෙදා දෙන එකයි. ඡන්දවලදි තාම, බෙදුවේ නැත්තේ මිනීපෙට්ටි විතරයි. ජනතා විමුක්ති පෙරමුණේ අපි බෙදන්නේ, බඩු නෙවෙයි. ජනතාව දැනුවත් කරන අදහස්. බඩු බෙදන ඒවා ටික දවසකින් විනාශ වෙලා ඉවර වෙනවා. අපි බෙදන අදහස් මිනිසුන්ගේ හදවත්වල සදාකාලිකව පවතිනවා. සමාජය ගොඩනඟන්න ජනතාව පෙළ ගස්වන්න ඕනෑ බඩුවලින් නොවෙයි. අදහස්, මතවාද, ප්‍රතිපත්ති සහ ආදර්ශවලින්. අපට ඕනෑ ජනතාවට වගකියන පාලනයක් බිහිකරන්න. එහෙම ආණ්ඩුවක් හදන්න මුලපුරන ඡන්දයක් බවට මේ මැතිවරණය පත්කර ගනිමු. මුළු රටම ඒවෙනුවෙන් සූදානම් කරමු. හැත්තෑවසරක් පුරා  මේ රට වෙලාගත්ත ජඩ පාදඩ දේශපාලන ගමන්මඟ අවසන්කර, වංචාව - දූෂණය පරදවන ගම හදන ඡන්දයක් බවට පත්කර ගනිමු. මේ සඳහා මේ කාලකණ්ණි ක්‍රමය සදහටම පරාජය කරන්න ඕනෑ.පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයන අංශයේ මහාචාර්ය ලියනගේ අමරකීර්ති මහතා අදහස් දක්වමින් මෙසේ පැවසීය.මෙම අවස්ථාවට විශ්වවිද්‍යාල ආචාර්යවරයෙක්, සාහිත්‍යකරුවෙක්, වගේම සමාජ ක්‍රියාකාරිකයෙකු ලෙස සහභාගිවීමට ලැබීම අගයකොට සලකනවා. මම මේ අවස්ථාවට සහභාගි වෙන්නේ වෘත්තියෙන් කථිකාචාර්යවරයෙකු ලෙස වුවත් මට වඩා දක්ෂ කථිකයින් රැසක්ම මේ පක්ෂයේ සිටිනවා. ඔවුන් තර්කානුකූලව කරුණු සහිතව මහජනතාවට තම මතය ඉදිරිපත් කළත් ඒ මතයට මේ දක්වා මහජනතාවගෙන් අවශ්‍ය වටිනාකම ලැබිල නැති බව අපිට පිළිගන්න වෙනවා.මේ රටේ හරවත් දේශපාලනයක් කරන ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරු. එවැනි පිරිසක් වැඩිපුර පාර්ලිමේන්තුවේ සිටියා නම්, ජනතාව වෙනුවෙන් කළ හැකිව තිබුණු වැඩකොටස ගැන ඔබට පැහැදිලි කරන්න අවශ්‍ය නැහැ. අපිට යුතුකමක් තියෙනවා ඉතිහාසය උගන්වන වගේම ඉතිහාසය ලියන අය හැටියට මේ රටේ සැබෑ ඉතිහාසය නිර්මාණය කරන මිනිසුන් එක්ක එකතුවී ඒ සුවිශාල කාර්යභාරයේ කොටස්කරුවෙකු වෙන්න. ඒක යුතුකමකට වඩා වගකීමක්. හරවත් ශිෂ්ටත්වයක් පිළිබඳව මානව ගරුත්වය පිළිබඳව දේශපාලනය, අපි ගමෙන් පටන්ගත යුතුව තිබෙනවා.මෙහිදී ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතාද අදහස් දැක්වීය. ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් විජිත හේරත්, දේශපාලන මණ්ඩල සභික කේ. ඩී. ලාල්කාන්ත, මධ්‍යම කමිටු සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස, මධ්‍යම කමිටු සාමාජිකා, සමාජවාදී කාන්තා සංගමයේ ජාතික සංවිධායක, සමන්මලී ගුණසිංහ යන මහත්ම මහත්මින් ඇතුලු පක්ෂ නායකයින් හා සාමාජික සාමාජිකාවන් රැසක්ද පළාත් පාලන මැතිවරණ අපේක්ෂකයින් රැසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ. 
මේ ජරාජීර්ණ දේශපාලනය වෙනස් කළ හැක්කේ ජවිපෙට පමණයි
1
hp_train_7383
 ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ස්ථාවර ව්‍යාපාර අතරේ පෙරමුණ ගත් ව්‍යාපාරයක් වන එයිට්කන් ස්පෙන්ස් සමාගම, 2022-2023 මූල්‍ය වර්ෂය අවසානයේදී රුපියල් බිලියන 30.1ක ආදායමක් සහිතව, සියයට 30.3ක වර්ධනයක් පෙන්වා තිබේ. එය (EBITDA) පොලී වියදම්, බදු, ක්ෂයවීම් සහ කාලානුරූපීව සිදුවන වත්කම් අවප්‍රමාණ කිරීමට පෙර, කොටස් ගිණුම්ගත ආයෝජකයන් ඇතුළු ඉපැයීම් වෙතින් වාර්තා වූ, එයිට්කන් ස්පෙන්ස් ව්‍යාපාර සමූහයේ සියලු‍ අංශවල දායකත්වය ප්‍රදර්ශනය කරමින් පෙන්නුම් කරනු ලබන ආදායමකි. විදේශ විනිමය ලාභ හැරුණු විට, ව්‍යාපාර සමූහයේ සියයට 77.0ක වර්ධනයක් වාර්තා කර තිබීමත් විශේෂත්වයකි. ගිණුම්ගත වර්ෂය සඳහා එයිට්කන් ස්පෙන්ස් ව්‍යාපාර සමූහයේ මෙහෙයුම් ලාභය සියයට 15.8ක වර්ධනයක් පෙන්නුම් කරයි. එය රු. බිලියන 16.4 සිට රු. බිලියන 19.0ක් දක්වා ඉහළ යාමකි. තව ද, 2023 මාර්තු 31 දිනෙන් අවසන් වූ මූල්‍ය වර්ෂය තුළදී විදේශ විනිමය ලාභය හැර, ව්‍යාපාර සමූහයේ මෙහෙයුම් ලාභය කලින් වසරට වඩා සියයට 85.2ක සැලකිය යුතු වර්ධනයක් වාර්තා කර තිබේ. එයිට්කන් ස්පෙන්ස් ව්‍යාපාර සමූහය රුපියල් බිලියන 11.2ක පෙර බදු ලාභයක් වාර්තා කර ඇතත්, 2023 මාර්තු 31 දිනෙන් අවසන් වූ වසර සඳහා සලකා බලන කල්හි එය සියයට 21.3ක පහත වැටීමකි. ඊට මූලික වශයෙන් බලපෑවේ පෙර වසරට සාපේක්ෂව විදේශ විනිමය ලාභයේ අඩු වීම සහ වසර පුරාම පැවැති පොලී පිරිවැය ඉහළ යාමයි. කෙසේ වෙතත්, විදේශ විනිමය ප්‍රතිලාභ සඳහා අනුගත වන කල්හි, 2023 මාර්තු 31 වැනිදායින් අවසන් වූ මූල්‍ය වර්ෂය සඳහා පෙර බදු ලාභය සියයට 31.9ක වර්ධනයක් පෙන්නුම් කරයි. එයිට්කන් ස්පෙන්ස් ව්‍යාපාර සමූහයේ බදු ගෙවීමට පෙර ලාභය සඳහා විදේශීය අංශයේ සැලකිය යුතු දායකත්වයක් දක්නට ලැබිණ. ඵලදායී ප්‍රතිඵල ගෙන එමින් පෙර බදු ලාභයේ සියයට 60කට වඩා වැඩි වීමක් පෙන්නුම් කරයි. සමාලෝචනය කරන ලද වර්ෂය තුළ, ව්‍යාපාර සමූහයේ ලාභය වෙනුවෙන් ප්‍රමුඛතම දායකයා ලෙස, සමුද්‍රීය සහ භාණ්ඩ ප්‍රවාහන අංශය සියයට 69.8ක දායකත්වයක් පෙන්නුම් කරයි. ඉන් පසුව වැඩිම දායකත්වයක් දක්නට ලැබුණේ ව්‍යාපාර සමූහයේ සංචාරක අංශයෙනි. එය ප්‍රතිශතයක් වශයෙන් සියයට 20.8කි. සමාලෝචනය කරන ලද වර්ෂය තුළ උපායමාර්ගික ආයෝජන අංශය සියයට 4.8කින් ද, සේවා අංශය සියයට 4.6කින් ද, ව්‍යාපාර සමූහයේ ලාභය වෙනුවෙන් සම්මාදම් වී තිබේ. අදාළ කාලය තුළ කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම් කරන සමුද්‍රීය සහ භාණ්ඩ ප්‍රවාහන සේවා අංශය, එයිට්කන් ස්පෙන්ස් ව්‍යාපාර සමූහයේ සමස්ත කාර්ය සාධනය ඉහළ නැංවීම සඳහා සුවිශේෂී කාර්යභාරයක් ඉටු කර තිබේ. ඊට අමතරව, ව්‍යාපාර සමූහයට ඇතුළත් ඇඟලු‍ම් නිෂ්පාදන අංශ සහ මාලදිවයිනේ හෝටල් අංශය කාර්ය සාධනය සම්බන්ධයෙන් සැලකිය යුතු ඉදිරි ගමනක් පෙන්නුම් කර තිබේ. ඉලක්කගත අලෙවිකරණ උපායමාර්ග ක්‍රියාවට නැංවීමෙන් සහ උපායමාර්ගික ගැළපීම් කිරීමෙන්, ‘තූර්යා චෙන්නායි’ හෝටලය, එහි ක්‍රියාකාරීත්වයේ සැලකිය යුතු පරිවර්තනයකට ලක් විය. සිය ව්‍යාපාර ඉතිහාසයේ ප්‍රථම වතාවට බදු ගෙවීමට පෙර ලාභයක් ලබා ගැනීමට තූර්යා චෙන්නායි හෝටලයට හැකි විය. වැවිලි අංශයේ සාර්ථකත්වය ද, එයිට්කන්ස් ව්‍යාපාර සමූහයේ ක්‍රියාකාරීත්වය සඳහා ධනාත්මක ලෙස දායක විය. විශේෂයෙන් හෝටල් ක්ෂේත්‍රවල ආදායම් බදු අනුපාත ඉහළ යාම හේතුවෙන්, කල් දැමූ බදු ගෙවීමේ වගකීම්වල සැලකිය යුතු ඉහළ යාමක් තිබියදීත්, වැවිලි අංශයෙන් සහ හෝටල් වෙතින් ලද සාර්ථකත්වය, ඒ වෙනුවෙන් භාවිත කරන ලද ව්‍යාපාරික උපායමාර්ග දිරිගන්වන්නකි. විදුලිබල උත්පාදන අංශය සඳහා රජයෙන් අය විය යුතු මුදල් ගෙවීමේ අධික ප්‍රමාදය, මෙම ක්ෂේත්‍රයේ ආයෝජකයන් මන්දෝත්සාහී කරවන්නකි. එවන් තත්ත්වයක් තිබියදීත්, එයිට්කන් ස්පෙන්ස් සමාගම, කෙරවලපිටිය කේන්ද්‍ර කරගනිමින් මෙගාවොට් 10ක අපද්‍රව්‍ය බලශක්ති බලාගාරයක් ක්‍රියාත්මක කරයි. එසේ නොමැතිව, අපද්‍රව්‍ය භාවිතයෙන් බලශක්ති නිෂ්පාදනය නවතා දැමුවහොත්, ශ්‍රී ලංකාවේ අගනුවර ද ඇතුළත් කොළඹ දිස්ත්‍රික්කය යළිත් වරක් උග්‍ර කුණු කසළ අර්බුදයකට මෙන්ම සමාජ හා පාරිසරික ගැටලු‍වලට මුහුණ දීම වැළැක්විය නොහැකිය.පසුගිය කාලය පුරාම දක්නට ලැබුණ පරිදි, විදේශ විනිමය අනුපාත උච්චාවචනය හේතුවෙන් එයිට්කන් ස්පෙන්ස් ව්‍යාපාර සමූහය බරපතළ අභියෝග රැසකට මුහුණ දුන්නේය. පොලී වියදම්වල ඉහළ යාම ව්‍යාපාර සමූහයේ ලාභදායිතාවට බෙහෙවින්ම අහිතකර ලෙසින් බලපෑ සාධකයක් වූයේය. ඉහත කී සියලු‍ අභියෝග හමුවේ, ඇති වී තිබෙන වර්ධනීය තත්ත්වය සම්බන්ධයෙන් එයිට්කන් ස්පෙන්ස් ව්‍යාපාර සමූහයේ නියෝජ්‍ය සභාපතිවරයා මෙන්ම කළමනාකාර අධ්‍යක්‍ෂවරයා ද වන ආචාර්ය පරාක්‍රම දිසානායක මහතා මෙසේ පැවැසීය. “අපගේ දූරදර්ශී ක්‍රියා පිළිවෙත නිසාත්, අපි මුහුණ දෙන සෑම තත්ත්වයක් දෙසම විමසිලිමත් දෑසින් බැලීම නිසාත්, සුවිශේෂී තීරණ ගැනීමත් හේතුවෙන්, විදේශ විනිමය උත්පාදන ක්ෂේත්‍රයේ ව්‍යාපාර සම්බන්ධයෙන් උපායමාර්ගිකව ආයෝජනය කිරීමට අප පෙළැඹී තිබෙනවා. මෙම දිගු කාලීන දැක්ම, ගෙවී ගිය අභියෝගාත්මක වසරක කාලයේදී කැපී පෙනෙන ලෙසින් අපට වාසිදායක වී ඇති බවත් පෙන්නුම් කරනවා. අපගේ ව්‍යාපාර සමූහය තුළ, සියලු‍ම ව්‍යාපාරික අංශවල අඛණ්ඩ මෙහෙයුම් සහතික කිරීම සඳහා මෙම ආයෝජන තීරණාත්මක කාර්යභාරයක් ඉටු කර තිබෙන බවත් පැහැදිලිවම දැකගත හැකි කාරණාවක්. ඕනෑම ව්‍යාපෘතියකට මුලපිරීමේදී, එහි වර්ධනය සඳහා කඩිසර ප්‍රවේශයක් ගැනීම අපගේ ව්‍යාපාර සමූහයට හොඳින් ගැළපෙනවා. ඒ වගේම එම ප්‍රවේශය, අපේ රටේ සමාජ හා ආර්ථික සංවර්ධනයට ධනාත්මක ලෙස දායක වීමේ හැකියාව ඇති කරන බවටත් අපි සහතික වෙනවා.” 2022-2023 මූල්‍ය වර්ෂය තුළ කැපී පෙනන සාර්ථකත්වය ■ සූර්ය බලශක්ති බලාගාරයක් අත්පත් කරගැනීම මගින්, පුනර්ජනනීය බලශක්ති උත්පාදන ධාරිතාවට මෙගා වොට් 10ක් එකතු කිරීම සඳහා රු. බිලියන 1.4ක් ආයෝජනය කර තිබේ. වර්තමානයේදී පුනර්ජනනීය බලශක්තිය ලෙසින්, රටේ උපරිම බලශක්ති ඉල්ලු‍මෙන් සියයට 1.4කට වඩා වැඩි ප්‍රමාණයක් සැපැයීමට එයිට්කන් ස්පෙන්ස් ව්‍යාපාර සමූහය දායක වේ. ■ එයිට්කන් ස්පෙන්ස් ව්‍යාපාර සමූහයේ වපසරිය තවදුරටත් පුළුල් කරමින්, කාම්බෝජයේ භාණ්ඩ ප්‍රවාහනය සඳහා හවුල් ව්‍යාපාරයක ආයෝජනය කර තිබේ. ■ රුපියල් බිලියන 1.6ක වියදමින් වර්ග අඩි 100,000ක බහාලු‍ම් භාණ්ඩ ප්‍රවාහන මධ්‍යස්ථානයක් ඉදිකිරීම ආරම්භ කර තිබේ. ■ “මට මා වීමට ඇති නිදහස” යන තේමාව යටතේ ‘විවිධත්වය, සමානාත්මතාව සහ සමීපත්වය’ යන අරමුණු ගෙවී ගිය මූල්‍ය වර්ෂය තුළ ක්‍රියාත්මක කරන ලදී. මෙම දිශානතියේ ප්‍රගතිශීලී පියවරක් ලෙස, මාතෘ නිවාඩු කාලය දින 100 දක්වා දීර්ඝ කරන ලදී. පීතෘ නිවාඩු හඳුන්වා දී තිබෙන අතර මාපිය නිවාඩු වැඩි කර තිබේ. ■ ස්පෙන්සෝනියානුවන් තුළ නවෝත්පාදන සංස්කෘතියක් පැළපදියම් කිරීම අරමුණ කරගනිමින්, නිර්මාණශීලිත්වය සම්බන්ධයෙන් ඔවුන්ගේ හැකියාව මුදාහැරීමට අවස්ථාව සලසා දී තිබේ. ඒ වෙනුවෙන් ස්පෙන්සෝනියානුවන් දිරිගැන්වීමට පියවර ගන්නා ලදී. ඔවුන්ගේ නව අදහස් වඩාත් හොඳින් සැලසුම් කර, සංවර්ධනය කරන ලද විවිධ ව්‍යාපාර මෙහෙයුම්වලදී සාර්ථකව ක්‍රියාත්මක කර ඇත. ■ එයිට්කන් ස්පෙන්ස් සමාගම, එක්සත් ජාතීන්ගේ ගෝලීය බලපෑම් එකඟතාවට ස්වේච්ඡාවෙන්ම එක්වී 2022 මැයි මාසයට වසර 20ක් සපිරෙයි. ස්ථිරසාරභාවය සහ සමාජයීය වගකීමක් ඇති ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරමින්, ඒ සම්බන්ධයෙන් කටයුතු කරන ආකාරය පිළිබඳ එක්සත් ජාතීන්ගේ සංවිධානයට රපෝර්තු කිරීම එක්සත් ජාතීන්ගේ ගෝලීය බලපෑම් එකඟතාවට එක්වීමයි. ■ 2030 වන විට ශුද්ධ ශුන්‍ය විමෝචන තත්ත්වය ලබා ගැනීමට එයිට්කන් ස්පෙන්ස් සමාගම ප්‍රසිද්ධියේ ප්‍රතිඥා දී තිබේ. එමගින් විද්‍යාත්මක පදනමක් සහිත ඉලක්ක කරා යාමට එකඟ වී තිබේ. මෙම උත්සාහයන් දේශගුණික විපර්යාස හසුරුවා ගැනීම සඳහාත්, එහි මෙහෙයුම් තිරසාර ආකාරයෙන් ඒකාබද්ධ කිරීම සඳහාත්, එයිට්කන් ස්පෙන්ස් ව්‍යාපාර සමූහය විසින් කරනු ලබන ස්ථීර කැපවීම විදහා දක්වයි. 595 එයිට්කන් ස්පෙන්ස් සභාපති - දේශමාන්‍ය ඩී.එච්.එස්. ජයවර්ධන  එයිට්කන් ස්පෙන්ස් විධායක අධ්‍යක්‍ෂ - ස්ටෂානි ජයවර්ධන  එයිට්කන් ස්පෙන්ස් නියෝජ්‍ය සභාපති සහ කළමනාකාර අධ්‍යක්‍ෂ - ආචාර්ය පරාක්‍රම දිසානායක
එයිට්කන් ස්පෙන්ස් සමාගමට රුපියල් බිලියන 8.5 ක පෙරබදු ලාභයක්
0
hp_train_7384
(අමදෝරු අමරජීව)ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට බලය හිමි කන්තලේ ප්‍රාදේශීය සභාවේ 2019 වර්ෂය සඳහා සභාපති සමන් ඒකනායක මහතා අද (13) ඉදිරිපත් කරණු ලැබූ අයවැය වැඩි ඡන්ද 13කින් සභා සම්මත විය.අයවැයට පක්ෂව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු 11 ට අමතරව එම පෙරමුණට සහය දක්වන එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරු හතර දෙනා සමඟ සමස්ථ ලංකා මහජන කොන්ග්‍රසයේ  මන්ත්‍රීවරයෙකු හා ස්වාධීන කණ්ඩායමක මන්ත්‍රීවරයෙකු ඡන්දය ලබාදීම විශේෂත්වයක්  වුහ.එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරියන් තිදෙනෙකු හා ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරයා අයවැයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළ අතර එක්සත් ජාතික පක්ෂයේ තවත් මන්ත්‍රීවරු දෙදෙනෙකු ඡන්දය විමසන අවස්ථාවේ සභා ගර්භයෙන් පිටවුහ. ස්වාධීන කණ්ඩායමක මන්ත්‍රීවරයෙකු  ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටිම ද විශේෂත්වයකි.
තංගල්ල නගර සභාවේ අයවැය පරාදයි
0
hp_train_7385
(ඩයනා උදයංගනී)බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (28) දිනයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.සබරගමුව පළාතේත්, මහනුවර, නුවරඑළිය, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මිලිමීටර 50 ට වැඩි තරමක් තද වැසි ඇතිවන බව එම දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් සඳහන් කළේයඌව සහ නැගෙනහිර පළාත්වල ඇතැම් ස්ථානයන්හි සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ දී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව එම ප්‍රකාශකයා පැවසීය.ගිගුරුම් සහිත වැසි ඇතිවන අවස්ථාවල අකුණු අනතුරු හා තාවකාලික තද සුළං ඇතිවිය හැකි බවද ඔහු කීවේය.දිවයින හරහා සහ විශේෂයෙන් මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරුමැද, වයඹ, දකුණ සහ බස්නාහිර පළාත්වලත් සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර 40, 50 පමණ දක්වා වැඩිවිය හැකි බව ද හෙතෙම පැවසීය. 
තැනින් තැනට අදත් තද වැසි
0
hp_train_7386
 ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණයක් තත්ත්වයක් පැවැතියත් බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල දිස්ත්‍රීක්කයේත් වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.   ප්‍රදේශ කීපයක විටින් විට තද සුළං  ඇති විය හැකියි.ප්‍රධාන  නගර සදහා කාලගුණ අනාවැකිය                                                      දිනය : 03/08/2016නගරය නගරයඋෂ්ණත්වය(සෙ. අංශක)සාපේක්ෂ  ආර්ද්‍රතාවය  (%) කාලගුණයඋපරිමඅවමඋපරිමඅවමඅනුරාධපුරය33258550ප්‍රධාන වශයෙන් වැසි රහිතමඩකලපුව36267550ප්‍රධාන වශයෙන් වැසි රහිතකොළඹ31269075වැසි ස්වල්පයක් ඇති විය හැකගාල්ල29258575වැසි ස්වල්පයක්යාපනය33287560ප්‍රධාන වශයෙන් වැසි රහිතමහනුවර28228565වැසි ස්වල්පයක් ඇති විය හැකනුවරඑළිය18139075වැසි ස්වල්පයක් ඇති විය හැකරත්නපුරය31248565වැසි ස්වල්පයක්ත්‍රීකුණාමලය34258550ප්‍රධාන වශයෙන් වැසි රහිතමන්නාරම31268070ප්‍රධාන වශයෙන් වැසි රහිත
‘සුළං හෙට සිට අඩු වෙයි‘
0
hp_train_7387
ශ්‍රී ලංකාවේ නැගෙනහිර ප්‍රදේශවල වැසි තත්තවය වැඩි වන බවත් වයඹ, මධ්‍යම, ඌව, සබරගමුව, බස්නාහිර සහ දකුණු පළාත්වල බොහෝ ස්ථානවල විශේෂයෙන් දහවල් 12.00 න් පසුව ගිගුරුම් සහිත වැසි ඇති වන බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. ඇතැම් ස්ථාන වලට තද වැසි ද ඇති විය හැකියි. නැගෙනහිර පළාතේ තැනින් තැන උදය කාලයේදීද වැසි බලාපොරොත්තු විය හැකියි. ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශ වල තාවකාලිකව තද සුළං ඇති වේ.  ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය                                                      දිනය : 18/10/2015    නගරයඋෂ්ණත්වය (සෙ. අංශක)සාපේක්ෂ ආර්ද්‍රතාවය (%) කාලගුණයඋපරිමඅවමඋපරිමඅවමඅනුරාධපුරය33239560දහවල්1 2.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.මඩකලපුව31249070උදෑසන වැසි සහ දහවල්1 2.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.කොළඹ31249575දහවල්1 2.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.ගාල්ල30249075දහවල්1 2.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.යාපනය32238560දහවල්1 2.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ස්වල්පයක්.මහනුවර29219570දහවල්1 2.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.නුවරඑළිය22129575දහවල්1 2.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.රත්නපුරය32239570දහවල්1 2.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.ත්‍රීකුණාමළය32249565උදෑසන වැසි සහ දහවල්1 2.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.මන්නාරම32259070දහවල්1 2.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.  
‘වැස්ස වැඩිවන හැඩ‘
0
hp_train_7388
(කි‍්‍රෂාන් ජීවක ජයරුක්)ගංවතුරින් විපතට පත්වූ සියලූම ජනතාවගේ ජීවිත යථා තත්ත්වයට පත්කර ගැනීමට අවශ්‍ය කි‍්‍රයාමාර්ග ගත යුතු මෙන්ම අනාගතයේදී මෙවැනි ආපදාවලින් ජනතාව මුදාගැනීම සඳහා රජයක් ලෙස තීන්දු තීරණ රැසක් ගත යුතු වෙනවා. මීට පෙර පැවති සෑම රජයක්ම ආපදාවන් වළක්වා ගැනීමට යෝජනාවන් කි‍්‍රයාත්මක කිරීමට උත්සාහ  කළ විට ජනතාව දේශපාලනඥයින් සමග එකතු වෙලා ඒවා ආපස්සට හැරවීමට කි‍්‍රයා කළා. ඒ නිසා දෙස් විදෙස් විශේෂඥ ඉංජිනේරුවන්ගේ උපදෙස්  මත ආපදා වළක්වා ගැනීමට අවශ්‍ය කි‍්‍රයාමාර්ග කඩිනමින් ගැනීම අත්‍යවශ්‍ය වී තිබෙනවා යැයි ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා මාතරදී පෙරේදා (05) පැවසීය.මාතර දිස්ති‍්‍රක්කයේ හදිසි ආපදා තත්ත්වය පිළිබඳව සොයා බැලීම සඳහා කැඳවා තිබූ විශේෂ රැස්වීමකදී ජනාධිපතිවරයා මේ බව කීවේය.ඒ සඳහා ඒකාබද්ධ විපක්‍ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන් වන ඩලස් අලහප්පෙරුම, කාංචන විජේසේකර හා නිරෝෂන් පේ‍්‍රමරත්න යන මහත්වරුන්ද සහභාගිවීම විශේෂත්වයකි.මෙහිදී පළමුව අදහස්  දැක්වූ මාතර මහ දිසාපති ප‍්‍රදීප් රත්නායක මහතා මෙසේද කීය.මාතර දිස්ති‍්‍රක්කයේ ග‍්‍රාම නිලධාරි කොට්ඨාස 650න් 500ක්ම මෙම ආපදාවට ලක්වුණා. ඒ වගේම පුද්ගලයින් තිහකට වැඩි පිරිසක් ජීවිතක්‍ෂයට පත්වුණා. වී වගාවට වගේම තේ වගාවටත් විශාල හානියක් සිදුවී තිබෙනවා. ගංවතුර ඇති වූ මොහොතේ පටන් රාජ්‍ය නිලධාරීන් ජනතාව වෙනුවෙන් කළ යුතු සෑම කටයුත්තක්ම නොපිරිහෙලා ඉටු කළා. මුලින් නිල්වලා ගෙඟ් ඉහළ කොටසේ  ඇති වූ ගංවතුර පසුව පහළ කොටසේ දින ගණනාවක් පැවතියා. මේ ආපදා තත්ත්වයේදී දේශපාලනඥයින් ඇතුළු සමස්ත රාජ්‍ය යාන්ත‍්‍රණයම ජනතාව වෙනුවෙන් කැප වී කි‍්‍රයා කළා.ජනාධිපතිවරයා:  ජනතාවට අවශ්‍ය සුබසාධන කටයුතුවල යම් අඩුපාඩුවක් තිබෙනවා නම් ඒවා  හඳුනාගෙන ඒවාට කඩිනමින් විසඳුම් ලබාදෙන්න. ඒ කළ යුතු පළමු කටයුත්තයි. මෙහි දෙවැනි කොටසක් තිබෙනවා. අනාගතයේ මෙවැනි තත්ත්වයක් ඇති නොවීමට  කි‍්‍රයාමාර්ග ගැනීමයි. ඒ දෙවැනි කොටස අද සාකච්ඡාවට භාජනය කරන්නේ නැහැ. අපි මේ ආපදා තත්ත්වයට පත්වූ සෑම දිස්ති‍්‍රක්කයක්ම එවැනි ආපදාවලින් මුදවා ගැනීමට රජය ලෙස ගත යුතු පියවර රාශියක් තිබෙනවා. මම පසුගිය සිකුරාදා ගාල්ලේදී සඳහන් කළා වගේ එකදහස් නවසිය හැට ගණන්වල ඉඳලා පැවති සෑම රජයක්ම මේ ආපදා තත්ත්වයන් වළක්වා ගැනීම සඳහා විදේශීය විශේෂඥයින්ගේ ඉංජිනේරු ශිල්පීන්ගේ තාක්‍ෂණ නිලධාරීන්ගේ උපදෙස් මත යැවූ යෝජනා  සැලසුම් රාශියක්  තිබෙනවා.නමුත් ඒ එක යෝජනාවක්වත් කි‍්‍රයාත්මක කිරීමට ලැබිලා නැහැ. ඊට ප‍්‍රධාන හේතුව ඒ යෝජනා කි‍්‍රයාත්මක කිරීමට  ගිය විට අදාළ ප‍්‍රදේශවල ජනතාව දේශපාලනඥයන් සමග එකතු වෙලා රජය ගන්නා වූ ඒ කි‍්‍රයාමාර්ග නතර කර දැමීමයි. නමුත් අද සෑම කෙනෙක්ම පිළිගන්නවා. අනාගතයේ මෙවැනි තත්ත්වයක් වළක්වා ගැනීම සඳහා රජයක් ලෙස විදේශීය උපදෙස් මත සහ දේශීය විශේෂඥයින්ගේ මග පෙන්වීම මත අවශ්‍ය කි‍්‍රයාමාර්ග කඩිනමින් ගැනීම අවශ්‍යයි කියලා. ඒ නිසා ඉදිරි දිනවලදී බලාපොරොත්තු වෙනව කැබිනට් මණ්ඩලයත් ජාතික ආපදා කළමනාකරණ සභාවත් රැස්වෙලා කඩිනම් කි‍්‍රයාමාර්ග ගන්න. දැනටමත් අපට උදව් කරන රටවල් තුනක විශේෂඥයන් ඇවිත් මේ ආපදා තත්ත්වය අධ්‍යයනය කරමින් සිටිනවා. ඒ වගේම විපතට පත්  ජනතාවට ඔවුන් සහන සලසමින් සිටිනවා. ඔවුන් සමග එකතු වෙලා ඉදිරි කි‍්‍රයාමාර්ග ගැනීමට බලාපොරොත්තු වෙනවා. කඳවුරුවල ප‍්‍රශ්න දැනට තිබෙනවා නම් කියන්න පුළුවන්.නීතිය හා සාමය, දක්‍ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා: ”දැනට මාතර දිස්ති‍්‍රක්කයේ අවතැන් කඳවුරු හතරක ජනතාව පදිංචි වී සිටිනවා. නායයාම හේතුවෙන්  තමයි ගොඩක් අයට උන්හිටි තැන් අහිමි වෙලා තිබෙන්නේ ඔවුන් යථා තත්ත්වයට පත්කර ගන්න මාස හයක්වත් ගත වේවි.ජනාධිපතිවරයා: සෑම දිස්ති‍්‍රක්කයම මැති ඇමැතිවරුන්ට හා දිසාපතිවරුන්ට උපදෙස් දුන්නා නැවත නිවාස ඉදිකර දීමට මුලින්ම ඉඩම් හඳුනා ගැනීම කරන්න කියලා. රජයේ ඉඩම් නම් ප‍්‍රශ්නයක් නැහැ. පරිබාහිර පෞද්ගලික සමාගම්වල ඉඩම් අපිට පවරාගන්න සිදුවේවි. මීට පෙර ඇතිවූ ආපදාවලදී අපට එවැනි ඉඩම් පවරා ගන්න සිදුවුණා. මාතර දිස්ති‍්‍රක්කයෙත් ඒ ආකාරයට ජනතාව පදිංචි  කරවන්න පුළුවන් ඉඩම් හඳුනාගෙන වාර්තා කරන්න. ති‍්‍රවිධ හමුදාවත් සිවිල් ආරක්‍ෂක බළකාය හා නිපුණතා සංවර්ධන අමාත්‍යාංශය යොමු කරලා ඒ නිවාස කඩිනමින් ඉදිකර දෙන්නයි බලාපොරොත්තු වෙන්නේ.දැනට විදෙස් රටවලින් ලැබෙන මුදල් සියල්ල නිවාස ඉදිකිරීමට යොදවනවා. ඒ වගේම ඉතා ඉක්මනින් ආධාර ලබාදීමේ ජාත්‍යන්තර සමුළුවක් කැඳවා ඔවුන්ගේ ආධාර උපකාර ලබාගැනීමටත් බලාපොරොත්තු වෙනවා. දේශීය හා විදේශීය මුදල් ප‍්‍රමාණයන් යොදවා ඒ කටයුතු කඩිනම් කරනවා. දැනට ඒ සඳහා ඉඩම් හඳුනාගැනීමක් සිදුකර තිබෙනවාද?මාතර මහ දිසාපති ප‍්‍රදීප් රත්නායක මහතා: ඉඩම් ප‍්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට අයත් ඉඩම් හා වතු සමාගම්වලට අයත් ඉඩම් තිබෙනවා. අමාත්‍ය ලක්‍ෂ්මන් යාපා අබේවර්ධන මහතා: වතු සමාගම්වලට අයත් ඉඩම් පවරා ගැනීමේ දී ප‍්‍රශ්න මතු වෙනවා.ජනාධිපතිවරයා: ඒ ආකාරයට පවරා ගැනීම අපිට ප‍්‍රශ්නයක් නැහැ. අරණායක සිද්ධියේදි අපි සතියෙන් ඒ ඉඩම් පවරාගැනීම සිදුකළා. සුදුසු ඉඩම්වලට ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ අනුමැතිය ලබාගෙන අවශ්‍ය පවරා ගැනීම් ගැසට් මගින් සිදුකරන්න පුළුවන්. දැනට කඳවුරු පවත්වාගෙන යන පාසල් අපිට ඉක්මනින් නිදහස් කරගන්න සිදුවෙනවා.සාගල රත්නායක මහතා: දැනට මාතර තමයි වැඩිපුර ප‍්‍රමාණයක් අවතැන් කඳවුරුවල ඉන්නේ. මාතර ඉන්නවා 1587ක්, කොටපොල ඉන්නවා 171ක් අවතැන් වෙලා ඉදිරි දින කිහිපයේදි මේ ප‍්‍රමාණය අඩුවේවි.ජනාධිපතිවරයා: අපිට පොදු ස්ථාන ඔවුන් වෙනුවෙන් සොයාගන්න පුළුවන් නම් පාසල් නිදහස් කර ගන්න පුළුවන්.ඇමැති මංගල සමරවීර මහතා: ජනාධිපතිතුමනි, පන්සල් පේෂකර්ම මධ්‍යස්ථාන වැනි ගොඩනැගිලි ඒ සඳහා යොදා ගන්න පුළුවන්.දකුණු පළාත් කී‍්‍රඩා අමාත්‍ය වීරසුමන  වීරසිංහ මහතා: පිටබැද්දර කොට්ඨාසයේ කඳු අටක් විතර නාය යාමේ අවදානමකට ලක්වෙලා තිබෙනවා. ඒ සෑම පවුලක්ම රාති‍්‍ර කාලයේ පන්සලක, පාසලක එහෙම නැත්නම් වෙනත් නිවසක තමයි නිදාගන්නේ. ගොඩනැගිලි පර්යේෂණ ආයතනය ඇවිත් ඒ කඳු පරීක්‍ෂා කර නිගමනයක් ලබාදෙන්න. ඒ සංඛ්‍යාලේඛන මේ වාර්තාවලට ඇතුළත් කර නැහැ. ගොඩනැගිලි පර්යේෂණ ආයතනය විශාල වැඩ කොටසක් සිදුකරනවා. ඒත් පිටබැද්දරටත් ඇවිත් ඒ කඳු පරීක්‍ෂා කළ යුතුයි. ජනාධිපතිවරයා: හොඳයි, ඒ තොරතුරුත් වාර්තාවට ඇතුළත් කරන්න අවශ්‍ය කි‍්‍රයාමාර්ග ගන්න.රාජ්‍ය ඇමැති ලක්‍ෂ්මන්යාපා අබේවර්ධන මහතා:  ගිය සැරේ ගංවතුරෙදි අනාරක්‍ෂිතයි කියලා වෙනත් තැන්වලින් ඉඩම් ලබාදීලා ගෙවලා හැදුවා. ඒ ගිහින් අලූත් ගෙයි භාර අරගෙන ආපසු පැරණි ගෙදරටම ඇවිත් පදිංචි වුණා. එතකොට ආපසු මේ වගේ තත්ත්වයක් ආවාම රජයකට තමයි විසඳුම් දෙන්න වෙන්නේ. ඒකටත් තීන්දුවක් ගත යුතුයි.ජනාධිපතිවරයා: ඒක ඉතින්  මෙහේ විතරක් නෙවි මුළු රටේම හැටි. විපතේදී දෙන  ඕනම තැනකට කැමතියි කියලා යනවා. දුන්නට පස්සේ දීපු තැන අත හරින්නෙත් නැහැ. හිටපු තැන අතහරින්නෙත් නැහැ.ලක්‍ෂ්මන් යාපා මහතා: එවැනි අවස්ථාවල හිටපු ඉඩම රජයට පවරා ගත යුතුයි. නැතිනම් ඒක බරපතළ ප‍්‍රශ්නයක් වෙනවා. ආපසු ගෙවල් හදලා දෙන්න වෙනවා.ජනාධිපතිවරයා: සම්පූර්ණයෙන් හානි වූ නිවාස වගේම අර්ධ වශයෙන් හානි වූ නිවාසත් අපි හදලා දෙනවද කියලා තීරණයක් ගන්න  ඕන. දිසාපතිතුමා ඒ  වාර්තා සියල්ලම පළමුව ලබාගන්න.මාතර මහ දිසාපති: ඒ වාර්තාත් ගන්නම් ජනාධිපතිතුමනි. දැනටමත් ඊට අදාළ තොරතුරු ගනිමින් තිබෙනවා.මංගල සමරවීර මහතා: මාතර, පිලදුව වගේ ප‍්‍රදේශවල අපි  වරින්වර නිවාස හදා දී තිබෙනවා. ආපසු අවුරුදු දහයකින්  හදලා දෙනවා. ඒක නිසා අවදානම් ප‍්‍රදේශවල නිවාස සඳහා එම අලූත් සැලසුමක් අනුව හදන්න  ඕන. නැත්නම් දශකයෙන් දශකයට හදන්න වෙනවා.ජනාධිපතිවරයා: ගංවතුර නිසා මව්පියන් අහිමි දරුවන් විතරක්  ඉතිරි වූ අය මාතර දිස්ති‍්‍රක්කයේ ඉන්නවද?දිසාපති: මේ වනතෙක් වාර්තා වී නැහැ. ප‍්‍රාදේශීය ලේකම් තුමාලා දන්නවද දරුවන් විතරක් ඉතිරි වූ තැන්.මාතර ප‍්‍රාදේශීය ලේකම් දර්ශන වික‍්‍රමාරච්චි මහතා: මව හා පියා යන දෙදෙනාම අහිමි වූ දරුවන් මාතර ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ නම් නැහැ. පියා අහිමි වූ දරුවකු සිටිනවා. ඒ දරුවා මවත් සමග අදත් ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයට ඇවිත් මා හමුවී ගියා.තිහගොඩ  ප‍්‍රාදේශීය ලේකම්තුමිය: දරුවකුට තාත්තා අහිමි වුණා. අම්මා දැන් ඉන්නවා. ඒ අම්මාට දරුවන් දෙන්නෙක් ඉන්නවා. ගෙඟ් වැටිලා තාත්තා මියගියත් නිවාසයට  හානියක් වුණේ නැහැ. ඔවුන්ගේ ඉදිරි ජීවිතය හදාගන්නයි උදව් උපකාර කරන්න  ඕන.ජනාධිපතිවරයා: හොඳයි, ඒ වාර්තා ලබාගෙන දරුවන් වෙනුවෙන් සුදුසු තීරණයක් ගන්න. පරිවාස ගත කිරීමට අවශ්‍ය නම් එහෙම කරන්න. දරුවන්ගේ අනාගතය වෙනුවෙන් සුදුසු තීරණ ගන්න. මාතර දිස්ත‍්‍රික්කයේ මාර්ගවල ප‍්‍රශ්න තිබෙනවද?ලක්‍ෂ්මන් යාපා අබේවර්ධන මහතා: දැනට ගොඩක් මාර්ගවල යාමට පුළුවන් ආකාරයට යථා තත්ත්වයට පත් කර තිබෙනවා. මාර්ග සංවර්ධන අධිකාරිය ඒ ගැන මොකද කියන්නේ.මාර්ග සංවර්ධන අධිකාරිය: දැනට මාතර දිස්ති‍්‍රක්කයේ සියලූම මාර්ගවල ගමනාගමනයට සුදුසු පරිදි සකස් කර තිබෙනවා. විනාශ වූ මාර්ග යථා තත්ත්වයට  පත් කිරීමට තවත් මාස දෙක තුනක කාලයක් ගත වේවි.වීරසුමන වීරසිංහ මහතා: පමණක් ප‍්‍රදේශවල පාලම් කැඩිලා. දෙනියාය කොට්ඨාසයේ පාලම් ගණනාවක් විනාශ වෙලා. පාසල් දරුවන්ට පාසල් යන්න විශාල දුරක් පයින් යන්න සිද්ධ වෙලා. ඒක නිසා බෝට්ටු සේවාවක් හෝ යොදවන ලෙස ඉල්ලා සිටිනවා.සාගල රත්නායක මහතා: පාලම් දෙකක් ඉතා කෙටි කාලයක් තුළ හදන්න  පුළුවන්. අනෙක් පාලම්  ඊටත් වඩා කුඩා ඒවා.ජනාධිපතිවරයා: එහෙනම් ඒ තොරතුරුත් ගන්න. කැඞී ගිය පාලම් ගැන. එතකොට ඒවා හදන්න මාර්ග සංවර්ධන අධිකාරියට ආදි ලෙස බෙදාදෙන්න පුළුවන්. අර පළාත් ඇමතිතුමා කිව්ව විදියට බෝට්ටු  අවශ්‍ය නම් දෙන්න. මාතර බෝට්ටු තියනව නම් දෙන්න. කෝ ආපදා කළමනාකරණ අමාත්‍යාංශය.මාතර දිස්ති‍්‍රක් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්‍ෂ ලූතිනන් කර්නල් පි‍්‍රයංකර උබයසිරිවර්ධන මහතා: දැනටමත් අපි බෝට්ටු හා අගුල් දීලා තිබෙනවා. නාවික හමුදාව විසින් අලූත් සැලැස්මකට අනුව හදපු බෝට්ටු ලබා දෙන්න අපි කටයුතු කරගෙන යනවා.සාගල රත්නායක මහතා: ඔය කියන ස්ථාන දෙකේ මම හිතන්නේ බෝට්ටු නැහැ. බෝට්ටු දැම්මත් මාරු වෙන්න පහසු නැහැ. මම හිතන්නේ ඉක්මනින් පාලම් හැදීමයි කළ යුත්තේ. එතකම් විකල්ප මාර්ග තිබෙන නිසා බස් යොදන්න  ඕන.ජනාධිපතිවරයා: දිසාපතිතුමා කච්චේරියට ස්ථිරවම බෝට්ටු කීයක් තිබෙනවද?මාතර මහ දිසාපති: නැහැ සර් අපිට එකක්වත් නැහැ.ලූතිනන් කර්නල් පි‍්‍රයංකර මහතා: නැහැ සර් බෝට්ටු තියනවා. සමහර ස්ථානවලට ස්ථානගත කරලත් තියනවා.ජනාධිපතිවරයා: ආ ඒකනේ හැම දිස්ති‍්‍රක්කයකටම අපි බෝට්ටු දීලා තිබෙනවා.ලක්‍ෂ්මන් යාපා අබේවර්ධන මහතා: නෑ නෑ ඒක වැරදියි. ස්ථානගත කරලා තිබෙනවා. මේ  ගංවතුරෙදි වෙච්ච ඇත්ත ප‍්‍රශ්නය කියන්න. ස්ථාන ගත කරලා තිබුණත් පදවන්නන් නැහැ.ජනාධිපතිවරයා: දිසාපති කාර්යාලයේ ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලවල වගේම පොලිසිවලත් බෝට්ටු  තියාගන්න  ඕන. හැම රජයක් වගේම බෝට්ටු දීලා තිබෙනවා. ඒවා අවශ්‍ය වෙලාවට ප‍්‍රයෝජනයට ගන්න  ඕන.සාගල රත්නායක මහතා: සැටලයිට් පින්තූර බලලා සුදුසු ස්ථාන තෝරාගෙන සැඩ පාර බලලා සමහර බෝට්ටු යොදවන්න   ඕන. ඒ වගේම පදවන්නන් පුහුණු කරලා ඒවාට යොමු කරන්න  ඕන. ජනාධිපතිවරයා: හොඳයි දිසාපතිතුමාට අවශ්‍ය තොරතුරු ලබාදෙන්න. මාතර දිස්ති‍්‍රක් පාර්ලිමේන්තු මන්තී‍්‍ර බුද්ධික පතිරණ මහතා: බෝට්ටු දුන්නත් වැඩක් නැහැ. ජනාධිපතිතුමනි ගෙදර වතුර මෝටරය වුණත් කාලයක් පාවිච්චි නොකළ විට මෝටරය වැඩකරන්නේ නෑ. ඒ නිසා බෝට්ටුත් දීලා තියෙනවා. එන්ජිනුත් දීලා තිබෙනවා. සති දෙකකට සැරයක්වත් නඩත්තු කරන්න අය ඉන්න  ඕන. ඒ සඳහා පුහුණු කළ අය සිටිය යුතුයි.ජනාධිපතිවරයා: ඔව්. නඩත්තුව අවශ්‍යයි. ඒවා ගැනත් බලන්න  ඕන.දකුණු පළාත්සභා මන්ත‍්‍රී රංජිත් මුණසිංහ මහතා: බෝට්ටු ආපදා කළමනාකරණයේ තිබුණට වැඩක් නැහැ. ඒවා ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලවලට දෙන්න  ඕනෑ. මම නියෝජනය කරන්නේ මුලටියන ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසය. ඒකේ ආපදා කළමනාකරණයෙන් එන විට ගංවතුර බැහැලා ගිහින් හමාරයි. ඒක නිසා ගංවතුර උවදුර පවතින හැම ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකටම බෝට්ටු දෙකක්වත් ලබා දෙන ලෙස ඉල්ලා සිටිනවා.ජනාධිපතිවරයා: බෝට්ටු දෙකක්වත් දෙන්න  ඕන. මම දන්නවා එහෙම තියන ප‍්‍රදේශ. හොඳයි ඒ අවශ්‍ය ප‍්‍රදේශවල තොරතුරු රැස් කරගන්න.දකුණු පළාත් ප‍්‍රධාන අමාත්‍ය ෂාන් විජයලාල් ද සිල්වා මහතා: පාලම් ප‍්‍රශ්නය නිසා පාසල් දරුවන්ට පාසල් යාම අපහසු ප‍්‍රදේශවලට මාර්ගස්ථ මගී ප‍්‍රවාහන අධිකාරිය සමග එකතු වෙලා අපිට තාවකාලිකව පාසල් බස් රථ සේවාවක් ලබා දෙන්න පුළුවන්. අවශ්‍ය තැන් කියන්න, අපි ප‍්‍රවාහන පහසුකම් සපයන්නම්.මාතර දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා: මාතර තුඩාව හා කුරුඳුවත්ත පාරේ සර්විස්ටේෂන්වලින් ආපු කළුතෙල් එහෙම නිසා පිරිසුදු කිරීමට ජල පහසුකම් නැහැ. හුඟක් අයට අවශ්‍ය ජල පහසුකම් නැති නිසා ඒ කටයුතු කිරීම ප‍්‍රමාදයි. සමහර තැන්වල විදුලියත් නැහැ. බවුසර්වලින් ජලය ලබාදෙන ලෙස ඉල්ලා සිටිනවා.ජනාධිපතිවරයා: ප‍්‍රාදේශීය සභාවල තිබෙන බවුසර් හරි ගෙනවිත් ඒ පිරිසුදු කිරීම්වලට අවශ්‍ය ජලය ලබා දෙන්න.මංගල සමරවීර මහතා: බවුසර් විශාල ප‍්‍රමාණයක් දුන්නා. ගම්වල අපට ලොකු ටැංකි තිබ්බා. මේ පිරිසිදු කටයුතුවලටත් අපි ඒ මෙහෙයුමම කරමු. ඒ ටැංකිවලට පුරවලා ජලය ලබා දෙමු.ජනාධිපතිවරයා: ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලවල ඇතුළු රජයේ ආයතනවල තිබෙන බවුසර් ගෙවල් පිරිසුදු කිරීමේ කටයුතුවලට අවශ්‍ය ජලය ලබාදීමට යොදවන්න.සාගල රත්නායක මහතා: මමත් බවුසර් දහයක් එවන්නම්.මංගල සමරවීර මහතා: සාගල ඇමතිතුමා බවුසර් දහයක් දෙන්නම්ලූ.ජනාධිපතිවරයා: අන්න තවත් බවුසර් දහයක් දෙනවලූ. ඒවා සියල්ල යොදවන්න. ඒ බවුසර් දිසාපතිතුමාට යවන්න.ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා: දැනට හැම පළාත්පාලන ආයතනයකටම අමතරව වියදම් කරන්න රුපියල් ලක්ෂ පහළොව බැගින් දීලා තිබෙනවා. පෞද්ගලික අයගේ නිවාසවල කඳු වැටිලා පස්වලින් පිරිලා. දුප්පත් ඒ අයගේ නිවාසත් පිරිසිදු කරලා තිබෙනවා.ෂාන් විජයලාල්ද සිල්වා මහතා: ඒ කටයුතු සිදු කරන්න අපි මුදල් දීලා තිබෙනවා. ඒ නිසා මූල්‍යමය ගැටලූවක් නැහැ. අනෙකුත් පළාත් සභා පවා අපට උදව් කරන්න ඉදිරිපත් වෙලා තිබෙනවා. තව මුදල් මදිනම් අපි ඒවත් දෙන්න සූදානම්. මධ්‍යම, වයඹ, ඌව පළාත් සභා දැනටමත් අපිට උදව් කරන බව පවසා තිබෙනවා.මාතර දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී නිරෝෂන් පේ‍්‍රමරත්න මහතා: අද ගොඩක් අය අසරණ වෙලා. මට මොරවකදී හමුවුණා අපේ අම්මා කෙනෙක්. තමන්ගේ සැමියා දරුවන් දෙන්නාම කන්දට යට වෙලා. ඇය තනි වෙලා. අවතැන් කඳවුරේදී ඇය කෑම ලබා ගන්න යන්නේ සාමාන්‍ය පෝලිමේම තමා. ඇය අහනවා මගේ හිතේ තිබෙන වේදනාවට පෝලිමේ යන්නේ කොහොමද කියලා. මේ මිනිසුන්ගේ මානසික තත්ත්වය හදන්න, ජීවන තත්ත්වය හදන ගමන්ම එයත් කරන්න. ඒ වගේම දැනට ඉස්කෝලේ ඉන්න අය තව ටික දිනකින් ඉවත් කරාවි. එතකොට ඔවුන් කොතනටද යන්නේ, ඔවුන්ට ජනාධිපතිමන්දිරය දුන්නත් වැඩක් නැහැ. මානසික ප‍්‍රශ්නය විසඳෙන්නේ නැහැ. ඒ නිසා මානසිකත්වය ගැන වැඩපිළිවෙළක් හදන්න.සුනිල් හඳුන්නෙත්ති මහතා: 2003 ගංවතුරට හසු වූ අයමයි මෙවරත් විපතට පත් වුණේ. ව්‍යාපාරික ස්ථානත් එහෙමයි. හානියට පත් ව්‍යාපාරිකයින් වෙනුවෙන් සහන ක‍්‍රමයක් සලසා දෙන්න. පාසල් දරුවන් ගැනත් බලන්න.ජනාධිපතිවරයා: පාසල් දරුවන් වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍යංශය විශේෂ වැඩපිළිවෙළක් ආරම්භ කර තිබෙනවා. මානසිකත්වය හදන්න සෞඛ්‍ය අමාත්‍යංශය වෙනමම වැඩසටහනක් ක‍්‍රියාත්මක කරනවා. දිසාපතිතුමා ඒ මන්ත‍්‍රීවරුන් දෙදෙනාගේම අදහස් සටහන් කර ගත්තා. ඒවා ක‍්‍රියාවට නැංවීම සඳහා යොදා ගමු.දකුණු පළාත් සභා මන්ත‍්‍රී බිංදු වීරසිංහ මහතා: ගංවතුර පාලනය කරන්න මේ වේලි කපනවා. 2003 දීත් එහෙම කළා. එවැනි තැන්වල ඇනිකට් හැදුවොත් හොඳයි කියලා හිතෙනවා.ජනාධිපතිවරයා: වාරිමාර්ග දෙපාර්තමේන්තුව ඒ ගැන මොකද කියන්නේ.වාරිමාර්ග දෙපාර්තමේන්තුව: ජනාධිපතිතුමනි අපිත් බලාපොරොත්තු වෙනවා එතන ඇනිකට් එකක් සාදන්න.මාතර දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඩලස් අලහප්පෙරුම මහතා: දැනට තිබෙන චක‍්‍රලේඛ යටතේ හානි පැමිණවූ දේපොල වලටයි විතරක් වන්දි ගෙවන්න පුළුවන්. නමුත් නිල්වලා නිම්නයේ අඩි දහය දොළහ දින හය හතක් ජලයෙන් යට වූ නිවාස තිබුණා. නමුත් දේපොළ හානියක් නැතිනම් ඔවුන්ට වන්දි ලැබෙන්නේ නැහැ. ඒ නිසා ගංවතුර සම්බන්ධයෙන් අපි අලූත් ප‍්‍රතිපත්තියක් හදලා ක‍්‍රියාත්මක කරමු කියලා මම යෝජනා කරනවා. දිසාපතිතුමාගේ වාර්තාව අනුව හිතෙනවා රාජ්‍ය යන්ත‍්‍රය විතරයි ගංවතුර වෙනුවෙන් වැඩ කළේ කියලා. රාජ්‍ය යන්ත‍්‍රය විතරක් නෙමේ සමාජ යන්ත‍්‍රයක් විශාල කැපවීමක් කළා.ඒ නිසා කරුණාකරලා ඒක නිවැරදි කරන මෙන් ඉල්ලා සිටිනවා. ඒ සියලූ දෙනාම ඇගයීමට ලක් විය යුතුයි. ඒ වගේම 2003 දී පිල¥ව වේල්ල කැපුවා. ඒක 2017 දී ආපහු කැපුවා. 1917 දීත් මාතර දිස්ත‍්‍රික්කයට ගංවතුර ඇවිත් තිබෙනවා. නිල් කොල රතු ආණ්ඩු යටතේ අපි මේවා ගැන සාකච්ඡා කළා. මම මහජන නියෝජිතයෙකු ලෙස නොව පුරවැසියකු ලෙස ඉඳලා සිටිනවා. නිල්වලා යෝජනා ක‍්‍රමයේ තුන්වැනි අදියර ක‍්‍රියාත්මක කරන්න කියලා.ජනාධිපතිවරයා: ඩලස් අලහප්පෙරුම මන්ත‍්‍රීතුමා සඳහන් කළ පරිදි ගෞරවය පිළිබඳ යෝජනාව මම ඒ ආකාරයටම ස්ථීර කරනවා. දීර්ඝ කාලීන සැලසුම් සම්බන්ධයෙන් යෝජනා ක‍්‍රියාත්මක කරන්න මම බලාපොරොත්තු වෙනවා. සුද්ධ පවිත‍්‍ර කරන්න බැරිවෙච්ච පාසල් තවත් තිබෙනවාද?දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍ය චන්දිම රාසපුත‍්‍ර මහතා: මාතර දිස්ත‍්‍රික්කයේ නම් එහෙම ප‍්‍රශ්නයක් නැහැ. ගාල්ලේ පාසල් දෙකක් නම් තිබෙනවා. ඒත් විද්‍යුත් උපකරණ නම් විනාශ වෙලා. සතියක් විතර යයි ඒ සියල්ල යථා තත්ත්වයට පත්කර ගන්න. විනාශ වූ විදුලි උපකරණ සියල්ල යළි ලබා දෙනවා.සුනිල් හඳුන්නෙත්ති මහතා: රාජ්‍ය සේවයේ සියලූම නිලධාරීන් මහත් සේවාවක් කළා. රාහුල විද්‍යාලයේ අවතැන් කඳවුරේ ග‍්‍රාම නිලධාරීන් දෙදෙනෙකු ගැන ප‍්‍රවෘත්තියක් විද්‍යුත් මාධ්‍යයකින් මම දැක්කා. මම සිතනවා එතැන දී ඔවුන්ට අසාධාරණයක් වුණා කියලා. ඒ වගේම එය ග‍්‍රාම නිලධාරීන් ඇතුළු රජයේ නිලධාරීන්ට කැළලක් වෙන්න පළුවන්. ඊට සාධාරණය ඉටු කරන ලෙස ඉල්ලා සිටිනවා.ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා: දැනටමත් ඒක ගැන පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා. මූලික වාර්තාවෙන් පසු එය අවසන් කරන්න බලාපොරොත්තු වෙනවා. මාධ්‍ය ඉක්මන් වෙලා කරපු වැඩක් වගේ. රජයේ නිලධාරීනුත් ආපදාවට ලක් වෙලා ඉන්න ගමන් තමයි වැඩ කරන්නේ. ඒක ගැන ප‍්‍රශ්නයක් නැහැ.හිටපු දකුණු පළාත් සභා මන්ත‍්‍රී ලාල් පේ‍්‍රමනාත් මහතා: පාසල් වගේම පෙර පාසල් විශාල සංඛ්‍යාවකුත් මේ ආපදාවට ලක් වෙලා තිබෙනවා. ඒවාටත් සහනයක් සලසන ලෙස ඉල්ලා සිටිනවා.චන්දිමා රාසපුත‍්‍ර මහතා: කොට්ඨාස මට්ටමින් එහෙම හානි වෙච්ච පෙර පාසල් වල තොරතුරු ලබා දෙන්න. ඒවා ගැනත් සළකා බලන්න අපි කටයුතු කරනවා.මංගල සමරවීර මහතා: මේ ආපදාවේදී ජනතාව වෙනුවෙන් උදව් කරන්න ඉදිරිපත්වූ රජයේ නිලධාරීන් ඇතුළු සියලූ දෙනාට ස්තූතිවන්ත වෙනවා. ඒ වගේම නිල්වලා ව්‍යාපාරයේ තුන්වැනි අදියරත් ඩලස් අලහප්පෙරුම මන්ත‍්‍රීතුමා කිව්වා වගේ අදහස් හා යෝජනා ලබාගෙන ක‍්‍රියාත්මක කරන්න අපි බලාපොරොත්තු වෙනවා. මොකද විපක්ෂයේ ඉන්න කොට තමයි හොඳ අදහස් මතු වෙන්නේ. ආණ්ඩු පක්ෂයේ ඉන්නවට වඩා ඩලස් අලහප්පෙරුම මහතා මේ දිස්ත‍්‍රික්කයේ නායකයා විදිහට අවුරුදු දහයක් හිටියා. ඒ කාලෙත්  ඕවා ක‍්‍රියාත්මක කරන්න තිබුණා. අතීතය ගැන නොසිතා දැන්වත් අපි ඒවා ක‍්‍රියාත්මක කරමු.දකුණු පළාත් සභා මන්ත‍්‍රී ඞී.ජී. චන්දන ප‍්‍රියන්ත මහතා: මාතර දිස්ත‍්‍රික්කයේ ආසන හතෙන් හයක් ගංවතුරට යට වුණා. නමුත් කඹුරුපිටිය ආසනයට අධීක්ෂණ මන්ත‍්‍රීවරයකු පත් කර නැහැ. ඒකෙන් සම්බන්ධීකරණ  සම සභාපති ලෙස මා ටිකක් විසි වෙලා ගිහින් තිබෙනවා. ලක්ෂ්මන් ඇමතිතුමා දැන් ටිකක් හයිය අරගෙන ඒක කරගෙන යනවා. ඒ නිසා අද හෙටම අධීක්ෂණ මන්ත‍්‍රීවරයකු පත්කර ඒක නිවැරදි කරදෙන ලෙස ඉල්ලා සිටිනවා.මංගල සමරවීර මහතා: ඒක බොරු කතාවක්.ජනාධිපතිවරයා: හොඳයි දැන් වෙන ගංවතුරකට යන්න හදන්නේ. ඒක නිසා රැස්වීම මෙතනින් නතර කරනවා. සියලූ දෙනාම එක හා සමානව වැඩ කළා. හැමෝටම ස්තූතියි.මාතර දිස්ත‍්‍රික්කයේ සියලූම රාජ්‍ය ආයතන ප‍්‍රධානීන්, දේශපාලනඥයින්, ආරක්ෂක අංශ නිලධාරීන් ඇතුළු විශාල පිරිසක් මෙම රැස්වීමට සහභාගි වූහ.
බැඳුම්කර වාර්තාවේ සියලුම පිටු මැතිසබයට ඉදිරිපත් කරන්නැයි අදාළ අංශවලට දැනුම් දෙන්න
0
hp_train_7389
(මනෝජ් හර්ෂික)මාතර දිස්ත්‍රික්කයට අයත් ප්‍රදේශ කිහිපයකට හෙට (19) ජල සැපයුම අත්හිටුවීමට සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාප්‍රවාහන මණ්ඩලය සඳහන් කරයි.ඒ අනුව මාතර නගරය,කුඩාව,වල්ගම,නුපේ,දෙවිනුවර සහ ගන්දර යන ප්‍රදේශයන් වෙත හෙට(19) උදෑසන 8.00 සිට සවස 5.00 දක්වා පැය 9ක කාලයක් මෙසේ ජල සැපයුම අත්හිටුවීමට තීරණය කර ඇත.මාතර මිරිස්ස ජල සම්පාදන ක්‍රමයට අයත් උයන්වත්ත හා බ්‍රවුන්ස්හීල් ජල තටාකයේ අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් මෙසේ ජල සැපයුම අත්හිටුවීමට සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාප්‍රවාහන මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කරයි. 
කළුතර ප්‍රදේශ කිහිපයකට ඉදිරි සති තුනේදී ජල සැපයුම සීමා කෙරේ
0
hp_train_7390
(ටී.කේ.ජී.කපිල)කොරෝනා ප්‍රතිශක්තිකරණ එන්නත්කරණය සදහා ශ්‍රී ලංකාව මිළදී ගත් , චීනයේ " සයිනොෆාම් " එන්නත් , තවත් මාත්‍රා ලක්ෂ 10 ක් , අද දින අලුයම , බෙයිජිං නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපළට රැගෙන ආවේය. චීනයේ බෙයිජිං නුවර සිට , ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 869 දරන විශේෂ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයෙන්, මෙම එන්නත් තොගය කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන විත් තිබුණි .ගුවන් යානයෙන් මෙම එන්නත් තොගය ගොඩ බෑමෙන් අනතුරුව , ගුවන් තොටුපළ ගුවන් භාණ්ඩ ගැල් ගම්මානයේ ශීතකරණ තුළ , මෙම එන්නත් තැන්පත් කිරීමෙන් පසුව , ශ්‍රී ලංකා ඖෂධ නීතිගත සංස්ථාවේ ශීතකරණ පහසුකම් සහිත ලොරි රථ මගින් , ඔවුන්ගේ කොළඹ පිහිටි මධ්‍යම ඖෂධ ගබඩා සංකීර්ණය වෙත රැගෙන ගොස් තිබේ .
’’සයිනොෆාම්’’ ඒන්නත් තවත් මිලියනයක් කටුනායකට
1
hp_train_7391
(ඩී.කේ.රත්න) දෙමෝදර වලස්බැද්ද රක්ෂිතයේ  ඇතිවූ හදිසි ගින්නකින් රක්ෂිතයේ අක්කර 35 ක් පමණ ගින්නෙන් විනාශ වී තිබේ.මේ දිනවල පවතින සුළං තත්ත්වය නිසා ගින්න සීඝ්‍රයෙන් පැතිර ගොස් ඇත.කිසියම් පුද්ගලයෙක් මෙම රක්ෂිතයේ සිටින සතුන් දඩයම් කිරීම සඳහා හෝ විනෝදය සඳහා මෙම රක්ෂිතයට ගිනි තබන්නට ඇතැයි ඇල්ල පොලීසිය සැක පළ කරයි.මෙම ගින්න හේතුවෙන් රක්ෂිතයේ තිබූ වටිනා බෙහෙත් පැළෑටි සහ ශාක වර්ග රැසක් හා කෘමි සතුන් විශාල ප‍්‍රමාණයක් විනාශ වන්නට ඇතැයි ද පරිසරවේදීහු කියති. 
හාලිඇල අඹවක රක්ෂිතයේ ගින්නකින් අක්කර 20 ක් විනාශයි
0
hp_train_7392
ඉන්දියාවෙන් දිනක් ඇතුළත වාර්තා වූ වැඩිම ආසාදිතයන්ගේ ගණන අද (8) වාර්තා වූ අතර එම ගණන 9,983ක් ලෙස දැක්විණි.ඒ අනුව ඉන්දියාවෙන් අද (8) පස්වරු 3 වනවිට වාර්තා වූ සමස්ත ආසාදිතයන්ගේ ගණන 2,56,611ක් ලෙස දැක්වුණු අතර ඉන්දියාව ලොව වැඩිම ආසාදිතයන් ගණනක් වාර්තා වන රටවල් අතර පස්වැනි තැනට පත්ව ඇත.ඉන්දියාව මේ වනවිට චීනයේ හුබෙයි පළාතේ වූහාන් නගරයෙන් ව්‍යාප්ත වීමට පටන් ගත් නව කොරෝනා වයිරසය හේතුවෙන් ඉතාලියෙන් සහ ස්පාඤ්ඤයෙන් වාර්තා වන ආසාදිතයන්ගේ ගණන ද ඉක්මවා ගොස් ඇත.ඉතාලියෙන් අද (8) පස්වරු 3 වනවිට වාර්තා වූ සමස්ත ආසාදිතයන්ගේ ගණන 2,34,998ක් වූ අතර ස්පාඤ්ඤයෙන් වාර්තා වූ ආසාදිතයන්ගේ ගණන 2,41,550ක් ලෙස දැක්විණි.ඉන්දියාවේ රෝහල්වල ප්‍රතිකාර ලබන කොරෝනා ආසාදිතයන්ගේ ගණන 1,25,381ක් වන අතර සුව වූ ගණන 1,24,095කි. එරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිත මරණ ගණන 7,135කි.එරට වැඩිම බලපෑමක් වූ ප්‍රාන්තය බවට පත්ව ඇත්තේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තය යි. එම ප්‍රාන්තයෙන් වාර්තා වන ආසාදිතයන්ගේ ගණන 85,975කි. තමිල්නාඩුවෙන් ආසාදිතයන් 31,667කු, දිල්ලියෙන් ආසාදිතයන් 27,654 දෙනකු සහ ගුජරාට් ප්‍රාන්තයෙන් අද පස්වරු වනවිට ආසාදිතයන් 20,070 කු වාර්තා වී තිබිණි.අසල්වැසි පාකිස්තානයෙන් අද (8) පස්වරු 3 වනවිට වාර්තා වූ ආසාදිතයන්ගේ ගණන 98,943ක් වූ අතර බංග්ලාදේශයෙන් වාර්තා වූ ආසාදිතයන්ගේ ගණන 65,769ක් ලෙස දැක්විණිඑන්.ඩී.ටීවී.055 ඉන්දියාවෙන් අදත් කොරෝනා ආසාදිතයන් 9,000ක්ඉන්දියාවෙන් දිනක් ඇතුළත වාර්තා වූ වැඩිම ආසාදිතයන්ගේ ගණන අද (8) වාර්තා වූ අතර එම ගණන 9,983ක් ලෙස දැක්විණි.ඒ අනුව ඉන්දියාවෙන් අද (8) පස්වරු 3 වනවිට වාර්තා වූ සමස්ත ආසාදිතයන්ගේ ගණන 2,56,611ක් ලෙස දැක්වුණු අතර ඉන්දියාව ලොව වැඩිම ආසාදිතයන් ගණනක් වාර්තා වන රටවල් අතර පස්වැනි තැනට පත්ව ඇත.ඉන්දියාව මේ වනවිට චීනයේ හුබෙයි පළාතේ වූහාන් නගරයෙන් ව්‍යාප්ත වීමට පටන් ගත් නව කොරෝනා වයිරසය හේතුවෙන් ඉතාලියෙන් සහ ස්පාඤ්ඤයෙන් වාර්තා වන ආසාදිතයන්ගේ ගණන ද ඉක්මවා ගොස් ඇත.ඉතාලියෙන් අද (8) පස්වරු 3 වනවිට වාර්තා වූ සමස්ත ආසාදිතයන්ගේ ගණන 2,34,998ක් වූ අතර ස්පාඤ්ඤයෙන් වාර්තා වූ ආසාදිතයන්ගේ ගණන 2,41,550ක් ලෙස දැක්විණි.ඉන්දියාවේ රෝහල්වල ප්‍රතිකාර ලබන කොරෝනා ආසාදිතයන්ගේ ගණන 1,25,381ක් වන අතර සුව වූ ගණන 1,24,095කි. එරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිත මරණ ගණන 7,135කි.එරට වැඩිම බලපෑමක් වූ ප්‍රාන්තය බවට පත්ව ඇත්තේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තය යි. එම ප්‍රාන්තයෙන් වාර්තා වන ආසාදිතයන්ගේ ගණන 85,975කි. තමිල්නාඩුවෙන් ආසාදිතයන් 31,667කු, දිල්ලියෙන් ආසාදිතයන් 27,654 දෙනකු සහ ගුජරාට් ප්‍රාන්තයෙන් අද පස්වරු වනවිට ආසාදිතයන් 20,070 කු වාර්තා වී තිබිණි.අසල්වැසි පාකිස්තානයෙන් අද (8) පස්වරු 3 වනවිට වාර්තා වූ ආසාදිතයන්ගේ ගණන 98,943ක් වූ අතර බංග්ලාදේශයෙන් වාර්තා වූ ආසාදිතයන්ගේ ගණන 65,769ක් ලෙස දැක්විණි. එන්.ඩී.ටීවී.055  
ඉන්දියාවෙන් ආසාදිතයන් 40,400ක්
0
hp_train_7393
මඩකළපුව, කළපු  ප්‍රදේශයේ සිදු කළ සෝදිසියකදී  නිතිවිරෝධි ලෙස මසුන් ඇල්ලීමට යොදා  ගන්නා ධීවර දැල් 25 ක් සොයාගත්  බව නාවික හමුදාව පවසයි.නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් මෙම මෙහෙයුම කර ඇත.එලෙස සොයගත්  අඩි 150 ක පමණ දිගකින් යුත් තහනම් ධීවර දැල් ඉදිරි නීතිමය කටයුතු සඳහා මඩකළපුව, සහකාර ධීවර අධ්‍යක්‍ෂක කාර්යාලය වෙත භාර දීමට කටයුතු යොදා ඇතැයිද නාවික හමුදාව සඳහන් කළේය. (36698)
තහනම් ධීවර දැල් තොගයක් මඩකලපුවෙන් අල්ලයි
0
hp_train_7394
(ඩයනා උදයංගනී)බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (9) දිනයේදී විටින් විට වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.එම ප්‍රදේශයන්හි ඇතැම් ස්ථානවලට මිලිමීටර 75 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් සඳහන් කළේය.ඌව සහ නැගෙනහිර පළාත්වලත්, මුලතිව් දිස්ත්‍රික්කයේත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව එම ප්‍රකාශකයා පැවසීය,මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, හම්බන්තොට දිස්ත්‍රික්කයේත් පැයට කිලෝමීටර 40, 50 පමණ වේගවත් සුළං ඇතිවන බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.ගිගුරුම් සහිත වැසි ඇතිවන අවස්ථාවල තාවකාලික තද සුළං හා අකුණු අනතුරු ද ඇතිවිය හැකි බැවින් අනතුරු අවම කරගැනීමට ක්‍රියා කරන්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම්දීමක් කරයි. 
පළාත් කිහිපයකට ප්‍රබල අකුණු අවදානමක්
0
hp_train_7395
(අංජුල මහික වීරරත්න)මෙරට සංචාරයක නිරත ඇමෙරිකා එක්සත් ජනපදයේ  සෙනෙට් මණ්ඩල සභික  ක්‍රිස් වැන් හොලන් මහතා අද (30) පස්වරුවේ මහනුවර ජනාධිපති මන්දිරයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමු විය.ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක, ශ්‍රී ලංකාවේ ඇමෙරිකා තානාපතිනි ජූලි චන්ග් යන මහත්ම මහත්මීහු ද  මෙම අවස්ථාවට එක්ව සිටියහ.
ක්‍රිස් වැන් හොලන් ජනපති හමු වෙයි
1
hp_train_7396
(මීරිගම විශේෂ - පුෂ්පකුමාර මල්ලවආරච්චි)විදුලිය විසන්ධිකර තිබූ රාත්‍රියේ දිය නෑමට ගිය සැමියාට සිරුරේ ගාන සබන් කෑල්ල වෙනුවට වැරදීමකින් වෙනත් සබන් කැටයක් ගෑමෙන් සිරුර පුරා කැසීමට ලක්වී වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීමට සිදුවීමේ පුවතක් මීරිගමට නුදුරු ගමකින් අසන්නට ලැබිණි. රජයේ ආයතනයක විධායක නිලයක් දරන සැමියා නිවෙසට එද්දී රෑ බෝවී තිබිණි. රජයේ රැකියාවක නිරත බිරිය සිටියේ කුස්සියේ වැඩ කරමිනි. විදුලිය නැති නිසා ඇය ආලෝකය ලබාගත්තේ ඉටි පහනක ආධාරයෙනි. නිවසේ වූයේද එක් ඉටි පහනක් පමණි. දැන් ලයිට් එයිනේ ඒ හින්දා මම ඉටිපන්දමක් ගේන්න කඩේට ගියේ නෑ බිරිය සැමියාට කීවාය. නිවසට ආ සැමියා දරු දෙපළ සමඟ කාලය ගත කර දිය නාගැනීමට වත්ත පහළ ළිඳට යාමට සැරසුණේ කළුවරේමය. අනේ මට සබන් කෑල්ල දෙන්නකෝ සැමියා ඉල්ලුවේය. බිරිය සබන් කෑල්ල ගෙනවිත් අතට දුන්නාය. වත්ත පහළ ළිඳට ගිය සැමියා දිය නෑවේය. සබන් ගාද්දී වෙනසක් දැනිණි. කළුවර නිසා කිසිත් පැහැදිලි නැත. ඉක්මන් ගමනින් දිය නා නිවසට ආ ඔහු සබන් කෑල්ල බාල්දිය සමඟම තැබීය. ටික වේලාවක් ගත වෙද්දී සිරුර පුරා කසන්නට වූයේය. ඔහු ඒ බව බිරියටද කීවේය. පණුවෙක්වත් ගෑවෙන්න ඇති කී ඇය බෙහෙත් පෙත්තක්ද දුන්නාය. එහෙත් කැසිල්ල අඩුවක් නැත. මෙසේ කල් ගත වෙද්දී විදුලිය ලැබිණි. රෑ කෑමෙන් පසු බිරිය කුස්සියේ කටයුතුවල යෙදුණාය. වළං පිඟන් සෝදන්නට ගිය ඇය ඒ සඳහා ගන්නා සබන් කැටය දක්නට නොවූයෙන් විමසිලිමත් වූවාය. අනේ ඔයා සබන් කෑල්ල තිබ්බේ කොහේද ඇය ඇසුවාය. බාල්දියේ බලන්න සැමියා කීවේය. බාල්දිය පිරික්සූ ඇයට සැමියාගේ කැසිල්ලට හේතුව තේරුම් ගියේය. වහා දිවගෙන ආ ඇය කිසිත් නොකියා සැමියා සමඟ වෛද්‍යවරයකු ළඟට කැඳවා ගියාය. සැමියාගේ කැසිල්ල ගැන වෛද්‍යවරයාට කී ඇය ඊට හේතු වන්නට ඇත්තේ තමන්ට වූ වැරදීම නිසා වෙන්නට ඇතැයිද කියද්දී සැමියාට සිදුවූ සියල්ල තේරුම් ගන්නට ලැබිණි.කෙසේ හෝ බිරියට සිදුවූ අත්වැරැද්ද නිසා සැමියා පුරා සතියක් තිස්සේ වෛද්‍ය ප්‍රතිකාර ලැබීය. දින දෙක තුනක් රාජකාරියට යාමෙන්ද වැළකී සිටියේය.  
ලයිට් ගියදා අමුතු ලෙඩක් හැදිලා
0
hp_train_7397
(අංජුල මහික වීරරත්න සහ බලංගොඩ - වයි.ඒ.එස්. වීරවංශ)ගෝනි බිල්ලන් භීෂණ කප්පිත්තන් වෙනුවට රටට සොඳුරු නායකත්වය තමා සපයන බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක, එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා බලංගොඩ පැල්මඩුල්ල ඇහැලියගොඩ ජනරැලි වලදී පැවැසීය.දේශපාලනය යනු මුදල් ගනුදෙනුව නොවන බව කී සජිත් ප්‍රේමදාස මහතා ජාති ආගම් කිසිදු බේදයකින් තොරව හංසයාගේ සෙවණ යටට එක්වීමට සමස්ත ශ්‍රී ලාංකේය ජනතාවට අවස්ථාව තිබෙතැයිද සඳහන් කළේය.ජනපතිවරණ අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ජය තහවුරු කිරීම සඳහා අතිවිශාල ජනතාවක් සහභාගි වී සිටියහ.මහවැසි මැද ජනතාව ජනරැලිවලට සහභාගිවීම විශේෂත්වයකි.මෙහිදී ඉඹුල්පේ ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රී සුරංග මැණික් මහතා සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කිරීමට එක්විය.බලංගොඩ ජන රැලියේදී තවදුරටත් අදහස් දැක්වූ ජනපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා මෙසේද කීවේය.බලංගොඩ ආනන්ද මෛත්‍රිය නාහිමියන්ගේ උපන්බිමේ ජීවත්වන සියලුදෙනාටම ශක්තිසම්පන්න ජීවිතය දීම මගේ අරමුණයි.ප්‍රදේශයේ අබුසාලි මහතා කාටවත් අමතක කරන්න බැහැ. බලංගොඩ අනාගත වගකීම තලතා අතුකෝරල මහත්මිය බාරගෙන කරන සංවර්ධනයට මා උපහාර කරනවා. බලංගොඩ සංවර්ධන සුරපුරය කරන්න මා කැප වෙනවා.රත්නපුර දිස්ත්‍රික්කයේ ජනතාව මුහුණ දෙන ප්‍රශ්න රැසක් තිබෙනවා. තේ කර්මාන්තය ප්‍රමුඛ ප්‍රධාන වැවිලි බෝග වගා ශක්තිමත් කරන්න සෘජු වැඩපිළිවෙළ හදනවා. සුළු අපනයන බෝග, ගොවීන් රැකීමටත් මා කටයුතු කරනවා.ගම්මිරිස් සඳහා සහතික මිලක් දෙනවා. ගම්මිරිස් ප්‍රතිඅපනයනය මා සහමුලින්ම නතර කරනවා.එළවළු වගාවේ සහ පලතුරු වගා කරන ගොවි ජනතාව රැකගන්න මා කැපවෙනවා. රත්නපුර දිස්ත්‍රික්කයේ මැණික් කර්මාන්තය ප්‍රචලිතයි. මෑත කාලයේ පැනවූ අසාධාරණ නීතිරීති නිසා මැණික් කර්මාන්තකරුවා අසාධාරණයට ලක්ව සිටිනවා.ඔබේ ශක්තියෙන් ජයගත් පසුව නොවැම්බර් 17 වැනිදා සිට තීන්දු ගන්නේ සමස්ත ජනතා මතයට අනුවයි.මැණික් කර්මාන්තයෙන් ජීවත්වූ ජනතාවට මා ප්‍රකාශයක් කරනවා. නොයෙක් අය දෙන සීනිබෝල පිළිගන්න එපා. ප්‍රේමදාස කෙනකු වචනයක් දුන්නොත් ඒ වචනය පණටත් වඩා රකිනවා.රත්නපුර දිස්ත්‍රික්ක ශක්තිමත් සංවර්ධනයට යොමු කර සංවර්ධනයෙන් බබලන දිස්ත්‍රික්කය බවට පත්කරන්න මා පෞද්ගලික අවධානය යොමු කරනවා. රත්නපුර සංවර්ධන යුගය මා අරඹනවා.ධාරාණිපාත වර්ෂාව මැද ඔබ මේ තරම් උනන්දුවෙන් මා සමග රැඳී සිටීම ගැන ස්තුති කළ යුතුයි. පසුගිය දශකය පුරා මේ ප්‍රතිපත්ති තීන්දු ගන්නාවිට දුටුවේ ඉහළින් තීන්දු ගෙන පහළට යාමයි.මහ පොළොවේ පය ගසා සිටින ජනතාව ගැන අවධානයක් යොමු වී නැහැ. නොවැම්බර් 16 වැනිදා පොඩි මිනිහාගේ කරපිටින් ජනපති ධූරය ලැබෙන විට ජනතා ප්‍රශ්න කරටගෙන විසඳීමට කටයුතු කරනවා.රටේ සංවර්ධනය ජනතා අදහස් මත ජනතාවාදී තීන්දු ගන්නවා.රත්නපුර කොළොන්නේ සංවර්ධන කටයුතු සඳහා මගේ පියා යනවිට දුටු දර්ශනයක් දැක පාසල් දූදරුවන්ට නිල ඇඳුම් හා දිවා ආහාරය දෙන බවට පොරොන්දු වූවා. දිවා ආහාර ක්‍රමය අද ක්‍රියාත්මක වන්නේ නැහැ. පසුගිය රජයේ හිටපු ජනපති ප්‍රමුඛ ආණ්ඩුව එය කපා හැරියා.රටේ වටිනාම සම්පත වන්නේ දරු සම්පතයි. මගේ පියා නිල ඇඳුම් දී මේ සිතුවිල්ල සිතට ගත්තේ කොළොන්නේදීයි. ජනපතිවූ පසුව නිල ඇඳුම් කට්ටල දෙකක් සහ දිවා ආහාරය දෙන්න මා කැප වෙනවා.මා කරන්න යන දේ කපා දමා කතාව පළ කරන්න ඇතැම් මාධ්‍ය කටයුතු කරනවා. ඒ ඔවුන්ගේ අපේක්ෂක පරාජය වන බව දන්නා නිසයි. එක් අපේක්ෂකයකු විතරක් උස්සන්නට මගේ ප්‍රතිඥා කපා දමන්නේ ඇයි?අප ගාලු මුවදොර ඓතිහාසික ජන රැලිය කළා. ඉතිහාසයේ කිසිදිනෙක එවැනි සෙනඟක් පැමිණ නැහැ. රටපුරා රැලි 151ක් මා පවත්වනවා. මගේ ඥාති සහෝදරයා රැලි වලට එවන්නේ නැහැ. අප ළඟ පවුල්වාදය නැහැ. ජනතාව අතරට එන්නේ මා පමණයි.ඒ උදවිය කතා කරන්නේ මිනිස්කම පපුවේ තබාගෙන නොවෙයි. සමෘද්ධි වැඩසටහන මා තවදුරටත් ශක්තිමත් කරනවා. ඒ සමගම ජනසවිය සහනයත් ජනතාව වෙත දීමට කටයුතු කරනවා.මට අමුතුවෙන් රට වටේ යන්න හේතුවක් නැහැ.  වසර හතර හමාරක් මා සිටියේ ජනතාව සමගයි. කිසිම සැකයක් නැතිව ප්‍රේමදාස පුතාට ශක්තිය දෙන්න. කොන්ද කෙළින් තබාගෙන රට මා රැකගන්නවා. රට එක්සේසත් කරනවා. ජාත්‍යන්තරයේ කිරුලු පළන්ඳනවා.මගේ ජීවය ප්‍රාණය ඔබේ ඇසුරයි. ඔබ මහා බලාපොරොත්තු සිතේ තබාගෙන මා සමග එක්ව සිටිනවා. ඔබේ අහිංසක බලාපොරොත්තු රැසක් තිබෙනවා.ජනපති වන්නේ මට සුරසැප විඳින්න නෙවෙයි. ඔබ වෙනුවෙන් දුක් විඳින්න මහන්සි වෙන්න මා සූදානම්. රටට අවශ්‍ය සොඳුරු නායකත්වයයි. රටට නායකයින් වන්න ගෝනි බිල්ලන්, භීෂණ කප්පිත්තන් අවශ්‍ය නැහැ.මිනිසාගේ යුතුකම මිනිසාට සේවය කිරීමයි. සඟ, වෙද, ගුරු, ගොවි, කම්කරු බලවේගය සිටින්නේ මා සමගයි.දේශපාලන අවස්ථාවාදීත්වයට මා තැන දෙන්නේ නැහැ. දේශපාලනය යනු මුදල් ගනුදෙනුව නොවෙයි. මා සමග කව්රුත් එක්වන්නේ ප්‍රතිපත්ති අනුවයි. මා සොරා කා නැහැ. වංචා දූෂණ කර නැහැ. ජාති ආගම් වලින් තොරව මට ඔබේ ශක්තිය අවශ්‍යයි.මහවැසි මැද ඔබ රැඳී සිටි අයුරු පුදුමයි. රටේ ජාතික ආරක්ෂාව ශක්තිමත් කරන්න සැබෑ යුද වීරයා ආරක්ෂක හා නීතිය හා සාමය ඇමති බවට මා පත් කරනවා.ඒ කතාව කී සැණින් ප්‍රතිවාදීන් බයවෙලා. නියම යුද වීරයා කව්ද? කාඞ්බෝඞ් වීරයා කව්දැයි ජනතාව දන්නවා.පාසල් අධ්‍යාපනය ශක්තිමත් කිරීම මගේ ප්‍රතිපත්තියයි. නිල ඇඳුම නැති නිසා පාසල් නොයන තත්ත්වය වහාම නතර කළ යුතුයි.මේවා කරන්න මට සල්ලි තිබෙනවා. මා ආවාට ගියාට පිටරට යන්නේ නැහැ. ගෝලබාලයන් එක්ක යන්නේ නැහැ. මුදල් නාස්ති නොකර ජනතාවට වගවීමේ හොඳම ආදර්ශය ජනපතිගේ සිට දෙනවා. මා කියන දේවල් අපරාධ වියදම බව ඇතැමුන් කියනවා. මෙය රට වෙනුවෙන් කරන ආයෝජනයයි. දරුවන්ට ක්ලාන්තය හැදී වැටෙන යුගය අවසන් කරනවා.මා කාගෙන්වත් පලිගන්නේ නැහැ. ලසන්ත වික්‍රමතුංගට, එක්නැලිගොඩට, පෝද්දල ජයන්තට වූ දේ ජනතාව දන්නවා. එවන් දෙයක් සජිත් ප්‍රේමදාස යුගයේදී වන්නේ නැහැ.නිදහස් මාධ්‍යයට මා ගරු කරනවා. තර්ජන ගර්ජන මා කරන්නේ නැහැ. තර්ජන ගර්ජන කිරීමේ අයිතිය අනෙක් පාර්ශවයට දෙනවා.ශිෂ්ට සම්පන්න මහත්මා නායකත්වය මා රටට දෙනවා. එමෙන්ම රට ලෝකය සමග ගනුදෙනු කරද්දී අපේකම රජකරගෙන රට දිනවන ගිවිසුම්වලට පමණක් අත්සන් කරනවා.මගේ ලේ නහරවල ඇත්තේ රණසිංහ ප්‍රේමදාස සංකල්පයි. රට මා විකුණන්නේ නැහැ. පාවා දෙන්නේද නැහැ.කුලමල බේද වලින් තොරව හංසයාගේ මහා සෙවන යටට ඔබට පැමිණිය හැකියි. අපි අලුත් ලංකාවක් බිහි කරමු. අපේ මව්බිම ජාත්‍යන්තරයේ ශක්තිමත්ම රට බවට පත්කරමු යයිද සජිත් ප්‍රේමදාස මහතා පැවැසීය.අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ ඇමතිනී තලතා අතුකෝරළ මහත්මියමා ඔබේ ජීවිතය ජය ගැනීම සඳහා හැකි සෑම දෙයක්ම කර තිබෙනවා. අප ඉතා අසීරුවෙන් 2015 ජනපතිවරණය කළා. අද අපට ඔච්චම් කරමින් නැවත පවුල් පාලනය ගෙන්න හදනවා. ඒවාට ඉඩ දෙන්නේ නැහැ.අද මිනිසුන්ට නිදහසේ මැතිවරණ කරන්න ඉඩදීලා. අප මේ මැතිවරණය ජයගන්නවා. රණසිංහ ප්‍රේමදාස මැතිතුමාගේ දෑත් පිරිසුදුයි. සජිත් ප්‍රේමදාස මහතාගේ දෑත් පිරිසුදුයි. එදා පොඩි මිනිහා වෙනුවෙන් ශක්තිය දුන්නේ රණසිංහ ප්‍රේමදාස මහතායි.සහරාන්ලාට පඩි ගෙවා කල්ලි හැදූ අය අද අපට සහරාන්ලාගේ ලේබල් අලවන්න හදනවා. ඒ පවුල උත්සහ කළේ පවුලේ ඥාතීන්ට බලය ගන්න පමණයි. ඒකාධිපති වියරුවට ඉඩ නොදී සජිත් ජනපති කරන්න අපි සැම කැපවෙමු.සංවර්ධන උපාය මාර්ග සහ ජාත්‍යන්තර වෙළෙඳ නියෝජ්‍ය අමාත්‍ය නලින් බණ්ඩාර මහතාඑක්සත් ජාතික පක්ෂය යනු ජාති බේද පන්ති බේද නැති පක්ෂයයි. අප ශක්තිමත් නායකයකු ඉදිරිපත් කළා. සජිත් යනු දුප්පත් නිර්ධන පන්ති සටනේ නායකයායි. ඔබේ සිහින ඉටු කිරීමට හැකි එකම නායකයා සජිත් පමණයි.මෙවර මැතිවරණයේදී පක්ෂ අවශ්‍ය නැහැ. සියලු පක්ෂවල දුප්පත් ජනතාව ඉන්නවා. සජිත් අයිති වන්නේ වැඩකරන ජනතාවටයි.සජිත්ට තිබෙන චෝදනා මොනවාද? සෙරෙප්පු ගෙවිලා යැයි කියනවා. එකම ඇඳුම අඳින බව කියනවා. ගෝඨාට තිබෙන චෝදනා මොනවාද? ඒ ගැන රටම දන්නවා.සජිත්ට චෝදනා තිබේද ගෝඨාභයට චෝදනා තිබේදැයි තරාදියකට දමා කිරා මැන බලන්න.ජාතික ආරක්ෂාවට දිය යුතු හොඳම උත්තරය සජිත් ප්‍රේමදාස මහතා දී තිබෙනවා. ඒ සරත් ෆොන්සේකා මහතායි.පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතාඅතීතයේ සිට අපේ පක්ෂයේ නායකයකු ජනාධිපති ධූරයට පත්කර ගැනීමේ අවශ්‍යතාව තිබුණා. ඒ අනුව රටට ශක්තිය දීමට හැකි නායකයකු ඉදිරිපත් කළා.එක්සත් ජාතික පක්ෂය දෙකට කැඩුණු පසු ඒ වාසිය ගෙන ජයගන්න පොහොට්ටුව බලාගෙන හිටියා. සජිත් ජනපති වූ පසුව ගෝඨාභයට දේශපාලන අනාගතය නැහැ.සුළු ජාතික ඡන්ද පදනම නැතිව ජනාධිපතිවරණය ජයගන්න හැකියාව නැහැ. අප රාජපක්ෂ එලෙව්වා වගේම රාජපක්ෂගේ මල්ලිත් එලවා දානවා.රාජපක්ෂ කඳවුර එකිනෙකා මරාගන්න තැනට දැන් පැමිණිලා.විශාල ජන ගංගාවක් රැලිවලට සහභාගී වී සිටියහ.
“පැය 24ම ජනතාව ගැන සොයන පාලනයක් ගෙනියනවා“
0
hp_train_7398
    රංජිත් රාජපක්ෂ නොර්වුඩ් වතු සමාගමට අයත් යැයි කියන නොර්වුඩ් ග්ලැන්කන් ප්‍රදේශයේ හෙක්ටයාර් ½ ක පමණ වන වගා භූමියක් ගිනිගත්හේන  ප්‍රාදේශීය ලේකම්වරයා ගැසට් නිවේදනයක් මගින් අත්පත් කර ගැනීමට එරෙහිව එම වතු සමාගමේ වතු කම්කරුවෝ උද්ඝෝෂණයක් ඇරඹුහ.හැටන් බගවන්තලාව ප්‍රධාන මාර්ගයේ දික්ඔය මුලික රෝහල ඉදිරිපිට කාසල්රි ජලාශයට යාබදව පිහිටි එම ඉඩමට පිවිසෙන මාර්ගය අවහිර කරමිනුයි අද (6) උදෑසන සිට වතු කම්කරුවන් උද්ඝෝෂණයක නිරතව සිටියි.එම වතු සමාගමට අයත් නොර්වුඩ් , නිවිවෙලි , රොක්වුඩ් ,ග්ලැන්කන්  යන වතුවල වතු කම්කරුවන් වැඩ වර්ජනය කරමින් මෙසේ උද්ඝෝෂණයක නියැලී සිටියි.තමන් වසර ගණනාවක් තේ දළු නෙළු එම ඉඩම මේ වන විට වතු සමාගම විසින් යුකෙලෙප්ස්ටික් වන වගාවක් සිදුකර ඇති බවත් , ඉඩම් කැබැල්ලක් හෝ නොමැති තමන්ට ඉඩම් කැබැල්ලක් ලබා නොදි තම වතුයායේ ඉඩම් ගිනිගත්හේන  ප්‍රාදේශීය ලේකම්වරයා විසින් පිටස්තර අයට ලබා දිමට කිසිසේත් ඉඩ ලබා නොදෙන බවයි උද්ඝෝෂණයේ නියැලි වතු කම්කරුවෝ පැවසුහ. 
තේ ඉඩමක් බලහත්කාරෙන් අල්ලාගැනිමට එරෙහිව කම්කරුවන් උද්ඝෝෂණයක
0
hp_train_7399
ශ්‍රී ලංකාවේ  නැගෙනහිර හා ඌව පළාත්වල සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ වැසි ස්වල්පයක් ඇති වන බවත්  බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රීක්කවලත්   ස්ථාන ස්වල්පයක සවස 4.00 න් පසුව වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇති වන බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.විශේෂයෙන් කඳුකර ප්‍රදේශවල සහ  නිරිතදිග කොටසේ උදෑසන කාලයේ මීදුම් තත්ත්වයක් ඇති විය හැකියි.ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය                                                      දිනය : 03/03/2016නගරයඋෂ්ණත්වය (සෙ. අංශක)සාපේක්ෂ ආර්ද්‍රතාවය (%) කාලගුණයඋපරිමඅවමඋපරිමඅවමඅනුරාධපුරය33249055ප්‍රධාන වශයෙන් වැසි රහිතමඩකලපුව31269565වැසි ස්වල්පයක්.කොළඹ33259050සවස 4.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි  ඇති විය හැක.ගාල්ල32249055සවස 4.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි  ඇති විය හැක.යාපනය33249050ප්‍රධාන වශයෙන් වැසි රහිතමහනුවර32209555සවස 2.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි  ඇති විය හැක.නුවරඑළිය21129550සවස 2.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි  ඇති විය හැක.රත්නපුරය34239565සවස 2.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි  ඇති විය හැක.ත්‍රීකුණාමළය32269565වැසි ස්වල්පයක්.මන්නාරම33258560ප්‍රධාන වශයෙන් වැසි රහිත                   
ඉදිරි 24 පැයේ කාලගුණය
0
hp_train_7400
(ටී.කේ.ජී.කපිල)කොරෝනා ප්‍රතිශක්තිකරණ එන්නත්කරණය සදහා ශ්‍රී ලංකාව මිළදී ගත් , චීනයේ " සයිනොෆාම් " එන්නත් , තවත් මාත්‍රා ලක්ෂ 10 ක් , අද දින අලුයම , බෙයිජිං නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපළට රැගෙන ආවේය. චීනයේ බෙයිජිං නුවර සිට , ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 869 දරන විශේෂ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයෙන්, මෙම එන්නත් තොගය කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන විත් තිබුණි .ගුවන් යානයෙන් මෙම එන්නත් තොගය ගොඩ බෑමෙන් අනතුරුව , ගුවන් තොටුපළ ගුවන් භාණ්ඩ ගැල් ගම්මානයේ ශීතකරණ තුළ , මෙම එන්නත් තැන්පත් කිරීමෙන් පසුව , ශ්‍රී ලංකා ඖෂධ නීතිගත සංස්ථාවේ ශීතකරණ පහසුකම් සහිත ලොරි රථ මගින් , ඔවුන්ගේ කොළඹ පිහිටි මධ්‍යම ඖෂධ ගබඩා සංකීර්ණය වෙත රැගෙන ගොස් තිබේ .
‘‘ෆයිසර්“ එන්නත් 73000ක් කටුනායකට
0