id
stringlengths
13
13
news_content
stringlengths
120
24.3k
headline
stringlengths
10
171
is_headline
int64
0
1
hp_train_7201
ශ්‍රී ලංකාවේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියළි සහ ශීත කාලගුණයක් පවතිනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. හිමිදිරි පාන්දර නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථාන වල මල් තුහීන ඇති විය හැකියි.ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය                                                      දිනය : 28/01/2016නගරයඋෂ්ණත්වය (සෙ. අංශක)සාපේක්ෂ ආර්ද්‍රතාවය (%) කාලගුණයඋපරිමඅවමඋපරිමඅවමඅනුරාධපුරය31229050ප්‍රධාන වශයෙන් වැසි රහිතමඩකලපුව30239070ප්‍රධාන වශයෙන් වැසි රහිතකොළඹ34248555ප්‍රධාන වශයෙන් වැසි රහිතගාල්ල33239070වැසි ස්වල්පයක්   ඇතිවිය හැක.යාපනය30238560ප්‍රධාන වශයෙන් වැසි රහිතමහනුවර31199050ප්‍රධාන වශයෙන් වැසි රහිතනුවරඑළිය21069560ප්‍රධාන වශයෙන් වැසි රහිතරත්නපුරය33249560වැසි ස්වල්පයක්   ඇතිවිය හැක.ත්‍රීකුණාමළය30248070ප්‍රධාන වශයෙන් වැසි රහිතමන්නාරම31248565ප්‍රධාන වශයෙන් වැසි රහිත                 
‘හෙට වියළි කාලගුණයක්‘
0
hp_train_7202
උතුරු, නැගෙනහිර සහ දකුණු පළාත් වල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. සෙසු ප්‍රදේශවල තැනින් තැන සවස 2.00 න් පසු ගිගුරුම් සහිත වැසි වර්ධනය වේ.ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශ වල තාවකාලිකව තද සුළං ඇති විය හැක. ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය                                                      දිනය : 01/11/2015    නගරයඋෂ්ණත්වය (සෙ. අංශක)සාපේක්ෂ ආර්ද්‍රතාවය (%) කාලගුණයඋපරිමඅවමඋපරිමඅවමඅනුරාධපුරය30249575සවස 2.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.මඩකලපුව29259580සවස 2.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.කොළඹ30259070වැසි වාර කිහිපයක්ගාල්ල29249580වැසි වාර කිහිපයක්යාපනය29249585සවස 2.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.මහනුවර28219585සවස 2.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.නුවරඑළිය19149585සවස 2.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.රත්නපුරය30249580සවස 2.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.ත්‍රීකුණාමළය30259580සවස 2.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.මන්නාරම29259075සවස 2.00 න් න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි. 
‘උතුරුට සහ නැ‘හිරට තව දුරටත් වැසි‘
0
hp_train_7203
අජිත්ලාල් ශාන්තඋදය  එක්සත් ජාතික පක්‍ෂයට බලය හිමි බළන්ගොඩ නගර සභාවේ 2019 වසරේ අයවැය ලේඛනය විපක්‍ෂය නියෝජනය කරන ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභිකයන් කිසිවකුගේ සභභාගීත්වය නොමැතිව අද (5) පැවති එම සභාවේ විශේෂ රැස්වීමක දී වැඩි ඡන්ද අටකින් සම්මත විය.සභාපති තමික ජයමිණි විමලසේන මහතාගේ මූලාසනයෙන් යුතුව අද (05) පෙරවරු 10.30ට පමණ මෙම රැස්වීම පැවැත්විණි. අයවැය සම්මත කිරිමේ විශේෂ සභාව පසුගිය 3 වැනි දාට නියමිතය.බළන්ගොඩ නගර සභාව පාලනය කරන්නේ එක්සත් ජාතික පක්‍ෂය සහ එක්සත් ජනතා නිදහස් සන්ධානය ද එක්විය. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සභිකයන් තිදෙනෙකු තේරීපත්ව සිටින අතර එක් සභිකයකු වන හිටපු නගර සභා සභාපති නිමල් ගාමිණි වීරසිංහ මහතා ද මෙම අවස්ථාවට පැමිණ සිටියේ නැත.එක්සත් ජාතික පක්‍ෂයේ සභිකයන් 6 දෙනාද, උප සභාපති එම්.එල්.එම්. රූමි මහතා ඇතුළු එක්සත් ජාතික පෙරමුණේ සභිකයන් දෙදෙනෙකු ද අයවැයට පක්‍ෂව න්දය දුන්නේය.  ජනතා විමුක්ති පෙරමුණේ එකම සභිකයාවූ කේ.ජී.පේ‍්‍රමදාස මහතා අයවැයට විරුද්ධව ඡන්දය දුන්නේය.
හික්කඩුව නගර සභාවේ අයවැය සම්මතයි
0
hp_train_7204
(සුජිත් හේවාජුලිගේ සහ ආරියරත්න රණබාහු)අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක මිල අඩු වී ඇතැයි ද තරමක් වැඩි වී ඇත්තේ පොල් මිල පමණකැයි ද මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (21) පැවැසීය.වේත්‍රධාරි අනිල් පරාක්‍රම සමරසේකර මහතා සෙංකෝලය තැන්පත් කිරීමෙන් පසුව කතානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව ඊයේ (21) උදේ 10.00ට රැස්විය.වාර්තා හා ලිපි ලේඛන පිළිගැන්වීමෙන් පසුව මන්ත්‍රීවරුන් අසා තිබූ ප්‍රශ්නවලට අදාළ ඇමැතිවරු පිළිතුරු දුන්හ.1990 සුවසැරිය පදනම පනත් කෙටුම්පත පිළිබඳ දෙවැනි වර කියැවීමේ විවාදය අරඹමින් ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා මෙසේ පැවැසීය.මේක ගිලන් රථ සේවාවක් පමණක් නොවෙයි. ක්ෂූද්‍ර රෝහලක්. අපේ රටේ මෙවැනි දෙයක් මීට පෙර තිබී නැහැ. අප මේ සේවය සමග සංවර්ධිත රටක් බවට පත් වෙනවා. ඇමෙරිකාවේ සේවයටත් වඩා ඉහළයි. මේක පටන් ගනිද්දී ලොකු චෝදනා ආවා. සමහරුන් ද්වේෂ සහගතව කතා කළා. මේවාට නගින්න එපා කියලත් කිව්වා. අප මේ ගිලන් රථ පොලිස් ස්ථානවල නවත්වන්න තීරණය කළා. ඒක තමයි හරි තීරණය. මේ ගිලන් රථවලට දුරකතන ඇමතුම් පන්ලක්‍ෂ අසූ හතර දහස් පන්සිය විස්සක් ලැබිලා තියෙනවා. අද සාමාන්‍ය ජනතාව මේ ගිලන් රථවලට වන්දනාමාන කරන තත්ත්වයක් ඇතිවෙලා. දරුවො 27 දෙනෙක් මේ ගිලන් රථවල බිහිවෙලා තියෙනවා. 1990 සුවසැරිය විශිෂ්ට සේවාවක් කරනවා. හොඳ දේට හොඳයි කියන්න.සුරාබදු ආඥා පනතේ නිවේදන (අංක 1 හා 2) දෙවැනිවර කියැවීමේ විවාදය අරඹමින් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා මෙසේ කීය.මේ රටේ ආදායම වැඩි කරන්න අප විවිධ ක්‍රියාමාර්ග ගෙන තිබෙනවා. අපේ ආදායමින් සියයට 82ක්ම ලැබෙන්නේ වක්‍ර බදුවලින්. සෘජු ආදායම් බදු ගහන්නේ සියයට 18ක් පමණයි. මෙහය අසාධාරණ පිළිගත නොහැකි තත්ත්වයක්. සෘජු බදු ප්‍රමාණය වැඩ කරගත යුතුයි. නව බදු ලිපි ගොනු 69,000 ක් අලුතින් විවෘත වී  තිබෙනවා. දැන් තියෙන වැට් බද්ද වැඩියි. ටි්‍රලියන 1.9 ක් මේ අවුරුද්දේ අප ණය ගෙවනවා. වැඩි ප්‍රමාණයක් 2015 ට කලින් ගත්තු ණය. අප අද ණය කළමනාකරණය කරගෙන යනවා. අත්‍යවශ්‍ය භාණ්ඩ මිල අඩුයි. පරිප්පු අඩුයි. පොල් මිල ටිකක් වැඩි බව පිළිගන්නවා. සියලු පිළිකා රෝගීන්ට ජීවිතාන්තය දක්වා ප්‍රතිකාර දෙනවා. ඖෂධ 48 ක මිල අඩු කළා. නොමිලයේ ගිලන් රථ සේවය ඇරඹුවා. ළමා ගිණුම්වලින් බදු අය කරන්නේ නැහැ. ඒ සංශෝධනයත් අප ගේනවා. නියෝජ්‍ය කාරක සභා සභාපති සෙල්වම් අඩෙයිකලනාදන් මහතා මුලසුනට පැමිණියේය. ජාත්‍යන්තර වෙළද හා ක්‍රමෝපාය සංවර්ධන අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා-ලංකාව රේගු ආඥා පනතට ඇතුළත් වී ඇති රටක් විදියට ඒ නීතිමය තත්ත්වය අනුව කටයුතු කරන්න බැඳී සිටිනවා. රේගු සාමූහික සභාව කාලයක් පුරා කටයුතු කර ඇති ආයතනයක්. මෙම පද්ධතිය තාක්ෂණයට අනුව වෙනස් කර තිබෙනවා.යාපනය දිස්ත්‍රික් මන්ත්‍රී එස්. සිරිතරන් මහතා. (දෙ.ජා.සං.)තැපැල් වර්ජනය නිසා පින් පඩි ගන්න ජනතාව දුෂ්තරතාවන්ට පත්වෙලා. තැපැල් වර්ජනය විසඳන්නෙ නැත්තේ ඇයි? ආනන්ද සුදාකරන්ගේ දරුවන් පියා එනකම් බලාගෙන ඉන්නවා. ඔහු නිදහස් කරන්න බැහැ කියලා ජනාධිපතිතුමා කිව්වා. හිටුපු ආණ්ඩුව දෙමළ ජනතාව ඝාතනය කළා. තවම දේශපාලන විසඳුමක් නැහැ. මේ ආණ්ඩුව ඒක කළේ නැහැ. යුද්ධයක් ඇති නොවන්නේ ඒක කළොත් විතරයි. මුදල් රාජ්‍ය ඇමැති ඉරාන් වික්‍රමරත්න මහතා- හර්ෂ ඇමැතිතුමා උතුරට මේ ගිලන් රථය අවශ්‍ය ද නැද්ද කියලා ඇහුවා. මම ඒකට එකඟ නැහැ. ඒ සේවය දෙන්නේ උතුරේ සිරිතරන්ට පමණක් නොවෙයි. උතුරේ වගේම දකුණේ ජනතාවගේත් අයිතිවාසිකම් ආරක්ෂා විය යුතුයි.පත් කළ මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා (ජවිපෙ)-ගිලන් රථ සේවය ව්‍යාප්ත කිරීම හොඳ දෙයක්. සුවසැරිය 20 වැනි සංශෝධනය යටතේත් ජනාධිපති යටතේ තියේවි කියලා බලාපොරොත්තු වෙනවා. ජනතාව කන බොන විදිය බලන්න මහ පාරට බහින්න ඕන. 75ට තියෙන පොල් ගෙඩිය හිරමරණයට දාන්න බැහැ. හිරමනේ ළඟ තියාගෙන උරච්චි කරන්න නම් පුළුවන්. අද ජනතාවට කන්න විදියක් නැහැ. හාල්, එළවළු මිල නැගලා. හාල් සියයකට වැඩියි. ජීවන වියදම උහුලන්නම බැහැ. දිවා විවේකය සඳහා සභාව පස්වරු 1.30 දක්වා කල් තැබිණ.දිවා විවේකයෙන් පසුව නියෝජ්‍ය කාරක සභාපතිවරයාගේ ප්‍රධානත්වයෙන් සභාව පස්වරු 1.30ට යළි රැස්වීය.වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ රාජ්‍ය ඇමැති පාලිත රංගේ බණ්ඩාර මහතා- සුවසැරිය ගිලන් රථ ලොකු සේවයක් වෙනවා. එදා මේකට පහර ගහපු අය අද නිහඬයි. සමහර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෝ ජනමාධ්‍ය ආයතන පවා මිලදී ගත්තා. දුමින්ද සිල්වා හිටපු මන්ත්‍රීවරයාටත් මත්කුඩු චෝදනා තිබුණා. ඔහු වෙලේ සුදාගෙන් මාසයකට ලක්ෂ 25ක් ගත්තා කියලා ප්‍රකාශ වුණා. කුඩු ජාවාරම්වලින් උපයාගත්ත සල්ලිවලින් රුපවාහිනි ආයතන මිලදී ගත්තද කියල හෙව්වේ නැහැ. මෙතැනින් එහාට විමර්ශනය ගියේ නැහැ. මම පොලිස්පතිවරයාගෙනුත් මේ ගැන ඇහුවා. පිළිතුරක් ලැබුණේ නැහැ. පැත්ත ගියත් ඇත්ත කියන අයට මේවා පේන්නේ නැහැ.හේෂාන් විතානගේ මහතා (එජාප) මුලසුනට පැමිණියේය.යාපනය දිස්ත්‍රික් මන්ත්‍රී ඩග්ලස් දේවානන්ද මහතා (ඊපීඩීපී)-සුවසැරිය තම දෙමළ ජනතාවට තේරුම් ගන්න පුළුවන් විදියට වෙනස් කරලා දෙන්න. මොනරාගල දිස්ත්‍රික් මන්ත්‍රී පද්ම ශාන්ත ගුණසේකර මහතා (එජනිස)-ඔබලා මේ පාර කපන්නේ සුපිරිසිදු සෞඛ්‍ය සේවයකටද? මේකට කවදා හරි රෝගීන්ගෙන් මුදල් අය කිරීමක් වෙනවාද? මේ එන්නේ අනාගත පෞද්ගලීකරණයේ දිසාවයි.ඇමැති හර්ෂ ද සිල්වා මහතා-අප කවදාකවත් මුදල් අය කරන්නේ නැහැ. මේක රජයට අයත් සේවාවක්.රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන නියෝජ්‍ය ඇමැති එම්.එච්.එම්. හාරිස් මහතා-මේ සේවය අම්පාර ප්‍රදේශවලටත් දෙන්න. ඉන්දියාවේ සාර්ථකව ක්‍රියාත්මක වන වැඩසටහනක්. මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන්ට ඇතැම් නිලධාරීන් උදව් කරනවා. ඔලුවිල් ප්‍රදේශයේ කර්මාන්ත පුරයක් ඇති කරන්න.රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී හේෂාන් විතානගේ මහතා (එජාප)-විපක්ෂය ගිලන් රථ සේවයෙන් ආණ්ඩුවට ගහන්න බැලුවා. නමුත් වැඬේ වැරදුණා. මේක වැරදි විදියට දකින කුහක මන්ත්‍රීවරුන් තවමත් මේ සභාවේ සිටිනවා. මේකෙ වාසිය එන්නේ දුප්පතුන්ටයි. ගිලන් රථ සේවයෙන් ඉන්දියාවේ රෝ ඔත්තු සේවය එනවා කියලා එදා බොරුවට කෑ ගැහුවා. ගිලන් රථ සේවය පරිත්‍යාගයක්. සුවසැරියේ සේවය කවුරුත් අගය කළ යුතුයි. ගලගොඩඅත්තේ හිමියන් සිරගතවීම ගැන අපටත් දුකක් තියෙනවා. ඒ දුක බුද්ධ චීවරය නිසයි. වන්නි දිස්ත්‍රික් මන්ත්‍රී චාල්ස් නිර්මලනාදන් මහතා (දෙජාස)-මෘත දේහ රැගෙන යෑමට අපේ ප්‍රදේශවල දුෂ්කරතා තියෙනවා. රුපියල් හත් අට දාහක් අවශ්‍ය වෙනවා. මෘත ශරීර නිවෙසට ගෙන යන්නත් මෙවැනිම වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කරන්න. කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී තුෂාර ඉදුනිල් මහතා (එජාප)-දරුවෝ 27ක් මේ ගිලන් රථවල ප්‍රසූත කරලා තිබුණා. ඉතින් නරකද සුවසැරියට සමහරු ඔරොප්පුයි. හරිම කැතයි. ඉන්දියාව හදන්නේ අපේ ආයුර්වේදය විනාශ කරන්න කියලා පද්ම උදයශාන්ත මන්ත්‍රීතුමා කිව්වා. ආයුර්වේදය ආවෙත් ඉන්දියාවෙන් කියලා එතුමා නොදන්න එක කනගාටුදායකයි. මහනුවර දිස්ත්‍රික් මන්ත්‍රී ආනන්ද අලුත්ගමගේ මහතා (එජාප)-අපේ රටේ අධ්‍යාපන තත්ත්වය හොඳ මට්ටමක පවතිනවා. සෞඛ්‍ය සේවයත් හොඳයි. අද පාර්ලිමේන්තුව වැඩි කාලයක් ගත කරන්නේ ජනතාව වෙනුවෙන් නොව මන්ත්‍රීවරුන් 225 දෙනාගේ ප්‍රශ්න ගැන කතා කරන්නයි. දූෂණ ගැන එක එක්කෙනාට චෝදනා කර ගන්නවා.කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා-කිසිම රටක් නිකන් යමක් දෙන්නේ නැහැ. නිකන් දීපූ දේවල් තිබුණා. පරිත්‍යාග ලැබුණා. අප රටක් විදියට සිතිය යුතුයි. පළාත් සභා රෝහල්වල අඩුපාඩු රාශියක් තියෙනවා. අද රෝහල්වල බෙහෙත් පෝලිම් නැහැ. බෙහෙත් මිල අඩු කළා. පැනඩෝල් පෙත්ත අරගෙන බලන්න. ලෙඩාගේ බර මේ රජය බාර ගත්තා. රජය සැලකිය යුතු වැඩ කොටසක් කළා. අප කිසිම රටකට යටත් වන්නේ නැහැ. රට පාවා දෙන්නේ නැහැ. සමහර වැඩ වර්ජන සාධාරණයි. දේශපාලන වුවමනාවලට කරන වැඩ වර්ජනවලට විසඳුම් දෙන්න බැහැ. මේ රජය මිනී මරන්නේ නැහැ.මඩකළපුව දිස්ත්‍රික් මන්ත්‍රී එස්. යෝගේෂ්වරන් මහතා (දෙජාස)-පාසල් දරුවන් අතරේ මත්පැන් පාවිච්චිය වැඩිවෙලා තියෙනවා. සංචාරක ව්‍යාපාරය කියමින් මඩකළපුවේ මත්පැන් අලෙවි සල් විවෘත වෙනවා. මේක ආක්‍රමණයක්. මහ බැංකු සිද්ධිය කතා කළත් ඇලෝසියස්ගේ මඩකළපුවේ අරක්කු කම්හල ගැන කවුරුත් කතා කරන්නේ නැහැ. ඒ කම්හල ස්ථිරයෙන්ම වැසෙන්න ඕන. වාලච්චේන කඩදාසි කම්හල විවෘත කරන්න.පොලොන්නරුව දිස්ත්‍රික් මන්ත්‍රී සිඞ්නි ජයරත්න මහතා (එජාප)-ඉන්දියාවේ හමුදා භටයෝ 1500ක් අපේ යුද්ධය වෙනුවෙන් ජීවිත පූජා කළා. ඔවුන් කළ සේවය අගය කළ යුතුයි. සුව සැරිය අද ජනප්‍රියයි. දුෂ්කර දිස්ත්‍රික්කවලටත් මේ සේවය ගේන්න.මහනුවර දිස්ත්‍රික් මන්ත්‍රී දිළුම් අමුණුගම මහතා (එජනිස)-ඉන්දියාව ගැන අපට ලොකු බයක් නැහැ. නමුත් සිංගප්පූරු ගිවිසුම හොර රහසේ අස්සන් කිරීම ගැන සැකයක් පවතිනවා. එහෙනම් හංගන්නේ මොකටද? මාධ්‍යයටත් හැංගුවා. එට්කා ගිවිසුමෙන් කර ගන්න බැරිවුණු දේ සිංගප්පූරු ගිවිසුමෙන් කර ගත්තා. ගිවිසුම ගැන මේ සභාවේ මන්ත්‍රීවරුන්ටත් කොළේ වැහුවා.වෛද්‍ය තුසිතා විජේමාන්න මහත්මිය (එජාප) මුලසුනට පැමිණියාය.නුවරඑළිය දිස්ත්‍රික් මන්ත්‍රී කේ.කේ. පියදාස මහතා (එජාප)-මේ ගිලන් රථ සේවයෙන් රටට රැකියා ප්‍රමාණයක් ලැබුණා. අප මේ සේවය රට පුරා ගෙන යනවා. කඳුකරේ මේ වැඩපිළිවෙළ ඉක්මණින් ආරම්භ කරන්න කියලා ඉල්ලනවා. ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා (එජාප)-ගිලන් රථ සේවය සාර්ථක වැඩ පිළිවෙලක්. ලොකු පුණ්‍ය කර්මයක්. ඒ සඳහා රජයට ස්තූතිය පුද කරනවා. අද රටෙන්ම මේ සේවාව ඉල්ලනවා. සෞඛ්‍ය සේවයේ විප්ලවීය වෙනසක් කළ අවස්ථාවක.් නමුත් මේ ගැන ප්‍රචාරය නම් මදි.පුත්තලම් දිස්ත්‍රික් මන්ත්‍රී අශෝක ප්‍රියන්ත මහතා (එජාප)-ගිලන් රථ 88 කින් මේ වැඩපිළිවෙළ ඇරඹුණා. මේකෙන් පන්සිය ගණනකට රැකියා ලැබුණා. දුප්පත් ජනතාවට සෙත සැලසුණා.නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි මහතා මුලසුනට පැමිණියේය. අනුරාධපුර දිස්ත්‍රික් මන්ත්‍රී ඉෂාක් රහුමාන් මහතා (එජාප)-පදවිය මූලික රෝහලේ තවම පහසුකම් නැහැ. දොස්තරවරු නැහැ. ගොඩනැගිලි නැහැ. අනුරාධපුර ආසන හතේ අඩුපාඩු තියෙනවා. අප කවුරුත් එකතු නොවුණහොත් ඩොලරය 200ට ගිහින් නවතීවි. නිෂ්පාදනය වැඩි නොකර රුපියල වැටෙන එක පාලනය කරන්න බැහැ.නියෝජ්‍ය කාරක සභා සභාපති සෙල්වම් අඩෙයිකලනාදන් මහතා-පාර්ලිමේන්තුවේ සේවය කර විශ්‍රාම ගිය නිලධාරීන්ට සුබ පතනවා. ආහාරපාන අංශයේ සුරේෂ් මැතිතුමා මිය ගියා. එතුමා සිහිපත් කරනවා. අනුරාධපුර දිස්ත්‍රික් මන්ත්‍රී චන්දිම ගමගේ මහතා (එජාප)-ගිලන් රථ 209 ක් තව ලැබෙන්න තියෙනවා. රටේ අනෙකුත් දිස්ත්‍රික්කවලටත් ගිලන් රථ යවනවා. අනුරාධපුරයෙන් 36 දෙනකු ගිලන් රථ සේවයට බඳවා ගත්තා.දිගාමඩුල්ල දිස්ත්‍රික් මන්ත්‍රී එම්.එම්.එම්. මන්සූර් මහතා (එජාප)-රජය අම්පාරේ මුස්ලිම් ජනතාවගේ ඉඩම් ප්‍රශ්නය විසඳිය යුතුයි. සුදුසු තැන්වල ඉඩම් දිය යුතුයි. මේ ප්‍රශ්නවලට සහාය නොදුන්නොත් මුස්ලිම් කොන්ග්‍රසය රජයට දෙන සහාය ඉල්ලා අස්කරගන්න සිදුවෙනවා. මඩකලපුව දිස්ත්‍රික් මන්ත්‍රී ශ්‍රී නේෂන් මහතා (දෙජාස)-මත්ද්‍රව්‍ය අපරාධවලට ප්‍රධාන හේතුවයි. මත්ද්‍රව්‍ය නිසා ජනතාව දුප්පත් වෙනවා.විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතා-සුවසැරිය වෙනුවෙන් කටයුතු කරපු සියලුම දෙනාට ස්තූතිය පුද කරනවා. මේ ගිලන් රථවල සේවය කරන්නේ ශ්‍රී ලාංකිකයන්. ඉන්දියාව ඒ අයට පුහුණුව දෙනවා. මේ වැඩපිළිවෙළ දිගටම යන්න ඕන. එහෙම නොවුණහොත් අනාගතයේදී දිරාගිය ගිලන් රථ ටිකක් ඉතිරි වේවි. ඇතැම් නායක හිමිවරුන් මේ රටට හිට්ලර්වරු ඉල්ලනවා. හිට්ලර්ලාට මේ රට ගොඩනගන්න පුළුවන්ද? මේ රට ප්‍රජාතන්ත්‍රවාදයෙන් ගොඩනගන්න පුළුවන්. නුවරඑළිය දිස්ත්‍රික් මන්ත්‍රී එම්. තිලකරාජා මහතා (එජාප)-ගිලන් රථ සේවය වතුකර ප්‍රදේශවලටත් දෙන්න. ඉන්දියා රජයට ස්තූතිවන්ත වෙනවා.පරසර නියෝජ්‍ය ඇමැති අජිත් මාන්නප්පෙරුම මහතා-එදා මම දකුණු අධිවේගී මාර්ගයේදී අනතුරට ලක්වුණා. ගිලන් රථයක් එන්න විනාඩි 45ක් විතර ගියා. කලින් ආවා නම් මට මගේ කකුල බේරා ගන්න ඉඩ තිබුණා. මෙවැනි වැදගත් සේවාවක් හඳුන්වාදීම ගැන රජයට ස්තූතිවන්ත වෙනවා. මේ වැඩපිළිවෙළ විවේචනය කළේ නුගතුන් නොවෙයි. ඉගෙන ගත්තු වෛද්‍යවරුන් පවා මේක විවේචනය කළා. සුවසැරිය රට ලැබූ ජයග්‍රහණයක්.  පනත් කෙටුම්පත නිවේදන සම්මත විය.පාර්ලිමේන්තුව අද (22) උදේ 10.00ට යළි රැස්වීමට නියමිතය. 
විනාශකාරී කටුපොල් වගාවට මින්පසු රටේ එක බිම් අඟලක් දෙන්නේ නෑ
0
hp_train_7205
ශ්‍රී ලංකාවේ බොහෝ  ප්‍රදේශවලට ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. කෙසේ වෙතත්, සබරගමුවට පළාතට කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රීක්ක වලට සවස 4.00 න් පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇති වේ.
‘පළාත් කීපයකට සුළු වැසි‘
0
hp_train_7206
  සුමතිපාල දීයගහගේ  හබරාදුව ප්‍රාදේශීය සභාවේ 2019 වසර සඳහා අද (19) ඉදිරිපත් කළ අයවැය ලේඛනය ඒකමතිකව සභා සම්මත විය.සභාපති දිල්ෂාන් විදානගමගේ මහතා (ශ්‍රීලපොපෙ) විසින් නව වසරේ අයවැය ලේඛනය සභාවට ඉදිරිපත් කරනු ලැබීය. මෙම අයවැයට ඡන්දය විමසිමේදී පාලක‍ පක්ෂය වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් 15 දෙනා සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරුන් දෙදෙනෙක් ද පක්ෂව ඡන්දය දුන්හ.එම අවස්ථාවේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරුන් දෙදෙනෙකු ද විපක්ෂය නියෝජනය කරන එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් හයදෙනා සහ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රිවරුන් දෙදෙනා ද සභාවේ නොසිටියහ.
හබරාදූව ප්‍රා. සභාවේ අයවැය සම්මතයි
0
hp_train_7207
(මනෝප්‍රිය ගුණසේකර)සතොස සේවකයින් සිය නිල රාජකාරී වලින් ඉවත් කොට දේශපාලන කටයුතු යෙදවීම තුළින් රජයට රුපියල් ලක්ෂ 11 කට අධික පාඩු සිදු කළ බවට  හිටපු වෙළද අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු තිදෙනෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා හමුවේ අධිචෝදනා භාර දුන්නේය.අධි චෝදනා පත්‍ර භාරදීමෙන් අනතුරුව  රුපියල් 50,000 බැගින් වූ මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 10 බැගින්වූ ඇපකරුවන් දෙදෙනකු ගේ ශරීර ඇප මත විත්තිකරුවන් මුදාහැරීමට නියෝග කළ මහාධිකරණ විනිසුරුවරයා නඩු විභාගය අවසන් වන තෙක් ඔවුන්ගේ විදේශ ගමන්  තහනම් කළේය.විත්තිකරුවන්ගේ විදේශ ගමන් බලපත්‍ර අධිකරණයට දීමටත් සෑම මසකම අවසන් ඉරුදින අල්ලස් කොමිසමේ විමර්ශන ඒකකය වෙත වාර්තා කිරීමටත් විත්තිකරුවන්ට ඇප කොන්දේසි පනවනු ලැබීය.අධි චෝදනා පත්‍ර භාරදීමෙන් අනතුරුව මෙලෙස කොන්දේසි සහිතව මත මුදා හරින ලද්දේ හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු, සතොස ආයතනයේ හිටපු සභාපති එරාජ් ප්‍රනාන්දු සහ එහි හිටපු අධ්‍යක්ෂවරයෙකු වන මොහොමඩ් සාකීර් යන මහත්වරුන්ය.2013 වසරේ වෙළඳ අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ අවධියේ සතොස ආයතනයේ සේවකයින් ඔවුන්ගේ නිල රාජකාරිවලින් ඉවත් කර එම ආයතන මගින් වැටුප් ගෙවමින් දේශපාලන කටයුතු වල යෙදවීම හරහා රජයට එකොළොස් ලක්ෂ අනූ තුන් දහසකට අධික පාඩුවක් සිදු කළ  බවට චෝදනා කොට අල්ලස් පනතේ 70 වන වගන්තිය යටතේ අල්ලස් කොමිසම විත්තිකරුවන්ට එරෙහිව නඩු පවරා ඇත.මීට පෙර වතාවක අධිකරණයෙන් නිකුත් කළ සිතාසියට අනුව විත්තිකරුවෝ අධිකරණය හමුවේ පෙනී සිටියහ.විත්තිකරුවන්ට එරෙහි අධිචෝදනා පත්‍ර විවෘත අධිකරණයේ භාරදීමෙන් පසු ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමෙන් අනතුරුව අදාළ නියෝග කළ විනිසුරුවරයා පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සඳහා සැප්තැම්බර් මස 30 වනදා නඩුව කැඳවීමට නියම කළේය.
සතොස සේවකයින් දේශපාලන වැඩට යොදාගත්තැයි ජොන්ස්ටන් ඇතුළු තිදෙනකුට අධිචෝදනා
1
hp_train_7208
(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)නවවෙනි පාර්ලිමේන්තුවේ දෙවැනි සැසිවාරයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු  කාරක සභාවේ සභාපති ධුරයට  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ අනුර ප්‍රියදර්ශන යාපා මහතා ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ ඒකමතික තීරණයෙන් අද (8) නැවත  වතාවක් පත් කෙරිණ.නව වැනි පාර්ලිමේන්තුවේ පළමු සැසිවාරයේ මුදල්  පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ සභාපති ධූරය හෙබවූයේද  අනුර ප්‍රියදර්ශන යාපා මහතාය.මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ විශේෂ රැස්වීමක් පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද (8) පෙරවරුවේ පැවැත්විණ. මෙම පත්කිරීම කෙරුණේ ඒ රැස්වීමේදීය.මේ සම්බන්ධයෙන් අප පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ තමා එම තනතුර බාර නොගැනීමට තීරණය කර තිබුණද බහුතර මන්ත්‍රීවරුන්ගේ ඉල්ලීම අනුව  එම තීරණය වෙනස් කිරීමට සිදුවූ බවයි.මේ අතර පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවට (කෝප් කමිටුව) සහ රාජ්‍ය ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවට (කෝපා) සභාපතිවරුන් පත්කිරීමද ඉදිරි දිනවල සිදු කිරීමට නියමිතය .එම කාරක සභාවලටද හිටපු සභාපතිවරුන්ම පත් කිරීමට බොහෝ දුරට ඉඩ ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.
මුදල් කාරක සභාවේ සභාපති ධූරය අනුර ප්‍රියදර්ශන යාපාට
1
hp_train_7209
 (දයාරත්න ඇඹෝගම)පැවැති පළාත් පාලන මැතිවරණයෙන් පසු පලාගල  ප්‍රාදේශිය සභාවේ සභපතිවරයා තේරීම අද (28) පැවැත්විණි. එහිදී   ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ නියෝජනය කළ  ආර් .එම්.වික්‍රමසිංහ  මහතා  සභාපතිවරයා ලෙස තේරිපත් වු අතර උප සභපති ලෙස කළ   පි.එල්.රසිදු මහතා තේරී පත්විය.පලාගල ප්‍රාදේශිය සභාවේ මංගල රැස්විම අද (28) එම සභා ශ්‍රවණාගාරයේදි පැවැත්වුණි.  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ජන්ද අටක්  හා එක්සත් ජාතික පක්ෂයට ජන්ද හයක්ද  හිමි විය.මෙහිදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නියෝජිතයන් දෙදෙනාගෙන් එක්‌ අයකු ජන්දය දීමෙන් වැලකී  සිටි අතර අනෙක් නියෝජිතයා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට පක්ෂව ජන්දය භාවිතා කිරීම විශේෂත්වයක් විය. ජනතා විමුක්ති පෙරමුණද ජන්දය දීමෙන් වැලකී සිටියේය.
රඹෑව ප්‍රා. සභාවේ ජය පොහොට්ටුවට
0
hp_train_7210
ශ්‍රී ලංකාවට දකුණු දෙසින්වන මුහුදු ප්‍රදේශවල,දකුණු පළාතේ සහ මධ්‍යම කඳුකර ප්‍රදේශවල තරමක් තද සුළං  තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. සබරගමුව සහ මධ්‍යම පළාත්වල සහ ගාල්ල සහ මාතර දිස්ත්‍රීක්කවල සිහින් වැසි වාර කිහිපයක් ඇති වේ.බස්නාහිර සහ වයඹ පළාත්වල වැසි ස්වල්පයක් ඇති විය හැකියි.නැගෙනහිර සහ ඌව පළාත්වල ස්ථාන ස්වල්පයක විශේෂයෙන් සවස 2.00 න් පමණ පසුව ගිගුරුම් සහිත වැසි ඇති වේ.ප්‍රධාන  නගර සදහා කාලගුණ අනාවැකිය                                                      දිනය : 21/08/2016නගරය නගරයඋෂ්ණත්වය(සෙ. අංශක)සාපේක්ෂ  ආර්ද්‍රතාවය  (%) කාලගුණයඋපරිමඅවමඋපරිමඅවමඅනුරාධපුරය35258545ප්‍රධාන වශයෙන් වැසි රහිතමඩකලපුව35268555සවස 2.00 න් පමණ පසුව ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.කොළඹ31278565ප්‍රධාන වශයෙන් වැසි රහිතගාල්ල29268580වැසි ස්වල්පයක් ඇති විය හැකයාපනය34277060ප්‍රධාන වශයෙන් වැසි රහිතමහනුවර29219060ප්‍රධාන වශයෙන් වැසි රහිතනුවරඑළිය20139065ප්‍රධාන වශයෙන් වැසි රහිතරත්නපුරය31249070වැසි ස්වල්පයක් ඇති විය හැකත්‍රීකුණාමලය35258550සවස 2.00 න් පමණ පසුව ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.මන්නාරම31268570ප්‍රධාන වශයෙන් වැසි රහිත            
‘පළාත් රැසකට වැසි සහ සුළං‘
0
hp_train_7211
(අංජුල මහික වීරරත්න, ඡායාරූප - ඉෂාන් සංජිව)බටහිර රටවල සංක‍්‍රමණික දොරටු වැසෙමින් පවතින පසුබිමක ශ්‍රී ලංකාවේ ජීවත්වෙමින් මව්බිම දියුණු කිරීමේ වගකීම සියලූ ශ්‍රී ලාංකිකයන් වෙත පැවරී ඇතැයි අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා කොළඹදී ඊයේ (2) පැවැසීය.ආසියාව ලොව ජනප‍්‍රියම සංවර්ධන තීරුව බවට පත්වන යුගය වැඩි ඈතක නොවන බවද අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා සඳහන් කළේය.අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා මේ බව කීවේ මාලබේ තොරතුරු තාක්ෂණ උසස් අධ්‍යාපන ආයතනයේ වාර්ෂික උපාධි ප‍්‍රදානෝත්සවයේ ප‍්‍රධාන ආරාධිතයා ලෙස සහභාගිවෙමිනි.මාලබේ තොරතුරු තාක්ෂණ ආයතන ශ‍්‍රවණාගාරයේදී මෙම උපාධි ප‍්‍රදානෝත්සවය පැවැත්විණි.මෙහීදි  වැඩිදුරටත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ පැවසීය.මාලබේ තොරතුරු තාක්ෂණ උසස් අධ්‍යාපන ආයතනය ඉංජිනේරු තාක්ෂණ විශ්වවිද්‍යාල අතුරින් දෙවැනි වන්නේ කටුබැද්ද විශ්වවිද්‍යාලයට පමණක් බව කිව යුතුයි. පළමුවෙන්ම ලන්ඩන් විශ්වවිද්‍යාලය මගින් මෙරට උපාධි ලබාදුන්නා. පසුව ශ්‍රී ලංකා විශ්වවිද්‍යාලය ආරම්භ කෙරුණා. මොරටුව විශ්වවිද්‍යාලයෙන් පසුව වැඩිපුරම මෙරටට ඉංජිනේරු වෘත්තිකයන් බිහිවන්නේ මාලබේ උසස් අධ්‍යාපන ආයතනයෙන් බව කිව යුතුයි.උපාධි ප‍්‍රදානෝත්සවයට සහභාගිවන්නට ලැබීම සතුටක්. මීට කලකට පෙර අප නවීකරණ යුගය ආරම්භ කළා. එකල ජේ.ආර්. ජයවර්ධන මහතා විපක්ෂයේ සිටින විට ජයවර්ධනපුර කෝට්ටේ අගනගරය බවට පත් කළ යුතු බව සඳහන් කළා. ඒ ප‍්‍රකාශයට ඇතැමුන් හිනාවුණා. නමුත් ජේ.ආර්. ජයවර්ධන මහතා සාම්ප‍්‍රදායික සිතුවිලිවලින් බැහැර වී කළ යුතු දේ කළා. මමත් ඒ යුගයේ බියගම නවීකරණය සඳහා දායක වුණා.වර්තමානයේ පාර්ලිමේන්තුවේ සිට කොළඹට යනවිට විශාල රථවාහන තදබදයකට මුහුණදීමට සිදුවී තිබෙනවා. රාජගිරියේ ගුවන් පාලම ඉදිවීමෙන් පසුව ඒ ප‍්‍රශ්නයටත් විසඳුමක් ලැබේවි.සාම්ප‍්‍රදායික සිතුවිලිවලින් ඈත්ව නවීන සිතුවිලි ඇති කරගන්නා ලෙස ඔබ සැමගෙන් ඉල්ලා සිටින්නට කැමැතියි. අපට ඉදිරියට යාමට එම සිතුවිලි උපකාර වෙනවා.අද අප සැලසුම් කරන දේ ඇතැම්විට ඒ අයුරින්ම අනාගතයට වලංගු නොවිය හැකියි. මා සමග විශ්වවිද්‍යාලයේ ඉගෙනගත් බොහෝ දෙනෙකු නීතිඥයින් සහ ව්‍යාපාරිකයන් බවට පත්වුණා. මම දේශපාලන ක්ෂේත‍්‍රයට පිවිසුණා. එක් අයෙකු අගවිනිසුරු බවට පත්වුණා.සමාජයේ ඉදිරියට යනවිට බාධක ජය ගැනීමට පුරුදු විය යුතුයි. හැම විටම සාර්ථකත්වය ගැන පමණක් සිතුවහොත් සාර්ථක නොවන විට කලකිරීමට පත්විය හැකියි. ආපස්සට සිතුවිලි මෙහෙයවා තමන් කළ දේ හරි දැයි ආවර්ජනය කරන්න. වැරදුණු තැන් මොනවාදැයි මෙනෙහි කරන්න. එවිට ජීවිතය ජය ගැනීම පහසුයි. හැමවිටම අනාගතය අවිනිශ්චිතයි. ඒ ගැන හොඳින් තේරුම් ගෙන සමාජයේ ජීවත්විය යුතුයි.මෙම ආයතනයෙන් උපාධිය ලබන සිසු සිසුවියන්ද අනාගතයේදී විදේශගතව රැුකියා කරන්නට සැලසුම් කරනවා ඇති. එම සිසුන් අධෛර්යමත් කරන්නට මා කැමැති නැහැ. බොහෝ පිරිස් උත්සාහ කරන්නේ බටහිර රටවලට යාමටයි. නමුත් බටහිර රටවල සංක‍්‍රමණික ප‍්‍රතිපත්ති ශීඝ‍්‍රයෙන් වෙනස් වී තිබෙනවා. ආගමන විගමන ගැටලූ හේතුවෙන් බොහෝ බටහිර රටවල් සංක‍්‍රමණිකයන් බාර ගැනීම නතර කර තිබෙනවා.මහා බි‍්‍රතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත්වීමට හේතු වූයේත් මෙම සංක‍්‍රමණික ගැටලූ බව සඳහන් කළ යුතුයි. ඇමරිකාවත් මේ වනවිට සංක‍්‍රමණිකයන්ට ඉඩ නොදෙන තත්ත්වයක් නිර්මාණය වී තිබෙනවා. එවැනි තත්ත්වයක් තුළ අප ශ්‍රී ලංකාවේ ජීවත්වෙමින් දියුණුව කරා යා යුතුව තිබෙනවා.අතීතයේ විශ්වවිද්‍යාලවලින් සමත්වූ උගතුන් ගියේ බටහිර රටවලටයි. නමුත් වර්තමානයේදී ඒ තත්ත්වය වෙනස් වී තිබෙනවා. මේ යුගයේදී ශීඝ‍්‍රයෙන් දියුණුව කරා පා ඔසවන්නේ ආසියාවයි. තව වසර 20ක් ඇතුළත ඉන්දුනීසියාව ඇතුළු ආසියා තීරුව ලොව ජනප‍්‍රියම සංවර්ධන තීරුව බවට පත්වීමට නියමිතයි.ශ්‍රී ලංකාවේ සිට දියුණු වන්නට සිතන අයට මෙය වටිනා පණිවිඩයක් බව කිව යුතුයි. මා දේශපාලනයට පැමිණියේ මෙරට ආර්ථික පරිවර්තනයක් වූ යුගයේදීයි. එම යුගයේදී සමාජවාදී ආර්ථිකය අතහැර ශ්‍රී ලංකාව වෙළෙඳපොළ ආර්ථිකයක් කරා ගමන් කරමින් සිටියා. වත්මන් පරපුර අපේ පරපුරට වඩා තොරතුරු තාක්ෂණ අංශයෙන් බොහෝ ඉදිරියට පැමිණ තිබෙනවා. අප දැන් උණුසුම්කාරී යුගයකට පැමිණෙමින් තිබෙනවා. අඩු වේතන සමග තවදුරටත් ඉදිරියට ගමන් කිරීමට හැකියාවක් නැහැ.යහපාලන රජය පිහිටවූ පසුව හාවඞ්ස් විශ්වවිද්‍යාලයේ ජාත්‍යන්තර සංගමයේ විමර්ශන කණ්ඩායමක් ශ්‍රී ලංකාවේ ආර්ථිකය පිළිබඳව අධ්‍යයනය කිරීමට මෙරටට පැමිණියා. ඔවුන් වසරක් ඇතුළත එම අධ්‍යයනය කළා. ශ්‍රී ලංකාව මධ්‍යම ආදායම් ලබන රටක් බවට පරිවර්තනය වෙමින් පවතින බව ඒ විමර්ශනයේදී අනාවරණය කරගැනීමට හැකියාව ලැබුණා. නමුත් අප වෙළෙඳපොළ ආර්ථිකයේ එක් තැනක සිරවී සිටින බව කිව යුතුයි. ඇඟලූම් කර්මාන්තය ගතහොත් ශ්‍රී ලංකාවට පසුව ඇඟලූම් කර්මාන්තයට පිවිසුණු රටවල් අපට වඩා ඉදිරියට ගොස් සිටින ආකාරය දැකගත හැකියි. බොහෝ රටවල් විවිධ නිෂ්පාදනවලට පෙළඹී සිටිනවා.1991 වසරේදී වියට්නාමයේ ආර්ථික අමාත්‍යවරයා මෙරට ආර්ථිකය පිළිබඳව අධ්‍යයනය කිරීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණියා. අපෙන් ඉගෙනගත් අය අද අපටත් වඩා ඉදිරියට ගොස් තිබෙනවා.අපට සිදුවී තිබෙන්නේ කුමක්ද? අද ශ්‍රී ලංකාවේ අඩු පඩි විශාල ප‍්‍රශ්නයක්. අපට අඩු පඩියක් සමග තරග කරන්නට සිදුවී තිබෙනවා. එමනිසා බොහෝ තරුණ තරුණියන් විදේශ රැුකියා සඳහා ඇදී යන්නට පෙළඹී තිබෙනවා. නැතිනම් ත‍්‍රිරෝද රථ එළවනවා. අප මේ තත්ත්වයෙන් මිදිය යුතුයි.අපනයන පවා විවිධාංගීකරණය කළ යුතුව තිබෙනවා. ලෝකය සමග තරග කිරීමට හැකි තත්ත්වයකට පැමිණිය යුතුව තිබෙනවා.අඩු පඩි සමග අපට දියුණුව කරා යන්නට බැහැ. තාක්ෂණය මෙන්ම දැනුම සමග ඉදිරියට ගමන් කළ යුතුයි. අපට නැත්තෙත් එයයි. ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය තාක්ෂණය පැත්තට ගමන් කළේ නැහැ.ජර්මන් අධ්‍යාපනය තාක්ෂණ අධ්‍යාපනයට සුවිශේෂී ස්ථානයක් දී තිබෙනවා. ජපානය, කොරියාව ආදී රටවල්ද කාර්මික අධ්‍යාපනය සඳහා ප‍්‍රමුඛත්වයක් දී තිබෙනවා. වර්තමානයේ ඇඟලූම් කර්මාන්තය පවා තාක්ෂණික අතින් ඉදිරියට යා යුතුයි. ජැකට් කෝට් මහනවාට අමතරව ඉලෙක්ට්‍රොනික් භාණ්ඩ නිෂ්පාදනය සඳහාත් පෙළඹිය  යුතුයි.කෝටි දෙකක ජනගහනයක් සහිත වෙළෙඳපොළකින් අපට ඉදිරියට යන්නට බැහැ. අප ඉන්දියාව, යුරෝපය අල්ලාගත යුතුයි. විදේශ වෙළෙඳපොළ අල්ලා ගැනීමට නම් දේශීය කර්මාන්තද නගා සිටුවිය යුතුව තිබෙනවා. ඒ පාරම්පරික දැනුම අප නූතන සමාජයට ලබාදිය යුතුව තිබෙනවා.දේශීය කර්මාන්ත දියුණු නොවීමට බලපාන ප‍්‍රධාන හේතුවක් වන්නේ තාක්ෂණික හිඟකමයි. මා විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබන සමයේ පරිගණක තිබුණේ නැහැ. කැසට් රෙකෝඩර් නම් තිබුණා. මගේ පියා මටත් සහෝදරයාටත් කැසට් රෙකෝඩර් දෙකක් අරගෙන දුන් අයුරු මට මතකයි. අද ටේප් රෙකෝඩර් තිබෙන්නේ කොහේද? තාක්ෂණ පෙරලියත් සමග ඒ සියල්ල අතුරුදන් වී තිබෙනවා.1977 වසරේ ශ්‍රී ලංකාවටම පරිගණක තිබුණේ දෙක තුනක් පමණයි. පසුව මෙරටට රූපවාහිනිය පැමිණියා. ටිකෙන් ටික තාක්ෂණය සම්ප‍්‍රාප්ත වුණා.අද කුඩා දරුවන්ට පවා ජංගම දුරකතන තිබෙනවා. තව වසර 20කින් මොනවා වේවිද කියන්න දන්නේ නැහැ. වර්තමානයේ ගෙදර කාටත් ජංගම දුරකතන තිබෙනවා.මේ වගේම තොරතුරු තාක්ෂණ ක්ෂේත‍්‍රයේ රැුකියා කරන අයට අගනා අවස්ථාවක් උදා වී තිබෙනවා. තොරතුරු තාක්ෂණය විසින් සෙසු ක්ෂේත‍්‍රයන් ද වෙනස් කරමින් සිටිනවා. නුදුරු අනාගතයේදී ලියාපදිංචි කිරීමේ කවුන්ටරවලින් තොරව කෙලින්ම හෝටලයේ කාමරයට යාහැකි යුගය උදාවේවි. එමෙන්ම තොරතුරු තාක්ෂණික දියුණුවත් සමග බැංකු ලිපිකරුවන් කීදෙනෙකු ඉතිරිවේදැයි කියන්න බැහැ.තාක්ෂණයේ හොඳ මෙන්ම නරක තිබෙනවා. අප හොඳ අධ්‍යයනයකින් යුතුව තාක්ෂණය පරිහරණය කළ යුතුයි. නවීකරණය කරා ගමන් කළ යුතුයි.තොරතුරු තාක්ෂණ උපාධිය ගත් අය රටේ ඉදිරි ගමනේ නියමුවන් බව කිව යුතුයි.  වර්තමානයේ දැනුම මූලික වූ සමාජයක් බිහිවී තිබෙනවා.අතීතයේ අපිට ඉතා දියුණු වාරි තාක්ෂණයක් තිබුණා. වැවක බිසෝ කොටුවේ සැලැස්ම සළකා බලන්න. කාශ්‍යප රජුගේ සීගිරිය, එහි ජල උද්‍යානය ගැන සිතන්න. ඒ තාක්ෂණය නව පරපුරත් ඉගෙන ගත යුතුයි.අපි අතීතයේදී තාක්ෂණය අතින් ලෝකයේ සෙසු රටවල්වලට වඩා ඉදිරියෙන් සිටි බවට මෙම නිර්මාණ සාක්ෂි දරනවා. අප නැවතත් ඒ තත්ත්වය ළඟාකරගත යුතුයි. නවීකරණය සඳහා අපේ ජනතාවට සහජ හැකියාවක් තිබෙනවා.රජය ණය උගුලෙන් රට ගොඩගැනීමට වෙහෙසෙමින් සිටිනවා. හොඳ කළමනාකරණයක් ඇතිව නවීකරණය කරා ගමන් කළ යුතුයි. ඔබේ අනාගතය යනු රටේ අනාගතය යැයි අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා පැවැසීය. තොරතුරු තාක්ෂණ ඉංජිනේරු හා ව්‍යාපාර කළමනාකරණ පීඨවල ප‍්‍රථම උපාධි හා පශ්චාත් උපාධි මෙහිදී ප‍්‍රදානය කෙරිණි.
ශ්‍රී ලංකාවේ අනාගතය හැදෙන්නේ නවෝත්පාදන හා පරික්ෂණ මතයි
0
hp_train_7212
(ඩයනා උදයංගනී)දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස අද (6) වළාකුළින් බරව පවතින  අතර බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. දිවයිනේ සෙසු ප්‍රදේශවල ද සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව එම දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් පැවසීය.බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලි මීටර 75 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බව එම ප්‍රකාශකයා කීවේය.මන්නාරම සහ යාපනය දිස්ත්‍රික්කවල උදෑසන කාලයේදී වැසි ඇතිවිය හැකි බව ඔහු සඳහන් කළේය.ගිගුරුම් සහිත වැසි සමග තාවකාලික තද සුළං ඇතිවිය හැකි බැවින් අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නැයි එම දෙපාර්තමේන්තුව පවසයි.
පළාත් රැසකට තව දුරටත් වැස්ස
0
hp_train_7213
(යොහාන් භාසුර)ලංකා සතොස අත්‍යවශ්‍ය භාණ්ඩ 5 ක මිල අද (16) සිට තව දුරටත් අඩු කිරීමට පියවර ගෙන තිබේ.ඒ අනුව අර්තාපල් කිලෝවක් රුපියල් 20 කින් ද, ලොකු ලූණු කිලෝවක් රුපියල් 10 කින් ද, ආනයනික සම්බා සහල් කිලෝවක් සහ රතු පරිප්පු කිලෝවක් රුපියල් 7 බැගින් ද, දේශීය රතු කැකුළු කිලෝවක් සහ දේශීය සුදු කැකුළු සහල් කිලෝවක් රුපියල් 5 බැගින් ද, අඩු කළ බවත් ඒ අනුව අර්තාපල් කිලෝවක් රුපියල් 375 කට, ලොකු ලූණු කිලෝවක් රුපියල් 149 කට, ආනයනික සම්බා සහල් කිලෝවක් රුපියල් 198 කට, රතු පරිප්පු කිලෝවක් රුපියල් 358 කට, දේශීය රතු කැකුළු කිලෝවක් රුපියල් 164 කට සහ දේශීය සුදු කැකුළු සහල් කිලෝවක් 179 කට මිලදී ගතහැකි බවත් සතොස පවසයි.
සහල් මිල නැවතත් ඉහළ දමයි
0
hp_train_7214
(සිතුම් චතුරංග)මුලතිව් ,පුදුකුඩිඉරිප්පු, සුගන්දිරපුරම් හි ඉඩමකතිබී මිනිස් අස්ථි කොටස් හමුවූ ස්ථානය ‍තෙවැනි දිනටත් සිදුකළ කැණීම් වලදී මිනිස් හිස් කබලක් ඇතුළු අස්ථි කොටස් කිහිපයක් අද (29) සොයාගත් බව පුදුකුඩිරිප්පු පොලිසිය පවසයි.මුලතිව් මහේස්ත්‍රාත් එස්.ලෙනින්කුමාර් හා විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී එස්.ඉලන්ගෝවන් යන මහත්වරුන්ගේ අධීක්ෂණය යටතේ පොලිස් අපරාධ ස්ථාන විමර්ශන නිලධාරීන් කැනීම් ආරම්භ  කරනු ලැබූ අතර එහිදී ඇදුමක කොටස් කිහිපයක් , ගෙල පළදින නූලක්, සුරයක් ඇතුළු ද්‍රව්‍ය කිහිපයක්ද හමුව තිබේ.කැනීම් කටයුතු හෙට (30) සිව්වන දිනටත් සිදුකරන බවත් අදාළ ස්ථානය තුළ තවත් අස්ථි කොටස් කිහිපයක් මතුපිටට පෙනෙන්නට ඇති බවත් මුලතිව් පොලිසිය පවසයි.අස්ථි කොටස් සම්බන්ධයෙන් මෙතෙක් නිගමනයකට එළඹි නොහැකි බවත් සිදුකරන විමර්ශනවලින් අනතුරුව ඒ පිළිබඳ නිශ්චිත අර්ථ දැක්වීමක් සිදුකළ හැකි බවද මුලතිව් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය.මුලතිව් පුදකුඩිඉරිප්පු, සුගන්ධිපුරම් එස්.නගුලේශ්වරන් නැමැත්තෙකු සිය වගාවන් වෙනුවෙන් ඉඩම සකස් කිරීමේදී එහ ඉඩමේ ගසක් පාමුල තිබි ඔක්තෝම්බර් මස 20 වැනිදා අස්ථි කොටස් කිහිපයක් හමුවීමෙන් අනතුරුව අදාළ ස්ථානය සම්බන්ධයෙන් මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණ නියෝග මත කැනීම් කටයුතු සිදුකෙරිණ.මුලතිව් අතුරුදහන්වූවන්ගේ ඥාතීන්, මානව හිමිකම් ක්‍රියාකාරීන්, පුදුකුඩිඉරිප්පු පොලිස් නිලධාරීන්, පුරාවිද්‍ය නිලධාරීන් ඇතුළු නිලධාරීන්ගේ අධික්ෂණය යටතේ අදාළ ස්ථානය කැනීම් තවදුරටත් සිදුකරන බවද පොලිසිය පැවසීය.අදාළ ස්ථානයෙන් විවිධ ප්‍රමාණයේ අස්ථි කොටස් කිහිපයක් හමුව ඇති අතර අදාළ අස්ථි වෝහාරික පරීක්ෂණ වෙනුවෙන් යොමු කිරීමට මහේස්ත්‍රාත්වරයා නියම කොට තිබේ.සිද්ධිය සම්බන්ධයෙන් පුදුකුඩිඉරිප්පු පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.    
මුලතිව් සුගන්දිපුරම් ප්‍රදේශයේ වැඩිදුර කැණීම් අරඹයි
0
hp_train_7215
ශ්‍රී ලංකාවේ ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පැවැතියත්  බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ස්ථාන කිහිපයක වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය                                                      දිනය : 09/07/2016නගරය නගරයඋෂ්ණත්වය(සෙ. අංශක)සාපේක්ෂ ආර්ද්‍රතාවය (%) කාලගුණයඋපරිමඅවමඋපරිමඅවමඅනුරාධපුරය34259055ප්‍රධාන වශයෙන් වැසි රහිතමඩකලපුව35268555ප්‍රධාන  වශයෙන් වැසි රහිතකොළඹ31268570වැසි ස්වල්පයක්ගාල්ල30269075වැසි ස්වල්පයක්යාපනය33278565ප්‍රධාන  වශයෙන් වැසි රහිතමහනුවර29209060වැසි ස්වල්පයක්නුවරඑළිය18149065ප්‍රධාන  වශයෙන් වැසි රහිතරත්නපුරය31249060වැසි ස්වල්පයක්ත්‍රිකුණාමලය35268050ප්‍රධාන  වශයෙන් වැසි රහිතමන්නාරම31279075ප්‍රධාන  වශයෙන් වැසි රහිත                
‘හෙටත් වැස්ස නෑ‘
0
hp_train_7216
( ටී.කේ.ජී.කපිල )ඉන්දියාවේ මුම්බායි සිට ශ්‍රී ලාංකික ගුවන් මගීන් 163 ක පිරිසක් රැගෙන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් අද (25) දිනකටුනායක ගුවන් තොටුපළ වෙත ළගා විය.මෙම ගුවන් මගීන් 163 දෙනා සමඟ කුඩා දරුවන් තිදෙනෙකු ද පැමිණ තිබූ අතර ඒ අනුව මෙම ගුවන් යානය තුළ ගුවන් මගීන් 166 ක් පැමිණ තිබූ බව කටුනායක ගුවන් තොටුපළ කාර්යයභාර නිලධාරීවරයා සඳහන් කළේය .ඔවුන් අතර ඉන්දියාවේ උසස් අධ්‍යාපනය ලැබීමට ගොස් සිටි ශ්‍රී ලාංකික සිසුන් මෙන්ම , ඉන්දියාවේ වැඩිදුර හමුදා පුහුණුව සඳහා ගොස් සිටි හමුදා නිලධාරීන් පිරිසක් ද , ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව එරට කොටු වී සිටි ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයන් කිහිප දෙනෙකු ද ඒ අතර වූහ.මේ සියලු දෙනා අද පස්වරු 2.30 ට ඉන්දියාවේ මුම්බායි සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 144 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියහ.මෙම පිරිස පැමිණි ගුවන් යානය මෙන්ම මෙම ගුවන් යානයේ නියමුවන් ඇතුළු කාර්යය මණ්ඩලය ද  විශබීජ හරණයට ලක් කෙරුණි.එමෙන්ම මෙසේ පැමිණි ගුවන් මගීන් සියලු දෙනාම ගුවන් තොටුපළ තුළට පිවිසීමට පෙර ශ්‍රී ලංකා ගුවන් හමුදා භට  පිරිස විසින් විශබීජ හරණය කිරීම සිදු කෙරුණි.ඉන්පසුව මෙම ගුවන් මගීන්ගේ ශරීර උෂ්ණත්වය ෆැරන්හයිට් 100° ට වඩා වැඩි මට්ටමක පවතී ද යන්න ගුවන් තොටුපළ තුළ ඇති ස්වයංක්‍රීය උෂ්ණත්වමාන යන්ත්‍ර මගින් නිරීක්ෂණය කෙරුණි.ඊට අමතරව මොවුන් තුළ කොවිඩ් - 19 රෝග ලක්ෂණ තිබේදැයි පරීක්ෂා කර බැලීමක්ද සිදු කෙරුණි.මෙම ගුවන් මගීන් සියලු දෙනාම නිරෝධායන කටයුතු සඳහා ශ්‍රී ලංකා යුද හමුදාව විසින් විශේෂ බස් රථ මගින් රැගෙන යෑම සිදු කෙරුණි . 
ඉන්දියාවේ සිටි සිසුන් සමඟ ගුවන් යානය කටුනායකට
1
hp_train_7217
අපරභාගයේදී සහ රාත්‍රී කාලයේ දී ප්‍රදේශ රැසකට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේතුව කියයි.‘පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා පොතුවිල් දක්වා  වෙරළබඩ ප්‍රදේශවල උදය කාලයේදී ද වැසි  ඇති විය හැකියි‘.‘මුහුදු ප්‍රදේශ වල අපරභාගයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල උදය කාලයේදී ද වැසි  ඇති විය හැකියි‘.‘සුළං නිරිත දෙසින් හමන අතර සුළගේ වේගය පැයට  කිලෝ මීටර් .20-30 ක් පමණ වේ.‘2015 අප්‍රේල් මස 22 වැනි දින දහවල්  12.00 ට නිකුත් කෙරිණි. 
අදත් තද වැසි
0
hp_train_7218
(ඩයනා උදයංගනී)දිවයිනේ බොහෝ ප්‍රදේශවලට හෙට (16) සවස් කාලයේදී ගිගුරුම් සහිත තද වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.ඒ සමඟ ප්‍රබල අකුණු ඇතිවීමේ අවදානමක්ද පවතින බව එම දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් පැවසීය.සබරගමුව, මධ්‍යම, ව්‍යඹ  සහ බස්නාහිර පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් මෙලෙස පස්වරු 2.00න් පමණ පසු ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර ඇතැම් ස්ථානයන්ට මිලිමීටර  100 පමණ තරමක තද වැසි ද ඇතිවිය හැකි බව ද එම ප්‍රකාශකයා සඳහන් කළේය.බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වල ඇතැම් ස්ථානයන්හි උදය කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් ඇතිවන බව ද ඔහු ප්‍රකාශ කළේය.ගිගුරුම් සහිත වැසි සමඟ තාවකාලික තද සුළං සහ අකුණු අනතුරුද ඇතිවිය හැකි බැවින් අනතුරු වළක්වා ගැනීමට ක්‍රියා කරන්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම්දීමක් කරයි.දිවයින වටා වන මුහුදු ප්‍රදේශවලද වැසි ඇති වන අතර ගිගුරුම් සහිත වැසි ඇතිවන අවස්ථාවල එම මුහුදු ප්‍රදේශ ඉතා රළු විය හැකි බැවින් ධීවර හා නාවුක කටයුතුවලදී විමසිලිමත් විය යුතු බව එම ප්‍රකාශකයා සඳහන් කළේය. 
පීඩන අවපාතය දිවයිනෙන් ඉවතට
0
hp_train_7219
බස්නාහිර, සබරගමුව, වයඹ සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් තැනින් තැන වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. ‘අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේදී නැගෙනහිර සහ ඌව පළාත්වල ස්ථාන ස්වල්පයක ගිගුරුම් සහිත වැසි වර්ධනය වන අතර කඳුකර ප්‍රදේශවල සහ අවට මුහුදු ප්‍රදේශ වල විටින් විට තද සුළං බලාපොරොත්තු වෙයි‘ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය                                                    දිනය : 14/06/2015   නගරයඋෂ්ණත්වය (සෙ. අංශක)සාපේක්ෂ ආර්ද්‍රතාවය (%) කාලගුණයඋපරිමඅවමඋපරිමඅවමඅනුරාධපුරය33259060ප්‍රධාන වශයෙන් වැසි රහිත.මඩකලපුව33269065අපරභාගයේදී සහ සන්ධ්‍යා කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.කොළඹ31269575වැසි වාර කිහිපයක්.ගාල්ල30259075වැසි වාර කිහිපයක්.යාපනය32278070වැසි ස්වල්පයක්.මහනුවර30219565වැසි වාර කිහිපයක්.නුවරඑළිය21139570වැසි වාර කිහිපයක්.රත්නපුරය33249570වැසි වාර කිහිපයක්.ත්‍රීකුණාමළය35258560වැසි ස්වල්පයක්.මන්නාරම31278570වැසි ස්වල්පයක්.  
හෙට කාලගුණය
0
hp_train_7220
(නිමල කොඩිතුවක්කු)කොරෝනා වසංගතයේ සීඝ්‍ර ව්‍යාප්තිය හමුවේ ජන ජීවිත ආරක්ෂා කර ගැනීමට රට වසා දැමීමට විශේෂඥ වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රවීනයන් උපදෙස් ලබා දෙද්දී රට වසා දැමීමට ආණ්ඩුව පියවර නොගන්නේ ඇයි දැයි විපක්ෂය ප්‍රශ්න කර සිටින බව සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා කොළඹදී අද (11) පැවසීය.දෙවියන්ට රට සහ ජන ජීවිත භාර දෙන තරමට ආණ්ඩුව අසමත්ව ඇතැයි ද මහ ලේකම්වරයා සඳහන් කළේය. ආර්ථිකය ද ජනතාවගේ ජීවිත ද කියා ආණ්ඩුව කඩිනමින් තීන්දුවක් ගත යුතුව ඇතැයිද කොළඹ මාක්ස් ප්‍රනාන්දු මාවතේ පිහිටි විපක්ෂනායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී ඔහු පැවසීය.ගජ මිතුරන්ට බිලියන ගණන් සහන දී රටේ ආර්ථිකය විනාශ කළ ආණ්ඩුව අද ජනතාවගේ ජීවිත විනාශ කරමින් සිටින බවත් මහ ලේකම්වරයා එහිදී සඳහන් කළේය.උද්දච්ච කම සහ තම දේශපාලන අරමුණු පසෙක තබා කෝවිඩ් වසංගතය සම්බන්ධයෙන් තීරණ ගැනීමේ අයිතිය දැන්වත් වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය ප්‍රවීණයන්ට ලබා දෙන ලෙස රජයෙන් ඉල්ලා සිටින බවද මහලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේය. 
‘ජනතාවගේ ජීවිත දෙවියන්ට භාර දෙන තරමට ආණ්ඩුව අසරණ වෙලා‘
1
hp_train_7221
උතුරු, නැගෙනහිර සහ ඌව පළාත්වලට ද හම්බන්තොට දිස්ත්‍රික්කයේද තැනින් තැන වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.‘‘විශේෂයෙන් අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේ දි සෙසු පළාත්වල බොහෝ ප්‍රදේශවල ගිගුරුම් සහිත වැසි වර්ධනය වේ‘‘.‘‘ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකිය‘‘. ‘‘පුත්තලම සිට කොළඹ හරහා ගාල්ල දක්වා වන ගැඹුරු සහ නොගැඹුරු  මුහුදු ප්‍රදේශවල උදය කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ‘‘.‘‘කන්කසන්තුරේ සිට ත්‍රිකුණාමලය හරහා පොතුවිල් දක්වා වන ගැඹුරු සහ නොගැඹුරු  මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි වර්ධනය වෙයි‘‘‘‘සුළං නැගෙනහිර දෙසින් හමන අතර වේගය පැයට කිලෝ මීටර් 20-40 අතර  වේ. ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම මුහුදු ප්‍රදේශ වල තාවකාලිකව තද සුළං ඇති විය හැකියි‘‘.ගිගුරුම් සහිත වැසි ඇති වන විට මුහුදු ප්‍රදේශ තාවකාලිකව රළු වන බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.  2015පෙබරවාරි මස 25 වැනි දින දහවල්  12.00 ට නිකුත් කෙරිණි.
‘ප්‍රදේශ රැසකට තද වැසි‘
0
hp_train_7222
(අනීෂා මානගේ) බලපත්‍ර නොමැතිව මෝටර් රථයකින් ගවමස් තොගයක් ප්‍රවාහනය කරමින් සිටි දෙදෙනකු අද (5) අත්අඩංගුවට ගත් බව තංගල්ල මූලස්ථාන පොලිස් ස්ථානයේ රථවාහන අංශයේ නිලධාරීහු පවසති. මෙලෙස පොලිස් අත්අඩංගුවට ගෙන ඇත්තේ තංගල්ල ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙකි. හම්බන්තොට නගරයේ සිට තංගල්ල නගරය දක්වා බලපත්‍ර නොමැතිව කුලී මෝටර් රථයකින් ගව මස් ප්‍රවාහනය කරමින් සිටියදී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබිණි.  සැකකරු සතුව තිබු ගව මස් ප්‍රමාණය පොලිස් බාරයට ගැණිනි.
හොරෙන් ගවමස් ප්‍රවාහනය කළ අයෙක් තංගල්ලෙන් අල්ලයි
0
hp_train_7223
(ජී ඩබ්ලිව් කේ ප්‍රේමතිලක ද සිල්වා)ඉමදුව ප්‍රාදේශීය සභාවේ 2020 වසරේ අයවැය යෝජනාව එහි සභාපති ඒ.වී. සරත් කුමාර මහතා විසින් අද (19) සභාවට ඉදිරිපත් කරන ලදී.එම අයවැය යෝජනාව සඳහා පක්ෂව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු ඡන්ද 12 ක් ද, ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රී ටී.ජී.අජිත් ප්‍රේමකුමාර මහතා ඊට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළේය.එක්සත් ජාතික පක්ෂයේ සහ එක්සත් ජාතික නිදහස් පෙරමුණේ මන්ත්‍රීවරුන් ඡන්දය විමසන අවස්ථාවේ දී සභාවේ නොසිටියේය.ඒ අනුව ඉමදුව සභාවේ 2020 අයවැය වැඩි ඡන්ද 11 කින් සම්මත විය.මෙම අයවැයට අනුව ඉමදුව ප්‍රාදේශීය සභාවේ 2020 අපේක්ෂිත ආදායම රුපියල් 293,037,800.00 වන අතර 2020 සඳහා අපේක්ෂිත වියදම රුපියල් 293,035,000.00ක් වේ.
ඉමදූව ප්‍රා. සබේ අයවැය වැඩි ඡන්ද 11 කින් සම්මතයි
1
hp_train_7224
(ඩී.ජී.සුගතපාල)රත්ගම මොන්රෝවියාවත්තේ කසළ ප්‍රතිචක්‍රීකරණ මධ්‍යස්ථානයට කසළ බැහැර කිරීම තහනම් කරමින් ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයෙන් නිකුත් කරනලද තහනම් නියෝගයක් හේතුවෙන් ගාල්ල දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන හතරක කසළ එකතු කිරීම තාවකාලිකව නවතා දැමීමට සිදුවී තිබේ.මේ  පිළිබඳව  දකුණු පළාත් පාලන නියෝජ්‍ය කොමසාරිස්වරියගෙන් විමසුවිට කියා සිටියේ ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබාදී ඇති තහනම් නියෝගයක් නිසා මේ තත්ත්වය ඇතිවී තිබෙන බවත් ඉදිරියේ ඒ සම්බන්ධයෙන් අධිකරණයට කරුණු දැක්වීමට බලාපොරොත්තුවන බවත්ය.රත්ගම ,හික්කඩුව, බෝපෙ පෝද්දල යන ප්‍රාදේශීය සභා තුනේද  ගාල්ල නගර සභාවේද  කසළ වසර කිහිපයක් තිස්සේ බැහැර කරනු ලැබුවේ රත්ගම මොන්රෝවියා වත්තේ මෙම කසළ මධ්‍යස්ථානයට වන අතර එයට ප්‍රදේශවාසීහු දැඩි විරෝධයක් එල්ල  කළහ.මේ නිසා ප්‍රදේශවාසින් විසින් කරන ලද පැමිණිල්ලක් අනුව ඉකුත් 14 වනදින රත්ගම පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කරමින් කියා සිටියේ මෙම කසළ ප්‍රතිචක්‍රීකරණ මධ්‍යස්ථානය නිසා අවට පදිංචිකරුවන්ට දෛනික කටුයුතු කරගෙන යාමට නොහැකිවී ඇති බවත් දැඩි දුර්ගන්ධයක් පවතින් බවත් , ලිං ජලයට අපද්‍රව්‍ය මුසුවී කුඹුරු අස්වැද්දීමටද නොහැකිව ජනතාව අපහසුවට පත්ව ඇති බවත්ය.එම නිසා කසළ මධ්‍යස්ථානයට ගෙන එනු ලබන සියලුම කසළ ගෙන ඒම වැළැක්වීම සඳහා අපරාධ නඩුවිධාන සංග්‍රහයේ 98 (1) වගන්තිය යටතේ කොන්දේසි සහිත ආඥාවක් නිකුත් කරන ලෙසද පොලිසිය ඉල්ලා සිටියේය.කසළ ප්‍රතිචක්‍රීකරණ මධ්‍යස්ථානයට ගෙන එනු ලබන ඝණ අපද්‍රව්‍ය මහජනතාවගේ කායික සුවයට හානිකරන බවත් එම කසළ මධ්‍යස්ථානයට ගෙන එනු ලබන සියලු කසළ ප්‍රවාහනය කිරීම වළක්වාලමින් ජනවාරි 21 වැනි දින දක්වා බල පැවැත්වෙන පරිදි දකුණු පළාත් පාලන කොමසාරිස් සේනක පල්ලියගුරු සහ කසළ මධස්ථානයේ භාරකරු බුද්ධික පතිරණ යන මහත්වරුන් වෙත මෙසේ කොන්දේසි සහිත ආඥාවක් මහේස්ත්‍රාත්වරයා නිකුත් කළේය.මොන්රෝවියාවත්තකසළ මධ්‍යස්ථානයට ඊයේ (16) කැළිකසළ රැගෙන ගිය ගාල්ල නගරසභාවට අයත් වාහන නැවත හරවා එවා ඇති බවද නගරාධිපති ප්‍රියන්ත සහබන්දු මහතා පැවසීය.ගාල්ල මහනගර සභා බලප්‍රදේශය තුළ කැළිකසල බැහැරකිරීම සඳහා කිසිඳු ස්ථානයක් නොමැතිබවත් මෙම තත්ත්වය හේතුවෙන් කසළ එකතුකිරීම තාවකාලිකව නතරකිරීමට සිදුවන බවත් නගරාධිපති ප්‍රියන්න සහබන්දු මහතා සඳහන් කළේය.කරාපිටිය රෝහල ,මහමෝදර රෝහල , ගාල්ල බන්ධනාගාරය, යුද හමුදා කඳවුර, නාවික හමුදා කඳවුරු, නිවාස සංකීර්ණ,වෙළඳසල්වල කසළ එකතුකර ගාල්ල නගර සභාව විසින් බැහැර කරනු ලැබුවේ මෙම ප්‍රතිචක්‍රීකරණ මධ්‍යස්ථානයටය.
ගාල්ලේ පළාත් පාලන ආයතන හතරක කසළ එකතුකිරීම නවතී
1
hp_train_7225
(ශ‍්‍රී ජයවර්ධනපුර මුදිතා දයානන්ද)‘කුරහන් තලප ගිල්ලට, සාටකය දැම්මට, රටේ ප‍්‍රධාන පෙළේ පාසලකින් ඉගෙන ගත්තට, ටයි කෝට් දැම්මට, පපුවට ගහ ගත්තට, පොළොව ඉම්බට කාට හරි රටක නායකයෙක් වෙන්නත් බැහැ, වෙන්නෙත් නැහැ. රටක් හිඟන රටක් බවට පත් කළ අය නායකයන් නොවෙයි. රටක් ආර්ථික වශයෙන් ගොඩනගන කෙනකුට පමණයි රටක නායකයෙක් වෙන්න පුළුවන් වන්නේ යැයි’ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතා සෙනසුරාදා (09)  වැනිදා මහරගම දී පැවසීය.දිසානායක මහතා මෙසේ පැවසූයේ දිරිය පුරවැසි කොළඹ දිස්ත‍්‍රික් සමුළුව අමතමිනි.එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ දිසානායක මහතා මෙසේද කීය:අද අපේ රටේ එදිනෙදා සිල්ලර දේවල් තමයි සාකච්ඡාවට ගැනෙමින් තිබෙන්නේ. ඒවායින් මිනිසුන් මුහුණ දෙන සැබෑ ප‍්‍රශ්න යටවෙලා. ඒවා ගැඹුරින් සාකච්ඡාවට ලක්වන්නේ නැහැ. මාධ්‍යවලිනුත් මේ සිල්ලර කෑලිවලට වැඩි ඉඩක් ලබාදෙනවා. කාලයක් රවි කරුණානායක හිටපු ඇමැතිවරයා මාධ්‍යවල ප‍්‍රධාන ප‍්‍රවෘත්තිය බවට පත්වුණා. ඊට පස්සේ විජයදාස රාජපක්ෂ ඇමැතිවරයා ආවා. දැන් ලලිත් වීරතුංග මහතා. නමුත් සමාජය මුහුණ දී සිටින ඇත්ත ගැටලූ මේවා නොවෙයි. රවි ගියාය, මංගල ආවාය, කියලා මුදල් අමාත්‍යාංශයේ කිසිම වෙනසක් වෙන්නේ නැහැ. ආදායම් බදු පනත ඒ විදිහටම එනවා. විජයදාස ගියා, තලතා ආවා කියලා අධිකරණ අමාත්‍යංශයේ කිසිම වෙනසක් සිදුවෙනවාද? නැහැ ඒ දේවල් ටිකම තමයි සිදුවන්නේ.එදිනෙදා වේල ගත කරන ප‍්‍රශ්න වෙනුවට ජනතාව මුහුණ දෙන සැබෑ ප‍්‍රශ්න සාකච්ඡාවට ගත යුතුව තිබෙනවා. මාධ්‍ය වගේම පුරුවසියාත් මේ ගැඹුරු සංවාදයට සූදානම් නැහැ. ඒ නිසා එවැනි සංවාදයක් හදා ගැනීම අභියෝගයක්. අපි සූදානම් වන්නේ මේ ගැඹුරු සංවාදයට පුරවැසියා සූදානම් කිරීමටයි. එයින් තොරව මේ රටට අනාගතයක් හදන්න වෙන්නේ නැහැ. ඕනෑම රටක ස්ථාවරත්වය රඳා පවතින්නේ ඒ රට ආර්ථික වශයෙන් කොතරම් ශක්තිමත් ද යන්න මතයි. රටක් ආර්ථික වශයෙන් ශක්තිමත් නම් සමාජීය අපරාධ අඩුයි. රෝහල්වල බෙහෙත් තිබෙනවා. මිනිසුන්ට කන්න බොන්න තිබෙනවා. දරුවන්ට හොඳ අධ්‍යාපනයක් ලැබෙනවා. පාසල්වල පහසුකම් තිබෙනවා. තරුණ තරුණියන්ට රැකියා අවස්ථා තිබෙනවා. ව්‍යාපාර සාර්ථකව පවත්වාගෙන යන්න පුළුවන්. නීතිගරුක සමාජයක් විනය ගරුක සමාජයක් ඇති වෙනවා. සෑම ජන කොටසකටම හොඳ ජිවන තත්වයක් ඇති වෙනවා.අපේ රටේ සමාජීය අපරාධ වැඩියි කියන්නේ, පාසල්වල පහසුකම් අඩුයි, අධ්‍යාපනය නිසි පරිදි ලැබෙන්නේ නැහැ, රෝහල්වල බෙහෙත් නැහැ, ඉගෙන ගත්තාට රැකියා අවස්ථා නැහැ, ව්‍යාපාර පවත්වාගෙන යෑම අසීරුයි නම් එයින් කියැවෙන්නේ අපේ රටේ ආර්ථිකය ශක්තිමත් නැති බවයි.මේ තත්වය ඇති වෙන්න බලපා ඇති සැබෑ හේතුව ගැන සාකච්ඡා නොකර අපේ රටේ ජනාධිපතිගේ අගමැතිගේ සිට ආණ්ඩුපාක්ෂික ගමේ සාමාන්‍ය වැසියා දක්වා සෑම කෙනාම කියන්නේ රට දැවැන්ත ණය උගුලක හිරවෙලා කියලයි. රාජපක්ෂ පාලනය අපට භාර දුන්නේ මීතොටමුල්ල කුණු කන්දට වඩා විශාල ණය කන්දක් කියලා මේ හැමෝම කියනවා. රවි කරුණානායක මහතා මුදල් ඇමැති විදිහට හිටපු කාලේ ගහපු පොතක් තිබෙනවා අපේ ආර්ථිකය ගැන. ස්තුතිවන්න වෙනවා මෙවැනි පොතක් කරපු එක ගැන.දැන් මේ පොතේ තිබෙනවා අපේ ණය වැඩි වුණ විදිහ. 1985 දී අපේ ණය ප‍්‍රමාණය රුපියල් බිලියන 130යි. 2016 වෙනකොට බිලියන 10,500යි. දැන් අපේ රටේ පාලකයන් සමත් වෙන්න  ඕන මේ ණය අරන් මොනවද කළේ කියලා පෙන්වන්න. අපි බැංකුවකින් නිවාස ණයක් ගත්තා නම් ඒ ණය වියදම් කළ විදිහ බැංකුවට පෙන්වන්න  ඕන. ඒක පෙන්වන්න අපේ පුරවැසියන්ට පුලූවන්. ඉතිහාසයේ අපේ රට පාලනය කළ දැනට ජීවතුන් අතර සිටින පාලකයන්ට පෙන්වන්න පුලූවන්ද අපි රටක් හැටියට ගත් කෝටි දසලක්ෂ පනස් දාහට නැත්නම් බිලියන දහදාස් පන්සීයට මොකද වුණෙ කියලා. දකුණු අධිවේගී මාර්ගය කෝටි අටදාහයි. කටුනායක අධිවේගී මාර්ගය කෝටි හත්දාහයි. නොරොච්චෝලේ කෝටි හත්දාස් පන්සීයයි. මත්තල ගුවන්තොටුපොළ කෝටි තුන්දාස් පන්සීයයි. හම්බන්තොට වරාය කෝටි දාහතර දාහයි. ඔක්කොම කෝටි හතළිස් දාහයි. කෝ ඉතිරි මුදල? කෝ ණය?ඒ ණයවලින් තමයි සජින් වාස්ගේ සිංගප්පූරු ගිණුමට මුදල් ආවේ. ඔහුට හෙළිකොප්ටර ලැබුණේ. ගුවන් පුහුණු මධ්‍යස්ථාන ආරම්භ කරන්න හැකි වුණේ. ඒ ණය වලින් තමයි බැසිල් රාජපක්ෂලා එංගලන්තයේ ඇමෙරිකාවේ ගෙවල් ගත්තේ. මල්වානේ ඉඩම් අරන් මාලිගාවක් හැදුවේ. මහින්දානන්ද අලූත්ගමගේලා එංගලන්තයෙන් ගෙවල් ගත්තේ. රවි කරුණානායකලා ලක්ෂ එකසිය අසූපහකට ගෙවල් ගන්නේ. යෝෂිතලා සී.එස්.එන්. නාලිකා පවත්වාගෙන ගියේ. ඒක එහෙම නෙවෙයි කියනවා නම් ණයවලට කරපු දේ පෙන්වන්න.2009 ආණ්ඩුවේ මුළු ආදායම බිලියන හත්සීයයි. ගහන්න තියෙන සියලූ බදු ගහලා තමයි මේක ගත්තේ.  2009දී ණය පොලී වාරිකය බිලියන 820යි. ආදායම බිලියන 700යි. 2010දී ණය පොලී වාරිකය බිලියන 820යි. ආදායම බිලියන 817යි. 2013දී ණය පොලී වාරිකය 1144යි. ආදායම බිලියන 1137යි. අපේ රටේ රාජ්‍ය සේවකයින්ට සහ විශ‍්‍රාම වැටුප් සඳහා පමණක් මිලියන 620ක්  ඕනෑ.තමන්ගේ ආදායම ණය ගෙවාගන්න බැරි තැනට ආවොත් සාමාන්‍ය නිවසකට කියන්නේ හිඟන ගෙයක් කියලා. ඒ වගේ අපේ රට අද හිඟන රටක් බවට පත්වෙලා. අපේ රට දැන් ණය ගෙවාගන්න බැරි පොලූකාරයෙක් බවට පත්වෙලා. ඒ නිසා දැන් රටේ සම්පත් ටික විකුණනවා. හම්බන්තොට විකුණුවා වගේ තව නොබෝ දිනකින් මේ ආණ්ඩුව මත්තලත් විකුණනවා. රාජපක්‍ෂ කාලෙ කළෙත්  ඕක. චීනෙට එකයි, ඉන්දියාවට එකයි විදිහට ව්‍යාපෘති දුන්නා. අපේ රට ආර්ථික වශයෙන් බංකොලොත් වුණාම ස්වාධීනත්වය අහිමිවෙලා යනවා.2015 රු. 130ට තිබුණු ඩොලරය අද 155වෙලා. රුපියල කඩා වැටුණා. රුපියල කඩා වැටීම නිසා පමණක් 2015-2016 ණය ප‍්‍රමාණය රුපියල් බිලියන 471කින් වැඩිවුණා. රුපියල කඩා වැටුණේ ඇයි? අපේ රටේ අපනයන ආදායම හා ආනයන වියදම අතර පරතරය වැඩිවීම හා අපනයනය දිගින් දිගටම කඩාවැටීම එයට හේතුවයි.කුරහන් තලප ගිල්ලට වක්කඩෙන් අත හේදුවට, සාටකය දැම්මට කවුරු හරි රටක නායකයෙක් වෙන්නේ නැහැ. ප‍්‍රධාන පාසලකින් ඉගෙන ගත්තට, ටයි කෝට් දැම්මට, කාට හරි රටක නායකයෙක් වෙන්න බැහැ. අපේ රට හිඟන රටක් බවට පත්කරපු මේ අය නායකයොද? පපුවට ගහ ගත්තට පොළොව ඉම්බට නායකයෙක් වෙන්නේ නැහැ. රටක් ආර්ථික වශයෙන් ගොඩනගනවා නම් තමයි රටක නායකයෙක් වෙන්න පුළුවන්කම තියෙන්නේ. නමුත් අද අපේ රට ආර්ථික වශයෙන් කඩා වැටිලා. දැන් ආණ්ඩු මාරු කිරීමෙන් හරි නායකයන් මාරු කිරීමෙන් හරි මේ රට හදන්න පුළුවන්කමක් නැහැ.අද අධ්‍යාපනය මුහුණදී තිබෙන ඛේදවාචකය මොකක්ද? මීට පෙර සල්ලි තියෙනවාද නැද්ද කියන කාරණය සලකන්නේ නැතිව තමන්ගේ දරුවට හොඳ අධ්‍යාපනයක් දෙන්න  ඕනෑ කියලා වුවමනාවක් මවුපියන්ගේ ලේවලටත් කාවැදී තිබුණා. දොස්තර තමන්ගේ පුතා දොස්තර කෙනෙක් කරන්න උගන්වනකොට තී‍්‍රවීල් රථ රියැදුරා තමන්ගේ පුතා දොස්තර කෙනෙක් කරන්න අධ්‍යාපනය ලබාදෙන්න උත්සාහ කළා. නමුත් අද මොකද වෙලා තිබෙන්නේ. අද දරුවකුගේ අධ්‍යාපනය තීරණය වෙන්නේ මුදල මතයි. ගොවියකුගේ ධීවරයෙකුගේ, රාජ්‍ය සේවකයකුගේ දරුවන්ගේ අධ්‍යාපනය ගැන තියෙන බලාපොරොත්තු ඉටු වෙනවද? මවුපියන් දරුවන් අරගෙන ටියුෂන් එකෙන් පාසලට, පාසලෙන් ටියුෂන් එකට යනවා. අද අපේ දරුවන්ට නාට්‍යයක් බලන්න, පොතක් කියවන්න, මළ ගෙදරක යන්න වෙලාවක් නැහැ. දරුවන්ගේ සංස්කෘතියට මොකද වෙලා තිබෙන්නේ.රවී කරුණානායක හදපු වාර්තාවට අනුව කියනවා, මේ කලාපයේ අඩුවෙන්ම අධ්‍යාපනයට වියදම් කරන රට ලංකාව කියලා. වියට්නාමය, රටේ ආදායමින් 6.3%ක් මැලේසියාව 6.2%ක්, මාලදිවයින 5.2%ක්, ඉන්දියාව 3.8%ක්, පිිලිපීනය 3.4%ක්, සිංගප්පූරුව 2.9%ක්, බංගලාදේශය 2.1%ක් අධ්‍යාපනයට වෙන් කරද්දී ශී‍්‍ර ලංකාව වෙන් කරන්නේ 1.2%ක් පමණයි. අපේ රටේ පාලකයන් හොඳද? අපේ රටේ අධ්‍යාපනය මේ වගේ තැනකට පත්කරපු එකම මදිද මේ පාලකයන් ගෙදර යවන්න.අපි හැමෝම එකතුවෙලා ආණ්ඩුවක් හදමු. සහතික කර කියනවා, අධ්‍යාපනයේ විප්ලවීය වෙනසක් කරන්න අපිට පුළුවන් කියලා.2016 වර්ෂයේ සංඛ්‍යාලේඛන අනුව අපේ රටේ ගෙවල් කොල්ලකෑම් 653ක් සිදුවෙලා තිබෙනවා. රුපියල් 25,000ට වඩා කොල්ලකෑම් 3822ක සිදුවෙලා තිබෙනවා. දැරියන් 337ක් දුෂණයට ලක්වෙලා තිබෙනවා. 2016 මුල් මාස 6 තුළ වාහන අනතුරුවලින් 2934ක් මියගිහින් තිබෙනවා. දිනකට 16 දෙනෙක් වාහන අනතුරුවලින් මියගොස් තිබෙනවා. රේල් පාර මාරු වෙන්න ගිහින් 26දෙනෙක් මිය ගිහින් තිබෙනවා. විනයක් නැති රටක් බවට අපේ රටට පත්වෙලා තිබෙනවා. කුණු කඳුවලට යට වෙලා, ගං වතුරට යට වෙලා, පස් කඳු නාය ගිහිල්ලා මිනිස්සු මැරෙනවා. සෑම කෙනෙක්ම අනතුරක් සහිත මරණයක් තිබෙන පුරවැසියන් බවට පත්වෙලා තිබෙනවා. අපේ රට මහා ඛේදවාචකයකට මුහුණ දීලා තිබෙනවා.සමහරු කියනවා, අපිට දේශපාලනයෙන් වැඩක් නැහැ, ‘අපේ හිසට අප අතම සෙවණැල්ල’ කියලා. ඒක වැරදියි. අද අපි මුහුණ දීලා තියෙන මේ අර්බුදය නිර්මාණය වුණේ වැරැදි දේශපාලනය නිසා. මේ අර්බුදය විසඳීම සඳහා පිළිතුරු සොයා ගත හැක්කේ දේශපාලනයෙන්ම පමණයි.අද අපේ රටේ දේශපාලනය ලාභම ව්‍යාපාරය බවට පත්වෙලා. ඒ නිසා මේ ලාභ ලබන ව්‍යාපාරය වෙනුවට දේශපාලනය මහජන සේවයක් බවට පත්කළ යුතුව තිබෙනවා. අපි සහතිකකොට කියනවා, අපේ රටේ දේශපාලනය මහජන සේවයක් බවට පත්කරනවා කියලා.අද අපේ රට වංචාවෙන්, දුෂණයෙන් පිරිලා. ලලිත් වීරතුංග රාජ්‍ය මුදල් අවභාවිතය නිසා අද සිර දඬුවම් විඳිනවා. ඔහු යහපත් රාජ්‍ය සේවකයෙක් කියලා සමහරු කියනවා. ඒක පට්ටපල් බොරුවක්. අග‍්‍රාමාත්‍ය ලේකම් විදිහට ඔහු ඉන්න කාලේ හෙල්පින් හම්බන්තොට ගිණුම පිළිබඳ නඩු තීන්දුව දෙන දවසේ ලලිත් වීරතුංග ඇයි ශ්‍රේෂ්ඨාධිකරණයට ගියේ? ශිරාණි බණ්ඩාරනායක අග‍්‍රවිනිශ්චයකාර ධුරයෙන් නෙරපා දමන විට ඇයට එල්ල වූ ප‍්‍රධාන චෝදනාව වත්කම් බැරකම් හෙළි නොකිරීමයි. ඒ වෙලාවේ වත්කම් බැරකම් නොදුන් ඇමැතිවරුන්ට වත්කම් බැරකම් හදාගන්න උපදෙස් දුන්නේ කවුද කියලා අපි දන්නවා.ජනාධිපතිවරණයේදී සිල් රෙදි බෙදීම නිවන පතා කළ දෙයක් නොවෙයි. මැතිවරණය වෙලාවේදී මැතිවරණ කොමසාරිස් මෙම සිල් රෙදි බෙදීම වළක්වනු ලැබුවා. මැතිවරණයේදී අල්ලස් දෙන්න උදවු කරපු කෙනෙක් කොහොමද පිරිසුදු මහත්තයෙක් වෙන්නේ? ලක්‍ෂ 6,000ක් වියදම් කරලා සිල් රෙදි බෙදන එක විදුලි සංදේශ නියාමන කොමිසමට අයිති වැඩක් නොවෙයි. ලක්‍ෂ 6,000ක සිල් රෙදි කියන්නේ ලංකාව වටේ තුන් සැරයක් ඔතන්න තරම් රෙදි ප‍්‍රමාණයක්. ඒ විතරක් නෙවෙයි, එම රෙදි පාර්සල් ඇතුළේ මහින්ද රාජපක්‍ෂ අපේක්‍ෂකයාගේ ලිපියක් තිබුණා. ඒ නිසා ඒක ඡුන්ද අල්ලසක් බව පැහැදිලියි. ඒ නිසා අපේ රටේ භික්‍ෂූන් වහන්සේලා කිපෙන්න  ඕනෑ සිල් රෙදි බෙදන්නවත් නිදහස නැහැ කියන එකට නොවෙයි සිල් රෙද්දත් ඡුන්ද අල්ලසක් විදිහට යොදා ගත් එකටයි.සිල් රෙදි විතරක් නොවෙයි, අල්ලස් විදිහට දුන්නේ. කී‍්‍රඩා අමාත්‍යාංශය කැරම් බෝඞ් 14,000ක් බෙදුවා. බැසිල් රාජපක්‍ෂ ඡුන්ද රැුස්වීම්වල කොඩි දාන්න දිවි නැගුම අරමුදලින් ලක්‍ෂ 200ක් වෙන් කරලා කොඩි කණු බෙදුවා. අනුර පි‍්‍රයදර්ශන යාපා පෙට්‍රෝලියම් එකෙන් ලක්‍ෂ 61ක් අරගෙන වියළි ආහාර බෙදුවා. ජොන්ස්ටන් ප‍්‍රනාන්දු සතොසින් ලක්‍ෂ 60 ක බඩු බෙදුවා. ජගත් පුෂ්පකුමාර වැවිලි සමාගමේ මුදල් වියදම් කරලා රෙදි බෙදුවා. සමෘද්ධිලාභීන්ට 2500 ගානේ බැසිල් රාජපක්‍ෂ බෙදලා දුන්නා. ඒ සඳහා කෝටි 300ක පමණ මුදලක් සමෘද්ධි බැංකුවලින් ගත්තා. ඒ ඡුන්දෙදි ලලිත් වීරතුංග කටයුතු කළේ ලේකම්වරයකු ලෙස නොවේ. ඔහු වැඩ කළේ දේශපාලනඥයකු ලෙසයි.          මෙම නඩුවට මැදිහත් වූ නීතිපති දෙපාර්තමේන්තුවට අපි ස්තුතිවන්ත වෙනවා. මෙම පරීක්‍ෂණය භාරව කටයුතු කළ අරුණ පේ‍්‍රමශාන්ත, රවී විද්‍යාලංකාර ඇතුළු පොලිස් නිලධාරීන්ටත් අපි විශේෂයෙන් ස්තුතිවන්ත වෙන්න  ඕනෑ. මෙම පරීක්‍ෂණය යනකොට අධිකරණයට බලපෑම් ආවා. ලලිත් වීරතුංගට එරෙහිව මෙම පරීක්‍ෂණ සිදුකළේ රාජ්‍ය නිලධාරීන්ම තමයි. එම කටයුත්ත අපි අගය කළ යුතුව තිබෙනවා.යහපාලනය ඇතුළේ අද රාජ්‍ය නිලධාරීන්ට මොකද වෙන්නේ? පුනරුත්ථාපන අමාත්‍යාංශය නව කාර්යාලයට ලක්‍ෂ 30ක තක්සේරුව තිබිය දී ලක්‍ෂ 50ක් ගෙවීමට ඇමැතිවරයා නියෝග කළා. ඒ කි‍්‍රයාවලියට එරෙහි වුණු නිලධාරීන් දෙන්නාම මාරුකරලා. කෘෂිකර්ම අමාත්‍යාංශය වෙනුවෙන් ගත් ගොඩනැගිල්ලට මාසිකව රු. මිලියන 24 ගානේ ගෙවමින් තිබුණා. මාස 8ක් ගිය පසුත් පදිංචියට ගියේ නැහැ. එම බිල්ඩිමට මුදල් ගෙවීමට චෙක්පත අත්සන් කිරීම ප‍්‍රතික්‍ෂේප කිරීම නිසා අතිරේක ලේකම් වරියකුත් මාරුකරලා.අරුන්දික ප‍්‍රනාන්දුගේ අමාත්‍යාංශයට පාවිච්චි කළ වාහන දෙකක් ගැනීම ප‍්‍රතිකේෂප කළ (රාජ්‍ය ආයතනයකට මිලදී ගත හැක්කේ අලූත් වාහන පමණි)  ප‍්‍රධාන ගණකාධිකාරිවරියකුත් මාරු කරලා දැම්මා. ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් නිමල් බෝපගේ මහත්තයා මන්තී‍්‍රවරුන් 58කට මාස 60ක් සඳහා ලක්‍ෂ 7 ගණනේ කුලී පදනම මත වාහන ලබා ගැනීමේ කැබිනට් තීරණය අනුව ඉදිරිපත් කළ චෙක්පත අත්සන් කිරීම ප‍්‍රතික්‍ෂේප කළා. මොකද කළේ ඔහුව මාරුකරලා දැම්ම.ඒ නිසා අද රජයේ නිලධාරීන්ට බලපෑම් එනවා. එම බලපෑම්වලට යට නොවී වැඩ කරන රාජ්‍ය නිලධාරීන්ට අපි ගෞරව කළ යුතු වෙනවා. ලලිත් වීරතුංග බලපෑම්වලට යටවී වැඩ කළා නොවේ. ඔහු කැමැත්තෙන්මයි ඒ දේවල් කළේ. ඒ නිසා බලපෑම්වලට යට නොවී වැඩ කරන රාජ්‍ය නිලධාරීන් ආරක්‍ෂා කිරීමේ වගකීම ජනතාවට තිබෙනවා. ජනතා විමුක්ති පෙරමුණ සූදානම් ජනතාව සමඟ එක්වී වංචාවට, දුෂණයට එරෙහිව වැඩ කරන රාජ්‍ය නිලධාරීන් ආරක්‍ෂා කරන්න.අද අපේ රටේත් දුෂිත වළල්ලක් තිබෙනවා. දේශපාලකයෝ, 2400ක් වූ පරිපාලන ක්‍ෂේත‍්‍රයේ 100ක් පමණ සුළු පිරිසක්, වාස් ගුණවර්ධන, අනුර සේනානායක වගේ පොලිස් නිලධාරීන් සුළු පිරිසක්, හමුදාවේ කුඩා ප‍්‍රමාණයක්, ව්‍යාපාරිකයන් කිහිප දෙනෙක්, මාධ්‍ය හිමිකරුවන් කිහිප දෙනෙක්, මාධ්‍යවේදීන් අතළොස්සක්, පාතාල නායකයන් සහ ඇතැම් යුක්තිය පසිඳලීමේ ආයතන කිහිපයක් මේ ¥ෂිත වළල්ලේ ඉන්නවා.මෙහිදි අදහස් දැක්වු ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත‍්‍රී විජිත හේරත් මහතා මෙසේ පැවසීය.සියල්ල විකිණෙන ජරාජීර්ණ වූ ඔද්දල් වෙච්ච මඩගොහොරුව ඇතුළේ  මිනිස්කම සහෝදරත්වය සාමුහිකත්වය විකුණන්න බැහැ. විකුණන්න දෙන්නෙත් නැහැ කියන කාරණාව තමයි අද මේ දිරිය පුරවැසි සමිතිවලට එක්ව සිටින ඔබ රටටම දෙන පණිවුඩය.මොන ආගමකට මොන ජාතියකට අයත් වුණත් මොන කුලයකට අයත් වුණත් අපි මේ රටේ මිනිසුන්. එවැනි මිනිසුන් ලෙස මේ රට හදන්න එකතු වුණ පොදු පුරවැසියාගෙන් හැදුන ගම හදන රට හදන දේශපාලන ව්‍යාපාරයකින් මෙහෙයවන පළමු පොදු සමිතිය තමයි මේ දිරිය පුරවැසි සමිතිය.මෙහිදී දිරිය පුරවැසි කොළඹ දිස්ත‍්‍රික් සමුළුවේ සභාපති පළාත් සභා මන්ත‍්‍රී ලක්ෂ්මන් නිපුණආරච්චි මහතා ද දිරිය පුරවැසි කොළඹ දිස්ත‍්‍රික් සමුළුවේ ලේකම් සමාජවාදී කාන්තා සංගමයේ ජාතික සංවිධායිකා සමන්මලි ගුණසිංහ මහත්මිය ද ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය අනිල් ජයන්ත මහතා ද අදහස් දැක්වූහ.මෙම අවස්ථාවට ජනතා විමුක්ති පෙරමුණේ පළාත් සභා මන්ත‍්‍රීවරුන් වන සුනිල් වටගල, සරත් පතිරණ මහත්වරු ද එම පක්ෂයේ පළාත් සභා හා හිටපු පළාත් පාලන මන්ත‍්‍රීවරු ද දිරිය පුරවැසි සමිතිවල කොළඹ දිස්ත‍්‍රික් සාමාජික සාමාජිකාවෝ විශාල පිරිසක් ද එක්ව සිටියහ.
අපේ රට හිඟන රටක් කළාට පාලකයන් දෙගොල්ලොම වගකියන්න ඕනෑ
0
hp_train_7226
(තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ)මුතුරාජවෙළ වගුරු ආශ්‍රිත බිම් පෙදෙස් පිරවීම සඳහා එම තෙත්බිමට අපද්‍රව්‍ය දැමීම වළකාලමින් තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා පාරිසරික යුක්ති කේන්ද්‍රය ඉදිරිපත් කළ පෙත්සම මාර්තු 3 වැනිදා සළකා බැලීමට අභියාචනාධිකරණය අද (12) නියම කළේය. වගුරු බිම ගොඩකිරීම වළක්වන්නයි මධ්‍යම පරිසර අධිකාරියට, පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතාට, වනජීවි හා වන සංරක්ෂණ අමාත්‍ය ඇතුළු බලධාරීන්ට නියෝග කරන්නැයි එම පෙත්සමෙන්ඉල්ලා තිබිණ.මුතුරාජවෙළ ඇතුළු පාරිසරික වැදගත්කමකින් යුතු අනෙකුත් තෙත්බිම්ද ආරක්ෂා කිරීමට ව්‍යවස්ථාමය පියවර ගන්නා ලෙසත් ඉල්ලා සිටිමින් පාරිසරික යුක්ති කේන්ද්‍රය මෙම පෙත්සම ගොනු කර තිබිණි. මෙම රිට් පෙත්සම අභියාචනාධිකරණ සහාපති විනිසුරු අර්ජුන ඔබේස්කර සහ මායාදුන්නේ කොරයා යන මහත්වරුන් ගෙන් යුතු අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැඳවිණි.එම පෙත්සම සම්බන්ධයෙන් නීතීපතිවරයා උපදෙස් ලබා ගැනීමට කල් ලබා දෙන්නැයි රජයේ නීතීඥවරයා කළ ඉල්ලීමක් සැළකිල්ලට ගනිමින් පෙත්සම සළකා බැලීම මෙදිනට කල් තැබිණි.මෙම පෙත්සම පාරිසරික යුක්ති කේන්ද්‍රය වෙනුවෙන් එහි අධ්‍යක්ෂක හේමන්ත රංජිත් සිසිර කුමාර මහතා විසින් ගොනු කරනු ලැබ ඇත.තවද මෑතකදී පෞද්ගලික සමාගමක් මෙම මුතුරාජවෙළ තෙත්බිමේ අක්කර 50 ක් නීතිවිරෝධී ලෙස පස් පිරවීම සදහා ලබා ගෙන ඇතැයි දැනගන්නට ලැබී ඇතැයි සදහන් කරමින් ගොනු කර ඇති මෙම පෙත්සමෙහි වගඋත්තරකරුවන් ලෙස මධ්‍යම පරිසර අධිකාරිය, පරිසර අමාත්‍ය මහින්ද අමරවීර, වනජීවී සහ වන සංරක්ෂණ අමාත්‍ය සී.බී.රත්නායක, වන සංරක්ෂණ දෙපාර්තමේන්තු අධ්‍යක්ෂක ජනරාල් චන්දන සූරියබණ්බාර, වන ජීවී අධ්‍යක්ෂක ඩබ්ලිව්.ඒ.සී වේරගොඩ, ගොවිජන සේවා දෙපාර්තමේන්තු අධ්‍යක්ෂක රෝහණ රාජපක්ෂ, පොලිස්පති සී.ඩී වික්‍රමරත්න, වත්තල, මීගමුව හා ජා ඇළ ප්‍රාදේශීය ලේකම්වරුන්, නීතිපති ඇතුළු 12 දෙනෙකු නම් කරනු ලැබ සිටිති.නීතීඥ රවින්ද්‍රනාත් දාබරේ මහතා විසින් ගොනු කර ඇති පෙත්සමේ මෙසේද සදහන් වේ.පෙත්සම්කාර ආයතනය පාරිසරික ගැටළු පිළිබදව උනන්දුවක් දක්වන ආයතනයකි.දෙවැනි පෙත්සම්කරු වෘත්තීයෙන් පරිසරවේදියෙකි.මුතුරාජවෙළ තෙත් බිම ගම්පහ දිස්ත්‍රික්කයේ පිහිටි තෙත් බිමකි.මෙම තෙත් බිම සුවීශේෂ ජෛව විවිධත්වයක් සහිත පරිසර පද්ධතියක්ද වේ.ඊට අමතරව සෞන්දර්යාත්මක වටිනාකමකින් යුක්තවේ. 
මුතුරාජවෙල මැනීම් මාස 06න් ඉවර කිරීමට එකඟවෙයි
0
hp_train_7227
(ඩයනා උදයංගනී)බස්නාහිර, සබරගමුව,මධ්‍යම, වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (21) විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.බස්නාහිර, සබරගමුව,මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර 75 ක පමණ තරමක තද වැසි ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් පැවසීය.දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව ද එම ප්‍රකාශකයා සඳහන් කළේය.ගිගුරුම් සහිත වැසි සමඟ අකුණු අනතුරු හා තාවකාලික තද සුළං ද ඇතිවිය හැකි බැවින් අනතුරු අවම කරගැනීමට ක්‍රියාකරන්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම්දීමක් කරයි. 
දහවල් කාලයේදී තරමක තද වැසි
0
hp_train_7228
(රොමේෂ් මධුෂංඛ) වවුනියාව පොලීසියේ පිහිටුවා ඇති පොලිස් ත්‍රස්ත විමර්ශන ඒකකයේ රඳවා සිටින සැකකරුවෙකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇතැයි වවුනියාව සෞඛ්‍ය පරීක්ෂක කාර්යාලය පවසයි. වවුනියාව පොලිස් ත්‍රස්ත විමර්ශන ඒකකයේ රඳවාගැනීමේ අධිකරණ නියෝග මත රඳවා සිටින, කිලිනොච්චිය පුනරීන් ප්‍රදේශයේ පදිංචිව සිටි 29 හැවිරිදි එම සැකකරු ත්‍රස්ත ක්‍රියාවක් හේතුවෙන් සැකපිට 2020 වසරේදී අත්අඩංගුවට පත් විය. එම සැකකරුවෙකුට කළ පී.සී.ආර්. පරික්ෂණයකදී ඔහු ආසාදිතයකු බව හෙළි වී ඇත. සැකකරුට කොරෝනා වයිරසය ආසාදනය වූවේ කෙසේද යන්න මෙතෙක් අනාවරණය වී නොමැත. සැකකරුගේ ඥාතීන් බැලීමට ආ අවස්ථාවකදී හෝ තවත් ආසාදිත සැකකරුවෙකුගෙන් නැතිනම් පොලිස් නිලධාරියෙකු මාර්ගයෙන් කොරෝනා ආසාදනය වී ඇති බවට  සෞඛ්‍ය නිලධාරීහු සැක පළ කර සිටිති. මේ හේතුවෙන් වවුනියාව පොලිස් ත්‍රස්ත විමර්ශන ඒකකයේ පොලිස් නිලධාරීන් මෙන්ම සෙසු ත්‍රස්ත සැකකරුවන් ද නිරෝධායනය කර පී.සී.ආර්. පරික්ෂණයන්ට යොමු කිරීමට පියවර ගෙන ඇති බව වවුනියාව සෞඛ්‍ය නිලධාරී කාර්යාලය වැඩිදුරටත් පවසයි.
පොලිස් ත්‍රස්ත විමර්ශන ඒකකයේ සැකකරුවන් 16කට කොරෝනා
0
hp_train_7229
ශ්‍රී ලංකාවේ නිරිත දිග කොටසේ සහ කඳුකර ප්‍රදේශ වලත්, බස්නාහිර සහ දකුණු මුහුදු ප්‍රදේශෙවලත් විටින් විට හමන තද සුළං  බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.පුත්තලම සිට කොළඹ, ගාල්ල, මාතර සහ හම්බන්තොට  හරහා පොතුවිල් දක්වා වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල විටක සුළං වේගය පැයට කිලෝ මීටර් 60-70 දක්වා වැඩි වීමට ඉඩ පවතින බැවින් එම මුහුදු ප්‍රදේශ විටින් විට  රළු විය හැකි බව ද පවසයි.ධිවර සහ නාවික ප්‍රජාවගෙන් මේ සම්බන්ධයෙන් විමසිලිමත් වන මෙන් සිටිනා මෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම්වත් කරයි.
‘ඉදිරි 24 පැයේ තද සුළං‘
1
hp_train_7230
අජිත්ලාල් ශාන්තඋදය  එක්සත් ජාතික පක්‍ෂයට බලය හිමි බළන්ගොඩ නගර සභාවේ 2019 වසරේ අයවැය ලේඛනය විපක්‍ෂය නියෝජනය කරන ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභිකයන් කිසිවකුගේ සභභාගීත්වය නොමැතිව අද (5) පැවති එම සභාවේ විශේෂ රැස්වීමක දී වැඩි ඡන්ද අටකින් සම්මත විය.සභාපති තමික ජයමිණි විමලසේන මහතාගේ මූලාසනයෙන් යුතුව අද (05) පෙරවරු 10.30ට පමණ මෙම රැස්වීම පැවැත්විණි. අයවැය සම්මත කිරිමේ විශේෂ සභාව පසුගිය 3 වැනි දාට නියමිතය.බළන්ගොඩ නගර සභාව පාලනය කරන්නේ එක්සත් ජාතික පක්‍ෂය සහ එක්සත් ජනතා නිදහස් සන්ධානය ද එක්විය. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සභිකයන් තිදෙනෙකු තේරීපත්ව සිටින අතර එක් සභිකයකු වන හිටපු නගර සභා සභාපති නිමල් ගාමිණි වීරසිංහ මහතා ද මෙම අවස්ථාවට පැමිණ සිටියේ නැත.එක්සත් ජාතික පක්‍ෂයේ සභිකයන් 6 දෙනාද, උප සභාපති එම්.එල්.එම්. රූමි මහතා ඇතුළු එක්සත් ජාතික පෙරමුණේ සභිකයන් දෙදෙනෙකු ද අයවැයට පක්‍ෂව න්දය දුන්නේය.  ජනතා විමුක්ති පෙරමුණේ එකම සභිකයාවූ කේ.ජී.පේ‍්‍රමදාස මහතා අයවැයට විරුද්ධව ඡන්දය දුන්නේය.
බලන්ගොඩ නගර සබේ අයවැය සම්මතයි
1
hp_train_7231
( පැතුම් දර්ශන)හොරොව්පොතාන ප්‍රාදේශීය සභාවේ 2021 වර්ෂය සඳහා වන අයවැය අද(26) ඉදිරිපත් කළ අවස්ථාවේ සභා රැස්වීමෙ දැඩි උණුසුම් තත්වයක් ඇතිවිය. සභාපති චාරුක උදයංග විජයරත්න මහතා විසින් අයවැය වාර්තාව සභාවට ඉදිරිපත් කොට මන්ත්‍රීවරුන්ගේ අදහස් විමසීමෙන් පසු සංශෝධන වලට යටත්ව අයවැය සම්මත වූ බව පවසා හෙට(27) උදෑසන 10 වන තෙක් සභාව කල්තබා රැස්වීම් භූමියෙන් පිටව යාමත්, ඒ සඳහා විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගෙන් එල්ල වූ දැඩි විරෝධයත් හේතුවෙන් මෙම උණුසුම්කාරී තත්වය ඇති විය. හොරොව්පොතාන ප්‍රාදේශීය සභාවේ 2021 වර්ෂය සඳහා වන අය වැය පළමුවරට සභාපතිවරයා විසින් අද (26)දහවල් සභාවට ඉදිරිපත් කළේය.  විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගෙන් දැඩි විරෝධය හමුවේ සභාපතිවරයා ඇතුළු එක්සත් ජාතික පක්ෂයෙ සියලු මන්ත්‍රීවරුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ටි.එම්.ඩිල්ෂාන්, ස්වාධින මන්ත්‍රි බණ්ඩාරවෙල සංඝානන්ද, සහ ප්‍රාදේශීය සභා ලේකම් වරයා සමග කාර්ය මණ්ඩලය ද එම ස්ථානයෙන් පිටත්ව ගිය අතර ඒ හේතුවෙන් තත්ත්වය තවත් උණුසුම් විය. සභාපති වරයා සභාවෙන් ඉවත් වුවද ලේකම්වරයා සිටිය යුතු බව  විපක්ෂයේ මන්ත්‍රීවරුන් ප්‍රකාශ කළ ද එහිදී ප්‍රාදේශීය සභා ලේකම්වරයා පැවසුවේ සභාපති වරයා නොමැතිව සභාව පවත්වාගෙන යාමට නොහැකි බවත් ඒ හේතුවෙන් තමන් ඇතුළු කාර්ය මණ්ඩලයට රැඳී සිටිය නොහැකි බවත් ය. අනතුරුව විපක්ෂ නායක සනත් කත්‍රිආරච්චි මහතා විසින් උප සභාපති ආර්. ජයතිස්ස මහතා වැඩබලන සභාපති වරයා ලෙස නම් කොට එතෙක් සභාපති චාරුක උදයංග විජයරත්න මහතා වාඩි වී සිටී සභාපති පුටුවේ වාඩි කිරීමට කටයුතු කල අතර පසුව ඔවුහු අදහස් දැක්වීම් ද සිදු කළහ. එහිදී අදහස් දැක්වූ උප සභාපති ජයතිස්ස මහතා මෙසේ කීය. " සභාපතිවරයා අයවැය ඉදිරිපත් කරලා ඉතාම නිර්ලජ්ජිත ලෙස සභාවෙ  න්‍යාය පත්‍රය අවසන් නොකර අයවැය සම්මත වූ බව කියමින් නැගිටලා ගියා. මේක නීතියානුකූලව අනුමත වුණේ නෑ. සභාවේ මන්ත්‍රීවරුන් දොළොස් දෙනෙක් මේ සඳහා සම්පූර්ණ විරුද්ධයි. සභාපතිවරයාගේ කූට වැඩවළට අපි ඉඩ තියන්නේ නෑ." විපක්ෂ නායක සනත් කත්‍රිආරච්චි මහතා ද මෙසේ කීය. " මන්ත්‍රීවරු දොළොස් දෙනෙක් අයවැයට විරුද්ධයි. අපි ඡන්දයක් ඉල්ලද්දී ඡන්දෙ නොදී පිළිකුල් සහගත විදිහට නැගිටලා ගියා සභාපතිවරයා. ඒත් එක්කම සභාවේ ලේකම්වරයා ඇතුළු කාර්ය මණ්ඩලයත් නැගිටලා ගියා. පිළිකුල් සහගත ලෙස අපි මේක හෙළා දකිනවා. සභාපති වරයා මේ පුටුවෙන් ඉවත් කරන තුරු සටන අත හරින්නෙ නෑ අපි නීතියානුකුල ක්‍රියාමාර්ග ගන්නවා. මෙම චෝදනා සම්බන්ධයෙන් හොරොව්පොතාන ප්‍රාදේශීය සභාවෙ සභාපති චාරුක උදයංග විජයරත්න මහතාගෙන් අප කළ විමසීමේදී ඔහු මෙසේ කීය. " මම අයවැය ඉදිරිපත් කරලා ඒ   සඳහා සියලු මන්ත්‍රීවරුන්ට අදහස් හා යෝජනා ඉදිරිපත් කරන්න අවස්ථාව ලබා දුන්නා. ඒ අනුව ගරු උප සභාපති තුමා ගරු විපක්ෂ නායක තුමා ඇතුළු සියලු මන්ත්‍රීවරු ලිඛිතව හා වාචිකව මට අදහස් ප්‍රකාශ කර සිටියා. ඒ අනුව අදහස් ප්‍රකාශ කිරීමෙන් අවසානයේ 2012 අංක 21 දරණ පළාත් පාලන විශේෂ විධිවිධාන පනතට අනුව මා විසින් ඉදිරිපත් කරන ලද අයවැය ලේඛනය මන්ත්‍රීවරුන්ගේ යෝජනා හා අදහස් වලට එකගව සම්මත වූ අයවැයක් සේ නිවේදනය කොට සභාවේ වැඩ කටයුතු හෙට (27) උදෑසන 10 වනතුරු අඩාලව කල් තැබුවා. සභා රැස්වීම අඩාළව කල් තැබුවාට පස්සේ ලේකම්වරයා සභාවෙන් ඉවත් වුණාට පස්සේ ක්‍රියාත්මක වන රැස්වීම් නීතියානුකූල වන්නේ නෑ.
තංගල්ල නගරසභාව උණුසුම් වෙයි
0
hp_train_7232
(තිලකරත්න දිසානායක)අත්තනගලු ඔයේ ජල මට්ටම අද දහවල් 12 වනවිට සුළු ගංවතුර මට්ටම දක්වා ඉහළ ගිය බව  දිස්ත්‍රික් වාරිමාර්ග ඉංජිනේරු කාර්යාලය සදහන් කරයි.අත්තනගලු ඔයෙහි සුළු ගංවතුර මට්ටම මීටර් 4 . 4 වන අතර මෙහි දූනමලේ ජල මාපකයෙහි ජල මට්ටම දහවල් 12 වනවිට මීටර් 4 . 44 දක්වා ඉහළ ගොස් තිබූ බැවින් මෙය සුළු ගංවතුර මට්ටම ඉක්මවා ගොස් ඇති තත්ත්වයක් බව දිස්ත්‍රික් වාරිමාර්ග ඉංජිනේරු චින්තක සුරවීර මහතා කියයි.මෙම තත්ත්වය මත ඉදිරියට ඇතිවන වර්ෂාව හේතුවෙන් අත්තනගලු අවට සහ පහත් බිම් ප්‍රදේශයන් ජලයෙන් යටවිය හැකි බැවින් එම ප්‍රදේශයන්හි ජනතාව දැඩි අවධානයෙන් පසුවිය යුතු බවද හෙතෙම සඳහන් කළේය.  
අත්තනගලු ඔයේ ජල මට්ටම ඉහලට
0
hp_train_7233
ජන වරමින් රටට පොරොන්දු වූ දේ වෙනුවට ආණ්ඩුව වෙනත් විකාරවලට කාලයත් මුදලූත් නාස්ති කරමින් සිටින්නේ යැයි ද ජනාධිපතිවරයා ඒ මගින් මිදී ස්වාධීන තීන්දු ගෙන දුන් පොරොන්දු ඉටු කළ යුතු යැයි ද පාර්ලිමේන්තු මන්ත‍්‍රී අතුරලියේ රතන හිමියෝ පෙරේදා(28) කොළඹ දී පැවැසූහ. මේ රටට අද අවශ්‍යව ඇත්තේ ජාතික සංවර්ධන සැලැස්මක් මිස ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා වෙනසක් හෝ විශේෂ ආර්ථික සංවර්ධන ව්‍යාපෘති නොවන්නේ යැයි කී උන්වහන්සේ විදෙස් කර්මාන්තශාලා හා ආයෝජන ගැන කියන කතා කිසිදු දිනෙක යථාර්ථයක් නොවන දේවල් යැයි අවධාරණය කර කීහ. ආණ්ඩු වෙනසකට තමා ඇතුළු සංවිධාන ගණනාවක්ම උරදුන්නේ ජනතාවට පොරොන්දු රැුසක්ම දෙමින් යැයි ද එම පොරොන්දු ඉටුනොකරන්නේ නම් ජීවත්වීමෙන් පලක් නැතැයි ද රතන හිමියෝ කීහ. පාර්ලිමේන්තු මන්ත‍්‍රී අතුරලියේ රතන හිමියන් මෙම අදහස් පළ කළේ උන්වහන්සේගේ මූලිකත්වයෙන් පිහිටු වූ ශ්‍රී ලංකා ජාතික මහා සභාවේ ප‍්‍රථම මහා සමුළුව ජනාධිපතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් කොළඹ, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේදී පැවැති අවස්ථාවේදීය. ‘‘තිරසාර යුගයට මඟ’’ මැයෙන් වූ එම සංවිධානයේ ජාතික සැලැස්ම ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා ඇතුළු පැමිණ සිටි සම්භාවනීය අමුත්තන්ට පිළිගැන්වීම ද එහිදී සිදුවිය. උත්සවයේ ප‍්‍රධාන දෙසුම කරමින් අතුරලියේ රතන හිමියෝ මෙසේ ද කීහ. අපි මේ සමුළුව සංවිධානය කළේ මාසයකටත් අඩු කාලයක් තුළයි. මේ සා විශාල ජනකායක් මීට පැමිණීම ගැන අපිට සන්තෝෂයි. මේ සභාවේ අරමුණ මොකද්ද? මේක දේශපාලන පක්ෂයක්වත් රාජ්‍ය නොවන සංවිධානයක්වත් ආගමික සංවිධානයක්වත් නෙවෙයි. අපේ රට ගැන හිතන හැම දෙනාටම එක්විය හැකි පුළුල් ජාතික සභාවක්. ඉන්දියාවේ හා ලංකාවේ ජාතික සංගමයත් ඉතාලියානු ජාතික කොංග‍්‍රසයත් මට සිහියට එනවා. ජාතික මහා සභාව පිහිටුවූයේ අප රට මුහුණ දෙන සමකාලීන අර්බුදවලට විසඳුම් සෙවීමේදී මතවාදී අරගලයක් හා ප‍්‍රායෝගික ක‍්‍රියාකාරකම් සහිත වැඩපිළිවෙළක් සඳහායි. විශ්ව විද්‍යාල උපකුලපතිවරුන්, ආචාර්ය මහාචාර්යවරුන් සර්වෝදය ව්‍යාපාරය අගරදගුරුතුමන් මුස්ලිම් ආගමික නායකයන් ඇතුළු විද්වතුන් රැුසකගේ අදහස් සාරසංග‍්‍රහ කිරීමෙන් මේ සභාවට පාර කැපුණා. මේ වගේ කෙටි කාලයක් ඇතුළත රට වෙනුවෙන් ජාතික ප‍්‍රතිපත්තියක් හැදීමට හැකිවීම ගැන මා ඉතා සතුටට පත්වෙනවා.ව්‍යවස්ථා හා ආර්ථික වෙනසක් ගැන කට්ටිය මේ දවස්වල කතා කරනවා. හැබැයි අපි කතාකරන්නේ රටට ජාතික සැලැස්මක් ගැනයි. රටට ආණ්ඩුක‍්‍රම හා ආර්ථික වෙනසක් අවශ්‍ය ඇයි කියන ප‍්‍රශ්නයට ව්‍යුහාත්මක පිළිතුරක් අපි දෙනවා. ජනාධිපතිතුමනි, ඔබතුමා සමඟ ප‍්‍රතිපත්තිමය තීරණයකට එනකොට ජාතික ප‍්‍රතිපත්ති සභාවක් හදන්න යැයි අපි ඔබට කිව්වා. ඒකට තුනෙන් දෙකක් අවශ්‍ය නෑ. ජනමත විචාරණ අවශ්‍ය නෑ. කාලය නාස්ති කරන්න අවශ්‍ය නෑ. අද ඔබතුමා බලයට පත්වෙලා අවුරුදු දෙකයි. තාම සභාව හදලා නෑ. එක්සත් ජාතික පක්ෂය සමඟ ආණ්ඩුව හදන්න යනකොට අපි රනිල් වික‍්‍රමසිංහ මැතිතුමා එක්ක ගිවිසුමක් අස්සන් කළා. ජාතික සැලසුම් සභාවක් හදනවා යැයි ඒ ගිවිසුමෙන් කිව්වා. අද වනතුරු කිසිම සාකච්ඡාවක් නෑ. හැබැයි කියපු නැති දේවල්වලට මේ වනවිට කාලයත් මුදලූත් විශාල වශයෙන් නාස්ති කරමින් තිබෙනවා.ජනමත විචාරණයකට තුඩු දෙන ව්‍යවස්ථා සංශෝධනයක් ගැන කියනවා. ජනාධිපතිතුමනි, ජනමත විචාරණයකට තුඩු දෙන ව්‍යවස්ථා සංශෝධනයකට යන්නේ නෑ කියලා අපි කිව්වේ ඇයි? විධායක ජනාධිපති ක‍්‍රමය එක්ක බැඳුණු කාරණා ගණනාවක් මේ රටේ තිබෙනවා. පළමු වැනි එක ඡුන්ද ක‍්‍රමයයි. ඔබතුමා නොහිටියා නම් මේ ආණ්ඩුව පිහිටුවන්න පුළුවන් ද? මේ ආණ්ඩුව ගෙනියන්න පුළුවන් ද? එක පක්ෂයකටවත් බලය නෑ. ජනාධිපති කෙනෙක් නොහිටියා නම් අර නේපාලයේ වගේ රට අරාජික වෙලා. ඒකාධිපති බලතල ඉවත්කරලා විධායක ජනාධිපති ධූරය රටට වගකියන තත්ත්වයට පත්කරමු යැයි කිව්වෙ ඒකයි. 19 වැනි සංශෝධනයට ඔබතුමා කොච්චර කැප වුණාද? කියන්න ලැජ්ජයි. විපක්ෂය වගේම ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගැන කතාකරන සමහර වාමාංශික පක්ෂ ගුණාත්මකභාවය වැඩිකරනවා වෙනුවට ඒක ආපස්සට හැරෙව්වා. එහෙම වෙද්දිත් 19 සම්මත කරගැනීමට අපිට හැකිවුණා. ඒ ගැන ඔබතුමාට මුළු ජාතියේම ප‍්‍රණාමය හිමිවෙනවා. දෙතුන් දෙනෙකුගේ වුවමනා එපාකම්වලට මේ රටේ ආර්ථිකය මෙහෙයවන්න බෑ. අපි මෛත‍්‍රිපාල සිරිසේන මහතා බලයට ගෙනාවේ එක්තරා කල්ලියකට  ඕනෑ විදියට ආර්ථිකය මෙහෙයවන්න නෙවෙයි. පාර්ලිමේන්තුවේ මම ඉන්නවද නැද්ද කියලා අහනවා. ඒක නෙවෙයි දැන් ප‍්‍රශ්නෙ. මේ ආණ්ඩුව හදන්න මුල්වෙච්ච මා ඇතුළුව සංවිධාන විශාල ගණනක් තිබෙනවා. අපි රටට කිව්ව දේ කරන්න බැරි නම් ජීවත් වෙලා වැඩක් නෑ. මක්නිසාදයත් ඒ වරදට අපි වගඋත්තරකරුවන් වෙනවා. මේ රටට අද ජාතික සැලැස්මක් අවශ්‍ය වෙලා තිබෙනවා. එක පැත්තක මැණික් තිබෙනවා. තව පැත්තක ඛනිජ වැලි තිබෙනවා. රට වටේට මහ මුහුදක් තිබෙනවා. මේ මුළු රටම එකක් හැටියට ගෙන සංවර්ධන වැඩපිළිවෙළ හැදිය යුතුයි. දැන් සංවර්ධනේ කියලා කියන්නෙ මොකද්ද? එකම සිහිනය සිංගප්පූරුවයි. සිංගප්පූරුව කියන්නේ රටක් නෙවෙයි. කොළඹ නගර සභාව විතර පුංචි කෑල්ලක්. අරහෙන් මෙහෙන් ආපු මිනිසුන්ගෙන් හැදිච්ච ආර්ථිකයක් තිබෙන රටක්. ශ්‍රී ලංකාව කියන්නෙ කෝටි දෙකකට අධික ජනතාවක් ජීවත් වෙන රටක්. ඉතින් ජාතික ප‍්‍රතිපත්ති සභාව සැලැසුම් කළේ මේ රට හදන්නේ මොන සැලැසුමටද කියලා හොයන්නයි. එක්සත් ජාතින්ගේ පැරිස් සමුළුවේ දින දහයක් මාත් සිටියා. ප‍්‍රංශ ජනපතිත් කතෝලික සභාවත් පැරිස් සම්මුතිය ක‍්‍රියාත්මක කිරීමට විශාල මැදිහත්වීමක් කළා. අවුරුදු ගාණක් එක්සත් ජාතින්ගේ රටවල් එකසිය අනූ ගාණම එකතු වෙලා සම්මුති හදලා තිබෙනවා. මේ ලෝකය අද මුහුණ දී තිබෙන භයංකර තත්ත්වය එයින් කිව්වේ. මේ මානව වර්ගයාට තව අවුරුදු සීයක් ජීවත්විය හැකිදැයි යන ප‍්‍රශ්නයක් මතුව තිබෙනවා. මහපොළොව යට තිබුණු කාබන් ඩයොක්සයිඞ් වායුව මිහි මතට අරගත්තා. ඛනිජ තෙල් අවුරුදු ගාණක් තිස්සේ බලශක්තිය හැටියට පාවිච්චි කිරීමෙන් කාබන් ඩයොක්සයිඞ් වායුව නිපදවෙනවා. එය විශාල වශයෙන් නිපදවෙන්නේ දියුණුවට පත් කියන රටවලිනුයි. ඇමෙරිකාවේ ඒක පුද්ගල කාබන්ඩයොක්සයිඞ් ප‍්‍රමාණය ටොන් 16යි. ලංකාවේ තාම අපි ටොන් එකක් නෑ. පහුගිය අවුරුදු විස්සේ මේ විෂ වායුව වැඩියෙන්ම පිටකළේ චීනයයි. තව ටිකක් මේක වැඩිවුණොත් මුහුදු මට්ටම වේගයෙන් උඩට ගිහින් ¥පත් විශාල සංඛ්‍යාවක් වැසී යනවා. අපේ අර යාපන අර්ධද්වීපයත් යට වේවි. හැබැයි දියුණු රටවල අය කාබන් නිකුත් කිරීම සීමාකරන්න කැමැති නෑ. කාබන්ඩයොක්සයිඞ් වායුව අඩු කරනවා කියන තීන්දුව ගන්න ඒ රටවල දේශපාලකයන්ට බෑ. යුරෝපය ගොඩක් කල් කළ නිසා අපිටත් තව අවුරුදු විස්සක්වත්  ඕනෑ යැයි චීනය කියනවා. මෙන්න මේ නිසා අපට අලූත් ඉඩක් ලැබිලා තිබෙනවා. ලෝකය පුරාම විද්‍යාඥයන් කියන්න පටන් අරන් තිබෙන්නේ අධිපරිභෝජනවාදයෙන් හා නාගරීකරණයෙන් මිදිලා සරල වෙන්න කියලයි. ජනාධිපතිතුමනි කාටවත් නැති වාසනාවක් අපට තිබෙනවා. දවසේ පැය දොළහක්ම හිරු එළිය වැටෙනවා. යුරෝපයේ එහෙම නෑ. ලෝකයේ අනාගත බලශක්තිය වන්නේ මේ සූර්යායි. සූර්ය බලශක්තිය මුල්කරගත් විප්ලවයකට අපි අපේ ප‍්‍රතිපත්ති හැදිය යුතුයි. අපේ බලශක්ති විප්ලවය රඳා පවතින්නේ පිට රටින් ගේන ගල් අඟුරු හා තෙල් නෙවෙයි. සූර්ය පැනල මගින් අපට අවශ්‍ය බලශක්තිය රට තුළම නිර්මාණය කරගතහැකියි. අපට මුහුදු තරංගත් සුළං බලයත් තිබෙනවා. මේ ටික හරියට පාවිච්චි කළොත් විදේශයන්ට ඇදී යන ඩොලර් බිලියන ගණනක් අපට මේ රටේ ඉතිරිකරගත හැකියි. පුනර්ජනනීය බලශක්තියට යන බව ඔබතුමා ඔබතුමාගේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශයෙන් කිව්වා. අපි ඒකට යමු. අපි චීනය ඇසුරු කළ යුත්තේ චීනෙට ඉඩම් දෙන්න නෙවෙයි. සූර්ය පැනල සවි කරලා බලශක්ති තාක්ෂණය ගන්නයි. ඔබතුමාට වගේම අගමැතිතුමාට මේවා කරන්න පුළුවන් දේවල්. මේවා පමාකරන්නේ ඇයි? ග්ලිරිසීඩියා පැළ බිලියනයක් වවන ව්‍යාපෘතිය ඔබතුමා ආරම්භ කළා. එය හරියට කළොත් ගල් අඟුරු බලාගාරයක බලශක්තියෙන් බාගයක් නිපදවන්න හැකියි. අක්කරයක පැළ 600 ක් වගා කළහැකියි. ග්ලිරිසීඩියා කොලවලට ගවයන් හරිම පෙරේතයි. මේ රටට අවශ්‍ය කිරි ටික හදන්න අවශ්‍ය ගවයන් මිලියනයයි. ඒ ගවයන් මිලියනයටම කෑමට මේ ග්ලිරිසීඩියා ප‍්‍රමාණවත් වෙනවා. බලශක්තියෙන් ඔබ්බට ස්වයංපෝෂිත ආර්ථික ක‍්‍රමයකටත් මේ වගාව හේතුවෙනවා. ජනාධිපතිතුමනි, වස විසෙන් තොර ගොවිතැනට ඔබතුමා සහාය දැක්වුවත් බොහෝ අය මට හිනාවුණා. මුලදි මට තිබුණෙත් පොතේ දැනුම පමණයි. හැබැයි අපි ජන මතයක් හැදුවා. අක්කර පනස්දාහක් වවන්න අපි දැඩි පරිශ‍්‍රමයක් දැරුවා. හැබැයි නියඟයක් ආවා. ඒත් සැළකිය යුතු ප‍්‍රමාණයක් වැව්වා. රතන හාමුදුරුවන්ගෙ වැඬේ හොඳ වුණත් ඒක පාඩු යැයි සමහරු කියන්න ගත්තා. ක්‍ෂුද්‍ර ජීවි ක‍්‍රියාකාරිත්වය පාවිච්චි කරලා මාස තුනක් දිරන්නට යන කොලරොඩු දින දහයෙන් දිරාපත් කළහැකි බව අපේ විද්‍යාඥයන් පෙන්නුවා. මාස දෙකක් ඇතුළත ටොන් පන්දාහක පොහොර හැදුවා. අපේ වගාව නියඟයට ඔරොත්තු දුන්නා. තේ අක්කර ලක්ෂ පහක් පමණ වගා කිරීමෙන් ඩොලර් බිලියන එකහාරමක පමණ ආදායමක් අපි ලබනවා. ඒ සියලූ වල්නාශක ගහලයි. හැබැයි කාබනික පොහොර භාවිතයෙන් ඒ ආදායම දෙගුණයක් කළහැකියි. මොකද වස විසෙන් තොර තේවලට ලෝකයේ ඉල්ලූම වැඩියි. වස මුසු තේ ප‍්‍රතික්ෂේප කරන්නට ලෝකය පෙළඹිලා තිබෙනවා. අවාසනාවකට අපේ සමහර ඇමැතිවරු හා මහ තේ වතු හිමියන් වස විසම ඉල්ලනවා. අපි බෑ කිව්වා. මහ වතු වගාකිරීමට බැරි නම් ඒවා ජනතාවට දෙන්න. අපි ඒකට සැලැසුමක් හදලා තිබෙනවා. දළු දෙක දළු තුන කරන්න අපේ විද්‍යාඥයන්ට පුළුවන්. වසර දෙකක් ඇතුළත මේ විප්ලවය කරලා අපි පෙන්වන්නම්. මේවාට උදවු කරන්න ලෝකේ රටවල්  ඕනෑ තරම් තිබෙනවා. එක්සත් ජාතින්ගේ සංවිධානයෙන් අපි ආධාර අරගන්නම්. සාදික්කා, කරදමුංගු, අලිගැටපේර ආදී විවිධාංගීකරණයකට අපි යා යුතුයි. රාජ්‍ය භාණ්ඩාගාරය පුරවන්න එයින් හැකියි. රුපියල් බිලියන ගණනක් මේ රටේම ඉතිරි කරගන්නවා වගේම මේ රටේ මිනිස්සුන්ට වසවිසෙන් හැදෙන පිළිකා රෝග නැතිකරගන්නත් පුළුවන්. 2005 දී මේ රටේ පිළිකා රෝගීන් සංඛ්‍යාව පන්දාහයි. අද පහළොස්දාහයි. වකුගඩු රෝගීන්ගේ සංඛ්‍යාව දහ දාහේ සිට ලක්ෂය දක්වා වැඩිවෙලා. සමහරු කියන්නේ මේ ආණ්ඩුවෙන් මොකක්වත්ම වෙන්නේ නෑ කියලයි. වෙන්නේ නෑ නෙවෙයි. හැම දෙනාගේම අත් එකතු වෙන්නේ නෑ. ජනාධිපතිතුමාට සිහිනයක් තිබෙනවා. ඒ සිහිනයට පණ දෙන්න අපි විද්වතුන්ගේ මණ්ඩලයක් හැදුවේ ඒකයි. මහින්ද රාජපක්ෂ ආණ්ඩුව කාලේ රවුන්ඩප් තහනම් කරන්න යැයි අපි කිව්වා. කැබිනට් මණ්ඩලේ තීන්දුවක් ගත්තා. හැබැයි අරලියගහ මන්දිරේදි තීන්දුව වෙනස් වුණා. සල්ලි කුට්ටිවලට තීන්දු නැවැතුණා. හැබැයි ග්ලයිෆොසේට් තහනම් කරලා වස විසෙන් තොර ගොවිතැන වෙනුවෙන් අද අපිට ප‍්‍රතිපත්ති තීන්දු ගන්න හැකිවෙලා තිබෙනවා. මේවා රතන හාමුදුරුවන්ගෙ බොරු යැයි සමහරු බය කරනවා. හැබැයි රාජ්‍ය නිලධාරින්ම අද මේ ඇත්ත තේරුම්ගෙන තිබෙනවා. ඩොලර් බිලියන දෙකක් ණය ගෙවන්න  තිබෙනවා යැයි කියනවා. කොහොමද ණය ගෙවන්නේ කියලා අහනවා. ඒක කරන්නෙ වරාය විකුණලාද? චීනෙන් ගත්ත ණය ගෙවන්න බැරි නම් ඒක කරන්නේ වරාය දීලාද? රාජ්‍ය ආයතන පාඩු ලබනවා නම් ඒවාත් දීලා දාමුද? මිනිස්සු මත බදු පටවමුද? ජනාධිපතිතුමනි, මේ ඩොලර් බිලියන දෙක හොයන හැටි පෙන්වලා දෙන්න අපේ විද්‍යාඥයන් සූදානම්. මේක මහ ලොකු ගණිත ක‍්‍රමයක් නෙවෙයි. තිබෙන්නේ සරල උත්තරයක්. ආනයන අපනයන පාලනයක් කරමු. මහ බැංකු වාර්තාව අරගෙන බලන්න. මෙටි‍්‍රක් ටොන් 6 12,000 ක් අපි සීනි ගෙන්නනවා. කිරිපිටි 81,000 ක් ගේනවා. මිරිස් 409,000 ක් ගේනවා. ඉතින් මේක අපට නවත්තන්න පුළුවන්. සීනි ටික හදාගන්න බැරිද? ආරියශීල වික‍්‍රමනායක මහතා බටර් හදලා අතිරික්තයක් තිබෙනවා. හැබැයි එතුමන්ලා හදන කිරි ටික සතොසෙන් ගන්නෙ නෑ. මේ හැදිච්ච ලෙඬේ මොකද්ද? ප‍්‍රශ්න මේවායි. අපි මේ සභාව හැදුවෙ අපේ දේශීය ව්‍යාපාරිකයාට රැුකවරණයක් දෙන්නයි. දැන් විදේශිය සමාගම්වලට ඉඩම් දෙනවා. ඉඩම් දීමට කිසියම් ප‍්‍රතිපත්තියක් තිබිය යුතුයි. හිතුමතේට ඉඩම් දීමට ජනාධිපතිතුමාට හෝ අගමැතිතුමාට හෝ කිසිම නායකයකුට අයිතියක් නෑ. පිටරටින් ආ පලියට කර්මාන්තවලට ඉඩම් දෙන්න බෑ. කර්මාන්තවලටත් ප‍්‍රතිපත්තියක් තිබිය යුතුයි. අනිත් එක පිටරටින් එන්න ඔය කියන විදියේ කර්මාන්තශාලා නෑ. යුරෝපයේ කර්මාන්තශාලා වැහිලා මිනිස්සු දොට්ට දාලා තිබෙන්නෙ. විදේශයන්හි ආයෝජනය කළ ඇමෙරිකන්කාරයන්ටත් ට‍්‍රම්ප් මහත්තයා නැවත මව් රටට කතාකරනවා. ඉතින් යුරෝපෙ සුද්දා එනවාය කර්මාන්ත පටන්ගන්නවාය ආදී මේවා කෙරෙන්නැති දේවල්. රටේ ජාතික ප‍්‍රශ්නෙට ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව වෙනස් කරන්න  ඕනෑ යැයි කියනවා. මේ රටේ තිබෙන ජාතික ප‍්‍රශ්නය මොකද්ද? ඉඩම් ප‍්‍රශ්නයක් ගැන කියනවා. හැබැයි යාපනේ ඉඩම් කියන්නෙත් අපේ ගාල්ල මාතර වගේම තමයි. තියෙන මිනිහට අක්කර පනහ හැට තිබෙනවා. දුප්පතාට අක්කර කාලක්වත් නෑ. ඉඩම් බලතල දෙන්න  ඕනෑ දේශපාලකයන්ට නෙවෙයි. ජනතාවටයි. මේ රටේ ඉඩම් නැති ජනතාව වෙනුවෙන් ජාතික ප‍්‍රතිපත්තියක් හදමු යැයි අපි ජනාධිපතිතුමාට කියනවා. පාරිසරික වශයෙන් සංවේදී ඉඩම් රජයට තබාගෙන සෙසු ඉඩම් ජනතාවට බෙදන වැඩපිළිවෙළක් ආරම්භ කළ යුතුයි. පොලිස් බලතල දෙන්න  ඕනෑ යැයි කියන කතාව ගැනත් අපි දීර්ඝ වශයෙන් දෙමළ ජාතික සන්ධානය සමඟ සාකච්ඡා කළා. අපේ පොලිසියෙ සීයට අනූවක් පමණ කරන්නේ රථ වාහන හැසිරවීමයි. ඉතින්  ඕකට දෙමළ මිනිස්සු ගන්නවට අපි විරුද්ධ ද? පොලිසියේ සන්නද්ධ අංශය මධ්‍යම ආණ්ඩුවට තබාගෙන සිවිල් පරිපාලනයට අදාළ පොලිස් බලය දෙන්න පුළුවන්. ආයුද අවශ්‍ය හොරු අල්ලන්නයි. අධිරාජ්‍යාවාදී යටත්විජිත කාකි ඇඳුම් ඇඳගෙන සිටින පොලිසිය වෙනුවට සුදු ඇඳුමක් ඇඳගත් පොලිසියක් හදමු. එහෙම නම් ලෝකය පෙරළන ජනමත විචාරණයක්  ඕනෑ ද? මේ රට හදද්දී උතුරු නැගෙනහිර ප‍්‍රශ්නයට උත්තරයක් දෙන්නත් අපිට පුළුවන්. නොකෙරෙන වෙදකමට කෝඳුරු තෙල් හත්පට්ටයක්  ඕනෑ වගේ ජනමත විචාරණයකට තුඩු දෙන ව්‍යවස්ථා සංශෝධනයක් ගැන කතාකරනවා. මේවා  ඕනෑ කාටද? දෙමළ ජනතාවට අවශ්‍ය ආත්ම ගෞරවයක් ඇතිව ජීවත්වීමටයි. ඡුන්ද ක‍්‍රමය ගැනත් අපි සාකච්ඡුා කළා. දැන් පළාත් පාලන ඡුන්දයක් තිබෙනවා. මුළු රටේම මාධ්‍ය ඇස ඇරගෙන එළිවෙනකන් නිදි මරාගෙන ඉන්නවා. මැති ඇමැතිවරු පණ බයේ ඉන්නෙ. අර පරණ විදියට මෙම්බර් ඡුන්දෙ තියමු. ඒක අපිට කරගන්න පුළුවන්. උතුරේ පළාත් සභාව කැමැති නම් දිස්ත‍්‍රික් සභාව ගෙනෙමු. පළාත් සභාවේ සිටින දිස්ත‍්‍රික් සංවර්ධන ඇමැතිවරයකු පත්කරලා ඔහුව කැබිනට්ටුවට ගෙනෙමු. එවිට බලය විමධ්‍යගත වෙනවා.අපිට තරුණ කාලයක් තිබුණා. 71 කැරැුල්ල අපිට යාන්තමින් වගේ මතකයි. උතුරු නැගෙනහිර යුද්ධයෙන් ලක්ෂයක් විතර ජීවිත අප රටට අහිමි වුණා. 88,89 වසර දෙක ඇතුළත 65 000 ක් මැරුණා. අපේ රට ආපස්සට ගියා. නැවතත් එවැනි කඳුළු සලන යුගයක් අප රටට අවශ්‍ය නෑ. අපේ රටේ දුප්පත්කම නැතිකරලා අභිමානවත් ජාතියක් නිර්මාණය කිරීමේ හැකියාව අපට තිබෙනවා. අද පොලොන්නරුවට ගියාම අපි දකින සත්‍ය මොකද්ද? ණය බරින් මිරිකුණු තමන්ගෙ කුඹුර අනුන්ට උකස් තියපු ජනතාවක්. මේක ඉතාම වැදගත් තැනක පිහිටපු ලෝකයේ සුන්දරම රටක්. ඒක නිසා අපේ ආර්ථික ප‍්‍රතිපත්තිය හැදෙන්න  ඕනෑ චීනයට හෝ ඉන්දියාවට  ඕනෑ හැටියට නෙවෙයි. ස්වයංපෝෂිතභාවයට මුල් තැන දෙන ආර්ථික වැඩපිළිවෙළකට අප යා යුතුයි. අද අප සමාජගත කරන්නේ නැවත මේ රටේ ලේ කඳුළු සැලෙන්නේ නැති අනාගතයක් සඳහා වූ වැඩපිළිවෙළයි. මේ ආණ්ඩුව මින්පසු ගමන්කරන්නේ තම තමන්ට හිතෙන හැටියට නෙවෙයි. රටේ ජාතික ප‍්‍රතිපත්තියට  ඕනෑ විදියටයි. සීතල කාමරවලට වෙලා හම්බන්තොට වරාය ගැන තීන්දු ගන්න යුගය නිමාකිරීමේ තීන්දුව මෙයින් ගන්නවා. ඒ වගේම අපේ ගොවියන්ගේ ඉඩම් හා සංවේදී පාරිසරික කලාපවලට අත තියන්න කිසි කෙනෙකුට ඉඩ නොදෙන බවට අධිෂ්ඨානය ඇතිකරගමු. මුඩුක්කු සංස්කෘතියේ හිරවෙලා කුඩු ගහන ජීවිත වෙනුවට නව නාගරික සංවර්ධන වැඩපිළිවෙළක් ආරම්භ කරමු. ඒ වගේම ලෝක බලවතුන්ගේ පොර පිටියක් බවට පත්වීමට ඉඩ නොතබා අපේ රටේ ස්වාධීනත්වය ආරක්ෂා කරගන්නා වැඩපිළිවෙළකට යමු. අපි ජනාධිපතිතුමාට කියන්නේ රනිල් වික‍්‍රමසිංහ මහත්තයාත් පරාදයි. මහින්ද රාජපක්ෂ මහත්තයත් පරාදයි. මේ රටේ බලය ලැබිලා තිබෙන්නේ මෛත‍්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමාටයි. ඔබතුමා රට පාලනය කළයුත්තේ එක්කෙනෙකුට දෙන්නෙකුට අවශ්‍ය විදියට නෙවෙයි. ජාතික ප‍්‍රතිපත්ති සභාව පිළිබඳව ඔබතුමාට තීන්දුවක් ගන්න පුළුවන්. ඇයි ඔබතුමා පමාවන්නේ? ඔබතුමා පමාවන හැම දිනයක් පාසා අපේ රට යන්නේ අඳුරු අගාධයකටයි. කොළඹ විශ්ව විද්‍යාලයේ දේශපාලන විද්‍යා හා රාජ්‍ය ප‍්‍රතිපත්ති අධ්‍යයනාංශයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ධම්ම දිසානායක, මවුබිම ලංකා පදනමේ සභාපති ආරියශිල වික‍්‍රමනායක, යහපාලනය සඳහා වන ජාතික පෙරමුණේ මහලේකම් සුරේන් රාගවන්, සෙමා ආයතනයේ සභාපති අශෝක අබේගුණවර්ධන යන මහත්වරු ද මෙහිදී අදහස් දැක්වූහ. (සටහන - බිඟුන් මේනක ගමගේ)
ආපදාවෙන් පීඩිත ජනතාවගේ ජීවිත යළි නඟාසිටුවීමට සැවොම ඒකරාශි විය යුතුයි
0
hp_train_7234
නැගෙනහිර පළාත හැර ශ්‍රී ලංකාවේ අනෙක් පළාත්වලට  සවස 2.00 න් පසුව වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයිත්‍රිකුණාමලය සිට මඩකළපුව සහ පොතුවිල් හරහා හම්බන්තොට දක්වා මුහුදුබඩ ප්‍රදේශවල උදය කාලයේදී ද වැසි ස්වල්පයක් ඇති විය හැක.  ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තද සුළං ඇති වේ.
‘පළාත් රැසකට තද වැසි‘
1
hp_train_7235
(නිශාන්ත කුමාර )කන්දකැටිය ප්‍රදේශයේ දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමකින් බරපතළ තුවාල ලැබූ තරුණයින් සිව්දෙනෙකු කන්දකැටිය දිසා රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා මහියංගන මුලික රෝහල වෙත මාරු කර යැවූ බව කන්දකැටිය පොලිසිය පවසයි. සිද්ධියෙන් තුවාල ලබා ඇත්තේ කන්දකැටිය ප්‍රදේශයේ අසල්වැසි නිවෙස් දෙකක තරුණයින් සිව් දෙනෙකි. ගැටුම්ට මැදි වූ තවත් කීපදෙනකු ද සුළු තුවාල ලබා ඇත. පෞද්ගලික කෝන්තරයක් ගැටුමට හේතු වී ඇති බව මූලික  විමර්ශනවලදී අනාවරණය වී ඇත.ඊයේ රාත්‍රියේදී මෙම ගැටුම ඇතිව තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් කන්දකැටිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
දෙපිරිසක ගැටුමෙන් 4 ක් රෝහලේ
1
hp_train_7236
(මීරිගම විශේෂ පුෂ්පකුමාර මල්ලවආරච්චි)මනාලයකු උපක්‍රමශීලී අන්දමින් මනාලියගේ පියා පීඩාවට පත් කරමින් විවාහයට පෙරම දෑවැද්ද කොටස් වශයෙන් ලබාගනිමින් නිවෙස අලුත්වැඩියා කරන්නට ගත් උත්සාහයක් නිසා මංගල්ලයක් කැඩී බිඳී ගිය පුවතක් පසුගියදා මීරිගම ප්‍රදේශයෙන් වාර්තා විය.යුවතියක අසල්වැසි ගමේ තරුණයකු හා පෙමින් වෙලී සිටියාය. මේ හිතවත්කමට තරුණයාගේ පාර්ශ්වයේ වැඩිහිටියන් දැක්වූයේ දැඩි විරෝධයකි. දින, සති, මාස ගණන් ගතවෙද්දී මේ විරෝධය තරමක් අඩු විය. තරුණයාගේ මවුපියන් ඇතුළු වැඩිහිටි පිරිස් තරුණියගේ නිවෙසට ආගියේ මංගල්ලයේ කටයුතු කතාබහ කරගන්නටය.තරුණියගේ වැඩිහිටියන් ද කථිකා කිරීමෙන් පසු මංගල්ලයට දිනයක් ද තීරණය කෙරිණි. තරුණයා නිතර තරුණියගේ නිවෙසට යන්නට එන්නට ද පටන්ගත්තේ දැඩි විශ්වාසයක් ඇති කරගනිමිනි. මේ අතර කොරෝනා වසංගතය නිසා මංගල්ලය දිනෙන් දින කල් දමන්නට සිදු විය.මනාලිය බලන්නට එන තරුණයා මනාලියගේ නිවෙසින් කිසියම් දෙයක් ගෙන යන්නට නිතරම කටයුතු කළේය. පැරැණි යතුරුපැදිය මනාලියගේ නිවෙසේ තබා මනාලයා මාමණ්ඩියගේ නවීන පන්නයේ යතුරුපැදිය ගෙන ගියේ, පසුව ගෙනෙන බව කියමිනි. සතියක් දෙකක් ගත විය. යතුරුපැදිය මනාලයා ඔහුගේ එකක් සේ පාවිච්චි කරන්නට පටන් ගත්තේය.නිතර මාමණ්ඩියගෙන් මුදල් හදල් ඉල්ලාගත් මේ මනාලයා, ඒවා ද අමතක කරන්නට ක්‍රියා කළේ කිසියම් සැලසුමක් මත බව මේ අතර මාමණ්ඩියට තේරුම් ගියේය. මේ අතර, වෙන්න යන බෑනා මාමාට යෝජනාවක් කළේය. ඒ, මංගල්ලයට පෙර ඔහුගේ නිවෙස අලුත්වැඩියා කර දෙන ලෙසය. දැඩි ලෙස අබලන්ව ඇති නිවෙසේ අලුත්වැඩියාව රුපියල් ලක්ෂ දෙක තුනකින්වත් කරන්නට බැරි එකක් විය. ඔහු බිරිය හා පළමුව සාකච්ඡා කළේය. අනතුරුව මනාලියක වෙන්නට පෙරුම් පුරන දියණියට ද ඇගේ අනාගත සැමියාගේ ක්‍රියා කලාපය ගැන කියා දුන්නේය. මනාලයා තරුණියගේ අත තිබූ මුදල් හදල් ද වරින් වර ඉල්ලාගෙන ඇති බව මවුපියන්ට දැනගන්නට ලැබිණි.සියල්ල දැනගත් තරුණිය තීරණයක් ගත්තාය. “තාත්තේ, මම මේ මංගල්ලේ කරගන්නේ නැහැ. දැන්ම මෙහෙම නම් ඉස්සරහට මේ මිනිහා මාව මරලත් දායි” කී ඇය හිත හදා ගත්තේ කපටියකුට රැවටී ජීවිතය සදහටම අඳුරු කරගන්නට බැරි නිසාය.  
මනාලයා මාමණ්ඩියගේ කනෙන් රිංගා දෑවැද්ද මඟුලට කලින්ම අරගෙන
0
hp_train_7237
(නාලක සංජීව දහනායක, සෙංකඩගල සිසිර කුමාර බණ්ඩාර, ඒ.ඒ.එම්.රත්නායක ගලගෙදර සිට)කාන්තාවන්ට අභිමානයෙන් ජීවත්විය හැකි පරිසරයක් බිහිකිරීම සඳහා කාන්තා හිංසනය නතර කිරීමට තම රජය පියවර ගන්නා බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂ මහතා පෙරේදා (5) ගලගෙදරදී පැවැසීය.සුරක්‍ෂිත රටක් බිහිකරන ලෙසට කාන්තාවන් තමන්ගෙන් ඉල්ලා සිටින බවත් ඒ අනුව සියලුම දෙනාට බියෙන් හා සැකෙන් තොරව ජීවත්විය හැකි පරිසරයක් බිහිකිරීමට කැපවන බව ද ඔහු කීය.ගලගෙදර, හතරලියද්ද බස් නැවතුම්පොළ භූමියේදී පෙරේදා (5) පැවැති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ රැලියකට සහභාගිවෙමින් ඔහු මේ බව සඳහන් කළේය.එහිදී ඔහු මෙසේද කීය.“අපගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් වන්නේ ඉටු කළ හැකි ප්‍රායෝගික පොරොන්දු. මාගේ ධුර කාලය තුළදී එම පොරොන්දු  ඉටුකිරීමට මම ක්‍රියා කරනවා.අපේ රටේ සියයට 33ක් පමණ කෘෂිකර්මාන්තයේ නියලී ඉන්නවා. කෘෂිකර්මාන්තය සංවර්ධනය කිරීමට අප විශාල අවධානයක් යොමුකරනවා. රට ආහාරයෙන් ස්වයංපෝෂිත කරන අතර ගොවියා ජීවත් කරවීමටත් අපි ක්‍රියා කරනවා.විවිධ හේතූන් නිසාවෙන් ගොවි ජනතාව ණය වී සිටිනවා නම් අපි ගොවි ණය සම්පූර්ණයෙන්ම කපා හරිනවා. එමෙන්ම ගොවි  විශ්‍රාම වැටුපක් ලබාදෙන්නත්, ගොවි රක්‍ෂණය ලබාදෙන්නත් අපි ක්‍රියා කරනවා. එමෙන්ම වියදම අඩුකරලා කුඩා ඉඩමක වැඩි ආදායමක් ලබාගත හැකි උසස් බීජ ලබාදෙන්නත්, නව තාක්ෂණය ලබා දෙන්නත් අපි ක්‍රියා කරනවා. මහන්සිවෙලා වැඩ කළත් ගොවියා හැමදාම දුප්පත්. මේ දුප්පත්කමින් ගොවියා මුදවාගෙන ඔහු ව්‍යාපාරිකයකු බවට පත්කරනවා. එමෙන්ම කෘෂි නිෂ්පාදන සඳහා අගයක් එකතු කරන්නත් එම නිෂ්පාදන හරහා විවිධ කර්මාන්ත සංවර්ධනය කරනවා. මේ රජයේ ප්‍රතිපත්ති නිසාවෙන් දේශීය වැවිලිකරුවා අසරණවෙලා. ඒ නිසා තේ කර්මාන්තය ඇතුළු මෙරට වැවිලි කර්මාන්තය කඩා වැටිලා.පිටරටින් ගුණාත්මක බවින් අඩු තේ ගෙනත් මෙරට හොඳ තේ සමග කලවම් කර නැවත රට යැවීම නිසා ‘සිලෝන් ටී’ යන වෙළඳ නාමය හත්වැනි තැනට වැටිලා. නැවතත් අපි ගුණාත්මක තේ විකිණීමෙන් ‘සිලෝන් ටී’ නාමය විදේශයේ ප්‍රචලිත කරන්න කටයුතු කරනවා. අවුරුදු ගණනාවක්ම රටට විදේශ විනිමය ගෙනා ප්‍රධානතම වැවිලි භෝගය තේ වගාවයි.නව තාක්‍ෂණය හරහා නිෂ්පාදනය වැඩිකිරීමෙන් තේ කර්මාන්තයේ නියළී සිටින සෑම ස්ථරයකම ආදායම වැඩිකරන්න කටයුතු කරනවා. අප රටේ තිබෙන්නේ ගුණාත්මක බවින් වැඩි ගම්මිරිස්. නමුත් ගුණාත්මක බවින් අඩු ගම්මිරිස් ගෙනත් නැවත ප්‍රතිඅපනයනය කිරීම නිසා ගම්මිරිස් කර්මාන්තය කඩා වැටිලා. බාල භෝග වර්ග ලංකාවට ගෙනඒම නතර කරලා නැවත ගම්මිරිස් වගාව ඉහළට ගන්න කටයුතු කරන බව මම පොරොන්දු වෙනවා. ගම්මිරිස්, කුරුඳු වැනි වැවිලි බෝග සම්බන්ධයෙන් අප පර්යේෂණ කළ යුතුයි. එම වගාවන් සඳහා නව තාක්ෂණය හඳුන්වා දිය යුතුයි. ඒ හරහා ඉතා ඉහළ ආදායමක් ලබාගන්න පුළුවන්. වැවිලි කර්මාන්තය දියුණු කිරීමට රජය මැදිහත්විය යුතුයි. අප ඒ සම්බන්ධයෙන් අධ්‍යයනය කර තිබෙනවා. අපගේ රජය ක්‍රියා කරන්නේ දේශීය වැවිලිකරුවා ආරක්‍ෂා කරගන්නයි. එමෙන්ම සියයට 70ක් පමණ වන ග්‍රාමීය ප්‍රදේශ සංවර්ධනය කිරීම වෙනුවෙනුත් අපගේ රජය සුවිශේෂ අවධානයක් යොමු කරනවා. විශේෂයෙන්ම පිරිසුදු පානීය ජලය නොමැතිකම නිසාවෙන් ග්‍රාමීය ප්‍රදේශවල බොහෝ පිරිසක් වකුගඩු රෝගයට ගොදුරුවී සිටිනවා. ඒ නිසා ග්‍රාමීය ප්‍රදේශවලට පිරිසුදු පානීය ජලය ලබාදෙන්න ව්‍යාපෘති ආරම්භ කරනවා. ග්‍රාමීය ජනතාවගේ සෞඛ්‍ය සේවාව දියුණු කරන්නත් ක්‍රියා කරනවා. මේ වනවිට හැමතැනම ඩෙංගු රෝගය ව්‍යාප්ත වෙලා. එයට මූලික හේතුව නිවැරදිව කසළ කළමනාකරණය නොවීමයි. කසළ කළමනාකරණය වෙනුවෙනුත් ලොව බොහෝ රටවල් තාක්‍ෂණය යොදාගන්නවා. සෑම ප්‍රාදේශීය සභාවකටම කසළ කළමනාකරණය වෙනුවෙන් ආයෝජන අවස්ථා ලබාදෙනවා. පරිසරය ආරක්‍ෂා කරන්න, රෝග පැතිරීම වළක්වා ගන්න කසළ කළමනාකරණය විධිමත් කළ යුතුයි. ජාතික ආරක්‍ෂාව තහවුරු කර ජීවත්වීමට සුදුසු සුරක්‍ෂිත රටක් බිහි කරන ලෙසට මගෙන් වැඩිපුරම ඉල්ලා සිටින්නේ කාන්තාවනුයි. ඒ ඉල්ලීම ඉටු කරන බවට මම ඔබට පොරොන්දු වෙනවා. තිස් අවුරුදු යුද්ධය අවසන් කළේ අපියි. යුද්ධය නිම කිරීමෙන් පසුවත් අප ජාතික ආරක්‍ෂාව වෙනුවෙන් සුවිශේෂී ආරක්‍ෂක සැලැස්මක් ක්‍රියාත්මක කළා. නමුත් මේ රජය කටයුතු කරන්නේ ජාතික ආරක්‍ෂාව සම්බන්ධයෙන් කිසිම අවබෝධයක් නැති ආකාරයටයි. ඒ නිසා අප ක්‍රියාත්මක කළ ආරක්‍ෂක වැඩපිළිවෙළ කඩා දැම්මා. බුද්ධි අංශ සිරගත කර රණවිරුවන්ගේ මානසිකත්වය කඩා දැම්මා. ඒ නිසා නැවත මේ රටේ බෝම්බ පුපුරවන්න පටන්ගත්තා. අද සිංහල, දෙමළ, මුස්ලිම් සියලුම දෙනා දැඩි බියකින් ජීවත්වෙනවා. අපගේ රජයක් යටතේ නැවත මේ රටේ අන්තවාදී ත්‍රස්තවාදී ක්‍රියාවක් සිදුවෙන්න ඉඩ තියන්නේ නැහැ. එමෙන්ම දරුවන්ට හොඳ අධ්‍යාපනයක් ලබාදීමට වැඩි වෙහෙසක් ගන්නේ කාන්තාවනුයි. අපගේ රජය පළමු වසරේ සිට ගුණාත්මක අධ්‍යාපන ක්‍රමයක්  වෙනුවෙන් විශාල ආයෝජනයක් කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ වෙනුවෙන් කෙටි කාලීන හා දීර්ඝ කාලීන සැලසුම් ක්‍රියාත්මක කරනවා. රැකියා නැති නිසා රටේ තරුණ පරපුර අසහනයට පත්වෙලා. විශේෂයෙන්ම කලා අංශයෙන් උපාධිධාරීන්ට රැකියා ලැබෙන්නේ නැහැ. ඒ නිසා උසස් පෙළ සමත්වන සියලුම සිසුන්ට විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබාදෙනවා. ඒ වෙනුවෙන්ම තාක්‍ෂණය මූලික කරගත් නව පාඨමාලා හඳුන්වාදෙනවා. කලා අංශයේ ඉගෙන ගත් අය පවා ඉතාම පහසුවෙන් තොරතුරු තාක්‍ෂණය අංශයට යොමුකරන්න පුළුවන්. තොරතුරු තාක්‍ෂණය නිසා ආසියානු රටවල් ආර්ථිකමය වශයෙන් විශාල දියුණුවක් අත්කරගෙන තිබෙනවා. එය අපට හොඳ අවස්ථාවක්. තොරතුරු තාක්‍ෂණයේ යෙදී ඉන්න සමාගම රටට ඇමරිකානු ඩොලර් බිලියන දෙකක ආදායමක් ගේනවා. මෙය ලේසියෙන්ම ඇමරිකානු ඩොලර් බිලියන තුන දක්වා වැඩි කරන්න පුළුවන්. ඒ සඳහා තරුණ පරපුර මෙහෙයවිය යුතුයි. ඉතාම කෙටි කාලයක් ඇතුළතදී එය කළ හැකියි. සංචාරක ක්‍ෂේත්‍රය දියුණුවන විට භාෂා පරිවර්තනකයන්, කළමනාකරුවන් අවශ්‍ය වෙනවා. ඔවුන්ට හෝටල් ක්‍ෂේත්‍රයේ විශාල ඉල්ලුමක් තිබෙනවා. ඒ සඳහා තරුණ පරපුර දැනුවත් කළ යුතුයි. අපේ රජය තරුණ පරපුරට අතරමං වෙන්න දෙන්නේ නැහැ. කාන්තා හිංසනය සම්බන්ධව අද සමාජය කතාවෙනවා. අපේ රජය කාන්තා හිංසනය නතර කිරීමට ක්‍රියා කරනවා. ජීවන වියදම ඉහළ ගියාම වැඩියෙන්ම තැවෙන්නේ කාන්තාවන්. ඒ නිසා ජීවන වියදම අඩුකිරීමට පැකේජයක් හඳුන්වා දෙනවා. එමෙන්ම ආබාධිත ජනතාවගේ අවශ්‍යතාවන් වෙනුවෙන් අප සැලසුම් සකස් කර තිබෙනවා. නගර සංවර්ධනයේදී ආබාධිත අයට ගමනාගමන පහසුකම් සැලසුවෙත් අපියි. සාමාන්‍ය ජනතාවට තිබෙන සියලුම අයිතිවාසිකම් ඔවුන්ටත් හිමිවිය යුතුයි. අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනය ප්‍රායෝගිකයි. ඔබ මා කෙරෙහි විශ්වාසය තබන්න. ඔබට සුරක්‍ෂිත රටක් බිහිකර දීමේ වගකීම මා ඉටුකරනවා” යැයි ද ඔහු කීය.විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා:“2015 ජනාධිපතිවරණයේදීත් අපි ගලගෙදර ආසනය දිනුවා. ඒ නිසා ඔබ අප ගැන හොඳට දන්නවා. රටට වෙනසක් අවශ්‍ය බව කියමින් ජනතාව 2015 දී වෙනත් ආණ්ඩුවක් බලයට පත්කර ගත්තා. මේ ආණ්ඩුව රටට ලොකු වෙනසක් කළා. තවම ජනතාවට ගෑස් ටික බෙදාගන්න මේ ආණ්ඩුවට බැරි වුණා. ගෑස් බෙදාගන්න බැරි ආණ්ඩුවක් මොකටද? ලුණු පොල් කට්ටෙත් මිල වැඩි වුණෙත් මේ ආණ්ඩුව යටතේයි. එහෙම මිල වැඩිවුණේ වැට් බද්ද වැඩිවීම නිසයි. අපේ ආණ්ඩුවට වඩා වැට් බද්ද වැඩි කිරීම නිසා මේ ආණ්ඩුව ජනතාවගේ සාක්කුවට පික්පොකට් ගහනවා. නමුත් ඒ බව තමුන්නාන්සේලා දන්නේ නැහැ. සජිත් කතා කරන්නේ එයා විපක්‍ෂයේ ඉන්නව කියලා හිතාගෙනයි. ජනතාව පීඩාවට පත්කරන හැම යෝජනාවකටම ඔහු අත ඉස්සුවා. මේ ආණ්ඩුව වරාය, ගුවන්තොටුපළ මේ සියල්ල විකුණන්න දාලා. ආර්ථික කොරිඩෝවක් හදන්න ඇමරිකාවට අවසර දීලා ගිවිසුමක් අත්සන් කරන්න සූදානම් වෙනවා. රටේ ඉඩම් කොල්ල කන්න ආණ්ඩුව සූදානම් වෙනවා. මේ සියල්ල ජනතාවට අයිති දේවල්. සජිත් ප්‍රේමදාසගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ සිංහල පිටපතේ ඒකීය රාජ්‍ය කියලා සඳහන් වෙනවා. දෙමළ පිටපතේ සඳහන් වෙන්නේ එක්සත් රාජ්‍ය කියලයි. ඔහු සිංහල ජනතාවත්, දෙමළ ජනතාවත් දොගොල්ලම රවට්ටනවා. සජිත් ප්‍රේමදාසගේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්න ඉඩ දුන්නොත් රට කෑලිවලට කැඩෙන එක ඉක්මන් වේවි. ජනතාවට බොරු කියලා රට බෙදන්න දෙන්න බැහැ.ගෝඨාභය රාජපක්‍ෂ රට හදන තමන්ගේ දැක්ම ජනතාවට ඉදිරිපත් කරනවා. එ.ජා.ප. අපේක්‍ෂක විහිළු කතා කියනවා. අපගේ රජය දුප්පත් ජනතාවට පෝෂණ මල්ලක් ලබාදෙනවා. රටේ අනාගත පරපුර මන්දපෝෂණයෙන් හා මත්ද්‍රව්‍යයෙන් බේරාගන්න අප කටයුතු කරනවා. මත්ද්‍රව්‍ය නිසා තරුණ ජීවිත විනාශ වෙන්න දෙන්න බැහැ. ශක්තිමත් ජාතියක් ගොඩනගන්න නම් අනාගත පරපුර බේරාගත යුතුයි. ඒ සඳහා අප ක්‍රියා කරනවා. මේ ආණ්ඩුව බලයට පත් වුණ දවසේ ඉඳලම හොරකම් කළා. තමන්ගේ පියාගේ යුගයක් නැවත බිහිකරන බව සජිත් කියනවා. පියාගේ යුගයේදී රටේ 67,652ක් තරුණ ජීවිත විනාශ වුණා.පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය සිසුන් 22ක් ඝාතනය කළා. මහනුවර  මහවත්තේ 157 දෙනෙක් මරලා දැම්මා. ඉන් 28 දෙනෙක් ජ.වි.පෙ. විසින් ඝාතනය කළා. මේ ප්‍රදේශයේ කඩුගන්නාව, රන්දෙනිගල, සිල්වෙස්ටර් වදකාගාරය, අංකුඹුර ප්‍රදේශවල වදකාකාර පවත්වාගෙන ගියා. ඒවාට අමතරව තවත් වදකාගාර පිහිටුවා තිබුණා. ඒවා ප්‍රේමදාස යුගයේ සිදුවූ දේවල්. අද බොහෝ දෙනෙක්ට ඒවා අමතක වෙලා” යැයි ද ඔහු කීය.මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙළිය රඹුක්වැල්ල මහතා:“2005 ජනාධිපතිවරණයේදී ජනතාව මහින්ද මහ්තතයාගෙන් ඉල්ලුවේ යුද්ධය ඉවර කරන්න කියලයි. කාටවත් අවසන් කරන් බැරිවුණ යුද්ධය ඔහු අවසන් කළා. ඒකට ගෝඨාභය රාජපක්‍ෂ මහත්තයා සහාය දුන්නා.ඊට පස්සේ ගෝඨාභය රාජපක්‍ෂ නාගරික සංවර්ධන අධිකාරියේ ලේකම්වරයා වශයෙන් අපේ රට ආසියාවේ වේගයෙන්ම දියුණුවන රට බවට පත් කළා.ගෝඨාභය රාජපක්‍ෂ කියන්නේ දැක්මක් සහිත නායකයෙක්. ඔහුගේ වේදිකාවේ හොරු, දූෂිතයෝ නැහැ. අයාලේ ගිය රට බේරාගැනීමට ලැබෙන අවසන් අවස්ථාව මෙයයි.”මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා:“මහපොළවේ යථාර්ථය ගෝඨාභය රාජපක්‍ෂ මහතායි. ඒ නිසා ඔහුගේ ජය ඉරහඳ පායනවා වගේ විශ්වාසයි.එක්සත් ජාතික පක්‍ෂය ඉතිහාසයේ දරුණුම පරාජය මේ ජනාධිපතිවරණයෙන් ලබනවා.ගෑස්, ඉන්ධන වෙලාවට දී ගන්න බැරිනම් රටට ආණ්ඩුවක් මොකටද? මේ ආණ්ඩුව පළවා හැරිය යුතුමයි. මුළු රටට විරුද්ධ වෙද්දිත් ආණ්ඩුව මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුම අත්සන් කරන්න හදනවා. මේ ආණ්ඩුව ජනතාවට සංවේදී නැහැ.දෙකඩ වූ රට එකතු කළේ මහින්ද රාජපක්‍ෂ මහතායි. මේ ජනාධිපතිවරණයෙන් සජිත් ප්‍රේමදාස ජයගතහොත් එකතු වූ රට නැවත දෙකඩ වෙනවා.”කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කනක හේරත් මහතා:“බුද්ධි අංශ වාර්තා අනුව මෙවර ජනාධිපතිවරණයෙන් ගෝඨාභය රාජපක්‍ෂ මහතා සියයට 57ක් ඉදිරියෙන් ඉන්නවා. පසුගිය පළාත් පාලන මැතිවරණයේදී අප ලබාගත් ඡන්ද ප්‍රමාණයට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ඡන්දත් එකතු වෙනවා. ඒ අනුව ගෝඨාභය රාජපක්‍ෂ මහතා මෙවර ජනාධිපතිවරණයෙන් සියයට 60 ඉක්මවූ ඡන්ද ප්‍රතිශතයක් ලබාගන්නවා. සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ සිංහල පිටපතේ ඒකීය රාජ්‍ය සංකල්පය ගැන සඳහන් වෙනවා. දෙමළ පිටපතේ සඳහන් වන්නේ එක්සත් රාජ්‍ය සංකල්පයක් ගැනයි. ඒ අනුව සජිත් ප්‍රේමදාස මහතා සිංහල, දෙමළ ඇතුළු සියලුම ජනතාව රැවටීමකට ලක්කර තිබෙනවා.මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ආනන්ද අලුත්ගමගේ මහතා:“මම  ආණ්ඩුවේ හිටියට එක රස්සාවක්වත් දෙන්න බැරිවුණා. නමුත් අගමැතිතුමා නාවලපිටියට ඇවිල්ලා කෝටි 50ක ව්‍යාපෘතියක් වෙනුවෙන් මුල්ගල තිබ්බා. ව්‍යාපෘතිය ආරම්භ වුණේ නැහැ. මුල්ගල පැළවෙනවා. මම එක්සත් ජාතික පක්‍ෂයේ ඉන්න කාලයේදි පසුපෙළ මන්ත්‍රීවරුන්ගේ ජනාධිපතිවරණ අපේක්‍ෂකයා ලෙස සජිත්ගේ නම යෝජනා කළා. ඒකට අගමැතිතුමා විරුද්ධ වුණා. ඔහුට අවශ්‍ය වුණේ චම්පික රණවක ජනාධිපතිවරණයට දාන්නයි.අගමැතිතුමාට අවශ්‍ය සජිත්ව පරාජයට පත් කරන්නයි. ඒ නිසා ගෝඨාභගේ ජයග්‍රහණය වෙනුවෙන් අගමැතිතුමා කටයුතු කරනවා. මේ ජනාධිපතිවරණයෙන් පසුව සජිත් ප්‍රේමදාසගේ දේශපාලනය ඉවරයි.”මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දිලුම් අමුණුගම, මධ්‍යම පළාත් හිටපු ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව, විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොල යන මහත්ම මහත්මීන් සහ පළාත් පාලන නියෝජිතයෝ ද මෙහිදී අදහස් දැක්වූහ. 
‘එම්.සී.සී ගිවිසුම මැයි මාසයේදී අත්සන් කිරීමට සැලසුමක් තියෙනවා‘
0
hp_train_7238
 (රංජිත් රාජපක්ෂ)නොර්වුඩ් පොලිස් වසමට අයත් නොර්වුඩ් නිව්වැලි වත්තේ වතු නිවාස පේලියක අද (27) ගින්නක් හටගෙන ඇති බව නොර්වුඩ් පොලිසිය පැවසිය.අද රාත්‍රි 7 ට පමණ හටගත් ගින්නෙන් එම වතු නිවාස පේලියට අයත් වතු නිවාස 12 සම්පුර්ණයෙන්ම ගිනිගෙන විනාශ වෙමින් පවතින බව නොර්වුඩ් පොලිසිය පැවසිය.එක් නිවසකින් හටගත් ගින්න සෙසු නිවාස වලටද පැතිර ගිය අතර ගින්න පාලනය කිරිමට නොර්වුඩ් පොලිසියේ නිලධාරින් සහ වතු කම්කරුවන් දැඩි උත්සහයක නිරත වෙමින් සිටියි.ගින්නෙන් කිසිවෙකුටත් අනතුරක් සිදු වී නොමැති අතර ගින්නෙන් වතු කම්කරුවන්ට අයත් බඩු බාහිරාදිය සම්පුර්ණයෙන්ම විනාශ වී ඇත.ගින්නෙන් පවුල් 12කට අයත් සමාජිකයන් 72 ක් අවතැන් වී ඇති අතර ඔහුන් ආරක්ෂිත ස්ථානයක් කරා යොමු කිරිමට වතු පාලන අධිකාරිය කටයුතු කර ඇත.ගින්නට හේතුව මෙතෙක් තහවුරු කරගෙන නොමැති අතර ගින්න සම්බන්ධයෙන් නොර්වුඩ් පොලිසිය පරික්ෂණ පවත්වයි.
නොර්වුඩ් ප්‍රදේශයේ වතු නිවාස පේලියක ගින්නක්
1
hp_train_7239
(ඩයනා උදයංගනී)ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය එක්ව යන ගමනේදී පක්‍ෂ දෙකේ කිසිවකුටත් අසාධාරණයක් වීමට ඉඩ තබන්නේ නැතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්‍ෂ මහතා ඊයේ (10) පැවසීය.ජනාධිපතිවරණය වැනි ඡන්දයේදී ජයග්‍රහණය ලැබීමට නම් දෙපාර්ශවය එකතු විය යුතුය යන පණිවුඩය දුන්නේ පසුගිය පළාත් පාලන ඡන්දයේදී ඡන්දය දුන් ජනතාව විසින් යැයි ද බැසිල් රාජපක්‍ෂ මහතා කීවේය.සියල්ලට වඩා වැදගත් වන්නේ රටත්, ජනතාවත් බැවින් ඒ වෙනුවෙන් කළ නොහැක්කක් නැතැයි ද ජාතික සංවිධායකවරයා සඳහන් කළේය.බැසිල් රාජපක්‍ෂ මහතා මේ බව පැවසුවේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීමේ අවස්ථාවට එක්වෙමිනි.මෙම ගිවිසුමට අත්සන් තැබීම කොළඹ, නිදහස් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී ඊයේ (10) පෙරවරු 10.42ට පමණ යෙදුණු සුබ මොහොතින් සිදුකෙරිණි.එහිදී අදහස් දැක්වූ බැසිල් රාජපක්‍ෂ මහතා මෙසේ ද කියා සිටියේය.“මා මෙහිදී ප්‍රථමයෙන් ස්තුති කළ යුතු දෙදෙනෙක් ඉන්නවා. ඒ මෙම අවස්ථාව උදා කළ පුද්ගලයන් දෙදෙනාටයි. ඒ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක හා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ අනුශාසක මහින්ද රාජපක්‍ෂ මහතා සහ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ නායක, වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාටයි. ඒ දෙපල නැත්නම් අද මෙය සිදුවන්නේ නැහැ. ඒ දෙපලම මෙම පක්‍ෂ දෙක එකතුකර රට හා ජනතාව දිනවිය යුතුය යන එක මතයක සිටියා. ඒ නිසා මගේ ප්‍රථම යුතුකම ඒ දෙපලට ස්තුති කිරීමයි.මහාචාර්ය හෝ ආචාර්යවරයෙක් නොවුණත් අපේ පක්‍ෂයේ ඉන්න ශබ්ද කෝෂය හා විශ්ව කෝෂය යන දෙක ගැනම දන්නා අයෙක් මගෙන් අද උදේ ප්‍රශ්නයක් ඇහුවා. සිංහල භාෂාවේ ඇලපිලි, පාපිලි, කොම්බු දැමිය නොහැකි අකුර කුමක්ද කියලයි. ඒ මම දන්නේ නැහැ කී විට ඔහු ඒ ‘ඉ’ යන්න බව කීවා. ඔහු ඉන්පසු ඇහුවේ ‘ඉ’ යන්න වගේ සිටි කිසි කෙනෙකුත් සමඟ එකතු වන්නේ නැහැ කී ඔබ කොහොමද අද මේ එකතුවන්නේ කියලයි.එවිට මම කීවේ ඒ හැමදේටම වඩා රටත්, ජනතාවත් අත්‍යවශ්‍යයි. ඒ වෙනුවෙන් කරන්න බැරි දෙයක් නැහැ කියලයි. මේ පක්‍ෂ දෙකේම ඉන්නේ රටට, ජාතියට, ජනතාවට ආදරය කරන පිරිසක්. ඒ වගේම අවංකව කීවොත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බිහිවුණේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මූලධර්මයක් උඩයි. ඒ වෙලාවේ එය අපි බිහිකළා නෙවෙයි ජනතාවගේ ඉල්ලුමක් තිබුණා. බණ්ඩාරනායක මහතා 1951 දී ශ්‍රී.ල.නි.පය බිහි කළ වෙලාවේ කීවේ මම කරන්නේ වින්නඹු කාර්යය විතරයි කියලයි. අපිත් කළේ ඒ වින්නඹු කාර්යය. අපි පොදුජන පෙරමුණ හදන වෙලාවේ රටේ අවශ්‍යතාවක් තිබුණා. රටේ ජනතාවට සිටි අය හදවතින් ශ්‍රී ලංකා නිදහස් පාක්‍ෂිකයින් වූ අයට නව ගමන් මාර්ගයක් අවශ්‍ය වුණා. එය ඒ අනුව බිහි වූ පක්‍ෂයක්.අපි ඒ පක්‍ෂය පිහිටුවා ජයග්‍රහණ ලැබුවා. අද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තරම් සංවිධානාත්මක පක්‍ෂයක් ශ්‍රී ලංකාවේ පමණක් නොව ලෝකයේම නැහැ. අපි එතරම් ශක්තිමත්. නමුත් පළාත් පාලන ඡන්දයේදී පනස් ලක්‍ෂයක් ඡන්ද ලබාදී දිනවපු ජනතාව අපිට පණිවුඩයක් දුන්නා. ඒ යම් විදියකින් ඉදිරියට යනවා නම් ඔය දෙගොල්ල එකතු විය යුතුයි කියලයි. ජනාධිපතිවරණය වැනි මැතිවරණයකට එනවා නම් තනියම දිනන්න දෙන්නේ නැති බවටත් දිනවන්නේ එකතු වී ආවොත් පමණක් බවටත් ජනතාව එහිදී පැහැදිලි තීන්දුවක් දුන්නා. මේ එකතුවට අපිට මගපෙන්වූයේ ජනතාවයි.අද අපි අවංකව මේ ගැන සතුටු වෙනවා. මේ දෙපැත්තේම විශාල කැප කිරීම් කළ අය ඉන්නවා. ඔවුනුත් අපිත් සිටි මූලධර්මය මේ කැපවූ කිසිම කෙනෙක් වින්දිතයෙක් හෝ අසරණ නොවිය යුතු බවයි. මේ පක්‍ෂ දෙකේ අය ආරක්‍ෂා කිරීම අපේ යුතුකමක්. අපි මෙතෙක් කල් ගතකළේ පහළ මට්ටමේ සාමාජිකයාගේ සිට ඉහළ තනතුරු දක්වාම කිසිම කෙනෙක් වින්දිතයෙක් නොකරන බවට එකඟතාවකට ආ නිසයි. ඒ නිසා අපේ අය හෝ ශ්‍රී.ල.නි.පයේ අය බිය විය යුතු නැහැ. අපි අත්සන් කළේ ඒ සඳහා වන ගිවිසුමකුයි.අපි මෙම තීරණය ගත්තේ ඔබේ දරුවන්ට ජීවත්වීම සඳහා සුරක්‍ෂිත සමෘද්ධිමත් රටක් ඇතිකිරීමේ එකම පරමාර්ථයෙන්. ඒ නිසා වින්දිතයෝ හෝ කිසිම කෙනෙක් අසරණ කිරීමක් සිදුවන්නේ නැහැ. අපේ පළවැනි ආදරය එහෙමත් නැත්නම් ෆස්ට් ලව් එක වගේ අපේ පක්‍ෂයේ නායකයගේ ෆස්ට් ලව් එක මේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයයි. හැම තිස්සෙම මට කියන්නේ මේ ශ්‍රී ලංකා එකේ හැමෝම මට ඡන්දය දුන් අය නිසා ඒ අය අමතක කරන්න එපා කියලයි. හැබැයි මම නම් ටිකක් අපේ පක්‍ෂයට වැඩිපුර ළැදියි. ඒත් අපේ නායකයා මේ කාටත් එක වගේ සලකනවා.මෙහිදී අපි දෙගොල්ලන්ගේම අනන්‍යතාව ආරක්‍ෂා විය යුතුයි. අපි මෙතැන පක්‍ෂ දෙක එකතුවීමක් වුණේ නැහැ. ලංකා සම සමාජ පක්‍ෂය හා කොමියුනිස්ට් පක්‍ෂය සමාන අදහස් ඇති පක්‍ෂ දෙකක් වුවත් අදටත් එකතු වී නැහැ. වෙන්වුණාම එක්වෙන්න අමාරුයි. නමුත් අපේ පක්‍ෂ දෙකටම රටේ තැනක් තිබෙනවා. අපි පක්‍ෂ දෙකම රට වෙනුවෙන් එකතු විය යුතු තැන එකතු වී යමු. අපේ පක්‍ෂ දෙකේ ශක්තිය එකතු කර රට දිනවීම සඳහා කරන පළමු කාර්යය ගෝඨාභය රාජපක්‍ෂ මහතා මේ රටේ ජනපතිවරයා බවට පත්කිරීමයි.ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර මහතා මෙහිදී මෙසේ සඳහන් කළේය.“අද මේ රටේ ඓතිහාසික දිනයක්. අපේ පක්‍ෂය 1956 විප්ලවයත් සමඟ මේ රටේ විශාල වෙනසක් කළ පක්‍ෂයක්. ඉන්පසු වමේ ප්‍රගතිශීලී, අධිරාජ්‍ය විරෝධී ව්‍යාපාරය ආරක්‍ෂා කරමින් සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියත්, චන්ද්‍රිකා කුමාරතුංග මැතිනියත් මේ පක්‍ෂය ඉදිරියට ගෙන ගියා. මහින්ද රාජපක්‍ෂ මහතා රටට නිදහස අරන් දුන්නා. පක්‍ෂයේ වත්මන් නායක මෛත්‍රීපාල සිරිසේන මහතා රටට නැවත ප්‍රජාතන්ත්‍රවාදය හා මානව නිදහස ලබාදුන්නා.අපි අතර ඇතිවූ ප්‍රශ්න ගැටලු නිසා වෙන්වී පක්‍ෂ දෙකක් විදියට ඉදිරියට ගියා. අභියෝගවලට මුහුණ දෙන්න සිදුවුණා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මාස කිහිපයක් ඇතුළත ශක්තිමත් වී අපේ පක්‍ෂය තුන්වන බලවේගය බවට පත්වුණා. නමුත් අපි සියලු දෙනා පෙනී සිටියේ එක් මතයක් වෙනුවෙන්. අපි දේශමාමක බලවේගවලට ගරුකළා. මව්බිමට තිබූ ආදරය පාවා දුන්නේ නැහැ. ඒ නිසා අපට එකතු වෙන්න ලේසියි. මේ වෙන්වීම තුළ ගම්වල එකම පවුලේ අය දෙකට බෙදුණා. සමහරු තවමත් ඉන්නේ බෙදුණු මනසින්.මේ එකතුවීමට ශක්තිය දුන්නේ මහා සංඝරත්නය ඇතුළු ජාතික බලවේගයි. ඒ නිසා පසුගිය කාලයේ අපි අපේ පක්‍ෂය ශක්තිමත් කරන්න ආරක්‍ෂා කරගන්න විශාල වෙහෙසක් දැරුවා. ඒ වෙනුවෙන් මටත් විවිධ ප්‍රකාශ කරන්න සිදුවුණා. ඒ සියල්ල කළේ මේ පක්‍ෂය රැක ගන්නයි. සමහරු හිතුවේ මම මෙය එ.ජා.පයට ඇදගෙන යන්න හදනවා කියලයි. ඒත් මම කලබල නොවුණේ මා කරන දේ දැන සිටි නිසයි. පක්‍ෂය ආරක්‍ෂා කිරීමත්, ලද පළමු අවස්ථාවේ එ.ජා.පය පරාජ කිරීමත් කළ යුතු බව මා දැන සිටියා. ඒ සඳහා කටයුතු කළා. ඒ සියල්ල කළේ රටටත්, ජාතියටත් ඇති ආදරය නිසයි. ඒ ක්‍රියාදාමය තුළ සමහරු අපිව ද්‍රෝහීන් ලෙස හැඳින්වූවා. නමුත් අපි අදත් මේ මහපොළවේ සිටගෙන ඉන්නේ මෙයට ඇති ආදරය නිසයි. අපි මේ වැඩපිළිවෙළ ඉදිරියට ගෙන ගොස් ඉදිරි ජනාධිපතිවරණයට ජාතික බලවේග විසින් ඉදිරිපත් කළ නායකයාට සහය දීමට තීරණය කළා. ගෝඨාභය රාජපක්‍ෂ මහතා රාජපක්‍ෂවරුන්ගේ පවුලේ වුවත් ඔහු දේශපාලනය අතින් ගත් කෙනෙක් නෙවෙයි. විද්වතුන්, දේශමාමක බලවේග අතරින් බිහිවූ අයෙක්. මේ සටනේදී ශ්‍රී.ල.නි.පය සිටගත යුත්තේ කොහේදැයි සිතන්න වුණා. සමහරු තනිව තරඟ කළ යුතු බව කීවා. සමහරු පොදුජන පෙරමුණ සමඟ එකතු වෙමු කියද්දී තවත් අය එ.ජා.පයට එකතු විය යුතු බවත්, ඇතැමුන් නිහඬව සිටිය යුතු බවත් කීවා. නමුත් අපිට නිහඬව ඉන්න බැහැ.ඒ නිසා අපි ජනාධිපතිතුමාගේ ආශීර්වාදයත් සමඟ මධ්‍යම කාරක සභාවේත් දේශපාලන මණ්ඩලයේත් ආශීර්වාදය ඇතිව දෙපාර්ශවය අතර සාකච්ඡා ආරම්භ කළා. ප්‍රතිපත්ති 27ක් සහිත හොඳ ප්‍රතිපත්ති මාලාවක් හැදුවා. ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ නායකත්වයෙන් අපේ ආණ්ඩුවක් හදාගැනීමේ අපේ ආණ්ඩුවකට අපි මුලින් එකඟ වුණා. සාකච්ඡා වට ගණනාවක් පැවැත්වූවා. මේ ගමන ලේසි වුණේ නැහැ. අපේ පාක්‍ෂිකයින් අපි පක්‍ෂය පාවාදුන් බව කල්පනා කිරීම හොඳ නැහැ. අපේ පක්‍ෂය අපි පාවා දෙන්නේත් නැහැ. පක්‍ෂයත්, රටත් රැකගෙන ගෝඨාභය රාජපක්‍ෂ මහතා ජයග්‍රහණය කරවීමේ ගමනයි අපි මේ යන්නේ.මෙය ඉතා අමාරු ගමනක්. නමුත් පක්‍ෂය දියවෙන්න දෙන්නේ නැහැ. අපි පක්‍ෂය ශක්තිමත් කිරීමේ වගකීමත් දැරිය යුතුයි. වුණත් ඒවාට සවන් දුන්නා. ජනාධිපතිවරණයෙන් පසු අපි ඉදිරි මැතිවරණවලට එන්නේ ශ්‍රී ලංකා නිදහස් පොදුජන පෙරමුණ සන්ධානයෙන් පුටුව ලකුණ යටතේයි. දැන් අපි අපේ පාක්‍ෂිකයින් සාමකාමී කර එක්ව ගමනක් යා යුතුයි. අපි බෙදුණොත් පරදින්නේ අපි නොව රටයි. ඒ නිසා කිසිම අවස්ථාවක එ.ජා.පයට ඕනෑ විදියට මේ ගමන නැවැත්වීම නොකළ යුතු බව අපි අපේ පාක්‍ෂිකයන්ට අවබෝධ කර දිය යුතුයි. අපි පක්‍ෂ දෙකම එකතු කර දිස්ත්‍රික් සංවිධාන, ආසන සංවිධාන සහ ජාතික කමිටුවක් ඇතිකරනවා. අපේ ජනපතිවරණ ප්‍රතිඵලය ලෙස ලක්‍ෂ 50ත් ලක්‍ෂ 15ත් එකතු වී ලක්‍ෂ 65ක් ලැබේවි. නොවැම්බර් 16 වැනිදා අපේ අපේක්‍ෂකයා මේ රටේ ජනපති කරලයි මේ සටන අවසන් කරන්නේ.නැදගමුවේ විජයමෛත්‍රී නා හිමියෝ ද මෙහිදී අනුශාසනාවක් කළහ.ඇල්ලේ ගුණවංශ හිමියන් ප්‍රමුඛ මහා සංඝරත්නය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස්,  ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය වෙනුවෙන් එහි වැඩබලන සභාපති මහාචාර්ය රෝහණ ලක්‍ෂ්මන් පියදාස, ජ්‍යෙෂ්ඨ උප සභාපති නිමල් සිරිපාල ද සිල්වා, ජාතික සංවිධායක දුමින්ද දිසානායක, දිනේෂ් ගුණවර්ධන, විමල් වීරවංශ, වාසුදේව නානායක්කාර යන මහත්වරුන් ඇතුළු පොදුජන පෙරමුණේ පක්‍ෂ නායකයන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මහින්ද සමරසිංහ, නිමල් ලන්සා, පවිත්‍රා වන්නිආරච්චි, තිලංග සුමතිපාල, නිශාන්ත මුතුහෙට්ටිගම, රෝහිත අබේගුණවර්ධන, ඩලස් අලහප්පෙරුම යන මහත්වරුන් ඇතුළු දෙපාර්ශ්වයේ ජනතා නියෝජිතයන්, කලාකරුවන්, විද්වතුන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ. 
‘නව එජාපයක් බිහි කරනවා‘
0
hp_train_7240
(හර්ෂණ තුෂාර සිල්වා)ලක්ෂමය පදනම මත පෙබරවාරි මාසයේ උද්ධමනය සියයට 8.2ක් දක්වා ඉහළ ගිය බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.  පසුගිය ජනවාරි මාසයේදී උද්ධමනය සියයට 6.5ක් වූ බවත් ඒ අනුව පෙබරවාරි මාසයේදී උද්ධමනය 1.7 සිට සියයට 8.2ක් දක්වා ඉහළ ගොස් තිබේ. ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් ගණනය කරනු ලබන ජාතික පාරිභෝගික මිල දර්ශකයේ (2013=100) විචලනය මත උද්ධමනය මනිනු ලබයි.පෙබරවාරි මාසයේ පැවැති අඩු පදනම් අගය උද්ධමනය ඉහළ යෑමට ප්‍රමුඛතම සාධකය වූ බව සඳහන් මහ බැංකුව උද්ධමනය ඉහළ යෑමට මාසික මිල ගණන්වල දක්නට ලැබුණු ඉහළ යෑම ද හේතු වූ බව සඳහන් කරයි. පෙබරවාරි මාසයේදී වාර්ෂික සාමාන්‍ය පදනම මත මනිනු ලබන ජාතික පාරිභෝගික මිල දර්ශකයේ වෙනස ජනවාරි මාසයේ වාර්තා වූ සියයට 4.6 සිට සියයට 5.1ක දක්වා ඉහළ ගොස් තිබේ.   
පෙබරවාරි මාසයේ උද්ධමනය 1.7% කින් ඉහළ යයි
1
hp_train_7241
(ඩයනා උදයංගනී)කොවිඩ් ආසාදිත වූ තවත් රෝගීන් 16 දෙනකු ඊයේ (9) මරණයට පත්  වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (10) තහවුරු කළේය.ඒ සමඟ මෙරටින් වාර්තා වූ මුළු කොරෝනා ආසාදිත මරණ  සංඛ්‍යාව 13,908 දක්වා ඉහළ ගොස් ඇත.වයස අවුරුදු 60 ට වැඩි 14 දෙනකු සහ අවුරුදු 30 ත් 59 ත් අතර දෙදෙනකු මියගිය අය අතර වන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයාගේ වාර්තාවේ දැක්වේ.එමෙන්ම පිරිමි අය 8 දෙනකු සහ කාන්තාවන් 8 දෙනකු මියගිය පිරිසට ඇතුළත් බව ද එම වාර්තාවේ සඳහන් වේ.
කොරෝනා මරණ 20 සීමාව පනී
0
hp_train_7242
(***රංජන් කටුගම්පොළ හා ***තිළිණි ද සිල්වා)ලෝකයේ ඕනෑම  පාර්ලිමේන්තුවක් සංසන්දනය කිරීමේදී එක කරුණකින් සමානයි. එනම් ඒ ලෝකයේ ඕනෑම පාර්ලිමේන්තුවක් විසුරුවා හැරියවිට එය අවසන්වන බව යැයි මැතිවරණයට පක්ෂව සහ විපක්ෂව ගොනුකර ඇති පෙත්සම් පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණයේ ඊයේ (27) සලකා බැලූ අවස්ථාවේදී මානව හිමිකම් ක්‍රියාධර ජේ.  ත්‍යාගරාජා මහතා වෙනුවෙන් පෙනීසිටි ජනාධිපති නිතීඥ උදිත ඉහලහේවා මහතා කියා සිටියේය.අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා මෙම පංච පුද්ගල විනිසුරු මඩුල්ලේ  සභාපතිවරයා ලෙස කටයුතු කරන අතර බුවනෙක අලුවිහාරේ සිසිර ආබෲ ප්‍රියන්ත ජයවර්ධන සහ විජිත් මලල්ගොඩ යන මහත්වරු එහි සෙසු සාමාජිකයෝ වෙති.මෙම පෙත්සම් අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී නීතිපති වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිස්ටර් ජනරාල් ජනාධිපති නීතීඥ ඉන්දිකා දේමුනිද සිල්වා මහත්මිය තෙවැනි දිනටත් කරුණු දක්වමින් මෙසේ පැවැසුවාය.ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවා හැර ඇති බවට ප්‍රකාශය නිකුත් කර මාස 3 ක් ගතවුව යැයි සිතමු. එම ප්‍රකාශය ශ්‍රේෂ්ඨාධිකරණයෙන් යම් හෙයකින් අවලංගු කළ හොත් මැතිවරණ ක්‍රියාදාමය සම්පූර්ණයෙන්ම නතරවනවා.අදාළ ප්‍රකාශය නිකුත් කර මාස 3 ක් ගතවූ පසුවත් එය අවලංගුවන්නේ නැහැ.දෙවියන්ගේ යම් ක්‍රියාවක් හේතුවෙන් හෝ යම් හේතුවක් නැතුව අදාළ දිනට මැතිවරණය පැවැත්වීමට නොහැකි වුවහොත් අදාළ දිනය මැතිවරණ කොමිසමට වෙනස් කළ හැකියි. මේ පිළිබඳව පූර්වාදර්ශ නඩු කිහිපයක් ඉදිරිපත් කළ හැකියි. අයි.ටී.ඇස්. නඩුව හා ඉන්දු - ලංකා ගිවිසුම පිළිබඳ නඩුව.ඊට අමතරව අද දින අධිකරණයට ඉදිරිපත් කරනු ලබන මෙම නඩුදෙකෙන් ඉතා පැහැදිලිව සඳහන් වන දේ තමයි සර්වජන ඡන්දබලයේ වැදගත්කම. ඒ කියන්නේ මැතිවරණය පැවැත්වූයේ නැත්නම් මූලික අයිතිවාසිකම් අහිමිවනවා. ශ්‍රේෂ්ඨාධිකරණය එය අයිතිවාසිකම් කඩ වීමක් හැටියට තින්දුකර තිබනෙවා.  මින් එක නඩුවක විනිසුරු හැටියට විනිසුරු මලල්ගොඩ මහතා කටයුතු කර තිබෙනවා. එම නඩුවේ තින්දුව අනුව ඌව පළාත් සභා මැතිවරණ නොපැවැත්වීම මූලික අයිතිවාසිකම් කඩ වීමක් හැටියට තීන්දුකර තිබෙනවා.මේ සම්බන්ධයෙන් අනෙක්  ප්‍රකට පූර්වාදර්ශ නඩුව චන්ද්‍රසේකර නඩුවයි. ඒ අනුව මෙම පෙත්සම් විභාගයට නොගෙනම ඉවත දමන ලෙස ඉල්ලා සිටිනවා. ඒ අනුව මාගේ දේශනය අවසන් කරනවා.ඉන්පසු අතරමැදි පෙත්සම්කාර ඇස්.ඩී.වයි. නාගස්වත්ත මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ විජයදාස රාජපක්ෂ මහතා මෙසේ පැවැසීය. අධිකරණයට ඉදිරිපත් කර ඇති සමහර පෙත්සම්වලින් කොවිඩ් - 19 වසංගතය පාලනය කිරීමේ විධිවිධාන නීතිගත කිරිම සඳහා පාර්ලිමේන්තුව කැඳවිමට නියෝගයක් ඉල්ලා සිටිනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වැනි සංශෝධනය අනුව එවැනි දේකට යළි පාර්ලිමේන්තුව කැඳවීමට ජනාධිපතිවරයාට කොහෙත්ම බලයක් නැහැ. මැතිවරණ පැවැත්වීමේ පූර්ණ වගකීම තියෙන්නේ මැතිවරණ කොමිසමටය. ඒත් මැතිවරණ කොමිසමේ සාමාජිකයන්ට සාමූහික වගකීමක් නැහැ. එක් සාමාජිකයෙකු අනෙක් සාමාජිකයන්ට එරෙහිව කරුණු දක්වන්න උසාවිත් එනවා. මින් සිදුවන්නේ ජනතාවගේ ඡන්ද අයිතිය උල්ලංගණය වීමයි. සෞඛ්‍ය බලධාරින් මැතිවරණය පැවැත් වීම සුදුසුයැයි තීරණය කර තිබෙනවා. එහෙත් මැතිවරණ කොමිෂම ඒ පිළිබඳ නිශ්චිත දින වකවානු ප්‍රකාශ කරන්නේ නැහැ.මහාචාර්ය පණ්ඩුල ඇඳගම මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නිතීඥ මනෝහර ද සිල්වා මහතා මෙසේ පැවැසීය.මූලික අයිතිවාසිකම් පෙත්සමක වග උත්තරකරුවන්ට සිදු කළ වරද අධිකරණයෙන් සඳහන් කළ යුතුයි.ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70(1) වගන්තිය ප්‍රකාරව පාර්ලිමේන්තුව විසුරුවා හැර මාස 3 ක් ඇතුළත දිනකට මහ මැතිවරණය පැවැත්වීමට දින නියම කළ යුතුය.එදින මැතිවරණය පැවැත්වීමට බැරිවුණොත් මැතිවරණ කොමිසමට මැතිවරණය පැවැත්වීම සඳහා වෙනත් දිනයක් නියම කළ හැකියි.මේ සඳහා කිසිවකු පූර්වාදර්ශ නඩු තීන්දුවක් ලබා දුන්නේ නැහැ. මේ සඳහා කදිම පූර්වාදර්ශයක් ඉන්දියානු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් හමු වනවා. 2002  වසරේදී ගුජරාටි ප්‍රාන්තයේ පාර්ලිමේන්තු විසුරුවා මැතිවරණ පැවැත්වීමට ජනාධිපතිවරයා දින නියම කළා. එම දිනයේදී එම ප්‍රදේශයේ බෝම්බයක් පිපිරීමෙන් නියමිත දිනට මැතිවරණය පැවැත්විමට නොහැකි වුණා. ඉන්පසු ජාතිවාදී කළකෝලාහල ඇතිවුණා.‘‘අද පවතින ආකාරයටම එදාත් පක්‍ෂ ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් යොමු කළා. ඉන්දියානු ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව කුමක්ද? දැන් මැතිවරණ දින නියම කිරීම ශ්‍රේෂ්ඨාධිකරණයට සිදු කළ නොහැකියි. ඒ පිළිබඳව පූර්ණ බලධාරියා මැතිවරණ කොමිසමයි කියලා ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළා. අද ඇති වී ඇති තත්ත්වයත් මේ හා සමානයි. මැතිවරණය මාස 3ක් ඇතුළත අනිවාර්යයෙන් පැවැත්විය යුතුද? යන්නට උත්තරය ‘‘නැත’’ යන්නයි.මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට ගැනීමට මාස 2ක කාලයක් ව්‍යවස්ථාවෙන් ලබා දී තිබෙනවා. එය අනිවාර්ය නැහැ ඒ අනුව ව්‍යවස්ථාපිත කාලය අනිවාර්ය නැහැ.රාජස්ථාන් නඩුවට එදිරිව යුනියන් ඔෆ් ඉන්දියා නඩුවේදී සිදුවූ දෙයක් පැහැදිලි කරන්නම්. ඒ පාර මැතිවරණයෙන් දිනුවේ ජනතාඩාල් පක්‍ෂයයි. ඉන්දිරා කොංග්‍රසය මැතිවරණයෙන් පරාජය වුණා. ඒ අවස්ථාවේදී ශක්තිමත් පාර්ලිමේන්තුවක් ලබා ගැනීමේ අරමුණින් අලුත් මැතිවරණයක් ඉල්ලා පිරිසක් අධිකරණයේ පිහිට පැතුවා. ඒ අවස්ථාවේදී දේශපාලන ප්‍රතිපත්තිවලට අධිකරණය මැදිහත් වීමේ අවශ්‍යතාවක් නොමැති බව ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළා.දැන් මා පාර්ලිමේන්තුව කල් දැමීම පිළිබඳ කරුණු දැක්වීමට බලාපොරොත්තු වනවා. ජනාධිපතිවරයාට මේ පිළිබඳව බලය ලැබී ඇත්තේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 72 වගන්තිය යටතේය. පාර්ලිමේන්තුව කැඳවීමේ බලය දී ඇත්තේ ජනාධිපතිවරයාට පමණයි. එහෙම සිදුකර ඇත්තේ විධායකය සහ ව්‍යවස්ථාදායකය අතර සමෝධානිත තත්ත්වයක් ඇති විම සඳහායි.අනෙක් අතට මෙහිදී තවත් එක් වැදගත් කරුණු ඉදිරිපත් කළ යුතුය. නීතිපතිවරයාත් ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා කියා සිටියේ මෙහි අත්‍යවශ්‍ය පාර්ශ්වකරුවන් නම් කර නොමැති බවය. නීතිපතිවරයා කියා සිටියේ යටත් පිරිසෙන් පක්‍ෂ ලේකම්වරුන්ගේ නම් සඳහන් කළ යුතු බවයි. එහෙත් කොබ්බෑකඩුවට එදිරිව ජයවර්ධන නඩුවේ එක්සත් ජාතික පක්‍ෂය නම් නොකිරීම හේතුවෙන් පෙත්සම ඉවත දැමුණි.ඉන්පසු මානව හිමිකම් ක්‍රියාධරයකු වන ජේ. ත්‍යාගරාජා මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ උදිත ඉහලහේවා මහතා මෙසේ පැවසීය.මනෝහර ද සිල්වා සහ රොමේෂ් ද සිල්වා මහත්වරුන්ගේ කරුණු වලට මා එකඟවනවා. මෙම පෙත්සම් ඉදිරිපත් කර ඇත්තේ ද්වේෂ සහගතවය. පෙත්සම්කරු සිය කරුණු ඉදිරිපත් කරමින් ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට එංගලන්තයේ සහ ඉන්දීය ආන්ඩුක්‍රම ව්‍යවස්ථාවන්ට සමාන කිරීමට උත්සාහ කරනවා.මෙම ව්‍යවස්ථා තුනම සමාන වන්නේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් පසුව එය අවසන් වනවා යන්නට පමණයි.ලෝකයේ ඕනෑම පාර්ලිමේන්තුවක් සංසන්දනය කිරීමේදී එක කරුණක් සමාන වනවා. ඒ ලෝකයේ ඕනෑම පාර්ලිමේන්තුවක් විසුරුවා හැරිය විට එය අවසන් වනවා.නීතිඥ චරිත ගුණරත්න, රාවය හිටපු කර්තෘ සහ ප්‍රවීණ මාධ්‍යවේදී වික්ටර් අයිවන් මහතා ඇතුළු හත් දෙනෙක්, විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ ආචාර්ය පාක්‍යසෝති සරවනමුත්තු, සමගි ජනබලවේගයේ මහලේකම් හා හිටපු අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර, ජාතික හෙළ උරුමයේ නායක හා හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක සහ නව ලංකා නිදහස් පක්ෂයේ නායක හා හිටපු අමාත්‍ය කුමාර වෙල්ගම යන මහත්වරුන් ඇතුළු පිරිසක් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් හතක් මේ දෙදින පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ සලකා බැලේ.ජාතික වැදගත්කමින් යුත් පෙත්සම් වන බැවින් මෙම පෙත්සම් පූර්ණ විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බලන්නැයි පෙත්සම්කාර පාර්ශ්ව කළ ඉල්ලීම සලකා බලමින් මෙම පෙත්සම් සලකා බැලීමට පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් පත් කිරීමට ඉකුත් 14 වැනිදා අගවිනිසුරුවරයා තීරණය කළේය.මෙම පෙත්සම්වල වගඋත්තරකරුවන් ලෙස මැතිවරණ කොමිසම, එහි සභාපති මහින්ද දේශප්‍රිය ඇතුළු සාමාජිකයින් වන ජනාධිපති නීතිඥ එන්.ජේ. අබේසේකර, මහාචාර්ය රත්නජීවන් හූල්, ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහත්වරු සහ නීතිපති නම් කරනු ලැබ සිටිති.එසේම ජූනි මස 20 වනදා පැවැත්වීමට අදාළව මැතිවරණ කොමිසම විසින් නිකුත් කර තිබෙන ගැසට් නිවේදනය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි යැයි තීන්දු කොට එය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස පෙත්සම්කරුවන් සිය පෙත්සම්වලින් ඉල්ලා තිබිණි.කොරෝනා රෝග ව්‍යාප්තිය තුළ ජූනි 20 වැනිදා මහ මැතිවරණයක් කැඳවා ඇති බව තමන්ට දැන ගන්නට ලැබුණු බවය. ඒ සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම විසින් ඉකුත් දා 2072/3 දරන අති විශේෂ ගැසට් නිවේදනයක්ද නිකුත් කරනු ලැබ ඇති බව ද පෙත්සම්කරුවෝ සිය පෙත්සම්වලින් කියා සිටිති.ඉකුත් මාර්තු මස පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් පසු නව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තෝරා ගැනීමට  මැතිවරණය අප්‍රේල් මස පැවැත්වීමට නියමිතව තිබිණි. එහෙත් කොවිඩ් වසංගතය පැතිරී ඇති නිසා එදින මැතිවරණය පැවැත්වීමට නොහැකි බව සඳහන් කරමින් මැතිවරණය ලබන ජූනි මස පැවැත්වීමට මැතිවරණ කොමිසම විසින් තීරණය කරන ලදී.පාර්ලිමේන්තුව විසුරුවා හැරීම කළ දිනයේ සිට මාස තුනක් තුළ නව පාර්ලිමේන්තුව සඳහා මැතිවරණය පැවැත්විය යුතු අතර, එසේ නොකිරීම නීති විරෝධී බව කියමින් මෙම පෙත්සම් ගොනු කර තිබිණි.එමඟින් මූලික අයිතිවසිකම් උල්ලංඝනය වන බව ද පෙත්සමේ සඳහන් කර තිබේ.එබැවින් මෙම මැතිවරණය ජූනි මාසයේ පැවැත්වීමට අදාළව නිකුත් කර ඇති ගැසට් නිවේදනය බලරහිත කරන ලෙස ඉල්ලා තිබිණි.එසේම මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම්වලට එරෙහිව නියමිත පරිදි මැතිවරණය පවත්වන්නැයි ඉල්ලා මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි, ආචාර්ය ගුණදාස අමරසේකර, නීතිඥ ප්‍රේමනාත් සී. දොළවත්ත, ව්‍යාපාරිකයකු වන සම්පත් මෙරිඤ්ඤගේ ඇතුළු 11 දෙනකු ද අතරමැදි පෙත්සම් ඉදිරිපත් කර තිබිණි.පෙත්සම්කරුවන් වෙනුවෙන් ජනාධිපති නීතිඥ ඇම්.ඒ. සුමන්තිරන්, ජනාධිපති නීතිඥ මනෝහර ද සිල්වා, නීතිඥ විරාන් කොරයා ඇතුළු පිරිසක් පෙනී සිටියහ.මැතිවරණ කොමිසම වෙනුවෙන් නීතිඥ වී.කේ. චොක්සි මහතා පෙනී සිටියේය.ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර මහතා වෙනුවෙන් ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා පෙනී සිටියේය.සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ සහ නීතිපති වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් නෙරින් පුල්ලේ සහ අතිරේක සොලිස්ටර් ජනරාල් ජනාධිපති නීතිඥ ඉන්දිකා දේවමුණි ද සිල්වා මහත්මිය පෙනී සිටියාය.වැඩිදුර විභාගය අද (28) පැවැත්වේ.
මැතිවරණ දිනයට එරෙහි පෙත්සම්ල සලකා බැලීම හෙට සයවැනි දිනයටත්
0
hp_train_7243
රොමේෂ් මධුෂංඛ මන්නාරම් මඩු රක්ෂිතයේ ඉතා රහසිගතව සිදු කරගෙන ගිය දැව ජාවාරමක් වටලා දැව ප්‍රවාහනය කරන ලද ට්‍රැක්ටරයක් හා කැබ් රථයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු අද (15) අත්අඩංගුවට ගත් බව මඩු වනසංරක්ෂණ නිලධාරීහු පවසති.මඩු අඩවි වන නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව පූවර්සන්කුලම් පොලිස් විශේෂ කාර්ය බළකා කඳවුරේ නිලධාරීන් ද සමඟ සිදු කරන ලද ඒකාබද්ධ සෝදිසි වැටලීමකදී අදාළ දැව ජාවාරම් අත්අඩංගුවට ගැනීමට හැකිව ඇත.වැටලීම සිදු කරන ලද අවස්ථාවේදී මඩු රක්ෂිතයෙන් කපන ලද බුරුත ගස් ඉරා එම දැව තොගයන් කැබ් රථයකින් හා ට්‍රැක්ටරයනික් මඩු රක්ෂිතය තුළදී ප්‍රවාහනය කරමින් සිටියදී දැව තොගය ද සමඟ ට්‍රැක්ටරය සහ කැබ් රථය පැදවූ සැකකරුවන් දෙදෙනා  අත්අඩංගුවට ගෙන ඇත.මඩු රක්ෂිතයෙන් රහසිගතව කපන ලද දැව ඉතා සූක්ෂමව වවුනියාව ,මන්නාරම හා යාපනය යන දිස්ත්‍රීක්කවලට ප්‍රවාහනය කිරීමට දැව ජාවාරම් කරුවන් සැලසුම් කර තිබූ බවටද මඩු අඩවි වන නිලධාරීන්ට තොරතුරු ලැබී ඇත.
මන්නාරම් මඩු රක්ෂිතයේ දැව ජාවාරමක්
0
hp_train_7244
(එම්. සුසිල් ප්‍රියන්ත) සභා වාර්තාව හඬ පටයකින් නොව ලිඛිතව ලබාදෙන ලෙස ඉල්ලා පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් ගෙනා යෝජනාවට සභාපති අරුණ ප්‍රදීප් මහතා පමණක් විරුද්ධවීම නිසා අද (10) පස්වරුවේ පැවති අම්බලන්ගොඩ නගර සභා මාසික සභා රැස්වීම උණුසුම්විය. සභා වාර් යෝජනාව පිළිබදව පාලක පක්ෂයේ උප සභාපති කමල් වැල්ලගේ, එම පක්ෂයේම සරත් ශ්‍රීලාල් මහත්වරුන් සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ රාහුල ලලිතවික්‍රම මහතා ඇතුලු පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් සභාපති අරුණ ප්‍රදීප් මහතා සමග දැඩි උණුසුම් වචන හුවමාරුවකද පැටලී සිටිනු දක්නට ලැබිණ. මේ වචන හුවමාරුව මධ්‍යයේ සභාපති අරුණ ප්‍රදීප් මහතා සභාව උප සභාපති කමල් වැල්ලගේ මහතාට භාරදී යාමට සූදානම්වූ අවස්ථාවේදි ප්‍රශ්නය මග හැර යන්න එපා යයි කියමින් පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරු ඝෝෂා කළහ. අවසානයේදි සභා වාර්තාව හඬ පටයකින් නොව ලිඛිතව ලබාදිය යුතු බව පවසමින්  උප සභාපති කමල් වැල්ලගේ මහතා  යෝජනාවක් ගෙන ආ අතර එම යෝජනාව එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රි රාහුල ලලිතවික්‍රම මහතා ස්ථීර කළේය. මේ සම්බන්ධයෙන් පැවති ඡන්ද විමසීමේදි පාලක පක්ෂයේ උප සභාපති කමල් වැල්ලගේ මහතා ගෙන ආ යෝජනාවට පාලක පක්ෂයේ මන්ත්‍රිවරුන් තිදෙනෙකු හැර අනෙක් මන්ත්‍රීවරුන් සමග එක්සත් ජාතික පක්ෂය,එකසත් ජනතා නිදහස් සන්ධානය හා ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රීවරුන් සියලුදෙනාම පක්ෂව ඡන්දය ලබාදුන් අතර සභාපති අරුණ ප්‍රදීප් මහතා පමණක් එයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළේය. සභා වාර්ථාව හඬ පටයකින් ලබාදීමේ සිද්ධිය නිසා ඇතිවූ උණුසුම් තත්ත්වය නිසා මීට සතියකට පෙර පැවති සභා රැස්වීම එය පවත්වා විනාඩි 26කින් පසුව කල් තැබුණු අතර එයට විරෝධය පා විපක්ෂයේ මන්ත්‍රීවරු සභා ගර්භය තුල උද්ඝෝෂණයකද නිරතවූහ.එම කල් තැබුණු සභා රැස්වීම අද (10) පස්වරු 2.30ට අම්බලන්ගොඩ නගර සභා මහජන පුස්ථකාලයීය දෙමහල් රැස්වීම් ශාලාවේදි පැවැත්විණි.
මිල්ලනිය ප්‍රා.සභාවේ සභාපතිට පොහොට්ටුවේ මන්ත්‍රීවරුන්ගෙන් විරෝධය
0
hp_train_7245
කොරෝනා අසාදිත මුළු රෝගීන් සංඛ්‍යාව 986 ක් වන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් මේ වන විට ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 418 ක් වේ.මේ වන විට පුද්ගලයින් 9 දෙනෙකු මියගොස් ඇති අතර 559 දෙනකු සුවය ලබා පිටව ගොස් ඇත.
කොරෝනා ආසාදිතයින් 981 දක්වා ඉහළට
0
hp_train_7246
ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය මෙහෙයවන ප‍්‍රධානතම සීමිත  ඕවර ක‍්‍රිකට් තරගාවලිය වන අන්තර් සමාජ පළමු කොටසේ සීමිත  ඕවර ක‍්‍රිකට් තරගාවලිය හෙට (09) ආරම්භ වේ. ක‍්‍රීඩා සමාජ 20 ක් සහභාගි වන මෙම තරගාවලියේ අවසන් මහ තරගය ජනවාරි මස 5 වැනිදා පැවැත්වීමට කටයුතු යොදා තිබේ.මෙවර (2012/2013) අන්තර් සමාජ පළමු පෙළ ක‍්‍රිකට් තරගාවලිය නව සැලැස්මකට අනුව පැවැත්වෙන නිසා බොහෝ පිට පළාත් ක‍්‍රීඩා සමාජ ප‍්‍රබල ක‍්‍රීඩකයන් රැුසක් සමගින් මෙවර තරගාවලියට පිවිසීමට සූදානමින් සිටියි. මෙවර තරගාවලියේදී කාණ්ඩ දෙකෙන් කණ්ඩායම් තුන බැගින් කණ්ඩායම් හයක් පහත දැමීමට නියමිතය.කොළඹ ප‍්‍රධාන ක‍්‍රීඩා සමාජවල වසර ගණනාවක් ක‍්‍රීඩා කළ චාමර සිල්වා, ප‍්‍රසන්න ජයවර්ධන, ඩිල්රුවන් පෙරේරා සහ සුජීව සිල්වා ඇතුළු ප‍්‍රබල ක‍්‍රීඩකයන් රැුසක් පානදුර ක‍්‍රීඩා සමාජයට ක‍්‍රීඩා කිරීමට නියමිත බව වාර්තා වේ.රාගම ක‍්‍රිකට් සමාජයට වසර ගණනාවක් ක‍්‍රීඩා කළ ඉන්දික ද සේරම්, මුවර්ස් ක‍්‍රීඩා සමාජයට ද, හලාවත මේරියන්ස් පිලේ නිත්‍ය සාමාජිකයන්ව සිටි ගයාන් විජේකෝන් සහ දිනුක් හෙට්ටිආරච්චි, සී.සී.සී. පිලට ද ක‍්‍රීඩා කිරීමට සූදානමින් සිටිති.තරගාවලියට සහභාගි වන කණ්ඩායම්:‘ඒ’ කාණ්ඩය: එන්.සී.සී., කෝල්ට්ස්, ද්‍රවිඩ සංගම්, මුවර්ස්, බදුරලිය, වරාය අධිකාරිය, සැරසන්ස්, සී.සී.සී., පානදුර සහ කුරුණෑගල තරුණ‘බී’ කාණ්ඩය: එස්.එස්.සී., හලාවත මේරියන්ස්, බ්ලූම්ෆීල්ඞ්, ලන්කන්, රාගම, නාවික හමුදා, යුද හමුදා, ගුවන් හමුදා, බී.ආර්.සී. සහ ගාල්ලහෙට (09) පැවැත්වෙන තරගබදුරලිය සහ සී.සී.සී අතර මග්ගොන සරේ ක‍්‍රීඩාංගණයේදීද්‍රවිඩ සංගම් සහ සැරසන්ස් අතර පී. සරා ක‍්‍රීඩාංගණයේදීවරාය අදිකාරිය සහ පානදුර අතර කෝල්ට්ස් ක‍්‍රීඩාංගණයේදීමුවර්ස් සහ කුරුණැගල තරුණ අතර මුවර්ස් ක‍්‍රීඩාංගණයේදීඑන්.සී.සී සහ කෝල්ට්ස් අතර එන්.සී.සී. ක‍්‍රීඩාංගණයේදීමේරියන්ස් සහ එස්.එස්.සී. අතර එස්.එස්.සී. ක‍්‍රීඩාංගණයේදීරාගම සහ ගුවන් හමුදා අතර බ්ලූම්ෆීල්ඞ් ක‍්‍රීඩාංගණයේදීයුද හමුදාව සහ බ්ලූම්ෆීල්ඞ් අතර පනාගොඩ ක‍්‍රීඩාංගනයේදීනාවික හමුදාව සහ බී.ආර්.සී. අතර වැලිසර ක‍්‍රීඩාංගනයේදීගාල්ල ක‍්‍රිකට් සමාජය සහ ලන්කන් අතර ගාල්ල ක‍්‍රීඩාංගණයේදී 
පළමු කොටසේ සීමිත ඕවර ක‍්‍රිකට් තරගාවලිය දෙසැ. 9 දා ඇරඹේ
0
hp_train_7247
ශ්‍රී ලංකාවට වැසි ඇතිවීමේ හැකියාව අඩු වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.    නැගෙනහිර සහ ඌව පළාත්වල වැසි වාර කිහිපයක් ඇති වේ. මධ්‍යම, සබරගමුව සහ බස්නාහිර පළාත්වල තැනින් තැන සවස 4.00 න් පමණ පසුව ගිගුරුම් සහිත වැසි වර්ධනය වේ.ත්‍රීකුණාමලය සිට පොතුවිල් හරහා හම්බන්තොට දක්වා මුහුදු ප්‍රදේශ වල වැසි වාර කිහිපයක් ඇති වේ.ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය                                                      දිනය : 21/12/2015    නගරයඋෂ්ණත්වය (සෙ. අංශක)සාපේක්ෂ ආර්ද්‍රතාවය (%) කාලගුණයඋපරිමඅවමඋපරිමඅවමඅනුරාධපුරය31249065ප්‍රධාන වශයෙන් වැසි රහිත.මඩකලපුව29249575වැසි වාර කීහිපයක්.කොළඹ30239575සවස 4.00 න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි.  ගාල්ල31249070වැසි ස්වල්පයක්.යාපනය31249070ප්‍රධාන වශයෙන් වැසි රහිත.මහනුවර29219575සවස 4.00 න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි.නුවරඑළිය20139570සවස 4.00 න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි.රත්නපුරය31239570සවස 4.00 න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි.ත්‍රීකුණාමළය30239575වැසි වාර කීහිපයක්.මන්නාරම31249075වැසි ස්වල්පයක්. 
‘පළාත් රැසකට ගිගුරුම් සහිත වැසි‘
0
hp_train_7248
(යොහාන් භාසුර)ලිට්‍රෝ ගෑස් මිල අද (5) මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ දැමීමට තීරණය කළ බව එම සමාගම පවසයි.ඒ අනුව කිලෝග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 250 කින් ද, කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 100 කින් ද, කිලෝග්‍රෑම් 2.5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 45 කින් ද, ඉහළ දැමූ බව එම සමාගම සඳහන් කරයි. මෙම මිල ඉහළ දැමීමත් සමග  කිලෝග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩරයක් රුපියල් 4,610 දක්වා ඉහළ ගිය බවත්  කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක් රුපියල් 1850 දක්වා සහ කිලෝග්‍රෑම් 2.5 සිලින්ඩරය රුපියල් 860 දක්වාත් ඉහළ ගිය බව එම සමාගම සඳහන් කරයි.
ලිට්‍රෝ ගෑස් මිල ඉහළ යයි
1
hp_train_7249
(ඩයනා උදයංගනී)අන්දමන් දූපත් ආසන්නයේ ඇති පීඩන අවපාතයේ බලපෑමෙන්, බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ උතුරු පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (16) දිනයේත් විටින් විට වැසි ඇතිවන අතර, අනුරාධපුර දිස්ත්‍රික්කයේද වැසි ස්වල්පයක් ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව එම දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් සඳහන් කළේය.බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ, පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර 75 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බව එම ප්‍රකාශකයා පැවසීය.ගිගුරුම් සහිත වැසි සමඟ තාවකාලික තද සුළං සහ අකුණු අනතුරු ඇතිවිය හැකි බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 
පළාත් කීපයකට අදත් වැසි
0
hp_train_7250
(ක.ග.කරුණාරත්න) මේ දිනවල රජරටට බලපා ඇති නියඟය හේතුවෙන් පොළොන්නරුව දිස්ත‍්‍රික්කයේ පුද්ගලයෝ 25,000 ක් පමණ පීඩාවට පත්ව ඇතැයි දිස්ත‍්‍රික් ආපදා කළමණාකරන ඒකකය කියයි. ඊට රජයේ පාසැල් 12 ක ඉගෙනුම ලබන සිසු දරු දැරියෝ 2,878 දෙනෙක් ද අයත් වෙති. වැලිකන්ද, දිඹුලාගල, හිඟුරක්ගොඩ, මැදිරිගිරිය සහ ලංකාපුර යන ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට මෙම පානීය ජල හිඟය බලපා තිබේ. එයින් වැඩිම පිරිසක් පීඩාවට පත්ව ඇත්තේ වැලිකන්ද ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේය. එහි ග‍්‍රාම නිලධාරී වසම් 11ක ප්‍රදේශවාසීහු 13,507ක් වෙසෙති. ඊට අමතරව වැලිකන්දේ පාසැල් 07 ක ඉගෙනුම ලබන ළමුන් 1148 ක්ද  ජල හිඟයට මුහුණ දී ඇතැයි දිස්ත‍්‍රික් ආපදා කළමනාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්‍ෂ උපුල් නානායක්කාර මහතා ප‍්‍රකාශ කළේය. දිඹුලාගල ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ග‍්‍රාම නිලධාරී වසම් 11ක පීඩාවට පත් පවුල් ගණන 1522 ක් වන අතර එහි සාමාජික සංඛ්‍යාව 4518 කි. ලංකාපුර ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේද එක් ග‍්‍රාම නිලධාරී වසමක පවුල් 165කට අයත් පුද්ගලයෝ 650ක්ද ජල හිඟයෙන් පීඩා විඳිති.හිඟුරක්ගොඩ ප‍්‍රාදේශීය ලේකම් කොටසේ එක් ග‍්‍රාම නිලධාරී වසමක පවුල් 350කට අයත් 1200 ක පුද්ගල සංඛ්‍යාවක්  ජල හිඟයෙන් පීඩා විඳින බවද දිස්ත‍්‍රික් ආපදා කළමනාකරණ ඒකකය සඳහන් කරයි. මැදිරිගිරිය ප‍්‍රාදේශීය ලේකම් කොටසේ ග‍්‍රාම නිලධාරී වසම් 03ක වෙසෙන පවුල් 460කට අයත් පුද්ගලයෝ 1844 දෙනෙක් ජල හිඟයට මුහුණදී සිටිති. පොළොන්නරුව දිස්ත‍්‍රික් ලේකම් පණ්ඩුක අබේවර්ධන මහතාගේ උපදෙස් පරිදි පානීය ජල හිඟය බලපා තිබෙන ගම්මානවල ජනතාවට බීමට අවශ්‍ය ජලය බවුසර් මගින් සපයාදීමට අදාළ ප‍්‍රාදේශීය ලේකම් කාර්යාල මගින් පියවර ගෙන තිබෙන බව උපුල් නානායක්කාර මහතා කීය. ඒ සඳහා ජල බවුසර් 13 යොදවා තිබෙන බවත් දිනකට ජල ලීටර් 19850 ක් බෙදා හරින බවත් ඒ මහතා කීය. ජල හිඟය පවතින ගම්මානවල ස්ථාපිත කර ඇති ජල ටැංකි ගණන 201 කි. ඒ සඳහා අදාළ ප‍්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත ලබාදී තිබෙන මූල්‍ය ප‍්‍රතිපාදන ප‍්‍රමාණය රුපියල් 834,974 ක් බවද උපුල් නානායක්කාර මහතා සඳහන් කළේය.
පොළොන්නරුවේ පවුල් 3523 කට පානීය ජල හිඟයෙන් පීඩා
0
hp_train_7251
උතුරුමැද, නැගෙනහිර හා ඌව පළාත්වල සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.  බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රීක්ක වලත්  ස්ථාන ස්වල්පයක සවස 4.00 න් පසුව වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇති වේ.විශේෂයෙන් කඳුකර ප්‍රදේශවල සහ දිවයිනේ නිරිතදිග කොටසේ උදෑසන කාලයේ මීදුම් තත්ත්වයක් ඇති විය හැකියි.ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය                                                      දිනය : 01/03/2016නගරයඋෂ්ණත්වය (සෙ. අංශක)සාපේක්ෂ ආර්ද්‍රතාවය (%) කාලගුණයඋපරිමඅවමඋපරිමඅවමඅනුරාධපුරය32259060වැසි ස්වල්පයක්.මඩකලපුව31268570වැසි වාර කිහිපයක්.කොළඹ34258560සවස 4.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි  ඇති විය හැක.ගාල්ල34259055සවස 4.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි  ඇති විය හැක.යාපනය32248060ප්‍රධාන වශයෙන් වැසි රහිතමහනුවර32229055සවස 2.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි  ඇති විය හැක.නුවරඑළිය21149560සවස 2.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි  ඇති විය හැක.රත්නපුරය35249550සවස 2.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි  ඇති විය හැක.ත්‍රීකුණාමළය32209070වැසි ස්වල්පයක්.මන්නාරම33269060වැසි ස්වල්පයක්.
ඉදිරි 24 පැයේ කාලගුණය
0
hp_train_7252
(මුදිතා දයානන්ද )කොරෝනා වසංගතය නිසා පීඩාවට පත්ව සිටින ජනතාව ලෝක වෙළඳපොලේ තෙල්මිල අඩුවීමේ සහනයවත් නොදි අසීමිත ලෙස බදු බරක් පටවමින් දේශීය කෘෂි නිෂ්පාදනය රැකගන්න එසේ කළ බව කියන මේ ආණ්ඩුව බොරුවෙන් ඉපදී, බොරුවෙන් ජීවත් වී, බොරුවෙන්ම මිය යන්න හදන ආණ්ඩුවක් යැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී අනුර කුමාර දිසානායක මහතා අද (26) පැවසීය.ඔහු මේ බව පැවසුයේ පැලවත්තේ පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රධාන කාර්යාලයේදි පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමිනි.එහිදි ඔහු මෙසේද පැවසීය.වසංගත තත්ත්වය හේතුවෙන් සාමාන්‍ය ජනතාවගේ ආර්ථිකය කඩාවැටී පීඩාවට පත්ව සිටිනවා. කර්මාන්ත ක්ෂේත‍්‍රයේ 360,000කට රැකියා අහිමි වෙනවා. ඉදිකිරිම් ක්ෂේත‍්‍ර‍්‍රයේ 178,000 කට එනම් සියයට විසිපහකට රැකියා අහිමිවිමේ අවදානමක් මතුවී තිබෙනවා. මේවන විටත් කඩසාප්පු ආදි විවිධ ආයතනවල සේවය කළ ලක්ෂ දෙකකට පමණ රැකියා අහිමිවී තිබෙනවා.  මෑන්පවර් ආයතනවලින් ලබාගත් සේවකයින් ඉවත් කර තිබෙනවා. 1113000කට රැකියා අහිමිවී තිබෙනවා. මාස හයට වඩා අඩුවෙන් වැඩකරන ලද බොහෝ දෙනාට රැකියා අහිමි වෙලා. සමහර ආයතන සේවක ප‍්‍රමාණය සියයට පනහක් අඩුකර ඉතිරි කණ්ඩායමටද වැටුපෙන් අඩක් ගෙවීමට තීරණය කර තිබෙනවා. සුලූ වෙළඳාමක් කරගෙන යාමේ සිට පවත්වාගෙන යනු ලැබු බොහෝ ව්‍යාපාර කඩාවැටිලා. ඒ ජනතාවට සහන දෙනවා වෙනුවට ඒ ජනතාව තවදුරටත් පීඩාවට පත්කරන බදු පැනවීමක් ආණ්ඩුව සිදුකර තිබෙනවා. ලෝක තෙල්මිල අඩුවී තිබෙන ආකාරය අනුව බදු අයකරගෙන වුවත් දැන් තිබෙන මිලට වඩාහරි අඩක් අඩුමිලට තෙල් ලබාදෙන්න පුලූවන්. සෙ සහනය ලබාදුන්නා නම් ධීවරයාගේ ගොවියාගේ සිට සෑම නිෂ්පාදන ක්ෂේත‍්‍රයකටම නිෂ්පාදන පිරිවැය අඩුකරන්න බලපානවා. ප‍්‍රවාහන වියදම අඩුකරන්න බලපානවා. නමුත් එහෙම නොකර ආණ්ඩුව කෙටිකාලයකට තෙල් වෙනුවට සැමන් හාපරිප්පු මිල අඩුකළා. සති දෙකක් යන්න කලින් පාලන මිලත් අහෝසි කරලා ඒවායේ මිල ඉහළ යන්න ඉඩ දුන්නා. දැන් ඒ මතවු බදුත් වැඩිකරලා ජනතාව පීඩාවෙන් පීඩාවට පත් කරලා. අතව්‍යශ්‍ය භාණ්ඩ රැසක බදු මිල වැඩිකළා. දේශීය නිෂ්පාදන ඉහළ දැමීමට තමයි බදු පැනෙව්වේ කියලා ආණ්ඩුව කියනවා. හැම ආණ්ඩුවක්ම බදු පනවලා කිව්වේ ඔය කතාවම තමයි. හැබැයි අපි පරිප්පු නිෂ්පාදනය කරන්නේ නැහැ. පරිප්පු වෙනුවට කව්පි භාවිතා කරන්න පුලූවන් කියලා කිව්වත් ඒවාත් අපි දැන් ආනයනය කරනවා. දඹුල්ලේ ලොකු ළුෑණු තවම වගාකරන්න පටන් ගත්තා විතරයි. ඒ නිසා මේ වෙලාවේ බදු පැනවීමෙන් ලොකු ලූණු ගොවියා ආරක්ෂා කරන්න බැහැ. ආණ්ඩුව මේ කරන්නේ තමන් මුහුණ දී තිබෙන ආර්ථික අපහසුතාවයෙන් ගොඩ ඒමට ක‍්‍රියාමාර්ග ගැනීමයි.විදුලි බිල ජලබිල පිළිබඳ ප‍්‍රශ්නයක් මතුවී තිබෙනවා. අප්‍රේල් හා මැයි මාසයේ ජල බිල මිනිස්සු ගෙවල්වලටම වෙලා හිටිය නිසා ඉහළ ගියා. මේ අය බිල ලියද්දී අප්‍රේල්  මාසයට බිල පෙර පරිදිම ලියලා එහි වැඩිපුර ගිය ඒකක ප‍්‍රමාණය මැයි මාසයට එකතු කරලා දරන්න බැරි විශාල බිලක් ජනතාවට ලබාදීලා. විදුලි බිලත් ඒ ආකාරයටමයි කර තිබෙන්නේ. කොරෝනා මර්දනයට තමන්ගේ ජීවිතය පරදුවට තබා වැඩකරපු සෞඛ්‍ය ක්ෂේත‍්‍රයේ ඇතුලූ ක්ෂේත‍්‍ර ගණනාවක වැඩකරන ජනතාව දැන් පරාට බැහැලා තමන්ගේ වැඩකරපු ප‍්‍රමාණයටවත් ගෙවලා නැහැ කියලා උද්ඝෝෂන කරනවා. ආණ්ඩුව ඒකත් වංචා කරලා. ජනතාවට දිය යුතු දේ ගෙවන්නේ නැතිව ජනතාව මත බදුබරපටවන්න තීරණය කරනවා. ඒ කැබිනට් මණ්ඩලයම ලක්ෂ අසූදාහකට පිට්ටනි හදන්න තීරණය කරනවා.ඒ කැබිනට් මණ්ඩලයම වාහන ගෙන්වන්න ලක්ෂ තුන්දාහක් වෙන්කරන්න තීරණය කරනවා. දහ ගක්ස තිස්දාහක පාරවල් හදන්න තීරණය කරනවා. ඩොලර් මිලියන තිස්පහක් අධිවේගී මාර්ග හදන්න තීරණය කරනවා. විශාල ඉදිකිරීම් කියන්නේ විශාල කොමිස්, විශාල ගසාකෑම්. ආණ්ඩුව කොරෝනා අතරේත් ගසාකෑම හොඳින්ම කරගෙන යනවා. එහිදි අදහස් දැක්වූ හිටපු ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික, හිටපු කෝප් කමිටු සභාපති  සුනිල් හඳුන්නෙත්ති මහතා මෙසේ පැවසීය.ද ෆිනෑන්ස් ආයතනය රජයට පවරා ගත්තා 2010දියි. එසේ පවරා ගන්නා විට එය බිලියන තිහකට අධික තැන්පත් තිබුණ ලාභ ලැබූ ආයතනයක්. රජයට පවරා ගත් පසු මහබැංකුවේ නියාමනයට යටත්ව රජයන් පත්කළ අධ්‍යක්ෂක මණ්ඩලයක් මගින් පාලනය කළ සෙ ආයතනයපසු විසිදෙවැනිදා වසා දැම්මා. කොරෝනාවෙන් පීඩාවට පත්වෙලා ඉන්න ජනතාව කබලෙන් ලිපට ඇද දැමීමක් තමයි ආණ්ඩුව කරලා තියෙන්නේ. ආණ්ඩුව මේකට හේතු දැක්වීමක් වත් කරන්නේ නැහැ. සෙ ජනතාවට සහනයක් දෙන්න ආණ්ඩුව වහාම කටයුතු කළ යුතුයි. මූල්‍ය ක්ෂේත‍්‍රය ශක්තිමත් කරනවා වෙනුවට ඒවා වසා දැමීමේ ප‍්‍රතිපත්තියක් ආණ්ඩුව අනුගමනය කිරීම ඉතාමත් භයානකයි.විදේශ රටවල සේවය කළ ජනතාව මෙරටට ගෙන්වා ගෙන නිරෝධායනයට ලක්කර නිවෙස්වලට යොමු කිරීමේ වැඩපිළිවෙලක් රජය මුල්කාලයේ අනුගමනය කළා. ඒක ඉතාමත් හොඳයි. තවත් විශාල පිරිසක් ලංකාවට එන්න බලාගෙන ඉන්නවා. ඔවුන් ලංකාවට එන්න උත්සාහ කරන්නේ ඒ රටවල සෞඛ්‍ය පහසුකම් ලබාගැනීමේ අපහසුතාවය හා රස්සා නැතිවීමෙන් ගෙවල් කුලීවත් ගෙවාගන්න වත්කමක් නැතිවිම වැනි කාරණා නිසයි. එහෙත් දැන් මේ අය ගෙන්වීමේ ක‍්‍රියාවලිය නැවතිලා. තානාපති කාර්යාල නිලධාරින් පවා ආණ්ඩුව අසරණ කරලා. මේ අයත් අපේ රටට විදේශ විනිමය එවන අපේ රටේම ජනතාවගෙන් කොටසක් බව අමතක නොකරන ලෙස ආණ්ඩුවට අපි පෙන්වා දෙන්න කැමතියි. එහිදි මාධ්‍යවේදීන් නැගු ප‍්‍රශ්නයකට දිසානායක මහතා මෙසේ පිළිතුරු දුන්නේය.ප‍්‍රශ්නය - මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් අද මතුවි තිබෙන තත්ත්වය ගැන මොකක්ද ජවිපෙ අදහස? පිළිතුර - ආණ්ඩුව හැදුවේ ජනතාව නිවෙස්වලම හිරවී සිටියදි ඡුන්දේ පවත්වා මැතිවරණය දිනාගන්නයි. එහෙත් මැතිවරණ කොමිසම පවසන්නේ රටේ තත්ත්වය සාමාන්‍ය අතට පත්වි මාස දෙහමාරක්වත් ගත වනතුරු මැතිවරණය පැවැත්විය නොහැකි බවයි. අපි ජවිපෙ ලෙෂ මැතිවරණයට සූදානම්. එහෙත් අද රටේ පවතින තත්ත්වය හමුවේ ජනතාවගේ ජීවිත යථා තත්ත්වයට පත් නොකර ඉතා විශාල මුදලක් මැතිවරණයක් වෙනුවෙන් වැය කිරීම සුදුසු නැති බවයි අපේ හැගීම. 
තෙල් සහනය නොදී බදුබර පැටවූ ආණ්ඩුව කටයුතු කරන්නේ බොරුවෙන්මයි
0
hp_train_7253
( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )කෙරවලපිටිය යුගදනවි තාප විදුලි බලාගාරයේ  රජයට අයත් සියයට  හතලිහක  කොටස්  නිව් ෆෝට්‍රස් එනර්ජි නැමැති ඇමෙරිකානු  සමාගමකට ලබා දීමට කැබිනට්  මණ්ඩලය  ගෙන ඇති තීරණය බලරහිත  කරන්නැයි  ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම්වලට පක්ෂව විමල් වීරවංශ , උදය ගම්මන්පිල සහ වාසුදේව නානායක්කාර යන මහත්වරුන් දුන් දිවුරුම් ප්‍රකාශ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විරෝධී යැයි නීතිපති , ජනාධිපති නීතීඥ සංජය රාජරත්නම් මහතා අද ( 17) පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කියා සිටියේය.එසේම එලෙස අමාත්‍යවරුන් තිදෙනා දිවුරුම් ප්‍රකාශ ලබා දීම නීතියට පටහැනි යැයිද නීතිපතිවරයා එහිදී වැඩිදුරටත් කියා සිටියේය.උදය ගම්මන්පිල , විමල් වීරවංශ , වාසුදේව නානායක්කාර යන අමාත්‍යවරුන් ඉකුත් 07 වැනිදා  ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මෙම පෙත්සම් වලට පක්ෂව වි⁣රෝධතා කරනු ලැබූහ.මෙම අමාත්‍යවරුන් තිදෙනා එම මූලික අයිතිවාසිකම් එහි වගඋත්තරකරුවන් ලෙස නම් කර සිටියදී පෙත්සම් වලට පක්ෂව විරෝධතා ගොනු කිරීම විශේෂත්වයකි .අගවිනිසුරු  ජයන්ත ජයසූරිය මහතාගේ සභාපතිත්වයෙන්   ,  විනිසුරුවරුන් වන බුවනෙක අලුවිහාරේ, ප්‍රියන්ත ජයවර්ධන, විජිත් මලල්ගොඩ, එල්. ටී.බී.දෙහිදෙනිය  යන මහත්වරුන්ගෙන් සමන්විත පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම පෙත්සම් සලකා බැලේ.අගරදගුරු මැල්කම් කාදිනල්  රංජිත්  හිමිපාණන් සහ ධර්මායතනාධිපති පූජ්‍ය  ඇල්ලේ ගුණවංශ හිමියන්,  සමගි ජන බලවේගයේ  මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර ,  වසන්ත සමරසිංහ සහ ලංකා විදුලි සේවකයන්ගේ සංගමයේ  ලේකම් රන්ජන් ජයලාල්  යන මහත්වරුන් විසින් මෙම පෙත්සම්  ගොනු කර සිටිති.අගමැති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු  කැබිනට් මණ්ඩලය, භාණ්ඩාගාර ලේකම් වරයා, බලශක්ති අමාත්‍යාංශ ලේකම්වරයා, මහජන උපයෝගිතා කොමිසම, එහි සභාපතිවරයා, ලංකා විදුලි බල මණ්ඩලය,  එහි සභාපතිවරයා, ලංකා  ඛනිජ තෙල් සංස්ථාව,  එහි කලමණාකරණ අධ්‍යක්ෂවරයා,වෙස්ට් කෝස් පවර් පෞද්ගලික සමාගම,  ඇමෙරිකාවේ නිව් ෆෝට්‍රස් එනර්ජි   සමාගම  නීතිපති වරයා  ඇතුළු  54දෙනෙකු  මෙහි  වගඋත්තරකරුවන් ලෙස නම් කරනු ලැබ සිටිති.එම පෙත්සම්වල වගඋත්තරකරුවන් කර සිටින අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයින් වෙනුවෙන් නීතිපතිවරයා පෙනී සිටියද එම අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයින් වශයෙන් කටයුතු කරන විමල් වීරවංශ, වාසුදේව නානායක්කාර සහ උදය ගම්මන්පිල යන අමාත්‍යවරු වෙනුවෙන් පෞද්ගලික නීතිඥවරයෙකු වන ජනාධිපති නීතීඥ උදිත ඉගළහේවා මහතා පෙනී සිටි.
යුගදනවි පෙත්සම් වැඩිදුර විභාගය ජනවාරියට කල් යයි
0
hp_train_7254
(ඩයනා උදයන්ගනී,මහින්ද නිශ්ශංක, සහ යොහාන් භාසුර)ශ්‍රී ලංකා ඛනිජ තෙල් සංස්ථාව ඉන්ධන මිල ඉහළ දමා ඇතැයි ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ සභාපති නීතිඥ සුමිත් විජේසිංහ මහතා පවසයි.ඒ අනුව ඔක්ටේන් 92  පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 77කින්ද, ඔක්ටේන් 95 ලීටරයක මිල රුපියල් 76කින්ද, ඔටෝ ඩීසල් ලිටරයක මිල රුපියල් 55කින්ද සුපර් ඩිසල් මිල රුපියල් 95කින් ද වැඩි කර ඇතැයි ලංකා ඛනිජ තෙල් සංස්ථාව නිකුත් කළ නිවේදනයක සඳහන් වෙයි.ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 254ක් ද, ඔක්ටේන් 95 ලීටරයක මිල රුපියල්  283ක් ද, ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල්  176ක් ද, සුපර් ඩීසල් ලීටරයක මිල රපියල් 254ක් වනු ඇතැයි එම සංස්ථාව කියයි.භූමිතෙල් මිලෙහි වෙසනක් සිදු නොවන බව ද ඛනිජ තෙල් සංස්ථාව කියයි.
තෙල් වර්ග තුනක් ගණන් උස්සයි
0
hp_train_7255
 ශ්‍රී ලංකාවේ විවිධාංගීකරණය ව්‍යාපාරික සමාගම් අතර ප්‍රමුඛතම සමාගමක් වන එයිට්කන් ස්පෙන්ස් සමාගම පසුගිය මාස හයක කාලයේ දී රුපියල් බිලියන 8.5 ක වාර්තාගත පෙර බදු ලාභයක් පෙන්වා තිබේ. මේ වසරේ සැප්තැම්බර් 30 වැනිදායින් අවසන් වූ මාස 6 ක කාලය වෙනුවෙන් වාර්තා කරන ලද මෙම පෙර බදු ලාභය, පසුගිය වසරේදී එම කාලය වෙනුවෙන් අත්පත් කරගත් පෙර බදු ලාභය වන රුපියල් මිලියන 266.7 හා සංසන්දනය කිරීමේ දී ඉලක්කම් හතරක, සුවිශේෂී වර්ධනයක් පෙන්නුම් කිරීමක් බව එම සමාගම සඳහන් කරයි.මූල්‍ය වර්ෂයේ පළමු භාගය සඳහා, පොලී වියදම්, බදු, ක්ෂය වීම් සහ ක්ෂයවීම් වලට පෙර කොටස් ගිණුම්ගත ආයෝජකයන් ඇතුළු ඉපැයීම්වල එකතුව රුපියල් බිලියන 17.0 කි. පසුගිය වසරේ මෙම කාලසීමාව වෙනුවෙන් පොලී වියදම්, බදු, ක්ෂයවීම් සහ ක්ෂයවීම්වලට පෙර කොටස් ගිණුම්ගත ආයෝජකයන් ඇතුළු ඉපැයීම්වල එකතුව රුපියල් බිලියන 4.6 ක් විය. ඒ අනුව මේ වසරේදී එය සියයට 272 කැපී පෙනෙන වර්ධනයකි.මෙම සුවිශේෂී කාර්ය සාධනය සඳහා දායකත්වය සැපයූයේ එයිට්කන්ස් ස්පෙන්ස් ව්‍යාපාර සමූහයේ මෙහෙයුම් අංශ 16 කි. ඒවා රටවල් අටක විසිරී පැතිරී තිබේ.පසුගිය වසරේ පැවති අඩු පොලී අනුපාතයට සාපේක්ෂව මෙම කාලසීමාව තුළ, ශ්‍රී ලංකා රුපියල සහ ඇමරිකානු ඩොලරය වෙනුවෙන් වූ ඉහළ පොලී අනුපාත හේතුවෙන් එයිට්කන් ස්පෙන්ස් ව්‍යාපාර සමූහයේ මූල්‍ය පිරිවැය සියයට 150 කට වඩා ඉහළ ගොස් තිබිණ. එවන් තත්ත්වයක් තිබියදීත් ගත වූ මාස හයක කාලය ඇතුළත මෙවන් සාර්ථක ප්‍රතිඵල අත්කර ගැනීම විශේෂත්වයකි.මූල්‍ය වර්ෂයේ පළමු භාගයේදී, එයිට්කන් ස්පෙන්ස් ව්‍යාපාර සමූහය සඳහා ආදායම රුපියල් බිලියන 43.3 කි. එය පෙර වසරේ එම කාලය තුළ වාර්තා කළ රුපියල් බිලියන 18.6 ක ආදායමට වඩා සියයට 133.3 ක වර්ධනයකි.එයිට්කන් ස්පෙන්ස් ව්‍යාපාර සමූහයේ සමුද්‍රීය සහ භාණ්ඩ ප්‍රවාහන අංශය පසුගිය මාස හයක කාලයක් සඳහා, පෙර බදු ලාභයේ ඉහළම පංගුව ලෙසින්, රුපියල් බිලියන 5.1 ක් පෙන්නුම් කර තිබේ. එය සියයට 188.6 ක ආකර්ෂණීය වර්ධනයකි. වැඩි දියුණු කරන ලද විදේශීය වරාය කළමනාකරණ මෙහෙයුම්, කර්මාන්තය පුරා දක්නට ලැබුණු භාණ්ඩ ප්‍රවාහන ගාස්තු ඉහළ යාම සහ විදේශ මුදල් ප්‍රකාශිත ආදායමේ ප්‍රතිලාභ මෙම අංශයෙන් සුවිශේෂී කාර්ය සාධනයක් සඳහා ප්‍රධාන හේතු විය. මෙම අංශයේ සියලු‍ම සමාගම්වල වැඩි දියුණු වූ කාර්ය සාධනය ප්‍රශංසනීය මට්ටමක පැවතිණ.සමූහයේ උපායමාර්ගික ආයෝජන අංශයේ පෙර බදු ලාභය රුපියල් බිලියන 4.4 කි. එය 2022 සැප්තැම්බර් 30 දිනෙන් අවසන් වූ මාස හය සඳහා සියයට 703.3 ක වර්ධනයක් පෙන්නුම් කරයි. එයම වෙනත් ආකාරයකින් විග්‍රහ කරන්නේ නම්, පෙර බදු ලාභයේ දී පෙන්නුම් කරන්නේ ඉලක්කම් තුනක වර්ධනයකි.ව්‍යාපාර සමූහයේ වැඩි දියුණු කළ කාර්ය සාධනය සඳහා එයිට්කන් ස්පෙන්ස් කණ්ඩායමට අයත් වැවිලි, මුද්‍රණ සහ ඇසුරුම් මෙන්ම ඇඟලු‍ම් නිෂ්පාදන අංශ විසින් ද විශාල දායකත්වයක් සපයනු ලබයි. එමෙන්ම සමාගම තුළ රැඳුණු සැලකිය යුතු විනිමය සංචිතය, උපායමාර්ගික ආයෝජන අංශ ලාභයේ වැඩිවීම සඳහා සුවිශේෂී දායකත්වයක් ඉසිලීය.සමාලෝචනයට භාජන වන කාර්තුව තුළ සමූහයේ පුනර්ජනනීය බලශක්ති බලාගාර පුළුල් කරන ලදි. ඒ වෙනුවෙන් එයිට්කන් ස්පෙන්ස් ව්‍යාපාර සමූහය විසින් සැලකිය යුතු ආයෝජනයක් කරමින්, දිවයිනේ විශාලතම සූර්ය බලශක්ති උත්පාදන ව්‍යාපෘතියක සියයට 100 ක කොටස් හිමිකාරීත්වය අත්පත් කර ගන්නා ලදී. ඒ වෙනුවෙන් කරන ලද සම්පූර්ණ ආයෝජනය රුපියල් බිලියන 1.4 කි.සංචාරක කර්මාන්තයට සෘජුවම බලපෑ බහුවිධ අර්බුද මධ්‍යයේ වුව ද, 2022 සැප්තැම්බර් 30 දිනෙන් අවසන් වූ මාස හය සඳහා එයිට්කන් ස්පෙන්ස් ව්‍යාපාර සමූහය සියයට 42.5 ක් වූ අලාභ අඩුවීමක් පෙන්නුම් කළේය. එමගින් සංචාරක ව්‍යාපාර අංශය සැලකිය යුතු ප්‍රගතියක් ප්‍රකාශිත වේ.ශ්‍රී ලංකා රුපියල අවප්‍රමාණය වීමත් සමඟ එයිට්කන් ස්පෙන්ස් ව්‍යාපාර සමූහයට අයත් විදේශීය හෝටල් අංශයේ දිරිගන්වන ආකාරයේ යළි නැඟී සිටීමක් පෙන්නුම් කළේය. එයම ව්‍යාපාර සමූහයේ ගමනාන්ත කළමනාකරණ අංශයේ කැපී පෙනෙන වෙනසකට පාදක වූ අතර මෙම අංශයේ දියුණුව වෙනුවෙන් ධනාත්මක බලපෑමක් ද ඇති කළේය.2022 සැප්තැම්බර් 30 දිනෙන් අවසන් වූ මාස හය සඳහා රක්ෂණ සහ දේපළ සංවර්ධන අංශ විසින් මෙහෙයවන ලද සමූහයේ සේවා අංශය, පෙර බදු ලාභයේ සියයට 7.9 වර්ධනයක් පෙන්නුම් කළේය.“අඛණ්ඩව පවතින කැලඹිලි සහගත ආර්ථික අභියෝග මැද්දේ වුණත්, මෙම මූල්‍ය වසරේ පළමු මාස හය තුළ පෙන්වනු ලබන කැපී පෙනෙන වර්ධනය, පවතින තත්ත්වයට අනුගතවීමේ සහ ඔරොත්තු දීම සම්බන්ධයෙන් අපේ ව්‍යාපාර සමූහයට තිබෙන හැකියාව පෙන්නුම් කරනවා”“තවමත් විශාල අවිනිශ්චිත තත්ත්වයක් තිබුණත්, අපේ ව්‍යාපාරික ආකෘතී තිරසාර වන අතරම අපගේ ප්‍රජාව සහ පරිසරය වෙනුවෙන් අප පෙනී සිටින බවත් අපි සහතික කරනවා” යැයි ව්‍යාපාර සමූහයේ නියෝජ්‍ය සභාපතිවරයා මෙන්ම කළමනාකාර අධ්‍යක්‍ෂවරයා ද වන ආචාර්ය පරාක්‍රම දිසානායක ප්‍රකාශ කළේය.කාබන් විමෝචනය සහතික වශයෙන්ම ශුන්‍ය (0.00) අගයක් සාක්ෂාත් කිරීම සඳහා විද්‍යාව පදනම් කරගත් ඉලක්ක කරා යමින්, මහජන කැපවීමක් කරන ශ්‍රී ලංකාවේ පළමුවැනි සමූහ ව්‍යාපාරය වන්නේ එයිට්කන් ස්පෙන්ස් සමාගමයි. ශ්‍රී ලංකාවේ පුනර්ජනනීය බලශක්ති අවකාශයේ ප්‍රමුඛයා වෙමින්, පුනර්ජනනීය මූලාශ්‍ර හරහා රටේ උපරිම බලශක්ති ඉල්ලු‍මෙන් සියයට 1.2 ක් සැපයීමට ද එයිට්කන් ස්පෙන්ස් සමාගම සමත්ව සිටී.1983 වසරේ සිටම, කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත කර ඇති එයිට්කන් ස්පෙන්ස්’ සමාගම වසර 150 කට වැඩි විශිෂ්ටත්වයේ උරුමයකට හිමිකම් කියයි. ශ්‍රී ලංකාව, මාලදිවයින, ෆීජි, ඉන්දියාව, ඕමාන්, මියන්මාරය, මොසැම්බික් සහ බංග්ලාදේශය යන රටවල් 8 ක, විවිධාංගීකරණය වූ ව්‍යාපාරික ආකෘති 16 ක් ඊට ඇතුළත් වෙයි. 12,500 කට අධික එයිට්කන් ස්පෙන්ස් පවුලේ සමස්ත සේවක සංඛ්‍යාව විසින් එහි කාර්ය සාධනය දිනෙන් දින වැඩි දියුණු කෙරෙනු ඇත.595දේශමාන්‍ය ඩී.එච්.එස්. ජයවර්ධන - සභාපති (එයිට්කන් ස්පෙන්ස් සමාගම)ආචාර්ය පරාක්‍රම දිසානායක - නියෝජ්‍ය සභාපති සහ කළමනාකාර අධ්‍යක්ෂ (එයිට්කන් ස්පෙන්ස් සමාගම)
එයිට්කන් ස්පෙන්ස් සමාගමට රුපියල් මිලියන 3,000 ක පෙර බදු ලාභයක්
0
hp_train_7256
                                 (ක.ග කරුණාරත්න,ඩබ්.ඒ.පියතිලක)හිඟුරක්ගොඩ ප්‍රාදේශීය සභාවේ සභාපති ධුරයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඩී.ආර් උඩවත්ත මහතා ද උප සභාපති ලෙස එක්සත් ජාතික පක්ෂයේ කුමුදු පුෂ්පකුමාර මන්ත්‍රීවරයා තේරිපත් විය.පසුගිය පළාත් පාලන මැතිවරණයේ දී හිඟුරක්ගොඩ ප්‍රාදේශීය සභාවේ වැඩි මන්ත්‍රී සංඛ්‍යාවක් දිනාගනු ලැබුවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසිනි. එම මන්ත්‍රී සංඛ්‍යාව 13කි.හිඟුරක්ගොඩ ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා සහ උප සභාපතිවරයා තෝරා පත්කර ගැනීම සඳහා මංගල සැසිවාරය  අද (6) පස්වරුවේ හිඟුරක්ගොඩ ප්‍රාදේශීය සභා ශ්‍රවණාගාරයේදී උතුරු මැද පළාත් පාලන කොමසාරිස් එම්. කොඩිප්පිලිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන්ත්වයෙන් පැවැත්විණි.එහිදී සභාපතිවරයා තෝරා ගැනීමේ ඡන්ද වට දෙකක්  පවත්වනු ලැබූ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඩී.ආර් උඩවත්ත එම පක්ෂයේ එල්.පී නවරත්න ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පියතිස්ස බණ්ඩාර යන මන්ත්‍රීවරු ඉදිරිපත් වූහ. ඒ සඳහා පැවති ඡන්ද විමසීමේදී ඩී.ආර් උඩවත්ත මහතා ඡන්ද 16 ක්, එල්.පී නවරත්න මහතා ඡන්ද 14ක්, පියතිස්ස බණ්ඩාර මහතා ඡන්ද 13 ක් වශයෙන් ලබා ගත්තේය.සභාපතිවරයා තෝරාපත්කර ගැනීම සඳහා දෙවන වටයේ ඡන්දක් පැවති අතර එයට ඉදිරිපත් වූයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඩී.ආර් උඩවත්ත සහ එල්.පී නවරත්න යන මන්ත්‍රීවරුන් දෙදෙනා පමණි. එම ඡන්ද විමසීමේදී උඩවත්ත මන්ත්‍රීවරයා ඡන්ද 16 ක් ද එල්.පී නවරත්න මහතාට හිමිවූයේ ඡන්ද 10 ක් පමණි. ඒ අනුව වැඩි ඡන්ද 6 කින් ඩී.ආර් උඩවත්ත මහතා හිගුරක්ගොඩ ප්‍රාදේශීය සභාවේ නව සභාපතිවරයා ව වශයෙන් තේරී පත් විය.උප සභාපති ධුරය එක්සත් ජාතික පක්ෂයේ කුමුදු පුෂ්පකුමාර සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සෝමරත්න පතිරාජ යන මහත්වරුන් ඉදිරිපත් වූ අතර ඡන්ද 17 ක් ලබාගත් එක්සත් ජාතික පක්ෂයේ කුමුදු පුෂ්පකුමාර මහතා උප සභාපති ධුරයට තේරී පත්විය. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සෝමරත්න පතිරාජ මහතාට හිමි වූයේ ඡන්ද 15 ක් පමණි.
හිඟුරක්ගොඩ ප්‍රා.සභා පුටුව ශ්‍රීලනිපයට
1
hp_train_7257
(මොහොමඩ් ආසික්)මධ්‍යම කඳුකරයේ බොහෝ ප්‍රදේශවලට අද (17) ඇද හැළුණ  අධික වර්ෂාව හේතුවෙන්  මහවැලි ගඟේ ජල මට්ටම  ඉහළ යමින් පවතියි.මහවැලි ගඟේ ජල පෝෂක ප්‍රදේශවලට තද වැසි ඇති වීම හේතුවෙන්  මහවැලි ගඟේ ජල මට්ටම පාලනය කර ගැනීම සඳහා පොල්ගොල්ල  ජලාශයේ වාන් දොරටු තුනක් විවෘත කර ඇත.පොල්ගොල්ල ජලාශය භාර කාර්යභාර ඉංජිනේරු අතුල පුෂ්ප කුමාර මහතා සඳහන් කළේ අද සවස 3.30 වන විට ජලාශයේ වාන් දොරටු තුනක් විවෘත කර ඇති බවත් ජලාශයට තත්පරයකට ඝණ අඩි 7600 ක ජල ධාරිතාවක් ලැබෙමින් ඇති බවත් එයින් විවෘත කර ඇති වාන් දොරටු තුන හරහා තත්පරයකට ඝණ අඩි 4600 ක් වික්ටෝරියා ජලාශය වෙත මුදා හැරෙන බවත්ය.තත්පරයකට ඝණ අඩි 2000 ක තවත් ප්‍රමාණයක් උමං මාර්ගය හරහා බෝවතැන්න ජලාශය වෙත මුදා හරින බවත් ඒ මහතා සඳහන් කළේය.කෙසේ නමුත් ජලාශයේ ජල මට්ටම නිතරම වාන් මට්ටමට පහළින් පවත්වාගෙන යාමට කටයුතු කරන බවද කාර්යභාර ඉංජිනේරු පුෂ්පකුමාර මහතා වැඩිදුරටත් කීය.  
පොල්ගොල්ල ජලාශයේ වාන් දොරටු තුනක් අරී
0
hp_train_7258
(රංජිත් රාජපක්ෂ)                        බගවන්තලාව පොලිස් වමට අයත් ලින්ස්ටඩ් වතුයායේ කම්කරුවන් පිරිසකට බඹරු ඇනීමෙන්, තුවාල ලැබූ වතු කම්කරුවන් 15 දෙනෙකු බගවන්තලාව ප්‍රාදේශීය රෝහල වෙත අද (21) ඇතුළත් කර ඇත. තුවාල ලැබු වතු කම්කරුවන් සිව්දෙනෙකු සහ වතු කම්කරු කාන්තාවන් 11 දෙනෙකු රෝහල වෙත ඇතුළත් කර ඇත. උකුස්සෙකු තේ වත්තේ විශාල ගසක බැඳ තිබූ  බඹර කූඩුවක බඹර  වදයක් කඩා ගැනීම හේතුවෙන් ඇවිස්සුණු බඹරු ඇන ඇතැයි කම්කරුවෝ කීහ. තේ වතුයායේ වැඩ කරන වතු කම්කරුවන්ට දිගින් දිගටම බඹරු ඇනීම වැඩි බැවින් බැඳ තිබෙන බඹර කූඩු විනාශ නොකර බඹරුන් එම ස්ථානවලින් ඉවත් කිරීම සම්බන්ධයෙන් බිඟු සම්පත සුරකීමේ සංවිධානය සමග සාකච්ඡා කර  විසඳුමක් ලබා ගන්නා ලෙස වතු අධිකාරීවරුන් දැනුවත් කිරීමට පියවර ගන්නා බවද බගවන්තලාව පොලිසිය පැවසීය. මේ සම්බන්ධයෙන් බගවන්තලාව පොලිසිය පරික්ෂණ පවත්වයි.
තේ දලු නෙළමින් සිටි වතු කම්කරුවන් පිරිසකට බඹරු අනිති
0
hp_train_7259
( පාලිත ආරියවංශ ) බදුල්ල නඩුකාර කන්දේ අද (23)  දහවල් ඇතිවූ ගින්නක් ව්‍යාප්ත වෙමින් තිබේ . ගින්න එම  ස්ථානයේ පිහිටි කාලගුණ විද්‍යා පරික්ෂණ මධ්‍යස්ථානය හා  නිවාස වෙත  ව්‍යාප්තවීම වැලැක්වීම සදහා  බදුල්ල මහ නගරසභාවේ ගිනි නිවන ඒකකය මේවන විට කටයුතු කරමින් සිටී .
බදුල්ල නඩුකාරකන්දේ ගින්නක්
1
hp_train_7260
(ඩයනා උදයංගනී)සබරගමුව, බස්නාහිර, සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල අද (22) විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.උතුරුමැද, නැගෙනහිර සහ ඌව පළාත්වල සවස 2.00 න් පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව එම දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් සඳහන් කළේය.ගිගුරුම් සහිත වැසි ඇතිවන අවස්ථාවල අකුණු අනතුරු හා තාවකාලික තද සුළං ඇතිවිය හැකි බවද ඔහු කීවේය. 
අදත් සවස ගිගිරුම් සහිත වැසි
0
hp_train_7261
(පැතුම් දර්ශන) එක්සත් ජාතික පක්ෂයට බලය හිමි හොරොව්පොතාන ප්‍රාදේශීය සභාවේ සභාපති ධූරය ලබාගැනීම සඳහා මන්ත්‍රීවරුන් දෙදෙනෙකු අතර  තියුණු තරඟයක් නිර්මාණය වී ඇති බවට  තොරතුරු අනාවරණය වෙයි.ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරයෙකු සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රීවරයකු අතර මෙම තරඟය පවතින බවද ඒ වෙනුවෙන් ප්‍රාදේශීය සභාවේ අනිකුත් මන්ත්‍රීවරුන්ගේ කැමැත්ත ලබා ගැනීමට ඔවුන් දැඩි උත්සාහයක නිරතවන බවද වැඩිදුරටත් අනාවරණය වෙයි. හොරොව්පොතාන ප්‍රාදේශීය සභාවේ වර්තමාන සභාපතිවරයා ලෙස චාරික උදයංග විජෙරත්න මහතා කටයුතු කරන අතර ඔහු එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් හොරොව්පොතාන මැතිවරණ කොට්ඨාසයෙන්  තේරී පත්විය.  2018 වසරේ අප්‍රේල් 8 වනදා සිට මේ දක්වා ඔහු සිය තනතුර හොබවනු ලබයි.ඉකුත් පළාත් පාලන මැතිවරණයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හොරොව්පොතාන ප්‍රාදේශීය සභාව ජයග්‍රහණය කළ අතර එහිදී ඔවුන්ට මන්ත්‍රී ධූර 8ක් හිමිවිය. එක්සත් ජාතික පක්ෂය මන්ත්‍රීධූර 7ක්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මන්ත්‍රීධුර 4ක් සහ එක් ස්වාධීන මන්ත්‍රීධූරයක් හොරොව්පොතාන ප්‍රාදේශීය සභාවට හිමිවිය.පසුව  සභාපතිවරයා තෝරාගැනීමේ ඡන්ද විමසීමේ දී වර්තමාන සභාපති චාරික උදයංග විජෙරත්න මහතාට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් තිදෙනෙකුගේ සහ ස්වාධීන මන්ත්‍රී හිමිනමගේ ඡන්දය හිමිවීමෙන් ඔහු සභාපති ධුරයට පත්විය.මේ වන විට කෙසේ හො වර්තමාන සභාපතිවරයා ඉවත් කිරීම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ  ප්‍රධානතම අරමුණ වී ඇතිමුත්, පක්ෂ දෙකෙහිම මන්ත්‍රීවරුන් දෙදෙනෙකු සභාපතිධූරය ලබාගැනීමට උත්සාහ කිරීම හේතුවෙන් ගැටලු පැන නැගී ඇති බවට තොරතුරු වාර්තා වේ. මෙම තත්වය හමුවේ වත්මන් සභාපතිවරයා  2020 වසර වෙනුවෙන් වන  අයවැය කෙටුම්පත ලබන 28 වනදා සභාවට ඉදිරිපත් කිරීමට ද නියමිතය.මේ සම්බන්ධයෙන් හොරොව්පතාන ප්‍රාදේශීය සභාවේ සභාපති චාරික උදයංග විජේරත්න මහතාගෙන් කළ විමසීමේදී ඔහු මෙසේ කීය. "ප්‍රාදේශීය සභා පනත අනුව ඉල්ලා අස්වීමකින් තොරව සභාපතිවරයෙකු වෙනස් කිරීමේ ක්‍රමවේදයක් නෑ. මම ඉදිරියේදී ක්‍රියා කරන්නේ ප්‍රාදේශීය සභා පනත අනුව. එයින් පිට කිසිදු ක්‍රියාමාර්ගයකට මම එකඟ වෙන්නෑ"යැයි සභාපතිවරයා කීය.
හලාවත ප්‍රා.සභාවේ සභාපතිගේ යෝජනාව පරාජයට
0
hp_train_7262
ඩී.‍කේ.රත්නඇල්ල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයට අයත් දෝව රක්ෂිතයේ අද (21) අලූයම ඇතිවූ හදිසි ගින්නකින් එම රක්ෂිතයේ අක්කර දහයක පමණ භූමි පරබූ දේශයක් සම්පූර්ණයෙන්ම ගිනිගෙන විනාශ වී ඇතැයි ඇල්ල පොලීසිය පවසයි.පවතින දැඩි සුළං තත්වය නිසා මෙම ගින්න සීගර‍වේයෙන් පරන් දේශය පුරා පැතිර ගොස් තිබෙන අතර මෙම ගින්න හටගැනීමත් සමඟ ඇල්ල පොලීසිය දියතලාව යුද හමුදා කඳවුරේ නිළධාරීන්ගේ සහ පරන් දේශවාසීන්ගේ සහයෝගය මත මෙම ගින්න නිවා දමා තිබේ.මෙම ගින්න හේතුවෙන් මෙම රක්ෂිතයේ තිබූ වටිනා ශාක සහ ඖෂධ පැළෑටි රැසක් සහ වන සතුන් හා කෘමි වර්ග රැසක් විනාශ වෙන්නට ඇතැයි පරිසරවේදීහු කියති.කිසියම් පුද්ගලයකු විසින් සතුන් දඩයම් කිරීම සඳහා මෙම රක්ෂිතයට ගිනි තබන්නට ඇතැයි ඇල්ල පොලීසිය පවසයි. 
දෝව රක්ෂිතයේ ගින්නෙන් අක්කර 10 ක් විනාශයි
1
hp_train_7263
(නාලක සංජීව දහනායක)බරපතළ ඇමැති මණ්ඩලයක් නඩත්තු කිරීමට ආණ්ඩුව රටේ සම්පත් විකුණා දමමින් සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා පෙරේදා (15) පැවසීය.එබැවින් මෙවන් ආණ්ඩුවකට තවත් හුස්ම ගැනීමටවත් ඉඩක් නොදිය යුතු යැයිද කීය.ඒකාබද්ධ විපක්‍ෂය විසින් තුම්මුල්ලේ ශ්‍රී සම්බුද්ධත්ව ජයන්ති මන්දිරයේදී පෙරේදා (15) පැවැත්වූ සම්මන්ත‍්‍රණයකට එක්වෙමින් මන්ත‍්‍රීවරයා මේ බව සඳහන් කළේය. වීරවංශ මහතා මෙසේද පැවසීය.       සංවර්ධනයට මුවාවී හොරකම් කරන බවට එදා අපේ ආණ්ඩුවට චෝදනාවක් තිබුණා. ඒ නිසා හොරකමට එරෙහිව එදා විශාල ජනමතයක් හැදුණා. ඒ ජනබලයට මුවාවී මේ ආණ්ඩුව කරපු හොරකම කොහොමද? මේක තනිකරම ණයදෙන ගමන් ගහපු ගැහිල්ලක්. ඉතිහාසයේ පළමු වතාවට මහබැංකුව මුදල් අමාත්‍යවරයාගෙන් ඉවත් කර අගමැතිවරයා යටතට පවරා ගන්නවා. අගමැතිවරයා එසේ ක‍්‍රියා කළේ ඇයි? මේ දේවල් නිකම්ම සිදුවුණේ නැහැ. මේ සියල්ලක්ම සිදුවුණේ කිසියම් පූර්ව සූදානමක් ඇතුවයි.රාජිත සේනාරත්න ඇමතිතුමාට අනුව නම් මේ වංචාව ලූනු බිකක්. මේ වංචාවෙන් රුපියල් ටි‍්‍රලියනයක වංචාවක් සිදුවෙලා තිබෙන බව ලක්‍ෂමන් යාපා අබේවර්ධන රාජ්‍ය ඇමැතිවරයා සඳහන් කළා. මෙම වංචාව නිසා රටේ සමස්ත මූල්‍ය ක්‍ෂේත‍්‍රයම කඩාවැටිලා. රටට වැඩි පොලියට ණය ගන්න සිදුවුණේ බැඳුම්කර වංචාව නිසයි. සියලූම රටවැසියන් දිනපතාම මේ වංචාවේ බලපෑම්වලට යටත් වෙනවා. යහපාලනයේ නාමයෙන් බලයට ආවේ චෞර රැලක්. බැඳුම්කර කොමිසම නෙමෙයි මේ වංචාව පිළිබඳව උසාවියෙන් විභාග කළ යුතුයි. බැඳුම්කර කොමිසමට තවම චෝදනාවට නම් කියවෙන ඇමැතිවරුන් ගෙන්වූයේ නැහැ. බැඳුම්කර වංචාව සිදුවීමට පෙර මහබැංකුවට ගිය මැති ඇමැතිවරුන් කවුද? ඒ ගැන රටට හෙළිවිය යුතුයි.මේ චෞර රැල රටේ සම්පත් විකුණමින් ඉතාම බරපතළ ඇමැති මණ්ඩලයක් නඩත්තු කරනවා. දැන් ආණ්ඩුවේ අයට විරුද්ධව ආණ්ඩුවේ අයම විශ්වාසභංග යෝජනා ගේනවා. මුළු ආණ්ඩුවම මුරුගසන් වරුසාවට අහුවෙලා. අපි විශ්වාසභංග යෝජනාව නොගෙනාව නම් රවී කරුණානායක අමාත්‍යවරයා ඉල්ලා අස්වෙන්නේ නැහැ. තමන් බිත්තියටම හේත්තුවුණ බව දන්නා නිසයි ඔහු ඉල්ලා අස්වුණේ. බල පෙරළියේ ඩොලර් කුට්ටි හුවමාරු වුණේ සිංගප්පූරුව හරහායි. මේ ආණ්ඩුවේ එවැනි මූල්‍ය ඞීල් පමණක් නෙමෙයි දේශපාලන ඞීල් පවා තිබෙනවා. ඒ දේශපාලන ඞීල් ගැනත් සෙවිය යුතුයි.රට දවසින් දවස අගාධයට යනව. 8 වැනිදා බලපෙරළියට කර ගැසූ සියලූම දෙනා මේ පාපකර්මයට වගකිව යුතුයි. මෙහෙම ආණ්ඩුවකට තවත් හුස්ම ගැනීමටවත් ඉඩක් නොදිය යුතු යැයි ඔහු පැවසීය.ඒකාබද්ධ විපක්‍ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා මෙසේ පැවසීය. බැඳුම්කර වංචාවට සම්බන්ධ වූ සියලූම දෙනාට මේ වනතුරුත් දඬුවම් ලැබී නැහැ. ඔවුන් සියලූම දෙනාට ද`ඩුවම් ලබාදීමේ ක‍්‍රියාවලියකට අපි එළඹිය යුතුයි. බැඳුම්කර වංචාව නිසා රටේ මූල්‍ය ක්‍ෂේත‍්‍රයේ අවුල් ජාලාවක් නිර්මාණයවී තිබෙනවා. ඒකාබද්ධ විපක්‍ෂය බැඳුම්කර වංචාව ගැන නිරන්තරයෙන්ම හාරා ඇවිස්සුවේ නැත්නම් මෙය මෙතරම් දුරක් යන්නේ නැහැ. ආත්ම ගරුත්වයක් තිබුණානම් අර්ජුන් මහේන්ද්‍රන් මුල් අවධියේම මහබැංකු අධිපතිධුරයෙන් ඉවත්විය යුතුව තිබුණා. නමුත් ඔහු ඉල්ලා අස්වුනේ නැහැ. එසේ ඉල්ලා අස්නොවූයේ ඔහු පිටුපස්සෙන් යම් බලයක් තිබූ නිසයි.මුදල් ඇමැති රවී කරුණානායක මහතාට විරුද්ධව අපි මුලින්ගෙනා විශ්වාස භංග යෝජනාව විවාදයට ගත්තේ නැහැ. එය තවමත් කතානායකවරයාගේ ලිපිගොනුවේ තිබෙනවා. මේ වනවිට පාර්ලිමේන්තු ප‍්‍රජාතන්ත‍්‍රවාදය කප්පාදුවෙමින් තිබෙනවා. එපමණක් නෙමෙයි රැකියා අවස්ථාවන් ලක්‍ෂ ගණනින් කප්පාදු වෙමින් තිබෙනවා. ආණ්ඩුවට ආර්ථිකය කළමනාකරණය කරගන්න බැහැ. දවස ගානේ බදු ගහනවා. අපි අද මෙතන ඉඳගෙන ඉන්න ටිකටත් සීනිවලට බද්දක් ගහලා යැයි ඔහු පැවසීය.පාර්ලිමේන්තු මන්ත‍්‍රී බන්දුල ගුණවර්ධන මහතා මෙසේ පැවසීය.   එකතැන නතරව තිබූ රටක් මහින්ද රාජපක්‍ෂ යුගයේදී වේගයෙන් සංවර්ධනය වුණා. ඒ නිසා පහළ මැදි ආදායම් ලබන රටක් බවට අපේ රට පත්වුණා.  මේ හේතුවෙන් පොළී අනුපාතය, විරැකියාව, උද්ධමනය තනි ඉලක්කමක් බවට පත්වුණා. රටේ සමස්ත සංවර්ධන වේගය සියයට 7,8 ක් පමණ වුණා. පොලී අනුපාතය පහළ යෑම නිසා සුළු පරිමාණ ව්‍යාපාරිකයන්ට විශාල වාසියක් වුණා.නමුත් බැඳුම්කර වංචාව නිසා අපේ රටේ සමස්ත ණය පොලිය රුපියල් බිලියන 167 ක් දක්වා වැඩිවුණා. ඒ මුදලින් මත්තල වගේ ගුවන් තොටුපළක් හා වරායක් හදන්න තිබුණා. එපමණක් නෙමෙයි බැඳුම්කර වංචාව නිසා විදේශීය ආයෝජකයන් විසින් මහබැංකු සුරැකුම්පත්වල ආයෝජනය කර තිබූ ආයෝජන නැවත අරගෙන ගියා. ආසන්න වශයෙන් පසුගිය වසර දෙකේදී පමණක් රුපියල් බිලියන දෙදාහකට වඩා ආයෝජන නැවැත අරගෙන ගිහින් තිබෙනවා. විදේශ විනිමය රටින් පිටට යනවිට රුපියල බාල්දු වුණා. 2005 මහින්ද රාජපක්‍ෂ මහතා රට බාර ගනිද්දි අපි ආමරිකානු ඩොලරයකට රුපියල් 101 ක් ගෙව්වා. 2005 සිට 2015 වසර දක්වා මහින්ද රාජපක්‍ෂ රජය අර්බුධ රාශියකට මුහුණ දුන්නා. එහෙත් එම වසර දහයේදී ඇමරිකානු ඩොලරය වර්ධනය වී තිබෙන්නේ රුපියල් 30න් පමණයි. එතුමා නැවත රට බාරදෙනවිට අපි ඇමරිකානු ඩොලරයකට රුපියල් 131 මුදලක් ගෙව්වා. දැන් අපි ඇමරිකානු ඩොලරයකට රුපියල් 155ක් ගෙවනවා. ඇමරිකානු ඩොලරයේ මිල ඉහළ යනවිට අත්‍යවශ්‍ය ද්‍රව්‍යවල මිල ඉතා ශීඝ‍්‍රයෙන් ඉහළ යනවා. රුපියල බාල්දු වීම නිසා ජාතියේ ණය බර ශීඝ‍්‍රයෙන් ඉහළ යනවා.මේ හැම දෙයක්ම සිදුවුණේ බැඳුම්කර වංචාව නිසයි. බැඳුම්කරේ සියලූම බර පැටවුණේ මේ රටේ අවිහිංසක ජනතාව මතයි. ඒනිසා බැඳුම්කර වගකීම බාරගෙන මුදල් ඇමැතිවරයා හා අගමැතිවරයා ගෙදර යා යුතුයැයි පැවසීය.පිවිතුරු හෙළ උරුමයේ ප‍්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා මෙසේ පැවසීය.බැඳුම්කර වංචාවට චෝදනා ලැබූ රවී කරුණානායක මහතා තමන්ගේ ඇමැති තනතුරින් ඉල්ලා අස්වුණා. දැන් මෙම සටන මෙතනින් ඉදිරියට ගෙනියන්නේ කොහොමද? බැඳුම්කර වංචාව  සම්බන්ධයෙන් පරීක්‍ෂණ පවත්වන ජනාධිපති කොමිසමට වැරදිකරුවන්ට දඬුවම් කරන්න බැහැ. සාක්‍ෂිකරුවකු වශයෙන් ජනාධිපතිවරයා  ඕනෑම කොමිසමකට කැඳවිය හැකියි. ඒ නිසා මෙම කොමිසම හමුවට ජනාධිපතිවරයාද කැඳවිය යුතු බව අපේ අදහසයි.තමන්ගේම කැබිනට් මණ්ඩලයම විරුද්ධ වෙද්දිත් අර්ජුන් මහේන්ද්‍රන් මහබැංකු අධිපති තනතුරට පත්කිරීම පිළිබඳව ජනාධිපතිවරයාගෙන් ප‍්‍රශ්න කළ යුතුයි. එමෙන්ම බැඳුම්කර වංචාව සිදුවීමෙන් පසුව අර්ජුන් මහේන්ද්‍රන් මහතා මහ බැංකු අධිපති තනතුරින් ඉවත් කරන ලෙසට රටේම ලොකු උද්ඝෝෂණයක් ඇති වුණා. නමුත් ඔහු ඉවත් කළේ නැහැ. ඒ නිසා 2016 වසරේ මාර්තු මාසයේදී පෙරටත් වඩා විශාල බැඳුම්කර වංචාවක් සිදුවුණා. නමුත් අඩුම තරමේ අර්ජුන් මහේන්ද්‍රන් මහත්තයගේ විදේශ ගමන් බලපත‍්‍රයවත් අහෝසි කරන්න ජනාධිපතිවරයා කටයුතු කළේ නැහැ.බැඳුම්කර වංචාවට සම්බන්ධ වූවන් ප‍්‍රකෝටි ගණන් මුදල් යොදා ස්කාගාර පටන් ගන්නවා. මේ ගැන කතා කරන උදවියට මඩ ගහන්න මාධ්‍ය ආයතන ආරම්භ කරනවා. එහෙත් ඒ මුදල් රාජසන්තක කිරීමටත් මේ වනතුරු පියවරක් ගෙන නැහැ.ජනාධිපතිවරයා පමණක් නෙමෙයි අගමැතිවරයාත් බැඳුම්කර කොමිසමට කැඳවිය යුතුයි. අර්ජුන් මහේන්ද්‍රන් මහ බැංකු අධිපතිකමට පත්කිරීමට තමන් විරුද්ධවූ බව රාජිත සේනාරත්න ඇමැතිවරයා ප‍්‍රකාශ කළා. එහෙත් අර්ජුන් මහේන්ද්‍රන් සම්බන්ධයෙන් සියලූම වගකීම් තමන් බාරගන්නා බව අගමැතිවරයා ප‍්‍රකාශ කර තිබෙනවා.                 මෙම වංචාව ගැන හොයන්න අගමැතිවරයා නීතිඥවරුන් තිදෙනෙකුගෙන් යුතු කමිටුවක් පත් කළා. එම කමිටුව නිර්දේශ ක‍්‍රියාත්මක නොකළේ ඇයි? මේ වංචාවට සම්බන්ධ වූ ලංකා බැංකු ප‍්‍රධානීන් හා සේවක අර්ථසාධක අරමුදලේ ප‍්‍රධානීන්ද මෙම කොමිසම හමුවට කැඳවිය යුතුයි.  එමෙන්ම කෝප් කමිටු වාර්තාව කඩාකප්පල් කිරීමට ක‍්‍රියාකළ ”ෆුට්නෝටි” කල්ලියත් බැඳුම්කර කොමිසමට කැඳවිය යුතුයි.ඒ කල්ලියේ සමහරුන් තමන්ගේ නැන්දම්මා, සහෝදර සහෝදරියන්ගේ නම්වලින් දේපළ මිළදී ගෙන තිබෙන බව ආරංචියි. ඒ පිළිබඳවත් සොයා බලා දේපළ රාජසන්තක කිරීමට රජය ක‍්‍රියා කළ යුතුයි. එවිට මේ බැඳුම්කර වංචාව ගැන දිග පළල සහිත පැහැදිලි චිත‍්‍රයක් මවා ගත හැකියි. මේ වංචාව නිසා රටේ සමස්ත ආර්ථිකයම පීඩාවට පත්වෙලා. ඒ නිසා රවී කරුණානායක වැලිකඩට ගෙනියනතුරු මේ සටන නවත්වන්නේ නැතැයි ද පැවසීය.  ප‍්‍රජාතන්ත‍්‍රවාදී වාමාංශික පෙරමුණේ ප‍්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත‍්‍රී වාසුදේව නානායක්කාර මහතා මෙසේ පැවසීය.බැඳුම්කර වංචාව පිළිබඳව කතාන්දර හඳුනා ගැනීමට අපි කරුණු එකිනෙක පෙළ ගස්වමින් සිටියා. නමුත් ඊට පෙර රවී කරුණානායක මහතා හරහා මේ කතාව එළියට පැන්නා. රවී කරුණානායක මහතා ඉල්ලා අස්වෙන්නේ ඇයි? ඔහු සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්‍ෂයත්, ආණ්ඩුව ඇතුළෙත් ලොකු බෙදීමක් තිබුණා. රවී කරුණානායක මහතාට ඉල්ලා අස්වෙන්න සිදුවුණේ මේ දේශපාලන අර්බුදය නිසයි.බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් මහින්ද අමරවීර මහතා මුලින්ම පැමිණිලි කළා. නමුත් ඒකාබද්ධ විපක්‍ෂය පාර්ලිමේන්තුවේදී දිගින් දිගටම මේ ගැන කරුණු ඇවිස්සුවා. පාර්ලිමේන්තු කෝප් කමිටු දෙකකින්ම මෙම වංචාව සම්බන්ධයෙන් එකම නිගමනයකට එළැඹුණා. නමුත් අගමැතිවරයා පත්කළ ත‍්‍රිපුද්ගල නීතිඥ කමිටුවට මෙම වංචාව හසුවුණේ නැහැ.බැඳුම්කර වංචාව මේ වනවිට දේශපාලන අර්බුදයක් දක්වා දිග්ගැසී තිබෙනවා. ඒ දේශපාලන අර්බුදය නිසා ආණ්ඩුවට මැතිවරණයකට මුහුණ දීමට නොහැකිව සිටිනවා. ආණ්ඩුවේ පාර්ශවකරුවන් එකිනෙකාට ගහ ගන්නවා. බැඳුම්කර වංචාව නිසා ලංකාවේ මූල්‍ය අර්බුදයක් හා ආර්ථික අර්බුදයක් හටගෙන තිබෙන බව ආර්ථික විශේඥයන් සඳහන් කරනවා. මේ නිසා ආණ්ඩුව හැම පැත්තකින්ම කොටුවී සිටිනවා. දැන් ආණ්ඩුව ගැලවෙන්න විවිධ උපක‍්‍රම සොයන බව ද පැවසීය. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල් පීරිස් මහතා මෙසේ පැවසීය.ආණ්ඩුව බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් අනන්ත අප‍්‍රමාණව මිත්‍යාව වපුරනවා. මෙම වංචාවට චෝදනා ලැබ සිටින රවී කරුණානායක මහතා තමන්ගේ අවසන් කතාවේදී දේවධර්මය උපුටා දක්වමින්  කතා කළා. අද ඔවුන් ජනතාව අතර වීරයන් වීමට උත්සාහ ගන්නවා. මුදල් පනත අනුව මහ බැංකුව අයත් විය යුත්තේ මුදල් අමාත්‍යාංශයටයි. නමුත් මෙම රජය යටතේ මහ බැංකුව අගමැතිවරයා යටතට පත් කළා. මහ බැංකුව මුදල් අමාත්‍යංශයෙන් වෙනත් අමාත්‍යාංශයකට පවරනවා නම් මුදල් පනත වෙනස් කළ යුතුයි. නමුත් මෙහිදී මුදල් පනත වෙනස් කළේ නැහැ.බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඩිව් ගුණසේකර මහතා විසින් අංගසම්පූර්ණ වාර්තාවක් සකස් කළා. එම වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබියදී ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරියා. එපමණක් නෙමෙයි ළඟදී සිදුවූ කැබිනට් සංශෝධනයේදී බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් චෝදනාවට ලක්ව සිටින රවී කරුණානායක මහතාට අයත් විදේශ කටයුතු අමාත්‍යාංශයට සංවර්ධන ලොතරැයි මණ්ඩලය හා ජාතික ලොතරැයි මණ්ඩලය පවරනවා. ලෝකයේ කිසිම රටක එවැනි දෙයක් සිදුවී නැහැ. අමාත්‍යංශවලට විෂයන් වෙන්කිරීම ඉතාම විද්‍යානුකූල ආකාරයට සිදුකරන බව ජනාධිපතිවරයා ප‍්‍රකාශ කළා. එහෙත් ලොතරැුයි මණ්ඩල විදේශ අමාත්‍යාංශයට පැවරීමේ විද්‍යාත්මක පදනම කුමක්ද?බැඳුම්කර වංචාවේ සියලූම පව් රවී කරුණානායක මහතාගේ කරමත පැටවීමේ හැකියාවක් නැහැ. මුළු ආණ්ඩුවම මෙයට වගකිව යුතුයි. විදේශිකයකුවන අර්ජුන් මහේන්ද්‍රන් මහතා මහබැංකු අධිපතිකමට පත්කිරීමට කැබිනට් මණ්ඩලයේ කිහිපදෙනෙක් විරුද්ධවී තිබෙනවා. නමුත් අගමැතිවරයාගේ තනි කැමැත්තට අර්ජුන් මහේන්ද්‍රන් මහ බැංකු අධිපතිකමට පත්කළා.2015 වසරේදී පැවැත්වූ මහ මැතිවරණයෙන් පසුව පත්වූ නව පාර්ලිමේන්තුවේ කෝප්කමිටුවත් මෙම වංචාව ගැන පරීක්‍ෂණ පැවැත්වූවා. එම පරීක්‍ෂණ කඩාකප්පල් කිරීමටත් අගමැතිවරයා තමන්ගේ මන්ත‍්‍රී කණ්ඩායම මෙහෙයවූවා. මෙම ගනුදෙනුවට ලංකා බැංකුවත් සම්බන්ධ වුණා. ඔවුන් එක දුරකතන ඇමතුමට රුපියල් බිලියන 13ක් මෙම ගනුදෙනුව සඳහා ලබා දුන්නා.නීතිපති දෙපාර්තමේන්තුවට දේශපාලන බලපෑම්වලට යටත්ව කටයුතු කිරීමට හැකියාවක් නැහැ. නමුත් මේ වනවිට අගමැතිවරයා නීතිපති දෙපාර්තමේන්තුවට ලිපි ගොනු 87ක් යවා තිබෙනවා. මෙවැනි කටයුතුවලින් නීතිපති දෙපාර්තමේන්තුවේ ක‍්‍රියාකාරකම විකෘති වෙනවා. දැන් නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට පමණක් නෙමෙයි ඔවුන්ගේ අඹුදරුවන්ටත් තර්ජනය කරනවා. මෙවන් වාතාවරණයක් තුළ ඔවුන්ට තමන්ගේ හෘද සාක්‍ෂියට අනුව වැඩ කිරීමට හැකියාවක් නැහැ.බැඳුම්කර වංචාව යට ගැසීමට දැන් රාජපක්‍ෂවරුන් දඩයම් කිරීම ආරම්භ කර තිබෙනවා. චෝදනා තිබුණත් රාජපක්‍ෂවරුන්ට විරුද්ධව මේවනතුරු කිසිම චෝදනාවක් නැහැ. මෙම පාලන ක‍්‍රමය වෙනස්කර තමන්ට ආදරය කරන නිර්මල පාලනයක් බිහිකර ගැනීමට ජනතාව ක‍්‍රියා කළ යුතු යැයි පැවසීය.මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්වන ඩලස් අලහප්පෙරුම, ගාමිණී ලොකුගේ මහත්වරුන් හා ලංකා සමසමාජ පක්‍ෂයේ ප‍්‍රධාන ලේකම් මහාචාර්ය තිස්ස විතාරණ, කොමියුනිස්ට් පක්‍ෂයේ සභාපති රාජා කොල්ලූරේ යන මහත්වරුන් ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ.
රටේ සම්පත් විකුණනවා: රට අගාධයට යනවා
1
hp_train_7264
බස්නාහිර, වයඹ, දකුණ, මධ්‍යම සහ සබරගමුව පළාත් වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි  ඇති වන බවත් ඇතැම් ස්ථාන වලට මිලි මීටර් ‍100ක් පමණ තද වැසි ඇතිවිය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. උතුරු සහ උතුරු මැද පළාත්වලද වැසි ස්වල්පයක් ඇති විය හැකියි.ඌව සහ නැගෙනහිර පළාත්වලට සවස 2.00න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි වේ.පුත්තලම සිට මන්නාරම සහ කන්කසන්තුරය හරහා ත්‍රීකුණාමලය දක්වා වන මුහුදු ප්‍රදේශවල (විශේෂයෙන් මන්නාරම් බොක්ක ප්‍රදේශයේ) සහ මඩකලපුව සිට පොතුවිල් හරහා මාතර දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළං වේගය විටක පැ.කි.මී. 60 දක්වා වැඩි වීමට ඉඩ පවතින බැවින් එම මුහුදු ප්‍රදේශ විටින් විට රළු විය හැකියි.
‘අදත් තද වැසි සහ සුළං‘
0
hp_train_7265
(මනෝප‍්‍රිය ගුණසේකර) කොළඹ කොටහේන හා තදාසන්න ප‍්‍රදේශ වල තරුණයින් 11 දෙනෙකු කප්පම් ලබාගැනීම සඳහා පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම සම්බන්ධයෙන් හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ මහතා ඇතුළු නාවික හමුදා නිලධාරීන් 14 දෙනෙකුට ලබන 24 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස නියම කරමින් එම නඩුව විභාග කිරීම සඳහා පත්කළ ත‍්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල සිතාසි නිකුත් කළේය. හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ මහතා ඇතුළු නාවික හමුදා නිලධාරීන් 14 දෙනෙකුට එරෙහි නඩුව විභාග කිරීම සදහා අගවිනිසුරු ජයන්ත ජයසුරිය මහතා විසින් ත‍්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් පත් කරන ලදී. නීතීපතිවරයාගේ ඉල්ලීම මත මෙම නඩුව විභාග කිරීම සඳහා චම්පා ජානකී රාජරත්න, අමල් රණරාජා සහ නවරත්න මාරසිංහ යන මහත්ම මහත්මීන්ගෙන් සැදුම්ලත් ත‍්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක්  අගවිනිසුරුවරයා විසින් පත් කරන ලදී.මෙම සිද්ධිය හේතූවෙන් දේශිය වශයෙන් මෙන්ම ජාත්‍යයන්තර වශයෙන් ඇති වු ආන්දොළනාත්මක තත්වය පදනම් කරගනිමින් අධිකරණ සංවිධාන පනතේ 12 (2) වගන්තිය යටතේ සහ අපරාධ නඩු විධාන සංග‍්‍රහ පනතේ 450 (4) වගන්තිය යටතේ නීතීපති, ජනාධිපති නීතීඥ දප්පුල ද ලිවේරා මහතා කළ ඉල්ලීමකට අනුව අගවිනිසුරුවරයා විසින් මෙම නඩුව විභාග කිරීම සදහා ත‍්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් පත් කරන ලදී.2008 අගෝස්තු 08 වැනිදාත් 2009 සැප්තැම්බර් මස 21 වැනිදාත් අතර කාලය තුළදී කොටහේන, වැල්ලවත්ත, තී‍්‍රකුණාමලය, මඩකලපුව ඇතුලූ ස්ථාන කිහිපයකදී කස්තුරු ආරච්චිගේ ජෝ රීට්, රජීව් නාගනාදන්, ප‍්‍රදීප් විශ්වනාදන්, තිලගේෂ්වරන් රාමලිංගම්, මොහොමඞ් සාජිත්, ජමාල්ඞීන් ඩිලාන්, අමනන් ලියෝන්, රොෂාන් ලියෝන්, ඇන්තනි කස්තුරුආරච්චි, ත්‍යාගරාජා ජෙගන් සහ මොහොමඞ් අලි අන්වර් නමැත්තන් 11 දෙනෙකු මරා දැමීමට කුමන්ත‍්‍රණය කිරීම, ඒ අනුව ඔවුන් පැහැරගෙන යෑම, අයුතු ලෙස සිරකර තැබීම, ඔවුන්ගේ දේපළ බලහත්කාරයෙන් ලබා ගැනීම, මෙම තරුණයින් අතුරුදන් කිරීමට අදාළ සාක්කි වසන් කිරීම ඇතුළු චෝදනා 667ක් සම්බන්ධයෙන් නීතීපතිවරයා විසින් විත්තිකරුවන්ට එරෙහිව නඩු පවරා ඇත.මේ සම්බන්ධයෙන් හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ මහතාට අමතරව හිටපු නාවික හමුදා මාධ්‍ය ප්රකාශක ඩී. කේ. පී. දසනායක, නිලන්ත සම්පත් මුණසිංහ ඇතුළු නාවික හමුදා නිලධාරීන් 14 දෙනෙකුට එරෙහිව චෝදනා නඟා ඇත.චෝදනා 667 ක් යටතේ විත්තිකරුවන් 14 දෙනාට එරෙහිව නීතීපතිවරයා විසින් කොළඹ මහාධිකරණය හමුවේ මෙම නඩුව පවරා ඇති බවට නීතීපතිවරයා නිකුත් කළ ලිපියක් කොළඹ මහාධිකරණයේ ප‍්‍රදර්ශනය කෙරේ.
තරුණයින් 11 දෙනෙකු පැහැරගෙන යාමේ නඩුව පෙබරවාරි 19 වැනිදා
0
hp_train_7266
කප්පල්තුරෛ , මදට්ටන් වෙරළ ප්‍රදේශයේදී නීති විරෝධී දැල් භාවිතා කරමින් මසුන් ඇල්ලූ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව පවසයි.එහිදී ඔවුන් සතුව තිබූ මිටර් 250 දිගැති තහනම් දැලක්, කැනොයි වර්ගයේ යාත්‍රාවක් නාවික හමුදා භාරයට ගෙන ඇත.   ඒ අනුව, අත්අඩංගුවට ගත් පුද්ගලයින්, තහනම් දැල සහ යාත්‍රාව ඉදිරි නීතිමය කටයුතු සඳහා චීන වරාය, පොලිසිය වෙත භාර දීමට කටයුතු  කර ඇත.නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් චීන වරාය පොලිස් නිලධාරීන් සමඟ සිදුකළ මෙහෙයුමකින් මොවුන් අත්අඩංගුවට ගෙන ඇත.(36698)
ගිනි අවියක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට
0
hp_train_7267
 (දයාරත්න ඇඹෝගම)පැවැති පළාත් පාලන මැතිවරණයෙන් පසු පලාගල  ප්‍රාදේශිය සභාවේ සභපතිවරයා තේරීම අද (28) පැවැත්විණි. එහිදී   ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ නියෝජනය කළ  ආර් .එම්.වික්‍රමසිංහ  මහතා  සභාපතිවරයා ලෙස තේරිපත් වු අතර උප සභපති ලෙස කළ   පි.එල්.රසිදු මහතා තේරී පත්විය.පලාගල ප්‍රාදේශිය සභාවේ මංගල රැස්විම අද (28) එම සභා ශ්‍රවණාගාරයේදි පැවැත්වුණි.  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ජන්ද අටක්  හා එක්සත් ජාතික පක්ෂයට ජන්ද හයක්ද  හිමි විය.මෙහිදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නියෝජිතයන් දෙදෙනාගෙන් එක්‌ අයකු ජන්දය දීමෙන් වැලකී  සිටි අතර අනෙක් නියෝජිතයා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට පක්ෂව ජන්දය භාවිතා කිරීම විශේෂත්වයක් විය. ජනතා විමුක්ති පෙරමුණද ජන්දය දීමෙන් වැලකී සිටියේය.
පලාගල ප්‍රා.සභාවේ ජය පොහොට්ටුවට
1
hp_train_7268
(ඩයනා උදයංගනී)දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද (30)  දිනයේත් සවස් කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.සබරගමුව, මධ්‍යම, බස්නාහිර, වයඹ සහ ඌව පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර 75ට වැඩි තරමක තද වැසි ඇතිවිය  බව එම දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් පැවසීය. නැගෙනහිර පළාතේ වෙරළබඩ ප්‍රදේශවල සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ උදෑසන කාලයේ ද වැසි ස්වල්පයක් ඇතිවන බව එම ප්‍රකාශකයා සඳහන් කළේය ගිගුරුම් සහිත වැසි සමග තාවකාලික තද සුළං  සහ අකුණු අනතුරු ඇති විය හැකි බැවින් අනතුරු අවම කර ගැනීමට පියවර ගන්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම්දීමක් කරයි. 
දවසේ කාලගුණය
1
hp_train_7269
(ඉන්දිකා රාමනායක)බස්නාහිර පළාතේ සිදුකළ විශේෂ මෙහෙයුමකින් පසුව විවිධ වැරදි සම්බන්ධයෙන් සැකකරුවන් 320 ක් අත්අඩංගුවට ගත් බව පොලිසිය පැවසීය.මෙම පිරිසෙන් සැකකරුවන් 49 දෙනෙකු අපරාධ 44 කට අවශ්‍යව සිටි සැකකරුවන් බව පොලිසිය සඳහන් කළේය.ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ නියෝග හා උපදෙස් පරිදි පොලිස් නිලධාරීන් 860 දෙනකුගේ සහභාගීත්වයෙන් ඊයේ (29) බස්නාහිර පළතේ පොලිස් වසම් 110 ක් තුළ මෙම මෙහෙයුම ක්‍රියාත්මක කර තිබූ බව පොලිසිය පැවසීය.වරෙන්තුකරුවන්,  නීති විරෝධී ක්‍රියාවලට සම්බන්ධ පුද්ගලයන් සහ මත්ද්‍රව්‍ය සන්තකයේ තිබූ පුද්ගලයන් අත්අඩංගුවට ගත් සෙසු සැකකරුවන් අතර වනබව පොලිසිය සඳහන් කළේය.මෙම මෙහෙයුමේදී  හෙරොයින් , ගංජා ඇතුළු මත්ද්‍රව්‍ය සහ නීති විරෝධී මත්පැන් විශාල ප්‍රමාණයක් අත්අඩංගුවට ගැනීමට හැකිවූ බව පොලිසිය කීය. 
බස්නාහිර පළාතේ මෙහෙයුමකදී සැකකරුවන් 755 ක් අත්අඩංගුවට
0
hp_train_7270
(රංජිත් රාජපක්ෂ)                                                                     වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කිරිම සම්බන්ධයෙන් වු අවබෝධතා ගිවිසුමට වතු හාම්පුතුන්ගේ සංගමය හා වතු එකාබද්ධ වෘත්තිය සමිතියට අයත් වෘත්තිය සමිති දෙකක් අත්සන් කිරීමට විරෝධය  දක්වමින් අදත් (29) බගවන්තලාව ප්‍රදේශයේ වතු කම්කරුවෝ උද්ඝෝෂණයේ නියැලුණහ. බගවන්තලාව පොලිස් වසමට අයත් කොටියාගල වතුයායේ වතු කම්කරුවෝ අද සේවයට වාර්තා කිරිම පෙර කළු කොඩි අතැතිව පෙළපාළියකින් බගවන්තලාව නගරය වෙත පැමිණ විරෝධය දක්වමින්,  අවබෝධතා ගිවිසුමට අත්සන් කළ වතුකරයේ දේශපාලනඥයින්ගේ සහ වතු සමාගම්වල නිලධාරින්ගේ අනුරුවක් සකස් කර හින්දු චාරිත්‍රානුකුලව අවමගුල් චාරිත්‍ර  සිදු කර අනුරුවන් පුළුස්සා දමා සිය විරෝධය දැක්වූහ. වතු හාම්පුතුන්ගේ  සංගමය හා ලංකා කම්කරු කොංග්‍රසය, ලංකා ජාතික වතු කම්කරු සංගමය ඊයේ (28) උදෑසන අරලියගහ මන්දිරයේදි වසර දෙකකට බලපැවැත්වෙන සේ අවබෝධතා ගිවිසුමට  අත්සන් කළේය. විරෝධතාවයේ නියැලි වතු කම්කරුවන්  පවසනුයේ  වතුකරයේ දේශපාලඥයින් රු 1000 ක තමන්ට මුලික වැටුපක් තමන්ට ලබාදෙන බව පොරොන්දු වෙමින් තමන්ව මුලා කළ බවයි.   
අවබෝධතා ගිවිසුමට අත්සන් කළ අයගේ අනුරූ ගිනි තියති
1
hp_train_7271
 රොමේෂ් මධුෂංඛ උතුරු පළාතට බලපා ඇති දැඩි නියං සහිත කාලගුණය හේතුවෙන් මේ වන විට උතුරේ පවුල් 103,404 කට අයත් පුද්ගලයින් 357,767 දෙනෙකු විපතට පත්ව ඇති බවට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය මගින් පෙන්වා දෙයි.දිවයිනේ සියලු පළාත් වලින් නියඟය හේතුවෙන් වැඩිම පිරිසක් විපතට පත්ව ඇත්තේ උතුරු පළාත වන බවටත් ඉදිරියේ දී වර්ෂාව නොලැබෙන්නේ නම් මෙම විපතට පත් පිරිස් සීඝ්‍රයෙන් ඉහළ යාමේ දැඩි අවදානමක් පවතින බවට ද පළාත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන මගින් පෙන්වා දෙයි.මේ අනුව උතුරු පළාතේ පිහිටි දිස්ත්‍රික්ක පහ වන වව්නියාව, මන්නාරම, මුලතිව්, කිලිනොච්චි හා යාපනය දිස්ත්‍රික්කයන්ගේ වැඩිම පිරිසක් විපතට පත්ව ඇත්තේ යාපනය දිස්ත්‍රික්කය වන අතර එහි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 16 ක ජීවත් වන පවුල් 30,425 කට අයත් පුද්ගලයින් 110,183 දෙනෙකු විපතට පත්ව ඇති අතර කිලිනොච්චිය දිස්ත්‍රීක්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 4 කට අයත් පවුල් 33,185 කට අයත් පුද්ගලයින් 109,794 දෙනෙකු විපතට පත්ව ඇති අතර මන්නාරම් දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 5 කට අයත් පවුල් 29422 කට අයත් පුද්ගලයින් 102,168 දෙනෙකු විපතට පත්ව ඇති අතර මුලතිව් දිස්ත්‍රීක්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 6 කට අයත් පවුල් 8103 කට අයත් පුද්ගලයින් 27347 දෙනෙකු විපතට පත්ව ඇති අතර වව්නියාව දිස්ත්‍රීක්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 4 කට අයත් පවුල් 2269 කට අයත් පුද්ගලයින් 8276 දෙනෙකු විපතට පත්ව ඇති බවට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයන් විසින් වැඩිදුරටත් පෙන්වා දෙයි.මේ අතර උතුරු පළාතට බලපා ඇති දැඩි නියං තත්වය හේතුවෙන් එහි ජනතාව වැඩි වශයෙන්ම පීඩාවට පත්ව ඇත්තේ පානීය ජල ගැටලුවකට වන අතර පානීය ජලය ලබා ගැනීම සඳහා මුළු දිනයේම වෙහෙසීමට සිදු වන බවටත් ඇතැම් අවස්ථාවන්හි විශාල දුරක් ගොස් පානීය ජලය සෙවීමට සිදුව ඇතැයි ද එහි වැසියන් වැඩි දුරටත් කියා සිටිති.
ජල ගැලීම් වලින් උතුරේ පවුල් 198,831 අවතැන්
0
hp_train_7272
අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේ  දී දිවයිනේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයිඋතුර සහ නැගෙනහිර දෙසින් වන වෙරළබඩ ප්‍රදේශ වල තැනින් තැන උදය කාලයේදී ද වැසි ඇති විය හැකගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශ වල තාවකාලිකව තද සුළං ඇති විය හැක. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය                                                   දිනය : 15/11/2014   නගරයඋෂ්ණත්වය (සෙ. අංශක)සාපේක්ෂ ආර්ද්‍රතාවය (%) කාලගුණයඋපරිමඅවමඋපරිමඅවමඅනුරාධපුරය33239565අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේ දී ගිගුරුම් සහිත වැසි ඇති වේ.මඩකලපුව31259070උදෑසන වැසි සහ අපරභාගයේදී / සන්ධ්‍යා කාලයේ දී ගිගිරුම් සහිත වැසිකොළඹ32249565සන්ධ්‍යා හෝ රාත්‍රී කාලයේ දී ගිගුරුම් සහිත වැසි ඇති වේ.ගාල්ල31249070සන්ධ්‍යා හෝ රාත්‍රී කාලයේ දී ගිගුරුම් සහිත වැසි ඇති වේ.යාපනය31249570උදෑසන වැසි සහ අපරභාගයේදී / සන්ධ්‍යා කාලයේ දී ගිගිරුම් සහිත වැසිමහනුවර29219570අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේ දී ගිගුරුම් සහිත වැසි ඇති වේ.නුවරඑළිය21129565අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේ දී ගිගුරුම් සහිත වැසි ඇති වේ.රත්නපුරය34229565අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේ දී ගිගුරුම් සහිත වැසි ඇති වේ.ත්‍රීකුණාමළය31239575උදෑසන වැසි සහ අපරභාගයේදී / සන්ධ්‍යා කාලයේ දී ගිගිරුම් සහිත වැසි.මන්නාරම30259075සන්ධ්‍යා හෝ රාත්‍රී කාලයේ දී ගිගුරුම් සහිත වැසි ඇති වේපෙරවරු 5.ටඅපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේ  දී දිවයිනේ බොහෝ පළාත් වල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශ වල තාවකාලිකව තද සුළං ඇති විය හැක. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේඉදිරි පැය 24 සඳහා දිවයින වටා ඇති මුහුදේ කාලගුණ තත්ත්වය.නැගෙනහිර සහ උතුරු වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ  වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශ වල ද තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.සුළං  ඊසාන දෙසින් හෝ නිශ්චිත දිශාවකින් තොරව හමන අතර සුළගේ වේගය පැ.කි.මී. 20-30 ක් පමණ වේ.ගිගුරුම් සහිත වැසි ඇති වන විට මුහුදු ප්‍රදේශ තාවකාලිකව රළු විය හැක.  කාලගුණ විද්‍යාඥ (Duty Meteorologist), කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තූව (Department of Meteorology).
ඉදිරි 24 පැයේ කාලගුණය
1
hp_train_7273
(බිමල් ශ්‍යාමන් ජයසිංහ) නවීන පන්නයේ ජංගම දුරකථනයක් අත දරාගෙන බණ්ඩාරගම වැල්මිල්ල ප්‍රදේශයේ නිවසක් ඉදිරිපිට සැකකටයුතු ලෙස රැදී සිටි කාන්තාවක් අද (17) අත්අඩංගුවට ගත් බව බණ්ඩාරගම පොලිසිය පවසයි.අලුයම 2 ට පමණ කාන්තාවක් නිවස ඉදිරිපිට ගසකට මුවාවී සිටිනු දුටු නිවෙස් හිමියා සොරකමේ පැමිණි කාන්තාවක් බව සිතා අසල්වාසීන් ද අවදි කරවාගෙන පොල්ලක් රැගෙන පහර දීමට සුදානම් වී කාන්තාව අසලට යාමේ දී ජංගම දුරකථනයෙන් මුහුණ පෙන්වමින් පැවසු දෙයින් පොල්ලෙන් පහරදීම මදකඩ නවතා ඇයට සවන් දී ඇතැයි පොලිසිය පවසයි.අත්අඩංගුවට ගත් කාන්තාව පානදුර ප්‍රදේශයේ පදිංචිකාරිනියකි. ඇගේ සැමියා වෙනත් කාන්තාවක් සමඟ අනියම් සබඳතාවයක් පවත්වන බව මීට දිනකට ඉහත දී දැන ගැනීමට ලැබ තිබේ.මුහුදු යන පවසා නිවසින් පිට වී ගිය සැමියා බණ්ඩාරගම වැල්මිල්ල නිවසේ සිටින බව ජංගම දුරකථනයේ ජීපීඑස් තාක්ෂණය ඔස්සේ පෙන්නුම් කළ බැවින් ඔහු සහ අනියම් බිරිඳ අල්ලා ගැනීම සඳහා කුලියට ලබා ගත් ත්‍රිරෝද රථයකින් පැමිණ සිටි බව ප්‍රකාශ කර ඇත.
සැමියාගේ හොර අල්ලන්න මහ රෑ මග රැක්ක බිරියට පොලිසි යන්නත් වෙලා
0
hp_train_7274
(විමුක්ති එස් රුද්‍රිගු)කොළඹ පාරිභෝගික මිල දර්ශකයට අනුව ජනවාරි මස උද්ධමනය සියයට 54.2 දක්වා පහත වැටී ඇතැයි ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ නවතම දත්ත වාර්තා පෙන්වා දී ඇත.ජනවාරි මස උද්ධමනය දෙසැම්බර් මසට සාපේක්ෂව සියයට 3 පහළ ගොස් තිබේ.එසේම කොළඹ පාරිභෝගික මිල දර්ශකයට අනුව ජනවාරි මස ආහාර උද්ධමනය ද සියයට 60.1 ක් දක්වා පහළ ගොස් තිබේ. එය දෙසැම්බර් මාසයට සාපේක්ෂව සියයට 4.3 ක පහළ යාමකි.ජනවාරි මස ආහාර නොවන කාණ්ඩයේ උද්ධමනයද පසුගිය මසට සාපේක්ෂව සියයට 2.4 කින් පහළ යමින් සියයට 51ක් ලෙස වාර්තා වී තිබේ.  
උද්ධමනය පහළට
0
hp_train_7275
(රංජිත් රාජපක්ෂ)                        බගවන්තලාව පොලිස් වසමට අයත් කර්කස්වොල් වතුයායේ ඉහළ කොටසේ තේ දළු නෙලමින් සිටි වතු කම්කරුවන් පිරිසකට අද(19)  බඹරු ඇනීමෙන් පස්දෙනෙකු තුවාල ලබා ඇතැයි බගවන්තලාව පොලිසිය පවසයි. තුවාල ලැබූ වතු කම්කරුවන් ප්‍රතිකාර සඳහා බගවන්තලාව ප්‍රදේශීය රෝහල වෙත ඇතුළත් කර ඇත.  කර්කස්වොල් වතුයායේ ගසක බැඳ තිබූ බඹර කූඩුවක් ඇවිස්සීමෙන් බඹරු ඇන ඇතැයි වතුකම්කරුවෝ පැවසූහ. බගවන්තලාව පොලිසිය පරීක්ෂණ පවත්වයි.
බඹරු ඇනීමෙන් වතු කාන්තාවන් 5 දෙනෙකු රෝහලට
0
hp_train_7276
( රංජිත් රාජපක්ෂ)රජය විසින් වතු කම්කරුවන්ට වැඩි කළ රුපියල් 1000 දෙනික වැටුප ලබාදෙන ලෙස ආගරපතන වැවිලි සමාගමට බල කරමින් එම වතු සමාගමට අයත් වතු 08 ක වතු කම්කරුවන් තලවකැලේ ලිදුල නගර මධ්‍යයේ (12) දින උද්ඝෝෂණයක නිරත විය.වැටුප් පරිපාලක සභාව විසින් වතු කම්කරුවෙකු පැය 08 ක කාලයක් සේවය කිරිම වෙනුවෙන් රු 1000 දෛනික වැටුපක් ගෙවන ලෙස කම්කරු අමාත්‍යංශය විසින් චක්‍රලේඛනයක්ද නිකුත් කර තිබුණි.එම චක්‍රලේඛනයට පටහැනිව කටයුතු කරමින් ආගරපතන වැවිලි සමාගම එම වැටුප ගෙවිමට දැනට දිනකට තේ නෙලන තේ දළු ප්‍රමාණය වැඩි කර නෙලන ලෙසටත්,එසේ තේ දළු නෙලන්නේ නැති වතු කම්කරුවන් වෙනුවෙන් වැටුපෙන් අඩක් ගෙවිමට වතු සමාගම කටයුතු කරමින් සිටින බවයි උද්ඝෝෂණයේ නියැලි සිටි වතු කම්කරුවන් කියා සිටියේ.තවද වතු සමාගම විසින් මෙතෙක් තමන්ට ලබාදුන් සුබසාධන කටයුතු කිසිවක් ලබානොදෙන බවත්, පවත්නා තත්ත්වය මත තේ කර්මාන්තයේ රැකියා වලින් තමන්ට ඉවත් විමට පවා සිති ඇති බව උද්ඝෝෂණයේ නියැලෙන  වතු කම්කරුවෝ පැවසූහ.තවද තේ වතු වලට රසායනික පොහොර කාලයක් තිස්සේ යොදා නොමැති නිසා තේ ඵලදාව අඩුවිම හමුවේ වතු පාලන අධිකාරිය ඉල්ලන තේ දළු ප්‍රමාණය නෙලා දිය නොහැකි බවද වතු කම්කරුවන් කියා සිටිහ.ආගරපතන වැවිලි සමාගමට අයත් ඇල්බියන් , ටොරිංටන් ,ග්ලාස්ගෝ , ඩයගම ඇතුළු වතු 08 වතු කම්කරුවන් මෙම උද්ඝෝෂණයට සහභාගි වි සිටිහ.මෙම උද්ඝෝෂණයට එක් වු ලංකා කම්කරු කොන්ග්‍රසයේ ජෙෂ්ඨ උප සභාපති පි.සත්‍යවේල් මහතා කියා සිටියේ රජය විසින් වතු කම්කරුවන්ට වැඩි කල රු 1000 වැටුප ලබාදෙන තෙක් (13) දින සිට ආගරපතන වැවිලි සමාගමට අයත් සියළුම වතු වල වතු කම්කරුවන් අඛණ්ඩ වැඩ වර්ජනයක් ආරම්භ කරන බවයි.  
ආගරපතනේ වතු 8 ක කම්කරුවෝ පාරට බසිති
1
hp_train_7277
(ඩයනා උදයංගනී)කොවිඩ් 19 ආසාදිත රෝගීන් තවත් 3,315 දෙනකු අද (24) හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි.ඒ සමඟ මෙරටින් වාර්තාවන මුළු කොරෝනා රෝගීන් සංඛ්‍යාව 3,97,670ක් දක්වා ඉහළ ගොස් ඇත.කොවිඩ් ආසාදිතව රෝහල් හා ප්‍රතිකාර මධ්‍යස්ථානවල මේ වන විටත් 40,028 දෙනෙක් ප්‍රතිකාර ලබමින් සිටිති.ප්‍රතිකාර ලබමින් සිටි තවත් කොවිඩ් රෝගීන් 2,386 ක් සුවය ලබා අද රෝහල්වලින් පිටත්ව ගිය අතර මේ වන විට මෙරට සුවය ලැබූ මුළු රෝගීන් සංඛ්‍යාව 3,46,767 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය අංශ සඳහන් කරයි. 
කොරෝනා ආසාදිතයන් 3698ක් වාර්තා වෙයි
0
hp_train_7278
(දිලීප් ජයසේකර)තණමල්විලදී ගිනි අවි දෙකක් සමඟ දඩයමේ යමින් සිටි පුද්ගලයන් දෙදෙනෙකු තංගල්ල කොට්ඨාස සංවිධානාත්මක අපරාධ මැඩලීම් ඒකකයේ නිලධාරීන් විසින් අද (10) පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබේ.මෙලෙස අත්අඩගුවට පත් වුයේ සෙල්ලකතරගම පදිංචි වයස අවුරුදු 33 හා 38 වයස් වල පසු වන සැකකරුවන් දෙදෙනෙකි.අත්අඩංගුවට පත් සැකකරුවන් දෙදෙනා කාලයක සිට හෝටල් වලට දඩමස් සැපයීමේ ජාවාරමක නිරත පුද්ගලයන් දෙදෙනෙකු බව මූලික පරීක්ෂණවලදි අනාවරණය වි ඇත.සැකකරුවන් දෙදෙනා පොලිස් නිලධාරීන් දැක කැලය තුළට දිව යාමේදී පොලිස් නිලධාරීන් හඹා ගොස් එහි සැඟවී සිටි සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබේ.සැකකරුවන් දෙදෙනා, බෙහෙත් කොටන තුවක්කු දෙක සමඟ වැඩිදුර විමර්ෂණ කටයුතු සඳහා කතරගම පොලිසියට බාරදී ඇත.ඔවුන්ව කතරගම සංචාරක මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. 
කතරගම හෝටල් වලට දඩමස් සැපයූ 2ක් අත්අඩංගුවට
0
hp_train_7279
(නාලක සංජීව දහනායක)මහජනතාවගේ ප‍්‍රශ්න වෙනුවෙන් පෙනී සිටීමේදී නිරායුද පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් අත්අඩංගුවට ගැනීමට එරෙහිව ජාත්‍යන්තරයට පැමිණිලි කරන බව ඒකාබද්ධ විපක්‍ෂයේ නායක, පාර්ලිමේන්තු මන්ත‍්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා ඊයේ (12) පැවසීය.ඒ සඳහා අවශ්‍ය මූලික කටයුතු මේ වනවිට සූදානම් කරමින් පවතින බවද මන්ත‍්‍රීවරයා කීවේය.බොරැල්ල, ආචාර්ය ඇන්.එම්. පෙරේරා කේන්ද්‍රයේදී ඒකාබද්ධ විපක්‍ෂය ඊයේ (12) පැවැත්වූ මාධ්‍ය හමුවකට සහභාගී වෙමින් මන්ත‍්‍රීවරයා එසේ කීය.දිනේෂ් ගුණවර්ධන මහතා මෙසේද පැවසීය.ජාතික සම්පත් විකිණීමට එරෙහිව හම්බන්තොට පැවැති උද්ඝෝෂණයට සහභාගී වූ මාධ්‍යවේදියාට පහරදීම සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්‍ෂය විරෝධය පළ කරනවා. ඒ පහර දීමෙන් ජනමාධ්‍යවේදීන්ගේ අයිතිවාසිකම්වලට බලවත් තර්ජනයක් එල්ල වුණා. එමෙන්ම මේ පහර දීමට විරෝධය පළ කරමින් ජාත්‍යන්තර ජනමාධ්‍යවේදීන්ගේ සංගමයත් රජයට අනතුරු හැඟවීම් කර තිබෙනවා. මෙම පහරදීම සිදුකළ නිලධාරියාට එරෙහිව තවමත් නීතිය ක‍්‍රියාත්මක කර නැහැ. රජය ඔහුට එරෙහිව වහාම නීතිමය ක‍්‍රියාමාර්ග ගත යුතුයි.පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් කියන්නේ මහජනතාවගේ නියෝජිතයන්. මහජනතාවගේ ප‍්‍රශ්න වෙනුවෙන් පෙනී සිටීමට ඔවුන්ට අයිතියක් තිබෙනවා. නමුත් මෙම රජය පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ට තිබෙන එම අයිතිය උදුරාගෙන තිබෙනවා. ඒ අනුව ජනතාවගේ ප‍්‍රශ්න වෙනුවෙන් පෙනීසිටීම නිසා නාමල් රාජපක්‍ෂ, ප‍්‍රසන්න රණවීර ඞී.ඞී. චානක පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් තිදෙනාත් පළාත් සභා මන්ත‍්‍රීවරුන් තිදෙනෙකුත් අත්අඩංගුවට ගෙන තිබෙනවා. නිරායුධ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් අත්අඩංගුවට ගැනීමෙන් ඔවුන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනයවීම සම්බන්ධයෙන් අපි ජාත්‍යන්තරයට යනවා. ඒ සඳහා අවශ්‍ය මූලික කටයුතු මේ වනවිට සූදානම් කරමින් තිබෙනවා.හම්බන්තොට උද්ඝෝෂණයට කිසිම සම්බන්ධයක් නැති පුද්ගලයන් විශාල පිරිසක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. තමන්ගේ දරුවා බැලීමට රෝහලට යමින් සිටි 74 හැවිරිදි කාන්තාවක් පවා මේ වනවිට අත්අඩංගුවේ පසුවෙනවා. ඇය කළ වරද ඇයවත් දන්නේ නැහැ. මේ සිදුවීම සම්බන්ධයෙන් මේ වනවිට පුද්ගලයන් 34 දෙනෙක් අත්අඩංගුවට පත්ව මෙම රජය නියෝජනය කරන දකුණු පළාතේ අමාත්‍යවරයකුගේ කිට්ටුම ඥාතියෙක්ද මේ වනවිට අත්අඩංගුවේ පසුවෙනවා.එමෙන්ම රජයේ සේවකයන්ට ලබාදෙන බව පැවසූ රුපියල් දසදහසේ දීමනාව තවමත් ලබාදී නැහැ. දීපවාලි සමරන රජයේ සේවකයන් සඳහා එම මුදල ඉතාම ඉක්මනින් ලබාදෙන ලෙසට රජයෙන් ඉල්ලීමක් කරන බවද පැවසීය.ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා මෙසේ පැවසීය.   මහින්ද රාජපක්‍ෂ මහතා විසින් කළ සංවර්ධනයට වඩා වැඩි සංවර්ධනයක් කරන්න, යහපාලනයෙන් අපේ රට සුඛිත මුදිත කරන්න මේ රටේ මිනිස්සු හංසයාට කතිරය ගැසුවා. එදා හංසයාට කතිරය ගැසූ මිනිස්සු අද මූණ හංග ගන්නවා. දවසින් දවස මේ යහපාලන ආණ්ඩුවේ හොරුන්ගේ තොරතුරු එළියට එනවා. බලය ලැබුණු ගමන්ම මේ උන්දලා මහබැංකුව කොල්ලකෑවා. එතැනින් නතර නොවී දැන් මේ උන්දලා ජාත්‍යන්තර බැංකුත් මංකොල්ල කන්න පටන්ගෙන. ඒ නිසා ජාත්‍යන්තරයේ අපේ රට බැංකු කොල්ලකරුවන්ගේ නිජබිමක් ලෙස හංවඩු ගැහිලා තිබෙනවා. මේ යහපාලන ආණ්ඩුව අපේ රටට ලබාදුන් ගෞරව නාමය ඒකයි.දේශපාලනයේ ඉන්න ද්විත්ව පුරවැසියන් ගැන මේ ආණ්ඩුව ප‍්‍රශ්න කළා. එහෙම ප‍්‍රශ්න කරපු අයම මහබැංකු අධිපතිකමත්, ලිට්ට්‍රෝගෑස් සමාගමේ සභාපති කමත් දීලා තියෙන්නේ විදේශීය පුරවැසියන්ටයි. ඒ විතරක් නෙවෙයි විදේශීය පුරවැසියන්ට දේශපාලන පක්‍ෂ පිහිටුවා ගන්නත් අවසර දී තිබෙනවා. ඒ දේශපාලන පක්‍ෂවලින් මැතිවරණ සඳහා ඉදිරිපත්වීමටත් අවස්ථාවක් දී තිබෙනවා. විදේශීය පුරවැසියන්ට දේශපාලන පක්‍ෂ හැදීම, එවැනි දේශපාලන පක්‍ෂ ලියාපදිංචි කිරීම හා ඒ දේශපාලන පක්‍ෂවලින් මැතිවරණ සඳහා තරග කිරීම ආදිය සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයාගෙන් අපි ප‍්‍රශ්න කරනවා. මේ ප‍්‍රශ්නවලට එතුමා පිළිතුරු දෙනු ඇතැයි අපි බලාපොරොත්තු වෙනවා.මේ සියලූම පාපතර ක‍්‍රියා අතරේ මේ වසරේ අවසනයේදී එට්කා ගිවිසුම අස්සන් කරන බවත් ඉන්දියානු ආරංචි මාර්ග ඔස්සේ අපිට ආරංචි වෙමින් තිබෙනවා. ඒ අතරදීම බෙදුම්වාදී නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් ගේන්නත් රජය උත්සාහ ගන්නවා. රට දවසින් දවස ප‍්‍රපාතයට යනවා. බුලත් කොළයෙන් පාර්ලිමේන්තුවට ඇවිල්ලා ආණ්ඩුවට කඬේ යන පිරිසයි, රතු අලි පැටවු ටිකයි නිසා මේ ආණ්ඩුව පාර්ලිමේන්තුවේ 2/3 බලය රැකගෙන ඉන්නවා. බෙදුම්වාදී ව්‍යවස්ථාවේ ඒකීය, සංධීය කියන වචන සම්බන්ධයෙන් කිසිම ගැටලූවක් නැති බව ටිල්වින් සිල්වා කියනවා. ඒ වචන නිසා 88/89 යුගයේ විශාල ජීවිත ප‍්‍රමාණයක් නැති වුණා. එහෙමනම් විජේවීරගේ මතයද, ටිල්වින් සිල්වාගෙ මතයද වඩාත් නිවරැදි කියලා කිවයුතුයි යැයිද පැවසීය.පාර්ලිමේන්තු මන්ත‍්‍රී මහින්දානන්ද අලූත්ගමගේ මහතා මෙසේ කීය.මේ වනවිට බැඳුම්කර මගඩියේ සියලූම තොරතුරු එකින්එක හෙළිදරවු වෙමින් තිබෙනවා. මහබැංකු බැඳුම්කර කොල්ලය ලංකා ඉතිහාසයේ රාජ්‍ය අනුග‍්‍රහයෙන් සිදුවූ විශාලතම කොල්ලයයි. පාර්ලිමේන්තු කෝප්කමිටු වාර්තා දෙකක් මගින් මේ වංචාව සම්බන්ධ තොරතුරු හෙළි කළා. එහෙත් අග‍්‍රාමාත්‍යවරයා බැඳුම්කර වංචාවක් සිදුනොවූ බවට කරුණු දක්වමින් 2015 මාර්තු 17 වැනිදා පාර්ලිමේන්තුවේ කතාවක් කළා.බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් විමර්ශන පවත්වන ජනාධිපති කොමිසම මේ වනවිට මාස නවයක් රැස්වී තිබෙනවා. හිටපු මුදල් ඇමැතිවරයාගේ සිට විවිධ පුද්ගලයන් මේ කොමිසමට කැඳවා තිබෙනවා. එක්සත් ජාතික පක්‍ෂයේ සභාපති, මහලේකම්වරයාත් මෙම කොමිසමට කැඳෙවුවා. නමුත් ඔවුන්ගෙන් කිසිම හරස් ප‍්‍රශ්නයක් ඇහුවේ නැහැ. කෙසේ නමුත් දැන් මුළු රටම බලාගෙන ඉන්නේ අගමැතිවරයා මෙම කොමිසමට කැඳවනතුරුයි. එසේ වුවහොත් පමණයි ජනතාවට මේ කොමිසම සම්බන්ධයෙන් විශ්වාසය ඇතිවන්නේ. රුපියල් ලක්‍ෂය, ලක්‍ෂ දෙක වංචාකළ පුද්ගලයන් සිරගතකර සිටියදී බිලියන ගණනිං වංචා කළ පුද්ගලයන් නිදහසේ සිටින බවද මන්ත‍්‍රීවරයා පැවසීය.ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා මෙසේ කීය.පළාත් පාළන මැතිවරණය ලබන ජනවාරි මාසයේදී පවත්වන බව රජය ප‍්‍රකාශ කර තිබෙනවා. නමුත් අපිට ඒ සම්බන්ධයෙන් කිසිම විශ්වාසයක් නැහැ. වසර දෙකහමාරක් තිස්සේ පළාත් පාලන මැතිවරණය කල් දැමීම නිසා මේ ආණ්ඩුවට එරෙහිව තමන්ගේ අප‍්‍රසාදය පළ කිරීමට අවස්ථාවක් ලැබෙනතුරු ජනතාව මඟ බලා සිටිනවා. නමුත් ඒ මැතිවරණ සඳහා මුහුණ දීමට අප සූදානම් වෙනවා. ජනතාව වෙනුවෙන් හඬනඟන එකම විපක්‍ෂය අපියි. අපි මේ මැතිවරණ සඳහා වෙනම තරග කරනවා. ඒ සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්‍ෂයේ අනෙකුත් සාමාජික පක්‍ෂ සමඟ අපි මේ වනවිට සාකච්ඡා ආරම්භ කර තිබෙනවා.මේ රජය යටතේ ඳුෂණයන්ට සීමාවක් නැහැ. තාක්‍ෂණ කමිටුව විසින් ප‍්‍රතික්ෂේප කරන ජපානයේ ෆුජීකා නමැති සමාගමට මධ්‍යම අධිවේගී මාර්ගය ඉදිකිරීමේ කොන්ත‍්‍රාත්තුව ලබාදෙන්න රජය කටයුතු කරනවා. එමෙන්ම මහබැංකු කොල්ලයෙන් නොනැවතී තායිලන්තයේ බැංකුත් මංකොල්ල කන්න පටන්ගෙන තිබෙනවා. ඒ මංකොල්ලයෙන් කොටසක් කාම්බෝජයටත්, තවත් කොටසක් ඇමරිකා එක්සත් ජනපදයටත් ලැබී තිබෙන බවට ආරංචි පළවෙමින් තිබෙනවා. මත්තල ගුවන්තොටුපළ විකිණීමෙන් ලැබෙන මුදලින් රුසියාවෙන් යුද නැවක් මිලදී ගැනීමට සූදානම් වෙනවා. මහබැංකු මඟඩිය නිසා පොළී අනුපාතය ඉහළ ගිහල්ලා. මේ අර්බුදවලට විසඳුම ලෙස රජය මුදල් අච්චුගහනවා. ඒ නිසා උද්දමනය ඉහළ යනවා. මේ නිසා ජීවන වියදම ඉහළ ගොස් ජනතාවට ජීවත්වීමට අසීරු තත්ත්වයක් මතුවී තිබෙන බවද පැවසීය.
මේ ආණ්ඩුව පාර්ලිමේන්තු මන්ත‍්‍රීන්ගේ අයිතියත් උදුරාගෙන
1
hp_train_7280
උතුරු, උතුරු මැද, නැගෙනහිර සහ ඌව පළාත්වල වැසි වාර කිහිපයක්  ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. සෙසු ප්‍රදේශවල තැනින් තැන සවස  2.00 න් පමණ පසු පැය භාගයකට පමණ සීමා වූ ගිගුරුම් සහිත වැසි වර්ධනය වේ.ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය                                                      දිනය : 24/11/2015    නගරයඋෂ්ණත්වය (සෙ. අංශක)සාපේක්ෂ ආර්ද්‍රතාවය (%) කාලගුණයඋපරිමඅවමඋපරිමඅවමඅනුරාධපුරය31269570වැසි වාර කිහිපයක්.  මඩකලපුව31269575වැසි වාර කිහිපයක්.  කොළඹ31259070වැසි හෝ ගිගුරුම් සහිත වැසි. (විශේෂයෙන් සවස 2.00 න් පසු )ගාල්ල31258570වැසි හෝ ගිගුරුම් සහිත වැසි. (විශේෂයෙන් සවස 2.00 න් පසු )යාපනය30249070වැසි වාර කිහිපයක්.  මහනුවර29209570වැසි හෝ ගිගුරුම් සහිත වැසි. (විශේෂයෙන් සවස 2.00 න් පසු )නුවරඑළිය18139570වැසි හෝ ගිගුරුම් සහිත වැසි. (විශේෂයෙන් සවස 2.00 න් පසු )රත්නපුරය32249575වැසි හෝ ගිගුරුම් සහිත වැසි. (විශේෂයෙන් සවස 2.00 න් පසු )ත්‍රීකුණාමළය31259580වැසි වාර කිහිපයක්.  මන්නාරම30249070වැසි වාර කිහිපයක්.   
අද පස්වරුවේ ගිගුරුම් සහිත වැසි
1
hp_train_7281
(හර්ෂණ තුෂාර සිල්වා)ශ්‍රී ලංකාව පශ්චාත් යුද සංක්‍රාන්ති යුක්තිය ක්‍රියාවලිය සම්බන්ධයෙන් නිශ්චිත කාල පරාසයක් සහිත සවිස්තර උපායමාර්ගික සැලැස්මක් ඉදිරිපත් කරමින් එය ක්‍රියාවට නැංවීමට පියවර ගත යුතු යැයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් මිචෙල් බැචලේ මහත්මිය අද (20) ප්‍රකාශ කළාය. ස්වාධීන සත්‍ය සහ සංහිඳියා (ප්‍රතිසන්ධාන) කොමිසමක් ස්ථාපිත කිරීම ශ්‍රී ලංකාව ඊට පසුව ගත යුතු වැදගත්ම පියවර විය යුතු යැයි ද එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරිය කීවාය.ස්විට්සර්ලන්තයේ ජීනිවා නුවර පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 40 වැනි සැසිවාරයට ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වන වාර්තාව නිල වශයෙන් ඉදිරිපත් කිරීමෙන් පසුව කවුන්සිලය අමතමින් ඇය එම කරුණු සඳහන් කළාය. ඇය එහිදි මෙසේ ද සඳහන් කළාය.“ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ලැබීම ගැන මම සතුටට පත්වෙනවා. ශ්‍රී ලංකාවේ මානව හිමිකම්, සංහිඳියාව (ප්‍රතිසන්ධානය) සහ වගවීම සම්බන්ධයෙන් මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් වූ 30/1 සහ 34/1 යෝජනා සහ ඒවායේ නිර්දේශ සම්බන්ධයෙන් මගේ වාර්තාව මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කරනවා. ශ්‍රී ලංකා රජය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය සහ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස්වරියාගේ කාර්යාලය සමඟ සමීපව කටයුතු කිරීම අගය කළ යුතුයි. ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් වූ 30/1 සහ 34/1 යෝජනාවල නිර්දේශ ක්‍රියාත්මක කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ සාමය ගොඩනැගීමේ අරමුදල හරහා අඛණ්ඩව ශ්‍රී ලංකාව තාක්ෂණික සහයෝගය ලබා දී තිබෙනවා. හමුදාව අත්පත් කරගෙන තිබූ උතුරේ සහ නැගෙනහිර ඉඩම් නැවත ලබාදීමේදී යම් ප්‍රගතියක් පෙන්නුම් කර තිබෙනවා. එහෙත් එම ඉතා වැදගත් ක්‍රියාවලිය සාර්ථකව අවසන් කිරීම සඳහා තවත් පියවර ගත යුතුයි. ගෙන ඇති පියවරවලින් මීට වසර හතරකට පෙර පුළුල් ආයතනික සහ ප්‍රතිසංස්කරණ ක්‍රියාමාර්ග වෙනුවෙන් ශ්‍රී ලංකා ලබාදුන් පොරොන්දු සහ ඒවා ඉටු කිරීමේ ප්‍රගතිය පෙනී යනවා. කෙසේ නමුත් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් වූ 30/1 යෝජනාවේ නිර්දේශ කිරීමේදී ශ්‍රී ලංකාව මීට වඩා වේගවත් විය යුතු අතර එම ක්‍රියාමාර්ග අඛණ්ඩව ඉටු කළ යුතුය. ශ්‍රී ලංකාවේ ඉහළම නායකත්වය තුළ ඒ සඳහා පොදු දැක්මක් නොමැතිකම ප්‍රමාදවීම්වලය හේතු වූ ප්‍රධාන සාධකයක් බව පෙනී යනවා. එහි ප්‍රතිඵලයක් ශ්‍රී ලංකාවේ සියලුම වාර්ගික කොටස් ආගමික කොටස් සමාජ කණ්ඩායම් යනාදී සියල්ලට අහිතකර බලපෑම් එල්ල කරනු ඇත. ජාත්‍යන්තර මානුෂීය නීතිය සහ මානව හිමිකම් නීතිය කඩ කළ බවට චෝදනා එල්ල වී තිබෙන මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ශ්‍රී ලංකා හමුදාවේ ඉහළ තනතුරකට පත් කිරීම ද කනගාටුදායක කරුණක්.අතීතයේ සිදු වූ ප්‍රචණ්ඩ ක්‍රියා නැවත නොවීම වගබලා ගැනීමටත්, මානව හිමිකම් ආරක්ෂා කරන මානව හිමිකම්වලට ගරු කරන වගවීම සහිත සුරක්ෂිත අනාගතයක් උදෙසා සම අනුග්‍රහය යටතේ ඉදිරිපත් වූ 30/1 සහ 34/1 යෝජනාව නිර්දේශ ක්‍රියාත්මක කිරීමත් ඉතා වැදගත්. ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය ඔවුන්ගේ අවධානය යොමු කළ යුතුයි”.නෝර්වේ, කැනඩාව, බෙල්ජියම, ක්‍රොඒෂියාව, අයිස්ලන්තය, මොන්ටෙනීග්‍රෝ, ඩෙන්මාර්කය යන රටවල සහ යුරෝපා සංගමයේ නියෝජිතයෝ ද මෙහිදි ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් අදහස් දැක්වූහ.  
‘‘පශ්චාත් යුද සංක්‍රාන්තිය ගැන සැලැස්මක් ක්‍රියාවට නැංවිය යුතුයි‘‘
1
hp_train_7282
 (දිලීප් ජයසේකර)වසර 09කට පෙර බාලවයස්කාර පිරිමි දරුවෙකු බරපතළ ලිංගික අපයෝජනයට කළ බව කියන  තිස්සමහාරාම කිරින්ද ප්‍රදේශයේ ලැගුම්හල් හිමියෙකුට වසර 17 බරපතළ වැඩ සහිත සිර දඩුවමක් ,රුපියල් 75000ක දඩ මුදලක් හා  රුපියල් ලක්ෂ 05ක වන්දි මුදලක් ගෙවන ලෙස හම්බන්තොට මහාධිකරණ විනිසුරු තාමර තෙන්නකෝන් මහතා අද  (22) නියෝග කෙරුණි.  මෙලෙස දඩ වන්දි හා සිර දඩුවම් නියම වුයේ තිස්සමහාරාම , ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි තිදෙරු පියෙකුටය.  චුදිත 2010 වසරේ ජනවාරි මස 25 වන දින තිස්සමහාරාම ප්‍රදේශයේ පිට්ටනියක සෙල්ලම් කරමින් සිටි බාල වයස්කාර දරුවෙකු රවටා සිය ලැගුම් හලට රැගෙන ගොස් බරපතළ ලිංගික අපයෝජනයට ලක් කර තිබේ. චුදිත මෙම බාලවයස්කාර දරුවා සිය ලැගුම් හලට රැගෙන යනු අසල්වැසි කාන්තාවක දැක ඒ පිළිබදව දරුවාගේ මවට පවසා තිබේ.ඒ අනුව දරුවාගේ මව විසින් දරුවාගෙන් කළ විමසීමේදී දරුවා මවට පවසා ඇත්තේ චුදිත ඔහුට ලිංගික අපයෝජනයට පක් කළ බවයි.  ඒ අනුව දරුවාගේ මව සිද්ධිය සම්බන්ධයෙන් තිස්සමහාරාම පොලිසියට පැමිණිලි කර තිබේ.  ලද පැමිණිල්ලට අනුව සැකකරු අත්අඩංගුවට ගෙන තිස්සමහාරම පොලිසිය විසින් විමර්ෂණ ආරම්භ කෙරුණු අතර සිද්ධියට අදාල මුලික නඩු විභාගයෙන් පසු නීතිපති වරයා විසින් සැකකරුට එරෙහිව හම්බන්තෙට මහාධිකරණයේ අධිචෝදනා 04ක් යටතේ නඩු පවරණ ලදි.එහිදී පැවති නඩු විභාගයේදී චුදිට එරෙහිව නගා තිබු අධි චෝදනා දෙකකට සැකකරුර වැරදි කරු බවට ඔප්පු වීය.ඒ අනුව සැකකරුට දඩුවම් නියම කෙරුණි.  චුදිතට පළමු චෝදනාව සදහා වැරදි කරු බවට ඔප්පු වීම හේතුවෙන් චුදිතට වසර දෙකක බරපතළ වැඩ සහිත සිර දඩුවමක් හා රුපියල් 25000/=ක දඩ මුදලක් නියම කෙරුණි.චුදිත දඩ මුදල් නොගෙවන්නේ නම් තවදත් වසර එකක සිර දඩුවමක් නියම කෙරුණි.එමෙන්ම චුදිත දෙවන චෝදනාවටද වැරදි කරු බවට ඔප්පු වීම හේතුවෙන් චුදිතට වසර 15ක බරපතළ වැඩ සහිත සිර දඩුවමක් නියම කෙරුණු අතර රුපියල් 50,000/= දඩ මුදලක්ද නියම කෙරුණි.දඩ මුදල් නොගෙවන්නේ නම් වසර 05 සිර දඩුවමක්ද නියම කෙරුණි.මිට අමතරව අගතියට පත් දරුවාට  රුපියල් ලක්ෂ 10ක වන්දි මුදලක් ගෙවන ලෙසද මහාධිකරණ විනිසුරු වරයා නියෝග කළ අතර එම මුදල නොගෙවන්නේ නම් තවත් වසර 05 ක සිර දඩුවමක් නියම කෙරුණි.   
දරුවෙක් අපයෝජනය කළැයි වසර 17 ක් හිරේට
1
hp_train_7283
(අංජුල මහික වීරරත්න සහ නෙළුව - පියරත්න ජයවික්‍රම)නියඟ-ගංවතුර ආදී ස්වභාවික විපත් ද, ණය කඳු, කුණු කඳු ආදී රාජපක්ෂ රජයෙන් උරුම වූ විපත්වලට ද මුහුණ දෙමින් ආර්ථීකය කළමනාකරණය කර ගැනීමට හැකිවීම යහපාලන ජාතික රජයේ සැබෑම ආශ්චර්යය බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා නෙළුවේ දී පැවැසීය.ණය පොලී ගෙවා දමන්න මේ වනවිටත් ආර්ථිකය ශක්තිමත් කර ඇති හෙයින් 2020 වනවිට සමබර ආර්ථීකය ගොඩ නගන බව කී අග්‍රාමාත්‍යවරයා 2025 වනවිට ණය ගෙවා දැමිය හැකි ශක්තිමත් ආර්ථිකය ඇතිකරන්නේ යයි ද ප්‍රකාශ කළේය.අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පැවසූයේ වර්ෂාපතනය හා ගංවතුර නිසා වූ ආපදා යථා තත්ත්වයට පත් කිරීමේ ප්‍රගතිය පිළිබඳව සොයා බැලීමේ ගාල්ල දිස්ත්‍රික් වැඩසටහනේදීය.නෙළුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී රැස්වීම පැවැත්විණි. ප්‍රදේශයේ උසස් රාජ්‍ය නිලධාරීහු දේශපාලන නියෝජිතයන් මේ අවස්ථාවට සහභාගී වූහ.එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද කීවේය.මීට මාසයකට පෙර නෙළුව ප්‍රදේශයට පැමිණීමට බලාපොරොත්තු වුණත් පැවැති කාලගුණය තත්ත්වය හේතුවෙන් පැමිණීමට නොහැකිවුණා. මාසයක් ගතවී තිබෙන මොහොතේ පැමිණීමට තීරණය කළේ ප්‍රදේශයේ ප්‍රගතිය පිළිබඳ සොයා බැලීමටයි.හානියක් වූ විට පළමු මාසයේ ඒ ප්‍රදේශවලට ගොස් යම් තරමකට සහනදායී වැඩ කටයුතු සිදුවුවත් දෙවැනි, තුන් වැනි, මාසවල ඒ කටයුතු වේගවත්වූයේ ජනාධිපතිතුමාත්, මමත් නිතරම පැමිණ ප්‍රගතිය පිළිබඳව සොයා බැලීමට කටයුතු කළා. ඉදිරි මාසය, දෙක, ඇතුළත ප්‍රදේශයේ ඇමැතිවරුන් හා නිලධාරීන් සමග සාකච්ඡා කර ප්‍රගතිය පිළිබඳව සොයා බැලීමට මා අදහස් කරනවා.හානියට පත් වූ ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මුදල් ලැබී ඇතත් ඇතැම් ස්ථානවල අඩු පාඩු වී තිබෙනවා. චක්‍රලේඛ ලැබී තිබුණත් මුදල් නොලැබී අඩුපාඩුකම් තිබෙනවා. අපේ මූලික අරමුණ වී ඇත්තේ ඉතා කෙටි කාලයක් තුළ ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීමයි.ජන ජීවිතය යනු මාර්ග ප්‍රතිසංස්කරණය කර නිවාස හා පාසල් ඉදිකිරීම නොව විනාශ වූ ආර්ථිකය ද නැවත යථා තත්ත්වයට පත් කිරීමයි. විනාශ වූ ව්‍යාපාරික කටුයතු ඉදිරියට ගෙන යාම සඳහා මුදල් දෙනවා නම් ආර්ථිකය දියුණු වන අතර ජනතාවගේ අතට මුදල් ලැබෙන විට ආර්ථික වශයෙන් ඉදිරියට යා හැකියි. ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රගතිය දෙස බලන විට සෑහීමකට පත්විය හැකියි. ඒ නිසා ගාල්ල දිස්ත්‍රික්කයේ සියලුම නිලධාරීන්ට මාගේ ස්තුතිය පුද කරනවා.ජන ජීවිතයට යථා තත්ත්වයට පත් කිරීමටත්, ආර්ථික ඉදිරියට ගෙන යාමටත් මේ වනවිට අපට හැකියාව ලැබී තිබෙනවා. 2003 වසරේ ගංවතුර හේතුවෙන් විනාශ වූ ප්‍රදේශවල ජනතාවගේ එදිනෙදා ජීවිත හැකිතාක් ඉක්මනින් යථා තත්ත්වයට පත් කිරීමට එවකට අමාත්‍ය කරු ජයසූරිය, මලික් සමරවීර යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ක්‍රියා කිරීමට හැකි වුණා. ඒ අත්දැකීමත් මේ ව්‍යසනයේ දී උපකාර කිරීමට අපට ඉවහල් වුණා.ප්‍රමුඛත්වය දිය යුත්තේ ග්‍රාමීය ආර්ථිකය නගා සිටුවීමටයි. කුඩා ව්‍යාපාරියකයන් මෙන්ම මහා පරිමාණ ව්‍යාපාරිකයන්ටත් මුදල් ආධාර දී කුඩා තේවතු, කුරුඳු වගාව, සත්ත්ව පාලනය, කුඩා සංචාරක ව්‍යාපාර ආදි සියලු ව්‍යාපාර කටයුතු සඳහා මුදල් ආධාර දී ග්‍රාමීය ආර්ථිකය ඉදිරියට ගෙන යා යුතුයි.ජනතාවගේ ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීම සඳහා නායකත්වය ගෙන ක්‍රියා කළ පරිපාලන ක්ෂේත්‍රයේ සියලුම නිලධාරීවරුන්ටත්, ආණ්ඩුවේ සියලුම නිලධාරීන්ටත් පොලිසියේ හා ත්‍රිවිධ හමුදාවේ නිලධාරීන්ටත් මාගේ ප්‍රණාමය පුද කරනවා. මේ ව්‍යසනයේ දී රණවිරුවෙකුගේ ජීවිතය ද අහිමි වුණා.ආපදාවට ලක්වූ දිස්ත්‍රික්කවල ආපදා කටයුතුවල යෙදුණු සියලුම නිලධාරීන්ගේ ඉන්ධන, දුරකතන හා ගමන් වියදම් - දීමනා මාස තුනක කාලයක් සඳහා දෙගුණයකින් වැඩි කිරීමට ලේකම්වරුන් ඇතුළු කමිටුව තීරණය කළා. මේ ක්‍රමවේදය පොලිසියට හා ත්‍රිවිධ හමුදාවට බලනොපැවැත්වීම නිසා ඔවුන්ට ද දීමනා දෙන ලෙස ලේකම්වරුන්ගේ කමිටුවට මා දැනුම් දුන්නා.ප්‍රදේශයේ අනාගත දියුණූව දෙස බැලීය යුතුයි. නලීන් හේවගේ මන්ත්‍රීතුමා පැවැසූ පරිදි පරිසරය ආරක්ෂා කරගන්නේ නැතිව මේ ප්‍රදේශ ආරක්ෂා කර ගන්න බැහැ. ගංවතුර හා නාය යෑම් ඇතිවූ රක්වාන, දෙණියාය, හිනිඳුම, කලවාන, අගලවත්ත ප්‍රදේශවලින් රටේ ප්‍රධාන ජල මාර්ග කීපයක් ආරම්භ වෙනවා. ඒ නිසා මේ ප්‍රදේශයේ වනාන්තරය ආරක්ෂා කර ගත යුතුයි. සිංහල රජ සමයේ උඩරට රාජධානිය ආරක්ෂා වුණේ වනාන්තර නිසයි. එකල කිසි විටක වනාන්තර කඩාගෙන මඩුවන්වල පසුකර ගෙන කාටවත් යන්න හැකි වුණේ නැහැ.වර්තමානයේ දී මේ ප්‍රදේශයේ ඇතැම් තැන්වල තේ වගාව ව්‍යාප්තවී තිබෙනවා. එය අවශ්‍ය වුවත් සමහර තැන්වල පරිසරයට හානි කරලා. මේ ප්‍රදේශවල දියුණුව සඳහා වෙනම වැඩසටහන සකස් කළ යුතුයි.හැම දිස්ත්‍රික්කයකම වනාන්නර මායිම් තිබෙනවා. ගාල්ලේ හිනිඳුම ප්‍රදේශයට වනාන්තර මායිම් වෙනවා. මාතර, දෙණියාය, අගලවත්ත, රක්වාන, කලවාන ප්‍රදේශත් සිංහරාජයට මායිම් වනවා. මේ ප්‍රදේශ හැමදාම නොදියුණු මට්ටමේ තිබෙනවා. මේ මැතිවරණ කොට්ඨාස පහ ඇතුළත් කර ඒකාබද්ධ ග්‍රාමීය සංවර්ධන වැඩසටහන ක්‍රියාත්මක කිරීමට අප තීරණය කළා. ඒ සඳහා මුලින් විධිමත් සැලසුම් සකස් කළ යුතුයි. මේ වැඩසටහනේ මූලික අරමුණ විය යුත්තේ පරිසරය ආරක්ෂා කිරීමයි. ජල මාර්ග ආරක්ෂා කිරීමයි. පරිසරය සහ ජල මාර්ග ආරක්ෂා කරනවා නම් මේ ප්‍රදේශ ආරක්ෂා කළ හැකියි.එමෙන්ම තේ වගාවද දියුණු කළ යුතුව තිබෙනවා. කුරුඳු වගාව දියුණු කළ යුතුයි. ග්‍රාමීය මට්ටමේ පහසුකම් දිය යුතුව තිබෙනවා.මේ ප්‍රදේශවල අපනයන ආර්ථිකය ශක්තිමත් කිරීමට ද හැකියාව තිබෙනවා. මත්තල ගුවන් තොටුපොළ ඊට උපකාර වෙනවා. මල් වගාව හෝ වෙනත් අංශ හෝ කෙරෙහි අවධානය යොමු කිරීමට හැකියි. මුදල් අමාත්‍යාංශ ලේකම් සමග සාකච්ඡා කර ඊට විධිමත් සැලැස්ම ඉදිරිපත් කරන්නම්.ගාල්ල, මාතර, දකුණු ප්‍රදේශවල ප්‍රබල කැබිනට් අමාත්‍යවරුන්, නිලධාරින් රැසක් සිටිනවා. ඒ නිසා ජනාධිපතිතුමාත්, මමත් මෙහි එන්න අවශ්‍ය ද කියලත් වෙලාවකට හිතෙනවා. ඒ අමාත්‍යවරුනුත් මූලික වී දියුණුවට උපකාර කරාවි. පරිසරය ආරක්ෂා කරමින් දියුණුවක් ඇති කිරීම අපේ අරමුණයි.මාතර ඇතුළු ප්‍රදේශ සංචාරක ව්‍යාපෘතිය අතින් ශීඝ්‍ර දියුණුව ලැබීමට නියමිතයි. ගුවන් තොටුපොළ දෙකක් මේ ආශ්‍රීතව තිබෙනවා. වරාය දෙකක් පිහිටා තිබෙනවා. ගාල්ල සහ තංගල්ල වැනි කුඩා බෝට්ටු ගෙන එන්න හැකියාව ඇති වරාය තිබෙනවා. සැබෑ දියුණුව ළඟා කර ගැනීමට හැකි වන්නේ පරිසරය ආරක්ෂා කරගත්තොත් පමණයි.මගේ අදහස දේදුවේ සිට මාතර පිටබැද්දර දක්වා විශේෂයෙන්ම වැඩි ගාස්තු ගෙවන සංචාරකයන් එන ප්‍රදේශ බවට පත් කිරීමටයි. ඒ ප්‍රදේශවල පරිසර ආරක්ෂණය සඳහා ද විශේෂ වැඩපිළිවෙලක් සකස් කළ යුතුව තිබෙනවා.අක්කර තුන - හතරක නොව අක්කර 300-600 දක්වා වන විශාල වැඩසටහන් ඇති කිරීම මගේ අරමුණයි. සංචාරකයන් එන්නේ පරිසරය ආරක්ෂා කළ පසුවයි. සංචාරක ව්‍යාපාරයට යෙදවීම සඳහා ගාලු නගරයේ ගොඩනැගිලි ගණනාවක් තිබෙනවා. මාතර නගරයේත් ඉඩම් ගෙන විශාල වැඩ කොටසක් කළයුතුයි.විදේශ විනිමය ඉපැයීම මෙන්ම තරුණ-තරුණියන් සඳහා රැකියා දීමේ මූලික අවශ්‍යතාව තිබෙනවා. සංචාරක ව්‍යාපාරය දියුණු කළ විට කුඩා නිවාස ඒකකවල ආදායම් වැඩි වෙනවා. ඔවුන්ටත් ආපනශාලා ආදියෙන් මුදල් ඉපැයිය හැකියි. එමෙන්ම සංගීත, නර්තන අංශවලට ද විශාල දියුණුවක් ඇති වෙනවා.හම්බන්තොට වරාය, මත්තල ගුවන් තොටුපොළ නැවත ලාභ ලබන ආයතන බවට පත් කර හම්බන්තොට - මොනරාගල ප්‍රදේශවල කර්මාන්ත දියුණුව ඇති කරනවා. ඒ තුළින් මාතර ගාල්ල ප්‍රදේශවල සංචාරක දියුණුව ඇති වෙනවා. මධ්‍යයේ ප්‍රදේශවල කෘෂිකර්මික දියුණුව තුළින් ජීවනෝපාය මාර්ග රැසක් විවෘත වෙනවා. මේ විශාල දියුණුවෙන් පසු ඕනෑ තරම් රැකියා අවස්ථා බිහි වේවි.අධ්‍යාපනය දියුණු කිරීමේ සැලසුම් අනුව සෑම සිසු - සිසුවියක් සඳහාම වසර 13ක අධ්‍යාපනය අනිවාර්්‍යය කෙරෙනවා. සාමාන්‍ය පෙළ විභාගය අසමත්වන සිසුන් 50%ක් පමණ පාසලෙන් පිට වෙනවා. ඔවුන්ට විශ්ව විද්‍යාලයට යන්න දක්ෂකම නැති වුණත් වෙනත් දක්ෂතා තිබෙනවා.ක්‍රීඩාව, කලාව, ආදී විවිධ විෂයන්ගෙන් දක්ෂයන් ඒ අතර ඉන්නවා. අප ඒ සියලුම දෙනා පාසලේ තබා ගන්නවා. මූලික පුහුණුව එහිදී දෙනවා. එතැන් සිට රැකියාවකට යවන්න හැකි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීම මගේ අරමුණයි.මෙරට ආර්ථිකය ඉදිරියට ගෙන යා යුතුයි. කිසිම ආණ්ඩුවක් මුහුණ නොදුන් තත්ත්වයකට ජනපතිට, මට සහ ආණ්ඩුවට මුහුණ දීමට වුණා. මේ වසරේ ආර්ථ්ික වශයෙන් විඳින්න ඇති සෑම දුකක්ම වින්දා.පසුගිය දෙසැම්බරයේ අපේ සංවර්ධන වේගය 6% කින් වැඩිවේයැයි සිතුවා. පළමුවෙන්ම නියඟය පැමිණියා. ඒ සමගම කෘෂි කර්මාන්තය බිඳ වැටුණා. විදුලිය බලය වෙනුවෙන් ඉන්ධන සඳහා  වැඩිපුර මුදල් වියදම් කරන්න වුණා.ඉන්පසුව ගංවතුර ආවා. ගංවතුරේ හානිය දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 0.5 ක් වෙනවා. ඒ සමගම මීතොටමුල්ල කුණු කන්ද නාය ගියා. ඩෙංගු උවදුර ඇති වුණා. එය සමහර විට සංචාරක ව්‍යාපාරයටත් බලපාන්න ඉඩ තිබෙනවා. මේ හැම විපතකටම අප මුහුණ දුන්නා.ඒ අතර විදේශ ණය වශයෙන් අපට විශාල මුදලක් ගෙවන්න සිදුවී තිබෙනවා. සියලු විපත් ණය ගෙවීම් හමුවේ ආර්ථික වර්ධන වේගය සියයට 3 සිට 3.5 ක් ලෙස පවත්වාගෙන යන්න  හැකිවේවි යයි අප කල්පනා කළා. නමුත් මේ වනවිට ආර්ථික වර්ධන වේගය අඩු ගණනේ සියයට 4.7 ක් මට්ටමට පැමිණ තිබෙනවා. ඇතැම් විට සියයට 5ක මට්ටමකට ළඟා වීමට හැකිවේවි.සියල්ලට මුහුණ දී ආර්ථිකය ඉදිරියට ගෙන යා යුතුව තිබෙනවා. ලබන වසර දෙක-තුන ඇතුළත ආර්ථීකය ඉහළ නැංවීය යුතුයි. අප රට බාර ගන්නා විට රජය ගත් ණයවල පොලිය ගෙවන්නවත් හැකියාව තිබුණේ නැහැ. පොලිය ගෙවන්න ණය ගත් විට ණය කන්ද තවත් වැඩි වෙනවා. එය විශාල ප්‍රශ්නයක් වූවා.ඔබේ දරුවන්ට ණය බර ඉතිරි කරනවාද? නැති නම් ඊළඟ දශකය තුළදී ණය ප්‍රශ්නය විසඳනවා ද? ඊළඟ වසර තුනෙහි අපට ගෙවීමට ඇති ණය සහ පොලී ප්‍රමාණය රුපියල් ට්‍රිලියනයක් වෙනවා. එනම් බිලියන 4600ක් ගෙවා දැමිය යුතුයි. එනම් ඩොලර් බිලියන 26 ක මුදල් ගෙවිය යුතුයි.ණය ගෙවීම සඳහා දළ දේශීය නිෂ්පාදිතයෙන් වාර්ෂිකව සියයට 35 සියයට 36 ක් වෙන් කළ යුතුව තිබෙනවා. අපේ අරමුණ ආදායම වැඩි කිරීමයි. වැට් බද්ද වැඩි කළා. බැණුම් ඇහුවා. කරන්න දෙයක් නැහැ. අප වගකීම ගත යුතුයි.දැන් අපට ණය පොලිය ප්‍රශ්නයක් නැතිව ගෙවා දමන්න හැකියාව තිබෙනවා. ඊළඟ වසර තුනෙහි පොලිය ගෙවු පසු ණය ගෙවන්න තිබෙනවා. ඇතැම් විට නැවත ණය ගන්න වේවි. නමුත් දැවැන්ත සංවර්ධන වැඩ සටහන් ඇරැඹූ පසුව රටට ආයෝජන ලැබෙනවා.ඊළඟ වසර තුනෙහි අපට ඩොලර් බිලියන හතක් ගැනීමට හැකිවේවි. ඒ ප්‍රමාණය බිලියන අටක් හෝ නවයක් හෝ බවට පත් කිරීමට ද පුළුවනි. ඒ මුදල් නැවත අයෝජනය කළ විට ඉන් ලැබෙන ආදායමෙන් අපනයන ආදායම වැඩිවී ගෙවුම් ශේෂ ප්‍රශ්න විසඳා ගෙන ඉදිරියට යන්න හැකියාව ලැබෙනවා.2020 වනවිට සමබර තත්ත්වය ඇති කර 2025 වනවිට ආර්ථිකය ශක්තිමත් කර ණය ගෙවීමට හැකි තත්ත්වය උදා කරනවා.තරුණ-තරුණියන්ට පුහුණුව සහ රැකියා දීමේ වගකීම අපට තිබෙනවා. ඒ සඳහා අවශ්‍ය ශීඝ්‍ර සංවර්ධනයට ගමන් කළ යුතුයි.එහිදී දකුණට සුවිශේෂී ස්ථානය හිමි වෙනවා.ජේ.ආර්. ජයවර්ධන සමයේ මහවැලි ව්‍යාපාරයට ප්‍රධාන තැනක් ලැබුණා. එකල මහවැලිය අරඹා ඉදිරියට ගියා. යුද්ධය පැවැති නිසා ත්‍රිකුණාමලය දියුණු කරන්න නොහැකි වුවත්, මධ්‍යම, පොළොන්නරුව, අනුරාධපුර විශාල දියුණුව ඇති කළා. රජ කාලෙට වඩා අප වැව් හැදුවා. එවැනි විශාල සංවර්ධනය මෙවර දකුණු පළාතේ ක්‍රියාත්මක වීමට නියමිතයි. මහනුවරින් පටන් ගත්ත දියුණුව වැල්ලවාය දක්වා ව්‍යාප්ත වෙනවා.ඒ නිසා දකුණු පළාත දියුණු කිරීමට මධ්‍යම රජයටත්, පළාත් සභාවටත් විශේෂ වගකීමක් තිබෙනවා. එතැනින් පසු කළුතර කර්මාන්ත කලාපය බවට පත් වෙනවා.දකුණේ සංවර්ධන සම්බන්ධයෙන් පළාත් සභාව සහ මන්ත්‍රීවරුන් සමග කතා කරන්න මා බලාපොරොත්තු වෙනවා. ජාතික ආණ්ඩුව ඇති කිරීමේ වාසිය වන්නේ මේ කටයුතු ඉක්මනින් කළ හැකි වීමයි. දකුණේ නිලධාරින්ගේ මෙන්ම පළාත් සභාවේ සම්පූර්ණ සහයෝගය ලැබේවි යයි බලාපොරොත්තු වෙනවා යැයිද රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් කීවේය.ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා - රාජ්‍ය නිලධාරීන් ව්‍යසනයේදී කැපවීමකින් කටයුතු කළා. එහි ප්‍රතිඵල ලෙස සියලුම මහජනතාව සුරක්ෂිත කර ගැනීමට හැකියාව ලැබුණා.ඉහළ සිට පහළ මට්ටම දක්වා ඉතා හොඳ සම්බන්ධීකරණය ගොඩ නඟා ගැනීමටත් අපට හැකියාව ලැබුණා. සියලුම දෙනා ඒක කණ්ඩායමක් ලෙස කටයුතු කිරීමේ ප්‍රතිඵල දැන් ජනතාවට ලැබී තිබෙනවා.ඉඩම් හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා - ගංවතුර හා නාය යෑමේ විපතට හොඳින් මුහුණ දීමට අපට හැකි වුණා. අප රජය ලෙස ඉතා කාර්යක්ෂමව විපතට මුහුණ දුන් ජනතාව වෙනුවෙන් කැපවී ක්‍රියා කළා. හානිවූ ජීවිත හැර අන් සියලුදේ යථා තත්ත්වයට පත් කිරීම සඳහා රජය කටයුතු කළා.මගේ අමාත්‍යාංශයටත් බාර දුන් වගකීම ඉදිරියට පැවරී තිබෙනවා. ඉතා ඉක්මනින් ජනතාව නැවත පදිංචි කිරීමේ කටයුතු කරනවා.දකුණු පළාත් ප්‍රධාන අමාත්‍ය ශාන් විජයලාල් ද සිල්වා මහතා - ගාල්ලේ ගංවතුරෙන් පසු ඉදිරි කටයුතු කරන්න අගමැතිතුමා නෙළුවට පැමිණීම අපට විශාල ශක්තියක් බව කිව යුතුයි. මෙවැනි ස්වභාවික විපත් වූ විට ටික දිනක් කතා කළත් ඉන් පසුව එය මතකයෙන් ගිලිහී යනවා.හානි කළමනාකරණය සඳහා ඉදිරි අනාගතයේදී ස්ථිර සාර විසඳුම සොයා ගත යුතුයි.අවතැන් වූ ජනතාව යථා තත්ත්වයට පත් කිරීම සඳහා මේ රැස්වීම මහා රුකුලක් වන බව කිව යුතුයි.හිටපු අමාත්‍ය පියසේන ගමගේ මහතා - ගංවතුර උවදුර අපේ මතකයෙන් තවම ඉවත්වී නැහැ. ගාල්ල දිස්ත්‍රික්කයේ වැඩිම හානි වූයේ හිනිදුම ප්‍රදේශයටයි. සහන සැලසීම් දැන් වෙමින් තිබෙනවා. ඒ වැඩ කටයුතු කඩිනම් කිරීම අගමැතිතුමන්ගේ පැමිණීමේ අරමුණයි.ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ ප්‍රධානත්වයෙන් සියලු රජ්‍ය නිලධාරීන් සහන සැලසීමේ කටයුතු සඳහා ඉහළ දායකත්වය දැක්වුවා. බොහෝ නිලධාරින් රාජකාරිය අභිබවා ජනතාව වෙනුවෙන් කටයුතු කළා.හිනිදුම එජාප ප්‍රධාන සංවිධායක සහ පළාත් සභා මන්ත්‍රී සුනිල් සේනානායක මහතා - අගමැතිතුමාගේ උපදෙස් පරිදි පෙර සූදානම නිසා මේ විපත කළමනාකරණය කරගැනීමට අපට හැකිවුණා.අප මෙවැනි ගංවතුර විපත් තුනකට මුහුණ දී තිබෙනවා. නමුත් ඉතා ඉක්මනින් ජනතා සහන සැලසුයේ මේ ආපදා අවස්ථාවේ දී බව කිව යුතුයි.අද කාටවත් අසාධාරණයක් වූවා යයි ඇඟිල්ල දිගු කරන්න බැහැ. දකුණු පළාත් සභාව ඉතා උනන්දුවෙන් කටයුතු කළා. රාජ්‍ය නිලධාරීන් විපතේදී කළ මෙහෙවර පිළිබඳව සුවිශේෂී ස්තුතියක් පළ කළ යුතුයි.පක්ෂ පාට බේද වලින් තොරව සැමට සමානව සහන දීමට අපට හැකිවූ බව මෙහිදී සඳහන් කළ යුතුයි.ගාල්ල දිස්ත්‍රික් ලේකම් එස්.ඩී. කොඩිකාර මහතා - ආපදා තත්ත්වය ඇති වූ දිනට පසු දිනම සියලු රාජ්‍ය නිලධාරීන් රැස්වී අවශ්‍ය තීරණ කඩිනමින් ලනු ලැබුවා. පූර්ණ නිවාස හානි 364 ක් ද වාර්තා වෙනවා.ජනපති, අගමැති උපදෙස් යටතේ හානි තක්සේරු කිරීම් සියයට 80ක් පමණ කළා. හානියට පත්වූ ව්‍යාපාර යථා තත්ත්වයට පත් කිරීමේ කටයුතු වලින් තක්සේරු කටයුතු සියයට 67 ක් අවසන් කර තිබෙනවා.
ආපදා ප්‍රදේශ ගොඩනගන්න මුදල් සොයා අවසන්
0
hp_train_7284
ශ්‍රී ලංකාවේ ප්‍රදේශ රැසකට සවස 2.00 න් පසුව වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇති විය හැකි බවත් නැගෙනහිර සහ ඌව  පළාත්වල සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ උදය කාලයේදී ද මද වැසි ඇති විය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය                                                      දිනය : 30/03/2016නගරයඋෂ්ණත්වය (සෙ. අංශක)සාපේක්ෂ ආර්ද්‍රතාවය (%) කාලගුණයඋපරිමඅවමඋපරිමඅවමඅනුරාධපුරය36259060සවස 2.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසිමඩකලපුව32269570වැසි ස්වල්පයක්කොළඹ33249565සවස 4.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසිගාල්ල33268570සවස 4.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසියාපනය35258060වැසි ස්වල්පයක්මහනුවර32219560සවස 2.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසිනුවරඑළිය23129580සවස 2.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසිරත්නපුරය35239555සවස 2.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසිත්‍රීකුණාමළය33268575වැසි ස්වල්පයක්මන්නාරම34259580වැසි ස්වල්පයක්
‘පළාත් කීපයකට අද සවස වැසි‘
0
hp_train_7285
(ඩයනා උදයංගනී)කොවිඩ් ආසාදිතවූ තවත් 66 දෙනකු ඊයේ (20) මරණයට පත්  වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (21) තහවුරු කළේය. ඒ සමඟ මෙරටින් වාර්තා වූ මුළු කොරෝනා ආසාදිත මරණ  සංඛ්‍යාව 12,284 ක් දක්වා ඉහළ ගොස් ඇත.මියගිය අයගෙන් 53 දෙනෙක් වයස අවුරුදු 60 ට වැඩි අය වන අතර අවුරුදු 30 ත් 24 ත් අතර වයසේ පසුවන 11 දෙනෙක් සහ අවුරුදු 30 ට අඩු  දෙදෙනෙක් ද ඒ අතර වෙති.මියගිය අය අතරින් 30 දෙනෙක් පිරිමි අය වන අතර සහ කාන්තාවෝ ද 36 දෙනෙක් වෙති
කොවිඩ් මරණ 215ක්
0
hp_train_7286
( ඩී.කේ.රත්න )හපුතලේ තංගමලේ වතුයායේ ගල්ලැයිම කොටසේ දලූ නෙලමින් සිටි වතු කම්කරු පිරිසකට අද (07) දහවල් 11.00 ට පමණ බඹරු ඇනීම නිසා වතුකම්කරුවන් විසි දෙදෙනෙකු බරපතල අසාධ්‍ය තත්වයෙන් හපුතලේ සහ දියතලාව රෝහල්වලට ඇතුළු කර ඇතයි හපුතලේ පොලීසිය පවසයි. මෙම බඹරු ඇනීමෙන් වතු කම්කරු කාන්තාවන් විසිදෙනෙකු සහ පිරිමි පුද්ගලයින් දෙදෙනෙකු බරපතල අසාධ්‍ය තත්වයෙන් හපුතලේ සහ දියතලාව රෝහල්වලට ඇතුළු කර ඇත. මෙම කම්කරු පිරිස වතුයායේ දලූ නෙලමින් සිටියදී වතුයායේ ගසක බැද තිබූ බඹරයක් එක්වරම ඇවිස්සී මෙම පිරිසට එලව එලවා පහරදී ඇතයි වතු කම්කරුවෝ පවසති.
බඹර ප්‍රහාරයකින් වතුකම්කරුවෝ 20ක් රෝහලේ
1
hp_train_7287
ශ්‍රී ලංකාවේ උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වල වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. මධ්‍යම, සබරගමුව සහ බස්නාහිර පළාත්වල ස්ථාන ස්වල්පයක සවස 2.00 න් පමණ පසුව ගිගුරුම් සහිත වැසි වර්ධනය විය හැකියි.
‘පළාත් කීපයකට වැසි වාර කීපයක්‘
1
hp_train_7288
ශ්‍රී ලාංකේය ඇසුරුම් නිෂ්පාදන ක්ෂේත්‍රයේ ප්‍රමුඛයකු වන Flexiprint පෞද්ගලික සමාගම ලංකා ජාතික වාණිජ මණ්ඩලය සංවිධානය කළ ජාතික ව්‍යාපාර විශිෂ්ටතා (NBE) 2022 සම්මාන උළෙලේදී මුද්‍රණ සහ ඒ ආශ්‍රිත සේවා අංශයේ කුසලතා සම්මානයෙන් පිදුම් ලැබීය. කොළඹ ෂැංග්‍රිලා හෝටලයේදී උත්කර්ෂවත් ලෙස පැවැති සම්මාන උළෙලේදී ලංකා ජාතික වාණිජ මණ්ඩලයේ නියෝජ්‍ය සභාපති කාවින්ද රාජපක්ෂ මහතා අතින් Flexiprint සමාගමේ කළමනාකරණ අධ්‍යක්ෂ සතිස් අබේවික්‍රම මහතා ඇතුළු කණ්ඩායම සම්මාන ලබා ගත්හ. Flexiprint සමාගම දේශීය සහ විදේශීය තේ වෙළෙඳපොළට අනර්ඝ ප්‍රමිතියෙන් සහ උසස් තත්වයෙන් සපිරි තේ බෑග් ටැග් සහ තේ බෑග් කවර නිෂ්පාදනය කරයි. ෆ්ලෙක්සොග්‍රැපි තාක්ෂණය සහ ජලය සමඟ මිශ්‍ර කර ගත් තීන්ත (Water Base) භාවිතයෙන් ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට අගනා තේ ඇසුරුම් නිෂ්පාදනය ආරම්භ කළේ Flexiprint සමාගමයි.1994දී එක් යන්ත්‍රයක් භාවිත කර සේවක සේවිකාවන් 10 දෙනකුගෙන් ඇරැඹූ Flexiprint ආයතනය වර්තමානයේදී යන්ත්‍ර අටකින් සහ 275කට ආසන්න කාර්ය මණ්ඩලයකින් සමන්විත දෙස් විදෙස් කීර්තිය දිනූ සමාගමකි. ඕනෑම ප්‍රමාණයක ඇණැවුමක් කලට වේලාවට සැපැයීමට අවශ්‍ය විශිෂ්ට තාක්ෂණික දැනුම සමාගම සතුය. තේ බෑග් ටැග්, තේ බෑග් කවර සහ පිරමීඩ හැඩැති තේ කවර ඇතුළු විවිධාකාරයේ තේ ඇසුරුම් රැසක් Flexiprint සමාගමේ නිෂ්පාදන කළඹට අයත් වේ. එක් එක් පාරිභෝගික අවශ්‍යතා වෙන වෙනම හඳුනා ගෙන ඔවුන් අතර මනා සම්බන්ධතාවක් පවත්වමින් සේවා සැපයීම සමාගමේ සුවිශේෂත්වයකි.“ජාතික ව්‍යාපාර විශිෂ්ටතා සම්මාන උළෙලේදී අඛණ්ඩ ඇගැයීමකට ලක් වීම අපගේ විශිෂ්ට නිෂ්පාදන සහ සේවා පිළිබඳව පවසන කදිම නිදසුනක්. ශ්‍රී ලංකාවට විදේශ විනිමය ගෙන එන ව්‍යාපාර ක්ෂේත්‍රයක කටයුතු කරන අපි ඉදිරියටත් විශිෂ්ට නිෂ්පාදන ඔස්සේ ජාත්‍යන්තරය ජය ගැනීමට සූදානම්. මේ අවස්ථාවේදී මෙම සුවිශේෂ ජයග්‍රහණයට දායක වුණ අපගේ සේවක මණ්ඩලයට කෘතවේදීත්වය පිරිනමනවා.” කළමනාකරණ අධ්‍යක්ෂ සතිස් අබේවික්‍රම මහතා පැවසීය.595
ජාතික ව්‍යාපාර විශිෂ්ටතා රන් සම්මානයෙන් Flexiprint පිදුම් ලබයි
0
hp_train_7289
බස්නාහිර, දකුණ, සබරගමුව සහ මධ්‍යම පළාත්වල වැසි වාර කිහිපයක් ඇති වන බවත් අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේදී නැගෙනහිර සහ ඌව පළාත්වල ස්ථාන ස්වල්පයක ගිගුරුම් සහිත වැසි වර්ධනය වන බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. ‘කඳුකර ප්‍රදේශවල සහ අවට මුහුදු ප්‍රදේශ වල විටින් විට හමන සුළඟේ වේගය පැයට කිලෝ මීටර්  50-70 දක්වා වැඩි විය හැකියි.‘ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය                                                      දිනය : 17/07/2015    නගරයඋෂ්ණත්වය (සෙ. අංශක)සාපේක්ෂ ආර්ද්‍රතාවය (%) කාලගුණයඋපරිමඅවමඋපරිමඅවමඅනුරාධපුරය34268555ප්‍රධාන වශයෙන් වැසි රහිත.මඩකලපුව35278050සන්ධ්‍යා කාලයේ හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි.කොළඹ32279070වැසි වාර කිහිපයක්ගාල්ල29259080වැසි වාර කිහිපයක්යාපනය34277565ප්‍රධාන වශයෙන් වැසි රහිත.මහනුවර29249070වැසි වාර කිහිපයක්නුවරඑළිය19149585වැසි වාර කිහිපයක්රත්නපුරය31259570වැසි වාර කිහිපයක්ත්‍රීකුණාමළය35267550ප්‍රධාන වශයෙන් වැසි රහිත.මන්නාරම32278565ප්‍රධාන වශයෙන් වැසි රහිත. 
ඉදිරි 24 පැයේ කාලගුණය
0
hp_train_7290
හෙටින් (4) පසු නැවත වරක් නිරිත දිග ප්‍රදේශවල වැසි සහ සුළං සහිත කාලගුණයක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. එතෙක් බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රීක්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවේ. සෙසු ප්‍රදේශ වලට සවස 2.00න් පමණ පසු තැනින් තැන ගිගුරුම් සහිත වැසි වර්ධනය වේ.  ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශ වල තාවකාලිකව තද සුළං ඇති විය හැක. ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය                                                      දිනය : 04/10/2015    නගරයඋෂ්ණත්වය (සෙ. අංශක)සාපේක්ෂ ආර්ද්‍රතාවය (%) කාලගුණයඋපරිමඅවමඋපරිමඅවමඅනුරාධපුරය33259560සවස 2.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.මඩකලපුව33258565සවස 2.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.කොළඹ32259570වැසි වාර  කිහිපයක්ගාල්ල30259580වැසි වාර  කිහිපයක්යාපනය32277565සවස 2.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.මහනුවර31219560සවස 2.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.නුවරඑළිය22139570සවස 2.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.රත්නපුරය33249560වැසි වාර  කිහිපයක්ත්‍රීකුණාමළය33259565සවස 2.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.මන්නාරම31268575සවස 2.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.  
ඉදිරි 24 පැයේ කාලගුණය
1
hp_train_7291
ලෝකයේ ප්‍රමුඛතම ස්වාධීන සන්නාම ඇගයීමේ සමාගමක් වන බ්‍රෑන්ඩ් ෆයිනෑන්ස් විසින් ප්‍රකාශයට පත්කළ ශ්‍රී ලංකාවේ 2022 වසරේ හොඳම සන්නාම ශ්‍රේණිගත කිරීමෙහි ස්ථාන පහක් ඉදිරියට පැමිණෙමින් සෙලින්කෝ ලයිෆ් නැවත වතාවක් ‘ශ්‍රී ලංකාවේ වඩාත්ම වටිනා ජීවිත රක්ෂණ සමාගම’ බවට පත්වීමට සමත්ව ඇතැයි එම සමාගම කියයි.මෙහිදී, 2022 වසර සඳහා සෙලින්කෝ ලයිෆ් සන්නාමයේ වටිනාකම රුපියල් බිලියන 3.8 ක් යැයි බ්‍රෑන්ඩ් ෆයිනෑන්ස් විසින් ගණනය කර තිබෙන අතර එය 2021 වසරේදී ලබාදුන් වටිනාකමට වඩා සියයට 8.8 ක වර්ධනයකි. විශාල බැංකු, විදුලි සංදේශ සමාගම් සහ සිල්ලර වෙළඳ පොළේ දැවැන්තයන් ඇතුළත් වන මෙරට වටිනාම සන්නාම 100 තුළ සෙලින්කෝ ලයිෆ් 28 වන වඩාත්ම වටිනා පාරිභෝගික සන්නාමය බවට පත්ව තිබේ.ඒ අතරම, සෙලින්කෝ ලයිෆ් සන්නාමයට බ්‍රෑන්ඩ් ෆයිනෑන්ස් විසින් ලබාදුන් AA වර්ගීකරණය මේ වසරේදී AA+ දක්වා ඉහළ දමා තිබෙන අතර එයින් පිළිබිඹු වන්නේ ඉතාමත් අඩු ණය අවධානමක් සහ මූල්‍ය වගකීම් ඉටුකිරීමට ඉහළ හැකියාවක් තිබෙන බවයි.සෙලින්කෝ ලයිෆ් සන්නාමයේ වටිනාකම සහ ශක්තිය වෙනුවෙන් ලැබුණු නවතම ඇගයීම පිළිබඳව අදහස් දක්වමින් සෙලින්කෝ ලයිෆ් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී, තුෂාර රණසිංහ මහතා මෙසේ අදහස් දැක්වීය. ‘මිලියන ගණනක ජනයාගේ අනාගත අවධානම අවම කිරීමට කැපවන සමාගමක් ලෙස අපගේ සාර්ථකත්වය ශ්‍රී ලාංකිකයන් විසින් අප කෙරෙහි තබා ඇති විශ්වාසය මත රඳා පවතිනවා. නිරන්තරයෙන්ම ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සහ වඩාත්ම වටිනා ජීවිත රක්ෂණ සන්නාමය ලෙසින් වර්ගීකරණය වීම අපට ඉතාමත්ම වැදගත් වෙනවා. ඒ තුළින් වර්තමාන අභියෝගාත්මක කාලයකදී පවා අපගේ ශක්තිය විදහා දැක්වෙනවා.’  ශ්‍රී ලංකාවේ රක්ෂණ කර්මාන්තය සැලකීමේදී බ්‍රෑන්ඩ් ෆයිනෑන්ස් විසින් නිරීක්ෂණය කර තිබෙන්නේ සාමාන්‍ය රක්ෂණ සන්නාම වලට වඩා ජීවිත රක්ෂණ සන්නාම වැඩි වේගයකින් වර්ධනය වන බවයි. මේ අනුව, 2022 වසරේදී සමස්තයක් ලෙස ජීවිත රක්ෂණ සන්නාමවල වටිනාකම සියයට 9 කින් වර්ධනය වූ අතර සාමාන්‍ය රක්ෂණ සන්නාමවල වටිනාකම වර්ධනය වී තිබෙන්නේ සියයට 1 කින් පමණි. බ්‍රෑන්ඩ් ෆයිනෑන්ස් වාර්තා කර තිබෙන්නේ කොවිඩ්-19 වසංගත තත්ත්වය හේතුවෙන් ජීවිත ආරක්ෂාව පිළිබඳව ජනතාව වැඩි සැලකිල්ලක් දැක්වීම නිසා ජීවිත රක්ෂණ වාරික ආදායම් වර්ධනය වී තිබෙන බවයි.-සටහන- චමින්ද මුණසිංහ
රක්ෂණ ක්ෂේත්‍රයේ වටිනාම සන්නාමය සෙලින්කෝ ලයිෆ්
0
hp_train_7292
බොහෝ පළාත්වල  සවස 2.00 න් පසුව වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇති වන බවත් බස්නාහිර සහ දකුණු  වෙරළබඩ ප්‍රදේශවල උදය  කාලයේදීත්  වැසි ස්වල්පයක් ඇති වන බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව  කියයි.  ඇතැම් ස්ථාන වලට මිලි මීටර් ‍50 ට වඩා වැඩි විය හැකියි. ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති වේ. 
'පළාත් රැසකට වැසි'
0
hp_train_7293
( තිලකරත්න දිසානායක)ගම්පහ දිස්ත්‍රික්කයෙහි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 15 ආශ්‍රිතව අද (6) උදෑසන වනවිට ගතවූ පැය 24 ක කාලය තුල කොරෝනා ආසාදිතයින් 1125 දෙනෙකු හමුව ඇති අතර මින් 171 දෙනෙකු වන වැඩිම පිරිසක් හමුව ඇත්තේ මිනුවන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙනි.දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයීය වෙබ් අඩවියෙහි සදහන් අන්දමට සෙසු සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස ආශ්‍රිතව ආසාදිතයින් හමුවීම ගම්පහ - 140 ක්, මහර -110 ක්, බියගම - 109 ක්, දොම්පෙ - 100 ක්, මීරිගම - 96 ක්, අත්තනගල්ල - 90 ක්, ජාඇල - 74 ක්, දිවුලපිටිය - 71 ක්, කැලණිය - 37 ක්, වත්තල - 36 ක්, මීගමුව - 35 ක්, කටාන - 21 ක්, සීදූව - 20 ක් සහ රාගම කොට්ඨාසයෙන් ආසාදිතයින් - 15 දෙනෙකු වශයෙන් සිදුව ඇත.අද උදෑසන වනවිට පැය 24 ක කාලය තුල දිස්ත්‍රික්කයේ කර්මාන්තශාලා ආශ්‍රිතව ආසාදිතයින් - 61 දෙනෙකු හමුව ඇති අතර එය ආයෝජන කලාපය කටුනායකකින් - 52 ක් සහ බියගමින් - 9 දෙනෙකු වශයෙනි.දිස්ත්‍රික්කයේ රෝහල් වෙත පැය 24 ක් තුල ආසාදිතයින් 435 දෙනෙකු සහ ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත සැක සහිත රෝගීන් 17 දෙනෙකු ඇතුලත් කොට ඇති බවත් රෝහල් සහ ප්‍රතිකාර මධ්‍යස්ථානයන්හි 462 දෙනෙකු ඔක්සිජන් සහිත ප්‍රතිකාර ලබන බවත් දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයීය වෙබ් අඩවිය සදහන් කරයි.නිවාසවල ස්වයං නිරෝධායනයට ලක් කිරීමට පියවර ගෙන ඇති ආසාදිතයින්ගේ පළමු පෙළ ආශ්‍රිතයින් සංඛ්‍යාව 35, 867 දෙනෙකු වන අතර ගම්පහ දිස්ත්‍රික්කයෙන් අද උදෑසන වනවිට වාර්තාවී ඇති මුලු කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව - 1,28,833 දෙනෙකි. 
ගම්පහ කොරෝනා රෝගීන්ගේ අඩුවක්
0
hp_train_7294
(  සම්පත් ප්‍රියනන්දන  සහ නාලක ජේ හෙටිටිආරචිචි)බලන්ගොඩ  මිරිස්වත්ත ප්‍රදේශයේ  නිවසකට ඇතුළු වි  මැණික්  ගල්  තොගයක් සහ ස්වර්ණාභරණ  සොරකම් කළ  සැකකරුවන්  දෙදෙනෙකු  සොරකම්  කරන  ලද  මැණික් ගල් තොගය සහ  ස්වර්ණාභරණ  සමඟ  අද (05)  සවස අත්අඩංගුවට  ගත් බව  බලන්ගොඩ පොලිසිය පවසයි.බලන්ගොඩ පොලිස් බල ප්‍රදේශයේ පදිංචි   25 සහ 49  වයස්වල   පසුවෙන පුද්ගලයන් දෙදෙනෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගත්  25  හැවිරිදි පුද්ගලයා  අධිකරණයේ  විභාග  වන  නඩු  තුනක්  සමිබන්ධයෙන්  වරෙන්තු  කරැවෙකු  බවද පොලිසිය  පවසයි. එම  සොරකමට  සම්බන්ධ තවත් පුද්ගලයෙකු  සිටින  බවට අත්අඩංගුවට ගත්  පුද්ගලයන් විසින් පොලිසියට පවසා  ඇත.  ඔහුද  අත්අඩංගුවට  ගැනිම සදහා පොලිසිය  පරික්ෂණ ආරම්භ  කර ඇත. අත්අඩංගුවට ගත් සැකකරුවන් හෙට  (06) දා බලන්ගොඩ මහෙස්ත්‍රාත්වරයා හමුවට ඉදිපත් කිරිමට  නියමිතව ඇත.බලන්ගොඩ පොලිසියේ  වැඩ  බලන ස්ථානාධිපති  පොලිස් පරික්ෂක  ⁣ජයතිස්ස  මහතාගේ උපදෙස්  පරිදි  අපරාධ අංශයේ ස්ථානාධිපති ආර්.ආර්.ජි.කේ. බණ්ඩාර මහතා ඇතුළු  නිළධාරි  කණ්ඩායමක් විසින් එම වැටලිම සිදුකර  ඇත.
බෑනාට - පුතාට පිහියකින් පහර දුන් පියා අත්අඩංගුවට
0
hp_train_7295
 (අංජුල මහික වීරරත්න)ද්විත්ව පුරවැසියන් ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස පත් පත් කිරීම සුදුසු නැති බවට වන වගන්තියක් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙි 21වැනි සංශෝධනයට ඇතුළත් කර තිබේ.21 වන ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතේ 91 (1)(xiii) වන උප ඡේදයේ මෙම සංශෝධනය ඇතුළත් කර ඇත.21 වැනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට 19 වැනි සංශෝධනයේ ආකෘතිය ගෙන ඒමෙන් ස්වාධීන කොමිෂන් සභාවලට යළි ස්වාධීනව ක්‍රියාත්මක වීමට හැකි සංශෝධන ද මීට ඇතුලත් කර තිබෙි.20 වැනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් අක්‍රීය කර තිබු ප්‍රසම්පාදන සහ විගණන සේවා කොමිෂන් සභා යළි ක්‍රියාත්මක කිරිමටත් බලය හීන කර තිබූ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම, රාජ්‍ය සේවා කොමිසම, මැතිවරණ කොමිසම සහ පොලිස් කොමිසම, නැවතත් ස්වාධීනව පවත්වා ගෙන යාමට හැකි වන ආකාරයේ සංශෝධනත් 21 වන සංශෝධනයට ඇතුළත් කර තිබේ.ජනාධිපතිවරයා සතු බලතල වලින් සෑහෙන ප්‍රමාණයක් ස්වාධීන කොමිෂන් සභා වලටත් ව්‍යවස්ථාදායක සභාවට සහ කැබිනට් මණ්ඩලයටත් පැවරීම මගින් ජනාධිපතිවරයාගේ බලතල අඩු කිරීමෙි සංශෝධන ද 21වන සංශෝධනයට ඇතුලත් ය.කැබිනට් ඇමැතිවරුන් සහ නියෝජ්‍ය ඇමතිවරුන් පත් කිරීමේදී ජනාධිපතිවරයා අගමැතිවරයාගෙන් උපදෙස් ලබා ගත යුතු බවට වන සංශෝධනයක් ද ඇතුළත් වෙයි.21 වැනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට පළාත් සභා සම්බන්ධයෙන් කිසිදු සංශෝධනයක් ඇතුළත් නොවේ.ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාදායක සභාව යළි පිහිටුවීම සම්බන්ධයෙන්ද 21 වැනි ආණ්ඩු ක්‍රම සංශෝධන කෙටුම්පතේ සඳහන් වේ.එහි සාමාජිකයින් වශයෙන් අගමැති, කතානායක,විපක්ෂ නායක සහ අගමැතිවරයා සහ විපක්ෂ නායක යන දෙදෙනා නම් කරන ජනාධිපතිවරයා විසින් පත් කරන ලබන පස් දෙනෙකුගෙන් සමන්විත විය යුතු අතර එම පස් දෙනාගෙන් දෙදෙනෙකු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විය යුතුය. අනෙක් තිදෙනා පොදු හෝ වෘත්තීය ජීවිතයේ කැපී පෙනෙන කීර්තිමත් සහ අවංකභාවයක් ඇති කිසිම දේශපාලන පක්ෂයක සාමාජිකයින් නොවන පුද්ගලයන් විය යුතුය.ව්‍යවස්ථා දායක සභාවට පත් කරන එම සාමාජිකයින් පස් දෙනාගේ ධුර කාලය වසර තුනකි.ස්වාධීන කොමිෂන් සභාවල සභාපතිවරුන් සහ සාමාජිකයින් ජනාධිපතිවරයා විසින් පත් කළ යුත්තේ මෙම ව්‍යවස්ථාදායක සභාවේ නිර්දේශ මත පමණි.ස්වාධීන කොමිෂන් සභා වල සභාපති ධුරය සඳහා ව්‍යවස්ථා දායක සභාව තිදෙනකු නිර්දේශ කළ යුතු අතර ඒ අතරින් එක් අයකු පත් කිරීමෙි බලය ජනාධිපතිවරයා සතු වෙි.මැතිවරණ කොමිසම, රාජ්‍ය සේවා කොමිසම, ජාතික පොලිස් කොමිසම, විගණන සේවා කොමිසම,ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම, මුදල් කොමිසම, සීමා නිර්ණය කොමිසම, ජාතික ප්‍රසම්පාදන කොමිසම මෙලෙස බලාත්මක කෙරෙන කොමිෂන් සභාවේ.නීතිපති, ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති, විගණකාධිපති, පොලිස්පති, පාර්ලිමේන්තු කොමසාරිස් (ඔම්බුඩ්ස්මන්) සහ පාර්ලිමේන්තු මහලේකම් යන තනතුරු සඳහා ජනාධිපතිවරයා විසින් ව්‍යවස්ථාදායක සභාවේ නිර්දේශ මත පත්විම් සිදු කළ යුතුය.අගමැති ජනාධිපතිවරයා වෙත ලිපියක් යවමින් ඉල්ලා අස්වන්නේ නම් හෝ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉවත් වන්නේ නම් මිස, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධාන යටතේ අමාත්‍ය මණ්ඩලය ක්‍රියාත්මක වන කාලය පුරාවටම අග්‍රාමාත්‍යවරයාට දිගටම ධූරයේ කටයුතු කළ හැකි බවද 21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ සඳහන් වෙයි. 
පොලිස්පතිත් කොමිසමත් ව්‍යවස්ථා සභාව හමුවට
0
hp_train_7296
රට අභ්‍යන්තරය හාරහා පැයට කිලෝ මීටර් 50 -60 අතර තද සුළං ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් යාපනය, මන්නාරම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වලත් සිහින් වැසි වාර කිහිපයක් ඇති වේ.ඌව සහ නැගෙනහිර පළාත්වල තැනින් තැන සවස 2.00 න් පමණ පසුව වැසි  හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක. දෘශ්‍ය ලෙස සූර්යයා දකුණට ගමන් කිරීමේදී, අගෝස්තු මස 28 වන දින සිට සැප්තැම්බර් 07 දක්වා ශ්‍රී ලංකාව අසන්න අක්ෂාංශ වලට සෘජුවම ඉහලින් පවතී. අද  (28) දහවල් 12.12 පුල්ලවේලි, වේඩුකාඩු සහ උරවෙනිකන්පත්තුව යන නගර වලට ඉතා ආසන්නව හිරු මුදුන්ව පවතී.
අද දවසේ කාලගුණය
1
hp_train_7297
(ඩයනා උදයංගනී)කොවිඩ් 19 ආසාදිත රෝගීන් තවත් 3,698 දෙනකු අද (29) හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි. ඒ සමඟ මෙරටින් වාර්තාවන මුළු කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 4,25,255 දෙනකු දක්වා ඉහළ ගොස් ඇත.ප්‍රතිකාර ලබමින් සිටි තවත් කොවිඩ් රෝගීන් 2,122 ක් සුවය ලබා අද රෝහල්වලින් පිටත්ව ගිය අතර මේ වන විට මෙරට සුවය ලැබූ මුළු රෝගීන් සංඛ්‍යාව 3,57,598 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය අංශ සඳහන් කරයි.කොවිඩ් ආසාදිත වූ 55,376 දෙනෙක් රෝහල් හා ප්‍රතිකාර මධ්‍යස්ථානවල මේ වන විටත් ප්‍රතිකාර ලබමින් සිටිති. 
කොවිඩ් ආසාදිතයන් තව 685ක්
0
hp_train_7298
                                 (ක.ග කරුණාරත්න,ඩබ්.ඒ.පියතිලක)හිඟුරක්ගොඩ ප්‍රාදේශීය සභාවේ සභාපති ධුරයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඩී.ආර් උඩවත්ත මහතා ද උප සභාපති ලෙස එක්සත් ජාතික පක්ෂයේ කුමුදු පුෂ්පකුමාර මන්ත්‍රීවරයා තේරිපත් විය.පසුගිය පළාත් පාලන මැතිවරණයේ දී හිඟුරක්ගොඩ ප්‍රාදේශීය සභාවේ වැඩි මන්ත්‍රී සංඛ්‍යාවක් දිනාගනු ලැබුවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසිනි. එම මන්ත්‍රී සංඛ්‍යාව 13කි.හිඟුරක්ගොඩ ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා සහ උප සභාපතිවරයා තෝරා පත්කර ගැනීම සඳහා මංගල සැසිවාරය  අද (6) පස්වරුවේ හිඟුරක්ගොඩ ප්‍රාදේශීය සභා ශ්‍රවණාගාරයේදී උතුරු මැද පළාත් පාලන කොමසාරිස් එම්. කොඩිප්පිලිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන්ත්වයෙන් පැවැත්විණි.එහිදී සභාපතිවරයා තෝරා ගැනීමේ ඡන්ද වට දෙකක්  පවත්වනු ලැබූ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඩී.ආර් උඩවත්ත එම පක්ෂයේ එල්.පී නවරත්න ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පියතිස්ස බණ්ඩාර යන මන්ත්‍රීවරු ඉදිරිපත් වූහ. ඒ සඳහා පැවති ඡන්ද විමසීමේදී ඩී.ආර් උඩවත්ත මහතා ඡන්ද 16 ක්, එල්.පී නවරත්න මහතා ඡන්ද 14ක්, පියතිස්ස බණ්ඩාර මහතා ඡන්ද 13 ක් වශයෙන් ලබා ගත්තේය.සභාපතිවරයා තෝරාපත්කර ගැනීම සඳහා දෙවන වටයේ ඡන්දක් පැවති අතර එයට ඉදිරිපත් වූයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඩී.ආර් උඩවත්ත සහ එල්.පී නවරත්න යන මන්ත්‍රීවරුන් දෙදෙනා පමණි. එම ඡන්ද විමසීමේදී උඩවත්ත මන්ත්‍රීවරයා ඡන්ද 16 ක් ද එල්.පී නවරත්න මහතාට හිමිවූයේ ඡන්ද 10 ක් පමණි. ඒ අනුව වැඩි ඡන්ද 6 කින් ඩී.ආර් උඩවත්ත මහතා හිගුරක්ගොඩ ප්‍රාදේශීය සභාවේ නව සභාපතිවරයා ව වශයෙන් තේරී පත් විය.උප සභාපති ධුරය එක්සත් ජාතික පක්ෂයේ කුමුදු පුෂ්පකුමාර සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සෝමරත්න පතිරාජ යන මහත්වරුන් ඉදිරිපත් වූ අතර ඡන්ද 17 ක් ලබාගත් එක්සත් ජාතික පක්ෂයේ කුමුදු පුෂ්පකුමාර මහතා උප සභාපති ධුරයට තේරී පත්විය. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සෝමරත්න පතිරාජ මහතාට හිමි වූයේ ඡන්ද 15 ක් පමණි.
හලාවත නගර සභා පුටුව එජාපයට
0
hp_train_7299
සම්පත් ප්‍රියනන්දන සහ නාලක ජේ හෙට්ටිආරච්චිඇඳිරිනීතිය පනවා ඇති කාලයේ බලන්ගොඩ සමනල වැව රක්ෂිතයේ අනවසරයෙන් පතල් කපා මැණික් ගැරූ පුද්ගලයන්  දෙදෙනෙකුට එක් අයෙකුට රුපියල් 40000 බැගින්  රුපියල් 80000 දඩ මුදලක් ගෙවන ලෙස බලන්ගොඩ මහෙස්ත්‍රාත් ජයරුවන් දිසානායක මහතා අද (30)නියෝග කලේය.මෙිි අතර රක්ෂිතයට කල අලාභය වෙනුවෙන් තවත් රැපියල්  දසදහස  දඩ මුදලක්ද නියම විය.ඒ අනුව මොවුන් දෙදෙනාට  ගෙවිමට සිදු වු  මුළු  දඩ මුදල රුපියල්  90000 කි.බලන්ගොඩ ප්‍රදේශයේ පදිංචි පෞද්ගලික උපකාරක පංති පවත්වන ගුරැවරයකුට සහ බලන්ගොඩ  හතරභාගේ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකුට මෙලෙස දඩ නියම විය.බලන්ගොඩ  අඩවි වන නිළධාරී විජයන්ත උපුල් මහතා ඇතුළු නිළධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ  (29) වැනිදා මොවුන්  සමනල වැව රක්ෂිතයේ මැණික් ගරමින් සිටියදී අත්අඩංගුවට ගෙන බලන්ගොඩ මහෙස්ත්‍රාත් වරයා හමුවට ඉදිරිපත් කලේය.
සමනල වැව රක්ෂිතයේ මැණික් ගැරූ දෙදෙනාට දඩ
1
hp_train_7300
(යොහාන් භාසුර)අත්‍යවශ්‍ය භාණ්ඩ 3 ක මිල තවදුරටත් අඩු කිරීමට පියවර ගත් බවත් නව මිල අද (30) සිට ක්‍රියාත්මක වන බවත් ලංකා සතොස පවසයි.සුදු කැකුළු සහල් කිලෝවක මිල රුපියල් 10 කින් ද, සුදු නාඩු සහල් කිලෝවක මිල රුපියල් 7 කින් ද, රතු කැකුළු සහල් කිලෝවක් රුපියල් 2 කින් ද, අඩු කළ බවත් ඒ අනුව සුදු කැකුළු සහල් කිලෝවක් රුපියල් 165 කට, සුදු නාඩු සහල් කිලෝවක් රුපියල් 168 කට සහ රතු කැකුළු සහල් කිලෝවක් රුපියල් 135 කට ඕනෑම ලංකා සතොස අළෙවිසැලකින් මිලදී ගත හැකි බවත් එහි ප්‍රකාශකයෙක් කීය.  
ලංකා සතොස සහල් වර්ග 3ක මිල අඩු කරයි
1