id
stringlengths
13
13
news_content
stringlengths
120
24.3k
headline
stringlengths
10
171
is_headline
int64
0
1
hp_train_7501
(ටී. කේ. ජී. කපිල)ශ්‍රී ලංකාවේ ගෝනුස්සන් 200දෙනෙකු නීතිවිරෝධී ලෙස චීනය බලා රැගෙන යෑමට තැත් කළ චීන ජාතික ගුවන් මගියෙකු අද(13) කටුනායක ගුවන් තොටුපළ පිටත්වීමේ පර්යන්තයේ දී රේගු නිලධාරීන් පිරිසක් අත්අඩංගුවට ගෙන ඇත.අත්අඩංගුවට ගත් සැකකරු 30 හැවිරිදි චීන ජාතිකයෙකි. ඔහු විවිධ රටවලින් සතුන් චීනයට රැගෙනවිත් අභිජනනය කර, අලෙවි කිරීමේ යෙදී සිටින පුද්ගලයෙකු බවද, ලංකාවේ විවිධ පෙදෙස්වල සංචාරය කර ත්‍රිරෝද රථ රියැදුරන්ගෙන් අසා දැනගත් පරිද්දෙන් ගෝනුස්සන් සොයාගත් බවද අනාවරණය කරගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක , අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් සුනිල් ජයරත්න මහතා පැවසීය. චීනයේ ග්වැන්ෂෝ බලා පිටත්ව යන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 880 දරන ගුවන් යානයෙන් පිටව යාම සඳහා ඔහු කටුනායක ගුවන් තොටුපළ පිටත්වීමේ පර්යන්තය වෙත පැමිණ සිටියේය. ගුවන් තොටුපළේ ආරක්ෂක නිලධාරීන් ඔහුගේ ගමන් මල්ලේ කූඩුවල සිටින්නේ ගෝනුස්සන් බව හඳුනාගෙන විමර්ශන සඳහා රේගු නිලධාරීන් වෙත බාර දී තිබේ. මෙම ගෝනුස්සන් ශ්‍රී ලංකාවේ වන ජීවී හා වෘක්ෂලතා ආඥාපනත යටතේ පිටරටවලට රැගෙන යෑම නීතිවිරෝධී වේ. අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් ඩී.ජී.සේනානායක මහතාගේ උපදෙස් සහ අධීක්ෂණය යටතේ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ සීවලී අරුක්ගොඩ, රේගු අධිකාරී පී.වී.ධර්මප්‍රියන්ත, සහකාර රේගු අධිකාරීවරුන් වන ජේ.සී.එම්.සෙනරත්, පී.එන්.ඒ.දයානන්ද, ඊ.එම්.ඩී.නිරෝෂන්, හර්ෂ රුද්‍රිගු, කේ.එම්.බී.එන්.විජේපාල සහ බී.පී.අබේතිලක යන මහත්වරු මේ පිළිබඳව වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරමින් සිටිති.
ලංකාවේ ගෝනුස්සන් රට ගෙනයන්න හැදූ චීන ජාතිකයෙකු අත්අඩංගුවට
1
hp_train_7502
(එම්.කේ.නන්දසේන)කතරගම ප්‍රාදේශීය සභාවේ මාසික සභා රැස්වීම පැවති අද (06දා)  සභාපතිවරයා සභාවට පැමිණි විගසම සභාව කල් තබන බවට කල ප්‍රකාශයත් සමගම මන්ත්‍රීවරුන් අතර බහින් බස්වීක් දුරදිග යාමෙන් ඇතිවු පහර දීමක් හේතුවෙන් සභාපතිවරයා තැළුමි තුවාල සහිතව  කතරගම දිසා රෝහල වෙත ඇතුලත් කෙරිණ. මෙහිදී කණකට සිදුව ඇතැයි කියන ආබාධයක් හේතුවෙන් වැඩිදුර ප්‍රතිකාර සඳහා හම්බන්තොට මහ රෝහල වෙත යවා ඇතැයි පොලීසිය කියයි.      මෙලෙස රෝහල් ගත කොට ඇත්තේ සභාපති චානක අමිල් රංගන මහතාය. මෙම සභාව පොදු පෙරමුණට බලය හිමිවී ඇති අතර සභාපතිවරයාට පහරදී ඇත්තේ ද පොදු පෙරමුණට අයත් මන්ත්‍රීවරයෙකි.         පොදු පෙරමුණට සභාපති වරයා සමග මන්ත්‍රීධූර 08 ක්ද, එක්සත් ජාතික පක්ෂයට ධූර 05 ද, එක්සත් ජනතා සංධානයට එක් ධූරයක්ද, ජනතා විමුක්ති පෙරමුණ ට ධූර 02 වසයෙන් මන්ත්‍රීන් සංයුතිය 16 කි.        මෙම සභාවේ සභාපතිවරයාට පක්ෂව සිටින්නේ පොදු පෙරමුණ මන්ත්‍රී වරයෙකු සහ එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරයෙකු පමණි. විවිධ අක්‍රමිකතා සිදුව ඇති බවට චෝදනා කරමින් පොදු පෙරමුණේම  මන්ත්‍රීවරුන් හය දෙනකු ද, එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් පස් දෙනාද, ජවිපෙ දෙදෙනාද එකතුවී ඉකුත් නොවැම්බර් මාසයේ පැවති මෙම වසරට අදාළ අයවැය අවස්ථා දෙකකදීම පරාජයට පත් කෙරිණ. එලෙස අයවැය පරාජය කර තිබියදීත් සභාපති වරයා ධුරයේ රැඳී සිටීම අභියෝගයට ලක්කරමින් උප සභාපති වරයා ඇතුළු මන්ත්‍රීවරුන් මොණරාගල මහධිකරණයේ නඩුවක් පවරා එය විභාග වෙමින් පවතී.       මාස පහක් තිස්සේ මෙම සභාවේ දැඩි අර්බුදකාරී තත්ත්වයක් පවතින අතර පත්කර ඇති කමිටු වලින්ද මන්ත්‍රී සාමාජිකයින් ඉවත්වී තිබේ. සභා වාර්තා සහ යෝජනා සම්මත නොවූවද එය සම්මත වූ බවට  සභා වාර්තාවට ඇතුළත් කිරීමද සෑම සභා වාරයකදීම ගැටලුසහගත තත්ත්වයක් ලෙස පැවතිණ. අදාල මන්ත්‍රීවරුන් පිරිස මේ සඳහා කඩිනමින් විසඳුම් ලබා දෙන ලෙස ඌව පළාත් ආණ්ඩුකාර වරයාට, වුව ඌව පළාත් පාලන කොමසාරිස්වරයාට අවස්ථා කිහිපයක් දැනුම් දී ඇතත් ඒ සඳහා මැදිහත් වී විසඳුමක් ලබා නොදීම මෙම ගැටළු ආරවුල්වලට හේතුවී  ඇතැයි මන්ත්‍රීවරු පවසති.      මීට සති දෙකකට පමණ ඉහතදී  සභාපතිවරයා විසින් උප සභාපතිවරයාට වෙළඳසැලක් තුළදී පහර දීමේ සිද්ධියක් හේතු කොටගෙන උප සභාපති ඩී. වී. සාන්ත මහතාගේ හිසට බරපතල තුවාල සිදුවී හම්බන්තොට මහ රෝහලේ ප්‍රතිකාර ලබාගෙන ඇත.        ඊයේ (06) දා පෙර වරු 10 ට සභා රැස්වීම පවත්වන බව දන්වා මන්ත්‍රීවරුන් කර තිබූ දැනුම් දීම මත මන්ත්‍රීවරුන් පෙරවරු 10.10 පමණ වන විට සභාවේ අසුන් ගෙන තිබූ නමුත් සභාපති වරයා පැමිණියේ පෙර වරු 10.20 ට පමණය. එලෙස පැමිණ ආගම සිහි කිරීමෙන් අනතුරුව පෙර වරු 11. 30 දක්වා සභාව කල් තබන බවට දැනුම් දීමත් සමග සියලුම න්ත්‍රීවරුන්  එම ප්ර.කාශයට විරෝධය පළ කර සිටියහ. මෙම අවස්ථාවෙිදී ගැටුම ඇති විය.      උප සභාපතිවරයා ඇතුළු පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් දහතුන් දෙනෙකු මීට සති දෙකකට පමණ ඉහතදී උප සභාපතිවරයාට පහර දීමට විරෝධය පල කරමින් කළු පටි පැළැඳ විරෝධතා පුවරු ද රැගෙන සභාවට පැමිණ තිබිණ.       හටගත් ගැටුමෙන් පසු ලේකම්වරයා සභාව කල් තැබීමට සූදානම් වුවද ඌව පළාත් පාලන කොමසාරිස් වරයාගේ අනුමැතිය ලබාගෙන මෙම සභාව පවත්වාගෙන යාමට උපදෙස් ලබාගන්නා ලෙස මන්ත්‍රීවරුන් බොහෝ දෙනකු ඉල්ලා සිටි හෙයින් උප සභාපති වරයාගේ ප්රගධානත්වයෙන් සභාව පවත්වාගෙන යනු ලැබිණි. සභාපතිවරයාද තමාට පහර දුන් දිනයේ ලේ තැවරුණු කමිසය පැළඳ වෛද්‍ය වාර්තා ලියකියවිලි ද ප්‍රර්ශනය කරමින් සභාව පවත්වා ගෙන ගි ෙය්ය.
බලන්ගොඩ නගර සභාව උණුසුම් වෙයි
0
hp_train_7503
(ඩයනා උදයංගනී)දිවයින ආශ්‍රිතව වර්ධනය වෙමින් ඇති පහළ වායුගෝලීය කැළඹිලි ස්වභාවය හේතුවෙන් හෙට (23) සිට යළිත් රට පුරා වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.  උතුරු, උතුරු මැද සහ නැගෙනහිර පළාත්වල අද (22) දිනයේත් සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර සෙසු ප්‍රදේශවල පැහැදිලි කාලගුණයක් පවතින බව එම දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් සඳහන් කළේය.ගිගුරුම් සහිත වැසි සමඟ තාවකාලික තද සුළං සහ අකුණු අනතුරු ද ඇතිවිය හැකි බව ඔහු පැවසීය.
හෙට සිට යළිත් වැසි
1
hp_train_7504
(අංජුල මහික වීරරත්න බද්දේගම සිට)‘‘දහනව වැනි ශත වර්ෂයේදී ගාල්ලට අහිමි වූ අනාගතය, 21 වැනි ශත වර්ෂයේ දී ජාතික ආණ්ඩුව යටතේ නැවත දෙන බව” අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා බද්දේගම දී පැවසීය.”ජනතාවට ක්ලාන්තය හැදෙන අන්දමේ ණය කන්ද ඉතිරිකර පැන ගිය රාජපක්ෂ යුගයේ අඳුර දුරලා සංවර්ධනයේ ආලෝකය ගාල්ල ඇතුළු සමස්ත රටටම දෙන යුගය වැඩි ඈතක නොවන්නේ යයිද” අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා මෙහිදී අවධාරණය කළේය.අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා මෙසේ පැවසුයේ එක්සත් ජාතික පක්ෂ බද්දේගම කොට්ඨාස බලමණ්ඩල රැස්වීමේ ප‍්‍රධාන ආරාධිත ලෙස සහභාගී වෙමිනි.එක්සත් ජාතික පක්ෂ බද්දේගම සංවිධායක බන්දුල ලාල් බණ්ඩාරිගොඩ මහතා රැස්වීම සංවිධානය කර තිබිණ.මෙහිදී පළාත් පාලන ආයතන සඳහා කාන්තා නියෝජනය 25%ක් දක්වා වැඩි කිරීම සම්බන්ධයෙන් සහ ජාත්‍යන්තර ප‍්‍රසාදය ගනිමින් මාධ්‍ය නිදහස තහවුරු කර මෙතෙක් කළ සංවර්ධන කටයුතු සහ ජනාධිපතිට සහ අගමැතිට ස්තූතිය පුද කිරීමේ යෝජනා දෙකක් ද සම්මත කරගනු ලැබිණ.රැස්වීමේදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා මෙසේද පැවසීය.‘‘කලකට පසුව බද්දේගම එක්සත් ජාතික පක්ෂ බල මණ්ඩලය කැඳවූවා. ශාඛා සමිති විටින්විට පවත්වා පක්ෂයේ වැඩ කටයුතු විග‍්‍රහ කළ යුතුයි. එය බලමණ්ඩල නිලධාරීන්ගේ වගකීමයි.බියගම මන්ත‍්‍රීවරයා ලෙස කටයුතු කරද්දී මා සෑම ශාඛා සමිතියක්ම වසරකට වරක් මුණ ගැසුණා. විටින්විට පැමිණ ශාඛා සමිති මුණ ගැසී අලූත් නිලධාරීන් හමුවී ජනතාවගේ ප‍්‍රශ්න හඳුනාගත යුතුයි. එමෙන්ම ජනතාවට ආණ්ඩුවේ ප‍්‍රතිපත්ති ගැන පවසා දැනුම්වත් කිරීමත් ශාඛා සමිතිවල වගකීමයි.බන්දුල ලාල් බණ්ඩාරිගොඩ මහතාට ප‍්‍රදේශය බාර දී ඉතා කෙටි කළක් ඇතුළත සංවිධානය ඇති කිරීම පිළිබඳව ස්තූතිය පළ කරනවා. එතුමා පාර්ලිමේන්තුවේ ඉතා දක්ෂ මන්ත‍්‍රීවරයෙකු බව කිව යුතුයි. පාර්ලිමේන්තුවේ  ඕනෑම කටයුත්තකට එතුමා ඉදිරිපත් වෙනවා. බය නැතුව කටයුතු කරනවා. එමෙන්ම මන්ත‍්‍රීවරයෙකු ලෙස පැය 24 ම ප‍්‍රදේශයට වැඩ කටයුතු කරනවා.එතුමාගේ දක්ෂකම් හඳුනාගෙන මේ වගකීමද බාර දුන්නා. ශාඛා සමිති ඇතිකර ඉදිරි මැතිවරණයේදී යක්කලමුල්ල සහ බද්දේගම ප‍්‍රාදේශීය සභා දෙකම ජයග‍්‍රහණය කරවීමට හැකියාව ලැබේ යයි මා විශ්වාස කරනවා.මා මෙහි පැමිණෙන්නේ පාර්ලිමේන්තු මැතිවරණය අවසන් වී වසර දෙකක් ගත වූ පසුවයි. අප බාර ගත්තේ විශාල ප‍්‍රශ්න ගොඩ ගැසී ඇති රටයි.2014 වසරේ දී රටේ ණය ප‍්‍රශ්නය විසඳීමට නොහැකිව ණය ගෙවීමට මුදල් නැතිව මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ජනතාව අතරමං කර පළා ගියා. ණය ගෙවන්න හැකිනම් ඔහු වේලාසනින් මැතිවරණයක් පවත්වන්නේ නැහැ. ජනතාව අතරමං කළ අවස්ථාවේ රට බාර ගැනීමට එක්සත් ජාතික පක්ෂය කටයුතු කළා.බලයගත් සැණින් සියලූ දේ කරන්න හැකියාව නැති බව දැන ගෙන හිටියා. මුළින්ම කළේ ණය ගෙවීමට පදනම සකසා ගැනීමයි.ඉන් පසුව වසර 10ක් තිස්සේ අපේ පාක්ෂිකයන්ගේ ප‍්‍රශ්න විසඳීමට කාලය යොදවා නිවාස, රැකියා ප‍්‍රශ්න විසඳිය යුතුව තිබුණා. ඒ සැමටම පෙර බලය ගත යුතුයි. ඒ නිසා සියලූ දෙනා එක්වී මෛත‍්‍රීපාල සිරිසේන මහතාට සම්පූර්ණ සහයෝගය දුන්නා. අප එක්ව මේ වැඩ කටයුතු සාර්ථකව ඉටු කිරීම එහි අරමුණයි.මෛත‍්‍රීපාල සිරිසේන මහතා යටතේ ආණ්ඩුව බිහි කර ඊට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් එකතු කර ගත්තා. පළමු වසර දෙක අතුළත ආර්ථිකයේ ස්ථාවර බව ඇති කළා. ණය ගෙවීමට නොහැකි වූ ලංකාව අසීරුවෙන් හෝ අද ණය ගෙවනවා.තරුණ පරපුරට ණය ඉතිරි කරන්න මට අවශ්‍ය නැහැ. ණය ගෙවීමට පදනම දැමුවත් ගම අමතක කළේ නැහැ. රාජ්‍ය සහ පෞද්ගලික සේවකයින්ගේ වැටුප් වැඩි කළා. ඉන්ධන මිල අඩු කළා. සියලූම වැඩ කටයුතු ගැන ලැයිස්තුව ඉදිරිපත් කිරීමට මා අදහස් කරන්නේ නැහැ.එමෙන්ම ගම්මානවල වැඩ කිරීම සඳහා ආධාර උපකාර දුන්නා. හොඳම පාසල ළඟම පාසල වැඩ සටහන යටතේ පාසල් පද්ධතිය දියුණු කළා.වසර දෙක ඇතුළත මේ ප‍්‍රදේශයට පමණක් රුපියල් ලක්ෂ 2400ක සංවර්ධන වැඩ කටයුතු ආරම්භ කර තිබෙනවා. මෙය පොඩි මුදලක් නොවෙයි. අපට තවත් ණය ගෙවීමට තිබෙනවා.2018 - 2019 වසරවල ගෙවීමට ඇති ණය මුදල් ගැන පැවසුවහොත් ජනතාවට ක්ලාන්තය හැදේවි. ඒ නිසා ඒ මුදල ගැන මා කියන්නේ නැහැ.  ණය ගෙවීමටත් මුදල් සොයා ගත යුතුයි. ණය ගෙවන අතරතුර සංවර්ධන කාර්යය ද සපුරා ගත යුතුයි.මගේ සීයාගේ පරපුර පැමිණියේ මේ ප‍්‍රදේශයෙනුයි. ගාල්ල, කළහේ, බද්දේගම ප‍්‍රදේශවල ඔවුන් ජීවත් වුණා. ඒ 19 වැනි ශත වර්ෂයේදීයි. 19 වැනි ශත වර්ෂයේ ශ්‍රී ලංකාවේ ප‍්‍රධාන වරාය පැවැතියේ ගාල්ලේයි. සියලූම දෙනා පැමිණියේ ගාල්ලටයි.19 වැනි ශත වර්ෂය අවසන් වන විට ගාල්ල වෙනුවට කොළඹ වරයා දියුණුවට පත් වුණා. ගාල්ල පිරිහෙන්න පටන් ගත්තා. ගාල්ලේ ජීවත් වූ අය කොළඹට ගියා. ඒ අනුව මගේ සීයාගේ පවුලේ බොහෝ අයද කොළඹට පැමිණියා. අනෙකුත් අය මෙහිම පදිංචිවී සිටියා.ගාල්ලේ පිරිහීමත් සමඟ එහි පදංචි වී සිටි බොහෝ දෙනා රැකියා සහ ආදායම් මාර්ග සොයාගෙන වෙනත් ප‍්‍රදේශවල පදිංචියට ගියා. දැන් යළිත් දකුණේ විශාල සංවර්ධනය ඇති කරන්නේ කෙසේ දැයි යන්න පිළිඳව සැලසුම් සකස්කරනවා. බස්නාහිර පළාත තරටමටම ගාල්ල දියුණු කිරීම අපේ අරමුණයි.ගාල්ල දියුණු කරනවා නම් යළිත් දියුණු ආර්ථිකයක් ඇති කළ යුතුයි. අප මුලින්ම ගාල්ලට අධිවේගී මාර්ගය ඉදිකිරීමට කල්පනා කළේ ඒ සඳහායි. මෙවර අප බලය ගන්නා විට ගාල්ල පමණක් නොව, හම්බන්තොටත් විශාල ප‍්‍රශ්නයකට මුහුණ දී සිටියා.මහින්ද රාජපක්ෂ හම්බන්තොට නැව් නොඑන වරායක් ඉදිකර තිබුණා. එමෙන්ම සූරියවැව ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයත්, මත්තල ගුවන් තොටුපළත් ඉදිකර තිබුණා. මේ ඉදිකිරීම් කර තිබුණේ ණය ගෙනයි. නමත් කිසිදු ව්‍යාපෘතියකින් ආදායමක් ලැබුණේ නැහැ.හම්බන්තොට සාර්ථක වරාය ඉදිකිරීමට හැකියාව තිබුණා නම්, සාර්ථක ගුවන් තොටුපොළක් ඉදිකිරීමට හැකියාව තිබුණා නම් මේ ප‍්‍රදේශයේ වඩා ශීඝ‍්‍ර දියුණුවක් ඇති කිරීමට හැකියාව තිබුණා.අපේ පළමු ව්‍යායාමය වූයේ වරාය සහ ගුවන් තොටුපොළ ගොඩගැනීමයි. සූරිය වැව ක‍්‍රීඩාංගණය නම් ගොඩනැගීමට හැකියාව නැහැ. ඒ සඳහා වැය කළ මුදල් ගෙවන්න වෙනවා.මේ අර්බුද පිළිබඳව චීන රජය සමඟ මා නැවත වරක් කතා කළා. ඩොලර් බිලියන 130ක මුදල් චීන රජය හම්බන්තොට වරයාට වියදම් කරලා ඒ මුදලෙන් බිලියන සියයක් නැවත ලංකාවට දීමට ඔවුන් එකඟතාව පළ කළා. එමගින් ණය බර අඩුකර ගැනීමට හැකියි. ඒ මුදල දෙන්නේ ඒකාබද්ධ ව්‍යාපාරය ආරම්භ කිරීම සඳහාවන එකඟතාව මතයි.අපේ කොටස වශයෙන් රුපියල් බිලියන 30ක් යෙදවීමට එකඟ වුණා. ඒ අනුව වරාය අලූතින් පටන් ගන්නවා. මේ වසර අවසන්වීමට පෙර වරාය බාර ගෙන අලූතින් තවත් ඩොලර් කෝටි 60ක යන්ත‍්‍ර ගෙනැවිත් 2018-2019 වර්ෂ එළැඹෙන විට සම්පූර්ණ වරායක් දැක ගැනීමට හැකියාව ලැබෙනවා.ඉන්දීය සිවිල් ගුවන් සේවා සමාගම සහ ශ්‍රී ලංකාව එකතුවී මත්තල ගුවන් තොටුපොළ ක‍්‍රියාත්මක කරවීමට සාකච්ඡා කරනවා. ඒ අනුව වරාය සහ මත්තල ණය කළමනාකරණය කර ගැනීමට හැකියි. ඒ ආශ‍්‍රිතව කර්මාන්ත බිහිකිරීම අපේ අරමුණයි.මේ ක‍්‍රියාවලිය නිසා ගාල්ලේ දියුණුවත් තහවුරු වෙනවා. හම්බන්තොට දියුණුවන විට ගාල්ල දියුණු වන්නේ කෙසේදැයි ඔබ මගෙන් ප‍්‍රශ්න කරාවි.ගාල්ල පවතින්නේ හම්බන්තොට සහ කොළඹ යන හොඳ ජාත්‍යන්තර වරාය දෙකක් මධ්‍යයේයි. එමෙන්ම ගාල්ල දිස්ත‍්‍රික්කය පිහිටා ඇත්තේ කොළඹ සහ හම්බන්තොට මැදයි. එමෙන්ම කටුනායක සහ මත්තල ගුවන් තොටුපොළ මධ්‍යයේයි. ඒ අනුව ගාලූ දිස්ත‍්‍රික්කය සියල්ලට මැදි වී තිබෙනවා. ඒ සැලසුම අනුව ගාල්ල දියුණු කිරීමේ වැඩටහන් ක‍්‍රියාත්මක කරනවා.ගාල්ලේ සංචාරක ව්‍යාපාරවලට දැන් ඉඩම් වෙන් කර ගෙන යනවා. මුහුදුකරයේ පමණක් නොව, ඇතුළත ප‍්‍රදේශ ආශ‍්‍රිතවත් සංචාරක ව්‍යාපාරය දියුණුවට පත්වෙනවා. සංචාරක ව්‍යාපාරය දියුණු වූ විට ඉතා ඉක්මණින් රැකියා උත්පාදනය කිරීමට හැකියි. ඊළඟ වසර පහ ඇතුළත සංචාරක ව්‍යාපාරය තුළින් රැකියා බිහි කිරීම අපේ අරමුණයි.එමෙන්ම වෙළඳ කලාප ඉදිකිරීම සඳහා ගාල්ල සහ මාතර ප‍්‍රදේශවල ඉඩම් හඳුනාගෙන තිබෙනවා. ඒ අනුව ගාල්ල යළිත් දියුණුවට පත්වීමට නියමිතයි. එදා ගාල්ලේ වරාය තිබූ නිසා ගාල්ල දියුණුවට පත්වුණා. වර්තමානයේ දී ගාල්ල දියුණු වන්නේ වරාය දෙකක් සහ ගුවන් තොටුපොළ දෙකක් මැද හොඳ මාර්ග පද්ධතිය තිබෙන නිසයි.කටුනායක සහ බියගම ප‍්‍රදේශවල වෙළඳ කලාප ආරම්භ කිරීම නිසා වසර 10ක් තුළ විශාල දියුණුව ඇති වුණා. වැඩිපුර රැකියා බිහි වන්නේ පෞද්ගලික අංශය කේන්ද්‍රකර ගෙනයි. පෞද්ගලික ආයෝජන වැඩිවීමත් සමඟ රැකියා අවස්ථා ද වැඩි වෙනවා.ආණ්ඩුවේ රැකියාවලට වඩා පෞද්ගලික අංශයේ රැකියා වැඩිවීමට නියමිතයි. නමුත් ඒ රැකියා සඳහා විධිමත් පුහුණුවක් අවශ්‍යයි. පුහුණු ආයතන දකුණු පළාත කේන්ද්‍රකර ගනිමන් ආරම්භ කරනවා. පුහුණු ආයතන සමඟ එක්ව වැඩ කටයුතු ඉදිරියට ගෙන යාම අපේ අරමුණයි.ගාල්ලේ කර්මාන්ත, සංචාරක ව්‍යාපාරය යන අංශ දෙකම දියුණු වෙනවා. මේ ප‍්‍රදේශවල කෘෂි කර්මික ආර්ථික රටාවක් ද තිබෙනවා. කෘෂි කර්මාන්ය දියුණු කිරීම සඳහා වැඩසටහන් දෙකක් ක‍්‍රියාත්මක කිරීමට නියමිතයි.ශ්‍රී ලංකාවේ කුරුඳු සඳහා විදේශයන්ගෙන් විශාල ඉල්ලූමක් තිබෙනවා. ඒ නිසා කුරුඳු වගාව ව්‍යාප්ත කළ යුතුයි. ඇතැම් ස්ථානවල තේ වෙනුවට කුරුඳු වගා කළ හැකියි. ඕලන්ද සමයේ මේ ප‍්‍රදේශයේ තේ වගාව තිබුණේ නැහැ. මොරවක ප‍්‍රදේශය දක්වා පැවැතියේ කුරුඳු වගාවයි. තේ වගාව අතහරින්නැයි කියන්නේ නැහැ. තේ වගාවට සුදුසු ප‍්‍රදේශ පිළිබඳව සලකා බලා ඒ වගාව දියුණුකළ යුතුයි. ඒ නිසා නැවත තේ වගා කරන වැඩසටහන ක‍්‍රියාත්මක කිරීමට අදහස් කරනවා.  තම තේ ඉඩමෙන් තුනෙන් එකක් හෝ හතරෙන් එකක් හෝ අලූතෙන් තේ වගා කිරීම සඳහා වෙන් කරන්නැයි මා යෝජනා කරනවා. ඒ අනුව තේවල තත්ත්වය දියුණු කරන්න හැකියි.තේ නැවත වගාව සහ කුරුඳු වගාව කෙටි කාලීනව ඉදිරිපත් කළ හැකි යෝජනා තිබෙනවා. දැනට මෙතැනින් ආරම්භ කරමු. තවත් අලූත් භෝග වගා කළ යුතුයි. සංචාරක ව්‍යාපාරයෙන්, කර්මාන්තවලින්, කෘෂි කර්මාන්තයෙන් දියුණුව ඇතිකර ඉදිරියට යමු. ඒ අනුව ගාල්ල නැවතත් දියුණු යුගයකට පරිවර්තනය කරමු.එදා එක් වරායකින් පමණක් දියුණු වූ ගාල්ල අද අප වරායන් දෙකකින් දියුණුවට පත් කරනවා. එදා ගුවන් තොටුපොළ නොතිබූ ගාල්ල අද ගුවන් තොටුපොළ දෙකකින්  දියුණුවට පත් කරනවා.ගාලූ නරගය පමණක් නොව, මුලූ ගාල්ල දිස්ත‍්‍රික්කයම එලෙස දියුණුවට පත්කිරීමට නියමිතයි. සියල්ලම කර අවසානයේ සංචාරක ව්‍යාපාරය මෙහි ගෙන ඒමට පියවර ලෙස සිංහරාජ සංවර්ධන වැඩසටහන ක‍්‍රියාත්ම කරනවා.හිනිදුම, දෙනියාය, රක්වාන, කලවාන, අගලවත්ත ප‍්‍රදේශ කේන්ද්‍රකර ගනිමින් දියුණුව ඇතිකර සිංහරාජ වනාන්තරය ද ආරක්ෂාකර ගනිමින් සංචාරක මාර්ගය බිහි කරනවා.ඒ සමඟම අධ්‍යාපනය දියුණු කිරීමටත්, අලූත් වැඩසටහන් තිබෙනවා. එසේ නම් අප ගාල්ලට අනාගතයක් අතිකරනවා. ගාල්ලේ අනාගතය 19 වැනි ශත වර්ෂය අවසානයේ නැති වුවත්, 21වැනි ශත වර්ෂයේ ජාතික ආණ්ඩුව යටතේ නැවත ඒ අනාගතය දීමට කටයුතු කරනවා.ඊට දායක වීම සඳහා මටත් අවස්ථාව ලැබීම ගැන සතුටට පත් වෙනවා. ගාල්ලේ ඇමැතිවරුනුත් මේ වැඩ කටයුතු සඳහා විශාල සහයෝගයක් දෙනවා.මහනුවර සිට වැල්ලවාය දක්වා එකම සංවර්ධන තීරුව ක‍්‍රියාත්මකයි. මහනුවර නගරය දියුණු කිරීම පිළිබඳව ජපානය සමඟ සාකච්ඡා කරනවා. අනාගතයේ දී කර්මාන්ත, සංචාරක ව්‍යාපාරය දියුණුවට පත්වෙනවා.මධ්‍යම අධිවේගී මාර්ගය නිසා කුරුණෑගල, හලාවත ප‍්‍රදේශ දියුණුවට පත්වෙනවා. කළුතර වෙළෙඳ කලාපය ඇරැඹීම සඳහා අක්කර 800ක් වෙන් කළා. ගාල්ල, මාතර, හම්බන්තොට සහ වැල්ලවාය කේන්ද්‍රකර ගනිමින් සංවර්ධන වැඩසටහන ක‍්‍රියාත්මකයි. ඊළඟ වසර දහයේ දී ගාල්ලට විශේෂ තැනක් ලැබෙන බව සඳහන් කළ යුතුයි.විශාලතම අඩුපාඩුවක් වී ඇත්තේ වසර දෙකක් තිස්සේ කළ සංවර්න වැඩ කටයුතු පිළිබඳව ජනතාව දැනුම්වත් නොකිරීමයි. ඒ නිසා කළ සංවර්ධන කටයුතු පිළිබඳ පණිවුඩයද ජනතාව අතරට ගෙන යාමට කටයුතු කරන්නැයිද” රනිල් වික‍්‍රමසිංහ මහතා තවදුරටත් ඉල්ලීය.එක්සත් ජාතික පක්ෂ ගාල්ල දිස්ති‍්‍රක් සංවිධානයේ සභාපති, ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා : ”ඉදිරි මැතිවරණයේදී පක්ෂයේ ජයග‍්‍රහණය වෙනුවෙන් කළ යුතු දේ වෙනම සාකච්ඡා කළ යුතුයි. අප ආණ්ඩුව පිහිටුවීම සඳහා කළ හැකි සියල්ල කළා. ගාල්ලෙන් ඡුන්ද දෙලක්ෂ අසූ දහසක් ගත්තා. එක්සත් ජාතික පක්ෂයට ගාල්ල දිස්ත‍්‍රික්කයෙන් මන්ත‍්‍රීවරුන් හතර දෙනෙකු පත්කර ගත්තා.ඉදිරි පළාත් පාලන ඡුන්දයේදී වාද භේද දුරලා ජයග‍්‍රහණය සඳහා කටයුතු කළ යුතුයි. සෑම ගමකටම ලක්ෂ 10 බැගින් වන ව්‍යාපෘති රැසක් ක‍්‍රියාත්මක වුණා. ලක්ෂ 2400ක වැඩ සෑම ග‍්‍රාම සේවා වසමකම වී තිබෙනවා. අප කළ සංවර්ධන වැඩ පෙන්වන්න නම් වෙනම රූපවාහිනී නාළිකාවක් අරඹන්න සිදු වේවි.ගාල්ල දිස්ත‍්‍රික්කයේ මාර්ග 181ක වැඩ දෙසැම්බර් 31 වනදාට පෙර අවසන් කරනවා. මෙවැනි වැඩ කොටසක් කළ තවත් රජයක් නැහැ. ඒ අනුව ගාල්ලේ පළාත් පාලන ආයතන සියල්ලම අප ජයග‍්‍රහණය කරනවා. නායකයා පෙන්වූ මාර්ගයේ යමු. අපට හොඳ තැනකට යන්න අවස්ථාව ලැබෙනවා.”ඉඩම් හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා : ”දිගු කළකට පසුව ජවසම්පන්න බලමණ්ඩලය බද්දේගමට ලැබිලා. 2020 දක්වා මහින්ද රාජපක්ෂ රජය පෙරළන්න නොහැකි බව බොහෝ අය පුරසාම් දෙඩුවා. ඉන් පසුව නාමල් යුගය අරඹනවා යයි 2014 වසරේ දී ඇතැම් මාධ්‍ය ප‍්‍රචාර ගෙන ගියා. එවිට අපේ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා පැවසුයේ කුමක්ද? එතුමා කියා සිටියේ 2015 වන විට ආණ්ඩුව ගන්නා බවයි. එය සැබෑවක් බවට පත් කිරීමට එතුමා ක‍්‍රියා කළා.ජනප‍්‍රිය දේ නොව, ජනතාව වෙනුවෙන් නිවැරදි දේ කිරීම අගමැතිවරයාගේ පිළිවෙතයි. ඉදිරියේදී ගමේ පාලනයද එක්සත් ජාතික පක්ෂය සතුකර ගන්නවා. පිපෙන්නේ නැති පොහොට්ටුවලට බලය දී කතා පවත්වමින් ඉන්නවා ද, ආණ්ඩු බලය ඇති පක්ෂයට ඡුන්දය  දී ගමට වැඩක් ගන්නවාද කියා ජනතාව නිවැරදි තීරණයක් ගන්නවා.”එක්සත් ජාතික පක්ෂයේ බදුල්ල දිස්ත‍්‍රික් සංවිධානයේ සභාපති, විදුලි සංදේශ සහ ඩිජිටල් යටිතල පහසුකම් පිළිබඳ අමාත්‍ය හරීන් ප‍්‍රනාන්දු, එක්සත් ජාතික පක්ෂ බද්දේගම සංවිධායක සහ පාර්ලිමේන්තු මන්ත‍්‍රී බන්දුල ලාල් බණ්ඩාරිගොඩ, බද්දේගම ප‍්‍රාදේශීය සභාවේ හිටපු විපක්ෂ නායක මංජුල ලියනගේ, දකුණු පළාත් සභා මන්ත‍්‍රී සුමනසිරි ලියනගේ යන මහත්වරු ද අදහස් දැක්වූහ.මේ අවස්ථාවට ගාල්ල දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී විජයපාල හෙට්ටිආරච්චි, බදුල්ල දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී චමින්ද විජේසිරි, රත්නපුර දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී හේෂා විතාන, දකුණු පළාත් සභා මන්ත‍්‍රී සහ කරන්දෙණිය එක්සත් ජාතික පක්ෂ සංවිධායක ජයන්ත ජයවීර, පළාත් සභා මන්ත‍්‍රී සහ හිනිදුම එක්සත් ජාතික පක්ෂ සංවිධායක සුනිල් සේනානයක යන මහත්වරුන් ඇතුළු ප‍්‍රදේශයේ දේශපාලන නියෝජතයෝ රැසක් සහභාගී වූහ.
හොඳ මිනිසුන් ප්‍රා. සභාවට පළාත් සභාවට තෝරාගෙන සැබෑ නියෝජිතයා 2020 දී පාර්ලිමේන්තු ගේනවා
0
hp_train_7505
ශ්‍රී ලංකාවේ නැගෙනහිර, උතුරු මැද හා ඌව පළාත් වල වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.මධ්‍යම, සබරගමුව සහ බස්නාහිර පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක සවස 4.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි.ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය                                                      දිනය : 12/01/2016නගරයඋෂ්ණත්වය (සෙ. අංශක)සාපේක්ෂ ආර්ද්‍රතාවය (%) කාලගුණයඋපරිමඅවමඋපරිමඅවමඅනුරාධපුරය31239055වැසි ස්වල්පයක්මඩකලපුව30258570වැසි ස්වල්පයක්කොළඹ32258555සවස 4.00න් පමණ පසුව  වැසි හෝ ගිගුරුම් සහිත වැසිගාල්ල31248575සවස 4.00න් පමණ පසුව  වැසි හෝ ගිගුරුම් සහිත වැසියාපනය30227560ප්‍රධාන වශයෙන් වැසි රහිතමහනුවර30219065වැසි ස්වල්පයක්නුවරඑළිය19129575වැසි ස්වල්පයක්රත්නපුරය32249565සවස 4.00න් පමණ පසුව  වැසි හෝ ගිගුරුම් සහිත වැසිත්‍රීකුණාමළය31258065වැසි ස්වල්පයක්මන්නාරම30258570ප්‍රධාන වශයෙන් වැසි රහිත
ඉදිරි 24 පැයේ කාලගුණය
1
hp_train_7506
(ක. ග. කරුණාරත්න)රටක දරුවන්ගේ අධ්‍යාපනය සඳහා කරන ආයෝජනය ඒ රටේ අනාගත අභිවෘද්ධිය සඳහා කරන දීර්ඝතම ආයෝජනය බව ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා පසුගියදා (20) පොළොන්නරුවේ ඇලහැර අත්තනකඩවලදී පැවැසීය.අධ්‍යාපනයේදී ඉහළින් ලකුණු ලැබ විභාග සමත් වන්නාසේම ජීවිතය සමත්වීමේ අභියෝගය ජය ගැනීමේ අවශ්‍යතාවද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.ඇලහැර අත්තනකඩවල මහා විද්‍යාලයේ මෙතෙක් අඩු පාඩුවක්ව පැවැති සෞන්දර්ය ඒකකය, කෘෂිකර්ම සහ ගෘහ විද්‍යා ඒකකය සඳහා පිබිදෙමු පොළොන්නරුව රජරට නවෝදය සංවර්ධන ව්‍යාපෘතිය යටතේ අභිනවයෙන් ඉදිකරන ලද ගොඩනැගිලි සිසු අයිතියට පත් කිරීමෙන් අනතුරුව පැවැති උත්සව සභාව අමතමින් ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේය.ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා එහිදී මෙසේද කීය.මීට වසර එකහමාරකට පෙර මේ විද්‍යාලයේ තාක්ෂණික ගොඩනැගිල්ල විවෘත කිරීමට පැමිණි අවස්ථාවේදී විදුහල්පතිතුමන්, ආචාර්ය මණ්ඩලය, දෙමව්පියන් සහ දරුවන් ඉල්ලා සිටි විද්‍යාලයට අත්‍යාවශ්‍යව තිබූ ගොඩනැගිලි කිහිපයක් අපේ යුද හමුදාව සහ ගුවන් හමුදාව විසින් මේ  ඉදිකිරීම් සිදුකොට එහි විවෘත කිරීමේ අවස්ථාවට ඔබ සමඟ එක්වීමට ලැබීම පිළිබඳව මා ඉතාමත් සතුටු වෙනවා.අමාත්‍යතුමා සඳහන් කළ ආකාරයට දරුවන්ගේ අධ්‍යාපනය සඳහා රටක කරන ආයෝජනය ඒ රටේ අනාගත අභිවෘද්ධිය සඳහා කරන්නාවූ විශිෂ්ටතම දීර්ඝ කාලීන ආයෝජනය ලෙසින් සැලකෙනවා. මේ ඉදිකරන ගොඩනැගිලිවලින් මේ ලබාදෙන සම්පත්වලින් භෞතික සම්පත් සහ මානව සම්පත්වලින් අධ්‍යාපන ක්ෂේත‍්‍රයට අවශ්‍ය සියල්ල ඉටුකිරීම තුළ අපි බලාපොරොත්තු වෙන්නේ උගත්, බුද්ධිමත් ජාතියක් ගොඩනැගීම සඳහා අවශ්‍ය පදනම සැදීමයි.1940 දශකයේ සිට මේ දක්වා ගත්විට පොළොන්නරු දිස්ත‍්‍රික්කයේ ක‍්‍රියාත්මක සංවර්ධන කාර්යයන්හි විවිධ අංශ පිළිබඳව අවධානය යොමු කළ විට පසුගිය කාලසීමාව තුළ අපි ඉතාමත් වේගවත් සංවර්ධන කාර්යයක් ඉටුකර තිබෙනවා. මෙහි කතා කළ දරුවා සඳහන් කළ පරිදි ඞී.එස්. සේනානායක මැතිතුමාගෙන් ආරම්භ වූ පොළොන්නරුවේ ගොවි ජනපද ව්‍යාපාරයේ ගොවි දරුවෙක් විදියට මම ඉතාමත් සතුටු වෙනවා. රට වගේම මේ දිස්ත‍්‍රික්කය සංවර්ධනය කිරීම සඳහා මේ ගන්නාවූ උත්සාහය සහ කැපවීමේදී අවශ්‍ය ප‍්‍රතිඵල අද වගේම හෙට දවසේත් පෙන්වන්නට හැකියාව ලැබේවි කියා විශ්වාස කරනවා.ඇලහැර බකමූණ ප‍්‍රදේශය ගත්විට මේ දිනවල දරුවනේ ඔබේ දෙමව්පියන් එතරම් සතුටින් නෙවෙයි සිටින්නේ. එයට හේතුව තමයි, මේ කන්නයට අවශ්‍ය ජලය කුඹුරු වැඩ කිරීම ස`දහා නොලැබීම නිසා වගා කිරීමට ඇති වූ අපහසුව නිසා ආර්ථික වශයෙන් ඇතිවූ අර්බුදයයි දෙමව්පියන්ගේ සිත්වල තිබෙන්නේ. එම ආර්ථික අපහසුතා දෙමව්පියන්ගේ සිත්වල දැඩිලෙස කැකෑරෙන අවස්ථාවක දෙමව්පියන්ගේ අරමුණ, අභිප‍්‍රාය වුණේ සැමවිටම තම දරුවන්ගේ අනාගතය සඳහා කළ හැකි සියලූ කැපකිරීම් සිදුකිරීමටයි. දරුවන් වෙනුවෙන් මෙවැනි ව්‍යාපෘති ආරම්භ කිරීමට ලැබීම මගින්  ඔවුන්ගේ සිත් සනසන්නට හැකිවේ කියා මා විශ්වාස කරනවා.ඇලහැර ව්‍යාපාරය වගේම පොළොන්නරු දිස්ත‍්‍රික්කය රජරට අනුරාධපුරය සහ ත‍්‍රිකුණාමලය වැනි දිස්ත‍්‍රික්ක ගත්විට තිබූ ජල හි`ගය ස`දහා ස්ථිරසාර විසඳුමක් අපි මේ වනවිට ලබාදී තිබෙනවා. වසර 60 ක් වැනි කාලයක් රජරට ජනතාවගේ දුක් කඳුළු කතාව වන ජලය ඉල්ලා හැඬූ කතාව අවසන් කිරීමටයි ලංකාවේ විශාලතම වාරි ව්‍යාපෘතිය වන මොරගහකන්ද කළු ග`ග ව්‍යාපෘතිය අපි ආරම්භ කළේ. එය ලංකාවේ වැඩිම ජලය එක්වන විශාලතම ජලාශයයි. පරාක‍්‍රම සමුද්‍රය මෙන් හය ගුණයක ධාරිතාවක් ඇති බව සෑම කෙනෙක්ම දන්නවා. පසුගිය දිනවල මේ ප‍්‍රදේශවල දෙමව්පියන්, ගොවි සංවිධානවල නායකයින් මාව හමුවී මේ ප‍්‍රදේශයට අවශ්‍ය ජල ප‍්‍රශ්නය ඉදිරිපත් කළ අවස්ථාවේ මගෙන් කළ ඉල්ලීම වන්නේ, මොරගහකන්දේ දැනට තිබෙන ජලය නිකුත් කරන්න බැරිද කියන ප‍්‍රශ්නය. ඒ අවස්ථාවේ සියලූ දෙනාට මම කියා සිටියේ අවුරුදු 50ක් 60ක් දුක් වින්දා වගේ මේ අවුරුද්දත් මේ විදියට අපිට ගතකරන්න සිදුවේවි කියා. එයට හේතුව වන්නේ, මොරගහකන්ද ජලාශයේ වේල්ලේ ඉදිකිරීම් කටයුතු අවසන්වී පළමු වතාවටයි ජලය පිරෙව්වේ. එය ඉදිකළ තාක්ෂණික විශේෂඥයින්ට මේ වේල්ලේ, බැම්මේ ප‍්‍රමිතිය එහි තත්ත්වය, ගුණාත්මකභාවය පිළිබඳව ඉදිකිරීම් සම්බන්ධයෙන් ඉංජිනේරුවරුන් සෑහීමකට පත්වෙන්නේත් අවසන් නිගමනයකට එළඹෙන්නෙත් ජලාශය සම්පූර්ණයෙන්ම ජලයෙන් පිරිලා මාස ගානක් යන විටයි ඒ පිළිබ`දව නිසි වාර්තාවක් සහ ඇගයීමක් කළ හැකි වෙන්නේ. ලබන මාස් කන්නේ ඔක්තෝබර් නොවැම්බර් වනවිට මහ වැසි ලැබී මොරගහකන්ද කළු ගඟ ජලාශය සම්පූර්ණයෙන්ම පිරී ඉහළම ජල ධාරිතාවක් තිබෙන ජලාශය බවට පත්වේවි කියා අපි විශ්වාස කරනවා.හැට වසරක් වැනි කාලයක් ජලය ඉල්ලා හැඬූ ජනතාවගේ කඳුළු කතාව නිමා කරමින් අනාගතයේ ගොවි ජනතාවගේ ආර්ථිකය පිළිබඳ ප‍්‍රශ්නය විස`දන්නට මේ ව්‍යාපෘතියෙන් යෝධ ශක්තියක් ලැබෙනවා. එම ජලාශය සමඟ මේ ප‍්‍රදේශවල ඉදිවෙන කුඩා වැව් ප‍්‍රතිසංස්කරණය කිරීම් සහ නව ජලාශ, අමුණු හයසීයකට වැඩි සංඛ්‍යාවක් අපේ වාරි පද්ධතියට එක්වෙනවා.ප‍්‍රතිසංස්කරණය වන පැරැණි වැව් ප‍්‍රමාණය 600 කට වැඩියි. ආසියානු සංවර්ධන බැංකුව ඒ වගේම ලෝකයේ වෙනත් රටවල් ගණනාවක් මේ සඳහා උදව් දී තිබෙනවා. කළුගඟ සහ මොරගහකන්ද ජලාශයේ උමග කිලෝමීටර් 21ක් දිගයි. ඒ ස`දහා මීට මාස දෙකකට පෙර කුවේට් රජයෙන් මුදල් ලැබුණා. ඒ අනුව ඒ කටයුතුත් මේ වනවිට ආරම්භ කර තිබෙනවා. එය වාසනාවන්ත ආර්ථිකයකට අවස්ථාවක් ලෙසයි මා විශ්වාස කරන්නේ. ගොවි ජනතාවට තම ආර්ථිකය ශක්තිමත් කර ගැනීමට තිබුණු ප‍්‍රබල ප‍්‍රශ්නය වුනේ ජල ප‍්‍රශ්නයයි. ඇලහැර ව්‍යාපාරය වගේම රජරට ගොවි ජනපද ව්‍යාපාරයටත් ජල ප‍්‍රශ්නය අද ඊයේ ඇතිවූවා නොවේ. ඇතැම් වෙලාවට නියරේ, කමතේ, කුඹුරේ, ඇළේ ජලය පිළිබඳ ඇතිවූ ගැටුම්වලදී ජීවිත අහිමි වූ අවස්ථා තිබුණා. එවැනි අත්දැකීම් අපට තිබෙනවා.ඒත් සමඟ අධ්‍යාපනය පිළිබඳව කතා කිරීමේදී අධ්‍යාපනයට අවශ්‍ය සම්පත් ලබාදෙමින් අනාගතයේ දක්ෂ දරුවන් බිහිකිරීමටයි අපි මෙවැනි ආයෝජනයන් කරන්නේ. මහ ඇමැතිතුමා පළාත් සභාවට ලැබෙන මුදල් විශාල වශයෙන් පාසල් ස`දහා යොදවනවා. පොළොන්නරු දිස්ත‍්‍රික්කයේ පිබිදෙමු පොළොන්නරුව වැඩසටහන යටතේ පාසල් 10ක අදත් හෙටත් මෙවැනි විවෘත කිරීම් තිබෙනවා.පාසල්වල තිබෙන අඩුපාඩු සම්පූර්ණ කරන්නේ දරුවනේ ඔබ මේ රටේ යහපත් පුරවැසියන් විදියට ජයග‍්‍රහණය කරවීම සඳහායි. විභාගය සමත්වනවා සේම ඔබ ජීවිතය ද සමත් විය යුතුයි.අද ඩෙංගු උවදුර පිළිබඳ වැඩි වශයෙන් කතාවෙනවා. උතුරු මැද පළාත ඩෙංගු උවදුර සම්බන්ධයෙන් අවම තත්ත්වයක සිටින්නේ. බස්නාහිර පළාත තමයි ඩෙංගු උවදුර වැඩිම වෙලා තිබෙන්නේ. මෙය අපේ රටේ පමණක් ඇති ප‍්‍රශ්නයක් නෙවෙයි. කලාපය වශයෙන් ගත්විට ඉන්දියාව, පකිස්ථානය, මැලේසියාව, ඉන්දුනීසියාව, සිංගප්පූරුව වැනි රටවලත් තිබෙනවා. මෙක්සිකෝව දක්වා ඩෙංගු ප‍්‍රශ්නය ඉතාමත් ප‍්‍රබලයි. ඩෙංගු මර්දනය සම්බන්ධයෙන් ලෝකයේ ඉහළම වාර්තාව පිහිටෙව්වේ කියුබාවයි. නමුත් කියුබාවටත් පු`එවන්වෙලා නැහැ ඩෙංගු මදුරුවා සම්පූර්ණයෙන් මර්දනය කරන්න.ඩෙංගු උවදුර තුරන් කිරීමට මහජනතාව සහය දිය යුතුයි. ඒ වෙනුවෙන් කෙරෙන වැඩපිළිවෙළ සඳහා රාජ්‍ය නිලධාරීන්ට මහජනතාව සහය දිය  යුතුයි.ඒ වගේම කැළි කසළ ප‍්‍රශ්නය විශාල ගැටලූවක් වෙලා. පාසල්වල විදුහල්පතිවරුන් ප‍්‍රමුඛ ගුරුවරුන්ගෙන් මම ඉල්ලා සිටිනවා ඔබ දරුවන්ට අධ්‍යාපනය දෙනවා සේම තම ගේ දොර ඇති කැළි කසළ නිසි ආකාරයට බැහැර කිරීම පිළිබ`දව සමාජ දැනුමත් දරුවන්ට ලබා දෙන්න කියලා. පසුගිය මාස කිහිපය තුළ කැළි කසළ වර්ගීකරණය පිළිබඳව තීන්දු තීරණ රාශියක් ගනු ලැබුවා. කැළි කසළ වර්ගීකරණය කර ප්ලාස්ටික්, වීදුරු, කාඞ්බෝඞ්, දිරන ද්‍රව්‍ය වෙන වෙනම දාලා කැළි කසළ ගෙන යාමට කටයුතු කරන අංශවලට භාරදෙන්න කියා ජනතාව දැනුවත් කළා.අද කොළඹ ප‍්‍රමුඛ ප‍්‍රධාන නගරවල කසළ ගොඩගැසී තිබෙනවා. ඇතැම් අය සාර්ථකව ඒ වර්ගීකරණය කරනවා ඇතැම් අය අනවබෝධයෙන් හෝ උවමනාවක් නැතිකමින් කසළ වර්ගීකරණය කරන්නේ නැහැ. එසේ වර්ගීකරණය නොකරන විට කසළ ගෙන යන ඒවා රැගෙන යන්නේ නැහැ. එසේ වීමේ ප‍්‍රතිඵලය වන්නේ පාරවල් ඉදිරිපිට, ගෙවල් ඉදිරිපිට කැළි කසළ ගොඩවල් පිරී යාමයි.විදුහල්පතිතුමා පැවසුවා මේ පාසලේ අතීතය 1951 ඔක්තෝබර් මාසයේ තමයි පාසල ආරම්භ කර තිබෙන්නේ. පසුව 1952 දී රජයට පවරා ගෙන තිබෙනවා. 1963 දී මහා විද්‍යාලයක් බවට පත්ව තිබෙනවා. මේ පාසලේ අඩුපාඩු අතර ශ‍්‍රවණාගාරයක් නැහැයි කියලා සඳහන්වී තිබුණා. ශ‍්‍රවණාගාරයක් ඉක්මනට සාදා දීමට මම කටයුතු කරන බවත් කියන්නට කැමතියි.විදුහල්පතිතුමා ඇතුළු ආචාර්ය මණ්ඩලය මේ දරුවන් වෙනුවෙන් කරන කැපවීම ඉතාමත් අගය කරමින්, ඔබ සියලූ දෙනාට සුබවාදී අනාගතයක් ප‍්‍රාර්ථනා කරමින් ඔබෙන් සමුගන්නවා.අත්තනකඩවල මහා විද්‍යාලයේ විදුහල්පති ඞී. එම්. එදිරිසිංහ මහතා උත්සවයේ පිළිගැනීමේ කථාව කළේය.පාසලේ සෞන්දර්ය ඒකකය විවෘත කිරීමෙන් අනතුරුව ජනාධිපතිවරයා පාසල් දරු දැරියන් සමඟ ගීත ගායනා කිරීමේ අවස්ථාවකට ද එක් විය.උතුරු මැද මහ ඇමැති පේෂල ජයරත්න, උතුරු මැද පළාත් සභාවේ කෘෂිකර්ම ඇමැති සම්පත් ශ්‍රී නිලන්ත වික‍්‍රමආරච්චි, උතුරු මැද පළාත් සභාවේ මන්තී‍්‍රවරුන් වන එස්.එච්.ඒ. අන්සාර්, එන්.වී. සමන්ත හිටපු නියෝජ්‍ය ඇමැති චන්ද්‍රසිරි සූරියආරච්චි, ඇලහැර ප‍්‍රාදේශීය සභාවේ හිටපු සභාපති අමරවංශ මොහොට්ටිගේ, පොළොන්නරුව දිස්ති‍්‍රක් ලේකම් රංජිත් ආරියරත්න, හිඟුරක්ගොඩ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ එන්.එම්.කේ.බී. නවරත්න යන මහත්වරුන්ද විද්‍යාලයේ ඉගෙනුම ලබන දරු දැරියන්ගේ මාපියන් ඇතුළු විශාල පිරිසක්ද මෙම අවස්ථාවට සහභාගිවූහ.
රටක දීර්ඝතම ආයෝජනය දරුවන්ගේ අධ්‍යාපනයයි
1
hp_train_7507
ඔහු ව්‍යාපාරිකයෙකි. කලක් එක්තරා සුළු පක්‍ෂයක ආසන සංවිධායකවරයකු ලෙස ද ඔහු කටයුතු කළ නිසා එම පළාතේ බොහෝ දෙනෙකු ඔහු දැන සිටියේය. ඔහු කිසිදු ලෝභකමක් නැතිව මත්පැනට අත දිගහැර වියදම් කළ පුද්ගලයෙකි. එමෙන්ම මිතුරන්ගේ ඕනෑම හදිසි කරදරයකදී පෙරමුණ ගත්තේද ඔහුය. ඔහු සමග මත්පැන් පානය කරන මිතුරන් පිරිසක් ද සිටියහ. ඔවුහු විවිධ ක්‍ෂේත්‍රවල අයවූහ.පසුගිය දිනවල රටේ ඇතිවූ  කලබලකාරී තත්ත්වය සමග ඔහුගේ ව්‍යාපාර කටයුතුවලටද යම් බලපෑමක් ඇතිවිය. එහෙත් සිරිත්පරිදි මිතුරන් සමග ‘සෙට්’ වීමට අමතක නොකළේය.පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසුව පළමු වරට මිතුරන් හමුවූයේ එදිනය. ඔහු මිතුරන්ද කැටුව අවන්හලට ගියේය. බොහෝ වේලාවක් කතා කළේ පාස්කු ඉරිදා ප්‍රහාරය ගැනය. එහි සිටි නීති ක්‍ෂේත්‍රයට සම්බන්ධ එක් මිතුරකු ඉස්ලාම් ධර්මය පිළිබඳ දීර්ඝ විග්‍රහයක් කළේය. “මම හොඳ සිංහල බෞද්ධයෙක්. හැබැයි කුරානය සම්පූර්ණයෙන්ම කියවල තියෙනවා.” යයි මිතුරා  කීවේය. දැන් දැන් ඔහුගේ කටහඬ උස්ය. එකිනෙකා පරයමින් තම අදහස් ප්‍රකාශ කරන්නට විය. වරෙක එය උණුසුම් විය. වේටර් පැමිණ “සර් වහන්නයි  හදන්නේ” කීවේය.“එහෙනම් ගේනව අපේ බිල” ඔහු කීවේය. වේටර් බිල ගෙනාවේය. ඔහු පසුම්බිය හැර බිල ගෙව්වේය. වේටර්ද බිල ගෙවා තැටියක තබා ඉතිරි මුදල් ගෙනාවේය. එහි වූයේ රුපියල් විස්සේ නෝට්ටුවකි. ඔහු යළිත් පසුම්බිය දිග හැරියේය. ඒ හැමදාම වේටර්ට සන්තෝසමක් දීම ඔහුගේ සිරිත නිසාය. ඔහු නෝට්ටුවක් ගෙන විස්සේ නෝට්ටුව මතින්ම තැබුවේය. වේටර්ගේ දෑස් උඩ ගියේය. එහෙත් වේටර් ඒ බව කිසිවෙකුටත් නොහැඟවෙන ලෙස “තෑන්ක් යූ සර්” කියමින් ඉවත්ව ගියේය. ඒ සමඟම පිරිස ද විසිර ගියහ. පසුදින උදෑසන ඔහු කිසියම් කටයුත්තකට මුදලක් ගෙවීම සඳහා පසුම්බිය දිග හැරියේය. එහි තිබූ රුපියල් පන් දහසේ නෝට්ටුවක් අඩුය. ඔහු බොහෝ වේලාවක් කල්පනා කළේය. වේටර්ට සන්තෝසමට දුන්නේ පන් දහසේ නෝට්ටුව බව  පසුව  මතක් විය. ඉන්පසුව ඔහු එම අවන්හලට යාම නතර කළේ ලැජ්ජාව නිසාය. (උණවටුන ඩී.ජී. සුගතපාල)
මිතුරාගේ කයියට වහ වැටී වේටර්ට පන්දාහක සංතෝෂමක්
1
hp_train_7508
(ඩී. කේ. රත්න)තණමල්විල හම්බෙගමුව දලුග්ගල ප‍්‍රදේශයේ ගිනි අවියක් සමග පුද්ගලයෙකු අද (28) අත්අඩංගුවට ගෙන ඇතැයි හම්බෙගමුව පොලීසිය පවසයි.අත්අඩංගුවට ගත් සැකකරු හම්බේගමුව අලුත්වැව ප‍්‍රදේශයේ පදිංචි 42 හැවිරිදි පුද්ගලයෙකි.සැකකරු වැල්ලවාය මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.හම්බෙගමුව පොලීසියේ නිලධාරීහු මේ පිළිබඳව පරීක්ෂණ සිදුකරති.
ගංජා පාර්සල් කරමින් සිටි 4ක් අත්අඩංගුවට
0
hp_train_7509
(ඩයනා උදයංගනී)බස්නාහිර සබරගමුව, මධ්‍යම, දකුණ සහ ඌව පළාත්වලට ඉදිරි දිනවලදී තද වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.ඇතැම් ස්ථානවලට මිලිමීටර 100ක පමණ තද වැසි ඇතිවිය හැකි බව ද එම දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් පැවසීය.දිවයිනේ බොහෝ ප්‍රදේශවලට සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර බස්නාහිර, වයඹ සහ දකුණු පළාත්වල උදෑසන කාලයේදීත් වැසි ඇතිවන බව එම ප්‍රකාශකයා සඳහන් කළේය. ගිගුරුම් සහිත වැසි ඇතිවන අවස්ථාවලදී තාවකාලික තද සුළං සහ අකුණු අනතුරුද ඇතිවිය හැකි බැවින් අනතුරු අවම කරගැනීමට ක්‍රියා කරන්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම්දීමක් කරයි. 
රටපුරා අද දවසේ තද වැසි
0
hp_train_7510
(මොහොමඩ් ආසික්)මධ්‍යම පළාත තුළ  පවතින වැසි සහිත කාලගුණ තත්වය හේතුවෙන්  පළාතේ  මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල ප්‍රාදේශිය  ලේකම්  කොට්ඨාස  දෙකකට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය මගින් නිකුත් කර ඇති නායයෑමේ අවදානම් නිවේදනය හෙට (28) වැනිදා දක්වා දීර්ඝ කර තිබේ.ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් අද (27) පස්වරුවේ  නිකුත් කර ඇති එම  නිවේදනයට අනුව, මහනුවර දිස්ත්‍රික්කයට අයත් ගඟඉහළ කෝරළය ,සහ නුවරඑළිය දිස්ත්‍රික්කයට අයත්  අඹගමුවකෝරළය ප්‍රාදේශීය ලේකම්  කොට්ඨාස දෙක සඳහා මෙම නිවේදනය නිකුත් කරනු ලැබ තිබේ.මෙයින් නුවරඑළිය දිස්ත්‍රික්කයේ අඹගමුව කෝරළය සඳහා නිකුත් කර ඇත්තේ දෙවන අදයරේ අවදානමින් සිටීමේ නිවේදනයයි.මෙම ප්‍රාදේශීයලේකම් කොට්ඨාසවල පදිංචි පුද්ගලයින්  ගල් පෙරළීම් බෑවුම් කඩා වැටීම්, පොළොව ගිලා බැසීම්, පස් කණ්ඩි කඩා වැටීම් සම්බන්ධයෙන් අවදානයෙන් සිටිය යුතු බවත් පූර්ව නායයෑමේ අවදානම්  ඇති ප්‍රදේශ ලෙස හඳුනා  ගෙන ඇති ප්‍රදේශවල ජීවත්වන පිරිස්ද වඩාත් අවදානයෙන් සිටිය යුතු බවත් ජාතික ගොඩනැගිල් පර්යේෂණ සංවිධානය කියයි.දෙවන අදියරේ අවදානම් නිවේදනය නිකුත් කර ඇති ප්‍රදේශයේ ජනතාව නායයෑම සම්බන්ධයෙන් විමසිල්ලෙන් සිට අවශ්‍ය වුවහොත් ආරක්ෂාකාරී ස්ථානයටක යාමට සූදානම් වන ලෙසත් ඉල්ලා සිටියි. 
මධ්‍යම ප්‍රා.ලේ කොට්ඨාස දෙකකට නායයෑම් අවදානම් නිවේදන දිගු කරයි
0
hp_train_7511
 රොමේෂ් මධුෂංඛ යාපනය මහනුවර ඒ-9 ප්‍රධාන මර්ගයේ ඕමන්ත මංසන්ධියේ දී සුඛෝපභෝගී වෑන් රථයකින් කේරල ගංජා කිලෝ 9 ග්‍රෑම් 924 ක ප්‍රමාණයක් රැගෙන යමින් සිටි සැකකරුවන් තිදෙනෙකු අද (4) අත්අඩංගුවට ගත් බවට වව්නියාව පොලීසිය පවසයි.කිලිනොච්චියේ සිට ත්‍රිකුණාමලය කින්නියා ප්‍රදේශයට අදාළ වෑන් රථයෙන් තරුණයින් තිදෙනෙකු ගමන් කර ඇති අතර අදාළ වෑන් රථයේ කේරල ගංජා ඇති බවට ලැබුණු තොරතුරකට අනුව වවුනියාව පොලිස් නිලධාරීන් සිදුකරන ලද වැටලීමකදී වෑන් රථය තුළ සඟවා තිබූ අදාළ කේරල ගංජා තොගය අත්අඩංගුවට ගෙන ඇත.අත්අඩංගුවට ගත් සැකකරුවන් කින්නියා ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 19, 26, 32, යන වයස්  පසුවන්නෝ වෙති.  
සැප රියෙන් කේරල ගංජා ඇද්ද තිදෙනෙක් අත්අඩංගුවට
0
hp_train_7512
වත්තල ප්‍රදේශ කිහිපයකට අද(21) රාත්‍රී 8.00 සිට හෙට(22) රාත්‍රී 8.00 දක්වා කාලය තුළ ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන සහ ජලාපවාහන මණ්ඩලය සඳහන් කරයි.ඒ අනුව, වත්තල, තෙලඟපාත, ඇවරිවත්ත, හේකිත්ත, පෑලියවත්ත, වැලිඅමුණ, බලගල, ගලහදූව සහ ඇලකන්ද යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවනු ලැබේ.
වත්තලට පැය 24ක් වතුර කපයි
1
hp_train_7513
(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)මහරගම නගර සභාවේ 2021 වසර සඳහා වන අයවැය ඇස්තමේන්තුව නගරාධිපති ටිරාජ්  ලක්රුවන් මහතාගේ ප්‍රධානත්වයෙන් අද (08) එම නගර සභා ශ්‍රවණාගාරයේ පැවැති විශේෂ මහා සභා රැස්වීමේදී ඉදිරිපත් කෙරිණි.මෙදින මහා සභා රැස්වීම සඳහා පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරු 46 දෙනෙක් සහභාගි වී සිටියහ. ඡන්ද විමසීමේ දී අය වැය වාර්තාවට පක්ෂව ඡන්ද 41 ද  විපක්ෂව ඡන්ද  05 ද ලැබු අතර වැඩි ඡන්ද 41කින් මෙවර ඉදිරිපත් වූ අයවැය වාර්තාව සම්මත වූහ.මෙදින පැවති ඡන්ද විමසීමේ දී බයිසිකලේ සලකුණ යටතේ ස්වාධීන අංක 2 පාලක පක්ෂය ද ,ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා එක්සත් ජාතික පක්ෂය මෙන්ම,  ස්වාධීන කණ්ඩායම  අංක 1 මන්ත්‍රී රුවන් සේනාරත්න මන්ත්‍රීවරයා ද අයවැය වාර්තාවට පක්ෂව  ඡන්දය භාවිතා කළ අතර ,ජනතා විමුක්ති පෙරමුණු මන්ත්‍රීවරු අයවැයට විරුද්ධව  ඡන්දය භාවිතා කළහ.
මහරගම නගර සභාවේ අය වැය සම්මතයි
1
hp_train_7514
 කොවිඩ්-19 වයිරසය ආසාදනය වූ නව ආසාදිතයන් 243 දෙනෙකු අද රාත්‍රියේදී හඳුනාගත් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පස්වරු 21.10 ට නිකුත් කළ වාර්තාවේ දැක්වේ. මිනුවන්ගොඩ, පෑලියගොඩ සහ බන්ධනාගාර කොරෝනා පොකුරුවලින් අද දිනයේදී හඳුනාගත් සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 501 කි. 
අද කොරෝනා ආසාදිතයන් 852 ක්
0
hp_train_7515
ඉන්දිකා රාමනායක                                   මුල්ලේරියාව ගල්වාන හන්දියේ දී රුපියල් ලක්ෂ 233 කට අධික වටිනාකමින් යුත් හොරොයින් මත්කුඩු තොගයක් සමඟ පුද්ගලයන් දෙදෙනෙකු  අත්අඩංගුවට ගත් බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය පවසයි.                                               පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට ලැබුණු තොරතුරක් මත සැකකරුවන් දෙදෙනා හෙරොයින් තොගය ත්‍රිරෝද රථයකින් ප්‍රවාහනය කරමින් සිටියදී අත්අඩංගුවට ගෙන ඇත.‍                                                    ඔවුන් සතුව හෙරොයින්  කිලෝ 1 යි ග්‍රෑම් 947 ක  ප්‍රමාණයක් තිබී හමු වී ඇත.අත්අඩංගුවට ගත් සැකකරුවෝ වයස අවුරුදු 61 සහ 51 යන වයස්වල පසුවන වැල්ම්පිටියේ හා මුල්ලේරියාවේ පදිංචිකරුවෝ වෙති.
ලක්ෂ හතක හොරොයින් සමඟ 2 ක් පොලිස් දැලේ
0
hp_train_7516
(ටී.කේ.ජී.කපිල )                    ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් යානා සමූහයට තවත් නවතම ගුවන් යානයක් අද (30) කටුනායක ගුවන් තොටුපොළේ ශ්‍රී ලන්කන් ගුවන් යානා අංගනයේ පැවති සර්ව ආගමික වතාවත් වලින් පසුව එක්විය. මෙය එයා බස් සමාගම විසින් ජර්මනියේ හැම්බර්ග් කර්මාන්තශාලාව නිෂ්පාදනය කරන ලද A-321neo වර්ගයේ ගුවන් යානයකි.  මෙම යානය ඉන්ධන පිරිමැසීම සහ සුළං ප්‍රතිරෝධය අවම කරමින් පියාසර කළ හැකි ආකාරයට නවතම නිර්මාණයක් ලෙස සකස් කර තිබේ .  මෙම ගුවන් යානයේ දිග අඩි 146 ක් වන අතර , පියාපත් අතර දිග අඩි117.5 කි. උස අඩි 37.7 කි. මෙම යානය තුළ ව්‍යාපාරික පන්තියේ මගීන් 12 කට, පිරිමැසුම්දායක පන්තියේ මගීන් 176 කට සහ ගුවන් නියමුවන් දෙදෙනා සමඟ කාර්යය මණ්ඩලයේ 6 දෙනෙකුට ද එකවර ගමන් කළ හැකිය . මෙම ගුවන් යානය ශ්‍රී ලන්කන් ගුවන් නියමුවන් සහ ඉංජිනේරුවරුන් පිරිසක් ජර්මනියේ හැම්බර්ග් නුවරට ගොස් පරීක්ෂා කිරීමෙන් පසුව අලුයම කටුනායක ගුවන් තොටුපොළ ශ්‍රී ලන්කන් ගුවන් යානා අංගනය වෙත රැගෙන විත් තිබිණි . මෙම ගුවන් යානය පැය 03 ක වැනි කාලයක් ගත වන චීනය , ඩුබායි වැනි කෙටි ගමනාන්ත කරා යෙදවීමට අදහස් කරන බව ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ මාධ්‍ය ප්‍රකාශක දීපාල් පෙරේරා මහතා පැවසීය .
ගුවන් ගමන් ඉතිහාසයේ නව පිටුවක් පෙරළෙයි
0
hp_train_7517
 (උපාලි ආනන්ද) කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වසංගතය  ව්‍යාප්ත වීමේ අවදානම හේතුවෙන් අනුරාධපුර දිස්ත‍්‍රික්කයේ සියලු අධිකරණ කටයුතු වලින්  මැයි මස  10 වන දින දක්වා  තම සංගමයේ  නීතිඥ මහත්ම මහත්මීන්  ඉවත් වන බව අනුරාධපුර නීතිඥ සංගමය අනුරාධපුර කලාපයේ සියලු මහාධිකරණ විනිසුරුවරුන්ට දිසා විනිසුරුවරුන්ට සහ මහේස්ත‍්‍රාත්වරුන්ට ලිඛිතව දැැනුම් දී තිබේ. අනුරාධපුර නීතිඥ සංගමයේ ලේකම් නීතිඥ සුරංග මොහොට්ටි සහ එහි සභාපති ජ්‍යෙෂ්ඨ නීතිඥ නිමල් මාරසිංහ යන මහත්වරුන්ගේ අත්සනින් යුතුව මෙලෙස අදාල ලිඛිත දැනුම් දීම කර ඇත්තේ උතුරු මැද පළාත් බද සිවිල් අභියාචනා මහාධිකරණයේ විනිසුරු ගියාන් චන්ද්‍ර රනවක  අනුරාධපුර අංක දෙක මහාධිකරණයේ විනිසුරු සුමුදු ප්‍රේමචන්ද්‍ර  උතුරු මැද  පළාත් බද මහාධිකරණ විනිසුරු සනත් ජේ මොරවක අනුරාධපුර දිසා විනිසුරු මනෝජ් තල්ගොඩපිටිය අනුරාධපුර ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් ජනක ප‍්‍රසන්න සමරසිංහ අනුරාධපුර අතිරේක මහේස්ත‍්‍රාත් හේමන්ත පුෂ්ප කුමාර කැබිතිගොලේලෑව දිසා විනිසුරු සහ මහේස්ත‍්‍රාත් මාලින්ද හර්ෂණ ද අල්විස්   කැකිරාව දිසා විනිසුරු සහ මහේස්ත‍්‍රාත් නිලන්ත විමලරත්න සහ තඔුත්තේගම මහේස්ත‍්‍රාත් රමිලා නදීෂානි යන මහත්ම මහත්මීන්ටය. අනුරාධපුර නීතිඥ සංගමය කල අදාල දැනුම් දීම අනුරාධපුර දිසාෙවි සිය`ඵ අධිකරණ වල විනිසුරුවරුන් පිලිගත් බව පවසන එම අධිකරණ වල රෙජිස්ට‍්‍රාර්වරුන්  ඒ අනුව මැයි මස 10 වන දින දක්වා උතුරු මැද පළාත් බද මහාධිකණයේ  අනුරාධපුර අංක දෙක මහාධිකරණයේ උතුරු මැද පළාත් බද සිවිල් අභියාචනා මහාධිකරණයේ අනුරාධපුර කැබිතිගොල්ලෑව සහ කැකිරාව දිසා අධිකරණ වල අනුරාධපුර ප‍්‍රධාන සහ අතිරේක මහේස්ත‍්‍රාත් අධිකරණ වල මෙන්ම කැබිතිගොග්ලෑව කැකිරාව සහ තඔුත්තගේම මහේස්ත‍්‍රාත් අධිකරණ වල සියලු  විභාග කිරීමේ  කටයුතු පමනක් සිදු නොවන බවද කියයි
අ’පුර අධිකරණ කටයුතු මැයි 10 වන තුරු නැවැත්වීමට නීතීඥවරු තීරණය කරති
1
hp_train_7518
(මුලටියන එස්. බාලසූරිය සහ අකුරැස්ස සුජීව සමරක්කොඩි)මේ ආණ්ඩුව සමග ඉඳල වැඩක් නෑ. එහෙම හිටියොත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නැත්තටම නැතිවෙනවා යැයි මාතර දිස්ත්‍රික් මන්ත්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පැවසීය.ඔහු මෙසේද කීය.පසුගිය ජනාධිපතිවරණයේදී අප මහින්ද රාජපක්ෂ දිනවන්න දිවිහිමියෙන් කටයුතු කළා. මෛත්‍රීපාල සිරිසේන මහතාට අපි ඡන්දය දුන්නේ නෑ. මේ ආණ්ඩුවෙන් ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයාට ආරක්ෂාවක් නෑ. එක්සත් ජාතික පාක්ෂිකයාටත් ආරක්ෂාවක් නැහැ. රටේ මහජනතාවටත් ආරක්ෂාවකුත් නැහැ.මේ ආණ්ඩුවේ කැබිනට් එකේ ඉඳගෙන රටට වින කරන අණපනත් රැසක් අප නැවැත්තුවා. අප නොසිටියා නම් රජයේ බැංකු ටිකත් පුද්ගලීකරණය කරලා. මේ තත්ත්වය පාලනය වුණේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අප සිටිය නිසයි. අප මේ සටන ආරම්භ කළේ මේ රටේ සියලුම දෙනාට පිළිගන්න පුළුවන් ප්‍රගතිශීලී ජනාධිපති අපේක්ෂකයකු ජයග්‍රහණය කරවන්නයි. ඊට පස්සෙ අපේම ජනාධිපතිවරයකු පත් කර ගෙන එක්සත් ජාතික පක්ෂය පරාජය කරලා ජනතාවට ජයග්‍රහණය ලබා දෙනවා. මේ ආණ්ඩුව සමග ඉඳලා වැඩක් නැහැ. එහෙම හිටියොත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නැත්තටම නැති වෙනවා යැයි මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා ඉකුත් 26 දා මාතර දී පැවසීය.ඒ මහතා එසේ ප්‍රකාශ කළේ හෘද සාක්ෂියේ නිදහස සම්මන්ත්‍රණ මාලාවේ මංගල වැඩසටහනේ පළමු වැනි දේශනය පවත්වමිනි.ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා ප්‍රමුඛ මාතර දිස්ත්‍රික්කයේ සංවිධායක කමිටුව විසින් සංවිධානය කරන ලද මෙම රැස්වීම මාතර උයන්වත්ත ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.ඒ මහතා මෙසේද කීය.මගේ දේශපාලන ජීවිතයට වසර 40 ක් විතර වෙනවා. වයස අවුරුදු 15 දී තරුණ සමිතියක ලේකම්වරයෙකු ලෙස දේශපාලන ගමන ආරම්භ කරලා මාතර දිස්ත්‍රික්කයේ මහජන නියෝජිතයකු ලෙස 1988 වර්ෂයේ ඉඳලා ඉන්නවා. මේ සියල්ල මට ලබා දුන්නේ මාතර දිස්ත්‍රික්කයේ ජනතාවයි. ශ්‍රීලනිපයෙන් දේශපාලනය කරලා අප දහසය දෙනා පසුගිය ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා දිනවන්න දිවිහිමියෙන් කටයුතු කළා.අප මෛත්‍රීපාල සිරිසේන මහතාට ඡන්දය දුන්නේ නැහැ. මහින්ද රාජපක්ෂ මහතාගේ ආශිර්වාදය ඇතිව ශ්‍රීලනිපයේ මන්ත්‍රීවරු අනූපස් දෙනාගේ එකඟත්වය මත මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රීලනිපයේ සභාපති වුණාම ඒ පක්ෂයේ මන්ත්‍රීවරුන් හැටියට ආණ්ඩුවට එකතු වුණා.මා මැරෙනතුරු එජාපයට යන්නේ නැහැ. රනිල් වික්‍රමසිංහ මහතාගේ ඉතිහාසය මා දන්නවා. අප දේශපාලනය කරන්නේ පොළොවේ පය ගහපු නායකයකු සමගයි. මේ ආණ්ඩුවෙන් ශ්‍රීලනිප පාක්ෂිකයාට ආරක්ෂාවක් නැහැ. එජාප පාක්ෂිකයාටත් ආරක්ෂාවක් නැහැ. රටේ මහජනතාවට ආරක්ෂාවකුත් නැහැ. රටට සුගතියක් නැහැ. දුගතියක් තමයි තියෙන්නේ. අපට දේශපාලනය හොඳට තේරෙනවා. පක්ෂයේ විනයක් ඇතිව ඉන්න ඕනෑ. අප මේ ආණ්ඩුවේ කැබිනට් එකේ ඉඳගෙන රටට වින කරන අණපනත් රැසක් නැවැත්වූවා. අප නොහිටියා නම් රජයේ බැංකු ටිකත් පුද්ගලීකරණය කරලා ජනතාවට දැනට ලැබෙන සහනයක් නැහැ. මේ තත්ත්වයට වත් පාලනය වුණේ ශ්‍රීලනිපයේ අය හිටිය නිසයි. ඒ නිසා තමයි එජාපයේ පසුපෙළ මන්ත්‍රීවරු ශ්‍රීලනිපයේ ඇමැතිවරුන්ට ගහලා එළවන්න හදන්නේ. ආණ්ඩුව තුළ ඉඳගෙන අප සටනක් කළා. මහ බැංකු මහා කොල්ලය සිදුවුණූ වෙලාවේ ඒ පණිවුඩය රටටම දුන්නේ අප. ඒකට විරුද්ධව සටන් කළේ අප.හෘද සාක්ෂියට එකඟව මහජනතාව වෙනුවෙන් අප ඒවා කළේ. මේකට විරුද්ධව අගමැතිට විරුද්ධව විශ්වාසභංගයක් ගෙනාවා. ඒකාබද්ධය අප මේක ගෙනැවිත් දිනන්න හදා ගත්තා. එහෙත් මේක නැවැත්තුවේ අපේ අයයි. ඒකයි අපට තිබෙන වෛරය. ඒ අයට අප කීවා පක්ෂව ඡන්දය දෙන්න බැරිනම් ඡන්දයෙන් වළකින්න කියලා. ඒක ඒ අයගේ දේශපාලන අනාගතය. හැබැයි අපට තනතුරු අවශ්‍ය නැහැ. අප රනිල් මහත්තයාට විරුද්ධව ඡන්දය දුන්නා. ඇමැතිකම් තියාගෙන විපක්ෂයේ ඉඳලා නොවෙයි අප තනතුරු අත්හැරලා ආවේ සටන් කරන්නයි.ශ්‍රීලනිපයේ ජනාධිපතිතුමා කියනවා මේ ආණ්ඩුව සමග ඉඳලා වැඩක් නැහැ කියලා. එහෙම හිටියොත් ශ්‍රීලනිපය නැත්තටම නැති වෙනවා. සමහරු අහනවා අප යන්නේ කොතැනටද කියලා. අප යන්නේ ප්‍රගතිශීලී පෙරමුණටයි. අප මේ සටන ආරම්භ කළේ සියලු දෙනාට පිළිගන්න පුළුවන් ප්‍රගතිශීලී ජනාධිපති අපේක්ෂකයකු ජයග්‍රහණය කරවන්නයි. මේ 16 දෙනා ඒ සඳහා දිවිහිමියෙන් කැප වෙනවා. අප කේක් එකක් හැදුවා. කේක් එකේ අයිසින් එක තමුන්නාන්සේලා. අයිසින් නැතිව කේක් එක රස නැහැ. ජනාධිපතිවරණයක් දිනන්න මේ 16 දෙනාගේ හයිය අවශ්‍යයි. මේ දහසය දෙනාට පුළුවන් සුළුජාතීන් ඒකරාශී කර ගන්න. ඒ නිසා අපේ සටනට ලකුණු කීපයක් තියෙනවා. අත, පුටුව, බුලත්කොළය, අලුතෙන් ආපු පොහොට්ටුව මේ සියල්ල එකතුවෙලා එක ලකුණකින් ජනාධිපතිවරණයට එනවා.මේ රටේ ජනාධිපතිවරයකු පත් කර ගන්න මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ ආශිර්වාදය අවශ්‍යයි. ජනතාවගේ එකඟත්වයත් අවශ්‍යයි. එහෙම කරලා ජනතාව ඒකරාශී කරලා අපේම ජනාධිපතිවරයෙකු පත් කර ගන්නවා. අප ජයග්‍රහණය කරලා එජාප රජය පරාජය කරලා ජනතාවට ජයග්‍රහණය ලබා දෙනවා.පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා:-ශ්‍රීලනිපයේ හා එජාපයේ ප්‍රතිපත්ති අතර පැහැදිලි වෙනසක් තිබෙනවා. ශ්‍රීලනිපය පක්ෂයක් හැටියට එදා ජනතාව පිළිගන්නේ දිවංගත එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතාගේ ප්‍රගතිශීලි නායකත්වය නිසායි. මේ රටේ ප්‍රගතිශීලී නායකයන් සමග සියළුම ජනකොටස් එකතු කර ගෙන සමාජ ගත කරපු සඟ වෙද ගුරු ගොවි කම්කරු පංච මහා බලවේගය නිසායි. ඒ ශක්තිය අරගෙන පොදු මිනිසාගේ දේශපාලන පක්ෂය හැටියට ගමේ දුප්පතුන්ගේ පක්ෂය හැටියට. කම්කරුවන්ගේ පක්ෂය හැටියට මහා සංඝරත්නයේ ආශිර්වාදය ඇතිව මේ පක්ෂය ගොඩනැගුවේ. ඊට පස්සේ ප්‍රගතිශීලී නායකයන් මේ පක්ෂය ආරම්භ කළා.මේ ආණ්ඩුව ජනතාවට එරෙහිව ගත් තීරණවලදී අප විරුද්ධ වුණා. විවේචනය කළා. හැබැයි ඒ එකකටවත් මේ ආණ්ඩුව ඇහුම්කන් දුන්නේ නැහැ. බැඳුම්කර වංචාව පිළිබඳව ජනාධිපති කොමිෂන් සභාවක් පත් කරන්න කියලා යෝජනා කළේ අප. විශ්වාසභංගයක් ගේන්න කීවේ අප. ඒකේ චෝදනා 15 ක් තිබෙනවා අගමැතිට විරුද්ධව. විශ්වාසභංගයේදී ශ්‍රීලනිප එක්සත් ජනතා නිදහස් සංධානය, ඒකාබද්ධ විපක්ෂය ප්‍රමුඛ කණ්ඩායම් පක්ෂව ඡන්දය දුන්නා. හෘද සාක්ෂියේ නිදහස අප භාවිතා කළා. මහජන නියෝජිතයකුගේ වගකීම වෙන්නේ රට හා ජනතාව වෙනුවෙන් බරපතළ කාරණවලදි නිවැරදි දෙය ඉටු කරන්නයි. එහෙම නැතිව ඡන්දය නොදී ගෙදර ඉන්න එක නොවේ. ජනතාව අපට ඡන්දය දුන්නේ ඒ යුතුකම ඉටු කරන්නයි. මේ රටේ අති බහුතර ජනතාවගේ මතය අනුව විශ්වාසභංගයට පක්ෂව අප ඡන්දය දුන්නා. ඒ සඳහා අපට කොන්දක් තිබුණා.ජාතික වශයෙන් වැදගත් වන විසි වැදෑරුම් ප්‍රතිපත්ති මාලාවක් හදලා ඒක සමාජ ගත කරනවා. අනාගතයේදී ගොඩනගන ප්‍රගතිශීලී වැඩ පිළිවෙළ සඳහාම සියළුම දෙනා ඒකරාශී කර ගන්නවා. මහින්ද රාජපක්ෂ මහතාට අපේ හයියත් දීලා ඒ ප්‍රගතිශීලී වැඩපිළිවෙළ ගොඩ නගනවා. අපි කවදාවත් ශ්‍රීලනිපය හැර ගියේ නැහැ. ප්‍රගතිශීලී කඳවුර හැර ගියේ නැහැ.මේ රට කෘෂිකාර්මිකයි. 70% ක් කෘෂි කර්මාන්තයෙන් යැපෙන්නේ. 2016 දී දළ දේශීය නිෂ්පාදනය ප්‍රතිශතයක් හැටියට ඍණ බින්දුවයි. දශම තුනයි. (-0.3) 2017 දි ඍණ 0.8 යි. 2020 වනවිට සහල් මෙටි්‍රක් ටොන් 7,60,000 ක් ආනයනය කරන්න සිදු වෙනවා. පවුල් ලක්ෂ නවයක් ආහාර හිඟයට මුහුණපානවා. නියඟය නිසා කන්න කීපයක්ම කුඹුරු පාළුවුණා. වැස්ස ආවාම පොහොර සහනාධාරය නැහැ. හැබැයි කෘෂිකර්ම අමාත්‍යාංශයේ ගොඩනැගිල්ලට මාසයකට ලක්ෂ 257 ක් ගෙවනවා. මේ ගොල්ලෝ මේවා තියාගෙන තමයි විශ්වාසභංගයට ෂේප් න්‍යාය දැම්මේ. අද ලෝකයේ නිවාස හදන්නේ හරහට නොවේ. නමුත් අපේ රටේ බිම් කට්ටි කඩ කඩ ගෙවල් හදනවා. මෙහෙම කරද්දී වගා කරන්න භූමියක් ඉතුරුවේවිද. රටේ ජනතාව මිලියන 21 යි. ඉදිරියේ ජනගහණය වැඩි වීමත් සමග ප්‍රශ්නය තවත් උග්‍ර වෙනවා. නව ලෝකයට ගැළපෙන ජාතික ප්‍රතිපත්තියක් අපට නැහැ.සයිටම් අර්බුදයට වසර තුන හමාරක් වෙනවා. තාමත් ඒකට විසඳුමක් නැහැ. රජයේ නිලධාරීන් වැඩ කරන්නේ නැහැ කියලා රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදේශක පාස්කරලිංගම් කියනවා. එෆ්.සී.අයි.ඩී. එකට යන්න වෙන නිසා කියලා කියනවා.පළාත් පාලන ඡන්දය වසර දෙක හමාරක් කල් දැම්මා. නමුත් ඡන්දය තිබ්බම ජනතාව තොග පිටින් ආණ්ඩුවට විරුද්ධව ඡන්දය දුන්නා. ඉදිරි මැතිවරණවලදී තොග වශයෙන් නොවෙයි තොග දෙගුණ කරලා ඡන්ද දෙන්න ජනතාව බලා සිටිනවා. ඒ ජයග්‍රහණයට අපගේ ශක්තියත් ලබා දෙනවා.කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා:- අප යූ.එන්.පී. ආණ්ඩුවේ වලිගයක් වෙලා හිටියේ නැහැ. එහෙම හිටියා නම් මෙහෙම එළියට බහින්න අපට බැහැ. අප එළියට ආවේ තවදුරටත් ශ්‍රීලනිපය මරාදාන්න ඉඩ දෙන්න බැරි නිසයි. මේ රටේ මිනිසුන්ගේ හද ගැහෙන රාවය තේරුම් ගත්තේ අප තමයි. ආණ්ඩුවේ ඉඳගෙන එජාපයට කත්අදින්න ඕනෑ කියලා ඒ අය හිතනවා. එහෙම නොකරන විට ඒ අයගේ ගෝලබාලයෝ දාලා අපට ගහනවා.1818 දී කැප්පෙටිපොළ ඉංග්‍රීසින් එළවලා දාන්න කැරැල්ල මෙහෙවූවා වාගේ 2018 දී රනිල් ප්‍රමුඛ එජාපය එළවලා දාන්නයි අප මේ කැරැල්ල ගැහුවේ. සමහරු අහනවා අප කොතැනද ඉන්නේ කියලා. අප ඉන්නේ ශ්‍රීලනිපයේ. මේ ආණ්ඩුවට තව මාස 18 යි තියෙන්නේ. මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාත් සමග ඒකරාශී වී ප්‍රගතිශීලී බලවේග සමග ඒකාබද්ධ වී මේ ආණ්ඩුව පලවා හැරීමේ ඓතිහාසික කාර්යයට අපගේ මුළු ශක්තියම යොදවනවා. ඊළඟ ජනාධිපතිවරණය සඳහා ප්‍රගතිශීලී වාමාංශික නායකයකු පත් කර ගැනීමේ සටනට අප උර දෙනවා.19 වැනි සංශෝධනය නිසා අගමැති ඉවත් කිරීමේ බලයක් ජනාධිපතිට නැහැ. රනිල් වික්‍රමසිංහ මහතා ඒ සංශෝධනය ගෙනාවේ ඔහුට වාසි වෙන ආකාරයටයි. රනිල් වික්‍රමසිංහ මහතා කියනවා 2030 වනතෙක් එජාපයට නායකයකු ඉන්නවා කියලා. අනෙක් පක්ෂවලට එහෙම කෙනෙකු නැහැ කියනවා. එහෙම කිය කියා ජනතාවට බදු පිට බදු ගහනවා.කුංකුනාවේ හාමුදුරුවෝ කියපු විදියට අපේ රටට අලුත් නායකයකු අවශ්‍යයි. එජාපයට රට හදන්න බැහැ. මේ රට ගොඩ නගන්න නම් ජනතාවාදී ආණ්ඩුවක් පත් කර ගත යුතුයි. බැඳුම්කර වංචාව යට ගහන්න ඇලෝසියස් 118 දෙනෙකුට සල්ලි දීලා තිබෙනවා කියලා කියනවා. අප ඇලෝසියස් ආරක්ෂා කරන්න සල්ලි ගත්තේ නැහැ. ඔහු ආරක්ෂා කරන්න කටයුතු කළෙත් නැහැ. හිරේ නොවේ හිර ගෙවල් දාහක දැම්මත් අප දහසය දෙනා නිවැරදි පිරිසිදු පාලනයක් මේ රටේ ගොඩ නැගීම සඳහා මුළු ශක්තියම යොදවනවා. අපේ සටන අප නොබියව ඉදිරියට ගෙන යනවා.රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු අමාත්‍ය ජෝන් සෙනෙවිරත්න මහතා:- අප දහසය දෙනා පසුගිය 8 වැනිදා විපක්ෂයට ගියේ මේ ආණ්ඩුවේ වසර තුනක කාලයේ සිදු කළ වැරදි නිසායි. වසර දෙකක් සඳහා ජාතික ආණ්ඩුවක් හදන්න අප එකතුවුණේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාගේ ඉල්ලීම නිසායි. ජාතික ආණ්ඩුව තුළ අප බලාපොරොත්තු වූ ජනතා අපේක්ෂාවන් ඉටු වුණේ නැහැ. අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට කීවාට ඒවාට ඇහුම්කන් දුන්නේ නැහැ.පොහොර සහනාධාර කපා දැමු හින්දා වී ගොවීයන් වාගේ තේ කුරුඳු ඇතුළු අනෙකුත් වගාකරුවන් දුෂ්කරතාවට පත්වුණා. රටේ කෘෂිකර්මාන්තය අඩාල වුණා. 2012 වන විට මේ රට සහලින් ස්වයංපෝෂිත වී තිබුණා. පිටරටටත් සහල් අපනයනය කළා. ඒ කාලයේ මේ රටේ මිනිසුන් තුන්වේලටම බත් කෑවා. එහෙත් දැන් පිටරටින් හාල් ගේන්න සිදුවෙලා. පිටරටින් ගම්මිරිස් ගේන හින්දා ගම්මිරිස් වගාකරුවන් අනාථ වුණා. කෘෂිකර්මාන්තයේ කඩාවැටීම පිළිබඳව අප පෙන්වා දුන්නා. එහෙත් ඒවා ගණන් ගත්තේ නැහැ. එජාපයේ ඇමැතිවරු තමයි ආර්ථීක අංශයේ හැම පැත්තෙන්ම පාලනය කළේ. ඩොලරය දැන් රුපියල් 160 යි. 2015 දී රුපියල් 130 යි. රුපියල අවප්‍රමාණය වීම නිසා විදේශ ණය ගෙවීම සඳහා ඩොලර් මිලියන 550 ක පමණ අමතර මුදලක් ගෙවන්න සිදු වෙනවා. මේ ආණ්ඩුවේ වැඩ පිළිවෙළක් සමග රට ගොඩනගන්න බැරි නිසයි අප ආණ්ඩුවෙන් ඉවත් වුණේ. ප්‍රගතිශීලී ජනතාවාදී නායකයකු යටතේ රට ඉදිරියට ගෙන යෑම සඳහා අපගේ මුළු ශක්තියම යොදවනවා.මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු අමාත්‍ය එස්.බී. දිසානායක මහතා: රටේ ආර්ථිකය කඩා වැටීමේ වගකීම ගතයුත්තේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතායි. එජාපය සමග ශ්‍රීලනිපය හිටියොත් අපේ පක්ෂය කුණුවෙනවා. දියවෙනවා. රනිල්ට විරුද්ධව ගෙනා විශ්වාසභංගයේදී අපට දිනන්න බැරි වුණේ අපේ පක්ෂයේ අපේම අය නිසයි. බොහොම අමාරුවෙන් තමයි රනිල්ට පක්ෂව ඡන්දය දෙන එකත් වළක්වා ගත්තේ.වමේ ප්‍රගතිශීලී බලවේග සමග එකතුනොවී මැතිවරණවලට ඉදිරිපත් වීමේ විපාකය අප දැන් අත්විඳිනවා. කුමන මැතිවරණයකදී වුවත් සියළුම ජනකොටස් හා ප්‍රගතිශීලි පක්ෂ සමග එකතුවී කටයුතු නොකළහොත් ජයග්‍රහණයක් ලබා ගන්න අසීරුයි.අප ආණ්ඩුවෙන් ඉවත් වුණේ තවදුරටත් මේ ආණ්ඩුවේ හිටියට රටට ජනතාවට  සෙතක් නොවන නිසයි. ගොඩනැගී තිබුණූ රට දිනෙන් දිනම අගාධයට යනවා. මේ රට යළි ගොඩ නැගීමේ ඓතිහාසික කාර්යභාරයට උරදීම සඳහා මැති ඇමැතිකම් තනතුරු අත්හැර දමලා ආණ්ඩුවෙන් එළියට ආවේ. ඒ සඳහා මුළු රටම පිළිගන්නා නායකයකුට අපේ ශක්තිය ලබා දෙනවා.බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා: ශ්‍රීලනිපය මරන්න පුළුවන් පක්ෂයක් නොවේ. එදා බණ්ඩාරනායක ඝාතනය කරලා පක්ෂය මරන්න පුළුවන් වුණේ නැහැ. සිරිමාවෝ මැතිනියගේ ප්‍රජා අයිතිය අහෝසි කරලත් බැරිවුණා. චන්ද්‍රිකා මැතිනියවත් මහින්ද රාජපක්ෂ මහතාවත් මෛත්‍රීපාල සිරිසේන මහතාවත් ඝාතනය කරන්න හැදුවා. එහෙත් ශ්‍රීලනිපය මරන්න බැරිවුණා. මේ පක්ෂය මේ රටේ මිනිසුන්ගේ ජීවනාලියයි. අද මේ රටේ ස්කෝලේ මහතාගේ පුතෙකුට ඉංජිනේරුවරයකු එන්න ලැබුණේ ගොවියෙකුගේ පුතෙකුට දොස්තර කෙනෙකු වෙන්න ලැබුණේ ඌවේ වැසියකු වූ ඩිලාන්ට නීතිඥයකු වෙන්න ලැබුණේ බණ්ඩාරනායක මහතාගේ ප්‍රතිපත්ති නිසයි.අප දහසය දෙනා ශ්‍රීලනිප පෙරටු කරගෙන එජාපය පරාජය කිරීමේ පාලම හදනවා. මේ රටේ ඉතිහාසය දිහා බැලුවාම සියලු බලවේග ඒකරාශී කර නොගෙන ජයග්‍රහණයක් ලබා ගන්න බැරි බව පේනවා. ඒ නිසා සියලු බලවේග එකතු කර ගෙන ප්‍රගතිශීලී ආණ්ඩුවක්, ජනාධිපතිවරයකු මේ රටේ ගොඩ නගන්න තමයි අප කටයුතු කරන්නේ. එජාප ආණ්ඩුවත් යටතේ රට ගොඩ නගන්න බැහැ. පසුගිය වසර තුනක කාලය තුළ රට අගාධයෙන් අගාධයට වැටුණා. ජනතාව පීඩාවට පත්වුණා.අප 16 දෙනා එකතු වෙලා රටපුරා කරගෙන යන හෘද සාක්ෂියේ නිදහස් සම්මන්ත්‍රණ මාලාව එකිනෙකාට මඩ ගහන එකක් නොවෙයි. රටේ තත්ත්වය ජනතාවට අවබෝධ කර දෙන්නයි අප හදන්නේ.බෙල්ලේ වැල දාගෙන ඉන්න කෙනාගේ සරම ගැලවුණාට ඒක අන්දවන්න කලින් බෙල්ලේ තොණ්ඩුව ගලවන්න ඕනෑ. එහෙම නැතිව සරම අන්දවන්න ගියොත් ඒ මිනිසාගේ බෙල්ල තොණ්ඩුවට හිරවෙලා මැරෙනවා. එතකොට සරම අන්දවලා වැඩක් නැහැ. ඒ වාගේ දෙයක් තමයි අප මේ ඉටු කරන්නේ.මේ සම්මුති ආණ්ඩුව පිරිමි ගැහැනු විවාහයකින් නොවේ. පිරිමි පිරිමි විවාහයක්. ඒ නිසා මේ සම්මුති ආණ්ඩුවෙන් සංවර්ධනයේ දරුවන් ඉපදෙන්නේ නැහැ. නමුත් ඒක තේරුම් ගන්නේ නැහැ. ඒ නිසා අලුත් ආණ්ඩුවක් හදන්න ඕනෑ.ජාතික චින්තනයක් සහිත නවීන ලෝකයක් සමග ඉදිරියට යා හැකි ප්‍රගතිශීලී නායකයකු රටට අවශ්‍යයි. ඒ සඳහා පක්ෂ පාට ලකුණු අවශ්‍ය නැහැ. සියලු දෙනාටම පිළිගත හැකි ප්‍රගතිශීලී නායකයෙකු ජනාධිපති අපේක්ෂකයා ලෙස පත් කරගෙන ඔහු ජයග්‍රහණය කරවීම සඳහා පෙරමුණ ගත යුතුයි.ඒ සඳහා ශ්‍රීලනිපය ප්‍රමුඛ ප්‍රගතිශීලී බලවේග හා සියළු ජාතීන් එකමුතු කර ගෙන පෙළ ගැසිය යුතුයි. ඒ ඓතිහාසික යුතුකම ඉටු කිරීම සඳහා මේ ආණ්ඩුවෙන් ඉවත් වුණේ. අපගේ මුළු ශක්තියම ඒ සඳහා යොදවා මේ රට යළි ගොඩ නැගීම සඳහා දිවිහිමියෙන් කැප වෙනවා.විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ හිටපු සභාපති මහාචාර්ය ගාමිණී සමරනායක,  විවෘත විශ්වවිද්‍යාලයේ මහාචාර්ය එම්. ජයතිලක යන මහත්වරුද අදහස් පළ කළහ.ආණ්ඩුවෙන් ඉවත් වූ සුමේධා ජයසේන, සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ, තිලංග සුමතිපාල, අනුරාධ ජයරත්න, සාරානාත් බස්නායක යන මහත්ම මහත්මීහු ඇතුළු මාතර දිස්ත්‍රික්කයේ ප්‍රගතිශීලී ජනතාව සහභාගි වූහ.ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා ප්‍රමුඛ කණ්ඩායම සම්මන්ත්‍රණ මාලාවට සහභාගිවීමට පෙර මාතර ඓතිහාසික බෝධිය වෙත පැමිණ මහා සංඝරත්නයේ ආශිර්වාදය ලබා ගත්හ. වෙහෙරහේන පූර්වාරාමාධිපති කෑගල්ලේ රතනසාර, ශ්‍රී රෝහණ පාර්ශ්වයේ අනුනායක ඕමාරේ කස්සප නාහිමිවරුන් ප්‍රමුඛ මහා සංඝරත්නය සෙත් පිරිත් සජ්ඣායනා කළහ. 
‘මුස්ලිම් ජනතාව විකුණමින් මඩිය තරකර ගත්තා‘
0
hp_train_7519
  (කුෂාන් ජයවර්ධන)පවතින වර්ෂාපතනයත් සමග කලා වැවේ හදිසි වාන් දොරටු අඩි 01 ක බැගින්  විවෘත කළ බව කලාවැව කාර්යබාර ඉංජිනේරු කාර්යාලය පවසයි.ප්‍රදේශයට ඇදහැළෙන වර්ෂාවත් සමග කලාවැවේ වාන් දොරටු අද (22) රාත්‍රි 7.30ට පමණ අඩිය බැගින් විවෘත කළ බව කලාවැව කාර්යබාර ඉංජිනේරු කාර්යාලය පවසයි.ඒ අනුව මේ වනවිට කලාවැවෙන් කලාඔයට ජල ප්‍රමාණය තත්පරයට ඝණ අඩි 2017ක් මුදා හැරෙන බව කලාවැව වාරිමාර්ග ඉංජිනේරු කාර්යාලය සදහන් කරයි. දිගින් දිගටම වර්ෂා සහිත තත්ත්වය පැවතියහොත් කලාවැවේ වාන් දොරටු තවදුරටත් විවෘත කිරීමට සිදුවන බවද එම කාර්යාලය පවසයි.අනුව කලාඔය දෙපස පදිංචිකරුවන්ට අද (22) රාත්‍රියේ සිට අවධානයෙන් පසුවන ලෙස කලාවැව ජලාශ භාර ඉංජිනේරු කාර්යාලය වැඩිදුරටත් පෙන්වා දෙයි.   
කලා වැව වාන් දොරටු අඩි 01 බැගින්  විවෘත කරයි
1
hp_train_7520
ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ගුවන් යානා ප්‍රතිඇනිගත කිරීමේ වැඩසටහන යටතේ එයාර්බස්  330-300 පුළුල් බඳ සහිත දෙවැනි ගුවන් යානය ඊයේ(19)  කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත පැමිණියේය.‘සිටි ඔෆ් සිහගිරි‘ ලෙස නම් කර ඇති මේ යානය ඈත පෙරදිග ගමනාන්ත වන කැන්ටන්, ෂැන්හයි, බීජිං සහ හොංකොං වෙත මෙහෙයුම් සඳහා යොදා ගැනීමට අපේක්ෂා කෙරේ.පසුගිය ඔක්තෝබර් මාසයේ දී මෙම වර්ගයේ පළමු  ගුවන් යානය මෙරටට ගෙන්වීමෙන් පසු  ශ්‍රී ලංකන් ගුවන් යානා ප්‍රතිඇනිගත කිරීමේ වැඩසටහන ආරම්භ විය. 2015 වසරේදී මෙම වර්ගයේ තවත් ගුවන් යානා පහක් මෙරටට ගෙන්වීමට නියමිතය.මීට අමතරව  A350-900 ගුවන් යානා 8ක් ක් ද ලබා ගැනීමට නියමිතය. මින්  ගුවන් යානා 3ක් 2016 ලබා ගැනීමට නියමිත අතර   2017 වන විට ඉතිරි යානා 4 ගෙන්වා ගැනීමට නියමිතය.  ‘වන්වර්ල්ඩ්‘ ගෝලීය ගුවන් සේවා සන්ධානයේ නවතම සාමාජිකයා වශයෙන් ශ්‍රී ලංකන් සිය ගුවන් සේවා ජාලය තවදුරටත් පුළුල් කිරීමට මෙයින් අපේක්ෂා කෙරේ.ගුවන් මගීන් 297 සඳහා  ව්‍යාපාර පංතියේ ආසන 28 ක් සහ පිරිමැසුම් පංතියේ ආසන 269  ක් ද මෙම යානයේ ඇත. නවීන අභ්‍යන්තර පහසුකම් සහ සුවපහසු  ගුවන් මැදිරි වලින් සමන්විත මෙහි  ‘තැලස් ඇවන්ට්‘ යන ගුවන් යානා අභ්‍යන්තර විනෝදාස්වාදක පද්ධති හදුන්වා දී ඇත. එමෙන්ම  උසස් තාක්ෂණික පහසුකම් සහ වැඩිදියුණු කළ ඉන්ධන කාර්යක්ෂමතාවයන් ඇතුළත්ය.    ව්‍යාපාර පංතියේ සැප පහසු හෙරින්බෝන් හැඩයේ අති සුඛෝපභෝගී නිදන ආසන, ස්වාභාවික අවස්ථා වන ඉර බැසීම, ඉර පෑයීම මෙන්ම රාත්‍රී අහස යනාදියේ ආලෝකනය  උද්දීපනය වන අයුරින් මේවා සකස් කර  ඇත.   සෑම ගුවන් මගියකුටම සෘජු ප්‍රවේශ මාර්ග, පුද්ගලයන් සඳහා  පී.සී විද්‍යුත් සොකට් භාවිතයට  හැකියාව,  වයි-ෆයි  සම්බන්ධතාව මගින් ව්‍යාපාර පංතියේ ගුවන් මගීන් සඳහා පුද්ගලිකත්වය සහ සුවපහසුව  එක් වූ  ගමනක ආශ්වාදය අත්විඳගැනීමේ අවස්ථා මෙමගින් උදා වෙනු ඇත.  පිරිමැසුම් පංතියේ  ගුවන් මගීන් සඳහා ද මේ හා සමාන සුවපහසුවක් අත්විඳමේ හැකියාව ඇත.ගුවන් යානයේ අභ්‍යන්තර  වයි-ෆයි  සහ ජංගම දුරකථන භාවිතය සඳහා පහසුකම් සපයා දෙන ඉන්දියා උප මහද්වීපයේ ප්‍රථම ගුවන් සේවාව බවට ශ්‍රී ලංකන් ගුවන් සේවය මෙයින්ඉතිහාසයට එක්වනු ඇත. එමඟින් ගුවන් මගින්ට ඵලදායි ලෙස ගුවන්ගත වීමට සහ තම හිතවතුන් හා සම්බන්ධ වී ගුවනේ දී මෙම පහසුකම් අත්විදීමට අවස්ථා ලැබී ඇත.   ඈත පෙරදිග  ගමන් මාර්ග සඳහා ගුවන් මගීන් ප්‍රමාණය වැඩි කිරීම, පැටවුම් ධාරිතාව වැඩිකිරීම, කලාපයේ ප්‍රමුඛ වෙළෙඳපොලවල් සහ ශ්‍රී ලංකාවට ප්‍රධාන ලෙස සංචාරක ප්‍රතිලාභ අත්පත් කරදෙන වෙළෙඳපොලවල්  වෙත වෙළෙඳපොල කොටස් වැඩිකිරීමට මෙයින්  බලාපොරොත්තු  වේ.      ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි කපිල චන්ද්‍රසේන මහතා ප්‍රකාශ කර සිටියේ  මාස 2ක් වැනි කෙටි කාලයක දී තවත් නවතම ඒ330-300 ගුවන් යානාවක් ශ්‍රීලංකන් ගුවන් යානා ඇණියට එකතු වීම තුළින් ශ්‍රී ලංකන් සතුව ඇති අනෙකුත්  ගුවන් යානා නවීකරණය කිරීමට හැකියාව ලැබුණු බවයි.මෙම නවතම ඒ330-300 ගුවන් යානා  තුළින් ගුවන් මෙහෙයුම් හි සාර්ථක කාලපරිච්ඡේදයක් ආරම්භ වනු ඇතැයි ගුවන් සමාගම තරයේ විශ්වාස කරන බවද ඔහු  සඳහන් කළේය.     
වසර 21 ට පසු ගුවනින් සමුගනියි
0
hp_train_7521
සබරගමුව පළාත් කීපයකටත් කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රීක්කවලත් තැනින්තැන  සවස 4.00 න් පසුව සුළු වශයෙන් වැසි  ඇති වුවත්  ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි .ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය                                                      දිනය : 24/03/2016නගරයඋෂ්ණත්වය (සෙ. අංශක)සාපේක්ෂ ආර්ද්‍රතාවය (%) කාලගුණයඋපරිමඅවමඋපරිමඅවමඅනුරාධපුරය37259035ප්‍රධාන වශයෙන් වැසි රහිතමඩකලපුව32249560ප්‍රධාන වශයෙන් වැසි රහිතකොළඹ34269065ප්‍රධාන වශයෙන් වැසි රහිතගාල්ල33268565සවස 4.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි  ඇති විය හැක.යාපනය35278060ප්‍රධාන වශයෙන් වැසි රහිතමහනුවර34219550ප්‍රධාන වශයෙන් වැසි රහිතනුවරඑළිය24128025ප්‍රධාන වශයෙන් වැසි රහිතරත්නපුරය36249560සවස 4.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි  ඇති විය හැක.ත්‍රීකුණාමළය34249060ප්‍රධාන වශයෙන් වැසි රහිතමන්නාරම34269070ප්‍රධාන වශයෙන් වැසි රහිත                         
‘ඉදිරි 24 පැයෙත් වැස්ස නෑ‘
0
hp_train_7522
(ජේ.ඒ.එල්. ජයසිංහ සහ මැණික්හින්න ඒ.ජී. වික්‍රමසිංහ)වත්මන් වාණිජ සමාජය තුළ තරගකාරිත්වයට යොමු වී ඇති මවුපියන්ට දරුවන් අමතකවීම හේතුවෙන් නිවෙස් තුළම දරුවන් අනාරක්ෂිත වී ඇතැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවැසීය.ඒ හේතුවෙන් දරුවන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් මූලික වශයෙන් දැනුවත් කළ යුත්තේ මවුපියන් බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය.ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව පැවසුවේ දිගන මධ්‍යම පළාත් ක්‍රීඩා සංකීර්ණයේ දී ඉකුත් 8 වැනිදා පැවැති ‘දරුවන් සුරකිමු’ ජාතික වැඩ සටහනේ සමාරම්භක උත්සවයට සහභාගි වෙමිනි.එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා මෙසේද සඳහන් කළේය.මේ සුන්දර උදෑසන භාග්‍යවන්ත වූ, පින්වන්ත වූ ඔබ ඇමතීමට ලැබීම පිළිබඳව මා ඉතාමත් සතුටු වෙනවා. ‘දරුවන් රකිමු’ ජාතික වැඩසටහනේ අවුරුදු තුනක සැලැස්ම ක්‍රියාත්මක කිරීම ආරම්භ කිරීමයි මේ උත්සවයේ ප්‍රධාන අරමුණ. මේ වැඩසටහනට සහයෝගය දක්වන සියලුම මැති ඇමැතිවරුන් අමාත්‍යාංශ, රාජ්‍ය නිලධාරීන්, විශේෂඥ කමිටු, අනුග්‍රහය දක්වන සෑම කෙනකුටම මගේ ගෞරවනීය ස්තූතිය පුදකරනවා.දරුවන් රකිමු ජාතික වැඩසටහන ක්‍රියාත්මක කිරීමට මූලික වශයෙන් හේතු වූ කරුණු මොනවාද? යන්න මා ඔබට නොකීවාට ඒ පිළිබඳව ඔබට අවබෝධයක් තිබෙනවා. දරුවන් රැකීමට ජාතික වැඩසටහනක අවශ්‍යතාව කුමක් ද? විද්‍යුත් මාධ්‍ය, මුද්‍රිත මාධ්‍ය සහ සමාජයෙන් එන විවිධ තොරතුරු සමග මෙවැනි වැඩසටහනක අවශ්‍යතාව ඔබ සෑම කෙනෙක්ම පිළිගන්නවා ඇතැයි මා විශ්වාස කරනවා. මූලික වශයෙන් දරුවාට, දරුවා ජීවත්වන නිවසෙහි සුරක්ෂිතතාව තිබෙනවා ද? ඔබත් මමත් දන්නා පරිදි දරුවා මව්පියන් සමග ජීවත්වන නිවසෙහි ප්‍රශ්නයක් තිබෙන බව අද බොහෝ වාර්තා මගින් අපිට පෙන්නුම් කරනවා. මෙහි සිටිනවා පොලිසියේ නිලධාරී මහත්ම මහත්මීන් රාශියක්. පොලිසිවලට ලැබෙන පැමිණිලි වලින්, අවුරුද්දේ දවස් 365න් වැඩිපුරම ලැබෙන පැමිණිලි මොනවාද? මම පසුගිය දිනක උත්සවයක අවසානයේ දී ළඟම තිබෙන පොලිසියකට ගියා.පොලිස් ස්ථානාධිපතිතුමාගෙන් මම ඇහුවා වැඩිපුර එන පැමිණිලි මොනවා ද? කියලා. පොලිස් ස්ථානාධිපතිතුමා මා සමග කිව්වා අපිට වැඩිපුරම එන්නේ පවුල් ආරවුල් පිළිබඳ පැමිණිලි බව. පවුලේ ආරවුල් ඇති වෙනවානම් ඒ පවුලේ දරුවන්ට නිවස කොතෙක් දුරට අනාරක්ෂිත ද කියන කාරණය ඔබ සෑම කෙනෙක්ම දන්නවා.සමාජ සමීක්ෂණ ආයතනයක් විසින් පසුගිය වසර දහයක අපේ රටේ විවාහ ජීවිත පිළිබඳව සමීක්ෂණයක් කර වාර්තාවක් රජයට ලබා දුන්නා. අඩු වයසින් විවාහ වන තරුණ පවුල්වලින් 70%ක ගේ පවුල් ජීවිත අසාර්ථක බව එම වාර්තාවේ සඳහන් වෙනවා. පවුලේ මව්පියන්ගේ හැසිරීම් පිළිබඳව ප්‍රශ්න මතුවූ විට එම නිවසේ තත්ත්වය සහ එම නිවසේ ජීවත් වන දරුවන්ගේ මානසික තත්ත්වය කෙසේද යන්න ඔබ සෑම කෙනෙක්ම දන්නවා. එපමණක් නොවේ. අද තිබෙන වාණිජ සමාජයේ තරගකාරිත්වය තුළ මව්පියන් ඒ තරගකාරිත්වයට යොමු වෙලා තිබෙනවා.ආර්ථිකය ශක්තිමත් කර ගැනීමට සම්පත් වැඩිපුර ලබා ගැනීමට සමාජය තුළ ගෞරවයට ලක්වීමට එම තරගකාරිත්වයට යොමුවී තිබෙනවා. ඒ අනුව ඇතැම් මව්පියන්ට දරුවන් අමතක වෙනවා. නිවෙස තුළ දරුවාගේ ආරක්ෂිතභාවය සහ සුරක්ෂිතභාවය අඩුවීම පිළිබඳව තවත් බොහෝ කරුණු සඳහන් කළ හැකියි. ඒ නිසා දරුවාට පාසල සුරක්ෂිත ස්ථානයක් බවට විශේෂයෙන්ම පත්විය යුතුයි. සමාජයෙන් ලැබෙන තොරතුරු අනුව දරුවාට ආරක්ෂිත සහ සුරක්ෂිත ස්ථානය පාසල බවයි අපිට පෙනී යන්නේ. දරුවන්ගේ අනාරක්ෂිතභාවය පිළිබඳව පාසල්වලින් ලැබෙන වාර්තා ඉතාමත් අවමයි. දරුවන්ගේ අනාරක්ෂිතභාවය පිළිබඳව වැඩිපුර වාර්තා වන්නේ දරුවා පාසලේ සිටින කාලය තුළ නොව, මව්පියන්ගේ භාරකාරත්වයේ සහ ඇසුරේ සිටින කාල සීමාව තුළයි. පාසල් වලින් දරුවන්ට එරෙහි සිදුවීම් පිළිබඳව වන පැමිණිලි සහ ප්‍රශ්න ලක්ෂයකට එකක් පමණ තමයි ලැබෙන්නේ. එවැනි දේ නැතුවාම නොවේ.දරුවාට මහා මාර්ගය ආරක්ෂිත ස්ථානයක් ද? දරුවා යන බස් රථය ආරක්ෂිත ස්ථානයක් ද? දරුවා පාසල් යන පාසල් වෑන් රථය ආරක්ෂිත ස්ථානයක් ද? විශේෂයෙන්ම දරුවා යන පෞද්ගලික පන්ති, උපකාරක පන්ති ආරක්ෂිත ස්ථානයක්ද? මේ පිළිබඳව ඔබටත් මටත් බොහෝ දේ කතා කළ හැකියි. මෙහි සිටින දරුවන් ප්‍රමුඛ ඔබ සියලු දෙනාට ඒ පිළිබඳව හොඳ අවබෝධයක් තිබෙන බව මා විශ්වාස කරනවා. ඒ බොහෝ ස්ථානවල අපි දකින්නේ අනාරක්ෂිතභාවයක්.ඔබට මතක ඇති පසුගිය වසරේ යාපනයේ, විද්‍යා දරුවා පිළිබඳ සිදුවීම. ඒ තරුණ ගැහැනු දරුවා දූෂණයට සහ ඝාතනයට ලක්වූ කාරණාවත් ඔබ දන්නවා ඇති. මොනතරම් සමාජය විෂම ද මොනතරම් සමාජය අකාරුණික ද අපේ රටේ සිටින ජාවාරම්කාර පිරිසක් තරුණ ගැහැනු ළමයෙක් බලහත්කාරයෙන් දූෂණය කර ඝාතනය කිරීමේ සිද්ධියක් චිත්‍රපටයකට නැගීම සඳහායි එම කාර්යය කර තිබෙන්නේ. එසේ සකස්කර ගන්නාවූ සීඩීපට ජාත්‍යන්තර ජාවාරම්කාරයන්ට මේ රටින් පිට විකුණා මුදල් ලබා ගන්නවා. ඒ දරුවා ඝාතනය කළ ආකාරයත් එම අවස්ථාවේදී සිදුවූ දේ මෙවැනි අවස්ථාවක කීමට හැකියාවක් නැහැ.ඔබ දකින්නට ඇති, සති දෙකකට පමණ පෙර කුරුණෑගල දිස්ත්‍රික්කයේ වයස අවු. 17ක ගැහැනු දරුවෙක් විභාගය ලියා නිවසට පැමිණ සිටින අවස්ථාවේදී සිදු වූ සිද්ධිය. ඒ වයස අවුරුදු 17ක තරුණ ගැහැනු දරුවා මොනතරම් සිහින මවාගෙන විභාගය අවසන් කර නිවසට එන්නට ඇතිද?. ඒ දරුවා නිවසෙහි සිටියදී ඇගේ මව වෙනත් කාර්යයක් සඳහා නිවසින් ගොස්ව තිබුණා. ඒ කෙටි කාලය තුළ දරුවා දූෂණය කරලා මරලා දැම්මා. මීට මාස කිහිපයකට පෙර අවුරුදු නවයක ළමයෙක් නිවසේ සිටියදී අතුරුදන් වෙලා හදිසියේ මව්පියන් සොයන්න පටන් ගත්තා. මව්පියන් දරුවා නිවසේ සෑම තැනකම සෙව්වා. වත්තේ හැම තැනම හෙව්වා. දරුවා යන එන තැන්වලට ගොස් බැලුවා. ඒත් සොයාගන්න බැරි වුණා. මේ පිළිබඳව සොයන්නට යන්න දරුවාගේ තාත්තා නිවසේ තිබෙන කාර් එකේ දොරවල් විවෘත කළා. අවුරුදු නවයක දරුවා කාර් එක ඇතුළේ මැරිලා සිටියා. මේ දරුවා කාර් එකේ ඇතුළට ගොස් දොර වහගත්තා. දොර අරින්න බැරුව ගියා. උදේ කාර් එක ඇතුළට ගිය දරුවා හවස් වන විට මිය ගොස් තිබුණා. පසුගිය අවුරුද්දේ ඔබ දකින්නට ඇති එක්තරා අපරාධකරුවකු නිවසකට ගොස් සිදුවූ සිද්ධියක් පිළිබඳව. ඒ නිවසේ සිටි අම්මා තාත්තා දෙන්නාම අපරාධකරු විසින් ඝාතනය කළා.දරුවාගේ අම්මාත්, තාත්තාත් ඝාතනය කළාට පස්සේ අවුරුදු දහයක පමණ ඒ දරුවා නිවසේ සිටියා. ඒ අපරාධකරුවා ඒ දරුවාව අරගෙන ගියා. දවස් කිහිපයක් හංගලා තියාගෙන හිටියා. ඒ අපරාධකරුවාට දරුවා සඟවා ගෙන තැබීම ප්‍රශ්නයක් වුණා. මේ අපරාධකරුවා දරුවා උස්සාගෙන ගිහින් ළිඳකට දැම්මා. ඒ අපරාධකරුවා පොලිසියට අහුවුණා. පසුව පොලිස් පරීක්ෂණවල දී කිව්වා “මාමේ මාමේ මාව ළිඳට දාන්න එපා” කිව්වා. ඒත් ඒ දරුවාගේ හඬට කන් දුන්නේ නෑ. අපරාධකරුවා දරුවා ළිඳට අතහැරියා දරුවා මිය ගියා. මෙවැනි සිදුවීම් අපිට කොතෙකුත් කියන්න පුළුවන්.“දරුවන් සුරකිමු” යන ජාතික වැඩපිළිවෙළක අවශ්‍යතාව ඔබට පෙනී යනවා ඇති කියා මා විශ්වාස කරනවා. ඒ වගේම ඔබ දකින්න ඇති 2015 වසරේ පහේ ශිෂ්‍යත්වය අසමත් වූ දියණියක් නිවසට ආවිට ඒ දරුවාගේ පියා ඒ දියණියට එළියට විසි වෙන්න ගැහුවා. ඒ වසරේ දී ශිෂ්‍යත්වය අසමත් වු දියණියක් අම්මාත් තාත්තාත් දෙන්නාම දරුවා නිවසට ගන්නේ නැතුව ගෙදර දොරවල් වහගෙන හිටියා. පහුවදා එළිවෙනකල් ඒ ගැහුනු දරුවා හිටියේ එළියේ. පහේ ශිෂ්‍යත්ව ලියු දරුවෙක් කියලා කියන්නේ අවුරුදු 10 ක 11ක දරුවෙක්. තමාගේ දරුවා වුණත් ඒ දරුවාට පයින් ගහලා එළියට දාන්න මව්පියන්ට අයිතියක් තියෙනවා ද? දරුවන්ගේ සුරක්ෂිතභාවය පිළිබඳව මව්පියන්ගේ වගකීම කුමක්ද?අපේ විශේෂඥ වෛද්‍යතුමන්ලා දේශන කරන විට මේ පිළිබඳව බොහෝ දේ පැහැදිලි කළා. මේ අසාමාන්‍ය විභාග තරගයක් සමග දරුවන් පත්ව තිබෙන ඉතාමත් දුක්ඛදායක තත්ත්වය පිළිබඳව කතා කළා. ඒ නිසා අපි රජයක් විදියට අදහස් කරනවා විශේෂඥ උපදෙස් අනුව පහේ ශිෂ්‍යත්වය විභාගයත් දරුවන්ගේ අධ්‍යාපනයත් පිළිබඳව ජාතික අධ්‍යපන ප්‍රතිපත්තිය සහ සැලැසුම් පිළිබඳව යම් ප්‍රතිසංස්කරණ සහ වෙනස්කම් අවශ්‍යයි කියලා. “දරුවන් සුරකිමු” කියන ජාතික වැඩසටහනේ අපි අද මෙතනට ඇවිත් ඉන්නේ දරුවෝ. මම හිතන්නේ මේ දරුවන්ගේ මව්පියෝ නම් මෙතන නැහැ. මෙතන ඉදිරියේ ඉන්න විවිධ ක්ෂේත්‍රවල විද්වත් ප්‍රධානීන්. ඒත් මව්පියෝ. අපට අද ප්‍රධාන වශයෙන් දරුවන් ආරක්ෂා කිරීම පිළිබඳව දැනුවත් කරන්න වෙලා තියෙන්නේ මූලික වශයෙන් මව්පියන්. ඒ නිසා “දරුවන් සුරකිමු” ජාතික වැඩසටහනේ ඉදිරි වැඩපිළිවෙළේ දී අපි දිස්ත්‍රික්ක මට්ටමින් වැඩසටහන්වල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් මව්පියන් දැනුවත් කිරීම සඳහා මේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වෙනවා. අපේ විශේෂඥ වෛද්‍යතුමන් දේශනවල දී නව තාක්ෂණයත් එක්ක දරුවන් මුහුණ දෙන ප්‍රශ්න ගැන කතා කළා. ජංගම දුරකථනය, පරිගණකය මානව සමාජයට නිෂ්පාදන කළේ, දයාද කළේ ඉතාමත් වැදගත් අරමුණකිනුයි. ඒත් ඒ නිසා අද යහපත් දේ වගේම අයහපත් දේ කොතරම් සිදුවෙනවා ද? පාරේ යන විට, ඒ වගේම දුම්රිය මාර්ගවල දරුවන්, තරුණ පිරිස් ජංගම දුරකථනයත් සමග වයර් කනේ ගහගෙන යන එක ඔබ දැකලා ඇති. ඒ තුළ කොතරම් ජීවිත විනාශ වෙනවාද කියලා ඔබ අහලා ඇති ?  මෙතන සිටිනවා කැබිනට් මණ්ඩල නියෝජනය කරන ජෝන් සෙනෙවිරත්න මැතිතුමා. එතුමා දන්නවා ඇති මීට පෙර කැබිනට් මණ්ඩලයේ දී ජංගම දුරකථන භාවිතය තහනම් කළා. සමහර ඇමැතිවරුන් කැබිනට් සාකච්ජාවේ නෑ. වයර් කනේ ගහගෙන ෆෝන් එකට ඇන ඇන ඉන්න එක තමා කරන්නේ. ඒ ගොල්ලෝන්ට මම කියන දේ ඇහෙන්නෙත් නෑ, කැබිනට් මණ්ඩලේ සාකච්ඡා ඇහෙන්නෙත් නෑ. ඒ නිසා මම කිව්වා කැබ්නට් මණ්ඩලයේදී ජංගම දුරකථනය පාවිච්චි කිරීම තහනම් කියලා. රාජ්‍ය නිලධාරීන්, ආයතන ප්‍රධානීන් රාශීයක් මෙතන ඉන්නවා.මම පසුගිය අවුරුද්දේ ලංකාවේ අමාත්‍යාංශවල ලේකම්වරුන්, ආයතන ප්‍රධානීන්, දෙපාර්තමේන්තු ප්‍රධානීන් සියලුදෙනාම බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවට ගෙන්වලා රාජ්‍ය නිලධාරීන්ගේ වගකීම් සහ රජයේ ප්‍රතිපත්තිය පිළිබඳව පැහැදිලි කරන වැඩසටහන් කළා. ඒ රැස්වීමට සහභාගි වුණේ අමාත්‍යාංශ ලේකම්වරුන්, කොමසාරිස් ජනරාල්වරු, ප්‍රාදේශීය ලේකම්වරු, දිසාපතිවරුන්, සියලුම රාජ්‍ය ආයතනවල ප්‍රධානීන් යන අය සහභාගි වුණා. ඒ අවස්ථාවලදීත් මම දැක්කා. ඒ වගේම පසුව මගේ මාධ්‍ය අංශයෙන් ද මට වාර්තා කළා.ආයතන ප්‍රධානීන් තුන් දෙනෙක් ඒ අවස්ථාවේදීත් මොබයිල් ෆෝන් තියාගෙන වයර් කනේ ගහගෙන ඇන ඇන හිටිය බවට. ඒ අය මම කියන දේ ඇහුවෙත් නෑ. අනෙක් දේශකයන් කියන දේ ඇහුවෙත් නෑ. කනේ ගහගෙන හිටපු වයර් වලින් ආපු දේ ගැන තමා ඒ අය ඇහුවේ. ඒ නිසා මම අහනවා දරුවන් ගැන කුමන කතා ද කියලා.ඒ නිසා දරුවන් හැදෙන්න කලින් මම ඔය කියපු දේ ගැන වැඩිහිටියන් හැදෙන්න කියලා මම මතක් කරනවා. මේ දරුවන් රැකීමේ ජාතික වැඩසටහනේ අරමුණ රාශියක් ඉටු කරන්න අපි බලාපොරොත්තු වෙනවා. ඔබ දන්නවා සියදිවි නසා ගැනීම පිළිබඳව ලෝකයේ ලංකාව ඉහළ තැනක තියෙන්නේ කියලා. ලංකාවේ සියදිවි නසා ගැනීම පිළිබඳව වැඩි පිරිසක් වාර්තා වෙන්නේ තරුණ දරුවන්.ඒ නිසා අපි රටක් විදියට, ජාතියක් විදියට දරුවන් රැකගැනීම සඳහා සෑම කෙනෙක්ම සාමුහික වගකීමක සාමුහික ප්‍රයත්නයක් යෙදිය යුතුයි කියලා මා විශ්වාස කරනවා. මේ වැඩසටහන ජාතික වශයෙන් සෑම ප්‍රදේශයක ක්‍රියාත්මක කිරීමට අපේ රජය බලාපොරොත්තු වෙනවා. සියලු මැති ඇමැතිවරුන්ගේ සහයෝගය බලාපොරොත්තු වෙනවා. සියලුම රාජ්‍ය නිලධාරීන්ගේ මව්පියන්ගේ සහයෝගය බලාපොරොත්තු වෙනවා. සියලු රාජ්‍ය නිලධාරී මහත්ම මහත්මීන්ගේ සහයෝගය බලාපොරොත්තු වෙනවා.මෙවැනි කටයුතුවල දී ගෞරවනීය මහා සංඝරත්නයේත් අන්‍යආගමික පුජකතුමන්ලාගේත් ඒ සියලුම ආගමික අංශවල සහයෝගය ගෞරවයෙන් අපි බලාපොරොත්තු වෙනවා.ගමේ පන්සලේ හාමුදුරුවෝ හැමදාම ධර්ම දේශනා කළේ අපි මේ කියන කාරණාව ගැන පල්ලියේ කෝවිලේ පියතුමා, ස්වාමීතුමා මේ ගැන දේශනා කළේ අද ඊයේ නොවෙයි. ගෞතම බුදුන් වහන්සේ, ජේසුස් වහන්සේ ඒ වගේම මුහම්මද්තුමාත් මේ ගැන දේශනා කළේ අද ඊයේ නොවෙයි. ඒ නිසා අපි සෑම කෙනෙක්ම උන්වහන්සේලාගේ අනුශාසනා තුළ මෙවැනි කටයුතු කිරීම අවශ්‍යයි. අපි මේ “දරුවන් රකිමු” ජාතික වැඩසටහන මේ විදියට සාර්ථකව කරන්න සියලු දෙනාම කටයුතු කරමු. මේ සඳහා සහයෝගය දුන් සියලු දෙනාටම මම ස්තුතිවන්ත වෙනවා.මේ සඳහා ප්‍රතිපත්ති සම්පාදනය සහ නීති ප්‍රතිසංස්කරණ සඳහා අවශ්‍ය දැනුම ලබා දෙන විශේෂඥ කමිටුවලට මම ස්තුතිවන්න වෙනවා. ඒ සඳහා දායකත්වය ලබාදෙන ඇමතිතුමන්ලාට ස්තුතිවන්ත වෙනවා. මේ වැඩසටහන සාර්ථක කර ගැනීමට මධ්‍යම පළාත් මහ ඇමතිතුමා ඇතුළු මැති ඇමතිතුමන්ලාට ඒ වගේම අනෙකුත් නිලධාරීන්, අධ්‍යාපන අධ්‍යක්ෂතුමන්ලාටත්, විදුහල්පතිවරුන්, ගුරු මහත්ම මහත්මීන්, මව්පියන්, දූ දරුවන්ට සියලු දෙනාගේ සහයෝගය මා ඉතා අගය කරනවා. අපි දරුවන් වෙනුවෙන් හොඳ රටක් හදමු. ඒ වගේම හොඳ රටක් වෙනුවෙන් හොඳ දරුවන් හදමු. සියලු දෙනාට තෙරුවන් සරණයි.මෙහිදී කම්කරු හා වෘත්තීය සබඳතා අමාත්‍ය ඩබ්.ඩී.ජේ. සෙනෙවිරත්න මහතා: ශ්‍රී ලංකා ළමා ශ්‍රමය සුරැකීමේ ජාතික ප්‍රතිපත්තිය ජනාධිපතිවරයා වෙත පිළිගැන්වීය. දරුවන් සුරැකීමේ ජාතික සැලැස්ම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත පිළිගැන්වීම ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝහණ කීර්ති දිසානායක මහතා විසින් සිදු කරනු ලැබීය.දරුවන් සුරැකීමේ විද්වත් කමිටු සාමාජික විශේෂඥ වෛද්‍ය චමින්ද වීරසිරි වර්ධන විශේෂඥ වෛද්‍ය නවාස් ජෙෆ්රි යන මහත්වරු  මහනුවර උසස් බාලිකා විදුහලේ ඒ.එන්.කේ. අමුණූගම, ශාන්ත සිල්වෙස්තර විදුහලේ එස්. ෂෙවාන් ප්‍රණීත් යන සිසු සිසුවියෝද මෙහිදී කතා කළහ.මහනුවර ශ්‍රී පුෂ්පදාන බාලිකා විදුහලේ සිසු දැරියෝ ‘අපි’ නාට්‍ය රඟ දක්වා උත්සව අවස්ථාව වර්ණවත් කළහ.මෙම අවස්ථාවට අමාත්‍ය ඩබ්ලිව්.ඩී.ජේ. සෙනෙවිරත්න, මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිලුකා ඒකනායක, මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක යන මහත්ම මහත්මීහු පළාත් සභාවේ අමාත්‍යවරුද, පළාත් සභාවේ අමාත්‍යාංශ ලේකම්වරුන්, විදුහල්පතිවරුන්, පාසල් සිසු සිසුවියන්, රාජ්‍ය නිලධාරීන් ඇතුළු රැසක් සහභා වූහ.ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ නිලධාරීන් හා නිලධාරිනියන් ද උත්සව අවස්ථාවට සහභාගි වූහ. 
දරුවන් හැදෙන්න කලින් වැඩිහිටියන් හැදෙන්න
1
hp_train_7523
(කටුනායක ටී.කේ.ජී.කපිල )ඉන්දියානේ අභ්‍යන්තර ගුවන් සේවාවක් වන ‘ඉන්ඩිගෝ“ ගුවන් සේවය  ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර නව ගුවන් සේවයක් ලෙසින් අද උදෑසන සිට ගමන්වාර ආරම්භ කළේය. ඉන්දියාවේ චෙන්නායි සහ බැංගලෝර් සිට කටුනායක ගුවන් තොටුපොළ දක්වා දවසකට තුන් වරක් මෙම ගුවන් සේවය ක්‍රියාත්මක වෙයි.අඩු වියදම් ගුවන් සේවයක් ලෙස මෙම "ඉන්ඩිගෝ ගුවන් සේවය " ක්‍රියාත්මක වීමට නියමිතය . මෙම ගුවන් සේවයේ ප්‍රථම ගමන්වාරය අද (20)  උදෑසන 8.00  ට පමණ ඉන්දියාවේ චෙන්නායි සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත ක්‍රියාත්මක විය. යානයේ නියමුවා ලෙස කපිතාන් අෂීම් මිත්‍රා මහතා කටයුතු කළේය.මේ වෙනුවෙන් කටුනායක ගුවන් තොටුපොළ තුළ පිළිගැනීමේ උත්සවයක් ද පැවැත්වුනි . නව ගුවන් සේවයේ ශ්‍රී ලංකා නියෝජිතවරයා ලෙස හේමාස් සමාගම කටයුතු කරයි .
ඉන්ඩිගෝ ගුවන් සේවය කොළඹ ගමන් අරඹයි
1
hp_train_7524
(නයිනමඩම චන්දන ප්‍රනාන්දු)                             බලපත්‍ර රහිතව ඇටියාවල මාඔය අසල රක්ෂිතයේ මැටි කපා ප්‍රවාහනයට  සුදානම් කර තිබු ටිපර් රථයක් හා එහි රියදුරෙකු සැකපිට අත්අඩංගුවට ගත් බව දන්කොටුව පොලිසිය පවසයි. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ඇටියාවල පදිංචි 27 හැවිරිදි පුද්ගලයෙකි.පොලිසියට  ලැබුණ තොරතුරක් මත මෙම වැටලීම සිදුකර ඇති අතර එම ස්ථාන්යේ මැටි කපමින් සිටි පිරිස පලාගොස් ඇත.දන්කොටුව පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන්  වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
රක්ෂිතයේ මැටි කැපු අයෙක් අත්අඩංගුවට
0
hp_train_7525
ගුවන් තොටුපොළ සහ ගුවන් සේවා (ශ්‍රී ලංකා ) සමාගම වාර්ෂිකව පවත්වන  නත්තල් වෙළඳ සැණකෙළිය  මෙවරද 2014/2015  වර්ෂය සඳහා  නිල වශයෙන් ආරම්භ කළ බව  කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ සේද මාවතේ පැවති උත්සවයදී අද දහවල් නිවේදනය කළේය. ගුවන්තොටුපොළ හා ගුවන්සේවා ශ්‍රී ලංකා සමාගම  2010 දෙසැම්බර් මාසයේ පළමු වරට ආරම්භ කර ඇති වාර්ෂික නත්තල් වෙළඳ සැණකෙළිය මෙවර පැවැත්වෙන්නේ   පස්වන වරටය. මෙවර නව මුහුණුවරකින් පැවැත්වෙන නත්තල වෙළඳ සැණකෙළියේ ජයග්‍රහණයන් උරගා බැලීමට මෙරට ප්‍රධාන ගුවන් දොරටුව වන  බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ  හරහා මෙරටට පැමිණෙන හා මෙරටින් පිටවන ගුවන් මගීන් හට මෙන්ම මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර  ගුවන් තොටුපොළ භාවිතා කරන ගුවන් මගීන්ටද අවස්ථාව ලබා දී ඇත.ගුවන්තොටුපොළෙහි පැමිණීමේ හා පිටත්වීමේ පර්යන්තයන්හි  තීරු බදු රහිත අලෙවිසැල් සමඟ ඇතිකරගත් සහයෝගිතාවයෙන්  මෙම විශේෂ ප්‍රවර්ධන වැඩසටහන පැවැත්වේ. 2014  දෙසැම්බර් 01 ආරම්භ වු  මෙම නත්තල් වෙළඳ  සැණකෙළිය සංචාරකයින්ට ආකර්ෂණීය තෑගි පිරිනමමින් 2015 ජනවාරි 31 තෙක් පුරා මාස දෙකක් පැවැත්වීමට කටයුතු යොදා ඇත.ගුවන් තොටුපොළවල් දෙකෙහිම ඇතුලත්වීමේ පර්යන්තයන්හි  හෝ පිටත්වීමේ පර්යන්තයන්හි  තීරුබදු රහිත අලෙවි සැලකින් අමෙරිකානු ඩොලර් 10 හෝ ඊට වැඩි වටිනාකමකින් යුත් මිලදී ගැනීමක් කරනු ලබන සෑම ගුවන් මගියෙක්ම මෙම මහා දිනුම් ඇදීම සඳහා සුදුසුකම් ලබති.මෙහි ප්‍රථම ත්‍යාගලාභියාට අයිඩියල් චෙරි ඔටෝ මෝබයිල්ස් පුද්ගලික සමාගම  විසින් පිරිනැමෙන නවතම චෙරි ජේ3  වර්ගයේ මොටර් රථයක් හිමිවන අතර ඊලග ජයග්‍රාහකයන් සිව් දෙනෙකුට මුදලින්  රුපියල් ලක්ෂ පහක්, රුපියල් දෙලක්ෂ පනස් දහසක්, රුපියල් එක් ලක්ෂ පනස් දහසක් සහ රුපියල් ලක්ෂයක්  ත්‍යාග වශයෙන් පිරිනමනු ලැබේ.තවත් වාසනාවන්ත  ජයග්‍රාහකයින් පස් දෙනෙකුට සිංගර් ශ්‍රී ලංකා ඩියුටි ෆ්‍රී ආයතනයෙන් සිංගර් ලැප්ටොප් පරිඝණකයක්, අබාන්ස් ඩියුටි ෆ්‍රී ආයතනයෙන් එල්.ජී දොර දෙකේ ශීතකරණයක්, සොෆ්ට් ලොජිස්ටි ඩියුටි ෆ්‍රී ආයතනයෙන්  ස්ව්‍යංක්‍රීය රෙදි සෝදන යන්ත්‍රයක්,  සිංහගිරි ඩියුටි ෆ්‍රී ආයතනයෙන් අගල් 40 සැම්සුන්ග් එල්.ඊ.ඩී රූපවාහිණී යන්ත්‍රයක්, මෝරිච්  ට්‍රෙිඩින් ඩියුටි ෆ්‍රී ආයතනයෙන් ඇරිස්ටන් ලිප් 5 උදුනක් ආදී වශයෙන් වටිනා ත්‍යාග පිරිනැමීමට නියමිතය.පිටත්වීමේ  පර්යන්තය තුලදී ඇමරිකානු ඩොලර් 50 ට වැඩි වටිනාකමින් යුත් සෑම මිලදී ගැනීමක් සඳහාම ‘ගෘහස්ථ ගොල්ෆ්‘  ක්‍රීඩාවක් මගින්  දිනපතා ක්ෂණික ත්‍යාග සඳහා  දිනුම් අවස්ථා ලබා ගැනීමටද ඉඩ සලස්වා ඇත.මෙම උත්සව සමයේදී තීරුබදු රහිත සාප්පු සංකීර්ණයෙන් ඇමරිකානු ඩොලර් 10 හෝ ඊට වැඩි වටිනාකමින් යුත් භාණ්ඩ මිලදී ගෙන ගුවන්තොටුපොළ නත්තල් වෙළඳ සැණකෙළියේ වාසනාවන්ත ජයග්‍රාහකයෙකු වන්නට සියලූම ගුවන් මගීන්ට ගුවන්තොටුපොළ හා ගුවන් සේවා සමාගම ආරාදනා කර සිටී.අද පැවති උත්සවයට ගුවන්තොටුපොළ හා ගුවන්සේවා ශ්‍රී ලංකා සමාගමේ සභාපති කර්නල් ප්‍රසන්න වික්‍රමසුරිය, විධායක අධ්‍යක්ෂක යොහාන් ජයරත්න,  ගුවන් තොටුපොළ කළමනාකාරී එච්.එස් හෙට්ටිආරච්චි, අළෙවි ප්‍රධානී රොහාන් මනුකුලසුරිය මහතා ඇතුළු එහි අළෙවි ප්‍රවර්ධන අංශයේ නිලධාරීන්ද, අයිඩියල් චෙරි ඔටෝ මොබයිල් ආයතනයේ නියෝජ්‍ය සභාපති අරවින්ද සිල්වා, නේෂන් ට්‍රස්ට් බැංකුව වෙනුවෙන්  ජෙරොම් පෙරේරා, ඩයලොග් සමාගම වෙනුවෙන් හර්ෂ සමරනායක හා අමාලි නානායක්කාර, තීරු බදු රහිත සාප්පු හිමියන්ගේ  සංගමයේ සභාපති  නිමේෂ් උදේෂි  යන මහත්වරුන් ඇතුළු තීරු බදු රහිත සාප්පු හිමියෝ රැසක් සහභාගී වුහ.                  
ගුවන්තොටේ ලොතරැයි කාරය ඉන්දියාවට
0
hp_train_7526
ඩයලොග් ආසිආටා පීල්සීහි ව්‍යාපාර විසඳුම් අංශය වන ඩයලොග් එන්ටප්‍රයිස් Google Cloud ආයතනය සමඟ නව සහයෝගීතාවකට එළඹ තිබේ. ඒ අනුව මෙරට සියලු පරිමාණවල ව්‍යාපාරවලට අවශ්‍ය ව්‍යාපාරික ප්‍රගතිය සාධනය කර ගැනීමට මෙන්ම සේවක ඵලදායීතාව ඉහළ නංවා ගැනීමට අවස්ථාව හිමිකර දෙමින්, ඔවුන් අතර පවතින සබැඳියාව තවදුරටත්  වර්ධනය කරගනිමින්, එම ව්‍යාපාර සමඟ කටයුතු කරන ගනුදෙනුකාර භවතුන්ට විශිෂ්ට සේවාවක් ලබාදීමට අවශ්‍ය තාක්ෂණික සහයෝගීතා මෙවලම් මේල් ස්ටොරේජ් යනාදී සේවා, ඩයලොග් එන්ටප්‍රයිස් හි සහායෙන් මෙරට තුළ පහසුවෙන් ලබා ගැනීමට හැකි වනු ඇත.මෙම නවතම හඳුන්වාදීම පිළිබඳව අදහස් දැක්වූ ඩයලොග් ආසිආටා පීඑල්සී හි වාණිජ ව්‍යාපාර සහ මහ පරිමාණ ව්‍යාපාර අලෙවි පිළිබඳ උප සභාපති නවීන් පීරිස් මහතා මෙසේ පැවසීය. “නිරන්තරයෙන් වෙනස් වන අපගේ පාරිභෝගිකයන්ගේ අවශ්‍යතා ඉටුකිරීම වෙනුවෙන් උසස්ම තත්ත්වයෙන් යුත් හොඳම ඩිජිටල් සේවා සහ Cloud තාක්ෂණය මත පදනම් වූ විසඳුම් ලබාදීමේ අපගේ දැක්මට අනුකූලව කටයුතු කරමින්, Google Cloud ආයතනය සමඟ අපි ඇතිකරගත් මේ සහයෝගීතාව හරහා අපේ Cloud උපායමාර්ග වැඩි දියුණු කළ කාර්යක්ෂමතාවකින් සහ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ට වැඩි ඵලදායීතාවක් අත්කරදී, නව මානයකට ගෙන යනු ඇතැයි අපි විශ්වාස කරනවා. Google Workspace සමඟින් ඒකාබද්ධ වූ ඵලදායීතාව ඉහළ නැංවෙන මෙවලම් සහ ඩයලොග් එන්ටප්‍රයිස් ආයතනයේ සේවා ඔස්සේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරවල තාක්ෂණය මත පදනම් වූ අනාගත ගමන සාර්ථකත්වයේ ඵල අත්කරගනු ඇති බව අපේ ඒකායන විශ්වාසයයි.”සුළු හා මධ්‍ය පරිමාණ පාරිභෝගිකයන්ට ප්‍රයෝජනවත් වන සේවා සහ ඉතා හොඳින් කළමනාකරණය කරන ලද සේවා ක්‍රියාමාර්ග පිළිබඳව වැඩි අවධානයක් යොමු කරමින්, ඩයලොග් එන්ටප්‍රයිස් ආයතනය සිය පහසුකම් හරහා සමාගම්වලට නව ව්‍යාපාරික අවස්ථා උදාකර දීමට දායකවී ඇත. Google Workspace සමඟ එක්වූ Gmail, Calender, Drive, Docs, Sheets, Slides සහ Meet වැනි ජනප්‍රිය යෙදුම් හේතුවෙන් වැඩි ක්‍රියාකාරීත්වයක් හරහා එකම අවකාශයක් තුළ සෑම ක්‍රියාවලියක්ම කාර්යක්ෂමව ඉටුකරගැනීමේ හැකියාව ඇත.
ඩයලොග් එන්ටප්‍රයිස් එන්ටප්‍රයිස් Google Workspace සමග සහයෝගීතාවක
0
hp_train_7527
(හර්ෂණ තුෂාර සිල්වා)ශ්‍රී ලංකාවට ලබාදෙන ණය මුදලේ පස්වැනි වාරිකය ලෙස ඇමෙරිකානු ඩොලර් මිලියන 164.1 ක් මෙරටට ලබාදීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය අනුමැතිය ලබා දී ඇත. ඊට අමතරව ශ්‍රී ලංකාව කරන ලද ඉල්ලීමකට අනුව ශ්‍රී ලංකාවට ලබාදෙන ණය මුදලේ කාලය ලබන වසරේ ජූනි 2 වැනිදා දක්වා තවත් වසරකින් දීර්ඝ කිරීමට ද එම මණ්ඩලය අනුමැතිය දී තිබේ.  මෙම ණය මුදල මුදා හැරීමත් සමඟ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ශ්‍රී ලංකාවට ලැබී ඇති සම්පූර්ණ ණය මුදල ඇමෙරිකානු ඩොලර් බිලියන 1.155ක් වනු ඇත. ශ්‍රී ලංකාවේ ආර්ථික කාර්යසාධනය සම්බන්ධයෙන් කරන පස්වැනි සමාලෝචනය අවසන් කරමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය ඉහත තීරණ ගෙන තිබේ.  ශ්‍රී ලංකාව ශක්තිමත් සහ සියලු පාර්ශවවල සහභාගීත්වය සහිත ආර්ථික වර්ධනයක් සහ අභියෝග සහ දුෂ්කරතාවලට මුහුණ දිය හැකි ආර්ථිකයක් නිර්මාණය කිරීම සඳහාත් ආර්ථික ප්‍රතිපත්ති සංයමයෙන් හා විනයානුකූලවත් අඛණ්ඩව හා තිරසරවත් පවත්වාගෙන යා යුතු යැයි ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පෙන්වා දී ඇත.  ශ්‍රී ලංකාවට ලබාදීමට නියමිත ණය මුදලේ අවසන් වාරිකය වන ඇමෙරිකානු ඩොලර් මිලියන 500ක මුදල ලබාදීමටත් එම ණය වැඩසටහන වසරකින් දීර්ඝ කිරීමටත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඉකුත් මාර්තු මාසයේදී තීරණය කළේය. අවසන් ණය වාරිකය ඉකුත් දෙසැම්බර් මාසයේදී ලබාදීමට නියමිතව තිබුණ ද ශ්‍රී ලංකාවේ පැවැති දේශපාලන අර්බුදය හේතුවෙන් ණය වාරිකය නොලැබුණු අතර ශ්‍රී ලංකා ආණ්ඩුවේ ඉල්ලීම පරිදි එය ලබාදීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල තීරණය කළේය.  එම ණය වාරිකය වසරක කාල සීමාවක් තුළ සම සමව බෙදීයන අයුරින් ලබාදීමට නියමිත බව ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සඳහන් කර ඇත. වසර තුනක ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහනක් යටතේ වාරික පහකට බෙදී යන පරිදි ශ්‍රී ලංකාවට ඇමෙරිකානු ඩොලර් බිලියන 1.5ක මුදලක් ලබාදීමට අන්තර්ජාතික මූල්‍ය අරමුදල 2016 වසරේදී එකඟතාව පළ කළේය.  ඒ අනුව එහි අවසන් වාරිකය පසුගිය දෙසැම්බර් මාසයේදී මෙරටට ලැබීමට නියමිතව තිබුණත් ඔක්තෝබර් 26 වැනිදා සිට දෙසැම්බර් මාසය දක්වා පැවැති දේශපාලන අර්බුදය නිසා ඒ සම්බන්ධයෙන් පැවැති සාකච්ඡා පසුවට කල් තැබිණි. රනිල් වික්‍රමසිංහ මහතා නැවත අග්‍රාමාත්‍ය ධුරයට පත්වීමෙන් පසු මුදල් අමාත්‍ය මංගල සමරවීර, මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහත්වරුන් පිරිසක් ඇමෙරිකා එක්සත් ජනපදයේ පිහිටි අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ ප්‍රධාන කාර්යාලය වෙත ගොස් මේ සම්බන්ධයෙන් සාකච්ඡා කරන ලදි.එහිදි ඇති කරගන්නා ලද එකඟතාව පරිදි අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ ආසියා හා ශාන්තිකර දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොට්ඨාස ප්‍රධානී මැනුඑලා ගොරෙති මහත්මියගේ ප්‍රධානත්වයෙන් එම අරමුදලේ දූත පිරිසක් පෙබරවාරි 14 වැනිදා මෙරට පැමිණි අතර පෙරේදා 28 දක්වා ඔවුහු මෙරට රැඳී සිටියහ.  ඒ අනුව ශ්‍රී ලංකා රජය කරන ලද ඉල්ලීමකට එකඟතාව පළ කරමින් තුන් අවුරුදු ප්‍රතිසංස්කරණ වැඩසටහනක් යටතේ මෙරටට ලබාදුන් ඇමෙරිකානු ඩොලර් බිලියන 1.5 ණය මුදලේ ඉතිරි වාරිකය වසරක කාලයක් සඳහා දීර්ඝ කිරීමට අන්තර්ජාතික මූල්‍ය අරමුදල තීරණය කළේය. ඒ අනුව එම ණය මුදලේ ඉතිරි වාරිකය වන ඇමෙරිකානු ඩොලර් මිලියන 500ක මුදලක් වසරක කාලයකදී සම සමව බෙදී යන පරිදි මෙරටට ලැබෙනු ඇත. 
ඩොලර් මිලියන 164 ක ණයක් දීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අනුමැතිය
1
hp_train_7528
 (කාංචන කුමාර ආරියදාස) දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ පසුගිය සතියේ සීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබූ එළවළු තොග මිල 40% කින් පමණ අද(03) උදෑසන සිට පහළ වැටී ඇතැයි ව්‍යාපාරිකයෝ පවසති. එළවළු මිල පහත වැටීම සඳහා හේතු පාදක වී ඇත්තේ එළවළු මිලදී ගැනීමට පැමිණෙන වෙළෙන්දන් අද අලුයම විශාල වශයෙන් අඩුවීම යාපනය අර්ධද්වීපයෙන් විශාල වශයෙන් එළවළු තොග දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට මෙදින ලැබීම බව ද ඔවුහු පවසති. පසුගිය සතියේ සෑම එළවළුවක්ම කිලෝ එකක තොග මිල රුපියල් 200 ඉක්මවා තිබිණි.පසුගිය සතියේ බොන්චි කිලෝවක  තොග මිල රුපියල් 230 ත් 280 ත් අතර ඉහළ අගයක් ගෙන තිබිණි.මෙදින බෝංචි කිලෝවක තොග මිල රුපියල් 100 දක්වා පහත වැටී තිබීම විශේෂත්වයකි.බෝංචි මිල පහත වැටීම නිසා අනෙකුත් සෑම එළවලු කිලෝවකම තොග ගැනුම් මිල පහත වැටෙන බව ආර්ථික මධ්‍යස්ථාන ව්‍යාපාරිකයෝ පෙන්වා දෙති. ජාතික නිදහස් දිනය හෙට(4 දිනට) යෙදී තිබෙන නිසා රටේ දුර බැහැර ප්‍රදේශවල මෙන්ම කොළඹ ප්‍රදේශයේ එළවළු මිලදී ගැනීම සඳහා පැමිණෙන බොහෝ දෙනාගේ අඩුවීම එළවළු මිල තවත් පහළ යෑමට හේතුවක් ව ඇති බව ආර්ථික මධ්‍යස්ථානයට  මෙදින එළවළු රැගෙන ආ ගොවීහු කියති. දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට මේ දිනවල විශාල වශයෙන් රටේ දිස්ත්‍රික්ක  කිහිපයකින්ම "දෙල්" තොග වැඩි වශයෙන් ලැබී තිබිණි .දෙල් ගෙඩියක උපරිම මිල රුපියල් 130 සිට 140 දක්වා ඉහළ අගයක් ගෙන ඇත.ඉකුත් සතියේ රුපියල් පනස් පහක් ,හැටත් අතර ඉහළ අගයකට අලෙවි වූ පිපිඤ්ඤා කිලෝවක් රුපියල් 30 දක්වා පහත වැටී තිබේ. දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට මෙදින යාපනය ප්‍රදේශයෙන්  වම්බටු, මෑකරල්, රතුලූනු, මඤ්ඤොක්කා, නයි මිරිස් ආදී එළවළු වර්ග රැසක් ලැබී තිබුණු බවත්  ඉදිරි දින කිහිපයේදිත් ඇතැම් විට යාපනය අර්ධද්වීපයේ දඹුල්ලට ලැබුණහොත් තොග මිල සාමාන්‍ය අතට පත්වනු ඇති බවත් වෙළෙන්දෝ කියති. ආර්ථික මධ්‍යස්ථානයේ පුරා විශාල හිඟයක්  පැවැති අමු මිරිස් තොග ද මෙදින ආර්ථික මධ්‍යස්ථානයට සැලකිය යුතු ප්‍රමාණයක් ලැබීමත් සමඟ රුපියල් 750 ත් -1000ක් අතර අලෙවි අමු මිරිස් කිලෝව මෙදින රුපියල් 750දක්වා අඩු මුදලකට අලෙවි වීම තවත් කරුණකි.
එළවළු මිල බහී
0
hp_train_7529
 රොමේෂ් මධුෂංඛ පවතින අධික වර්ෂාව හේතුවෙන් උතුරු පළාත තුළ පවුල් 436 කට අයත් පුද්ගලයින් 1508  දෙනෙකු ආපදාවන්ට පත්ව ඇති බවට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සංඛ්‍යා ලේඛන මගින් පෙන්වා දෙයි.මේ අනුව අද (09) වන විට ගංවතුර හේතුවෙන් වැඩිම පිරිසක් ආපදාවන්ට පත්ව ඇත්තේ කිලිනොච්චිය දිස්ත්‍රික්කයේ වන අතර එය පවුල් 228 කට අයත් පුද්ගලයින් 836 දෙනෙකු වෙයි.ඊට අමතරව මුලතිව් දිස්ත්‍රීක්කයේ පවුල් 202 කට අයත් පුද්ගලයින් 647 දෙනෙකු ද වව්නියාවේ පවුල් 5 කට අයත් පුද්ගලයින් 21 දෙනෙකු ද යාපනය දිස්ත්‍රික්කයේ පවුලකට අයත් පුද්ගලයින් සිව් දෙනෙකු ද විපතට පත්ව ඇති බවට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් පෙන්වා දෙයි.ගංවතුර ගැලීම හේතුවෙන් වැඩිම පිරිසක් විපතට පත්ව සිටින කිලිනොච්චිය කරච්චි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් තිරුවියාරු හා ආනන්දපුරම් ප්‍රදේශයන්හි ගංවතුරින් නිවාස 16 ක් යට වී ඇති අතර විපතට පත් 300 ක් පමණ දෙනා වෙනුවෙන් කිලිනොච්චිය ආරක්ෂක සේනා ආඥාපති තුමන්ගේ අධීක්ෂණයන් පරිදි 7 වැනි පාබල රෙජිමේන්තුවෙන් යුද හමුදා සෙබලුන් විසින් වියළි ආහාර සහ වෛද්‍ය පහසුකම් ලබා දීමට පියවර ගෙන ඇත. 
නියඟයෙන් උතුරේ ලක්ෂ තුනහමාරක් පීඩාවට
0
hp_train_7530
බස්නාහිර පළාතේ සහ කෑගල්ල දිස්ත්‍රික්කයේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන අතර වයඹ සහ දකුණු පළාත්වලවත් රත්නපුර දිස්ත්‍රික්කයෙත් වැසි වාර කීපයක් ඇති වේ. සවස 04.00 න් පමණ පසු මධ්‍යම, ඌව සහ නැගෙනහිර පළාත්වල ස්ථාන ස්වල්පයක ගිගුරුම් සහිත වැසි වර්ධනය විය හැක. පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා මුහුදු ප්‍රදේශවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බවත් සවස 2 න් පසු ශ්‍රි ලංකාව වටා සෙසු මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.   පුත්තලම සිට මන්නාරම සහ කන්කසන්තුරය හරහා ත්‍රිකුණාමලය දක්වා වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල සුළං වේගය විටෙක පැයට කිලෝ මීටර් 60 පමණ දක්වා ඉහළ යා හැකි බැවින් එම මුහුදු ප්‍රදේශ විටින් විට රළු වේ.  
‘මන්නාරම් මුහුද රළු වෙයි‘
0
hp_train_7531
(*** අංජුල මහීක වීරරත්න සහ *** මොරටුව රේඛා තරංගනී ​ෆොන්සේකා)‘‘පොහොට්ටුව ඇතුළු එක්සත් ජාතික පක්‍ෂයට විරුද්ධ කණ්ඩායම් සමග කිසි විටෙක එක්ව ආණ්ඩු කරන්නේ නැතැ’’ යි එක්සත් ජාතික පක්‍ෂ නායක සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පෙරේදා (13 වැනිදා) රත්මලානේදී පැවසීය.ආර්ථිකය ඇතුළු රටේ මූලික කරුණු සම්බන්ධයෙන් වන පැහැදිලි ප්‍රතිපත්තියක් තමා සතුව පවතින බව කී රනිල් වික්‍රමසිංහ මහතා, රටේ ප්‍රශ්නවලට විසඳුම් දෙමින් රට ගොඩනැගීමට හැකි එකම පක්‍ෂය වන්නේ එක්සත් ජාතික පක්‍ෂය බවද සඳහන් කළේය.එක්සත් ජාතික පක්‍ෂය රත්මලාන බල මණ්ඩල රැස්වීම අමතමින් රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේය.එක්සත් ජාතික පක්‍ෂ රත්මලාන සංවිධායක රුවන් ලියනගුණවර්ධන මහතා සංවිධාන කළ මෙම රැස්වීමේදී රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද පැවසීය.‘‘වෙනදා නම් මහ මැතිවරණ ප්‍රචාරක රැස්වීම් විශාල සෙනඟක් සහිතව අප පවත්වනවා. එහෙත් කොරෝනා වසංගතය නිසා අද සුළු පිරිසකට සීමා වී රැස්වීම පවත්වන්න සිදුවී තිබෙනවා.කොරෝනා වසංගතය සමඟ රට අගුළු දමන්න සිදුවුණා. ඒ ගැන අපටත් ප්‍රශ්නයක් තිබුණේ නැහැ. අපත් සිටියේ ඒ ස්ථාවරයේයි. ඒ අතරතුර වසංගතයට සාර්ථකව මුහුණදීම සඳහා සූදානම් විය යුතුව තිබුණා. එහෙත් ආණ්ඩුව එවැනි දෙයක් කළේ නැහැ. ආණ්ඩුව කළේ ලකුණු දා ගැනීම සඳහා දේශපාලනය කිරීමයි. ලකුණු ලැබුණා දැයි කියා නම් දන්නේ නැහැ. මොනව වුණත් නැවත කොරෝනා අර්බුදය නම් පැමිණ තිබෙනවා.ලෝකයේ සෑම රටකටම කොරෝනා දෙවැනි රැල්ලක් පැමිණියා. අපට විශේෂ බලයක් තිබෙන බවත්, ඒ නිසා දෙවැනි රැල්ලක් නොඑන බවත් ආණ්ඩුව සිතුවා. එක්කෙනෙකු- දෙන්නකු නොව පනහක්- සීයක් පමණ රෝගීන් දැන් හමු වෙන්න පටන් ගෙන තිබෙනවා.පොහොට්ටුවේ පාලනය කොතරම් අසාර්ථකදැයි මෙයින් තේරුම් ගන්න හැකියාව තිබෙනවා.මාස නවයක් ඔවුන් රට පාලනය කළා. අවසන් ප්‍රතිඵලය කුමක්ද? රටේ ආර්ථිකය මෙන්ම ගෙදර ආර්ථිකයත් සම්පූර්ණයෙන්ම බිඳ වැටිලා. අනාගතය පිළිබඳ විශාල ප්‍රශ්නයක් ඇති වී තිබෙනවා. ජනතාව අතේ මුදල් නැහැ. ඒ නිසා ජීවත් වෙන්න අසීරුයි. පෞද්ගලික අංශයේ හෝ රජයේ හෝ රැකියාව කළද ස්වයං රැකියාවක් කළත් ජනතාවගේ අනාගතය අද අවිනිශ්චිතයි. අද රට මෙන්ම ජනතාවත් බංකොළොත් තත්ත්වයට පත් වෙලා.එක්සත් ජාතික පක්‍ෂය මෙම මහ මැතිවරණයට ඉදිරිපත් වන්නේ අපට බලය ගැනීම සඳහායි. අප නිකරුණේ තරග කරන්නේ නැහැ. අපේ අරමුණ ආණ්ඩුවක් හැදීමයි. 1947 වසරේ සිට අප තරග කළේ ආණ්ඩු හැදීම සඳහායි.අප කිසි විටෙක වෙනත් අයට ආණ්ඩු හැදීමට උදව් කරන්නේ නැහැ. අපට එසේ කරන්න අවශ්‍යතාවකුත් නැහැ. පොහොට්ටුව මෙන්ම එක්සත් ජාතික පක්‍ෂයෙන් කැඩී ගිය අයත් යූ.එන්.පී. විරෝධීන් බව කිව යුතුයි. මෙරට ඉතිහාසයේ තිබෙන්නේ කෙසේද? යූ.එන්.පී. විරෝධී පක්‍ෂ අවසානයේදී එකතු වුණා.1956-1960 වසරවලදී එලෙස එකතු වුණා. 1965 වසරේදී එකතු වී පරාජයට පත් වුණා. දැන් නැවතත් යූ.එන්.පී. විරෝධී පක්‍ෂ එකතුවීමට නියමිතයි. අපට එය ප්‍රශ්නයක් නොවෙයි. අපේ අරමුණ වන්නේ අපේම ආණ්ඩුවක් හදා ගැනීමයි. අනෙක් අයට ආණ්ඩු හදන්නට උදව් කරන්න අවශ්‍ය නැහැ.රට ගොඩනැගිය හැක්කේ එක්සත් ජාතික පක්‍ෂයට පමණයි. අප රට ගොඩනගන ආකාරය සඳහන් සම්පූර්ණ ප්‍රකාශයක් තිබෙනවා. එය හොඳින් අධ්‍යයනය කරන්න. එය කියවා අපගෙන් ප්‍රශ්න කරන්න.පොහොට්ටු ආණ්ඩුවට කිසිම දැක්මක් නැහැ. ඔවුන්ට ඇත්තේ විවේචනය කිරීමේ හැකියාව පමණයි. ආණ්ඩු බලයට තරග කරන්නේ පොහොට්ටුව සහ එක්සත් ජාතික පක්‍ෂයයි. පොහොට්ටුව කියන්නේ කුමක්ද?මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති ධුරයට පත් වී ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය සමඟ එක්ව ආණ්ඩුව හදන්න උත්සාහ කරද්දී යූ.එන්.පී. විරෝධීන් ලෙස පිට වූයේ පොහොට්ටු කණ්ඩායමයි. ඒ අනුව අප යූ.එන්.පී. විරුද්ධ බලවේගය සමග එකතු වන්නේ කෙසේද?ඔවුන් 2015 වසරෙත් අප සමඟ වැඩ කරන්නට සූදානම් වූයේ නැහැ. වෙනම යන්නට වුවමනා බව කිව්වා. වෙනම ගිහින් දැන් ඔවුන්ගේ හැකියාව පෙන්වා තිබෙනවාද? මෙවැනි අදක්ෂයන් පිරිසකට නැවතත් රටේ පාලන බලය දෙන්නට බැහැ. ඒ පාලන බලය ගත යුත්තේ එක්සත් ජාතික පක්‍ෂයයි.තරග කරන සෙසු පක්‍ෂ ආණ්ඩු බලය දෙන්නැයි ඉල්ලන්නේ නැහැ. සමහරුන් විපක්‍ෂයේ බලය ගන්නට උත්සාහ කරනවා. අපේ අරමුණ විපක්‍ෂයේ බලය ගැනීම නොව ආණ්ඩු බලය ගැනීමයි.සමහරුන් සිරිකොත අල්ලාගන්න උත්සාහ කරනවා. අපේ අරමුණ අරලියගහ මන්දිරයට ගොස් නැවත සංවර්ධන යුගය ඇරඹීමයි. අප එහි යන්නේ ජනතාවට අනාගතයක් උදා කිරීමටයි.එවැනි දේශපාලකයන්ට කියන්නේ ගෑස් සිලින්ඩර් දේශපාලනය යනුවෙනුයි. අපට එවැනි දේශපාලනයකුත් අවශ්‍ය නැහැ.අපට ජාතික ආණ්ඩු අවශ්‍ය නැති බව තරුණ පරපුර පැවසුවා. ආණ්ඩු පක්‍ෂය මෙන්ම විරුද්ධ පක්‍ෂයක් ද තිබිය යුතු බව ඔවුන්ගේ අදහසයි.ඇමෙරිකාව, මහා බ්‍රිතාන්‍ය මෙන් දේශපාලන පක්‍ෂ සඳහා දිගු කාලීන මෙන්ම මධ්‍යකාලීන ප්‍රතිපත්ති මාලාවක් තිබේ නම් කැමැති බව තරුණ පරපුර අප සමඟ පැවසුවා. ඇමෙරිකාවේ හෝ මහා බ්‍රිතාන්‍යයේ හෝ කවුරුන් ජනපති වුවද තිබෙන ප්‍රතිපත්ති රාමුව වෙනස් වන්නේ නැහැ. ඔවුන් දේශපාලනය කරන්නේ ප්‍රතිපත්ති රාමුව තුළයි. අපත් ඒ තත්ත්වයට යාමට කැමතියි. තරුණ ඔබේ අනාගතය තහවුරු වන්නේ එවිටයි.පසුගිය ජනාධිපතිවරණයේදී තරුණ - තරුණියන් අපට විරුද්ධව ඡන්දය පාවිච්චි කළා. ඔවුන් වෙනසක් අපේක්‍ෂා කළත් ඒ වෙනස සිදුවී නැති බව දැන් තරුණ - තරුණියන් කියනවා. තරුණ - තරුණියන්ගේ ඡන්ද ගැනීමටත් අප වැඩ කළ යුතුයි.ජනාධිපතිවරණයේදී තරුණයන්ගේ තිබුණ බලාපොරොත්තු අප දන්නවා. දේශපාලන අරමුණුවලින් තොරව රට ගෙන යාම ඔවුනගේ අරමුණ වුණා. අප මූලික ප්‍රතිපත්ති පිළිබඳව එකඟතාවකට පැමිණිය යුතුයි. වසර පහෙන් - පහට ප්‍රතිපත්ති වෙනස් කරන්න බැහැ. ආර්ථිකය, අධ්‍යාපනය ආදී මූලික කරුණු සම්බන්ධයෙන් එක් ප්‍රතිපත්තියක් පැවතිය යුතුයි.ඒ විපර්යාසය කිරීමට මා උත්සාහ කරනවා. අපහාස දේශපාලනය, චරිත ඝාතනය අවශ්‍ය නොවන බව කියන්නේ එ්කයි. එයින් ඡන්ද ලැබෙනවා නම් වැඩිපුරම එවැනි දේ කිරීමට හැකියාව ඇත්තේ මටයි.අප නව දේශපාලන ක්‍රමවේදය බිහි කළ යුතුයි. අලුතින් සිතා කාලය සමඟ වෙනස් විය යුතුයි. එමෙන්ම අලුතින් සිතා රටේ ප්‍රශ්නවලට විසඳුම් දීමට අපට හැකියාව තිබෙනවා. ඒ හැකියාව තිබෙන එකම පක්‍ෂය වන්නේ එක්සත් ජාතික පක්‍ෂය බව’’ ද රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.ජන රැලිය සඳහා එක්සත් ජාතික පක්‍ෂ උපනායක රවී කරුණානායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දයා ගමගේ යන මහත්වරුන් ප්‍රමුඛ පිරිසක් ද සහභාගි වූහ. 
එජාපය කාටවත් මුක්කු ගහන්නේ නෑ
1
hp_train_7532
උතුරු සහ දකුණු අර්ධගෝලයන්ගෙන් පැමිණෙන සුළං හමුවන  අඩු පීඩන කලාපය ශ්‍රී ලංකාවේ කාලගුණ තත්වයට බලපෑම් කරමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. දිවයිනේ බොහෝ ප්‍රදේශවල විශේෂයෙන් දහවල් 12.00 න් පසුව ගිගුරුම් සහිත වැසි ඇති වේ.ඇතැම් ස්ථාන වලට මිලිමීටර්. 100 පමණ තද වැසි ද ඇති විය හැකියි.සමහර ස්ථාන වලට උදය කාලයේදීද වැසි ඇති වේ.ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශ වල තාවකාලිකව තද සුළං ඇති විය හැකියි. ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය                                                      දිනය : 14/10/2015    නගරයඋෂ්ණත්වය (සෙ. අංශක)සාපේක්ෂ ආර්ද්‍රතාවය (%) කාලගුණයඋපරිමඅවමඋපරිමඅවමඅනුරාධපුරය34259060දහවල්1 2.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.මඩකලපුව32258570දහවල්1 2.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.කොළඹ31259570දහවල්1 2.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.ගාල්ල30259080දහවල්1 2.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.යාපනය32278570දහවල්1 2.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.මහනුවර30219560දහවල්1 2.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.නුවරඑළිය20129575දහවල්1 2.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.රත්නපුරය32249565දහවල්1 2.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.ත්‍රීකුණාමළය33259570දහවල්1 2.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.මන්නාරම31269580දහවල්1 2.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි. 
‘වැස්ස වැඩිවන හැඩ‘
1
hp_train_7533
ප්‍රතිපත්ති පොළී අනුපාත නොවෙනස්ව පවත්වා ගන්නා බව ශ්‍රී ලංකා මහ බැංකුව අද (05) නිවේදනය කළේය.ඊයේ (4) පැවැති ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩල රැස්වීමේදී එම තීරණය ගත් බව ද ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළේය.ඒ අනුව ශ්‍රී ලංකා මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය සියයට 6.50 අගයේත් නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය සියයට 7.50ත් දැනට පවතින මට්ටමේ නොවෙනස්ව පවත්වාගෙන යමින් සිය ලිහිල් මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය අඛණ්ඩව පවත්වාගෙන යන බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළේය.දැනට පවතින සහ අපේක්ෂිත දේශීය ආර්ථිකයේ, මූල්‍ය වෙළෙඳපොළේ මෙන්ම ගෝලීය ආර්ථිකයේ ප්‍රවණතා සැලකිල්ලට ගනිමින් මුදල් මණ්ඩලය එම තීරණය ගත් බව ද ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කළේය.මුදල් මණ්ඩලයේ මෙම තීරණය උද්ධමනය සියයට 4ත් 6ත් අතර පරාසය තුළ පවත්වා ගැනීමේ අරමුණ සමඟ අනුකූල වන අතර මැදිකාලීන ආර්ථිකයට සිය විභව වර්ධන මට්ටමට ළඟාවීමට සහාය වනු ඇතැයි ද ශ්‍රී ලංකා මහ බැංකුව වැඩිදුරටත් සඳහන් කළේය.055
ප්‍රතිපත්ති පොළී අනුපාතිකය මේ මට්ටමේ පවත්වා ගැනීමට තීරණයක්
0
hp_train_7534
(රංජිත් රාජපක්ෂ)තේ දලු නෙළමින් සිටි වතු කම්කරුවන් පිරිසකට අද(01) බඹරු ඇනීමෙන් කම්කරු කාන්තාවන් පස්දෙනෙකු තුවාල ලබා බගවන්තලාව ප්‍රාදේශීය රෝහල වෙත ඇතුළත් කර ඇති බව බගවන්තලාව පොලිසිය පවසයි.බගවන්තලාව පොලිස් වසමට අයත් බගවන්තලාව වත්තේ ඉහළ කොටස් තේ දලු නෙලමින් සිටි වතු කම්කරුවන් පිරිසකට තේ පඳුර මත බැඳ තිබූ බඹර කූඩුවක් ඇවිස්සී බඹරු ඇන ඇති බව බගවන්තලාව පොලිසිය කියයි.පසුගිය දිනවල මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට ඇදහැලුණු අධික වර්ෂාවත් සමඟ තේ වතු ආශ්‍රිත ගස්වල සහ තේ පඳුරු මත බඹරුන් විශාල වශයෙන් කූඩු බැඳ තිබූ බව රෝහල් ගතකර සිටින වතු කම්කරු කාන්තාවෝ පවසති. 
බඹරු ඇනීමෙන් වතු කාන්තාවන් 7ක් රෝහලේ
0
hp_train_7535
(රංජිත් රාජපක්‍ෂ)වතුකම්කරුවන්ගේ වැටුප් සහ නිවාස ප‍්‍රශ්නයට මෙතෙක් කිසිදු රජයකින් විසදුම් ලැබී නොමැති බව වතුකම්කරු මධ්‍යස්ථානය පවසයි. මෙරට තේ කර්මාන්තයේ වසර දෙසීයකට ආසන්න කාලයක් ශ‍්‍රමදායකත්වය සපයන වතුකම්කරුවන්ගේ නිවාස ප‍්‍රශ්නය සහ වැටුප් වැඩි කිරිම සම්බන්ධයෙන් මෙතෙක් පැවති කිසිදු රජයක් විසදුම් ලබා දි නොමැති බව එහි සංවිධායක ලේකම් වසන්ත කුමාර අබේකෝන් මහතා අවධාරණය කරයි.හැටන් සි.ඩබ්ලිව්.එෆ් ශාලාවේදී අද (29) පැවති මාධ්‍ය හමුවකදි ඒ මහතා මේ බව කීය. “මේ රටේ වතු පේලි නිවාස දෙලක්‍ෂ හතලිස්දහසක් තියෙනවා.ඒවා නිසි ප‍්‍රතිමිතියකින් තොර නිසා වතුකම්කරුවන් දැඩි ලෙස පිඩාවට පත්ව සිටිනවා.මෙවර අයවැයෙන් වතුකම්කරුවන්ගේ නිවාස වෙනුවෙන් වෙන්කර ඇති මුදල නිවාස ප‍්‍රශ්නය විසදිමට තරම් ප‍්‍රමාණවත් නෑ.වතුකම්කරුවන්ගේ වැටුප් වැඩි කිරිම සම්බන්ධයෙන් සාමුහික ගිවිසුමක් තියෙනවා.එම ගිවිසුම අනුව වැඩි කළ වැටුප් වතුකම්කරුවන්ට ලැබෙන්නේ නෑ.මේ රටේ ආර්ථිකයට තුන්වැනියාට විශාල දායකත්වයක් සපයන වතුකම්කරුවන්ගේ වර්තමාන දෛනික වැටුප රුපියල් 520යි.ඒ වැටුප කිසිසේත්ම ප‍්‍රමාණවත් නෑ. මෙවර අයවැයෙන් වතුකම්කරුවන්ගේ වැටුප් වැඩි කිරිමට කටයුතු කළ යුතුයි“යැයි ඒ මහතා ප්‍රකාශ කරයි.
‘වතුකම්කරුවන්ගේ ප්‍රශ්නවලට විසඳුම් නෑ‘
1
hp_train_7536
(අංජුල මහික වීරරත්න සහ අතුරුගිරිය ගුණවතී ඉලංගකෝන් මැණිකේ)කාන්තාවගේ ආර්ථික මෙන්ම දේශපාලන බලය ද ශක්තිමත් කිරීමට ජාතික රජය පියවර ගත් බව අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා මාලබේ දී පැවැසීය.”ශ්‍රී ලංකා ආර්ථිකයේ මුල් පුරුක වන කාන්තාව ආර්ථික ව්‍යුහයේ ඉහළටම ඔසවා තැබීම ජාතික රජයේ අරමුණ බව කී අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා ඉදිරි මැතිවරණවලදී කාන්තා නියෝජනය සියයට 25ක් කර කාන්තාව දේශපාලන වශයෙන් ද බලවත් කරන්නේ යයි” ප‍්‍රකාශ කළේය.සුජීව සේනසිංහ පදනම සංවිධාන කළ ‘දිරිය කතුන්’ කාන්තා බල ගැන්වීමේ ජාතික වැඩසටහනේ ප‍්‍රධාන ආරාධිත ලෙස සහභාගී වෙමින් අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා මේ බව  පැවැසීය.කාන්තාවන් සඳහා ස්වයං රැකියා පුහුණු වැඩසටහන්, ස්වයං රැකියා සඳහා අවශ්‍ය උපකරණ සහ ණය ආධාර දීම වැඩසටහන යටතේ සිදු කෙරෙයි.කඩුවෙල ප‍්‍රාදේශීය ලේකම් කාර්යාල ශ‍්‍රවණාගාරයේදී වැඩසටහන පැවැත්විණි.එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා මෙසේද කීය.”සුජීව සේනසිංහ ඇමැතිතුමාගේ කඩුවෙල ආසනයේ කාන්තා සංවිධානය අලූත් වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා. සුජීව සේනසිංහ ඇමැතිතුමා රාජ්‍ය ඇමැති ධුරය බාර ගෙන මලික් සමරවික‍්‍රම ඇමැතිතුමා සමඟ එක් වී විශාල වැඩ කොටසක් කරමින් සිටිනවා.එතුමාගේ ප‍්‍රධානත්වයෙන් තායිලන්තයේ ප‍්‍රධාන සමාගමක් සමඟ එක්ව කළුතර ප‍්‍රදේශයේ අක්කර 400ක් පුරා පැතිරුණු විශාල කර්මාන්ත කලාපයක් ආරම්භ කිරීමට කටයුතු සූදානම් කර තිබෙනවා.ඉන් පසුව අවිස්සාවේල්ල ප‍්‍රදේශයේත් එවැනිම විශාල කර්මාන්ත කලාපයක් ඇති කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ අනුව කළුතර, අවිස්සාවේල්ල සහ වැලිගම ප‍්‍රදේශයන්හි ආරම්භ කෙරෙන කර්මාන්ත කලාපවලට අමතරව හම්බන්තොට තවත් කර්මාන්ත කලාප කිහිපයක්ම ආරම්භ කිරීමට නියමිතයි. ආයෝජකයන් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම ඇතුළු විශාල වැඩ කොටසක් සුජීව සේනසිංහ ඇමැතිතුමා යටතේ ක‍්‍රියාත්මක වෙනවා.සියල්ල කෙරෙන අතරතුර රටේ අපනයන වැඩි කිරීම ද කළ යුතුයි. රටේ අපනයනයට වඩා ආනයනයට වැඩි වී තිබෙනවා. මේ හේතුවෙන් ණය වීමට වෙනවා. ණය ගෙවීමට යාමේදී තවත් ගැටලූ ඇති වෙනවා. සියලූ දේ සඳහා ආර්ථික සංවර්ධන උපායමාර්ග අමාත්‍යාංශය යටතේ එතුමා ගෙන යන වැඩපිළිවෙළ අගය කළ යුතුයි.ඒ වගේම පාර්ලිමේන්තුව තුළත්, රූපවාහිනියේ සියලූ සාකච්ඡා සඳහාත් ඉදිරිපත් වන ඉංග‍්‍රීසි භාෂාවෙන් කියනවා නම් ”front line of politices” ලෙස සුජීව සේනසිංහ ඇමැතිතුමා ඇතුළු තරුණ මන්ත‍්‍රීවරුන් අපේ පක්ෂය වෙනුවෙන් කටයුතු කරමින් සිටිනවා. ඒ වගේම එතුමාගේ ප‍්‍රධානත්වයෙන් කරන මේ වැඩසටහනත් අගැයීමට ලක්විය යුතුයි.මේ වැඩපිළිවෙළ මඟින් කාන්තාවන් සියලූ දෙනාටම රෙදි මහන මැෂින් දෙන අතර එමඟින් කාන්තාවන්ට අලූත් ව්‍යාපාර ආරම්භ කිරීමේ හැකියාව ලැබෙනවා. අද මෙහි සිටින්නේ වැඩසටහන යටතේ ප‍්‍රතිලාභ ලබන පළමු කණ්ඩායම පමණයි. කාන්තා සංසදය තුළ සිටින මීටත් වඩා අති විශාල සංඛ්‍යාවකට මේ වැඩසටහන යටතේ ඉදිරියේදීත් රෙදි මහන මැෂින් දෙනවා.ඇඟලූම් කර්මාන්තය ඉතා හොඳ ව්‍යාපාරයක් වනවා. වර්තමානය වනවිට විවිධ මාදිලියේ ඇඳුම් - පැළඳුම් සඳහා විශාල ඉල්ලූමක් පවතිනවා. අද බොහෝ තරුණ තරුණියන් වැඩි කැමැත්තක් දක්වන්නේ වෙළෙඳපොළෙන් ඇඳුම් පැළඳුම් මිලදී ගන්නවාට වඩා තමන් වෙනුවෙන්ම නිර්මාණය කරන ඇඳුම් පැළඳුම් භාවිතා කිරීමටයි.මේ ප‍්‍රවණතාව ලෝකයේ සෑම රටකම දැකිය හැකියි. ඒ නිසා ලෝකයේ කොතරම් විශාල ඇඟලූම් නිෂ්පාදන ආයතනය තිබුණත් බොහෝ දෙනා වැඩි කැමැත්තක් දක්වන්නේ තමන් වෙනුවෙන්ම නිර්මාණය කර ගත් හෝ තමන් විසින්ම නිර්මාණය කර ගත් හෝ ඇඳුම් පැළඳුම්වලටයි.මේ ආකාරයට මහා පරිමාණ සහ සුළු පරිමාණ වෙළෙඳපොළ දෙකටම ඇතුළත් වීමේ අවස්ථාව ජනතාවට දිය යුතුයි. මෙවැනි වෙළෙඳපොළ ගණනාවක් ලෝකයේ දැකිය හැකියි. ඇමෙරිකාවේ සිට ශ්‍රී ලංකාව දක්වා සුපිරි වෙළෙඳසල් කොතරම් තිබුණත් ඇතැමුන් වැඩි කැමැත්ත දක්වන්නේ පොළට ගොස් තමන්ට අවශ්‍ය බඩු මිලදී ගැනීමටයි. අද පවතින ආර්ථිකය තුළ මේ කණ්ඩායම් දෙකම දැකිය හැකියි.අද ක‍්‍රියාත්මක වන මේ වැඩසටහන හරහා කාන්තාවන්ට විශාල සහනයක් ලැබෙනවා. මහන මැෂින් ගෙන සුළු ව්‍යාපාරයක් ආරම්භ කිරීම සඳහා ණය දීමේ වැඩසටහන ද මේ යටතේම ක‍්‍රියාත්මක වෙනවා. ඒ සඳහා සිංගර් සමාගමත්, හැටන් නැෂනල් බැංකුවත් එකට එකතු වෙලා. සියල්ල දෙන්නේ ස්වයං රැකියා ආරම්භ කරන ඔබ සඳහායි.තවත් වසර පහකින් මේ ස්ථානයට මා පැමිණෙන විට මේ පිරිසෙන් ස්වයං රැකියා කරන්නන් ඉතිරිව නැති බව මට පෙනේවි. ඊට හේතුව ඒ වනවිට ඔවුන් කුඩා ව්‍යාපාරිකයන් බවට පත් වන නිසයි. කොටසක් ස්වයං රැකියා කරන විට තවත් කොටසක් කුඩා ව්‍යාපාරිකයන් බවට පත්වී ඔවුන් යටතේ සේවකයන් කිහිප දෙනකු සේවය කිරීම දක්වා දියුණුව ගත හැකියි.තවත් අවුරුදු පහකින් පමණ මෙහි පැමිණියහොත් ඒ සියලූම දෙනා ළඟ පරිගණක යන්ත‍්‍ර ද  තිබෙන්න පුළුවනි. මොකද නවීන ක‍්‍රමයට එය අත්‍යවශ්‍ය වන නිසයි.ඇතැමුන් ඒ වනවිට තමන්ගේ ජංගම දුරකතනයෙන් තමන්ට අවශ්‍ය මෝස්තරය ඍජුවම මහන මැෂිම දක්වාම සම්බන්ධ කිරීම දක්වා දියුණු වීමට හැකියි. ඉන් තවත් අවුරුදු 10ක් ගතවන විට කුමක් සිදුවේදැයි මට කිව නොහැකියි. කෙසේ හෝ කුඩා ව්‍යාපාරිකයන් සහ ස්වයං රැකියා කරන්නන් යන කාණ්ඩ දෙකම අපට අවශ්‍ය වනවා.ඉදිරියේදී ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයන් ප‍්‍රමාණය වැඩි කිරීමට අවශ්‍ය කටයුතු අප කරනවා. මේ වනවිට ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයන් ප‍්‍රමාණය වසරකට ලක්ෂ 20ක් පමණ වනවා. අපේ අරමුණ එය ලක්ෂ 50 දක්වා වර්ධනය කිරීමයි. ඒ හරහා බලාපොරොත්තු වන්නේ විශාල අලෙවියක් ඇති කරමින් රටේ ආර්ථිකය ඉදිරියට ගෙන යාමයි. සියල්ල තුළින් උත්සාහ කරන්නේ රටේ ශක්තිමත් ආර්ථිකයක් ගොඩනැගීමයි.මහා සංඝරත්නය ප‍්‍රකාශ කළ ආකාරයට එදා රට ණය බරට හසු වී තිබුණා. ණය ප‍්‍රමාණය නිසා අපේ ආණ්ඩුව එක් වසරක් හෝ පවතින්නේ නැති බව ඇතැමුන් එදා පැවසුවා. මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා සමඟ ජාතික ආණ්ඩුව නිර්මාණය කළේ රටේ ශක්තිමත් ආර්ථිකයක් ගොඩනැගීමේ පරමාර්ථය ඇතිවයි. මේ වනවිට අප ක‍්‍රම ක‍්‍රමයෙන් ආර්ථිකය ගොඩනගමින් සිටිනවා.2015-2016 කාලවලදී ජනතාවට ප‍්‍රශ්න කිහිපයකට මුහුණ දීමට සිදුව තිබුණා. නමුත් 2017 වසරේ මේ වනවිට ජනතාව අතේ මුදල් ගැවසීමට පටන් ගත්තා. එළැඹෙන අලූත් අවුරුද්ද වනවිට මේ තත්ත්වය තවත් වර්ධනය කරගත යුතුයි.රටේ වැඩිම අලෙවියක් වාර්තා වන්නේ නත්තල් කාලයේ සහ සිංහල අලූත් අවුරුදු කාලයේයි. ඒ අලෙවිය තවදුරටත් වැඩි කරමින් ශක්තිමත් ආර්ථිකයක් ඇති කරන්නේ කෙසේද?සුජීව සේනසිංහ ඇමැතිතුමා පැවසූ ආකාරයට විදේශ ආයෝජකයන් විශාල සංඛ්‍යාවක් රටට ගෙන්වා ගැනීමට බලාපොරොත්තු වෙනවා. ඒ අතරතුර දේශීය ආයෝජකයන්ට සහන සලසා ඔවුන් දිරි ගැන්වීමට කටයුතු කරනවා. ඒ වගේම කුඩා ව්‍යාපාරිකයන් ශක්තිමත් කරනවා.රටේ ආර්ථිකය ශක්තිමත් වීමට අනුකූලව රැකියා අවස්ථා ඇති වෙනවා. මේ වනවිට රටේ රැකියා අවස්ථා බොහොමයක් නිර්මාණය වෙලා. එවිට ජනතාවගේ ආදායම ඉහළ යනවා. ජනතාවගේ පසුම්බියේ තිබෙන මුදල් ප‍්‍රමාණය වැඩි වූ විට සුපිරි වෙළෙඳසලට, වෙළෙඳසලට හෝ පොළට හෝ පැමිණ බඩු භාණ්ඩ මිලදී ගැනීමේ හැකියාව ලැබෙනවා.අප ක‍්‍රියා කරන්නේ ඒ ආර්ථික දියුණුව ඇති කිරීමටයි. ආර්ථිකය දියුණු වූ විට ආගමික සිද්ධස්ථාන සඳහා මීටත් වඩා ආධාර උපකාර දීමට හැකියි.පැවැති රජය ආදායම් උපයා ගත්තේ ඉන්ධන මිල ඉහළ දැමීම මඟිනුය. නමුත් අප ඒ පිළිවෙත අනුගමනය කළේ නැහැ. ලෝක වෙළෙඳපොළේ පවතින ඉන්ධන මිලට අනුව අපේ තෙල් මිල පාලනය කළා. ඉන්ධන මඟින් අපට අධික ලාභයක් හෝ අලාභයක් හෝ අවශ්‍ය නැහැ. ඉන්ධන මිල තීරණය කිරීමේ ක‍්‍රමවේදය ඔස්සේ අප ජනතාවට සහනය දුන්නා.ඒ වගේම රජයේ සේවකයන්ගේ වැටුප රුපියල් 10,000කින් වැඩි කළා. ගැබිනි මවුවරුන් සඳහා රුපියල් 20,000 බැගින් දීම අප ආරම්භ කළා. ඒ අනුව ඉදිරි වසර තුන අපේ සංවර්ධන යුගය ලෙස වැඩ කරනවා.ඒ පිළිබඳව සඳුදා (04) ජනාධිපතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් රටට හෙළි කෙරෙනවා. ආර්ථික වැඩසටහනේ අපේ අවධානය යොමු වූ විශේෂ කණ්ඩායමක් සිටිනවා. ඒ කාන්තාවනුයි.වැවිලි කර්මාන්තයේත්, ඇඟලූම් කර්මාන්තයේත්, රාජ්‍ය සේවයේත් අංශ ගණනාවක් සිටින්නේ කාන්තාවනුයි. මැදපෙරදිග රැකියා ක්ෂේත‍්‍රයේ වැඩි ප‍්‍රමාණයක් කාන්තාවන් ඉන්නවා. ඒ අනුව රටේ ආර්ථිකය වැඩි වශයෙන් බලාත්මක කරන්නේ කාන්තාවන් විසිනුයි. කාන්තාවන් හැමදාම රටේ ආර්ථික ව්‍යුහයේ යටිපෙළෙහි පමණක් සිටිය යුතු නැහැ. ඔවුන් එතැනින් ඉහළට පැමිණිය යුතුයි. දෙපාර්තමේන්තු ප‍්‍රධානීන්, ලේකම්වරුන් දක්වා පැමිණිය යුතුයි.මේ කටයුතු ක‍්‍රම ක‍්‍රමයෙන් ආණ්ඩුව විසින් කරමින් සිටිනවා. පුද්ගලික අංශයේ අධ්‍යක්ෂ, කළමනාකාර ධුරවලට කාන්තාවන් පත්විය යුතුයි. අපේ රටේ ඒ ප‍්‍රවණතාවේ අඩුවක් තිබෙනවා.නීති සහ වෛද්‍ය වෘත්තියෙහි කාන්තාවන්ගේ නියෝජනය හොඳින් දක්නට ලැබෙනවා. කම්කරු ක්ෂේත‍්‍රයේ කාන්තා නියෝජනය ප‍්‍රතිශතයක් ලෙස 35%ක් වෙනවා. එය 40% දක්වා වැඩි කිරීමට අප බලාපොරොත්තු වෙනවා.ඒ වගේම කාන්තාවගේ ආර්ථික ශක්තිය වැඩි කිරීම පිළිබඳවත් අවධානය යොමු කළ යුතුයි. ඒ අනුව මේ වැඩසටහන හරහාත් කාන්තා ව්‍යාපාරිකයන් බිහිවනු ඇතැයි බලාපොරොත්තු වෙනවා.කාන්තාවගේ ආර්ථික ශක්තිය ඉහළ නංවන අතරම මේ වනවිට අප කාන්තාවන්ගේ දේශපාලන ශක්තිය ඉහළ නැංවීමට කටයුතු කරමින් සිටිනවා. මෙතෙක් කල් මැතිරවණ සඳහා කාන්තා නියෝජනය ඉතා පහළ අගයක් ගෙන තිබුණා.මනාප ක‍්‍රමය සමඟ කාන්තාවන් සහ අලූත් තරුණයන් පවා මැතිවරණවලට තරග කිරීමට අකැමැති වුණා. සුජීව සේනසිංහ ඇමැතිතුමා පැවසූ ආකාරයට, ඇතැම් තරුණ තරුණියන් බලෙන් මැතිවරණවලට ඉදිරිපත් කරවීමට එකල සිදු වුණා.නමුත් දැන් තත්ත්වය වෙනස් වෙලා. කේවල සහ අනුපාත ක‍්‍රමය සම්මිශ‍්‍රණය වූ මැතිවරණ ක‍්‍රමයක් අප ඇති කළා. කේවල ක‍්‍රමය යටතේ මැතිවරණ පවත්වන විට මනාප 25% - 30%ක් ගත්ත ද ඇතැම් අපේක්ෂියන්ට පරාජය විය හැකියි. නමුත් ඔවුන්ට ද අවස්ථාව ලැබිය යුතුයි.පසුගිය වසරේ මෙන්ම ඡුන්ද අපේක්ෂක නාමලේඛන ඉදිරිපත් කර, ඡුන්දය දෙන්නේ කාටදැයි යන ක‍්‍රමය එළැඹෙන මැතිවරණයේ දී ක‍්‍රියාත්මක වන්නේ නැහැ. එය කොට්ඨාසවලට බෙදෙනවා. කොට්ඨාස ක‍්‍රමය අනුව කඩුවෙල ආසනය කොට්ඨාස 28කට බෙදෙනවා. ඒ කොට්ඨාස 28කට අපේක්ෂක අපේක්ෂිකාවන් 28ක් පත් කළ යුතුයි.එවිට ජනතාවට තමන්ගේ ප‍්‍රදේශය වෙනුවෙන් සේවය කිරීමට වඩාත් සුදුසු පුද්ගලයාට මනාපය ප‍්‍රකාශ කරනවා. ඒ ක‍්‍රමය වඩාත් පහසුයි. නුසුදුසු පුද්ගලයන් කවුදැයි ජනතාව හඳුනා ගන්නවා. මැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයාට තම ප‍්‍රදේශය දියුණු කළ හැකි දැයි ජනතාව දන්නවා. ඒ අනුව තමන්ට සුදුසු අපේක්ෂකයා පහසුවෙන් තෝරා පත් කර ගැනීමට ජනතාවට අවස්ථාව ලැබෙනවා.එමෙන්ම මැතිවරණයක් පරාජයට පත් වන පක්ෂවලට හිමි අනුපාත ක‍්‍රමය ද මේ මැතිවරණයට ඇතුළත් වෙනවා. අප තවත් අත්හදා බැලීමක් කරනවා. ඒ 25% කාන්තා නියෝජනය දීමයි. එක් එක් පක්ෂ එය ක‍්‍රියාත්මක කරන්නේ කෙසේදැයි අප අවධානයෙන් සිටිනවා. සෑම පක්ෂයක්ම මෙය කළ යුතුයි.මේ ආකාරයට අප අලූත් ක‍්‍රමවේදක් ඇති කර තිබෙන අතර මැතිවරණයෙන් අනතුරුව අඩුපාඩු තිබෙනවා නම් ඒ ගැනත් බලමු. පළාත් සභා මැතිවරණයේදී කාන්තා නියෝජනය අනිවාර්යෙන් 25% දක්වා වැඩි කිරීමට කටයුතු කරනවා.මේ අත්හදා බැලීමටත්, නව මැතිවරණ ක‍්‍රමය සඳහත් අවශ්‍ය ක‍්‍රියාමාර්ග ගැනීමට කාලය වුවමනා බැවින් පළාත් සභා මැතිවරණය අවුරුද්දකින් කල් දමා තිබෙනවා. මේ අනුව ක‍්‍රියා කළ විට පළාත් සභාව තුළත් කාන්තා නියෝජනය ඉහළ යනවා. ප‍්‍රාදේශීය සභාවෙන් පළාත් සභාවටත්, පළාත් සභාවෙන් පාර්ලිමේන්තුවටත් හොඳ ක‍්‍රියාකාරීන්ට තේරී පත් විය හැකියි.මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා ප‍්‍රමුඛ ජාතික ආණ්ඩුවෙන් කාන්තාවගේ ආර්ථික ශක්තියත්, දේශපාලන ශක්තියත් යන අංශ දෙකම දියුණු කිරීමට බලාපොරොත්තු වෙනවා. එක්සත් ජාතික පක්ෂය විපක්ෂයේ සිටින විට කාන්තා අයිතිවාසිකම් ඉදිරියට ගෙන යාමට කැප වුණා. තවදුරටත් ඒ සම්බන්ධයෙන් යම් යම් සාකච්ඡා කරනවා.උතුරේ කාන්තාවන්ගේ ප‍්‍රශ්න විසඳීමටත්, කාන්තා මූලික පවුල් සඳහා ආධාර ආදිය දීමටත් අප කටයුතු කරනවා. සමස්ත කාන්තාවන්ගේ දේශපාලන සහ ආර්ථික අයිතිය තහවුරු කිරීමට අප කටයුතු කරන බව මා කියන්න කැමැතියි.පක්ෂයක් ලෙස පසුගිය වසර 10 තුළ අප තීරණ ගත්ත ද ඒවා ක‍්‍රියාත්මක කිරීමට අවස්ථාව ලැබුණේ නැහැ. නමුත් ආණ්ඩු බලය ගත් මේ අවස්ථාවේ අප ඒ තීරණ කි‍්‍රයාත්මක කරනවා. කාන්තාවන්ට මෙවැනි නියෝජනයක් දීම පිළිබඳ ඇතැමුන්ට ප‍්‍රශ්න තිබුණා. නමුත් මේ වනවිට රටේ කාන්තා ප‍්‍රතිශතය ජනගහනයෙන් 50% ඉක්මවලා. ඒ නිසා තවත් ඒ පිළිබඳව වාද විවාද කර ඵලක් නැහැ. පාර්ලිමේන්තුව තුළත් 25%ක අවම කාන්තා නියෝජනය ඇති කිරීමට කටයුතු කරනවා. එය නෝර්වේ රාජ්‍යයේ වගේ 50%ක කාන්තා නියෝජනයක් බවට පත්වන්න පුළුවනි. කෙසේ නමුත් ආරම්භයක් ලෙස අප මේ කටයුතු කරනවා. ඉදිරි වසර 10 තුළදී අපට එමඟින් විශාල ප‍්‍රගතියක් ලබා ගත හැකියි” යයි ද රනිල් වික‍්‍රමසිංහ මහතා තවදුරටත් කීවේය.ඉත්තෑපාන ධම්මාලංකාර කෝට්ටේ කල්‍යණි සාමග‍්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහා නාහිමියෝ.”දිරිය කාන්තාව ලක් ඉතිහාසයේ දිගින් - දිගටම දකින්න අසන්න ලැබෙනවා. අගමැතිතුමා නිරන්තරයෙන් කතා කරන්නේ ශක්තිමත් ආර්ථිකයක් ගෙඩනැගීම පිළිබඳවයි.සුජීව ඇමැතිතුමා ඇරැඹූ මේ පියවර ශක්තිමත් ආර්ථිකයක් සහ කාන්තාවක් ගොඩනැගීමේ එක් පියවරක් බව කිව යුතුයි. මේ පළාතේ පමණක් නොව රටපුරා කාන්තාව බලගැන්වීමේ වැඩසටහන් කිරීමට හැකියාව ලැබේවි.ශ්‍රී ලංකාව දියුණු ආර්ථිකයක් ඇති රටක් කිරීමට කාන්තාවන්ට ශක්තිය ලැබේවායි ප‍්‍රාර්ථනා කරනවා.”ජාත්‍යන්තර වෙළඳ රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතා:-”අගමැතිතුමා මට කොන්ද කෙළින් තබාගෙන වැඩ කරන්න ඉගැන්නුවා. නායකතුමා අපට මුල සිට දේශපාලන ගමන ඉගැන්නුවා.මා කිසි දිනෙක පක්ෂ ප‍්‍රතිපත්ති කැඩුවේ නැහැ. ඞීල් දැමුවේ නැහැ. රාජපක්ෂ දුෂණ - වංචා ගැන හෙළි කළා. ඍණ ගණන්වල තිබූ  ආර්ථිකය වසර දෙකක් ඇතුළත ධන ආර්ථිකයක් බවට පත් කිරීමට අගමැතිතුමා සමත්වුණා.අගමැතිතුමාට බොරු ගෞරව අවශ්‍ය වන්නේ නැහැ.  ඕනෑම අවස්ථාවක අගමැතිතුමාට දුරකතනයෙන් කතා කිරීමට අවස්ථාව තිබෙනවා.එක නැවක් නැතිව හම්බන්තොට වරායට කෝටි ගණනින් මුදල් පිච්චුවා. අප ඒ තත්ත්වය නැති කළා. නිෂ්පාදන ආර්ථිකයකට යන්නේ නැතිව ආර්ථිකය දියුණු කරන්නේ කෙසේද?අගමැතිතුමා ලංකාව ආසියාවේ මුල්‍ය කේන්ද්‍රය බවට පත් කිරීමට කටයුතු කළා. පාට පක්ෂ බේද අමතක කරමු. අප සොරකම් කරන්නේ නැහැ.ඇතැම් මාධ්‍යවලින් මඩ ගහනවා. අගමැතිතුමා ඉවසනවා. මට නම් මඩ ගහපු ගමන් අධිකරණයට යනවා. ඉදිරියේදී මමත් අගමැතිතුමාගෙන් ඒ පිළිවෙත ඉදිරියේදී ඉගෙන ගත යුතුයි.තව වසර පහක් ගතවන විට සීඝ‍්‍ර සංවර්ධනයේ ප‍්‍රතිඵල ඔබට දැක ගැනීමට අවස්ථාව ලැබේබි.තව වසර තුනක් යනවිට තායිලන්ත ආර්ථිකයට සම කරන්න හැකිවේවි. පෞද්ගලික ආයතන සමග එක්ව ණය සහන භාණ්ඩ විකිණීමේ පහසුකම් ආදිය දෙනවා. මගේ පෞද්ගලික ව්‍යාපාරවලින් සීයට 30ක් කාන්තා පදනමට පරිත්‍යාග කරනවා.අපෙත් හොරෙකු දෙන්නෙකු ඇති. නමුත් නායකතුමා හෝ අප හෝ හොරකම් කරන්නේ නැහැ. මට බොරු අපහාස කරන අයට එරෙහිව නඩු දමා ඉන් ලැබෙන ආදායමත් කාන්තා පදනමට පරිත්‍යාග කරනවා.එක්සත් ජාතික පක්ෂය යනු පිරිසුදු පක්ෂයයි. අපේ නායකයන් පිරිසුදු දේශපාලකයන් බව කිව යුතුයි. රටේ ආර්ථිකය දියුණු කළ හැකි එකම නායකයා අගමැතිතුමායි.අගමැතිතුමා හොරකමක් කර හසුවුණා යැයි යමෙකු සහතිකයක් දුන්නොත් එවෙලේම මා දේශපාලනයෙන් ඉවත් වෙනවා.”නුගේගොඩ නාලන්දාරාමාධිපති තිනියාවල පාලිත හිමි:”ස්වයං රැකියා සඳහා අත්වැලක් සැපයීම සඳහා මහන මැෂින් දීමේ උත්සවයට ආරාධනා කිරීම ගැන පින් අනුමෝදන් කළ යුතුයි.අද බුදු දහම පවා ආරක්ෂාවී ඇත්තේ කාන්තාව නිසයි. ඇය ඉතා කාර්යශූරයි. ආගමට දහමට ලැදිව කටයුතු කරමින් විශාල කාර්යභාරයක් කරනවා.පිරිමි පක්ෂයට වඩා සියයට සියයකින් හැකියාවක් ඇතිව කාන්තාව කටයුතු කරනවා. සුජීව සේනසිංහ ඇමතිතුමාට ඔක්තෝබරයේදී ඉතා හොඳ ඇමතිධුරයක් ලැබෙන බව මා දන්නවා. එතුමාට ඊටත් වඩා හොඳ ඇමති ධුරයක් ලැබේවායි මා පාර්ථනා කරනවා.”ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය දඹර අමිල හිමියෝ මෙසේ කීහ.”රට ඉල්ලා සිටින කාර්යභාරය සඳහා මේ වැඩසටහන ඉන්ධන සැපයීමක් බව කිව යුතුයි. රටට දැන් අවශ්‍ය කරන්නේ විශාල ආර්ථික පිම්මයි.රජය බාරගෙන වසර දෙකහමාර ගතවුණේ රටේ ශීලාචාරකම්, ජාත්‍යන්තරය දිනාගැනීම් ආදිය ඇතිකර ගැනීමටයි. රටට ඉදිරියට යාමට එය අවශ්‍යයි. අද ලෝකයෙන් ශ්‍රී ලංකාවට අවශ්‍ය පිළිගැනීම ලැබිලා අපට අවශ්‍ය සහය දීමට ලෝකය සූදානමින් සිටිනවා.දැන් අප ඵලදාව නෙළාගන්නා යුගයට පැමිණ සිටිනවා.ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීමේ කාර්යයේදී කාන්තාවට සුවිශේෂ තැනක් හිමි වෙනවා. විදේශ රැකියා ක්ෂේත‍්‍රයේදී ඇය අවමාන විඳිමින් විශාල මෙහෙවරක් කරනවා. ඇඟලූම් කම්හල්වල වැඩිපුර කාර්යක් කරන්නේ කාන්තාවයි. එමෙන්ම තේ දළු නෙළන කාන්තාව ආර්ථිකයට විශේෂ මෙහෙවරක් කරනවා.ලොව දරා සිටීමේ ශක්තිය ඇති එකම සත්වයා කාන්තාවයි. ජනවාරි 8 වැනිදා වෙනස කිරීමේදී සුජීව සේනසිංහ මුල් තැනක් ගත් අයෙකු බව කිව යුතුයි.ලොවක් ඉදිරියට ගත යුත්තේ නිෂ්පාදන කාර්යයෙනුයි. කාන්තාව ඊට හවුල්කර ගැනීමට කරන මෙම වෑයම ප‍්‍රසංශනීය බව කිව යුතුයි.”මෙම අවස්ථාවට මහා සංඝරත්නය ද පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරු ද ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ. 
මීළඟ වසර දහය ඇතුළත දකුණේ ශීඝ්‍ර සංවර්ධන පෙරළියක් කරනවා
0
hp_train_7537
 (එම් .සුසිල් ප්‍රියන්ත)මාසික සභා රැස්වීම නීත්‍යනුකූල නැතැයි කියමින් පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ විරෝධතාව හේතුවෙන් අද (6) උදේ පැවති අම්බලන්ගොඩ නගර සභා මාසික රැස්වීම ආරම්භ කොට විනාඩි 10 කින් පමණ අවසන් කිරීමට සභාපති අරුණ ප්‍රදීප් මහතාට සිදුවිය.මාසික සභා රැස්වීම ආරම්භයේ සිටම පාලක පක්ෂය නියෝජනය කරන සරත් ශ්‍රී ලාල් මහතා සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය,එක්සත් ජාතික පක්ෂය හා ජනතා විමුක්ති පෙරමණ යන ඒකාබද්ධ විපක්ෂයේ සියලුම බහුරත මන්ත්‍රීවරුන් මෙවර රැස්වීම නීත්‍යානුකූලව නැතැයි කියමින් කෑකෝ ගැසීමත් සමගම දැඩි උණුසුම් තත්ත්වයක් ඇතිවුහ.මේ විරෝධතාවයේ යෙදී සිටි සියලුම මන්ත්‍රීවරුන්ට සභාව පවත්වා ගෙන යාමට වාඩිවන ලෙස අවස්ථා කිහිපයකදීම  සභාපති අරුණ ප්‍රදීප් මහතා ඉල්ලීම් කළත් නෑසු කන් ඇති අයමෙන් ඔවුහු අඛණ්ඩව විරෝධතාවයේ යෙදී සිටියහ.මේ සමගම විරෝධතාවයේ යෙදී සිටි ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් හා සුළුතරයක්වූ පාලක පක්ෂයේ මන්ත්‍රීවරුන් අතර දැඩි උණුසුම් කතාබස් ඇතිවූ අතර එක මන්ත්‍රීවරයකු පානීය වතුර බෝතලයකින් තවත් මන්ත්‍රීවරයෙකුට පහරදීමට උත්සහ කළ අයුරු ද දක්නට ලැබිණ. පැවති මේ උණුසුම් තත්ත්වය පාලනය කර ගැනීමට නොහැකිවූ සභාපති අරුණ ප්‍රදීප් මහතා සභා රැස්වීමේ වැඩ කටයුතු අවසන් බව දන්වමින් සභා ගර්ඹයෙන් ඉවත්ව ගියේය.
බණ්ඩාරගම ප්‍රා.ස.නොසන්සුන් වෙයි
0
hp_train_7538
ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ගුවන් යානා බදු ගැනීම සඳහා වන “ප්‍රසම්පාදන දැන්වීම” පිළිබඳව මෙන්ම ගුවන් සමාගමේ වත්මන් ක්‍රියාකාරීත්වයට අදාළව මෑතකදී පළවූ වාර්තා සහ සමාජයේ ඇති වී තිබෙන සංවාද පිළිබඳ අපි සතුටු වෙමු.අදාළ සියලු‍ තොරතුරු මනාව සලකා බැලීමෙන් මෙම සංවාදය වඩාත් ඵලදායී වනු ඇති බව ශ්‍රී ලංකන් ගුවන් සමාගමේත්, එහි අධ්‍යක්ෂ මණ්ඩලයේත් අදහසයි.ඒ අනුව, පහත ප්‍රශ්න සඳහා ලබා දී ඇති පිළිතුරු මගින්, ඉහත කාරණාව වඩා නිවැරදි හා දැනුවත්භාවයකින් යුතුව විශ්ලේෂණය කිරීමට හැකි වෙතැයි ද ශ්‍රී ලංකන් ගුවන් සමාගම විශ්වාස කරයි.ප්‍රශ්නය:- ගෝලීය වෙළෙඳපොළ හරහා ගුවන් යානා ලබාගැනීමට අදාළ විකල්ප තුළ බදු ක්‍රම සොයාබැලීම පිළිබඳ කළමනාකාරිත්ව යෝජනාවේ සහ ඊට අදාළ අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතියේ පදනම කුමක්ද?පිළිතුර:- කළමනාකාරිත්වය විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවේ මූලික අවධානය යොමුව තිබුණේ, දැනට කල් ඉකුත්ව ඇති/කල් ඉකුත්වීමට අත්‍යාසන්න, බදු ක්‍රමයට ලබාගත් ගුවන් යානා දොළහක් (12) ප්‍රතිස්ථාපනය කිරීම කෙරෙහි ය. ඉන් ගුවන් යානා නවයක් (09), 2022/23 වර්ෂයේ අගභාගයේ සිට 2025 වසර අතරතුර කාලයේදී ගුවන් යානා ඇණියෙන් ඉවත් වන අතර, තවත් යානා තුනක් (03) වසංගත කාලසීමාව තුළ ගුවන් යානා ඇණියෙන් ඉවත්ව ගොස් තිබේ.නිසි වේලාවට ගුවන් යානා බදු ක්‍රමයට ලබාගැනීමට අපොහොසත් වුවහොත් ගමනාන්ත රැසක් අත්හැර දැමීමට ගුවන් සමාගමට සිදුවනු ඇති. ගුවන් සේවය වසා දැමීමට හෝ එහි පරිමාණය අඩු කිරීමට කොටස්හිමියා වන ශ්‍රී ලංකා රජය විසින් කිසිදු තීරණයක් ගෙන නොමැති (රාජ්‍ය බැංකු ඇතුළු ණය හිමියන්ට එවැනි ක්‍රියාමාර්ගයකින් අනිටු ප්‍රතිවිපාක උදාවනු ඇත) වාතාවරණයක, අධ්‍යක්ෂ මණ්ඩලය ඒ පිළිබඳ තීරණයක් නොගැනීම ඔවුන්ගේ වගකීම් පැහැර හැරීමක් ලෙස සැලකෙනු ඇත.ශ්‍රී ලංකාවේ විදේශ මුදල් අර්බුදය සහ ශ්‍රී ලංකන් ගුවන් සේවයේ මෙහෙයුම් උපායමාර්ග අතර සම්බන්ධතාව ද මෙහිදී සැලකිල්ලට ගතයුතු වැදගත් කරුණකි. මෙම කාරණාව පිළිබඳව පහත දැක්වෙන විශේෂිත ප්‍රශ්න සහ පිළිතුරු හරහා වඩාත් විස්තර කෙරෙනු ඇත. විශේෂයෙන් අවධාරණය කළ යුතු කරුණ වන්නේ, ශ්‍රී ලංකන් ගුවන් සමාගම එහි ඉපැයීම්වලින් සියයට 85 අමෙරිකානු ඩොලර්වලින් උපයන ශ්‍රී ලංකා ආර්ථිකයට විදේශ මුදල් සපයන්නෙකු (අපනයන ව්‍යාපාරයකට සමාන ලෙසින්) වීමත්, ගුවන් යානා අඩු වීම හරහා ගුවන් සේවයේ විදේශ මුදල් ඉපැයීමේ ධාරිතාව අඩු වීම මගින් රටේ විදේශ මුදල් තත්ත්වයට විය හැකි අහිතකර බලපෑමයි.දැනට ගුවන් යානා බදු වෙළෙඳපොළ අනුපාත ඉතා අඩු මට්ටමක පැවතීම ද කළමනාකාරීත්වයේ මෙම යෝජනාවට ප්‍රධාන හේතුවකි. (වත්මන් බලඇණියට සාපේක්ෂව 20-40% ක ඉතිරියක් ලබාගත හැකිවනු ඇති) වැඩි ඉන්ධන කාර්යක්ෂමතාවක් ඇති සහ නඩත්තු කිරීමට පහසු, වියදම් අඩු ගුවන් යානා ලබාගැනීම හරහා මෙහෙයුම් පිරිවැය සැලකිය යුතු ලෙස අඩුකර ගැනීමට ගුවන් සමාගමට අවස්ථාව උදාවනු ඇත. මෙම සියලු‍ සාධක හරහා ගුවන් සමාගමේ ආදායම වර්ධනය කිරීමට හැකි වනු ඇති.එසේම මෙම අඩු බදු සහ මෙහෙයුම් පිරිවැයෙන් ඉදිරි වසරවල පුරෝකථනය කරන ලද සංචාරක ඉල්ලු‍මෙන් උපරිම ප්‍රයෝජන නෙළා ගැනීම සඳහා 2023-2025 කාලය තුළ තවත් ගුවන් යානා නවයකින් (09) ගුවන් යානා ඇණිය පුළුල් කිරීමේ හැකියාව ගවේෂණය කිරීමට ද කළමනාකාරිත්වය විසින් අනුමැතිය ඉල්ලා සිටින ලදී.ප්‍රශ්නය:- ශ්‍රී ලංකන් ගුවන් සමාගම දියත් කර ඇති මෙම ක්‍රියාවලිය හරහා ගුවන් යානා බදු ගැනීමට මෙම අවස්ථාවෙහිදී බැඳී සිටී ද?පිළිතුර:- නැතප්‍රශ්නය:- මෙම ක්‍රියාවලියේ අනාගත අදියරකදී වුවද කුමන හෝ හේතුවකට ගුවන් යානා බදු පදනම මත ලබා නොගැනීමට ගුවන් සමාගම තීරණය කළ ද, මෙම යානා 21 අනිවාර්යයෙන් බදුගැනීම සඳහා සමාගම බැඳී සිටින්නේද?පිළිතුර:- නැත. අවශ්‍ය ගුවන් යානා ඕනෑම බදු ක්‍රමයට ලබාගැනීමට හෝ අවශ්‍ය නම් සම්පූර්ණ ක්‍රියාවලියම අත්හැර දැමීමේ නිදහස ගුවන් සමාගම සතු ය. සමස්ත ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම එවැනි බැඳීමකින් තොරව ක්‍රියාත්මක වනු ඇත.ප්‍රශ්නය:- ගුවන් සමාගමේ අරමුණ වන්නේ අලු‍ත් ගුවන් යානා බදු ක්‍රමයට ලබාගැනීම ද?පිළිතුර:- නැත. ගුවන් සමාගමේ  අවධානය ප්‍රධානව යොමුව ඇත්තේ, එහි මෙහෙයුම් පිරිවැය ව්‍යුහය සැලකිය යුතු ලෙස අඩු කිරීමේ අරමුණින්, පාවිච්චි කරන ලද ගුවන් යානා ලබාගැනීම සඳහා පවතින ගෝලීය වෙළෙඳපොළ තත්ත්වය ගවේෂණය කිරීම ය.ප්‍රශ්නය:- මෙම ගුවන් යානා බද්දට ගැනීම ශ්‍රී ලංකා රජයට අමතර බරක් වනු ඇත්ද?පිළිතුර:- නැත. සියලු‍ බදු ගෙවීම් සමාගම උපයාගත් විදෙස් විනිමය මගින් සිදු කෙරෙනු ඇත.ප්‍රශ්නය:- ගුවන්යානා කුලියට ලබාගන්නේද නැද්ද යන්න සහ ලබාගන්නේ නම්, අදාළ ප්‍රමාණය, ගුවන් යානා වර්ගය, ගුවන් යානා වයස යනාදිය ගැන කිනම් කාලයක් වනවිට තීරණයක් ගැනීමට ගුවන් සමාගමට සිදුවේද?පිළිතුර:- 2022 ඔක්තෝබර් වන විට ප්‍රසම්පාදන ක්‍රියාවලිය තීරණ ගැනීමේ මට්ටමට ප්‍රගතියක් ලබා ඇත්නම් එය වඩාත් සුදුසු වනු ඇත. එසේ කිරීමට අපොහොසත් වීම තුළ 2023 මාර්තු මාසයේ සිට ගුවන් ගමනාන්ත කිහිපයක් අවලංගු කිරීමට සිදුවන අතර මේ නිසා සමාගමේ ආදායම අඩුවීමට ඉඩ ඇත.ප්‍රශ්නය:- ශ්‍රී ලංකන් ගුවන් සමාගම ශ්‍රී ලංකා ආර්ථිකය සතු විදේශ මුදල් සංචිත පරිභෝජනය කරන්නේද?පිළිතුර:- නැත,  සාමාන්‍ය මෙහෙයුම් තත්ත්ව යටතේ ශ්‍රී ලංකන් සමාගම එහි ආදායමෙන් සියයට 85ක් විදේශ මුදල් උපයන ආයතනයකි. එසේ වුව ද, වසංගත හෝ රට තුළ ඇතිවිය හැකි විශේෂිත තත්ත්ව නිසා සංචාරකයන්ගේ පැමිණීම අඩුවීමෙන් ගුවන් සේවා ව්‍යාපාරය යම් බිඳවැටීමකට ගොදුරු විය හැකි බව සඳහන් කළ යුතුය.ප්‍රශ්නය:- ශ්‍රී ලංකාව විදේශ විනිමය අර්බුදයකට මුහුණ දී සිටින මෙවන් අවස්ථාවකදී, කල් ඉකුත්වන බදු ගිවිසුම් වෙනුවෙන් ගුවන් යානා ප්‍රතිස්ථාපනය කිරීම හෝ අලු‍ත් ගුවන්යානා ලබාගැනීම ශ්‍රී ලංකන් ගුවන් සමාගම සිදුකළ යුතුද?පිළිතුර:- ගුවන් සේවයේ මෙහෙයුම් තුළින් රට තුළට විදේශ විනිමය ගලා එන පසුබිමක, ගුවන් යානා සංචිතය අඩු වීමේ ප්‍රතිඵලයක් ලෙස විදේශ මුදල් ජනනය කිරීමේ හැකියාව අඩු වනු ඇත. එය, රටේ විදේශ විනිමය ශේෂයට අහිතකර ලෙස බලපානු ඇත. සමාගමේ විදේශ මුදල් ප්‍රවාහය වර්ධනය වීම රටේ ආර්ථිකයට ද ධනාත්මක බලපෑමක් ඇතිකරනු ඇති. එබැවින් සමාගමෙහි සහ කොටස් හිමියාගේ යහපත උදෙසා අඩු මුදලකට ගුවන් යානා ප්‍රතිස්ථාපන කිරීමටත්, නව මුදල් උත්පාදන මාර්ග සුපරික්ෂාකාරීව තෝරාගැනීමටත් නොකඩවා ව්‍යාපාරය ඇගයීම සිදුවිය යුතුය.ප්‍රශ්නය:- 2022 වසර අවසානය වන විට මෙම යෝජනාව පිළිබඳව කොටස් හිමියාට (ශ්‍රී ලංකා රජයට) නිර්දේශයක් කිරීමට නම්, අධ්‍යක්ෂ මණ්ඩලයට සම්පූර්ණ කළ යුතු පියවර මොනවාද?පිළිතුර:- විනිවිද පෙනෙන ක්‍රියාවලියක් හරහා ගුවන් යානා බද්දට සැපයීම සඳහා විශ්වාසවන්ත ලංසුකරුවන් හඳුනා ගැනීම විනිවිද පෙනෙන ක්‍රියාවලියක් හරහා සුදුසුකම් ලත් විශ්වාසවන්ත ලංසුකරුවන්ගෙන් බදු යෝජනා කැඳවීම ලංසු ඇගයීම කාලය, ප්‍රමාණය, ගුවන් යානා වර්ගය, වයස සහ පිරිවිතර අනුව නිර්දේශයක් සකස් කිරීම.ප්‍රශ්නය:- ගුවන් යානා බදු ගැනීමට අදහස් කරන බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීම සාමාන්‍ය සිරිතද?පිළිතුර:- පූර්ණ විනිවිදභාවය සහ ඕනෑම බදුකරුවකුට ඉදිරිපත්වීමට අවස්ථාව ලබා දීම යහපාලන පිළිවෙතයි. එවැනි විනිවිදභාවයක් පවත්වාගැනීම, ගුවන් සමාගමේ බදු ප්‍රසම්පාදන ක්‍රියාවලියේ සැලකිය යුතු දියුණුවක් වන අතර එය ඉදිරි සමස්ත පාලන රාමුව තුළ ස්ථාවර භාවිතයක් විය යුතුය.ප්‍රශ්නය:- මෙම ක්‍රියාවලියේ වර්තමාන තත්ත්වය කුමක්ද?පිළිතුර:- 2022 දක්වා කාලසීමාව තුළ ගුවන් යානා සැපයීමට අදාළ විශ්වාසවන්ත ලංසුකරුවන් හඳුනාගැනීමට වත්මන් අදියර (ප්‍රසම්පාදන නිවේදනය) සීමා වී තිබේ. මෙම අදියරේදී මිල පිළිබඳ තොරතුරු කිසිවක් ඉල්ලා නැත. ඊළඟ අදියර වනුයේ සුදුසුකම් ලත් විශ්වාසවන්ත ලංසුකරුවන්ට යෝජනා කැඳවන ලේඛනයක් (RFP) නිකුත් කිරීමයි. කෝප් කමිටුවේ යෝජනාව මත මිල ගණන් සලකාබැලීමට අදාළ මීළඟ අදියර, මාස 3 කින් කල් දමා ඇත.ප්‍රශ්නය:- ගුවන් යානා කුලියට ගන්නේද නැද්ද යන්න තීරණය කිරීමට පෙර සලකා බැලිය යුතු කරුණු මොනවාද සහ කුලියට ලබාගන්නේ නම්, යානා ප්‍රමාණය, මිල සහ ගුවන් යානා වර්ගය යනාදිය.a. සෑම ගුවන් යානා බදු ගැනීමක් සඳහාම ඇති ව්‍යාපාරික අවස්ථා හඳුනාගැනීම සහ ඇගයීම (කල් ඉකුත්වන බදු සඳහා ආදේශ කිරීම හෝ නව මාර්ග එකතු කිරීම සඳහා)b. විවිධ අවස්ථා යටතේ ඒ වන විට පවතින ගුවන් සේවයේ මූල්‍ය තත්ත්වයc. ඒ වන විට පවතින සාර්ව ආර්ථික තත්ත්ව සහ ප්‍රක්ෂේපිත අනාගතයd. ගුවන් යානා ප්‍රතිස්ථාපනය සහ/හෝ එකතු කිරීම සඳහා වන ව්‍යාපාරික සිද්ධි ඇගයීමේදී, ව්‍යතිරේක තත්ත්වයන් සහ ඒවා අවම කර ගැනීමේ අවදානම බලපානු ඇත.ප්‍රශ්නය:- ගෝලීය ගුවන් යානා බදු වෙළඳපොළ සමීක්ෂණය කිරීමේ තීරණයට අදාළ වන වෙනත් කරුණු මොනවාද?පිළිතුර:- දැනට ගෙවනු ලබන බදු ගාස්තුවලට සාපේක්ෂව සියයට 20-40 ක ඉතිරියක් කරගැනීමට ශ්‍රී ලංකන් ගුවන් සමාගමට හැකි වීමේ ඉහළ සම්භාවිතාවක් සමඟ ගුවන් යානා බදු වෙළෙඳපොළ දැනට ඉතා වාසිදායක තත්ත්වයක පවතියි. වඩාත් ඉන්ධන කාර්යක්ෂම සහ නඩත්තු කිරීමට ලාභදායී ගුවන් යානා ලබාගැනීම හරහා මෙහෙයුම් පිරිවැය සැලකිය යුතු ලෙස අඩු කිරීමට අමතර අවස්ථාවක් උදාවෙයි.ප්‍රශ්නය:- ප්‍රසම්පාදන නිවේදනයට අනුව 2025 වසර දක්වා බදු ක්‍රමයට ලබාගැනීමට නියමිත ගුවන් යානා සංඛ්‍යාව 21 කි. මෙම සංඛ්‍යාව නිර්ණය කළේ කෙසේද?පිළිතුර:- ඊට ප්‍රතිස්ථාපන කළ යුතු ගුවන් යානා 12 ක් ඇතුළත් වේ. ඉන් ගුවන් යානා නවයක් (09) මෙම වසර ආරම්භයේ සිට 2025 දක්වා ගුවන් යානා ඇණියෙන් ඉවත් වන අතර, තුනක් (03) වසංගත කාලසීමාව තුළ ගුවන් යානා ඇණියෙන් ඉවත්ව ගොස් ඇත. IATA (ජාත්‍යන්තර ගුවන් ප්‍රවාහන සංගමය) වැනි කීර්තිමත් ජාත්‍යන්තර සංවිධාන විසින් ප්‍රකාශයට පත්කරන ලද ජාත්‍යන්තර සංචාරක පුරෝකථන අනුව යමින්, 2025 දක්වා කාලය තුළ තවත් ගුවන් යානා 9 ක් ලබාගැනීමට අදාළ වෙළඳපොළ තත්ත්වයන් විශ්ලේෂණයට ලක් කිරීමට කළමනාකාරීත්වය යෝජනා කර ඇත.ප්‍රශ්නය:- ඉකුත් අප්‍රේල් 12 වැනි දින සිට ශ්‍රී ලංකාව සිය විදේශ ණය වාරික ගෙවීම අත්හිටුවන බව නිවේදනය කරන ලදී. මෙය කුමන බලපෑමක් ඇති කරයිද?පිළිතුර:- ශ්‍රී ලංකාවේ ශ්‍රේණිගත කිරීම් පෙරනිමි මට්ටම පහත හෙළීමේ ප්‍රතිඵලයක් ලෙස බදු දෙන්නන් වෙළඳපොළේ මිල මට්ටම්වලට අමතරව අවදානම් වාරිකයක් එක් කිරීමට ඉඩ ඇත. එසේ අමතර ගාස්තුවක් එක් වුවද, එම බදු වාරික, ගුවන් සමාගම වර්තමානයේදී ගෙවනු ලබන බදු වාරිකවලට වඩා වාසිදායක වනු ඇත.ප්‍රශ්නය:- ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය පිළිබඳව අධ්‍යක්ෂ මණ්ඩලය කොතරම් දුරට දැනුවත්ව සිටියාද?පිළිතුර:- ශ්‍රී ලංකාවේ පිරිහෙමින් පවතින ආර්ථික තත්ත්වය පිළිබඳව අධ්‍යක්ෂ මණ්ඩලය සම්පූර්ණයෙන්ම දැන සිටි අතර, එය එදිනෙදා මෙහෙයුම්වලට බලපා ඇති ආකාරය ද අපගේ අවධානයට යොමුවිය. ගුවන් සමාගමේ මෙහෙයුම් කෙරෙහි අර්බුදය නිසා ඇතිවන බලපෑම අවම කිරීම සඳහා විවිධ උපායමාර්ගික පියවර ගනු ලැබිණි. අයහපත් ආර්ථික තත්ත්ව පැවතිය ද ගුවන් සමාගම විසින් අනුගමනය කරන ලද උපායමාර්ග තුළින් ජනවාරි-මාර්තු කාර්තුව සඳහා මෙහෙයුම් ලාභයක් ළඟාකරගැනීමට හැකිවිය.ගුවන් යානා බදුවලින් 50% ක් පමණ කල් ඉකුත් වෙමින් පවතින බැවින් ද, සෘජු පිරිවැය ඉතිරිකිරීම් සහ අඛණ්ඩව පවත්වාගෙන යාම ඉලක්ක කරගත් මුල පිරීම් වෙත යොමු වෙමින් පවතින බැවින් ද, ඉහත විස්තර කර ඇති හේතු මත පිහිටා ගුවන් යානා බදුගැනීමේ මිල ගණන් විමර්ශනය කිරීමේ ක්‍රියාවලිය අත්හිටුවීමට හේතුවක් නැත. තව ද, විදේශ මුදල් ප්‍රවාහයේ වර්ධනය, සමාගමට සහ කොටස්හිමියාට (ශ්‍රී ලංකා රජයට) ඍජුවම ප්‍රතිලාභ ලබාදෙනු ඇත.ප්‍රසම්පාදන නිවේදනය අප්‍රේල් 10 වැනිදා නිකුත් කරන ලද අතර කෝප් කමිටුව ඉදිරියේදී ද ප්‍රකාශ කළ පරිදි, අප්‍රේල් 12 වැනි දින විදේශ ණය සේවා සිදුකිරීමට අදාළ අත්හිටුවීමක් ප්‍රකාශයට පත් කිරීමේ රජයේ අදහස පිළිබඳව සමාගමට පූර්ව දැනුමක් නොතිබුණි. ඉහත පැහැදිලි කළ පරිදි, මෙය බදු වාරික මිල කෙරෙහි යම් බලපෑමක් ඇති කිරීමට ඉඩ ඇති නමුත් වත්මන් බදු වාරික මිලට වඩා අඩු බදු වාරික මිලක් ගෙවා ප්‍රතිලාභ ලැබීමට ගුවන් සමාගමට අවස්ථාව ලැබෙනු ඇත.ප්‍රශ්නය:- ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ මූල්‍ය තත්ත්වය කෙබඳුද?පිළිතුර:- 2022 ජනවාරි-මාර්තු කාර්තුව සඳහා ගුවන් සමාගම අමෙරිකානු ඩොලර් මගින් සමූහ මෙහෙයුම් ලාභයක් (විගණනය නොකළ) වාර්තා කර ඇත. මෙය වසර 6කට පසු ලැබූ පළමු ලාභදායී කාර්තුව (අමෙරිකානු ඩොලර් මගින් ලද) විය. එය 2006 වසරෙන් පසු 4  වැනි කාර්තුවක් සඳහා මෙහෙයුම් ලාභ (අමෙරිකානු ඩොලර් මගින්) ලද පළමු අවස්ථාව වීම ද විශේෂත්වයකි.කෙසේ වෙතත්, ගුවන් සමාගම දිගු කලක් තිස්සේ දරාගත නොහැකි මට්ටමේ ණය ප්‍රමාණයක් රැස් කරගෙන ඇති අතර දැනට ඇති සම්පූර්ණ ණය ප්‍රමාණය ඩොලර් මිලියන 878 ක් වේ.සැලකිය යුතු විශේෂිත කරුණක් වන්නේ, අමෙරිකානු ඩොලර් මගින් මෙහෙයුම් ලාභයක් ලැබුව ද, මෑත කාලීනව රුපියල 50%කට වඩා අවප්‍රමාණය වීම හේතුවෙන් විගණනය කිරීමට පෙර (අමෙරිකානු ඩොලර්වලින් ගත් ණය නැවත තක්සේරු කිරීම හේතුවෙන්) ඉතා සැලකිය යුතු මුදල් නොවන විනිමය අලාභයක් වාර්තා කර ඇත.මෙම ණයවලින් බහුතරයක් රාජ්‍ය බැංකු සහ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් දරනු ලබයි. අනෙකුත් සැලකිය යුතු ණය අතර 2019 දී නැවත නිකුත් කරන ලද රජයේ සහතික කළ ඩොලර් මිලියන 175ක බැඳුම්කරයක් ඇතුළත් වේ.පසුගිය මාසවල, වැඩිදියුණු කළ මෙහෙයුම් ලාභදායිතාවය සහ විදේශ මුදල් ප්‍රවාහ මත පදනම්ව, අනෙකුත් දිගුකාලීන ණය සඳහා නියමිත වේලාවට සේවා සැපයීම සහතික කිරීමටත්, ඛනිජ තෙල් නීතිගත සංස්ථාව වෙත ණය ගෙවීමත් ආරම්භ කර ඇත. ප්‍රශ්නය:- මෙහෙයුම් කාර්යසාධනය වැඩිදියුණු කරගැනීමට බලපෑ ප්‍රධාන සාධක කවරේද?පිළිතුර:- නව ගුවන් මාර්ග මත පදනම් වූ පිරිවැය ප්‍රතිව්‍යුහගත කිරීම, අවස්ථානුකූල නව ආදායම් ග්‍රහණය කරගැනීම සහ මගී සහ භාණ්ඩ ප්‍රවාහනය යන දෙඅංශයේම ඉල්ලු‍මට අනුවර්තනය වීම යන ද්වීපාර්ශ්වික උපාය මාර්ගයක් හරහා, 2021 දෙසැම්බර් සහ ජනවාරි සිට 2022 මාර්තු දක්වා කාලය තුළ මෙහෙයුම් ලාභය ලබාගෙන ඇත.ශ්‍රී ලංකන් හි පිරිවැය ප්‍රතිව්‍යුහගත කිරීම අදියර කිහිපයක් මත පදනම් වන අතර බදු පිරිවැය වර්තමාන (හිතකර) මිලට නැවත සකස් කිරීම ද ඉදිරි ගමනේ තීරණාත්මක අදියරකි.ප්‍රශ්නය:- ගෝලීය ගුවන් සේවා කර්මාන්තයට සහ විශේෂයෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවයට වසංගතයේ බලපෑම කෙබඳුද?පිළිතුර:- ගෝලීය වශයෙන්, වසංගතයේ විනාශකාරී බලපෑම හේතුවෙන් ගුවන් සමාගම් 26 ක් ප්‍රතිව්‍යුහගත කෙරුණු අතර, තවත් ගුවන් සේවා 37 ක් වසා දැමුණි. ගෝලීය කර්මාන්තයට සාපේක්ෂව, ලාභදායී මෙහෙයුම් සඳහා පදනමක් සපයන පශ්චාත් වසංගත මෙහෙයුම් ව්‍යුහයක් සමඟින් ශ්‍රී ලංකන් සමාගම යම් සාර්ථකත්වයක් ලබාගැනීමට සමත්විය. ඊට බලපෑ සාධක කිහිපයකි.ගුවන් සේවයේ සේවකයන් විසින් කරන ලද කැපකිරීම්. ඔවුන්ගෙන් බහුතරයක් දීර්ඝ කාලයක් තිස්සේ විශාල වැටුප් කප්පාදුවක් යටතේ සිය සේවා ඉටුකළහ.  2020 දී ශ්‍රී ලංකා රජය විසින් රුපියල් බිලියන 45.7 ක නව කොටස් නිකුත් කිරීම.සාර්ථක පිරිවැය ප්‍රතිව්‍යුහගත කිරීම (වසංගතය අතරතුර මෙහෙයුම් පිරිවැය අමෙරිකානු ඩොලර් මිලියන 100කින් පහත හෙළා ඇත) සහ වෙළඳපොළ අවස්ථා දිනාගැනීම (භාණ්ඩ ප්‍රවාහන සේවා, නැවත ගෙන්වා ගැනීමේ සේවා, නව ඉල්ලු‍ම ග්‍රහණය කර ගැනීම - උදාහරණයක් ලෙස ඉන්දියාව සහ ඕස්ට්‍රේලියාව අතර).ප්‍රශ්නය:- ශ්‍රී ලංකන් ගුවන් සේවය වසා දැමිය යුතු නොවේද? විකිණිය යුතු නොවේද? ඈවර කොට නැවත ආරම්භ කළ යුතු නොවේද?පිළිතුර:- මේ සියල්ල වැදගත් ප්‍රශ්න ලෙස අපි දකින්නෙමු. එහෙත් මෙම විකල්ප තෝරාගැනීමේ ගැටලු‍වක් තිබේ. එනම්, ශ්‍රී ලංකන් හි බංකොලොත්භාවය මගින් අතීතයේ සිට සමාගමට ණය ලබාදී ඇති රාජ්‍ය බැංකුවලට ඇති කරන විනාශකාරී බලපෑම යි.ණය ප්‍රතිව්‍යුහගත කිරීම හෝ ප්‍රාග්ධනීකරණය සහ/හෝ ඈවර කිරීම සහ නැවත ආරම්භ කිරීම (සමහර ගුවන් සමාගම් කර ඇති පරිදි) කොටස් හිමියා (ශ්‍රී ලංකා රජය) විසින් ගත යුතු තීරණ වන අතර ඒවා අධ්‍යක්ෂ මණ්ඩලයේ විෂය පථයෙන් ඔබ්බට ගමන් කරයි. කෙසේ වෙතත් අපේක්ෂිත ප්‍රතිවිපාක ද පෙන්වාදෙමින් එවැනි විකල්ප කිහිපයක් කොටස් හිමියා වෙත ඉදිරිපත් කිරීමට අධ්‍යක්ෂ මණ්ඩලය ක්‍රියාකර ඇත.කොටස්හිමියා වෙතින් එවැනි මඟපෙන්වීමක් නොමැති පසුබිමක, සමාගමේ මෙහෙයුම් කාර්ය සාධනය උපරිම කිරීම අධ්‍යක්ෂ මණ්ඩලයේ යුතුකම වේ. ඒ අනුව, ලාභදායී මෙහෙයුම් වර්ධනය කරගැනීමට සහ දිගුකාලීන හිඟ ණය ගෙවීම ආරම්භ කිරීමට අධ්‍යක්ෂ මණ්ඩලයේ අවධානය යොමු වී ඇත.ප්‍රශ්නය:- අධ්‍යක්ෂ මණ්ඩලය පත්කරන ලද ආකාරය සහ ඔවුන්ට වේතන පිරිනමන ආකාරය කුමක්ද?පිළිතුර:- ගුවන් සමාගමේ කොටස්හිමියා වන මුදල් අමාත්‍යංශය මගින් අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් පත්කරනු ලැබේ.වර්තමාන අධ්‍යක්ෂ මණ්ඩලය පත්කරන ලද්දේ 2020 ජනවාරි මාසයේදී එනම්, ගෝලීය වසංගතය එළඹීමට කෙටි කාලයකට පෙරදී ය.පත්වීම් අවස්ථාවේදීම, වත්මන් අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් කිසිදු වේතනයක් හෝ ප්‍රතිලාභයක් නොගැනීමට තීරණය කළහ.අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෝ ගුවන් සමාගමේ කළමනාකාරිත්වය සඳහා සිය කාලය සහ ශ්‍රමය හුදු ගෞරවනීය පදනමක් මත පිරිනමති.-සටහන- චමින්ද මුණසිංහ
ආර්ථීක වළෙන් ගොඩ එන්න අයිඑම්එෆ් අත්වැල
0
hp_train_7539
බස්නාහිර, සබරගමුව, වයඹ සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් තැනින් තැන වැසි ඇති වන බවත් අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේදී නැගෙනහිර සහ ඌව පළාත්වල ස්ථාන ස්වල්පයක ගිගුරුම් සහිත වැසි වර්ධනය විය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය                                                    දිනය : 25/06/2015   නගරයඋෂ්ණත්වය (සෙ. අංශක)සාපේක්ෂ ආර්ද්‍රතාවය (%) කාලගුණයඋපරිමඅවමඋපරිමඅවමඅනුරාධපුරය34258550ප්‍රධාන වශයෙන් වැසි රහිත.මඩකලපුව36268545අපරභාගයේදී සහ සන්ධ්‍යා කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.කොළඹ32259065වැසි ස්වල්පයක්.ගාල්ල31269075වැසි ස්වල්පයක්.යාපනය32287565ප්‍රධාන වශයෙන් වැසි රහිත.මහනුවර31219560වැසි ස්වල්පයක්.නුවරඑළිය21149070වැසි ස්වල්පයක්.රත්නපුරය34249060වැසි ස්වල්පයක්.ත්‍රිකුණාමළය36269050අපරභාගයේදී සහ සන්ධ්‍යා කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.මන්නාරම33278570ප්‍රධාන වශයෙන් වැසි රහිත.  
‘වැසි කාලගුණය පහවේ‘
0
hp_train_7540
රංජිත් රාජපක්ෂ                        ආගරපතන ප්‍රාදේශීය සභාවේ 2019 අයවැය සමාලෝචන කෙටුම්පත සාකච්ඡාව අද (04) එම සභාවේ සභාපතිවරයා සහ පාලන පක්ෂය හොබවන ලංකා කම්කරු කොංග්‍රසයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් සභාවට නොපැමිණීම නිසා එම සභාවේ  උණුසුම් තත්ත්වයක් ඇතිවිය.2019 වර්ෂය සඳහා එම ප්‍රාදේශීය සභාවේ අයවැය සමාලෝචන කෙටුම්පත සාකච්ඡා කිරිම සඳහා එම සභාවේ සභාපති එස්.කදිර්සෙල්වම් මහතා විසින් සියළුම මන්ත්‍රීවරුන්ට අද සභාපති පැමිණෙන ලෙස ලිඛිතව දැනුම් දී ඇත.පාලන පක්ෂයේ ලංකා කම්කරු කොංග්‍රසයේ මන්ත්‍රීවරුන් 6 දෙනෙකු සභාවට නොපැමිණි බව එම සභාවේ විපක්ෂ නායක එක්සත් ජාතික පක්ෂය වි.සිවනාදන් මහතා පැවසීය.සභාපතිවරයා නොපැමිණිම නිසා විපක්ෂයේ මන්ත්‍රිවරුන් 8 දෙනෙකු එක් වී යෝජනාවක් සම්මත කරගනිමින් එම සභාවේ උප සභාපතිවරයා වශයෙන් කටයුතු කරන ඩබ්ලිව්.ජි.ජයලත් විජේතුංග මහතා එම සභාවේ ස්ථිර සභාපතිවරයා වශයෙන් පත් කරගනිමින් ඒ සඳහා වු අත්සන් සහිත ලිපියක් පළාත් පාලන කොමසාරිවරයා වෙත යොමු කිරිම සඳහා එම සභාවේ ලේකම් සි.ජයප්‍රකාශ් මහතාට සභා රැස්විම් ශාලාවේදී බාරදෙනු ලැබීය.
නොර්වුඩ් ප්‍රා.සභා මන්ත්‍රීවරු විරෝධතාවයක
0
hp_train_7541
(ඩයනා උදයංගනී)කොවිඩ් 19 වයිරස ආසාදිතයන් තවත් 1305 දෙනකු අද දින හඳුනාගෙන ඇත. ඒ අනුව අද වාර්තා වූ ගණන 2530 දක්වා ඉහළ ගියේය.මෙම නව ආසාදිතයන් පිරිසත් සමඟ මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 131060 ක් දක්වා ඉහළ ගොස් ඇත.එමෙන්ම කොවිඩ් ආසාදනය වූ 1,030 දෙනෙක් සුවය ලබා අද (11) රෝහල්වලින් පිටත්ව ගොස් ඇති අතර මේ වන විට මෙරට සුවය ලැබූ කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 1,06,641 ක් බව ද සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සඳහන් කරයි. 
කොවිඩ් ආසාදිතයන් තවත් 1,320ක්
0
hp_train_7542
නිමන්ති රණසිංහබැඳුම්කර කොමිසම හමුවේ අසත්‍ය සාක්කි ලබාදුන් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු ඇමැති රවී කරුණානායක මහතාට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (14) කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් රංග දිසානායක මහතා ඉදිරියේ පැවැරීය.මෙම සිද්ධියට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් රවී කරුණානායක මහතාට එරෙහිව නැගු චෝදනා සම්බන්ධයෙන් ලබන සැප්තැම්බර් 28 වැනි දා නැවත සැකසු වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස අධිකරණ නියෝග කළේය.
රවීට එරෙහිව සීඅයිඩිය නඩු පවරයි
1
hp_train_7543
කොවිඩ්-19 වයිරසය ආසාදනය වීම හේතුවෙන් තවත් පුද්ගලයන් 7 දෙනෙකු මරණයට පත්ව ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (27 වැනිදා) තහවුරු කරයි.ඒ අනුව වයිරසය ආසාදනය වීම හේතුවෙන් මියගිය සංඛ්‍යාව 471 ක් දක්වා ඉහළ ගොස් තිබේ.මියගිය පිරිස අතර කාන්තාවක් සහ පිරිමි හය දෙනෙක් වෙති.මේ අතර කොවිඩ්-19 වයිරසය ආසාදනය වූ නව ආසාදිතයන් 146 දෙනෙකු අද රාත්‍රියේදී හඳුනාගත් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පස්වරු 21.50 ට නිකුත් කළ වාර්තාවේ දැක්වේ.මිනුවන්ගොඩ, පෑලියගොඩ සහ බන්ධනාගාර කොරෝනා පොකුරුවලින් අද දිනයේදී හඳුනාගත් සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 350 කි.  
අද කොරෝනා මරණ 5 යි : ආසාදිතයන් 317 යි
0
hp_train_7544
බස්නාහිර, සබරගමුව, දකුණු සහ වයඹ පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය  දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.ඌව සහ නැගෙනහිර පළාත්වලත්, පොලොන්නරුව සහ මුලතිව් දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.ගිගුරුම් සහිත වැසි සමග තාවකාලික තද සුළංද ඇති වේ.
අද දවසේ කාලගුණ අනාවැකිය
0
hp_train_7545
රට අභ්‍යන්තරයේ ප්‍රදේශ රැසකට  සවස 2.00 න් පසුව වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි යාපනය අර්ධද්වීපයට  ගිගිරුම් සහිත වැසි ඇති වීමේ අඩු  හැකියාවක් පවතින බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැක. ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය                                                      දිනය : 12/04/2016නගරයඋෂ්ණත්වය (සෙ. අංශක)සාපේක්ෂ ආර්ද්‍රතාවය (%) කාලගුණයඋපරිමඅවමඋපරිමඅවමඅනුරාධපුරය36259550සවස 4.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසිමඩකලපුව34259065සවස 4.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වීමට ඉඩ ඇත.කොළඹ34269070සවස 4.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසිගාල්ල33258570සවස 4.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසියාපනය36277060ප්‍රධාන වශයෙන් වැසි  රහිතමහනුවර33209565සවස 2.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසිනුවරඑළිය23129565සවස 2.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසිරත්නපුරය34249560සවස 2.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසිත්‍රීකුණාමළය34259060සවස 4.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වීමට ඉඩ ඇත.මන්නාරම34269065සවස 4.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වීමට ඉඩ ඇත.                           
‘පළාත් කීපයකට කඩින් කඩ වැසි‘
0
hp_train_7546
(ඉන්දිකා රාමනායක)රුපියල් ලක්ෂ  70 ට  අධික වටිනා  අයිස් මත්ද්‍රව්‍ය තොගයක්  ත්‍රිරෝද රථයකින් ප්‍රවාහණය කරමින් සිටි සැකකරුවන් දෙදෙනකු තලේමන්නාරම ස්වාමිතෝට්ටුම්  ප්‍රදේශයේ දී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ විසින් අත්අඩංගුවට ගනු ලැබීය. මොවුන් සතුව අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 2 ට අධික ප්‍රමාණයක් තිබී ඇත.  සැකකරුවන් පිරිසක්  අයිස් මත්ද්‍රව්‍ය තොගයක්   ප්‍රවාහන කරන බවට  පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ  නිලධාරීන් වෙත ලැබුණ තොරතුරක් මත    ඊයේ  (13)  පස්වරුවේ     මොවුන් අත්අඩංගුවට ගත් බව    පොලිස් මත්ද්‍රව්‍ය  කාර්යාංශය කියයි. අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ත්‍රිරෝද රථයේ පිටුපස ගමන් ගත් පුද්ගලයා  මෙම අයිස් මත්ද්‍රව්‍ය තොගය  සිය  උකුල මත තබාගෙන  ගමන් ගනිමින් සිටි  ඇත.අත්අඩංගුවට ගත්  සැකකරුවන් දෙදෙනා මන්නාරම නානාට්ටාන් ප්‍රදේශයේ පදිංචිකරුවන්  බවද කියති.ඉන්දියාවේ සිට බොට්ටු මගින්  නීති විරෝධී ලෙස තලේමන්නාරමට රැගෙන ආ මෙම අයිස් තොගය සැකකරුවන් විසින් චංකාලේ ප්‍රදේශය වෙත ප්‍රවාහනය කරමින් සිට ඇත.අත්අඩංගුවට ගත් අයිස් මත්ද්‍රව්‍ය හා සැකකරුවන් වැඩිදුර පරීක්ෂණ සදහා  තලේමන්නාරම පොලිසියට බාර දී ඇත.  
කෝටි පහක කුඩු කොළඹින් අල්ලයි
0
hp_train_7547
(නාලක සංජීව දහනායක)දිගින් දිගටම අසාධාරණයට ලක්වූ උතුරේ ජනතාව වෙනුවෙන් බලය බෙදීමක් සිදුවිය යුතුයැයි ඒකාබද්ධ විපක්‍ෂ විශ්වාස කරන බව මහනුවර දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී මහින්දානන්ද අලූත්ගමගේ මහතා ඊයේ (1) පැවසීය.ඒ සඳහා 13 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධන ක‍්‍රියාවලිය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට තමන් සූදානම් යැයිද මන්ත‍්‍රීවරයා කීය.ඒකාබද්ධ විපක්‍ෂය පාර්ලිමේන්තු සංකීර්ණයේදී ඊයේ (1) පැවැත්වූ මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත‍්‍රීවරයා මේ බව සඳහන් කළේය.පාර්ලිමේන්තු මන්ත‍්‍රී මහින්දානන්ද අලූත්ගමගේ මහතා මෙසේද පැවසීය.යෝජිත නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ප‍්‍රධාන දේශපාලන පක්‍ෂ දෙක අතර මත ගැටීමක් ඇතිව තිබෙනවා. විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීම, බලය බෙදීම හා මැතිවරණ ක‍්‍රමය සංශෝධනය නව ව්‍යවස්ථාවේ හරය ලෙස සලකන්න පුළුවන්. විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීමට ජනතා විමුක්ති පෙරමුණ හා එක්සත් ජාතික පක්‍ෂය එකඟයි. එහෙත් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීමට විරුද්ධයි.නව මැතිවරණ ක‍්‍රමයකට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය එකඟයි. නමුත් එක්සත් ජාතික පක්‍ෂය හා ආණ්ඩුවේ අනෙක් දේශපාලන පක්‍ෂ නව මැතිවරණ ක‍්‍රමයකට විරුද්ධයි. මේ ආකාරයට ප‍්‍රධාන දේශපාලන පක්‍ෂ දෙක කඹ ඇදීම නිසා විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි වීම හෝ මැතිවරණ ක‍්‍රමය වෙනස් වීමක් සිදුවෙන්නේ නැහැ. මෙම විවාදයේදී විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීම හෝ මැතිවරණ ක‍්‍රමය වෙනස් කිරීම සම්බන්ධයෙන් අදහස් දක්වන්නේ නැහැ. බලය බෙදීම සම්බන්ධයෙන් පමණක් විවාදයට සහභාගීවන සියලූම දෙනා අදහස් දක්වනවා.පාර්ලිමේන්තුවේ විවාදයට ගන්නා අතුරු කමිටු වාර්තාව සම්බන්ධයෙන් මේ වනවිට රටේ මහා ආන්දෝලනයක් ඇතිව තිබෙනවා. මහා සංඝරත්නය ඇතුළු උගතුන්, බුද්ධිමතුන් සියලූම දෙනා මෙයට තමන්ගේ විරෝධය පළකර තිබෙනවා. මෙම අතුරුවාර්තාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් ලෙස අපිටත් බරපතළ සැකයක් මතුව තිබෙනවා. පාර්ලිමේන්තුවට ඉදිරිපත්කර තිබෙන මෙම අතුරු වාර්තාවේ සිංහල, දෙමළ හා ඉංග‍්‍රීසි පිටපත්වල ඒකීය වචනය සඳහන්කර තිබෙන්නේ වෙනස් විදියටයි. ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මතය, ඒකාබද්ධ විපක්‍ෂයේ මතය මේ අතුරු කමිටු වාර්තාවට ඇතුළත් කර නැහැ. මේ විවාද කරන්නේ එක්සත් ජාතික පක්‍ෂයේ මතය ඇතුළත් ව්‍යවස්ථා කෙටුම්පතක් පිළිබඳවයි. කෙටුම්පත හදපු ප‍්‍රධාන කමිටුවල තනතුරු දැරුවේ සුමන්තිරන් මහතායි. ඔවුන්ගේ අතීත  ක‍්‍රියාකාරකම් පිළිබඳව රටවැසියන් දන්නවා. ඒ නිසා මේ කෙටුම්පත සකස් කළ පුද්ගලයන්ගේ චරිත සම්බන්ධයෙන් රට වැසියන්ට විශාල බියක් තිබෙනවා. උතුරේ ජනතාව වෙනුවෙන් බලය බෙදීමක් සිදුවිය යුතු බව අපි ඉතාම පැහැදිලිවම පිළිගන්නවා. උතුරේ ජනතාවට සිදුවූ අසාධාරණය නිසා ඔවුන් වෙනුවෙන් යමක් සිදුවිය යුතුයි. 13වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධන ක‍්‍රියාවලියෙන් උතුරේ ප‍්‍රශ්න සඳහා යම් විසඳුමක් ලබාදුන්නා. නමුත් ජේ.ආර්. ජයවර්ධන මහතා සියලූම බලතල දුන්නේ නැහැ. ඒ නිසා 13 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ සිට සාකච්ඡා කරන්න අපි සූදානම්. අපි බලය බෙදීමට විරුද්ධ නැහැ. නමුත් අගමැතිවරයා හා සුමන්තිරන් මහතා මූලාසනයේ තියාගෙන හදන මෙවැනි අතුරු වාර්තාවලින් බලය බෙදීම සම්බන්ධව සාකච්ඡා කිරීම ගැන අපිට සැකයක් තිබෙනවා.ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ සියලූම දේශපාලන පක්‍ෂවල සහභාගීත්වයෙන් සර්වපාක්‍ෂික සමුළුවක් කැඳවන බව ජනාධිපතිවරයා ප‍්‍රකාශකර තිබෙනවා. එහෙම සමුළු කැඳවනවා නම් මේවා ගැන පාර්ලිමේන්තුවේ සාකච්ඡා කිරීම අනවශ්‍ය දෙයක්. ව්‍යවස්ථා සංශෝධනයක් සඳහා අගමැතිවරයාට ජනවරමක් ලැබුණේ නැහැ. හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්‍ෂ මහතාත් මේ ව්‍යවස්ථා ක‍්‍රියාවලිය වැරදි බව සඳහන් කරමින් නිවේදනයක් නිකුත්කර තිබුණා. ඒකීය වචනය ඉංග‍්‍රීසි භෂාවෙන් යුනිටරි යනුවෙන් සඳහන් වෙන්නේ නැත්නම් තමන් අත උස්සන්නේ නැති බව අජිත් පී. පෙරේරා නියෝජ්‍ය ඇමතිතුමා ප‍්‍රකාශකර තිබුණා. ආණ්ඩුව හදපු මිනිස්සුත් ආණ්ඩුවේ ප‍්‍රධානියා වන ජනාධිපතිවරයාත් මේ ව්‍යවස්ථා කෙටුම්පතට එකඟ නැහැ. ඒ නිසා නිසි ආකාරයෙන් සර්ව පාක්‍ෂික සමුළුවක් කැඳවා මහානායක හිමිවරුන්ගේ හා සියලූම දෙනාගෙන් අදහස් ලබාගෙන උතුරේ ජනතාවටත් සාධාරණයක් වන ආකාරයෙන් ව්‍යවස්ථා සංශෝධන ක‍්‍රියාවලිය සිදුවෙනවා නම් ඒ සඳහා ඒකාබද්ධ විපක්‍ෂය සම්පූර්ණ සහයෝගය ලබාදෙනවා. මේක 2020 ජනාධිපතිවරණයේදී තමන්ට ඡන්දගන්න බලාගෙන කරන සෙල්ලමක්. මේක උතුරේ ජනතාවට දෙන අයිසින් කේක් කෑල්ලක්. ඒ නිසා මේ ව්‍යවස්ථා සංශෝධනයෙන් බලය බෙදීමක් සිදුවෙන්නේ නැතැයි පැවසීය.පාර්ලිමේන්තු මන්ත‍්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා මෙසේ පැවසීය.තවත් මාස දෙකකින් මේ ආණ්ඩුවට අවුරුදු තුන සම්පූර්ණ වෙනවා. මේ කාලය ඇතුළතදී රටේ කොයිතරම් උද්ඝෝෂණ, වර්ජන, මිනිස්සුන්ට පහරදීම් සිද්ධ වුණාද. ආයෝජකයන් රටට ආවේ නැහැ. ව්‍යාපාර කඩාගෙන වැටිලා. රට අවුල්වෙලා අවාසනාවන්ත තත්ත්වයකට පත්වෙලා. ඒ නිසා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව වෙනස් කිරීමෙන් රටේ ඇතිවී තිබෙන සියලූම ප‍්‍රශ්න විසඳිය හැකියැයි ආණ්ඩුව කල්පනා කරනවා.ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්‍ෂයේ යෝජනා තවමත් ඉදිරිපත් වෙලා නැහැ. මේ ලෑස්ති වෙන්නේ කොලේ වහල ගහන්නයි. තවත් නොබෝ දිනකින් හදිසියේම ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා සම්මත කරගන්න ආණ්ඩුව ක‍්‍රියාකරනවා. ව්‍යවස්ථා සංශෝධන ක‍්‍රියාවලිය තනිකරම නංගි පෙන්නලා අක්ක දීමක්. මේකට විරුද්ධ එක්සත් ජාතික පක්‍ෂයේ මැති ඇමතිවරු දැනටමත් අපිත් එක්ක ඉන්නවා. මෙය බහුතර ඡන්දයෙන් සම්මතවීමට අපි ඉඩ දෙන්නේ නැහැ.අපේ රටේ මෙච්චර කල් වික්කේ පොල් ගෙඩි. දැන් විකුණන්නේ පොල් බෑ. ලූනු කිලෝව රුපියල් 260යි. මිනිස්සු කනව නෙවෙයි ලෙව කනවා. අනිත් පැත්තෙන් පාතාලය හිස ඔසවනවා. ව්‍යවස්ථා සංශෝධනයට විරුද්ධ මහනායක හිමිවරුන්ට පහර දෙන්න එන්.ජී. ඕ. කාරයින් දානවා. රටේ නීතිය වල් වැදිලා. පොලිසිය පන්නන්නේ ඒකාබද්ධ විපක්‍ෂය පස්සෙයි. අපිව කොයි වෙලේ ඇතුළට දායිද දන්නේ නැතැයි පැවසීය.පාර්ලිමේන්තු මන්ත‍්‍රී පියල් නිශාන්ත මහතා මෙසේ පැවසීය. මේ වනවිට රට ඉතාම තීරණාත්මක මෙහොතකට මුහුණ දී සිටිනවා. සංහිඳියාව ඇති කරන්න ගේන ව්‍යවස්ථාවෙන් රට නැවැත අමු සොහොනක් බවට පත්වෙනවා. සංහිඳියාව වචනය ඉස්සරහට දාගෙන ආණ්ඩුව දැවැන්ත කුමන්ත‍්‍රණයක යෙදෙනවා යැයි පැවසීය.
ආණ්ඩුව පනත් සම්මත කරන්නේ තක්කඩි විදිහට
0
hp_train_7548
ශ්‍රී ලංකාවේ සෑම ප්‍රදේශයකටම පාහේ  වියළි සහ ශීත කාලගුණයක් පවතිනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. හිමිදිරි පාන්දර නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථාන වල මල්තුහීන ඇති විය හැකියි.ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය                                                      දිනය : 14/01/2016නගරයඋෂ්ණත්වය (සෙ. අංශක)සාපේක්ෂ ආර්ද්‍රතාවය (%) කාලගුණයඋපරිමඅවමඋපරිමඅවමඅනුරාධපුරය30199560ප්‍රධාන වශයෙන් වැසි රහිතමඩකලපුව30258065ප්‍රධාන වශයෙන් වැසි රහිතකොළඹ33228050ප්‍රධාන වශයෙන් වැසි රහිතගාල්ල30229075ප්‍රධාන වශයෙන් වැසි රහිතයාපනය30208060ප්‍රධාන වශයෙන් වැසි රහිතමහනුවර29189560ප්‍රධාන වශයෙන් වැසි රහිතනුවරඑළිය21079560ප්‍රධාන වශයෙන් වැසි රහිතරත්නපුරය33229560ප්‍රධාන වශයෙන් වැසි රහිතත්‍රීකුණාමළය31229065ප්‍රධාන වශයෙන් වැසි රහිතමන්නාරම30228060ප්‍රධාන වශයෙන් වැසි රහිත                
‘මේ දිනවල අවුවේ ඉන්නේ බලාගෙනයි‘
0
hp_train_7549
(එස්. ඩී.කොඩිකාර)බලපත්‍ර රහිත විදේශ රටක නිෂ්පාදිත බෝර දොළහ  පතොරම්  තුවක්කුවක් සමඟ සැකකරුවෙක් නයාදොළ ප්‍රදේශයේදී  අද (19) අත්අඩංගුවට ගත්බව මොරවක පොලිසිය පවසයි.පොලිසියට ලද තොරතුරක් මත මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ නයාදොළ ,අලපලාදෙනිය ප්‍රදේශයේ පදිංචි 49 හැවිරිදි ටිපර් රථ  රියදුරෙකු  බව පොලිසිය කියයි.සැකකරුගේ නිවසේ සඟවා  තිබීදී  මෙම ගිනි අවිය පොලිසිය සොයාගෙන ඇති අතර සැකකරු අද (19) මොරවක මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.  
ගිනි අවියක් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට
0
hp_train_7550
මධ්‍යම කඳුකරයේ නිරිත දිග බෑවුම් ප්‍රදේශවල සහ නිරිතදිග හා දකුණු මුහුදු ප්‍රදේශවල විටින් විට තද සුළං බලාපොරෝතුවන බවත් එය පැයට කිලෝ මීටර් 50-60 දක්වා වැඩි විය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි . මධ්‍යම, බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල වැසි වාර කිහිපයක් ඇතිවේ.
‘නිරිත දිග සුළං වැඩි වෙයි‘
1
hp_train_7551
(***මතුගම බන්දු තඹවිට, *** අලුත්ගම තුසිත කුමාර ද සිල්වා)වසංගතයක් බවට පත්ව ඇති පාතාලය හා මත්ද්‍රව්‍ය ජාවාරම මෙරටින් තුරන් කිරීමට ගත හැකි හැම පියවරක්ම ගන්නා බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා බේරුවල දී ඉකුත්දා (10) පැවැසීය.එම වැඩපිළිවෙළ සාර්ථකව සිදුකළ හැක්කේ තම රජයට පමණක් යැයි ද ඔහු කීවේය.ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් කළුතර දිස්ත්‍රික්කයට තරග කරන අපේක්ෂකයන්ට සහය පළ කරමින් මෙම ජනහමු සංවිධානය කර තිබිණ.කළුතර, මතුගම, බේරුවල, හොරණ ප්‍රදේශවල මෙම ජනහමු සංවිධානය කර තිබිණි.එම ජනහමුවලදී අගමැතිවරයා මෙසේ ද පැවැසීය.කළුතර දිස්ත්‍රික්කය ගැන දන්න ආසන ගැන දන්න රට ගැන දන්න ජාත්‍යන්තරය ගැන දන්න පිරිසක් තමයි අපේ අපේක්ෂකයෝ විදිහට ඉදිරිපත් කරලා තියෙන්නේ. අපි බේරුවලත් එක්ක සම්බන්ධකම් තියෙන්නේ 1970 ඉඳලා. පාද යාත්‍රාව වැඩසටහන යනකොට අපිට කෑම ටික දුන්නේ බේරුවල මර්ජාන් මහතාගේ පියා. හැබැයි ඒක අමතක වෙන්නේ නැහැ. ඒ කාලේ ප්‍රශ්නෙකුත් ආවා මොකද නෝම්බි කාලේ අපට කන්න දුන්න කියලා. ඒ වෙලාවේ එතුමා කිව්වා නෝම්බි කාලේ කන්න හොඳ නැත්තේ අපිටයි කියලා. අනිත් අය කෑවට කමක් නෑ කියලා කිව්වා. මෙහෙම තමයි එදා බේරුවල මුස්ලිම් ජනතාව අපට උදව් කළේ.අපි ඇත්ත වශයෙන්ම ජාතික ලැයිස්තුවෙන් මර්ජාන් පලීල් මහතා දැම්මා. දැන් බැලුවම බේරුවලින් දෙන්නෙක්ම ඉන්නවා. අනිත් එක්කෙනත් බේරුවල එක්කෙනෙක්. එතුමා බේරුවල පමණක් සීමා වෙලා නැහැ. එතුමා අධිනීතිඥ අලිසබ්රි මහතායි. පසුගිය දවස්වල කුරුණෑගලත් ආවා.එක්සත් ජාතික පක්ෂය පහුගිය කාලේ කළේ අප ගෙනා දැවැන්ත සංවර්ධන කටයුතු නැවැත්තුව එකයි. බලන්න මේ වෙනකොට ඉවර වෙන්න තිබුණ පාරවල් ටික ගොඩනැගිලි ටික අධිවේගී මාර්ග වැඩ අවසන් කර නැහැ. අපි හදපු ගෙවල් ටික වික්කා. වරාය වික්කා. ගුවන් තොටුපළ විකුණන්න ලෑස්ති කරලා තිබ්බා. ඒක යාන්තම් බේරගත්තා. අපි ඉන්දියාවත් එක්ක කතා කරලා ජනාධිපතිතුමත් කිව්වා මෙහෙම කරන්න එපා කියලා. මේ සම්පත් දරුවන්ටයි අයිති. ඔබේ දරුවටයි දරුවගෙ දරුවන්ටයි මොනවද අයිති වෙන්නේ මේවා වික්කනම්. මේව පිටරටට විකුණන්න නෙමෙයි හදලා තියෙන්නේ. මේ භූමියත් පිටරට විකුණන්න පුළුවන් කමක් නැහැ. මේ භූමිය අපේ ජනතාවටයි අයිති.අනාගතයේ දරුවන්ටයි නූපන් දරුවන්ටයි අයිති මේ භූමිය විකුණා දැමීමට ඉඩ තැබිය යුතු නැහැ. අපි රටක් වශයෙන් ඉදිරියට යා යුතුයි. අපේ ජනාධිපතිතුමා සැලැස්මක් හදලා ඒ තුළින් රට ඉදිරියට ගෙනියන්න කටයුතු කරනවා. ව්‍යවස්ථාව වෙනස් කරන්න ආණ්ඩුවට 2/3 බලයක් අවශ්‍ය වෙනවා. ව්‍යවස්ථාවේ තියෙන අඩුපාඩු අප්‍රමාණයි. එහෙමනම් මේ ව්‍යවස්ථාව වෙනස් කරලා නව ව්‍යවස්ථාවක් හදන්න ජනාධිපතිවරයාට ශක්තියක් වෙන්න මේ මැතිවරණයෙත් අපේ පිරිසක් පාර්ලිමේන්තුවට යැවිය යුතු වෙනවා.සහෝදරවරුනි ඔබ දන්නවා ද අපි යුද්ධයත් දිනුවා. ඒ වගේම එල්ටීටී ත්‍රස්තවාදීන්ගේ කරේ තිබුණු සයිනයිඩ් කරල් පවා අපි ඔවුන්ගේ කරෙන් ගලවා ඉවත් කිරීමට කටයුතු කර තිබෙනවා.අපි රටක් විදිහට ඉදිරියට යා යුතුයි. අපේ ජනාධිපතිතුමා සැලසුමක් හදලා ඒ තුළින් ඉදිරියට ගෙන යන්න කටයුතු කරනවා. ව්‍යවස්ථාව වෙනස් කරන්න ආණ්ඩුවට 2/3 බලයක් අවශ්‍ය වෙනවා. ව්‍යවස්ථාවේ තියෙන අඩුපාඩු අප්‍රමාණයි. ඒ ව්‍යවස්ථාව වෙනස් කරලා නව ව්‍යවස්ථාවක් හදලා ජනාධිපතිවරයාට හැටනව ලක්ෂයක් ඡන්දය දීලා ගොඩනගපු දේශපාලන වැඩපිළිවෙළ ක්‍රියාවට නංවන්නට පාර්ලිමේන්තුවට 2/3 බලයක් ලබා ගැනීමට ඔබ කටයුතු කරයි කියලා දැඩි බලාපොරොත්තුවක් තියෙනවා.රට ඉදිරියට ගෙන යන්න ලැබෙන්නේ ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති ගෙනියන්න ලැබෙන්නෙත් පක්ෂෙන්. එහෙම නැත්නම් අද රනිල් වික්‍රමසිංහයි මෛත්‍රීපාල ජනාධිපතිවරයයි කළා වගේ කළොත් ජනතාවට සෙතක් වෙන්නේ නෑ. මෙයා කරන දේ අරය දන්නේ නැහැ. අරය කරන දේ මෙයා දන්නේ නැහැ වගේ. මම තමුන්නාන්සේලාගෙන් ඉල්ලා සිටිනවා පක්ෂය වෙනුවෙන් කටයුතු කරන්න කියලා. අපි ජාතිවාදී පක්ෂයක් නෙවෙයි. නැවත වාරයක් සිංහල මුස්ලිම් දෙමළ ජනතාවට එකට පදිංචි වෙන්න ලැබුණේ අපේ ආණ්ඩුව නිසා බවත් මේ අවස්ථාවේ සඳහන් කරනවා.පාතාලය හා මත්ද්‍රව්‍ය දරුණු ලෙස රට පුරා ව්‍යාප්ත වීම හේතුවෙන් අපේ තරුණ පිරිස් හා රටේ ජනතාව බරපතළ අපහසුතාවකට පත්වෙලා. මත් උවදුර ව්‍යාප්ත වීම කොතරම් ද කියනවා නම් මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගැනීමට යොදවා සිටි පිරිස් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගෙන් පිරී ගොස් ඇති බව පරීක්ෂණ වලින් අනාවරණය වෙමින් පවතිනවා. වර්තමානය වන විට බන්ධනාගාරය තුළ සිට මත්ද්‍රව්‍ය සහ පාතාල ක්‍රියාකාරකම් මේ වනවිට දරුණු අවදානම් තත්ත්වයක් බිහි වී තිබෙනවා. මේ තත්ත්වය නැති කිරීමට ජනාධිපතිවරයා පියවර අරගෙන තිබෙනවා. ජනාධිපතිවරයා ගෙන යන වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීමට නම් රජය පිහිටුවීමෙන් පසු ඊට සම්පූර්ණ සහාය ලබා දෙනවා.ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස්, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රෝහිත අබේගුණවර්ධන, පියල් නිශාන්ත, විදුර වික්‍රමනායක මහත්වරුන් ඇතුළු කළුතර දිස්ත්‍රික් අපේක්ෂකයෝ ද මෙම ජනහමු අමතා කතා කළහ.
පැහැදිලි සාක්කියක් නැත්නම් රජයේ සේවකයකු අත්අඩංගුවට ගන්න බෑ
0
hp_train_7552
(අංජුල මහික වීරරත්න සහ නුවරඑළිය ෂෙල්ටන් හෙට්ටිආරච්චි අඹේවෙල සිට)රාජපක්ෂ ආණ්ඩුව සමයේ අතුරුදන් වූ ඩොලර් කෝටි ගණනක් වූ ජාතික ධනය පිළිබඳව කවුරුන් හෝ අබිරහස් නවකතාවක් ලිවිය යුතු බව අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා අඹේවෙලදී පෙරේදා (7) පැවැසීය.ඡුන්ද දායකයන් යහපාලන රජයට ඡන්දය දුන්නේ හොරකම් නොකරන ක‍්‍රමවේදයක් ඇති කිරීමට බව කී අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා රජය කිසිවිටක හොරකම අනුමත නොකරන බව ද කීවේය.එදා වංචා දුෂණ හෙළිකරන විට දුටුගැමුණු රජුට මඩ ගහනවා යැයි කියූ මාධ්‍යය අද යළි උපන්නා ලෙස කටයුතු කරන බව ද අග‍්‍රාමාත්‍යවරයා පැවැසීය.අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා මේ බව කීවේ ග‍්‍රාමීය ආර්ථික කටයුතු පිළිබඳව අමාත්‍යාංශයට අනුබද්ධ මිල්කෝ (ප‍්‍රයිවට්) ලිමිටඞ්හි අඹේවෙල කර්මාන්තශාලාවේ නවීකරණය කළ කිරිපිටි නිෂ්පාදනාගාරය විවෘත කිරීමේ උත්සවයේ ප‍්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වෙමිනි.මෙහිදී අගමැති අතින් කිරි ගොවීන් සඳහා ඇගයුම් තිළිණ ප‍්‍රදානයක් ද සිදුවිය.එම උත්සවයේදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා මෙසේ ද පැවැසීය.”පළමුවෙන්ම පදිරිප්පුව ප‍්‍රදේශයෙන් පැමිණි ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ නර්තන කණ්ඩායමට මම ප‍්‍රශංසා කරනවා. එය සම්ප‍්‍රදායත් නූතන ක‍්‍රමයත් එක්වූ ඉතා හොඳ නැටුමක්. ඒ වගේම යුද හමුදා නර්තන කණ්ඩායමටත් ප‍්‍රශංසා කරනවා. නමුත් මෙම ස්ථානයෙන් ඉක්මනින් පිටව යා යුතු නිසා ඔවුන්ගේ අනෙක් නර්තනාංග බැලීමට නොහැකිවීම අවාසනාවක්.අමාත්‍ය පී. හැරිසන් මැතිතුමා නව ආයෝජන හරහා නවීකරණය වූ මෙම කර්මාන්තශාලාව විවෘත කිරීමට මට ආරාධනා කළා. මෙම කර්මාන්තශාලාව නවීකරණය  කිරීම සඳහා 2008 වසරේ කටයුතු ආරම්භ කළත් ඊට අවශ්‍ය මුදල් ලබාදී මෙම වැඩකටයුතු ආරම්භ කළේ 2015 වසරේ මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා ප‍්‍රමුඛ අපේ ජාතික ආණ්ඩුව යටතේයි.මෙම නවීකරණ කටයුතු සිදු නොකළා නම් කිරි විශාල ප‍්‍රමාණයක් අපතේ යාම සිදුවෙනවා. කිරි ගොවීන්ට සිය කිරි නිෂ්පාදනය අලෙවි කර ගැනීමට නොහැකි වෙනවා. මෙම නවීකරණය හරහා දැනට මෙහි තිබෙන කිරි ලීටර් ලක්ෂයක ගබඩා පහසුකමට අමතරව තවත් කිරි ලීටර් ලක්ෂ දෙකක ගබඩා පහසුකමුත් ලැබී තිබෙනවා.මේ හරහා අපේ බටර් නිෂ්පාදනය දිනකට කිලෝග‍්‍රෑම් දස දහසක් දක්වා වැඩිකර ගැනීමේ හැකියාවක් තිබෙනවා. දැනට පවතින ලීටර් 40,000ක ගබඩා පහසුකම් සහිත ටැංකියටත්, ලීටර් 20,000 බැගින් වන ගබඩා ටැංකි හතරටත් අමතරව ලීටර් 40,000ක ගබඩා පහසුකම් සහිත තවත් ටැංකි දෙකක් මෙහි ඉදිකර තිබෙනවා. එම නිසා මෙහි තිබෙන ගබඩා පහසුකම පෙරටත් වඩා වැඩි වී තිබෙනවා.ඒ වගේම පාස්චරීකරණ යන්ත‍්‍රයේ දැන් ක‍්‍රියාකාරීත්වය පැයකට ලීටර් 15,000 දක්වා වර්ධනය කර තිබෙනවා. ඒ වගේම සෙන්ටිගේ‍්‍රට් අංශක 90 දක්වා අවශ්‍ය උණුසුම සැපයීමේ පහසුකම් දියුණු කර තිබෙනවා. එමෙන්ම කර්මාන්තශාලාවේ වායුසමීකරණ යන්ත‍්‍ර හරහා පැයකට ලීටර් 15,000ක් පාස්චරීකරණය කිරීමේ හැකියාව තිබෙනවා. එසේ නම් මෙය වැදගත් ආයෝජනයක් බවට අපට පෙනී යනවා. මේ ප‍්‍රදේශයේ කිරි ගොවීන්ට එදාට වඩා හොඳ ආදායමක් ලබාගැනීමේ හැකියාව අද උදාවී තිබෙනවා.රජයක් ලෙස අපි ප‍්‍රාග්ධනය ආයෝජනය කරන්නේ වැදගත් දේවල් සඳහා පමණයි. අපේ අරමුණ නාස්තිය නොව රටේ සුභසිද්ධියයි. වල් අලි වාසය කරන ප‍්‍රදේශයක කෝටි 320ක වියදමින් සූරියවැව ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණය ඉදිකිරීම වැනි නොවැදගත් ආයෝජන අප සිදු කරන්නේ නැහැ. පසුගිය ආණ්ඩුවේ රාජපක්ෂ රෙජිමය ඉදිකිරීමේ කටයුතු කළේ තම හෙංචයියන්ට වාසි ලබාදීම සඳහා පමණයි.ඔවුන් හම්බන්තොට වරායට ඩොලර් කෝටි 150ක් ගෙවා තිබෙනවා. නමුත් අපි හම්බන්තොට වරාය පිළිබඳ ගිවිසුම අත්සන් කරනවිට වැඩිම මුදලක් ගෙවීමට ඉදිරිපත් වූ සමාගම් දෙක අතුරින් අප තෝරා ගත්තේ රටට වැඩිම වාසියක් අත්වන පරිදි ඩොලර් කෝටි 140ක් ගෙවීමට ඉදිරිපත් වූ සමාගමයි. නමුත් පසුගිය රජය මෙය ඉදිකිරීමේදී ඩොලර් කෝටි 150ක් වැයකර තිබෙනවා. නමුත් එහි වටිනාකම ඩොලර් කෝටි 140ක් පමණයි. එසේ නම් අතුරුදන් වූ ඉතිරි ඩොලර් කෝටි 10 හෙවත් රුපියල් කෝටි 1500 පිළිබඳව කවුරුන් හෝ අභිරහස් නවකතාවක් ලිවිය යුතුයි.එදා අපි මෙම වංචාව පෙන්වා දෙන විට ලංකාවේ මාධ්‍ය අප ද්‍රෝහීන් යැයි පැවැසුවා. අපි දුටුගැමුණු රජ්ජුරුවන්ට මඩ ගහනවා යැයි පැවැසුවා. නමුත් දැන් ලංකාවේ තිබෙන්නේ යළි උපන් මාධ්‍යයක්. හොරකම් කිරීම අනුමත කරන්නේවත් අනුමත කිරීමට වුවමනාවක්වත් අපට නැහැ. අපේ ඡන්ද දායකයන් අපට ඡන්දය දුන්නේ හොරකම් නොකරන ක‍්‍රමවේදයක් ඇති කිරීමටයි. අපේ ඇමැතිවරුන්ට හොරකම් කිරීම සම්බන්ධයෙන් චෝදනා නොතිබුණත් අවශ්‍ය අවස්ථාවල ලංකාවේ පළමු වතාවට කොමිෂන් සභා ඉදිරියට ගොස් සාක්ෂි දෙන ලෙස අප පැවැසුවේත් එම නිසා බව මම විශේෂයෙන් මේ අවස්ථාවේ කියන්න කැමැතියි.නවීන් දිසානායක ඇමැතිතුමාත් පැවැසූ පරිදි අප මේ රට භාර ගන්නාවිට රටේ ආර්ථිකය පැවැතියේ විශාල අර්බුදයකයි. පසුගිය රජය වතුර ඉල්ලූ දරුවන් මරා දැම්මේ පඩි වැඩි කිරීමට ඉල්ලූ සේවකයන්ට වෙඩි ප‍්‍රහාර එල්ල කළේ එම ආර්ථික ආර්බුදය පිළිබඳව ඔවුන් දැනගෙන සිටි නිසයි. ඔවුන් එදා උමා ඔය ව්‍යාපෘතියට එරෙහිව උපවාස කළ පුද්ගලයන්ට කඳුළු ගෑස් ප‍්‍රහාර එල්ල කළා. අප බලයට පත්වී ඒ සියලූ දේ වෙනස් කළා. අප ජනතාවට සහන ලබාදෙමින් නිවාස ව්‍යාපෘති ලබාදීමට පියවර ගත්තා. මේ වනවිට අප වතුකරයේ නිවාස 16,000ක් ඉදිකරමින් සිටිනවා. ඒ වගේම තවත් නිවාස 14,000ක් ඉදිකිරීමට ඉදිරියේදී කටයුතු කරනවා.ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයන් සංඛ්‍යාව ගිය වසරේ ලක්ෂ 20ක් දක්වා වැඩිකර ගැනීමට අපට හැකියාව ලැබුණා. එම සංචාරකයන් විශේෂයෙන් මේ ප‍්‍රදේශවලට පැමිණෙනවා. අප මෙවැනි විශාල දියුණුවක් කරා රට ගෙන ගියා. අප රටේ අධ්‍යාපනයට යොදවන මුදල් ප‍්‍රමාණය වැඩිකරමින් වසර 13ක පාසල් අධ්‍යාපනය අප අනිවාර්යය කළා. ඒ වගේම මේ ප‍්‍රදේශය තුළ උසස් පෙළ විභාගය සඳහා විද්‍යා අංශයෙන් ඉදිරිපත්වන ළමුන්ට ද්‍රවිඩ මධ්‍ය මහා විද්‍යාල 25ක් ආරම්භ කර තිබෙනවා. ඒ වගේම මූලික ආහාර වර්ග සාධාරණ මිලක් යටතේ ලබාදීමටත් අප දැන් කටයුතු කරමින් සිටිනවා. මේ සියලූ දේ දීර්ඝකාලීනව ඉදිරියට ගෙන යාමට නම් අපට ශක්තිමත් ආර්ථියක් අවශ්‍ය වෙනවා. අප 2015 දී ජාතික ආණ්ඩුවක් නිර්මාණය කළේ එම ශක්තිමත් ආර්ථිකය ගොඩ නැගීම සඳහායි.මීට පෙර ශ්‍රී ලංකාවට තිබුණේ ණය බරින් මිරිකුණු ආර්ථිකයක්. එම ණය ප‍්‍රමාණය කෙතරම් ද කියනවා නම් රාජපක්ෂ රෙජිමය ණය ලබාදෙමින් හොඳට කෑවා. ඒ කෑම වමනෙ කළාම රටටම ඒක සුද්ධ කරන්න වෙලා තියෙනවා. ඔවුන් ණය බර පරම්පරා තුනකට ඉතිරි කළා. නමුත් අපේ පරම්පරාවේදීම මේ ණය ගෙවා අවසන් කිරීමට අප තීරණය කර තිබෙනවා. සෑම දෙමවුපියකුගේම අරමුණ තමන් ලබාගත් ණය තමන්ගේ දරුවන්ට ගෙවීමට ඉඩ නොදී තමන් විසින්ම ගෙවා අවසන් කිරීමයි. අන්න ඒ නිසයි අප ලබාගත් ණය අපේ කාලයේදීම ගෙවා දැමීමේ අරමුණ ඇතිව මෛතී‍්‍රපාල සිරිසේන ජනාධිපතිතුමා සමඟ එක්ව මම ජාතික ආණ්ඩුව නිර්මාණය කළේ.මේ ණය ගෙවීම පරක්කු කරමින් එය තවත් පරම්පරා කිහිපයකට ඉතිරි කරමින් පක්ෂ අතර ගැටුම් ඇතිකර ගනිමින් බලයේ සිටීමේ හැකියාව අපටත් තිබුණා. අප ආණ්ඩුව භාරදුන් 2005x2014 කාලය තුළ මෙ රටේ සම්පූර්ණ ණය ප‍්‍රමාණය 233% කින් වැඩි වී තිබෙනවා. නමුත් රටේ ආදායම පහළ බැස තිබුණා. අවසානයේ ණය පියවීම සඳහා රටේ ආදායම ප‍්‍රමාණවත් වුණේ නැහැ. 2013 වසරේදී රටේ ණය පියවීම සඳහා රුපියල් කෝටි 1147ක් අවශ්‍යව තිබුණා. නමුත් ඒ වනවිට රටේ ආදායම රුපියල් කෝටි 130ක් පමණයි. ණය පියවීමට, රටේ එදිනෙදා වියදම් සඳහා ප‍්‍රාග්ධනය ආදිය සඳහා රට තුළ මුදල් තිබුණේ නැහැ. ඔවුන් ඉක්මන් ජනාධිපතිවරණයකට එළැඹුණේ මෙම ගැටලූ නිසායි.නමුත් මේ රට භාරගැනීමෙන් පසුව අප ඉතා අමාරුවෙන් රට ඉදිරියට ගෙන ගියා. 2016 දී ණය ගෙවීම සඳහා අපට රුපියල් බිලියන 1353ක් අවශ්‍ය වුණා. එම වසර තුළ අප ගනු ලැබූ පියවර සහ කි‍්‍රයාමාර්ග හේතුවෙන් රටේ ආදායම රුපියල් බිලියන 1681ක් දක්වා වර්ධනය වුණා. එසේ නම් අඩුම තරමින් එම වසරේදී රටේ ආදායමෙන් ලබාගත් ණය පියවීමට හෝ හැකියාව තිබුණා. අපට වැට් වැඩි කිරීමට ද සිදුවුණා. ඒ වගේම බදු එකතු  කරන්නන්ගේ කණ්ඩායම වැඩි කිරීමට සිදුවුණා. ඒ හරහා ඉන්ධන මිල අඩුකිරීමේ හැකියාව අපට තිබුණා. නමුත් බොහෝ අය පැවැසුවේ ඉන්ධන මිල අඩු නොකර ඉන් ලැබෙන ආදායම ණය පියවීම සඳහා යොදවන ලෙසයි. නමුත් අප ජනතාවට ඉන්ධන සහනය ලබා දුන්නා. වැටුප් වැඩිනොකර එම මුදල් ණය පියවීම සඳහා යොදවන ලෙස ඇතැමුන් පවසද්දී අපි රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩි කළා.ඉන්ධන මිල අඩු කිරීමෙන් අපේ ආදායම පහත බැස්සා. වැටුප් වැඩිකිරීම හරහා අපේ වියදම් ඉහළ ගියා. නමුත් ජනතාවට සහන ලබාදෙමින් රටේ ආර්ථිකය ඉදිරියට ගෙන යාමේ ශක්තිය අප සතු බව අප තීරණය කළා. අප දැන් ආර්ථිකය ස්ථාවර කර තිබෙනවා. නමුත් විසඳාගත යුතු තවත් ගැටලූ කිහිපයක් තිබෙනවා. ණය ගෙවීමට, රාජ්‍ය වියදම්, ප‍්‍රාග්ධන ආයෝජනයට ආදී සියලූ දේට අප දැන් මුදල් සොයාගත යුතුයි. 2018 වනවිට අපට ගෙවීමට ඇති ණය ප‍්‍රමාණය රුපියල් කෝටි 260 ලක්ෂයක්. 2016 දී අපට ගෙවීමට තිබුණේ රුපියල් කෝටි 135 ලක්ෂයක්. 2019 සහ 2020 දීත් මෙවැනිම විශාල ණය ප‍්‍රමාණයක් ගෙවීමට අපට සිදුව තිබෙනවා.මේ තරම් විශාල ණය ප‍්‍රමාණයක් ගෙවන්නේ කෙසේ දැයි සිතමින් මෙහි සිටින නෝනා මහත්වරුන්ගේ මුහුණුවල ස්වභාවය දැන් තරමක් වෙනස් වී තිබෙනවා. අප මේ වනවිට ආර්ථිකය ශක්තිමත් කිරීමට අවශ්‍ය කටයුතු සිදුකරන්නේ අපේ ආදායම හරහා මෙම ණය ප‍්‍රමාණය ගෙවීමටයි. ඒ වගේම තවත් ගැටලූවක් අපට ඉතිරි වෙනවා. රටේ එදිනෙදා වැටුප් ගෙවීමට, අමාත්‍යාංශ පවත්වාගෙන යාමට, ඉන්ධන, විදුලිබලය ආදී වියදම් ගෙවීමට අපට සිදුවෙනවා. ඇතැම්විට අනාගතයේදී ණය ගැනීමට අපට සිදුවේවි. නමුත් එම ණය නැවත ගෙවිය හැකි ශක්තිමත් ආර්ථිකයක් නිර්මාණය කළ යුතුයි.රට තුළ ආයෝජන අවස්ථා වැඩි කරනවා නම් එවැනි ශක්තිමත් ආර්ථිකයක් නිර්මාණය කිරීමේ හැකියාව පවතිනවා. මහාමාර්ග, පාසල් ආදිය ඉදිකිරීම් සඳහා අවශ්‍ය ණය අප ලබාගත යුතුයි. නමුත් නැවත එම ණය ගෙවිය යුතුයි. ඒවා ප‍්‍රතිලාභ ලැබෙන වාණිජමය ව්‍යාපෘති නොවෙයි. අප රටේ ආයෝජන අවස්ථා වැඩි කරනවා නම් මේ සියලූ දේ සඳහා ලබාගත් ණය පියවීමේ හැකියාව අපට ලැබෙනවා.ආයෝජන, කර්මාන්තශාලා, හෝටල් ව්‍යාපෘති සහ වෙනත් ව්‍යාපාර ආදිය වර්ධනය වී ඒ හරහා රැකියා අවස්ථා වර්ධනය වෙනවා. එවිට ඒ හරහා වර්ධනය වූ සේවක සංඛ්‍යාව සහ එම ආයතන රජයට බදු ගෙවනවිට රටේ ආදායම ඉහළ යනවා. එම නිසා 2028-2029 වන තෙක් රටේ ආයෝජන අවස්ථා වැඩි කිරීමට අප බලාපොරොත්තු වෙනවා. ඉන් අනතුරුව අපට සිදු කිරීමට තිබෙන්නේ රටේ වෙළඳාම වැඩි කරමින් අප අපනයනය කරන භාණ්ඩ සංඛ්‍යාව ඉහළ දැමීමයි.පසුගිය කාලයේ රටේ අපනයනය පහත බැස තිබුණා. තේ, රබර්, පොල් හැර රටේ අපනයනය සීමා වී තිබුණේ ඇඟලූම්, රබර් සහ ටයර් නිෂ්පාදන සඳහා පමණයි. ජාත්‍යන්තරයෙන් රටට කිසිදු සහනයක් ලැබුණේ නැහැ. නමුත් අපේ ජාතික ආණ්ඩුව යටතේ දැන් ජී.එස්.පී. ප්ලස් සහනය ලබා ගනිමින් භාණ්ඩ 6000ක් අපනයනය කිරීමේ අවස්ථාව අපට ලැබී තිබෙනවා. නව නිෂ්පාදන 6000ක් නොවන අඩුම තරමින් නිෂ්පාදන 50ක් 100ක් අතර සංඛ්‍යාව හෝ අපනයනය කිරීමට හැකියාව තිබෙනවා නම් එය රටේ ආදායමට ප‍්‍රමාණවත්. අපනයන ආදායම වැඩිකරමින් ආයෝජන අවස්ථා වැඩි කිරීමයි අප දැන් සිදුකළ යුත්තේ. අප දැන් එය ආරම්භ කර තිබෙනවා. හම්බන්තොට වරාය හරහා රටට රුපියල් බිලියන 4600ක් අහිමි වුණා. නමුත් හම්බන්තොට වරාය පිළිබඳව වරාය අධිකාරියත් චයිනා මර්චන්ට් සමාගමත් අතර නව ගිවිසුමකට එළැඹුනු නිසා අපට රුපියල් කෝටි 16,500ක් ලැබී තිබෙනවා. හම්බන්තොට වරාය හරහා රටට අහිමි වූ මුදල රුපියල් කෝටි 6600ක්. නමුත් මේ ගිවිසුම නිසා රටට රුපියල් කෝටි 16,000ක ආයෝජනයක් ලැබුණා. මේ ආයෝජන හරහා රටේ විදේශ විනිමය සංචිත වැඩිකර ගැනීමට හැකියාව ලැබෙනවා. අපේ ණය ප‍්‍රමාණය අඩුකර ගැනීමටත් අපට හැකිවෙනවා. මෙවැනි ක‍්‍රමානුකූල ආකාරයකට රටේ ආර්ථිකය පාලනය කරමින් ණය ගෙවීමටයි අප බලාපොරොත්තු වන්නේ.රට තුළට ආයෝජන අවස්ථා සීඝ‍්‍රයෙන් රැුගෙන ආ යුතුයි. එම වැඩසටහනට අපේ සම්පූර්ණ ශක්තිය අවධානය යෙදවීමට අප බලාපොරොත්තු වනවා. හම්බන්තොට වරායත් සමග අපට තෙල් පිරිපහදු මධ්‍යස්ථානයක් සඳහා ද ආයෝජන ලැබී තිබෙනවා. වානේ කර්මාන්තශාලාවක් සඳහාත් එල්.එන්.ජී. විදුලි බලාගාරයක් සඳහාත් සිමෙන්ති කර්මාන්තශාලාවක් සඳහාත් නැව් තටාකයකටත් අපට මූලික වශයෙන් ආයෝජන ලැබී තිබෙනවා.මේ වනවිට වයඹ කර්මාන්ත කලාපයක් ඇති කිරීමට අවශ්‍ය කටයුතු අප සූදානම් කරමින් සිිටිනවා. ඒ වගේම කළුතර ප‍්‍රදේශයේ කර්මාන්ත කලාපයක් ඇති කිරීමටත් අප සූදානම් වෙනවා. මේ ප‍්‍රදේශයත් දියුණු කිරීමට අවශ්‍ය කටයුතු අප සිදුකරනවා. එවිට නුවරඑළිය, බදුල්ල ආදී ප‍්‍රදේශවල ජනතාවටත් මේ ප‍්‍රදේශයට පැමිණ රැකියා ලබා ගැනීමේ හැකියාව ඇති වෙනවා. ජේ.ආර්. ජයවර්ධන, රණසිංහ පේ‍්‍රමදාස ආදී ජනාධිපතිවරුන් කර්මාන්ත කලාප ඇති කළ ආකාරයටම අපත් කර්මාන්ත කලාප ඇති කරමින් විශාල දියුණුවක් ළඟා කරගැනීමට බලාපොරොත්තු වෙනවා. මම එම ජනාධිපතිවරුන් දෙදෙනා යටතේම වැඩ කළා. මම බියගම වෙළෙඳ කලාප තුනක් ආරම්භ කළා. ඒ වගේම සීතාවක, කොග්ගල, පල්ලේකැලේ, හොරණ වෙළෙඳ කලාප අප ඇති කළා. ඇඟලූම් කර්මාන්තය සංවර්ධනය කරමින් කර්මාන්තශාලා 200ක් රට පුරා ඉදිකිරීමට පේ‍්‍රමදාස ජනාධිපතිතුමාට අප සහාය ලබා දුන්නා. එකල කර්මාන්ත ඇමැති ලෙස තවත් කර්මාන්තශාලා 150ක් ආරම්භ කිරීමට මට හැකියාව ලැබුණා. ඒ වගේම රට තුළ නව හෝටල් ව්‍යාපෘති ඇති කිරීමට අප කටයුතු කළා. මේ පළපුරුද්ද මත අප දැන් රට තුළ විශාල දියුණුවක් ඇති කිරීමට සූදානම් වෙනවා. මේ ප‍්‍රදේශවල කෘෂිකර්මය, සංචාරක ව්‍යාපාරය දියුණු කිරීමට ජනතාවට ආදායම් ලැබිය හැකි අනෙක් මාර්ග දියුණු කිරීමට අප ඉදිරි වසර 3 කැප කරනවා. ජනාධිපතිතුමාත් මමත් අපේ ඇමැතිවරු සියලූ දෙනාත් මේ වැඩකටයුතු සඳහා එකතු වෙනවා. කිරි ගොවියන්ට හොඳ ගවයන් ලබාදීම එම වැඩපිළිවෙළේ එක් අංගයක්. රටේ කිරි නිෂ්පාදනය වැඩි කිරීමට සහ ඒ ආශි‍්‍රත ආහාර නිෂ්පාදනය කරන කර්මාන්තශාලා ඇති කිරීමට අප කටයුතු කරනවා. විශේෂයෙන් වතුකරයේ විද්‍යාලවලින් පිටවන තරුණ තරුණියන්ට තමන් කැමැති රැකියාවක් ලබා දීමට අවශ්‍ය වැඩකටයුතු අප සිදුකරමින් සිටිනවා. එම අනාගතය නිර්මාණය කිරීමයි අප දැන් සිදුකරන්නේ. රටේ අනාගතය සාර්ථක වන්නේ ණය පාලනය කරගැනීම හරහායි. අප මේ වනවිට එය පාලනය කර තිබෙනවා. අනාගතයේදීත් ණය පාලනය සිදුකරමින් ආයෝජන වැඩි කරමින් යළිත් ශක්තිමත් ආර්ථිකයක් ගොඩනගනවා යැයි මම මේ අවස්ථාවේදී ප‍්‍රකාශ කරනවා. මට ආරාධනා කිරීම සම්බන්ධයෙන් ද මම ඔබට ස්තූතිවන්ත වෙනවා.”ග‍්‍රාමීය ආර්ථික කටයුතු පිළිබඳ අමාත්‍ය පී. හැරිසන් මහතා”මේ කම්හලේ සිහිනය අප වසර ගණනාවක් දුටුවා. කම්හලේ මූලික වැඩ ඇරැුඹුනේ 2008 වසරේදීයි. අතරමග නැවතී නැවත 2014 දී වැඩ ඇරැඹුණා. වසර කිහිපයක් ප‍්‍රමාද වූවත් ජනපති අගමැති මඟ පෙන්වීම යටතේ ඒ කටයුතු ඉක්මන් කරන්න හැකි වුණා.පසුගිය දිනවල කිරි කර්මාන්තය ගැන ප‍්‍රශ්න රැසක් ඇති වුණා. මාස තුනක් ඇතුළත මේ කම්හලේ පිරිපහදු කටයුතු ද අරඹනවාකිරි ගොවියා පැත්තකට දැමූ යුගයක් තිබුණා. රුපියල් 50කට තිබූ කිරි ලීටරය 70ක් දක්වා මිලක් දීමට අපට හැකිවුණා.පසුගිය කාලේ මේ කිරි කර්මාන්තයට සැලසුම් තිබුණේ නැහැ. නමුත් දැන් නවීන සැලසුම් අනුව මිල්කෝ සමාගම අලූත් පියවරක් තබා තිබෙනවා. කම්හලේ සමස්ත නිෂ්පාදනය ලීටර් ලක්‍ෂ තුනකින් පමණ වැඩි කිරීමට අපට හැකි වී තිබෙනවා.වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතා:”මගේ ආසනයේ ආර්ථික කේන්ද්‍රස්ථානයක් ලෙස මිල්කෝ ආයතනය හඳුන්වා දිය හැකියි. මේ ප‍්‍රදේශය කිරි ආර්ථිකය නැංවීමට විශාල රුකුලක් දෙනවා. මේ ආයතනය නොයෙක් මූල්‍ය අර්බුදවලට මුහුණ දුන්නා. කළමනාකරණ අඩුපාඩු වුණා. මා කාටවත් ඇඟිල්ල දිගු කරන්නේ නෑ. මේ ආයතන ශක්තිමත් කිරීම රජයේ මූලික අරමුණයි. රජයේ මෙන්ම රාජ්‍ය ආයතනවල සිටින සොරුන් ද පන්නා දැමිය යුතුයි. මේ ආයතනය ශක්තිමත් කරන්න උපරිම උත්සාහයක් ගත යුතුයි.අප හමුවේ බැරූරුම් කාර්යයක් තියෙනවා. ඒ කාර්යය ඉටු කළ යුතුයි. විශාල ණය බරක් පියවීමට තිබෙනවා. අපිට ප‍්‍රශ්නවලින් පැන යන්නට හැකියාවක් නැහැ. අපට රට ඉදිරියට ගෙනයාමට පැහැදිලි දර්ශනයක් තිබෙනවා. දේශපාලන ගාම්භීරත්වයක් තිබෙන රනිල් වික‍්‍රමසිංහ මහතා ගැන අපට විශ්වාසයි.කඳුරට නව ගම්මාන අමාත්‍ය පලනි දිගම්බරම් මහතා:”සී.බී. රත්නායක මහතාගෙන් පසුව මේ ආයතනයේ ඉතිරි කළ මුදල් විනාශ වුණා. නමුත් පී. හැරිසන් මහතා පැමිණීමෙන් පසු තත්ත්වය හොඳ අතට ආවා. කිරි ගොවියා දියුණු කරන්න එතුමාට ශක්තිය තියෙනවා.ආණ්ඩුව අද හෙට ගන්නවා යැයි මහින්ද රාජපක්‍ෂ කියනවා. හැකිනම් කරන්න. සුළු ජනතා පක්‍ෂ කිසි දිනක ආණ්ඩුව හැර යන්නේ නැහැ. මේ රජය යටතේ අපේ ජනතාවට විශාල මෙහෙවරක් සිදු කරනවා. ජනතාවට ඉඩම් නිවාස ලබාදෙනවා. අපි ඔක්කොම එකතු වෙලා රට හදමු. 2020 වනවිට අප රට හදා පෙන්වන්නම්.”ග‍්‍රාමීය ආර්ථික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය අමීර් අලි මහතා ද අදහස් දැක්වීය. මෙම උත්සවයට කිරි ගොවීන් ඇතුළු ප‍්‍රදේශවාසීහු විශාල පිරිසක් සහභාගි වූහ.
මීළඟ වසර දහය ඇතුළත දකුණේ ශීඝ්‍ර සංවර්ධන පෙරළියක් කරනවා
0
hp_train_7553
(ඉන්දිකා රාමනායක)රුපියල් කෝටි 2 ට අධික වටිනා හොරොයින් මත්කුඩු තොගයක්  යතුරුපැදියකින් ප‍්‍රවාහනය කරමින් සිටි සැකකරුවකු අත්අඩංගුවට ගත් බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය කියයි.මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ හබරකඩ ප‍්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි සැකකරුවෙකි.අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ සැකකරු සතුව හොරොයින් කිලෝ ග‍්‍රෑම් 1 යි, ග‍්‍රෑම් 300 ක ප‍්‍රමාණයක් තිබී ඇත.මෙම සැකකරු සම්බන්ධයෙන් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට ලැබුණු තොරතුරු අනුව මොහු අත්අඩංගුවට ගැණිනි.
කෝටි 5 ක කේරළ ගංජා සමඟ දෙදනකු දැලේ
0
hp_train_7554
(ඩයනා උදයංගනී)කොවිඩ් 19 ආසාදිත රෝගීන් තවත් 685 දෙනකු අද (29) හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි.ඒ සමඟ මෙරටින් වාර්තාවන මුළු කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 5,16,209 දෙනකු දක්වා ඉහළ ගොස් ඇත.ප්‍රතිකාර ලබමින් සිටි තවත් කොවිඩ් රෝගීන් 770 දෙනකු සුවය ලබා අද රෝහල්වලින් පිටත්ව ගිය අතර මේ වන විට මෙරට සුවය ලැබූ මුළු රෝගීන් සංඛ්‍යාව 4,56,857ක් දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය අංශ සඳහන් කරයි.
කොරෝනා ආසාදිතයන් 3698ක් වාර්තා වෙයි
0
hp_train_7555
ඩී.ජී.සුගතපාලහිනිදුම රෝහලේ ගිලන්රථ රියදුරු පසුගිය 5 වනදින සිට රෝහල් පරිශ්‍ර⁣යේ නිල නිවාසයේ සිට නිරෝධායනය වෙමින් සිටියදි සැක සහිත රෝග ලක්ෂණ පහලවිම නිසා කොරෝනා වැළ දි ඇතිදැයි පරික්ෂණ පැවැත්විම සඳහා අද (09) දහවල් සුව සැරිය ගිලන් රථයකින් කරාපිටිය රෝහලට ගෙනගිය බව හිනිදුම රෝහලේ ප්‍රකාශකයෙක් පැවසීය.කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනයවු මතුගම ප්‍රදේශයේ පුද්ගලයකුට කොරෝනා වයිරසය වැළඳි ඇති බවට තහවුරු වි ඇති අතර ඔහු නෙලුව ප්‍රදේශයේ පුද්ගලයකු ද ඇසුරු කර ඇත.නෙලුවේ පුද්ගලයා ගිලන් රථ රියදුරු ඇසුරු කිරිම නිසා ගිලන් රථ රියදුරු මෙසේ නිල නිවසේ ස්වයං නිරෝධායනයට යොමු කර තිබේ. 
කොරෝනාදැයි පරීක්ෂාවට හිනිදුම රෝහලේ ගිලන් රථ රියදුරු කරාපිටියට
1
hp_train_7556
(අංජුල මහික වීරරත්න, සඳලංකාව - හේමලතා ඩී. හේවගේ සහ මාරවිල - ට්‍රික්සි කොන්ස්ටන්)“ජාතික නිෂ්පාදනය වර්ධනය කිරීම තුළින් ජනතාව මත පනවන බදු බර අඩු කර පීඩනකාරී ජීවන රටාවෙන් සමස්ත ජනතාවම මුදාගන්නා බව” නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක, එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පන්නල දී පැවැසීය.“ජනතාවගේ දුක පිළිබඳව තමාට කිසිවකුගෙන්වත් ටියුෂන් අනවශ්‍ය බව කී සජිත් ප්‍රේමදාස මහතා ගම හදා - රට හැදීම තම මූලික දර්ශනයක් බවද” කීවේය.ජනාධිපතිවරණ අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ජය තහවුරු කිරීම සඳහා කටුගම්පොළ පන්නල, නාත්තන්ඩිය කටාන සහ කඩුවෙල මැතිවරණ බල ප්‍රදේශවලදී ජනරැලි පැවැත්වුණ අතර පන්නල ජනරැලිය සංවිධානය කර තිබුණේ එක්සත් ජාතික පක්ෂ කටුගම්පොළ සංවිධායක බුද්ධශාසන හා වයඹ සංවර්ධන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා විසිනි. පන්නල ජනරැලියේදී ජනපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා මෙසේද කීවේය.“ගම්උදා සංකල්පය ආරම්භ කළ පුරවරය වන මෙහි ජනතාවගේ ප්‍රධාන ප්‍රාර්ථනය වන්නේ යකාබැඳිඇල්ල වාරි යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරීමයි. මා ජනපති වූ සැණින් ඒ යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කරන බවට මෙහිදී පොරොන්දු වෙනවා.මෙයින් මෙහි පානීය ජල ප්‍රශ්නයට ස්ථිර විසඳුම ලැබෙන අතර මාකුඹුර ජලාශය ආශ්‍රිත ප්‍රදේශය ජල පෝෂක ප්‍රදේශයක් බවට පත් කිරීමටත් අදහස් කරනවා.පශු සම්පත් සංවර්ධන මණ්ඩලයට අයත් ගොවිපොළවල වැඩ කරන කම්කරු ප්‍රජාවගේ නිවාස ප්‍රශ්නය ද විසඳන්න කටයුතු කරනවා. මේ ප්‍රදේශයේ මැටි කර්මාන්තය ද ක්‍රියාත්මක වෙනවා. පරිසරයට හානිය නැති පරිදි ඒ කර්මාන්තයේ නියැළී සිටින පවුල්වලට අවශ්‍ය ශක්තිය දෙන්න මා කටයුතු කරනවා. උළු කර්මාන්තකරුවන් සඳහාත් උපරිම දිරිය සහ ශක්තිය දීමටත් අප ක්‍රියා කරනවා.එමෙන්ම බුලත් වගාවේ නියැළි විශාල ගොවි පරපුරක් මෙහි සිටිනවා. බුලත් අපනයනයේදී පකිස්ථානය වැනි රටවල් විවිධ බදු පැනවීම තුළ බුලත් වගාකරුවා අසරණ බවට පත්ව තිබෙනවා.මගේ රජය ජනතාවාදී රජය බව කිව යුතුයි. සැම විටම පොදු ජනතාව වෙනුවෙන් මා පෙනී සිටිනවා. පොඩි මිනිසා වෙනුවෙන් පෙනී සිටින්න මම සෑම විටකම කටයුතු කරනවා. සාමාන්‍ය ජනතාව මත පැටවුණ බදු බර ඉවත් කර පීඩනය වෙනුවට සහනය දෙන්න ක්‍රියා කරනවා.මෙරට දුක් විඳින දුප්පත් ජනතාව වෙනුවෙන් සමෘද්ධි වැඩසටහනකට අමතරව ජනසවිය වැඩසටහනත් ක්‍රියාත්මක කරනවා. ඉදිරි දියුණුවත් සමග රටේ මධ්‍යම පන්තිය පුළුල් වෙනවා. මධ්‍යම පන්තිය සඳහා දැවැන්ත ශක්තිය දී මධ්‍යම පන්තිය ශක්තිමත් කිරීමටත් මා ක්‍රියා කරනවා.රට මුදවාගෙන වැඩ පෙන්නපු සරත් ෆොන්සේකා මහතා ආරක්ෂක අමාත්‍ය කිරීමෙන් මෙරට අන්තවාදී ත්‍රස්තවාදය මුළුමනින්ම විනාශ කරන්න කටයුතු කරනවා. එමෙන්ම රටේ අනාගතය වනසන කුඩු වෙළෙන්දන්ටත් අවසන් ඉරණම ළඟා කරනවා. ත්‍රිවිධ හමුදාව, පොලිසිය, ආරක්‍ෂක අංශ නවීකරණයට ලක් කර නවීන අභියෝගවලට මුහුණ දීමට හැකි පුහුණුව දෙනවා. මෙරට බුද්ධි අංශ දේශපාලනීකරණයට ලක්වීම තුළ දුර්වල මට්ටමකට වැටී තිබෙනවා. බුද්ධි අංශ තිබෙන්නේ රටේ උද්ගතවන ගැටලුකාරී තත්ත්ව, අභියෝග ගැන වේලාසනින් කරුණු සොයා බලා යථාර්ථවාදී උපදෙස් දී විනාශය වැළැක්වීමට කටයුතු කිරීමටයි. ඒ නිසා රටේ බුද්ධි අංශ සහමුලින්ම නිර්දේශපාලනීකරණය කිරීමට මා කටයුතු කරනවා.ලෝකය තරහ කරගෙන අපට ජාතික ආරක්ෂාව තහවුරු කරන්න බැහැ. මම වැදගත් රටවල් සමග සෘජු, විනිවිද බවකින් යුතු සබඳතා ගොඩනගනවා ඒ සබඳතා තුළින් නූතන ත්‍රස්තවාදය විනාශ කිරීම සඳහා අවශ්‍ය බුද්ධි තොරතුරු සහ වෙනත් කරුණු පිළිබඳව ත්‍රස්තවාදය වැළැක්වීමේ ක්‍රියාදාමය ශක්තිමත් කරනවා.මන්දිර දේශපාලනය මා ප්‍රතික්ෂේප කරනවා. බදු මුදලින් පෝෂණය වන පාලකයකු බවට මා පත්වන්නේ නැහැ. මෙරටට සංවර්ධනය ගෙනෙන වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන්නේ මගේ පෞද්ගලික නිවාසවල සිටයි.මගේ කාලය තුළ දැවැන්ත සංවර්ධනය ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා. ජාතික සංවර්ධනය උදෙසා ජනාධිපති කාර්ය සාධක බලකායක් නිර්මාණය කරනවා. ඒ තුළින් සෑම ග්‍රාමසේවා වසමක්ම ශක්තිමත්  කෙරෙනවා.හැම උප දිසාපති කොට්ඨාසයකම ජාත්‍යන්තර තලයේ නව තාක්ෂණ විද්‍යාගාරය මා ආරම්භ කරනවා. ඩිජිටල් තාක්ෂණය, තොරතුරු තාක්ෂණය, පරිගණක විද්‍යාව, නව තාක්ෂණය, ඉංග්‍රීසි භාෂා සාක්ෂරතාව නොමිලේ ලබා දෙන්නට කටයුතු කරනවා.මේ වැඩසටහන් තුළින් ගම හදා - රට හැදෙනවා. අපනයන දැනුම නවෝත්පාදනය කේන්ද්‍ර කරගත් ආර්ථිකය මා නිර්මාණය කරනවා.ජනතාව අධික ජීවන බරක් දරනවා. 2014 වසරේ තිබූ අත්‍යවශ්‍ය භාණ්ඩවලට වඩා 2019 වසරේ බොහෝ භාණ්ඩවල මිල අඩු බව කිව යුතුයි. සත්‍ය එයයි. නමුත් ආදායම් මාර්ග සීමාවීම තුළ ජීවත්වීමේ බර ඔබේ කරමත  පැටවිලා. ඒ පීඩනය මා හොඳින්ම දන්නවා. ජනතාවගේ දුක පිළිබඳව කිසිවකුත් මට ටියුෂන් පන්ති පැවැත්විය යුතු නැහැ. ඒ සියල්ල පිළිබඳව මට හොඳ අවබෝධය තිබෙනවා.ජාතික නිෂ්පාදනය වර්ධනය කර ජනතා බදු අවම කර  පීඩාකාරී  ජීවන තත්ත්වයෙන් ඔබ මුදාගෙන පොඩි මිනිසාට සෙත සැලසෙන යුගය ආරම්භ කරනවා” යැයිද සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා:“අප මේ සටන කරන්නේ රටේ ගෞරවය ආරක්ෂා කිරීම සඳහායි. ජනතා අවශ්‍යතාව ලෙස අප සජිත් ප්‍රේමදාස මහතා පත් කළා.2015 වසරට පෙර රටේ තිබූ තත්ත්වය ඔබට අමතක නැහැ. ප්‍රජාතන්ත්‍රවාදය වල් වැදුණු සුදු වෑන් යුගය එකල තිබුණා. ඒ යුගය පරදා අප ලබාගත් ගෞරවය ආරක්ෂා කරගත යුතුයි. රට නැවත භයානක යුගයට තල්ලු කරන්නට අපට හැකියාව නැහැ.බය නැතිව ජීවත් විය හැකි රටක් අප ගොඩනගා තිබුණා. ශීලාචාර ප්‍රජාතන්ත්‍රවායක් ගෙන ඒමේ සම්පූර්ණ ගෞරවය එක්සත් ජාතික පක්ෂයට හිමිවිය යුතුයි”.සෞඛ්‍ය - පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා:“එක් පැත්තකින් නඩු රැසක විත්තිකාරයකු ඉන්නවා. මේ පැත්තෙන් තරග කරන්නේ කම්කරු පන්තියෙන් උපන් නායකයයි. සජිත් යනු තම පියා මෙන්ම කම්කරුවන්ගේ හද හැස්ම දන්නා නායකයකු බව කිව යුතුයි.අප අපේක්ෂක තෝරා ගත්තේ සියලු පක්ෂ සංවිධානවල අනුමැතියෙන් ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයටයි. අනෙක් එක්කෙනා  තෝරා ගන්නේ රෑ කෑම මේසයේදීයි.ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමාජවාදය ගැන කතා කළාට නිර්ධන පන්තියේ එක් මිනිහකුට ඉදිරියට එන්න ඉඩ දුන්නේ නැහැ”.එක්සත් ජාතික පක්ෂ පඬුවස්නුවර සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉඳුනිල් මහතා:“කලින් දුවපු හාවෝ ඔක්කොටම දැන් හති වැටිලා ඉවරයි. අපේ ජයග්‍රහණය තහවුරුයි. ගෝඨාභයට කිසිම දැක්මක් නැහැ. ජාතික ආරක්ෂාව ගැන ප්‍රශ්න අසන විට ගොළු වෙනවා.සහරාන්ගේ බෝම්බයෙන් ඒ අය කිරි පැණි කෑවට අප එසේ කරන්නේ නැහැ. යහපාලන මුවාවෙන් අපට සම්බන්ධ වූ හොරු ටිකත් කුණු ටිකත් අපේ පැත්තට තල්ලු කර නැවත රාජපක්ෂ පිලට ගොස් සිටිනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ගමේ සාමාජිකයන් සියලුම දෙනා ඉන්නේ අප සමගයි”.කර්මාන්ත, වාණිජ කටයුතු, සමුපකාර සංවර්ධන රාජ්‍ය අමාත්‍ය බුද්ධික පතිරණ මහතා:“මා මෙහි පැමිණ ඇත්තේ යුග පෙරළියක් සඳහායි. ඉතිහාසයේ සිට රටට දැනෙන සංවර්ධනය කළේ එක්සත් ජාතික පක්ෂයයි. සජිත් ප්‍රේමදාස මහතා ප්‍රතිවාදී අපේක්ෂකයාට වඩා ගව් ගණනාවක් ඉදිරියෙන් සිටිනවා. එතුමාගේ වටා සිටින්නේ මැර බලය නොවෙයි ජන බලයයි”.මෙම අවස්ථාවන්ට එක්සත් ජාතික පක්ෂ මහ ලේකම්, අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්, බුද්ධ ශාසන හා වයඹ සංවර්ධන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා, රාජ්‍ය අමාත්‍ය නලින් බණ්ඩාර සහ ජේ.සී. අලවතුවල යන මහත්වරුද සහභාගි වූහ.
“වැඩකාරයන් ඔක්කොම එකතුකරගෙන රට ගොඩගන්නවා“
0
hp_train_7557
(ඩී.කේ.රත්න) මොනරාගල ඇතිමලේ සියඹලාව රක්ෂිතයේ අක්කර දෙකක භූමියක වවා තිබූ අඩි හතක් පමණ උස කංසා පැළ 12,120 ක් සමග පුද්ගලයින් දෙදෙනෙකු අද(01) අත්අඩංගුවට ගත් බව ඇතිමලේ පොලීසිය පවසයි. අත්අඩංගුවට ගෙන ඇත්තේ, මාතර ගොඩිගමුව තාප්පවත්ත පදිංචි 42 හැවිරිදි පුද්ගලයෙකු හා කුඩාඔය බෝධිගමුව පදිංචි 43 හැවිරිදි පුද්ගලයෙකි. ඇතිමලේ සියඹලාව රක්ෂිතයේ කංසා වගා කර ඇති බවට ඇතිමලේ පොලීසියට ලැබුණු තොරතුරක් මත කළ වැටලීමකදී මොවුන් අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගනු ලැබූ පුද්ගලයින් මොනරාගල මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. ඇතිමලේ පොලීසිය මේ පිළිබඳව පරීක්ෂණ පවත්වයි. 
කංසා පැළ 12,120ක් සමඟ දෙදෙනෙකු අත්අඩංගුවට
1
hp_train_7558
කළුතර විදුහල සහ තිස්ස විදුහල අතර කළුතර මහජන කී‍්‍රඩාංගණයේදී ආරම්භවූ 55 වැනි මැංගුස් සටනේ පළමු දිනය වන ඊයේ තරගය නිමාවන විට තම පළමු ඉනිම සඳහා පන්දුවට පහරදෙමින් සිටි තිස්ස විදුහල කඩුලූ 3 ක් දැවී ලකුණු 35 ක් ලබා සිටියේය.තිස්ස විදුහලේ කණ්ඩායම කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදීම සඳහා කළුතර විදුහලට ආරාධනා කළ අතර ඔවුන්ට පළමු ඉනිම සඳහා සියලූ දෙනා දැවී ලබාගත හැකිවූයේ ලකුණු 187 ක් පමණි.කළුතර විදුහල පළමු ඉනිම සියලූ දෙනා දැවී 187(පැතුම් නිශ්ෂංක 75, ඉසුරු බුද්ධික 53, මිලින්ද සම්පත් 54/4, හශාන් චාමර 49/3)තිස්ස විදුහල පළමු ඉනිම කඩුලූ 3 ක් දැවී 35(හිරුන සිල්වා 6/2) 
තිස්ස විදුහල අසීරු අඩියක
1
hp_train_7559
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, උතුරු සහ  වයඹ පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතී.ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය                                                      දිනය : 29/06/2016නගරය නගරයඋෂ්ණත්වය(සෙ. අංශක)සාපේක්ෂ ආර්ද්‍රතාවය (%) කාලගුණයඋපරිමඅවමඋපරිමඅවමඅනුරාධපුරය32268555ප්‍රධාන වශයෙන් වැසි රහිතමඩකලපුව27368545ප්‍රධාන වශයෙන් වැසි රහිතකොළඹ31269575වැසි ස්වල්පයක් ඇතිවිය හැක.ගාල්ල29249585වැසි ස්වල්පයක්යාපනය33288060ප්‍රධාන වශයෙන් වැසි රහිතමහනුවර28238570වැසි ස්වල්පයක් ඇතිවිය හැක.නුවරඑළිය19149575වැසි  ස්වල්පයක් ඇතිවිය හැක.රත්නපුරය31239570වැසි ස්වල්පයක්ත්‍රිකුණාමළය34268050ප්‍රධාන වශයෙන් වැසි රහිතමන්නාරම30278575වැසි ස්වල්පයක්                 
‘සුළං හෙට සිට අඩු වෙයි‘
0
hp_train_7560
(අංජුල මහික වීරරත්න, කනංකෙ එම්.කේ. ඉන්ද්‍රවංශ)දකුණේ ශීඝ්‍ර සංවර්ධන පෙරළිය ඊළඟ වසර 10 ඇතුළත දැකගැනීමට හැකියාව ලැබෙනු ඇතැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අකුරැස්සේ දී ඉකුත් 18 වැනිදා සිකුරාදා පැවැසීය.පරණ පව් ගෙවූ වසර දෙකක කාලය නිමාවීමෙන් පසුව සියලුදෙනා එක්ව රට ගොඩනගන යුගය ඇරැඹී ඇතැයිද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පැවැසූයේ අකුරැස්ස, තිබ්බටුවාව සතිපොළ විවෘත කිරීමෙන් අනතුරුව ඒ අසල පැවැති ජන රැලිය අමතමිනි.රැලිය අවසන්වීමෙන් පසු අග්‍රාමාත්‍යවරයා තිබ්බටුවාව නගරයේ වෙළෙඳසල්වලටද ගොස් ව්‍යාපාරිකයන් හමුවී සුහද කතාබහකද නිරත විය. ජනරැලියේදී තවදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා,බුද්ධික පතිරණ මන්ත්‍රීතුමා සමග මා මේ පළාතේ සංචාරය කළා. මා මෙලෙස සංචාරය කළේ කාලයකට පසුවයි. මා කාලයකට ඉහත මෙලෙස සංචාරයකට ගොස් විල්පිට නිල්වලා අධ්‍යාපන පීඨයක් නැති බව දයානන්ද වික්‍රමසිංහ මැතිතුමාට කිව්වා. එකල අප මේ හැම ප්‍රදේශයකම සංචාරය කළා. ඒ දියුණුවෙන් පසුව අදත් දියුණුවක් ඇරැඹීමට සූදානමින් සිටිනවා. ඒ දියුණුව ඇතිවන්නේ මුළු දකුණු පළාතම කේන්ද්‍ර කරගෙනයි.බුද්ධික පතිරණ මන්ත්‍රීතුමා හැමදාම පාර්ලිමේන්තුවේ කතා කරනවා. මාධ්‍ය අතර ඉන්නවා. ඒ අයුරින්ම බිම් මට්ටමේ ගම් මට්ටමේ කටයුතු කරනවා. ඒක හොඳයි. වසර 30 කින් පසුව අකුරැස්සට නැවත දියුණුවක් ලබාදී තිබෙනවා. පතිරණ මහතාගේ වැඩකටයුතු හැමදාම මේ ප්‍රදේශයට සීමාවන්නේ නැහැ. සෙසු පළාත්වලටත් සේවය කරනවා. ඒත් අප මේ දියුණුව අගය කරනවා.අද අප ප්‍රාදේශීය සභා කාර්යාලය විවෘත කිරීම, වතු නිවාස යෝජනා ක්‍රම විවෘත කිරීම ආදී වැඩසටහන් රාශියකට සහභාගී වුණා. තිබ්බටුවාව සතිපොළ විවෘත කිරීමේ වැඩසටහනට පැමිණියේ අවසාන වැඩසටහන ලෙසයි. බුද්ධික පතිරණ මහතාත් මෙවර පාර්ලිමේන්තුවට පැමිණ වසර දෙකක් පිරෙනවා. අපත් මේ වතාවේ පාර්ලිමේන්තුවට පත්වී වසර දෙකක් ගතවී තිබෙනවා.අප ජාතික ආණ්ඩුවක් පිහිටුවීමට තීරණය කළේ රටට යහපතක් කිරීම සඳහායි. ඒ අනුව අප සියලුම දෙනා ඒ ආණ්ඩුවේ දිවුරුම් දුන්නා. මහ මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂයට තුනෙන් දෙකක බලයක් ලැබුණත් ජාතික ආණ්ඩුවක් බිහි කරන බව මහ මැතිවරණයේදී මා පැවැසුවා. ඒ අනුව අප හැමදෙනාම එකට එකතු වී වැඩ කටයුතු කරනවා. වසර දෙක අවසන් වනවිට මුදල් ඇමැතිතුමන් සමග සාකච්ඡා කර යම් සහන කීපයක් ජනතාවට ලබාදීමට හැකියාව ලැබුණා. සියයට 10 ක් ලෙස තිබූ අන්තර්ජාල බද්ද ඉවත් කොට ඒ වෙනුවට ඔබලාත් සහනයක් දෙන ලෙස සමාගම්වලින් ඉල්ලා සිටියා. ඒ නිසා දැන් 20% ක සහනයක් ලැබෙනවා. ඒ අනුව අන්තර්ජාල භාවිතය තවත් වැඩිවීමෙන් ආදායම තවත් වැඩිකර ගැනීමට හැකියාව ලැබෙන බව මගේ විශ්වාසයයි.දෙවැන්න වාහන මිල අඩු කිරීමයි. ආර්ථික වශයෙන් වැදගත් වන කුඩා වාහන මිල අඩුකර තිබෙනවා. බට්ටා වාහනවල බද්දත් අඩුකර තිබෙනවා. ඒ අනුව ලක්ෂ තුනකින් පමණ ඒවායේ මිල අඩුවේවි. මේ ප්‍රදේශවලට එම වාහන අත්‍යවශ්‍යයි.තේ ප්‍රවාහනය, බඩු භාණ්ඩ ප්‍රවාහනය, ආදියට අවශ්‍යයි. ආර්ථිකය දියුණුවීමත් සමග බඩු භාණ්ඩ, මගීන් ප්‍රවාහන කටයුතු සඳහා වාහන අවශ්‍යයි. 1977 වසරේ ත්‍රිරෝද රථ ගෙන්වීමෙන් කුඩා වාහන ගෙන්වීම ආරම්භ කළා.ගංවතුරෙන් පසුව කුඩා වාහන මිලදී ගෙන ආර්ථිකය යළි ගොඩනංවා ගැනීම සඳහා අප එහි මිල අඩුකර තිබෙනවා. මේ කාරණා දෙකෙන්ම ආර්ථිකයට විශාල රුකුලක් ලැබේවි. එමෙන්ම කුඩා යතුරුපැදි සඳහා වන බද්දත් ඉවත්කර තිබෙනවා. ඒ නිසා ජනතාවට රුපියල් 50,000 ක පමණ වාසියක් ලැබේවි.තරුණයන් සඳහා යතුරුපැදි අත්‍යවශ්‍යයි. සමහරුන්ට විශාල ප්‍රමාණයේ යතුරුපැදි මිලදීගත හැකියි. ඒත් පොඩි වාහන මිලදී ගන්නා අයට අප විශේෂ සහනයක් ලබාදී තිබෙනවා. එම වාහන ගෙන්වීම අපරාධයක් නාස්තියක් නොවේ. එයින් කුඩා ගම්මානවල ආර්ථිකය දියුණුවට පත් වෙනවා. මා වසර 40 කට හෝ 45 කට පෙර මෙහි එනවිට මේ වෙළෙඳසල් එකක්වත් මෙහි තිබුණේ නැහැ. ඒකාලේ බාබර් සාප්පුවක් පමණක් තිබුණා.අද තත්ත්වය වෙනස්වෙලා. ජනතාවගේ අතේ මුදල් තිබෙනවා. ජනතාවගේ අතේ තිබෙන මුදල් ප්‍රමාණය වැඩි කිරීම අපේ අරමුණයි. යහපාලන රජයේ මූලික වැඩ කටයුත්ත එයයි.රජය බාරගන්නා විට මේ තත්ත්වය තිබුණේ නැහැ. රට ඉදිරියට ගෙන යාමට බැරි තත්ත්වයක් උද්ගතවී තිබුණා. ණය ගෙවීමට නොහැකි තත්ත්වයක් ඇතිවී තිබුණා. ණය පොලිය ගෙවා දැමීමටවත් රටේ ආදායම ප්‍රමාණවත් වූයේ නැහැ.මෙහෙම ආණ්ඩුවක් බාරගන්න පිස්සුදැයි සමහරුන් ඇසුවා. මුලින් රට බාර ගනිමු. ඊට පසුව රට හදමු යැයි මා පැවැසුවා. ඉතින් අපි මෛත්‍රීපාල සිරිසේන මහතා සමග එක්ව මැතිවරණයට ගොස් රට බාරගත්තා. අප රට බාරගනිද්දී ආදායම වැඩි කරන්න තවත් මාර්ග තිබුණා. එදා පැවැති පෙට්‍රල් ගාස්තුව මතකද? සියලුම දේ වැඩිකර තිබුණා. අපි ඒ සියලුම භාණ්ඩ මිල අඩු කළා. අප වෙළෙඳපොළේ මිලට භාණ්ඩ දෙන බවත් වෙළෙඳපොළේ මිල අඩු වන විට අඩුවෙනුත් වැඩිවන විට වැඩිපුරත් භාණ්ඩ දෙන බව පැවැසුවා. වාසිය හා අවාසිය දෙකම ජනතාවට දිය යුතුයි. අවාසිය ජනතාවට ද වාසිය ආණ්ඩුවේ අයගේ සාක්කුවට දමා ගැනීමේ පිළිවෙත වැරදියි.ඒ වැඩකටයුතු කරද්දී රජයේ ආදායම අඩුවුණා. ඒ වගේම අපි පඩි වැඩි කළා. වියදම වැඩි වුණා. කෙසේ හෝ අප රට ඉදිරියට ගෙන ගියා. අප දැන් කෙසේ හෝ මුදල් සොයාගත යුතුව තිබුණා. ආර්ථිකය ස්ථාවර නොකළොත් සියල්ල කඩා වැටෙනවා. ඒ නිසා අපට අලුත් බදු පැනවීමට සිදුවුණා. අන්තර්ජාල බද්දක් පැනවූයේත් ඒ අනුවයි.තරුණයෝ අපට දොස් නැගුවා. අන්තර්ජාල භාවිතය වැඩි කරන බව මැතිවරණ සමයේ පවසා දැන් කරන්නේ කුමක්දැයි විමසුවා. මේ බදු වැඩි කරන්නේ තාවකාලිකව බව අප එහිදී පැවැසුවා. ආර්ථිකය හැදෙන තුරු කල්දෙන ලෙස ඉල්ලා සිටියා. ඇතැම්විට අපට අමාරු තීරණ ගන්නට සිදුවෙනවා. බැනුම් අහන තීරණ ගන්න වෙනවා.නමුත් අද වනවිට අපේ ආදායම ණය ගෙවා දැමිය හැකි මට්ටමකට ගෙනැවිත් තිබෙනවා. ඒත් සංවර්ධන වැඩ සඳහා ණය ගත යුතුව තිබෙනවා. එයින් ප්‍රතිඵලයක් ලබාගත යුතුයි.මේ වනවිට රටේ ආදායම ටිකෙන් ටික වැඩිවෙනවා. ඒ නිසා මුදල් ඇමැතිතුමා සමග සාකච්ඡා කොට අන්තර්ජාල බද්ද ඉවත් කිරීමට අප තීරණය කළා. අප 10% බද්ද අඩු කළා පමණක් නොව සමාගම්වලින්ද සහනයක් දෙන ලෙස අප ඉල්ලා සිටියා.ආර්ථිකයේ යම් ස්ථාවර බවක් ඇතිවී තිබෙනවා. අපේ පරම්පරාව ගත් ණය අපේ පරම්පරාව විසින් ගෙවා දැමිය යුතුයි. මතු පරපුරට ඒ ණය ඉතිරි කරන්නට හැකියාවක් නැහැ. අපේ කාලේ අඩුපාඩු, කළ වැරදි අපිම ගෙවා දැමිය යුතුයි. දැන් ඒ කටයුතු ටිකෙන් ටික සිදු කරමින් සිටිනවා. වැඩිපුරම ණය ගෙවීමට තිබෙන්නේ 2020 වසර වනවිටයි. 2025 වනවිට ණය ගෙවීම් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. එවිට අපේ ආදායම වැඩිවෙනවා.දැන් අපි සංවර්ධනය පටන් ගන්නවා. මෙරට ආර්ථික සංවර්ධනය නැවත අරඹනවා. වසර 40 කට පෙර ජේ.ආර්. ජයවර්ධන ජනපති යටතේ විශාල සංවර්ධනයක් කිරීමට මට අවස්ථාවක් ලැබුණා.අප මහවැලි ව්‍යාපෘතිය ඇරැඹුවා. ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ අගනගරය කර පාර්ලිමේන්තුව ඉදිකළා.කටුනායක, බියගම, සීතාවක ආදී වෙළෙඳ කලාප ඇරැඹුවා. උදාගම්මාන ඇරැඹුවා. නිල්වලා යෝජනා ක්‍රමය පටන්ගත්තා. කොග්ගල වෙළෙඳ කලාපය ඇරැඹුවා. ප්‍රේමදාස ජනපති සමගත් අප කර්මාන්තකරණය ඇති කර ඇඟලුම් කම්හල් 200 වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීමට හැකිවුණා. ඒ ආකාරයේ සංවර්ධනයක් ඊට පසුව මේ රට දැකලා නැහැ. අප සංවර්ධනය කළේ ණය වෙලා නොවේ.ජේ.ආර්. ජයවර්ධන ජනපතිටත්, ප්‍රේමදාස ජනපතිටත් මුහුණදීමට සිදු නොවූ තත්ත්වයකට මටත් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිටත් මුහුණදීමට සිදුවී තිබෙනවා.ණය ගෙවා සංවර්ධන කිරීම අපේ අරමුණ වුණා.  අප මුලින් අත ගැසුවේ අමාරුම තැනටයි. හම්බන්තොට නැව් නැති වරායක් තිබුණා. මා එය නම් කළේ ලොව විශාලතම පිහිනුම් තටාකය ලෙසයි. ඒ වරාය නඩත්තු කිරීම සඳහා අප රුපියල් බිලියන 40 ක් වියදම් කර තිබෙනවා. ණය ගෙවන්න මුදල් නැහැ. එය විශාල පාඩුවක් බවට පත්වුණා. අනෙක් පැත්තෙන් මත්තල ගුවන් තොටුපොළක් තිබුණා. ඊට ගුවන් යනා එන්නේ කොහෙන්ද? අපේ ගුවන් හමුදාවේ සහ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් යානා පමණක් පැමිණියා. වෙනත් ගුවන් යානා නම් ආවේ නැහැ. ඒ ගුවන් තොටුපොළේ ණය ගෙවන්නත්, නඩත්තු කරන්නන් අපට හැකියාවක් නැහැ. ගුවන් තොටුපොළ පවත්වාගෙන යන්නේ ඉතා අසිරුවෙනුයි.පළමුවෙන්ම අප චීනය සමග සාකච්ඡා කළා. මේ ණය ගෙවීමට නොහැකි බව පැවසුවා. අප වෙනත් ක්‍රමයක් සොයා ගනිමු යැයි චීන ජනපති අපට පැවසුවා. දැන් අප වසර 70 ක් සඳහා එය දී තිබෙනවා. ඇතැමුන් ඊටත් කෑ ගහනවා. අපට ලැබී තිබෙන බද්ද ඩොලර් බිලියන 1.1 ක් වනවා. ඩොලර් බිලියන එකහමාරක ණය මුදලෙන් කොටසක් අප තබාගෙන ඉතිරි කොටසට ගෙවීමට ඇති මුදල ලැබී තිබෙනවා. ඒ ණයත් අවසන්, ඒ ගැන බයවෙන්න එපා.මත්තල ගුවන් තොටුපොළ බාර ගැනීම සම්බන්ධයෙන් ඉන්දිය රජය සමග සාකච්ඡා කර තිබෙනවා. ඒ කාරණයත් මේ වසර අවසන්වීමට පෙර කළ හැකියි. එසේ නම් දැන් හම්බන්තොට වරාය සහ මත්තල  ගුවන් තොටුපොළ යන දෙකේම බර නැහැ. එතැන් සිට දියුණුව පටන් ගත හැකියි. ගුවන්තොටුපොළ සහ වරාය ලාබ ලබන තත්ත්වයකට පැමිණේවි.චයිනා මර්චන්ට් සමාගම වරායට නැව් ගේනවා. වරාය දියුණු කරනවා. එහි තෙල් පිරිපහදුවක් ඉදිකිරීම පිළිබඳව අපෙන් විමසා තිබෙනවා. මේ ප්‍රදේශයට විදුලිබලය දීම සඳහා එල්.එන්.ජී. විදුලි බලාගාරයක් ඇති කළ හැකිදැයි විමසා තිබෙනවා. ඒ කරුණු සඳහා අප ඉඩ ලබාදෙමු.හම්බන්තොට වානේ සමාගමක් ඇති කිරීම පිළිබඳව විමසා තිබෙනවා. නැව් තටාකයක් ස්ථාපිත කරනවා. සිමෙන්ති කම්හලක් පිහිටුවනවා. ඒ ඉදිකිරීම් පිළිබඳව දැන් ඉල්ලීම් කර තිබෙනවා. මේ ව්‍යාපෘතිවලින් අඩක් සාර්ථක වුවත් එය ප්‍රමාණවත්.හම්බන්තොට කර්මාන්ත කලාපයක් ඉදිකිරීම, මත්තල නව සංචාරක කලාපය, ගැන සිතන්න. දකුණ යනු සංචාරකයන් සඳහා හොඳම තැනයි. කටුනායක සහ මත්තල ගුවන්තොටුපොළට මැදිව දකුණු පළාත පිහිටා තිබෙනවා. ඒ තුළින් දකුණේ සංචාරක ව්‍යාපාරය දියුණුවට පත් වෙනවා. එමෙන්ම මොණරාගල, මාතර විශාල කර්මාන්ත දියුණුවක් ඇති කරනවා. ඒ කර්මාන්තයේ වාසි අකුරැස්ස ප්‍රදේශයටත් එනවා. මේ හැම ගමකටම සංවර්ධනයේ වාසි ලැබෙනවා. ලබන වසරේ ආරම්භ කර ඉදිරියට ගෙනයන්නේ එම සංවර්ධනයයි.වසර දහයකින් මහවැලි ව්‍යාපාරය කළා සේ විශාල සංවර්ධන විපර්යාසයක් දකුණ කේන්ද්‍ර කර ගනිමින් සිදුකරනවා. හොඳම සංචාරක කලාපය දකුණයි. බෙන්තර සිට පිටබැද්දර දක්වා සංචාරක කලාප ඇති කිරීමට අක්කර 2000 ක් පමණ වෙන්කරනවා. මේ වසර අවසන් වනවිට දේද්දුව කේන්ද්‍ර කර ගනිමින් පළමු සංචාරක ව්‍යාපාරය ආරම්භ කරනවා.එවිට සංචාරක ආර්ථිකය එක් පැත්තකිනුත් කර්මාන්ත, ගුවන් තොටුපොළ. වරාය, ආර්ථිකය තවත් පැත්තකිනුත් දැක ගැනීමට හැකිවේවි. වැලිගම තවත් කර්මාන්ත කලාපයක් ඉදි කෙරෙනවා. මේ ආරම්භ කරන්නේ දියුණුවයි.සිංහරාජ අඩවිය ආශ්‍රිත ප්‍රදේශත් ඉබේම දියුණුවට පත්වේවි. හිනිදුම, දෙණියාය, රක්වාන ආදී ප්‍රදේශ දියුණුවට පත්වෙනවා. ඒ දියුණුවට මුහුණදීම සඳහා සූදානම් විය යුතුයි. මහවැලි ව්‍යාපාරයට වඩා වැඩි විපර්යාසයක් යහපාලන රජය විසින් සිදු කරනවා.දකුණේ ශ්‍රේෂ්ඨ ලේඛකයෙක් සිටියා. ඒ මාර්ටින් වික්‍රමසිංහ මහතායි. ඔහු ගම්පෙරළිය ලිව්වා. දැන් අපි දකුණේ පෙරළිය කරන්න යනවා. ඊළඟ වසර 10 තුළ දකුණේ පෙරළිය දැකගන්නට හැකිවේවි.මේ ඉඩම්වල වටිනාකම දෙගුණයක් තුන්ගුණයක් වේවි. තංගල්ල, දික්වැල්ල ඉඩම් මිල ශීඝ්‍රයෙන් වැඩිවෙනවා. හම්බන්තොට පර්චස් 1 ක් රුපියල් 100 බැගින් විකිණීමට සිටි ඉඩම්වල අද පර්චස් 1 ක වටිනාකම රුපියල් ලක්ෂයකටත් වඩා වැඩියි. අප ඒ දියුණුව තවත් සීඝ්‍ර කළ යුතුයි. ඉදිරියට ගෙන යායුතුයි. එම ප්‍රතිලාභ මේ ප්‍රදේශයට ලබාදිය යුතුයි.දකුණේ දියුණුව මොණරාගල, අම්පාර ප්‍රදේශවලටත් ව්‍යාප්ත වෙනවා. මහනුවර සිට වැල්ලවාය තෙක් විශාල සංවර්ධන තීරුවක් ඇති කිරීම අපේ අරමුණයි.මහනුවර, වයඹ, බස්නාහිර මහා නගරය, දකුණු දියුණුව ආදී විශාල වැඩසටහන් තිබෙනවා. ඉන්පසුව ත්‍රිකුණාමලය දියුණුව සඳහා සැලසුම් සකස් කරනවා. ඒ සැලසුම් ද ආරම්භ කර තිබෙනවා.ඊළඟ පරපුරට මීට වඩා හොඳ ආර්ථිකයක්, ආදායම්, රැකියා ලබාදෙන වැඩසටහන් අප ක්‍රියාත්මක කරනවා. පරණ පව් ගෙවන්න වසර දෙකක් ගත වුණා. කැඩුණු ආර්ථිකය ගොඩගන්න වසර දෙකක් ගතවුණා. දැන් අපි කවුරුත් එක්ව ඉදිරියට යමු. පක්ෂ කීපයක් එක්ව රට ඉදිරියට ගෙන යනවා. අපට බනින අය ඉන්නවා. ඔවුන් ජනාධිපතිවරණය කලින් පැවැත්වූයේ ණය ගෙවන්න බැරි නිසයි. අපි බියවී දිව්වේ නැහැ. සහන දී වැඩකටයුතු කළා.දැන් අප සංවර්ධන යුගය අරඹනවා. අලාභ ලැබූ දේ ලාබ ලබන දේවල් බවට පත්කළා. ජනතාවට බර පටවන්නේ නැහැ. තරුණයන්ගේ අනාගතය නැති කරන්නේ නැහැ. ඒ වෙනුවට අපි ඔබට හොඳ අනාගතයක් දෙනවා. ඒ ගමන අපි එකට යමු. ඊට ඔබේ සම්පූර්ණ සහය අවශ්‍යයි.එක්සත් ජාතික පක්ෂයේ අකුරැස්ස සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා,මාතර දිස්ත්‍රික්කයේ සෑම බස් නැවතුම්පොළක්ම හැදුව. ඒත් අකුරැස්ස බස් නැවතුම්පොළ අලුත්වැඩියා කෙරුණේ නැහැ.ලංකා ඉතිහාසයේ හදිසි ආපදා වෙනුවෙන් ඉදිකෙරුණු පළමු බෝට්ටුව අද අපි අකුරැස්සට බාරගත්තා.අකුරැස්සේ ව්‍යාපාරිකයන් යන එන මං නැතිව නන්නත්තාර වූ යුගයක් තිබුණා. මෙහි ව්‍යාපාරිකයන් හැමදාම ගංවතුරෙන් බැට කනවා. ඔවුන් වෙනුවෙන් ස්ථීර විසඳුමක් ලබාදිය යුතුයි. සංහිඳියා ආණ්ඩුවෙන් බලාපොරොත්තු වන්නේ රටට මෙන්ම ලොවටත් ආදර්ශයක් ලබාදීමයි.මෙම අවස්ථාවට ප්‍රදේශයේ දේශපාලන නියෝජිතයන් ඇතුළු විශාලපිරිසක් සහභාගී වී සිටියහ.(ඡායාරූප - ඉෂාන් සංජීව)
රාජපක්ෂ රෙජිමයට සුවකළ නොහැකිවූ ලෙඩ 2 ක් ජාතික රජයෙන් සුවපත් කළා
0
hp_train_7561
( තිළිණි ද සිල්වා )ස්විට්සර්ලන්ත ජාතික බැංකුව විසින් 2016 වසර සඳහා ඉදිරිපත් කළ නවතම දත්ත  සංඛ්‍යා ලේඛන අනුව ස්විස් බැංකු ගිණුම්වල ලාංකිකයින්ගේ මුදල් ස්විස් ෆ්‍රෑන්ක් මිලියන 307ක් පමණ තැන්පත් කර ඇති බව ඉන්දීය ප්‍රෙස් ට්‍රස්ට් ඔෆ් ඉන්දියා පුවත් සේවය වාර්තා කරයි.ඒ අනුව ස්විස් බැංකු ගිණුම් වල මුදල් තැන්පත් කරන තැන්පතුකරුවන්ගේ ලැයිස්තුවට අනුව ශ්‍රී ලාංකියන් මුදල් තැන්පත් කිරීමේ දී ශ්‍රී ලංකාවට එම ලැයිස්තුවේ 151 වන ස්ථානය හිමිව ඇති බව එම පුවත් සේවා වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.ලොව පුරා තැන්පතුකරුවන් විසින් ස්විස් ෆ්‍රෑන්ක් ට්‍රිලියන 1.42ක් තැන්පත් කර ඇති අතර ස්විස් බැංකු ගිණුම් වල වැඩියෙන්ම මුදල් තැන්පත් කර ඇති රටවල් දහය අතර පළමු ස්ථානය හිමි කර ගෙන ඇත්තේ එක්සත් රාජධානියයි.ඊට අමතරව පිලිවෙළින් ඇමෙරිකා එක්සත් ජනපදය , බටහිර ඉන්දීය කොදෙව්,ප්‍රංශය, බහමාස් දූපත්, ජර්මනිය, ඉංග්‍රීසි ඕඩය ආසන්නයේ ඇති ගර්න්සේ දූපත්, ජර්සි, හොංකොං, සහ ලක්සම්බර්ගය යන රටවල් පිළිවෙලින් පසුවෙති.
ස්විස් බැංකු ගිණුම්වල රුපියල් කෝටි 489 ක්
0
hp_train_7562
බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත් වල සහ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වල විටින් විට ඇති ‍වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. සෙසු  ප්‍රදේශ වල සවස 2.00න් පසු, වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි.ප්‍රධාන  නගර සදහා කාලගුණ අනාවැකිය                                                      දිනය : 25/07/2016නගරය නගරයඋෂ්ණත්වය(සෙ. අංශක)සාපේක්ෂ  ආර්ද්‍රතාවය  (%) කාලගුණයඋපරිමඅවමඋපරිමඅවමඅනුරාධපුරය33258560සවස 2.00 න් පසු  වැසි හෝ ගිගුරුම් සහිත වැසිමඩකලපුව35267545සවස 2.00 න් පසු  වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකකොළඹ30268570වැසි වාර කිහිපයක්ගාල්ල28269080විටින් විට වැසියාපනය32278055වැසි ස්වල්පයක්  ඇතිවිය හැකමහනුවර29238565වැසි වාර කිහිපයක්නුවරඑළිය17139580වැසි වාර කිහිපයක්රත්නපුරය30259060විටින් විට වැසිත්‍රීකුණාමලය34258055සවස 2.00 න් පසු  වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකමන්නාරම32268575වැසි ස්වල්පයක්
‘ඉදිරි දිනවල තද වැසි‘
0
hp_train_7563
(නිමන්ති රණසිංහ)බැඳුම්කර පිළිබඳ ජනාධිපති කොමිසම හමුවේ අසත්‍ය සාක්ෂි ලබාදුන්නැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණයට අදාළව ඉදිරි දින හත තුළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිට සිය සම්පූර්ණ ප‍්‍රකාශය ලබාදෙන ලෙස කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් ලංකා ජයරත්න මෙනවිය විදුලිබල බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන ඇමැති රවී කරුණානායක මහතාට අද (21) නියෝග කළාය.මෙම අධිකරණ නියෝග ලැබී දින 7 ක් ඇතුළත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය විමර්ශන ඒකක 1 හි පෙනී සිටිමින් මෙම ප‍්‍රකාශය ලබා දී විමර්ශනයට සහාය දක්වන ලෙසට ද අධිකරණය වැඩිදුරටත් එම නියෝගයේ සඳහන් කර ඇත.
රවීට සීඅයිඩියට පැමිණ ප්‍රකාශ දෙන්නැයි නියෝග
1
hp_train_7564
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, උතුරු සහ  වයඹ පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතී.ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය                                                      දිනය : 29/06/2016නගරය නගරයඋෂ්ණත්වය(සෙ. අංශක)සාපේක්ෂ ආර්ද්‍රතාවය (%) කාලගුණයඋපරිමඅවමඋපරිමඅවමඅනුරාධපුරය32268555ප්‍රධාන වශයෙන් වැසි රහිතමඩකලපුව27368545ප්‍රධාන වශයෙන් වැසි රහිතකොළඹ31269575වැසි ස්වල්පයක් ඇතිවිය හැක.ගාල්ල29249585වැසි ස්වල්පයක්යාපනය33288060ප්‍රධාන වශයෙන් වැසි රහිතමහනුවර28238570වැසි ස්වල්පයක් ඇතිවිය හැක.නුවරඑළිය19149575වැසි  ස්වල්පයක් ඇතිවිය හැක.රත්නපුරය31239570වැසි ස්වල්පයක්ත්‍රිකුණාමළය34268050ප්‍රධාන වශයෙන් වැසි රහිතමන්නාරම30278575වැසි ස්වල්පයක්                 
‘පළාත් කීපයකට සුළු වැසි‘
0
hp_train_7565
හර්ෂණ තුෂාර සිල්වා රුපියල තවදුරටත් අවප්‍රමාණය එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය අද (7) 160 ක් දක්වා පහළ ගියේය.ශ්‍රී ලංකා මහ බැංකුව අද (7) නිකුත් කළ විනිමය අනුපාත අනුව එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂාව රුපියලේ විකුණුම් මිල 160.00ක් ලෙසත් ගැනුම් මිල 156.91ක් ලෙසත් සටහන්  වී තිබිණි. ඉකුත් පෙබරවාරි 10 වැනි දා පැවැති පළාත් පාලන මැතිවරණයෙන් පසු ඇති වූ දේශපාලන අස්ථාවරත්වය නිසා රුපියල් අඛණ්ඩව පහත වැටුණු අතර රුපියලේ අගය මෙතරම් අගයකට පහත වැටුණු පළමු අවස්ථාව මෙය විය. මේ වසරේ ජනවාරි 1 වැනි දා සිට ජූනි 1 වැනි දා දක්වා කාලයේදී ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව රුපියල සියයට 3.3කින් අවප්‍රමාණය වී ඇතැයි ද ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි. එම කාලයේදී ස්ටලිං පවුමකට සාපේක්ෂව රුපියල සියයට 2.1කින් ද යුරෝවකට සාපේක්ෂව සියයට 1.3කින් ද අවප්‍රමාණය  වී තිබේ. රුපියල වැඩි වශයෙන් අවප්‍රමාණය වූයේ අප්‍රේල් මස අගදී සහ මැයි මස මුලදී යැයි මේ වසරේ තෙවැනි මුදල් ප්‍රතිපත්ති විවරණය නිකුත් කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව මැයි (11) සඳහන් කළේය. පසුගිය වසරේදී රුපියල සියයට 2.5කින් සහ 2016 වසරේදී රුපියල සියයට 3.9කින් අවප්‍රමාණය වුණු බව ශ්‍රී ලංකා මහ බැංකු දත්ත වාර්තාවල දැක්වේ.  මේ අතර ශ්‍රී ලංකා මහ බැංකුව අද (7) නිකුත් කළ විනිමය අනුපාතවලට අනුව ස්ටලිං පවුමකට සාපේක්ෂව රුපියලේ විකුණුම් අගය 216.05ක් ලෙසත් යුරෝ එකකට සාපේක්ෂව රුපියලේ විකුණුම් අගය 189.92ක් ලෙසත් දැක්විණි.
රුපියල තවත් පහළට
0
hp_train_7566
අන්තර් සමාජ පළමු පෙළ ක‍්‍රිකට් තරගාවලියේ (2013) සිවුවැනි සති අන්තය වන මෙම සති අන්තයේ අද (24 වැනිදා) අවසන් වූ තරගවලදී බදුරලිය පිල කඩුලූ 7 කින් පරාජය කරමින් ද්‍රවිඩ සංගම පිල පිට පිටම සිවුවැනි පූර්ණ ජයත් වාර්තා කළේය.සිවුවැනි සතියේ එකම ද්විත්ව ශතක ලාභියා බවට පත්වෙමින් රාගම පිල නියෝජනය කරන ටෙස්ට් ක‍්‍රීඩක මයිකල් වැන්ඩොට් ලකුණු 251 ක් රැස්කිරීමට සමත්විය. මෙය මෙවර පළමු පෙළ තරගාවලියේදී වාර්තා වූ පස්වැනි ද්විත්ව ශතකය වන අතර පිතිකරුවකු විසින් ඉනිමකදී ලබාගත් වැඩිම ලකුණු සංඛ්‍යාවද වෙයි.මුවර්ස් පිලේ පා දග පන්දු යවන ක‍්‍රීඩක මාලින්ද පුෂ්පකුමාර සතියේ පන්දුයවන්නා බවට පත්වෙමින් ලකුණු 94 කට කඩුලූ 12 ක් දවාගැනීමට සමත් විය.පී. සරවනමුත්තු ක‍්‍රීඩාංගණයේදී (ද්‍රවිඩ සංගම් පිලට කඩුලූ 7 ක ජයක්)බදුරලිය පිල පළමු ඉනිම 310 (මාලිංග මාලිගස්පේ 22, පබසර වඩුගේ 111, අලංකාර අසංක 81, රොෂාන් ලක්සිරි 35, ශාමින්ද එරංග 44/2, ජීවන් මෙන්ඩිස් 67/4) සහ දෙවැනි ඉනිම 153 (නිලූෂාන් නෝනිස් 75, චානක වෙළගෙදර 12/2, ජීවන් මෙන්ඩිස් 54/4, ශාමින්ද එරංග 23/3)ද්‍රවිඩ සංගම් පිල පළමු ඉනිම 250 (ජීවන් මෙන්ඩිස් 56, රුමේෂ් බුද්ධික 23, කිත්රුවන් විතානගේ 52, තිලකරත්න සම්පත් 80, සාලිය සමන් 50/3, අලංකාර අසංක 92/2, රොෂාන් ලක්සිරි 39/2) සහ දෙවැනි ඉනිම කඩුලූ 3 ට 214 (අෂේන් සිල්වා 40, මහේල උඩවත්ත නොදැවී 124, සචිත‍්‍ර සේරසිංහ නොදැවී 31)බ්ලූම්ෆීල්ඞ් ක‍්‍රීඩාංගණයේදී (බ්ලූම්ෆීල්ඞ් පිලට ලකුණු 92 ක ජයක්)බ්ලූම්ෆීල්ඞ් පිල පළමු ඉනිම 278 (ඩිල්ෂාන් මුරවීර 40, නදීර නාවල 37, මාධව වර්ණපුර 21, තරංග ලක්‍ෂිත 53, උපුල් ඉන්ද්‍රසිරි 54, සොහාන් බෝවල 63/3, මංජුල ද සිල්වා 60/2, අමිල අපෝන්සු 81/4) සහ දෙවැනි ඉනිම 183 (ඩිල්ෂාන් මුරණවීර 22, මාධව වර්ණපුර 33, දමින්ද රණවීර 57, සුරාජ් රන්දීව් 21, සොහාන් බෝවල 52/4, අමිල අපෝන්සු 68/4)ලන්කන් පිල පළමු ඉනිම 210 (තාරක වඩුගේ 22,  ඕෂධ ප‍්‍රනාන්දු 70, දේශාන් ඩයස් 21, තුෂිර මදනායක 21, සජීව සල්ගාදු 26, ඉම්රාන් ඛාන් 52/3, සුරාජ් රන්දීව් 39/2, උපුල් ඉන්ද්‍රසිරි 39/4) සහ දෙවැනි ඉනිම 159 (ග්‍රෙග් ස්මිත් 23, දිල්හාන් කුරේ 29, සජීව සල්ගාදු 81, සුරාජ් රන්දීව් 69/6, උපුල් ඉන්ද්‍රසිරි 52/4)බී. ආර්. සී. ක‍්‍රීඩාංගණයේදී (මුවර්ස් පිලට ඉනිමක සහ ලකුණු 172 ක ජයක්) මුවර්ස් පිල පළමු ඉනිම කඩුලූ 8 ට 519 (ෂෙහාන් ජයසූරිය 123, හර්ෂ කුරේ 44, ඉන්දික ද සේරම් 66, චතුරංග ද සිල්වා 113, ජනක ගුණරත්න 80, දිල්හාර ලොකුහෙට්ටිගේ 38, රොමේෂ් එරංග 100/2, මාලන් මධුසංඛ 133/2, නිමේෂ් පෙරේරා 70/4)බී. ආර්. සී. පිල පළමු ඉනිම 225 (නිමේෂ් පෙරේරා 26, රොස්කෝ තටිල් 87, ෂෙහාන් පෙරේරා 62, මාලින්ද පුෂ්පකුමාර 70/7) සහ දෙවැනි ඉනිම 61 (රොස්කෝ තටිල් නොදැවී 25, මාලින්ද පුෂ්පකුමාර 24/5, ජනක ගුණරත්න 27/4)ගාල්ල ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේදී (ගාල්ල පිලට ලකුණු 104 ක ජයක්)ගාල්ල පිල පළමු ඉනිම 235 (චානක විතානගේ 49, රුමේෂ් රංගන 49, කෞෂල්‍ය ගජසිංහ 24, අනිල් රිදීගම්මනගෙදර 42, නන්දික අබේසිංහ 29/3, චාමිකර එදිරිසිංහ 42/3, දර්ශන මහවත්ත 12/2) සහ දෙවැනි ඉනිම කඩුලූ 6 ට 226 (චමිදු ඉෂංක 56, රුමේෂ් රංගන 48, කෞෂල්‍ය ගජසිංහ නොදැවී 53, ඉරෝෂ් සමරසූරිය 42, අනුරුද්ධ රාජපක්‍ෂ 37/3, ප‍්‍රසාද් කැල්ලෙපත 66/2)කුරුණෑගල තරුණ පිල පළමු ඉනිම 130 (චාමිකර එදිරිසිංහ 43, චින්තක ජයබණ්ඩාර 29, උමේග චතුරංග 47/4, කෞෂල්‍ය ගජසිංහ 29/5) සහ දෙවැනි ඉනිම 227 (සමන් ප‍්‍රියන්තක 75, චින්තක ජයබණ්ඩාර 55, ප‍්‍රසාද් කැල්ලෙපත නොදැවී 27, උමේග චතුරංග 88/4, කෞෂල්‍ය ගජසිංහ 41/3, ෆෙෆ්රි වැන්ඩසේ 33/2)පානදුර නගර සභා ක‍්‍රීඩාංගණයේදී (පානදුර පිලට ඉනිම සහ ලකුණු 75 ක ජයක්)පානදුර පිල පළමු ඉනිම 470 (ලසිත් ප‍්‍රනාන්දු 50, ප‍්‍රසන්න ජයවර්ධන 79, චතුර පීරිස් 25, ඩිල්රුවන් පෙරේරා 79, මලිත් චතුරංග 123, චරිත බුද්ධික 50, අමිල මෙන්ඩිස් 88/3, මොහොමඞ් අස්ලාම් 119/3)සැරසන්ස් පිල පළමු ඉනිම 174 (ලසිත් අබේරත්න 69, මොහොමඞ් අස්ලාම් 70, ඩිල්රුවන් පෙරේරා 30/5, චරිත බුද්ධික 30/2, චතුර පීරිස් 36/2) සහ දෙවැනි ඉනිම 221 (රුක්‍ෂාන් වීරසිංහ 109, ලක්‍ෂිත ද සිල්වා 29, ළහිරු ශ‍්‍රී ලක්මාල් 23, චතුර පීරිස් 34/3, ඩිල්රුවන් පෙරේරා 82/2, ගයාන් සිරිසෝම 25/3)එස්. සී. සී. ක‍්‍රීඩාංගණයේදී (එස්. එස්. සී. පිලට ඉනිමක සහ ලකුණු 42 ක ජයක්)නාවික හමුදා පිල පළමු ඉනිම 163 (බුද්ධික හසරංග නොදැවී 79, සචිත‍්‍ර සේනානායක 51/5, කසුන් මධුසංඛ 41/2) සහ දෙවැනි ඉනිම 296 (සිතාර පෙරේරා 20, ඩිලාන් චන්දිම 22, චානක රුවන්සිරි 33, ලක්මාල් කීර්තිරත්න නොදැවී 71, රනිල් රසාංග 83, යොහාන් කුමාර 20, ධම්මික ප‍්‍රසාද් 54/3, කසුන් මධුසංඛ 35/2, තිළිණ කණ්ඩම්බි 47/2)එස්. එස්. සී. පිල කඩුලූ 7 ට 501 (කෞෂාල් සිල්වා 109, දිමුත් කරුණාරත්න 20, තිළිණ කණ්ඩම්බි 51, තිලාන් සමරවීර 118, භානුක රාජපක්‍ෂ 25, දසුන් ශානක 55, ධම්මික ප‍්‍රසාද් 34, සචිත‍්‍ර සේනානායක නොදැවී 50, දුලංජන මෙන්ඩිස් 140/3)කොළඹ ගුවන් හමුදා ක‍්‍රීඩාංගණයේදී (රාගම පිලට ඉනිම සහ ලකුණු 27 ක ජයක්)ගුවන් හමුදා පිල පළමු ඉනිම 355 (සජිත් කැඵම්ප‍්‍රිය 81, රජිත රත්නායක 52, රාජු ගයාෂාන් 95, අචිර එරංග 48, අජිත් කුමාර 21, මාලිංග බණ්ඩාර 107/6, නිලංක පේ‍්‍රමරත්න 69/2) සහ දෙවැනි ඉනිම 209 (රජිත රත්නායක 29, යශෝධ ලංකා 82, අචිර එරංග 47, කෞෂල්‍ය වීරරත්න 23/2, මිලින්ද සිරිවර්ධන 44/5)රාගම පිල පළමු ඉනිම කඩුලූ 9 ට 591 (මයිකල් වැන්ඩොට් 251, ඉයන් ඩැනියල් 48, මිලින්ද සිරිවර්ධන 90, ශාලික කරුණානායක 79, කෞෂල්‍ය වීරරත්න 46, ප‍්‍රිෂාන් හේවගේ 139/3, අකිල ඉෂංක 165/4) කෝල්ට්ස් ක‍්‍රීඩාංගණයේදී (එන්. සී. සී. පිලට ලකුණු 101 ක ජයක්)එන්. සී. සී. පිල පළමු ඉනිම 287 (දිනේෂ් චන්දිමාල් 47, චාමර කපුගෙදර 79, කෝසල කුලසේකර 36, චමින්ද විදානපතිරණ 26, චානක කොමසාරු 77/6) සහ දෙවැනි ඉනිම කඩුලූ 7 ට 178 (උපුල් තරංග 38, දිනේෂ් චන්දිමාල් 73, ඇන්ජලෝ පෙරේරා 31, මුතුමුදලිගේ පුෂ්පකුමාර 63/2, චානක කොමසාරු 69/2)වරාය අධිකාරි පිල පළමු ඉනිම 120 (යොහාන් ද සිල්වා 22, ගයාන් මනීෂාන් 37, චමින්ද විදානපතිරණ 28/2, තරිදු කෞෂාල් 30/5) සහ දෙවැනි ඉනිම 244 (යොහාන් ද සිල්වා 24, ශාන්ත කළවිටිගොඩ 24, අෂාන් ප‍්‍රියංජන් 89, ගයාන් මනීෂාන් 20, ඉසුරු උදාන 28, සොහාන් බෙරලැස්ස 50/2, ෆර්විස් මහරුෆ් 23/2, තරිදු කෞෂාල් 57/2, ජෙහාන් මුබාරක් 37/3)පනාගොඩ යුද හමුදා ක‍්‍රීඩාංගණයේදී (තරගය විසදුමකින් තොරව අවසන්)කෝල්ට්ස් පිල පළමු ඉනිම 387 (ෂෙහාන් ප‍්‍රනාන්දු 47, කුසල් ජනිත් 31, ඇන්ජලෝ මැතිව්ස් 155, මලින්ද වර්ණපුර 34, තිසර පෙරේරා 26, අනුක් සිල්වා 43, කනිෂ්ක ඇල්විටිගල 22, ජනිත් සිල්වා 58/2, අජන්ත මෙන්ඩිස් 119/2, සීකුගේ ප‍්‍රසන්න 110/3, අසේල ගුණරත්න 34/2) සහ දෙවැනි ඉනිම කඩුලූ 1 ට 69 (තිසර පෙරේරා 32, ෂෙහාන් ප‍්‍රනාන්දු නොදැවී 27)යුද හමුදා පිල පළමු ඉනිම 151 (රිෂාන් කාවිංග 33, ලක්‍ෂිත මධුෂාන් 20, අසේල ගුණරත්න 49, කනිෂ්ක ඇල්විටිගල 21/2, අකිල ධනංජය 53/2, සජීව වීරකෝන් 48/4) සහ දෙවැනි ඉනිම 469 (රිෂාන් කාවිංග 125, සුලින් ජයවර්ධන 21, අසේල ගුණරත්න 118, සීකුගේ ප‍්‍රසන්න 81, අජන්ත මෙන්ඩිස් 54, මලින්ද වර්ණපුර 52/2, සජීව වීරකෝන් 167/5) 
රාගම - කෝල්ට්ස් - බ්ලූම්ෆීල්ඞ් ජය ලබති
0
hp_train_7567
මූල්‍ය අපරාධ විමර්ශණ කොට්ඨාසය මඟින් තමන් අත්අඩංගුවට ගැනීම වළකාලන අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු ප‍්‍රවාහන අමාත්‍ය කුමාර වෙල්ගම මහතා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම සම්බන්ධයෙන් කරුණු තහවුරු කිරීම සඳහා  එය ජුනි 9 වැනි දිනට කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද (16) නියෝග කළේය.මෙම පෙත්සම අගවිනිසුරු කේ.ශ්‍රී පවන් ,ප‍්‍රියසාත් ඩෙප් සහ උපාලි අබේරත්න මහත්වරුන්ගෙන් යුතු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ පෙත්සම කැඳවිණි.හිටපු ප‍්‍රවාහන ඇමති කුමාර වෙල්ගම මහතා විසින් ගොනු කර තිබූ මෙම පෙත්සමෙහි වගඋත්තරකරුවන් ලෙස මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ ස්ථානධිපති ඇතුළු තිදෙනෙකු නම් කරනු ලැබ සිටිති.
කුමාර වෙල්ගමගේ මුලික අයිතිවාසිකම් පෙත්සම් විභාගය කල්යයි
0
hp_train_7568
නිශාන්ත කුමාර රිදීමාලියද්ද ප්‍රාදේශීය සභාවේ වාර්ෂික අයවැය ලේඛනය   වැඩි ඡන්ද 10 කින් සම්මත විය. රිදීමාලියද්ද ප්‍රාදේශීය සභාවේ වාර්ෂික අයවැය ලේඛනය එහි  සභාපති නිශාන්ත ජයසුන්දර මහතා විසින් ඉදිරිපත් කරන ලදී. අයවැය ලේඛනයට පක්ෂව   ශ්‍රී ලංකා  පොදුජන පෙරමුණ සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරු 12 දෙනා ඡන්දය ප්‍රකාශ කළ අතර ජනතා විමුක්ති පෙරමුණ මන්ත්‍රීවරු දෙදෙනා විපක්ෂව ඡන්දය ප්‍රකාශ කළහ. එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරු පස්දෙනා ඡන්දය දීමෙන් වැළකී සිටියහ.
හගුරන්කෙත අයවැය පරදී
0
hp_train_7569
(ඩී.කේ.රත්න)හපුතලේ ප්‍රාදේශීය සභාවේ 2020 වර්ෂයේ අයවැය ලේඛනය මාසික මහ සභා වාරයේ දී වැඩි ඡන්ද 11 කින් අද (14)  සභා සම්මත විය.හපුතලේ ප්‍රාදේශීය සභාවේ සභාපති බී.කන්දසාමි මහතා විසින් මෙම අයවැය ලේඛනය මාසික මහ සභා වාරයට ඉදිරිපත් කෙරිණි.අයවැය විවාදයෙන් පසුව සිදුකළ ඡන්ද විමසීමේ දී මෙම අයවැයට පක්ෂව ඡන්ද 12 ක්  ද විපක්ෂව ඡන්ද එකක් ද ලැබුණු අතර එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් 6 දෙනෙකු ඡන්දය දීමෙන් වැළකී සිටියහ.මෙම ඡන්ද විමසීමේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මන්ත්‍රීවරු 7 දෙනා සමඟ එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරු පස් දෙනාම අයවැයට පක්ෂව ඡන්දය ලබාදුන් අතර ජනතා විමුක්ති පෙරමුණ මන්ත්‍රීවරයා පමණක් අයවැයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළහ.මෙම අවස්ථාවේදී එක්සත් ජාතික පක්ෂ ප්‍රාදේශීය සභා මන්ත්‍රී සුදත් අරුණ රංජන මහතා සභා ගැබේ නොසිටියේය.හපුතලේ ප්‍රාදේශීය සභාව මන්ත්‍රීවරුන් විසි දෙනෙකුගෙන් සමන්විත අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මන්ත්‍රීවරු හතක් එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරු පහක් එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරු හතකගෙන් සහ ජනතා විමුක්ති පෙරමුණ මන්ත්‍රීවරයෙකුගෙන් සමන්විතය.
මහනුවර මහ නගර සභාවේ දෙවැනිවර අයවැය කියවීම සම්මතයි
0
hp_train_7570
(ඩයනා උදයංගනී)කොවිඩ් ආසාදිත රෝගීන් තවත් 582 දෙනකු අද (6) හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා නිවේදනය කළේය.ඒ අනුව මෙරටින් වාර්තාවන මුළු කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 5,22,587 ක් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයාගේ වාර්තාවේ දැක්වේ.කොවිඩ් ආසාදිත 31,116 දෙනෙක් රෝහල් සහ නිවෙස්වල තවමත් ප්‍රතිකාර ලබමින් සිටින බව ද එහි සඳහන් වේ.කොවිඩ් ආසාදිත වී ප්‍රතිකාර ලබමින් සිටි තවත් කොවිඩ් රෝගීන් 475 දෙනකු සුවය ලබා අද රෝහල්වලින් පිටව ගිය අතර මේ වන විට මෙරට සුවය ලැබූ මුළු රෝගීන් සංඛ්‍යාව 4,78,326ක් දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය අංශ සඳහන් කරයි. 
කොරෝනා ආසාදිතයන් 582ක් වාර්තා වෙයි
1
hp_train_7571
වන්නි රොමේෂ් මධුෂංඛරජය විසින් ලබාදෙනු ලබන සැමට සෙවන ආදර්ශ නිවාස ව්‍යාපෘතිය යටතේ මෙරට ප්‍රාදේශීය මාධ්‍යවේදීන් වෙනුවෙන් ලබාදෙනු ලබන නිවාස ව්‍යාපෘතියේ පළමු මාධ්‍ය ගම්මානයෙ වව්නියාව දිස්ත්‍රීක්කයේදී අද (29) දින ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජෙනරාල් නීතිඥ සුදර්ශන ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් මුල්ගල තැබීය.වව්නියාව දකුණ සිංහල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පිහිටි ඉරට්ටපෙරයිකුලම් ප්‍රදේශයේදී සිංහල මාධ්‍ය වේදීන් 16 දෙනෙකුටත් වව්නියාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පිහිටි ඕමන්ත ප්‍රදේශයේදී දෙමළ හා මුස්ලිම් මාධ්‍ය වේදීන් 28 දෙනෙකුටත් ඉඩමක් හා නිවසක් ඉදිකිරීම සඳහා රුපියල් ලක්ෂ 5ක මුදල් අධාරයක්ද ලබා දීමට නිවාස හා ඉදිකිරීම් අමාත්‍යංශය හා ජාතික නිවාස සංවර්ධන අධිකරිය මගින් පියවර ගෙන ඇත.වව්නියාවේ ආදර්ශ මාධ්‍ය ගම්මානය වෙනුවෙන් මුල්ගල තැබීමේ උත්සව අවස්ථාවට සහභාගී වූ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නීතිඥ සුදර්ශන ගුණවර්ධන මහතා මාධ්‍යට අදහස් දක්වමින් කියා සිටියේ.....‘ප්‍රාදේශීය මාධ්‍ය වේදීන් වෙනුවෙන් මේ වන විටත් වතමන් රජය විවිධ වූ සංවර්ධන වැඩසටහන් රැසක් ක්‍රියාවට නංවා ඇති අතරම පූර්ණ කාලීන ප්‍රාදේශීය මාධ්‍යවේදීන් වෙනුවෙන් වෙනම වැටුප් ක්‍රමයක් සඳහා සොයා බැලීම වෙනුවෙන් ජනාධිපතිතුමන් විසින් පත් කරන ලද කමිටුවේ වාර්ථාවද මේ වනවිට ජනාධිපතිතුමන් වෙතට ලබාදීමට පියවර ගෙන ඇති අතරම එහි අවසන් තීරණය ජනාධිපතිතුමන් විසින් ඉදිරියේදී දැනුවත් කිරීමට පියවර ගනියි.ඊට අමතරට මාධ්‍යවේදීන් වෙනුවෙන් වෙනම ණය යෝජනා ක්‍රියාවලියක් මෙන්ම ආරක්ෂාවක් සඳහාද වත්මන් රජය විසින් පියවර ගෙන ඇත.මේ වව්නියාව දිස්ත්‍රීක්කය රටේ සංහිදියාව පෙන්නන තැනක් සංහිදියාව පෙන්නන දෙමළ වැසියන් ජීවත් වන ගම්මානයක් ආසන්නයේ මෙම ආදර්ශ මාධ්‍ය ගම්මානය ඉදිකිරීම මෙන්ම ජනාවාස ඇතිකිරීමම වැදගත් ආරම්භයක්.මාධ්‍ය වේදීන් කියන්නේ රජයෙන් වැටුපක් නොලබන ස්වේච්චාවෙන් මැදිහත් වෙලා ඉතාම වැදගත් කාර්යක් කරන කොටසක් ඒ අයගේ නිදහස ආරක්ෂා කිරීමට රජය කැපවෙලා ඉන්නවා වගේම ඒ අයගේ සුභසාධනය වෙනුවෙන්ද රජය විශාල කැපකිරීමක් සිදු කරනවා ඒ නිසා පෙරලා මාධ්‍යෙන් ඉල්ලන්නේ පුලුවන් තරම් සත්‍ය වාර්ථාකරන්න රජය විවේචනය කරද්දි රජයටත් කියන්න දෙයක් තියනවා රජයෙනුත් ඒ ගැන අහන්න ඒකට උත්තර දෙන්න ඕනෑම වෙලාවක ලැහැස්තියි‘‘ යනුවෙන් පැවැසීය.
ප්‍රාදේශිය මාධ්‍යවේදී ආදර්ශ ගම්මානයට වව්නියාවේදී මුල්ගල් තබයි
0
hp_train_7572
(දිලීප් ජයසේකර)රුහුණු කතරගම ඇසල මහා පෙරහරට සමගාමීව කතරගම අවට ප්‍රදේශවල අද (9) අලුයම සිදුකළ විශේෂ මෙහෙයුමකදී මෙරට නිෂ්පාදිත ගිනි අවි 3 ක් සමඟ පුද්ගලයින් තිදෙනෙකු තංගල්ල කොට්ඨාස සංවිධානාත්මක අපරාධ මැඩලීම් ඒකකයේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කතරගම ගෝතමීගම, නාගහවිදි හා පුංචිදඹේ ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 35, 40 හා 53 වයස්වල පසු වන සැකකරුවන් තිදෙනෙකි.සැකකරුවන් මෙම ගිනි අවි නිවෙස්වල සඟවා තිබියදී සොයා ගෙන තිබේ. අත්අඩංගුවට පත් සැකකරුවන්ගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී ඇත්තේ දඩයමේ යාම සඳහා මෙම ගිනිඅවි තමන් සන්තකයේ තබාගෙන සිටි බවයි.සැකකරුවන් කතරගම සංචාරක මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. 
කතරගම රක්ෂිතයේ දඩයමේ ගිය 5ක් ගිනි අවි සමඟ අල්ලයි
0
hp_train_7573
(මොහොමඩ් ආසික්)මධ්‍යම පළාතේ දිස්ත්‍රික්ක තුනෙන්  ඉකුත් පැය 24 ක කාලය තුළ නව ආසාදිතයින් 490 දෙනකු හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අංශ වාර්තා සඳහන් කරයි.එයින් ආසාදිතයින් 215 දෙනකු මහනුවර දිස්ත්‍රික්කයෙන් හඳුනාගෙන ඇති අතර මාතලේ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 150  දෙනකු ද නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් 125 දෙනකු වශයෙන් වාර්තා වී ඇති බවත් පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව තව දුරටත් කියයි.ඒ අනුව සමස්ථ ආසාදිතයන් සංඛ්‍යාව 43,545 ක් දක්වා ඉහළ ගොස් ඇති බව මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තම්න්තුව ප්‍රකාශ කරයි.
මධ්‍යම පළාතෙන් ආසාදිතයන් 490ක්
1
hp_train_7574
(කෑගල්ල අධිකරණ - චමින්ද වැවතැන්න)කොළඹ ඇඟලුම් කම්හලක සේවය කරමින් සිටියදී මුහුණු පොතෙන් හඳුනාගෙන ගෙනා මනාලියට කොවිඩ් 19 එන්නත ලබා දී නිවසට ගන්නා තුරු වයෝවෘද්ධ කාන්තාවකගේ නිවසක දින කිහිපයක් තාවකාලිකව නතර කර සිටියදී වෙනත් තරුණයෙකු සමග පෙම් සම්බන්ධතාවක් ගොඩ නගා ගැනීම සම්බන්ධයෙන් කනස්සල්ලට පත් තරුණයෙක් පිළිබඳ පුවතක් කෑගල්ල දේවාලේගම ප්‍රදේශයෙන් වාර්තා වෙයි.වාර්තා වන අන්දමට සිද්ධිය මෙසේය.කෑගල්ල දේවාලේගම ප්‍රදේශයේ 26 හැවිරිදි තරුණයෙක් සිටියි. මෙම තරුණයා කලක සිට කෑගල්ල නගරයේ පෞද්ගලික ආයතනයක සේවය කරන්නේය. මෙම තරුණයා මුහුණු පොතෙන් කොළඹ ඇඟලුම් ආයතනයක සේවය කරන අවිවාහක 21 හැවිරිදි තරුණියක් හඳුනා ගත්තේය.තමන්ට මව්පියන් සහෝදර සහෝදරියන් නොසලකා හැරිය අවස්ථාවේ දී අසල්වැසි හිතවතියක් මාර්ගයෙන් කොළඹ ඇඟලුම් කම්හලකට මීට මාස අටකට පමණ ඉහතදී පැමිණි බව දිනක් තරුණිය කෑගල්ලේ තරුණයාට දුරකථනයෙන් තොරතුරු විමසා සිටින අවස්ථාවේ දී පැවසුවාය. ඇගේ ජීවිත කතාව ඇසූ තරුණයා ඇයට අනුකම්පා කර ඉදිරියේ දී විවාහ කර ගන්නා බවට පොරොන්දුවී පරිස්සමෙන් ඇඟලුම් ආයතනයේ රැකියාව කරගෙන ජීවත් වෙන ලෙසට උපදෙස් දුන්නේය.පෙමින් වේලී සිටි තරුණියත් තරුණයාත් මීට දින කිහිපයකට ඉහතදී තරුණියගේ ඇඟලුම් ආයතනයේ කොරෝනා ආසාදිතයන් කිහිප දෙනෙක් හමුවීමත් සමග තරුණිය සිටියේ ගාල්ලේ මහ ගෙදර බලා යාමටය.තරුණයා ඒ අදහස් වෙනස් කර   ‘අපි දෙන්නා දැන් විවාහ වෙමු’ යැයි තරුණියට පැවසුවේය. ගාල්ලේ මව්පියන් ළඟට යළි නොගොස්  තමන්ගේ නිවසට පැමිණෙන ලෙසට තරුණයා තරුණියට දුරකතනයෙන් දැනුම් දුන්නේය.තරුණයාගේ දැඩි ඉල්ලීම පරිදි තරුණිය කොළඹ සිට කෑගල්ල දේවාලේගම නගරයට පැමිණියාය. තරුණිය පිළිගත් තරුණයා ඊට පසුව අසල ඇති බස් නැවතුමට එක්කරගෙන ගියාය. දේවාලේගම නගරයේ සිට මීටර් 300 400 ක් ඈතින් පිහිටි නිවසේ සිටින මවට තරුණයා දුරකථන ඇමතුමක් ගෙන පෙම්වතියගේ තොරතුරු පළමු වරට අම්මාට කීවේය. පසුව අම්මත් නිවසේ සිටින බාල සහොදරයාත් කලබලයට පත් වී දැඩි කොරෝනා වසංගතය පවතින අවදියේ දී තරුණිය නි​ෙවස පැත්තටවත් රැගෙන නොඑන ලෙස දැන්වීය. තරුණියට කොරෝනා එන්නත දී ඇද්දැයි දුරකථනයෙන්ම බාල සහෝදරයා වැඩිමල් සහෝදරයාගෙන්  විමසීමක් කළේය. එන්නත් කරගෙන නොමැති බව තරුණයා මවටත් බාල සහෝදරයාටත් කීවේය.කලබලයට පත්වූ බාල සහෝදරයා ඇඟලුම් ආයතනයක සිටියා නම් අනිවාර්යයෙන්ම කොරෝනා ඇති බවත් අම්මා ද අසනීපයෙන් පසුවන හෙයින් වහාම එන්නත් කරගෙන පමණක් නි​ෙවසට රැගෙන එන ලෙසට වැඩිමල් සහෝදරයාට බාල සහෝදරයා දුරකථනයෙන් පවසා ඇති බව වාර්තා වෙයි.  තරුණයා තරුණිය දින කිහිපයකට නතර කිරීමට නිවසක් සොයමින් සිටින අවස්ථාවේ දී එකවර රඹුක්කන පදිංචි හිතවත් කාන්තාවක් පිළිබඳ සිහිපත් වූයේ අහම්බෙනි.පසුව තරුණයා රඹුක්කන කාන්තාවට සිද්ධිය සම්බන්ධයෙන් පැවැසුවේය. පසුව ඇගේ කැමැත්ත ප්‍රකාශ කිරීමෙන් පසුව ත්‍රිරෝද රථයකින් යලි දේවාලේගම සිට තරුණිය රැගෙන ගොස් දින කිහිපයකට කාන්තාවගේ නිවසේ නතර කළේය. තරුණියගේ කෑම බීම සම්බන්ධයෙන් තරුණයා රුපියල් 5,000 ක මුදලක් කාන්තාවගේ අත තැබීමට ගිය අවස්ථාවේ දී ඇය මුදල් ප්‍රතික්ෂේප කර කෑම ටිකක් දෙන එක මහ ලොකු දෙයක් යැයි පවසා හැකි අයුරින් කෑම ටිකක් දෙන බවට තරුණයාට පොරොන්දු වුවාය.සතුටු සිතින් නිවසට පැමිණි තරුණයා දිනකට තුන් හතර වරක් ඇගේ දුක සැප සොයමින් එන්නත් කරදීම සම්බන්ධයෙන් සොයා බලන්නට විය. නියමිත දිනට එන්නත් කරන බවට තොරතුරු සොයා ගෙන සිටි තරුණයා එදිනට පෙම්වතිය රැගෙන පැමිණ එන්නත් කිරීමෙන් පසුව නි​ෙවසට රැගෙන එන්නට සිතාගෙන සිටියේය.රඹුක්කන නි​ෙවසේ නතර කළ තරුණිය සතියක් පමණ කල්ගත වූ පසුව ඇගෙන් පෙරට වඩා ආදරයේ වෙනසක් තරුණයාට දැනුණි. කීප අවස්ථාවකදීම දැනුන වෙනස පිළිබඳ තරුණියගෙන් විමසා සිටියත් ඇය කිසිවක් ප්‍රකාශ නොකළාය. පසුව තරුණයා ඉකුත්දා සිය යතුරුපැදියෙන් රඹුක්කන නිවසට ගිය අවස්ථාවේ දී ප්‍රකාශ කර ඇත්තේ නි​ෙවසේ සිටින කාන්තාවගේ තනි නොතනියට 25 හැවිරිදි මුණුපුරකු සෑම දිනකම රාත්‍රියට එන බවත් ඔහුගේ බලවත් ඉල්ලීම පරිදි තමා අනාථ වූ බවත් කදුළු සලමින් පැවසුවාය. පසුව තරුණයා දැඩි සිත් වේදනාවකින් ඕනෑ දෙයක් කර ගන්න යැයි තරුණියට පවසා ආපසු තම නි​ෙවසට පැමිණ ඇති බව වාර්තා වෙයි. 
තනියට ආ තරුණයාට වහවැටී පෙම්වතා එපාවෙලා
1
hp_train_7575
ශ්‍රී ලංකන් ගුවන්  සමාගමේ දශක දෙකකට වඩා වැඩි කාලයක් ගුවන් යානා මෙහෙයුම් සඳහා යොදාගත් A340 ගුවන් යානා ඇණියේ අවසන් ගුවන් යානයේ අවසන් වාණිජ ගුවන් ගමන ඊයේ (7) කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළෙන් නිම කළේය.ඉන්දියාවේ චෙන්නායි නුවර සිට අවසන් ගුවන් ගමන සිදුකරමින් දිවයිනට ලගා වු යානය කටුනායකදී ජල ප්‍රහාර විදිමින් ආචාර සමාචාර පවත්වමින් පිළිගත් අතර යානායේ සමුගැනීම සනිටුහන් කරමින් ශ්‍රී ලංකා ගුවන් සමාගම චාම් උත්සවයක්ද  සංවිධානය කර තිබිණි. එන්ජින් 4ක් සහිත A340 ගුවන් යානාදිගු දුර සහ මධ්‍යම දුර ගුවන් මෙහෙයුම් සඳහාආසියාවේ ප්‍රථම වරට මිළදී ගත් ගුවන් සේවය වශයෙන් ශ්‍රීලංකන් ගුවන් සමාගම එකල ඉතිහාසගත විය. මෙම අවසන් ගුවන් මෙහෙයුමෙන් පසු A340  ගුවන් යානා ශ්‍රීලංකන් ගුවන් යානා ඇණියට සමු දී නික්ම යනු ඇත.වර්ෂ 1994 සැප්තැම්බර් මස 1 වෙනි දා එයාර්බස් ඉන්ඩස්ට්‍රීස් නිෂ්පාදනය කළ අතිනවීන ගුවන් යානාවක් වූ A340 ගුවන් යානය ප්‍රථම වතාවට ජාතික ගුවන් සේවයට එක් වන ලදී. වසර 21 කාලයක් පුරා A340 ගුවන් යානා හතක් ශ්‍රීලංකන් ගුවන් සමාගමේ සේවය සඳහා යොදාගනිමින්ගුවන් මෙහෙයුම් සිදුකරන ලදී.ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ගුවන් යානා ප්‍රතිඇණිගත කිරීමේ වැඩසටහන යටතේ නවතම එයාර්බස්  330-300 ගුවන් යානා හතක් මෙම මෙහෙයුම් සදහා ගුවන් යානා ඇණියට එක්කිරීමට කටයුතු යොදා තිබේ.  මෙම නවතම පුළුල් බඳ සහිත A330-300 ගුවන් යානාඅති නවීන ගුවන් මැදිරි වලින් සමන්විත වන අතර අති නවීන ගුවන් යානා අභ්‍යන්තර විනෝදාස්වාදක පද්ධතියක්,උසස් තාක්ෂණික පහසුකම් සහ  WIFI සම්බන්ධතාවය අත්විඳීමේ අපහසුකමද පවතී. එසේම මෙහි ගුවන් මැදිරිවල  හාත්පස පැතිරුණු ආලෝකනය,සම්බන්ධතා ලක්ෂණ සහ අධික සුවපහසු ආසන පහසුකම් ඇත.ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී කපිතාන් සුරේන් රත්වත්ත මහතා ප්‍රකාශ කර සිටියේ “   පසුගිය දශක දෙක පුරා A340 ගුවන් යානා අපගේ ගුවන් ගමන් ජාල ව්‍යාප්තිය සඳහා විශාල කාර්යභාරයක් ඉටුකර ඇත. මෙමගින් ජාතික ගුවන් සේවය නව වෙළෙඳපොලවල් වෙත ගෙන යාමටත්  සංචාරක පැමිණීම් තුළින් ජාතික ආර්ථිකය නංවාලීමටත් හැකිවී ඇත. කලාපීය තරගකාරී ගුවන් සේවා අභිබවාකටයුතු කිරීමටත් මෙම ගුවන් යානා කොළඹින් සහ එයින් පිටතට සිදුකරන නොනවතින සෘජු ගුවන් ගමන් සඳහා යොදා ගැනීමටත් මෙයින් හැකිවී ඇත. මෙමA340 ගුවන් යානා අප ගුවන්යානා ඇණියෙන් නික්ම ගියත් අපගේ නවතම A330-300 ගුවන් යානා මගින් නව ගමනක් යෑමටත් ශ්‍රීලංකන් ආගන්තුක සත්කාරය පිරි නවීන ගෝලීය ගුවන් සංචාර සැපයීමටත් හැකිවනු ඇති බව ද  ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේය.මේ පිළිබඳව අදහස් දක්වමින්  ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ගුවන් මෙහෙයුම් ප්‍රධානී කපිතාන් රජීන් රණතුංග  මහතා සඳහන් කළේ මෙම A340 ගුවන් යානය දිගු දුර ගුවන් සඳහා  ගුවන් පැය විශාල ප්‍රමාණයක් පියාසර කර ඇති බැවින් එම යානාවන්ට විශ්‍රාම ලබා දීමට සිදුවීම පිළිබඳ ඉතා කණගාටුවන බවයි. නමුත් මේවන විටත් මගීන්ට සුව පහසු ගුවන් ගමන් අත්දැකීමක් ලබාදීමේ අරමුණින් නවතම එයාර්බස්  330-300 ගුවන් යානා ශ්‍රීලංකන් ගුවන් බල ඇණියට එක්කර තිබීම පිළිබඳව අතිශය සතුටට පත්වන බවද හෙතෙම පැවසීය.මෙලෙස ශ්‍රීලංකන් වෙතින් සමුගෙන යන A340 ගුවන් යානාව ශ්‍රී ලංකාවේ සවිල් ගුවන් සේවා ඉතිහාසයේ නොමැකෙන මතක සටහන් තැබූ ගුවන් යානාවකි. එනම් අති උතුම් ශුද්ධෝත්තම II ජුවාම් පාවුලු පාප් වහන්සේ සහ අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේශ්‍රී ලංකාවට සැපැත් වූයේද මෙම ගුවන් යානයේ වන අතර ඊට අමතරව විදේශීය සම්භාවනීය පුද්ගලයින් රැසැක්ම මෙම ගුවන් යානයෙන් ශ්‍රී ලංකාවට රැගෙනවිත් තිබේ. ඊට අමතරව 2004 වර්ෂයේ ඉන්දියානු සාගරයේ ඇති වූ සුනාමි ව්‍යසනයේදී ආධාර විශාල ප්‍රමාණයක් ශ්‍රී ලංකාවට රැගෙන ඒම සඳහා මෙම ගුවන් යානය උපකාරී වී තිබේ.මෙම A340 ගුවන් යානා හඳුන්වාදීම සිදුවූයේ ඒවනතෙක් භාවිත කල  ද්විත්ව එන්ජින් සහිත ලොක්හීඩ්  L1011 ට්‍රයිස්ටාර් ගුවන් යානා සේවයෙන් ඉවත් කිරීමෙන් පසුවය. ඉන් අනතුරුව මෙම A340 ගුවන් යානා කොළඹ සිට ලන්ඩන් සහ ටෝකියෝ වෙත නොනවතින ඝෘජු ගුවන් මෙහෙයුම් සිදුකරන ලදී. A340 ගුවන් යානාවට ගුවන් සැතපුම් 13,000 ප්‍රමාණයක් පියාසර කරමින් මගීන් 300 ක් රැගෙන යාමේ පහසුකම තිබේ.කෙසේ වෙතත්, වසර ගණනාවක් පුරා වැඩි දියුණු වන එන්ජින් තාක්ෂණයත් සමඟ එන්ජින් හතරක් සහිත ඉහළ ඉන්ධන පරිභෝජනය ඇතිA340 ගුවන් යානා වෙනුවට ද්විත්ව එන්ජින් වලින් සමන්විත වන ගුවන් යානා ඉන්ධන කාර්යක්ෂමතාවයෙන් සහ ගුවන් මගීන්ගේ ආකර්ෂණය දිනා ගැනීමට සමත් වූ එයාර්බස්  330 ගුවන් යානා ප්‍රතිඇණිගත කරන ලදී.ශ්‍රී ලංකන් ගුවන්  සමාගමේ දශක දෙකකට වඩා වැඩි කාලයක් ගුවන් යානා මෙහෙයුම් සඳහා යොදාගත් A340 ගුවන් යානා ඇණියේ අවසන් ගුවන් යානයේ අවසන් වාණිජ ගුවන් ගමන ඊයේ (7) කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළෙන් නිම කළේය.ඉන්දියාවේ චෙන්නායි නුවර සිට අවසන් ගුවන් ගමන සිදුකරමින් දිවයිනට ලගා වු යානය කටුනායකදී ජල ප්‍රහාර විදිමින් ආචාර සමාචාර පවත්වමින් පිළිගත් අතර යානායේ සමුගැනීම සනිටුහන් කරමින් ශ්‍රී ලංකා ගුවන් සමාගම චාම් උත්සවයක්ද  සංවිධානය කර තිබිණි. එන්ජින් 4ක් සහිත A340 ගුවන් යානාදිගු දුර සහ මධ්‍යම දුර ගුවන් මෙහෙයුම් සඳහාආසියාවේ ප්‍රථම වරට මිළදී ගත් ගුවන් සේවය වශයෙන් ශ්‍රීලංකන් ගුවන් සමාගම එකල ඉතිහාසගත විය. මෙම අවසන් ගුවන් මෙහෙයුමෙන් පසු A340  ගුවන් යානා ශ්‍රීලංකන් ගුවන් යානා ඇණියට සමු දී නික්ම යනු ඇත.වර්ෂ 1994 සැප්තැම්බර් මස 1 වෙනි දා එයාර්බස් ඉන්ඩස්ට්‍රීස් නිෂ්පාදනය කළ අතිනවීන ගුවන් යානාවක් වූ A340 ගුවන් යානය ප්‍රථම වතාවට ජාතික ගුවන් සේවයට එක් වන ලදී. වසර 21 කාලයක් පුරා A340 ගුවන් යානා හතක් ශ්‍රීලංකන් ගුවන් සමාගමේ සේවය සඳහා යොදාගනිමින්ගුවන් මෙහෙයුම් සිදුකරන ලදී.ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ගුවන් යානා ප්‍රතිඇණිගත කිරීමේ වැඩසටහන යටතේ නවතම එයාර්බස්  330-300 ගුවන් යානා හතක් මෙම මෙහෙයුම් සදහා ගුවන් යානා ඇණියට එක්කිරීමට කටයුතු යොදා තිබේ.  මෙම නවතම පුළුල් බඳ සහිත A330-300 ගුවන් යානාඅති නවීන ගුවන් මැදිරි වලින් සමන්විත වන අතර අති නවීන ගුවන් යානා අභ්‍යන්තර විනෝදාස්වාදක පද්ධතියක්,උසස් තාක්ෂණික පහසුකම් සහ  WIFI සම්බන්ධතාවය අත්විඳීමේ අපහසුකමද පවතී. එසේම මෙහි ගුවන් මැදිරිවල  හාත්පස පැතිරුණු ආලෝකනය,සම්බන්ධතා ලක්ෂණ සහ අධික සුවපහසු ආසන පහසුකම් ඇත.ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී කපිතාන් සුරේන් රත්වත්ත මහතා ප්‍රකාශ කර සිටියේ “   පසුගිය දශක දෙක පුරා A340 ගුවන් යානා අපගේ ගුවන් ගමන් ජාල ව්‍යාප්තිය සඳහා විශාල කාර්යභාරයක් ඉටුකර ඇත. මෙමගින් ජාතික ගුවන් සේවය නව වෙළෙඳපොලවල් වෙත ගෙන යාමටත්  සංචාරක පැමිණීම් තුළින් ජාතික ආර්ථිකය නංවාලීමටත් හැකිවී ඇත. කලාපීය තරගකාරී ගුවන් සේවා අභිබවාකටයුතු කිරීමටත් මෙම ගුවන් යානා කොළඹින් සහ එයින් පිටතට සිදුකරන නොනවතින සෘජු ගුවන් ගමන් සඳහා යොදා ගැනීමටත් මෙයින් හැකිවී ඇත. මෙමA340 ගුවන් යානා අප ගුවන්යානා ඇණියෙන් නික්ම ගියත් අපගේ නවතම A330-300 ගුවන් යානා මගින් නව ගමනක් යෑමටත් ශ්‍රීලංකන් ආගන්තුක සත්කාරය පිරි නවීන ගෝලීය ගුවන් සංචාර සැපයීමටත් හැකිවනු ඇති බව ද  ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේය.මේ පිළිබඳව අදහස් දක්වමින්  ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ගුවන් මෙහෙයුම් ප්‍රධානී කපිතාන් රජීන් රණතුංග  මහතා සඳහන් කළේ මෙම A340 ගුවන් යානය දිගු දුර ගුවන් සඳහා  ගුවන් පැය විශාල ප්‍රමාණයක් පියාසර කර ඇති බැවින් එම යානාවන්ට විශ්‍රාම ලබා දීමට සිදුවීම පිළිබඳ ඉතා කණගාටුවන බවයි. නමුත් මේවන විටත් මගීන්ට සුව පහසු ගුවන් ගමන් අත්දැකීමක් ලබාදීමේ අරමුණින් නවතම එයාර්බස්  330-300 ගුවන් යානා ශ්‍රීලංකන් ගුවන් බල ඇණියට එක්කර තිබීම පිළිබඳව අතිශය සතුටට පත්වන බවද හෙතෙම පැවසීය.මෙලෙස ශ්‍රීලංකන් වෙතින් සමුගෙන යන A340 ගුවන් යානාව ශ්‍රී ලංකාවේ සවිල් ගුවන් සේවා ඉතිහාසයේ නොමැකෙන මතක සටහන් තැබූ ගුවන් යානාවකි. එනම් අති උතුම් ශුද්ධෝත්තම II ජුවාම් පාවුලු පාප් වහන්සේ සහ අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේශ්‍රී ලංකාවට සැපැත් වූයේද මෙම ගුවන් යානයේ වන අතර ඊට අමතරව විදේශීය සම්භාවනීය පුද්ගලයින් රැසැක්ම මෙම ගුවන් යානයෙන් ශ්‍රී ලංකාවට රැගෙනවිත් තිබේ. ඊට අමතරව 2004 වර්ෂයේ ඉන්දියානු සාගරයේ ඇති වූ සුනාමි ව්‍යසනයේදී ආධාර විශාල ප්‍රමාණයක් ශ්‍රී ලංකාවට රැගෙන ඒම සඳහා මෙම ගුවන් යානය උපකාරී වී තිබේ.මෙම A340 ගුවන් යානා හඳුන්වාදීම සිදුවූයේ ඒවනතෙක් භාවිත කල  ද්විත්ව එන්ජින් සහිත ලොක්හීඩ්  L1011 ට්‍රයිස්ටාර් ගුවන් යානා සේවයෙන් ඉවත් කිරීමෙන් පසුවය. ඉන් අනතුරුව මෙම A340 ගුවන් යානා කොළඹ සිට ලන්ඩන් සහ ටෝකියෝ වෙත නොනවතින ඝෘජු ගුවන් මෙහෙයුම් සිදුකරන ලදී. A340 ගුවන් යානාවට ගුවන් සැතපුම් 13,000 ප්‍රමාණයක් පියාසර කරමින් මගීන් 300 ක් රැගෙන යාමේ පහසුකම තිබේ.කෙසේ වෙතත්, වසර ගණනාවක් පුරා වැඩි දියුණු වන එන්ජින් තාක්ෂණයත් සමඟ එන්ජින් හතරක් සහිත ඉහළ ඉන්ධන පරිභෝජනය ඇතිA340 ගුවන් යානා වෙනුවට ද්විත්ව එන්ජින් වලින් සමන්විත වන ගුවන් යානා ඉන්ධන කාර්යක්ෂමතාවයෙන් සහ ගුවන් මගීන්ගේ ආකර්ෂණය දිනා ගැනීමට සමත් වූ එයාර්බස්  330 ගුවන් යානා ප්‍රතිඇණිගත කරන ලදී.    
ශ්‍රී ලංකන් ගුවන් සේවය APEX වෙතින් විශිෂ්ටතම සම්මාන
0
hp_train_7576
(මනෝජ් හර්ෂික)කළුතර දිස්ත්‍රික්කයට අයත් ප්‍රදේශ කිහිපයකට අනිද්දා (09) උදෑසන 8.00 සිට රාත්‍රී 8.00 දක්වා පැය 12 කාලයක් ජල සැපයුම අත්හිටුවීමට සිදු වන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය සඳහන් කරයි.ඒ අනුව වාද්දුව, වස්කඩුව, කළුතර(උතුරු/දකුණු), කටුකුරුන්ද, නාගොඩ, පයාගල, පිලමිනාවත්ත, බෝම්බුවල, මග්ගොන, බේරුවල, කළුවාමෝදර, මොරගල්ල, අළුත්ගම, දර්ගානගරය සහ බෙන්තොට යන ප්‍රදේශ වෙත මෙම තීරණය බලපැවැත්වේ.ලංකා විදුලිබල මණ්ඩලයේ අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් කෙත්හේන ජල පවිත්‍රාගාරයට විදුලි බලය සැපයීම අත්හිටුවන බැවින් ජලාපවාහන මණ්ඩලය මෙම තීරණය ගෙන තිබේ.
කළුතර ප්‍රදේශ කිහිපයකට හෙට පැය 10 ක ජල කප්පාදුවක්
0
hp_train_7577
බස්නාහිර, වයඹ, දකුණ, මධ්‍යම සහ සබරගමුව පළාත් වල වැසි හෝ ගිගුරුම් සහිත වැසි වාර කිහිපයක් ඇති වන බවත්උතුරු සහ උතුරු මැද පළාත්වල මඳ වැසි ඇති වන බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.ඌව සහ නැගෙනහිර පළාතේ තැන් තැන්වලට  සවස 2.00න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.ශ්‍රී ලංකාව වටා වන මුහුදු ප්‍රදේශවල සුළං වේගය විටක පැයට කිලෝ මීටර් 70 දක්වා වැඩි වීමට ඉඩ පවතින බැවින් විටින් විට මුහුදු ප්‍රදේශ ඉතා රළු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි.
‘මුහුදේ සුළං වේගය වැඩි වේ‘
1
hp_train_7578
රංජිත් රාජපක්ෂ                      බලපත්‍රයක් නොමැතිව පරිසර විනාශයක් කරමින් තේ වත්තේ විශාල වලවල් හාරා මැණික් ඉල්ලම් ගොඩගෙන මැණික් ගැරූ සැකකරුවන් 5 දෙනෙකු බගවන්තලාව පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.බගවන්තලාව පොලිස් වසමට අයත් චැපල්ටන් තේ වත්තේ තේ පදුරු මැද විශාල වලවල් හාරා පරිසර හානියක් සිදු කරමින් මැණික් ගරන බවට බගවන්තලාව පොලිසියට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදුකර ඇත.සැකකරුවන් සමඟ මැණික් ගැරීමට යොදාගත් උපකරණ රැසක් සහ සැකකරුවන් විසින් හාරා තිබු මැණික් ඉල්ලම් සහිත පස් තොගයක් ද පොලිස් බාරයට ගෙන ඇත.අත්අඩංගුවට ගත් සැකකරුවන් බගවන්තලාව චැපල්ටන් වතුයායේම පදිංචිකරුවන් වන අතර ඔවුන් අවුරුදු 35 – 50 වයස් කාණ්ඩවල පසුවන්නෝ වෙති.
තේ වත්තේ අනවසරෙන් මැණික් ගැරූ 4 ක් අත්අඩංගුවට
0
hp_train_7579
(ඩයනා උදයංගනී)දිවයිනේ ප්‍රදේශ රැසකට අද (10) සහ හෙට (11) දිනයන්හි විටින් විට තද සුළං ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල පැයට කිලෝමීටර 80 පමණ වේගවත් තද සුළං ඇතිවන අතර උතුරු, උතුරු මැද, වයඹ සහ දකුණු පළාත්වලත්, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ සහ බස්නාහිර වෙරළබඩ ප්‍රදේශවල විටින් විට පැයට කිලෝමීටර 60 - 70 පමණ වේගවත් තද සුළං ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව තද සුළං පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කරමින් දැනුම් දී ඇත.මීට අමතරව බස්නාහිර, සබරගමුව, වයඹ, මධ්‍යම සහ දකුණු පළාත්වල අද (10) විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානයන්හි මිලිමීටර 100 ට වැඩි තද වැසි ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් පැවසීය. උතුරු පළාතේ මද වැසි ඇතිවන අතර ඌව සහ නැගෙනහිර පළාත්වල ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයෙදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව ඔහු සඳහන් කළේය.මන්නාරම සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශ ඉතා රළු විය හැකි බැවින් හෙට (11) පෙරවරුව තෙක් ධීවර කටයුතුවල නිරතවීම අවදානම් බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.මෙම මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර 60 -- 70 පමණ දක්වා ඉහළ යා හැකි බව එම ප්‍රකාශකයා පැවසීය.මන්නාරම සිට පුත්තලම දක්වා සහ ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ සහ ත්‍රිකුණාමලය සිට කන්කසන්තුරය හරහා මන්නාරම දක්වා මුහුදු ප්‍රදේශ විටින් විට රළු වන බව ඔහු සඳහන් කළේය.මෙම මුහුදු ප්‍රදේශවල නාවුක කටයුතුවල යෙදීමේදී ද අවධානයෙන් කටයුතු කළ යුතු බව ඔහු කීවේය. 
අද හෙට තද සුළං සමඟ වැසි
1
hp_train_7580
(යොහාන් භාසුර)විදුලි ජනනය සඳහා ප්‍රමාණවත් ඉන්ධන සහ ජලය නොමැති වීම නිසා හෙට (26) ‘ඒ’ සිට ‘එල්’ දක්වා කලාප 12 ට තව දුරටත් පැය 5 ක් විදුලිය කප්පාදු කරන බව ලංකා විදුලිබල මණ්ඩලය අද (25) පස්වරුවේ පැවසීය.‘පී’ සිට ‘ඩබ්ලිව්’ දක්වා කලාප අටේ විදුලි කප්පාදුව පැය 4 යි විනාඩි 40 ක් අඩුකර ඇති බවත් ලංකා විදුලිබල මණ්ඩලය කීය.‘ඒ’ සිට ‘එල්’ කලාප 12 කට පෙරවරු 8.00 සිට පස්වරු 6.00 දක්වා දහවල් කාලයේ පැය 3 යි විනාඩි 20 ද, පස්වරු 6.00 සිට රාත්‍රී 11.00 දක්වා පස්වරුවේ පැයයි විනාඩි 40 ක් ද, විදුලිය කප්පාදු කරන බවත් ලංකා විදුලිබල මණ්ඩලය කීය.‘පී’ සිට ‘ඩබ්ලිව්’ දක්වා කලාප අටට පෙරවරු 9.00 සිට පස්වරු 6.00 දක්වා දහවල් කාලයේ පැය 3 ක් ද, පස්වරු 6.00 සිට රාත්‍රී 11.00 දක්වා පස්වරු කාලයේ පැයයි විනාඩි 40 විදුලිය කප්පාදු කරන බව එම මණ්ඩලය වැඩි දුරටත් සඳහන් කළේය.
හෙටත් පැය 5 ක විදුලි කප්පාදුවක්
1
hp_train_7581
සුප්‍රකට ව්‍යාපාර සන්නාම ඇගයීමේ ආයතනයක් වන Brands Finance ආයතනයල LMO සමඟ එක්ව වාර්ෂිකව ප්‍රකාශයට පත්කරන පාරිභෝගික සන්නාම ශ්‍රේණිගත කිරීමෙහිල අඛණ්ඩව දෙවැනි වසරටත් ශ්‍රී ලංකාවේ වඩාත්ම වටිනා ආහාරපාන සන්නාමය ලෙස නෙස්ලේ සම්මානයට පාත්‍ර විය.මේ සමඟ මෙරට වඩාත්ම වටිනා පාරිභෝගික සන්නාම අතර 8 වැනි ස්ථානය දිනා ගැනීමට ද නෙස්ලේ සමත් වූ අතරල එම සන්නාම 10 අතරට අයත් එකම ආහාරපාන සන්නාමය නෙස්ලේ වීම ද විශේෂත්වයකිග දේශීය ව්‍යාපාර ප්‍රජාව අතර මහත් ගෞරවයක් දිනා සිටින මෙම ශ්‍රේණිගත කිරීම මගින් සන්නාමවල වටිනාකම සහ ශක්තිය මැනබැලීම සිදුකරයි.ඊට අමතරව නෙස්ලේ සන්නාම හතරක් මේ වසරේ ශ්‍රී ලංකාවේ වඩාත්ම ජනතා ආදරය දිනාගත් සන්නාම අතරට එක්වීම ද කැපීපෙනෙයි. 2022 වසර මෙන්ම මෙවරත් කිරි ආහාර- මෝල්ට් පාන අංශයේ පළමු ස්ථානය දිනාගැනීමට නෙස්ටොමෝල්ට් සන්නාමයට හැකිවිය. එම අංශයේම දෙවැනි ස්ථානය මයිලෝ සන්නාමයට හිමි වූ අතරල ආහාර අමුද්‍රව්‍ය අංශයේ දෙවැනි ස්ථානය මැගී සන්නාමයට දල ජෑම් සහ සෝස් අංශයේ දෙවැනි ස්ථානය මිල්ක්මේඩ් සන්නාමයට ද හිමිවිය.අඛණ්ඩව දෙවැනි වසරටත් ශ්‍රී ලංකාවේ වඩාත්ම වටිනා ආහාරපාන සන්නාමයට බවට පත්වීම අපට විශාල ගෞරවයක්ග මේ හරහා උසස් ප්‍රමිතියෙන් යුතු නිෂ්පාදන පිළිගැන්වීමටත්, සුවිශේෂී පාරිභෝගික අත්දැකීම් පිරිනැමීමටත් අප සතු කැපවීම පෙන්නුම් කරන අතරම, අපගේ පාරිභෝගිකයන් සහ පාර්ශ්වකරුවන් සතු විශ්වාසය සහ ළබැඳියාවත් මැනවින් පිළිබිඹු වෙනවා. එමෙන්ම අපගේ සන්නාම හතරක් ශ්‍රී ලංකාවේ වඩාත්ම ජනතා ආදරය දිනාගත් සන්නාම අතරට පත්වීම පිළිබඳවත් මම බොහෝ සේ සතුටු වෙනවාග මේ සෑම සන්නාමයක්ම ගොඩනැංවීම සඳහා අපි විශාල පරිශ්‍රමයක්ල උනන්දුවක් සහ කැපවීමක් සිදුකොට තිබෙනවාග  එවන් පසුබිමක ගෙවුණු වසර ගණනාව මුළුල්ලේ පාරිභෝගිකයන් සහ අපගේ සන්නාම අතර ශක්තිමත් සබඳතාවක් ගොඩනැඟී තිබෙනු දක්නට ලැබීම මහත් සතුටක්ග මෙවැනි බුහුමුන් මගින් විශිෂ්ටත්වය සඳහා අප සතු කැපවීමට ලැබෙන්නේ මහත් දිරියක්ග අපි ඉදිරියටත් නව්‍යතාව තුළින් උසස් ප්‍රමිතියේ නිෂ්පාදන හඳුන්වා දෙමින් පාරිභෝගිකයන්ටල ප්‍රජාවට මෙන්ම පරිසරයටත් ධනාත්මක දායකත්වයක් ලබාදෙනවා, යනුවෙන් නෙස්ලේ ලංකා කළමනාකාර අධ්‍යක්ෂ බර්නාඩ් ස්ටෙෆාන් මහතා ප්‍රකාශ කළේය.595
ශ්‍රී ලංකාවේ වඩාත්ම වටිනා ආහාරපාන සන්නාමය නෙස්ලේ
1
hp_train_7582
උතුරු  සහ නැගෙනහිර පළාත් හැර දිවයිනේ බොහෝ පළාත්වල  සවස 2.00 න් පසුව තැනින් තැන වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.කෙසේ වෙතත්, උතුරු  සහ නැගෙනහිර පළාත්වලත් ස්ථාන ස්වල්පයක සවස 4.00 න් පසුව වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇතිවිය හැකියි.බස්නාහිර සහ දකුණු  වෙරළබඩ ප්‍රදේශවල උදය  කාලයේදීත්  වැසි ඇතිවන බවත්  ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති වන බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
'දිස්ත්‍රික්ක කීපයකට වැසි'
0
hp_train_7583
( සම්පත් ප්‍රියනන්දන සහ  නාලක ජේ හෙට්ටිආරච්චි)ඇඳිරිනීතිය   පනවා  තිබුණ  අද (20)  කාලයේදි  මුදල් ඔට්ටුවට බුරුවා  ගසමින් සිටි  පුද්ගලයන් 6 දෙනෙකු  අත්අඩංගුවට  අත්අඩංගුවට ගත් බව බලන්ගොඩ පොලිසිය පවසයි.බලන්ගොඩ  පෙටිටිගල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයන් හය දෙනෙකු  මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගත් පුද්ගලයන් අද (20)දා බලන්ගොඩ මහෙස්ත්‍රාත් වරයා හමුවට ඉදිරිපත් කිරිමට නියමිතව ඇති බව බලන්ගොඩ පොලිසිය  පැවැසිය.
ඇඳිරිනීතිය අස්සේ බූරුවා ගැසූ 10 ක් අත්අඩංගුවට
0
hp_train_7584
(ඩයනා උදයංගනී)  දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද (1) දිනයේදී ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.නුවරඑළිය දිස්ත්‍රික්කයේ මල් තුහින ද ඇතිවන බව එම දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් පැවසීය.
අද දවසේ අහස පැහැදිලි
0
hp_train_7585
පුංචි එංගලන්තය එසේත් නැතිනම් නුවරඑළියේ පිහිටා ඇති වරක්  රැජිනගේ නිවහන ලෙස හැදින්වුනු බංගලාව එවක ශී‍්‍රලංකාව පාලනය කළ ආණ්ඩුකාරවරුන්ට නවාතැන් සැපයීය.1948 වසරේ නිදහස ලැබීමෙන් පසු එහි නවාතැන් ගත්තේ අගමැතිවරුන්ය.අද එහි අයිතිය හිමිව තිබෙන්නේ රටේ ජනාධිපතිවරයාටය.තේවතු වලින් පිරි මනරම් නුවරඑළියේ පිහිටි මේ බංගලාව ගෙවුණු ජනවාරි මස 8 වැනිදා පැවැත්වුනු ජනාධිපතිවරණයේදී හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා නැවත දිනවීමේ මැතිවරණ මෙහෙයුම් දියත් කෙරුණු මධ්‍යස්ථානයක් ලෙස භාවිතා කෙරුනු බව දන්නා පුරවැසියන් වේ නම් ඒ අතලොස්සකි.එහි වාසය කරමින් මෙම මෙහෙයුම් දියත් කළ පුද්ගලයා වූයේ උදයංග වීරසූරියය.එවක ඔහු රුසියාවේ ශී‍්‍රලංකා තානාපතිවරයා ලෙස සේවය  කළ අතර යුක්රේනයේ ශී‍්‍රලංකා නියෝජිතයා ලෙස කටයුතු කිරීමේ බලතලද ඔහුට පසු අවස්ථාවක හිමිවිය.උදයංග හිටපු ජනපතිවරයාගේ බෑණනුවන්  කෙනෙකු බව එවක මාධ්‍ය වාර්තා කළද ඇත්ත වශයෙන්ම ඔහු මහින්ද රාජපක්ෂ මහතාගේ ඥාති සොහොයුරෙකි.ඔහුගේ මව හිටපු ජනපතිවරයාගේ මවගේ සහෝදරියකි.රාජපක්ෂ පාලන සමයේ විදේශයන්හි පිහිටි තානාපති කාර්යාල වලට දේශපාලන පත්වීම් ලෙස පත්කෙරුණු බොහෝ පුද්ගලයින්ට  ජනාධිපතිවරණයෙන් මහින්ද රාජපක්ෂ පරාජයට පත්වූ පසු අත්වූ ඉරණම පරිද්දෙන් උදයංගවද නැවත ශී‍්‍රලංකාව බලා කැදැවුනි.ඔහුගේ නැවත ගෙන්වාගැනීමට මුදල් වියපැහැදම් කළේ රජයයි.රාජපක්ෂ පාලනය යටතේ ගෙවුනු නොවැම්බර් මාසයේදී දේශපාලන බලයේ අනුහසින් විදේශයන්හි තානාපති කාර්යාල වලට අනුයුක්ත කර සිටි පුද්ගලයින්ව නැවත කැදවුනු අතර ඔවුන් කැදවා ගැනීමට කළ වියදම් ගගට කැපූ ඉණි වලට සම කරමින්  නැවත වරක් දෙසැම්බරයේ පැමිණෙන්න යැයි පවසා ඔවුන්ව  දිවයිනෙන් පිටත් කර හැරීමට රාජපක්ෂ රජය කටයුතු කළේය.ඔවුන්ගේ ගුවන් ටිකට්පත් ගාස්තු හා හෝටල ගාස්තු සියල්ල දැරූයේ රජයයි.දිවයිනට පැමිණ සිටි  කාලයේ ගමන්බිමන්හි යෙදීම සදහා සුඛෝපභෝගී රථවාහන හා ඒවාට රියැදුරන්ද රජය ඔවුනට ලබාදී තිබුණි.පසුගිය දෙසැම්බර් මාසයේ නුවරඑළියේ ජනාධිපති නිවස්නයට වී මැතිවරණ මෙහෙයුම් දියත් කරමින් සිටි උදයංග නොදැන සිටි කරුණක් විය.එනම් ඔහුට එරෙහිව නැගී තිබුණු බරපතල ගණයේ චෝදනාවක් සම්බන්ධයෙන් රහසිගත පරීක්ෂණයක් ඒ වට විට සිදුවෙමින් පැවති බවය.විදේශ කටයුතු අමාත්‍යංශයේ හිටපු ලේකම් ක්ෂේනුකා සෙනෙවිරත්න හා විදේශ ප‍්‍රතිපත්ති සම්බන්ධ අතිරේක ලේකම් මජින්ත ජයසිංහ දෙසැම්බර් මස 3 වැනිදා ඉන්දියාවේ යුක්රේන තානාපති හා ශී‍්‍රලංකාව සම්බන්ධයෙන්ද තානාපති වගකීම් භාරව සිටින ඔලෙක්සැන්ඩර් ෂේව්චෙන්කෝ හමුවූහ.මෙම හමුව සිදුවූයේ උදයංග සම්බන්ධ පරීක්ෂණයේ එක් පියවරක් ලෙසය.නැගෙනහිර යුක්රේනයේ ආරක්ෂක අංශ හා සටන්වැද සිටි යුක්රේන බෙදුම්වාදීන්ට අවි සැපයූවේයැයි  උදයංගට චෝදනා නැගී ගිබුණි.මේ පිළිඹද සවිස්තරාත්මක ලිපියක් පසුගිය සතියේ සන්ඬේ ටයිම්ස් මුල් පිටුවේම පළවිය.එම වාර්තාවේ සදහන්වූ ආකාරයට යුක්රේනයේ වත්මන් ජනාධිපති පෝරෝ පොරොෂෙන්කෝගේ රජය උදයංගගේ කි‍්‍රයාකලාපය සම්බන්ධයෙන් ශී‍්‍රලංකා රජයට පැමිණිලි කර තිබේ.හිටපු විදේශ අමාත්‍ය ජී.ඇල් පීරිස්ගේ උපදෙස් අනුව සෙනෙවිරත්න හා ජයසිංහ එසැනින් ඉන්දියාව බලා පිටත් වන්නේ මෙහි ප‍්‍රතිඵලයක් ලෙසය.හමුවේදී දැනගත් කරුණු දිවයිනට පැමිණි වහාම තමන්ට දැනුම්දෙන්නැයි හිටපු විදේශ අමාත්‍යවරයා ඔවුන් දෙපළට උපදෙස් දී තිබිණ.ඒ අනුව ඔවුන් තම වාර්තාව අමාත්‍යවරයාට ලබාදුන්නද එයින් එහා ගිය දෙයක්සිදු නොවුනි.රජයේ ප‍්‍රබලයෝ මැදිහත්ව මෙම චෝදනා යටගැසූහ.දිවයිනට පැමිණ සිටි උදයංග ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පරාජය වූ පසු හැරෙන තැපෑලෙන් යළි රුසියාව බලා පිටත්ව ගියේය.උදයංග රුසියා තානාපති ලෙස සුපුරුදු පරිදි රාජකාරියේ නියැලූනු බවටත් යුක්රේනයේ සංචාරයන් කිහිපයකම යෙදී ඇති බවටත් සනාථ කෙරෙන වාර්තා ඇත.නමුත් නව විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා නැවත ශී‍්‍රලංකාවට පැමිණෙන්නැයි දැනුම්දුන් දිනයේ පටන් ඔහු සිටින්නේ අතුරුදන්වය.මංගල සමරවීරට දැනගැනීමට ලැබී ඇති පරිදි ශී‍්‍රලංකාවේ නීතිපතිවරයාට සමාන බලතල හිමි යුක්රේනයේ ප‍්‍රධාන චෝදකයාගේ කාර්යාලය එරට දණ්ඩනීති සංග‍්‍රහයට අනුව උදයංගව අත්අඩංගුවට ගැනීමට කටයුතු කරමින්  සිටී.තානාපතිවරයෙකුගේ බලතල හිමිව ඒවායින් ආරක්ෂාව සළසාගෙන සිටි නිසා පෙරදී උදයංගව අත්අඩංගුවට ගැනීමට නොහැකිවුවද දැන් යුක්රේනය  ඉදිරියේ එම බාධකය නැත.මේ හා සමානව අනතුරු ඇගවීමක් පසුගිය වසරේ ඉන්දියාව බලා ගිය දෙදෙනාටද ලබාදීමට යුක්රේනය කටයුතු කළේය.සමරවීර විදේශ අමාත්‍යවරයා මේ දිනවල සිටින්නේ මේ සදහා ශී‍්‍රලංකා රජය මැදිහත්විය යුත්තේ කෙසේදැයි සොයාබලමිනි.වැඩිදුර තොරතුරු ලබාගැනීම සදහා කියෙව් බලා කණ්ඩායමක් යැවීම සම්බන්ධයෙන්ද ඔහුගේ අවධානය යොමුව තිබේ.හිතවත් රටවල හා අන්තර්ජාතික ආයතන වල උපදෙස්ද ශී‍්‍රලංකා රජයේ මැදිහත්වීම සදහා ලබාගැනීම ඔහුගේ අපේක්ෂාව වී ඇත.වරක් යුක්රේනයේ අගනගරය වන කියේව්හි වාසය කළ වීරතුංග ක්ලබ් ලංකා නම් අවන්හලක් පවත්වාගෙන ගියේය.ශී‍්‍රලංකාවට ආවේණික ආහාර වර්ග එහි  වුනි.ඔහු හොදින් රුසියන් බස හැසිරවීය.වරක් ඔහු කළ කතාවකට සවන්දුන් රුසියා විදේශ අමාත්‍ය ස්රගෙයි වික්ටොරොවිච් ලැව්රොව් එවක ශී‍්‍රලංකා විදේශ අමාත්‍ය නැසීගිය ලක්ෂ්මන් කදිරගාමර් මහතා හා පැවසූයේ වීරතුංගගේ රුසියා බසෙහි දැඩි යුක්රේන ඌරුවක් පවතින බවය.රාජපක්ෂ  පාලන සමයේ රුසියාවේ ශී‍්‍රලංකා තානාපති ලෙස පත්කරනු ලැබූ හෙතෙම එකදිගට වසර 8 ක් රාජකාරියේ නියැලූනේය.ඔහුගේ සේවයේ අවසානය සනිටුහන් වූයේ කොළඹට පැමිණෙන්න යැයි නව විදේශ අමාත්‍යවරයා ඔහුට දැනුම්දුන් දාය. ශී‍්‍රලංකාවේ මුල් පෙලේ රාජ්‍ය නිළධාරියෙක් බෙදුම්වාදී කැරලිකාර කණ්ඩායමකට අවි සපයා ඇතැයි චෝදනාවක් නැගී තිබෙන්නේ නිදහසින් පසු ශී‍්‍රලංකා ඉතිහාසයේ ප‍්‍රථම වතාවටය.අවි මිලදී ගැනීම සදහා ඇනවුම් ලබාදී ඇතැයි නැගී තිබෙන චෝදනාව අනුව වීරතුංග තානාපතිවරයෙකු ලෙස තමන් සතුවූ බලතල අයුතු ලෙස භාවිතා කර ඇති බව පෙනී යන්නකි.තමන් නියෝජනය කරන්නේ දශක 3 ක කාලයක් අවි ගත් ත‍්‍රස්තයින් පිරිසක් සමග යුධවැදී අවසානයේ සාමය දිනාගත් රටක් බව ඔහුට අමතකවී ගොස් තිබෙන සෙයකි.ත‍්‍රස්තවාදයට එරෙහිව ප‍්‍රබලව පෙනී සිටින රටක් ලෙස ශී‍්‍රලංකාවට අන්තර්ජාතික තලයේ හිමිව ඇති ස්ථානය මෙම  සිදුවීමෙන් හෑල්ලූවට ලක්වන බව අමුතුවෙන් කිවයුතු නොවේ.වීරතුංගගේ ජංගම දුරකථනයට මෙන්ම ඔහුගේ චන්ද්‍රිකා තාක්ෂණ දුරකථනය හා  සම්බන්ධවීමට තැත් කළද එම උත්සාහයන් සියල්ල අසාර්ථකව ඇත.තෙවැනි පාර්ශවයක් ලියූ ලිපියවීරතුංගගේ යටගියාව සොයාබැලීමට රජයේ ඇස යොමුවන්නේ ශී‍්‍රලංකාව සමගද රාජ්‍ය තාන්ති‍්‍රකමය සබදතා පවත්වාගෙන යන ඉන්දියාවේ නවදිල්ලියේ පිහිටි යුක්රේන තානාපති කාර්යාලය තෙවන පාර්ශවයක් ලියන ලද ලිපියක්  ඉන්දියාවේ ශී‍්‍රලංකා තානාපති කාර්යාලයට භාරදීමත් සමගය.රටක රජයක් නියෝජනය කරනා වගකිවයුතු පුද්ගලයෙක් හෝ කණ්ඩායමක් සකස් කළ ලිපියකට වෙනත් රටක රජයක අනුමැතිය ලබාගත යුතු අවස්ථාවක අනුමැතිය  ලබාගත යුතු රටෙහි පිහිටි අදාළ තානාපති කාර්යාලය මැදිහත්ව එම ලිපිය රටේ පාලකයින් වෙත භාරදීම මෙයින් අදහස් කෙරේ.මෙලෙස භාරදී තිබෙන  ලිපියේ අන්තර්ගතය බරපතලය.යුක්රේන රජය නියෝජනය කරමින් තෙවැනි  පාර්ශවයක් ලියාල ඉන්දියාවේ යුක්රේන තානාපති කාර්යාලය හරහා ශී‍්‍රලංකා තානාපති කාර්යාලය වෙත භාරදී තිබෙන නොවැම්බර් මස 17 වැනිදා දාතමින් යුතු මෙම ලිපියේ සදහන් වන්නේ මෙසේය.ඉන්දියා ජනරජයේ පිහිටි යුක්රේන තානපති කාර්යාලය ශී‍්‍රලංකා ප‍්‍රජාතාන්ති‍්‍රක සමාජවාදී ජනරජයට එහි සුභාසිංශන එක් කරයි.යුක්රේනයේ වගකිව යුතු  අංශවල දැඩි අවධානයට යොමුව ඇති අවි ඇනැවුම් කිරීමේ හා බෙදා හැරීමේ උත්සාහයක් ගැන ශී‍්‍රලංකා රජයේ අවධානය යොමුකරවීමේ ගෞරවය අප  සතුවන බව අපි සිතන්නෙමු.(නම් හා ඇණවුම් තොරතුරු සදහන් ලැයිස්තුවක් වෙනම අමුණා ඇත*ලැබී ඇති තොරතුරු වලට අනුව උක්ත නම් වලට අවි ලබාදීම සිදුකර ඇත්තේ යුක්රේනය හා රාජ්‍ය තාන්ති‍්‍රකමය සබදතා පවත්වාගැනීමේ වගකීමද භාරව කටයුතු කරන ශී‍්‍රලංකා ප‍්‍රජාතාන්ති‍්‍රක සමාජවාදී ජනරජයේ රුසියා තානාපති ගරු උදයංග වීරසිංහය.ඔහු දැනට මොස්කව්හි වාසය කරයි.අවි ගනුදෙනු සම්බන්ධයෙන් ලැබී ඇති වාර්තා සැළකිල්ලට ගත් විට ශී‍්‍රලංකා රජයෙන් තවත් ඉල්ලීමක් කිරීමේ ගෞරවය යුක්රේනය සතු බව අපි සිතන්නෙමු.මෙම එවා ඇති දත්ත තහවුරු කරන ලෙසත්,විදේශිකයින්ට අවි ආයුද ලබාදීමට ශී‍්‍රලංකා තානාපතිවරුන්ට බලතල ලබාදෙන යම් නීති හා රෙගුලාසි තිබේනම් ඒ සම්බන්ධයෙන් අප දැනුම්වත් කිරීමක් සිදුකරන ලෙසත් ශී‍්‍රලංකා විදේශ කටයුතු අමාත්‍යංශයෙන් අපි ඉල්ලා සිටින්නෙමු.මේ කටයුතු  සම්බන්ධයෙන් ශී‍්‍රලංකා ප‍්‍රජාතාන්ති‍්‍රක සමාජවාදී ජනරජයේ අවධානය යොමුවනු ඇතැයි ඉන්දියා ජනරජයේ යුක්රේන තනාපති කාර්යාලයේ අපි උදක්ම බලාපොරොත්තු වන්නෙමු.වීරතුංග ඇණවුම් කර දී ඇතැයි සදහන් වන අවි හා ඒවා ලබාගත් පුද්ගලයින්ගේ බව සදහන් වන නම් ලැයිස්තුවක් මෙම තෙවන පාර්ශවීය ලිපිය සමග එවීමට යුක්රේන රජය කටයුතු කර ඇත.(පිටපතබලන්න*.වැඩබලන තානාපතිවරයෙකුට මෙසේ අවි  මිලයට ගැනීම සදහා ඇනවුම් ලබාදීමට හැකියාව ලැබුණේ කෙසේදැයි යන්න ශී‍්‍රලංකා විදේශ කටයුතු අමාත්‍යංශයේ සැකයට බදුන්ව තිබෙන්නකි.ලැයිස්තුවේ සදහන් වන අවි අතර ජර්මනියේ හා ස්විට්සර්ලන්තයේ නිශ්පාදිත  මිලිමිීටර 7.62 සිගුවර් පී266 පිස්තෝල,ජර්මනියේ නිශ්පාදිත පැරබෙලම්  ඕ08 පිස්තෝලයක් හා ස්ටෙයිර් පිස්තෝල,චෙක් ජනරජයේ නිශ්පාදිත මිලිමිීටර 9 සීසෙඞ් 75 ගණයේ ස්වයංකී‍්‍රය පිස්තෝල වර්ග කිහිපයක්,ඉතාලියේ නිශ්පාදිත  බේරෙට්ටා 92 එෆ්එස් පිස්තෝල,තුර්කියේ නිශ්පාදිත අක්කාර් පිස්තෝල,සෝවියට් රුසියාවේ නිශ්පාදිත ටීටී පිස්තෝල ආදිය ඇත.හිටපු විදේශ අමාත්‍යංශ ලේකම් ක්ෂෙනුකා සෙනෙවිරත්න විදේශ කටයුතු අමාත්‍යවරයාට නොවැම්බර් මස 21 වැනිදා දාතමින් යුතුව යැවූ අතිශය රහසිගත ලිපියක ඉන්දියාවේ යුක්රේන තානාපති කාර්යාලය, ලැයිස්තුවේ සදහන් පරිදි ඇණවුම් කරනු ලැබූ අවි භාරදුන් දිනයන් සනාථ කරන ලෙසත් විදේශිකයින්ට අවි සැපැයීම සදහා ශී‍්‍රලංකා තානාපතිවරුන්ට නීතිමය අවසරයක් තිබේනම් ඒ පිළිඹද පැහැදිලි කිරීමක් සිදුකරන ලෙසත් ශී‍්‍රලංකා රජයෙන් ඉල්ලා සිටින බව සදහන් විය.මෙම ලිපිය සන්ඬේ ටයිම්ස් ඇසටද  හසුවුනි.යුක්රේන තානාපති කාර්යාලයේ මෙම ඉල්ලීම් සුලූකොට නොතැකිය හැකි බව විදේශ අමාත්‍යංශයේ මුල් පෙල නිළධාරීන් කිහිපදෙනෙකුගේම  අදහස වූවේය.පෙනෙන විදිහට නම් ශී‍්‍රලංකා තානාපතිවරයා කටයුතු කරලා තිබෙන්නේ ශී‍්‍රලංකා රජයේ අනුදැනුම මත කියලයි යුක්රේන රජය සිතා සිටින්නේ.ඒකයි ඔවුන් ඇණවුම් ලබාදුන් දින තහවුරු කරන ලෙස ඔවුන් රජයෙන් ඉල්ලා  සිටින්නේ. යැයි එක් නිලධරයෙක් නම හෙළිනොකිරීමේ පොරොන්දුව  මත එදවස සන්ඬේ ටයිම්ස් හා පැවසීය.නමුත් හිටපු විදේශ අමාත්‍ය ජී.ඇල් පීරිස් මේ සම්බන්ධයෙන් කිසිදු පියවරක් ගත්තේ නැත.චෝදනාව ලබා සිටි තැනැත්තා ජනපතිවරයාගේ ඥාති සොහොයුරෙකු වීම නිසාවෙන්දෝ පරීක්ෂණ කටයුතු එතැනම නතර විය.වෙනකක් තියා අලූතින් පත්වූ විදේශ අමාත්‍යවරයා මේ සම්බන්ධයෙන් දැනුම්වත් කිරීමට විදේශ කටයුතු අමාත්‍යංශයේ ලේකම්වරිය හෝ අතිරේක ලේකම්වරයා හෝ කටයුතු නොකළෝය.හිටපු විදේශ අමාත්‍ය ලේකම්වරිය වූ සෙනෙවිරත්න තමන් හා ඉන්දියාවේ යුක්රේන තානාපති ෂෙව්චෙන්කෝ නවදිල්ලියේදී පැවැත්වූ හමුවේ තොරතුරුද හිටපු විදේශ අමාත්‍ය පීරිස් වෙත භාරදීමට කටයුතු කළාය.විදේශ  අමාත්‍යවරයාගේ උපදෙස් අනුව තමන් හා ජයසිංහ හිටපු තානාපති වීරතුංග යුක්රේන ජාතිකයින් 19 දෙනෙකු වෙනුවෙන් ගිනි අවි ඇණවුම් කර ඔවුන්ට ලබාදී ඇතැයි තෙවැනි පාර්ශවයක් ලියූ ලිපියක් ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන්  යුක්රේන නියෝජිතයින් පිරිසක් හා සාකච්ඡුා කිරීමට ඉන්දියාව බලා ගිය බව ඇය මෙරටට පැමිණ විදේශ අමාත්‍යවරයා අතට භාරදුන් වාර්තාවේ සදහන් කර තිබුනි.එම වාර්තාවට අනුව ඉන්දියාවේදී ඇය හමුවූ යුක්රේන නියෝජිත පිරිස ශී‍්‍රලංකා තානාපතිවරයෙකුට විදේශිකයින් හා අවි ගනුදෙනු වල යෙදීමට ශී‍්‍රලංකා රජයෙන් අවසරයක් ලබාදී ඇත්දැයි ඇයගෙන් විමසා ඇත.ඊට පිළිතුරු ලෙස ඇය ඔවුන්ගෙන් එසේ අවි ගනුදෙනුවක් සිදුවී ඇත්නම් ඒ පිළිඹද තොරතුරු තමන්ට අවශ්‍ය බව පවසා සිට ඇති අතර එයට ප‍්‍රතිචාර දක්වමින්  යුක්රේන නියෝජි’ත පිරිස හිටපු තානාපති වීරතුංගගෙන් අවි ලබාගත් බවට චෝදනා නැගී ඇති පුද්ගලයින් කිහිපදෙනෙකු ගැන ඇය හමුවේ පැහැදිලි කිරීමක්ද සිදුකර ඇත.සෙනෙවිරත්න තම වාර්තාවේ සදහන් කර ඇති ආකාරයට එසේ චෝදනා නැගී ඇති පුද්ගලයින් අතර යුක්රේන රජයේ හිටපු ඇමතිවරුන් දෙදෙනෙකු හා කියෙව්හි විදේශ කටයුතු අමාත්‍යංශයේ ප‍්‍රබල පුද්ගලයෙකුද සිටී.මොවුන් සියලූදෙනා බෙදුම්වාදීන්ට ආධාර කරන්නේයැයි චෝදනා ලබා සිටින්නන් බව යුක්රේන නියෝජිත පිරිස ඇය හමුවේ  කියා ඇත.සෙනෙවිරත්නගේ වාර්තාවේ දැක්වෙන පරිදි යුක්රේන නියෝජිත පිරිස හිටපු තානාපති වීරතුංග අවම වශයෙන් මසකට තුන්වරක්වත් රුසියාවේ සිට යුක්රේනයේ කියෙව් බලා ගොස් ඇති බව සනාථ කෙරෙන සාක්ෂිද ඇයට ඉදිරිපත් කර ඇත.යුක්රේනය තෙවැනි පාර්ශවීය ලිපියක් ඉදිරිපත් කරන තෙක් ශී‍්‍රලංකා රජය මේ පිළිඹද කිසිත් නොදැන සිටි බව තමන් යුක්රේන නියෝජිත පිරිස හමුවේ පවසා සිටි බව ඇයගේ වාර්තාවේ සදහන්ය.නිල වශයෙන් හෝ නොනිල වශයෙන් හෝ මෙම ගනුදෙනුව හා ශී‍්‍රලංකා රජයේ කිසිදු සබදතාවක් නැතැයි ඇය යුක්රේන නියෝජිත පිරිසට අවධාරණ කර ඇත්තීය.ඉන්දියාවේ යුක්රේන  තානාපතිවරයා මෙහිදී තවත් පැනයක් නගමින් ශී‍්‍රලංකා තානාපතිවරුන් අතර  විදේශිකයින්ට ගිනි අවි තෑගි දීමේ පිළිවෙතක් ඇත්දැයි ඇයගෙන් විමසා තිබෙන අතර එවැනි පිළිවෙතක් නොමැති බවත් අවි ගනුදෙනුවක් සිදුවන්නේ වෙළද ගනුදෙනුවක් ලෙස බවත් යුධ සමයේ යුක්රේනය හා ශී‍්‍රලංකාව එවැනි ගනුදෙනු බව යෙදුණු බවත් ලෙස ඇය ඊට පිළිතුරු දී තිබෙන්නීය.ඇය හමුව අවසාන කර තිබෙන්නේ ලිපියේ අන්තර්ගත කරුණු සම්බන්ධයෙන් පුලූල්  පරීක්ෂණයක් සිදුකරන බවට පොරොන්දුවක්ද දෙමිනි.නමුත් එවැනි පරීක්ෂණයක් කිසිදිනෙක කි‍්‍රයාවට නැගුනේ නැත.කිසිදු වරදක් සිදුවී නොමැති බව පෙන්වමින් වීරතුංග රුසියාවේ තානාපති ලෙස දිගටම සේවයේ නියැලූනු අතර යුක්රේනයට සිදුකළ සංචාරයන්ද හේ නොනැවැත්වීය.ඔහුගේ ඥාති සෙහොයුරු මහින්ද රාජපක්ෂගේ ඡුන්ද සටනට දායකත්වය ලබාදීමට ඔහු දිවයිනටද පැමිණියේය.යුක්රේන රජය නගන පැනයන්ට පිළිතුරු දී ගත නොහැකිව සිටින විදේශ අමාත්‍යංශය හමුවේ තිබෙන විශාලම ගැටලූව වන්නේ වීරතුංග සම්බන්ධ කර ගැනීමේ මාර්ගයක් නොමැති වීමය.වීරතුංගගෙන් ප‍්‍රශ්න කිරීමට නොඉවසිල්ලෙන් සිටින්නේ විදේශ අමාත්‍යංශයම පමණක් නොවේ.මිග් ගනුදෙනුව - ගැටලූ ඇත.පිළිතුරු?අලූතින් ඇතිකළ පොලිස් මූල්‍ය අපරාධ විමර්ෂණ අංශය යුක්රේනයෙන් මිලදී ගත් ගුවනේ සිට පොළවට ප‍්‍රහාර එල්ල කළ හැකි මිග් 27 යානා ගනුදෙනුව සම්බන්ධයෙන් දැන් සිදුකරගෙන යන පරීක්ෂණ වලට අවශ්‍ය තොරතුරු ලබාගැනීමටද උදයංගව අවශ්‍යව තිබේ.මෙම ගනුදෙනුම සිදුව ඇත්තේ ඔහු රුසියා තානාපති ලෙස සේවය කළ කාලයේ වන අතර මූල්‍ය අපරාධ විමර්ෂණ අංශයේ නිළධාරීන් පවසන්නේ යානා මිලයට ගැනීමේ කටයුතු වලදී ඔහු ඊට සැළකිය යුතු දායකත්වයක් ලබාදී ඇති බවට තොරතුරු මූලික පරීක්ෂණ කටයුතු වලින් අනාවරණයව තිබෙන බවයි.මෙම සමයේ ඔහු නිතරම කොළඹ හා කියෙව් අතර සංචාරයේ ගුවන්ගමන්හි යෙදී ඇති බවටද සාක්ෂි ඇත.පසුගිය සිකුරාදා පොලිස් මූල්‍ය අපරාධ අංශයේ නිළධාරීන් මිග් යානා ගනුදෙනුව සම්බන්ධයෙන් ගුවන්හමුදාපති එයාර්චීෆ් මාර්ෂල් රොෂාන්  ගුණතිලක මහතාගෙන් පැය නමය හමාරක ප‍්‍රකාශයක් සටහන් කරගත්තේය.මිලදී ගත් පසු ගුවන්යානා ශී‍්‍රලංකාව බලා ගෙනඑනු ලැබ ඇත්තේ වත්මන් ගුවන් හමුදාපතිවරයාගේ පෞද්ගලික අධීක්ෂණයට යටතේ වීම මෙසේ ඔහුගෙන් ප‍්‍රකාශයක් සටහන් කරගැනීමට හේතුවයි.මෙම මිග් 27  යානා මිලදී ගැනීම සම්බන්ධයෙන් යෝජනාව ඉදිරිපත්වුනු කාලයේ  ගුවන්හමුදාපති ධූරය හෙබවූ එයාර් චීෆ් මාර්ෂල් ඩොනල්ඞ් පෙරේරා මහතාගෙන්ද ප‍්‍රශ්න කිරීම් සිදුකිරීමට පොලිස් මූල්‍ය අපරාධ අංශය සැළසුම් කර ඇත.මෙම ගනුදෙනුව සම්බන්ධයෙන් සන්ඬේ ටයිම්ස් ගතවුනු කාලය පුරාවට හෙළිකළ කරුණු රැුසක් සහතික කිරීමට මූල්‍ය අපරාධ විමර්ෂණ අංශයේ නිළධාරීන් මේ වන විට සමත්ව ඇත.යානා මිලදී ගැනීම සම්බන්ධයෙන් ශී‍්‍රලංකා ගුවන්හමුදාවෙන් ලබාගත් වාර්තා අධ්‍යනය කිරීමෙන් හා එම මිලදී  ගැනීම් වලට සම්බන්ධවූ පුද්ගලයින් කිහිපදෙනෙකුගේ කළ ප‍්‍රශ්න කිරීම් වලින් මෙතෙක් හෙළි නොවූ තොරතුරු අනාවරණය කර ගැනීමටත් ඔවුනට හැකිව ඇත.තවත් බොහෝ දෙනා ප‍්‍රශ්න කිරීම් වලට කැදවීමට නියමිතය.ගනුදෙනුවේ ගැටලූකාරී ස්වභාවයට හේතුවී තිබෙන්නේ මිලදී ගෙන තිබෙන යාන 4 ඉන්  පෙර අවස්ථාවකදී මිලයට ගත් මෙම වර්ගයටම අයත් යානා 2 කට වඩා පැරණි ඒවා වීම නිසාය.ශී‍්‍රලංකා ගුවන්හමුදාව සතු තවත් මෙවන් යානා 7 ක් අලූත්වැඩියා කිරීම සදහා සම්පත් දායකත්වය ලබාදීම මෙම ගනුදෙනුවේ තවත් කොටසකින් ආවරණය විය.ශී‍්‍රලංකා ගුවන්හමුදාව ලබන්නාගේ පාර්ශවය  නියෝජනය කරද්දී ලබා දෙන්නාගේ පාර්ශවය නියෝජනය කළේ යුක්රේන රජයට අයත් සමාගමක් වන යුකින්මාර්ෂ් සමාගමයි.මෙය රජයක් දෙකක්  අතර ඇතිවූ ගිවිසුමක් ලෙස එදවස හදුන්වාදෙනු ලැබුණු අතර ටෙන්ඩර් කැදවීමට යෑමේදී සිදුවන ප‍්‍රමාද දෝශයන් වළක්වාගැනීමට හා ගනුදෙනුවට මැදහත්කරුවන් සම්බන්ධවීම මගහැරීමට මෙලෙස රජයන් දෙක අතර සෘජු ගිවිසුමක් ඇතිකරගත් බව පැවසුනි.එසේ පැවසුනද දැනට සිදුව ඇති පරීක්ෂණ වලින් 2006 වසරේ ජූලි මස 26 වැනිදා ඇතිකරගත් මෙම ගිවිසුමට දිවයිනෙන් බැහැර පිහිටි එක්තරා සමාගමක් දායතක්වය සපයා ඇති බව අනාවරණයව තිබේ.බෙලිමිසා හෝල්ඩින්ග් නම් වන මෙම සමාගම ලියාපදිංචි කර තිබෙන්නේ බි‍්‍රතාන්‍යයේය.නම සොයාගැනීමට හැකිවුවත් එම  සමාගම ගැන ඊට අමතර තොරතුරක් සොයාගත හැකි කිසිදු මූලාශ‍්‍රයක් සොයාගැනීමට පරීක්ෂකයින්ට මේ දක්වාම හැකිව නොමැත.ගුවන්යානා මිලදී ගැනීම සම්බන්ධ ගිවිසුමේ මෙම සමාගම හදුන්වාදී ඇත්තේ වගකිවයුතු පාර්ශවය ලෙසය.මිග් 27 යානා හතර මිලදී ගැනීමට,ඒවා ප‍්‍රවාහනය කිරීමට හා අනෙකුත් වියදම් සදහා අවැසි සියලූ මුදල් යවා ඇත්තේ මෙම සමාගම නමින් ලන්ඩනයේ පිහිටි ලිපිනයකටය.නමුත් එම ලිපිනයේ සමාගමක යැයි සැළකිය හැකි ගොඩනැගිල්ලක් හෝ කාර්යාලයක් හෝ නොමැත.යානා ගනුදෙනුවට අත්සන් තැබී ඇත්තේ ලන්කා ලොජිස්ටික්ස් ඇන්ඞ් ටෙන්නොලොඩි ලිමිටඞ් නම් සම්පූර්ණයෙන්ම රජයට අයත් භාණ්ඩ ප‍්‍රවාහන සමාගමේ මෙහෙයුම් කටයුතු ආරම්භ කෙරුණු 2006 ජූලි මස 27 වැනිදාට දිනකට පෙරය.කල්ගතවීමේදී ආරක්ෂක අංශ හා පොලිසියට අවශ්‍ය භාණ්ඩ හා සේවා සැපයීමේ එකම ආයතනය බවට පත්වූයේ මෙම සමාගමයි.මෙම ගනුදෙනුවට වසර 6 කට පෙර ශී‍්‍රලංකා ගුවන්හමුදාව මෙවැනිම මිග් 27 ප‍්‍රහාරක යානා 4 ක් මිලයට ගත්තේ මිීට වඩා අඩු මුදලකටය.අංගනයක ගාල් කර තිබූ යානා සමූහයක් අතරින් හොදම යානා 4 ක් තෝරාගැනුනු අතර 2000 වසරේ මැයි මස 25 වැනිදා සිදුවුනු ගනුදෙනුව ප‍්‍රකාරව එම එක්  යානයකට ගෙවනු ලැබූ මුදල වූයේ ඩොලර් ලක්ෂ 17.5 කි.(එවක විදේශ  විනිමය අනුපාතය අනුව එක් ගුවන්යානයක් සදහා රුපියල් ලක්ෂ 1890 ක මුදලක්* එම යානා වර්ෂ 1982 හා 1985 අතර කාලයේ නිශ්පාදනය කර තිබුනි.ෙදැවැනි වතාවටත් මිග් 27 යානා මිලදී ගැනීමක් සිදුවුනු අතර එම  වසරේදීම ඔන්තෝබර් මස 24 වැනිදා සිදුවූ එම ගනුදෙනුවේදී යානා දෙකක් මිලයට ගැනුනේ එක් යානයක මිල පෙර අවස්ථාවටත් වඩා අඩු මුදලකටය.දෙවන ගනුදෙනුවේදී එක් යානයක් සදහා වැයවූ මුදල ඩොලර් ලක්ෂ 16 ක් විය.(එවක විදේශ විනිමය අනුපාතය අනුව රුපියල් ලක්ෂ 1780 ක  මුදලක්*.එක් යානයක් නිශ්පාදනය කර තිබුණේ 1981 වසරේදී වූ අතර අනෙක නිශ්පාදනය කර තිබුණේ 1984 වසරේදීය.දැනට සිදුකර තිබෙන පරීක්ෂණ වලින් මෙම තොරතුරු සනාථ වී තිබේ.මෙම යානා වලට අමතරව මිග් 27 23 යූබී ටෙ‍්‍රයිනර් වර්ගයට අයත් ගුවන්යානයක්ද මිලයට ගෙන ඇතැයි පරීක්ෂණ වලින් අනාවරණයව තිබෙන අතර ඒ සදහා වැයව ඇති මුදල ඩොලර් ලක්ෂ 9 කි.(එවක විදේශ අනුපාතය  අනුව රුපියල් ලක්ෂ 920 ක මුදලක්*.මෙම යානය නිශ්පාදනය කර ඇත්තේ 1984 වසරේදී වන අතර එහි අලූත්වැඩියා කටයුතු සදහා පසු අවස්ථාවක එහි  අලූත්වැඩියා කටයුතු සදහා ශී‍්‍රලංකා ගුවන්හමුදාවට රුපියල් ලක්ෂ 16 ක් වැයව තිබෙන බවටද තොරතුරු ඇත.අවසාන වශයෙන් තවත් මිග් 27 යානා 4 ක් මිලයට ගැනුනු අතර ආන්දෝලනයට තුඩු දුන්නේ මෙම ගනුදෙනුවයි.ගනුදෙනුවේදී එක් ගුවන්යානයක් සදහා වැයකර ඇති මුදල ඩොලර් ලක්ෂ 24.62 කි.(එවක  විදේශ විනිමය අනුපාතය අනුව රුපියල් 265 896 000 ක මුදලක්*.1980 හා 1983 වසරවල නිශ්පාදනය කර ඇති මෙම ගුවන්යානා පෙර මිලදී ගත්  ගුවන්යානා වලට වඩා පැරණී ඒවා වුවත් ඒවා මිලයට ගෙන ඇත්තේ වැඩි මුදලක්ද ගෙවාය.මූල්‍ය අපරාධ විමර්ෂණ අංශයේ පරීක්ෂකයින් මෙම ගනුදෙනුව හා සම්බන්ධ ලියකියවිලි දැනටමත් තමන් භාරයට ගෙන ඇත.ගණන් බැලූවහොත් පෙර අවස්ථාවේ ඩොලර් ලක්ෂ 16 ක් ගෙවා මිලයට ගත් ගුවන්යානයට වඩා පැරණි ගුවන්යානයක් මිලයට ගැනීමට ගෙවා ඇති මුදල ඩොලර් 24.62 කි.දෙක අතර මුදලේ වෙනස ඩොලර් 862 000 කි.මෙලෙස යානා 4 ටම වැඩිපුර ගෙවා ඇති මුදල එක්ව සැළකුවහොත් එය ඩොලර් 3 448 000 කි.මෙම මුදල් වෙනස නොසළකා හැරීමට කටයුතු කළේ  ඇයි? කවුරුන්ද මෙයට හවුල්වුනු පුද්ගලයින? මෙම ගනුදෙනුව යටගැසූයේ කවුරුන්ද? ආදී ගැටලූ වලට පිළිතුරු සෙවීමට මූල්‍ය අපාරධ පරීක්ෂණ අංශයේ පරීක්ෂකයෝ කටයුතු කරමින් සිටිති.ඒ පිළිඹද වැඩිදුර තොරතුරු  හෙළිකිරීම ප‍්‍රතික්ෂේප කළ ඔවුහු පරීක්ෂණ කටයුතු ක‍්‍රමයෙන් ඉදිරියට ගමන් කරමින් තිබෙන බව පමණක් පැවසූහ.පාර්ලිමෙන්තුව විසිරුවීමමිග් 27 ප‍්‍රහාරක යානා මිලදී ගැනීමේ අයථා ගනුදෙනුම පිළිඹද පරීක්ෂණ එසේ පැවැත්වෙද්දී ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා හා එක්සත් ජාතික පක්ෂය ප‍්‍රධාන රජයේ අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා වංචා හා දුූෂණ චෝදනා නැගී ඇති පුද්ගලයින් නීතිය ඉදිරියට ගෙන ඒමට කටයුතු කරමින් සිටිති.ඇතැම් ප‍්‍රබල පුද්ගලයින් සම්බන්ධයෙන් නැගී ඇති වංචා හා දුූෂණ චෝදනා පිළිඹද පරීක්ෂණ කටයුතු ඔවුන් යොදන පීඩනය නිසා ඉතා සෙමින්  සිදුවෙමින් පැවතියද එසේ යැයි කියා පොලිසිය ඇතුලූ දුූෂණ විමර්ෂණ ආයතනයන්ට නිදහසක් දීමට ඔවුන් දෙපළගේ සූදානමක් නැත.පාර්ලිමෙන්තු මැතිවරණයට ප‍්‍රථමයෙන් වංචා හා දුූෂණ චෝදනා නැගී ඇති පුද්ගලයින්ට එරෙහිව පරීක්ෂණයන් දියත් කරවීම ජනපතිවරයාගේ හා අගමැතිවරයාගේ අරමුණ බව පෙනේ.මේ සම්බන්ධයෙන් මහජනතාව දැනුම්වත් කිරීමේ වැඩසටහනක්ද ආරම්භ කර ඇත.පසුගිය සතියේ හමුවුනු රටකරවන ති‍්‍රත්වය එනම් ජනපති සිරිසේන,අගමැති වික‍්‍රමංසිහ හා හිටපු ජනපතිනී බණ්ඩාරණායක අතර සාකච්ඡුාවට බදුන්වූයේද  ඉදිරියේ එන පාර්ලිමෙන්තු මැතිවරණයයි.ගෙවුනු මාර්තු 17 වැනි අගහරුවාදා දිනයේ පැවැත්වුනු මෙම හමුවේදී අගමැති වික‍්‍රමසිංහ දින 100 යේ වැඩපිළිවෙල අනුව අපේ‍්‍රල් මස 23 වැනිදාට පාර්ලිමෙන්තුව විසිරුවන බවට එදා ජනාධිපතිවරණ වේදිකාවේ දුන් පොරොන්දුව ජනපතිවරයාට මතක් කර  දුන්නේය.නමුත් එසේ පාර්ලිමෙන්තුව විසිරුවීමට පෙර ව්‍යවස්ථා සංශෝධනයන් සිදුකිරීම හා මැතිවරණ ක‍්‍රමය වෙනස්කිරීම එකසේ වැදගත්වන බව පැවසූ ජනාධිපතිවරයා එම කටයුතු සම්පූර්ණ කර මැයි දිනයට පසුදා  (මැයි 1* පාර්ලිමෙන්තුව විසිරුවා හැරිය හැකි බව පෙන්වා දුන්නේය.අගමැතිවරයාගේ අදහස වූයේ එසේනම් වෙසෙක් පොහෝ දිනය පසුවන තෙක් සිටීම වඩා යෝග්‍ය බවයි.මේ අනුව පාර්ලිමෙන්තුව විසිරුවීම මැයි මස  5 වැනිදා සිදුවීමට ඉඩ තිබේ.මැතිවරණය පැවැත්විය යුතු දිනය සම්බන්ධයෙන්ද තිදෙන අදහස් හුවමාරු කරගත් අතර අවසානයේ තීරණය වූයේ පාර්ලිමෙන්තුව විසිරුවීමෙන් පසු එළැඹෙන මාසයේ අවසාන  සෙනසුරාදා දිනයේ මැතිවරණය පැවැත්වීමටය.එනම් මැතිවරණය පැවැත්වෙනු ඇත්තේ ජූනි මස 27 වැනිදාය.කෙසේවුවද ගෙවීමට ඇති  දින  කිහිපයේ සකස්වන දේශපාලන පරිසරය අනුව මෙම දින වෙනස් වීමට ඉඩ ඇත.පාර්ලිමෙන්තුව අපේ‍්‍රල් මස 23 වැනිදා විසිරුවාහැරිය යුතුයැයි සිටි දැඩි මතය වෙනස් කර ගැනීමට අගමැතිවරයා කටයුතු කළ අතර අවශ්‍ය සංශෝධනයන් සිදුකෙරෙන තෙක් එදින සිට තවත් සති කිහිපයක් පාර්ලිමෙන්තුව එලෙසම  තබා ගැනීමට ඔහු එකගවිය.පක්ෂයේ සභාපති මලික් සමරවික‍්‍රම මහතාද සන්ඬේ ටයිම්ස් හා මේ හා සමානවම අදහස් පළකළේය.මේ දෙදෙන  පාර්ලිමෙන්තුව විසිරුවීම කල්දැමිීමට එකගතාවය පළ කර තිබෙන්නේ එක්සත් ජාතික පක්ෂයේ ප‍්‍රධාන කමිටුව අප්‍රෙල් මස 23 වැනිදා පාර්ලිමෙන්තුව විසිරුවා හැරිය යුතුයැයි දැඩි තීරණයක සිටිද්දීය.19 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ඉදිරිපත්ව තිබෙන අවසාන යෝජනාවලිය පිළිඹදවද තිදෙනගේ අවධානය යොමුවිය.ගෙවුනු සදුදා දිනයේ  ව්‍යවස්ථා සංශෝධනය පිළිඹද අවසාන මතයකට පැමිණීමට විශේෂ කැබිනට් හමුවක් පැවැත්වුනු අතර එහිදී සිදුකෙරුණු සංශෝධනයන් අවසානයේ සියලූදෙනාගේ එකගත්වයෙන් යුතු ව්‍යවස්ථා සංශෝධන යෝජනාවලියක් සකස් විය.හිටපු ජනපතිනිය මෙහදී වැදගත් කාරණාවක් මතු කළාය.දැන් ඇය රජයේ ප‍්‍රතිපත්ති සකස් කිරීමේ කටයුතු වල නිරතව සිටින නිසා ශී‍්‍රලංකා නිදහස් පක්ෂය හා සමිීප සම්බන්ධතාවක් පවත්වාගැනීමටද ඇයට හැකිව ඇත.අපේක්ෂාභංගත්වයට පත්ව සිටින ඇතැම් ශී‍්‍රලංකා නිදහස්  පක්ෂ පාර්ලිමෙන්තු මන්තී‍්‍රවරුන් සම්බන්ධයෙන් වහාම පියවර ගතයුතුව තිබෙන බව ඇය පැවසුවාය.මෙම මන්තී‍්‍රවරුන් සෑම අවස්ථාවකම එක්සත් ජාතික පක්ෂය ඉදිරිපත් කරන යෝජනාව කවරක් හෝ වේවා ඊට විරුද්ධව  අදහස් පළ කිරීමට පුරුදුව සිටින බව ඇය කීවාය.මෙම තත්ත්වය වර්ධනය වුවහොත් යෝජිත ව්‍යවස්ථා සංශෝධනයන් ස්ථාපිත කර ගැනීමට මැතිවරණ ක‍්‍රමයේ වෙනසක් සිදුකරගැනීමට ආදී නව රජය ඉදිරියේ කි‍්‍රයාත්මක කිරීමට  නියමිත වැඩපිළිවෙල සාර්ථක කර ගැනීම සදහා අවශ්‍ය තුනෙන් දෙකක පාර්ලිමෙන්තු බලය දිනාගැනීමට අපහසු වන බව හිටපු ජනපතිනිය ජනපතිවරයාට හා අගමැතිවරයාට පැහැදිලි කර දුන්නාය.පිළියමක් වශයෙන් ඇය යෝජනා කළේ ශී‍්‍රලංකා නිදහස් පක්ෂයෙන් තෝරාගන්නා පාර්ලිමෙන්තු මන්තී‍්‍රවරුන් කිහිපදෙනෙකුටද කැබිනට් අමාත්‍යධූරයන් ලබාදිය යුතු බවය.අගමැති,ජනපති හා හිටපු ජනපතිනිය සමග සමිීප සබදතාවන් පවත්වන විශ්වාසකටයුතු ආරංචි මාර්ගයකට අනුව කැබිනට් අමාත්‍යධූර ප‍්‍රදානය කිරීමට සුදුසු ශී‍්‍රලංකා නිදහස් පක්ෂ පාර්ලිමෙන්තු මන්තී‍්‍රවරුන්ගේ ලැයිස්තුවක්  පිළියෙල කිරීමට එවලේම සැළසුම් කෙරී ඇති අතර පුද්ගලයින් පත් කිරීමේ වාසි හා අවාසි ගැන සාකච්ඡුා කිරීමටද තිදෙනගේ එකගතාව පළවී  තිබේ.අගමැතිවරයාද හිටපු ජනපතිනියගේ යෝජනාවට කැමැත්ත පළ කර ඇත.දැනටමත් මාධ්‍ය ඔස්සේ මේ පිළිඹද දුූසමාන ආරංචි ප‍්‍රචාරය වෙමින් තිබෙන බව පවසා ඇති අගමැතිවරයා අලූත් ඇමතිවරුන් පත්කිරීම සම්බන්ධයෙන් කිසිවෙකුත් තමන්ට ඇගිල්ල දික් නොකරනු ඇතැයි සිතන බවද කියා තිබේ.හමුව අවසාන වූ පසු ජනපතිවරයා ඇමතිධූර,නියෝජ්‍ය ඇමතිධූර හා රාජ්‍ය ඇමතිධූර ලබාදීමට සුදුසු ශී‍්‍රලංකා නිදහස් පක්ෂ පාර්ලිමෙන්තු මන්තී‍්‍රවරුන්ගේ නාමාවලියක් සකස් කිරීමේ යෙදුණේය.මේ අතර ශී‍්‍රලංකා නිදහස් පක්ෂ පාර්ලිමෙන්තු මන්තී‍්‍ර කණ්ඩායමට ලැබුණු පණීවුඩයක සදහන්වූයේ හෙට එනම් සදුදා දිනයේදී අවසන් වතාවට කැබිනට් මණ්ඩලයේදී සංශෝධණයවීමට නියමිත 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් තවත් අදහස් පළ කිරීමට හා යෝජනා ඉදිරිපත් කිීරීමට අද එනම් ඉරිදා දිනයේ විශේෂ හමුවක් පැවැත්වෙන බවය.සැබැවින්ම සිදුවන්නට යන්නේ කුමක්දැයි ඔවුන්ගෙන් බහුතරය දැන සිටියේ නැත.ශී‍්‍රලංකා නිදහස් පක්ෂයටත් අමාත්‍යධූර  ලැබීමට නියමිත බව පැවසුනු කටකතා විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ කණවැකී තිබුණද ඔහුට එය සැකහැර දැනගැනීමට හැකිවූයේ  ඉරිදා සවස්යාමයේ ජනාධිපතිවරයා ඔහු අතට ආමාත්‍යධූර,නියෝජ්‍ය අමාත්‍යධූර හා රාජ්‍ය අමාත්‍යධූර දැරීම සදහා තෝරාගෙන සිටින ශී‍්‍රලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමෙන්තු මන්තී‍්‍රවරුන්ගේ නම් ලැයිස්තුවක් ලබා දුන්නායින් පසුවය.හිටපු ජනපතිනිය අතට මෙම ලැයිස්තුවේ පිටපතක් ඉරිදා  උදැෑසනම ලැබී තිබුණු අතර තමන්ව ඉතා අපහාසාත්මක ලෙස විවේචනය කළ එස්.බී දිසානායකවද ඇමතිධූරයක් සදහා යෝජනා කර තිබීම ඇයව මහත් සේ කෝප ගැන්වීය.වහාම සිරිසේන ජනපතිවරයාම ඇමතූ ඇය තම විරෝධය පළකළාය.මහින්ද රාජපක්ෂ විවේචනය කළ හැකි ප‍්‍රබල විවේචකයෙකු ලෙස එස්.බී හදුන්වාදුන් ජනපතිවරයා එනිසාවෙන්ම ඔහුට අමාත්‍යධූරයක් ලබාදුන් බව හිටපු ජනපතිනියට පැහැදිලි කර දුන්නේය.එම පැහැදිලි කිරීම පිළිගත්තද ඇය ඇමතිවරුන් දිව්රුම්දීමේ අවස්ථාවට සහභාගී  නොවූවාය.පසු අවස්ථාවක අභිනවයෙන් අමාත්‍යවරයෙකු බවට පත්වූ එස්.බී දිසානායක පසුගිය සමයේ හිටපු ජනපතිනියට පහර ගසමින් තමන් සිදුකළ  අශ්ලීල,අවිචාරමත් විවේචනයන් සම්බන්ධයෙන් ඇයගෙන් සමාව ඉල්ලා සිටියේය.ජාතික ආණ්ඩුවක් ඇතිවීම සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයට ඇත්තේ සුභවාදී ආකල්පයක් බව සන්ඬේ ටයිම්ස් හා අදහස් පළ කළ අගමැති රනිල් වික‍්‍රමංසිහ පැවසීය.ජනතාවගේ සුභසිද්ධිය වෙනුවෙන් අප එක්ව වැඩ කරන්න වුවමනායිඔහු කීය.පාර්ලිමෙන්තු මැතිවරණයෙන් පසු පත්වන නව රජය රටේ  ආර්ථික ශක්තිමත් කිරීමට අවශ්‍ය තවත් යෝජනා කිහිපයක් කි‍්‍රයාත්මක කරනු ඇති බව පැවසූ අගමැතිවරයා අතීතයේ රටේ සංවර්ධනයට පෞද්ගලික අංශය  මතම යැපීමට සිදුවූවත් දැන් සියලූ දෙනා දේශපාලනික වශයෙන් එක්ව සිටින නිසා එවැන්නක අවශ්‍යතාවයක් නොමැති බව පෙන්වා දුන්නේය.තොරතුරු දැන ගැනීමේ පණත අලූත් අවුරුදු නිවාඩුවට පසු පාර්ලිමෙන්තුවට  ඉදිරිපත් කර ඉක්මනින්ම සම්මත කර ගැනීමටද ඔහු සැළසුම් කර ඇත.ගෙවුනු සති කිහිපයේම ඔහු සිටියේ සිරිකොත පක්ෂ මූලස්ථානයට වී ඉදිරි මැතිවරණයට මුහුණදීම සදහා එක්සත් ජාතික පක්ෂයේ මැතිවරණ යාන්ත‍්‍රණය  සකස් කරන කටයුතු වල නියැළීය.ශී‍්&
‘මහින්ද පුම්බන්න ඇමෙරිකාවට දුන් 87 කෝටිය වතුරේ‘
0
hp_train_7586
(මුලටියන එස්. බාලසූරිය, දෙයියන්දර ජයන්ත ජයවර්ධන සහ අකුරැස්ස සුජීව සමරක්කොඩි)නිදහස් අධ්‍යාපන ප්‍රතිපත්තිය තුළ රජය අධ්‍යාපන ක්ෂේත්‍රයේ සංවර්ධනය සඳහා ප්‍රමුඛත්වය දී ඇතැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉකුත් 6 වැනිදා දෙයියන්දරදී පැවැසීය. ලෝකයේ දියුණු රටවල් ඒ දියුණුව ලබාගෙන ඇත්තේ එම රටවල උගතුන් වැඩිවීම නිසා බව කී ජනාධිපතිවරයා ජාතියක් ගොඩනැගීමට, ජාතියක් ශක්තිමත් කිරීමට, රටක උගතුන් වැඩිවිය යුතු බව ද සඳහන් කළේය.දෙයියන්දර ජාතික පාසල් පරිශ්‍රයේ අභිනවයෙන් ඉදිකරන ලද නව තෙමහල් පරිපාලන සංකීර්ණ ගොඩනැගිල්ල සිසු අයිතියට පවරා දීමෙන් අනතුරුව පැවැති ජන හමුවකදී ජනාධිපතිවරයා එම අදහස් ප්‍රකාශ කළේය. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මැදිහත්වීමෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ ප්‍රතිපාදන මත රුපියල් ලක්ෂ 270ක වියදමකින් එම ගොඩනැගිල්ල ඉදිකර ඇත.විදුහල්පති ඩබ්ලිව්.ඩබ්ලිව්.ජී. අමරසේන මහතා ප්‍රමුඛ ගුරු මණ්ඩලය, පාසල් සංවර්ධන සමිතිය හා ආදි ශිෂ්‍ය සංගමය එක්ව එම උළෙල සංවිධානය කර තිබිණි. ජනාධිපනති මෛත්‍රීපාල සිරිසේන මහතා එහිදී මෙසේ ද කීය. වසර දෙකකට පෙර ඔබේ පාසලට වෙනත් කටයුත්තක් සඳහා පැමිණි අවස්ථාවක විදුහල්පතිතුමාත් දරුවනුත් කළ ඉල්ලීමක් මත මේ නව ගොඩනැගිල්ල ගොඩනගා විවෘත කර ඔබේ අයිතියට ලබා දීමට හැකිවීම පිළිබඳව මා ඉතාමත් සතුටු වෙනවා.  දෙයියන්දර, හක්මන ප්‍රදේශය වගේම මාතර දිස්ත්‍රික්කය මට අලුත් ප්‍රදේශයක් නොවේ.  පසුගිය අවුරුදු තිහකට ආසන්න කාලයක් විවිධ අමාත්‍යාංශවල කටයුතු කරන අවස්ථාවන්වලදීත් දේශපාලන කටයුතුවලදීත් මාතර දිස්ත්‍රික්කයේ මම ගමක් ගානේ ගිහින් තිබෙනවා. සමහර ප්‍රදේශවල, මැතිවරණ කාලවලදී ගෙයක් ගෙයක් ගානේ ගිහින් තිබෙනවා. අද ඔබේ ප්‍රදේශය තුළ කරනු ලබන සංවර්ධන කටයුතු සහ මේ පාසලේ දරුවන්ගේ අභිවෘද්ධිය සඳහා කරන්නාවූ කාර්යයන් ගැන ඉතාමත් සතුටු වෙනවා.  ලක්ෂ්මන් යාපා අබේවර්ධන ඇමැතිතුමාගේ කතාවේදී සඳහන් කළ කාරණයක් මම පාඩමක් විදියට හිතට ගත්තා. ඇමැතිතුමා කිව්වා, මට කියලා ලියුමක් අත්සන් කර ගත්තා ජනාධිපතිතුමා දන්නෙත් නැහැ මම ලක්ෂ තුන්දාහක් අරගත්තා මේ පැත්තේ සංවර්ධන කටයුතුවලට කියා. මම එයින් තීරණය කළා මීට පස්සේ මම හැම කෙනෙක්ගේම ලියුම් අත්සන් කරන්නේ ගාණ දාලා කියා. දක්ෂ ඇමැතිවරයෙක් විදියට එතුමාගේ කාර්යය කරගන්න දක්ෂ වෙලා තිබෙනවා. මමත් ඉතාමත් සතුටු වෙනවා එවැනි විශාල මුදලක් අරගෙන මේ ප්‍රදේශයේ මහජනතාව වෙනුවෙන් කරන සංවර්ධන කටයුතු සම්බන්ධව.  වාසනාවන්ත මේ රටේ සමස්ත දරු පරපුර වෙනුවෙන්, හෙට උපදින දරුවන් වෙනුවෙන් රජය විදියට අපේ වගකීම සහ යුතුකම ඉටු කළ යුතු වෙනවා. රජයක්, රාජ්‍ය නොවන ආයතනයක් වෙනත් ඕනෑම සංවිධානයක්, පුද්ගලයෙක් යම් කාර්යයක් කරන්නේ නම් එය ශුභවාදී නම් එහි ප්‍රතිඵලය ලබා ගන්නේ දරුවන්. කෙනෙක් යම් අසුභවාදී දෙයක් කරන්නේ නම් ඒ නරක කාර්යයේ අනිසි ප්‍රතිඵල ලබා ගන්නේත් දරුවන්. ඒ නිසා අපි සෑම කෙනකුටම වගකීමක් සහ යුතුකමක් තිබෙනවා අපි කරන සියලු කාර්යයන්හි වගකීමක් තිබෙනවා දරුවන්ගේ අනාගතය සඳහා සැමවිටම කටයුතු කරන්නට. ඒ කරන්නාවූ සියලු කටයුතුවල ආයෝජනයන්හි ප්‍රතිඵලය දරුවන් සඳහා විය යුතුයි.  ලෝකයේ දියුණු රටවල් ඒ දියුණුව ලබා ගෙන තිබෙන්නේ එම රටවල්වල උගතුන් වැඩිවීම නිසායි. ඒ රටවල්වල බුද්ධිමතුන් වැඩිවීම නිසයි. ජාතියක් ගොඩනගන්න, ජාතියක් ශක්තිමත් කරන්න රටකට වඩාත් යහපත් අනාගතයක් ඇති වෙන්න ඒ රටේ උගතුන් වැඩි වෙන්න ඕන. උගත් ජාතියක් බවට පත්වෙන්න ඕන. නිදහස් අධ්‍යාපන ප්‍රතිපත්තිය තුළ මේ අවුරුදු තුනකට ආසන්න කාල සීමාවේදී අධ්‍යාපන ක්ෂේත්‍රයේ සංවර්ධනය සඳහා ප්‍රමුඛත්වය දී තිබෙනවා. මෙහි පළාත් අධ්‍යාපන ඇමතිතුමා ඉන්නවා. මේ රටේ පළාත් සභා පිහිටුවීමෙන් පසුව කිසිම ආණ්ඩුවකින් නොදුන් මුදල් ප්‍රමාණයක් අපි ගිය අවුරුද්දේ සියලුම පළාත් සභාවලට දුන්නා. සමහර පළාත් සභාවලට අධ්‍යාපනය සඳහා දුන් මුදල් නැවත ආවා. සමහර මහ ඇමතිවරු අධ්‍යාපනයට යෙදවූ මුදල් වැඩියි. ඒ නිසා වෙනත් විෂයන්වලට මාරු කරන්න කියා ලියුම් මගේ ළඟට අරගෙන ආවා. මම ඒ ලියුම් අත්සන් කෙරුවේ නැහැ. අපි විශාල මුදලක් අධ්‍යාපනයට වැය කරන්නේ සියලු දේට වඩා ප්‍රමුඛත්වය රටේ අධ්‍යාපනයට, දරුවන්ට දෙන නිසයි.  ජනාධිපති ලේකම් කාර්යාලයේ තිබෙන විවිධ ව්‍යාපෘති තුළ “දරුවන් රකිමු” කියා විශේෂ ව්‍යාපෘතියක් පසුගිය අවුරුද්දේ ආරම්භ කළා මම. මේ රටේ දරුවන් පිළිබඳ තිබෙන ප්‍රශ්න, ගැටලු, ආරක්ෂාව, සුරක්ෂිතභාවය දරුවන්ට කායිකව සහ මානසිකව බලපාන ප්‍රශ්න තුළ ඔවුන්ට ඇතිවන පීඩාවන් වැනි තත්ත්වයන් වාර්තා වූ නිසා “දරුවන් රකිමු” යන විශේෂ ව්‍යාපෘතිය අපි ආරම්භ කළේ. දරුවන්ගේ මනස තේරුම් ගැනීම, දරුවන්ගේ මනසට අවශ්‍ය දේ ලබා දීම, දරුවාට සුන්දර පැහැබර මනසක් ඇතිව වැඩ කිරීමට අවශ්‍ය පසුබිම ගොඩනැගීම, දරුවන් සැමවිටම සතුටින් තබා ගැනීම අපි කාගේත් වගකීමක් සහ යුතුකමක් වෙනවා.  ඊයේ පෙරේදා මම කියවපු පොතක තිබුණා පිටරටක සිද්ධියක්. ඒ රටේ පොදු ප්‍රවාහන සේවයේ බස් රථයකට නැග්ගා දරුවන් තුන් දෙනෙක් සහ තාත්තා කෙනෙක්. තාත්තා බස් රථයෙහි ආසනයක වාඩීවී සිටින විට බස් රථයෙහි ඉඩ තිබුණත් දරුවන් තුන්දෙනා වාඩි වෙන්නේ නැතුව මහ හයියෙන් කෑ ගසමින් එහේ මෙහේ දුවන්න පටන් ගත්තා. බස් රථයේ සියලු මගීන්ට මේ දරුවන් කරදරයක් වුණා. මගීන් දරුවන් දිහා නොවෙයි දරුවන්ගේ පියා දෙසයි බැලුවේ. මේ දරුවන් තුන් දෙනාව සන්සුන් කරගන්නේ නැතුව ඇයි මෙහෙම කරන්නේ කියා. දරුවන්ගේ පියා අසල සිටි මගියා දරුවන්ගේ පියාගේ මූණ බලන විට ඔහු ඇස් දෙක පියාගෙන නින්දෙන් සිටින ආකාරයට සිටියා. දරුවන් තිදෙනාගේ හැසිරීම එන්න එන්නම නරකයි. බස් රථයේ මගීන් දරුවන්ට වෛර කරන්න පටන් ගත්තා. දරුවන්ගේ පියා අසල සිටි අනෙක් මගියා නිදාගෙන සිටි පියාගේ ඇඟට තට්ටු කරලා හයියෙන් කතා කරලා ඇහුවා මේ බස් එකට කරදරයක් ඔබේ දරුවෝ. මේ දරුවෝ සන්සුන් කර ගන්න බැරිද? ඔබට මේක පෙන්නේ නැද්ද? ඇයි ඔබ මේ විදියට ඇස් දෙක පියාගෙන නිදා ගෙන ඉන්නේ දරුවෝ මේ තරම් බස් එකේ යන මගීන්ට කරදර කරද්දි කියලා. ඒ පියා ඇස් දෙක ඇරලා එහෙම අහපු මගියා දිහා බලලා කිව්වා මම බස් එකට නගින්න විනාඩි කිහිපයකට පෙර මගේ බිරිඳ මේ දරුවන්ගේ අම්මා රෝහලේ මිය ගියා. දරුවෝ කෑ ගහන්නේ ඒ නිසයි. මම ඇස් දෙක පියා ගෙන ඉන්නේ මට ඒක ඉවසන්න බැරි නිසයි. මම දරුවොත් එක්ක යන්නේ දරුවන්ගේ අම්මාගේ වැඩ ටික සංවිධානය කරන්නයි කියලා. මම මේ කතාව කිව්වේ දරුවන් වෙන්න පුළුවන්, වෙන කෙනෙක් වෙන්න පුළුවන්. අපි බොහෝ වෙලාවට කෙනෙකුගේ බාහිර හැසිරීමෙන් අභ්‍යන්තර තත්ත්වය නොදැන වැරදි තීන්දු තීරණවලට එළඹෙනවා. ඒ බසයේ සිටි ඒ දරුවාගේ පියා එහෙම කිව්වට පස්සේ මගීන් සියලු දෙනාටම ඒ දරුවන් සහ පියා පිළිබඳව අනුකම්පාවක් ඇති වුණා. ඒ අවට සිටිය මගීන් කිහිප දෙනෙක් ඇවිල්ලා ඒ පියාගෙන් ඇහුවා ඔබේ බිරිඳගේ මළ ගෙදරට අපෙන් මොනවහරි කෙරෙන්න තියනවා නම් කියන්න. අපි ඒ කටයුතු කරන්නම් කියලා. අපි ප්‍රශ්නය තේරුම් ගන්නවද? ප්‍රශ්නයේ පසුබිම තේරුම් ගන්නවද? ප්‍රශ්නයේ බාහිර තත්ත්වය උඩ අපි තීන්දු තීරණ ගන්නවද? මිනිසුන් සමග සමාජය සමග වැඩකරන විට ඒ ප්‍රශ්න සැබෑ ලෙසම තේරුම් ගැනීම අවශ්‍ය වෙනවා. එසේ නොමැති නිසා තමයි ගැටුම් ඇති වෙන්නේ. වෛරය ඇති වෙන්නේ. වැරදි ලෙස කෙනෙක් දෙස බලන්නේ. රවන්නේ නැතිව හැමවිටම සිනහ වෙන්න කියලා කියන්නේ.  ඔය කියපු කතාව වගේම තවත් පුංචි කතාවක් තියනවා කියන්න. අවුරුදු තුනක හතරක කුඩා දරුවෙකුගේ උපන්දින උත්සවයක් තිබුණා. ඒ දරුවගේ මව්පියන් ටිකක් වත් පොහොසත්කම් තියන අය. ඒ අය තමන්ගේ හිතවතුන්ට කිව්වා පුතාගේ උපන්දිනය තියෙනවා ඒ සාදයට එන්න කියලා. ඒ පවුලේ හිත මිතුරන් තෑගි බෝග අරගෙන ඒ උපන් දිනයට සහභාගි වුණා. ඇවිල්ලා උපන්දිනේ සමරන දරුවට තෑගි බෝග දුන්නා. එහෙම දීලා ඒ මව්පියෝ ඒ දරුවට කිව්වා ඒ ගෙනාපු තෑගි බෝගත් එක්ක අපේ දරුවොත් එක්ක සෙල්ලම් කරන්න කියලා. නමුත් අර උපන්දිනේ සමරපු දරුවා ඒ තෑගි බෝග අරගෙන එක කාමරයක ගිහින් හැංගුවා. අනික් ළමයින් එක්ක සෙල්ලම් කළේ නැහැ. ඒ ළමයි කිව්වා අපි ගෙනාපු සෙල්ලම්බඩුත් එක්ක අපි සෙල්ලම් කරමු කියලා. ඒ දරුවා ඒ ඉල්ලීමට කැමති වුණේම නැහැ. මේක බලාගෙන හිටපු ඒ දරුවන්ගේ මව්පියෝ ඒ දරුවට කිව්වා අපේ බබාලාත් එක්ක සෙල්ලම් කරන්න. ඔයාට අපි සෙල්ලම් බඩු ගොඩාක් ගෙනාවා. ඔයාලා සේරම එකතු වෙලා සෙල්ලම් කරන්න කියලා. ඒ දරුවා මහා හයියෙන් කෑගහලා කිව්වා නෑ මට ගෙනාපු සෙල්ලම් බඩු මම දෙන්නේ නැහැ. මම ඔයාලත් එක්ක සෙල්ලම් කරන්නේ නැහැ කියලා. ඒ හැම දෙයක්ම හංගගෙන හිටියා. ඒ දරුවගේ තාත්තා අම්මා මේක දැක්කා. ඒ දෙන්නා බොහෝම ආදරයෙන් පුතාට කිව්වා පුතේ ඔයාගේ උපන්දිනේට ඔයා වගේම මේ බබාලා සෙල්ලම් බඩු අරගෙන ඇවිල්ලා තියෙන්නේ. ඒ ගෙනාපු සෙල්ලම් බඩු කාමරයෙන් එළියට ගෙනැල්ලා එයාලත් එක්ක සෙල්ලම් කරන්න කියලා. ඒ දරුවා හයියෙන් අඬ අඬ කිව්වා නෑ නෑ මට ගෙනාපු සෙල්ලම් බඩු මම දෙන්නේ නෑ. ඒවා මට විතරයි. මම මේ අය එක්ක සෙල්ලම් කරන්නේ නෑ කියලා.උපන්දින උත්සවය එතැනින් ඉවර වුණා. එහෙත් දරුවන්ගේ අම්මා තාත්තා සාකච්ඡා කළා මේ දරුවා මේ තත්ත්වයෙන් කොහොමද වෙනස් කර ගන්නේ කියලා. ඒ දරුවාගේ මව්පියන්ට සුළුවෙන් හෝ වත් පොහොසත්කමක් තිබුණ නිසා ඒ අම්මයි තාත්තයි තීරණය කළා දරුවාට එකම වර්ගයේ සෙල්ලම් බඩු ගොඩක් ගෙනැල්ලා දෙන්න. එහෙම ගොඩාක් ගෙනැල්ලා දුන්නා. දුන්නහම ඒ දරුවා ඇහුවා මට මොකටද මෙච්චර සෙල්ලම් බඩු. මේ එකම වර්ගයේ ඒවනේ මේ ගෙනැල්ලා තියෙන්නේ කියලා. ඊට පස්සේ තාත්තා දරුවට කිව්වා එහෙම නම් ඔයා ඔයාගේ යාළුවන්ට ඔයා පාසල් යනකොට ගෙනිහින් මේ වැඩි ඒවා බෙදලා දෙන්න කියලා. දරුවා ඒකට කැමැති වුණා. මම මේ කතාව කිව්වේ දරුවන්ගේ මනස තේරුම් අරගෙන දරුවෝ හදන හැටි සිහිපත් කරන්න.  රටක අනාගතය සඳහා කළ යුතු කාර්යයන් අපි ඉතා හොඳින් ඉටු කරනවා. මේ රටේ කිසිම යුගයක නොමැති විදියට අපිට අද අන්තර්ජාතික සහයෝගය තිබෙනවා. ලෝකයේ සෑම රටකම මිත්‍රශීලීභාවය තිබෙනවා. ජාත්‍යන්තර සංවිධානවල ආශිර්වාදය තිබෙනවා. ඒ ශක්තිය අපි පාවිච්චි කරන්නේ රටේ සංවර්ධනයට. දරුවන්ගේ අනාගතයට. අපි රාජ්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්නේ අධ්‍යාපනය, සෞඛ්‍ය, කෘෂි කර්මාන්තය ප්‍රමුඛව අනික් සියලු කටයුතු සංවර්ධනය සඳහායි.මේ දරුවන්ගේ අනාගතය ඉතාමත් වාසනාවන්තයි. මේ දරුවෝ ඉතාමත් පින්වන්ත දරුවෝ. මේ දරුවන් ඉතාමත් භාග්‍යවන්ත දරුවන්. ඒ නිසා දරුවනේ, ඔබට තිබෙන සුන්දර ලෝකයේ ඔබේ බලාපොරොත්තු ඉටු කරමින් මානව සමාජය විශිෂ්ටයින්ගේත් විශිෂ්ටයින් කරන්න අපි සැමවිටම කටයුතු කරන බව ප්‍රකාශ කරමින් මේ ප්‍රදේශයේත් මේ පාසලේත් ඉදිරි සංවර්ධනය සඳහා දිය හැකි දිය යුතු සෑම සහයෝගයක්ම ලබා දෙන බව ප්‍රකාශ කරන අතරම ගරු ලක්ෂ්මන් යාපා අබේවර්ධන අමාත්‍යතුමා අපේ රජය තුළ ඉතාමත් දක්ෂ ඇමතිවරයෙක් විදියට ඔබ වෙනුවෙන් මාතර දිස්ත්‍රික්කය මේ ප්‍රදේශයේ සංවර්ධන කටයුතු වෙනුවෙන් කරන කාර්යය ඉතාමත් අගය කරනවා යැයි ද ජනාධිපතිවරයා කීවේය.ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා මෙසේ කීවේය.මාතර දිස්ත්‍රික්කයේ කිසිම පාසලකට නොලැබුණු වරප්‍රසාදයක් දෙයියන්දර ජාතික පාසලට ලැබී තිබෙන්නේ. ජනාධිපතිතුමාගේ ඉල්ලීමකට අධ්‍යාපන ඇමැතිතුමා කඩිනමින් මේ සඳහා අධ්‍යාපන අමාත්‍යාශයෙන් රුපියල් මිලියන 27ක් ලබා දුන්නා. මේ වෙලාවේ දකුණු පළාතේ හිටපු මහ ඇමැති එච්.ජී. සිරිසේන මහතා සිහිපත් කරනවා. එතුමා මහ ඇමැතිව සිටි කාලයේ මේ විදුහල පළාත් සභාවෙන් නිදහස් කර ගැනීමට අනුමැතිය ලබා දුන්නා. ඒ වාගේම දෙයියන්දර නගර සංවර්ධන වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීම සඳහා දෙයියන්දර කනිෂ්ට විදුහල් පරිශ්‍රය නිදහස් කර ගැනීමට වත්මන් දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍ය රාසපුත්‍ර මැතිතුමා අනුමැතිය දුන්නා. ජනාධිපතිතුමා දෙයියන්දර ජාතික පාසලේ මේ ගොඩනැගිල්ල විතරක් නොවෙයි, මේ නගර සංවර්ධන වැඩසටහන පළමු අදියර යටතේ රුපියල් ලක්ෂ 3000ක් අනුමත කර තිබෙනවා. එතුමාවත් දන්නේ නැහැ. ලියුමකින් අස්සන් කර දුන්නාට පස්සේ ඒ මුදල් ලබා ගැනීමට අවශ්‍ය කටයුතු කළා. දැන් එයින් කොටසක් නිදහස් වෙලා තියෙනවා. ඒ කොටසින් කනිෂ්ඨ විදුහල ඉදිකිරීම සඳහා අක්කර හයක භූමිභාගයක් අප පවරා ගන්නවා. එකේ මූලික කටයුතු අවසන් කරලා තිබෙන්නේ.දෙයියන්දර කියන්නේ ප්‍රධාන නගරයක්. අද ප්‍රධාන බැංකුවක් සහ සණස බැංකුව විවෘත කළා. නගර සංවර්ධනයත් සමග රාජ්‍ය ආයතන කීපයක් විවෘත වෙනවා. බැංකු ස්ථාපිත කෙරෙනවා. නගරය මගහැර යෑමට හැකි විකල්ප මාර්ගයක් ඉදිකෙරෙනවා. මේ කාලයේ මේ ප්‍රදේශයේ විශාල දියුණුවක් ඇති වුණා. මට මේ ඉතිහාසය මතක් නොකර බැහැ. මේ අවට තිබුණු පාරවල් කොහොමද තිබුණේ? කාපට් නොකරපු පාරක් දැන් මේ පැත්තේ තිබෙනවාද?ජනාධිපතිතුමාත් හැම අවස්ථාවකම කියන්නේ දරුවන්ගේ විනය හා අධ්‍යාපනය විධිමත් කළ යුතුයි කියලයි. ඒ නිසා දෙයියන්දර ජාතික පාසලට මේ ප්‍රදේශයේ අනෙකුත් පාසල්වලට ළඟම පාසල හොඳම පාසල වැඩසටහන යටතේ මාතර දිස්ත්‍රික්කයට ලක්ෂ 17000ක් ලබා දුන්නා. මේවායින් තමයි හොඳම පාසල ළඟම පාසල නිර්මාණය වෙන්නේ.එදා තිබුණු ප්‍රධාන තත්ත්වයට මේ දෙයියන්දර පාසල පත්වෙන්න ඕනෑ. එක කාලයක තිබුණා මේ පාසලෙන් විශ්වවිද්‍යාලයට 50-60ක් වසරකට යනවා. කීර්තිමත් විදුහල්පතිවරු හිටියා. ඒ කාලයේ රූබසිංහ මහතා දේශපාලන හේතූන් මත මාරු කළා. එතැනින් පසුව මේ විදුහල කඩාවැටුණා. අපේ පරමාර්ථය මේ විදුහල යළි පෙර තිබුණු තත්ත්වයට පත් කිරීමයි. හක්මන ආසනයේ ජාතික පාසල් දෙකයි තිබෙන්නේ.ජාතික පාසලට ලබා දෙන මේ සම්පත්වලින් ප්‍රයෝජන ගෙන කීර්තිමත් විදුහලක් බවට පත් කිරීමට අප කටයුතු කරනවා. ඒ සඳහා හැම දෙනාගේම සහයෝගය බලාපොරොත්තු වෙනවා යැයිද ඒ මහතා වැඩිදුරටත් කීය.ලංකාදීප ප්‍රධාන කර්තෘ විජය පුවත්පත් සමාගමේ අධ්‍යක්ෂ සිරි රණසිංහ මහතා එහිදී මෙසේ පැවසීය.දෙයියන්දර ජාතික පාසලට අද සුවිශේෂී දිනයක්. රාජ්‍ය නායකයකු දෙවැනි වරට මේ පාසලට පැමිණි මොහොතක්. 1955දී විතර එවකට අග්‍රාමාත්‍යවරයකු වූ සර් ජෝන් කොතලාවල මහතා මේ බිමට පැමිණියා. එදා කනිෂ්ඨ විදුහලක් ලෙස පැවැති මේ විදුහල ජ්‍යෙෂ්ඨ විදුහලක් බවට පත් කළා. අද ඉතිහාසයේ සනිටුහන් වන ඓතිහාසික දිනයක්. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මැදිහත්වීමෙන් ලබා දුන් තෙමහල් පරිපාලන සංකීර්ණය එතුමා විසින් විවෘත කළා. එතුමා සෞඛ්‍ය ඇමැතිවරයාව සිටි කාලයේ දෙයියන්දර රෝහලට ගිලන් රථයක් ලබා දුන්නා. ඒ වාගේම අද දින මුලටියන ප්‍රාදේශීය සභාවේ නව කාර්යාල ගොඩනැගිල්ල විවෘත කළා.මේ විදුහලේ දියුණුව පිළිබඳව මා නිතරම උන්නදු වෙනවා. ඒ අනුව විශාල භෞතික හා මානව සම්පත් රැසක්ම මා ඉගෙන ගත් පාසල් මාතාවට ලැබුණා. මේ සම්පත්වලින් උපරිම ප්‍රයෝජන ලබා ගෙන අධ්‍යාපන කටයුතු හොඳින් කර ගැනීම මේ දරුවන්ගේ වගකීමක්. දශක 13කට අධික කාලයක් තිස්සේ මේ පළාතට තිබෙන අගනා සම්පතක් වූ මේ පින් බිමෙන් මුළු පළාතටම විශාල ආලෝකයක් ලැබෙනවා. මේ විදුහලේ වාගේම මේ ප්‍රදේශය දිනෙන් දිනම දියුණුවට පත්වේවා යැයි මා ප්‍රාර්ථනා කරනවා යැයි ඒ මහතා වැඩිදුරටත් කීවේය.විදුහල්පති ඩබ්ලිව්.ඩබ්ලිව්.ජී. අමරසේන මහතා ජනාධිපතිතුමා ඇතුළු ආරාධිත පිරිස පිළිගනිමින් මෙසේ කීවේය.වසර 133ක කීර්තිමත් ඉතිහාසයක් තිබෙන මේ පාසලට ජනාධිපතිවරයකු පළමු වරට පැමිණියේ අදයි. ඒක විදුහලට වාගේම ප්‍රදේශයටත් ඉමහත් ආඩම්බරයක්. විද්‍යා, කලා, වාණිජ, තාක්ෂණ අංශවලින් උසස් පෙළ පන්ති පැවැත්වෙන මෙහි සිසුන් විශාල පිරිසක් වාර්ෂිකව විශ්වවිද්‍යාලවලට ඇතුළත් වෙනවා. අනෙකුත් අංශයන්ගෙන් දස්කම් දක්වන මේ විදුහලේ ඉදිරි ගමනට අද විවෘත කෙරුණු තෙමහල් පරිපාලන ගොඩනැගිල්ල විශාල ආශිර්වාදයක් වෙනවා. එමෙන්ම පන්ති කාමර පැවැත්වීම සඳහා තෙමහල් ගොඩනැගිල්ලක අවශ්‍යතාව තිබෙනවා. මේ විදුහලේ කීර්තිමත් ආදි ශිෂ්‍යයකු වූ ලංකාදීප ප්‍රධාන කර්තෘ සිරි රණසිංහ මැතිතුමා නිරන්තරයෙන්ම මෙහි දියුණුවට උදව් කරනවා.  එතුමා මේ ප්‍රදේශයට විශාල සම්පතක්. එමෙන්ම අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා නිතරම උදව් කරනවා. ඒක අපට ලොකු ශක්තියක් වන බව ද ඒ මහතා කීය.අමාත්‍යවරුන් වන මහින්ද අමරවීර, ෆයිසර් මුස්තාපා, දකුණු පළාත් මහ ඇමැති ෂාන් විජයලාල් ද සිල්වා, පළාත් සභාවේ ඇමැතිවරුන් වන චන්දිමා රාසපුත්‍ර, යූ.ජී.ඩී. ආරියතිලක, දකුණු පළාත් මනත්‍රීවරුන් වන පසඳ යාපා අබේවර්ධන, මනෝජ් සිරිසේන, කඹුරුපිටිය ශ්‍රීලනිප ප්‍රධාන සංවිධායක රසික රණවීර, මුලටියන නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ සුදත් සමරවික්‍රම, කොට්ඨාස අධ්‍යක්ෂ එච්.පී.කේ. හේමන්ත, ලංකාදීප නියෝජ්‍ය ප්‍රවෘත්ති කර්තෘ අජන්ත කුමාර අගලකඩ යන මහත්වරුන් ඇතුළු විශාල පිරිසක් එම අවස්ථාවට සහභාගි වී සිටියහ.සහකාර විදුහල්පති කැටියපේ රාහුල හිමියන් විසින් පිරිස පංච ශීලයෙහි පිහිටැවූ අතර, විද්‍යාලයේ නර්තන අංශයේ සිසුවියන් ඉදිරිපත් කළ නර්තනාංග කීපයකින් උළෙල වර්ණවත් විය.විද්‍යාලයීය පෙරදිග තූර්ය වාදන කණ්ඩායම හා අපරදිග තූර්ය වාදන කණ්ඩායම පෙරටු කරගෙන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රමුඛ ආරාධිත පිරිස නව තෙමහල් ගොඩනැගිල්ල හා විශේෂ පීඨිකාව වෙත ඉමහත් හරසරින් කැඳවාගෙන ඒමට විදුහල්පති ඩබ්ලිව්.ඩබ්ලිව්.ජී. අමරසේන මහතා ප්‍රමුඛ ගුරු මණ්ඩලය කටයුතු කර තිබිණි. 
දරු පරපුර බේරා ගත යුතුයි - ජනපති
0
hp_train_7587
රංජිත් රාජපක්ෂ                      බලපත්‍රයක් නොමැතිව පරිසර විනාශයක් කරමින් තේ වත්තේ විශාල වලවල් හාරා මැණික් ඉල්ලම් ගොඩගෙන මැණික් ගැරූ සැකකරුවන් 5 දෙනෙකු බගවන්තලාව පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.බගවන්තලාව පොලිස් වසමට අයත් චැපල්ටන් තේ වත්තේ තේ පදුරු මැද විශාල වලවල් හාරා පරිසර හානියක් සිදු කරමින් මැණික් ගරන බවට බගවන්තලාව පොලිසියට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදුකර ඇත.සැකකරුවන් සමඟ මැණික් ගැරීමට යොදාගත් උපකරණ රැසක් සහ සැකකරුවන් විසින් හාරා තිබු මැණික් ඉල්ලම් සහිත පස් තොගයක් ද පොලිස් බාරයට ගෙන ඇත.අත්අඩංගුවට ගත් සැකකරුවන් බගවන්තලාව චැපල්ටන් වතුයායේම පදිංචිකරුවන් වන අතර ඔවුන් අවුරුදු 35 – 50 වයස් කාණ්ඩවල පසුවන්නෝ වෙති.
අනවසරෙන් මැණික් ගැරූ 5 ක් අත්අඩංගුවට
1
hp_train_7588
(මනෝප‍්‍රිය ගුණසේකර)                              හෙරොයින් ග්‍රෑම්  හතක් ළඟ තබාගැනීමේ චෝදනාවට වරදකරු වු කොළඹ ග‍්‍රැන්ඩ්පාස් ප‍්‍රදේශයේ පුද්ගලයකුට කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා ජීවීතාන්තය දක්වා වු බරපතල වැඩ සහිත සිරදඬුවම් අද  (05) නියම කළේය.මීට වසර පහකට පෙර කොළඹ ග‍්‍රැන්ඩ්පාස් ප‍්‍රදේශයේ දී හෙරොයින් ග්‍රෑම් 7.21 ක් ළඟ තබාගත් බවට වු චෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කර ඇතැයි තීරණය කළ විනිසුරුවරයා ජීවීතාන්තය දක්වා වු බරපතල වැඩ සහිත සිරදඬුවම් නියම කරන ලද්දේ කොළඹ 14 ග‍්‍රැන්ඩ්පාස් ප‍්‍රදේශයේ පදිංචි අබ්දුල් රහුමාන් මොහොමඩ් ෆයිසර් නමැති 46 හැවිරිදි පුද්ගලයකුටය.විත්තිකරු ග‍්‍රැන්ඩ්පාස් ප‍්‍රදේශයේ ආපන ශාලාවක් හා නවාතැන්පොළක් පවත්වාගෙන යන අතරතුර මෙම හෙරොයින් ජාවාරම ද කරගෙන ගොස් ඇතැයි නඩු විභාගයේ දී අනාවරණය විය.2013 මාර්තු මස 22 වැනි දා හෝ ඊට ආසන්න දිනයක කොළඹ ග‍්‍රැන්ඩ්පාස් ප‍්‍රදේශයේ දී හෙරොයින් ග්‍රෑම් 2.18 ක් ළඟ තබා ගැනීම සහ ජාවාරම් කිරීම යටතේ විත්තිකරුට එරෙහිව නීතීපතිවරයා විසින් නඩු පවරා තිබිණි.විත්තිකරුට එරෙහි හෙරොයින් ජාවාරම් කිරීමේ චෝදනාව පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කර නැතැයි තීරණය කළ විනිසුරුවරයා ඔහු චෝදනාවෙන් නිදොස් කොට නිදහස් කළ අතර හෙරොයින් ළඟ තබාගැනීමේ චෝදනාව පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කර ඇතැයි තීරණය කළ ඔහුට ඒ සඳහා ජීවිතාන්තය දක්වා වු බරපතල වැඩ සහිත සිරදඬුවම් නියම කළේය. 
හෙරොයින් ළඟ තබා ගත් අයෙක්ට ජිවිතාන්තය දක්වා සිරදඬුවම්
1
hp_train_7589
වසර 67ක් දෙස ආපසු හැරී බලා අනාගතයේ කළ යුතු නිවැරදි දේ කරමින් සියලු ජාතීන්ගේ සාමූහිකත්වයෙන් එක් ජාතියක්, එක් රටක් ලෙස නැගී සිට ජාත්‍යන්තර සහයෝගීතායක ඇතිකැර ගනිමින් අපේ මේ උතුම් මව් බිම ලෝකෙන් උතුම් රාජ්‍යයක් බවට පත්කිරීමට කැපවී ක්‍රියාකරන බවත් ඉදිරියේ දී ආදායම් ලැබීමේ පරතරය අඩුකරමින් දුප්පත් කම දුරු කරමින් ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීමටත් දේශීය ආර්ථිකයක් ගොඩනැගීමටත් කැපවී ක්‍රියාකරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මීට සුළුවේලාවකට පෙර ජාතික නිදහස් දින සමරු උළෙලේ දී ජාතිය අමතමින් කියා සිටියේය.ජනාධිපතිවරයා කළ සම්පූර්ණ කතාව පහත දැක්වෙයි.අද අපි ඉමහත් අභිමානයෙන් 67 වැනි ජාතික නිදහස් දිනය සමරන අවස්ථාව. විශේෂයෙන් ම ඓතිහාසික පදනමක් ඓතිහාසික වැදගත් කමක් ඇති ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ඓතිහාසික පුරවරයේ මේ රටේ ජනතාවගේ පරමාධිපත්‍යය තහවුරු කරන පාර්ලිමේන්තුව ඉදිරිපිට ඔබ සැම අමතන්නට හැකිවීම ගැන මා ඉමහත් සතුටට පත්වනවා.අපේ නිදහස වෙනුවෙන් සටන් කළ විරුවන් සැමරීමට හැකිවීම මහත් වැදගත් දෙයක්. 1815 අපි සිහිපත් කරන්නේ මහත් ඛේදවාචකයක් වූ වසර හැටියටයි. 1818 හා 1848 වසර වල දී අපේ ජාතිය වෙනුවෙන් සටන් වැදුණු වීරයන්ගේ ලෙයින් ජාතිමාමකයන්ගේ ලෙයින් අපේ උතුම් මහ පොළොව තෙත් වුණා. ඒ කැරළිවලින් ඇතිවූ තත්ත්වයන් සමග අපට එය ජයග්‍රහණය කරන්න නොහැකි වූවා සේම එතැන් සිට 1948 දක්වා අපට නිදහසක් ලැබී තිබුණේ නැහැ. මේ කාලය තුළ එවකට සිටි අපේ ජාතික වීරයන් ඒ යුගයේ ජාතික සටන අරගෙන ගිය අපේ උතුම් විරුවන් තම වගකීම් හා යුතුකම් ඉටුකරමින් අපේ මුළු මහත් මාතෘ භූමිය නිදහස් කැර ගැනීම සඳහා අනවරත වූ අරගලයක් අරගෙන ගියා. ඒ අරගලය එක් පැත්තකින් නිදහස් සාමකාමී ස්වරූපයක් ගත්තා. විටෙක එය අවිහිංසාවාදී ස්වරූපයක් ගත්තා. විරෝධතා, වැඩවර්ජන, උද්ඝෝෂණ සමග යටත් විජිත පාලනයට එරෙහිව අපේ ජනතාව පෙළගැසී සිටියා. මේවායේ ප්‍රතිඵලයක් ලෙස ඩොනමෝර් කොමිෂන් සභා කෝල්බෘෘක් කොමිෂන් සභා ක්‍රියාත්මක වුනා,ඩී.එස් සේනානායක, එෆ්.ආර් සේනානයක, පොන්නම්බලම් රාමනාදන්, එස්.ඩබ්ලිව්.ආර්.ඩී.බණ්ඩාරනායක, අනගාරික ධර්මපාල, රොබට් ගුණවර්ධන, ටී.බී.ජයා වැනි ජාතික වීරයන් සියලු දෙනා නමින් සඳහන් කළ නොහැකි වුව ද ඔවුන් දැඩි කැපවීමක් නිදහස දිනා ගැනීම වෙනුවෙන් කරනු ලැබුවා.සාහිත්‍යධරයන් මුනිදාස කුමාරතුංග, පියදාස සිරිසේන වැනි සාහිත්‍ය කරුවන් තම පෑන් තුඩින් වගකීම උසස් ලෙස ඉටුකරණු ලබුවා. මේ කාලසීමාව සිහිපත් කරණවිට විශේෂයෙන් ම 1948 නිදහස ලැබිලා 1956 බිහි වූ පොදු ජන ආණ්ඩුවේ දී එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතාගේ රජය ත්‍රිකුණාමලය වැනි කඳවුරු ඉවත් කළා. සිරිමා බණ්ඩාරනායක මැතිනිය 1972 දී මේ රටේ පූර්ණ නිදහස ස්ථාපිත කළා. ඉන් පසු අගබාගයේ ඇතිවූ වසර 30ක ම්ලේච්ඡ යුද්ධය අපේ ජාතිය අපේ සංවර්ධනය ගැන ඛේදවාචකයක් වුණා. ඒ සම්බන්ධයෙන් සිදුවූ අලාභ පාඩු කොතෙක් දැයි තක්සේරු කළ නොහැකියි.ලෝකය හමුවේ ප්‍රබුද්ධ රාජ්‍යයක් ලෙස නැගී සිටින්නට මේ යුද්ධය අවහිරයක් වුණා. 2005 දී මහින්ද රාජපක්ෂ මහතා බලයට පත්ව ජනරාල් සරත් ෆොන්සේකා ප්‍රමුඛ රණවිරුවන් සමග එක්ව මේ යුද්ධය අවසන් කළා. අපේ වීරෝධාර රණවිරුවන්ගේ ජීවිත කැපවීමෙන්. අති මහත් පරිත්‍යාගයන්ගෙන් යුද්ධය අවසන් කළා. මේ කාලයේ අප රට ජාතිය වෙනුවෙන් දිවි පිදූ රණවිරුවන් සිහිපත් කිරීමත් ඔවුන්ට ගෞරව කිරීමත් අපේ යුතුකමක් හා වගකීමක් වනවා.2009 වනවිට කොටි ත්‍රස්තවාදය අවසන් කරලා රට සංවර්ධනය කරලා රට ඉදිරියට ගෙනයාමට අවස්ථාවක් ලැබුණත් උතුරේත් දකුණේත් ජනතාවගේ හිත් එකතුකරන්න හැකියාවක් ලැබුණේ නැහැ. භෞතික වශයෙන් යුද්ධය අවසන්වුණත් අපිට තියෙන විශාලම අභියෝගය තමයි ජාතික සංහිදියා පිළිවෙතක් තුළ ජාතික සංහිදියාවකින් මේ උතුරු දකුණු සිත් එකතු කරලා ජාතිය ඉදිරියට ගෙන යාමේ වැදගත් අවශ්‍යතාවක් තිබෙනවා.67 වසරක නිදහස සමරණ මේ මොහොතේ අවංකවම අපට සතුටු විය හැකි ද අපි ආපසු හැරී බළලා මේ වසර 67 රට පාලනය  කළ සෑම පක්ෂයකට ම නායකයකට ම ඇගිල්ල දිගු කිරීමට සාධාරණය ද ? තම තමන් මේ ගැන සොයා බලා අනාගතය දෙස බැලිය යුතුයැයි මා විශ්වාස කරණවා. අපිට වැරදුණු තැන් සොයා බලා අනාගතය සැළසුම් කිරීම ඒ දෙස බැලීම සුදුසුයැයි මා සිතනවා.මේ රටේ ජනතාව අතර තිබෙන ආදායම් පරතරය දුගී බව අපි ජයගත යුතු විශාල අභියෝගයක්. ඒ වගේ ම අප විසඳිය යුතු බරපතල ප්‍රශ්නයක්. අපි නව රජය බිහි කරද්දී ජනතාවට පොරොන්දුවක් දුන්නා. අපි දේශපාලනික, සංස්කෘතික හා ආර්ථික වශයෙන් නව සමාජ පරිවර්ථනක් කරන බව. එයට ප්‍රවේශයක් ඇති කළා. දරිද්‍රතාව දර්ශකය සියයට 6.7ක් වනවා. මෙය අවම කිරීමට අප කැපවිය යුතුයි. මගේ ආදරණීය ජනතාව අප කෙරෙහි බලාපොරොත්තු තබමින් බිහි කළ මේ රජය දරිද්‍රතාව අඩු කිරීම කෙරෙහි කටයුතු කළ යුතුයි.දැනට ඇති ආදායම් පරතරය අඩු කරමින් දුගී බව නැති කරමින් දේශීය ආර්ථිකය ශක්තිමත් කිරීමට අපි කිටයුතු කරනවා. විශේෂයෙන් ම කෘෂිකාර්මික රටක් ලෙස නව තාක්ෂණය, නවීන උපකරණ සමග ලෝකයේ දැනුම ලබාගනිමින් දේශීය ආර්ථිකය අපි ශක්තිමත් කරන්න අපේක්ෂා කරනවා. නව තාක්ෂණය සමග කාර්මික ලෝකය අත්වැල් බැඳගෙන අප ප්‍රබුද්ධ රටක් හැටියට ඉදිරියට යාම අවශ්‍යයි. අපේ නව රජය මේ සඳහා කැපවී සිටිනවා.රාජ්‍ය සේවය අපක්ෂපාතී කරමින්. සාධාරණ රටක් බිහිකරමින්. විධායක ජනාධිපති ක්‍රමයේ අසීමිත බලතල ඉවත් කරිමන් රට සංවර්ධනයට අප කැපවී සිටිනවා. ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීමට කැපවී සිටිනවා. ජාතික හා අන්තර්ජාතික ප්‍රශ්න විසඳමින් මධ්‍යස්ථ විදේශ ප්‍රතිපත්තියක් තුළ සියලු ජාතීන් සමග ලෝකයේ මග පෙන්වීම් ද උපයෝගී කරගෙන අපේ රට ජාතිය පුළුල් සංවර්ධනයකට ගෙන යාමට අපේක්ෂා කරනවා.නව පරපුර ලෝකය සමග එක් කළ යුතුයි. නව තාක්ෂණය සමග ඉදිරයට ගෙන යා යුතුයි. ඒ නිසා නව පරපුරේ අපේක්ෂාවන් ඉටු කිරීමට අපි සැමවිටම ක්‍රියාකරණ බව ද කිව යුතුයි. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ප්‍රඥ්ඥප්තීන්ට අනුව ඒවා පිළිපදිමින් අපේ රට ලෝකයේ උතුම් රට බවට පත්කිරීමේ කාර්යය අප ඉටු කරණවා. 67 වැනි නිදහස සමරද්දී ආපසු හැරී බලන්නා සේම නව රටක් ලෙස නව ජාතියක් ලෙස ඉදිරියට ගෙන යාමට කැපවන බව මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා.
“ශ්‍රී ලංකාව ලෝකෙන් උතුම් රට බවට පත්කරනවා“
1
hp_train_7590
හච්, සිය මෙගා රීචාර්ජ් ප්‍රවර්ධන වැඩසටහන වන හච් ”‍හරිකේන්”‍ හි පළමු සහ දෙවැනි සතියේ වාසනාවන්ත ජයග්‍රාහකයන්ට ත්‍යාග පිරිනැමීම පසුගියදා සිදුකරන ලදී.මෙම වැඩසටහනේ සුපිරි ත්‍යාගය වශයෙන් මහින්ද්‍රා (SUV) මෝටර් රථයක් සහ ඉදිරි මාස දෙකක කාලය තුළ සතිපතා Honda ජෙනරේටර්ස්, Rhode ස්මාර්ට් ඉලෙක්ට්‍රික් බයික්, සැම්සුන්ග් ස්මාර්ට්ෆෝන්, සැම්සුන්ග් ස්මාර්ට් ඔරලෝසු, Airpods සහ Battery-backed Wifi රවුටර්ස් යන ත්‍යාග දිනාගත හැකිය.හච් ‘‘හරිකේන්”‍ වැඩසටහන සියලු‍ම හච් පාරිභෝගිකයන් වෙනුවෙන් ක්‍රියාත්මක වන ”‍ගාස්තු රහිත”‍ වැඩසටහනක් වන අතර සුපුරුදු හච් රීචාර්ජ්  කිරීම් තුළින් ඔවුන්ගේ ජීවිත පහසු කර ගැනීමට මෙමඟින් අවස්ථාව සැලසේ. සෑම රුපියල් 100ක් හෝ ඊට වැඩි රීලෝඩ් කිරීමක් සඳහා ජයග්‍රාහී ප්‍රවේශයක් හිමි වන අතර වැඩි ප්‍රවේශයන්, ජයග්‍රහණය කිරීමේ සම්භාවිතාව වැඩි කරයි.-සටහන- චමින්ද මුණසිංහ
හච් ”‍හරිකේන්”‍ ජයග්‍රාහකයන්ට තෑගි පිරිනමයි
1
hp_train_7591
(අංජුල මහික වීරරත්න)“විසි එක්වැනි සියවසට ගැළපෙන කොළඹ නගරයක් බිහි කිරීමේ කටයුතු වත්මන් රජය විසින් මේ වනවිට ආරම්භ කර ඇතැයි” අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා බොරැල්ලේදී පැවැසීය.නව රජය බලයට පත්වන අවස්ථාවේ සමස්තය ලෙස ශ්‍රී ලංකාවත්, නිවාස සංවර්ධන අධිකාරියත් ණය බරින් මිරිකී සිටි බව කී අග්‍රාමාත්‍යවරයා තම ආණ්ඩුව යටතේ ගත් පියවර නිසා නිවාස සංවර්ධන අධිකාරියේ ණය මෙන්ම රටේ ණයත් ක්‍රමානුකූලව ගෙවීමේ හැකියාව ලැබී තිබෙන බව ද සඳහන් කළේය.අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පැවැසුවේ මධ්‍යම පාන්තික වෘත්තීයවේදීන් වෙත බොරැල්ල - කොටා පාර, එලියට් ප්‍රදේශයේ ඉදිවෙන ‘එලියට් රෙසිඩන්ස්’ නිවාස යෝජනා ක්‍රමය සඳහා මුල්ගල තැබීමේ අවස්ථාවට සහභාගී වෙමිනි.එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ ද කීය.“අද ආරම්භ කරන එලියට් තට්ටු නිවාස සංකීර්ණය හේතුවෙන් ප්‍රදේශයේ ආර්ථිකය තවත් ශක්තිමත් වෙනවා. මේ ආකාරයට නිවාස සංකීර්ණ ඉදිවනවිට පදිංචිකරුවන්ට අවශ්‍ය ගනුදෙනු කිරීම, බඩු භාණ්ඩ අලෙවි කිරීම වැනි වාසි සැලසෙන්නේ අවට ප්‍රදේශයේ වෙළෙඳසල් හිමියන්ටයි. ඒ වගේම එය එලියට් රෙසිඩන්සි පදිංචිකරුවන්ටත් විශාල වාසියක් සැලසෙනවා.තම නිවාස සංකීර්ණයට ආසන්නයෙන්ම බඩු භාණ්ඩ මිලදී ගැනීමට ඔවුන්ට හැකියි. මේ හරහා ප්‍රදේශයේ දියුණුවක් ඇති වනු ඇතැයි මා බලාපොරොත්තු වෙනවා.මෙය කොළඹ නගර සංවර්ධනය කිරීමේ එක් පියවරක් පමණයි. මධ්‍යම පාන්තික නිවාස ඉදි කිරීම සඳහා ජාතික ඉතිරි කිරීමේ බැංකුව යටතේ සහන පොලී ක්‍රමයට අනුව ණය දෙනවා. මධ්‍යම පන්තියේ නිවාස ප්‍රමාණය වැඩි කිරීම අපේ අරමුණයි. නගරවලට පැමිණ නිවාස මිලදී ගැනීමේ හැකියාව දිය යුතුයි.මධ්‍යම පාන්තික නිවාස ඉදිකිරීමේ වැඩසටහන පිළිබඳව පාඨලී චම්පික රණවක ඇමැතිතුමා කතා කළා. ඒ අනුව කොළඹ හා තදාසන්න ප්‍රදේශවල අඩු ආදායම්ලාභී පවුල් වෙනුවෙන් තට්ටු නිවාස ඉදිකිරීම ඉදිරියේදී ආරම්භ කරනවා. පළමු අදියරේදී ඔවුන් වෙනුවෙන් නිවාස පනස් දහසක් ඉදිකිරීමට බලාපොරොත්තු වෙනවා.ඉදිරි වසර කිහිපය තුළ එය ඉටු කිරීම සඳහා අවශ්‍ය මුදල් දැන් සොයා ගනිමින් සිටිනවා. අඩු ආදායම්ලාභී පවුල් වෙනුවෙන් නිවාස පනස් දහසක් ඉදිකර අවසන් කළ පසු ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට ඔවුන් පැල්පත්වලින් ඉවත් කිරීමට හැකියි. මෙහි දෙවැනි සහ තුන්වැනි අදියර අවසන් වනවිට නිවාස ප්‍රශ්නයට ස්ථිර විසඳුම් ලැබෙනවා. ඉදිරියේදී අඩු ආදායම්ලාභීන්ටත් තට්ටු නිවාසවල ජීවත්වීමට හැකියාව ලැබෙනවා.ජීවත් වූ ඉඩම්වල පැල්පත් ඉවත්කර ඒවා වාණිජ ප්‍රයෝජන සඳහා යොදා ගැනීමට හැකි වෙනවා. නගරය දියුණු කිරීමට, කාර්යාල ඇති කිරීමට, සාප්පු සංකීර්ණ ඇති කිරීමට ආදියට ඒවා භාවිත කළ හැකියි. ඒ හරහා නගරයේ ජනතාවට තවත් ආදායම් ඇති වෙනවා.කොළඹ සංවර්ධන වැඩසටහන මා එතැනින් අවසන් කරන්නේ නැහැ. බේරේ වැව සංවර්ධනය කිරීම, කොළඹ නගරය අවට නාගරික ප්‍රදේශය සම්පූර්ණයෙන් සංවර්ධනය කිරීම ආදියත්, කොළඹ විශාල නාගරික දිස්ත්‍රික්කයක් බවට පත් කිරීමට අවශ්‍ය වැඩසටහනත් දැන් ආරම්භ කර තිබෙනවා. ඒ වගේම නව ජල යෝජනා ක්‍රම ආදිය ඉදිකරමින් ඉදිරි වසර 10 තුළ කොළඹ වෙනුවෙන් විශාල වියදමක් දැරීමට මා සූදානම්. නිවාස ගැටලුවට විසඳුම් දෙන්නේ ඒ ආකාරයටයි.ඉන් පසුව මහාමාර්ග පද්ධතිය පිළිබඳව අවධානය යොමු කරනවා. ප්‍රදේශයට සැහැල්ලු දුම්රිය සේවා ආරම්භ කරනවා. පෑලියගොඩ සිට කොටුව දක්වා ගුවන් පාලම් සහිත නව මාර්ගයක් ඉදිකිරීමට කටයුතු කරනවා.මේ වනවිට රාජගිරියේ නව ගුවන් පාලම විවෘත කරලා. මෙවැනි අලුත් ව්‍යාපෘති කිහිපයක්ම දැන් ආරම්භ කර තිබෙනවා. මේවායේ ප්‍රතිඵල මතුවන්නේ තවත් වසර තුන හතරක් ගතවූ පසුවයි. කොළඹ නව නගර ලෙස සකස් කරන්නේ පළමු වතාවටයි.මේ වනවිට වරාය නගරය ඉදිවෙමින් පවතිනවා. තාක්ෂණික සේවා කේන්ද්‍රස්ථානය ලෙස ශ්‍රී ලංකාව සංවර්ධනය කිරීමට අදාළ යෝජනා ද දැන් ලැබෙමින් පවතිනවා.පිටකොටුව ප්‍රදේශයේ මේ වනවිට ඇතිවන දියුණුව, අලුතින් ඉදිවෙන බහුකාර්ය ප්‍රවාහන මධ්‍යස්ථානය ආදිය කොළඹ සංවර්ධනයේ ආරම්භක පියවර ලෙස හැඳින්විය හැකියි. මේ ව්‍යාපෘති සාර්ථකව ඉදිරියට ගෙන යා යුතුයි.21 වැනි සියවසට ගැළපෙන ආකාරයේ කොළඹ නගරයක් නිර්මාණය කිරීමට බස්නාහිර මහා නගර අමාත්‍යාංශයත්, පාඨලී චම්පික රණවක අමාත්‍යතුමාත් කටයුතු කරනවා.එතුමා ඒ අභියෝගය ඉතා හොඳින් භාරගත්තා. ඔහු අමාත්‍යාංශයට පැමිණෙන විට සමස්තය ලෙස ශ්‍රී ලංකාවත්, නිවාස සංවර්ධන අධිකාරියත් ණය බරින් මිරිකී සිටියා. නමුත් අපේ ආණ්ඩුව යටතේ ගත් පියවර නිසා නිවාස සංවර්ධන අධිකාරියේ ණයත්, රටේ ණයත් ක්‍රමානුකූලව ගෙවීමේ හැකියාව ලැබිලා.දකුණු ආසියාවේ අනෙක් ප්‍රධාන නගර කොළඹ නගරය මෙන් දියුණු කිරීමට පහසු නගර නොවෙයි. මුම්බායි - කොල්කටා, දිල්ලි, කරච්චි, ඩකා ආදී නගරවල ජනගහණය ලක්ෂ 100-150 පමණ වෙනවා. ඒ නිසා නගරය සංවර්ධනය කිරීම අපහසු කටයුත්තක් බවට පත්වෙලා. සියල්ල ප්‍රජාතන්ත්‍රවාදී රටවල් නිසා ආණ්ඩුවලට අවශ්‍ය පරිදි ජනතාව ඉවත් කළ නොහැකියි.ශ්‍රී ලංකාවේ කොළඹ නගරයේ ජනගහණය අනෙක් ආසියානු නගරවලට වඩා සාපේක්ෂව අඩු අගයක් ගන්නා නිසා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා ප්‍රමුඛ අපේ රජයේ අවධානය යොමු වී තිබෙන්නේ කොළඹ නගරය දියුණු කිරීමටයි.කොළඹ නගරයට අවශ්‍ය නිවාස පහසුකම් සලසන අතරතුර එහි අනෙක් පහසුකම් දියුණු කිරීමට ද කටයුතු කරනවා. ඒ වගේම ප්‍රදේශයේ අධ්‍යාපනය ද දියුණු කළ යුතුයි.රටේ හොඳම පාසල් පිහිටා තිබෙන්නේ කොළඹ නගරයේයි. ඒ පාසල්වල අධ්‍යාපනය ලබන ශිෂ්‍යයන්ගෙන් අඩකටත් වැඩි පිරිස කොළඹ නගරයේ පිටත ජීවත් වන අයයි. ඒ නිසා මැද කොළඹ සහ උතුරු කොළඹ නව ජාතික පාසල් දෙක ආරම්භ කිරීමටත්, ඒ ප්‍රදේශයේ ඇති අනෙක් පාසල් තව දියුණු කිරීමටත් මා කටයුතු කරනවා.බස්නාහිර සංවර්ධන හා මහ නගර අමාත්‍යාංශයත්, කොළඹ නගර සභාවත් එක්ව කටයුතු කරන්නේ වසර 10ක පමණ දීර්ඝ සැලැස්ම ඇතිවයි.එසේ නම් අද අප දකින්නේ 21 වැනි සියවසට අනුව කොළඹ නගරය දියුණු කිරීමේ වැඩකටයුතුවල ආරම්භයයි. ඒ වෙනුවෙන් චම්පික ඇමැතිතුමාටත්, අමාත්‍යාංශයටත් සම්පූර්ණ ශක්තිය දෙනවා.1979-1980 කාලයේ ප්‍රේමදාස ජනාධිපතිතුමා අගමැති ලෙස කටයුතු කරන සමයේ කොළඹ පරිවර්තනය ආරම්භ කිරීමෙන් පසුව එවැනි සංවර්ධනයක් නැවත ඇති වන්නේ වර්තමානයේ බව පැවැසිය යුතුයි. 1979 දී වූ සංවර්ධනයටත් වඩා විශාල සංවර්ධනයක් ඇති කිරීමට කොළඹ නගරය නවීන නගරයක් බවට පත් කිරීමට අවශ්‍ය සහයෝගය සියලුදෙනාම දිය යුතුයි.අද ව්‍යාපෘතිය සංවිධානය කළ නාගරික සංවර්ධන අධිකාරියටත්, සමාගමටත්, අනෙක් සියලු දෙනාටත් මා අවසාන වශයෙන් ස්තුතිය පුද කර සිටිනවා.” යයි ද රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් පැවැසීය.බස්නාහිර මහා නගර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා“මධ්‍යම පාන්තික නිවාස 50,000 ඉදිකිරීමේ වැඩ කටයුතුවලින් පළමු පියවර අප තැබුවා. ලොකු සද්ද බද්දවලින් තොරව 2020 වනවිට මධ්‍යම පාන්තික නිවාස 50,000 ඉදිකිරීම අපේ අරමුණයි.ලබන 12 වැනිදාත් තලවතුගොඩ ප්‍රදේශයේ මෙවැනිම මධ්‍යම පාන්තික නිවාස ක්‍රමයකට මුල්ගල තබනවා. ඉදිරියේදී මහරගම, පිළියන්දල ප්‍රදේශ ආවරණය වන පරිදි නිවාස යෝජනා ක්‍රම ක්‍රියාත්මක කිරීම අපේ අරමුණයි.මා නාගරික සංවර්ධන අධිකාරිය භාරගන්නා විට එහි විශාල ණය බරක් තිබුණා. කොන්ත්‍රාත්කරුවන් සඳහා මිලියන 39,000ක් ගෙවිය යුතුව තිබුණා.කොළඹ නගරය ගොඩනැගීමේ ක්‍රියාවලියේදී දේශපාලනය ඉදිරියට නොගෙන සහාය දෙන ලෙසට අලුතෙන් පත්වූ නාගරික මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටිනවා.ලබන සැප්තැම්බර් මාසය වනවිට තව වසර 80ක් සඳහා කසළ බැහැර කළ හැකි ස්ථානයක් අප අමාත්‍යාංශය මගින් හඳුන්වා දෙනවා. එවිට මේ සියවස අවසන් වනතුරු කසළ ප්‍රශ්නයක් නොවේවි.කොළඹ නගරය ආශ්‍රිතව සැහැල්ලු දුම්රිය සේවයක් ඇති කිරීමේ වැඩකටයුතු දෙසැම්බරයේදී ආරම්භ කරනවා. යාචකයන්ගෙන් තොර, පැල්පත්වලින් තොර කොළඹ නගරයක් බිහි කිරීම අපේ අරමුණයි.”නිලධාරීහු ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.
කොළඹ අලංකාර කළැයි කෑගහන අය කිසිම ව්‍යාපෘතියකට මුදල් ගෙවා අවසන්කර තිබුණේ නෑ
0
hp_train_7592
සෞදි අරාබියේ කලාපීය තානාපති ජංගම සේවාව මෙවරත් සුපුරුදු පරිදි ඔක්තෝබර්  7 වැනි සිකුරාදා පෙරවරු 7.00 සිට පස්වරු  2.30 දක්වා අල් කොබාර් වෙරළාසන්න පෙදෙසේ ගල්ෆ් ටෙරස් ප්ලාසා හෝටල් සංකීර්ණයේ පැවැත්වෙන බව රියාද් ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ උසස් නිලධාරියෙක්  පැවසිය.රියාද් තානාපති කාර්යාලයේ නිලධාරින් කිහිප දෙනෙකුම පැමිණීමට නියමිත මෙම  සේවාවෙන් ගමන් බලපත් කටයුතු ඇතුළු අනිකුත් ලිපි ලේඛන කටයුතු සිදු කිරීමට නියමිතය. කම්කරු  ගැටළු සදහා කම්කරු නිලධාරින් කිහිප දෙනෙකු පැමිණීමට නියමිත බවද කියති.මෙම ජංගම සේවාවසදහා පැමිණෙන සියලු ශ්‍රී ලාංකිකයින් උදසනින් පැමිණ ටෝකන් පතක් ලබා ගෙන තානාපති නිලධාරීන්ට සහාය දක්වන වෙන් ඉල්ලා සිටියි. ගමන් මාර්ග සහ අනිකුත් විස්තර සදහා පහත අංක අමතන මෙන් ඉල්ලා සිටි.සුමිත් 0500998349.කහදවල 0580365600 ........රාජා ...0560445190 ..පතිරාජ  0562537669…. 
සෞදි නැගෙනහිර ජංගමේ සිකුරාදා
1
hp_train_7593
(සුමතිපාල දීයගහගේ)කොරෝනා වයිරසය නිසා අපහසුතාවයට පත්ව සිටින මහජනතාවට සහන සැලසීම සඳහා දකුණු පළාත් ආණ්ඩුකාර ආචාර්ය විලී ගමගේ මහතා රුපියල් ලක්ෂ දහයක මුදලක් ලබා දුන් බව නාගොඩ ප්‍රාදේශිය සභාවේ සභාපති නිමල් වික්ටර් නාගොඩවිතාන මහතා පැවසීය.ප්‍රාදේශීය සභා පොදු අරමුදලින්ද තවත් රුපියල් ලක්ෂ දෙකක මුදලක් වෙන්කර ඇති බවද නාගොඩවිතාන මහතා පැවසීය.ජනතාවට බෙදාදීම සඳහා ජාතික ජල සම්පාදනහා ජලා ප්‍රවහන මණ්ඩලයෙන් ජලය මිලදී ගැනීමට එම රුපියල් ලක්ෂ දෙක වැය කර ඇති බව සභාපතිවරයා පැවසීය.   ජාතික ජල සම්පාදන හා ජලා ප්‍රවහන මණ්ඩලයට අයත් බද්දේගම ජල පවිත්‍රාගාරයෙන් මිලදී ගන්නා ජලය බවුසර් තුනක් සහ ටැක්ටර් රථයක් මගින් ජනතාවට බෙදාහැරීම නියමිත බවද ඔහු පැවසීය. ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය තුළ පිහිටි බස් නැවතුම්පොළවල්, බැංකු, රාජ්‍ය ආයතන සහ වෙනත් පොදු ස්ථාන විෂබීජහරණය කිරීමේ වැඩපිළිවෙලක්ද ක්‍රියාත්මක කර ඇති බව නාගොඩවිතාන මහතා සඳහන් කළේය. එම බල ප්‍රදේශය තුළ පදිංචි ජනතාවට සහන බඩු මල්ලක් ලබාදීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට නාගොඩ ප්‍රාදේශීය සභාව කටයුතු කරන බවද සභාපතිවරයා පැවසීය.
කොරෝනා සහන වැඩට නියාගම ප්‍රා. සභාවෙන් ලක්ෂ 50 ක්
0
hp_train_7594
ශ්‍රී ලංකාවේ උතුරු, උතුරු මැද, නැගෙනහිර හා ඌව පළාත් වල විටින් විට වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්නමේන්තුව පවසයි.මධ්‍යම, සබරගමුව සහ බස්නාහිර පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්වලත් තැනින් තැන සවස 2.00 න් පමණ පසුව ගිගුරුම් සහිත වැසි වර්ධනය වේ.ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශ වල තාවකාලිකව තද සුළං ඇති විය හැකියි. පොතුවිල් සිට මඩකලපුව සහ ත්‍රීකුණාමලය හරහා කන්කසන්තුරේ දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ වල තැනින් තැන වැසි වර්ධනය විය හැකි බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
‘වැසි ඇති වීම හැකියාව තවදුරටත් ඉහළට‘
0
hp_train_7595
(නාලක සංජීව දහනායක)යෝජිත නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව මගින් පළාත් ආණ්ඩු ශක්තිමත් කර රට බෙදුම්වාදයට ගෙන යන බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යනාංශයේ මහාචාර්ය මැදගොඩ අභයතිස්ස හිමියෝ ඊයේ (03) පැවසූහ.එබැවින් රටට ආදරයක් ඇත්නම් කිසිවකුත් මෙම බෙදුම්වාදී ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව සම්මත වීමට ඉඩක් නොදිය යුතු යැයිද උන්වහන්සේ කීහ.”එළිය” සංවිධානය විසින් ජාතික පුස්තකාල හා ප‍්‍රලේඛන සේවා මණ්ඩලයේදී ඊයේ (03) සංවිධානය කරනු ලැබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් උන්වහන්සේ මේ බව සඳහන් කළේය.අභයතිස්ස හිමියෝ මෙසේද පැවසූහ.මේ රට ප‍්‍රාන්ත ආණ්ඩු ගණනාවකින් සමන්විත ෆෙඞ්රල් රාජ්‍යයක් කිරීමට අවශ්‍ය මූලික කටයුතු යෝජිත නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව හරහා සිදුවෙමින් තිබෙනවා. ”යුනිටරි” කියන වචන සමඟ මේ අය හැප්පෙන හැප්පිල්ලෙන් අපිට ඒ බව ඉතාම පැහැදිලි වෙනවා. ඒ වචනය සම්බන්ධයෙන් ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලය පසුගිය කාලයේ බොහොම දැඩිව කතා කළා. යුනිටරි වචනය භාවිතයට නොගන්නා ලෙස බෙදුම්වාදීන් ඉතාම දැඩිව ඉල්ලා සිටිනවා. ඒ වචනයට ජාත්‍යන්තර අර්ථයක් තිබෙනවා. ඒ අර්ථය ප‍්‍රතික්ෂේප කර සිංහල භාෂාවට හා දෙමළ භාෂාවට අයිති වචන සමඟ මේ ගමන යෑම හරහා ඔවුන් රටේ ඒකීය බව නැතිකර ගැනීමේ මූලික පදනම සකස් කර ගන්නා බව පැහැදිලියි. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන් ඒකීය යන වචනය ඉවත් නොකරන බව ජනාධිපතිවරයාත්, අග‍්‍රාමාත්‍යවරයාත් මහානායක හිමිවරුන්ට නිතරම පවසනවා. ව්‍යවස්ථාවෙන් ඒකීය වචනය ඉවත් නොකරන ලෙස අපිත් ඉල්ලීමක් කරනවා.පැරණි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන් අපේ රටේ දිස්ත‍්‍රික්ක 25 පිළිගෙන තිබෙනවා. නමුත් සකස්වීගෙන යන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන් එය පළාත් වශයෙන් සඳහන් කර තිබෙනවා. ඒ පළාත් ප‍්‍රමාණය කොපමණදැයි සඳහන්කර නැහැ. එමෙන්ම ජාතික ගීය ශ‍්‍රී ලංකා මාතා හා ශ‍්‍රී ලංකා තායි යන දෙයාකාරයෙන්ම තිබිය යුතු බවත් මෙහි සඳහන් වෙනවා. ඒ සම්බන්ධයෙන් අලූත් දෙයක් අවශ්‍ය නැහැ. මේ තිබෙන විදියටම ඒවා පැවැතිය යුතුයි. ශ්‍රී ලංකාව බුදුදහමට මූලිකත්වය පිරිනමන්නේය කියල වගන්තියක් මෙයට ඇතුළත් කර තිබෙනවා. අමුතුවෙන් පිරිනමන්න දෙයක් නැහැ. කොහොමටත් ශ්‍රී ලංකාව බුදුදහමට ප‍්‍රමුඛස්ථනය පිරිනමා තිබෙනවා. මෙය ශ්‍රී ලංකා ජනරජය බුදුදහමට ප‍්‍රමුඛස්ථානය පිරිනමනවා යනුවෙන් වෙනස්විය යුතුයි. නමුත් ශ්‍රී ලංකා ජනරජය යන වචනය ඇතැම් අවස්ථාවල ක‍්‍රමානුකූලව මෙම කෙටුම්පතින් හලලා තිබෙනවා. මේ කරුණු දෙස බැලූවම රටේ ඒකීයභාවය සම්බන්ධයෙන් විශාල ගැටලූවක් තිබෙන බව අපිට පෙනෙන්නට තිබෙනවා.සම්ප‍්‍රදායට පිටින් කටයුතු කරමින් වත්මන් රජය බොහෝ දේවල් ඉටුකරවා ගත්තා. අතුරුදන් වූවන්ගේ කාර්යාලය පිහිටුවීමේ පනත සම්මත කර ගත්තෙත් තක්කඩි ක‍්‍රමයටයි. එමෙන්ම ඒ වගේම ක‍්‍රමවේදයන් භාවිතා කරමින් පළාත් සභා ඡුන්ද විමසීම් පනත් කෙටුම්පත සම්මත කර ගත්තා. ඒ නිසා සදාචාර සම්පන්න නොවන ක‍්‍රමයට ව්‍යවස්ථාවත් සම්මත කරගනීවි. පොලිස් බලතල හා ඉඩම් බලතල සම්බන්ධයෙන් මෙම අතුරු වාර්තාවේ සඳහන් කර නැහැ. ඒවා සම්බන්ධව කතා නොකරන්නේ ඇයි. එම යෝජනා ඇතැම්විට කාරක සභා අවස්ථාවන්හිදී මෙයට රිංගවාවි. එසේ වුවහොත් එය ඉතාම භයානක තත්ත්යවයක් වෙනවා.නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් සකස් කිරීමට අලූත් ආණ්ඩුව බලයට පැමිණ තිබෙන බව මල්වතු පාර්ශ්වයේ මහානායක හාමුදුරුවන් පසුගියදා ප‍්‍රකාශ කළා. එමෙන්ම මෙම නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව බෙදුම්වාදී ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් නොවන බව තමන්ට විශ්වාස බවත් උන්වහන්සේ ප‍්‍රකාශ කර තිබුණා. මෙම අතුරු වාර්තාව ගෙන්වාගෙන කියවා බලන ලෙස අපි මහානායක හාමුදුරුවන් වහන්සේගෙන් ඉල්ලා සිටිනවා. මෙම වාර්තාව සම්බන්ධයෙන් සකස් කළ ලිපියක් අපි ඉදිරි දින කිහිපයේදී මහානායක හිමිවරුන්ට බාරදෙනවා.සංඝ සභාවේ විද්වත් හිමිවරුන්ගෙන් සමන්විත මණ්ඩලයක් පත්කරගෙන ඒ අනුව කටයුතු කිරීම තුළින් උන්වහන්සේලාට ව්‍යවස්ථාව වැනි කරුණු සම්බන්ධයෙන් වඩාත් හොඳින් දැනුම්වත් බවක් ලබා ගැනීමට හැකියාව ලැබෙනවා. එසේ නොමැතිව පුද්ගලික අවශ්‍යතා මත හෝ පුද්ගලයන් සම්බන්ධයෙන් ඇති ප‍්‍රසාදය මුල්කරගෙන රටක අනාගතය සම්බන්ධයෙන් තීරණ නොගන්නා ලෙස අපි බොහොම ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. පසුගිය කාලයේ රට වින කරන්න කටයුතු කරපු හාමුදුරුවන් වහන්සේලා ජනතාව අතරේ අප‍්‍රසාදයට පත්ව සිටිනවා. ඒ තත්ත්වයම මහානායක හිමිවරුන්ටත් අත්වෙනවට මම කැමති නැහැ. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් මහානායක හිමිවරුන් අදහස්, යෝජනා හා තමන්ට තිබෙන ගැටලූ පිළිබඳ අදහස් ලබාදුන්නා. එය සතුරා ශක්තිමත් කිරීමක්. ඒ දේවල් නිවැරදි කිරීමෙන් මෙම ව්‍යවස්ථාව පාරිශුද්ධ ඒකීය ව්‍යවස්ථාවක් යැයි සිතීම මුළාවක්. මොවුන් මෙම කටයුත්තේදී බොහොම උපක‍්‍රමශීලීව කටයුතු කරනවා. ඒ නිසා මේ කටයුත්තේදී මහානායක හිමිවරුන් පරිස්සම් විය යුතුයි.නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව බෙදුම්වාදී ව්‍යවස්ථාවක් නොවන බව ජයම්පති වික‍්‍රමරත්න මහතා තමන්ට ප‍්‍රකාශ කළ බව ජනාධිපතිවරයා පසුගියදා ප‍්‍රකාශ කළා. ජයම්පති වික‍්‍රමරත්න වසර තිහක විතර කාලයක සිට බෙදුම්වාදය පෝෂණය කිරීමට කටයුතු කළ කෙනෙක් බව අපි දන්නවා. දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් ආරක්‍ෂා කරගැනීමේ ව්‍යවස්ථාවක් සකස්කර ගැනීම සඳහා පසුගිය රජය එළවා දැමිය යුතු බව ඔහු අමිර්තලිංගම් දේශනයේදී ප‍්‍රකාශ කළා. බෙදුම්වාදයේ වර්තමාන න්‍යායාචාර්යවරයාගෙන් ජයම්පති වික‍්‍රමරත්නයි. ඒ නිසා නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව සම්බන්ධවෙන් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව පිළිබඳ දැනුමක් තිබෙන නීතීඥවරුන්ගෙන් උපදෙස් ගන්නා ලෙස අපි ජනාධිපතිතුමාගෙන් ඉල්ලීමක් කරනවා.මෙම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් ඉදිරියේදී ජනමත විචාරණයක් පැවැත්වීමේ සූදානමක් තිබෙනවා. ඒ ස`දහා අවශ්‍ය පසුබිම මොවුන් සකස් කරමින් පවතිනවා. එවැනි විටකදී විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම වැනි ආකර්ෂණීය පොරොන්දු ඉදිරිපත් කරාවි. ඉන්දියාවේ නාමමාත‍්‍රික ජනාධිපතිවරයෙක් හිටියත් පළාත් ආණ්ඩු සම්බන්ධයෙන්  ඕනෑම විටක තීන්දු තීරණ ගැනීමේ බලයක් ඔහුට තිබෙනවා. යාපනයේ වෙනම ආණ්ඩුවක් සකස් කිරීම සම්බන්ධව පසුගියදා වෛයිකෝ ජිනීවා මානව හිමිකම් කොමිසමේදී කතා කළා. ද්‍රවිඩ ජනතාව බහුලව සිටින තමිල්නාඩුවේ වෙනම රාජ්‍යයක් පිහිටුවීම ගැන ඔවුන්ට ඉන්දියාවෙදී කතාකරන්න බැරි ඇයි. ඉන්දියාවේදී ඔවුන්ට ඒ ගැන කතාකරන්න ඉඩක් ලැබෙන්නේ නැහැ. ඒ තරම් ඉන්දියානු රාජ්‍ය ශක්තිමත්. රාජ්‍යයක් යනු ශක්තිමත් විය යුත්තක් මිස දුර්වල විය යුත්තක් නොවෙයි. රාජ්‍ය දුර්වල කරලා ඒ හරහා පළාත් ආණ්ඩු ශක්තිමත් කිරීමෙන් බෙදුම්වාදය කරා රට යොමු වෙනවා. ඒ නිසා රටට ආදරේ නම් මෙම බෙදුම්වාදී ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට ඉඩක් නොදිය යුතු යැයි පැවසූහ.හිටපු නියෝජ්‍ය අමාත්‍ය රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා මෙසේ පැවසීය.නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් සකස් කිරීමට හෝ ව්‍යවස්ථාවක් සකස් කිරීමට ආණ්ඩුව සූදානම් වෙන්නේ ඇයි?. අපි කවුරුවත් අලූත් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් ඉල්ලූවේ නැහැ. ජනතාවට නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් අවශ්‍ය නැහැ. 2015 වසරේදී ජිනීවා මානව හිමිකමි මණ්ඩලයේ දී සම්මතවූ යෝජනා නිසා නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් සකස් කිරීමට සිදුව තිබෙනවා. දේශපාලන විසඳුමක් සඳහා ව්‍යවස්ථා සංශෝධනයක් සිදුකළ යුතු බව එම යෝජනාවලියේ බොහොම පැහැදිලිව සඳහන් වෙනවා.අපේ හමුදා යුධ අපරාධ කළ බවට චෝදනාවක් තිබෙනවා. නමුත් විද්‍යා නැමැති පාසල් දැරිය දුෂණය කර ඝාතනය කළේ යාපනයේ දෙමළ තරුණයන්. එම දුෂණය වීඩියෝ කර යුරෝපයේ සිටින දෙමළ ජනතාව අතර බෙදාහැරීමට ඔවුන් කටයුතු කර තිබුණා. එමෙන්ම ඒ ඝාතනයත් හමුදාව මත පැටවීමට උත්සාහ ගත්තා. එම සිද්ධිය ආරක්‍ෂක අංශ සම්බන්ධ නැති බව පරීක්‍ෂණවලදී හෙළි වුණා. එම ඝාතනය සම්බන්ධ ප‍්‍රධාන සැකකරු නිදහස් කිරීමට උත්සාහගත් බවට චෝදනා කරමින් හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් අත්අඩංගුවට ගත්තා. නමුත් එම සැකකරු නිදහස් කිරීමට උත්සාහගත් මේ ආණ්ඩුව නියෝජනය කරන විජයකලා මහේෂ්වරන් අමාත්‍යවරිය සම්බන්ධයෙන් කිසිම පියවරක් ගෙන නැහැ. මේ වගේ අශීලාචාර වැඩ නොකරන ලෙස අපි ආණ්ඩුවෙන් ඉල්ලීමක් කරනවා.මේ ව්‍යවස්ථාව සම්බන්ධයෙන් අපෙන් අදහස් විමසන ලෙස අපි ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරනවා. ඒකීය රටක තිබෙන්නේ එකම නීතියයි. නීතිය පළාත් වශයෙන් වෙනස් වෙන්න බැහැ. නව ව්‍යවස්ථාව සම්බන්ධයෙන් අනුකමිටු හයක් පත් කළා. ඉන් එක් අනුකමිටුවක් වන මධ්‍ය පර්යන්ත අනුකමිටුවේ සභාපතිවරයා ප්ලොට් සංවිධානයේ හිටපු සාමාජිකයෙක් වන ධර්මලිංගම් සිද්ධාර්ථන් පත්කළා. ආණ්ඩුකාරවරයාගේ බලතල ඉවත් කර සමගාමී ලැයිස්තුව අහෝසි කළ යුතු බවට ඔහු නිර්දේශ කර තිබෙනවා. ජනාධිපතිවරයාගේ විධායක බලය පළාත තුළ ක‍්‍රියාත්මක කරන්නේ ආණ්ඩුකාරවරයායි.ආණ්ඩුකාරවරයාගේ බලතල අහෝසි කිරීමෙන් පළාත් සභා තුළ  ඕනෑම ආකාරයට කටයුතු කිරීමට මහ ඇමතිවරුන්ට හැකියාව ලැබෙනවා. පළාත් ආණ්ඩුකාරවරයාගේ බලතල අඩුකර සමගාමී ලැයිස්තුවත් අහෝසි කළොත් රටේ ඒකීය බව නැතිවෙනවා. මේ ඇත්ත යට ගසමින් ජයම්පති වික‍්‍රමරත්න පට්ටපල් බොරු කියනවා. මේවා ගැන ඔහුගෙන් විමසන ලෙස මම ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරන බවද පැවසීය.           ප‍්‍රවීණ මාධ්‍යවේදී සී.ඒ. චන්ද්‍රපේම මහතා මෙසේ පැවසීය.19 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් විධායක ජනාධිපති ක‍්‍රමය පාර්ලිමේන්තුවට වගකියන තනතුරක් බවට පත් කරන බව මොවුන් ප‍්‍රකාශ කළා. ජේ.ආර්. ජයවර්ධන මහතාගේ පටන් මේ රටේ සිටි සියලූම විධායක ජනාධිපතිවරුන් පාර්ලිමේන්තුවට වග කිව්වා. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ තිබූ 42 වැනි වගන්තිය කිසිදු වෙනසක් නොකර 33 ඒ වගන්තිය වශයෙන් 19 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට ඇතුළත් කර තිබෙනවා. ඒ වගේ ව්‍යවස්ථාමය හා නීතිමය වශයෙන් තක්කඩිකම් මේ අය කළා. එසේ තක්කඩිකම් කරලා විධායක ජනාධිපති ක‍්‍රම අහෝසි කළේ අපියි කියලා දැන් ප‍්‍රචාරයක් ගෙනියනවා.2015 මාර්තු 17 වැනිදා වන විට මැතිවරණ ක‍්‍රමය සම්පූර්ණයෙන්ම අහෝසි කරන බවට හා අපේ‍්‍රල් මස 20 වැනිදා වන විට විධායක ජනාධිපතික‍්‍රමය අහෝසි කරන බවටත් මොවුන් බලයට පත්වීමේදී ලිඛිත පොරොන්දුවක් දුන්නා. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව වෙනස් කිරීම සම්බන්ධයෙන් කතාවක් එදා තිබුණේ නැහැ. නමුත් දැන් සම්පූර්ණයෙන්ම ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව වෙනස් කිරීමේ වැඩපිළිවෙළක් ගැන කතා වෙනවා.ආණ්ඩුක‍්‍රම ව්‍යස්ථා අතුරුකමිටු වාර්තාවේ 27 වැනි පිටුවේ යම්කිසි හදිසි තත්ත්වයක් ඇතිවුවහොත් ඒ පළාතේ පාලන බලය සම්පූර්ණයෙන්ම ගැනීමට හැකිවන පරිදි ප‍්‍රතිපාදන සකස් කර තිබෙන බව ව්‍යවස්ථාව සම්පාදනය කිරීමේ මූලික කාර්යභාරයක් කරන ජයම්පති වික‍්‍රමරත්න මන්ත‍්‍රීවරයා ප‍්‍රකාශ කළා. එවැනි තත්ත්වයකදී ක‍්‍රියාත්මක විය යුතු ආකාරය සම්බන්ධයෙන් වර්තමාන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ ප‍්‍රතිපාදන වෙන්වී තිබෙනවා. ජයම්පති වික‍්‍රමරත්න මන්ත‍්‍රීවරයාගේ යෝජනාවලට වඩා ඒ යෝජනාවන් ඉතාම හොඳ බව පැවසීය.
කෘෂිකර්මය කඩා වැටිලා ආහාර මිල රොකට් වේගෙන් ඉහළ යනවා
0
hp_train_7596
බස්නාහිර, සබරගමුව, වයඹ සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් කඩින් කඩ වැසි ඇති වන අතර අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේ දී සෙසු ප්‍රදේශවල තැනින් තැන ගිගුරුම් සහිත වැසි වර්ධනය වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 
‘අදත් කඩින් කඩ වැසි‘
1
hp_train_7597
(තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ)හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නඩරාජා රවිරාජ් මහතා ඝාතන නඩුවේ විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කරමින් දෙන ලද ජූරි සභා තීන්දුවට එරෙහිව එම මන්ත්‍රීවරයා ගේ බිරිය විසින්  ගොනු කර තිබූ  අභියාචන පෙත්සම සලකා බැලීම මැයි 19 වැනිදා තෙක් කල් තැබීමට අභියාචනාධිකරණය තීන්දු කළේය.ඝාතනයට ලක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රි නඩරාජා රවිරාජ් මහතාගේ බිරිය ගොනු කළ අභියාචන පෙත්සම කැඳවූ අවස්ථාවේදී පෙත්සමේ විත්තිකරුවන් වෙනුවෙන් නීතීඥවරයෙකු පෙනී නොසිටීම හේතුවෙන් පෙත්සම සලකා බැලීම එදිනට කල් තැබීමට අභියාචනාධිකරණය තීරණය කළේය.දීපාලි විජේසුන්දර සහ ලලිත් ජයසූරිය යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියෙහි මෙම පෙත්සම කැඳවන ලදී.
රවිරාජ් බිරියගේ පෙත්සම 31 වැනිදා සලකා බලයි
0
hp_train_7598
පළාත් කීපයකට වැසි ඇති වීමේ හැකියාව ක්‍රමයෙන් වැඩිවෙමින්  පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.‘‘නැගෙනහිර සහ ඌව පළාත්වල තැනින් තැන වැසි ඇති වේ‘‘.‘‘අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේදී දිවයිනේ බස්නාහිර , මධ්‍යම සහ සබරගමුව පළාත් වල  වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි‘‘.‘‘ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශ වල තාවකාලිකව තද සුළං ඇති විය හැක. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ‘‘.‘‘දිවයිනේ ගාල්ල සිට පොතුවිල් හරහා ත්‍රීකුණාමලය දක්වා වන ගැඹුරු සහ නොගැඹුරු  මුහුදු ප්‍රදේශවල වැසි  ස්වල්පයක් ඇති වේ‘‘.‘‘සුළං ඊසාන දෙසින් හමන අතර වේගය පැයට කිලෝ මීටර් . 20-40 අතර  වේ.‘‘මන්නාරම සිට පුත්තලම හරහා කොළඹ දක්වා සහ ගාල්ල සිට මාතර හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ වල සුළං වේගය විටෙක පැයට කිලෝ මීටර් 50 පමණ අගයක් දක්වා වැඩි විය හැකි බැවින් එම මුහුදු ප්‍රදේශ විටෙක තරමක් රළු විය හැකියි‘‘.2015පෙබරවාරි මස 22 වැනි දින දහවල්  12.00 ට නිකුත් කෙරිණි.
‘හෙට සිට වර්ෂාව අඩුවෙයි‘
0
hp_train_7599
( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ ) ජුනි මස 20 වන දා පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීම සඳහා නිකුත් කර තිබෙන ගැසට් නිවේදනය සහ ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් නිකුත් කර තිබෙන ගැසට් නිවේදනය අභියෝගයට ලක්කරමින් ගොනු කර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම් අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා ප්‍රමුඛ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ හෙට (26) සයවැනි දිනයටත්  වැඩිදුර සලකා බැලීමට නියමිතය.ඒ අනුව අගවිනිසුරු ජයන්ත ජයසූරිය,බුවනෙක අලුවිහාරේ, සිසිර ද ආබෘ, ප්‍රියන්ත ජයවර්ධන සහ විජිත් මළල්ගොඩ යන මහත්වරුන් ගෙන් සමන්විත  පංච පුද්ගල  මඩුල්ල හමුවේ හෙට (26) පෙරවරු 10.00ට ශ්‍රේෂ්ඨාධිකරණයේ 501 අධිකරණ ශාලාවේදී  පෙත්සම් සලකා බැලේ.අද දින  මැතිවරණය දිනයට එරෙහිව ගොනු කර ඇති එම පෙත්සම් වෙනුවෙන් නීතිපතිවරයා සිය මූලික විරෝධතා සම්බන්ධයෙන් වැඩිදුර කරුණු දැක්වීම සිදු කෙරේ.නීතිපතිවරයා වෙනුවෙන් අතිරේක සොලිසිටර් ජනරාල් ,  ජනාධිපති නීතීඥ  ඉන්දිකා දේමුණි ද සිල්වා මහත්මිය කරුණු දැක්වීමට නියමිතය . ඉකුත් 18 වැනිදා සිට අඛණ්ඩව පංච පුද්ගල  ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ සලකා බැලෙන මෙම පෙත්සම් හි පලමු පෙත්සම්කාර නීතීඥ චරිත ගුණරත්න මහතා සිය පෙත්සම මේවන විට ඉල්ලා අස් කර ගෙන ඇති අතර  වගඋත්තරකාර මැතිවරණ  කොමිසම  විසින් ලබන ජුනි 20 වැනිදා ඡන්ද පැවත්විය නොහැකි බව පංච පුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ කරුණු දැක්වීම සමග තම පෙත්සම ඉල්ලා සිටි සහන ලැබුණු හෙයින් එම පෙත්සම අධිකරණයේ අවසරය ඇතිව ඉල්ලා අස් කර ගන්නා ලදී. ඒ අනුව රාවය පුවත්පතේ හිටපු කර්තෘ වික්ටර් අයිවන්  , විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ ආචාර්ය පාක්‍යසෝති සරවනමුත්තු , සමගි ජන බලවේගයේ මහ ලේකම් සහ හිටපු අමාත්‍යා රංජිත් මද්දුම බණ්ඩාර , ජාතික හෙළ උරුමයේ නායක සහ හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක , හිටපු අමාත්‍ය කුමාර වෙල්ගම  , ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණ නායක ආරියවංශ දිසානායක , ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස් නායක රාවුෆ් හකීම් මහත්වරුන් ඇතුළු පිරිසක් ගොනු කළ පෙත්සම් 7 ක් තවදුරටත් සලකා බැලේ.  මෙම පෙත්සම් හී  වගඋත්තරකරුවන් ලෙස මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය ඇතුළු  එහි සාමාජිකයින් වන  ජනාධිපති නීතිඥ එන්.ජේ. අබේසේකර, මහාචාර්ය රත්නජීවන් හූල් , ජනාධිපති  ලේකම් ආචාර්ය පී.බී.ජයසුන්දර , එසේම ජුනි මස 20 වනදා පැවැත්වීමට අදාළව මැතිවරණ  කොමිසම විසින් නිකුත් කර තිබෙන ගැසට් නිවේදනය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි යැයි තීන්දු කොට එය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන  ලෙස පෙත්සම්කරුවන් සිය පෙත්සම්වලින් ඉල්ලා සිටිති. රටේ පවතින වත්මන් තත්ත්වය  මත ලබන ජුනි මස 20 දා මහ මැතිවරණයක් පැවැත්වීමට ප්‍රායෝගිකව හැකියාවක් නැතැයි මැතිවරණ කොමිසම ඉකුත් 20 වැනිදා මෙම පෙත්සම් සලකා බැලූ අවස්ථාවේදී අධිකරණයට කරුණු දැක්වීය. මූලික අයිතිවාසිකම් පෙත්සම් වල  වගඋත්තරකරුවන් ලෙසනම් කර සිටින මැතිවරණ  කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය සහ එහි සාමාජික නලින් අබේසේකර යන මහත්වරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා මේ බව පංච පුද්ගල විනිසුරු මඩුල්ලට දෙනු ලැබීය . පවතින තත්ත්වය කුළ මැතිවරණය පැවැත්විය හැකි බවට සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා ප්‍රධාන සෞඛ්‍ය  අංශ වලින් කොළ එළියක් ප්‍රකාශයට පත්වන තුරු මැතිවරණයක් පැවැත්විය නොහැකි බවද  මැතිවරණ කොමිසමේ සභාපති හා සාමජිකයෙකු  වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා එහිදී වැඩිදුරටත් කියා සිටියේය.මැතිවරණයක් පැවැත්විය හැකි බවට සෞඛ්‍ය අවශ්‍ය වලින් යහපත් ප්‍රතිචාරයක් ලැබුණු විගස හා ඒ වෙනුවෙන් මාර්ගෝපදේශන මාලාවක් එම බලධාරීන් ගෙන් ලැබූ වහාම සති 10 ඇතුලත මැතිවරණයක් පැවැත්වීමට  තම සේවාදායකයින් අවශ්‍ය පියවර ගන්නා බවද ජනාධිපති නීතීඥවරයා  අධිකරණයට දන්වා සිටියේය. මේ අතර මෙම පෙත්සම් වල වගඋත්තරකරුවකු වන ජනාධිපති  ලේකම් වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති  නීතීඥ රොමේෂ් ද සිල්වා මහතා ඉකුත් (22) ශ්‍රේෂ්ඨාධිකරණ පංච පුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ කරුණ දක්වමින් කියා සිටියේ කොවිඩ් 19 රෝගය සමාජයේ පැතිරීයාම බොහෝ දුරට පාලනය වී ඇති හෙයින්   පවතින වත්මන් තත්ත්වය  හමුවේ මැතිවරණ ක්‍රියාදාමය ආරම්භ කළ හැකි බවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා විසින්  ජනාධිපති ලේකම්වරයාට ලිපියක් එවමින් දැනුම් දී තිබෙන බවය.සමාජ දුරථභාවය හා සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම මත පදනම්ව මැතිවරණ  ක්‍රියාදාමය පවත්වාගෙන යා හැකි බවද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තම සේවාදායකයා වෙත ඉකුත් 21 වැනිදා ලිපියක් එවමින් දන්වා ඇති බවද ජනාධිපති නීතීඥ රොමේෂ් ද සිල්වා මහතා වැඩිදුරටත් අධිකරණය හමුවේ පැවසීය.   
මැතිවරණ දිනයට එරෙහි පෙත්සම්ල සලකා බැලීම හෙට සයවැනි දිනයටත්
1
hp_train_7600
(ඉන්දිකා රාමනායක)නිරෝධායන නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ගතවූ පැය 24 තුළ පුද්ගලයන් 151 ක් අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.නිරෝධායන නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් මේ දක්වා පුද්ගලයන් 52154 ක පිරිසක් අත්අඩංගුවට ගෙන ඇත. 
නීති කැඩු 94ක් අල්ලයි
0