messages
listlengths
2
2
[ { "content": "ආසියාවේ අඩුම ජනගහණය සහිත රට කුමක්ද ?", "role": "user" }, { "content": "මාලදිවයින", "role": "assistant" } ]
[ { "content": "ප්‍රථම රාජ්‍ය මන්ත්‍රණ සභාවේ කෘෂිකර්ම සහ ඉඩම් සංවර්ධන ඇමැතිවරයා", "role": "user" }, { "content": "ඩී.එස්. සේනානායක මහතා\n", "role": "assistant" } ]
[ { "content": "පහත තේරවිල්ල විසඳන්න.\nඇදලා ගත්තා දමල ගැහුවා\nමලක් පිපුනා මල පරවුනා", "role": "user" }, { "content": "ඉහත තේරවිල්ල සඳහා පිළිතුර වන්නේ ගිනිකූර යි.", "role": "assistant" } ]
[ { "content": "කිවිපති (2006) කිවි රැජිණ (2018) යන සම්මාන ද්විත්වයෙන් පිදුම් ලැබූ ශ්‍රී ලංකාවේ එකම කිවිඳිය කවුද?", "role": "user" }, { "content": "කිවිපති (2006) කිවි රැජිණ (2018) යන සම්මාන ද්විත්වයෙන් පිදුම් ලැබූ ශ්‍රී ලංකාවේ එකම කිවිඳිය කුරුවිට පියසීලි අතුකෝරළ කිවිඳියයි.", "role": "assistant" } ]
[ { "content": "පහත ගීතය සම්පූර්ණ කරන්න.\n\nවරදක් කලත් සිතකින් නොවේ. රිදවන්නෙ පලිගන්නෙ ඇයි.\nඔබ මෙන් ඇයත් ඇය මෙන් ඔබත් මට මාගෙ ඇස් දෙක වගෙයි..", "role": "user" }, { "content": "වරදක් කලත් සිතකින් නොවේ. රිදවන්නෙ පලිගන්නෙ ඇයි.\nඔබ මෙන් ඇයත් ඇය මෙන් ඔබත් මට මාගෙ ඇස් දෙක වගෙයි..\n\nඔබෙ ගිනි නිව ඇගෙ සිත දවා අප එක් වෙලා කුමටදෝ..\nවෙනසක් නොවී මගෙ හිස් අතින් පිසලන්නෙ කොයි කදුලදෝ..\n\nඅසරන ඔබයි තනිවුණ ඇයයි මට සාප කර යාවි දෝ..\nඔබෙ ලෝකයෙන් ඇගෙ ලෝකයෙන් සමුගන්න සිදුවේවිදො..", "role": "assistant" } ]
[ { "content": "ගෙපිල යනු කුමක්ද?", "role": "user" }, { "content": "ගේ හදන්න පොළොව මට්ටමට වඩා උසට හදාගන්න කොටස. ගේක තියෙන අනිත් හැම පිලක්ම වගේ හදල තියෙන්නෙ මේ පිල උඩ.", "role": "assistant" } ]
[ { "content": "ඖෂධීය වටිනාකම විද්‍යාත්මකව තහවුරු කළ දේශීය සහල් ගැන ඔබ දන්නවා ද?", "role": "user" }, { "content": "ඖෂධීය වටිනාකම විද්‍යාත්මකව තහවුරු කළ දේශීය සහල් වර්ග භාවිත කිරීමෙන් දියවැඩියාව, පිළිකා සහ ඉදිමෙන රෝග පාලනය කර ගත හැක.\nදේශීය සහල් වර්ග 25ක් භාවිත කර වසර දහයකට වැඩි කාලයක් සිදු කෙරුණු පර්යේෂණවල ප්‍රතිපල පදනම් කරගෙන සුදු හීනටි, ගොඩ හීනටි, දික් වී සහ මසුරන් යන සහල් වර්ග වල ඖෂධීය වටිනාකම පිළිබඳව විද්‍යාත්මක පර්යේෂණ පත්‍රිකාවක් ද නිකුත් කෙරිණි.\n\nසම්ප්‍රදායික දැනුම විද්‍යාත්මකව තහවුරු කළ මේ පර්යේෂණ ප්‍රතිපල වලින් රටක් ලෙස නිසි ප්‍රයෝජන ගන්නා බව පෙනෙන්නට නැතැයි ආචාර්ය සිරිමල් ප්‍රේමකුමාර BBC සිංහල සේවයට පැවසුවේය.", "role": "assistant" } ]
[ { "content": "ලෝකයේ විශාලතම කාන්තාර 10,", "role": "user" }, { "content": "සහරා - උතුරු අප්‍රිකාව\nඅරාබි - නිරිතදිග ආසියාව\nගෝබි - මොන්ගෝලියාව/චීනය\nපැටගෝනියන් - ආජෙන්ටිනාව\nග්‍රේට් බේසින් - නිරිතදිග අප්‍රිකාව\nචිහුවහුමන් - මෙක්සිකෝව\nග්‍රේට් සැන්ඩි - වයඹ දිග ඕස්ට්‍රේලියාව\nසොනොරන් - නිරිතදිග ඇමරිකාව\nකිසිල් ගුම් - කසකස්ථනය/ උස්බෙකිස්ථානය\nතකල් මාකන් - උතුරු චීනය", "role": "assistant" } ]
[ { "content": "මිනිසාගේ අනාගතය කුමක්ද?", "role": "user" }, { "content": "මෙය ඉතා පුළුල් විවෘත ප්‍රශ්නයකි. එය දිශාවන් දෙකක් විය හැකිය. එක් දිශාවක් නම් මිනිසා ඩයිනෝසෝරයා මෙන් අතුරුදහන් වීමයි. එක් දිශාවක් නම් මිනිසා දෙවියෙකු වැනි විශේෂයක් බවට පත්වීමයි. පළමු දිශාව සඳහා, එය බොහෝ තත්වයන් නිසා ඇති විය හැක. උදා: තුන්වන ලෝක යුද්ධයේ සිට න්‍යෂ්ටික යුද්ධය, ආන්තික දේශගුණික විපර්යාස. අනෙක් දිශාව සඳහා, ප්රතිනිෂ්පාදනය කරන ලද ශක්තිය සූදානම්, සියලුම පිළිකා සුව කළ හැකිය, AI සමඟ රොබෝවරයා සමඟ සෑම දෙයක්ම කළ හැකිය, මිනිස් ජීවිතය අසීමිතයි.", "role": "assistant" } ]
[ { "content": "පරිගණක පද්ධතියක ස්ථීරාංග(Firmware) යනු මොනවද ?", "role": "user" }, { "content": "දෘඪාංගයකට නිභිත (Embedded) කර ඇති වැඩසටහකි.\n\nඋදාහරණ – (ROM)", "role": "assistant" } ]
[ { "content": "ලෝකයේ මහද්වී​ප හත අතුරින් ජනගහණය අතින් යුරෝපයට හිමි වන්නේ කීවෙනි තැනද?", "role": "user" }, { "content": "ජනගහණය අතින් යුරෝපයට හිමි වන්නේ තුන්වැනි තැනයි. පළමු සහ දෙවැනි තැ​න ආසියාවට හා අප්‍රිකාවට හිමි වේ.", "role": "assistant" } ]
[ { "content": "බෝසත් චරිතයේ එන \"කුමාරවරුන් හා ඈත ගමන් අත්හැරීම\" ගැන විස්තරයක් කරන්න.", "role": "user" }, { "content": "දවසෙක නෑ රජ කුමරුවෝ කිහිප දෙනෙක් අවුත් සිද්‍ධාර්ථ කුමාරයාණන් ද කැඳවා ගෙන ඇවිදින්නට ගියහ. කුමරුවන් සඳහා පිළියෙල කොට තුබුණු කෙළි බිම ද ඉක් මැ ඈත වන පෙදෙසකට ඔහු ගියහ. එහි ඈත මෑත දිව හැවිදුනා ගෝන මුව ආදී සතුන් බලමින් සතුටු වූහ. සමහර කුමාරවරු ඔවුන් ලුහුබැඳ යන්නාහු ඔවුන් විද මැරූහ. සිද්‍ධාර්ථ කුමරුවාණෝ එය දැක, “අනේ! තමන් ගේ දුක මිනිස් බසින් කියන්නට නොහැකි, ගොළුවන් රැසක් බඳු වූ මේ අසරණ සතුනට මෙහෙම හිරිහැර කරන්නේ ඔවුන් මොන වරදක් කළාට ද? කැලේ හැදෙන වල් පැලෑටි කමින් තමන් ගේ පාඩුවේ නිදැල්ලේ ජීවත් වන මේ අසරණ සතුනට හිංසා කරන්නේ ඇයි ද?” කියා කලකිරී වහාම එහි නොසිට ආපසු මාලිගාවට ම ආහ. එයින් පසු ඔවුන් හා ඇවිදින්නට නො ගියහ.\n\nලා බාල වියෙහි සිට ම සිදුහත් කුමරාණන්ගේ ජීවිතයෙහි කරුණාව මෛත්‍රිය ක්ෂාන්තිය (ඉවසීම) පරෝපකාරය සමානාත්මතාව යන ආදී ශ්‍රේෂ්ඨ ගුණයෝ පිළිබිඹු ව පැවැත්තාහ. බෝසතාණන් ගේ ගති පැවැතුම් ඇසූ දුටු හැම දෙනා ම ඔබ කෙරෙහි මහත් ආදරයත් ගෞරවයත් දැක් වූහ. බෝසතාණන් ගේ කීර්තිය හැම තැන ම පැතිර ගියේ ය. මගධ රට රජය කරවන මහාපද්ම මහ රජ ද තම පුත් බිම්බිසාර කුමරු ලවා සිද්‍ධාර්ථ කුමාරයනට තුටු පඬුරු එවීම් ආදියෙන් ඒ කුමරුවන් අතර මිත්‍ර සම්බන්ධය ද ඇති කෙළේ ය. ලිච්ඡවී රජහු ද විටින් විට බෝසතාණනට තුටු පඬුරු එවූහ. හැම රජක්හුගෙන් ම බෝසතාණනට සුබ හසුන් ලැබිණ.", "role": "assistant" } ]
[ { "content": "ශ්‍රී ලංකාවේ ප්‍රථම රූපවාහිනී නාලිකාව කුමක්ද?", "role": "user" }, { "content": "ශ්‍රී ලංකාවේ ප්‍රථම රූපවාහිනී නාලිකාව වන්නේ ස්වාධීන රූපවාහිනියයි.", "role": "assistant" } ]
[ { "content": "ලොව වැඩිම ජනගහණයක් සිටින නගරය", "role": "user" }, { "content": "ලොව වැඩිම ජනගහණයක් සිටින නගරය ටෝකියෝ නගරයයි.", "role": "assistant" } ]
[ { "content": "Forestall. මේ වචනයට යොදාගත හැකි තනි සිංහල වචනයක් පවතී ද?", "role": "user" }, { "content": "පෙරවරණය\nවළක්වනවා\n", "role": "assistant" } ]
[ { "content": "පහත වචනයට අදාළ විරුද්ධ පද කුමක්ද?\nඅන්තගාමී ", "role": "user" }, { "content": "මධ්‍යස්ථ\n", "role": "assistant" } ]
[ { "content": "1965 අගෝස්තු 09 දින නිදහස ලබාගන්නා තුරුම , සිංගප්පූරුව යටත් කරගෙන සිටි රට කුමක්ද ?", "role": "user" }, { "content": "1965 අගෝස්තු 09 දින නිදහස ලබාගන්නා තුරුම , සිංගප්පූරුව යටත් කරගෙන සිටි රට මැලේසියාව .යි.", "role": "assistant" } ]
[ { "content": "නෝමල් පාසල් ඇරබීමේ අරමුණ කුමක්ද? ", "role": "user" }, { "content": "ගුරුවරුන් පුහුණු කිරීම", "role": "assistant" } ]
[ { "content": "ශ්‍රී ලංකාවේ විශාලතම විල", "role": "user" }, { "content": "බේරේ වැව", "role": "assistant" } ]
[ { "content": "යූරෝ -2016 පාපන්දු ශූරතාවය දිනා ගත්තේ කිනම් රටද?", "role": "user" }, { "content": "පෘතුගාලය යුරෝ 2016 පාපන්දු ශූරතාව දිනා ගත්තේය. මෙය ඔවුන්ගේ ඉතිහාසයේ පළමු මහා තරඟාවලි ජයග්‍රහණය විය. අවසන් තරගය 2016 ජුලි 10 වෙනිදා පැවැත්වුණු අතර එහිදී පෘතුගාලය අතිරේක කාලයේ දී ගෝල 1-0 ක් ලෙස ප්‍රංශය පරාජය කරන ලද්දේ එඩර්(Eder) විසින් ලබාගත් ජයග්‍රාහී ගෝලයෙනි.", "role": "assistant" } ]
[ { "content": "කඩල යනු කුමක්ද?", "role": "user" }, { "content": "කඩල යනු කෑමට ගන්නා රනිල ඇට වර්ගයකි. තම්බා තෙල්දැමූ කඩල රසයි.", "role": "assistant" } ]
[ { "content": "අගුන් ගිනි කන්ද පිහිටා තිබෙන්නේ කොහෙද ?", "role": "user" }, { "content": "අගුන්ග් ගිනි කන්ද ඉන්දුනීසියාවේ බාලි හි පිහිටා ඇත. \nඑය දිවයිනේ ප්‍රධාන ගිනිකඳු කඳු මුදුනක් වන අතර එහි විශාල පිපිරීම් සහ දේශීය ජනගහනයට ඇති සංස්කෘතික වැදගත්කමක් සඳහා නිසා ප්‍රසිද්ධය. අගුන්ග් කන්ද බාලි හි උසම ස්ථානය වන අතර ගැඹුරු අධ්‍යාත්මික වැදගත්කමක් දරයි. බාලිහි වැදගත්ම හින්දු දේවාලවලින් එකක් වන බෙසාකි පන්සල එහි බෑවුම්වල පිහිටා ඇත. එහි පිපිරීම් ප්‍රාදේශීය සහ පුළුල් කලාපීය ප්‍රදේශ දෙකටම, විශේෂයෙන් ගුවන් ගමන් සහ සංචාරක ව්‍යාපාරය සම්බන්ධයෙන් සැලකිය යුතු බලපෑමක් ඇති කළ හැකිය.", "role": "assistant" } ]
[ { "content": "පොල් ශාඛයේ නිජබිම ", "role": "user" }, { "content": "හවායි දූපත්", "role": "assistant" } ]
[ { "content": "ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වාදෙන අන්දමට , ළමයෙකු අපයෝජනට ලක්වන ප්‍රධාන ක්‍රම 4 මොනවාද ?", "role": "user" }, { "content": "ශාරීරික අපයෝජනය\nමානසික අපයෝජනය\nලිංගික අපයෝජනය\nනොසලකා හැරීම .", "role": "assistant" } ]
[ { "content": "ලෝකයේ පළමු පැන්සල හැදුවේ කවුද?\n", "role": "user" }, { "content": "1560 දී පමණ, සිමෝනියෝ සහ ලින්ඩියානා බර්නාකෝටි නම් ඉතාලි යුවළක් නවීන, ලීවලින් ආවරණය කරන ලද වඩු පැන්සල සඳහා පළමු සැලැස්ම විය. ඔවුන්ගේ අනුවාදය පැතලි, ඕවලාකාර, වඩාත් සංයුක්ත පැන්සලක් විය. ඔවුන්ගේ සංකල්පය වූයේ ජුනිපර් ලී කූරක් සිදුරු කිරීමයි.", "role": "assistant" } ]
[ { "content": "බුදුන්වහන්සේගේ ශ්‍රී දේහය ආදාහනය කිරීමෙන් පසු , ශ්‍රී දේහයෙන් වෙන්වූ ප්‍රධාන ධාතූන් වහන්සේලා ගණන කීයද ?", "role": "user" }, { "content": "බුදුන්වහන්සේගේ ශ්‍රී දේහය ආදාහනය කිරීමෙන් පසු , ශ්‍රී දේහයෙන් වෙන්වූ ප්‍රධාන ධාතූන් වහන්සේලා ගණන 8 යි.\nසතර දළදා වහන්සේලා .\nඅකු ධාතූන් දෙනම .\nලලාට ධාතූන් වහන්සේ .\nග්‍රීවා ධාතූන් වහන්සේ .", "role": "assistant" } ]
[ { "content": "පාංශු තෙතමන මට්ටම් හි ක්ෂේත්‍ර ධාරිතාවය යනු කුමක්ද?", "role": "user" }, { "content": "මහා අවකාශවලට පිරෙන ජලය ගුරුත්වාකර්ෂණ බලය යටතේ පහළට ගලා යන අතර එම ජලය ගලා යාමෙන් පසු ක්ෂුද්‍ර අවකාශ තුළ ඇති කේශාකර්ෂණ ජලය හා පස් අංශු වටා ඇති ජලාකර්ෂණ ජලය උපරිම ධාරිතාවයේ පවතී. මෙම අවස්ථාවේ පස ක්ෂේත්‍ර ධාරිතාවයේ ඇතැයි කියනු ලැබේ. මෙම අවස්ථාවේදී පසේ ඇති ජල ප්‍රතිශතය ක්ෂේත්‍ර ධාරිතාවය (Field Capacity) ලෙස හදුන්වන අතර බෝග වර්ධනය සදහා වඩාත්ම සුදුසු වන්නේ මෙම පාංශු ජල තත්වයයි.", "role": "assistant" } ]
[ { "content": "කැරිබියන් සහ මධ්‍යම ඇමරිකාවේ ක්‍රියාව කුමක්ද?", "role": "user" }, { "content": "කැරිබියන් සහ මධ්‍යම ඇමරිකානු ක්‍රියාව යනු ලාභ නොලබන සංවිධානයක් වන අතර එය වසර 33ක් පුරා කැරිබියන් සහ මධ්‍යම ඇමරිකාව පිළිබඳ වාර්ෂික මියාමි සමුළුවට සත්කාරකත්වය ලබා දී ඇත. සංවිධානයට බහුජාතික භාරකාර මණ්ඩලයක් ඇති අතර, දැනට ප්‍රධානත්වය දරන්නේ කොර්නේලියස් බී. ප්‍රියර්, ජූනියර් සහ වොෂින්ටන්, ඩීසී හි පිහිටා ඇත. 2009 දී මියාමි හි පැවති 33 වන සමුළුවේදී කතා කළ ප්‍රසිද්ධ පුද්ගලයින් අතර, හයිටියේ අගමැති ජීන්-මැක්ස් බෙලරිව්, කැනඩාවේ විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය පීටර් කෙන්ට් සහ පෝටෝ රිකෝ රාජ්‍ය ලේකම් කෙනත් මැක්ලින්ටොක් ද විය. සංවිධානයේ ප්‍රතිපත්ති-නැඹුරු වැඩසටහන්, ඇමරිකාවේ ව්‍යාපාර සඳහා සංචාරක, මූල්‍ය සේවා, ප්‍රතිපත්ති සහ නියාමන පරිසරයන්, බලශක්ති ආරක්ෂාව, සමුද්‍ර වරාය ආරක්ෂාව, ආපදා අවම කිරීම, රේගු, විදුලි සංදේශ, බුද්ධිමය දේපළ අයිතිවාසිකම්, තොරතුරු තාක්ෂණය, කෘෂිකර්මය සහ විදුලි සංදේශ කෙරෙහි අවධානය යොමු කර ඇත. කැබිනට් මට්ටමේ නිලධාරීන් පෙර සම්මන්ත්‍රණවලදී එක්සත් ජනපදය නියෝජනය කර ඇත. සංවිධානය වසා දමා ඇත.", "role": "assistant" } ]
[ { "content": " ඉන්දියාවේ ජාතික ජලජ සත්වයා කවුද?\n", "role": "user" }, { "content": "ගංගා නම් නදිහි ඩොල්ෆින්ය.", "role": "assistant" } ]
[ { "content": "කෙටි විවරණ...\nතුන් ලෙව්හි\nකෘතාධිකාරි", "role": "user" }, { "content": "මේ අහන්නෙ උසස් පෙළ පුරාතන ගද්‍ය සංග්‍රහයෙ තියෙන වචන ගැන නම් මුලින් ම කියන්න තියෙන්නෙ මේ වෙනකොට අවුරුදු 05ක් ම පරණ වෙලා තියෙන දැනට පවතින නිර්දේශයෙ පුරාතන ගද්‍යවල හැම වචනෙකට ම වගේ කෙටි විවරණ සපයපු පොත් වෙළෙඳ පොළේ තියෙනවා. එතනින් හොඳ පොතක් අරගෙන පරිහරණය කරන්න කියලා.\n01. තුන් ලෙව්හි; තුන් ලෝකයේ (ස්වර්ග, මර්ත්‍ය, පාතාල)\n02. කෘත්‍යාධිකාරී; පෙර කරන ලද පින් ඇති.", "role": "assistant" } ]
[ { "content": "ශීත ඍතු ක්‍රීඩා උළෙලේ(Winter Games) වැඩිම රන් පදක්කම් දිනූ ක්‍රීඩකයා ඔලිම්පික් පදක්කම් කීයක් දිනාගෙන තිබෙනවාද?", "role": "user" }, { "content": "ශීත ඍතු ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ වැඩිම රන් පදක්කම් දිනූ මලල ක්‍රීඩිකාව වන්නේ නෝර්වේ රට හරහා හිම මත ලිස්සා යාම ක්‍රීඩා කරන Marit Bjørgen ය. Bjørgen සිය වෘත්තීය ජීවිතය පුරා ඔලිම්පික් පදක්කම් 15ක් දිනාගෙන ඇති අතර ඉන් 8ක් රන් පදක්කම් වේ. ඇය රන් පදක්කම්වලට අමතරව රිදී පදක්කම් 4ක් සහ ලෝකඩ පදක්කම් 3ක් ද දිනාගෙන ඇත. ", "role": "assistant" } ]
[ { "content": "සූරිය වච්චසා යනු කවුරුන්ද?", "role": "user" }, { "content": "සුරිය වච්චසා කියන්නෙ දෙව්ලොව තිම්බරූ ගාන්ධර්ව දිව්‍ය රජතුමාගේ දියණියටයි.\nඇයට දෙව්ලොව ප්‍රකට ගාන්ධර්වයෙක් වූ පංචසිඛ කැමැත්තෙන් සිටියත්, ඇය මාතලී දිව්‍ය රාජයාගෙ පුත්‍රයා හා ප්‍රේමයෙන් වෙළී සිටියා.\nපසුව පංචසිඛ විසින්, ශක්‍ර දෙවියන්ට ලොව්තුරා බුදුරජාණන් වහන්සේ හමුවීමට උපකාර කිරීම නිසා,\nශක්‍ර දෙවියන් විසින් ඇයව ඔහුටම අයිතිකොට දී ගාන්ධර්ව රජකමත් ඔහුටම ලබා දුන්න.\nතොරතුරු දීඝ නිකායේ සක්කපඤ්හ සූත්‍රයෙ සඳහන්ව තිබෙනවා.\nසුරිය වච්චසා යන්න ඇයට යෙදුණේ ,\nඇයගේ සියලු ශරීරයෙන් විහිදෙන අලංකාර ආලෝක රශ්මිය නිසා.\nඇය තරුණ හිරුමඬලක් (ලහිරු මඬලක්) සේ බබළන නිසා සුරිය වච්චසා යන අපර නාමයක් ඇයට භාවිතා වුණා.\nවච්ච පදයට අරුත් කිහිපයක් තියෙනවා. මෙතන බැබළීම යන අර්ථය යෙදෙන්නෙ.\n", "role": "assistant" } ]
[ { "content": "ලෝකයේ දිගම ගංගාව කුමක්ද?", "role": "user" }, { "content": "ලෝකයේ දිගම ගංගාව නයිල් නදිය", "role": "assistant" } ]
[ { "content": "පීටර් හෙන්ලයින් විසින් පළමු ඔරලෝසුව සාදන ලද්දේ කවදාද, සහ ඔරලෝසු සාදන්නෙකු ලෙස ඔහුගේ කීර්තිය කාලයත් සමඟ වර්ධනය වූයේ කෙසේද?", "role": "user" }, { "content": "පීටර් හෙන්ලයින් විසින් පළමු ඔරලෝසුව 1510 දී සාදන ලද බවට විශ්වාස කෙරේ. 1541 වන විට ඔහු දක්ෂ ඔරලෝසු සාදන්නෙකු ලෙස කීර්තියක් ලබා ඇති අතර මාලිගා සහ ඔරලෝසු කණු සඳහා අලංකාර ඔරලෝසු නිර්මාණය කිරීම සඳහා යුරෝපයේ විවිධ ප්‍රදේශවලට කැඳවනු ලැබීය.", "role": "assistant" } ]
[ { "content": "ක්‍රිස්තියානි විද්‍යාව නම් කුමක්ද?", "role": "user" }, { "content": "ක්‍රිස්තියානි විද්‍යාව මේරි බේකර් එඩී විසින් 1821-1910 දක්වා කාලය තුළ ආරම්භ කර ඇත. ඇය විසින් ආත්මික බව සහ සුවය ගැන අළුත් අදහස් ඇයට ඇතිවූ පෙළඹවීම සහ ඇයගේම අත්දැකීම් තුළින් 1866 දී එඩී බයිබලය ඉගෙන ගන්නටත් සුව කිරීමේ විවිධ ක්‍රම ගැනත් ඇය විසින්ම නිරීක්‍ෂණය කිරීමට වසර ගණනක් වැය කලාය. එහි ප්‍රතිඵලයක් ලෙස සුව කිරීමේ සම්ප්‍රදාය 1879 දී ක්‍රිස්තියානි විද්‍යාව ලෙස ඇය විසින් නම් කරනු ලැබුවා. ඇයගේ කෘතියක් වන දේවවචනය මුල්කරගත් විද්‍යාව සහ සෞඛ්‍යය නමැති පොත මනස ශරීරය ආත්මය ඇති සම්බන්ධතාවය ගැන අළුත් දැක්මක් ලබා ගැනීමට හොද අභ්‍යාසයක් ලබා දුන්නා. ඇය විසින් සභාවක් පාසැලක් ප්‍රකාශන ආයතනයක් ස්ථාපිත කළාය, පිලිගත් පුවත් පතක් වන “ක්‍රිස්තියානි විද්‍යාවේ උපදේශකයා.” මෙය සමග අනෙක් පුවත් පත් සසඳා බලනවිට බොහෝ ක්‍රිස්තියානි විද්‍යාවන් ක්‍රිස්තියානි නොවන ආගමික ක්‍රම බව පෙනුණි. සෑම ක්‍රිස්තියානිකම පූජනීය බවයි පෙන්වා දෙන්නේ. ක්‍රිස්තියානි විද්‍යාව හරියටම නම් කර නැත. ක්‍රිස්තියානි විද්‍යාව ක්‍රිස්තියානිය මතම හෝ විද්‍යාව පතම පදනම් වූ දෙයක් නොවේ. ක්‍රිස්තියානි විද්‍යාව සම්ප්‍රදාය ක්‍රිස්තියානි ක්‍රමයක් ඇති කරන මූලික සත්‍යතාවයන් ප්‍රතික්ෂේප කරයි. එසේම විද්‍යාවටද විරුද්ධයි. සමකාලීන අළුත් විදිහක ආත්මිකත්වයක් පෙන්වා දෙයි. කායික සහ ආත්මික සුවයට මග පෙන්වයි. ක්‍රිස්තියානි විද්‍යාව අන්ත ක්‍රිස්තියානිකම ගැන හඳුනාගත යුත්තේත් ප්‍රතික්ෂේප කළ යුත්තේත් එම නිසාය.", "role": "assistant" } ]
[ { "content": "\"හර්වල්ඩ් රැම්ස්බොතම්\" නම් වූ ඉංග්‍රීසි ජාතිකයා ශ්‍රී ලාංකිකයන් අතර වඩාත් ප්‍රසිද්ධියට පත්වූයේ කුමන නමකින් ද?", "role": "user" }, { "content": "\"හර්වල්ඩ් රැම්ස්බොතම්\" නම් වූ ඉංග්‍රීසි ජාතිකයා ශ්‍රී ලාංකිකයන් අතර වඩාත් ප්‍රසිද්ධියට පත්වූයේ \n \"සෝල්බරි සාමි\" යන නමිනි.", "role": "assistant" } ]
[ { "content": "රුහුණේ අග්‍රබෝධි කුමරුන් විසින් ඉදිකරවූ \" පත්ම විහාරය \" පුදබිමෙහි , වර්තමානයේ දක්නට ලැබෙන ප්‍රසිද්ධ බුදු පිළිමය කුමක්ද ?", "role": "user" }, { "content": "මාළිගාවිල බුදු පිළිමය .", "role": "assistant" } ]
[ { "content": "මූදු කවියක් සඳහා උදහරණයක් දෙන්න ", "role": "user" }, { "content": "කතරගම දෙවිඳු කන්දස් සුවාමිනේ\nඔරුව රුවල රත්තරනෙන් තනාගෙනේ\nකුඹ ද පරුමාණ රිදියෙන් සදා-ගෙනේ\nඇහැළ මහට එඤඤයි ඉස තබාගෙනේ", "role": "assistant" } ]
[ { "content": "ලොව උසම කඳු 10 නම් කරන්න.", "role": "user" }, { "content": "ලොව උසම කඳු 10 නම්:\n\n1. එවරස්ට් කන්ද(මීටර් 8848)\n2. k2 කන්ද(මීටර් 8611)\n3. කාංචන් චුන්ගා කන්ද(මීටර් 8586) \n4. ලොට් සී කන්ද(මීටර් 8516)\n5. මකාලු කන්ද(මීටර් 8485)\n6. චොයු කන්ද(මීටර් 8188)\n7. ධවලගිරි I කන්ද(මීටර් 8167)\n8. මනස්ලු කන්ද(මීටර් 8163)\n9. නන්ගාපාර්බත් කන්ද(මීටර් 8126) \n10. අන්නාපූර්නා I කන්ද(මීටර් 8091)\n", "role": "assistant" } ]
[ { "content": "නිවස සහ ගෙදර යන්නෙහි වෙනස කිමැයි?", "role": "user" }, { "content": "නිවස යන වචනය භාවිතා කරන්නේ නිවසක ජීවත් වන පවුල, හෝ පුද්ගලයෙකුගේ නිවස තුළ ඇති හුරුපුරුදු අවකාශය හෝ යමෙකු ඉපදුණු හෝ කුඩා කාලයේ ජීවත් වූ ස්ථානය ගැන කතා කිරීමට ය. ඔබට ස්ථානය හෝ ගොඩනැගිල්ල ගැන කතා කිරීමට අවශ්‍ය වූ විට, නිවස භාවිතා කරන්න.මගේ නිවස ප්‍රධාන වීදියේ නිල් එකයි. මට ෆ්ලොරිඩාවේ නිවසක් තිබේ.\nකෙටියෙන් ම කියනවනම් මිනිසුන් ජීවත් වන ස්ථානය home. මිනිසුන් නැතිව ද්‍රව්‍ය පමණක් තිබෙන ස්ථානය house.", "role": "assistant" } ]
[ { "content": "රජරට වකුගඩු රෝගයේ ප්‍රථිකාර ගැන කියන්න.", "role": "user" }, { "content": "බොහෝවිට රජරට වකුගඩු රෝගය හඳුනාගන්නා විටදීත් වකුගඩු බොහෝ අකර්මණ්‍ය වී ඇති බවට පැහැදිලි සාක්ෂි ඇත. රෝග ලක්ෂණ ඇති විට ප්‍රතිකාර සදහා යොමුවිය යුතුය. තමා පානය කරන ජලය පිළිබඳව විමසිලිමත් විය යුතුය.", "role": "assistant" } ]
[ { "content": "අධිස්වභාවිකවාදය යනු කුමක්ද?", "role": "user" }, { "content": "අධිස්වභාවිකවාදය යනු ස්වභාවික විද්‍යාවෙන් නිරීක්ෂණය කළ හැකි හා පරීක්‍ෂා කළ හැකි දේට වඩා වැඩි යමක් ඇතුළත් ලෝක දැක්මකි. අධිස්වාභාවිකවාදය අධිස්වාභාවික හැකියාවට ඉඩ සලසයි.\n\nඅද බොහෝ මිනිසුන්, විශේෂයෙන්ම විද්‍යාවන් තුළ ගිලී සිටින අය, ස්වභාවිකවාදය නම් වූ දර්ශනයක් අල්ලාගෙන සිටිති, එනම් සෑම දෙයක්ම සම්පූර්ණයෙන්ම ස්වභාවික ක්‍රියාවලීන්ගේ ප්‍රතිඵලයක් බව විශ්වාස කරයි. ප්‍රාග්-නූතන මිනිසුන් බොහෝ විට ස්වභාවික සංසිද්ධි (වැසි හෝ නියඟය, ගිනිකඳු පිපිරීම්, පළඟැටියන්ගේ වසංගතය, ගිගුරුම් ආදිය) සෘජුවම දෙවියන්ගේ (හෝ දෙවිවරුන්ගේ) ක්‍රියාවන්ට ආරෝපණය කළත්, නූතන මිනිසුන් මේවා හුදෙක් ස්වාභාවික සංසිද්ධි බව දනිති. විද්‍යාත්මකව පැහැදිලි කර ඇත. ස්වභාවිකවාදයේ දර්ශනය අල්ලාගෙන සිටින අය යම් යම් සිද්ධීන් සඳහා ස්වභාවික හේතූන් හඳුනා ගැනීමට වඩා ඉදිරියට යති; ඔවුන් නිර්වචනය අනුව දෙවියන් සහ අද්භූත දේ බැහැර කරයි. අධිස්වභාවික හේතූන් කළ නොහැකි යැයි ප්‍රතික්ෂේප කරනු ලැබේ. කිතුණුවන් නිර්වචනය අනුව අධිස්වභාවවාදීන් වේ, නමුත් මෙයින් අදහස් කරන්නේ ඔවුන් ස්වභාවික ලෝකයේ විශාල නිපුණතාවයකින් ක්‍රියා කරන විද්‍යාඥයන් විය නොහැකි බව නොවේ. තවත් බොහෝ පුරෝගාමී විද්‍යාඥයන් සමඟ ජොහැන්නස් කෙප්ලර් අධිස්වභාවවාදියෙකි. කෙප්ලර් වරක් මෙසේ ලිවීය: “මම ඔහුට පසුව දෙවියන්වහන්සේගේ සිතුවිලි සිතමින් සිටියෙමි. තාරකා විද්‍යාඥයන් වන අප ස්වභාවධර්මයේ පොත සම්බන්ධයෙන් උසස්ම දෙවියන්වහන්සේගේ පූජකයන් වන බැවින්, අපගේ මනසෙහි මහිමය ගැන නොව, අන් සියල්ලටම වඩා, දෙවියන්වහන්සේගේ මහිමය ගැන කල්පනාකාරී වීම අපට ප්‍රයෝජනවත් වේ.” දෙවියන්වහන්සේ මැවුම්කරු බවත්, මැවිල්ල අද්භූත ක්‍රියාවක් බවත්, නමුත් දෙවියන්වහන්සේ විශ්වය පිළිවෙළකට ක්‍රියාත්මක කිරීමට සැලසුම් කළ බවත් කිතුණුවන් තහවුරු කරති. විද්‍යාව හැදෑරීමට හැකිවන්නේ මෙම පිළිවෙල සහ සැලසුමයි.", "role": "assistant" } ]
[ { "content": "සිංහල ළමා කතන්දරයක් ලියන්න.", "role": "user" }, { "content": "ඔන්න එකමත් එක කාලෙක එක රටක් තිබුනා. මේ රටේ මිනිස්සු බොහොම සතුටින් ජීවත් වුනා. ඒකට ලොකු හේතුවක් තිබුනා. මොකක්ද දන්නවද මේ රට පාලනය කරපු රජතුමා බොහොම යහපත් රජෙක් හින්දා තමයි එහෙම වුනේ\n. \nඉතිං ඔන්න දවසක් මේ රජතුමාට හිතුනා මුළු රට පුරාම සංචාරය කරන්න.හැබැයි විශේෂත්වයක් තිබුනා මොකක්ද දන්නවද රජතුමාට තනියෙන්ම තමයි සංචාරය කරන්න ඕනෙ වුනේ.මේ සංචාරයේ එක අරමුණක් තමයි රටේ ජනතාවගේ දුක සැප සොයා බැලීම. \n\nඔන්න දුවේ පුතේ මේ රජතුමා දවසක් තනියෙන්ම ගමන යන්න පටන්ගත්තා.රජතුමා ගමන ගියේ පයින්මයි. යන අතරමඟ හමුවෙන මිනිස්සුත් එක්ක කතාබහ කරන්න මේ රජතුමා අමතක කරේ නෑ. මේ මිනිස්සුන්ටත් ගොඩක් සතුටු හිතුනා.තමන්ගේ රටේ රජ්ජුරුවෝ මේ විදියට එයාලගේ දුක සැප බලන්න ආපු එක ගැන. \n\nතමන්ගේ රටේ මිනිස්සු ගොඩක් සතුටින් ජීවත් වෙනවා දැකපු රජතුමා ගොඩක් සතුටින් එයාගේ සංචාරය ඉවර කරලා ආපහු රජ වාසලට පැමිණියා. \n\nරජවාසලට ආපු රජතුමාගේ කකුල් ඉදිමිලා යටිපතුල් හොඳටම රිදෙන්න පටන් ගත්තා.ඒ මොකද දන්නවද රටේ පාරවල් ගොඩක් හදලා තිබ්බෙ කළු ගල් තලලා දාලයි.සමහර පාරවල් එහමවත් තිබුනේ නැහැ ගොඩක් අමාරුයි ඒවාගේ පයින් ඇවිදින්න.\n\nඉතිං මේ රජතුමාට ලොකු දුකක් ඇතිවුනා.මහජනයාටත් මේ කටුක මාර්ග හින්දා ගොඩක් වේදනා විදින්න වෙනවා නේද කියලා.වහාම අමාත්‍ය මණ්ඩලය රැස් කරපු මේ රජතුමා රටේ සියලුම පාරවල් සම් වලින් ආවරණය කරන්න කියලා අණ කරා.\n\nමුළු රාජ සභාවෙම කසු කුසුවක් පැතිරෙන්න වුනා. අමාත්‍ය මණ්ඩලයේ මතය වුනේ රටේ සියළුම මාර්ග සම් වලින් ආවරණය කරන්න නම් විශාල සම් ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා. ඉතිං ඒ නිසා මේ වැඩේට විශාල මුදල් ප්‍රමාණයක් වැය වෙනවා කියලා අමාත්‍ය මණ්ඩලය රජතුමාට කිව්වා. \n\nමේ අතර එක බුද්ධිමත් ඇමති කෙනෙක්, රජතුමනි රටේ සියළුම මාර්ග සම් වලින් ආවරණය කරනවා වෙනුවට අපි මහජනයාට පවසමු එයාලගේ කකුල් සම් වලින් හදපු ආවරණයකින් ආවරණය කරගෙන මේ මාර්ග වල ගමන් කරන්න කියලා.\n\nඒ ඇමති තුමාගේ යෝජනාව රාජ සභාවේ හැමෝගෙම ප්‍රශංසාවට ලක් වුනා.රජතුමාටත් ගොඩක් සතුටුයි. මොකද ඒ යෝජනාව ඇත්තටම හොඳ යෝජනාවක් නිසා.ඉතිං රජතුමා රටවැසියන් හැමෝටම මේ යෝජනාව දැනුවත් කරන්න පණිවිඩකාරයෝ යැව්වා.\n\nදැක්කා නේද පුංචි පුතේ මේ කතාවෙන් අපිට ආදර්ශ ගොඩක් ගන්න පුළුවන් නේද ප්‍රශ්නයක් බුද්ධිමත්ව විසඳන්නේ කොහොමද වගේම අපි තේරුම්ගන්න ඕනෙ අපිට මුළු ලෝකයක්ම හදන්න අමාරුයි ඒත් අපි තනි තනියෙන් බුද්ධිමත්ව වැඩ කරොත් මුළු ලෝකෙටම බලපාන ප්‍රශ්න බොහොම ලේසියෙන්ම විසඳගන්න පුලුවන් කියලා.\n\n", "role": "assistant" } ]
[ { "content": "පයිතන් ලැයිස්තුවක ඇති නිශ්චිත අගයක් කොපමණ ප්‍රමාණක් තිබේදැයි ගණනය කරන්නේ කෙසේද?", "role": "user" }, { "content": "def count_occurrences(lst, element):\n return lst.count(element)\n\nmy_list = [1, 4, 2, 4, 5, 4]\nprint(count_occurrences(my_list, 4)) # Output: 3\n", "role": "assistant" } ]
[ { "content": "ගෞතම බුදුසසුනේ \"මෛත්‍රීවිහරණ\" උපාසිකාවන් අතරින් අග්‍ර වූයේ කවුද ?", "role": "user" }, { "content": "ගෞතම බුදුසසුනේ \"මෛත්‍රීවිහරණ\" උපාසිකාවන් අතරින් අග්‍ර වූයේ සාමාවතී උපාසිකාව ය.", "role": "assistant" } ]
[ { "content": "බත් බැලයා යන වචනයේ අර්ථය කුමක්ද ?", "role": "user" }, { "content": "බත් එනම් ආහාර වේලක් වෙනුවෙන් බැල එනම් බලය යොදා මහන්සි වී මෙහෙවර කරන්නා", "role": "assistant" } ]
[ { "content": "ලොව වැඩිම විශ්ව විද්‍යාල ප්‍රමාණයක් පිහිටා ඇති රට කුමක්ද?", "role": "user" }, { "content": "ඉන්දියාව", "role": "assistant" } ]
[ { "content": "බැරිකම් යන වචනයට අදහසක් ගෙන දෙන වචනය ලියා දක්වන්න.\n", "role": "user" }, { "content": "බැරිකම් යන්නට විරුද්ධ අර්ථයක් ඇති පදය හපන්කම් වේ. ", "role": "assistant" } ]
[ { "content": "විෂාදය සඳහා නිසි ප්‍රතිකාර මොනවද?", "role": "user" }, { "content": "\"කවුරු හරි 'ඇන්සයටි' තත්වයෙන් හෝ විෂාදයෙන් පෙළෙනවා නම් තමන්ගේ හැසිරීමේ යම් වෙනසක් තියෙනවා, දුකක් දැනෙනවා කියලා දැනගත්ත ගමන්ම තමන්ට විශ්වාස කෙනෙක් එක්ක ඒ ගැන කතා කිරීම වැදගත්,\" මානසික වෛද්‍ය විශේෂඥ ස්ටීවන් බක්ලි විස්තර කළාය.\n\n\"එදිනෙදා කරන වැඩකටයුතු වලින් විවේකයක් අරගෙන අවශ්‍ය උපදෙස් උපකාර ලබාගන්න. ඔබ විෂාදයේ රෝග ලක්ෂණ හඳුනා ගත්තොත් පැකිළෙන්න එපා. ඉක්මනින්ම ඉන් ගැලවෙන්න අවශ්‍ය වෛද්‍ය උපදෙස් ලබා ගන්න.\"\n\nවිෂාදය යනු සාමාන්‍ය රෝගී තත්වයක්වන අතර, නිසි ප්‍රතිකාර ලබා ගැනීමෙන් එම රෝගය සුව කළ හැකි බව වෛද්‍ය විශේෂඥයෝ අවධාරණය කරති.\n\n\"ඕනෑම සුළු ප්‍රශ්නයක් වුවත් ඔබට හිතවත් කෙනකු සමග බෙදා ගැනීමට පැකිළෙන්න එපා. විෂාදයෙන් ගැලවීමේ ප්‍රථම පියවර එය විය හැකියි.\"", "role": "assistant" } ]
[ { "content": "\"ස්වාර්ථ පරායන \" යන්නෙහි අරුත කුමක්ද ?", "role": "user" }, { "content": "තමන්ම පිහිට කොට ගෙන ,තමන්ගේ ම යහපත පි ණිස", "role": "assistant" } ]
[ { "content": "ඔබ දන්නා පැ ල් කවියක් සඳහා සම්පූර්ණ උදහරණයක් දෙන්න ", "role": "user" }, { "content": "ක ල් බලා නොවෙද? ගොවිතැන් කර න්නේ\nමල් ව රා නොවෙද? කිරි වැද පැසෙ න්නේ\nපව කළා නොවෙද? වැසි පල නුදු න්නේ\nලොවු තුරා බුදුන් කවදද? දකි න්නේ", "role": "assistant" } ]
[ { "content": "GitHub ක්‍රියා නොමිලේද?", "role": "user" }, { "content": "GitHub ක්‍රියා භාවිතය පොදු ගබඩාවල සම්මත GitHub-සත්කාරක ධාවකයන් සඳහා සහ ස්වයං-සත්කාරක ධාවකයන් සඳහා නොමිලේ වේ. පුද්ගලික ගබඩාවන් සඳහා, සෑම GitHub ගිණුමකටම ගිණුම සමඟ භාවිතා කරන නිෂ්පාදන මත පදනම්ව, GitHub-සත්කාරක ධාවකයන් සමඟ භාවිතය සඳහා නිශ්චිත මිනිත්තු ප්‍රමාණයක් සහ ගබඩාවක් ලැබේ.", "role": "assistant" } ]
[ { "content": "ලෝකයේ දිගම ගංගාව කුමක්ද?", "role": "user" }, { "content": "නයිල් ගඟ", "role": "assistant" } ]
[ { "content": "වක්‍ර දර්පණ ප්‍රධාන වර්ග කීයක් තිබේද? ඒවා නම් කරන්න.", "role": "user" }, { "content": "වක්‍ර දර්පණ ප්‍රධාන වර්ග දෙකකි. ඒවා පහත පරිදි දැක්විය හැකිය.\n\n1. අවතල දර්පණ(concave mirrors): මෙම දර්පණ ගෝලයක අභ්‍යන්තරයේ කොටසකට සමාන වන අභ්‍යන්තරයට වක්‍රවන පරාවර්තක මතුපිටක් ඇත. ඒවා ආලෝකය අභිසාරී කිරීමට භාවිතා කරයි, එනම් ඔවුන්ට සමාන්තර ආලෝක කිරණ තනි ලක්ෂ්‍යයකට යොමු කළ හැකිය. මෙම ගුණාංගය නිසා, විශාලනය සහ නාභිගත කිරීම වැදගත් වන දුරේක්ෂ, වාහනවල ප්‍රධාන ලාම්පු සහ රැවුල කපන දර්පණ වැනි යෙදුම්වල අවතල දර්පණ බොහෝ විට භාවිතා වේ.\n\n2. උත්තල දර්පණ (convex mirrors): මෙම දර්පණ ගෝලයක බාහිරට සමානව පිටතට නෙරා එන පරාවර්තක මතුපිටක් ඇත. ඒවා පරාවර්තනය කරන ආලෝක කිරණ විහිදුවමින් ආලෝකය අපසරනය කරයි. උත්තල දර්පණ පැතලි දර්පණවලට වඩා පුළුල් දර්ශන ක්ෂේත්‍රයක් සපයන අතර වාහන පැති දර්පණ, නිරීක්ෂණ පද්ධති සහ ආරක්ෂාව සහ දෘශ්‍යතාව සඳහා ඇතැම් වාස්තු විද්‍යාත්මක සැලසුම් වැනි විශාල නැරඹුම් කෝණයක් අවශ්‍ය වන අරමුණු සඳහා බහුලව භාවිතා වේ.", "role": "assistant" } ]
[ { "content": "චීනයේ මහා ප්‍රාකාරය සෑදී ඇත්තේ කුමක් ද?", "role": "user" }, { "content": "චීනයේ මහා ප්‍රාකාරය යනු චීනයේ ඓතිහාසික උතුරු මායිම් හරහා සාමාන්‍යයෙන් නැගෙනහිර සිට බටහිර දක්වා රේඛාවක් ඔස්සේ ඉදිකර ඇති ගල්, ගඩොල්, හීලෑ කළ පොළොව සහ අනෙකුත් ද්‍රව්‍ය වලින් සාදන ලද බලකොටු මාලාවකි.", "role": "assistant" } ]
[ { "content": "අන්දකයිප්පු, කියන්නේ මොකක්ද ?", "role": "user" }, { "content": "ආන්ද්‍ර දේශයෙන් ගෙන්වන කයිප්පු\nකයිප්පු යනු ලාකඩ වැනි මැලියමකි. එය බුලත් සමඟ කෑම ට ගනී. මදක් වැඩි වූවොත් මත්වේ අධිකව කැවුනොත් සිහිවිකල් වේ", "role": "assistant" } ]
[ { "content": "විශාලතම ක්ෂීරපායී සත්වයා නම් කරන්න?\n", "role": "user" }, { "content": "නිල් තල්මසා\n", "role": "assistant" } ]
[ { "content": "මිනෝවාසීන් කවුද, ඔවුන් ජීවත් වූයේ කොහේද?", "role": "user" }, { "content": "Minoans යනු ක්‍රි.පූ. 3000 සිට 1600 දක්වා කාලය තුළ ක්‍රීට් දූපතේ සමෘද්ධිමත් වූ පුරාණ ශිෂ්ටාචාරයකි. ඔවුන්ගේ සමාජය එහි සංකීර්ණත්වය සඳහා ප්‍රසිද්ධ වූ අතර, ඔවුන් දක්ෂ ලෙස නිර්මාණය කර සකස් කරන ලද ඇඳුම් ඇතුළු පොහොසත් කලාත්මක උරුමයක් ඉතිරි කළහ. මිනෝවන් ඇඳුම් පිළිබඳ අපගේ අවබෝධය මූලික වශයෙන් මෙම කාල පරිච්ඡේදයේ සිට සොයා ගන්නා ලද කලා කෘති, විශේෂයෙන් බිතුසිතුවම් වලින් පැමිණේ.", "role": "assistant" } ]
[ { "content": "ගෝලීය උණුසුමට මිනිසා විසින් ඇති කරන ලද හේතු මොනවද?", "role": "user" }, { "content": "වන විනාශය\nශාක යනු ඔක්සිජන් වල ප්‍රධාන ප්‍රභවයයි. ඔවුන් කාබන් ඩයොක්සයිඩ් අවශෝෂණය කර ඔක්සිජන් මුදා හැරීමෙන් පාරිසරික සමතුලිතතාවය පවත්වා ගනී. බොහෝ ගෘහාශ්‍රිත හා වාණිජ අරමුණු සඳහා වනාන්තර විනාශ වෙමින් පවතන අතර . මෙය පාරිසරික අසමතුලිතතාවයට හේතු වී ඇති අතර එමඟින් ගෝලීය උණුසුමද ඉහළ යයි. \nයාන වාහන භාවිතය\nඉතා කෙටි දුරක් සඳහා වුවද වාහන භාවිතා කිරීමෙන් විවිධ වායු විමෝචන ඇතිවේ. වාහන වායුගෝලයට කාබන්ඩයොක්සයිඩ් සහ අනෙකුත් විෂ ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් විමෝචනය කරන පොසිල ඉන්ධන දහනය කිරීමෙන් උෂ්ණත්වය ඉහළ යයි.\nක්ලෝරෝෆ්ලෝරෝ කාබන් (CFC)\nවායු සමීකරණ සහ ශීතකරණ අධික ලෙස භාවිතා කිරීමත් සමඟ මිනිසුන් වායුගෝලීය ඕසෝන් ස්ථරයට බලපාන CFC පරිසරයට මුදා හරිමින් ඇත. සූර්යයාගෙන් නිකුත් වන අහිතකර පාරජම්බුල කිරණවලින් පෘථිවි පෘෂ්ඨය ආරක්ෂා කරනු ලබන්නේ ඕසෝන් ස්ථරයි. මෙම CFC මගින් ඕසෝන් ස්ථරය ක්ෂය වීම මෙන්ම පාරජම්බුල කිරණ සඳහාද මග පාදමින් පෘථිවියේ උෂ්ණත්වය ඉහළ නංවා ඇත.\nකාර්මික සංවර්ධනය\nකාර්මීකරණය පැමිණීමත් සමඟ පෘථිවියේ උෂ්ණත්වය ශීඝ්‍රයෙන් ඉහළ යමින් පවතී. කර්මාන්තශාලා වලින් පිටවන අහිතකර වායුන් විමෝචනය වීම පෘථිවියේ උෂ්ණත්වය ඉහළ යාමට හේතුවක් වේ.\n2013 දී දේශගුණික විපර්යාස සඳහා වූ අන්තර් රාජ්‍ය මණ්ඩලය වාර්තා කළේ 1880 සහ 2012 අතර ගෝලීය උෂ්ණත්වයේ වැඩිවීම සෙල්සියස් අංශක 0.9 ක් වූ බවයි. පූර්ව කාර්මික මධ්‍යන්‍ය උෂ්ණත්වය හා සසඳන විට වැඩිවීම සෙල්සියස් අංශක 1.1 කි.\nකෘෂිකර්මය\nවිවිධ ගොවිතැන් කටයුතු මගින් කාබන්ඩයොක්සයිඩ් සහ මීතේන් වායුව නිපදවේ. මේවා වායුගෝලයේ ඇති හරිතාගාර වායුවලට එකතු වීමෙන් පෘථිවියේ උෂ්ණත්වය වැඩි කරයි.\nඅධික ජනගහනය\nජනගහනය වැඩි වීමම මිනිස්සු හුස්ම ගන්නවා යන්නයි. මෙයද වායුගෝලයේ ගෝලීය උණුසුම ඇති කරන ප්‍රාථමික වායුව වන කාබන්ඩයොක්සයිඩ් මට්ටම ඉහළ යාමට හේතුවක් වේ.\nගෝලීය උෂ්ණත්වය ඉහළ යාමේ ස්වභාවික හේතු\nගිනි කඳු\nගිනිකඳු යනු ගෝලීය උණුසුම ඉහළ යාමට විශාලතම ස්වභාවික දායකත්වය සපයන හේතුවකි. ගිනිකඳු පිපිරීම්වලදී පිටවන අළු සහ දුමාරය වායුගෝලයට යාම දේශගුණය වෙනස් වීමට බලපායි.\nජල වාෂ්ප\nජල වාෂ්ප යනු හරිතාගාර වායු වර්ගයකි. පෘථිවි උෂ්ණත්වය ඉහළ යාම හේතුවෙන් ජල මාර්ග වලින් වැඩි ජලය වාෂ්ප ප්‍රමාණයක් පිට වී වායුගෝලයේ රැඳී සිටීම මගින් ගෝලීය උණුසුම වැඩි කරයි.\nපර්මාෆ්‍රොස්ට් දියවීම\nපර්මාෆ්‍රොස්ට් යනු ශීත කළ පසක් වන අතර එය වසර ගණනාවක් තිස්සේ පාරිසරික වායූන් එහි සිරවී ඇති අතර , එය පෘථිවි පෘෂ්ඨයට පහළින් පවතී. එය ග්ලැසියරවල රැදී පවතී. මෙම ග්ලැසියර් දියවන විට එය නැවත වායුගෝලයට මුදා හරින අතර එමගින් පෘථිවි උෂ්ණත්වය වැඩි කරයි.\nලැව් ගිනි\nලැව් ගිනි නිසා කාබන් අඩංගු දුමාර විශාල ප්‍රමාණයක් පිටවේ. මෙම වායූන්ද වායුගෝලයට මුදා හරින අතර පෘථිවියේ උෂ්ණත්වය ඉහළ යාමේ ප්‍රතිඵලයක් ලෙස ගෝලීය උණුසුමද ඉහළ යයි.\nගෝලීය උෂ්ණත්වය ඉහළ යාමේ බලපෑම්\nඋෂ්ණත්වය ඉහළ යාම\nගෝලීය උෂ්ණත්වය ඉහළ යාම පෘථිවි උෂ්ණත්වයේ ඇදහිය නොහැකි තරම් ඉහළ යාමට හේතු වී තිබේ. මේ හේතුවෙන් ග්ලැසියර දියවීම ඉහළ ගොස් ඇති අතර එය මුහුදු මට්ටම ඉහළ යාමට හේතු වී තිබේ. මෙය වෙරළබඩ කලාපවලට අහිතකර බලපෑම් ඇති කළ හැකිය.\nපරිසර පද්ධතියට තර්ජන\nගෝලීය උෂ්ණත්වය ඉහළ යාම කොරල්පර වලටද බලපා ඇති අතර එමඟින් කොරල් පර හා මුහුදු සත්ව ජීවිත අහිමි වීමට හේතු විය හැකිය. ගෝලීය උෂ්ණත්වය වැඩිවීම නිසා කොරල්පරවල අස්ථාවරත්වය තවත් නරක අතට හැරී ඇත.\nදේශගුණික විපර්යාස\nගෝලීය උෂ්ණත්වය ඉහළ යාම දේශගුණික තත්ත්වයන් වෙනස් වීමට හේතු වී තිබේ. සමහර ප්‍රදේශයන් වල නියඟත් සමහර ප්‍රදේශයන්ට ගංවතුරද පරස්පර ලෙසින් බල පවත්වයි . මෙම දේශගුණික අසමතුලිතතාවය ගෝලීය උණුසුම ඉහළ යාමේ ප්‍රතිඵලයකි.\nරෝග පැතිරීම\nගෝලීය උෂ්ණත්වය ඉහළ යාම තාපය හා ආර්ද්‍රතාවයේ රටා වෙනස් වීමට හේතු වේ. මෙමගින් රෝග වාහකයන් වන මදුරුවන් හා කෘමීන මගින් නොයෙක් රෝග පැතිරවීම සිදු විය හැක. \nඉහළ මරණ අනුපාත\nගංවතුර, සුනාමි සහ වෙනත් ස්වාභාවික විපත් වැඩි වීම මගින් මරණ සංඛ්‍යාවන් වැඩි විය හැක. එසේම, එවැනි සිදුවීම්ද මිනිස් ජීවිතයට බාධා කළ හැකි රෝග පැතිරීමට හේතු විය හැක.\nස්වභාවික වාසස්ථාන අහිමි වීම\nදේශගුණයේ ගෝලීය වෙනස් කම් නිසා ශාක හා සතුන්ට ව්‍යාප්තිය හා වාසස්ථාන අහිමි වීමට හේතු වේ. මෙම අවස්ථාවේ දී, සතුන් ඔවුන්ගේ ස්වභාවික වාසස්ථාන වලින් සංක්‍රමණය වීම සිදු වීමද , ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් වඳ වීමද සිදු විය හැක. මෙය ජෛව විවිධත්වයට ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම නිසාවෙන් සිදු වන තවත් ප්‍රධාන බලපෑමකි.", "role": "assistant" } ]
[ { "content": "ලැක්ටෝස් නොඉවසීම(Intolerance) සමඟ ජීවත් විය හැක්කේ කෙසේද?", "role": "user" }, { "content": "ලැක්ටෝස් නොඉවසීම(Intolerance) සමඟ ජීවත් වීම සඳහා කෙනෙකුගේ ආහාර වේල කෙරෙහි ප්‍රවේශමෙන් අවධානය යොමු කිරීම අවශ්‍ය වේ, මන්ද ලැක්ටෝස් විවිධ ආහාරවල තිබිය හැකිය. ලැක්ටෝස් එකතු කළ නිෂ්පාදන හඳුනා ගැනීම සඳහා ආහාර ලේබල් කියවීම වැදගත් වේ. ලැක්ටෝස් නොඉවසීම ඇති පුද්ගලයින්ට බොහෝ විට කුඩා ප්‍රමාණයේ ලැක්ටෝස් ඉවසිය හැක, එබැවින් නිවැරදි සමතුලිතතාවය සොයා ගැනීම සහ අඩු රෝග ලක්ෂණ ඇති කරන කිරි ආහාර හඳුනා ගැනීම අත්‍යවශ්‍ය වේ. පුද්ගලාරෝපිත(Personalized) ආහාර නිර්දේශ සඳහා සෞඛ්‍ය සේවා සපයන්නෙකුගෙන් උපදෙස් ලබා ගැනීම සහ පුද්ගලයන්ට, විශේෂයෙන් ළමයින්ට සහ යෞවනයන්ට ප්‍රමාණවත් කැල්සියම් සහ පෝෂ්‍ය පදාර්ථ ලැබෙන බව සහතික කිරීම නිර්දේශ කෙරේ.", "role": "assistant" } ]
[ { "content": "ඔටාවා කැනඩාවේ අගනුවර ලෙස නම් කිරීමට තීරණය කිරීමට බලපෑ ඓතිහාසික සිදුවීම් මොනවාද?", "role": "user" }, { "content": "ප්‍රතිවාදී නගර අතර ඇති වූ දේශපාලන ආරවුල් 1857 දී එක්සත් කැනඩාවේ අගනුවර ලෙස ඔටාවා නම් කිරීමට තීරණය කිරීමට හේතු විය. වික්ටෝරියා රැජින ප්‍රශ්නය විසඳා, එහි පිහිටීම, දුම්රියෙන් ප්‍රවේශ වීමේ හැකියාව සහ සාපේක්ෂව කුඩා ප්‍රමාණය නිසා ඔටාවා තෝරා ගත්තාය.", "role": "assistant" } ]
[ { "content": "මිරින්ඩා , ඒරියල් , ටයිටැනියා යන චන්ද්‍රයන් අයත්වන , ග්‍රහලෝකය කුමක්ද ?", "role": "user" }, { "content": "මිරින්ඩා , ඒරියල් , ටයිටැනියා යන චන්ද්‍රයන් අයත්වන , ග්‍රහලෝකය යුරේනස් ය.", "role": "assistant" } ]
[ { "content": "සම්භවය අනුව සිංහල නාම පද වර්ග කරන්න.", "role": "user" }, { "content": "සම්භවය අනුව සිංහල නාම පද වර්ග පහත දැක්වේ.\nහෙළ (ශුද්ධ සිංහල) වදන්\nඉල්ලාගත් වදන්\nබාහිර වදන්", "role": "assistant" } ]
[ { "content": "ශ්‍රී ලංකා මහ බැංකුවට වසර 70ක් පිරීම නිමිත්තෙන් නිකුත් කළ කාසියේ වටිනාකම කීයද ?", "role": "user" }, { "content": "සිය 70 වන සංවත්සරය සංකේතවත් කරමින් මුහුණත වටිනාකම රුපියල් 20 ක් වන සංසරණය සඳහා නොවන සමරු කාසියක් (ඇලුමිනියම් - ලෝකඩ) 2020 දෙසැම්බර් 31 වැනි දින ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලදී. එයට සමගාමීව, සමාන නිර්මාණ සැලැස්මක් සහිත මුහුණත වටිනාකම රුපියල් 20 ක් වන සංසරණය සඳහා භාවිතා කරනු ලබන සමරු කාසියක් (නිකල් ආලේපිත වානේ) නිකුත් කිරීමට ද ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර ඇත. \n\n1950 අගෝස්තු මාසයේ දී සිය මෙහෙයුම් කටයුතු ආරම්භ කළ ශ්‍රී ලංකා මහ බැංකුව ශ්‍රී ලංකාවේ සමෘද්ධිය උදෙසා සුවිශේෂී හා වටිනා දායකත්වයක් ලබා දෙමින් වසර 70 ක් සම්පූර්ණ කළේ 2020 වසේර්දිය . ", "role": "assistant" } ]
[ { "content": "සතියේ දිනවල රාත්‍රී 10 න් පසු ශබ්දය අඩු කරන ලෙස ඉල්ලා මගේ අසල්වැසියාට මිත්‍රශීලී විද්‍යුත් තැපෑලක් ලියන්න.", "role": "user" }, { "content": "හායි අසල්වැසියා! මෙම විද්‍යුත් තැපෑල ඔබව හොඳින් සොයාගෙන හිරු වසන්ත කාලගුණය සඳහා සූදානම් වනු ඇතැයි මම බලාපොරොත්තු වෙමි. දින වැඩි වන විට, මට ඔබෙන් කුඩා උපකාරයක් ඉල්ලා සිටීමට අවශ්‍ය විය: කරුණාකර සතියේ දිනවල රාත්‍රී 10 න් පසු ශබ්දය අඩු කිරීමට උත්සාහ කළ හැකිද? පැහැදිලිවම කිවහොත්, අපි සියල්ලෝම පුස්තකාලවල ජීවත් වන බව මම යෝජනා නොකරමි - බාහිර සාද, ඝෝෂාකාරී සංගීතය සහ ගිනිකෙළි සතියේ දිනවල රාත්‍රී 10 න් පසු නවත්වන්න. රාත්‍රී 10 ට ප්‍රමාද වී සමාජගත වන අය සහ වේලාසනින් අවදි වන අය අතර සාධාරණ සම්මුතියක් නිරූපණය වනු ඇතැයි මම බලාපොරොත්තු වෙමි. ඔබ එකඟ නොවන්නේ නම් මට දන්වන්න, අපට විකල්ප සම්මුතියක් ඇති කර ගැනීමට උත්සාහ කළ හැකිය. සහ සෑම ආකාරයකින්ම, අප තේරුම් ගත යුතු විශේෂ අවස්ථා සහ/හෝ සලකා බැලීම් තිබේ නම් කරුණාකර අපට දන්වන්න. අපගේ ඉලක්කය වන්නේ මෙම සෞඛ්‍ය සම්පන්න, සමෘද්ධිමත් අසල්වැසි පවත්වා ගැනීමයි. ස්තූතියි", "role": "assistant" } ]
[ { "content": "ගණිතයෙහිදී, ශුන්‍ය ගුණිතයක් යනු කුමක්ද?", "role": "user" }, { "content": "ගණිතයෙහිදී, ශුන්‍ය ගුණිතයක් යනු, සාධකයන් නොමැතිව ගුණ කිරීමෙහි ප්‍රතිඵලය වෙයි. සම්මතය පරිදී, එය ගුණ්‍යන අනන්‍යයතාව වන්නාවූ 1 ට සමාන වන්නේ (ප්‍රශ්නයට හේතු වන ගුණ්‍යන කර්මය සඳහා සර්වසාම්‍යයක් ඇති බවට උපකල්පනය කරමින්), ශුන්‍ය ඓක්‍යය—සංඛ්‍යාවන් රහිත එකතු කිරීමක් — සම්මතය පරිදී ශුන්‍යයට හෝ ආකල්‍ය අනන්‍යයතාවට සමාන වන පරිදීය.\n\nඅංක ගණිතමය කර්මයන් සංවාදයට බඳුන් කරන විට ඉහත සන්දර්භයානුකූලව \"ශුන්‍ය ගුණිතය\" යන පදය ඉතා බෙහෙවින් භාවිතා කරයි.", "role": "assistant" } ]
[ { "content": "එළකිරි යනු කුමක්ද?", "role": "user" }, { "content": "එළකිරි (Fresh Milk) යනු, එළදෙනගෙන් ලබාගන්නා කිරි වේ. එළකිරි ගුණදායක පානයකි.", "role": "assistant" } ]
[ { "content": "කිතුනු ඥානවාදය නම් කුමක්ද?", "role": "user" }, { "content": "සත්‍ය වශයෙන්ම කිවහොත් කිතුනු ඥානවාදය නම්වූ දෙයක් නොමැත, මන්දයත් සත්‍යය ක්‍රිස්තියානිය සහ ඥානවාදය අනෝන්‍ය විශේෂිත විශ්වාස ක්‍රමයන් වේ. ඥානවාදයේ මූලධර්ම කිතුනුවෙක් වීමේ අදහසට ප්‍රතිවිරුද්ධවේ. එසේ හෙයින් සමහර ආකාරවල ඥානවාදය ක්‍රිස්තියානි බවට අයිතිවාසිකම් පෑවත් ඇත්ත වශයෙන්ම කිවහොත් එය කිතුනු නොවේ. ඥානවාදය පදනම් වී ඇත්තේ ගුප්ත, ප්‍රතිභාන, විෂයබද්ධ, අභ්‍යන්තර, චිත්තවේගිම සත්‍යය උපගමනයකට වන අතර එය අළුත් දෙයකි. එය සාතන් දෙවියන් වහන්සේ සහ එතුමන් කථා කළ වදන් පිළිබඳ ප්‍රශ්න කළ සහ ආදම් සහ ඒවට ඒවා ප්‍රතික්ෂේප කොට ඔහුගේ බොරුව පිළිගැනීමට ඒත්තු ගැන්වූ ඒදන් උයන දක්වා ගමන් කරන ඉතා පැරණි දෙයක් වේ.", "role": "assistant" } ]
[ { "content": "Smart board යන්නට දිය හැකි සිංහල වචනය කුමක්ද?", "role": "user" }, { "content": "සුහුරු පුවරුව", "role": "assistant" } ]
[ { "content": "ගෝකන්න රජමහා විහාරයේ ඓතිහාසික වැදගත්කම කුමක්ද?", "role": "user" }, { "content": "ගෝකන්න රජමහා විහාරය 16 වන සියවසේදී පෘතුගීසීන් විසින් විනාශ කරන තෙක් එය මුලින් බෞද්ධ විහාරස්ථානයක් වූ බැවින් එය පොහොසත් ඓතිහාසික වැදගත්කමක් ඇත. ඓතිහාසික වාර්තාවලට අනුව, පෘතුගීසි ආක්‍රමණයේදී විහාරස්ථානයේ චෛත්‍යය හෝ ස්තූපය කඩා බිඳ දමා ඇත.", "role": "assistant" } ]
[ { "content": "ප්‍රශ්වාස වාතයේ කාබන්ඩයාක්සයිඞ්‌ ප්‍රතිශතය කීයද?", "role": "user" }, { "content": "ප්‍රශ්වාස වාතයේ කාබන්ඩයාක්සයිඞ්‌ ප්‍රතිශතය 50% ය.", "role": "assistant" } ]
[ { "content": "ශ්‍රි ලංකාවේ පළමු පොලිස්පති කවුද?", "role": "user" }, { "content": "ශ්‍රි ලංකාවේ පළමු පොලිස්පති රොබට් කැම්බෙල් නම් මහතාය.", "role": "assistant" } ]
[ { "content": "ලොව විශාලතම 'ප්‍රජාතන්ත්‍රවාදය' නම් කරන්න?", "role": "user" }, { "content": "ඉන්දියාව\n", "role": "assistant" } ]
[ { "content": "ලොව විශාලතම ඩයස්පෝරාව", "role": "user" }, { "content": "ලොව විශාලතම ඩයස්පෝරාව ඉන්දියානුවන් ය", "role": "assistant" } ]
[ { "content": "සෝම පානය යනු කුමක්ද?", "role": "user" }, { "content": "සෝම පානය දෙවිවරුන්ගේ පානයක් ලෙසටයි මා අසා තිබුණේ. සුප්‍රකට ගත්කතුවරයකු වූ ඇල්ඩස් හක්ස්ලිගේ Brave New World නම් පොතේ අනාගතයේ බිහි වන ලෝකයක කම්කරු ජනයා සංසිඳවා තැබීම සඳහා ඔවුනට දිනපතා සෝම පානය දෙන බව ලියා ඇත.", "role": "assistant" } ]
[ { "content": "වැඩිහිටි විය: 'පනස් නවයයි රෑ දොළහට නෙවෙයි, වේලාසන ඉඳලා සැලසුම් කරන්න'", "role": "user" }, { "content": "ශ්‍රී ලංකාවේ සිටින්නේ සීඝ්‍රයෙන් වයස්ගතවෙමින් සිටින ජනගහණයකි. 2012 වසරේ දී සිදුකළ ජාතික ජන හා නිවාස සංගණනයට අනුව එකල මෙරට ජනගහණයෙන් 12.4%ක ප්‍රතිශතයක් වැඩිහිටි පුද්ගලයින් ය.\n\nජනගහණ පුරෝකතනයන්ට අනුව 2020 වන විට එය 16% දක්වා ඉහළ නැග තිබිය යුතු අතර, 2050 වන විට මෙරට ජනගහණයෙන් 5%ක් වයස අවුරුදු 80ට වැඩි ජනතාවක් වනු ඇතැ යි අපේක්ෂා කෙරෙයි.\n\nශ්‍රී ලංකාවේ ජාතික වැඩිහිටි සෞඛ්‍ය ප්‍රතිපත්තියෙහි සඳහන් වන ආකාරයට වැඩිහිටි ජනයා ලෙඩරෝගවලට ගොදුරුවීමේ ඉඩකඩ වැඩි අතර, හුදෙකලාබව, ගෞරවනීය තත්ත්වයක් නොමැතිවීම, ස්වාධීනව විසීමට අපහසුවීම, මූල්‍යමය අස්ථාවරත්වය, හා ප්‍රමාණවත් සමාජ සුරක්ෂිතතාවක් නොමැතිවීම වැනි සමාජමය ගැටළු නිසාවෙන් ද ඔවුන්ගේ සෞඛ්‍ය තත්ත්වයට තවත් බලපෑම් එල්ලවෙයි.\n\nඑනමුදු, වැඩිහිටි වියේ දී මතුවන ඇතැම් ගැටළු දැනුවත්වීම හා පෙර සූදානම මඟින් මඟහරවාගත හැකි ඒවා ය.\n\nශ්‍රී ලංකා ප්‍රජා වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපතිනී, විශේෂඥ ප්‍රජා වෛද්‍ය ශිරෝමි මාදුවගේ පවසන පරිදි ශ්‍රී ලංකාව වැඩිහිටියා ලෙස අර්ථකථනය කරන්නේ, වයස අවුරුදු 60 සම්පූර්ණ කළ සහ ඊට වැඩි වයස්වල අය යි.\n\nමෙය ද, වයස අවු. 60 - 69 කාණ්ඩය 'තරුණ' වැඩිහිටි ලෙස ද, 70 - 79 කාණ්ඩය 'වැඩිහිටි' ලෙස ද, 80න් ඉහළ සියලු වයස් 'වයෝවෘධ' ලෙස ද කොට කොටස් තුනකට බෙදෙනබව විශේෂඥ ප්‍රජා වෛද්‍යවරිය ප්‍රකාශ කළා ය.", "role": "assistant" } ]
[ { "content": "පහත ප්‍රශ්නයට පිලිතුරු සපයන්​න. \n\nඕස්ට්‍රේලියානු පාපන්දු කණ්ඩායම​ක් ව​න ගෝල්ඩ් කෝස්ට් සන්ස් (Gold Coast Suns) ​හි එකේ තේමා ගීතය ලියුවේ කවුද?", "role": "user" }, { "content": "ගෝල්ඩ් කෝස්ට් සන්ස් (Gold Coast Suns) ​හි එකේ තේමා ගීතය ලියුවේ රොස්කෝ එලියට් (Rosco Elliott) ය.", "role": "assistant" } ]
[ { "content": "එකම ෆෝමියුලා වන් කණ්ඩායමක් සඳහා වැඩිම කාලයක් ධාවන තරඟවලට සහභාගි වූ ක්‍රීඩකයා කවුද?\n\n", "role": "user" }, { "content": "මර්සිඩීස් සඳහා බ්‍රිතාන්‍ය ජාතික ලුවිස් හැමිල්ටන්. 2013 සිට මේවන තෙක් තරඟ \n218කට සහභාගි වී ඇත.", "role": "assistant" } ]
[ { "content": "ඔබට AI ඉතිහාසයේ ප්‍රධාන චරිත සහ ඔවුන්ගේ දායකත්වය නම් කළ හැකිද?", "role": "user" }, { "content": "AI ඉතිහාසයේ අනෙකුත් කැපී පෙනෙන පුද්ගලයින් අතර 20 වැනි සියවසේ මැද භාගයේදී AI සඳහා සැලකිය යුතු දායකත්වයක් ලබා දුන් Alan Mathison Turing සහ සැලකෙන \"Logic Theorist\" නිර්මාණය කළ ඇලන් නිව්වෙල් සහ හර්බට් A. සයිමන් ඇතුළත් වේ. Yann André LeCun, Geoffrey Everest Hinton සහ Yoshua Bengio ගැඹුරු ඉගෙනීම (Deep Learning) පිළිබඳ ඔවුන්ගේ දායකත්වය සඳහා ප්‍රසිද්ධ වී ඇති අතර ඔවුන් \"AI හි ගෝඩ් ෆාදර්ස්\" හෝ \"ගැඹුරු ඉගෙනීමේ ගොඩ් ෆාදර්ස්\" ලෙස හැඳින්වේ.", "role": "assistant" } ]
[ { "content": "විකිලික්ස් වෙබ් අඩවියේ නිර්මාතෘ කවුරුන්ද?", "role": "user" }, { "content": "විකිලීක්ස් හි නිර්මාතෘ ජූලියන් අසාන්ජ් ය. ඕස්ට්‍රේලියානු ජාතික පරිගණක ක්‍රම ලේඛකයෙකු(computer programmer) සහ මාධ්‍යවේදියෙකු වන අසාන්ජ් 2006 දී විකිලික්ස් වෙබ් අඩවිය ආරම්භ කරන ලදී. වැදගත් රාජ්‍ය සහ ආයතනික ලේඛන ඇතුළුව, නිර්නාමික මූලාශ්‍රවලින් රහසිගත තොරතුරු ප්‍රසිද්ධ කිරීම සඳහා මෙම සංවිධානය සමම්ත විය.", "role": "assistant" } ]
[ { "content": "සෙල්සියස් අංශක 45 - 100 අතරවූ උණුසුමකින් යුතු , ලෝකයේ එකම උණුදිය ගංගාව කුමක්ද ?", "role": "user" }, { "content": "ෂනායි ටිම්පිෂ්කා ( ලා බොම්බා )...( ඇමෙසන් ගංගාවේ අතුගංගාවක් වන මෙය , දිගින් කි.මී. 6.4 ක් වන අතර පේරු රාජ්‍යයේ පිහිටා ඇත .)", "role": "assistant" } ]
[ { "content": "පැරණි ලංකාවේ මිනුම් ගැන විස්තරයක් කරන්න. ", "role": "user" }, { "content": "පත අට එකට හින්දල බීල , කටේ තිත්ත යන්න අහුරක් අරන් කෑව!! \nසිංහල බෙහෙත් කෂාය බීපු අය ඒව බිව්වෙ පත අට එකට හින්දල! මේ පත කියන්නෙ මොකක්ද? අහුරක් කියන්නෙ කොච්චරක්ද ? \n\n1- ඝන ද්‍රව්‍ය මැනීම -:\nඒ කාලෙ උපකරණ භාවිතය එතරම් බහුල නොවුණු නිසා ධාන්‍ය වගේ දේ මනින්නත් හුගාක් වෙලාවට භාවිත කලේ ශරීරාංග ! \n' අල්ලක් වපුරා මල්ලක් ගෙටගන්න '\nමොකක්ද මේ කියන්නෙ අල්ලක් තරම් බිමක් වවන්න කියලද? නෑ ! අල්ල කියන්නෙත් ඒ කාලෙ මිම්මක්! මල්ල කියන්නෙත් එහෙම එකක්! \nදෙගුණල්ලක් පතෙකි\nනැලියකට පත සතරෙකි\nනැලි සතර ලාසෙකි\nලාස සතරක් ද්‍රෝණෙකි\nමේකෙ තේරුම :\nඅල්ලෙන් 2 = පත 1\nපත 4 = නැලි 1\nනැලි 4 = ලාස් 1\nලාස්. 4 = ද්‍රෝණ 1\nඑහෙනම් මේ අල්ල කියන්නෙ කුඩාම මැනුම් ඒකකයද? \n' ගෙදර හරියෙ වතුර බිංදුවක් නෑ '\n' මේ කහට එක බොන්න සීනි ඇබින්දක් දීපන්කෝ !'\n' මීපැණි ඇබිත්තක් දිවේ ගාන්ට! '\n' හැම ආඬියම හාල් මිට ගානෙ කැඳහැලියට දැම්ම!'\nමේ කතා ඇහුවම තේරෙන්නෙ ඉතාම කුඩා ප්‍රමාණයක් ගැන කියන්න ඒ කාලෙ මිනිස්සු යම් යම් වචන යොදාගත්ත බව. මෙයින් අන්තිමට කියපු 'මිට'. ධාන්‍ය මැනීමට යොදාගෙන තිබ්බ කුඩාම ඒකකය. \nඋපකරණ අඩුකම නිසා ශරීරාංග පාවිච්චි කලා කියල මන් කිව්වනේ. ඒ විදියට ධාන්‍ය වර්ග මැන්නෙ මෙහෙම :\n1:1 මිට -\nඅතක් මිට මෙලෙව්වම ඒ ඇතුලට අහුවෙන ප්‍රමාණය. ගුරුමුෂ්ටිය එහෙම තියාගත්තනේ ඒ කාලෙ ගුරුවරු ! මේකට අහුර කියලත් කිව්ව. \n1:2 අල්ල/ අතලොස්ස -\nඅතේ මිට දිගෑරල අත ටිකක් ඇඟිලි එක්කම වකුටුකලාම අහුවෙන ප්‍රමාණය. අත්ල+ අස්ස , අතලොස්ස වුනා. මේක ගැන හරියටම දැනගන්න ඕනනම් වතුර ටැප් එකක් ඇරල අතට වතුර ගන්න විදිය බලන්න \n1:3 පත-\n' හිත ඇත්නම් පත කුඩාද? ' කියල අහනවනෙ! හිතේ ධෛර්‍යය තියේනම් පත කියන්නෙත් ලොකුදෙයක් ! \nමෙතෙන්දි පත කිව්වෙ ඇඟිලි එකතුවෙන විදියට අත දිගෑරියාම අහුවෙන ප්‍රමාණය.\n' හාල්පතක් ගරාලා ඉහල ගෙටත් බෙදාලා, පහල ගෙටත් බෙදාලා! '\n1:4 දෝත-\nඅත්දෙකම එක්කරල ගන්න පුලුවන් ප්‍රමාණය තමා දෝතක් කියන්නෙ .\n1:5 මිනුම් චක්‍රය-\nදැන් බලමු මේව එකිනෙකට සම්බන්ධ වෙන විදිය.\nමිටි 4 ක් = අතලොස්සයි\nඅතලොසු/ අතලොහු 2= පත එකයි\nපත 2 ක් = මනා එකයි. (දෝත් එකයි .)\nමනා දෙකක් = නැලි එකයි\nනැලි 4 ක්. = කුරුණි( ලාස්) එකයි.\nකුරුණියෙන් උඩට තියෙන මිනුම් ගැන මන් විස්තර කරන්නෙ නැත්තෙ මේක දිග වැඩිවෙන නිසා . ඒ විස්තර පහසුවෙන් අන්තර්ජාලයෙන් හොයාගන්න පුලුවන් !\nමේ නැලි ගැන කියනකොට නුවර පැත්තෙ භාවිත වුණේ බණ්ඩාර නැලිය.\nනැලිය , ලාහ , මනින්න වේවැල්වලින් ,ලීයෙන් හදාගත්ත උපකරණ තිබ්බ.\nලාහට සමහර පැතිවල තිඹ කියලත් කියනව. \nපස්සෙ කාලෙක සේරුව හුණ්ඩුව වගේ දේවල් ඇවිත් මේක පැටලුණා. ඒ ක්‍රමේට හුණ්ඩු තුනක් හෝ හතරක් සේරුවයි. සේරු හතරක් කුරුණියයි. හාල්පොතට හාල් සේරුවක් නොමිලයේ දීල තියෙනවනෙ. \n1:6 සිගරැට් හුණ්ඩුව , කිරිහුණ්ඩුව \nමේ නම්වලින් හඳුන්වපු මිනුම් දෙකක් විසිවෙනි සියවසේ මුල්කාලෙ තිබ්බ. \nඒකාලෙ සිගරැට් ආවෙ ටින්වල! ඒ ටින් එක තමයි සිගරැට් හුණ්ඩුව . කිරිහුණ්ඩුව කියන්නෙ උකුකිරි දාන්න පාවිච්චි කල ටින් එක ( අදටත් තියෙන්නෙ ) සේරුවක් සිගරැට් හුණ්ඩු හතරක් . කිරිහුණ්ඩු නම් තුනක් තමයි සේරුව.\n2-දියර වර්ග මැනීම -:\nදියර වර්ග මනින්න පාවිච්චි කලෙත් මේ මිනුම්! \n' පත අට එකට සිඳුවා බොන්න! '\n' කලාවැවෙන් ගත් දියදෝතක් සේ වටී වටී නුඹ මටම වටී!' නන්දා මාලනී ගායනා කලේ කලාවැවෙන් දියදෝතක් අරන් ඒක තමන්ගෙ වස්තුව කියල පෙන්නපු ධාතුසේන රජතුමා සිහිකරල . \nකසායවලට වතුර මනිනවට අමතරව මේ විදියට මනින්න ඕන උනේ තෙල් වර්ග . \n2:1 දිය පත , දිය ලාහ , දිය නැලිය \nමේ නම්වලින් ඒ මැනුම් ඇදින්නුව. එතකොට මේව මැන්න භාජන විදියට පාවිච්චි කලේ උණගස්වල බට සුද්දකරල අරන්. ලීයෙන් කල ඒවත් කලාතුරකින් තිබ්බ.\nඅනුරාධපුර යුගයේ ඉඳල මේ මැනුම් නිශ්චිතව ලාංඡන යොදල භාවිත කරල තියෙනව. ඒ වගේ ලාංඡන නොදාපු භාජනවලින් මැනීම තහනම් කලා. \nමහියංගණයට කිට්ටුව තියෙන බදුලු ටැම් ලිපියෙ මේ බව සඳහන් වෙනව! ඒක බැලුවම අපේ රටේ මේ මැනුම් නියමිත ප්‍රමිතියක් අනුව ක්‍රියාත්මක වුණු බව පේනව. \n' පෝදා සල්කලාකුගෙන් වෑ පුදට තෙල් පද්දක් ගන්නා ඉසා ' ( පෝදින වෙළඳාම් කරන්නකුගෙන් වෙහෙර පූජාවට තෙල් නැලියක් ( පද්දක් = නැලියක් ) දඩයක් ලෙස අයකලයුතු බවත් ඒ සෙල්ලිපියෙ කියවෙනව.\n2:2 කලය/ කලගෙඩිය/ කලබාගෙ-:\nකලය ,කලගෙඩි ගැන නිතරම සඳහන් වෙනව .ගෙදර වතුර බොන්න තිබ්බෙ කලගෙඩියක. \n'වතුර කලයක්' ' රා කලයක් ' \n' සොලොස් කලයක් දිය නා පිරිසිදුව '\n' නාලාගිරි ඇතුන්ට සොලොස් කලයක් රා පොවා '\nමේ කියන කලේට නිශ්චිත මිම්මක් නැතත් ගැහැනියකට ඉණ මත රඳවා ගැනීමට හැකි ප්‍රමාණයක් ජලය අල්ලන කට කුඩා මැටි භාජනවලට කියන්නෙ කලය එහෙම නැත්නම් කලගෙඩිය කියල . ඒකෙන් භාගයක් ජලය අල්ලන්නෙ කල බාගෙට! ඒවට වතුර ගෙනාවෙ කුඩා දැරියන්! \nකලගෙඩි නැටුම් ඉස්සර නැටුවෙ වැඩිහිටි ගැහැනු !!\n3- ඉඩම් මැනීම -:\nඅල්ලක් වපුරා මල්ලක් ගෙටගන්න කියන්නෙ ඉඩමක වී අල්ලක් වපුරල වී මල්ලක් ( කුරුණි 12 ක්) අස්වැන්න ගන්න කියල .\nලාස්, පෑල , බෙර, අමුණු. ඔන්න ඔය විදියට කුඹුරු මැන්නෙ. \nහැබැයි මේ මැනුම් හැමතැනටම එක සමාන නෑ. සරු ඉඩමකට වී ඉහින ප්‍රමාණයට වඩා වැඩි වී ප්‍රමාණයක් සරුබවින් අඩු ඉඩමකට ඉහින්න ඕන නිසා සරු ප්‍රදේශවල වී අමුණක ඉඩමක් කියන්නෙ එතරම් සරුනැති ප්‍රදේශයක වී අමුණු දෙකක ඉඩමක් තරම් විශාල වෙන්න පුලුවන් !! \nගොඩ ඉඩම් මැන්නෙ කුරක්කන්වලින්! කුරහන් කුරුණියක ගොඩ ඉඩමක් වී කුරුණියක මඩ ඉඩමේ ප්‍රමාණය වගේ 16 ගුණයක් විශාලයි !! මේව ඉංග්‍රීසි මිම්මට හැරෙව්වොත් :\nවී ලාහක කුඹුරක් = පර්චස් 10\nකුරහන් ලාහක ගොඩ ඉඩමක් = අක්කර 1 \nඋතුරේ යාපනේ ඇරෙන්න මේක තමයි ඉඩම් මනින්න අපි පාවිච්චි කලේ . යාපනේ මැනල තියෙන්නෙ ' කුලී' කියල ඒකකයකින්. කුලී එකක් කියන්නෙ. දිග පලල අඩි 12 x 12 තරම් ප්‍රමාණයේ කැබැල්ලක්. ", "role": "assistant" } ]
[ { "content": "\nඅව සැටවක යනු කුමක්ද?", "role": "user" }, { "content": "අව සැටවක යනු චන්ද්‍ර මාසයක අව පක්‍ෂයේ වන සයවන (6) තිථිය වෙයි. අව සැටවක යනු සිංහල මාස ක්‍රමයේ දී මාසයේ විසිඑක්වන (21) වන තිථිය යි. එසේම මෙය අව විසේනිය තිථියට පසු සහ අව සතවක තිථියට පෙර තිථිය වෙයි.", "role": "assistant" } ]
[ { "content": "ක්‍රීඩාංගණය\nක්‍රීඩාංගනය නිවැරදි වදන කියන්න", "role": "user" }, { "content": "ක්‍රීඩාංගණය.\n\nඅංගණය\nමෙය සංස්කෘත තත්සම පදයක්.", "role": "assistant" } ]
[ { "content": "මෙය තනි වාක්‍යයකට සාරාංශගත කරන්න:\n\"මල්ගුඩි දවස්\" යනු ආර් කේ නාරායන් ගේ කෙටිකතා එකතුවකි, එය ප්‍රථම වරට 1943 දී ප්‍රකාශයට පත් කරන ලදී. මෙම පොතෙහි කතන්දර 32 ක් ඇතුළත් වන අතර, ඒවා සියල්ලම මල්ගුඩි නම් ප්‍රබන්ධ නගරය තුළ සකසා, ජීවිතයේ විවිධ පැතිකඩ නිරූපණය කරයි. එය 1982 දී Penguin Classics විසින් නැවත ප්‍රකාශයට පත් කරන ලදී. නිව් යෝර්ක් ටයිම්ස් පොත ප්‍රශංසා කළේ එහි චරිතවලට ඔවුන්ගේ ජීවිතයේ සූක්ෂ්ම දේවලට ප්‍රතිචාර දැක්වීමට ඇති හැකියාව ග්‍රහණය කර ගැනීම සඳහා ය. මීට අමතරව, කථාන්දර 1986 දී රූපවාහිනී කතා මාලාවකට අනුවර්තනය කරන ලද අතර පසුව 2004 දී නැවත පණ ගැන්විණි.", "role": "user" }, { "content": "\"මල්ගුඩි දවස්\", ආර් කේ නාරායන් විසින් 1943 දී ප්‍රකාශයට පත් කරන ලද අතර පසුව 1982 දී Penguin Classics විසින් නැවත ප්‍රකාශයට පත් කරන ලදී, මල්ගුඩි ප්‍රබන්ධ නගරයෙහි සිදුවන කෙටිකතා 32 ක එකතුවකි, ජීවිතයේ විවිධ පැතිකඩයන් දක්ෂ ලෙස නිරූපණය කරමින්, එහි චරිතවල සූක්ෂ්මතාවයන් සඳහා ප්‍රසාදය දිනා ඇත. ", "role": "assistant" } ]
[ { "content": "අලි ඇට නරි අදිනවා යන්නෙහි තේරුම පහදා දෙන්න.", "role": "user" }, { "content": "මැරුණු අලින්ගේ ඇටකටු, ගං ඉවුරේ සිටින නරි එහෙ මෙහෙ ඇදගෙන යනවා කියා අනිත් අලි ගඟේ නාන්නෙ නැතුව ඉන්නවද යන ප්‍රශ්නය මෙහි වාච්‍යාර්ථයයි. නමුත් මෙය රූඪියක් ලෙස ගත් විට, පුංචිමැණිකාගේ සැමියා (බබුන්) සිරයට ගොස් නැවත නොපැමිණි නිසා පුංචිරාළ, ඔහු මිය ගොස් ඇති බව පවසා ඇයට නැවත විවාහයක් කරගන්නා ලෙස ව්‍යංග්‍යයෙන් කරන යෝජනව මෙයින් දැක්වේ.", "role": "assistant" } ]
[ { "content": "පහත ගීතය ගයනා කළේ කවුද?\n\nඋදුම්බරා හිනැහෙනවා\nඉර අදුරට හැංගෙනවා\nදස දහසක් සම් මස් ඇට\nසිනා කදුළු වැහි වැහැලා\nගිනිගෙන රත්වුණු දවසක\nසැනසෙන එක හැන්දෑවක\nඋදුම්බරා හිනැහෙනවා......\n\nමුහුදු කොණේ සුදු වැල්ලේ\nඉර හැංගෙන එක මොහොතක\nඋදුම්බරා හිනැහෙනවා.....\n\nකළුවර දුම එක හුස්මට\nමුලු ලෝකෙම වසාගන්න\nගිනි දිය ලෝ දිය වැස්සේ\nකිරි සල්කිරි උදුම්බරා.....\nසිනා කදුළු වගුරනවා\n\nආදරයේ ඔබ ඔබමය\nමා ඔබ නොව\nඔබ මා නොව\nදවසක්දා......\nහඳුනාගත්තොත් ඔබ මා......\nහඳුනාගත්තොත් ඔබ මා......\n\n\nඒ මොහොතෙම එක හුස්මට\nඋපදිනවා ගිනි රස්නය\nසීතලෙන්ම......\nහඳුනාගත්තොත් ඔබ මා......\n\nමහ මුහුදම ගොඩට ගලා\nරත්වුණු හිරු පායන්නට\nරත්වුණු හිරු පායන්නට\nගොඩබිම මහ මුහුදක් විය\n\nමහ මුහුදම ගොඩබිම විය\n\nඋදුම්බරා කඳුළු සළයි......\nඋදුම්බරා කඳුළු සළයි......\nකදුළු සළයි.... කදුළු සළයි.....", "role": "user" }, { "content": "ටී.එම්.ජයරත්න, අයිවෝ ඩෙනිස් සහ සුනිලා අබේසේකර", "role": "assistant" } ]
[ { "content": "වඩාත් සුලභ වායුගෝලීය වායුව කුමක්ද?", "role": "user" }, { "content": "වඩාත් සුලභ වායුගෝලීය වායුව නයිට්‍රජන් වන අතර එය පෘථිවි වායුගෝලයෙන් 78% ක් පමණ වේ.", "role": "assistant" } ]
[ { "content": "ජීවත්ව සිටින ලාබාලතම එක්සත් ජනපද හිටපු ජනාධිපතිවරයා කවුද, සහ 2023 ඔක්තෝබර් 12 වන විට ඔවුන්ගේ වර්තමාන වයස කීයද?", "role": "user" }, { "content": "2023 ඔක්තෝම්බර් 12 වන විට, ජීවත්ව සිටින ලාබාලතම එක්සත් ජනපද හිටපු ජනාධිපති බරක් ඔබාමා වන අතර ඔහු වයස අවුරුදු 62 කි.", "role": "assistant" } ]
[ { "content": "සුදාරක පෝතකයින් යන්නෙහි තේරුම කුමක්ද ?", "role": "user" }, { "content": "සුදාරක = සු + දාරක\nසු යන්නෙන් අදහස් වන්නේ යහපත් යන්නයි. දාරක යනු දරුවන් ය. පෝතකයා යනු පැටියාට කියන තවත් වචනයකි. එමනිසා, සුදාරක පෝතකයින් යන්නෙන් අදහස් වන්නේ යහපත් දරුපැටවුන් ය.", "role": "assistant" } ]
[ { "content": "හිරැ අවරට යෑමෙන් පසු ආහාර අනුභවය සහ\nදුර ගමනක් යන විට ගෙන යන්නා වූ අත්‍යවශ්‍ය බඩුබාහිරාදිය යන්නට යොදන තනි පද මොනවාද ?", "role": "user" }, { "content": "මං දන්න තරමින් විකාල යන වචනයේ හිරු අවරට යෑමෙන් පසු යන අර්ථයක් නෑ. නො කල්හි යන්න තමයි ඊට සුදුසුම අර්ථය.", "role": "assistant" } ]
[ { "content": "පිටුපසටපියෑඹිය හැකි එකම පක්ෂියා", "role": "user" }, { "content": "හමින්බර්ඩ් (Hummingbirds)", "role": "assistant" } ]
[ { "content": "පහත නාම පදයට අදාළ ස්ත්‍රී ලිංග නාම පාදක කුමක්ද?\nගායක \n", "role": "user" }, { "content": "ගායිකා ", "role": "assistant" } ]
[ { "content": "ලක්දිව බෞද්ධ ඉතිහාසයේ සඳහන් පරිදි , මාර්ගඵලලාභී ප්‍රථම සිංහල කාන්තාව කවුද ?\n", "role": "user" }, { "content": "ලක්දිව බෞද්ධ ඉතිහාසයේ ර්ගඵලලාභී ප්‍රථම සිංහල කාන්තාව අනුලා බිසවයි.", "role": "assistant" } ]
[ { "content": "ඔබට AI ඉතිහාසයේ වෙනත් ප්‍රධාන චරිත සහ ඔවුන්ගේ දායකත්වය නම් කළ හැකිද?", "role": "user" }, { "content": "AI ඉතිහාසයේ අනෙකුත් කැපී පෙනෙන පුද්ගලයින් අතර 20 වැනි සියවසේ මැද භාගයේදී AI සඳහා සැලකිය යුතු දායකත්වයක් ලබා දුන් Alan Mathison Turing සහ සැලකෙන \"Logic Theorist\" නිර්මාණය කළ ඇලන් නිව්වෙල් සහ හර්බට් A. සයිමන් ඇතුළත් වේ. Yann André LeCun, Geoffrey Everest Hinton සහ Yoshua Bengio ගැඹුරු ඉගෙනීම(Deep Learning) පිළිබඳ ඔවුන්ගේ වැඩ සඳහා ප්‍රසිද්ධ වී ඇති අතර ඔවුන් \"AI හි ගෝඩ් ෆාදර්ස්\" හෝ \"ගැඹුරු ඉගෙනීමේ ගොඩ් ෆාදර්ස්\" ලෙස හැඳින්වේ.", "role": "assistant" } ]
[ { "content": "ආසියාතික රටවල් අතරින් වනාන්තර ප්‍රමාණයෙන් වැඩිම ප්‍රතිශතයක් ඇති රට කුමක්ද?", "role": "user" }, { "content": "ලාඕසය", "role": "assistant" } ]
[ { "content": "අභ්‍යවකාශ ගමන් සේවා සපයන space x ආයතනය ආරම්භ කරන ලද්දේ කවුරුන් විසින්ද ?", "role": "user" }, { "content": "අභ්‍යවකාශ ගමන් සේවා සපයන space x ආයතනය ආරම්භ කරන ලද්දේ ඊලෝන් මසන්(Elon Musk) විසින්.", "role": "assistant" } ]
[ { "content": "පහත ගීතය ගයනා කරන්නේ කව්ද ?\n\nඔබ රූ සිරියෙන් මන්මත් වී මම\nනොකෙලෙමි අනුවණ කම්\nමුලා වුණේ ඔබ මුලා නොවිමි මම\nමනමේ කුමාරියේ\n\nඔබ රූ සිරියෙන් ඔහු නැණ ගුණයෙන්\nමාගේ විජිතය කෙලෙසී යනු දැක\nසටන් වැදිමි මම සටන් වැදිමි මම\nමනමේ කුමාරියේ\n\nහැඩි දැඩි අප හට හුරු වූ වන ගැබ\nඅපගේ උරුමය රකිනා රිසියෙන්\nසටන් වැදිමි මම සටන් වැදිමි මම\nමනමේ කුමාරියේ", "role": "user" }, { "content": "එඩ්වඩ් ජයකොඩි", "role": "assistant" } ]
[ { "content": "රුසියාවේ ජනගහනය එහි විශාල භූමි ප්‍රමාණය හා සසඳන්නේ කෙසේද සහ එය ලෝක ජනගහනයෙන් කොපමණ ප්‍රතිශතයක් දරන්නේද?", "role": "user" }, { "content": "රුසියාවට එහි විශාල භූමි ප්‍රමාණයට සාපේක්ෂව කුඩා ජනගහනයක් සිටින අතර, එය ලෝක ජනගහනයෙන් සියයට දෙකක පංගුවක් පමණි.", "role": "assistant" } ]
[ { "content": "පහත ගීතය ගයනා කරන්නේ කව්ද ?\n\nචූටී... චූටී...\nචූටී මගෙ දුව චූටී\nඔන්න අම්ම යන්න හදන්නේ\nචූටි විහිළුවක් කරලා චූටි තොත්තුවක් දීලා\nචූටි විහිළුවක් කරලා චූටි තොත්තුවක් දීලා\nඅම්මට දුව යන්න කියන්න\nබලන්න ඔය චූටි මූණ\nහැන්දැ නොවී එන්න කියන්න\nඅම්මට දුව යන්න කියන්න\n\nචූටි කාලෙ මටත් චූටි කිව්ව මගේ අම්මා\nඒ කියන්නෙ චූටිගෙ ලොකු අම්මා\nහබුං කවන වෙලාවේදි\nවිහාර මහ දේවී ගැන කියලා දේවී\nමිරිස් සැරයි කියලා හෙම අහක බලා ගත්තෝතින්\nලොකු අම්මා ඒ කතාව කියල නොදේවී\n\nහැන්දෑවට මං ආවම චුටි එක්ක මිදුලේ\nමල් පඳුරේ මම හැංගිලා ඉන්නම්\nකුරුල්ලො එන වෙලාවේදි\nඅද අර පොඩි චූටික්කා ඒවී\nඒ ආවම චූටිට හැංගිල සෙල්ලම් කරන්න\nචූටික්කව මම චූටිට අල්ලල දෙන්නම්", "role": "user" }, { "content": "අමරා රණතුංග", "role": "assistant" } ]