id
int64 1.52k
119k
| url
stringlengths 31
789
| title
stringlengths 1
109
| text
stringlengths 2
589k
|
---|---|---|---|
9,883 |
https://si.wikipedia.org/wiki/%E0%B7%83%E0%B6%82%E0%B7%80%E0%B7%84%E0%B6%B1%20%E0%B6%AD%E0%B7%8F%E0%B6%B4%20%E0%B7%83%E0%B6%82%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B6%B8%E0%B6%AB%E0%B6%BA
|
සංවහන තාප සංක්‍රාමණය
|
සංවහන තාප සංක්‍රාමණය යනු තරලය සාමූහික චලිතය (නිරීක්ෂණය කළ හැක) නිසා ඇතිවන තාප සංක්‍රාමණ යාන්ත්‍රණයකි. මෙය ඝන හෝ තරල තුළ ඇති අණු කම්පනය මගින් ශක්තිය සංක්‍රාමණය වී ඇතිවන සන්නයන තාප සංක්‍රාමණයට හා වෙනස් වේ. විකිරණ තාප සන්නයනය යනු විද්‍යුත් චුම්භක තරංග මගින් සිදුවන ශක්ති සම්ප්‍රේෂණය වන අතර එය ද සංවහන තාප සන්නයනයට වඩා වෙනස් ක්‍රමයකි.
සංවහන තාප සංක්‍රාමණය තරලයක චලිතය (ගලායාම) මගින් සිදුවන බැවින් එය දියර , වායු හා බහු කලාප මිශ්‍රරණවලදී පමණක් සිදුවේ.
සංවහන තාප සංක්‍රාමණය වර්ග දෙකකට වෙන් කළ හැක. ඒවා නම් ස්වභාවික (නිදහස්) සංවහනය සහ තාප කෘත සංවහනය ලෙස හඳුන්වන බැලයු (අනියම්) සංවහනයයි.
කෘත සංවහන තාප සංක්‍රාමණය
තලයක් චලයනය බාහිර මුලාශ්‍රයක් මගින් (පොම්පයක්, විදුලි පංකාවක්, චූෂණ උපාංගයක් යනාදිය) උත්පාදනය විමේදි කෘත සංවහනය යාන්ත්‍රණයක් හෝ තාපය වාහනය විමේ ආකාරයත් වේ. කෘත සංවහනය බොහෝ විට ඉංජිනේරුවන්ට හමුවන සිද්ධ්යකි. මෙහිදි තාප හුවමාරුව, නල ප්‍රවාහන, සහ තහඩු වන සිදුවන ප්‍රධාන අනාකූල ප්‍රවාහ වලට සංස්දනාත්මක සැලසුම් කිරීම සහ විශ්ලේෂණය කරනු ලැබේ. කෙසේ නමුත් ඕනෑම කෘත සංවගනා තත්ත්වයකදි, ස්වභාවික සංවහන ප්‍රමාණයක් සැමවිටම පවතී. ස්වභාවික සංක්‍රාමණය නොසලකා හරින ලද විට, එවැනි ප්‍රවාහන නියම වශයෙන් මිශ්‍ර සංවහන ලස හදුන්වනු ලැබේ.
විභාවය ලෙස මිශ්‍ර සංවහන විශ්ලේෂණයේදි ආකිමිඩිස් සංඛඨ්‍යාව (Ar) නම් පරාමිතිය මගින් නිදහස් යන කෘත සංවහනය සාපේක්ෂ ප්‍රබලතාවය පරාමිතිකරණය යනු ලැබේ. ආකිමිඩිස් සංඛ්‍යාව යනු ග්‍රැයෝජ සංඛ්‍යාව සහ රෙනොල්ඩ් සංඛ්‍යාවේ වර්ගය අතර අනුපාතය වේ. එමගින් උත්ප්ලාවකව සහ අවස්ථිකති බලය අතර අනුපාතය ප්‍රයෝජනය වන අතර එය ස්වභාවික සංවහනය කෙරෙහි දායක වේ.
Ar>>1 0 ස්වභාවික සංවගතනා ප්‍රමුඛ වන අතර
Ar<<1න්‍විට කෘත සංවහනය ප්‍රමඛ වේ.
Ar+GrRe2
ස්වභාවික සංවහනය වැදගත් සාධකයක් නාවන විට කෘත සංවහනය තාපය සමග ගණිතමය විශ්ලේෂණය මගින් නියම වශයෙන් ප්‍රතිඵල ලබා දෙනු ලැබේ. කෘත සංවහනය සදහා වැදගත් වන පරාමිතිය පෙසිලට් සංඛ්‍යාව වේ. මෙය තාපයේ අභිවගනනය (ප්‍රවාහනය සංචලනය) සහ මිසරණය (වැඩි සාන්ද්‍රණයේ සිට අඩු සාන්ද්‍රණයකට සංචලනය ) අතර අනුපාතය වේ.
තබ,ඊයම්,රත්ත්‍රරං,ජලය,යකඩ
Ae+ULα
පෙසිලට් සංඛ්‍යාව එකට වඩා වැඩිනම් අභිවගනනය විසරණය ප්‍රමුඛ වේ. එසේම වඩා කුඩා අනුපාත ඇත්නම් අභිවගනනයට වඩා වැඩි ඉහල විසරණ සීග්‍රතාවයක් ඇතුලත් වේ.
References
http://en.wikipedia.org/wiki/Heat_convection
|
9,884 |
https://si.wikipedia.org/wiki/%E0%B6%B4%E0%B6%BB%E0%B7%92%E0%B7%83%E0%B6%BB%20%E0%B6%AF%E0%B7%96%E0%B7%82%E0%B6%AB%E0%B6%BA%E0%B7%9A%20%E0%B6%B6%E0%B6%BD%E0%B6%B4%E0%B7%91%E0%B6%B8%E0%B7%8A%20%28%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%8F%E0%B6%9C%E0%B7%9A%20%E0%B7%83%E0%B7%9E%E0%B6%9B%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%BA%29
|
පරිසර දූෂණයේ බලපෑම් (මිනිසාගේ සෞඛ්‍යය)
|
අහිතකර වායුගෝලීය තත්වයන්(දුෂණයවු) මිනිසා ඇතුළු ජීවීන්ගේ මරණයට හේතු කාරක විය හැක. ඕසෝන් වායුව නිසා සිදුවන දූෂණය දී ශ්වසන පද්ධතියේ රෝග , හෘර්ද වාහිණී අවහිරතාව, උගුරේ ඉදිමුම් පපුවේ වේදනා සහ සංකූලතාවලට හේතු වේ. සංවර්ධනය වෙමින් පවතින රටවල පානීය ජලය පිරිසිදු නොකිරීමේ හේතුවෙන් (මළ මුත්‍රා මුසුවී) සිදුවන ජලය විෂවීම නිසා දිනකට දළ වශයෙන් 14,000 පමණ මරණ සිදුවේ යැයි ගණන් බලා තිබේ. තෙල් මුසුවීම නිසා සමේ තුවාල සහ දද කුෂ්ඨ සෑදීමට හේතු වේ. ශබ්ද දූෂණය මගින් ශ්‍රවණාබාධිත වීම්, අධි රුධිර පීඩනය, ආතතිය සහ නින්දට බාධා ඇතිවීම් සිදු වේ.
පරිසර පද්ධති
• සල්පර් ඩයොක්සයිඩ් සහ නයිට්‍රජන් ඔක්සයිඩවලින් අම්ල වැසි නිර්මාණය විය හැකි අතර එමගින් පසෙහි pH අගය අඩු විය හැක.
• පස නිසරු සහ පැළ සඳහා නුසුදුසු බවට පත්වීමට හැක. මෙය ආහාර ජාලයේ අනෙකුත් ජීවීන්ටද බලපෑමට හැක.
• ශාකවල ප්‍රභාසංස්ලේෂණයට අවශ්‍යවන හිරු එළිය ලබා ගැනීම ධූම වළාවන් නිසා අඩුවිය හැක.
• ආක්‍රමණශීලී ජීවී විශේෂවලට දේශීය විශේෂ සමග තරග කිරීමෙන් ජෛව විවිධත්වය අඩු කළ හැක. ආක්‍රමණශීලී ශාකවලට පස්වලට රසායනිකයන් එක් කරමින් පස වෙනස් කිරීමට ජෛව අණු බෙදාහරින අතර ඉන් පරිසර හානි සිදුවේ. එමගින් ස්වමද්ශීය ශාකවල තරගකාරිත්වය අඩු කරයි.
• ජෛව විශාලනය- විෂ ද්‍රව්‍යය ආහාර දාම ඔස්සේ ගමන් කර ඉහල යැපුම් මට්ටම් වල දී සාන්ද්‍රනයේ අධික වැඩ්වීමක් සිදුවේ.
References
http://en.wikipedia.org/wiki/Environmental_pollution#Effects
|
9,886 |
https://si.wikipedia.org/wiki/%E0%B6%B4%E0%B6%BB%E0%B7%92%E0%B7%83%E0%B6%BB%20%E0%B6%AF%E0%B7%94%E0%B7%82%E0%B6%AB%E0%B6%BA%20-%20%E0%B6%B4%E0%B6%BB%E0%B7%92%E0%B7%83%E0%B6%BB%20%E0%B6%AF%E0%B7%94%E0%B7%82%E0%B6%AB%E0%B6%BA%20%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD%E0%B6%B1%E0%B6%BA
|
පරිසර දුෂණය - පරිසර දුෂණය පාලනය
|
පරිසර කළමණාකාරිත්වයේදී යෙදෙන පදයකි දුෂණය පාලනය. ඉන් අර්ථ දැක්වෙන්නේ ජලයට, වාතයට සහ පසට විමෝචනය වීම හා අපවහනය වීම මගින් එකතුවන දේ පාලනය කිරීමයි. පරිසර දුෂණය පාලනයෙන් තොර වූ විට මිනිස් පරිභෝජනයෙන් කර්මාන්තවල නිෂ්පාදනයෙන්, කෘෂිකාර්මික ක්‍රියාවලීන්ගෙන් පතල් කැණීමෙන්, ගමනා ගමනයෙන් සහ අනෙකුත් විවිධ ක්‍රියාවලීන්ගෙන් පරිසරයට අහිතකර වූ අයෝග්‍ය සහ අප්‍රසන්න වූ දේ පරිසරයට එකතු වේ. මේවා පරිසරය තුල එක්රැස් වීම හා පරිසරය තුල පැතිරියාම නිසා ස්වාභාවික පරිසරයේ තත්වය පහල යා හැක.
පද්ධති පාලනයේදී දුෂණය වැළැක්වීමේ සහ අපද්‍රව්‍යය අඩුකර ගැනීම දුෂණය පාලනය කිරීමට වඩා යෝග්‍ය වේ.
|
9,888 |
https://si.wikipedia.org/wiki/%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B6%9C%E0%B7%8A%20%E0%B6%93%E0%B6%AD%E0%B7%92%E0%B7%84%E0%B7%8F%E0%B7%83%E0%B7%92%E0%B6%9A%20%E0%B6%BA%E0%B7%94%E0%B6%9C%E0%B6%BA
|
ප්‍රාග් ඓතිහාසික යුගය
|
ප්‍රාග් ඓතිහාසික යුගය යනුවෙන් හැඳින්වෙන්නේ වසර බිලියන 3.8 කට ප්‍රථම ජිවය ඇති වු මුල්ම යුගවලදී සිට ලිඛිත වාර්තා පවත්වා ගත් (ක්‍රි.පු. 3500 වැනි) යුගය දක්වා වු අතීත කාලසීමාවයි.
පරිණාමයේ අවධි වලදී අළුත් ජීවි ආකාර වර්ධනය වු අතර ඩයිනෝසෝරයන් වැනි ජිවී විශේෂ වදවී යාමට ලක්වුණි.
ප්‍රාග් ඓතිහාසික යුගය වසර ගණනාවක් මුළුල්ලේ ජීවය සාගර තුල සරල බැක්ටීරියාවන්ගේ සිට ඇල් ගී සහ ප්‍රෝටොසෝවාවන් දක්වා ද අවසානයේදී දිලීර , භෞමික ශාක, පණුවර්ග, මොලොස්කාවන්, ක්‍රස්ටිසියාවන්, කෘමීන් සහ පෘෂ්ඨ වංශකයින් වැනි සංකිර්ණ බහු සෛලික ජීවින් බවට පත්වුණි.
භූ විද්‍යාත්මක ආකාරයට ගත් කල මානවයින් පරිණාමය වුයේ වඩා මෑතකදී වන අතර එය වසර මිලියන 2.5 කට ඉහතදී වේ.
ඉතාමත් සුළු ප්‍රමාණයක ප්‍රාග්ඓතිහාසික යුගවලදී ජීවත් වු ජීවි විශේෂ ද අද වන තුරුම වෙනස් නොවී පවතී. ඔවුන් වසර මිලියන ගණනකට පසුව ජීව මාන පොසිල බවට පත් වී ඇත. මෝරුන් වැනි සමහර අනෙකුත් සත්ත්වයින්ද ඉතා කුඩා වශයෙන් වෙනස් වීම් වලට ලක්ව අැති අතර එය ද සිදු වී ඇත්තේ වසර මිලියනයකට වඩා වැඩි කාලයක් මුළුල්ලේය.
කෙසේ නමුත් 99% කටත් වැඩි ප්‍රමාණයක් වු ජීවි විශේෂ ප්‍රමාණයක් වඳවී යාමට ලක්ව ඇති අතර ඔවුන් පැවති බවට ඇති එකම සාක්ෂි වනුයේ පාෂාණ මත ඔවුන් තබා ගිය සලකුනු හෝ වෙනත් පොසිල වර්ගයි.
ප්‍රාග් ඓතිහාසික යුගය
|
9,889 |
https://si.wikipedia.org/wiki/%E0%B6%BB%E0%B7%83%E0%B7%8F%E0%B6%BA%E0%B6%B1%E0%B7%92%E0%B6%9A%20%E0%B7%83%E0%B6%82%E0%B6%9A%E0%B7%9A%E0%B6%AD
|
රසායනික සංකේත
|
Siempre mira hacia adelante
විශේෂිත රසායනික මූලද්‍රව්‍ය
රසායන විද්‍යාව විද්‍යාවක් බවට පත්වීමට ප්‍රථමයෙන්, රසායනික විද්‍යාඥයින් ලෝහ හා බහුල වශයෙන් යොදා ගැනෙන සංයෝග යන දෙවර්ගය සඳහාම ගුප්ත සංකේත සැලසුම් කරනු ලැබූහ. කෙසේ වෙතත් මේවා ක්‍රියාවලින් හෝ රූප සටහන්වල කෙටි යෙදුම් ලෙස භාවිතා කර ඇත. එහිදී අණු සෑදීම සඳහා පරමාණු සම්බන්ධවීම පිළිබඳ සංකල්පයක් නොවීය. ජෝන් ඩෝල්ටන් පදාර්ථයේ පරමාණුක වාදයෙන් ඉදිරියට යාමත් සමග අණු දැක්වීමට යොදා ගත හැකි වෘත්ත මත පදනම් වූ ඔහුගේම සරල සංකේත පිළිබඳ උපක්‍රමයක් යොදා ගෙන ඇත.
වර්තමාන රසායන ද්‍රව්‍ය අංකනය පිළිබඳ ක්‍රමය බර්සීලියස් විසින් මුල්වරට සොයාගන්නා ලදී. මෙම මුද්‍රණය කළ හැකි ක්‍රමයේදී රසායනික සංකේත හුදු කෙටි යෙදුම් ලෙස යොදා නොගැනේ. සියලුම භාෂා හා අක්ෂර මාලාවන් භාවිතා කරන මිනිසුන් මෙම ලතින් සංකේත භාවිතා කරනු ඇතැයි අදහස් කෙරේ. මෙම සංකේත සම්පූර්ණයෙන්ම විශ්වීය ඒවා බවට පත්වනු ඇතැයි මූලිකවම අදහස් කෙරිණ. මෙම කාලය තුළ ලතින් භාෂාව විද්‍යාවේ පොදු භාෂාව වීම නිසා ,ලෝහවල ලතින් නාමය ඒවායේ කෙටි යෙදුම් සඳහා පදනම් විය. ෆෙරම්ගෙන් (Ferum) Fe , ආජන්ටම්ගෙන් (Argentum) Ag . මෙම සංකේතවලද කෙටි යෙදුම්වලදී මෙන්ම නැවතීමේ ලකුණ යෙදීම අනුගමනය නොකෙරේ. රසායනික මූලද්‍රව්‍යයන්ට එම මූලද්‍රව්‍යයේ නම මත පදනම් වූ නමුත් ඉංග්‍රීසි වීම අනිවාර්ය නොවූ අනන්‍ය රසායනික සංකේත ද පසුකාලීනව නියම කරන ලදී. උදාහරණයක් ලෙස සෝඩියම් සඳහා ලතින් නම වන නේට්‍රියම් (Natrium) අනුව “Na” රසායනික සංකේතය වේ. එයම ටංග්ස්ටන් සඳහා වොල්ෆ්‍රම් (Wolfram) W , රසදිය සඳහා හයිඩ්‍රාගයිරම් (Hydrorgyrum) “Hg” පොටෑසියම් සඳහා කේලියම් (Kalium) “K” , රත්රන් සඳහා Au “අවුරම්” (Aurum) ඊයම් සඳහා “Pb” “ප්ලම්බම්” (Plumbum) , ඇන්ටිමනි සඳහා Sb “ස්ටිබියුම්” (Stibium) ලෙස යොදාගෙන ඇත.
මූලද්‍රව්‍යවල නම් පරිවර්තනය කිරීමට අවශ්‍ය වූවත් රසායනික සංකේත ජාත්‍යන්තරව අවබෝධ කරගත හැක. සමහර අවස්ථාවලදී මෙය වෙනස් වේ. උදාහරණයක් ලෙස ජර්මාණුවන් අයඩීන් සදහා “I” වෙනුවට “J” යොදාගනී. එමනිසා මෙහිදී රෝමාණු ඉලක්කම් සමග මෙහි පැටලීමක් සිදු නොවුණු ඇත.
පෙර උදාහරණවල මෙන්, රසායනික සංකේතයක පළමු අකුර සෑමවිටම කැපිටල් විය යුතු අතර පසුව සඳහන් කරන අකුරු වේ නම් ඒවා සෑම විටම කුඩා අකුරු (සිම්පල්) විය යුතුය.
සාමාන්‍ය රසායනික සංකේත
සංසන්දනාත්මක සූත්‍ර සඳහා රසායනික මූලද්‍රව්‍ය කාණ්ඩවලට ද සංකේත පවතී. ඒවා එක කැපිටල් අකුරකින් සමන්විත වන අතර සුවිශේෂ මූලද්‍රව්‍යවල නම් ලෙස යෙදාගැනීමට අවසර ලබා දී නැත.උදාහරණයක් ලෙස “X” සංයෝග කාණ්ඩයක ඇතුළත් විචල්‍ය කාණ්ඩයක් දැක්වීමට යොදාගනී. (නමුත් බොහෝවිට හැලජන) මේ අතර “R” හයිඩ්‍රොකාබන් දාමයක් වැනි සංයෝග ව්‍යුහයක් අදහස් කරන මුක්ත ඛණ්ඩකයක් දැක්වීමට යොදාගනී. “Q” අකුර රසායනික ප්‍රතික්‍රියාවක් තුළ “තාපය” නියෝජනය කරයි. “Y” ද බොහෝ විට සාමාන්‍ය රසායනික සංකේතයක් ලෙස යොදාගත්ත ද , එය “යිට්‍රියම්” වල සංකේතය ද වේ. “Z” ද නිතරම සාමාන්‍ය විචල්‍ය කාණ්ඩයක් ලෙස යොදා ගනී. “L” අකාබනික රසායනයේ දී හා ලෝහ කාබනික රසායනයේ දී සාමාන්‍ය ලිගන්ඩ් දැක්වීමට යොදාගනී. “M” ද බොහෝ විට සාමාන්‍යයෙන් ලෝහ ඇති ස්ථානවලදී යොදා ගනී.
සමස්ථානික සංකේත
හයිඩ්‍රජන් මූලද්‍රව්‍යයේ ප්‍රධාන සමස්ථානික තුන ප්‍රොටොනියම් සඳහා H ද, ඩියුටීරියම් සඳහා D ද , ට්‍රිටියම් සඳහා T ද ලෙස බොහෝ විට ලියනු ලැබේ. එක් එක් පරමාණුවේ ස්කන්ධ අංකය ලියා තැබීම වෙනුවට , රසායනික ප්‍රතික්‍රියාවලදී ඒවා යොදා ගැනීම වඩා පහසු වේ.
(2H2O මෙසේ ලිවීම වෙනුවට D2O බැර ජලය)
රසායන විද්‍යාව
විද්‍යාව
|
9,891 |
https://si.wikipedia.org/wiki/%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%AE%E0%B6%BA%20%E0%B6%B4%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B6%B6%E0%B6%B3%20%E0%B6%B4%E0%B7%84%E0%B6%AF%E0%B7%8F%20%E0%B6%AF%E0%B7%93%E0%B6%B8
|
ව්‍යවර්ථය පිළිබඳ පහදා දීම
|
ලීවරයකට යොදන බලයේත්, බලය යෙදූ ලක්ෂ්‍යයට ධරයේ සිට ඊට ඇති දුරෙහි ගුණිතය එහි ව්‍යවර්ථය වේ. උදාහරණයක් ලෙස 3N බලයක් ධරයේ සිට 2m දුරකින් යොදන විට ඇති වන්නේ 1N බලයක් ධරයේ සිට 6m දුරකින් යොදන විට ඇතිවන ව්‍යවර්ථයමය. මෙහිදී බලය ක්‍රීයාකරනුයේ ඍජු ලීවරයට ලම්භකව යයි උපකල්පනය කෙරේ. ව්‍යවර්ථයේ දිශාව නිර්ණය සඳහා සුරත් නියමය උපයෝගී කර ගත හැකිය. ඔබේ දකුණු අත යොදා ගනිමින් භ්‍රමණ දිශාවට ඇඟිලි වකුටු කර මහපට ඇඟිල්ල භ්‍රමණ අක්ෂය ඔස්සේ යොමු කරන්න. එවිට මහපට ඇඟිල්ල යොමුවන්නේ ව්‍යවර්ථ දෛශිකයේ අභි දිශාව දෙසටයි.
ගණිතමය වශයෙන් ගත් කළ , අංශුවක් (සලකනු ලබන රාමුවකට සාපේක්ෂව r පිහිටීමක් සහිත) මත ව්‍යවර්ථය කතිර ගුණිතය ලෙස අර්ථ දක්වනු ලැබේ.
මෙහිදී
r යනු ධරයට සාපේක්ෂව අංශුවේ පිහිටුමේ දෛශිකය.
F යනු අංශු මත ක්‍රියාකරන බලය.
වස්තුවක් මත ක්‍රියාකරන ව්‍යවර්ථය මඟින් එහි කෝණික ගම්‍යතාවය වෙනස්වන සීඝ්‍රතාවය නිෂ්චය කරගත හැක.
මෙහි
L යනු කෝණික ගම්‍යතා දෛශිකයයි.
t මගින් කාලය අදහස් කරයි.
ඉහත සම්බන්ධතා දෙකෙන්ම ව්‍යවර්ථය, එය හේතුවෙන් හටගත් භ්‍රමණයේ භ්‍රමණ අක්ෂය ඔස්සේ පිහිටන දෛශිකයක් බව පැහැදිලි වේ.
භෞතික විද්‍යාව
ආශ්‍රිත
http://en.wikipedia.org/wiki/Torque#Explanation
|
9,892 |
https://si.wikipedia.org/wiki/%E0%B7%80%E0%B7%90%E0%B7%83%E0%B7%92%E0%B7%80%E0%B6%B1%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BB%20%E0%B7%80%E0%B6%BD%20%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B7%80%E0%B6%B1%20%E0%B7%80%E0%B6%B1%20%E0%B7%80%E0%B7%92%E0%B6%B1%E0%B7%8F%E0%B7%81%E0%B6%BA
|
වැසිවනාන්තර වල සිදුවන වන විනාශය
|
නිවර්තන සහ උෂ්ණාධික වැසි වනාන්තර පසුගිය 20 වන ශත වර්ෂය මුළුල්ලේම දැව සදහා සහ කෘෂි කර්මාන්තය සදහා බොහෝ දුරට විනාශයට පත් කෙරුණි. එබැවින් ලොව පුරා වැසි වනාන්තර මගින් ආවරණය වී පවත්නා ප්‍රදේශ ප්‍රමාණය අඩුවෙමින් පවතී. ජෛව විදයාඥයින් විසින් තක්සේරු කරන ලද අන්දමට විශාල ජීවි විශේෂ සංඛ්‍යාවක් මෙලෙසෙ ඔවුන්ගේ වාසස්ථාන අහිමි වීම හේතුවෙන් වදවී යාමට ලක්ව ඇත. (ආසන්න වශයෙන් වසරකට 50000 කට වැඩි ප්‍රමාණයක්) වැසි වනාන්තර ආරක්ෂා කර ගැනීම සහ ඒවා නැවන ප්‍රතිස්ථාපනය කිරීම පරිසර විදයාත්මක සංවිධාන සහ අනෙකුත් පුන්‍යාධාර ආයතන වල අරමුණ වී ඇත.
වැසි වනාන්තර ප්‍රමාණය ක්‍රමක්‍රමයෙන් අඩු වී යාම සදහා හේතු වී ඇති තවත් කාරණයක් නම් නාගරික ප්‍රදේශ වල ව්‍යාප්තිය ඉහළ යෑමයි. නැගෙනහිර ඔස්ට්‍රේලියාවේ වෙරළ බඩ ප්‍රදේශයෙහි ආසන්නයෙහි වන වෙරළ බඩ වැසි වනාන්තර ගහනයෙහි වර්ධනය අඩාල විමට හේතු වනුයේ සමුද්‍රාශ්‍රිත ජීවන රටාව නිසා එම වනාන්තර විනාශයට පත්වීමයි.
මුල් අවධියේ දී 1.56 – 1.66 හෙක්ටයාර වූ පරිණත නිවර්තන වැසි වනාන්තර වැස්ම මේ වන විට 750m – 800m හෙක්ටයාර දක්වා අර්ධයකින් පමණ අඩු වී ඇත. මෙම විනාශය නිරිත දිග ආසියාවෙහි වඩාත් සීඝ්‍රයෙන් දක්නට ඇත. එම ප්‍රදේශය ලෝකයේ දෙවන විශාලතම ජෛව විවිධත්වයක් පවතින ප්‍රදේශයයි. ඇමසන් නිම්නයෙහි ඇමසන් වැසි වනාන්තර පවතින ප්‍රදේශය මගින් හෙක්ටාර මිලියන 600 කට වැඩි ප්‍රමාණයක් ආවරණය කරනු ලබයි. එම ප්‍රදේශය ඇමරිකා එක්සත් ජනපදයේ භූමිප්‍රමාණයෙන් 2/3 ක් පමණ වේ. මෙලෙස සිදු වන වන විනාශය පෙර නොවු විරූ ආකාරයට ඉතා සීඝ්‍රයෙන් සිදු වෙමින් පවති. ලොව පුරා ව්‍යාප්තව පවත්නා ආකාරයට මෙකි විනාශය වළක්වා දැමීමට කැපීපෙනෙන ක්‍රියාකාරකම් අනුගමනය නොකළ හොත් වසර 2030 වන විට වැසි වනාන්තර වලින් 10% ක් ප්‍රමාණයක් පමණක් ඉතිරි වන අතර තවත් 10% ක් විනාශ වු මට්ටමේ පවතිනු ඇත. 80% ක ප්‍රමාණයක් ලොවට අහිමි වී යන අතර එයත් සමගම ඒවාට ආවේනික වු ස්වාභාවික විවිධත්වය වද වී යාමට ලක්වනු ඇත.
ඉන්දුනිසීයාව, තායිලන්තය, මැලේසියාව, බංගලාදේශය, ශ්‍රී ලංකාව, චීනය, ලාඕසය, නයිජිරියාව, ලයිබිරියාව, ගිනියාව, ඝානාර් සහ Ivery coast යන බොහෝ නිවර්තන රටවල මේ වන විටත් ඔවුන්ගේ වැසි වනාන්තර වලින් විශාල ප්‍රමාණයක් අහිමි වී ඇත. පිලිපීනයේ වැසි වනාන්තර වලින් 80% ක්ම මේ වන විට කපා ඉවත් කොට ඇත. 1960 දී මධ්‍යම ඇමෙරිකාව සතුව එහි මුල් වනාන්තරවලින් 4/5 ක් පැවති අතර මේ වන විට ඔවුන් සතුව පවතින්නේ ඉන් 2/5 කි. බ්‍රසිලයේ රෝනඩෝනියා ප්‍රාන්තයෙහි හෙක්ටාර් මිලියන 24.3 ක් වු වැසි වනාන්තර ප්‍රමාණයක් මෑත කාලීනව විනාශයට පත් කොට ඇත. පිලිපීනය, තායිලන්තය ඉන්දියාව වැනි ඇතැම් රටවල් ඔවුන්ගේ වනාන්තර විනාශ කිරීම ජාතික ආපදාවක් ලෙසට ප්‍රකාශයට පත් කොට ඇත.
References
http://en.wikipedia.org/wiki/Rainforest#Deforestation
|
9,896 |
https://si.wikipedia.org/wiki/%E2%80%8D%E0%B7%9B%E0%B6%91%E0%B6%AD%E0%B7%92%E0%B7%84%E0%B7%8F%E0%B7%83%E0%B7%92%E0%B6%9A%20%E0%B7%83%E0%B6%82%E0%B7%80%E0%B7%8F%E0%B6%AF%E0%B6%BA
|
ෛඑතිහාසික සංවාදය
|
ඇතැම් විට බොයිල්ගේ නියමය අවස්ථා සමීකරණයක ප්‍රථම ප්‍රකාශනය විය හැකිය.1662 දී අයර්ලන්ත ජාතිකයකු වන , රොබට් බොයිල් විසින් එක් කෙළවරක් සීල් කරන ලද J හැඩැති වීදුරු නලයක් යොදා ගෙන පර්යේෂණ ශ්‍රේණියක් ඉදිරිපත් කළේය. එම නලයේ කෙටි සීල් කරන ලද කෙළවරෙහි නියත වායු ප්‍රමාණයක් සිරවන පරිදි නලයට රසදිය එකතු කළේය. අතිරේක රසදිය නලයට එකතු කර වායුවේ පරිමාව ප්‍රවේශමෙන් මැන ගත්තේය. නලයේ දිග විවෘත කෙළවර හා කෙටි කෙළවර අතර රසදිය මට්ටම් අන්තරය අනුව වායුවේ පීඩනය නිර්ණය කර ගත හැකි විය. මෙම පර්යේෂණ තුළින් වායු පරිමාව , පීඩනය සමග ප්‍රතිලෝමව විචලනය වන බව බොයිල් සටහන් කර ගත්තේය. ගණිතමය ප්‍රකාශනයක් ලෙස එය pV = නියතයක් සේ දැක්විය හැක.
pVn = නියතයක් ලෙස මෙම සමීකරණයක් පිළියෙල කර ගැනීම මගින් විවිධ තාප ගතික ක්‍රියාවලි පුළුල්ව විස්තර කිරීමට යොදා ගත හැකිය. එසේම විශිෂ්ට තාප අනුපාතය (γ) වැනි විවිධ අගයන් තුළින් n හි අගය වෙනස්වීම සිදුවේ.
1787 දී ප්‍රංශ භෞතික විද්‍යාඥ ජැක් චාල්ස් ඔක්සිජන්, නයිට්‍රජන් , කාබන්ඩයොක්සයිඩ් හා වාතය, නියමිත 80 K ප්‍රාන්තර වලදී එකම ප්‍රමාණයකට ප්‍රසාරණය වන බව සොයා ගන්නා ලදී.
1802 දී ජෝසෆ් ලුවිස්ගේ-ලුසැක් පරිමාව හා උෂ්ණත්වය අතර රේඛීය සම්බන්ධය පෙන්වා දෙන සමාන පර්යේෂණවල ප්‍රතිඵල ප්‍රකාශයට පත් කරන ලදී.
V1/T1 = V2/T2
1801 දී ජෝන් ඩෝල්ටන් ආංශික පීඩන නියමය ප්‍රකාශයට පත් කරන ලදී. වායු මිශ්‍රණයක පීඩනය , එහි අඩංගු වායු සියල්ල තනි තනිව ඇති කරන පීඩනයන්ගේ එකතුවට සමාන වේ. ගණිතමය වශයෙන් විශේෂ n සඳහා එය මෙසේ දැක්විය හැක.
මුළු පීඩනය = පළමු වායුවේ + 2වන වායුවේ + n වැනි වායුවේ
පීඩනය පීඩනය ...... වායුවේ පීඩනය
මූලාශ්‍ර
http://en.wikipedia.org/wiki/Gas#Historical_Synthesis
|
9,898 |
https://si.wikipedia.org/wiki/%E0%B6%85%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B7%93%20%E0%B6%AF%E0%B7%9D%E0%B6%BD%E0%B6%9A%E0%B6%BA
|
අනුවර්තී දෝලකය
|
යාන්ත්‍ර විද්‍යාවේදී අනුවර්තී දෝලකයක් යනු, සමතුලිත අවස්ථාවෙන් යම් විස්ථාපනයක් සිදු කළ පසු (හුක්ගේ නියමයට අනුව) එම විස්ථාපනය (X) ට අනුලෝමව ඒ මත ප්‍රතිපාදිත බලය (F) (විස්ථාපනයේ දිහාවට ප්‍රතිවිරුද්ධව)සෑදෙන පද්ධතියකි.
F = - kx
k යනු ධන නියතයකි.
සරල අනුවර්තීය දෝලකරය යනු සරල
එමගින් පහත . දැවෙන සමීකරණය විස්තරය කරයි.
d2x/dt2+w02x=0
භෞතික ලෙස ඉහත සමීකරණය නියම ලෙස නොපවති මෙම අවස්ථාවලදි හැමවිටම සර්ෂණයේ හෝ අනිකුත් ප්‍රතිරෝධ ක්‍රියාත්මක විය හැකි වහුත් ආසන්න කල උදාහරණ දෙකට අනුව ස්ප්‍රි ස්කන්ධය සහ LC පරිපථ වේ.
දුන්නකට ස්කන්ධ ඇති වස්තුවක් සම්බන්ධ කල විට නිව්ටන් නියම ප්‍රක්නියට එකතු වි පහත සම්බන්ධතා ගොඩ නගා ගනී.
-kx=ma
k= දුනු නියනය වේත
m= ස්කන්ධය
x= ස්කන්ධයේ පිහිටිම
a= ත්වරණය
ත්වරණය යනු පිහිටු දේශිකයේ දෙවැනි ව්‍යුත්පන්න නිස ඉහත සමිකරණය පහත ආකාරයට ලිවිය හැක.
-kx=md2x/dt2
ඉහත අවතල සමිකරණයට බොහේ විට සුදුසු සරල විසදුම
x=Acos (wy+8)
එහි දෙවන අවකය
d2ndt2=Aw2cos(wt+8)
A= විස්ථාරය කලාපය 8= වෙනස කෝණිය සංඛ්‍යානය පළමු අවකලන සමීකරණ ආදේශය
-Ak coswt+8=-Amw2cos(wt+8)
සමිකරණ දේශය මගින් බෙදු විට -Acos(at+8)
K=mw2
W=km
මෙම ඉහත සමීකරණය මගින් කෝණික සංඛ්‍යාය පද්ධතියේ භෞතික ලක්ෂණ වන පමණක් රදා පවතින අතර ආරම්භක තත්ත්වය මත රදා නොපවති (සේවා A සහ 8 මගින් නිරෑපණය වේ.) මෙහිදි යං අමගින් අංකනය කරනු ලැබේ එය පසුව වැදගත් වේ.
F යනු පද්ධතිය මත ඇතිවන එකම බලය නම් එම පද්ධතිය සරළ අනුවර්තී දෝලකයකි. මෙම පද්ධතිය සරල අනුවර්තී චලනයන් ඇති කරන අතර නියත විස්ථාර හා නියත සංඛ්‍යාත (විස්ථාරය මත පදනම් නොවන) සහිත සමතුලිත ලක්ෂ්‍යය වටා සයිනාකාර දෝලන ඇති කරයි.
වේගයට සමානුපාතිකව ඝර්ෂණ බලයක් (පරිමන්ධනයක්) ඇත්නම්, අනුවර්තී දෝලකය පරිමන්දිත දෝලකයක් වශයෙන් හදුන්වයි. මෙවැනි අවස්ථාවක දෝලකයේ සංඛ්‍යාතය අපරිමන්දිත අවස්ථාවට වඩා කුඩා වේ. දෝලකවල විස්තාරණ කාලය සමග අඩු වේ.
බාහිර කාලය මත පදනම්වන බලයක් පද්ධතිය මත යෙදේ නම් අනුවර්තී දෝලකය එලවුම් දෝලකයක් ලෙස හැඳින්වේ.
මේ සඳහා යාන්ත්‍රික උදාහරණ වශයෙන් අවලම්භය, (කුඩා කෝණවල චලනයක්) දුණුවල සම්බන්ධ කරන ලද ස්කන්ධ හා ධ්වනි පද්ධති දැක්විය හැක. ප්‍රතිසම පද්ධති වශයෙන් RLC (Resistor Inductor Capacitor)පද්ධති වැනි විද්‍යුත් අනුවර්තී දෝලක හැඳින්විය හැක.
|
9,900 |
https://si.wikipedia.org/wiki/%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%20%E0%B7%81%E0%B6%9A%E0%B7%8A%E0%B6%AD%E0%B7%92%E0%B6%BA
|
යාන්ත්‍රික ශක්තිය
|
යාන්ත්‍ර විද්‍යාවේ දී වස්තුවක් මත කරනු ලබන කාර්යය ඒ මත ක්‍රියාකරනා බලය හා සම්බන්ධ වනුයේ පහත ආකාරයටය.
W = FΔS
F යනු බලයයි.
ΔS යනු වස්තුවේ විස්ථාපනයයි.
මෙය නිතර සාරාංශ ගත කරනුයේ වස්තුව මත සිදුකරන කාර්යය ඒ මත ක්‍රියාකරන බලයේත් වස්තුවේ විස්ථාපනයේත් (බලය ක්‍රියාකරන අතරතුර එය චලනය වන ප්‍රමාණය) ගුණිතයට සමාන කිරීමෙනි. මෙහිදී “සලකනුයේ” බලය ක්‍රියාකරන අක්ෂය ඔස්සේ වස්තුවේ චලනය යි. කෙසේ හෝ බලයේ දිශාව ඔස්සේ සිදුවන චලනයේ ධන කාර්යයක් හා විරුද්ධ දිශාව ඔස්සේ චලනයෙන් සෘණ කාර්යයක් ද චලනය බලයේ දිශාවට ලම්භක වූ විට ශූන්‍ය කාර්යයක් ද සිදු වේ.
ඉහත සමීකරණය කාලයේ විෂයෙන් අවකලනය කිරීමෙන් සාධාරණ අවස්ථාවක දී ශක්තිය, බලය වරක් වස්තුවේ ප්‍රවේගය V(t) ලෙස ලැබේ.
P(t) = F(t). V(t)
එවිට ජවයේ සාමාන්‍ය අගය.
Pavg = 1 / Δt / F.vdt.
මෙම සමීකරණ යන්ත්‍රවල ගුණාත්මක බව නිර්ණය කිරීමට වැදගත් වේ. - යන්ත්‍රයකින් සපයන ශක්තිය, එය යොදන බලයේත් එහි ප්‍රවේගයේත් ගුණිතයට සමානය.
භ්‍රමණ පද්ධතිවල ශක්තිය ව්‍යවර්ථය (l) හා කෝණික ප්‍රවේගය (W) හා සම්බන්ධ වනුයේ පහත පරිදිය.
P(t) = l (t) W(t)
එම ශක්තියේ සාමාන්‍ය අගය
Parg = 1 / Δt l. Wdt.
|
9,901 |
https://si.wikipedia.org/wiki/%E0%B6%B8%E0%B7%80%E0%B7%94%E0%B6%BD%E0%B6%BA
|
මවුලය
|
මවුලය යනු ද්‍රව්‍යයක ප්‍රමාණය මැනීම සඳහා භාවිතා කරන මූලික අන්තර්ජාතික ඒකකය වේ. එක් මවුලයක් තුළ වස්තූන් එනම් පරමාණු අණු හෝ වෙනත් මූලික අංශු ඇවගාඩ්රෝ අංකයක් (දළ වශයෙන් ) අඩංගු වේ. එනම් ඔක්සිජන් අණු මවුලයක ස්කන්ධය දළ වශයෙන් ග්‍රෑම් 32ක් වන අතර එක් ඔක්සිජන් අණුවක් පරමාණුක ස්කන්ධ ඒකකයකින් එකකට සමාන වේ. මවුලයක් යනු එක් නිශ්චිත සංඛ්‍යාත්මක අගයක් වන අතර ඕනෑම මුලික වස්තු ප්‍රමාණයක් (පරමාණුවලින් නිර්මිත) නිර්ණය කිරීමට භාවිතා කළ හැක. එසේ වුවද මවුලය භාවිතය උප පරමාණුක , පරමාණුක සහ අණුක ආකෘතීන් මැනීම සඳහා පමණක් සීමා වේ. මීට හේතුව නම් අනෙකුත් සුලභ ඒකකයන් සමග සැසදූ විට මවුලය විශාලත්වයෙන් වැඩි බැවින් අනෙකුත් පදාර්ථ මැනීමට මෙය යොදාගැනීම ප්‍රායෝගික නොවීමය.
ප්‍රායෝගිකව පදාර්ථ ප්‍රමාණයක් බොහෝ විට මනිනු ලබනුයේ මවුලවලිනි. යම් ද්‍රව්‍යයක සූත්‍ර භාරයට සමාන ස්කන්ධයක් , මවුලයක් වේ. මෙලෙස කාබන් 12 (C12) මවුලයක ස්කන්ධය ග්‍රෑම් 12ක් වන අතර ජලය මවුලයක ස්කන්ධය ග්‍රෑම් 18.016 ක් වේ. මෙහිදී බොහෝ විට ගණනය කිරීම සදහා සලකණු ලබන වස්තුව පරමාණු (C හි) හෝ අණු (H2O හි) වේ.
අර්ථ දැක්වීම
මවුලයක් යනු කාබන් 12 සමස්ථානිකයේ කිලෝග්‍රෑම් 0.012 ප්‍රමාණයක ඇති භූමි අවස්ථාවේ පවතින නිර්බන්ධිත , නිදහස් කාබන් 12 පරමාණු සංඛ්‍යාවට සමාන මූලික අංශු සංඛ්‍යාවක් අඩංගු පදාර්ථ ප්‍රමාණයකි. මෙසේ කාබන් -12 සමස්ථානිකයේ කිලෝග්‍රෑම් 0.012 ක් පවතින කාබන් -12 පරමාණු සංඛ්‍යාව ඇවගාඩ් රෝ නියතය ලෙසට හඳුන්වයි. ඇවගාඩ් රෝ නියතය ලෙසට දැනට පිළිගෙන ඇති අගය 6.02214179(30) x 1023 mol-1 ට වේ.
අන්තර්ජාතික ඒකක පද්ධතියට මවුලය මාන රහිත ඒකකයක් නොවන නමුත් ස්කන්ධය සහ දීප්ත තීව්‍රතාව වැනි අනෙකුත් මාන සමග සසඳන විට මවුලයට “පදාර්ථ ප්‍රමාණය” ලෙසින් හදුන්වන ඊටම ආවේනික වූ මාන පවතී. (මාන රහිත ඒකක අන්තර්ජාතික නීතීන්ට අනුව රේඩියන් සහ ස්ටෙරේඩියන් ලෙසට විශේෂයෙන්ම නම් කර ඇත.) ඇවගාඩ් රෝ නියතය යනු මාන රහිත රාශියක් සහ පදාර්ථ මවුලයක් අතර ඇති අනුපාතයක් බැවින් අන්තර්ජාතික නීතීන් විසින් එය මවුලයක පරස්පරය ලෙසට අර්ථ දක්වා ඇත.
පරමාණුක ස්කන්ධ ඒකකයක් සහ ඇවගාඩ්රෝ අංකය අතර ඇති සම්බන්ධතාව අනුව සූත්‍ර භාරයට සමාන ග්‍රෑම් ස්කන්ධයක් මවුලයක් ලෙසින් හඳුන්වයි. නිදසුන - යකඩවල සාපේක්ෂ පරමාණුක ස්කන්ධය ඒකක 55.845 කි. එබැවින් යකඩ මවුලයක ස්කන්ධය ග්‍රැම් 55.845කි. රසායන විද්‍යාඥයින් සහ භෞතික විද්‍යාඥයින් ෙබාහෝ විට තම ගණනයන් සදහා මෙම නිර්වචනය භාවිතා කරයි.
යම් පදාර්ථ ප්‍රමාණයක් එහි අණුක ස්කන්ධයට සමාන ග්‍රෑම් , කිලෝග්‍රෑම් රාත්තල් හෝ අවුන්ස ප්‍රමාණයකට සමාන නොවන විට එම පදාර්ථ ප්‍රමාණ මැනීම සඳහා රසායන විද්‍යාඥයින් විසින් ග්‍රෑම් මවුල , කිලෝග්‍රෑම් -මවුල , රත්තල් - මවුල හෝ අවුන්ස - මවුල යන ඒකක භාවිතා කරනු ලැබේ.
මවුලය යන්න වෙනත් ආකාරයකට විස්තර කළහොත් , මාෂ්මෙලෝ මවුලයක් ගෙන මුළු ලෝකයම වැසෙන පරිදි ඇතිරිව හොත් එය හැතැප්ම 12ක් ඝනකම් වන මාෂ්මෙලෝ තට්ටුවක් වනු ඇත. තවද රුධිර සෛල මවුලයක් සැලකුවහොත් එම ප්‍රමාණය මුළු මිහිතලය පුරා වාසය කරන සියලුම මිනිසුන් තුළ ඇති රුධිර සෛල ප්‍රමාණවල එකතුවටත් වඩා වැඩිවේ.
මූලික අංශූන්
යම් පදාර්ථ ප්‍රමාණයක් නිර්ණය කිරීමට මවුලය භාවිතා කිරීමේදී එම ද්‍රව්‍යයේ අඩංගු මූලික අංශු වර්ගය හඳුනාගත යුතු වේ. මෙම අංශූන් පරමාණු , අණු, අයන , සූත්‍ර ඒකක, ඉලෙක්ට්‍රෝන , ෆෝටෝන හෝ වෙනත් ඕනෑම අංශු වර්ගයක් විය හැක. උදාහරණයක් ලෙස ගත් විට ජලය මවුලයක් යනු ජලය ග්‍රෑම් 18.016කි. මෙම ජල මවුලයක් තුළ H2O අණු මවුල එකක් පමණක් තිබුණ ද පරමාණු වශයෙන් සැලකූ විට H පරමාණු මවුල 2ක් හා O පරමාණු මවුල 1 ක් ලෙසින් පරමාණු මවුල 3ක් පවතී. ඒවාගේම ඉලෙක්ට්‍රෝන මවුලයක් යනු ෆැරඩේගේ නියතය වේ. එනම් 96,500 Cmol-1 වේ. ෆෝටෝන මවුලයක් අයින්ස්ටයින් එකක් ලෙසින් හඳුන්වයි. වායු නියතය R අනුව තාප ශක්තිය හෙවත් RT මනිනු ලබනුයේ මවුලයට ජූල් නම් ඒකකයෙනි.
සලකනු ලබන පදාර්ථය වායුවක් නම් බොහෝ විට අංශු වර්ගය ලෙසට සලකනුයේ වායු අණුය. කෙසේ වුවද නිෂ්ක්‍රීය වායූන් (He , Ar , Ne , Kr , Xe , Rn) සියල්ලම ඒක පරමාණුක වන බැවින් මූලික අංශූන් ලෙසට සලකනුයේ තනි පරමාණුය. මෙම අංශූන් අතර පවතින්නේ වැන්ඩවාල් බල පමණි. සම්මත උෂ්ණත්ව හා පීඩනයේ දී පරිපූර්ණ වායු මවුලයක පරිමාව ලීටර් 22.4 කි.
පරමාණු මවුලයක් “ග්‍රෑම් පරමාණුවක්” ලෙස ද අණු මවුලයක් “ග්‍රෑම් අණුවක්” ලෙස ද හඳුන්වනු ලැබේ.
ඉතිහාසය
ජොනතන් වෑන් ගෝර්වියට් විසින් 1893 හඳුන්වා දුන් ජර්මන් name (මෝල්) අනුව මවුලය යන නම තැනී ඇත. මෙය ප්‍රථම වරට ඉංග්‍රීසියෙන් ඉදිරිපත් කරන ලද්දේ 1897 දී පළමු තවත් ජර්මානු වදනක පරිවර්තනයක් ලෙසය. එය molecule යන වචනයෙන් කෙටි කිරීමකි. molecule යන වචනය තැනී ඇත්තේ “ස්කන්ධය” යන අරුත් දෙන moles නම් ලතින් වචනයෙනි. ඔහු පදාර්ථයක ග්‍රෑම් අණුක ස්කන්ධය විදහා දැක්වීම වචනයෙනි. ඔහු පදාර්ථයක ග්‍රෑම් අණුක ස්කන්ධය විදහා දැක්වීම සඳහා එම වචනය භාවිතා කරන ලදී. උදාහරණයක් ලෙස හයිඩ්‍රොක්ලෝරික් අම්ල (HCl) මවුල 1ක් ස්කන්ධ ග්‍රෑම් 36.5ක් වේ.
වර්ෂ 1959 ට පෙර IUPAP හා IUPAC යන සංගමයන් දෙක විසින්ම මවුලය නිර්වචනය සඳහා ඔක්සිජන් භාවිතා කෙරීය. රසායන විද්‍යාඥයන් ඔක්සිජන් 16g ප්‍රමාණයක අඩංගු පරමාණු සංඛ්‍යාවක් මවුලයක් ලෙස සැලකූ අතර භෞතික විද්‍යාඥයින් ඔක්සිජන් - 16 යන සමස්ථානිකය පමණක් භාවිතා කොට පෙර සදහන් නිර්වචනයට සමාන නිර්වචනයක් භාවිතා කරන ලදී. නමුත් 1959 / 1960 වසර සිට මවුලය පහත ආකාරයට නිර්වචනය කිරීම සඳහා මෙම සංගමයන් දෙක විසින්ම සම්මත කරගන්නා ලදී.
එනම් ,
“කාබන් - 12 සමස්ථානිකයේ 0.012 Kg ප්‍රමාණයක පවතින පරමාණු සංඛ්‍යාවට සමාන සංඛ්‍යාවක් ඕනෑම අංශු වර්ගයක් පවතින පදාර්ථ ප්‍රමාණයක් මවුලයක් වේ.”
මෙම නිර්වචනය ICPM මගින් 1967 දී ද 1971 දී පැවැත්වුණු 14 වැනි කිරුම් , මිනුම් පිළිබඳ සම්මන්ත්‍රණයේ දී පිළිගන්නා ලදී.
1980 දී කිරුම් මිනුම් පිළිබඳ ජාත්‍යන්තර කමිටුව විසින් කාබන් -12 පරමාණු භූමි අවස්ථාවේ පවතින නිර්බන්ධිත පරමාණු බව තහවුරු කරමින් ඉහත නිර්වචනය සනාථ කරන ලදී.
අන්තර්ජාතික ඒකක පද්ධතියේ අනෙකුත් මූලික ඒකකයන්ට මෙන් කිලෝග්‍රෑම ද යම් භෞතික නියතයන් ඇසුරෙන් නිශ්චිත අගයක් ලෙසට නැවත දක්වන ලෙසට යෝජනා වී ඇත. එසේ යෝජනා වී ඇති අර්ථ දැක්වීම්වලින් එකක් පහත පරිදි වේ.
“කිලෝග්‍රෑමයක් යනු හරියටම කාබන් 12 සමස්ථානිකයේ භූමි අවස්ථාවේ පවතින නිර්බන්ධිත පරමාණු 6.0221415 x 1023 / 0.012 ප්‍රමාණයක ස්කන්ධයකි.”
මෙමඟින් ඇවගාඩ්රෝ අංකය ඉතා නිවැරදිව අර්ථ දැක්වීමට හැකියාව ලැබී ඇති අතර එය මවුලයකට 6.0221415 x 1023 අගයක් වේ. මෙමඟින් මවුලයක් දළ වශයෙන් ගණන් කිරීම සඳහා භාවිතා වන ඒකකයක් වන අතර එය සාමාන්‍ය ව්‍යවහාරයේ භාවිතා වන “දුසිමකට” සමාන වේ.
NA සඳහා යෝජිත නිර්වචනය වන්නේ,
NA = 602,214,141,070,409,084,099,072 = 84,446,8883
මෙමඟින් සම්පූර්ණ ඝණයක් බවට පහසුවෙන් පත්වීම සඳහා ගුණාංග අන්තර්ගත වී ඇත.
මවුලයේ ප්‍රයෝජන
රසායන විද්‍යාවේදී එකිනෙකට වෙනස් ද්‍රව්‍යයන් දෙකක් සංසන්දනාත්මකව මැනීම සඳහා මවුල ඉතා වැදගත් වේ. ද්‍රව්‍යයන් දෙකක සමාන මවුල ප්‍රමාණ ගත් විට ඒවායේ අඩංගු අණු හෝ පරමාණු සංඛ්‍යාව සමාන වේ. මවුලය හේතුවෙන් රසායනික සමීකරණ තේරුම් ගැනීම පහසු කරවයි.
මෙලෙස 2H2 + O2 2H2O යන සමීකරණය
“හයිඩ්‍රජන් මවුල දෙකක් සහ ඔක්සිජන් මවුලයක් එක් වී ජලය මවුලයක් සාදයි” යන ආකාරයට විස්තර කළ හැක.
රසායනික ගණනයන්වලදී මවුලය ඉතා වැදගත් වේ. මන්ද වෙනස් ස්කන්ධයන් තුළ පවතින අංශූන් සඳහා ප්‍රතිඵල සහ අනෙකුත් ගණනය කිරීම් මවුලය මගින් සිදු කරයි.
රසායන විද්‍යාවේදී ස්කන්ධය සහ බරට වඩා අංශූන් සංඛ්‍යාව වඩා වැදගත් වේ. වෙනස් ස්කන්ධයන් සහිත පරමාණු අතර ප්‍රතික්‍රියා සිදුවීම ඊට හේතුවේ. (උදාහරණයක් ලෙස හයිඩ්‍රජන් පරමාණු දෙකක් හා එක් ඔක්සිජන් පරමාණුවකින් එක් ජල අණුවක් සෑදේ) ඒවාට එකිනෙකට වෙනස් ස්කන්ධ පවතී. (එක් ඔක්සිජන් අණුවක් හයිඩ්‍රජන් අණුවක් මෙන් දහසය ගුණයක් බරින් යුක්ත වේ.) කෙසේ නමුත් ප්‍රතික්‍රියාවක දී භාවිතා වන පරමාණු ගණන පිළිබඳව ප්‍රකාශයක් කිරීම අපහසු වේ. එසේ වන්නේ ඒවා ඉතා විශාල අගයන්වන හෙයිනි. උදාහරණයක් ලෙස ජලය මිලිලීටර් එකක මවුල 3.34 x 1022 ප්‍රමාණයට වඩා අධික ප්‍රමාණයක් පවතී.
|
9,909 |
https://si.wikipedia.org/wiki/%E0%B7%83%E0%B6%BB%E0%B7%85%20%E0%B6%9A%E0%B7%8F%E0%B6%A0%20%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%9C
|
සරළ කාච වර්ග
|
කාච දෘෂ්ටි පෘෂ්ඨයේ වක්‍රතාව අනුව වර්ගීකරණය කර ඇත. පෘෂ්ඨ දෙකම උත්තල නම් කාචයක් ද්වි උත්තල (ද්වි-උත්තල හෝ උත්තල පමණක්) වේ. අවතල පෘෂ්ඨ දෙකක් සහිතව කාච ද්වි අවතල (හෝ අවතල පමණක්) වේ. පෘෂ්ඨවලින් එකක් පැතලි නම් අනෙක් පෘෂ්ඨයේ වක්‍රතාවය මත තල උත්තල හෝ තල අවතල වේ. උත්තල පැත්තක් හා අවතල පැත්තක් සහිතව කාච උත්තල අවතල හෝ මාවක නම් වේ. මෙම වර්ගයේ කාච ශෝධක කාචවල බහුලව භාවිතා කරයි.
කාචය ද්වි උත්තල හෝ තල උත්තල නම් කාච අක්ෂයට සමාන්තරව සමාන්තර කළ හෝ සමාන්තර ගත ආලෝක කදම්භයක් කාචය හරහා ගමන් කරන විට එය අක්ෂයේ කාචය පිටුපසින් කිසියම් දුරකින් වූ ස්ථානයක් මතට අභිසාරි (හෝ නාභිගත) වේ. (එම දුර නාභිය දුර වේ.) මෙහිදී කාචය ධන හෝ අභිසාරි කාච නම් වේ.
කාචය ද්වි අවතල හෝ තල අවතල නම්, සමාන්තර ගත කළ ආලෝක කදම්භයක් කාචය තුළින් යාමේදී අපසාරී (විහිදී යාම්) වේ. එසේ කාචය සෘණ හෝ අපසාරීකාච නම් වේ. කාචය තුළින් යාමෙන් පසු කදම්භ කාචයට ඉදිරියේ විශේෂ ස්ථානයකින් නිකුත් වෙනවා සේ පෙනීයයි. මෙම ස්ථානයේ සිට කාචයට ඇති දුර නාභිය සේ හදුන්වයි. එසේ නමුත් එය අභිසාරී කාචවල නාභිය දුර ආකාරය හා ප්‍රතිවිරුද්ධ වේ. / සෘණ වේ.
උත්තල- අවතල (මාවක) කාච මුහුණත් දෙකෙහි සාපේක්ෂ වක්‍රතාවය මත ධන හෝ සෘණ වීමට පුළුවන. සෘණ මාවක කාචයක් තියුණු අවතල මුහුණතක් හා පර්යන්තයට වඩා මධ්‍යයයේ දී සිහින්ය. අනෙක් අතට ධන මාවක කාචයක තියුණු උත්තල මුහුණතක් හා පර්යන්තයට වඩා මධ්‍යයේදී ඝන වේ. වක්‍රතාවය සමාන මුහුණත් දෙකක් ඇති පරිපුර්ණ කාචයක ප්‍රකාශ බලය ශුන්‍යය. එනම් ආලෝකය අභිසාරී හෝ අපසාරී නොවේ. සැබෑ කාචවල ශුන්‍ය නොවූ ඝනකමකි, කෙසේ හෝ ප්‍රකාශ බලය කෙරෙහි බලපායි. නිසැකවම ශූන්‍ය ප්‍රකාශ බලය ලබා ගැනීමට මාවක කාචයක කාච ඝනකමට ගණනයට බලපෑම් කළ හැකි යන්තම් අසමාන වක්‍රතාවයන් තිබිය යුතුය.
References
http://en.wikipedia.org/wiki/Lens_%28optics%29#Types_of_simple_lenses
|
9,922 |
https://si.wikipedia.org/wiki/%E0%B7%80%E0%B7%90%E0%B7%83%E0%B7%92%20%E0%B7%80%E0%B6%B1%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BB%20%E0%B7%80%E0%B6%BD%20%E0%B7%81%E0%B7%8F%E0%B6%9A%20%E0%B7%83%E0%B7%84%20%E0%B7%83%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%20%E0%B7%83%E0%B6%82%E0%B7%84%E0%B6%AD%E0%B7%92%E0%B6%BA
|
වැසි වනාන්තර වල ශාක සහ සත්ත්ව සංහතිය
|
ලොව පුරා ශාක හා සත්ත්ව ප්‍රජාවන්ගෙන් භාගයකට වඩා වැඩි කොටසක් වැසි වනාන්තර වල දක්නට ඇත. වැසි වනාන්තර මගින් ක්ෂීරපායීන්, උරගයින්, පක්ෂීන් සහ අපෘෂ්ඨ වංශිකයින් වැනි වඩාත් පුළුල් සත්ත්ව ප්‍රජාවක් සදහා වාසස්ථාන සපයයි. ක්ෂිරපායින් සදහා ප්‍රිමාටාවන් සහ වෙනත් පවුල අයත්වේ. උරගයින් සඳහා සර්පයින්, ඉබ්බන්, කටුස්සන් අයත් වන අතර පක්ෂීන් සදහා Vangidae සහ Cuculidae යන පවුල් වල ජීවින් අයත්වේ. වැසිවනාන්තර වල අපෘෂ්ඨ වංශිකයින්ගේ පවුල් වලට අයත් ජීවින් දුසිම් ගණන් ජීවත් වේ. දිලීර වර්ගද වැසි වනාන්තර වල බහුලවම දක්නට ලැබෙන අතර ඒවාට ශාක හා සතුන් මරනයෙන් පසු ඒවායෙහි කාබනික දේහ මත වර්ධනය විය හැකිය. මෙලෙස වනාන්තර වල භූමියෙහි ඇති සියළුම කාබනික අපද්‍රව්‍ය නිසා ඒවායේ පස කාබනික ද්‍රව්‍ය වලින් සරුවන අතර ඒවා ශාක සහ සත්ත්ව ජීවිත සඳහා ඉතාමත් සරු ප්‍රභවයක් සපයයි. මෙලෙස ඇති වන හියුමස් තට්ටුව නිසා මෙකි වැසි වනාන්තර ඉහළ වශයෙන් සක්‍රීයව පවතින ජෛව පද්ධතියක් බවට පත්ව ඇත. මෙකී හේතුන් නිසා පෘතුවිය මතු පිට ඇති ජීවි විශේෂ අතරින් 2/3 කට වඩා වැඩි ප්‍රමාණයකට වැසි වනාන්තර නිජබිම් වී ඇත. මෙම ප්‍රමාණය ශාක හා සත්ත්ව මිලියන 5 කට වඩා අධිකය.
References
http://en.wikipedia.org/wiki/Rainforest#Flora_and_Fauna
|
9,929 |
https://si.wikipedia.org/wiki/%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AD%E0%B7%92%E0%B6%B4%E0%B6%AF%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AE%E0%B6%BA
|
ප්‍රතිපදාර්ථය
|
ප්‍රතිපදාර්ථ යනු, අංශුමය භෞතික විද්‍යාවෙහිදී හා ක්වොන්ටම් රසායන විද්‍යාවෙහිදී හමුවන ප්‍රතිඅංශු පිළිබඳ සංකල්පයේම තවත් ඉදිරි පියවරකි. සාමාන්‍ය පදාර්ථය අංශුවලින් සමන්විත වන ආකාරයට ප්‍රතිපදාර්ථය ප්‍රතිඅංශුවලින් සමන්විත වේ. සාමාන්‍යය පදාර්ථයේ හයිඩ්‍රජන් පරමාණුවක් එක් ඉලෙක්ට්‍රෝනයක හා එක් ප්‍රෝටෝනයක සංකලනයෙන් සෑදෙන ආකාරයටම ප්‍රති-ඉලෙක්ට්‍රෝනයක් ( පොසිටෝනයක් එනම් ධන ආරෝපණයක් දරන ඉලෙක්ට්‍රෝනයක් ) හා ප්‍රති-ප්‍රෝටෝනයක් (ඍණ ආරෝපණයක් දරන ප්‍රෝටෝනයක්) සංකලනයෙන් ප්‍රති-හයිඩ්‍රජන් පරමාණුවක් නිර්මාණය විය හැක. තවද, ප්‍රතිඅංශු හා අංශු එකිනෙක හමු වූ විට සිදුවන ආකාරයට පදාර්ථය හා ප්‍රතිපදාර්ථය හමුවීමේදී උච්ඡේදනයට භාජනය වෙමින් අධි ශක්ති ප්‍රෝටෝන (ගැමා කිරණ) හෝ වෙනත් අංශු-ප්‍රති අංශු යුගල උපදවනු ඇත. තවද, පදාර්ථ-ප්‍රතිපදාර්ථ උච්ඡේදනය නිසා හටගන්නා අංශු උච්ඡේදන ඵලයන්හි ස්කන්ධයත් මුල් පදාර්ථ - ප්‍රතිපදාර්ථ යුගලයේ ස්කන්ධයත් අතර වෙනසට අනුරූප ශක්තිය බොහෝ විට අති විශාල අගයක් වේ.
අපට නිරීක්ෂණය වන විශ්වය සම්පූර්ණයෙන්ම පාහේ පදාර්ථයෙන් සමන්විත වීමට හේතුව පිළිබඳවත්, විශ්වයේ සම්පූර්ණයෙන්ම පාහේ ප්‍රතිපදාර්ථයෙන් සමන්විත ප්‍රදේශ පවතී ද යන්න පිළිබඳවත්, ප්‍රතිපදාර්ථය අවශ්‍ය පරිදි ප්‍රයෝජනයට ගතහැකි වුවහොත් කළ හැකි වන්නේ මොනවාද යන්න පිළිබඳවත් විද්‍යා සහ විද්‍යා ප්‍රබන්ධ ක්ෂේත්‍රවල විවිධ මත වාද නිර්මාණය වී තිබේ. කෙසේ නමුත් අපට හමුවන නිරීක්ෂණයන් මත විශ්වය තුළ පවතින ප්‍රතිපදාර්ථ හා පදාර්ථ අතර අසමමිතිය භෞතික විද්‍යාවේ මේ දක්වා විසඳුම් නොමැති ප්‍රධානතම ගැටළු අතරින් එකක් බවට පත්ව තිබේ. අංශු හා ප්‍රතිඅංශූ නිර්මාණය බැරියෝන-ජනන විද්‍යාව ලෙස හැඳින්වේ.
භෞතික විද්‍යාව
|
9,937 |
https://si.wikipedia.org/wiki/%E0%B7%83%E0%B6%82%E0%B6%BA%E0%B7%94%E0%B6%9A%E0%B7%8A%E0%B6%AD%20%E0%B6%9A%E0%B7%8F%E0%B6%A0
|
සංයුක්ත කාච
|
සරල කාච භාවිත කරන විට ඉහත සාකච්ඡා කළ පරිදි ආලෝකය අප්‍රේරණයකට ලක්වේ. බොහෝ අවස්ථාවලදී මෙම අප්‍රේරණයේ අවම කරගැනීම සඳහා එකිනෙකට අනුපූරක අප්‍රේරණ සහිත සරල කාච සංයුක්තයන් භාවිතා කරයි. සංයුක්ත කාචයක් යනු වෙනස් හැඩ සහිත සරල කාච එකතුවකි. ඒවා වෙනස් වර්තන අංක සහිත ද්‍රව්‍යයවලින් සාදා ඇති අතර පොදු අක්ෂයක පිහිටන පරිදි එකක් පිටුපස එකක් වන ලෙස සකසා ඇත.
මේ ආකාරයට කාච සම්බන්ධ භාවිතාවන සරලම අවස්ථාව වනුයේ කාච එකිනෙක ස්පර්ශව තැබීමයි. එසේ තැබූ කාච නාභි දුර f1 හා f2 වන සිහින් කාච වේනම් සංයුක්ත කාචයේ නාභි දුර
වේ.
කාචයක බලය 1/f වන බැවින් සිහින් කාච ස්පර්ශ කිරීමේදී ඒවායේ බලයන් ආකලනය කළ හැකි බව ඉන් පෙන්ණුම් කරයි.
කුඩා තුනී කාච දෙකක් එකිනෙකට කුඩා d දුරකින් ඈත්ව තබා ඇති විට කළ විට , සංයුක්ත කාචයේ නාභියට දුරට දෙවන කාචයේ සිට ඇති දුර BFLපසු නාභි දුර යැයි කියනු ලැබේ. මෙය දෙනු ලබන්නේ,
මෙහි d ශූන්‍යයට ආසන්න වන විට BFL අගය , ස්පර්ශව තැබූ සිහින් කාචවල සංයුක්ත නාභි දුරට ක්‍රමයෙන් ආසන්න වේ.
කාච අතර දුර කාච දෙකේ නාභි දුරයන්හි ඓක්‍යයට සමාන වන විට BFL අගය අනන්ත වේ. මෙය, සමාන්තර ආලෝක කදම්භයක් තවත් සමාන්තර ආලෝක කදම්භයක් බවට පරිණාමනය කරන කාච යුගලයකට අනුරූප වේ. මෙවැනි පද්ධතියක් කදම්භයේ ශුද්ධ අභිසරණයක් හෝ අපසරණයක් සිදු නොකරන බැවින් afocal (නාභීය නොවන) යැයි කියනු ලැබේ. මෙවැනි දුරකින් තැබු කාච දෙකක් මගින් සරලතම වර්ගයේ ප්‍රකාශ දුරේක්ෂයක් ලබාදේ.
මෙවැනි පද්ධතිය මගින් සමාන්තර කදම්භයක අපසාරීතාව වෙනස් නොකරන නමුත් එය කදම්භයේ පළල වෙනස් කරයි. ඒ අනුව දුරේක්ෂයේ විශාලනය දෙනු ලබන්නේ ,
මගිනි.
මෙය ප්‍රධාන කදම්භයේ පළල ප්‍රතිදාන කදම්භයේ පළලට ඇති අනුපාතයට සමාන වේ.
ලකුණු සම්මුතිය - උත්තල කාච දෙකක් (f1 > 0 , f2 > 0) සහිත දූරේක්ෂයක් මගින් සෘණ විශාලනයක් සහිත එනම්, යටිකුරු ප්‍රතිබිම්භයක් ලබාදේ. උත්තල කාචයක් හා අවතල කාචයක් (f1 > 0 > f2) සහිත දුරේක්ෂයක් මගින් ධන විශාලනයක් හෙවත් උඩුකුරු ප්‍රතිබිම්භයක් ලබා දේ.
References
http://en.wikipedia.org/wiki/Lens_%28optics%29#Compound_lenses
|
9,940 |
https://si.wikipedia.org/wiki/%E0%B7%83%E0%B7%80%E0%B7%8F%E0%B6%B1%E0%B7%8F
|
සවානා
|
සවානා යනු තෘණ බිම් ජෛව පද්ධතියක් වන අතර එහි විසිර පවත්නා ශාක සහ පඳුරු දක්නට ඇත. සවානා හි ශාක කුඩා වන අතර හෝ ඒවා එකිනෙකට ඈතින් පිහිටා ඇති නිසා ඒවායෙහි ශාක උඩුවියන් එකිනෙකින් වසා ගැනීමක් සිදු නොවේ. එමනිසා සවානා යනු එකිනෙකට ඈතින් පිහිටි පැතිර පවත්නා ශාක පවතින ප්‍රදේශයක් ලෙස විශ්වාස කෙරේ. කෙසේ නමුත් බොහෝ සවානා ප්‍රජාවන්හි ශාක ඝණත්වය ඉහළ වන අතර ඒවා ක්‍රමානුකූලව වනාන්තර ප්‍රජාවන්ට වඩා පරතර ඇතිව පිහිටා ඇත. මෙලෙස විවෘත උඩුවියන් ස්ථරයක් පැවතීම හේතුවෙන් ප්‍රමාණවත් තරම් සූර්යාලෝකය බිම් ප්‍රදේශයට ලගාවීම හේතුවෙන් ප්‍රාථමික වශයෙන් C4 තෘණ වලින් නිර්මාණය වු නොකැඩුණු පැලෑටිමය ස්ථරයක් ගොඩනැගි ඇත. සවානාහි සෘතුමය වශයෙන් වෙනස් වන ජල සම්පතක්ද ඇති අතර එහි වර්ෂාපතනය වැඩි කොටසක් වසරෙහි එක් සෘතුවකට පමණක් සිමාවී පවතී. සවානා වර්ග විවිධ බයෝම කීපයක ලක්ෂණ දැරිය හැකිය. සවානා වර්ග බොහෝ අවස්ථා වලදී සංක්‍රාන්ති කලාපයක් ලෙසද දක්නට හැකිය. එලෙස ඒවා කැලෑ සහ කාන්තාර හෝ මහාතැනිතලා ප්‍රදේශ අතර පිහිටිය හැකිය.
සවානා යන වදන බිහිවී ඇත්තේ දේශීය ඇමෙරිකානු වදනකිනි. එහි තේරුම වන්නේ ශාක නොමැති නමුත් උස් හෝ මිටි තෘණ වර්ග අන්තර්ගත බිමක් යන්නයි. 1800 අග භාගයේදී එය තෘණ සහ ශාක අන්තර්ගත බිමක් ලෙස හඳුන්වන ලදී. එය දැන් තෘණ සහිත සහ විසිරී පවතින ශාක හෝ විවෘත උඩුවියනක් සහිත ශාක අන්තර්ගත භූමි ප්‍රදේශයක් ලෙසට හැඳින්වේ.
මෙහි වාර්ශික වශාපතණය 300mm-500mm.සාමාන්‍ය උශ්නත්වය අංශක 24-29 වේ.
ආශ්‍රිත
Pampas
Pasture
Prairie
Rangeland
Steppe
Veld
මූලාශ්‍ර
භාහිර සබැඳි
The Savanna
පරිසර පද්ධති
තණබිම්
සෞම්‍ය තණබිම්, සැවානා, සහ පඳුරුබිම්
නිවර්තන සහ උපනිවර්තන තණබිම්, සැවානා, සහ පඳුරුබිම්
ජෛව පද්ධති
|
9,949 |
https://si.wikipedia.org/wiki/%E0%B6%85%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B7%93%20%E0%B6%B4%E0%B6%BB%E0%B7%92%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%AD%20%E0%B6%91%E0%B7%85%E0%B7%80%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%20%E0%B6%AF%E0%B7%9D%E0%B6%BD%E0%B6%9A%E0%B6%BA
|
අනුවර්තී පරිමන්දිත එළවුම් දෝලකය
|
මෙය පහත සමීකරණය තෘප්තිමත් කරයි.
පොදු විසඳුම ආරම්භක තත්වයන් මත රඳා පවතින අනිත්‍යයන්හි ඓක්‍යයක් (පරිමන්දි,ත නොඑළවුම් අනුවර්තී දෝලකය , සමජාතීය ODE සඳහා විසඳුම) හෝ ආරම්භක තත්වයන්ගෙන් ස්වායත්ත වන අතර එලවුම් සංඛ්‍යාතය , එලවුම් බලය , ප්‍රකෘති බලය , පරිමන්දිත වීමේ බලය මත පමණක් රඳා පවතින ස්ථිර අවස්ථාවක් වේ. (අසමජාතීය ODE ක විශේෂ විසඳුම)
(අනවරත) නොසැලෙන අවස්ථාවේදී විසඳුම්
මෙහි
සම්බාධන හෝ ඒකජ ප්‍රතික්‍රියා ශ්‍රිතවල නිරපේක්ෂ අගයන්
වන අතර
යනු එළවුම් බලයට සාපේක්ෂව දෝලන කලාවයි.
එක්තරා අවස්ථාවකදී එක්තරා එළවුම් සංඛ්‍යාතයක් සඳහා විස්තාරය ω ( දී ඇති F0 ට සාපේක්ෂව) උපරිම වන බව දැකිය හැක. මෙය සිදුවන සංඛ්‍යාතය
අතර එය විස්ථාපනයේ අනුනාදය යැයි කියනු ලැබේ.
සාරාංශය
නොසැලෙන අවස්ථාවේදී දෝලන සංඛ්‍යාතය එලවුම් බලයේ සංඛ්‍යාතයට සමාන වේ. නමුත් දෝලනයේ කළා අනුලම්භ වන අතර එය දෝලක පද්ධතියේ අනුනාද සංඛ්‍යාතය සහ එලවුම් බලයේ සංඛ්‍යාතය අතර සම්බන්ධතාවය මත රඳා පවතින ප්‍රමාණය මගින් තීන්දු වේ.
උදාහරණ : RLC පරිපථ.
භෞතික විද්‍යාව
|
9,951 |
https://si.wikipedia.org/wiki/%E0%B7%80%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B6%B1%E0%B6%BA
|
විවර්තනය
|
තරංග ගමන් ගන්නා මාර්ගයේ බාධක නිසා ඇතිවන තරංග නැවීම් ආශ්‍රීතව සිදුවන විවිධ සංසිද්ධීන් විවර්තනය ලෙස හැඳින්වේ. එය ශබ්ද තරංග, ජල තරංග සහ දෘශ්‍ය ආලෝකය , X - කිරණ , රේඩියෝ තරංග වැනි විද්‍යුත් චුම්භක තරංග ආදී වැනි ඕනෑම වර්ගයක තරංග සඳහා සිදුවිය හැක. භෞතික වස්තූන්ට තරංගමය ගුණාංග ඇති බැවින් විවර්තනය පදාර්ථයක් අතර ද සිදුවන අතර කොන්ටම් යාන්ත්‍ර විද්‍යාවේ ප්‍රධාන සංකල්පවලට අනුව මෙය අධ්‍යයනය කළ හැක. ප්‍රචාරණය වන තරංග වලට එහි පථයේ බාධක හමුවන විට නිතරම විවර්තනය ඇතිවන නමුත් එහි බලපෑම උපරිම වනුයේ තරංගවල තරංග ආයාමයන් විවර්තිත වස්තුවල විශාලත්වයත් එකම ගණයේ වන විටය. උපරිම වේ. වෙනස් මාර්ග වලින් නිරීක්ෂකයා වෙත ගමන් කරන එකම තරංගයේ වෙනස් කොටස් දෙකක් අතර ඇතිවන නිරෝධනයෙහි ප්‍රතිඵලයක් ලෙස විවර්තිත තරංගයේ තීව්‍රතාව මගින් සංකීර්ණ රටාවන් ඇතිවේ.
එදිනෙදා ජීවිතයේ හමුවන විවර්තනයන් සඳහා නිදසුන්
විවර්තනයේ බලපෑම එදිනෙදා ජීවිතයේ දී නිතර හමුවේ. විවර්තනය සඳහා වඩාත් සිත්ගන්නා සුළු නිදසුන් ආලෝකය හා බැඳේ. නිදසුනක් ලෙස CD හෝ DVD වල සමීප දුරවල් වලින් ඇති පථ මගින් සුපුරුදු දේදුනු ආකාර රටාව ඇති කරන අතර එහි දී ඒවා විවර්තන ග්‍රේටිමයක් ලෙස හැසිරේ. මෙම සංකල්පය අවශ්‍ය ආකාරව විවර්තන රටා ඇති කරන විවර්තන ග්‍රේටිම් නිර්මාණය සඳහා යොදාගත හැක. නිදසුනක් ලෙස ක්‍රෙඩිට් කාඩ් පතක ඇති හොලෝග්‍රෑමය ගත හැක. වායුගෝලයේ ඇති කුඩා අංශු මගින් ඇතිවන විවර්තනය හේතුවෙන් සූර්යයා හෝ සඳ වැනි දීප්තිමත් වස්තුවක් වටා දිස්වන දීප්තිමත් වළල්ලක් ඇති කරයි. සංයුක්ත ප්‍රභවයක් මගින් ඇතිවන ආලෝකය නිසා ඇතිවන ඝන වස්තුවක සෙවනැල්ලෙහි දාරයකට ආසන්නතම කඩතොලු ස්වභාවයක් පෙන්වයි. මෙම සියලු සංසිද්ධි ඇති වන්නේ ආලෝකය තරංගයක් ලෙස හැසිරීමේ ප්‍රතිඵලයක් ලෙසයි.
ඕනෑම වර්ගයක තරංගයක් විවර්තනයට ලක් විය හැක. මුහුදු ජල තරංග ජැටි හෝ වෙනත් බාධක වටා විවර්තනය වේ. ශබ්ද තරංගවලට බාධකයක් වටා විවර්තනය විය හැක. එහි ප්‍රතිඵලයක් ලෙස අප ගසක් පිටුපස සැඟවුණ ද කෙනෙක් කතා කරන හඬ අපට ඇසේ. විවර්තනයට සමහර තාක්ෂණික යෙදීම් ද පවතී. කැමරාවල ද, දුරේක්ෂවල හා අන්වීක්ෂවල විභේදනයට විවර්තන හේතුවෙන් ඇතිවන මූලික සීමා පවතී.
භෞතික විද්‍යාව
|
9,955 |
https://si.wikipedia.org/wiki/%E0%B7%80%E0%B7%90%E0%B7%83%E0%B7%92%20%E0%B7%80%E0%B6%B1%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BB%20-%20%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B6%B1%20%E0%B7%80%E0%B7%90%E0%B7%83%E0%B7%92%20%E0%B7%80%E0%B6%B1%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BB
|
වැසි වනාන්තර - නිවර්තන වැසි වනාන්තර
|
ඇමසන් ගඟ
නිවර්තන වැසි වනාන්තර යනු සමකය ආසන්නයෙහි පොදුවේ දක්නට ලැබෙන ඒවාය. මේවා සුලභවම දක්නට ලැබෙන්නේ ආසියාව, අප්‍රිකාව, දකුණු ඇමෙරිකාව, මධ්‍යම ඇමෙරිකාව සහ බොහෝමයක් වු පැසිපික් දූපත් වලය.
ලෝක වනජීවි අරමුදලෙහි බයෝමයක වර්ගිකරණයට අනුව නිවර්තන වැසි වනාන්තර නිවර්තන තෙත්(නිවර්තන තෙත් පළල් පත්‍ර වනාන්තර) වනාන්තර ඝනයට වර්ගිකරණය කර ඇති අතර ඒවා පහත් බිම් සමකාසන්න සදහරිත වැසි වනාන්තර ලෙසද හැදින්වේ. ලයිබිරියාවේ නිවර්තන වැසි වනාන්තරයකට පැයක් ඇතුළත මිලිමීටර් 400 ක වර්ෂා පතනයක් ලැබේ. මෙහි මධ්‍යන්‍ය අගය වනුයේ පැයකට මිලි මීටර් 25 ක වර්ෂා පතනයකි.
අන්තර්ගතය
1.ගති ලක්ෂණ
2.ස්ථර
3.මානව භාවිතයන්
3.1.වාසස්තාන
3.2.වගාකරණ ලද ආහාර සහ බෝග වර්ග
3.3.ඖෂධ වර්ග සහ ජෛව විවිධත්වය
3.4.සංචාරක සේවය.
3.4.1.ආවේනික බලපෑම්
3.4.2.ධනාත්මක බලපෑම්
3.5.වැසි වනාන්තර වල ජීවත් වන සත්ත්වයින්
3.6.පරිසර පද්ධති
4.පරිශීලනයට
5.තවදුරටත්
6.බාහිර සම්බන්ධතා
6.1.සංරක්ෂණ ක්‍රමෝපායන්
ගති ලක්ෂණ
නිවර්තන වැසිවනාන්තර යනු අනෙකුත් සියළුම බයෝමයන් එක්ව ගත් කලට වඩා බොහෝමයක් ජීවි විශේෂ හෝ ගහන වලට නිවාස සපයන ස්ථානයකි. වනාන්තරයෙහි බිම් මට්ටමේ සිට මීටර් 50 සිට 80 දක්වා ප්‍රමාණයකට උස්වු ශාක වල මුදුන් මගින් පුළුල් වියනක් සාදනු ලැබේ. වනාන්තරයේ බිමට පතිත වන කාබනික ද්‍රව්‍ය ඉක්මනින්ම වියෝජනයට ලක්වන අතර එම පෝෂක ද්‍රව්‍ය ප්‍රතිචක්‍රිකරණයකට ලක්වේ.
වැසි වනාන්තර ඒවාට ලැබෙන ඉහළ වර්ෂා පතනය අනුව ඒවාට ලාක්ෂණික වේ. මේ හේතුව නිසා එම වැසි වනාන්තර වල පසෙහි ද්‍රාව්‍ය පෝෂක ද්‍රවය ප්‍රමාණය පහළ ගොස් ඇති අතර ඒවයෙහි පසෙහි ඔක්සිසෝල ප්‍රමාණයද අඩු අගයක් ගනී. බැක්ටිරියාවන් මගින් ඇති කරන ඉතා සීග්‍ර වියෝජනය මගින් හියුමස් තට්ටුවෙහි සීග්‍ර එක්රැස්වීම වැළකී ඇත. ලැටරීකරණ ක්‍රියාවලිය මගින් යකඩ සහ ඇලුමිනියම් වල ඔක්සයිඩ වල එක්රැස්වීම නිසා එම පසට දීප්තිමත් රතු පැහැයක් ලැබී අති අතර ඇතැම් අවස්ථා වලදී ඛනිජමය සංචිත ඇති වේ. (උදාහරණ බොක්සයිට්) වඩාත් වයසින් අඩු උපස්ථර මත විශේෂයෙන්ම යමහල් හා සම්බන්ධ සම්බවයක් ඇති නිවර්තන පස මෙයටත් වඩා සාරවත් වන අතර වසරේ යම්කිසි කාලයකට පමණක් ගංවතුර ගැලීම් වලට ලක්ව රොන්මඩ තැන්පත්වන වනාන්තර වල පස වාර්ෂිකව වඩාත් සරු පෝෂක වලින් සරුවේ.
වැසි වනාන්තර පෘතුවිය මත ජීවත් වන සියළුම සත්ත්වයින්ගේ සහ ශාක වලින් 2/3 කටම වාසස් තාන සපයනු ලබයි. දැනට තක්සේරු කර ඇති අන්දමට මිලියන ගණනක් වු නව ශාක විශේෂ, කෘමීන් සහ ශුද්‍රජීවින් ප්‍රමාණයක් එහි විසුවද ඔවුන් පිළබඳව සොයා ගැනීමක් සිදු කර නොමැති අතර ඒවාට නිසි නාම කරණයක් ද ලබාදී නොමැත. වැසි වනාන්තර ඇතැම් අවස්ථා වලදී “මිහිතලයෙහි පෙනහළු” ලෙසද හැදින්වේ. කෙසේ නමුත් එසේ ප්‍රකාශයක් සිදු කිරීමට විද්‍යාත්මක පදනමක් නොමැත්තේ නිවර්තන වැසි වනාන්තර පෘතුවියෙහි ඔක්සිජන් සමතුලිතතාවය හා සම්බන්ධව මධ්‍යස්ථ අගයක් ගන්නා අතර ඒවා මගින් ඉතා කුඩා හෝ ශුන්‍ය අගයක ශුද්ධ ඔක්සිජන් නිෂ්පාදනයක් සිදු කරනු ලැබේ.
උස පලල් පත්‍ර සහිත සදා හරිත ශාකයන් මෙම වැසි වනාන්තර වල භූමියට ඉහළින් පත්‍රමය උඩුවියනක් සාදන ප්‍රමුඛතම ශාක විශේෂයන් වේ. වඩාත් උසින් පිහිටා ඇති ශාක ප්‍රමුඛව උඩුවියන් ස්ථරයට ඉහළින් පැන නගී. උඩුවියනෙහි ඉහළම ස්ථරය ඔකිඩ්, පෙද වර්ග සහ ලයිකන වැනි අපි ශාක සංනතියක් මගින් සන්දාරණය කරනු ලැබේ. ඒවා ශාක වල අතු මතට සවිවී ජීවත් වෙති. මෙම වැසිවනාන්තර වල භූමියෙහි පිහිටා ඇති ශාක වල වර්ධනය ඉහළ පිහිටා ඇති මෙකි උඩුවියන නිසා බිම්මට්ටමට අඩු සුර්යයා ලෝකයක් ලැබීම හේතුවෙන් අඩාල වේ. මෙවායෙහි බිම් ප්‍රදේශ වල වඩාත් සුලභව දක්නට ඇත්තේ සෙවන සදහා ඔරොත්තු දෙන පදුරු වර්ග, ඖෂධ පාලෑටි, පර්නානංග, කුඩා ශාක සහ විශාලකාෂ්ඨිය වැල් වර්ගයන්ය.මෙම වැල් ශාක වල ඉහළට එතෙමින් ඉහළින් ලැබෙන සුර්යයා ලෝකය ලබා ගැනීමට උත්සාහ දරති. මෙලෙස බිම් මට්ටමෙහි සාපේක්ෂ වශයෙන් අඩු ශාක ඝණත්වයක් පැවතීම හේතුවෙන් මිනිසුන්ට සහ සතුන්ට මෙම වන්නාතර හරහා ඇවිද ගෙන යාමට හැකියාව ලැබේ. යම්කිසි හේතුවක් නිසා උඩුවියන් ස්ථරයට හානි පැමිණ වු වනාන්තර වල හෝ පතන ශීලි සහ අර්ධ පතන ශීලි වනාන්තර වල පහලින් පිහිටා ඇති භූමිය ඉතාමත් ඝණව එකිනෙක පැටලි ඇති වැල් වලින්, පදුරු වලින් සහ කුඩා ශාක වලින් ඉතා ක්ෂණයකින් ඝනාවාස වේ. මේවාට කුඩා කැලයක් ලෙස අර්ථ දැක්වීමක් විය හැකිය.
මෙම වැසි වනාන්තර වල වාර්ෂික වර්ෂා පතනය අගල් 50 සිට 260 දක්වා (සෙ.මි. 125 සිට 660)
ද වන අතර උෂ්ණත්වය සෙන්ටිග්‍රේට් 20 සිට 25 (පැරන්හයිට් 77 – 82) අතර වේ.
References
http://en.wikipedia.org/wiki/Tropical_rainforest
|
9,959 |
https://si.wikipedia.org/wiki/%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%94%E0%B6%AD%E0%B7%8A-%E0%B6%A0%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B6%9A%20%E0%B6%86%E0%B7%80%E0%B6%BD%E0%B7%92%E0%B6%BA
|
විද්‍යුත්-චුම්බක ආවලිය
|
විද්‍යුත් චුම්බක ආවලිය යනු විද්‍යුත් චුම්බක විකිරණවල සම්පූර්ණ පරාසය වේ. හැඳින්වෙන්නේ ලාක්ෂණික ව එම වස්තුව අවශෝෂණය හෝ විමෝචනය කරන සියලු පරාස වල විද්‍යුත් චුම්බක තරංග වල එකතුවයි. ඉතා පහල සංඛ්‍යාත වල ඇති රේඩියෝ තරංග වල සිට ඉහළ සංඛ්‍යාත සහිත ගැමා කිරණ දක්වා විද්‍යුත් චුම්බක වර්ණාවලිය විහිදෙයි. එහි තරංග ආයාමය කිලෝමීටර දහස් ගණනක් වන තරංග වල සිට පරමාණුවකටත් වඩා කුඩා තරංග ආයාමයක් ඇති තරංග ඇත. ඊට ගත හැකි උපරිම තරංග ආයාමය විශ්වයෙහි පළල වන අතර, කුඩාතම තරංග ආයාමය වන්නේ ප්ලාන්ක් දූරකය යි. කෙසේ වුව ද වර්ණාවලිය අනන්ත සහ සන්තතික බව සැලැකේ.
සුචිය
වර්ණාවලියේ පරාසය
Y ගැමා කිරණ
Hx දෘඩ x - කිරණ
Sx මෘදු x - කිරණ
EUV අධිපාරජම්බුල
NUV සමීප පාරජම්බුල (දෘශ්‍ය ආලෝකය)
NIR සමීප අධෝරක්ත
MIR සාමාන්‍ය අධෝරක්ත
FIR දුර අධෝරක්ත
වර්ණාවලියේ පරාසය
මෙම ප්ලාස්මා සංඛ්යාතය පහළට සංඛ්යාතය f, තරංග ආයාමය λ .2.4 × 1023 Hz ට (1 GeV තරම් ගැමා කිරණ) සිට තාරකා විද්යාව පරාසය නිරීක්ෂණය ඊ සංඛ්යාත: විද්යුත් චුම්භක තරංග සාමාන්යයෙන් පහත සඳහන් තුනක් භෞතික ගුණ ඕනෑම විසින් විස්තර කර ඇත අයනීකරණයට අන්තර් තාරීය මාධ්යයක (~ 1 kHz ට). තරංග ආයාමය, සංඛ්යාතය රැල්ල ප්රතිලෝමව සමානුපාතික වේ [6] එම නිසා වර්ණාවලියේ ප්රතිවිරුද්ධ අවසන් මත තරංග ආයාම විශ්වය තරම් කාලයක් විය හැකි බැවින්ද ගැමා කිරණ, පරමාණු ප්රමාණයේ භාග බව ඉතා කෙටි තරංග තියෙනවා. ෆෝටෝන බලශක්ති රැල්ල සංඛ්යාත කෙලින්ම සමානුපාතික වේ, එසේ ගුවන් විදුලි තරංග ෆෝටෝන (අ femtoelectronvolt පමණ) ඉතා අඩු ශක්ති ලබා ඇති අතර ගැමා කිරණ ෆෝටෝන, (අ බිලියන ඉලෙක්ට්රෝන වෝල්ට් පමණ) ඉහළම බලශක්ති ඇත. මෙම සබඳතා පහත සඳහන් සමීකරණ මගින් විදහා ඇත:
විද්යුත් චුම්භක තරංග කාරණය සමග මාධ්යයෙන් පවතී සෑම මොහොතකම, ඔවුන්ගේ තරංග ආයාමය අඩු වේ. මෙම සෑම විටම පැහැදිලි ලෙසම ප්රකාශ නොවේ වුවත් විද්යුත් චුම්භක විකිරණ තරංග ආයාම, උනත් තමන් ගමන් දේ, මධ්යම සාමාන්යයෙන් රික්තයෙන් තරංග ආයාමය අනුව උපුටා ඇත.
සාමාන්යයෙන් විද්යුත් චුම්භක විකිරණ ගුවන් විදුලි තරංග, ක්ෂුද්ර තරංග, terahertz (හෝ උප-මිලිමීටර) බවට තරංග ආයාමය විසින් වර්ගීකරණය විකිරණ, අධෝරක්ත, දෘශ්යමාන කලාපයේ ආලෝකය, පාරජම්බුල කිරණ, එක්ස් කිරණ සහ ගැමා කිරණ ලෙස පෙනේ. විද්යුත් චුම්භක විකිරණ හැසිරීම එහි තරංග ආයාමය මත රඳා පවතී. විද්යුත් චුම්භක විකිරණ තනි පරමාණු සහ අණු සමඟ අන්යේන්ය විට, එහි හැසිරීම ද ක්වොන්ටම් (ෆෝටෝන) අනුව බලශක්ති ප්රමාණය මත රඳා පවතී එය පමණකි.
වර්ණාවලීක්ෂය 700 Nm, 400 nm වන දෘශ්යමාන පරාසය වඩා EM සමාගමෙහි වර්ණාවලියේ වඩා පුළුල් කලාපය මගින් විනාශ කළ හැකිය. පොදු රසායනාගාර වර්ණාවලීක්ෂයක් 2500 nm ට 2 Nm සිට තරංග ආයාම මගින් විනාශ කළ හැකිය. වස්තූන්, වායු හෝ තාරකා භෞතික ගුණ ගැන විස්තරාත්මක තොරතුරු උපකරණය මේ ආකාරයේ ලබා ගත හැක. Spectroscopes පුළුල් ලෙස තාරකා භෞතික විද්යාව තුළ භාවිතා වේ. උදාහරණයක් ලෙස, බොහෝ හයිඩ්රජන් පරමාණු 21,12 cm ට තරංග ආයාමය ඇති බව ගුවන් විදුලි තරංග ෆෝටෝන විමෝචනය කරනු ලබයි. එසේම, 30 Hz සංඛ්යාත සහ පහත දක්වා විසින් නිෂ්පාදනය හා සමහර තාරකා නිහාරිකා අධ්යයනය වැදගත් වේ ගත හැකි [10] සහ Hz 2.9 × 1027 ක් තරම් ඉහල සංඛ්යාත තාරකා ආරංචි මාර්ග අනාවරණය කර ඇත. [11]
රේඩියෝ තරංග
EHf අධි ඉහළ සංඛ්‍යාත
SHf සුපිරි ඉහළ සංඛ්‍යාත
UHf අති උච්ච සංඛ්‍යාත
VHf ඉතා උස් සංඛ්‍යාත
HF උච්ච සංඛ්‍යාත
MF මධ්‍ය සංඛ්‍යාතය
LF අඩු සංඛ්‍යාත
VLF ඉතා අඩු සංඛ්‍යාත
VF කථක සංඛ්‍යාත
ELF අතිශය අඩු සංඛ්‍යාත
සාමාන්‍යයෙන් විද්යුත් චුම්භක විකිරණ - විද්‍යුත් ශක්තිය ගුවන් විදුලි ක්ෂුද්‍ර තරංග අධෝරක්ත හා දෘෂ්‍ය පරාසය ලෙස සලකන ආලෝකය පාරජම්බුල, x කිරණ , ගැමා කිරණ ආදී ලෙස තරංග ආයාමය අනුව කාණ්ඩ කෙෙර්.
විද්‍යුත් චුම්භක විකිරණයේ හැසිරීම එහි තරංග ආයාමය මත රඳා පවතී.ඉහළ සංඛ්‍යාත තරංගවල තරංග ආයාමය අඩු අගයක් වන අතර පහළ සංඛ්‍යාතවල තරංග ආයාමය වැඩි අගයක් ගනියි. විද්‍යුත් චුම්භක විකිරණ ඒක පරමාණූ හා අණු සමග ගැටෙන විට එහි හැසිරීම එමගින් ක්වොන්ටමයකට ගෙන යන ශක්තිය මත රඳා පවතී.විද්‍යූත් චුම්භක විකිරණ අශ්ඨකවලට බෙදිය හැක. (ශබ්ද තරංග ආකාරයට) - එවිට අශ්ඨක අසු එකක් ලැබේ.
400nm සිට 700nm දක්වා වූ දෘෂ්‍ය පරාසයට වඩා විද්‍යුත් චුම්භක වර්ණාවලියේ වඩා පුළුල් පරාසයක් වර්ණාවලීක්ෂණය මගින් අනාවරණය කළ හැක. සාමාන්‍ය පරීක්ෂණාගාරය වර්ණාවලීක්ෂයකින් 2nm සිට 2500 nm දක්වා තරංග ආයාම ඇති විද්‍යුත් චුම්භක තරංග අනාවරණය කළ හැක. මෙවැනි උපකරණ ඇසුරෙන් වායූන්, යම් වස්තූන් හෝ තාරකාවන්ගේ පවා භෞතික ලක්ෂණ විස්තරාත්මකව නිරීක්ෂණය කළ හැක. තාරකා භෞතික විද්‍යාවේ දී මෙය පුළුල්ව යොදා ගැනේ. උදාහරණයක් ලෙස හයිඩ්‍රජන් පරමාණු 21.12cm ක තරංග ආයාමයක් සහිත ගුවන් විදුලි තරංග මුදාහරී.
ආලෝකය
මිනිස් ඇසට සන්වේදනය වන 400nm සිට 700nm පරාසයේ තරංග ආයාම සහිත විද්‍යුත් චුම්බක විකිරණ දෘෂ්‍ය ආලෝකය වශයෙන් හඳුන්වයි. අනෙකුත් තරංග ආයාමයන් විශේෂයෙන් යාබද අධෝරක්ත කලාපය (700 nm ට වඩා වැඩි) හා පාරජම්බුල (400 nm ට කුඩා) කලාපය මිනිසාට දෘෂ්‍ය නොවුවත්,(විශේෂයෙන් මිනිස් ඇසේ සංවේදී බව අදාල නොවන විට) ආලෝකය වශයෙන් හඳුන්වයි.
යම් විකිරණයක සංඛ්‍යාතය විද්‍යුත් චුම්භක වර්ණාවලියේ දෘෂ්‍ය පරාසයට අයත් වේ නම් එම කිරණ යම් වස්තුවල වැදී (උදාහරණයක් ලෙස පළතුරු භාජනයක්) පරාවර්තනය වී අප ඇසට පතිත වූ විට අපට එම වස්තූන් දර්ශනය වේ. මෙම පරාවර්තිත සංඛ්‍යාත සමූහය අපගේ මොළයේ දෘෂ්ටි පද්ධතිය මගින් විවිධ වර්ණ හා තීව්‍රතාවලට වෙන්කරනු ලබයි. මේ ඔස්සේ අපට පළතුරු බඳුනක් දැකිය හැකි වුවත් එසේ වීමට හේතු වන කායික - මානසික සංසිද්ධිය මේ වන තෙක් නිවැරදිව තේරුම්ගෙන නොමැත.
කෙසේ වෙතත් බොහොමයක් තරංග ආයාමයන්හි අන්තර්ගත විද්‍යුත් චුම්භක විකිරණවල තොරතුරු මිනිසාට කෙළින්ම හඳුනාගත නොහැක. වර්ණාවලිය පුරා විහිදුණූ විද්‍යුත් චුම්භක විකිරණ ස්වභාවික ප්‍රභව මගින් නිපදවන අතර තාක්ෂණික ක්‍රම ඔස්සේ ද පුළුල් පරාසයක වූ තරංග ආයාමයන් නිපදවිය හැක. ප්‍රකාශ තන්තු මගින් ශබ්ද හෝ රූප බවට පත් කළ හැකි එහෙත් සෘජුවම බලා තේරුම්ගත නොහැකි ආලෝක සංඥා සම්ප්‍රේෂණය කරයි. මෙවැනි සම්ප්‍රේෂණයන් සඳහා යොදාගන්නා කේතනය ගුවන් විදුලි තරංග සඳහා වූ කේතනයට සමාන වේ.......................
ශුද තරංග
ශුද තරංග වන සුපිරි ඉහළ සංඛ්යාත (SHF - super-high frequency) සහ ඉතා ඉහළ සංඛ්යාත (EHF - extremely high frequency) ගුවන් විදුලි තරංග කෙටි පැත්තේ ය. ශුද තරංග යනු සාමාන්යයෙන් . සූක්ෂ්ම ශක්තිය klystron හා මැග්නෙටෝන නල සමග, සහ එවැනි ගන් හා IMPATT උපකරණ වැනි ඝණ දියෝඩ සමග ඉදිරිපත් කර ඇත. මයික්රොවේව් අවන් ද්රව තුළ ද්වී ධ්රැව මොහොතේ ඇති බව අණු මගින් අවශෝෂණය වේ. ක්ෂුද්ර තරංග උදුන, මෙම බලපෑම ආහාර උණුසුම් කිරීම සදහා භාවිතා කරනු ලබයි. මෙම තාප උණුසුම ඇති කිරීමට නොහැකි තීව්රතාව මට්ටම් වුවත් අඩු-තීව්රතාව සූක්ෂ්ම විකිරණ, Wi-Fi-භාවිතා වේ.
පරිමාමිතික උණුසුම, සූක්ෂ්ම තරංගය විසින් භාවිතා ලෙස නොව, තාප තාපය, විපරිණාමී ප්රවාහයක ලෙස, විද ත් චුම්බක ද්රව්යමය හරහා බලශක්ති මාරු කෙරෙනු ඇත. මෙම ප්රතිලාභය වඩාත් නිල ඇඳුම උණුසුම හා උණුසුම කාලය අඩු; මයික්රොවේව් අවන් සාම්ප්රදායික උණුසුම ක්රම කාලය 1% වඩා අඩු ද්රව්යමය රත් කළ හැකිය.
විට ක්රියාකාරී, සාමාන්ය Microwave Oven එවැනි ජංගම වෛද්ය උපාංගයන් හා දුර්වල කර, පාරිභෝගික ඉලෙක්ට්රොනික උපකරණ සොයා වැනි දුර්වල නිවාරිත විද්යුත් චුම්භක ක්ෂේත්ර සමග සමීප පරාසයක දී ඇඟිලි ගැසීම් සිදු කිරීමට ප්රමාණවත් තරම් ප්රබල වේ
References
http://en.wikipedia.org/wiki/Electromagnetic_waves#Electromagnetic_spectrum
විද්‍යාව
භෞතික විද්‍යාව
රසායන විද්‍යාව
විද්‍යුත් චුම්බක තරංග
|
9,961 |
https://si.wikipedia.org/wiki/%E0%B7%83%E0%B7%80%E0%B7%8F%E0%B6%B1%E0%B7%8F%20%E0%B6%B4%E0%B6%BB%E0%B7%92%E0%B7%83%E0%B6%BB%20%E0%B6%9A%E0%B6%BD%E0%B7%8F%E0%B6%B4
|
සවානා පරිසර කලාප
|
සවානා පරිසර කලාප විවිධ වර්ග කිපයකට අයත් වේ.
නිවර්තන සහ උපනිවර්තන සවානා. - මේවා වර්ගිකරණය කර ඇත්තේ නිවර්ථන සහ උපනිවර්ථන තෘණ භූමි සහ පඳුරු බිම් ලෙසය. එනම් නිවර්ථන සහ උපනිවර්ථන තෘණ බිම්, සවානා සහ පඳුරු බිම් බයෝම ලෙසයි. අප්‍රිකාවෙහි සෙරන්ගෙටි හි සවානා බිම් එහි වන ජීවිතය සඳහා ප්‍රසිද්ධියක් දරයි.
සෞම්‍ය සවානා බිම්. - මේවා මධ්‍ය අක්ෂාංශ සවාන බිම් වන අතර ඒවාට තෙත් ග්‍රීෂ්ම සෘතුවක් සහ වියළි ශ්‍රීත සෘතුවක් අයත්වේ. ඒවා සෞම්‍ය සවානා සහ පඳුරු බිම් ලෙස වර්ගීකරණය කර ඇත. එනම් උෂ්ණ තෘණ බිම්, සවානා සහ පඳුරු බිම් බයෝමයි.
මධ්‍යධරණි සවානා. - මේවා මධ්‍ය අක්ෂාංශ සවානා බිම් වන අතර ඒවා මධ්‍යධරණි දේශ ගුණයක් පවතින මද වැසි ඇති ශීත කලාප සහ වියළි උණුසුම් ග්‍රීෂ්ම කලාප පවතින මධ්‍යධරණි කැළෑ දැව භූමි සහ පඳුරු බයෝම වල අන්තර්ගත වේ. කැලිෆෝනියාවේ ඕක් ශාක සවානා යනු කැලිෆෝනියාවේ චැපරාල් සහ දැව භූමි කලාපවල කොටසකි.
ජල ගැලීම් වලට ලක්වන සවානා. - මේවා නම් යම්කිසි කාලයකට හෝ වසරක් පාසා ජලගැලීම් වලට ලක්වන සවානා වර්ග වේ. ඒවා ජල ගැලීම් වලට ලක්වන තෘණ බිම් සහ සවානා බයෝම ලෙස වර්ගීකරණයට ලක්වේ. මේවා බොහෝ විට දක්නට ලැබෙන්නේ නිවර්ථන සහ උපනිවර්ථන ප්‍රදේශ වලයි.
කඳුකර සවානා. -මේවා ඉහළ උන්නතාංශ වල පිහිටන සවානා වර්ග වන අතර ඒවා ලොව පුරා ඉහළ කඳු මුදුන් ප්‍රදේශ වල ස්ථාන කිහිපයක පමණක් පිහිටා ඇත. ඒවා කඳුකර තෘණ භූමි සහ පදුරු බිම් බයෝම වේ. ඇන්ගෝලන් බෑවුම් සවානා සහ දැව බිම් සවානා වර්ග මෙකී වර්ග වලට උදාහරණ වේ.
මූලාශ්‍ර
Savanna_ecoregions
en:Savanna#Savanna_ecoregions
|
9,963 |
https://si.wikipedia.org/wiki/%E0%B7%83%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%20%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B7%80
|
සත්ත්ව විද්‍යාව
|
සත්ව විද්‍යාව
සත්ත්වයන්ගේ ජිවිතය පිළිබඳව අධ්‍යයනය කිරීම සත්ත්ව විද්‍යාව නම් වේ. ජීව විද්‍යාව යනුවෙන් අප අදහස් කරන දේහි අන්තර්ගත වන්නේ ජීවයෙහි ස්වාභාවික ඉතිහාසය පිළිබඳව අධ්‍යයනයක යෙදීමයි. චාල්ස් ඩාවින්ගේ ජීවිත කාලය තුල ඔහු විසින් සිදු කරන ලද කැපකිරීම් වල ප්‍රතිඵලයක් වශයෙන් ඉහත කී ජීවයෙහි ස්වාභාවික ඉතිහාසය පිළිබඳව නූතන විද්‍යාත්මක සොයා ගැනීම් සිදු කරන ලදී. අපදන්නා පරිදි සත්ත්ව විද්‍යාව මූලික වශයෙන් ගොඩ නැගෙන්නේ ජර්මනියේ සහ බ්‍රිතාන්‍ය විශ්ව විද්‍යාල වලය. බ්‍රිතාන්‍ය විශ්ව විද්‍යාල වල සත්ත්ව විද්‍යාත්මක පුහුණු මධ්‍යස්ථාන මූලික වශයෙන් ස්ථාපිත කරන ලද්දේ තෝමස් හෙන්රි හක්ස්ලි විසිනි. ඔහු විසින් සත්ත්වයින්ගේ රූපාකාරය පිළිබඳව අවධානය යොමු කල අතර 19 වන ශත වර්ෂයේ දෙවන භාගයේදී ඒ පිළිබඳව අවධානය යොමු කරන ලද විශිස්ඨතම සන්සන්දනාත්මක කායව්‍යවච්ඡවේදියෙකු විය. ඔහුගේ පාඨමාලාව දේශන සහ විද්‍යාගාර ප්‍රායෝගික පන්ති වලින් සමන් විත වු අතර මේ ක්‍රියාකාරකම් බහුලව පැතිර පැවතුනි.
හක්ස්ලි විසින් පර්යේෂණයට භාජනය කර සොයා නොගන්නා තවත් බොහෝ දේ ඉතිරිව පැවතුණි ඒවායින් සමහරක් නම් ඔවුන්ගේ පරිසර වලදී සත්ත්වයින් පිළිබඳව අධ්‍යයනය කිරීමයි. මෙය ඩාවින් සහ ඇල්ෆ්‍රඩ් රසල් වැලේස් විසින් අධ්‍යයනය කරන ලදී. (මොවුන් දෙදෙනො පසු කලෙක ස්වාභාවික වරණ වාදය පිළිබඳව අදහස් ඉදිරිපත් කරන ලදී) ඩාවින් හෝ වැලේස් යන විද්‍යාඥයන් දෙදෙනා ගෙන් එක් අයෙකු වත් විශ්ව විද්‍යාලයක දේශක තනතුරක් දැරුඅය නොවු නිසා ඔවුන්ගේ මෙම ඉදිරිපත් කිරීම් ඉතා පුදුම සහගත ලෙස විද්‍යාත්මක ප්‍රජාව අතින් බැහැර කිරීමකට ලක්කෙරිණි. ක්‍රමක්‍රමයෙන් හක්ස්ලිගේ සන්සන්දනාත්මක කායවිව්‍යච්ජේද විද්‍යාවට අනෙකුත් ක්‍රමෝපායන් මගින් සහයෝගයක් ලැබිණි. 20 වන ශත වර්ෂයේදී මෙලෙස සොයා ගැණුනු සත්ත්ව විද්‍යාව නම් ක්ෂේත්‍රයෙහි පහත ඒවා අන්තර්ගත වී ඇත.
1. සන්සන්දනාත්මක කායවිව්‍යච්ජේද විද්‍යාව - මෙහිදි සත්ත්වයන්ගේ ආකෘතිය පිලිබදව අධ්‍යයනය කෙරේ. 2. සත්ත්වයින්ගේ භෞත වේදය - කායවිවච්ඡේද 2.විද්‍යාව සහ කළල විද්‍යාව ඇතුලත්වු විවිධ ක්ෂේත්‍ර ඔස්සේ මේ පිළිබඳව හැදැරේ.
3. ශාක හා සතුන්ගේ පොදු ජානමය සහ සංවර්ධනය වීමේ ක්‍රමෝපායන් අණුක ජිව විද්‍යාව අණුක ප්‍රවේණි විද්‍යාව සහ සංවර්ධනාත්මක ජීව විද්‍යාව මගින් අධ්‍යයනය කෙරේ.
4. සත්ත්වයන්ගේ හැසිරිම පිළිබඳව අධ්‍යයනය කරන චර්යයා විද්‍යාව
5. සත්ත්වයන්ගේ පරිසර විද්‍යාව චර්යාත්මක පරිසර විද්‍යාව සහ අනෙකුත් ක්ෂේත්‍ර මගින් ආවරණය කෙරේ.
6. සත්ත්වයන්ගේ සහ ශාක වල පරිණාමය වීමේ ජීව විද්‍යාව පරිණාමය, පුවේණි විද්‍යාව, ප්‍රවේණිය විවිධත්වය, මෙන්ඩලීය වාදය සහ ප්‍රජනනය යන ලිපි වල සලකා බැලේ.
7. ක්‍රමානුකූල සත්ත්ව ලෝක අධ්‍යයනය, වංශ ප්‍රවේනිය, ජෛව භූගෝල විද්‍යාව සහ වර්ගීකරණය මගින් සත්ත්ව විශේෂ පොදු පැවතෙන්නන් සහ කලාපීය සම්බන්ධතාවයන් පිළිබඳ වර්ගීකරණයක් සිදු කරනු ලබයි.
8. වර්ගීකරණය මත පදනම්ව ඇති කරන ලද ක්ෂිර පායින් පිළිබඳ අධ්‍යයන විද්‍යාව සහ පක්ෂි විද්‍යාව මගින් විවිධ විශේෂ හදුනාගෙන ඔවුන්ගේ ව්‍යුහය සහ ක්‍රියාකාරීත්වයන් වර්ගිකරණයට ලක් කරන අතර සතුන් අතර විශාලතම කාණ්ඩය වන කෘමීන් පිළිබඳව අධ්‍යයනය කෘමි විද්‍යාව මගින් සිදු කරනු ලබයි.
9. පාෂාණ ධාතු විද්‍යාව
සත්ව විද්‍යා වර්ගිකරණ ක්‍රම
රූපාකාරය පිළිබඳ විද්‍යාත්මක පැහැදිලි කිරිම හෙවත් Morphography විෂයට අයත් වන්නේ වර්තමානයේ ජීවත්වන හා නෂ්ට වු සතුන් හා ඔවුන්ගේ ව්‍යාප්තිය, ව්‍යාප්ති ප්‍රදේශය සහ කාලය පිළිබඳ ගවේෂණය හා තොරතුරු වගු ගත කිරිමයි.
සත්ව විද්‍යාවේ ඇරුණෝදය ඇති වන්නේ සත්ව විද්‍යාවට ටික කලක් ගතවූ පසුය.මෙහිදි වර්ෂ 1492 දී oxford හිදි උපතලත් භෞතවේදය හදාරා 1555 දි මියගිය ඉංග්‍රිසි ජාතික එඩ්වඩ් වොටින් ගේ නම කැපී පෙනේ. මොහු 1552 දී පැරිසියෙදි ප්‍රකාශයට පත්කරන ලද "the differentiss animaliun" නම් ප්‍රබන්ධය ප්‍රකාශයට පත් කළේය. සරලව ගත්විට වොටින් ඇරිස්ටොටප්යාදි දාර්ශනිකයෙති. ඔහු ඉගැන්වු බොහෝ මනංකල්පිත සංකල්ප මධ්‍යතන යුගයේදි සත්ව විද්‍යාවේ පදනම ලෙස ක්‍රියා කළේය. මෙහිදි ඔහු පෞරාණික සහ මායාකාරි මත බැහැර කළ අතර ඇරිස්ටොටල් මත ප්‍රතිස්ථාපනය කළේය. 16,17,18 යන සියවස්වලදි සත්ව විද්‍යාවේ දියුණුවට හේතු වුයේ මෙම ඇරිස්ටොටියානු සංකල්පයයි.
සටහන්
Zoology
ජීව විද්‍යාව
|
9,965 |
https://si.wikipedia.org/wiki/%E0%B7%86%E0%B7%92%E0%B6%B6%E0%B7%9C%E0%B6%B1%E0%B7%8F%E0%B6%A0%E0%B7%8A%E0%B6%A0%E0%B7%92%20%E0%B7%83%E0%B6%82%E0%B6%9B%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%20%E0%B6%B7%E0%B7%8F%E0%B7%80%E0%B7%92%E0%B6%AD%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A
|
ෆිබොනාච්චි සංඛ්‍යා භාවිතයන්
|
නිඛිල දෙකක මහා පොදු භාජකය නිර්ණය කිරීම සඳහා යුක්ලීඩ් ඇල්ගොරිතමයේ ක්‍රියාකාරී අවස්ථාවේ විශ්ලේෂණය සඳහා ෆිබොනැච්චි සංඛ්‍යා වැදගත් වේ. මෙම ඇල්ගොරිතමය සඳහා දිය හැකි අපහසුම ආදානය අනුයාත ෆිබොනාච්චි සංඛ්‍යා යුගලක් වේ.
ඩයෝපැන්ටනීය සමීකරණයක් භාවිතයෙන් ෆිබොනාච්චි සංඛ්‍යා අර්ථ දැක්විය හැකි බව පෙන්වීමට යූරි මැටියයෙවිච් සමත් වූ අතර එය හිල්බර්ච්ගේ දහවැනි ගැටලුව සඳහා ඔහු ඉදිරිපත් කළ විසඳුමේ මුල් ආකාරයට මඟ පෑදීය.
ලොසැනික් සහ පැස්කල් ත්‍රිකෝණවල නොගැඹුරු විකර්ණවල ඓක්‍යයේ ෆිබොනාච්චි සංඛ්‍යා හමුවේ. (ද්විපද සංගුණකය බලන්න)
ෙඑක්‍යය තුළ අනුයාත ෆිබොනාච්චි සංඛ්‍යා යුගලක් අන්ර්ගත නොවන ආකාරයට ඕනෑම ධන නිඛිලයක් අනන්‍ය ලෙස ප්‍රභින්න ෆිබොනාච්චි සංඛ්‍යා එකක හෝ කිහිපයක ඓක්‍යයක් ලෙස ලිවිය හැක. මෙය සිකෙන්ඩෝෆ් ප්‍රමේයය ලෙස හැඳින්වෙන අතර මෙම නියම පිළිපදින ෆිබොනාච්චි සංඛ්‍යා ඓක්‍යයක් සිකෙන්ඩෝෆ් නිරූපණයක් නම් වේ.
සමහරක් ව්‍යාප්ත සසම්භාවී අංක ජනක ෆිබොනාච්චි සංඛ්‍යා භාවිතා කරයි.
දිග අතර අනුපාතය දළ වශයෙන් φ ට සමාන වන පරිදි අනුක්‍රමික ෆිබොනාච්චි සංඛ්‍යා යුගලකට අනුරූප වන පිළිවෙලට සකස් නොකල ලැයිස්තුවක් කොටස් දෙකකට බෙදීමට යොදාගන්නා මිශ්‍රක ආකාර ඇල්ගොරිතමයේ බහු කලා ආකාරය සඳහා ෆිබොනාච්චි සංඛ්‍යා යොදා ගැනේ. The Art of Computer Programming නම් ප්‍රකාශනයේ මිශ්‍රක බහු කලා ආකාරයේ පටි ධාවන ක්‍රියා ක්‍රමවේදයක් විස්තර කර ඇත.
ෆිබොනාච්චි බහු දත්ත ව්‍යුහයේ විශ්ලේෂණයේ දී ෆිබොනාච්චි සංඛ්‍යා ලැබේ.
ෆිබොනාච්චි සෙවුම් යාන්ත්‍රණය නම් ඒකමාන ප්‍රශස්තකරණ ක්‍රමවේදයේ දී ෆිබොනාච්චි සංඛ්‍යා භාවිතා වේ.
සංගීතයේ දී සුසර කිරීම් සඳහා ෆිබොනාච්චි සංඛ්‍යා ඇතැම් විට භාවිතා වන අතර දෘශ්‍ය කලා ක්ෂේත්‍රයේ දී විධිමත් මුලාංගවල අන්තර්ගතය, දිග ප්‍රමාණ හා විශාලත්වය නිර්ණය කිරීම සඳහා ද ෆිබොනාච්චි සංඛ්‍යා භාවිතා වේ. තවද බෙලා බැටොක්ගේ “Music for Strings, Percussion, and Celesta හි සඳහන් පළමු චලනයේ ව්‍යුහය ෆිබොනාච්චි සංඛ්‍යා ඇසුරින් නිර්මිත බව විශ්වාස කෙරේ.
සැතපුම් , කිලෝමීටර බවට පරිවර්තනය කිරීම සඳහා යොදාගන්නා පරිවර්තන සාධකය වන 1.609344 (φ මඟින් නිරූපිත) රන්මය අනුපාතය ආසන්න වන බැවින් සැතපුම් මඟින් කියැවෙන අගයක් ෆිබොනාච්චි සංඛ්‍යාවල එකතුවක් බවට වියෝජනය කර එම ඓක්‍යයේ ඇති ෆිබොනාච්චි සංඛ්‍යා ඒවායේ අනුයාත්‍රී ෆිබොනාච්චි සංඛ්‍යා මඟින් විස්ථාපනය කළ විට ලැබෙන අගය මුල් සැතපුම් අගය අනුරූප කිලෝමීටර අගයට බොහෝ දුරට සමාන වේ. මෙම ක්‍රමයේ දී සිදු වන්නේ φ පාදයේ රන්මය අනුපාතයට අයත් මූලක 2 සංඛ්‍යා අනුලැකියක තැන් මාරුවකි. කිලෝමීටර අගයක් සැතපුම්වලට හැරවීම අනුලැකියේ පහලට තැන් මාරුවක් මඟින් කළ හැක.
References
http://en.wikipedia.org/wiki/Fibonacci_number#Applications
|
9,966 |
https://si.wikipedia.org/wiki/%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%94%E0%B6%AD%E0%B7%8A%20%E0%B6%A0%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%B7%E0%B6%9A%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B6%BA
|
විද්‍යුත් චුම්භකත්වය
|
විද්‍යුත් චුම්භක ඉතිහාසය
1820 අප්‍රේල් 02 වන දින සවස දේශනයකට සූදානමින් සිටි Hans Christian Orsted ට විශ්මය ගෙන දෙන සාධක රැසක් පරීක්ෂණයක් අතරතුර සිදුවිණි. ඔහු විසින් සකසන උපාංග වල බැටරිය ඇති නැති (on/off) කරන අවස්ථා වල මාලිමා කටුව චුම්භක උතුරින් යම් චලනයක් දක්වන බව පෙනිණි. මෙම චලනය දැකීමෙන් ධාරාව ගලා යන වයරය වටා චුම්භක ක්ෂේත්‍රය පැතිරී ඇති බව ඔහුට වැටහිණි. තවද විද්‍යුතය සහ චුම්භකත්වය අතර ඍජු සම්බන්ධයක් ඇති බව තහවුරු විය.
විද්‍යුත් චුම්භකත්වය
ඔහු එම සොයාගැනීම ගැන පිළිගත හැකි පරිදි සංසිද්ධිය පැහැදිලි නොකල අතර ගණිතමය රාමුවක් තුළ නිරුපණයට උත්සහ කලහ. කෙසේ හෝ මාස 3කට පසුව ඔහු වඩාත් තීවෘර විමර්ශනයක් පටන් ගන්නා ලදී. මෙම සිදුවීමෙන් කෙටිකලකට පසු ඔහු ,ඔහුගේ සොයාගැනීම් ප්‍රසිද්ධියට පත් කරන ලද අතර , ඔහු ධාරාව ගලාගෙන යන වයරය වටා චුම්භක ක්ෂේත්‍රයක් පැතිරී ඇතිබව තහවුරු කරන ලදී. විද්‍යුත්-චුම්භක ක්ෂේත්‍රයේ දායකත්වයට ගරු කිරීමක් වශයෙන් CGS ඒකකය මඟින් චුම්භක ප්‍රේරණයට oersted යන නම තබන ලදී.
ඔහුගේ සොයගැනීම්හි ප්‍රතිඵල විද්‍යුත් ගතික විද්‍යාත්මක පදනම සම්පූර්ණයෙන්ම තීවෘර පරීක්ෂණයකට භාජනය කරන ලදී. සන්නායක අතර විදයුතය ගෙන යාමේදී චුම්භකත්වයේ බලපෑම නිරූපනයට ප්‍රංශයේ හෞතික විද්‍යාඥ Andre-Marie Ampere ගේ සරල ගණිතමයන් යොදා ගැනීමට අනුබල දුනි. එසේම Orsted ගේ සොයාගැනීම නිරූපනයට ප්‍රධාන පියවරක් වන ශක්ති සංකල්පය සොයාගන්නා ලදී.
ධාරාවක් ගලා යන කම්බියක සෑම පැත්තක් වටාම චුම්භක ක්ෂේත්‍රයක් පවතී, යන ඔ(ර්)ස්ටෙඩ්ගේ සොයාගැනීම (1821 දී) මගින් විද්‍යුතය හා චුම්භකත්වය අතර සෘජු සම්බන්ධයක් ඇති බව හැගවේ. එමෙන්ම ඒ වන විට දැන් සිටි ගුරුත්වාකර්ෂණ හා ස්ථිති විද්‍යුත් යන ස්වාභාවික බල දෙකටම වඩා මෙකී අන්‍යෝන්‍ය ක්‍රියාවේ වෙනසක් දක්නට ලැබිණි. මාලිමාවේ කටුව මත බලය , ධාරාව රැගෙන යන කම්බිය දෙසට හෝ ඉන් ඉවතට නොව ඊට ලම්භකව ක්‍රියා කළේය. ‘විද්‍යුත් ඝට්ටනය , පරිභ්‍රමණ විලාසයකින් ක්‍රියා කරයි’ යන්න ඔ(ර්)ස්ටඩ්ගේ තරමක් අපැහැදිලි වචන කිහිපයකි. බලයද රදා පවතින්නේ ධාරාවේ දිශාව මතයි. ධාරාව ගලන දිශාව ප්‍රතිවර්ථ කළ විට බලයත් එසේම වෙනස් වේ.
ඔ(ර්)ස්ටඩ් තම සොයා ගැනීම සම්පූර්ණව අවබෝධ කර නොගත් නමුත් බලපෑම අන්‍යෝන්‍ය බව නිරීක්ෂණය කළේය. ධාරාවක් කාන්දම මත බලයක් යොදන අතර චුම්භක ක්ෂේත්‍රය මගින් ධාරාවක් මත බලයක් යොදයි. මෙම සංසිද්ධිය , ඇම්පියර් විසින් තවදුරටත් විමර්ශනය කළ අතර ධාරාව රැගෙන යන සමාන්තර කම්බි දෙකක් එකිනෙක මත බලයක් යොදන බව ඔහු සොයා ගත්තේය. එකම දිශාව ධාරාව සන්නයනය කරන කම්බි එකිනෙක ආකර්ශනය වන අතර දෙපසට ධාරාව සන්නයන කරන කම්බි එකිනෙක විකර්ශනය කරයි. එක් එක් ධාරාව ඇති කරන චුම්භක ක්ෂේත්‍රය මෙකී අන්තර් ක්‍රියාවට මූලිකවන අතර ඇම්පියරයේ ජාත්‍යන්තර අර්ථ කථනයට පදනමක් සකසයි.
විද්‍යුත් ක්ෂේත්‍ර හා ධාරා අතර මෙම සම්බන්ධය ඉතාමත් වැදගත් එකකි. 1821 දී මයිකල් ෆැරඩේ විද්‍යුත් මෝටරය නිපදවීමට හේතු වූයේ මෙකී සම්බන්ධයයි. ෆැරඩේගේ සම ධ්‍රැවීය මෝටරය රසදිය එකතුවක් තුළ තැබූ ස්ථිර චුම්භකයකින් සමන්විත විය. මෙහිදී කාන්දමට ඉහළින් හා රසදිය තුළ ගිල්වූ මැද ඇණයකින් සම්බන්ධ වූ කම්බියක් හරහා ධාරාව ගලා යෑමට සලසන ලදී. කාන්දම මගින් කම්බිය මත ස්පර්ශී බලයක් යොදයි. එබැවින් ධාරාව පවත්වාගන්නා තෙක් කම්බිය ,කාන්දම වටා කැරකෙනු ඇත.
1831 දී ෆැරඩේ සිදු කළ පරීක්ෂණ මගින් චුම්භක ක්ෂේත්‍රයකට ලම්භකව චලනයවන කම්බියක් දෙපස විභව වෙනසක් හට ගන්නා බව එළි විය. තව දුරටත් විද්‍යුත් චුම්භක ප්‍රේරණය ලෙස හදුන්වන මෙම ක්‍රියාවලිය පිළිබද කළ විශ්ලේෂණය තුළින් ඔහුට ෆැරඩේගේ ප්‍රේරණය පිළිබද නියමය ලෙසින් දැන් හදුන්වන මූලධර්මය ප්‍රකාශ කිරීමට හැකියාව ලැබිණි. ඉන් කියැවෙනුයේ සංවෘත පරිපථයක ප්‍රේරණය වන විභව අන්තරය , පුඩුව තුළින් චුම්භක ස්‍රාවය වෙනස් වීමේ සීඝ්‍රතාවයට අනුලෝමය සමානුපාතික බවයි. මෙම සොයා ගැනීම විමසීම තුළින් ඔහු 1831 දී භ්‍රමණය වන තඹ තහඩුවක යාන්ත්‍රික ශක්තිය , විද්‍යුත් ශක්තියට පරිවර්තනය කරමින් පළමු විදුලි උත්පාදකය නිපදවීය. ෆැරඩේගේ තැටිය අකාර්යක්ෂම හා ප්‍රායෝගික උත්පාදකයක් ලෙස ප්‍රයෝජනවත් නොවූවද ඔහුගේ කාර්ය ඉදිරියට ගෙන යන්නන් හට චුම්භකත්වය භාවිතා කර ගනිමින් විද්‍යුත් බලය උත්පාදනය කිරීමට හැකියාව ඇති බව පෙන්වා දුන්නේය.
ෆැරඩේගේ සහ ඇම්පියර්ගේ කාර්ය භාරය තුළින් කාලයත් සමග විචලනය වන චුම්භක ක්ෂේත්‍රයකට , විද්‍යුත් ක්ෂේත්‍රයක ප්‍රභවයක් ලෙසද කාලයත් සමග විලනයවන විද්‍යුත් ක්ෂේත්‍රයකට , චුම්භක ක්ෂේත්‍රයක ප්‍රභවයක් ලෙස ද ක්‍රියා කළ හැකි බව පෙන්වා දුන්නේය. එබැවින් එක් ක්ෂේත්‍රයක් කාලයත් සමග විචලනය වන විට අනිවාර්යයෙන්ම අනෙකෙහි ක්ෂේත්‍රයක් ප්‍රේරණය වේ. එවන් සංසිද්ධියකට තරංගයක ගුණ ඇති අතර සාමාන්‍යයෙන් විද්යුත් චුම්භක තරංගයක් ලෙස සැලකේ. සෛද්ධාන්තිකව විද්‍යුත් චුම්භක තරංග විශ්ලේෂණය 1864 දී ජේම්ස් ක්ලාක් මැක්ස්වෙල් විසින් සිදු කරන ලදී. මැක්ස්වෙල් විසින් විද්‍යුත් ක‍්ෂේත්‍රය, චුම්භක ක්ෂේත්‍රය , විද්‍යුත් ආරෝපණය හා විද්‍යුත් ධාරාව අතර අන්තර් සම්බන්ධතා පැහැදිව විස්තර කළ හැකි සමීකරණ සමූහයක් සොයාගත්තේය. ඊට අමතරව මෙවන් තරංගයක් ආලෝකයේ ප්‍රවේගයෙන් ගමන් කරන බව ඔප්පු කිරීමට ඔහුට හැකි වූ අතර ඒ හෙයින් ආලෝකය ද විද්‍යුත් චුම්භක විකිරණ ස්වරූපයක් බව සොයා ගත්තේය. ආලෝකය , ක්ෂේත්‍ර හා ආරෝපණ ඒකාබද්ධ කළ මැක්ස්වෙල්ගේ නියමයන් සෛද්ධාන්තික භෞතික විද්‍යා ඉතිහාසයේ වැදගත් සංධිස්ථානයකි.
References
http://en.wikipedia.org/wiki/Electricity#Electromagnetism
|
9,969 |
https://si.wikipedia.org/wiki/%E0%B6%87%E0%B6%BD%E0%B7%8A%E0%B6%9C%E0%B7%9C%E0%B6%BB%E0%B7%92%E0%B6%AD%E0%B6%B8
|
ඇල්ගොරිතම
|
1. 2 සිට ප්‍රාථමිකතාව සඳහා ඔබට පරීකෂා කිරීමට අවශ්‍ය විශාලම සංඛ්‍යාව දක්වා සංඛ්‍යා ලයිස්තුවක් ලියන්න. එම ලයිස්තුව A ලෙස හදුන්වමු. (මෙය පින්තූරයේ වම් පස වු කොටු ලයිස්තුවයි)
2. වෙනත් සොයා ගත් ප්‍රාථමික සංඛ්‍යා සඳහා වු ලයිස්තුවක ප්‍රථම සංඛ්‍යාව වන 2 ලියන්න. මෙම ලයිස්තුව B ලෙස හදුන්වමු. (මෙය පින්තූරයේ දකුණු පස වු ලයිස්තුවයි)
3. 2 හි සියලු ගුණාකාර A ලයිස්තුවෙන් කපා හරින්න.
4. ලයිස්තුවේ ඉතිරි ප්‍රථම අංකය ප්‍රාථමික අංකයකි. එම අංකය B ලයිස්තුව ලියන්න.
5. එම අංකය හා එහි ගුණාකාර සියල්ල A ලයිස්තුවෙන් කපා හරින්න. ගුණාකාර කපාහැරීම අදාල සංඛ්‍යාවේ වර්ගයෙන් ආරම්භ කළ හැක. මන්දයත් ඊට පහලින් ඇති ගුණාකාර පෙර පියවරේදී දැනටමත් කපා හැර ඇත.
6. A ලයිස්තුවේ කිසිදු අංකයක් ඉතිරි නොවන තෙක් පියවර අංක 4 හා 5 නැවත නැවතත් සිදු කරන්න. ඔබ A ලයිස්තුවේ විශාලම සංඛ්‍යාවේ වර්ග මූලයට වඩා වැඩි සංඛ්‍යාවකට ලගා වු විට A ලයිස්තුවේ ඉතිරි සියලු සංඛ්‍යා ප්‍රාථමික සංඛ්‍යා වන බවද අවධානයට ගන්න.
පහත දැක්වෙන්නේ ඇල්ගොරිතම සදහා වු ව්‍යාජ කේතයක
// arbitrary search limit
limit ← 1.000.000
// assume all numbers are prime at first
is_prime(i) ← true, i ∈ [2, limit]
for n in [2, √limit]:
if is_prime(n):
// eliminate multiples of each prime,
// starting with its square
is_prime(i) ← false, i ∈ {n², n²+n, n²+2n, ..., limit}
for n in [2, limit]:
if is_prime(n): print n
References
http://en.wikipedia.org/wiki/Sieve_of_Eratosthenes#Algorithm
|
9,974 |
https://si.wikipedia.org/wiki/%E0%B6%A2%E0%B7%9D%E0%B6%A2%E0%B7%8A%20%E0%B6%B6%E0%B7%96%E0%B6%BD%E0%B7%8A
|
ජෝජ් බූල්
|
බටහිර දර්ශනවාදය , 19 වැනි සියවසේ දර්ශනවාදය
නම - ජෝර්ජ් බූල්
උපත - 1815 නොවැම්බර් 2
ලින්කන්, ලින්කොන්ෂියර්, එංගලන්තය
විපත - 1864 දෙසැම්බර් 8
බැලින්ටෙම්පල්, කන්ට්‍රිකෝන්, අයර්ලන්තය
විද්‍යායතනය /
සම්ප්‍රදාය - පරිගණක විද්‍යාවේ ගණිතමය පදනම
මූලික කැමැත්ත - ගණිතය, තර්ක ශාස්ත්‍රය, ගණිතමය පිලිබද දර්ශනවාදය
විශිෂ්ට සංකල්ප - බුලියානු වීජ ගණිතය
ඔහු අභ්‍යාස
ලැබුවේ - නූතන පරිගණක විද්‍යාඥයින්, ජෙවෝන්ස්, ඩි මෝර්ගන්, පියර්ස්
ජොන්සන්, ෂැනෝන්
ජෝජ් බුලෝස් සමග පටලවා නොගන්න.
බුල් මෙහිදී වෙනතකට යොමු වේ. චන්ද්‍ර ආවාටය සදහා බුල් (ආවාටය) බලන්න.
ජෝජ් බුල් (IPA:[bu0l]) , 1815 නොවැම්බර් 2 – 1864 දෙසැම්බර් 8)
බ්‍රිතාන්‍ය ජාතික ගණිතඥයෙක් හා දාර්ශනිකයෙකි.
සියළුම නූතන පරිගණක අංක ගණිතයේ පදනම වන බුලියානු වීජ ගණිතයේ නිර්මාපකයා ලෙස, පරිගණක විද්‍යා ක්ෂේත්‍රයට පදනම දැමු අය අතරින් කෙනෙක් ලෙසින් බුල් සලකනු ලැබේ.
දාර්ශනිකයෝ
ගණිතඥ
|
9,982 |
https://si.wikipedia.org/wiki/%E0%B7%80%E0%B7%92%E0%B6%A0%E0%B6%BD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%AD%E0%B7%8F%E0%B7%80
|
විචල්‍යතාව
|
සංඛ්‍යාතයේදී හෝ සම්භාවිතා සිද්ධාන්තවලදී සසම්භාවී විචල්‍යයක හෝ සම්භාවිතා ව්‍යාප්තියක හෝ නියැදියකදී විචල්‍යතාව යනු සංවාද විද්‍යාත්මක ව්‍යාප්තිය පිළිබඳ මිණුමකි. දත්තයක සත්‍ය අගයත් උපකල්පිත අගයත් (මධ්‍යන්‍යය) අතර පවතින දුරෙහි වර්ගය මෙහිදී නිර්ණය වේ. මධ්‍යන්‍යය යනු ව්‍යාප්තියක පිහිටුම නිරූපණය කරන ආකාරයකි. විචල්‍යතාව, එහි විසිරුම් මට්ටම හෝ ප්‍රමාණය ග්‍රහණය කරන සාධකයකි. විචල්‍යතාවේ ඒකක සත්‍ය විචල්‍යයේ ඒකකයෙහි වර්ගය වේ. විචල්‍යතාවයෙහි ධන වර්ග මූලය සම්මත අපගමනය ලෙස හඳුන්වන අතර එහි ඒකක සත්‍ය විචල්‍යයේ ඒකකවලට සමාන වේ. තවද මෙවන් අවස්ථාවලදී එය අර්ථ දැක්වීම ද පහසුය.
සත්‍ය අගය සහිත සසම්භාවී විචල්‍යයක විචලතාව එහි දෙවන කේන්ද්‍රික ඝූර්ණයයි. තවද එය එහි දෙවන සමුවිචය බවට ද පත්වේ . සමහර ව්‍යාප්තවලට විචල්‍යතාවයක් නොපිහිටයි. සමහර ව්‍යාප්තිවලට මධ්‍යස්ථානයක් නොපිහිටයි. සමහර ව්‍යාප්තීන්‍වලට විචල්‍යතාවක් නොපිහිටයි. විචල්‍යතාවක් පවතින විට මධ්‍යස්ථයක් පවතී. නමුත් මෙය ප්‍රතිලෝම වශයෙන් සිදු නොවේ.
අර්ථදැක්වීම
X නම් සසම්භාවි විචල්‍යයක් සඳහා අපේක්ෂිත අගය (සාමාන්‍යය) වෙයි නම්, එවිට X හී විචල්‍යතාව හෙවත් එය සමග X හි සහවිචල්‍යතාව වන්නේ:
එනම්, විචල්‍යතාව යනු විචල්‍යයෙහි සාක්ෂාත්කරණය සහ විචල්‍යයෙහි සාමාන්‍යය අතර අන්තරයෙහි වර්ගයෙහි අපේක්ෂිත අගය වෙයි.
සංඛ්‍යානය
සම්භාවිතාව
|
9,983 |
https://si.wikipedia.org/wiki/%E0%B6%AF%E0%B7%9D%E0%B6%BD%E0%B6%B1%20%E0%B7%83%E0%B6%B3%E0%B7%84%E0%B7%8F%20%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%83%E0%B7%94%E0%B6%B1%E0%B7%8A
|
දෝලන සඳහා නිදසුන්
|
සරල අවලම්භය
පරිමන්දිත නොමැති බව සහ කුඩා විස්තාර උපකල්පනය කරමින් සරළ අවලම්භයක චලිතය විස්තර කරන අවකල්‍ය සමීකරණය
මෙම සමීකරණයේ විසඳුම
මගින් දෙනු ලබයි
මෙහි යනු අවලම්භය දෝලනයවන විශාල ම කෝණයයි. ආවර්ත කාලය යනු පුර්ණ දෝලනයක් සිදුවීම සඳහා ගතවන කාලයයි. එය යන්න ඉහත කොසයින සමීකරණය තුළ වූ කාලය සමග ගුණ කරන කොටස මගින් බෙදීමෙන් ලැබේ.(මෙහි )
බමරුවට ඉහළින් අවලම්භයේ පැද්දුම
සරළ අනුවර්තීය චලිතය සමහර අවස්ථාවල දී ද්විමාන වෘත්ත චලිතයක ඒකමාන ප්‍රක්ෂේපණයක් ලෙස සැලකිය හැක. පටිගත ධාවකයක වූ (record player) බමරුවට ඉහළින් පැද්දෙන දිග අවලම්භයක් සලකන්න. බමරුවෙහි එක් කොනක වස්තුවක් ඇත. වස්තුව, බමරුව සමග වූ එකම මට්ටමක සිට දිස්වන විට වස්තුවේ චලිතයෙහි ප්‍රක්ෂේපණය, ඍජු රේඛාවක් දිගේ ඉදිරියට හා පසුපසට චලිත වීමක් සේ පෙනෙයි. අවලම්භයේ චලිතය සමග නියම ලෙසම සම මුහුර්තකරණයක් වන පරිදි බමරුවෙහි භ්‍රමණ සංඛ්‍යාතය වෙනස් කළ හැකිනම්,
බමරුවේ කෝණික වේගය යනු අවලම්භකයේ ස්පන්දනයයි.
පොදුවේ, සරල රේඛීය සරල අනුවර්ත චලිතයේ ස්පන්දනය කෝණික සංඛ්‍යාතය ලෙස ද හදුන්වන, අනුරූප වෘත්තාකාර චලිතයේ කෝණික වේගය වේ.
එම නිසා කාලාවර්ථය T හා සංඛ්‍යාතය f = 1 / T වන චලිතයක ස්පන්දනය
පොදුවේ ස්පන්දනය හා කෝණික වේගය යනු එකම රාශියක් නොවේ. උදාහරණයක් ලෙස අවලම්භයක ස්පන්දනය යනු අවලම්බයේ කෝණික වේගය නොවේ. නමුත් එය අනුරූප වෘත්ත චලිතයෙහි කෝණික වේගය වේ.
දුනු ස්කන්ධ පද්ධතිය
දුන්නක් ස්කන්ධයක් මගින් ඇදුනු විට හෝ සම්පීඩ්‍ය වූ විට දුන්න මගින් ප්‍රතිස්ථාපන බලයක් ඇති කරයි. දුන්න යම් කිසි දිගක් සඳහා සම්පීඩ්‍ය වූ විට හෝ ඇදුන විට ඇතිවන බලය සදහා සම්බන්ධතාවයක් හුක් ගේ නියමයෙන් ලබාදේ.
මෙහි F යනු බලය ද K යනු දුනු නියතය ද x යනු සමතුලිත පිහිටීමට සාපේක්ෂව ස්කන්ධයේ විස්ථාපනයද වේ.
මෙම සම්බන්ධතාවය මගින් දුන්නේ දිග නිතරම දුන්නේ බලයට ප්‍රතිවිරුද්ධ බව පෙනෙයි.
බල තුලනයක් හෝ ශක්ති සංස්ථිතිය භාවිතයෙන් මෙම පද්ධතියේ චලනය පහත අවකල්‍ය සමීකරණයෙන් දෙනු බව පහසුවෙන් පෙන්විය හැක.
මුල් විස්ථාපනය A නම් සහ ආරම්භක ප්‍රවේගයක් නොමැති නම් මෙම සමීකරණයේ විසඳුම
මගින් දෙනු ලබයි
පරිමන්දිත දුනු පද්ධතියක ශක්ති විවිධත්වය
සියලු පද්ධතිවලට ශක්ති ආකාර දෙකක් පවතී. එනම් , විභව ශක්තිය හා චාලක ශක්තියයි. දුන්නක් ඇදුනු විට හෝ සම්පීඩ්‍ය කළ විට එය ප්‍රත්‍යස්ථ විභව ශක්තියක් ගබඩා කරගනී. ඉන්පසුව එය චාලක ශක්තිය බවට පරිවර්තනය වේ. දුන්නක් තුළ විභව ශක්තිය U = 1/2kx2 යන සමීකරණය මගින් නිර්ණය කරනු ලබයි.
දුන්න ඇදුනු විට හෝ සම්පීඩ්‍ය කළ විට , ස්ක්නධයේ චාලක ශක්තිය දුන්නෙහි විභව ශක්තිය බවට පරිවර්තනය වේ. එහි විභව ශූන්‍ය ලක්ෂ්‍ය සමතුලිත පිහිටීමේ ඇතැයි උපකල්පනය කළ විට ශක්ති සංස්ථිතිය මගින්, දුන්නෙහි උපරිම විභව ශක්තිය ගබඩා කර ගන්නා විට ස්කන්ධයෙහි වූ චාලක ශක්තිය ශූන්‍ය වේ. දුන්න නිදහස් කළ විට එය නැවතත් සමතුලිත වීමට උත්සාහ කරන අතර එහි සියලු විභව ශක්තිය ස්කන්ධයේ වූ චාලක ශක්තිය බවට පරිවර්තනය කරයි.
භෞතික විද්‍යාව
|
9,988 |
https://si.wikipedia.org/wiki/%E0%B6%85%E0%B6%82%E0%B6%9A%E0%B6%B1%E0%B6%BA%20%E0%B7%84%E0%B7%8F%20%E0%B6%B1%E0%B7%92%E0%B6%BB%E0%B7%8A%E0%B7%80%E0%B6%A0%E0%B6%B1%E0%B6%BA
|
අංකනය හා නිර්වචනය
|
න්‍යාසයක පවතින තිරස් රේඛා පේළි ලෙස ද සිරස් රේඛා තීරු ලෙස ද හැඳින්වේ. m හා n එම න්‍යාසයේ මාන ලෙස හැඳින්වේ. න්‍යාසයක මාන ප්‍රකාශ කරනුයේ හැමවිටම පළමුව පේළි සංඛ්‍යාව සහ දෙවනුව තීර සංඛ්‍යාව වශයෙනි. m එදිරියේ n ආකාරයේ න්‍යාසයක ගණය m x n ලෙස පොදුවේ ලියනු ලැබේ. (ගණනය මගින් විශාලත්වය හැඟේ. එකම ගණයට අයත් වූ ද අනුරූප දත්තයන් සමාන වූ ද න්‍යාසයන් යුගලක් එකිනෙක සම වේ යැයි සැලකේ.)
සැමවිටම පාහේ න්‍යාසයන් ඉංග්‍රීසි කැපිටල් අකුරු මගින් දක්වනු ලබන අතර න්‍යාසයන්ට අදාල සටහන් නිරූපණය සඳහා අනුරූප ඉංග්‍රීසි සිම්පල් අකුර සමග දර්ශක යුගලක් භාවිතා කෙරේ. උදාහරණයක් ලෙස A න්‍යාසයේ i වැනි පේළියේ j වැනි තීරුවේ පවතින ලක්ෂය aij මගින් සංකේතවත් කෙරෙන අතර එය i,j සටහන හෙවත් (i,j) වැනි සටහන ලෙස නම් කෙරේ. මෙම සටහන ඇතැම් විට A(i,j) හෝ A(i,j) ලෙසද ලියනු ලැබේ. හැමවිටම පළමුව අදාල පේළියත් තීරුවත් ලියනු ලැබේ. තවද යටිකුරු රහිතව A පමණක් යෙදීම මගින් මුළු න්‍යාසයම සංකේතවත් කෙරේ. වෙනත් විචල්‍යවලින් න්‍යාසයන් වෙන්කර දැක්වීම සදහා ඉංග්‍රීසි කැපිටල් අකුරු භාවිත කිරීමට අමතරව මුද්‍රණයේ දී එම අකුරු තද පැහැයෙන් මුද්‍රණය කිරීම කරනු ලැබේ. (ඇලකුරු ලෙස මුද්‍රණය නොකෙරේ) මෙම සම්මුතියට අනුව A යනු න්‍යාසයක් සංකේතවත් කරන අතර A අදීශයක් සංකේතවත් කරයි.
විකල්ප සම්මුතියක් වන්නේ න්‍යාසයේ මාන න්‍යාසය දක්වන සලකුණට යටින් කුඩා අකුරින් මුද්‍රණය කිරීමයි. එනම් r එදිරියේ c න්‍යාසයක් ලෙස සංකේතවත් කළ හැක.
A නම් m x n න්‍යාසය් දැක්වීම සදහා අප බොහෝ විට හෝ වැනි අංකනයක් යොදා ගනී. මෙහිදී 1 ≤ i ≤ m හා 1 ≤ j ≤ n ලෙස ai,j ට අදාල සියලුම සටහන් සියලු පූර්ණ සංඛ්‍යා සදහා වෙන වෙනම නිර්ණය කර ඇති සමහර ප්‍රකමණ භාෂාවලදී පේළි හා තීර අංකන ශූන්‍යයේ සිට ඇරඹේ. එබැවින් එවන් භාෂාවන්ට අදාල වන ග්‍රන්ථ භාවිතා කරන සම්මුතිය තරමක් වෙනස් වේ. එවන් විටෙක 0 ≤ i ≤ m-1 ද 0 ≤ j ≤ n-1 ලෙස ලියනු ලැබේ.කිසියම් න්‍යාසයක එක් මානයක් “1” ට සමවන්නේ නම් එය දෛශිකයක් ලෙස නම් කෙරෙන අතර එවිට එය තාත්වික ඛණ්ඩාංක අවකාශයේ අංශු මාත්‍රයක් ලෙස අර්ථ දැක්වේ. m × 1 (තනි තීරුවක් හා m පේළි සංඛ්‍යාවක් ඇති) ආකාරයේ න්‍යාසයක් තීර දෛශිකය ලෙසත් 1 × n (එක් පේළියක් හා n තීර සංඛ්‍යාවක් ඇති) න්‍යාසයක් පේළි දෛශිකයක් ලෙසත් හැඳින්වේ.
References
http://en.wikipedia.org/wiki/Matrix_%28mathematics%29#Definitions_and_notations
ගණිතය
න්‍යාස
|
9,992 |
https://si.wikipedia.org/wiki/%E0%B6%9C%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B6%A2%20%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%9A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%BA
|
ගුරුත්වජ ක්ෂේත්‍රය
|
ගුරුත්වජ ක්ෂේත්‍රය යනු අවකාශයේ ඕනෑම ස්ථානයක ඇති ඒකක ස්කන්ධයක් මත ඇතිවන ගුරුත්වජ බලය පැහැදිළි කරන දෛශික ක්ෂේත්‍රයකි. මෙම අගය එම අවස්ථාවේ ඇති ගුරුත්වර ත්වරණයට සමාන වේ.
මෙය වස්තූන් දෙකකට වඩා වැඩි ගණනක් භාවිතා වන විට (පොළව හා චන්ද්‍රයා අතර පවතින රොකට්ටුවක් මෙන්) අවශ්‍ය වන දෛශික ආකාරයෙහි සාධාරණීකරණය කළ ආකාරයකි. වස්තූන් දෙකක් සඳහා (පළමු වස්තුව වශයෙන් පොළවද, දෙවැනි වස්තුව වශයෙන් රොකට්ටුව ද) r12 වෙනුවට r වශයෙන් ද m2 වෙනුවට m වශයෙන් ද යොදා ගෙන ගුරුත්වජ ත්වරණය g(r) ලෙස පහත සඳහන් ලෙස අර්ථ දක්වයි.
එනිසා
ලෙස දැක්විය හැක.
මෙම සමීකරණය ක්ෂේත්‍ර සාදන වස්තූන් මත පරායත්ත වේ. ක්ෂේත්‍රයේ ඒකක ත්වරණයේ ඒකක වේ. SI ඒකකවලින් ms-2 වේ.
ගුරුත්වජ ක්ෂේත්‍රය ද සංස්ථිතික වේ. එනම් යම් ස්ථානයක සිට වෙනත් ස්ථානයකට ගුරුත්වජ බලය මගින් කෙරෙන කාර්ය එහි ගමන් මාර්ගයෙන් ස්වායත්ත වේ. මෙහි ප්‍රතිඵලයක් ලෙස V(r) වශයෙන් ගුරුත්වජ විභව ක්ෂේත්‍රයක් පවතී.
m1 යනු ලක්ෂීය ස්කන්ධයක් හෝ ඒකාකාරී ලෙස ස්කන්ධ ව්‍යාප්තියක් සහිත ගෝලයක් නම් ගෝලයෙන් පිටත බල ක්ෂේත්‍රය g(r) සමාවර්තනික වේ. එනම් ගෝලයේ කේන්ද්‍රයේ සිට වූ දුර (r) මත පමණක් රඳා පවතී.
ක්වොන්ටම් යාන්ත්‍ර විද්‍යාව
|
9,993 |
https://si.wikipedia.org/wiki/E%20%28%E0%B6%9C%E0%B6%AB%E0%B7%92%E0%B6%AD%20%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B6%AD%E0%B6%BA%29
|
E (ගණිත නියතය)
|
e යනු අනන්‍ය සංඛ්‍යාවක් වන අතර එහි අගය (ස්පර්ශකයේ අනුක්‍රමණය වේ.) F(x) = ax ඝාතීය ශ්‍රිතයේ (නිල් වක්‍රයෙන්) ව්‍යුත්පන්න වන්නකි. x = O දි හරියටම 1 වේ. සංසන්දනය කිරීම සඳහා 2X (තිත් සහිත වක්‍රය) සහ 4X (ඉරි සහිත වක්‍රය) දක්වා ඇත. එම වක්‍ර අනුක්‍රමණ රේඛාව (රතු රේඛාව) සමග ස්පර්ශ නොවන ආකාරය පෙන්වා ඇත.
e ගණිත නියතය අනන්‍ය තාත්වික සංඛ්‍යාවක් වන අතර ex ශ්‍රිතයේ ස්පර්ශකයේ අනුක්‍රමණ අගය සමඟ x හි සියළු අගයන් සදහා සමාන වේ. වැඩි වශයෙන් Cex ආකාරයේ ව්‍යුත්පන්න ගොඩ නගා ගන්නා අතර C යනු නියතයකි. eX ශ්‍රිතය , ඝාතීය ශ්‍රිතයක් ලෙස අර්ථ දක්වා ඇත. එහි ප්‍රතිලෝමය වනුයේ ප්‍රකෘති ලඝුගණක හෝ e පාදයට ලඝුගණක වේ. එමෙන්ම e ප්‍රකෘති ලඝු ගණකවල පාදය ලෙස ද අර්ථ දක්වා ඇත. (අනුකලනය භාවිතයෙන් පසුව පහදනු ඇත) නිශ්චිත අනුක්‍රමයක සීමාව හෝ යම් ශ්‍රේණියක ඓක්‍යය සෙවිය හැක. (e හි නිරූපණ සදහා පහත බලන්න.)
ආකලන හා ගුණ්‍යන සර්වසාම්‍ය 0 සහ 1 , Л නියතය සහ අතාත්වික ඒකකය I ඔස්සේ ගණිතයේ ඇති වඩාත් වැදගත්ම සංඛ්‍යාව වනුයේ e වේ.
ඇතැම් අවස්ථාවලදී e සංඛ්‍යාව , ස්විස් ජාතික ගණිතඥයකු වු ලෙනාර්ඩ් යුලර්ගේ නමින් යුලර්ගේ සංඛ්‍යාව ලෙස හදුන්වයි. යුලර් මැස්ෂෙරෝනි නියතය සමහර වේලාවන්හිදි යුලර්ගේ නියතය ලෙස කෙටියෙන් හදුන්වනු ලබන බැවින් e සමග පටලවා නොගත යුතුයි.)
e හි අගය අපරිමේය වන අතර එය අන්‍යන්තර වේ. එහි අගය නිෂ්චිතව දිය නොහැක. මක්නිසාද යත් නිතර දශමය අගයන් වෙනස් වන බැවිනි. e හි අගය දශමස්ථාන 20 කට සකසාලුවොත් අගය වන්නේ,
2.71828 18284 59045 23536...
ගණිතය
ගණිත නියතයන්
|
9,997 |
https://si.wikipedia.org/wiki/%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%B8%E0%B6%BA
|
ප්‍රිස්මය
|
ප්‍රකාශ විද්‍යාවේදී, ප්‍රිස්මයක් යනු පැතලි, ඔප දැමන ලද මුහුණත් සහිත ආලෝකය වර්තනය කරදමන පාරදෘශ්‍ය ප්‍රකාශ වස්තුවකි. අවම වශයෙන් එහි පැතලි මුහුණත් දෙකක් අතර කොණයක් පැවතිය යුතුම වේ.
ක්‍රියාකරන අයුරු
ආලෝකය එක් මාධ්‍යයක සිට තවත් මාධ්‍යයකට යාමේ දී එහි වේගය වෙනස් වේ. (උදාහරණ -වාතයේ සිට වීදුරු ප්‍රිස්මයක් තුළට යාමේ දී) එක් මාධ්‍යයක සිට තවත් මාධ්‍යයකට ආලෝකය ඇතුළු වීමේ දී වර්තනයට ලක් වී නව මාධ්‍යයට පතන කෝණයට වෙනස් කෝණයකින් ඇතුළු වීමට මෙම වේග වෙනස බලපායි. (හයිගන් සංකල්පය) ආලෝකයේ පථයේ අපගමන කෝණයත් ආලෝක කදම්භය පෘෂ්ඨය සමඟ සාදන පතන කෝණයත් අතර අනුපාතය සහ මාධ්‍ය දෙකෙහි වර්තන අංක අතර අනුපාතය (ස්නෙල්ගේ නීතිය) මත රඳා පවතී. බොහෝ ද්‍රව්‍යවල (වීදුරු වැනි) වර්තන අංකය ආලෝකයේ තරංග ආයාමය හෝ භාවිතාකරනආලෝකයේ වර්ණය අනුව වෙනස් වේ. මෙම සංසිද්ධිය අපකිරණය ලෙස හැඳින්වේ. මෙය ආලෝකයේ වර්ණ විභේදනය වීමට හා වෙනස් කෝණවලින් ප්‍රිස්මයෙන් පිට වී දේදුන්නක ආකාරයේ වර්ණාවලියක් ඇති කිරීමට හේතු වේ.මෙම ආචරණය සුදු ආලෝකයේ වර්ණ වර්ණාවලියේ වර්ණවලට වෙන් කිරීමට භාවිතා කරයි . සාමාන්‍යයෙන් ප්‍රිස්ම, විවර්තන ග්‍රේටිමවලට සාපේක්ෂව ඉහළ සංඛ්‍යාත පරාසයක් ආලෝකය අපකිරණය කරන නිසා ඒවා පුළුල් වර්ණාවලි වර්ණාවලීක්ෂය නිර්මාණයේදී යොදා ගනී. සියලු ග්‍රේටිමවලට පොදු වර්ණාවලි පෙළ අතිච්ඡාදනය වීමෙන් ඇතිවන සංකූලතා, ප්‍රිස්ම යොදාගත් විට ඇති නොවේ.
අපකිරණය වෙනුවට සමහර අවස්ථාවන්හි දී අභ්‍යන්තර පරාවර්තනය කිරීම සඳහා ද ප්‍රිස්ම භාවිතා වේ. ආලෝකය(ගහණතර මාධ්‍යක සිට විරල මාධ්‍යයකට ගමන් කිරීමේදී) අධික ආනතියකින් ප්‍රිස්මයේ එක් මුහුණතක් හා ගැටීමේදී එම ගැටුණු ආලෝකය ප්‍රිස්මයෙන් ඉවතට වර්තනය නොවේ. නැවත ප්‍රිස්මය තුළටම ඇතුළු වීමෙන් පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය සිදුවන අතර එවිට සියලු ආලෝකය පරාවර්තනය වේ. මේ නිසා සමහර අවස්ථාවන්හි දී ප්‍රිස්ම දර්පණ සඳහා ආදේශක ලෙස ද වැදගත් වේ.
ප්‍රිස්ම සහ ආලෝකයේ ස්වභාවය
අයිසැක් නිවුටන්ගේ සමයේ දී ආලෝකය අවර්ණ බව හා ප්‍රිස්මයක් විසින් වර්ණ නිපදවන බව විශ්වාස කළහ. ආලෝකය තුළ විෂම ජාතීය ආකාරයෙන් වර්ණ පවතින බව සහ වෙනස් වර්ණ සහිත අංශු ප්‍රිස්මය තුළින් විවිධ වේගයන්ගෙන් ගමන් කරන නිසා ආලෝක (අංශු) අපකිරණය වන බව නිවුටන්ගේ පරීක්ෂණ මගින් ඔහුට පැහැදිලි විය. වර්ණයන් යනු ආලෝකයේ තරංග ආයාමය දෘශ්‍යමානව ප්‍රකාශ වීමක් බව පෙන්වීමට පසුව යං (young) හා ෆෙස්නෙල් (fresnel) විසින් නිව්ටන්ගේ අංශු වාදය හා හයිජන්ගේ තරංග වාදය සම්බන්ධ කරන ලදී.
එක් ප්‍රිස්මයක සිට එන රතු වර්ණය තවත් ප්‍රිස්මයක් තුළින් යවමින් නිව්ටන් ඔහුගේ නිගමනය කරා එළඹිණි . එසේ සිදුකළ විට වර්ණය වෙනස් නොවන බව සොයා ගත්තේය. ප්‍රදාන ආලෝකය තුළ දැනටමත් වර්ණය තිබෙන බවත් ප්‍රිස්මයක් වර්ණ නොසාදන අතර එමගින් දැනටමත් ආලෝකය තුළ ඇති වර්ණ වෙන් කරන බවත් මෙම පරීක්ෂණ තුළින් ඔහු නිගමනය කළේය. අපකිරණ වර්ණාවලිය නැවත සුදු ආලෝකය බවට පත් කිරීම සඳහා ඔහු කාචයක් හා ප්‍රිස්මයක් භාවිතා කරන ලදී. මෙම පරීක්ෂණය විද්‍යාත්මක විප්ලවය අතරතුර හඳුන්වා දුන් විධි ශාස්ත්‍රයේ ශ්‍රේෂ්ඨ නිදසුනක් බවට පත් විය. මෙම පරීක්ෂණයේ ප්‍රතිඵල ලොක්ගේ (John Locke's) ද්විතීකයට එරෙහි ප්‍රාථමික ගුණ විශිෂ්ටත්වයට මග පෙන්වමින් පාර භෞතික විද්‍යා ක්ෂේත්‍රයේ පෙරළියක් කිරීමට දායක විය.
නිවුටන් ප්‍රිස්ම අපකිරණය පිළිබඳ වැදගත් විස්තර ඔහුගේ 'Opticks' නැමැති ග්‍රන්ථයෙහි සාකච්ඡාවට ලක් කර ඇත. තවද, ඔහු අපකිරණය පාලනය කිරීම ප්‍රිස්ම එකකට වඩා වැඩි ගණනක් භාවිතා කරන ආකාරය ද ඉදිරිපත් කරන ලදී. ප්‍රිස්ම අපකිරණය පිළිබඳ ඔහු කළ පරීක්ෂණ ඔහුගේ විග්‍රහයක් ගුණාත්මක හා ඉතා ප්‍රිය උපදවන සුළු වේ. 1980 දී බහු ප්‍රිස්ම ලේසර් කදම්භ වර්ධක හඳුන්වා දෙන තෙක් බහු ප්‍රිස්ම විසිරීම් පිළිබඳ ප්‍රමාණාත්මක විග්‍රහයක් අවශ්‍ය නොවීය.
|
10,007 |
https://si.wikipedia.org/wiki/%E0%B7%83%E0%B7%8F%E0%B6%B4%E0%B7%9A%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%20%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%80%E0%B7%9A%E0%B6%9C%E0%B6%BA
|
සාපේක්ෂ ප්‍රවේගය
|
ගති විද්‍යාවෙහිදී, සාපේක්‍ෂ ප්‍රවේගය යනු, එසේ නොවන බව පල කර නොමැති නම් සාමාන්‍යයෙන් අවස්තිථි සමුද්දේශ රාමුවක් වන්නාවූ එකම ඛණ්ඩාංක පද්ධතියක් තුලදී සිදුකෙරෙන, වස්තූන් දෙකක ප්‍රවේගයන් අතර දෛශික වෙනස වේ.
නිදසුනක් ලෙස, A සහ B යන අංශූන් දෙකක ප්‍රවේගයන්, දී ඇති අභ්‍යන්තර ඛණ්ඩාංක පද්ධතිය අනුව, පිලිවෙලින් සහ නම්, B ට සාපේක්‍ෂව A ගේ සාපේක්‍ෂ ප්‍රවේගය (B ට සාපේක්‍ෂව A ගේ ප්‍රවේගය හෝ ලෙසද හැඳින්වේ) යනු
.
ප්‍රතිලෝම වශයෙන්., A ට සාපේක්‍ෂව B ගේ ප්‍රවේගය යනු
.
ගැලීලියානු ප්‍රගති විද්‍යාවේ දී (විශේෂ සාපේක්ෂතාවාදයේ ආචරණ නොසලකා හැරි විට) අංශු දෙකක් අතර සාපේක්ෂව ප්‍රවේගය ඕනෑම සමුද්දේශ රාමුවකදී සමාන වේ. මීට හේතුව එක් අවස්ථිතික කණ්ඩාංකයක පද්ධතියක සිට වෙනත් එකකට මාරු වීමේ දී ප්‍රවේග දෛශික යුගලටම පොදු වෘද්ධීය දෛශිකයක් පමණක් එක් වීම නිසාය. (ගැලිලියානු ප්‍රගති විද්‍යාවට අනුව) එබැවින් එහිදී ඕනෑම ප්‍රවේග යුගලක් අතර වෙනස වෙනස් නොවේ. කෙසේ නමුත් විශේෂ සාපේක්ෂතා වාදයේ ආචරණ ගණනයන් සදහා ගැනීමේ දී අංශු දෙකක් අතර සාපේක්ෂ ප්‍රවේගය එක් එක් ප්‍රවේගයක් විනිශ්චය කිරීම සඳහා සකනු ලබන අවස්ථිතික ඛණ්ඩාංක පද්ධති මත රඳා පවතී. එක් ආවස්ථික කණ්ඩාංක පද්ධතියක සිට තවෙකකට වන මාරුවීමේදී එහි සිදුවන වෙනස්වීම ද වෘද්ධි උදෙසා වෘද්ධිය දෛශිකයක් එකතුවීම වඩා සංකීර්ණ වන බැවිණි.
|
10,010 |
https://si.wikipedia.org/wiki/CPU%20-%20%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%E0%B6%9C%20%E0%B6%B1%E0%B6%BD%20%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%9C%20%28Instruction%20pipeline%29
|
CPU - නියෝග නල මාර්ග (Instruction pipeline)
|
RISC යන්ත්‍රයක අදියර 5 කින් යුත් මූලික නල මාර්ග (1F = නියෝග ගෙන්වා ගැනීම , ID = නියෝග විකේතනය කිරීම , EX = ක්‍රියාත්මක කිරීම , MEM = මතක පිවිසුම , WB = රෙජිස්ටරය නැවත ලිවීම)
නියෝග නල මාර්ග යනු පරිගණක හා අනෙකුත් සංඛ්‍යාංක ඉලෙක්ට්‍රෝන උපකරණ සැළසුම් කිරීමේදී ඒවායේ නියෝග සංඛ්‍යාව (ඒකක කාලයකදී ක්‍රියාත්මක කරන නියෝග ගණන) වැඩි කිරීමේ තාක්ෂණික ක්‍රමයකි.
ඊළග රූප සටහනේ අදහස් කර ඇති පරිදි නල මාර්ගයක් සේ උපකල්පනය කරන්නේ එක් නියෝග (SISD) සංකල්පයක් ඇති විට , වැඩසටහෙන් අනුපිළිවෙලකට ඇති නියෝග ක්‍රියාත්මක කිරීමේදී ඒවා එකිනෙක අතිච්ඡාදනය වන බවයි. (සිරස ‘i' නියෝග , තිරස ‘t’ කාලය)
බොහෝමයක් නවීන cpu ක්‍රියාත්මක වන්නේ ස්පන්දකයක් මගිනි. cpu අභ්‍යන්තරිකව ලොජික් (logic) හා ෆ්ලිප් ෆ්ලොප් (flip flop) ඔවුන්ගේ නව අගයක් ගන්නා අතර ඉන්පසු එහි අඩංගු තර්කය අනුව (ලොජික්) නව අගයන් විකේතනය කිරීමට යම් කිසි කාලයක් ගනී. ඉන්පසු ඊළගට ස්පන්දනක සංඥාව පැමිණෙන අතර ෆිලිප් ෆ්ලොප් නැවත ඒවායේ අගයක් ගනී. මෙලෙස දිගින් දිගටම සිදුවෙයි. ලොජික් නැවත ඒවායේ අගයක් ගනී. මෙලෙස දිගින් දිගටම සිදුවෙයි. ලොජික් කුඩා කොටස්වලට කඩා එම කොටස අතරට ෆ්ලිප් ෆ්ලොප් ඇතුළත් කිරිමෙන් ලොජික් වලංගු ප්‍රතිදාන දීමට ගතවන කාලය අඩු කරගත හැක. මෙමගින් ස්පන්දක ආවර්තය අඩු කර ගත හැක. උදාහරණයක් ලෙස RISC ප්‍රවාහය අදියර 5කට බෙදා ඇති අතර එක් එක් කොටසක් අතර ෆ්ලිප් ෆ්ලොප් කාණ්ඩ ඇත.
1. නියෝග ගෙන්වා ගැනීම
2. නියෝග විකේතනය හා රෙජිස්ටරය ගෙන්වා ගැනීම
3. ක්‍රියාත්මක කිරීම
4. මතක පිවිසුම
5. රෙජිස්ටරය නැවත ලිවීම
උපද්‍රව : ක්‍රමලේඛ කරුවන් එකලස් කිරීමේ කේත (Assembly Code) ලිවීමේදී සෑම නියෝගක්ම මීළඟ නියෝගය ක්‍රියාත්මක වීමට පෙර ක්‍රියාත්මක වන බවට උපකල්පනය කරයි. මෙම උපකල්පනය නල මාර්ග මගින් අහෝසිකර දමයි. මේ නිසා ක්‍රමලේඛයක් වැරදියට හැසිරීමේ තත්වය උපද්‍රවයක් ලෙස හඳුන්වනු ලැබේ. උපද්‍රව වළක්වා ගැනීම සඳහා ෆෝවර්ඩින් හා ස්ටෝලින් (Forwarding and Stalling) වැනි තාක්ෂණික ක්‍රම භාවිතයේ ඇත.
නල මාර්ග නොවන ක්‍රමයක් භාවිතය අකාර්යක්ෂම වේ. මන්ද, නියෝග චක්‍රය අතරතුර සමහරක් CPU මොඩියුල අක්‍රීයව තිබියදී වෙනත් මොඩියුලයක් ක්‍රියාකාරී වේ. නල මාර්ග මගින් CPU වල අක්‍රීය කාලය සම්පූර්ණයෙන් නැති නොකළත් එම මොඩියුල සාමාන්තරව වැඩ කරවීමට සැළැස්වීමෙන් ක්‍රමලේඛ ක්‍රියත්මක කිරීම සැළකිය යුතු ලෙස වැඩි කරයි.
ප්‍රධාන නල මාර්ග පිහිටුවා ඇති සකසූ (processors) අභ්‍යන්තරිකව එකිනෙකට වෙනස් ක්‍රියාත්මක අර්ධ ස්වාධීනව වැඩ කළ හැකි අදියර දෙකකට සැලසුම් කර ඇත. එක් එක් අදියර සැලසුම් කර දාමයකට සම්බන්ධ කර ඇත. එම නිසා එක් එක් අදියරෙහි ප්‍රතිදානය අනෙක් අදියරේ ආදානය ලෙස ඇතුල් වේ. මෙලෙස සකසුව සංවිධානය කිරීමෙන් මුළු සකසූ කාලය සැළකිය යුතු ලෙස අඩුවේ.
අවාසනාවකට මෙන් සියලු නියෝග ස්වාධීන නොවේ. සරල නල මාර්ගයකදී නියෝගයක් ක්‍රියාත්මක වීමට අදියර 5ක් අවශ්‍ය වේ. සම්පූර්ණ කාර්ය සාධනයෙන් යුතුව වැඩ කිරීමට පළමුවැන්න සම්පූර්ණ වන අතරතුර අපර ස්වාධීන නියෝග හතරක් ක්‍රියාත්මක කළ යුතුවේ. පළමු නියෝගයේ ප්‍රතිදානය මත නොයැපෙන නියෝග හතරක් නොමැති නම් , එය විසඳන තෙක් නල මාර්ග පාලක තර්කය ස්ටෝල් හෝ නිශ්ඵල ස්පන්දක චක්‍ර නල මාර්ගය තුළට ඇතුල් කළ යුතුය. වාසනාවකට මෙන් “ස්ටෝලින්” අවශ්‍ය ගැටළු නැවත යොමු කිරීම (Forwarding) මගින් සැළකිය යුතු ප්‍රමාණයකට විසඳා ගත යුතුව තිබේ.
References
http://en.wikipedia.org/wiki/Instruction_pipeline
NeedToAddCategory
|
10,012 |
https://si.wikipedia.org/wiki/CPU%20%E0%B7%84%E0%B7%92%20%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B7%93%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B6%BA
|
CPU හි ක්‍රියාකාරීත්වය
|
භෞතික ක්‍රියාව නොසලකා හැරිය විට බොහොමයක් CPU වල මූලික ක්‍රියාකාරීත්වය වන්නේ වැඩසටහන් (program) ලෙස හඳුන්වන ගබඩා කරන ලද උපදෙස් මාලාවක් ක්‍රියාත්මක කිරීමයි. මෙහිදී සාකච්ඡා වන්නේ වොන් නියුමාන් (von Neumann ) නිර්මිතයට අනුකූල උපාංග පමණි. වැඩසටහනක් නිරූපණය වන්නේ යම් වර්ගයක පරිගණක මතකයක් තුළ ඇති ඉලක්කම් ශ්‍රේණියකිනි. වොන් නියුමාන් CPU වල සියල්ලම වාගේ ක්‍රියාත්මක වීමේ දී අදියර හතරක් අනුගමනය කරයි. කැඳවා ගැනීම, විකේතනය කිරීම, ක්‍රියාත්මක කිරීම හා නැවත ලිවීම.
MIPS32 උපදෙස් විකේතනය වන අයුරු පෙන්වන රූප සටහන (MIPS ටෙක්නොලොජීස් 2005)
පළමු පියවර, කැඳවා ගැනීමට වැඩසටහන් මතකයෙන් උපදෙසක් (ඉලක්කමක් හෝ ඉලක්කම් අනුපිළිවෙලක් මඟින් නිරූපණය වන) ලබා ගැනීමට ඇතුළත් වේ. වැඩ සටහන් මතකයේ ස්ථානය තීරණය කරනු ලබන්නේ, අංකයක් ගබඩා කිරීමෙන් වැඩසටහනේ එම අවස්ථාවේ පිහිටුම හඳුනාගන්නා වැඩසටහන් ගණකයක් (PC) මඟිනි. වෙනත් ලෙසකින් වැඩසටහන් ගණකය CPU හි ස්ථානයන් පිළිබඳ වාර්තාවක් එම අවස්ථාවේ ධාවනය වන වැඩසටහන තුළ තබනු ලබයි. උපදෙස කැඳවා ගැනීමෙන් පසු මතක ඒකක අනුසාරයෙන් උපදෙෙසහි දිග අනුව PC වර්ධනය වේ. බොහෝ විට කැඳවා ගත යුතු උපදෙස් නැවත ලබා ගත යුත්තේ සාපේක්ෂව මන්දගාමී මතකයෙනි. මේ නිසා උපදෙස් නැවත ලැබීමට සිටින අතරතුර CPU අවහිර (ස්ටෝල්) වේ. මෙම ගැටලුව නූතන සකසුවල හැඹිලි (caches) හා පයිප් ලයින් (pipeline) නිර්මිතය මඟින් බොහෝ දුරට මැඩ පවත්වා ඇත. (පහත බලන්න)
මතකයෙන් CPU කැඳවා ගන්නා උපදෙස් CPU එකට කිරීමට ඇත්තේ කුමක්ද යන්න නිර්ණය කිරීමට භාවිතා වේ. විකේතන පියවරේ දී උපදෙස් CPU හි අනෙක් කොටස්වලට විශේෂත්වයක් ඇති කොටස්වලට කඩනු ලැබේ. සංඛ්‍යාමය උපදෙස් අගය අර්ථ නිරූපණය වන අයුරු අර්ථ CPU දක්වනු ලබන්නේ CPU හි උපදෙස් කාණ්ඩ නිර්මිතය (ISA) මඟිනි. බොහෝ විට, ඔප්කෝඩ් (opcode) ලෙස හඳුන්වන උපදෙසෙහි පිහිටි එක් සංඛ්‍යා කොටසක් කිරීමට ඇති ක්‍රියාව හුවා දක්වයි. ඉතිරි කොටස එම උපදෙස සඳහා අවශ්‍ය තොරතුරු සපයයි. උදාහරණ ලෙස එකතු කිරීමේ ක්‍රියාවලියක් සඳහා ඔපෙරන්ඩ්ස් (operands) දැක්විය හැකිය. එවැනි ඔපෙරන්ඩ් එකක් නියත අගයක් (ක්ෂණික අගයක් ලෙස හඳුන්වන) ලෙස හෝ රෙජිස්ටරයක් හෝ මතක ලිපිනයක් වැනි අගයක් සොයාගත හැකි ස්ථානයක් ලෙස හෝ යම් යොමු කරන ක්‍රමයකින් තීරණය කරන පරිදි, තබනු ලැබේ. පැරණි නිර්මිතවලදී CPU උපදෙස් විකේතනයට වගකිව යුතු CPU කොටස වෙනස් කළ නොහැකි දෘඩාංග උපාංගයක් විය. කෙසේ නමුත් වඩා සංකීර්ණ හා වියුක්ත CPU හා ISA වල , උපදෙස් CPU සඳහා අඩංගු විවිධ වින්‍යාස සංඥා බවට පරිවර්තය කිරීමට යොදාගන්නේ ක්ෂුද්‍ර වැඩසටහනකි. මෙම ක්ෂුද්‍ර වැඩසටහන සමහරක් විට නැවත ලිවිය හැකි අතර එමනිසා නිෂ්පාදනයෙන් පසුව ද CPU උපදෙස් විකේතනය කරන ක්‍රමය වෙනස් කළ හැක.
කැඳවා ගැනීමේ හා විකේතන පියවර සිදුවීමෙන් පසු ක්‍රියාත්මක වීමේ පියවර සිදුවේ. මෙම පියවර තුළදී CPU හි විවිධ කොටස් එකිනෙක සම්බන්ධ වේ. එම නිසා ඒවාට අවශ්‍ය කාර්යය ඉටු කළ හැකි වේ. උදාහරණයක් ලෙස එකතු කිරීමේ ක්‍රියාවලියක් ඉල්ලා ඇති විට අංක ගණිතමය තාර්කික ඒකකය (ALU) අදාන කිහිපයකට හා ප්‍රතිදාන කිහිපයකට සම්බන්ධ වේ. ආදාන එකතු කිරීමට අවශ්‍ය ලබා දේ. ප්‍රතිදානයෙහි අවසාන එකතුව අඩංගු වේ. ALU හි ආදාන මත සරල අංක ගණිතමය හා තාර්කික ක්‍රියා සිදු කළ හැකි පරිපථයක් ඇත. (එකතු කිරීම හා බිට් වයිස් ක්‍රියා වැනි) එකතු කිරීමේ ක්‍රියාවලිය CPU ට දරා ගැනීමට අපහසු විශාල ප්‍රතිඵලයක් නිපදවයි නම් ෆ්ලෑන්ග්ස් රේජිස්ටර්වල අංක ගණිතමය උතුරා යාමක් සංඥා වන ලෙස සැකසිය හැක. (පහත නිඛිල පරාසය පිළිබඳ සාකච්ඡාව බලන්න)
අවසාන පියවර නැවත ලිවීමේ දී සිදු කෙරෙනුයේ සරලවම ක්‍රියාත්මක කිරීමේ පියවරේ ප්‍රතිඵල සරලවම යම් මතක ආකාරයකට නැවත ලිවීමයි. බොහෝ විට ප්‍රතිඵල පසුව පැමිණෙන උපදෙස්වලට ක්ෂණිකව ප්‍රවේශ විය හැකි පරිදි අභ්‍යන්තර CPU රෙජිස්ටරවලට ලියනු ලැබේ. අනෙකුත් අවස්ථාවලදි ප්‍රතිඵල ලියනු ලබන්නේ මන්දගාමී නමුත් ලාභදායී හා විශාල ප්‍රධාන මතකයටයි. සමහරක් වර්ගවල උපදෙස් කෙළින්ම ප්‍රතිඵල දත්ත නිපදවනවා වෙනුවට වැඩසටහන් ගණකය පාලනය කරයි. මේවා සාමාන්‍යයෙන් “ජම්ප්ස්” (jumps) ලෙස හඳුන්වන අතර ලූප (loops) වැනි හැසිරීම් , තත්වගත වැඩසටහන් ක්‍රියාත්මක කිරීම (තත්වගත ජම්ප්වල භාවිතයෙන්) හා වැඩසටහන්වල කාර්යයන්ට පහසුකම් සලසයි. බොහොමයක් උපදෙස් “ෆ්ලෑග්ස්” රෙජිස්ටරවල සංඛ්‍යාංක තත්ව වෙනස් කරයි. මෙම ෆ්ලෑග් විවිධ ක්‍රියාවල ප්‍රතිඵල පෙන්නුම් කරන නිසා වැඩසටහනක් හැසිරෙන ආකාරයට බලපෑමක් සිදු කිරීමට යොදා ගත හැක. උදාහරණයක් ලෙස එක් වර්ගයක සන්සන්දක උපදෙසක් අගයන් දෙකක් සලකා බලා වඩා විශාල කුමක් ද යන්න අනුව ෆ්ලෑග්ස් රෙජිස්ටරයේ ඉලක්කමක් පිහිටුවයි. පෙර කියන ලද ජම්ප් මෙම ෆ්ලෑග් යොදාගෙන වැඩ සටහනේ ගලා යාම තීරණය කරයි.
උපදෙස ක්‍රියාත්මක වීමෙන් හා ප්‍රතිඵල දත්ත නැවත ලිවීමෙන් පසු මුළු ක්‍රියාවලියම නැවත සිදුවේ. සම්පූර්ණ වූ උපදෙස ජම්ප් එකක් නම් එම උපදෙසෙහි ලිපිනය අඩංගු වන පරිදි වැඩ සටහන් ගණකය නවීකරණය වන අතර වැඩසටහන ක්‍රියාත්මක වීම සාමාන්‍ය පරිදි සිදු වේ. මෙහි සඳහන් කර ඇති CPU ට වඩා සංකීර්ණ CPU වල එකවර උපදෙස් කිහිපයක් එකවර කැඳවා ගැනීමේ විකේතනය කිරීමේ හා ක්‍රියාත්මක කිරීමේ හැකියාව පවතී. මෙම කොටසේ දී විස්තර වූයේ “ක්ලැසික් RISC පයිප් ලයින්” ලෙස හඳුන්වන දෙයය. එය බොහොමයක් ඉලෙක්ට්‍රොනික උපකරණවල භාවිතා වන සරල CPU වල සුලභ දෙයකි. (බොහෝ විට ක්ෂුද්‍ර පාලක ලෙස හඳුන්වයි.)
References
http://en.wikipedia.org/wiki/CPU#CPU_operation
|
10,014 |
https://si.wikipedia.org/wiki/CPU%20-%20%E0%B6%A2%E0%B7%80%20%E0%B6%8B%E0%B6%AD%E0%B7%8A%E0%B7%83%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B6%B1%E0%B6%BA
|
CPU - ජව උත්සර්ජනය
|
මධ්‍යම සැකසුම් ඒකකයේ (CPU) යම් යම් කොටස්වල ක්‍රියාකාරිත්වයට යම් විද්‍යුත් ශක්තියක් භාවිතා කරයි. මෙම ශක්තිය සී.පී.යූ. තුළ අන්තර්ගත වන උපාංග ක්‍රියාකාරිත්වයට වැයවේ. (උදාහරණ වශයෙන් ට්‍රාන්සිස්ටර හෝ රික්ත නල) එමෙන්ම ඒවායේ ප්‍රතිරෝධය නිසා ජනිතවන තාපය නිසාවෙන් ද යම් ජවයක් උත්සර්ජනය වේ. එමනිසා නිශ්පාදනයේ දී ප්‍රධාන වශයෙන් සළකා බලන සාධකයක් වෙයි.
සී.පී.යූ. එකෙහි සමහර කොටස් ක්‍රියාත්මක කරවීමට ඉතා සුළු ජවයක් වැයවේ. පේස් මේකර්ස් pacemakers සහ ජංගම දුරකතනවල වන සී.පී.යූ. ඉතා සුළු ජවයක් එනම් මයික්‍රෝ වොට් ගණනක් වැය කරයි. අනෙක් අතින් ගත් කළ සාමාන්‍ය මයික්‍රොප්‍රොසෙසර් සී.පී.යූ.වල සැලකිය යුතු තරම් ජවයක් උත්සර්ජනය වේ. මෙම සූක්ෂම ඉලෙක්ට්‍රොනික සී.පී.යූ. වොට් දහයේ ගුණාකාර ගණනක් වැය කරයි. අතීතයේ රික්ත නල වලින් සමන්විත සී.පී.යූ. ඉතා විශාල කිලෝ වොට් ප්‍රමාණයක් (103) පරිභෝජනය කර තිබුණි.
මේස පරිගණක (Desktop computer) තුළ වන සී.පී.යූ. තුළ වන සී.පී.යූ. වෙනුවෙන් සාමාන්‍යයෙන් එහි තුළ වන අනෙක් කොටස්වලට වඩා ජවයක් පරිභෝජනය කරයි. ඒ විශේෂ කාර්යය සදහා වන සී.පී.යූ වලට සම්බන්ධ කරන ලද තම තාක්ෂණික වීඩියෝ කාඩ්පත්වලට අමතරවය. පසුගිය දශකය තුළ සී.පී.යූ. ජව සැපයුම් අඩු වෝල්ටීයතාවයක් භාවිතා කරමින් සැළකිය යුතු ඉහළ විද්‍යුතයක් භාවිතා කිරීමේ ප්‍රවණතාවයක් දක්වා ඇත. ඒ අතර පරිගණකය වැඩක් නොමැතිව තිබෙන විට බල ශක්ති ඉතිරි කිරීෙම් අංග හදුන්වා දී ඇතත් අනෙක් අතින් අද කාලයේ CPU සඳහා භාවිතා වන බල ශක්ති ප්‍රමාණය සැළකිය යුතු තරම්ය. මෙයට විශාල වෙනසකින් යුතු අඩු බල ශක්ති ප්‍රමාණයක් භාවිතා කරන සී.පී.යූ. නිපදවා ඇති අතර ඉන් එක් සී.පී.යූ. එකක් වන Intel XScale . 600MHz ක්‍රියාකාරිත්වයට වොට් භාගයක් පමණකින් වැඩ කර විට x86 පරිගණක ඉන්ටෙල් ප්‍රොසෙසරයක්ම එම ක්‍රියාකාරිත්වයේදී එමෙන් අසූගුණයක ශක්තියක් පරිභෝජනය කරයි.
ප්‍රොසෙසර නිෂ්පාදකයන් සී.පී.යූ. සදහා සාමාන්‍යයෙන් ජව උත්සර්ජන 2ක් ඉදිරිපත් කරයි. එනම් ප්‍රකෘති තාප ශක්තියක් එනම් සාමාන්‍ය කාර්යයක් යටතේ මනිනු ලබයි. අනික උපරිම තාප ශක්තියක් යටතේ මනිනු ලබයි. එය ඉතා අවදානම් සහිත මිණීමකි. උදාහරණ වශයෙන් පෙන්ටියම් 4 2.8GHz ප්‍රොසෙසරයක් සැලකූ කළ සාමාන්‍ය තාප ශක්තිය වනුයේ 68.4 W වන අතර උපරිම තාප ශක්තිය 85 W වේ. පරිගණකය නිකම් තිබෙන විට සාමාන්‍ය තාප ශක්තියට ද අඩුවෙන් ශක්තිය පරිභෝජනය කරයි.
මෙකී ආකාරවලට ඉංජිනේරුමය හේතු
• දෙන ලද උපාංගයක් සඳහා එය වැඩි වේගයකින් ක්‍රියා කිරීමට ඉහළ ශක්තියක් අවශ්‍ය වේ. ප්‍රොසෙසරයේ වේගය අඩු කිරීමෙන් බොහෝ විට ශක්තිය ඉතුරු කරයි. වේගය නිරතුරුවම තත්පරයට දෙනු ලබන විධි විධානවලින් හෝ FLOPS ක්‍රියා මගින් මනිනු ලබයි.
• නව අංග සදහා සාමාන්‍යයෙන් තවත් ට්‍රාන්සිස්ටර අවශ්‍ය වන අතර ඒ එක එකක් වැඩි වැඩියෙන් ශක්තිය හානි කරයි. භාවිතා නොවන ප්‍රදේශ නිවා දැමීම මගින් ශක්තිය ඉතුරු කර ගත හැක.
• ප්‍රොසෙසර දියුණුවත්ම කුඩා ට්‍රාන්සිස්ටර, අඩු වෝල්ටීයතා ව්‍යුහ සහ නිෂ්පාදන අත්දැකීම් මත බලය පරිභෝජනය අවම කර ගත හැක.
References
http://en.wikipedia.org/wiki/CPU_power_dissipation
NeedToAddCategory
|
10,026 |
https://si.wikipedia.org/wiki/%E0%B6%B8%E0%B6%BA%E0%B7%92%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%9C%E0%B7%83%E0%B7%9C%E0%B7%86%E0%B7%8A%E0%B6%A7%E0%B7%8A%20%E0%B7%80%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%A9%E0%B7%9D%E0%B7%83%E0%B7%8A
|
මයික්‍රොසොෆ්ට් වින්ඩෝස්
|
මයික්‍රොසොෆ්ට් වින්ඩෝස් යනු චිත්‍රක පරිශීලික අතුරුමුහුණත් වර්ගීකරණයට අයත් මෙහෙයුම් පද්ධති පරම්පරාවකි. විශේෂයෙන් මුල දී IBM PC මාදිලියේ පරිගණක සමඟ ක්‍රියා කළ හැකි මෙහෙයුම් පද්ධති කාණ්ඩයක් ලෙස නිර්මාණය කරන ලැබූ අතර, පසුව විවිධ උපාංග තුළ ක්‍රියාත්මක කිරීමට හැකිවන ආකාරයට මයික්‍රොසොෆ්ට් වින්ඩෝස් මෙහෙයුම් පද්ධති වැඩිදියුණු කරන ලදී. වර්තමානයේ සක්‍රීය තත්ත්වයේ ඇති වින්ඩෝස් මෙහෙයුම් පද්ධති පවුලේ සාමාජිකයන් වන්නේ Windows NT හා Windows Embedded සංස්කරණයන් වන අතර, එහි උප සාමාජික මෙහෙයුම් පද්ධති ලෙස Windows Embedded Compact (Windows CE) හා Windows Server ලෙස සංස්කරණ පවතී.
මයික්‍රොසොෆ්ට් සමාගම ඔවුන්ගේ විධාන පේළි අතුරුමුහුණත් මෙහෙයුම් පද්ධතිය වන MS-DOS හි නව වැඩිදියුණු කිරීමක් ලෙස සිය ප්‍රථම චිත්‍රක පරිශිලික අතුරුමුහුණතක් සහිත මෙහෙයුම් පද්ධතිය 'Windows' යන නාමයෙන් 1985 වසරේ නොවැම්බර් මස 20 දා නිකුත් කරන ලදී. පසුකාලීනව මයික්‍රොසොෆ්ට් වින්ඩෝස් මෙහෙයුම් පද්ධති ලෝක වැඩතල (desktop) පරිගණක වෙළඳපොළ කොටස්වලින් 90% කට වැඩි ප්‍රමාණයක් අත්පත් කර ගන්නා ලදී. ඒ 1984 දී Apple Inc. සමාගම විසින් නිර්මිත Mac OS මෙහෙයුම් පද්ධතිය අත්පත් කර ගත් වෙළදපොළ කොටස් ප්‍රමාණයද අභිභවිමිනි.
මයික්‍රොසොෆ්ට් වින්ඩෝස් හි නවතම සංස්කරණය වනුයේ ටැබ්ලට් පරිගණක, ස්මාට් ජංගම දුරකථන හා නිහිත පද්ධති (Embeded Systems) ඉලක්ක කරමින් 2015 ජූලි මාසයේ දී නිකුත් කරන ලද වින්ඩෝස් 10 සංස්කරණයයි.
පෙළපත
අලෙවිකරණය
මයික්‍රොසොෆ්ට් සමාගම සතුව වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය නියෝජනය කරන ලියාපදිංචි කළ වෙළද සන්නාම කිහිපයක් පවතී. එම එක් එක් සන්නාම පරිගණක කේෂ්ත්‍රයේ එක් එක් අංශයක් සඳහා ක්‍රියාත්මක වීමට විශේෂයෙන් සකසා ඇති අතර, 2014 වසර වන විට පහත නම් වලින් වින්ඩෝස් මෙහෙයුම් පද්ධතියේ සාමාජිකයින් සම්බන්ධයෙන් මයික්‍රොසොෆ්ට් සමාගම විසින් වැඩිදියුණුකිරීම් කටයුතු සිදුකරයි.
Windows NT: Windows NT 3.1 මෙහෙයුම් පද්ධති සංස්කරණයෙන් ආරම්භ වූ මෙම මෙහෙයුම් පද්ධති පවුල සේවා පරිගණක (Server Computers) හා වැඩ නිකේතන පරිගණක (Workstations) සඳහා ඉදිරිපත් කර ඇත. වර්තමානයේ මෙහි උප කොටස් තුනක් පවතින අතර එම ත්‍රිත්වයෙන් මෙහෙයුම් පද්ධති සංස්කරණ එකම අවස්ථාවේදී බොහෝ විට වෙළදපොලට නිකුත් කරයි. මෙම සංස්කරණ සියල්ල පොදුවේ එකම කර්නලය (Kernel) මත පදනම් වී ඇත.
Windows: ප්‍රධාන ධාරාවේ පුද්ගල පරිගණක, ටැබ්ලට් පරිගණක හා ස්මාට් ජංගම දුරකථන සඳහා නිකුත් කර ඇති මෙහෙයුම් පද්ධති සංස්කරණයයි. මෙහි නවතම සංස්කරණය වින්ඩෝස් 10 (Windows 10) ය. Windows හි ප්‍රධාන වෙළදපොල තරඟකරුවා වන්නේ Apple Inc. සමාගමේ Mac OS මෙහෙයුම් පද්ධති පෙළයි.
Windows Server: සේවා පරිගණක සඳහා නිකුත් කරන ලද සංස්කරණයයි. මෙහි නවතම සංස්කරණය Windows Server 2016 ය. Linux මෙහෙයුම් පද්ධති පෙළ Windows Server හි ප්‍රධාන තරඟකරුවා වේ.
Windows PE: Windows හි සැහැල්ලු සංස්කරණයයි. මෙය සජීවි මෙහෙයුම් පද්ධතියක් (Live Operating System) ලෙස ක්‍රියාත්මක වීමට සකසා ඇත. එනම් දෘඩ තැටිය (Hard Disk) වැනි ද්විතියික ආචයන මාධ්‍යයක් (Secondary Storage) තුළ ස්ථාපනය කර ක්‍රියා කරවීමට අවශ්‍ය නොවන සංස්කරණයකි.පරිගණක ආශ්‍රිතව නැවත යථා තත්ත්වයට පත් කිරීම (Recovery) සහ ගැටලු නිරාකරණ කටයුතු (Troubleshooting) සඳහා භාවිතයට සකස් කර ඇත. මෙහි නවතම සංස්කරණය Windows PE 10.0.10586.0 වේ.
Windows IoT (කළින් Windows Embedded) : මුල් කාලයේදී මයික්‍රොසොෆ්ට් සමාගම සාමාන්‍ය භාවිතය සඳහා තැනු, අඩු පහසුකම් සහිත පරිගණක-වැනි උපාංග ඉලක්ක කර ගනිමින් Windows CE මෙහෙයුම් පද්ධතියක් දියුණු කරන ලදී. පසුකාලීනව මෙය Windows Embedded Compact ලෙස Windows Embedded Industry, Windows Embedded Professional, Windows Embedded Standard, Windows Embedded Handheld, Windows Embedded Automotive යන සංස්කරණ ඇතුලත් Windows Compact වෙළද නාමය යටතේ බෙදාහරින ලදී.
සංස්කරණ
කලින් සංස්කරණ
මයික්‍රොසොෆ්ට් වින්ඩෝස් හි ඉතිහාසය 1981 සැප්තැම්බර් මස වන තෙක් දිගහැරේ. චේස් බිෂොප් (Chase Bishop) නම් පරිගණක විද්‍යාඥයා විසින් ඉලෙක්ට්‍රොනික උපාංගයක් සඳහා අතුරුමුහුණත් කළමනාකරණ (Interface Manager) ආකෘතියක් නිර්මාණය කිරීමට මුල පුරන ලදී. ඒ අනුව 1983 නොවැම්බර් මස (ඇපල් ලීසා [Apple Lisa] පරිගණකය හදුන්වාදීමෙන් පසු හා Macintosh පරිගණකය හදුන්වාදීමට පෙර අතර කාලය තුළ) මෙම අතුරුමුහුණත් කළමනාකරණ ආකෘතිය 'Windows' යන නාමය යටතේ හදුන්වාදෙන ලදී. නමුත් වින්ඩෝස් 1.0 (Windows 1.0) 1985 නොවැම්බර් මාසය වන තෙක් නිකුත් නොකරන ලදී. වින්ඩෝස් 1.0, Apple සමාගමේ මෙහෙයුම් පද්ධතිය සේම සාර්ථක වුවද එය එතරම් ජනයා අතර ප්‍රචලිත නොවීය. වින්ඩෝස් 1.0 පරිපුර්ණ මෙහෙයුම් පද්ධතියක් නොවීය. එය MS-DOS හි වැඩිදියුණු කළ දිගුවක් විය. වින්ඩෝස් 1.0 හි අතුරුමුහුණත් වැඩසටහන 'MS-DOS Executive' ලෙස හැදින්වූ අතර, විශේෂාංග ලෙස Calculator, Calendar, Cardfile, Clipboard viewer, Clock, Control Panel, Notepad, Paint, Terminal, Write හා Reversi පරිගණක ක්‍රීඩාව ඇතුලත් විය.
වින්ඩෝස් 1.0 හිදී කවුළු (windows) එක මත එක දර්ශනය වන ආකාරයට පෙන්නුම් නොකරන අතර, ඒවා ඵලක ආකාරයට (tiles) කවුළු දර්ශනය වේ.
වින්ඩෝස් 2.0 (Windows 2.0) 1987 දෙසැම්බර් මස නිකුත් කරන ලද අතර, එය පෙර මෙහෙයුම් පද්ධතියට වැඩ බෙහෙවින් ජනප්‍රිය විය. මෙම නිකුතුව පරිශීලක අතුරුමුහුණතේ තවත් වැඩිදියුණු කිරීම් වලින් හා පරිගණක මතක කළමනාකරණ හැකියාවෙන්ද යුක්ත විය. වින්ඩෝස් 2.03 (Windows 2.03) සංස්කරණය කවුළු එක මත එක දිස්වන සේ දර්ශනය කිරීමට හැකියාවෙන් යුතුව නිකුත් කළ අතර එම නවීකරණය හේතුවෙන් Apple සමාගම මයික්‍රොසොෆ්ට් සමාගමට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්න ලදී. ඒ ප්‍රකාශන හිමිකම් අයිතීන් මයික්‍රොසොෆ්ට් සමාගම විසින් උල්ලංඝනය කරන ලද්දේ යැයි සලකමිනි. වින්ඩෝස් 2.0 හිදී වැඩිදියුණු කළ යතුරුපුවරු කෙටිමං (Keyboard Shortcuts) හා ප්‍රසාරිත මතකයන් (Expanded Memory) භාවිත කිරීමේ හැකියාව ලබාදුනි.
වින්ඩෝස් 2.1 නිකුතුව සංස්කරණ දෙකකින් වෙළදපොලට නිකුත්කරන ලදී. ඒ 'වින්ඩෝස්/286' (Windows/286) හා 'වින්ඩෝස්/386' (Windows/386) ලෙසය. Windows/286 සංස්කරණය ඉන්ටෙල් 80386 (Intel 80386) සඳහා නිර්මාණය කල අතත්‍ය (Virtualization) යෙදවුමක් (Virtual 8086 mode) වූ අතර Windows/286 සංස්කරණය ඉන්ටෙල් 8086 (Intel 8086) හා ඉන්ටෙල් 80286 (Intel 80286) ක්ෂුද්‍ර සකසන තුළ ක්‍රියාකිරීම සඳහා නිර්මාණය කර ඇත.
මීට අමතරව පූර්ණ වින්ඩෝස් පැකේජයන්ට අමතරව තෙවන-පාර්ශව විසින් නිකුත් කළ ධාවන කාලයදී ක්‍රියා කිරීමට සැකසු වින්ඩෝස් සංස්කරණයන් ද පෙර වින්ඩෝස් මෘදුකාංග සමඟ බෙදාහරින ලද අතර ඒ නිසා එම වින්ඩෝස් මෘදුකාංග සම්පුර්ණ වින්ඩෝස් විශේෂාංග කට්ටලය රහිතව වුවත් 'MS-DOS' පද්ධතිය තුළදී ක්‍රියාත්මකවීමට අවස්ථාව ලැබිණි.
මුල් වින්ඩෝස් සංස්කරණ බොහෝ තැන්වලදී මෙහෙයුම් පද්ධතියකට වඩා එය චිත්‍රක කවචයක් (graphical shell) ලෙස හදුන්වනු ලබයි. ඒ MS-DOS පද්ධතිය මත ක්‍රියාකරන්නක් වූ බැවිණි. කෙසේවෙතත් ක්‍රියාකරවිය හැකි ගොනු ආකෘති (executable file format) ඇතුලත් වීම මෙන්ම යතුරුපුවරුව, මූසිකය, මුද්‍රණ යන්ත්‍ර, චිත්‍රණ, ශබ්ද හා ටයිමර (timer) වැනි උපාංග සඳහා ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය ධාවක (device drivers) සැපයීමට ඇති හැකියාව වැනි කරුණු නිසා මෙහෙයුම් පද්ධතියක් ලෙස සලකනු ලබයි. තවද MS-DOS පද්ධතිය සතු නොවන බහුකාර්ය ලෙස චිත්‍රක යෙදවුම් ක්‍රියාත්මක කරවීමේ හැකියාව පවතී.
වින්ඩෝස් 3.0 සහ 3.1
වින්ඩෝස් 95, 98, සහ Me
වින්ඩෝස් NT පවුල
64-bit මෙහෙයුම් පද්ධති
වින්ඩෝස් CE
වින්ඩෝස් වල අනාගතය
ඉතිහාසය
නිකුත් කිරීම් කාලපෙළ
හුවමාරු භාවිතය
ආරක්ෂාව
අනුකරණ මෘදුකාංග
මේවාද බලන්න
විමර්ශන
බාහිර සැබැදි
මෙහෙයුම් පද්ධති
මයික්‍රෝසොෆ්ට්
|
10,028 |
https://si.wikipedia.org/wiki/%E0%B6%B4%E0%B6%BB%E0%B7%92%E0%B6%9C%E0%B6%AB%E0%B6%9A%20%E0%B6%B8%E0%B7%99%E0%B7%84%E0%B7%99%E0%B6%BA%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%20%E0%B6%B4%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0%E0%B6%AD%E0%B7%92
|
පරිගණක මෙහෙයුම් පද්ධති
|
මෙහෙයුම් පද්ධතියක් පරිගණක සම්පත් කළමණාකරණය කර ක්‍රමලේඛකරුවන්ට / පරිශීලකයන්ට එම සම්පත්වලට ප්‍රවේශ වීමට අතුරු මුහුණත් සපයන මෘදුකාංගයකි. මෙහෙයුම් පද්ධතියක් පද්ධති දත්ත හා පරිශීලක ආදාන සකසා පරිශීලකයන්ට හා පද්ධති ක්‍රමලේඛවලට සැපයීම සදහා වැඩ කටයුතු හා අභ්‍යන්තර පද්ධති සම්පත් කළමනාකරණය කරමින් ප්‍රතිචාර දක්වයි. මෙහෙයුම් පද්ධතියක්, මතකය පාලනය හා වෙන් කිරීම , පද්ධති ඉල්ලීම්වල ප්‍රමුඛතාව සැකසීම , ආදාන ප්‍රතිදාන උපකරණ පාලනය , පරිගණක ජාලකරණයට පහසුකම් සැලසීම හා ගොණු කළමණාකරණය වැනි මූලික කරුණු ඉටු කරයි. මෙහෙයුම් පද්ධතියක් පුද්ගලික පරිගණක , අන්තර්ජාල සේවාදායක , ජංගම දුරකතන , සංගීත ධාවක , රවුටර් , ස්විච , රැහැන් රහිත ප්‍රවේශ ස්ථාන (access point) , ජාල ගබඩා , ක්‍රීඩා කොන්සෝල , ඩිජිටල් කැමරා , මහන යන්ත්‍ර හා දුර දක්න වැනි සංගෘහිත පරිපථ යොදා ගෙන සාදනු ලබන සෑම දෙයකම පාහේ සොයා ගත හැක.
බොහෝමයක් වේලාවට පරිගණකයන් පණගැන්වීමේ දී පළමුවම ධාවනය වන කේතය මෙහෙයුම් පද්ධතිය නොවේ. පරිගණකයේ ක්‍රියාත්මක වන පළමු කේතය සාමාන්‍යයෙන් ෆ්ලෑෂ් ROM හි ගබඩා කර ඇති අතර ෆර්ම් වෙයාර් මගින් ඇතුල් වේ. මෙය සමහරක් විට BIOS හෝ බූට් ROM (boot ROM) ලෙස හදුන්වනු ලැබේ. ෆර්ම් වෙයාර් මෙහෙයුම් පද්ධති කර්නලය (සාමාන්‍යයෙන් තැටියෙන් හෝ සමහර විට ජාලය හරහා ) ඇතුල්කර ක්‍රියාත්මක කරන අතර පරිශීලකයා තිරය මත දකින ප්‍රථම චිත්‍රක හෝ වදන් ප්‍රතිදානයට වගකිව යුත්තේ ද ෆර්ම් වෙයාර්ය (firmware).
ලිනක්ස් (Linux), මැක් ඕඑස් (macOS), මයික්‍රොසොෆ්ට් වින්ඩෝස් (Microsoft Windows) හා සෝලාරිස් (Solaris) නූතන බහුලව භාවිතා වන මෙහෙයුම් පද්ධති කිහිපයකි. මෙයින් වැඩතලය (desktop) මත වඩාත්ම ජනප්‍රිය වින්ඩෝස් වන අතර සේවාදායක පසුබිම් වලදී ලිනක්ස් වෙයි. ලිනක්ස්, මැක් ඕඑස් හා වින්ඩෝස් සියල්ලටම සේවාදායක හා පුද්ගලික වෙනස්කම් පවතී. මයික්‍රොසොෆ්ට් වින්ඩෝස් හැරුණු කොට පෙර සදහන් කරන ලද සියලු මෙහෙයුම් පද්ධති සැලසුම් කිරීමට දිරි ගැන්වීම හෝ කෙළින්ම සැලසුමම ලබා ගන්නේ යුනික්ස් මෙහෙයුම් පද්ධතියෙනි. 1960 පසු භාගයේ දී බෙල් පර්යේෂණාගාරවල නිපදවන ලද යුනික්ස් , බොහෝමයක් නොමිලේ බෙදා හරින හෝ වාණිජමය මෙහෙයුම් පද්ධතිවල දියුණුවට හේතු විය.
බොහෝමයක් පරිශීලකයන් මෙහෙයුම් පද්ධතිය , ඩෙක්ස්ටොප් වටපිටාවට සමාන කරයි.
මෙහෙයුම් පද්ධති - ඉතිහාසය
ප්‍රථම පරිගණකයේ මෙහෙයුම් පද්ධතියක් නොතිබුනි. 60 දශකය මුල් භාගය වන විට පරිගණක වෙළඳාම්කරුවන් කාණ්ඩ සැකසුම් ප්‍රවර්ධනය කිරීමේ ක්‍රමවේදයන්, ලැයිස්තුගත කිරීම හා කාර්ය ක්‍රියාත්මක කිරීමේ ක්‍රම වේදයන් සංවර්ධිත කිරීම සඳහා තරමක් පුළුල් මෙවලම් සැපයීමට ක්‍රියා කලහ. මේ සඳහා උදාහරණ ලෙස UNIVAC මා Control Date ආයතන මඟින් නිපදවන ලදි.
· MS-DOS මඟින් මෙහෙයුම් පද්ධතියක ආකාර ලක්ෂණ බොහෝමයක් ඉදිරිපත් කරනු ලැබිනි. තැටි ප්‍රවේශය මේ සඳහා නිදසුනකි. කෙසේ වුවත් බොහෝමයක් මෙහෙයුම් පද්ධති මෙය සම්පුර්ණයෙන්ම මඟහැර කෙලින්ම දෘඩාංග මත ක්‍රියාත්මක වීමට ඉඩකඩ සකසා දිනි.
· මෙහෙයුම් පද්ධති මුලින්ම යොදා ගෙන තිබුනේ මහා පරිගණක වලදීය. එහෙත් පසුව මුලික ක්ෂුද්‍ර පරිගණක මෙහෙයුම් පද්ධති කළමනාකරණය ලැයිස්තුගත කිරීම භාවිතා කර වරකට එක් වැඩසටහනක් පමණක් ක්‍රියාකිරීමට අවකාශ සලසා දිනි. සෑම වැඩසටහනක්ම එය ක්‍රියාත්මක වන කාල පරිච්ඡේදය පුරාවටම එම පරිගණකය කෙරේ පුර්ණ පාලනයකින් යුක්ත විය. බහුකාර්යකරණය (කාල සම්භාවිත කිරීම) මහා පරිගණකවල භාවිතයට මුලින්ම පැමිණියේ 60 දශකයේදීය.
· 1969-70 කාල පරිච්ඡේදයේ දී ප්‍රථම වතාවට UNIX මුලින්ම PDP-7 හා පසුව PDP-11 මඟින් ඉදිරිපත් විණි. එය ඉතා ඉක්මණින් වේදිකා කිහිපයක් හරහා කාල සම්භාවිතය ක්‍රියාත්මක වීමේ සාර්ථකත්වය පෙන්වුයේ පුර්වක්‍ර බහුකාර්යකරණය, උසස් මතක කළමනාකරණය, මතක ආරක්ෂණය සහ අනෙකුත් උසස් ලක්ෂණ සඳහා සංග්‍රාහකයෙක් ලෙස ක්‍රියා කරමිනි. UNIX ඉතා ඉක්මනින් මහා පරිගණක හා මධ්‍ය පරිගණක මෙහෙයුම් පද්ධයක් ලෙස ජනප්‍රියත්වයට පත්විණි.
· 1980 මුල් භාගයේ දී IBM-PC හා IBM PC XT ඇතුළු ක්ෂුද්‍ර පරිගණක කිහිපයක් UNIX ආකාර මෙහෙයුම් පද්ධතියක් වන Microsoft Xenix ධාවනය කිරීමේ හැකියාව පෙන්විය. තවද Microsoft ආයතනය විසින් ඔවුන්ගේ ඒක පරිශිලක මෙහෙයුම් පද්ධති වෙනුවට බදු පරිශිලක මෙහෙයුම් පද්ධතියක් ලෙස ඉතා අධික අලෙවිකරණ ව්‍යාපෘතියකට බදුන් කෙරිණි. නමුත් මෙම පුද්ගලික පරිගණකයේ මෙහෙයුම් පද්ධතිය(CPU) මඟින් එහි කරන කාර්ය මතක ආරක්ෂණය හා ද්විත්ව මාධ්‍ය මෙහෙයුම ක්‍රියාකිරීමට අවස්ථාව සලසා දීමට අපොහොසත් විය. එම නිසා Microsoft Xenix සහයෝගි බහුකාර්යකරණය මත විශ්වාසය තැබු අතර ආරක්ෂිත මතකයන්ද එහි නොවීය.
· 80286 මුලික IBM PCAT පරිගණකය වු කලි ද්විත්ව මාධ්‍ය මෙහෙයුම් ක්‍රියාත්මක කිරීම හා මතක ආරක්ෂණය සැලසීමට සමත් වු ප්‍රථම පරිගණකය හා සම්භාවය Mac-OS හා Microsoft Windows 1.0-Me සහයෝගි බහුකාර්යණයට උසස් වු අතර ඒවා ආරක්ෂිත මතකයන්ගෙන් ලබා ගත හැකි ආයෝජන උපරිම වශයෙන් ලබා ගැනීමේදී සිමාසහිත විය. මෙම මෙහෙයුම් පද්ධති මත ධාවනය වන යෙදුම් ක්‍රමලේඛ ඒවා ක්‍රියාත්මක නොවන අවස්ථාවන්හිදි ලැයිස්තුගතකරණයට CPUහි කාලය ඉතිරිකර දීම සඳහා පෙර නිමිතිව හෝ ක්‍රමවේදයක් භාවිතා කර එය ඉටු කර දීම හෝ මිශ්‍ර කළ යුතු විය.
· Windows NT සඳහා පාදක වු මෙහෙයුම් පද්ධති කාර්යාලය, Digital Equipment Corporation හි VMS නිර්මාණය කළ කණ්ඩායම විසින්ම නිමවන ලද්දකි. මෙම මෙහෙයුම් පද්ධති UNIX ආකාර වු අතර එය සියලු වැඩසටහන් සඳහා වු ආරක්ෂිත මාධ්‍ය මෙහෙයුම්, කාර්ය මතක ආරක්ෂණය, පුර්වක්‍ර බහුකාර්යකරණය, අතථ්‍ය(Vertual) ගොනු පද්ධති සඳහා සහයෝගය හා නොයෙකුත් මේආදි සේවා සපයන්නෙකු ලෙස නිර්මිතය.
· සම්භාවනීය AmigaOS හා Windows 1.0-Me යන මෙහෙයුම් පද්ධති සකසුන්වන් මඟින් ධාවන කාලයේදී ආදේශනය කරන ලද සම්පත් නියමාකාර ලෙස සලකුණු කර ගැනීමට අසමත් විය. එක් සකසුවක් අවසන් කිරීමට සිදු වු විට එය මඟින් එතෙක් භාවිතා වෙමින් තිබු සම්පත් වෙනත් වැඩසටහනක් වෙනුවෙන් නිදහස් කිරීම නැවත පරිගණකය පණගන්වන තෙක් සිදුකල නොහැකි විය.
එමෙන්ම විවෘත මුදුකාංග මෙහෙයුම් පද්දතියක් ලෙස උබුන්ටු(UBUNTU)හැදින්විය හැක.ලෝකයේ මිලියන 12 ජනතාවක් උබුන්ටු භාවිතාකරයි.සබැඳියෙහි ශීර්ෂය මගින් නොමිලේ උබුන්ටු සිඩිතැටියක් ගෙදරටම ගෙන්වාගත හැක.
[ NEW BY DON ] මෙහෙයුම් පද්ධතියක ක්‍රියාකාරීත්වය පහත කරුණු ඔස්සේ දැක්විය හැකිය.
මතක කළමනාකරණය (Memory Management)
පරිගණක මෙහෙයුම් පද්ධතියක් එක්පරිශීලකයෙක් කාර්යයන් කිහිපයක් පරිගණකය පරිගණක මෙහෙයුම් පද්ධතියක්හරහාසිදු කරන විට එම කාර්යයන් අතර ගැටුමකපරිගණක මෙහෙයුම් පද්ධතියක්්පරිගණක මෙහෙයුම් පද්ධතියක් ඇතිනොවන සේ පරිගණකයේ මතකය වෙන්කර දීම,පරිශපරිගණක මෙහෙයුම් පද්ධතියක්ීලකයන් වැඩි පිරිසක් සම්බන්ධ වී සිටින විටපරිගණක මෙහෙයුම් පද්ධතියක් එම එක් එක් පරිශීලකයාගේ කාර්යයන් අතර ගැටුමක් ඇති නොවන සේ මතකය වෙන්කර දීම, යම් කාර්යයක් අවසන් වූ පසු ඒ සඳහා වැය වූ ඉඩ මතකයෙන් නිදහස් කර වෙනත් කාර්යයක් සඳහා ලබා දීම මේ යටතේ සිදුවේ.
ක්‍රියාවලි කළමනාකරණය (Process Management)
මධ්‍ය සැකසුම් ඒකකය(CPU) තුලදී එක් අවස්ථාවකදී ක්‍රියාත්මක වන යම් වැඩසටහනක කොටසක් ක්‍රියාවලියක් ලෙස හඳුන්වන ලබයි. එසේ වැඩසටහන් කිහිපයකට අයත් ක්‍රියාවලි යම් තෝරා ගත් පිළිවෙලකට වරකට එක බැගින් ක්‍රියාත්මක කිරීම ක්‍රියාවලි කළමනාකරණයයි.
උපාංග කළමනාකරණය (Device Management)
පරිගණක පද්ධතියකට අයත් උපාංග (මුද්‍රණ යන්ත්‍රය, යතුරු පුවරුව,මවුසය,…) ඒවායේ ක්‍රියාකාරී සීඝ්‍රතාවය, දත්ත සහ තොරතුරු ප්‍රමාණය, අරමුණු, තොරතුරු ගලා යාමේ දිශාව, තොරතුරු සම්ප්‍රේෂණය කිරීමට භාවිතා වන සන්නිවේදනය නීති. (Communication Protocol)වැනි විවිධාකාර පැති ඔස්සේ කළමනාකරණය කිරීමයි.
ගොනු කළමනාකරණය (File Management)
දත්ත සහ තොරතුරු පරිගණකයේ දෘඩ තැටිය තුල ස්ථිරව ගබඩා කරන ආකාරය ගොනුවක් ලෙස හඳුන්වයි. ගොනු සෑදීම, ඒවා නම් කිරීම. ගොනු ක්‍රමානුකූලව තබා ගැනීම, ගොනුවට ප්‍රවේශ වීම සහ ආරක්ෂා කිරීම ගොනු කළමනාකරණයයි.
ආරක්ෂණ කළමනාකරණය (Security Management)
පරිගණක පද්ධතියක් බාහිර සහ අභ්‍යන්තර උපද්‍රව මඟින් ආරක්ෂා කරගැනීම මෙහිදී සිදුකරනු ලබයි. අනවසර පිවිසෙන්නන් වැලැක්වීමට සඳහා යොදන යූසර් නේම්(user name) සහ පාස් වර්ඩ්(Password) මෙහිදී වැදගත් කාර්යයක් ඉටුකරයි.
web :- www.donofficial.com e-mail :- [email protected]
යුනික්ස් සහ යුනික්ස් වැනි මෙහෙයුම් පද්ධති
කෙන් තොම්සන් (Ken Thompson) ඔහුගේ MULTICS ව්‍යාපෘතියේ අත්දැකීම් මත පදනම්ව යුනික්ස් ලිවීමට යොදාගත් BCPL මත පදනම්ව, B ලියන ලදී. B C හි මඟින් ප්‍රතිස්ථාපනය වූ අතර යුනික්ස්, සෑම නූතන මෙහෙයුම් පද්ධතිකටම බලපෑම් ඇති කරන විශාල සංකීර්ණ අන්තර්ව බැඳුනු මෙහෙයුම් පද්ධති පවුලක් බවට වර්ධනය විය. (ඉතිහාසය බලන්න)
යුනික්ස් වැනි පවුල මෙහෙයුම් පද්ධතිවල ස්වභාවයෙන් වෙනස් කාණ්ඩයකි. එයට සිස්ටම් System V, BSD, හා ලිනක්ස් වැනි ප්‍රධාන උප ඒකක කිහිපයක් ඇතුළත් වේ. යුනික්ස් යන නාමය ද ඕපන් ගෘප් හි වෙළඳ නාමයක් වන අතර එහි අර්ථ දැක්වීමට ගැලපෙන මෙහෙයුම් පද්ධතියක් සඳහා යෙදීමට අවසර ලබා දී ඇත. “යුනික්ස් වැනි” බහුලව භාවිතා වන්නේ නියම යුනික්ස්ට සමාන මෙහෙයුම් පද්ධති සමූහයක් හැඳින්වීමටය.
යුනික්ස් වැනි මෙහෙයුම් පද්ධති යන්ත්‍ර නිර්මිත විශාල ප්‍රමාණයක් මත ධාවනය වේ. ඒවා ව්‍යාපාර කටයුතුවලදි සේවා දායකවල සහ අධ්‍යාපනික හා ඉංජිනේරුමය කටයුතුවලදී වර්ක්ස්ටේෂන් (workstations) වල බහුලව භාවිතා වේ. GNU ලිනක්ස් හා BSD වැනි නිදහස් මෘදුකාංග යුනික්ස් ආදේශක මෙම අංශවල ජනප්‍රිය වේ. ලිනක්ස් වෙළඳපොළ කොටස බොහෝ වෙනස් බෙදාහැරීම් අතර බෙදී යයි. නොවෙල් (Novell) හා රෙඩ් හැට් (Red Hat) මඟින් සිදු කරන මහා පරිමාණ ව්‍යවසාය පන්තියේ බෙදා හැරීම් සංස්ථා මඟින් භාවිතා කරන නමුත් සමහරක් ගෘහස්ථ පරිශීලකයන් ද එම නිපැයුම් භාවිතා කරයි. ඓතිහාසිකව ගෘහස්ථ පරිශීලකයන් ස්ථාපනය කළේ ඔවුන්ගේම බෙදා හැරීමකි. නමුත් 2007 දී ගෘහස්ථ PC සඳහා උබුන්ටු ලිනක්ස් බෙදා හැරීම ඩෙල් (Dell) සමාගම ආරම්භ කළ අතර වර්තමානයේ වෝල්මාර්ට් (Walmart) සමාගම GOS v2 සමඟ පහත් අන්තයේ පරිගණක ඉදිරිපත් කරයි. වැඩතලය (desktop) මත ලිනක්ස් , වර්ධනය කරන හා විනෝදාංශමය මෙහෙයුම් පද්ධති දියුණු කරන ප්‍රජා අතර ජනප්‍රිය වේ. (පහත බලන්න)
නිදහස් මෙහෙයුම් පද්ධති සඳහා වෙළඳ පොළ කොටස් දත්ත සාමාන්‍යයෙන් නිරවද්‍ය නොවේ. එසේ වන්නේ ඒවා නියෝජනයන් යටතේ භාවිතා කර මිළ දි නොගන්නා බැවිනි. අනෙක් අතට නිදහස් මෙහෙයුම් පද්ධතිවල මුළු බාගත කිරීම් මත පදනම්ව ඇති වෙළඳ පොළ කොටස් දත්ත බොහෝ විට විශාල මවා පෑමකි. මන්ද යත් මෙහෙයුම් පද්ධති ගණනාවක් ගැනීමට ආර්ථිකව ප්‍රශ්නයක් නොමැති නිසා පරිශීලකයන් මෙහෙයුම් පද්ධති කිහිපයක් බාගත කර වඩා සුදුසු දෙය තෝරා ගනියි.
HP හි HP-UX හා IBM හි AIX වැනි සමහරක් යුනික්ස් ආදේශක එම නිෂ්පාදකයාගේම දෘඩාංගවල පමණක් ධාවනය වන ලෙස සකසා ඇත. සෝලාරිස් (Solaris) වැනි අනෙක්වාට x86 සේවා දායක හා PC ඇතුලුව විවිධ වර්ගවල දෘඩාංග මත ධාවනය විය හැක. ඇපල්හි මැක් OS X මාච් (Mach) හා ෆ්‍රී BSD මඟින් ඇපල්හි මුල් කාලීන (යුනික්ස් නොවූ) මැක් OS ප්‍රතිස්ථාපනය කර ඇත.
යුනික්ස් අන්තර් ක්‍රියාකාරීත්වය සොයා බලන ලැබුවේ POSIX සම්මත ප්‍රකාශයට පත් කිරීමෙනි. POSIX සම්මතය විවිධ යුනික්ස් ආදේශක සඳහාම නිර්මාණය කර තිබුණත් ඕනෑම මෙහෙයුම් පද්ධතියකට යෙදිය හැකි වේ.
තථ්‍ය-කාල මෙහෙයුම් පද්ධති
තථ්‍ය-කාල මෙහෙයුම් පද්ධතියක් (RTOS) යනු ස්ථාවර නියමිත කාලයක් සහිත යෙදුම් සඳහා අරමුණු කර ඇති බහු කාර්ය කරණ මෙහෙයුම් පද්ධතියකි (තථ්‍ය-කාල පරිගණනය). කුඩා නිහිත පද්ධති, මෝටර්රථ එන්ජින් පාලක, කාර්මික රොබෝවරුන්, අභ්‍යාවකාශයානා, කාර්මික පාලන, සහ සමහරක් මහා පරිමාණ මෙහෙයුම් පද්ධති යන දේ මෙවන් යෙදුම් වලට අයත් වෙති.
නිහිත පද්ධති විසින් ඒ සඳහාම කැපවු විවිධ මෙහෙයුම් පද්ධති රැසක් භාවිතා කරයි. සමහර අවස්ථාවලදී විශේෂ කාර්යය ක්‍රමලේඛයක් නිපදවීමට "මෙහෙයුම් පද්ධති මෘදුකාංග” සෘජුවම යෙදුම් හා සම්බන්ධ කර ඇත. ඇති සරලම නිහිත පද්ධතිවල, මෙහෙයුම් පද්ධතිය හා යෙදුම අතර වෙනසක් දැකිය නොහැකි වේ. එක්තරා කාල අවශ්‍යතාවයක් ඇති නිහිත පද්ධති තථ්‍ය කාල මෙහෙයුම් පද්ධති (real-time operating system) ලෙස හඳුන්වයි.
නිශ්චිත කාලයක් නියම කර ඇති නිහිත පද්ධති වන VxWorks, eCos, QNX මෙන්ම RTLinux වැනි තථ්‍ය කාල මෙහෙයුම් පද්ධති ඇත.
Palm 05, windows CE, BSD සහ Linux වැනි මෙහෙයුම් පද්ධති තථ්‍ය කාල පරිගණනයට ආධාර නොකලත් සමහර නිහිත පද්ධති ඒවා භාවිතා කරයි.
Windows CE හි මේස පරිගණකයෙහි Windows වලට සමාන යෙදුම් ක්‍රමලේඛ සහිත අතුරු මුහුණතක් (API) පවතී. එසේ වුවත් මේස පරිගණකයෙහි Windows හි ඇති කේත පදනම (Code base) හා Windows CE හි සමානකම් නැත.
කෙසේ වෙතත් මෑත කාලයේදී Linux විසින් නිහිත මෙහෙයුම් පද්ධති අතර ප්‍රමුඛස්ථානය ලබා ගෙන ඇත්තේ පහත කරුණු හේතුකර ගෙනය. කුලී ගෙවිය යුතු නැතිවීම, පුළුල් හැකියාව, උසස් කාර්ය සාධනය හා අඩුවෙන් මතකය වැය වීම යන කරුණු පදනම් කරගෙනය.
සටහන්
පරිගණක
පරිගණක විද්‍යාව
පරිගණක තාක්ෂණය
පරිගණක මෙහෙයුම් පද්ධති
|
10,030 |
https://si.wikipedia.org/wiki/%E0%B6%85%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%AD%E0%B7%8A%20%E0%B6%B4%E0%B6%BB%E0%B7%8A%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%20%E0%B6%8B%E0%B6%B4%E0%B7%8F%E0%B6%82%E0%B6%9C%20-%20%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AD%E0%B7%92%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%20%28Output%29
|
අනෙකුත් පර්යන්ත උපාංග - ප්‍රතිදාන (Output)
|
• ප්‍රතිරූප, වීඩියෝ ප්‍රතිදාන උපකරණ
o මුද්‍රකය - ලේඛණයක (document) දෘඩ පිටපතක් (සාමාන්‍යයෙන් කඩදාසි) නිපදවන පරියන්ත උපකරණයකි.
o මොනිටරය - රූපවාහිණියටම සමාන වීඩියෝ සංඥා ප්‍රදර්ශන කරන උපකරණයකි. පරිශීලකයාට තොරතුරු සපයන අතර අන්‍යෝන්‍යව ක්‍රියාකිරීමට අතුරු මුහුණතක් (Interface) සපයයි.
• ශ්‍රවණ ප්‍රතිදාන උපකරණ
o නාදක (Speaker) - කනට ඇසෙන ශබ්ද ඇති කිරීම සඳහා ප්‍රතිසම ශ්‍රවණ සංඥා සමවායු කම්පන බවට පත්කරන උපකරණයකි.
o හෙඩ් සෙට් (හිසේ පළඳින නාදක) - ක්‍රියාකාරිත්වයෙන් පරිගණක නාදකවලට සමාන ප්‍රධාන වශයෙන්ම තමා අවට සිටින අයට බාධා නොවීම පිණිස භාවිතා කරන උපකරණයකි.
References
http://en.wikipedia.org/wiki/Computer_hardware#Output
|
10,035 |
https://si.wikipedia.org/wiki/%E0%B6%B8%E0%B7%9D%E0%B6%A7%E0%B6%BB%E0%B7%8A%20%E0%B6%BB%E0%B6%AE
|
මෝටර් රථ
|
මෝටර් රථය හෙවත් “ඔටෝමොබයිල්” ( ප්‍රංශ හා ශ්‍රීක භාෂා මගින් ඔටෝ යන්නෙන් ස්වයංක්‍රීය යන්නද ලතින් භාෂාවෙන් මොබිලයිස් යන්නෙන් වෙනත් රථයක් හෝ සතෙකු මගින් චලනය නොවී එය මගින්ම චලනය වීම වේ. ) යනු රෝද සහිත මගී රථයක් වන අතර එයට ස්වකීය එන්ජිමක් හෝ මෝටරයක් අඩංගු වේ. බෙහෝමයක් අර්ථ දැක්වීම්‍වලට අනුව මෝටර්රථ මූලික වශයෙන් මාර්ගවල ධාවනයට නිපදවා ඇති අතර එයට එහි පුද්ගලයෙකු සිට 8 දෙනෙකු දක්වා අසුන් ගැනීමේ හැකියාවක් පවතී. සාමන්‍යයෙන් රෝද හතරකින් සමන්විත අතර මූලික වශයෙන් භාණ්ඩ ප්‍රවාහනය කිරීමට නොව මගීන් ප්‍රවාහනය කිරීමට නිපදවා ඇත. නමුත් මෙම යෙදුම යාථාර්ථයෙන් බොහෝ ඈත්ව පවතී. මක්නිසාදයත් මෙම ක්‍රියාව කරන විවිධ වර්ගයේ රථ දැනට දක්නට ඇති බැවිනි.
2002 වර්ෂය වන විට මිලියන 590 මගී මෝටර් රථ ලොව පුරා තිබුණි. ( දල වශයෙන් පුද්ගලයන් 11 දෙනෙකුට රථයක් වන පරිදි)
මෝටර් රථ තාක්ෂණය
|
10,040 |
https://si.wikipedia.org/wiki/%E0%B6%9C%E0%B7%8F%E0%B6%82%E0%B6%A0%E0%B7%94%E0%B7%80
|
ගාංචුව
|
ගාංචුවක් යනු (ලතින් භාෂාවෙන් buccula) බඳ පටියක දෙකෙළවර එක් ව බැඳුමට හෝ පටියක කෙළවර රඳවා තබා ගැනීමට භාවිතා කරන උපකරණයකි. සිප් එකෙහි සොයා ගැනීමට පෙර මුළු සපත්තු හෝ වෙනත් සපත්තු බැඳුමට බහුල වශයෙන් ගාංචු භාවිතා කරන ලදී.
ඉතිහාසය
පුරාණ ග්‍රීසියේ හා රෝමයේ ගාංචු භාවිතා කරන ලදී. විශේෂයෙන් හමුදා ආයිතත්මවල සහ (කඩු) පටිය, යුධ සන්නාහය වැනි හමුදා ඇඳුම් මත, පටියෙන් බැඳ තබාගන්නා සියලුම ආකාරවල ආයිත්තම්වල සහ horse gear මත භාවිතා කරන ලදී. “ගාංචුව” යන පදය එහි හැඩය නිසා “කුඩා කට” යන අරුත් දෙන ලතින් භාෂාවේ පොදුවේ පවතින buccula යන්නෙන් බිඳී ආවකි. කෙල්ම්වරුන්ගේ ශිෂ්ටාචාරයේ ද බහුල වශයෙන් ගාංචු භාවිතා කරන ලදී. ඉතා පුරාණ කාලයේදී ගාංචු බහුල වශයෙන් ලෝහ, ඇටකටු සහ ඇත්දළවලින් නිමවා ඇත. ගාංචුවේ පැවති සරල බව හා කල්පවත්නා බව නිසා එය විශේෂයෙන් සපත්තු හා බූට් සපත්තු වැනි සන්නයනයන් හා ගෙත්තම් අතර ජනප්‍රියතාවයට පත්විය. සිප් එකෙහි සොයා ගැනීම තෙක් ඇඳුම් පැලඳුම් සඳහා සංකේතමය අල්ලුවක් වශයෙන් එය බහුල ලෙස භාවිතා විය.
රෝල ගාංචුව විසිවැනි ශත වර්ෂයේ මැද භාගයේ කළ සොයා ගැනීමකි. බොහෝ දැති සහිත ගාංචු 18 වැනි ශත වර්ෂයේ වන විටත් භාවිතයේ පැවතුණි.
අද්‍යතන භාවිතයන්
විශේෂ බූට් සපත්තු හා සපත්තුවල ගාංචුව තවමත් භාවිතා වන නමුත් වර්තමානයේ, ගාංචුව ඉතා බහුල වශයෙන් බඳපටි සඳහා භාවිතා කෙරේ. ලේස්වල ඇති අවාසි නිසා ටැන්කර් බූට් සපත්තු ගාංචුවල භාවිතය වැඩෙහි යොදවයි. ගමන් මලු, අත් ඔරලෝසු, අත් පලඳනා හා විවිධ වස්තූන් අලංකාරවත් කිරීමට ගාංචු භාවිතා කරනු ලැබේ. නූතන ගොත්වරුන්ගේ විලාසිතා තුළ ගාංචු බහුලව දක්නට ලැෙබ්.
ආරක්ෂක පටියකට හෝ අසුන් පටියකට ගාංචුවක් යැයි සැලකිය හැක. එහිදී බකල් අප් යන යෙදුමෙන් නියම වශයෙන් හමුදා වාක්‍ය ඛන්ඩයකි. එනම් අශ්වාරෝහක බල ඇණිය සැදෑලයට තලමින් අශ්වායට වෙන්වීමට සූදානම් වන්න යන්නයි. කැනේඩියානු රාජ්‍ය උත්සව හා චාරිත්‍ර පිළිබඳ නිලධාරීන්ගේ ශාස්ත්‍රයෙහි ගාංචුවක් යනු අටවැනි දියණියයි.
|
10,042 |
https://si.wikipedia.org/wiki/%E0%B7%83%E0%B7%8F%E0%B6%9A%E0%B7%8A%E0%B6%9A%E0%B7%94%20%E0%B6%B4%E0%B6%BB%E0%B7%92%E0%B6%9C%E0%B6%AB%E0%B6%9A
|
සාක්කු පරිගණක
|
සාක්කු පරිගණකයක් (කෙටියෙන් P/PC හෝ PPC හදුන්වන) යනු අතේ රැගෙන යා හැකි ප්‍රමාණයේ පරිගණක උපාංගයකි. මෙම උපාංගය ප්‍රධාන වශයෙන්ම මයික්‍රොසොෆ්ට් වින්ඩෝස් ජංගම මෙහෙයුම් සංස්කරණය මඟින් ක්‍රියාත්මක කරනු ලබයි. එසේම එයට NetBSD හෝ ලිනක්ස් මෙහෙයුම් පද්ධති මඟින් ක්‍රියාත්මක වීමේ හැකියාව පවතී. නවීන පෞද්ගලික පරිගණකයක් මඟින් කරගත හැකි බොහෝ කාර්යයන් සාක්කු පරිගනයක් භාවිතයෙන් ද ඉතා පහසුවෙන් කරගත හැක.
වර්තමානයේ දී මයික්‍රොසොෆ්ට් සාක්කු සදහා මෘදුකාංග දහස් ගණනක් ඇති අතර ඒවායින් බහුතරයක් නම් freeware හෙවත් නොමිලේ ලබාගත හැකි මෘදුකාංග වේ. මෙවැනි සමහර උපාංග ජංගම දුරකතනවල අඩංගු පහසුකම් වලින් පවා සමන්විත වේ. මයික්‍රොසොෆ්ට් මෙහෙයුම් සාක්කු පරිගණකවලට GPS Barcode, RFID කියවන හා කැමරා වැනි ඒවා සමග ද භාවිතා කිරීමේ හැකියාව පවතී.
2007 දී වින්ඩෝස් මොබයිල් 6 පැමිණීමත් සමග මයික්‍රොසොෆ්ට් සමාගම විසින් අත් පරිගණක සඳහා නව ප්‍රසාදාත්මක නාමයන් හඳුන්වාදෙන ලදී. ජංගම දුරකතන පහසුකම් නොමැති උපකරණ සාක්කු පරිගණක (pocket PC) වින්ඩෝස් මොබයිල් ක්ලැසික් (Windows Mobile Classic) නමින් හඳුන්වනු ලැබේ. ජංගම දුරකතන පහසුකම් හා ස්පර්ශ තිරයක් ඇති උපකරණ දැන් හඳුන්වනු ලබන්නේ Windows Mobile Professional නමිනි.
පරිගණක විද්‍යාව
|
10,044 |
https://si.wikipedia.org/wiki/%E0%B6%B1%E0%B7%92%E0%B7%84%E0%B6%AC%20%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B7%92%E0%B6%9A%20%E0%B6%B4%E0%B6%BB%E0%B7%92%E0%B6%9C%E0%B6%AB%E0%B6%9A
|
නිහඬ පුද්ගලික පරිගණක
|
නිහඬ පුද්ගලික පරිගණකයක් යනු කුඩා ශබ්දයක් නිකුත් කරන පෞද්ගලික පරිගණකයකි. බොහෝ විට බහුලව මේවා වීඩියෝ සංස්කරණය, හඩ මිශ්‍රණය, ගෘහ සේවාවන් හා ගෘහස්ථ රංග ශාලා (Home Theater)පරිගණක සේ භාවිතා වේ. නියත නිහඬ පුද්ගලික පරිගණකයක් සඳහා නිහඩ සිසිල්කරණ හා ගබඩා කිරීමේ උපකරණ හා බලශක්ති කාර්යක්ෂමතා උපාංග භාවිතා කෙරේ.
ඝෝෂාව මෙන් ‘නිහඬ පුද්ගලික පරිගණක’ යන පදය විෂයාත්මක වුව ද මෙතෙක් ඊට ස්ථාවර අර්ථ දැක්වීමක් දී නොමැත. කෙසේ නමුත් පිළිගත් සාමාන්‍ය අර්ථ දැක්වීමට අනුව එවැනි පරිගණක මගින් නිකුත් කරන හඬ, පරිගණකයෙන් 1m ඈතක දී එය 30dB නොයික්මවිය යුතු බවයි. ශබ්ද පීඩන මට්ටම සාමාන්‍යය එකතුවට , පරිගණකයේ ශබ්දය ප්‍රකාශනය වී දැයි නිර්ණය කිරීමට සංඛ්‍යාතය , වර්ණාවලිය හා ශබ්දයේ ගතිකය වැදගත් වේ.අඩු සංඛ්‍යාතයකින් යුත් ශබ්ද සටහන් වීම හෝ ඇසීම ඉතාම දුලභ වේ. කොපමණ ප්‍රමාණයක ශබ්දයක් සටහන් වේදෝ හෝ ආචරණය වේ දැයි සදහා පරිසරයේ තිබෙන වෙනත් ශබ්ද ප්‍රමාණයක් හා ස්වරූපය බලපායි. එම නිසා පරිගණකය නිහඬ බව සදහා විශේෂ වූ පරිසරය හා භාවිතා කරන්නන් සම්බන්ධ වේ.
|
10,046 |
https://si.wikipedia.org/wiki/%E0%B6%AD%E0%B6%AE%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%20%E0%B6%9A%E0%B7%8F%E0%B6%BD%20%E0%B6%B8%E0%B7%99%E0%B7%84%E0%B7%99%E0%B6%BA%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%20%E0%B6%B4%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0%E0%B6%AD%E0%B7%92
|
තථ්‍ය කාල මෙහෙයුම් පද්ධති
|
රියල් ටයිම් මෙහෙයුම් පද්ධතියක් (RTOS) [සාමාන්‍යයෙන් ‘ආර් - ටොස් ලෙස උච්චාරණය වේ’]රියල් ටයිම් යෙදුම් සඳහා තනන ලද බහු කාර්ය මෙහයුම් පද්ධතියකි. එවැනි යෙදුම්වලට කාවැද්දූ පද්ධති (ක්‍රමලේඛ ගත කළ හැකි උෂ්ණත්ව පාලක , ගෘහස්ථ උපකරණ පාලක ජංගම දුරකතන ) , කාර්මික රොබෝවරු , අභ්‍යවකාශ යානා , කාර්මික පාලනය (SCADA බලන්න) හා විද්‍යාත්මක පර්යේෂණ උපකරණ ආදිය ඇතුළත් වේ.
RTOS රියල් ටයිම් පද්ධති නිර්මාණයට අවකාශය ලබා දෙනමුත් අවසාන ඵලය රියල් ටයිම් පද්ධතියක් වීම හෝ නොවීම පිළිබඳ වග කියනු නොලැබේ. ඒ සඳහා මෘදුකාංගය නිවැරදිව ගොඩ නැංවිය යුතුය. RTOS මෘදුකාංගය එතරම් ප්‍රභල කේතන හැකියාවක් නොමැත. විශාල throughput එකක් නොමැත. වඩා හොඳ විකල්පයක් වශයෙන් RTOS , නියමාකාරයෙන් භාවිතා කළ හොත් වගකීම් සීමා සාමාන්‍ය ලෙස (මෘදු රියල් - ටයිම්) හෝ ස්ථිර ලෙස ( දෘඩ රියල් ටයිම් ) ළඟා කරගත හැකි පහසුකම් සපයයි.
RTOS යක් , රියල් ටයිම් මෘදුකාංග නිර්මාපකයෙකුට අවසාන පද්ධතියේ නිශ්චිත ක්‍රියාකාරිත්වය සඳහා අවශ්‍ය මෙවලම් සැපයීමට විශේෂිතව වර්ගීකරණය වන අංක ගණිත ක්‍රමයක් භාවිතා කරයි. RTOS යකට කාලයක් තිස්සේ කළ හැකි වැඩ ප්‍රමාණයට වඩා යම්කිසි අවස්ථාවක් සඳහා එය ප්‍රතිචාර දක්වන වේගය හා / හෝ අනුමාන කළ හැකි බව අගය කෙරේ. වැදගත් කරුණක් වන්නේ, RTOS භාවිතය නිසා බාධා වීම් හා කාර්ය කොටස් මාරුවීම් කාලය අවම වීමයි. මුල්කාලීන මහා පරිමාණ රියල් ටයිම් මෙහෙයුම් පද්ධතියකට උදාහරණයක් වන්නේ ඇමරිකානු ගුවන් සේවය හා IBM මගින් සේබර් ගුවන් සේවා වෙන් කිරීමේ පද්ධතියට නිපදවන ලද කටයුතු සැකසීමේ පහසුකමය.
සැලසුම් කිරීමේ දර්ශන
මූලික සැලසුම් 2ක් පවතී
• අවස්ථානුකූලව ක්‍රියාත්මක (ප්‍රමුඛතා කාර්ය සටහන) සැලසුම් කාර්යය මාරු කරන්නේ වැඩි ප්‍රමුඛතාවක් ඇති සිද්ධියකට සේවාවන් අවශ්‍ය වූ විට අතර පෙර ශූන්‍ය කරන ලද ප්‍රමුඛතාව (Per – emptive priority) ලෙස හඳුන්වනු ලැබේ.
• කාලය බෙදා ගන්නා සැලසුම් (Time sharing design) කාර්ය මාරු කරන්නේ ස්පන්ද සංඥාවක් මත හා රවුන්ඩ් රොබින් (round robin) ලෙස හඳුන්වන අවස්ථාවලදීය.
කාලය බෙදා ගන්නා සැලසුම් අවශ්‍ය ප්‍රමාණයටත් වඩා නිරන්තරයෙන් කාර්යයන් මාරු කරයි. නමුත් එය වඩා සුමට වඩා නිශ්චිත බහුකාර්ය වන අතර එමගින් ක්‍රියාවලිය හෝ පරිශීලකයා යන්ත්‍රය තනිකරම භාවිතා කරතැයි හැඟීමක් ඇතිවේ.
මුල් කාලීන CPU සැලසුම්වලට කාර්යයක් මාරු කිරීමට චක්‍ර ගණනාවක් අවශ්‍ය වන අතර එම කාලය තුළට CPU එකට ප්‍රයෝජනවත් කිසිවක් කළ නොහැක. එම නිසා පැරණි OS අනවශ්‍ය ක්‍රියා මාරු කිරීම් උපරිම ලෙස වැළැක්වීමෙන් CPU වල අපතේ යන කාලය අවම කිරීමට උත්සාහ දරා ඇත.
මෑත කාලීන CPU එක් කාර්යයකින් තවත් කාර්යයකට මාරු වීමට ගන්නේ වඩා අඩු කාලයකි. එයට හේතුව එක් කාර්යයක සිට අනෙක් කාර්යයට චක්‍ර බින්දුවකදී මාරුවන බරණි සකසුය (barrel processors). නව RTOS බොහෝ විට අචල කාලය බෙදා ගන්නා කාර්ය සටහන් ප්‍රමුඛතාව අනුව ක්‍රියාත්මක වන කාර්ය සටහන් සමග ක්‍රියාත්මක වේ.
උදාහරණ
Chibi OS/RT
eCos
FreeR TOS
Fusion RTOS
Nucleus RTOS
OSE
OSEK
QNX
RT- 11
RTEMS
RT Linux
Talon DSP RTOS
ගනුදෙනු සැකසුම් පහසුකම (Transaction Processing Facility)
Vx Works
References
http://en.wikipedia.org/wiki/Real-time_operating_system
පරිගණක මෙහෙයුම් පද්ධති
|
10,048 |
https://si.wikipedia.org/wiki/%E0%B6%86%E0%B6%9C%E0%B6%AB%E0%B6%9A%20%E0%B7%80%E0%B7%8F%E0%B6%AF%E0%B6%BA
|
ආගණක වාදය
|
ඇල්ගොරිතම භාවිතයෙන් පරිගණකකරණ ආදර්ශකයක් ඔස්සේ කෙතරම් කාර්යක්ෂමව ගැටලුවක් විසඳිය හැකි ද යන්න පිළිබඳ සලකා බැලෙන පරිගණක විද්‍යා ක්ෂේත්‍රය ආගණක වාදය නම් වේ. මෙම ක්ෂේත්‍රය ආගණකතා වාදය සහ සංකීර්ණතා වාදය ලෙස ප්‍රධාන කොටස් 2කින් යුක්ත වන අතර එම යුගලම විධිමත් පරිගණකකරණ ආදර්ශන හා සම්බන්ධව භාවිතා වේ.
ආගණනය පිළිබඳ දැඩි අධ්‍යයනයක් කිරීම සඳහා පරිගණක විද්‍යාඥයින් පරිගණකකරණ ආදර්ශය ලෙස හැඳින්වෙන ගණිතමය පරිගණක අමූර්තනයක් භාවිතා කරති. මෙහි ආකාර කිහිපයක් ඇති නමුත් වඩාත් බහුලව භාවිතා වන්නේ ටියුරින් උපකරණයයි. ටියුරින් උපකරණය අනන්ත විභව මතක ධාරිතාවක් ඇති සාමාන්‍ය පරිගණකයක් ලෙස සැලකිය හැක. තවද එයට සිය මතකයට ප්‍රවේශ විය හැක්කේ කුඩා විවික්ත කොටස් වශයෙනි. පසුවෙන් නිර්මාණය කළ හැකි වීමත් ප්‍රතිඵල ඔප්පු කිරීමට භාවිතා කළ හැකි වීමත්, එය නිර්මාණය කළ හැකි වඩාත් බලවත් හේතුමය පරිගණක ආදර්ශය නිරූපණය කරන බවට සමහරක් දෙනා තුළ ඇති මතයක් යනාදිය හේතුවෙන් ටියුරින් උපරණය බහුලව භාවිතා වේ. අපරිමිත මතකය පැවතිය නොහැකි ගුණයක් සේ දිස්විය හැක. නමුත් ටියුරින් යන්ත්‍රයක් මඟින් නිර්ණය කළ හැකි ඕනෑම ගැටළුවක් සඳහා හැමවිටම අවශ්‍ය වනු ඇත්තේ පරිමිත මතක ධාරිතාවකි. එබැවින් මූලධර්ම අනුව ටියුරින් උපකරණයක් ඇසුරින් විසඳිය හැකි ඕනෑම ගැටළුවක් සීමිත ධාරිතාවක් ඇති පරිගණකයක් ඇසුරින් ද විසඳිය හැක.
References
http://en.wikipedia.org/wiki/Theory_of_computation#Other_formal_definitions_of_computation
|
10,054 |
https://si.wikipedia.org/wiki/%E0%B6%85%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B7%8F%E0%B6%BD%20%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%9C%E0%B6%A7%E0%B7%9D%E0%B6%9A%E0%B7%9D%E0%B6%BD%E0%B6%BA%20%E0%B7%84%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%20%E0%B6%9A%E0%B6%A7%E0%B7%84%E0%B6%AC
|
අන්තර්ජාල ප්‍රොටෝකෝලය හරහා කටහඬ
|
අන්තර්ජාල ඔස්සේ හඬ, අන්තර්ජාලය ප්‍රොටෝකෝල කටහඬ (Voice over IP, VoIP) යනු අන්තර්ජාලය හෝ වෙනත් පැකට්ටු හුවමාරු ජාල හරහා කටහඬ සම්ප්‍රේෂණය හැඳින්වීමට ද වියුක්ත ලෙස බහුලව යෙදේ. (එය සිදු කරන ප්‍රොටෝකෝලය හැර) මෙය පසුව කියන ලද සංකල්පය IP දුරකතන ක්‍රමය, අන්තර්ජාල දුරකතන ක්‍රමය, පුළුල් කලාපය (broadband) හරහා කටහඬ , පුළුල් කලාප දුරකතන ක්‍රමය හා පුළුල් කාලප දුරකතන ලෙස ද හඳුන්වනු ලැබේ. අවසාන දෙක තාර්කික ලෙස නිරවද්‍ය නොවේ, මන්ද යත් අර්ථ දැක්වීමෙන් දුරකතන ආකාරයේ හඬ සන්නිවේදක පටු කලාපීය (narrowband) වේ.
VoIP සැපයුම්කරුවන් සමහරක් විට ARPANET සැපයුම්කරුවන් සඳහා නිර්මිත පර්යේෂණාත්මක ජාල හඬ ප්‍රොටෝකෝලය (1973) හි වාණිජමය සාක්ෂාත්කරනයක් ලෙස ගෙන හැර දැක්විය හැක. හඬ හා දත්ත ගෙනයාමට තනි ජාලයක් ඇති කිරීමෙන් යම් වියදම් ඉතිරියක් සිදුවේ. විශේෂයෙන් පරිශීලකයන් VoIP අමතර වියදමකින් තොරව රැගෙන යා හැකි ජාල ධාරිතා නියම ප්‍රමාණයට වඩා අඩුවෙන් භාවිතා කර විට, VoIP සිට VoIP ට ඇමතුම් සමහරක් විට ගාස්තුවලින් නිදහස් අතර පොදු හුවමාරු දුරකතන ජාල (PSTN) වලට සම්බන්ධ VoIP ඇමතුම් (VoIP-to-PSTN) සඳහා VoIP පරිශීලකයන් විසින් ගෙන යන ගාස්තුවක් තිබිය හැක.
අන්තර්ජාල ප්‍රොටෝකෝල් හරහා හැම පද්ධති දුරකතන සංඥා ගෙන යනු ලබන්නේ සංඛ්‍යාංක ශ්‍රවණ ලෙසය. ඒවා කතා දත්ත සම්පීඩක උපක්‍රම යොදා ගනිමින් දත්ත සීඝ්‍රතාව අඩු කර ඇති අතර අන්තර්ජාල ප්‍රොටෝකෝලය හරහා දත්ත පැකට්ටු ප්‍රවාහයක සංක්ෂිප්ත කර ඇත.
PSTN- සිට -VoIP ට සේවා වර්ග දෙකක් ඇත. සෘජු ඇතුළත වූ ඇමතීම (DID) හා ප්‍රවේශ අංක DID ඇමතුම් ලබා දෙන්නා කෙලින්ම VoIP පරිශීලකයාට සම්බන්ධ කරන අතර ප්‍රවේශ අංකවල දී ඇමතුම ලබා දෙන්නා අමතර VoIP පරිශීලකයා සඳහා දිගු අංකයක් ලබා දීම අවශ්‍ය වේ.
References
http://en.wikipedia.org/wiki/Voice_over_IP
අන්තර්ජාලය
|
10,056 |
https://si.wikipedia.org/wiki/%E0%B7%80%E0%B7%99%E0%B6%B6%E0%B7%8A%20%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%80%E0%B7%9A%E0%B7%81%E0%B6%AD%E0%B7%8F%E0%B7%80
|
වෙබ් ප්‍රවේශතාව
|
වෙබ් ප්‍රවේශ්‍යතාව යනු හැකියාවන් ඇති හා නොමැති සියලු පුද්ගලයන් සදහා වෙබ් අඩවි භාවිතයට ඉඩ සැලැස් වීමයි. අඩවි නිවැරදි ලෙස නිර්මාණය කර ගොඩ නංවා සංස්කරණය කළ විට සියලු පරීශිලකයන්ට තොරතුරු හා ක්‍රියාකාරීත්වය සදහා සමාන ප්‍රවේශ නිර්මාණය වේ. උදාහරණයක් ලෙස අඩවියක් අර්ථ විචාරයෙන් තේරුමක් ඇති HTML මගින් කේතනය කර අනුරූ සඳහා පාඨමය අතින් එමදේ සපයා තේරුමකින් යුත් නම් වලින් සැබඳි නම් කර ඇති විට එය අන්ධ පරිශීලකයන් හට පාඨ වාක්‍යයට (text-to-speech) මෘදුකාංග හා/හෝ හයි-බ්‍රේල් (Lent-to-braille) දෘඩාංග භාවිතයට පහසුවක් වේ. අනුරූ හා වාක්‍ය විශාල හා /හෝ විහාලනය කළ හැකි නම් දුර්වල පෙනීමක් ඇති පරිශීලකයන්ට අන්තර්ගතය වටහා ගැනීමට පහසු වේ. සබැඳි යටින් ඉරි ඇඳ ඇති අතරම වර්ණ ගන්වා ඇති විට වර්ණ අන්ධතාවකින් යුත් පරිශීලකයන්ට ඒවා පහසුවෙන් නිරික්ෂණය වේ. ක්ලික් කල හැකි සබැදී හා ප්‍රෙද්ශ විශාල වීම මුසිකය නිසි පරිදි හැසිර විය නොහැකි පරිශීලකයන්ට පහසුවකි. පිටු කේතනය කර ඇති විට පරිශීලකයන්ට යතුරු පුවරුවක් මගින් හෝ තනි ස්විච් ප්‍රවේශ උපකරණයක් මගින් මග පෙන්වීම සිදුකල හැක. මෙය මුසිකයක් හෝ සම්මත යතුරු පුවරුවක් භාවිතා කළ නොහැකි පරිශීලකයන්ට උදව්වකි. විඩියෝ ගත කර ඇති විට හෝ සංඥා භාෂා සංස්කරණ ඇති විට බාහිර හා ශ්‍රවණය අඩු පුද්ගලයන්ටද වීඩියෝ වටහා ගැනිමේ හැකියාව ලැබේ. අන්තර්ගතය සරල භාෂාවෙන් ලියා ඇති විට හා උපදේශන රූප සටහන් හා සජීවන මගින් හෝ ඉගෙනීමේ දුර්වලතා වලින් පෙලෙන පරිශීලකයන්ට අන්තර්ගතය පහසුවෙන් තේරුම් ගත හැකි වේ. අඩවි නිවැරදි ලෙස ගොඩ නංවා පවත්වා ගෙන යන විට අනෙකුත් ආබාධිත නොවන පරිශීලකයන්ට බාධා නොවන පරිදි ආබාධ සහිත සියලු පරිශීලකයන්ට සේවා සැලසිය හැක.
වෙබ් ප්‍රවේශතාව පිලිතුරු සෙවීමට බලාපොරොත්තු වන අවශ්‍යතා අතරට පහත දෑ ඇතුලත් වේ.
දෘශ්‍ය - අන්ධබව ඇතුලුව දෘශ්‍ය දුබලතා, විවිධ දුබල වර්ග වල දුර්වල දර්ශනය හා දුර්වල ඇස්පෙනීම විවිධ වර්ග වල වර්ණ අන්ධතා
චාලක / සචලතාව - උදා - පාර්කින්සන්ගේ රෝගය, පේශී දුෂ්පෝෂණය, මස්තිශ්ක අංශ භාගය, අසානය වැනි තත්ත්ව නිසා ඇතිවන දෑත් පාවිච්චි කිරීමේ අපහසුතාව හෝ නොහැකියාව, කම්පනය ඇතුලත්ව, මස්පිඩු මන්ද චලනය, නියමාකාර මස්පිඩු පාලනය නැතිවීම , වැනි තවත් ලක්ෂණ.
ශ්‍රවණ - බිහිරි බව හෝ ශ්‍රවණ දුබලතා, ඇසීම දුර්වල පුද්ගලයන්ද ඇතුලුව
අපස්මාරය - දාශ්‍ය හෝ සැනෙලි ආචරණ නිසා ඇතිවන ෙෆාටෝඑපිලෙප්ටික් අපස්මාරය
ප්‍රජානන / බුද්ධිමය - වර්ධනය වීමේ ආබාධිතතා, ඉගෙනීමේ ආබාධිතතා (ඩිස්ලෙක්සියා, ඩිස්කැල්කියුලියා, වැනි තවත් ලක්ෂණ ) හා විවිධ ප්‍රභව වල ප්‍රජානන ආබාධිතතා, මතකයට ඇති බලපෑම්, අවධානය, ගැටළු නිරාකරණය හා තාර්කික හැකියා. ආදී තවත් ලක්ෂණ.
වෙබ් ප්‍රවේශතාව
වෙබ් අඩවි
අන්තර්ජාලය
|
10,058 |
https://si.wikipedia.org/wiki/%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%8A%E0%B7%80%20%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B7%92%E0%B6%BB%20%E0%B7%80%E0%B7%92%E0%B6%BA%E0%B6%B8%E0%B6%B1%20%28World%20wide%20web%29%20-%20%E0%B7%83%E0%B7%8F%E0%B7%84%E0%B7%92%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%BA%E0%B7%9A%20%E0%B7%80%E0%B7%94%20%E0%B6%89%E0%B6%AD%E0%B7%92%E0%B7%84%E0%B7%8F%E0%B7%83%E0%B6%BA
|
විශ්ව විසිර වියමන (World wide web) - සාහිත්‍යයේ වු ඉතිහාසය
|
ගෘහස්ථ ගෝලීය තොරතුරු පද්ධතියක සංකල්පය අවම තරමින් ඇසිසැක් ඇසිමොව් ගේ “ඇනිවර්සරි” කෙටිකතාව (1959 මාර්තු, ඇමේසින්ගේ ස්ටෝරීස්) තෙක් වත් ආපසු දිවෙයි. එහිදි එම චරිත, පෘතුවි අභ්‍යන්තරයේ ඇති සුපිරි පරිගණකයකට විශ්ව විසිරි පරිපථ ජාලයක් හරහා සම්බන්ධිත මල්ටිවැක් අවුල් ලට් (Multivac outlet) ලෙස හදුන්වන ගෘහස්ථ පරිගණකයක් තුලවු තොරතුරු විමසා බලයි. එක් චරිතයක් ඔහුගේ දරුවන් සඳහා මල්ටිවැක් Jr. ආකෘතියක් ස්ථාපනය කිරීමට සිතයි.
එම කථාව ගොඩ නැගි ඇත්තේ වාණිජ අභ්‍යවකාශ ගමන් සුලභ ඈත අනාගතයකය. එහිදි යන්ත්‍රය පිලිතුරු පටි කැබැල්ලක මුද්‍රණය කරන අතර එය කවුළුවක් තුළින් එළියට පැමිණේ. එහි විඩියෝ සංදර්ශණයක් නැත. ගෘහස්ථ පරිගණකයේ අයිතිකරු පවසන්නේ ඔහු කථා කරන මල්ටිවැක් අව්ට්ලට් එකක් ගැනීමට මුදල් වියදම් නොකරන බවයි.
References
http://en.wikipedia.org/wiki/World_wide_web#History_in_literature
|
10,063 |
https://si.wikipedia.org/wiki/%E0%B7%81%E0%B7%8F%E0%B6%BB%E0%B7%93%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%20%E0%B6%85%E0%B6%B7%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B7%83
|
ශාරීරික අභ්‍යාස
|
ශාරීරික අභ්‍යාස යනු මනා ශාරීරික යෝග්‍යතාවයක් සහ පොදුවේ ගත් කළ යහපත් සෞඛ්‍ය තත්ත්වයක් පවත්වා ගැනීම සදහා ඇති කර ගනු ලබන දේහයේ ක්‍රියාකාරිත්වයන්ය. එය බොහෝ අවස්ථාවල දී සිදු කරනු ලබන්නේ මාංශ පේශී සහ රුධිර සංසරණ පද්ධතියෙහි ක්‍රියාකාරිත්වය ශක්තිමත් කරගැනීම පිණිස වන අතර එමගින් අදාල පුද්ගලයාගේ මළල ක්‍රීඩා කෙරෙහි ඇති දක්ෂතා ද මුවහත්වේ. නිරතුරුවම සිදු කරන අඛණ්ඩ ශාරීරික අභ්‍යාස මගින් ප්‍රතිශක්තිකරණ පද්ධතියේ ක්‍රියාකාරිත්වය වැඩි දියුණු වන අතර එමගින් හෘද රෝග, රුධිර සංසරණ පද්ධතියේ රෝග, දෙවන වර්ගයේ දියවැඩියාව සහ අධිස්ථුලතාවය වළක්වාගැනීමට උපකාරී වේ. තවද එමගින් මානසික සෞඛ්‍ය වැඩි දියුණු වන අතර මානසික ආතතිය වළක්වා ගැනීමට ද උපකාරී වේ.
ශාරීරික අභ්‍යාස
|
10,065 |
https://si.wikipedia.org/wiki/%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B6%9A%E0%B7%93%E0%B6%BA%20%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B6%AD%E0%B7%8F%E0%B7%80
|
ස්වකීය ස්වස්ථතාව
|
ස්වකීය ස්වස්ථතාව ආරක්‍ෂා කරගැනීමේ ක්‍රම සදහා උදාහරණ පහත පරිදි වේ.
පොදුවේ ගත් කළ ,
සිරුර සහ හිසකෙස් සේදීම.
ස්නානය කිරීම
ඇදුම් සහ ජීවත්වන අවට වටපිටාව පිරිසිදුව තබාගැනීම.
වෙනයම් පුද්ගලයෙකු නිදාගත් පසුව ඇද රෙදි මාරු කිරීම.
නියපොතු කැපීම.
කොණ්ඩය කැපීම.
නියපොතු පිරිසිදුව තාබාගැනීම.
නිවස පිරිසිදුව තබාගැනීම.
දෑත්
දෑත් සහ මුහුණ නිරතුරුවම සොදා පිරිසිදු කර ගැනීම.
වැසිකිලි ගිය පසු හොදින් දෑත් පිරිසිදු කර ගැනීම.
කහින විට හෝ කිවිසන විට මුඛය ලේන්සුවකින් හෝ අතින් ආවරණය කර ගැනීම ඉන් පසුව දෑත් හොදින් පිරිසිදු කර ගැනීම.
ආහාර ගැනීමට පෙර සතුන් අත පත ගෑමෙන් වැළකීම එසේ කරයි නම් ආහාර ගැනීමට ප්‍රථම දෑත් හොදින් පිරිසිදු කර ගැනීම.
නාසයට ඇගිල්ල දෑමීම, කුරුලෑ ඇල්ලීම සහ නියපොතු සැපීම වැනි පිළිකුල් සහගත ක්‍රියාවන් නොකිරීම.
දත් බුරුසු, රේසර්, තුවා, පනාවන් වැනි අනෙකුත් පෞද්ගලික උපකරණ පොදුවේ පරිහරණය නොකිරීම.
මුඛ ස්වස්ථතාව
දන්ත සෞඛ්‍ය - දත් සහ විදුරුමස් පිළිබදව අවධානය යොමු කිරීම මගින් හුස්මවල අධික දුර්ගන්ධයක් ඇති වීම වැළැක් වීම හෝ ප්‍රතිකාර කිරීම.
දත් බෙහෙත් භාවිතා කරමින් හොදින් දත් මැදීම මගින් දත් දිරායාම සහ විදුරුමස් රෝග ඇති වීම වළක්වා ගැනීමයි. එමගින් හුස්මවල අධික දුර්ගන්ධයක් ඇති වීම වළක්වාගත හැකිය.
බැක්ටීරියා නාශක දියරයන් භාවිතා කිරීමෙන් මුඛය සේදීම මගින් හෝ චුයින්ගම් සැපීම මගින් මුඛයෙන් දුර්ගන්ධය වළක්වා ගැනීම කළ හැකිය.
වෙනත්
රුධිරය, මළපහ , මුත්‍රා සහ වමනය වැනි අපද්‍රව්‍ය සමග ස්පර්ශ වීම වළක්වා ගැනීම.
දිනපතා පිරිසිදු යට ඇදුම් ඇදීම සහ ඒවා නිරතුරුව හොදින්සොදා පිරිසිදු කර ගැනීම.
නිරතුරුවම මුහුණ සේදීම.
හැඩවැඩ වීම
මෙමගින් පුද්ගලයකුගේ බාහිර ශාරීරික පෙනුම වඩා අලංකාරවත් ලෙස වෙනස් කරන අතර එමගින් සිරුරෙහි ඇති අවලක්ෂණයන් ඉවත් කොට පුද්ගලයෙකුගේ සනීපාරක්ෂාව වැඩි දියුණු කරයි.
පුද්ගලයෙකු හැඩවැඩ වීම සදහා බොහෝ අවස්ථා වලදී හිසකෙස් සොදා පිරිසිදු කරගැනීම, හිස පිරීම, හිස කෙස් අලංකාර කිරීම සිදු කරනු ලැබේ. මීට අමතරව බාහිර රූපාලංකරණ ක්‍රම ද භාවිතා කරයි.
ස්වස්ථතාව
|
10,067 |
https://si.wikipedia.org/wiki/%E0%B7%80%E0%B7%9B%E0%B6%BB%E0%B7%83
|
වෛරස
|
වෛරසයක් යනු (ලතින් භාෂාවෙන් විෂ හෝ ධුලක යන තේරුම ඇත) අන්වීක්ෂීය රෝග කාරක ද්‍රව්‍යයක් වන අතර එය දාරක සෛලයකින් පිටත ප්‍රජනනය හා වර්ධනයට අපොහොසත් වේ. වෛරස අංශුවක් හෝ Virion කොටසක ආරක්ෂිත ප්‍රෝටීන සිවියක් වු කැප්සිඩය තුළ පිහිටි ඩී.එන්.ඒ. හෝ ආර්.එන්.ඒ. ප්‍රවේනි ද්‍රව්‍ය ඇත. මෙම කැප්සිඩයේ හැඩය සරල හෙලිප්සීය සහ විසංතිතල හැඩවල සිට වඩාත් සංකීර්ණ ව්‍යුහයක් ඇති දිගු වලිගයක් සහ ආවරණ කවරයක් සහිත විය හැකිය. මෙම වෛරස වලට සතුන්, ශාක, බැක්ටීරියාවන් ආසාදනය කළ හැකිය.
ජීව විද්‍යාඥයින්ට අනුව වෛරසයක් යනු ජීවි විශේෂයක් ද නැද්ද යන්න තවමත් මතභේදාත්මකය. ඇතමුන් මෙය අජීවි ද්‍රව්‍යයක් ලෙස සලකනුයේ ජීවි යයි විග්‍රහ කිරීමට අවශ්‍ය අංගයන් සම්පූර්ණ නොකරන බැවිනි. උදාහරණයක් ලෙස අනෙකුත් බොහෝ ජීවි විශේෂයන් මෙන් වෛරස සඳහා සෛල නොමැත. කෙසේ වුවත් වෛරස වලට ජාන පිහිටා ඇති අතර ඒවා ස්වාභාවික වරණය මගින් පරිණාමය වෙමින් පවතී. ඇතමුන් විග්‍රහ කරන අන්දමට වෛරස ජීවී බවේ එළිපත්තේ ඇති විශේෂයක් වේ. බොහෝ අවස්ථාවෙහි සිරුරේ ප්‍රතිශක්තිකරණය මගින් වෛරස සම්පුර්ණයෙන්ම විනාශ කරනු ලබයි. ප්‍රතිජීවක ඖෂධ වෛරස සඳහා ප්‍රයෝජනවත් නොවේ. නමුත් ඇතැම් අවස්ථා වලදී ජීවිතයට අවධානමක් එල්ල කරන ආසාදන වලට ප්‍රතිකාර ක්‍රමයක් ලෙස ප්‍රති වෛරස ඖෂධ භාවිතා වේ. ජීවිත කාලය මුළුල්ලේම ප්‍රතිශක්තියක් ලබාදෙන එන්නත් මගින් එම අදාල වෛරස ආසාදනය ඇතිවීම වැළැක්විය හැකිය.
සම්භවය
නුතන වෛරසවල සම්භවය මුළුමනින්ම පැහැදිලි නැත. මෙයට හේතුව වන්නේ ඒවායෙහි සම්භවය විග්‍රහ කෙරෙන තනි යාන්ත්‍රණයක් නොමැති වීම විය හැකිය. ඒවා හොදින් පොසිලකරණය නොවන නිසා අණුක තාක්ෂණය භාවිතාකර ගනිමින් ඒවා හටගත් ආකාරය පිළිබදව සංකල්පයක් ඇති කර ගැනීමට උපකාරී වේ. ක්ෂුද්‍ර පොසිල හදුනා ගැනීම සහ අණුක ජෛව තාක්ෂණය පිළිබදව ඇති සමීක්ෂණ මගින් පොසිල පිළිබදව සාක්ෂි ආකියන් හෝ ප්‍රොටෙරෝසොයික් යන යුගවලට විහිදී යන්නක් බවට තවමත් සාක්ෂි නැත. මේ සදහා ප්‍රධාන කල්පිතයන් දෙකක් මේ වන විට පවතී.
ඉතාකුඩා ප්‍රමාණයක ජීනෝමයක් සහිත කුඩා වෛරසවල ජීනෝමය හටගෙන ඇත්තේ ජීවි සෛලවලින් බවට විශ්වාසයක් ඇත. ඒවායෙහි ජානමය ද්‍රව්‍ය හටගෙන ඇත්තේ හුවමාරු කරගත හැකි ජානමය ද්‍රව්‍යයන්වන ප්ලාස්මිඩ හෝ ට්‍රාන්ස්පෝසෝන වලිනි. ඒවා ජීනෝමය වෙතට ඇතුළුවීම පිටවීම හෝ එය තුළ ගමන්කිරීමක් සිදුවිය හැකිය. අළුතෙන් නව වෛරස ප්‍රභේදයන් ඇති වෙමින් පවතින නිසා වෛරස සදහා බොහෝ අවස්ථාවන් වලදී මුතුන් මිත්තන් ඇත.
විශාල ජීලෝමයක් සහිත පොක්ස් වෛරසය වැනි වෛරස මුලදී කුඩා සෛලවලට පසුකාලීනව විශාල ධාරක සෛලවල ද පරපෝෂීව ජීවත් වේ. කාලයක් මුළුල්ලේ මෙම ජාන සදහා ඒවායෙහි පරපෝෂී ජීවන රටාව අවශ්‍ය නොවන අතර එය ප්‍රත්‍යාවර්ති පරිණාමය හෝ ආපස්සට සිදුවන පරිණාමයක් මගින් අනුකූලනය වේ. රිකට්සියා සහ ක්ලැමීඩියා යන බැක්ටිරීයාවන් ජීවි සෛල සදහා වෛරස මෙන් දාරක සෛල තුළ පමණක් ප්‍රජනනය විය හැකිය. මෙම බැක්ටීරියාවන්ගේ ධාරක සෛලවලින් පිටත ප්‍රජනනය වීමේ හැකියාව නොමැතිවීමේ පරපෝෂි ජීවන රටාව මගින් වෛරස ඇතිවීම පිළිබද නව සංකල්පයන් බිහිවී ඇත.
වෛරස ස්වයං විභේදනය විය හැකි පුරාතන ඩී.එන්.ඒ. වලින් සමන්විතවන අතර මේවන විට විග්‍රහකර ඇති අන්දමට ඒවා ජීවය සදහා මූලික වූවන් වේ. වෛරසවල ආකෘතියට වඩා සරළ ආකෘතියක් සහිත ද්‍රව්‍යයන් වනුයේ වයිරොයිඩ, සැටලයිට සහ ප්‍රියෝනයි.
වෛරසවල සොයාගැනීම්
ජල භීතිකා, කහ උණ සහ වසූරිය යන රෝග ඇති කරන වෛරස දශක ගණනාවක් මුළුල්ලේ මිනිසුන් හට බලපෑම් ඇති කර ඇත. පොලියෝ රෝග ඇති කිරීම සදහා හේතුව එවකට පැහැදිලිව නොතිබුණ ද පුරාතන ඊජිප්තු වෛද්‍ය ක්ෂේත්‍රයෙහි රූපාක්ෂර සාක්ෂි මගින් එකල ද පෝලියෝ රෝගය පිළිබදව අවබෝධයක් තිබූ බව පැහැදිලි වේ. 10 වන ශතවර්ෂයේදී මොහොමඩ් ඉබන්සකාරියා රාසි විසින් රචිත වසූරිය සහ සරම්ප පිළිබදව වූ නිබන්ධන වලින් එම රෝග දෙක පිළිබදව මුල්ම පැහැදිලි විස්තරාර්ථ කතනයක් දෙන ලදී. 1020 දී ඇවිසෙනා විසින් රචිත The Canon Of Medicine නම් ග්‍රන්ථයෙහි ඔහු ක්ෂය රෝගය සහ ලිංගාශ්‍රිත රෝග වැනි රෝගවල බෝවන සුළු ස්වභාවය පිළිබදව විස්තර කරන ලද අතර ස්පර්ශයෙන් හෝ ජලය සහ පස් මගින් සහ සිරුරෙන් නිකුත්වන නොයෙකුත් ස්‍රාවයන් මගින් එම රෝගවල බෝවීමේ හැකියාව පිළිබද විස්තර කරන ලදී. තවද ඔහු මෙම රෝග බෝවීම වැළැක්වීමට සහ සීමාකිරීම සදහා රෝග නිරෝධායන ක්‍රම හදුන්වා දෙන ලදී.
14 වන ශතවර්ෂයේදී කාල මෘත්‍ය හෙවත් මහාමාරිය වසංගත රෝගය අල්-අන්ධාලුස් ප්‍රදේශය කරා ලගා වූ අවස්ථාවේදී ඉබන් කාටිමා විසින් මෙම රෝගය ඇති වනුයේ මිනිස් සිරුරට ඇතුළු වන ක්ෂුද්‍ර ජීවියෙකු මගින් බව සොයා ගන්නා ලදී. මහා මාරිය රෝගය ඇති කිරීමට හේතු කාරක වන ජීවියා බැක්ටීරියාවක් වන බව පසුකාලීනව හදුනා ගන්නා ලදී. තවත් 14 වන ශතවර්ෂයේ විසූ වෛද්‍යවරයෙකුවන ඉබන් අල්-කාටි (1313 – 1374) විසින් රචිත මහාමාරිය පිළිබදව වූ නිබන්ධනයෙහි ඔහු සදහන් කර ඇත්තේ ස්පර්ශයෙන්, ඇදුම්වලින් සහ භාවිතා කරන උපකරණ මගින් එම රෝගය පැතිර යන ආකාරය පිළිබදවයි. ඔටෝමන් අධිරාජ්‍යයෙහි විසූ ඉංග්‍රීසි ජාතික තානාපතිවරයෙකුගේ බිරිද වූ මේරී මොන්ටෙගු විසින් 1717 දී එම ප්‍රදේශයෙහි කාන්තාවන් තම දරුවන් වසූරිය රෝගයට එරෙහිව අත් එන්නත් කරන ආකාරය නිරීක්ෂණය කරන ලදී. 18 වන ශතවර්ෂයේ අග භාගයේදී එඩ්වඩ් ජෙනර් විසින් කරන ලද නිරීක්ෂණයකට අනුව ගව වසූරිය රෝගය වරක් වැළදී තිබු සාරා නේල්ම්ස් නම් කිරිදොවන්නියක් හට පසු කාලීනව වසූරිය රෝගය සෑදීමට එරෙහිව ප්‍රතිශක්තිකරණයක් ඇති වී තිබුණි. ගව වසූරිය රෝගය ඇති කරන වෛරසය වසූරිය ඇති කරන වෛරසයට සමාන නමුත් එය වඩාත් හානිකර වෛරසයකි. මෙම සොයාගැනීම් මත පදනම්ව ජෙනර් විසින් වසූරිය සදහා එන්නතක් සොයා ගන්නා ලදී. ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් කාලයක් මුළුල්ලේ සිදුකරන ලද එන්නත්කරණ වැඩ සටහන් නිසා 1979 දී වසූරිය රෝගය මුළු ලොවින්ම තුරන් කරන ලද්දක් බවට ප්‍රකාශයට පත් කරන ලදී.
19 වන ශතවර්ෂය අග භාගයේදී චාල්ස් චැන්බර්ලන්ඩ් විසින් වර්ධක මාධ්‍යයක වගා කරන ලද බැක්ටීරියාවන් ෙපරා ඉවත් කිරීමේ හැකියාව ඇති කුඩා සිදුරු සහිත පෝසිලෙන් පෙරනයක් නිෂ්පාදනය කරන ලදී. ඩිමිත්‍රි අයිවර්නොව්ස්කි මෙම පෙරනය භාවිතා කරමින් දුම්කොළ ශාකයක ඇති වන Tobacco Mosaic Virus නම් වෛරසය පිළිබදව අධ්‍යයනය කරන ලදී. ඔහු ආසාදිත දුම්කොළ ශාකයක කොළ ඉතා හොදින් පොඩිකර මෙම පෙරනය මගින් පෙරීමකට ලක්කර ලැබෙන කොටස වෙනත් දුම්කොළ ශාකයක් ආසාදනය කිරීමට භාවිතා කරන ලදී. එමගින් රෝග කාරක ද්‍රව්‍ය බැක්ටීරියාවක් නොවන බවට හදුනා ගන්නා ලදී. වෙනත් පර්යේෂකයන් මගින් ද මේ හා සමාන පර්යේෂණ සිදුකොට එවන් ප්‍රතිඵල ලබා ගන්නා ලදී. මෙම පරීක්ෂණ මගින් සොයාගන්නා ලද්දක් වනුයේ වෛරස බැක්ටීරියාවන්ට වඩා ප්‍රමාණයෙන් ඉතාමත්ම කුඩා බවයි. වෛරස යන වචනය ප්‍රබන්ධ කරන ලද්දේ ලන්දේසි ජාතික ක්ෂුද්‍ර ජීවි විද්‍යාඥයෙකු වූ මාටිනස් බිජරින්ක් විසිනි. ඔහු අයිවනොස්කි විසින් සිදුකරන ලද අත්හදා බැලීම් භාවිතයට ගනිමින් දුම්කොළ ශාකයට රෝග ඇති කරන රෝග කාරක ද්‍රව්‍ය බැක්ටීරියාවකට වඩා ඉතා කුඩා වූවක් බවට හදුන්වන ලදී. ඔහු ලතින් බසින් Contagium vivum fluidum (දියවන සුළු රෝග කාරක ජීවි ද්‍රව්‍ය යන තේරුම් ඇති) යන්න වාක්‍යයෙහි භාවිතා කිරීම මගින් වෛරස පිළිබදව මුල්ම අදහස ඇති කරන ලදී. මුලින්ම හදුනා ගන්නා ලද මනුෂ්‍ය වෛරස වර්ගය වනුයේ කහ උණ වෛරසයයි.
20 වන ශතවර්ෂයේ මුල භාගයේදී ෆෙඩ්රික් ට්වොට් විසින් වෛරස මගින් බැක්ටීරියාවක් ආසාදනය කළ හැකි බව සොයා ගන්නා ලදී. ෆිලික්ස් ඩි හෙරල්ඩ් විසින් කරන ලද සොයා ගැනීමකට අනුව ඒගාර් මාධ්‍යයක ව්‍යාප්ත කරන ලද තුනී ෛසල වර්ධනයක සෛල මරණයක් ඇති කිරීමට වෛරසවලට හැකිබව සොයා ගන්නා ලදී. මරණයට පත් වූ සෛල ඇති ප්‍රදේශයන් ගණන් කිරීම මගින් එම ද්‍රවකයෙහි අන්තර්ගත වූ වෛරස් පිළිබදව අදහසක් ලබාගැනීමට ඔහුට හැකියාව ලැබුණි. ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂයෙහි සොයාගැනීමත් සමගම වෛරස නිරීක්ෂණය කිරීමට මුල්මවරට අවස්ථාව පෑදුනි. 1935 දී වෙන්ඩල් ස්ටැන්ලි විසින් Tobacco Mosaic වෛරසය ස්පටිකීකරණය කිරීම මගින් එය සෑදී ඇත්තේ බහුතරයක් ප්‍රෝටීන් මගින් වන බව සොයාගන්නා ලදී. ඉන් කෙටි කාලයකට පසු වෛරස ප්‍රෝටීන සහ න්‍යෂ්ටික අම්ල යන කොටස් වලට බෙදන ලදී. 1939 දී මැක්ස් ඩෙල්බෘක් සහ E.L එලිස් විසින් කරන ලද සොයා ගැනීමකට අනුව අනෙකුත් ජීවී සෛලවලට වඩා බැක්ටීරියා භක්ෂකයන් වඩා වේගවත් ලෙස ප්‍රජනනය කරන බව සොයා ගන්නා ලදී.
මුල් කාලීනව විසූ වෛරස වේදින් හට ඇති වූ ප්‍රධානතම ගැටළුව නම් විෂබීජවලින් තොර වූ වර්ධක මාධ්‍යයක වෛරසයන් වෙනත් සෛලීය ක්ෂුද්‍ර ජීවින් මෙන් වර්ධනය කිරීමට හැකියාව නොමැති වීමයි. මෙම සීමාකාරී සාධකයන් හේතුවෙන් වෛරස වේදියෙකු හට ජීවි සත්වයෙකු රෝග කාරක වෛරසය මගින් ආසාදනය කිරීමට අවශ්‍ය වුණි. මෙය ඉතා හානිකර තත්වයකි. 1931 දී මුල්ම වරට අර්නස්ට් විලියම් ගුඩ්පාස්චර් විසින් ඉන්ෆුලුවෙන්සා වෛරසය සහ වෙනත් වෛරස වර්ග කිකිලි බිත්තරවල වර්ධනය කරන ලදී. කෙසේ නමුත් ඇතැම් වෛරස මෙලෙස කිකිලි බිත්තරවල වර්ධනය නොවන අතර ඒවා වර්ධනය සදහා වඩාත් නම්‍යශීලී සුක්ෂ්‍යම උපක්‍රම අවශ්‍ය වේ. මෙම ගැටළුව සදහා විසදුමක් 1949 දී ජෝන් ෆැන්ක්ලින් එන්ඩර්ස්, තෝමස් වෙලර් සහ ෆේඩ්රික් චැප්මන් රෝබින්ස් විසින් එක්ව සොයා ගන්නා ලදී. ඔවුන් ජීවී සත්ව සෛලවල පෝලියෝ වෛරසය වර්ධනය කිරීමේ ක්‍රමයක් සොයා ගන්නා ලදී. ඔවුන්ගේ සොයාගැනීම් මේ වන විට වඩාත් පුළුල්ව නවීකරණය වී ඇති අතර විෂබීජ වලින් තොර වර්ධක මාධ්‍යයන්හි වර්ධනය නොවන වෛරස සහ අනෙකුත් ආසාදිත ද්‍රව්‍යයන් වර්ධනය සදහා භාවිතා කරන ලදී.
Zoonoses
ජීව විද්‍යාව
වෛරස
ක්‍ෂුද්‍ර ජීවීන්
ක්‍ෂුද්‍රජීවවේදය
|
10,069 |
https://si.wikipedia.org/wiki/%E0%B6%B4%E0%B7%9D%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B7%9D
|
පෝලියෝ
|
පෝලියෝ රෝගය , පෝලියෝ මයලයිටීස් හෝ බාලක පක්ෂාගාතය ලෙසට හැඳින්වෙන මළපහ මාර්ගයෙන් ව්‍යාප්ත වන වෛරසයක් මගින් බෝවන රෝගයකි. පෝලියෝ මයලයිටීස් (poliomyelitis) යන වචනය ග්‍රීක භාෂාවෙන් පෝලියෝ අළුපාට , මයෙලෝන් - සුෂුම්නාව , අයටිස්-ආසාදනය යන අරුත් දේ.(සියයට 90 ක් පමණ පෝලියෝ රෝගීන්ට රෝග ලක්ෂණ නොමැති නමුත් වෛරසය රුධිරයට ඇතුළු වු විට රෝග ලක්ෂණ ඇතිවේ). සියයට එකකටත් අඩු ප්‍රතිශතකට වෛරසය මධ්‍ය ස්නායු පද්ධතියට ඇතුළු වන අතර එහි වූ චාලක ස්නායු විනාශයට පත් කරයි. මෙමගින් මාංශපේෂී දුර්වල වීමෙන් ක්ෂණිකව පණ නැතිවීමෙන් අංශභාගය තත්වයට පත්වේ. හානියට පත්වන ස්නායු වර්ගයට අනුව විවිධ වර්ගයේ අංශභාග තත්ව ඇතිවේ. සුෂුම්නාවට බලපෑම් ඇතිවීම මින් වඩාත්ම බහුල ආකාරය වේ. බහුල වශයෙන් දෙපා පණනැති කරමින් සිදුවන අසමමිතික අංශභාග තත්වය මෙහි ප්‍රධාන ලක්ෂණයයි. කපාල ස්නායුවලට පෝලියෝ රෝගය බලපෑම හේතුවෙන් එම ස්නායු මගින් ක්‍රියාකාරී වන පේශි අක්‍රීය වේ. කපාල ස්නායු සුෂුම්නා පෝලියෝ තත්වය ඇතිවේ.
1840 දී ජෙකබ් හෙයින් විසින් පෝලියෝ රෝගය මුල්වරට හඳුනාගන්නා ලදී . 1908 දී කාල් ලෑන්ඩ්ස්ටයිනර් විසින් රෝග කාරක පෝලියෝ වෛරසය හඳුනාගන්නා ලදී. විසිවන ශතවර්ෂයට ප්‍රථම ප්‍රධාන වශයෙන් පෝලියෝ සංගත තත්වයක් දක්නට නොලැබුණ ද ඇමරිකා එක්සත් ජනපදය තුළ විසිවන සියසෙහි තිබූ වඩාත් භයානකම කුඩා දරුවන්ට වැළදෙන රෝගය වූයේ පෝලියෝ රෝගයයි. පෝලියෝ වසංගත රෝග අවස්ථාවන්හි ඉතිහාසයේ එමගින් බොහෝ ප්‍රමාණයක් රෝගීන් අබ්බගාත තත්වයට පත්කර ඇති අතර බොහෝමයක් කුඩා ළමුන් මෙම රෝගය හේතුවෙන් අංශභාග තත්වයට පත් වී මරණයට ලක්වී ඇත. පෝලියෝ රෝගය වසර දහස් ගණනක් මුළුල්ලේ 1880 තෙක් නිහඩව ම එක් ප්රදේශයකට පමණක් සීමා වූ රෝගයක්ව පැවතුන ද ක්ෂණයකින් එය ප්‍රධාන වසංගත රෝග තත්වයක් ලෙසට යුරෝපයේ ද වේගයෙන් ඇමරිකා එක්සත් ජනපදයේ ද ව්‍යාප්ත වූ වසංගත රෝග තත්වයක් බවට පත්විණි. 1910 වන විට මුළු ලොව පුරාම පෝලියෝ රෝගයෙහි සීඝ්‍ර වර්ධනයක් පෙන්නුම් කළ අතර නිරතුරුවම ඇතිවන වසංගත රෝග අවස්තා ගිම්හාන සෘතුවල දී දක්නට ලැබිණි. දහස් ගණනක් වූ කුඩා ළමුන් හා වැඩිහිටියන් අංශභාග තත්වයට පත් කරනු ලැබීම හේතුවෙන් රෝගය වළක්වා ගැනීම සඳහා එන්නත් නිෂ්පාදනය කිරීම කෙරෙහි මෙහෙයුම් බලයක් ඇතිවුණි. ජොනාස් සෝල්ක් (1952) සහ ඇල්බට් සැබින් (1962) විසින් නිෂ්පාදනය කරනු ලැබූ පෝලියෝ එන්නත මගින් වාර්ෂිකව වාර්තාවන පෝලියෝ රෝගීන්ගේ සංඛ්‍යාව සිය දහස් ගණනේ සිට දහස් ගණනක් දක්වා අඩුකර ගැනීමට සමත් විණි. ලෝක සෞඛ්‍ය සංවිධානය , යුනිසෙෆ් සංවිධානය හා ජාත්‍යන්තර රොටර් සංගමය මගින් වැඩි දියුණු කළ පෝලියෝ එන්නත් හඳුන්වා දීමත් සමගම ලොව තුළින් පෝලියෝ රෝගය තුරන් කිරීමට හැකිවිණ.
මූලාශ්‍ර
පෝලියෝ
|
10,073 |
https://si.wikipedia.org/wiki/%E0%B6%AF%E0%B7%98%E0%B6%AA%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%20%E0%B6%85%E0%B6%BB%E0%B6%B9
|
දෘඪපත්‍රී අරඹ
|
References
http://en.wikipedia.org/wiki/Chaparral
|
10,077 |
https://si.wikipedia.org/wiki/%E0%B6%B4%E0%B7%90%E0%B6%BD%E0%B7%91%E0%B6%A7%E0%B7%92
|
පැලෑටි
|
දිවයිනෙහි ඇති සියළුම පැලෑටි සහ ශාක විශේෂ පිළිබඳව ඇති සරල නිරූපණයක්
උද්භිද විද්‍යාවට අනුව පැලෑටි යන්නට අර්ථ දෙකක් පවතී. පළවෙනි අර්ථ දැක්වීම නම් යම්කිසි ප්‍රදේශයක ඇති පැලෑටි වර්ග හෝ යම්කිසි කාලපරිච්ඡේදයක පවත්නා පැලෑටි වර්ගයි. එමඟින් යම්කිසි ප්‍රදේශයක යම්කිසි කාලසීමාවක් තුළදී පවත්නා සියළුම ශාක ජීවයන් පිළිබඳව විග්‍රහ කෙරේ. විශේෂයෙන්ම ස්වාභාවිකව පවතින හෝ සාම්ප්‍රදායික ශාක පිළිබඳවයි. දෙවන අර්ථ දැක්වීම නම් යම්කිසි ප්‍රදේශයක හෝ කාලසීමාවක පවත්නා ශාක විශේෂ පිළිබඳව ග්‍රන්ථකරණයෙන් හෝ වෙනත් ක්‍රියාකාරකම් මඟින් විග්‍රහ කරනු ලබන ශාක විශේෂයි. එමගින් ඒවා පිළිබඳව හඳුනාගැනීම අදහස් කෙරේ. ඇතැම් සම්ප්‍රදායික සහ නූතන පැලෑටි වර්ග පිලිබදව ලැයිස්තුවක් පහතින් දැක්වේ.
පැලෑටි හෙවත් ඉංග්‍රීසියෙන් ෆ්ලෝරා යන වදන ගොඩ නැගි ඇත්තේ ලතින් භාෂාවෙන් රෝම මිත්‍යා මතයන්ට අනුව මල්වලට අධිපති දේවියගේ නමිනි. මේහා සමානව සත්ත්ව ජීවිතය පිළිබඳව යොදනු ලැබු යෙදුම නම් ෆෝනා (Fauna) යන්නයි. ශාක සහ සත්ත්ව ජීවිතය සහ අනෙකුත් ජීවයෙහි ආකාරයක් වන දිලීර වර්ග එක්ව ගත් කල ඒවාට බයෝටා (Biota) යැයි හැදින්වේ.
References
http://en.wikipedia.org/wiki/Flora
|
10,081 |
https://si.wikipedia.org/wiki/%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%80%20%E0%B6%B4%E0%B6%BB%E0%B7%92%E0%B7%83%E0%B6%BB%20%E0%B6%B4%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0%E0%B6%AD%E0%B7%92
|
මානව පරිසර පද්ධති
|
මානව පරිසර පද්ධති යනු සංකිර්ණ ජාල පද්ධතියක් වන අතර ඒවා ඉතා බහුල වශයෙන් පරිසරවේදී මානව විද්‍යාඥයින් විසින් සහ අනෙකුත් උගතුන් විසින් පරීක්ෂාවට ලක් කරන ලද අතර එමගින් මානව ප්‍රජාවන්හි පරිසර විද්‍යාත්මක පැති කඩවල් පිලිබදව පරීක්ෂණයට ලක් කරනු ලබයි. එනම් ආර්ථික විද්‍යාව, සමාජ සහ දේශපාලනික හැඩගැස්වීම, මනසික මනෝ විද්‍යාත්මක හේතු සහ භෞතික සාධක බාහිර පරිසරය හා සම්බන්ධ වන ආකාරය පිලිබදව සොයා බලනු ලැබේ.
සමස්ථ විග්‍රහය
පරිසර පද්ධති යන වදන මුල්වරට නිර්මාණය කරන ලද්දේ 1930 දී රෝයි ක්ලැප්හැම් විසිනි. මෙමඟින් එක් ඒකකයක් වශයෙන් පරිසරයේ භෞතික සහ ජෛව විද්‍යාත්මක සංඝටකයන් අතර පවත්නා සම්බන්ධතාවය විග්‍රහ කරන ලදී. ආතර් ටැන්ස්ලේ නම් බ්‍රිතාන්‍ය ජාතික පරිසර විද්‍යාඥයෙකු විසින් පසු කලීනව මෙම යෙදුම ප්‍රතිශෝධනය කල අතර එමගින් පරිසර පද්ධතියක් යනු වප්‍රජාව සහ (ජීවි විශේෂ සමුහයක්) ඔවුන්ගේ ජෛවස්ථාන (ඔවුන් ජීවත් වන පරිසරය) අතර පවත්නා අන්තර් ක්‍රියාකාරී පද්ධතියක් ලෙසට විග්‍රහකර ඇත.
පරිසර පද්ධති සංකල්පයට මුලික වී ඇත්තේ සියළුම ජීවින් අඛණ්ඩ වශයෙන් ඔවුන් පවත්නා පරිසරය සමග පවත්වා ගෙන යනු ලබන සම්බන්ධතාවයන් මත පදනම්වයි. මානව පරිසර පද්ධතිය යන සංකල්පය ඉන් පසුව මිනිසා සහ ස්වභාවධර්මයා අතර පවත්නා ද්විධාකරණයක් සහ සියළුම ජීවී විශේෂ පරිසර විද්‍යාත්මකව එකිනෙකා අතර සම්බන්ධතා පවත්වා ගන්නා බවට ඇති විශ්වාසය සහ ඔවුන්ගේ ජෛව ස්ථානවල අජීවි සංඝටකයන් මතද පදනම්වය. පරිසර පද්ධති පිළිබඳව ඉතා දිගු වශයෙන් විස්තරාත්මකව විග්‍රහ කළ හැකි අතර එමගින් ජිවී විශේෂ සහ ඔවුන්ගේ බාහිර පරිසරය අතර පවත්නා සම්බන්ධතාවය පිළිබඳව විග්‍රහ කරනු ලබයි.
නිවසක් හෝ විශ්ව විද්‍යාලක් වැනි කුඩා පද්ධතියක් හෝ ජාතියක් වැනි විශාල ඒකකයක් පිළිබඳව ද මානව පරිසර පද්ධතියක් යන මාතෘකාව යටතේ විග්‍රහ කළ හැකිය. ඒවා පිළිබඳව තනි තනිව විග්‍රහ කරන විට මානව පරිසර පද්ධති කිසිවක් එකිනෙකට ස්වාධීනව නොපවතී. නමුත් ඒවා සංකිර්ණ වශයෙන් ජාලයක් ආකාරයට මානවයින් සහ බාහිර පරිසරය අතර එකිනෙක සම්බන්ධතාවයන් ඇති කරනු ලබයි. මෙම සියළුම පරිසර පද්ධතිවල එකතුවෙන් ජෛව ගෝලය සාදනු ලැබේ. අවසාන වශයෙන් ගත් කළ පාතුවි පෘෂ්ඨය මත එකදු ස්ථානයක්වත් මානවයාගේ ස්පර්ශයෙන් මිදී නොමැත. සියළුම පරිසර පද්ධති එමනිසා ඉතා නිරවද්‍ය වශයෙන් මානව පරිසර පද්ධති ලෙස හැඳින්විය හැකිය.
මානව පරිසර පද්ධති යන සංකල්පය සදහා පරිසර විද්‍යාව, මානව විද්‍යාව, සමාජ විද්‍යාව, දර්ශන විද්‍යාව, දේශපාලන විද්‍යාව, සත්‍යාන්ත්‍රික විද්‍යාව සහ මනෝ විද්‍යාව යන ක්ෂේත්‍රවල බලපෑම ලැබී ඇත. එමගින් මානවයින් අන්තර් ක්‍රියා පවත්වන සංකිර්න සම්බන්ධතා පද්ධතිය පිළිබඳව අවබෝධයක් ලබා ගැනීමට හැකි වී ඇත. මෙකී සම්බන්ධතාවයන් එක්තරා අනුපිලිවෙලකට ගොඩ නැගී ඇති අතර එහිදී එක් එක් පුද්ගලයන් සහ මානව ක්‍රියාකාරකම් එකිනෙකට වෙනස් ආකාරයට අන්තර් සම්බන්ධතා පවත්වන ආකාරය පිළිබඳව විග්‍රහ කොට ඇත. මානව පරිසර පද්ධති පිළිබඳව විශ්ලේෂණය කරන බොහෝ අවස්ථාවන්වල දී ජෛව ගෝලය, ඒක පුද්ගල, සමාජීය සහ සංස්කෘතික හා පරිසර විද්‍යාත්මකව එකිනෙක අතර පවත්නා අන්තර් සම්බන්ධතාවයන් පිළිබඳව විග්‍රහ කරනු ලබයි.
ඉමානුවෙල් වැලස්ටීන් විසින් යෝජනා කළ පරිදි ලෝක පද්ධති පිළිබඳව ඇති සිද්ධාන්තයට අනුව පරිසර පද්ධති පිළිබඳව වු ගෝලීය සම්බන්ධතාවයන් මගින් සමාජ දේශපාලනික සහ ආර්ථික විද්‍යාත්මක පද්ධති පිළිබඳව සමීක්ෂණයක් කරනු ලබයි. මානව පරිසර පද්ධති ඒකක පිළිබඳව විශ්ලේෂණය බොහෝ අවස්ථාවන්වලදී පරිසරවේදී මානව විද්‍යාඥයන් විසින් භාවිතා කරන අතර එය රෝයි රැපාෆොට් වැනි පුද්ගලයන්ගේ ක්‍රියාකාරකම්වලින් ද පැහැදිලි වේ. ඔහු විසින් මානව පරිසර පද්ධති අතර ඇති සන්නිවේදනය සහ පිළිවෙත් ක්‍රම පිළිබඳව පර්යේෂණ සිදු කරන ලදී. ග්‍රේගරි බැට්සන්, E.N. ඇන්ඩර්සන්, මේරි ඩග්ලස්, කිත්බැසෝ සහ පෝල් නඩාස්ඩි යනු විශ්ලේෂක ඒකකයක් ලෙස මානව පරිසර පද්ධති පිළිබඳව අධ්‍යයනය කරන ලද මානව විද්‍යාඥයන් කිහිප දෙනෙකි.
|
10,085 |
https://si.wikipedia.org/wiki/%E0%B6%B4%E0%B6%BB%E0%B7%92%E0%B7%83%E0%B6%BB%20%E0%B6%AF%E0%B7%94%E0%B7%82%E0%B6%AB%E0%B6%BA%20%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B7%E0%B7%80%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%20%E0%B7%83%E0%B7%84%20%E0%B7%84%E0%B7%9A%E0%B6%AD%E0%B7%94
|
පරිසර දුෂණය ප්‍රභවයන් සහ හේතු
|
වායු දූෂණය සදහා හේතු වන වඩාත් ප්‍රමුඛතම සාධක අතුරින් එකක් ලෙස මෝටර් වාහන වලින් නිකුත් වන දුම හැඳින්විය හැකිය. චීනය, ඇමෙරිකා එක්සත් ජනපදය, රුසියාව, මෙක්සිකෝව සහ ජපානය යනු මෙලෙස වායු දුෂණය සිදු කරන ප්‍රධාන රටවල් කිහිපයකි. මෙලෙස කරන ලද වර්ගීකරණයට අනුව කැනඩාව මේ වර්ගීකරණයේ දෙවන ස්ථානය ගනී. ප්‍රධානතම නිශ්චල වායු දුෂක ප්‍රභවයන් වනුයේ රසායනික කම්හල්, ගල් අගුරු මගින් ක්‍රියාත්මක වන ගල් අඟුරු බලාගාරය ශක්ති පිරියත වල් තෙල් පිරිපහදු කම්හල්, තෙල් හා රසායනික පිරියත වල්, න්‍යෂ්ටික අපද්‍රව්‍ය බැහැර කිරීමේ ක්‍රියාකාරකම්, අපද්‍රව්‍ය දහනය කිරීම්, විශාල පරිමාණයේ සත්ව ගොවිපලවල්, PVC කර්මාන්ත ශාලා, ලෝහ නිෂ්පාදන රසායනාගාර, ප්ලාස්ටික් කර්මාන්තශාලා සහ වෙනත් කර්මාන්ත ශාලාවන්ය.
පස දුෂණය කරන වඩාත් සුලභ ක්‍රම දුෂකයන් වනුයේ ක්ලෝරිනි කරණය කරන ලද හයිඩ්‍රෝකාබන වර්ග, (CFH) බර ලෝහ (ක්‍රෝමියම්, කැඩ්මියම් - නැවත ආරෝපණය කල හැකි බැටරිවල අන්තර් ගත වේ, ඊයම් - තීන්ත ද්‍රව්‍ය වල අන්තර්ගත වේ, ඇතැම් රටවල ගුවන් යානා වල භාවිතා කරන ගැසෝලීන් වායුව), MTBE, සින්ක්, ආසනික් සහ බෙන්සීන් ය. සාමාන්‍ය පරිදි නගර සභා වලින් අපද්‍රව්‍ය හා රසායනික ද්‍රව්‍ය යොදා භූමි ප්‍රදේශයන් ගොඩ කිරීම හේතුවෙන් බොහෝ රසායනික ද්‍රව්‍ය පසට එක් වේ. මීට අමතරව ඒවා අදාල ප්‍රදේශ වල ජලයටද එක්රැස්වේ. මීට අමතරව බහු ක්ලෝරනීකරණය කරන ලද ඩයිබෙන්සෝඩයොක්සීන් වර්ගද මෙලෙස පරිසරයට මුදාහරිනු ලැබේ. මේවා පොදුවේ ඩයොක්සීන් ලෙස ද සරලව ICDD ලෙස ද හැඳින්වේ.
ස්වාභාවික විපත්ති අතුරුඵලයක් ලෙස ද පරිසර දූෂණය සිදුවිය හැකිය. උදාහරණයක් ලෙස චණ්ඩ මාරුත අවස්ථාවන්හිදී මල අපද්‍රව්‍ය (sewage) යුතු වාහන, බෝට්ටු ආදිය කැඩී බිඳී යාමෙන් එකතු වන තෙල් වර්ග ජලයට එකතු වී ජල මූලාශ්‍ර දූෂණය කරනු ලබයි. වෙරළාසන්න ප්‍රදේශවල තෙල් පිරිපහදු මධ්‍යස්ථාන ඇති කරන අවස්ථාවන්හිදී විශාල පරිමාණයෙන් සමුද්‍ර දුෂණයක් සිදුවේ. න්‍යෂ්ඨික බලාගාර හෝ තෙල් ටැංකි වැනි ස්ථානවල අනතුරු ඇති වන අවස්ථාවන්හිදී වඩාත් පුළුල්ව පැතිරී ගිය අනතුරුදායක අවස්ථා වන් වලට මුහුණ පෑමට සිදුවිය හැක.
ශබ්ද දුෂණය අතරින් ගත් කල මෝටර් වාහන වලින් නිකුත් කරන ශබ්දය වඩාත් ප්‍රමුඛ ස්ථානයක් ගන්නා අතර එමගින් ලොව පුරා නිකුත් කරන අනවශ්‍ය ශබ්ද අතරින් 90% ක්ම ඇති කරනු ලබයි.
References
http://en.wikipedia.org/wiki/Environmental_pollution#Sources_and_causes
|
10,087 |
https://si.wikipedia.org/wiki/%E0%B6%8B%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%94%E0%B6%9A%E0%B6%B4%E0%B7%94%E0%B6%A0%E0%B7%8A%E0%B6%A1%20%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AF%E0%B7%8F%E0%B7%84%E0%B6%BA%20%28%E0%B6%87%E0%B6%B4%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%A9%E0%B7%92%E0%B7%83%E0%B6%BA%E0%B7%92%E0%B6%A7%E0%B7%93%E0%B7%83%E0%B7%8A%29
|
උණ්ඩුකපුච්ඡ ප්‍රදාහය (ඇපෙන්ඩිසයිටීස්)
|
උණ්ඩුකපුච්ඡ ප්‍රදාහය යනු උණ්ඩුකපුච්ඡය ආසාදනය වීමෙන් ඇති වන රෝගී තත්ත්වයකි. මින් වඩා දරුණු නොවූ අවස්ථා ප්‍රතිකාර කිරීමකින් තොරවම සුව වන අතර බොහෝ අවස්ථා වලදී ආසාදනයට ලක් වු උණ්ඩුකපුච්ඡය ශෛල්‍ය කර්මයක් මගින් ඉවත් කිරීම අවශ්‍ය වේ. මෙය උදර කුහරය විවෘත කර සිදුකරන සැත්කමකින් (Laparoscopy) උදර කුහරය තුළට කැමරාවක් ඇතුළු කොට සිදුකරන සැත්කමකින් (Laparoscopy) සිදු කළ හැකිය. ප්‍රතිකාර නිසිකලට නොලැබුණහොත් පරිතාන ප්‍රදාහය (Peritonitis) මගින් හෝ රෝගියා කම්පන තත්ත්වයකට (Shock) පත්වීමෙන් මරණයට ලක්විය හැකිය. රෙජිනොල්ඩ් ෆීට්ස් විසින් 1886 දී උණ්ඩුකපුච්ඡ ප්‍රදාහය විස්තර කළ අතර එය ලොවපුරා ක්ෂණිකව උදරාබාධ ඇති වීමට වඩාත් බහුල හේතුවලින් එකක් ලෙස හඳුනාගෙන ඇත.
ප්‍රතිකාර ක්‍රම
ප්‍රතිකාර ක්‍රම ආරම්භ වනුයේ රෝගියා ආහාර හෝ ජලය පවා පානයෙන් වැළකීම මගින් ශල්‍ය කර්මයට සුදානම් කිරීම මගිනි. විවිධ තරල වර්ග ශිරාගත කිරීම මගින් රෝගියා විජලනයෙන් වළක්වා ගනු ලැබේ. Cefuroxime සහ Metronidazole වැනි ශිරාගත කරනු ලබන ප්‍රතිජීවක ඖෂධ මගින් මුල් අවස්ථාවලදීම බැක්ටීරියාවන් උදර කුහරය තුළ ව්‍යාප්ත වීම වළකන අතර සැත්කමෙන් අනතුරුව අදාල තුවාලය පැසවීම වළක්වා ගත හැක. රෝගය පිළිබඳ සැක සහිත අවස්ථාවන්හි ප්‍රතිජීවක ඖෂධ දීමෙන් වඩාත් සුව අතට හැරෙයි ද යන්න පිළිබඳව අවධානයෙන් සිටීමට වඩා නිරතුරුවම රෝගියා පරීක්ෂා කර බැලීම වැදගත් වේ. ගතවු පැය 6 ක කාලයක් තුළ ආමාශය තුළ ආහාර නොමැති නම් නිර්වින්දනය කිරීම මගින් සැත්කම සිදුකළ හැකි අතර එසේ නොමැති නම් සුශුම්නාවට එන්නතක් ලබාදීම මගින් ඉනෙන් පහළ කොටස පණ නැති කිරීම මගින් සැත්කම සිදුකළ හැකිය.
සැත්කමක් මාර්ගයෙන් උණ්ඩුකපුච්ඡය ඉවත් කිරීම ඇපෙන්ඩිසෙක්ටමි නම් වේ. මෙම සැත්කම උදරකුහරය මත යොදන කුඩා කැපුම් තුනක් මාර්ගයෙන් කැමරා සහ සැත්කම් උපකරණ ඇතුළු කිරීම මගින් ද සිදුකළ හැක. (Laparoscopic Appendicectomy) මෙසේ සිදුකරන සැත්කමකදී උණ්ඩුකපුච්ඡය පුපුරා ගොස් අවට අවයව කෙරෙහි එය ඇලී ඇති බව සහ උදර කුහරයෙහි සැරව පිරී ඇති බවද නිරීක්ෂණය කළහොත් උදර කුහරය විවෘත කොට සිදු කරන සැත්කමක් බවට එය පරිවර්තනය කළ යුතුය. උදර කුහරය විවෘත කර සිදු කරන සැත්කමකදී අදාල කැපුම යොදනුයේ උදරකුහරය මත වඩාත්ම තදින් වේදනාව දැනෙන ස්ථානය මතය. එය උදර කුහරයේ දකුණු පස පහළ කොටසෙහි පිහිටා ඇති McBurney’s point නම් ස්ථානයයි. උදරකුහරය මත හරස් අතට යොදන කැපුම් ද මෙහිදී බහුලව යොදා ගැනේ.
2008 මාර්තු මාසයේ දී වෛද්‍ය ක්ෂේත්‍රයේ ප්‍රථම වරට ඇමරිකානු කාන්තාවකගේ උණ්ඩුකපුච්ඡය ඇයගේ යෝනිමාර්ගය හරහා ඉවත් කරන ලදී.
Cochrane Collaboration මගින් සිදුකළ දත්ත සංගණනයකට අනුව උදරකුහරය විවෘත කර සිදුකරන සැත්කම් වලට වඩා විවෘත නොකර සිදුකරන සැත්කම් වඩාත් වාසි සහගත වේ. ලැපරොස්කොපික් ක්‍රමයට වඩා උදර කුහරය විවෘත කොට සිදුකරන සැත්කම් මගින් සැත්කම් තුවාලයෙහි ආසාදනයන් ඉවත් වෙන නමුත් ලැපරොස්කෝපික් ක්‍රමය මගින් උදර කුහරය තුළ සැරව එකතුවීමේ අවධානම වැඩිවේ. ලැපරොස්කෝපික් සැත්කමට අනෙක් ක්‍රමයට වඩා විනාඩි 12 ක කාලයක් වැඩිපුර ගත වේ. සැත්කමෙන් දිනකට පසු ලැපරොස්කෝපික් සැත්කමට ලක්වු රෝගීන්ගේ වේදනාව අඩු වන අතර ඔවුන් රෝහල් ගත වී සිටිය යුතු කාලසීමාවද අඩුවේ. තවද ඔවුන් සුපුරුදු පරිදි තමාගේ එදිනෙදා කාර්යයන් සහ ක්‍රීඩා කටයුතු කෙරෙහි නියැලීමද විවෘත සැත්කමක් කළ රෝගීන්ට වඩා වේගවත් වේ. නමුත් ලැපරෝස්කොපික් සැත්කමක් සදහා වැයකළ යුතු මුදල කැපීපෙනෙන ලෙස ඉහළ වේ. තරබාරු රැකියාවෙහි නියුතු තරුණ කාන්තාවක් ලැපරෝස්කොපික් සැත්කමක් මගින් අන්අයට වඩා වාසිසහගතව අත්දැකීම් ලබයි.
රෝහල් ගත වී පැය 6 ක් ඇතුළත සිදුකරන සැත්කමක් රෝහල් ගත වී පැය 6 කට පසුව සිදු කරන සැත්කමකට වඩා සංකූලතාවයන් අවම බවට දත්ත වාර්තා වී ඇත. නමුත් ........ දත්ත අධ්‍යනයේ දී පෙනී ගොස් ඇත්තේ ඉහත ක්‍රම දෙක අතර සැලකිය යුතු වෙනසක් නොමති බවයි. සැරව සෑදීම නැවත රෝහල් ගත වීම ආදී විවිධ සංකූලතාවන් අතර කැපීපෙනෙන වෙනසක් පෙන්නුම් නොකරයි. දැනට කෙරී ඇති අධ්‍යයනයන්ට අනුව ප්‍රතිජීවක ඖෂධ භාවිතය සහ සැත්කම එක රැයකින් පමාකිරීම මගින් සංකූලතාවයන් හි කැපී පෙනෙන වැඩි වීමක් දක්නට නොලැබේ.
මෙහිදී කරන සැත්කමක් සඳහා සාමාන්‍ය රෝගී තත්ත්වයකදී විනාඩි 15 ක කාලයක් ගත වන අතර සංකූලතා ඇති අවස්ථාවකදී පැය කිහිපයක් වුවද ගත විය හැකිය. අදාල රෝගියා රෝහල් ගත වී සිටිය යුතු කාලසීමාව එක් රැයක සිට දින කිහිපයක් දක්වා වුවද වෙනස් විය හැකිය. ඇතැම් විටදී රෝගය සංකූල වු අවස්ථාවන්හිදී සති කිහිපයක් වුවද කලාතුරකින් රෝහල් ගත වී සිටීමට සිදුවේ. උණ්ඩුකපුච්ඡ ප්‍රදාහයේදී ඇති වන වේදනාව සැම විටම එක ලෙස නොපවතී. ඇතැම් අවස්ථා වලදී එය දිනකට පමණ නැවතී නැවතත් ඇති විය හැකිය.
උණ්ඩුකපුච්ඡ ප්‍රදාහය රෝගය සදහා හේතු
පරීක්ෂණාත්මක සාක්ෂි අනුව උණ්ඩුකපුච්ඡ ප්‍රදාහය සදහා මුලික හේතුව වන්නේ උණ්ඩුකපුච්ඡයේ කුහරය අවහිර වීමයි. මෙලෙස අවහිර වීමකට ලක්වු පසුව එහි කුහරය තුළට ශ්ලේෂ්මල ශ්‍රාවය වන අතර ඉදිමීමකට ලක්වේ. උණ්ඩුකපුච්ඡයේ කුහරය තුළ පීඩනය ඉහළයාමෙන් එයට රුධිරය සැපයෙන වාහිණී වල අවහිරතාවයක් ඇති වීමෙන් ලේ කැටියක් සෑදෙන අතර වසාපද්ධතියේ ගමනා ගමනයටද බාධා ඇති වේ. ඉතාමත් කලාතුරකින් මෙම අවස්ථාවෙන් ඉබේම සුවය ලැබීමට පිළිවන. නමුත් ඉහත කී තත්ත්වය වඩාත් වැඩිදියුණු වුවහොත් උණ්ඩුකපුච්ඡයට රුධිර සැපයුම අවහිර වීමෙන් එහි සෛල මරණයට පත්වේ. මෙලෙස මිය යන සෛල සහිත උණ්ඩුකපුච්ඡය වෙතින් බැක්ටීරියාවන් ඉවතට ගමන් කරන අතර උණ්ඩුකපුච්ඡය වටා ඒවා එක් රැස්වීමෙන් සැරව සෑදේ. මෙම ප්‍රතික්‍රියා මාලාවේ අවසාන ප්‍රතිඵලය වන්නේ උණ්ඩුකපුච්ඡය පුපුරා යාමෙන් පරිතාන ප්‍රදාහය ඇති වී එමගින් රුධිරය තුළට විෂද්‍රව්‍ය ඇතුළු වී අවසානයේදී මරණය පවා ලගා විය හැකිය. මෙලෙස උණ්ඩුකපුච්ඡ ප්‍රදාහය ඇතිවීමට හේතු කාරක ලෙස පිටතින් එය තුළට ඇතුළු වන ද්‍රව්‍යයක් මගින්, මළපහ මගින් සහ අන්ත්‍රයේ ජීවත් වන පණුවන් මගින් කුහරය අවහිර කිරීම, උදර කුහරයට වන අනතුරු සහ වසාපද්ධතියේ වන ආසාදන හදුනාගෙන ඇත. සංවර්ධිත රටවල් තුළ සංවර්ධනය වෙමින් පවතින රටවලට වඩා උණ්ඩුකපුච්ඡ ප්‍රදාහය ඇතිවීමට ප්‍රධානතම හේතුව ලෙස මළපහ මගින් එහි කුහරය අවහිර වීම දක්නට ඇත. තවද, මෙමගින් ඇති වන සංකූලතාවයන් ද බහුලවේ. නිරෝගී පුද්ගලයන්ට වඩා සතියකට අඩුවාර ගණනකින් මළපහවීම සිදුවන මළබද්ධය ඇති පුද්ගලයන් හට උණ්ඩුකපුච්ඡ ප්‍රදාහය ඇතිවීමට වැඩි අවධානමක් ඇත. මළපහ මගින් උණ්ඩුකපුච්ඡ කුහරය අවහිර කිරීම මගින් මහාඅන්ත්‍රයේ දකුණු පස මළපහ ද්‍රව්‍යවල අවහිරවීමක් ඇතිවීමෙන් මළ ද්‍රව්‍ය මහාඅන්ත්‍රය තුළ පවතින කාලසීමාව වැඩිවේ. සංඛ්‍යාන දත්ත වාර්තා අනුව diverticular disease, Adenomatous polyps සහ මහාඅන්ත්‍ර පිළිකා උණ්ඩුකපුච්ඡ ප්‍රදාහය ඇති පුද්ලයින් අතර බහුලව දක්නට ඇති බවයි. තවද මහාඅන්ත්‍රයේ සහ ගුදමාර්ගයේ පිළිකා හේතුවෙන් ද උණ්ඩුකපුච්ඡ ප්‍රදාහය ඇති වේ. බොහෝ අධ්‍යයනයන්ගෙන් පෙනීගොස් ඇත්තේ ආහාර වේලෙහි අන්තර්ගත තන්තු ප්‍රමාණය අඩු වීමත් සමග රෝගය ඇතිවීමට වැඩි ප්‍රවණතාවයක් ඇති බවයි. මෙසේ වන්නේ ආහාර වල අන්තර්ගත තන්තු මගින් මහාඅන්ත්‍රය තුළ මළපහ රැදී පවතින කාලසීමාව අඩුකරන අතර එමගින් උණ්ඩුකපුච්ඡය අවහිර කිරීම වළක්වා ගත හැකි වීමයි.
රෝග
|
10,091 |
https://si.wikipedia.org/wiki/%E0%B7%80%E0%B7%90%E0%B7%83%E0%B7%92%20%E0%B7%80%E0%B6%B1%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BB
|
වැසි වනාන්තර
|
වැසි වනාන්තර යනු ඉතා ඉහළ වර්ෂාපතනයක් ලැබෙන වනාන්තර වේ. අර්ථ දැක්වීමට අනුව එය අවම වාර්ෂික වර්ෂාපතනය මිලිමීටර් 1750 – 2000 (අඟල් 68 – 78) අතර ප්‍රමාණයක් විය යුතුය.
වැසි වනාන්තර පෘථිවිය මත ජීවත් වන ශාක හා සත්ත්ව විශේෂ 2/3 කටම වාසස්ථාන වේ. තක්සේරු කර ඇති අන්දමට මෙහි ජීවත් වන ශාක, කෘමි සහ බොහෝ ක්ෂුද්‍ර ජීවීන් විශේෂ මිලියන ප්‍රමාණයක් තවමත් හඳුනාගෙන නොමැත. නිවර්ථන වැසි වනාන්තර පෘථිවිය මත ඇති ආභරණයක් ලෙස ද හැඳින්වෙන අතර එය ලොව විශාලතම ඖෂධාගාරය ලෙස ද හැදින්වෙන්නේ ඒ තුළින් සොයා ගන්නා ලද විශාල ප්‍රමාණයක ස්වාභාවික ඖෂධ ප්‍රමාණයක් හේතුවෙනි.
වැසි වනාන්තරවල බිම් මට්ටමේ ශාකවල වර්ධනය සිමාවී ඇත්තේ ඒ වෙතට අඩුවෙන් ලැබෙන සුර්යයා ලෝකය හේතුවෙනි. මේ නිසා මෙම වනාන්තර හරහා ඇවිද යාම පහසු වී ඇත. මෙලෙස ඇති අඩු වියන් ස්ථරය විනාහ වී හෝ තුනි වීමක් සිදු වුවහොත් පහළින් ඇති භූමි ප්‍රදේශය ඉතා ඉක්මනින් ඝන එකිනෙක පැටළුනු වැල්, පදුරු සහ කුඩා ශාකවලින් සමන්විත වන කුඩා වනානාතරයක් බවට පත් වේ. වැසි වනාන්තර වර්ග දෙකක් ඇත.
වැසි වනාන්තර ස්ථර
වැසි වනාන්තර ප්‍රධාන වෙනස් වූ කොටස් 4 ට බෙදා ඇති අතර ඒවාට අනුවර්ත වූ ශාක සහ සතුන්ගෙන් යුක්ත වේ.
නෙරූ ස්ථරය - ඉතා විශාල ශාක කුඩා සංඛ්‍යාවකින් යුක්ත වන අතර ඒවා සාමාන්‍ය වියන අභිබවා මිටර 45 – 55 දක්වා උසකට වර්ධනය වන නමුදු කලාතුරකින් මී 70 – 80 තරම් උසට වර්ධනය වන විශේෂ කිහිපයක් ද තිබිය හැක. ඒවාට අධික උෂ්ණත්වය සහ දැඩි සුළඟට ඔරොත්තු දීමේ හැකියාව තිබීම ද අවශ්‍යයි. උකුස්සන්, සමනළයන්, වවුලන් සහ එක්තරා වඳුරු විශේෂ කිහිපයක් මෙම ස්ථරයේ දිවි ගෙවයි.
වියන් ස්ථරය - වැඩි වශයෙන් විශාල ශාකවලින් යුක්ත වන අතර ඒවා මීටර 30 - 45 තරම් උසක් දක්වා වර්ධනය වේ. සමහර ඇස්තමේන්තු අනුව වියන් ස්ථර ශාක විශේෂවලින් 50% පමණ වාසස්ථාන වේ. එය පෘථිවියේ ජීවීන්ගේ සමහර විට භාගයක් පමණ විය හැකි බවට ද අදහස් පළ කෙරේ. සත්ව වර්ග නෙරූ ස්තරයේ මෙන්ම විය හැකි අතර ඊට වඩා විවිධත්වයක් පළ කෙරේ. කෘමි විශේෂවලින් ¼ පමණ මෙම වැසි වනාන්තරවල වියන් ස්ථරවල ජීවත් වන බවට විශ්වාස කළ හැක. විද්‍යාඥයන් බොහෝ කලක සිට සිතූ පරිදි වියන් ස්ථර ජීවීන්ගේ වාසස්ථානය ලෙස පොහොසත් බවක් ඇති නමුත් ඒවා සොයා ගැනීමට ඇත්තේ මෑතකදී දියුණු කරන ලද ප්‍රායෝගික ක්‍රම මඟිනි. 1917 දී පමණ ස්වභාවවාදියකු වන විලියම් බීබේ ප්‍රකාශ කර සිටියේ “මෙහි තවත් ජීවීන් සිටින මහාද්වීපයක් සොයා ගැනීමට තිබෙන අතර එය පෘථිවිය මත නොපිහිටන අතර අඩි එකක සිට දෙසීය දක්වා ඉහළින් පිහිටා ඇති එය වර්ග සැතපුම් දහස් ගණනක් පුරා පැතිර ඇත. මෙහි ඇති ජීවීන් හා වාසස්ථාන පිළිබඳ සත්‍ය ගවේෂණයක් කිරීමට ළඟා වීමට ක්‍රම සොයා ගැනෙද්දී, දිගු, තඹ, දුනු භාවිතයෙන් ගස්වලට විදීම වැනි ඉතා ප්‍රාථමික ක්‍රම භාවිතා කරන ලදී. නමුත් සමහර ක්‍රම, එනම් බැලූන සහ ගුවන් නැව් ඉහළ අතුවලටත් මගවල් සෑදීම (වන බිමෙහි) වැනි ක්‍රමද සොයා ගැණින. මෙසේ නිවර්තන වියන් ස්තරය වෙත ප්‍රවේශ වීමට ගුවන් නැව් හෝ ගුවනේ ඉදිවුණු වේදිකා යනාදිය භාවිතා කිරීමේ විද්‍යාව වෘක්‍ෂ නාවික විද්‍යාව ලෙස හැදින්වේ.
යටි මහල් ස්ථරය - වියන් ස්ථරය සහ වන බිම අතර ස්ථරයයි. මෙම යටිමහල් ස්ථරය ඉතා විශාල සංඛ්‍යාවක් කුරුල්ලන් සර්පයන් සහ උරගයින්ට නිවාසය වී ඇත. තවද ගොදුරු අල්ලා කන දිවියන්, ජගුරවයන් සහ දාර පිඹුරන් ද මෙහි නේවාසිකයෝ වෙයි. මේ මට්ටමේදී පත්‍ර තරමක් විශාල වේ. කෘමි ජීවිත ද ඉතා විශාල ගහනයකි. මෙම යටිමහල් ස්ථරයේ සිට වියන් ස්තරය දක්වා වර්ධනය වන බීජාංකුර බොහෝය. වැසි වනාන්තරවලට ඉහළින් දිලිසෙන හිරුඑළියෙන් 5% පමණ යටි මහල් ස්ථරය කරා ළගා වේ. මෙම ස්ථරය පඳුරු ස්ථරය ලෙසද හැඳින්විය හැක. නමුත් මෙම පඳුරු ස්ථරය වෙනම ස්ථරයක් ලෙසද හැඳින්විය හැකි අවස්ථා ද වේ.
වන බිම් ස්ථරය - මෙම ස්ථරයට හිරු එළිය ලඟා වන්නේ 2% පමණි. මෙම කලාපයේ වර්ධනය විය හැක්කේ එම මන්දාලෝකයට අනුවර්ත වූ ශාඛාවට පමණි. ගංඉවුර, වගුරු සහ එළිමහන් ස්ථානවලින් එහා ගහන වූ යටි වගාවක් දැකිය හැක. වන බිම පැල වර්ධනයෙන් සාපේක්ෂව මැද බවක් පෙන්වන්නේ අඩු ඉර එළිය ප්‍රමාණයක් පෙරී වැටෙන නිසාය. එසේම වන බිම දිරාපත්ව ක්ෂය වී යන සත්ව සහ ශාක කොටස්වලින් යුක්ත වේ. මේවා උණුසුම තෙතමනය යන කරුණු නිසා ඉක්මණින් දිරාපත් වී යයි. නොයෙක් ආකාරවල දීලීර මෙම ශාක සත්ව කොටස් මත වර්ධනය වෙමින් ඒවා දිරාපත් වීමට උදව් වේ
ගෝලීය දේශගුණය කෙරේ බලපෑම්
ස්වාභාවික වැසි වනාන්තරයක් මගින් විශාල ප්‍රමාණයක කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණයක් නිකුත් කරන සහ අවශෝෂණය ද කරනු ලබයි. ගෝලීය වශයෙන් ගත් කල මෙකී ක්‍රියාවලිය ආසන්න වශයෙන් සමතුලිත අවස්ථාවක පවතින අතර එබැවින් කිසිදු බලපෑමකට ලක් නොකල වැසි වනාන්තරයකට වායු ගෝලයෙහි කාබන් ඩයෝක්සයිඩ් වල ශුද්ධ බලපෑම කෙරෙහි ඉතා සුළු වෙනසක් පමණක් ඇති කල හැකිය. අද කිසිඳු බලපෑමකට ලක් නොවු වැසි වනාන්තරයක් දක්නට නෙමැත. මිනිසා මගින් සිදු කරනු ලබන වන විනාශය මගින් වැසි වනාන්තර මගින් කාබන් ඩයොක්සයිඩ් මුදා හැරීමේ තුල්‍යතාවය වෙනස් කරනු ලබයි. මෙලෙසම නියඟ වැනි ස්වාබාවික ක්‍රියාවලීන් මගින් ද වැසි වනාන්තර වල ශාක මරණයට පත්වේ. මෙම දුර්භික්ෂ්‍ය හෙවත් නියන් සමයන් වුවද ඇති වන්නේ මිනිසා මගින් ඇති කර ගන්නා දේශගුණික විපර්යාස හේතුවෙනි. ඇතැම් දේශගුණික ආදර්ශනයන් මගින් ප්‍රකාශයට පත් කරන ආකාරයට වසර 2050 වන විටදී නියන් කාලයක් හේතුවෙන් වැසි වනාන්තර විනාශයට පත් වි වඩාත් වැඩි ප්‍රමාණයකින් කාබන්ඩයොක්සයිඩ් මුදාහරිනු ඇතැයි විශ්වාස කෙරේ.
මිනිසාගේ භාවිතය
නිවර්තන වැසි වනාන්තර දැව සේම සත්ව නිෂ්පාදන වන මස් සහ සම් සපයයි. වැසි වනාන්තර සංචාරකයන්ගේ ගමනාන්ත වනවා මෙන්ම පරිසර පද්ධති මගින් සිදුවන සේවාවන් ලබාදීමට ද ඉවහල් වේ. එසේම නිවර්තන වැසි වනාන්තරවලින් ලැබුණු බොහෝ ආහාර ද්‍රව්‍යය දැනට බෝග වැවිලි ලෙස ඇති කලාප පූර්ව ප්‍රාථමික වනාන්තර ලෙස පැවති ඒවා වේ. පෘථිවියෙන් 6% පමණ ආවරණය වන්නේ වැසි වනාන්තර වලිනි. කෙසේ වෙතත් සියලුම ඖෂධ වර්ග වලින් 25% පමණ උපදින්නේ වැසි වනාන්තරවල අංග උපාංගයන්ගෙනි. පිළිකා සුවකිරීමේ ශක්තියක් ඇතැයි සිතිය හැකි නිවර්තන ශාක වර්ග 1430 ට වඩා වැඩි ප්‍රමාණයක් වනාන්තරවල ඇත. මෙයින් ද 70% පමණ පැලෑටිවල පිළිකා මර්දන හැකියාව ඇති ඒවා ලෙස ඇමරිකානු ජාතික පිලිකා ආයතනය හඳුනාගෙන ඇත. මේවා අතර ඇස්පිරීන් වැනි වේදනා නාශක මෙන්ම සහ හෘත් රෝග සඳහා ගතහැකි ඖෂධ වෙනුවට ද සුදුසු ශාකමය ඖෂධ මේ වනාන්තරවල බහුල වේ. ඇත්ත වශයෙන්ම පැළවලින් නිපදවා ගන්නා ඖෂධ වර්ග බොහෝ විට භාවිතා වනුයේ උණ, දිලීර අසාදන, පිලිස්සුම් තුවාල අමාංශයේ සහ බඩවැල්වල අබාධ, වේදනා, ශ්වසන අබාධ සහ තුවාල සුවකර ගැනීම සඳහාය.
වනාන්තර
|
10,094 |
https://si.wikipedia.org/wiki/%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80
|
දියවැඩියාව
|
සාමාන්‍ය භාවතයේදී කෙටියෙන් දියවැඩියාව () ලෙසද හැඳින්වෙන මධු දියවැඩියාව නොහොත් මධුමේහය ශරීරයේ පරිවෘත්තීය ක්‍රියාවන්හි අක්‍රමිකතාවයක් නිසා රුධිරයේ ග්ලුකොස් මට්ටම ඉහළයාම නිසා ඇතිවන රෝගී තත්ත්වයකි (සින්ඩ්‍රෝමයකි). මෙය ඇතිවන්නේ සිරුර තුළ ඉන්සියුලින් නැමැති හෝමෝනය දේහයට නොලැබීමෙනි. මෙම ඉන්සියුලින් හිඟතාවය එම හෝමොනය කෙරෙහි දේහයෙහි ප්‍රතිරෝධතාවයක් නොමැතිව වුවද ඇතිවිය හැකිය. මෙහි ආවේනික රෝග ලක්ෂණයක් වන්නේ රුධිර ග්ලුකොස් මට්ටම ඉහළයාම නිසා ඇතිවන අධික ලෙස මුත්‍රා පිටවීම, එයට පිළියමක් ලෙස අධිකව ඇතිවන පිපාසය, එසේ ග්ලුකෝස් මට්ටම ඉහළයාම නිසා ඇතිවන ඇස්පෙනීම බොදවීම, පැහැදිලි කළ නොහැකි ආකාරයට සිදුවන බර අඩුවීම හා කම්මැලිකමයි. රුධිර ග්ලුකොස් මට්ටම සුළු ප්‍රමාණයකින් ඉහළගොස් ඇති අවස්ථාවන්හිදී ඉහත කී රෝග ලක්ෂණ හොදින් පැහැදිලිව දක්නට නොලැබිය හැකිය. දියවැඩියාවට ප්‍රතිකාර නොලද හොත් නොයෙකුත් සංකුලතා ඇති විය හැකිය. කීටොඇසිඩොසිස් ( ketoacidosis) සහ කීටෝටික නොවන හයිපර්සොමලර් කෝමාව (nonketotic hyperosmolar coma) එසේ ඇතිවිය හැකි දරුණු ඝනයේ සංකුලතා වේ. හෘදයාබාධ, ආඝාතය, වකුගඩු අකර්මන්‍යතාව, පාදයේ ඇතිවන වණ සහ ඇස්වලට ඇතිවන ආබාධ යන ඒවා දියවැඩියාව නිසා ඇති වියහැකි දිගු-කාලීන බරපතළ සංකුලතාවයන් වෙයි.
දියවැඩියාව ඇතිවන්නේ අග්න්‍යාශය මගින් ප්‍රමාණවත් තරම් ඉන්සියුලින් හෝමෝනය නිපද නොවීම නිසා හෝ දේහයේ සෛල ඉන්සියුලින් වලට නියම ලෙස අනුකුලතා නොදැක්වීම නිසා හෝ වේ. දියවැඩියාවෙහි ප්‍රධාන ආකාර තුනක් ඇත:
Type 1 DM: දේහයට ප්‍රමාණවත් තරම් ඉන්සියුලින් නිපදවීමට නොහැකි වීම නිසා ඇති වෙයි. මෙම ආකාරය කලින්, ඉන්සියුලින් මත පදනම් වූ දියවැඩියාව [insulin-dependent diabetes mellitus (IDDM)] ලෙස හෝ යෞවන දියවැඩියාව (juvenile diabetes) හඳුන්වන ලදී. මෙයට හේතුවක් හඳුනාගෙන නොමැත.
Type 2 DM: ඉන්සියුලින් වලට ප්‍රතිරෝධය නිසා හට ගනී. දේහ සෛල ඉන්සියුලින් වලට නිසි ලෙස ප්‍රතිචාර දැක්වීමට අපොහොසත් වීම නිසා ඇති වන තත්ත්වයකි. රෝගය වර්ධනය වන විට ඉන්සියුලින් හිඟතාවය ද වර්ධනය වේ. මෙම ආකාරය කලින්, ඉන්සියුලින් මත පදනම් නොවූ දියවැඩියාව [non insulin-dependent diabetes mellitus (NIDDM)] ලෙස හෝ වැඩිහිටියන්ට වැළදෙන (වෘද්ධ) දියවැඩියාව (adult-onset diabetes) හඳුන්වන ලදී. මෙයට මූලිකම හේතු වන්නේ අධික දේහ බර සහ ප්‍රමාණවත් තරම් ව්‍යායාම නොලැබීමයි.
ගර්භනික දියවැඩියාව (Gestational diabetes), තුන්වන ප්‍රධාන ආකාරයයි. කලින් දියවැඩියාව නොතිබුන ගර්භනී කාන්තාවකගේ රුධිරගත ග්ලුකෝස් මට්ටම ඉතා ඉහල යාම මගින් මෙය ඇතිවේ.
වර්ගීකරණය
ලෝක සෞඛ්‍ය සංවිධානය හදුනාගෙන ඇති අන්දමට මධු දියවැඩියාව ප්‍රධාන ලෙස වර්ග 3 කි.
පළවෙනි වර්ගයේ මධු දියවැවියාව
දෙවැනි වර්ගයේ මධු දියවැඩියාව
ගර්භනී අවස්ථාවන් වලදී ඇතිවන මධු දියවැඩියාව
මේවා සදහා විවිධ හේතු සාධක හා ජනගහන ව්‍යාප්තීන් වෙනස්වීම් අනුවද මෙම වර්‍ග විවිධ වේ. අවසාන වශයෙන් ඉහත සියළුම වර්ගවල දියවැඩියාවන් ඇතිවන්නේ විවිධ වූ හේතූන් නිසා අග්න්‍යාසයේ බීටා සෛල වලින් ඉන්සියුලීන් නම් හොමෝන නිපදවීමට නොහැකිවීම නිසයි.
පළමු වර්ගයේ මධු දියවැඩියාව
පළමු වර්ගයේ දියවැඩියාව ඇතිවන්නේ අග්න්‍යාසයේ බීටා සෛල සිරුර තුළ ස්වාභාවිකවම ඇතිවන තත්වයන් නිසා විනාශවීමෙනි.
දෙවෙනි වර්ගයේ මධු දියවැඩියාව
දෙවෙනි වර්ගයේ දියවැඩියාව ඇතිවන්නේ ඉලක්ක අවයවයන් හෝමෝන කෙරෙහි ඇතිකරන ප්‍රතිරෝධීතාවය නිසයි. මේ නිසා අසාමාන්‍ය ලෙස ඉහළ සාන්ද්‍රණයකින් ඉන්සියුලින් දේහයට අවශ්‍ය වන අතර දිය වැඩියාව ඇති වන්නේ බීටා සෛල වලට මෙම අවශ්‍යතාවයන් සපයාදීමට අපොහොසත් වන අවස්ථාවන්හිදීය.
ගර්භනී අවස්ථාවන්හිදී ඇතිවන මධු දියවැඩියාව
ගර්භනී අවස්ථාවන්හිදී ඇතිවන දියවැඩියාව දෙවැනි වර්ගයේ දියවැඩියාවට සමානකම් දක්වන අතර මෙහිදී ජානමය වශයෙන් දියවැඩියාව ඇතිවීමට නැඹුරුතාවයක් ඇති මවුවරුන්ගේ ගර්භනී අවස්ථාවන්හිදී දෙහයෙන් නිපදවන හොමෝන වර්ග ඉන්සියුලීන් හොමෝනය කෙරෙහි ප්‍රතිරෝදතාවයක් දැක්වීම නිසා මේ තත්ත්වය හටගනී. වසර 2008 දී ඇමෙරිකා එක්සත් ජනපදය මගින් කරන ලද අධ්‍යයනයකදී හෙලිවී ඇති අන්දමට එරට මවුවරුන්ගෙන් බහුතරයක් ගර්භනී තත්ත්වයට පත්වන්නේ දියවැඩියාවක් ඇතිවයි. ගර්භණී මවුවරැන්ගේ දියවැඩියා තත්ත්වය පසුගිය වසර හය තුල දෙගුණයකටත් වඩා වැඩි තත්ත්වයකට පත්ව ඇත. මෙය සත්‍ය වශයෙන්ම ගැටළු සහගත තත්ත්වය වන්නේ දියවැඩියාව නිසා ගර්භණී අවස්ථාවන්හිදී ඇතිවන සංකූලතාවයන් ඉහළ නංවන අතර ගර්භනී තත්ත්වයන් දියවැඩියාව ඇති මවුවරුන්ගේ දරුවන්ට අනාගතයේ දී දියවැවියාව ඇතිවීමේ ප්‍රවණතාවය ඉහළගොස් ඇත.
ගර්භනී දියවැඩියාව බොහෝ විට දරුප්‍රසූතියෙන් පසුව පහවී යන අතර පළමු හා දෙවන වර්ග යේ දියවැඩියාව කලින් කළ පවතින නිදන්ගත රෝගයන්වේ. ඉන්සියුලීන් වෛද්‍ය විද්‍යාව තුළ ප්‍රතිකාරකිරීමට ඖෂධයක් ලෙස 1921 දී භාවිතයට ගැනීමත් සමගම ඉහත කී සියලු ම වර්ගයේ දියවැඩියාවන්ට ප්‍රතිකාර කිරීමේ හැකියාව ලැබී ඇත. පළමු වර්ගයේ දියවැඩියාව සදහා ප්‍රතිකාර කරනු ලබන්නේ ප්‍රධාන වශයෙන් ඉන්සියුලින් සිරුරට එන්නත් ගැනීමෙනි. ආහාර පාලනය හා ව්‍යායාම එහි එක් අංගයක් පමණි. දෙවැනි වර්ගයේ දියවැඩියාව සඳහා ප්‍රතිකාර කරනු ලබන්නේ ආහාර පාලනය, පෙති වර්ග හා ඉන්සියුලින් එන්නත් කිරීම යන ප්‍රතිකාර ක්‍රම වල එකතුවෙනි. මුල් අවධිවලදී ඉන්සියුලීන් නිෂ්පාදනය කරනු ලැබුවේ ඌරන්ගේ අගන්‍යාසයෙන් ලබාගන්නා ලද ඉන්සියුලින් වලින් බහුතරයක් වන අතර අද භාවිතා වන ඉන්සියුලින් ජාන තාක්ෂණය මගින් නිෂ්පාදනවී ඇත. මෙය මානව ඉන්සියුලින් ආකාරයටම හෝ විවිධ ක්‍රියාකාරිත්වයන් + ලබාදෙන නවීකරණය කරන ලද ඉන්සියුලින් ලෙස නිපදවා ඇත. ඉන්සියුලීන් සිරුරට ලබාදීම විශේෂ වූ පොම්පයක් මගින් සිදු කරනු ලබන අතර සමට යටින් ඇතුලු කරනු ලබන එන්නත් කටුවක් මගින් නොකඩවා එය සිරුරට සැපයේ.
දියවැඩියාව නොයෙකුත් සංකූලතා ඇති කරයි. ක්ෂණිකව ඇතිවන සංකූලතාවයන් (ක්ෂණිකව සිරුරේ ග්ලුකෝස් මට්ටම පහළ යාම) ඇතිවන්නේ රෝගය නිසියාකාරව පාලනය නොකලහොත්ය. බැරෑරුම් දීර්ඝකාලීන සංකූලතාවයන් වන්නේ රුධිර සංසරණ පද්ධතියේ රෝගී තත්ත්වයන්, වකුගඩු අඩපණ වීම,දෘෂ්ටිවිතානයට හානිවීම හා අවසාන වී අන්ධතාව ඇතිවීම, ස්නායු දුර්වල වීම , කුඩා රුධිර වාහිණී වලට හානිවීම නිසා සිදුවන පිරිමින්ගේ පුරුෂ ශක්තිය හීනවීයාම. හා තුවාල සුවවීම ප්‍රමාද වීමෙන් තුවාල ඔඩුදිවීම සිදුවේ. මේ නිසා සැත්කමක් මගින් පාදය කපා ඉවත්කිරීමට පවා සිදුවිය හැක. දියවැඩියාවට මනාලෙස ප්‍රතිකාර ගැනීම, රුධිර පීඩනය පාලනය කිරීම, දුම්පානය අතහැරීම, සිරුරේ නිරෝගී බරක් පවත්වාගෙන යාම තුළින් ඉහත සඳහන් කරන ලද සංකූලතාවන් ඇතිවීමේ අවධානම අඩු කරයි. සංවර්ධිත රටවල්වල වයෝවෘද්ධ නොවන වැඩිමල් වැඩිහිටි පුද්ගලයන්ගේ අන්ධතාවයට හා අනතුරක් නිසාෙවන් සුව නොවන පාද කපා ඉවත්කිරීම් වැඩිවශයෙන්ම සිදුවනු ලබන්නේ දියවැඩියාව හේතුවෙනි. තවද ඇමරිකා එක්සත් ජනපදයේ වකුගඩුවල රුධිර කාන්දු පෙරණය සිදුකිරීමත් අවශ්‍ය වන ප්‍රධානතම රෝගය වන්නේ දියවැඩියාව නිසා සිදුවන වකුගඩු නරක් වීමයි.
රෝග විනිශ්චය
පළමු වන වර්ගයේ දිය වැඩියාව සහ බොහෝ දෙවන වර්ගයේ දියවැඩියා ඇති රෝගීන් හදුනා ගැනීම සදහා අධික ලෙස මුත්‍රා පිටවීම, අධිකව පිපාසය ඇති වීම සහ අධිකව බඩගින්න ඇතිවීම යන රෝග ලක්ෂණ උපකාරීවේ. මෙම රෝග ලක්ෂණ දින කිහිපයක් හෝ සති කිහිපයක් වැනි කෙටිකාලයක් තුළ වර්ධනය විය හැකි අතර පළමු වන වර්ගයේ දියවැඩියාව ඇති පුද්ගලයන් ගෙන් ¼ ක් පමණ දියවැඩියාව හදුනාගන්නා අවස්ථවේදී දියවැඩියාව නිසා ඇති වන කීටෝන අම්ලතාවයෙන් පිඩා විදිති. දියවැඩියාව රෝග නිර්ණය කිරීම වෙනත් ආකාර මගින් ද සිදු කෙරේ. ඒවා නමින් සාමාන්‍ය සෞඛ්‍ය විමර්ශනයක් මගින්, වෛද්‍ය පරීක්ෂණ මගින් රුධිරයෙහි සීනි මට්ටම ඉහළ ගොස් ඇති බව මගින් සහ ඇස් පෙනීම දුර්වල වීම හා ඇග පතෙහි ඇතිවන තෙහෙට්ටුව වැනි රෝග ලක්ෂණ මගින් යන ක්‍රම වලිනි. දියවැඩියාව නිසා ඇති වන නොයෙකුත් රෝග තත්ත්ව හා අවස්ථාවන් මගින් රෝගියෙකු පීඩා විදින බවට පෙන්නුම් කෙරෙන අවස්ථාවන්හිදී ද දියවැඩියාව ඇති බවට නිර්ණය කෙරේ. ඒවා නම් හෘදය අකර්මණ්‍යය වීම, ආඝාතය, ස්නායු දුර්වල වීම, තුවාල සුව වීමට කල්ගත වීම, ඇතැම් අක්ෂි රෝග, ඇතැම් දීලිර ආසාදන, වැඩි බරකින් යුක්ත දරුවකු ප්‍රසූත කිරීම සහ රුධිරයෙහි ග්ලූකෝස් මට්ටම පහත යෑම යන සෞඛ්‍ය තත්ත්වයන්ය.
දියවැඩියාව කෙටිකාලීන හෝ දිගු කාලීනව අධික ලෙස රුධිරයෙහි සීනි මට්ටම ඉහළයාම හා සම්බන්ධවේ. එය නිර්ණය කිරීම සදහා පහත ආකාර වලින් එකක් යොදා ගැනේ.
නිරාහාරව සිට ලබාගන්නා රුධිර ග්ලූකෝස් මට්ටම 126 mg/dl (7.0mmol/l) හෝ එයට වඩා වැඩි අගයක් ඇති අවස්ථා වලදී.
ග්‍රෑම් 75 ක් ග්ලූකෝස් පානයට ගෙන පැය දෙකකට පසු රුධිරය ලබාගන්නා ග්ලූකෝස් සීහුම් පරීක්ෂාවකදී රුධිර සීනි මට්ටම 200 mg/dl (11.1mmol/l) හෝ ඊට වඩා වැඩි අවස්ථා වලදී.
අහඹු ලෙස ලබාගන්නා ලද රුධිර සාම්පලයක ග්ලුකොස් මට්ටම 200 mg/dl (11.1mmol/l) හෝ ඊට වඩා වැඩි අවස්ථා වලදී.
රෝග ලක්ෂණ නොමැතිව ඉහත කී එක් පරීක්ෂණයක් පමණක් මගින් ඉහළ ග්ලුකොස් මට්ටමක් ඇති බවට පෙන්නුම් කරන අවස්ථාවන්හි දී ඉහතින් සදහන් කරන ලද වෙනත් පරීක්ෂණයක් වෙනයම් දිනක සිදු කිරීම මගින් රෝගය ඇති බවට තහවුරු කරගත හැකිය. බොහෝ වෛද්‍ය වරුන් රෝගීන් නිරාහාරව තබා රුධිර ග්ලූකෝස් මට්ටම පරීක්ෂා කර බැලීම සදහා කැමැත්තක් දක්වන්නේ ග්ලූකෝස් සීහුම් පරික්ෂාවකට වඩා එය පහසු වන අතර අඩු කාලයකින් ප්‍රතිඵල ලබාගත හැකි බැවිනි. නූතන අර්ථ දැක්වීම් වලට අනුව නිරාහාරව සිට ලබාගන්නා රුධිර සාම්පලයක ග්ලූකෝස් මට්ටම අවස්ථා දෙකකදී 126 mg/dl (7.0mmol/l) හෝ එයට වඩා වැඩි අගයක් ඇති අවස්ථා වලදී දියවැඩියාව ඇති බවට නිර්ණය කළ හැකිය.
නිරාහාරව සිට ලබාගන්නා රුධිර ග්ලූකෝස් මට්ටම 110 සිට 125 mg/dl අතර (6.1 – 7.0 mmol/l) ඇති අවස්ථාවන්හිදී නිරාහාර රුධිර ග්ලූකෝස් මට්ටම පවත්වා ගැනීමට බාධා ඇති වී ඇති අවස්ථාවක් ලෙස හැදින්විය හැකිය. ග්ලූකෝස් ග්‍රෑම් 75 පානයට ලබාදීමෙන් පැය 2 කට පසු රුධිර ග්ලූකෝස් මට්ටම 140 mg/dl (7.8 mmol/l) හෝ ඊට වැඩි අවස්ථාවන්හිදි ග්ලූකෝස් සීහුම් පරීක්ෂාව සදහා බාධා ඇති වී ඇති බවට සැලකේ. මෙම අවස්ථාවන් දෙකෙහිදී පසුව සදහන් කළ අවස්ථාවන් ඇති රෝගීන් පසුකාලීනව දියවැඩියාව හා හෘද රෝග ඇති වීම සදහා වැඩි අවධානමක් ඇත.
රුධිරයෙහි ඇති ග්ලූකෝස් හිමොග්ලෝබින් අණු වෙත අප්‍රත්‍යාවර්ත ලෙස බැදී HbA1c නම් ග්ලූකෝස් බැදුනු හිමෝග්ලොබින් අණු බවට පත්වේ. මෙහි අගය සියයට 6 හෝ ඊට වැඩි අගයක් ඇති අවස්ථාවන්හි දී අසාමාන්‍ය බවට සැලකේ. මෙය පසු ගිය දින 90 ක කාලයක් තුළ රුධිරයෙහි ග්ලූකෝස් මට්ටම පිළිබද අවබෝධයක් ලබාදේ. කෙසේ වුවත් ඇතැම් වෛද්‍යවරුන් විසින් මෙම පරීක්ෂණය පසුගිය මාස තුනක කාලයක් තුළ රෝගයෙහි පාලනය පිළිබද අවබෝධයක් ලබාගැනීම සදහා යොදා ගැනේ. දියවැඩියාව ඇති රෝගියෙකුගේ මෙම HbA1c අගය 7% වඩා අඩු වී ඇති අතර එමගින් හොද ග්ලූකෝස් පාලනයක් පෙන්නුම් කෙරේ. ඇතැම් අවස්ථා වලදී මෙම අගය 6.5% ලෙස ගැනේ. මෙම අගයන් වලට වඩා අඩුවෙන් HbA1c මට්ටම පවත්වා ගන්නා රෝගීන් හට දියවැඩියාව නිසා ඇති වන අක්ෂි ආබාධ සහ ස්නායු ආබාධ වැනි සංකූලතා ඇති වීම අවම වේ.
සංකූලතා
1. විශාල ධමනි ආශ්‍රිත සංකූලතා
හෘද අකර්මන්‍යතාව
ආඝාතය
පාද ආශ්‍රිත සංකූලතා
2. කුඩා ධමනි ආශ්‍රිත සංකූලතා
අක්ෂි ආබාධ
වකුගඩු ආබාධ
ස්නායු දුර්වලතා
වැළක්වීම
පළමු ආකරයේ දියවැඩියාව (type 1 diabetes) වැළක්වීමේ ක්‍රමයක් හඳුනාගෙන නොමැත. දෙවන ආකාරයේ දියවැඩියාව (Type 2 diabetes) බොහෝ විට සාමාන්‍ය දේහ බර පවත්වා ගැනීම,ක්‍රියාකාරී දිවි පැවැත්ම(active lifestyle), කායික ව්‍යායාම සහ සෞක්‍යමය ආහාර වේල් ලබා ගැනීම මගින් වළක්වා ගත හැකි වේ. ආහාර වේලේ සිදු කරන වෙනස්කම් දියවැඩියාව වළක්වා ගැනීමෙහි ලා බෙහෙවින් ඵලදායක වනු ඇත. පූර්ණ (නිවුඩ්ඩ ඉවත් නොකරන ලද) ධාන්‍ය සහ තන්තු; ඇට වර්ග, එළවලු තෙල් සහ මාළු ආදියේ ඇති ඇති අසන්තෘප්ත මේදය වැනි සුදුසු මේද යනාදිය ආහාරයට ගැනීම වඩාත් යෝග්‍ය වේ. සීනිමය ආහාර හැකිතාක් පාලනය කිරීම සහ රතු මස් ආදී සංතෘප්ත මේද අඩංගු ආහාර අඩු කිරීම ද දියවැඩියාව වළක්වා ගැනීමෙහි ලා ඉවහල් වනු ඇත. ක්‍රියාකාරී දුම් පානය ද දියවැඩියාව ඇති කිරීමේ වැඩි අවධානමක් සහිත සාධකයක් වෙයි. එහෙයින් දුම්පානයෙන් වැළකීම ද දියවැඩියාව වළක්වා ගැනීමට වැදගත් වෙයි.
මූලාශ්‍ර
බෝනොවන රෝග
රෝග
|
10,098 |
https://si.wikipedia.org/wiki/%E0%B6%B1%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%20%E0%B6%B7%E0%B7%9E%E0%B6%AD%E0%B7%92%E0%B6%9A%20%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%9A%20%E0%B6%89%E0%B6%AD%E0%B7%92%E0%B7%84%E0%B7%8F%E0%B7%83%E0%B6%BA
|
නක්ෂත්‍ර භෞතික විද්‍යාවේ ඉතිහාසය
|
තාරකා විද්‍යාව පෞරාණික බව ඉතිහාසයේ වාර්තාගත වූ නමුත් භෞතික විද්‍යාවේ අධ්‍යයනයන්ගෙන් දීර්ඝව වෙන් වූවකි. ඇරිස්ටෝටලියානු ලෝක දර්ශනයෙහි , ද්‍රව්‍යමය ලෝකය අපූර්වත්වය දෛවයෙන් නියම කලාත් මෙන් පෙනෙන අතරතුරේදී , අහසෙහි පිහිටි ලෝකය පරිපූර්ණත්වයට නැඹුරුව පවතී. එනම් ආකාශය තුළ වූ වස්තූන් පරිපූර්ණ වෘත්තාකාර කක්ෂ තුළ චලනය වන පරිපූර්ණ ගෝල ලෙස පෙනෙනා බව සදහන්වේ. මෙම ක්ෂේත්‍ර 2 පෙනෙනා පරිදි සම්බන්ධ නොවේ.
සමෝස් හි ඇරිස්ටාර්චස් (ක්‍රි.පූ. 310 – 250) පෘථිවිය හා අනෙකුත් සෞරග්‍රහ මණ්ඩලයේ ආකාශ වස්තූන්ගේ චලනයන් හිරු වටා, කක්ෂානුගත බව සලකමින් විස්තර කළ හැකි බව පළමුව සංකල්පනයක් ඉදිරිපත් කළේය. අවාසනාවන්ත ලෙස ඒ සමයේ භූ කේන්ද්‍රගත වාදය ඇස්ටාචස්ගේ සූර්ය කේන්ද්‍රික සිද්ධාන්තය, බැහැර කරන ලදී. සාමාන්‍යය හැඟීමේ පරිදි හිරු හා අනෙකුත් ග්‍රහලෝක පෘථිවිය වටා චලනය වන බව මූලික වශයෙන් නිශ්චිත වී තිබුණෙන් මෙම මිථ්‍යාමතික සංකල්පය ශතවර්ෂ ගණනාවක් සත්‍යය ලෙස පිළිගන්නා ලදී. පසුව නිකලස් කොපර්නිකස් නම් නක්ෂත්‍ර විද්‍යාඥයා සූර්ය කේන්ද්‍රක ආකෘතිය 16 වන ශත වර්ෂයේදී නැවත ප්‍රාණවත් කළේය.1609 දී ගැලීලියෝ ගැලිලි බ්‍රහස්පතිගේ ආලෝකමත්ම චන්ද්‍රයන් සිව්දෙනා සොයාගෙන එම ග්‍රහ ලෝකවල කක්ෂ ලේඛනගත කළේය. ඔහුගේ සමයේ එය කතෝලික පල්ලියේ භූ කේන්ද්‍රගත චිරන්තන දෘෂ්ටියට විරුද්ධ කියාපෑමක් වූ අතර එනිසා ඔහුගේ තාරකා විද්‍යාව ගණිතයේ කාර්යයක් බවත් ස්වාභාවික දර්ශනවාදය (භෞතික විද්‍යාව) නොවන බවත් සලකා දැඩි දඬුවමින් ඔහු නිදහස් විය.
නිවැරදි නිරීක්ෂණ දත්ත ප්‍රයෝජනයට ගනිමින් (ටයිකෝ බ්‍රාහේගේ නිරීක්ෂණාගාරයෙන්) ඉහත කළ නිරීක්ෂණයන් සෛද්ධාන්තික විවරණය කිරීමට හා ගවේෂණයට මුලිකත්වය ගන්නා ලදී. පළමුව , 17 වන ශත වර්ෂය ආරම්භයේදී කෙප්ලර්ගේ ග්‍රහ චලනය පිළිබද නියම වැනි ප්‍රත්‍යක්ෂ මුලක නියමයන් සොයා ගැනිණි. ඉන්පසු,සියවසේ දී පෘථිවිය මත වස්තූන්ගේ ගති විද්‍යාව ග්‍රහලෝකවල චලන හා සඳෙහි චලනය පාලනය කරන්නේ එකම නියම බව අයිසැක් නිව්ටන් සොයා ගනිමින් කෙප්ලර් නියම හා ගැලීලියෝගේ ගති විද්‍යාව අතර පරතරය සංක්ෂිප්ත කළේය. නභෝගත යාන්ත්‍ර විද්‍යාව, එනම්, හි නිව්ටෝනියානු ගුරුත්වයේ යෙදීම හා නිව්ටන්ගේ නියම මගින් කෙප්ලර්ගේ ග්‍රහ චලන නියම පහදා දීම නක්ෂත්‍ර විද්‍යාවේ හා භෞතික විද්‍යාවේ ප්‍රථම එක්සත් කිරීමයි.
අයිසැක් නිවුටන් විසින් (Philosophiae Naturalis Principia Mathematica) ‘ෆිලෝසොෆියා නැචුරලිස් ප්‍රින්සිපියා මැතමෙටිකා’ ග්‍රන්ථය එළි දැක්වීමෙන් පසු නැව් පිළිබද වූ යාන්ත්‍රණය පරිණාමනය විය. 1670 මුල් භාගයේ පමණ මුළු ලෝකයම විද්‍යාත්මක මිණුම් ගන්නා ලද්දේ නූතන අක්ෂාංශ උපකරණ මගින් හා හොඳම ඔරලෝසු මගිනි.විද්‍යාඥයන් සඳහා බොහෝ දත්ත ලබා ගැනීමට පසුබිමක් සකස් වූයේ, නාවික යාන්ත්‍රණයන් සඳහා අවශ්‍යය උපකරණ සකස් කිරීමත්, එම නවීන උපකරණවලින් ඉතාමත් නිවැරදි තාරකා විද්‍යා නිරීක්ෂණ ලබා ගැනීමත්ය.
19 වන ශත වර්ෂය අවසානයේදී හිරුගෙන් ලැබෙන එළිය වියෝජනය කිරීමෙන් වර්ණාවලි දත්ත රේඛා සමූහයක් ලබාගත හැකි බව සොයා ගන්නා ලදී. (අඩු හෝ ආලෝකය නැති ප්‍රදේශ) උණුසුම් වායු සමග කළ පරීක්ෂණ මගින් අනන්‍ය රසායනික මුලද්‍රව්‍යවලට අනුරූප විශේෂිත රේඛා වායුවේ වර්ණාවලි රේඛා ලෙස එකම රේඛා, නිරීක්ෂිත බව පෙන්වීය. මෙම ක්‍රමයෙන් හිරුමතදී සොයාගත් රසායනික මූලද්‍රව්‍ය (ප්‍රධානව හයිඩ්‍රජන්) පෘථිවිය මත සොයා ගත හැකි බව සත්‍යාපනය කළේය. සැබැවින්ම හීලියම් මූලද්‍රව්‍ය පළමුව සූර්යාගේ වර්ණාවලියෙන් සොයා ගත් අතර පසුව පෘථිවියෙන් සොයා ගන්නා ලදී. එනිසා එය එහි නම ද විය. 20 වන සියවස අතරතුරේදී, විශේෂයෙන්ම ක්වොන්ටම් භෞතික විද්‍යාව පැමිණීමේ ප්‍රතිඵලයක් ලෙස, තාරකා විද්‍යාව හා පරීක්ෂණාත්මක නිරීක්ෂණ තේරුම් ගැනීම අවශ්‍ය වීමත් සමගම වර්ණාවලීක්ෂණය ( මෙම වර්ණාවලි රේඛාවල අධ්‍යයනය) වැඩි දියුණු විය.
References
http://en.wikipedia.org/wiki/Astrophysics#History
විද්‍යාවේ ඉතිහාසය
භෞතික විද්‍යාව
තාරකා විද්‍යාව
|
10,107 |
https://si.wikipedia.org/wiki/%E0%B6%B1%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%82%E0%B7%8A%E0%B6%A7%E0%B7%92%E0%B6%9A%20%E0%B6%B7%E0%B7%9E%E0%B6%AD%E0%B7%92%E0%B6%9A%20%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%9A%20%E0%B6%89%E0%B6%AD%E0%B7%92%E0%B7%84%E0%B7%8F%E0%B7%83%E0%B6%BA
|
න්‍යෂ්ටික භෞතික විද්‍යාවේ ඉතිහාසය
|
ප්‍රොටෝන හා නියුට්‍රෝනවල බන්ධන ශක්තීන් ඒවායේ සාපේක්ෂතාශ්‍රීත නිදහස් ස්කන්ධවල 1% ප්‍රකාරව පවතී. එම නිසා නිරපේක්ෂිත ක්වොන්ටම් යාන්ත්‍රණය අනෙකුත් සන්නිකර්ෂණයන්ගෙන් අඩු දෝෂ සහිතව භාවිතා කළ හැක. 18 වන ශත වර්ෂයේ රසායනඥයින් රසායනික මූලද්‍රව්‍යය , පදාර්ථ හා සංයෝජනය පාලක නියම හා ඒවායේ ක්‍රමවත් වර්ගීකරණය (මෙන්ඩලීව්ගේ මූලද්‍රව්‍ය ආවර්තිතා වගුව) පහදා දෙයි. 1803 දී ජෝන් ඩෝල්ටන් වර්තමානයේ පරමාණුක භෞතික විද්‍යාව ලෙස වර්ග කළ විට තනි පරමාණුවල මූලික ගුණ අධ්‍යයනය අවශ්‍ය වූ ඩිමෝක්‍රීටස්ගේ පරමාණුව පිළිබද අදහස ඒවාට යෙදවීය. එම අධ්‍යයනයන්, 1896 දී බෙකරල්ට නිශ්චිත පරමාණු විශේෂවල විකිරණශීලීතාව සොයාගැනීම හා තව දුරටත් විකිරණශීලිතාව යන්න කුමක්ද හඳුනාගැනීමටද, 1898 දී කියුරි යුවලට ද ඒ සඳහා මූලිකත්වය ගත්තේය. විකිරණශීලීතාවයේ ස්වභාවය තේරුම් ගැනීමට ළගා වූ සැණින්ම ඔහු අංශු විහිදුවා පතුරුවා පරමාණුවලට ඒවායින්ම ඒෂණය වීමට ඉඩ සැලැස්වීය. එම කාර්යය තුළ දී 1911 දී ඔහු පරමාණුවක න්‍යෂ්ටියක පැවැත්ම පරීක්ෂා කිරීම් (ගයිගර් හා මාස්ඩන්ගේ වෙහෙසකාරී පරීක්ෂණ හරහා) ඔස්සේ ඉදිරිපත් කළ පරීක්ෂණ න්‍යෂ්ටික භෞතික විද්‍යාව සේ විද්‍යාවට නව ශාඛාවක් විවර කරදෙන ලදී
රදර්ෆඩ්ගේ කාර්යය අනුගමනය කරමින් ලොවපුරා විද්‍යාඥයන් පරමාණුව විවරණය කිරීම අරඹන ලදී. මෙය පළමුවරට සාර්ථකව සිදු කරන ලද්දේ අංශු ත්වරකයක් භාවිතයෙන් පරමාණුවක් වෙන් කළ රදර්ෆඩ්ගේ ශිෂ්‍යයන් දෙදෙනෙකු වූ ජෝන් කොක්ක්රොෆ්ට් හා අ’නස්ට් වෝල්ටන් විසින් 1932 දීය.
ජර්මන් ජාතික භෞතිකඥයින් වන ඔට්ටො හන් හා ඇරල් වොන් ස්ට්‍රැව්‍රසන්බර්ග් න්‍යෂ්ටික විඛණ්ඩය පිළිබඳ ප්‍රථම සාර්ථක පරීක්ෂණය මෙහෙයවන ලදී.
1940 හා 1950 දී මූලික ව්‍යුහයේ න්‍යෂ්ටියට වඩා තවත් මට්ටමක් ඇති බව සොයා ගත් අතර එය ප්‍රෝටෝන හා නියුට්‍රෝන මගින් සෑදී ඇති බව සොයා ගන්නා ලදී. එසේ න්‍යෂ්ටික භෞතික විද්‍යාව, රසායන විද්‍යාව, පැවතෙන්නා සහ පරමාණුක භෞතික විද්‍යාව සහ අණුක භෞතික විද්‍යාවේ පෞරාණිකයෙන් පැවතෙන්නා සේද සැලකිය හැක.
න්‍යෂ්ටිය සමග පරීක්ෂණ මූලික අන්තර්ක්‍රියා තව දුරටත් අවබෝධ කර ගැනීමට දායක වේ. න්‍යෂ්ටික ගුණ හා න්‍යෂ්ටික ව්‍යුහය පාලනය කරන නියම සොයා ගැනීම, ක්‍රියාකාරී හා ඵලදායී පර්යේෂණ අංශ වේ. ප්‍රායෝගික යෙදීම් ලෙස න්‍යෂ්ටික බලය, දුම් අනාවරක , හෘදපියකූරුව , වෛද්‍ය මූර්තන උපාංග හා තවත් දෑ සඳහා බහුලව යොදා ගෙන ඇත.
References
http://en.wikipedia.org/wiki/Nuclear_physics#History
විද්‍යාවේ ඉතිහාසය
භෞතික විද්‍යාව
|
10,110 |
https://si.wikipedia.org/wiki/%E0%B6%9A%E0%B6%AE%E0%B6%B1%20%E0%B7%84%E0%B7%8F%20%E0%B6%B7%E0%B7%8F%E0%B7%82%E0%B7%8F%20%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%20%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B7%80
|
කථන හා භාෂා ව්‍යාධි විද්‍යාව
|
කථන හා ව්‍යාධි විද්‍යාව යනු පුද්ගලයෙකුගේ කථනය, භාෂාව, සංජානනය, හඬෙහි ඇතිවන ආබාධ, ගිලීමේ අපහසුතා සහ ඒවා සඳහා පුනරුත්ථාපනය හා නිවැරදි කිරීම් ප්‍රතිකාර ලබාදෙන ක්‍රමවේදයකි. කථනය හා භාෂා ව්‍යාධි විද්‍යාඥයින් හෝ කථන හා භාෂා චිකිත්සකවරුන් විසින් මෙකී රෝගීන්ගේ හඬ ඉපදවීම, කථනය වැඩිදියුණු කිරීම, ගිලීමේ අපහසුතා සහ භාෂා අවශ්‍යතා පාසල් වලදී, රෝහල් වලදී සහ වෙනත් ස්ථාන වලදී කථන චිකිත්සක ක්‍රම මගින් ප්‍රතිකාර ලබාදේ.
සන්නිවේදනය සඳහා කථනය (උච්චාරණය, කටහඩ හැසිරවීම, වේගය, තීව්‍රතාවය,) (ධ්වනි විද්‍යාව, ශබ්ද අධ්‍යයන විද්‍යාව, රූපකාරය, ක්‍රියාකාරක පද සම්බන්ධය, අර්ථ විචාරය, උපයෝගි බස සම්බන්ධ වාග් විද්‍යාව) කථන හා ව්‍යවහාරික භාෂාව, (ලිවීමේදි හා කියවීමේදි භාවිතා වන) සහ මුහුණෙන් වන හැගීම් ප්‍රකාශ කිරීම් හා ඉරියව් අන්තර්ගත වේ. මුඛයේ ස්වරාලයේ සහ ග්‍රසනිකාවට අයත් ගිලීමේ ක්‍රියාවලිය ආශ්‍රිත රෝග කථන චිකිත්සාව යටතේ ප්‍රතිකාර කරනු ලැබේ. රෝගයේ තීව්‍රතාවය හා ස්වභාවය අනුව ඒ සඳහා ලබාදෙන ප්‍රතිකාර ක්‍රම ශාරීරික සුවතා ව්‍යායාම, නිරතුරුවම සිදුකරන පුහුණු වීම්, සන්නිවේදනය වැඩිදියුණු කිරීම සඳහා ශ්‍රව්‍ය දෘෂ්‍ය ක්‍රම භාවිතා කිරීම වැනි ඒවා වේ. කථන චිකිත්සාව සඳහා සංඥා භාෂාව හා පින්තූර මගින් සංකේත ක්‍රම භාවිතා කිරීම සිදුවේ.
භාෂා චිකිත්සකවරුන් ගිලීමේ ඇති අපහසුතාවන් සදහා ප්‍රතිකාර කිරීම සඳහා ද පුහුණු වී ඇත.
මෙය,
කථන හා භාෂා ව්‍යාධි විද්‍යාව (SLP) ලෙස ඇමරිකා එක්සත් ජනපදයේ සහ කැනඩාවේද,
එක්සත් රාජධානියේ, අයර්ලන්තන් හා දකුණු අප්‍රිකාවේ කථන හා භාෂා චිකිත්සාව ලෙසද,
ඕස්ට්‍රේලියාවේ කථන ව්‍යාධි විද්‍යාව ලෙසද,
නවසිලන්තයේ කථන භාෂා චිකිත්සාව ලෙසද හැදින්වේ.
මීට අමතරව වෙනත් ආකාර වලින් ද මෙය විස්තර කෙරේ.
මෙය කථනය ඇති කරන්නා වු අවයව වල ඇති වන රෝගී තත්වයන් කෙරෙහි ප්‍රතිකාර ලබාදෙන්නා වූ වෛද්‍ය විද්‍යාත්මක අධ්‍යනයකි. කථන අවයව වන්නේ මුඛය, උගුර, ස්වර තන්තු හා පෙනහළුය. ස්වර තන්තු වල හා ස්වරාලයේ ඇති පිළිකා ස්වර තන්තු වල අක්‍රමිකතා සහ කථනය ඇති කරන අවයව වල කථන පාලනයෙහි අක්‍රමිකතා සඳහා මෙහිදි ප්‍රතිකාර කෙරේ.
ඇමරිකා එක්සත් ජනපදයේ සාමාන්‍ය වෛද්‍යවරුන් ද කථනය හා සම්බන්ධ රෝග තත්ව සඳහා පුහුණු කොට ඇත. මෙම කථන චිකිත්සාව වෛද්‍ය ක්ෂේත්‍රයේ තවත් උපක්ෂේත්‍රයකි. මෙම කථන චිකිත්සකවරුන් කථන අපහසුතා සහ ගිලීමේ අපහසුතා පිළිබඳව ප්‍රතිකාර කරති. මෙමගින් ස්වරාලයේ අක්‍රමිකතා උගුර බැරැන්ඩි වීම සහ ගැස්ට්‍රයිටිස් රෝගය හා සම්බන්ධ ආහාර උගුරට ඒම හදුනා ගැනීම සහ ප්‍රතිකාර කිරීම සිදු කෙරේ. මෙම කථන චිකිත්සකවරුන් මගින් ප්‍රතිකාර ලබන රෝගීන් අතරට කථන ආබාධ ඇති කුඩා ළමුන්, ස්වරාල සැත්කම් කරන ලද රෝගීන්, ගිලීමේ අපහසුතා ඇති රෝගීන් සහ ස්වරාල අබාධ ඇත්තවුන් අන්තර්ගත වේ.
අතීතයේ ගොත ගැසීම මානසික ආබාධයක් ලෙස සැලකුවද දැන් එම මතය ඉවත්කර ඇත.
References
http://en.wikipedia.org/wiki/Speech-Language_Pathology
|
10,112 |
https://si.wikipedia.org/wiki/%E0%B6%85%E0%B6%B0%E0%B7%92%E0%B7%83%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%20%E0%B6%B4%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B6%B6%E0%B6%B3%20%E0%B6%89%E0%B6%AD%E0%B7%92%E0%B7%84%E0%B7%8F%E0%B7%83%E0%B6%BA
|
අධිසන්නායකතාව පිළිබඳ ඉතිහාසය
|
මෑතකදී සොයාගත් ද්‍රව හීලියම්, ශීතකාරකයක් ලෙස යොදා ගනිමින් ඉතා පහළ උෂ්ණත්වවලදී ඝණ රසදියවල ප්‍රතිරෝධ පිළිබඳව අධ්‍යයනය කළ හයික් කැමලින්ග් ඔනෙස් (Heike Kamerlingh Onnes) විසින් 1911 දී අධිසන්නායකතාවය (සුපිරිසන්නායකතාවය පිළිබඳ සොයා ගන්නා ලදී. 4.2K උෂ්ණත්වයේදී ප්‍රතිරෝධය ක්ෂණිකව අතුරුදහන් වන බව ඔහු සොයා ගන්නා ලදී. ඊට දශක ගණනකට පසුව තවත් ද්‍රව්‍යයන් කිහිපයකින් අධිසන්නායකතාවය සොයාගන්නා ලදී. 1913 දී ඊයම් (7K) හා 1941 දී නයෝබියම් නයිට්‍රයිඩ් (16K) ද අධි සන්නායක වන බව සොයාගන්නා ලදී.
සුපිරි සන්නායකතාවය වටහා ගැනීම පිළිබඳ ඊළග වැදගත් පියවර 1933 දී එළඹුණි. එනම් මෙයිස්නර් (Meissner) හා ඔච්සෙන්ෆෙල්ඩ් (Ochsenfeld) විසින් සුපිරි සන්නායක , විද්‍යුත් ක්ෂේත්‍ර නැති කරන බව සොයාගැනීමයි. මෙම සංසිද්ධිය මෙයිස්නර් ආචරණය ලෙස හඳුන්වයි. මෙයිස්නර් ආචරණය අධි සන්නයන ධාරාව මගින් ගෙන යන විද්‍යුත් චුම්භක මුක්ත ශක්තියේ අඩුවීමේ ප්‍රතිඵලයක් බව F.ලන්ඩන් හා H.ලන්ඩන් විසින් 1935 දී පෙන්වා දෙන ලදී.
1950 දී ලැන්ඩො (Landau) හා ගින්ස්බර්ග් (Ginzburg) විසින් අධිසන්නායකතාව පිළිබඳ සංසිද්ධියක් වන ගින්ස්බර්ග්-ලැන්ඩො නියමය ඉදිරිපත් කරන ලදී. දෙවන ගණයේ අවස්ථා විපර්යාසයන් පිළිබඳ ලැන්ඩෝගේ නියමයත් ශ්‍රෝඩිංගර් (schrodinger) ආකෘතියේ වැනි තරංග සමීකරණයත් මෙම නියමයෙහි ඇති අධි සන්නායකවල මහේක්ෂ ගුණ පැහැදිලි කිරීමට ඉමහත් ලෙස ඉවහල් වේ. ගින්ස්බර්ග් ලැන්ඩො නියමය අධි සන්නායක වර්ග දෙකකට වර්ගීකරණය කළ හැකි බව අබ්‍රිකොසොව් (Abrikosov) විසින් පෙන්වා දුන්නේය. දැන් මෙම වර්ග දෙක I වර්ගය හා II වර්ගය ලෙස හඳුන්වයි. ඔවුන් කළ සොයා ගැනීමට අබ්‍රිකොසොව් හා ගින්ස්බර්ග්ට, 2003 දී නොබෙල් ත්‍යාගය පිරිනමන ලදී. (1968 දී ලැන්ඩො මිය ගියේය)
එමෙන්ම 1950 දී මැක්ස්වෙල් (Maxwell) හා රෙනෝල්ඩ්ස් (Reynolds) විසින් අධිසන්නායකයක අවධි උෂ්ණත්වය, මූලද්‍රව්‍යයේ අඩංගු සමස්ථානික ස්කන්ධය මත රඳා පවතින බව සොයාගත්හ. මෙම වැදගත් සොයා ගැනීම එනම්, ඉලෙක්ට්‍රෝන පෝනෝන අන්තර් ක්‍රියාව, අධිසන්නායකතාවයට හේතු වන අන්වීක්ෂීය යාන්ත්‍රණය වේ.
අවසානයේදී අධි සන්නායකතාව පිළිබඳ පරිපූර්ණ අණ්වීක්ෂීය නියමය (BCS නියමය) 1957 දී බාර්ඩීන් (Bardeen) , කූපර් (Cooper) හා ස්ච්‍රිෆර් (Schrieffer) යෝජනා කරන ලදී. අධිසන්නායකතා සංසිද්ධිය ස්වාධීනව පැහැදිලි කරන ලද්දේ නිකොලෙ බොග්ලියුබොව් (Nikolay Bogolyubor) විසිනි. මෙම BCS නියමය , අධි සන්නයන ධාරාව , Cooper යුගල , පෝනෝන හුවමාරුව තුළින් අන්තර්ව ක්‍රියාකරන ඉලෙක්ට්‍රෝන යුගලවල අධි ද්‍රවයක් ලෙස පැහැදිලි කළේය. මෙම කාර්ය භාර්ය සඳහා මූලික වූවන්ට 1972 දී නොබෙල් ත්‍යාගය පිරිනමන ලදී.
BCS නියමයට ස්ථිර පදනමක් වැටුණේ 1958 දීය. ඒ හැමිල්ටෝනියානු ඉලෙක්ට්‍රෝනික විද්‍යාවෙහි යම් සිද්ධාන්තයන් යොදා ගනිමින් විචාල තර්කයකින් නියමාකාරයෙන්ම ව්‍යුත්පන්න කරගත් BCS තරංග ශ්‍රිතය, බොග්ලියුබෝව් විසින් පෙන්වීමත් සමගය. අවධි උෂ්ණත්වය ආසන්නයේදී, BCS නියමය, ගින්ස්බර්ග් ලැන්ඩො නියමයට ළඟාවන බව 1959 දී ලෙව් ගෝකව් (Lev Gor’kov) විසින් පෙන්වා දෙන ලදී.
1962 දී වෙස්ටින් හවුස්හි පර්යේෂකයන් විසින් පළමු වාණිජමය අධිසන්නයන වයරය, නයොබියම් - ටයිටේනියම් මිශ්‍ර ලෝහයෙන් නිෂ්පාදනය කරන ලදී. සුපිරි ධාරාවකට, සිහින් පරිවාරක තට්ටුවකින් වෙන් කෙරෙනු සුපිරි සන්නායක කොටස් දෙකක් අතරින් ගලා යා හැකිය යන වැදගත් සෛද්ධාන්තික අනාවැකිය ජොසප්සන් (Josephson) විසින් එම වර්ෂයේදීම සොයා ගන්නා ලදී. දැන් ජෝසප්සන් ආචරණය ලෙස හඳුන්වන මෙම සංසිද්ධිය SQUID වැනි අධි සන්නයන උපකරණ මගින් විදහා දැක්වේ. මෙම නිසා චුම්භක ස්‍රාව ප්‍රමාණය සඳහා ලබාගත හැකි නිවැරදිම මිණුම ජෝසප්සන් ආචරණය උපයෝගී කරගනිමින් ලබාගත හැකි අතර (ක්වොන්ටම් විශිෂ්ට ප්‍රතිරෝධය හා එක්ව) ප්ලාන්ක් නියතය h සඳහා ද නිවැරදි මිණුම් ලබාගත හැකිවිය. මේ සඳහා ජෝසප්සන්ට 1973 දී නොබෙල් ත්‍යාගය පිරිනමන ලදී.
1986 තෙක් භෞතික විද්‍යාඥයින් විශ්වාස කළේ 30K ඉහළ උෂ්ණත්වවලදී අධිසන්නායකතාවය, BCS නියමයෙන් වළක්වන බවයි. බෙඩ්නොර්ස් (Bednorz) හා මියුලර් (Muller) විසින්, 35K සංක්‍රමික උෂ්ණත්වයක් සහිත ලැන්කනම් පදනම් වූ ක්‍යුප්‍රේට් පෙරොව්ස්කයිට් (Cuprate Pervskite) ද්‍රවයෙහි අධි සන්නායකතාව ද එම වර්ෂයේ සොයා ගත්හ. (භෞතික විද්‍යාව සදහා නොබෙල් ත්‍යාගය 1987) ඊට කෙටි කලකට පසුව ලැන්තනම් වෙනුවට ඉට්ට්‍රියම් භාවිතා කිරීම (උදා - YBCO සෑදීම) මගින් අවධි උෂ්ණත්වය 92K දක්වා ඉහළ නැංවිය හැකි බව M.K. වූ (M.K. Wu) සොයා ගත්තේය. එවිට ද්‍රව නයිට්‍රජන් ශීතකාරකයක් ලෙස යොදාගත හැකි විය.(වායු ගෝලීය පීඩනයේදී නයිට්‍රජන්හි තාපාංකය 77 K ) වානණිජමය වශයෙන් මෙය වැදගත් වනුයේ කිසිදු අමුද්‍රව්‍යයක් නැතිව ඉතා ලාබදායීව ද්‍රව නයිට්‍රජන් නිෂ්පාදනය කළ හැකි බැවින් හා හීලියම්වල ඇති සමහරක් ගැටළු (ඝණ වායු පේනු හා තවත්) වලින් තොරවීම නිසාය. ඒත් සමගම තවත් බොහෝ කියුප්‍රේට් සුපිරි සන්නායක වර්ග සොයාගත් අතර මෙම ද්‍රව්‍යයවල සන්නායකතා හා සෛද්ධාන්තික නියමයන්, ඝණ පදාර්ථ භෞතික විද්‍යාවේ කැපී පෙනෙන ප්‍රධාන අභියෝගයන්ය.
2007 ඔක්තෝබර් මාසයේදී සොයාගත් තැලියුම් ,රසදිය , තඹ , බේරියම්, කැල්සියම් හා ඔක්සිජන් අඩංගු සෙරමික් ද්‍රව්‍යය ඉහළම උෂ්ණත්වයකදී අධි සන්නයකතාවය Tc = 138K
ඉහළ උෂ්නත්වයේදී සුපිරි සන්නායකතාවය පෙන්වන තවත් මූලද්‍රව්‍යය කාණ්ඩයක් සොයා ගන්නා ලදී. Tokyo Institute of Technology හි හයිඩිඕ හොසොනො (Hideo Hosono) හා සගයන් විසින් ලැන්තනම් ඔක්සිජන් ෆ්ලූවෝරීන් අයත් ආසනයිඩ් (LaO1-xFxFeAs) 26K දී සුපිරි සන්නායකයක්වන බව සොයා ගත්හ. ඉතා ඉක්මනින් අනෙකුත් පර්යේෂකයන් එම පවුලට අයත් අනෙක් ද්‍රව්‍යන්ට ද අධිසන්නායකතාවය සඳහා 55K තරම් වූ ඉහළ සංක්‍රමණ උෂ්ණත්ව පවතින බව හඳුනාගත්හ. සුපිරි සන්නායක ද්‍රව්‍යයන් ක්‍රියා කරනා ආකාරය දැන ගැනීම පහසු කරන තවත් කාණ්ඩයක් සොයා ගැනීමට විද්‍යාඥයෝ අපේක්ෂා කරති.
References
http://en.wikipedia.org/wiki/Superconductor#History_of_superconductivity
|
10,114 |
https://si.wikipedia.org/wiki/%E0%B6%BD%E0%B7%92%E0%B6%82%E0%B6%9C%E0%B7%8F%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%AD%20%E0%B6%BB%E0%B7%9D%E0%B6%9C
|
ලිංගාශ්‍රිත රෝග
|
ලිංගාශ්‍රිත රෝග හෝ සමාජ රෝග යනු මිනිසුන් හෝ සතුන් සමග මුඛමාර්ගයෙන්, ගුදමාර්ගයෙන් හෝ යෝනි මාර්ගයෙන් සිදු කරන ලිංගික එක් වීමකදී බෝවීමේ හැකියාව ඇති රෝගයන්ය. මෙහිදී බහුලව ලිංගාශ්‍රිත රෝග (Sexually transmitted infection – STI) යන වචනය භාවිතා කෙරුනද ඒ සඳහා පුළුල් තේරුමක් ඇත. මෙහිදී පුද්ගලයෙකු ආසාදනය වී ඇති අතර ඔහුට තවත් පුද්ගලයින් වෙත රෝග ලක්ෂණ නොමැතිව වුවද රෝගය ව්‍යාප්ත කිරීමේ හැකියාව ඇත. ඇතැම් ලිංගාශ්‍රිත රෝග සිප ගැනීමකදී, ආසාදිත රෝගියෙකු භාවිතා කරන ලද ඉදි කටු මගින්, දරුප්‍රසුතියේදී හෝ මව්කිරී දීමේදි බෝවිය හැකිය. ලිංගාශ්‍රිත රෝග වසර සියගණනක් තිස්සේ ඉතිහාසය තුළ පැවත ඇත.
ලිංගික රෝගවල ව්‍යාධි විද්‍යාව
බොහෝමයක් ලිංගික රෝග ශිෂ්ණය,යෝනි මාර්ගය හා මුඛය වැනි අවයවවල ආස්තරන පටල හරහා වඩාත් පහසුවෙන් බෝවේ. ශිෂ්ණයෙහි හිස කොටස ආස්තරණය කරනු ලබන පටලය ද ඉහත ආකාරයේ ආස්තරණ පටලයක්වන අතර එමගින් ස්‍රාවයන් නිකුත් කරනු නොලබයි. (මුඛෙයහි තොල්වලින් ද මේ හා සමාන ව්‍යුහයක් ඇත.) මේකී ආස්තරණ පටල (mucous Membranes) සමෙන් වෙනස් වන්නේ එමගින් නොයෙකුත් ව්‍යාධිජනකයින්ට සිරුර තුළට ඇතුළු වීම සදහා ඉඩ ප්‍රස්තා ලබාදෙන බැවිණි.
මෙලෙස බොහෝ රෝග තත්ත්වයන් ලිංගික නොවන ස්පර්ශයන් වැනි (සිපගැනීම, ස්පර්ශය අතට අත දීම) වෙනත් ක්‍රමවලට වඩා ලිංගික ක්‍රියාකාරකම්වලින් බෝවීම සඳහා වැඩි ප්‍රවණතාවයක් තිබීමට එය එක් හේතුවකි. ස්‍රාවී ද්‍රව්‍යයන් නිකුත් කරන ආස්තරණ පටල ලිංගික අවයවවල මෙන්ම මුඛයෙහි ද පිහිටා ඇති බැවින් බොහෝ ලිංගික රෝග තදින් සිපගැනීමකට වඩා මුඛයෙන් සිදු කරන ලිංගික එක් වීමකදී වඩා පහසුවෙන් ව්‍යාප්ත වේ. දක්වා ඇති වගුවට අනුව මුඛ මාර්ගයෙන් ලිංගික අවයවවලට හෝ, ලිංගික අවයවවලින් මුඛයට පහසුවෙන් ව්‍යාප්ත වන ආසාදන ආසාදිත පුද්ගලයෙකුගේ මුඛයෙන් වෙනත් පුද්ගලයෙකුගේ මුඛය වෙතට බෝවීම දුෂ්කර කාර්යයකි. එච්.අයි.වී. වෛරස මගින් ආසාදිත ලිංගික ස්‍රාවයන්වල ඛේටයට වඩා වැඩි ප්‍රමාණයකින් ව්‍යාධිසන්නකයින් අන්තර්ගත වේ. ඇතැම් ලිංගික රෝග සම හා සෘජුව ස්පර්ශ වීමෙන් බෝවිය හැකිය. හර්ප්ලෙක්ස් හා HPV මේ සඳහා උදාහරණ වෙයි. KSHV තදින් සිපගැනීමකදී සහ සම ලිංගික පිරිමින් ගුද මාර්ගයෙන් සිදු කරන ලිංගික එක්වීම්වල දී ලිහිසි ද්‍රව්‍යයක් ලෙසට ඛේටය භාවිතා කරන අවස්ථාවලදී බෝවීම සිදු වේ.
එක් එක් ලිංගික රෝග අනුව අදාල ආසාදිත පුද්ගලයාට රෝග ලක්ෂණ නොමැති වුවද ඔහුට තවදුරටත් අන්‍යයන් හට රෝගය බෝ කලහැක. HIV / AIDS රෝගියෙකු රෝග ලක්ෂණ නොපෙන්වන අවස්ථාවන්හිදී ඔහුට රෝගය බෝ කිරීමට පහසුවෙන් පිළිවන.
කිසියම් පුද්ගලයෙකුගේ සිරුරෙන් නිකුත් කරන ස්‍රාවයන් හා ස්පර්ශයක් ඇති කරනු ලබන සියළුම ලිංගික ක්‍රියාකාරකම්වලදී ලිංගික රෝග ඇතිවීම සඳහා අවධානමක් ඇතැයි සැළකේ. මෙහිදී බොහෝ විට අවධානයයොමු වී ඇත්තේ HIV / AIDS රෝගය පාලනය කිරීම සඳහාය.
ලිංගිකව බෝවන රෝග වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ලිංගික ක්‍රියාකාරකම් මගින් එක් පුද්ගලයෙකුගෙන් තවත් පුද්ගලයෙකුට ව්‍යාප්ත වේ. බැක්ටීරියා, දීලිර, ප්‍රොටොසෝවාවන් හා වෛරස මෙම රෝග කාරක ද්‍රව්‍යයන් වේ. ලිංගික රෝගයක් ඇති පුද්ගලයෙකුගෙන් මිස තවත් අයෙකුට එවන් රෝගයක් වැළඳිය නොහැක. වෙනත් ආකාරයකට පැවසුවහොත් ලිංගික රෝගයක් සහිත පුද්ගලයෙකුට එය උරුම වී ඇත්තේ තවත් එවන්ම වූ පුද්ගලයෙකුගේ දේහ ස්‍රාවයන් මගිනි. HIV වැනි ඇතැම් ලිංගික රෝග ගර්භණී සමයේදී හා මවුකිරී දිමේදී මවගෙන් දරුවාට ගමන් කළ හැකිය.
විවිධාකාර වූ ක්‍රියාකාරකම්වලින් විවිධ ලිංගික ක්‍රියාකාරකම් වලින් විවිධ ලිංගික රෝග ව්‍යාප්ත වීම විවිධාකාර වුවද පුද්ගලයන් දෙදෙනකු අතර සිදුවන සියළුම ලිංගික ක්‍රියාකාරකම් පොදුවේ ගත් කළ ලිංගික රෝග බෝවීම දෙපසටම ක්‍රියාකාරී වන මාර්ගයක් ලෙසට හැදින්වේ. උදා - “රෝගය ලබාදෙන්නා” හා “රෝගය ලබාගන්නා” යන දෙපිරිසම අවධානම් තත්ත්වයකට මුහුණ පාති.
සෞඛ්‍ය වෘත්තිකයන් කොන්ඩම් භාවිතා කිරීම වැනි ආරක්ෂිත ලිංගික එක්වීම් ක්‍රම භාවිතා කිරීම මගින් ලිංගික රෝග ඇතිවීමේ අවධානම අවම කල හැකි බවට යෝජනා ඉදිරිපත් කර ඇත. නමුත් ආරක්ෂිත ලිංගික එක්වීම්වලින් සියයට සියයක්ම ලිංගික රෝගවලින් ආරක්ෂා වීමට හැකියාව නොමැත. දේහ තරල මගින් , රුධිර පාරවිලනය මගින්, එන්නත් කටු හවුලේ භාවිතා කිරීම මගින්, එන්නත් කටු ඇනීම මගින් (වෛද්‍ය පරීක්ෂණවලදී රෝහල් කාර්යය මණ්ඩලය මෙකී අනතුරු වලට භාජනය වේ.)පච්චා කෙටීම් සදහා භාවිතා කරන ඉදිකටු හවුලේ භාවිතා කිරීම මගින් හා දරු ප්‍රසූතියේදී ලිංගික රෝග බෝවීමේ අවස්ථාවන් ඇත. වෛද්‍යවරුන්, හිමෝෆීලියා රෝගීන් සහ මත්ද්‍රව්‍යය භාවිතා කරන්නන් මෙලෙස අවධානමට ලක් වූ පිරිස් ලෙසට වර්ගීකරණය කර ඇත.
නූතනයේදී සිදු කරනු ලැබූ වසංගතවේදය පිළිබඳව වූ අධ්‍යයනවලින් පුද්ගලයන් අතර පවත්නා ලිංගික සම්බන්ධතා ජාලයක් පිළිබඳව හදාරා ඇත. මෙලෙස වූ ලිංගික සබඳතා ජාලයන් එම රෝග බෝ කිරීම සඳහා තීරණාත්මක වේ. මෙලෙස ලිංගික සහකරුවන් විශාල සංඛ්‍යාවක් සිටින පුද්ගලයන් අතර ඇතිවන සම්බන්ධතා ජාලයක් මගින් එම රෝග බෝ කිරීම සඳහා වැඩි අවදානමක් ඇත.
ලිංගිකව බෝවන රෝගයක් සහිත ප්‍රද්ගලයෙකුට රෝග ලක්ෂණ නොමැති වාහකයකු ලෙසට රෝගය බෝකිරීමේ හැකියාව ඇත. ලිංගික රෝගයක් සහිත කාන්තාවකට ඇයගේ ශ්‍රෝණි ප්‍රදේශය (උකුළු ප්‍රදේශය) ආසාදනයට පත්වීමෙන් ඇති වන භයානක තත්ත්වය උදාවිය හැකිය. (Pelvic inflammatory disease)
වළක්වා ගැනීම
ලිංගික රෝග බෝවීම වැළැක්වීම සදහා වඩාත් ඵලදායී ක්‍රමය වන්නේ රෝග ව්‍යාප්තිය සිදුවිය හැකි අන්දමට ආසාදිත තරලය ස්පර්ශය ඇති නොවීමට වග බලා ගැනීමයි. මෙහිදී ආසාදිත සහකරුවෙකු සමග ලිංගික ක්‍රියාකාරකමක් ඇතිවීම අත්‍යාවශ්‍යම නොවේ. එලෙස ස්පර්ශයක් නොමැතිවීම මගින් අවධානමක් ඇතිවීම වළක්වාගත හැකිය. සියළුම ලිංගික චර්යාවන්වලදී ස්පර්ශය සිදුවීම අත්‍යාවශ්‍ය නොවේ. අන්තර්ජාලය , දුරකථන මාර්ග මගින් සිදු කරන ලිංගික චර්යාවලදී , ස්වයං වින්දනය සිදු කිරීමේදී හා ලිංගික එක්වීමක් සිදුනොවන අවස්ථාවන්හිදී මෙලෙස ස්පර්ශවීමක් සිදුනොවේ. ලිංගික එක්වීමකට පෙර දී හෝ තම සහකරු වෙනත් පුද්ගලයින් සමග සබදතා පවත්වා ඇති නම් හෝ සහකරුවන් දෙදෙනාම තමාට ලිංගික රෝගයක් ඇති දැයි පරීක්ෂා කරවා ගත යුතුවේ. නමුත් එසේ කළ ද HPV වැනි ඇතැම් වෛරස නූතන වෛද්‍ය උපක්‍රම මගින් හදුනාගත නොහැක්කේ එම රෝගීන් රෝග ලක්ෂණ නොපෙන්වන බැවිණි. HIV හා හර්පීස් යන රෝග සුව කළ නොහැකි බැවින් ඒවා බෝවීමෙන් වැළකීම ප්‍රධාන ඉලක්කය වී ඇත. බොහොමයක් ලිංගික රෝග සිරුර තුළ පූර්ණ කාලීනවම ඇතිවී ප්‍රති ශක්තිකරණ පද්ධතියට හානි කරන බැවින් වෙනත් රෝග පහසුවෙන් බෝවීමේ හැකියාව ලැබී ඇත.
හෙපටයිටිස් B හා ඇතැම් HPV ආසාදන වළක්වා ගැනීම සදහා එන්නත් නිෂ්පාදනය කර ඇත. උපරිම ආරක්ෂාවක් තහවුරු කිරීම සදහා ලිංගික එක් වීමක් සිදු කිරීමට ප්‍රථම මෙම එන්නත් වර්ග ලබා ගැනීම නිර්දේශ කෙරේ.
දේහ ගත වූ HIV වෛරස සංඛ්‍යාව ඉතා කුඩා නම් සහජ ප්‍රතිශක්තිකරණ පද්ධතියට HIV රෝගය ඇතිවීම පාලනය කළ හැකිය. නමුත් වෛරස සංඛ්‍යාව ඉහළ නම් හෝ වෙනත් වෛරස වර්ග ද සිරුරට ඇතුළත්ව ඇති නම් HIV රෝගය ඇති වේ. ඇතැම් වෛරස මගින් ඇති කරන ලිංගික රෝග මගින් HIV මගින් ආසාදනයට ලක් වූ රෝගීන් මරණයට පත් වීම සීඝ්‍ර කළ හැකිය.
===
කොන්ඩම් මගින් ආරක්ෂාවක් ලබාදෙනුයේ ඒවා අදාල ප්‍රදේශය නිසි පරිදි ආවරණය වන පරිදි බාධකයක් ලෙසට භාවිතා කළහොත් පමණි. නමුත් ආවරණය නොවූ ප්‍රෙද්ශ තව දුරටත් ලිංගික රෝවලට ගොදුරු වීමේ ප්‍රවනතාවයක් පවතී. නමුත් HIV රෝගය ගත් කළ එම වෛරසයට තුවාල නොවූ සම හරහා ගමන් කළ නොහැකි නිසා ව්‍යාප්තිය සිදු වනුයේ ශිෂ්ණය මාර්ගයෙනි. නිසි පරිදි ආවරණය වනසේ කොන්ඩමයක් භාවිතා කිරීම මගින් යෝනි මාර්ගයක් හෝ ගුද මාර්ගයක් භාවිතා කරමින් ලිංගික ක්‍රියාකාරකම් සිදු කිරීමේ දී HIVබෝවීම ඵලදායී ලෙස නවතාගත හැකිය. තුවාල වූ සම මතුපිටට ආසාදිත තරලය ස්පර්ශවීමෙන් HIV රෝගය ඇතිවීම “ලිංගික ක්‍රියාකාරකම් මගින්” රෝගය බෝවීමක් ලෙසට හදුන්වනු නොලැබේ. නමුත් ලිංගික ක්‍රියාකාරකම්වලදී වුවද මෙය සිදුවිය හැකි බැවින් විවෘත , ලේ ගලන තුවාල ඇති අවස්ථාවලදී ලිංගික එක් වීම් සිදු නොකිරීමෙන් ඒවා වළක්වාගත හැකිය. වෙනත් වෛරස මගින් බෝවන ලිංගික රෝග ද ලේටෙක්ස් කොන්ඩමයක් භාවිතා කිරීම මගින් වළක්වාගත හැකිය. ඇතැම් ක්ෂුද්‍ර ජීවීන් හා වෛරස ඉතා කුඩා බැවින් ඒවාට ස්වාභාවික කොන්ඩමයක ඇති සිදුරු හරහා ඇතුළු විය හැකිය. නමුත් ලේටෙක්ස් කොන්ඩමයක් හරහා ඇතුළුවීමට ඒවාට නුපුළුවන.
නිසි පරිදි භාවිතා කරන්නේ නම් සාර්ථක ප්‍රතිඵල ලබා දෙන අන්දමට කොන්ඩම් වර්ග නිර්මාණය කර , නිෂ්පාදනය කරමින් අත්හදා බලා ඇත. නිසි පරිදි නිර්මාණය නොකළ කොන්ඩම්වලින් එකදු HIV රෝග ව්‍යාප්තියක්වත් වාර්ථා වී නොමැත. කෙසේ වුව ද දකුණු අප්‍රිකාවේ සිදු වූවාක් මෙන් කොන්ඩම අවලංගු කළ අවස්ථාවන් ද පවතී.
කොන්ඩම් නිසි පරිදි භාවිතා කිරීමේදී
කොන්ඩමයේ අග කොටස ඉතා තදින් ඇදී පවතින ආකාරයට පැළදීම නොකළ යුතුය. ශුක්‍ර මෝචනය සිදුවීම සදහා 1.5 cm (අගල් ¾) ක ප්‍රමාණයක් ඉඩ තබා පැළදිය යුතුය. නිසි පරිදි කොන්ඩමය නොපැළදීමෙන් එය අසාර්ථක විය හැකිය.
කොන්ඩමය බුරුලට පිහිටන පරිදි පැළදීමෙන් ද නිසි පරිදි එහි ක්‍රියාකාරීත්වය ලබාගත නොහැක.
කොන්ඩමය තුළට ශුක්‍ර මෝචනය සිදුවුවත් නැතත් ඉතා කුඩා අවස්ථාවකට පවා එය නැවත පරිහරණයේදී එය කනපිට හරවා භාවිතා කිරීම නොකළ යුතුය.
HIV වලට එරෙහිව ආරක්ෂාවක් ලබා නොදෙන නිසා ලේටෙක්ස් හෝ පොලියුරතේන් වලින් විනා වෙනත් ද්‍රව්‍යවලින් සාදනු ලැබූ කොන්ඩම් භාවිතා නොකළ යුතුය.
තෙල් වර්ග හෝ එවන් ද්‍රව්‍යවලින් සෑදූ ලිහිසි ද්‍රව්‍ය භාවිතා නොකළ යුතුය. ඒවා මගන් කොන්ඩමයේ ඇති සිදුරු විනාශ කරයි.
මුඛ මගින් සිදු කරන ලිංගික ක්‍රියාකාරකම්වලට පමණක් රසකාරක යෙදූ කොන්ඩම් භාවිතා කිරීම. එසේ නොමැතිව භාවිතා කළ හොත් එහි ඇති සීනි මගින් දිලීර ආසාදන ඇතිවිය හැකිය.
ඉහතින් මුලින්ම සදහන් කරන ලද උපදෙස් පහ නිසි පරිදි ක්‍රියාවට නොනැංවීම මගින් ඇතිවන අපහසුකාර තත්වයන් නිසා ඒවා නිසි ලෙස නිර්මාණය කර පරීක්ෂණවලට බදුන් කර නොමැතිය, යන මිත්‍යා මත මිනිසුන් තුළ ඇති වේ. අදාල පුද්ගලයා සහ සහකරුවා ලිංගික රෝගවලින් ආරක්ෂාවීම පිණිස වරක් භාවිතා කරන ලද පැරණි කොන්ඩම් වර්ග හා ඒවායේ අන්තර්ගතයන් තවදුරටත් ආසාදිත තත්වයේ පවතින බව අවබෝධ කරගත යුතුවේ. එබැවින් පැරණි කොන්ඩම් නිසි පරිදි බැහැර කර යුතුවේ.අළුතින් භාවිතා කරන කොන්ඩමයක් එක් ලිංගික සංසර්ගයකදී පමණක් භාවිතා කළ යුතුවන අතර කිහිපවතාවක්ම භාවිතා කිරීම මගින් ඒවා සිදුරු වීම මගින් බාධකයක් ලෙස ක්‍රියාකාරීවීමේ ගුණාංගය නොමැති වී යයි. මෙලෙස වීමෙන් රෝග බෝවීමේ සම්භාවිතාවය ඉහළ යයි.
ප්‍රවේණිගත රෝග
|
10,119 |
https://si.wikipedia.org/wiki/%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7%E0%B6%B8%E0%B7%8A%20%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%20%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E2%80%8D%E0%B7%80
|
ක්වොන්ටම් යාන්ත්‍ර විද්‍යාව
|
දළ විශ්ලේෂණය
ක්වොන්ටම් යන වචනය ලතින් භාෂාවෙහි එන වචනයකි. මෙයින් ඉතාමත් කුඩා අංශුවල යාන්ත්‍රික චලනයන්ට අදාලවේ.
විකිරණ තරංග සොයාගැනීමෙන් පසුව ශක්ති පැකට් නම් භෞතික විද්‍යාවේ ඉතා වැදගත් සංකල්පයක් ගොඩනැගීම සහ පරමාණුක, උපපරමාණුක අංශු හඳුනාගැනීමද සිදුවිණි.මේනිසා භෞතික විද්‍යාවේ හා රසායන විද්‍යාවේ පැතිකඩයන් වන ඝන මූල භෞතික විද්‍යාව, පාෂාණීකෘත භෞතික විද්‍යාව, පරමාණුක විද්‍යාව, අණුක විද්‍යාව, පරිගණන රසායන විද්‍යාව, ක්වොන්ටම් රසායන විද්‍යාව, න්‍යෂ්ටික භෞතික විද්‍යාව වැනි අංශ සොයාගැනීමේ ආරම්භයද සිදුවිය.
ක්වොන්ටම් යාන්ත්‍ර විද්‍යාවෙහි පදනම දැමීමට 20 වැනි සියවසේ මැද භාගයේදී වෙනර් හයිසෙන්බ්‍රග්, මැක්ස් බොර්න්, ජෝන් වොන් නියුමාන්, මැක්ස් පැලෑන්ක්, ලුවිස් ඩි බ්‍රොක්ලී, ඇල්බර්ට් අයින්ස්ටයින්, නීල්ස් බෝර්, අර්වින් ස්චොර්ඩින්ගර්, පෝල් ඩිරැක්, වොල්ෆැන්ග් පවුලී යන විද්‍යාඥයින් පිරිස උත්සුක වූ අතර මේ සංකල්ප අතරින් බොහෝමයක් තවමත් පරීක්ෂණ මට්ටමේ පවතී.
පරමාණුවේ ක්‍රියාකාරිත්වය හා හැසිරීම පිළිබඳ අධ්‍යයනය කිරීමේදී මෙම ක්වොන්ටම් යාන්ත්‍ර විද්‍යාව වැදගත් වේ. උදාහරණයක් ලෙස නිවුටන් යාන්ත්‍ර විද්‍යාවට අනුව පරමාණුක ක්‍රියාකාරීත්වය යනු ඉලෙක්ට්‍රෝන වේගයෙන් එකිනෙක අතර ගමන් කරමින් න්‍යෂ්ටිය හා ගැටීමයි.කෙසේ වෙතත් සාමාන්‍යයෙන් ඉලෙක්ට්‍රෝන න්‍යෂ්ටිය වටා පිහිටි කක්ෂය මත ගමන් කරමින් පවතින්නේ න්‍යෂ්ටියෙහි ඇති ධන ආරෝපිත චුම්භක ක්ෂේත්‍රය නිසා බව විද්‍යාඥයින්ගේ මතයයි.
ක්වොන්ටම් යාන්ත්‍ර විද්‍යාවේ පුරෝකථනයන් ඉතා ඉහළ නිරවද්‍යතාවයකට පරීක්ෂණාත්මක ව සැබෑ බව ඔප්පු කර ඇත. එසේ උසස් හා ක්වොන්ටම් යාන්ත්‍ර විද්‍යාව අතර ප්‍රධාන අනුරූපතාවයේ වර්තමාන න්‍යාය ක්වොන්ටම් යාන්ත්‍ර විද්‍යාවේ නියම සියලුම වස්තූන් පිළිපදින බව කියවේ. විශාල පද්ධතිවල ක්වොන්ටම් යාන්ත්‍රණයක් , උසස් යාන්ත්‍රික විද්‍යාව (හෝ සංඛ්‍යාන ක්වොන්ටම් යාන්ත්‍රික විද්‍යාව (අංශු විශාල එකතුවක) උසස් යාන්ත්‍ර විද්‍යාවේ නියම , විශාල පද්ධති හෝ විශාල ක්වොන්ටම් සංඛ්‍යාවල සීමක ක්වොන්ටම් යාන්ත්‍ර විද්‍යාවේ නියම අනුගමනය කරයි.
උසස් හා ක්වොන්ටම් සිද්ධාන්ත අතර ප්‍රධාන වෙනස්කම් දැනටමත් අයින්ස්ටයින් - පොඩොල්ස්කි - රොසන් ද්වෛධය විස්තර කිරීමේදී කර ඇත. එමනිසා ක්වොන්ටම් යාන්ත්‍ර විද්‍යාව සංගත (විස්තාරයන් එකතුව). උසස් විට භෞතික විද්‍යාව සංගත නොවීමය. (තීව්‍රතාවයන්ගේ එකතුව) එවැනි සංසක්ත (සංගත) ආයාමයට වඩා තරමක් කුඩාය , මහේක්ෂ ද්‍රව්‍ය සඳහා වෙනත් විදියකට වක්‍රවීම අපේක්ෂා කළ හැක.
ඒවා පහත නිරීක්ෂණයන් සමග අනුකූල වේ:
සාම්ප්‍රදායික ලෙස අප සලකන පද්ධතිවල මහේක්ෂ ගතිගුණ එහි කොටස්වල ක්වොන්ටම් හැසිරීමේ සෘජු ප්‍රතිඵල වේ. උදාහරණ ලෙස අංශු විශාල ගණනකින් සමන්විත වස්තුවල (විද්‍යුත් බල නිසා තනිව ඉක්මනින‍් බිඳ වැටෙන පරමාණු හා අණුවලින් සමන්විත පදාර්ථ) ස්ථායීතාව , මෙම පදාර්ථයේ දෘඪතාව , යාන්ත්‍රික , රසායනික , තාපජ , ප්‍රකාශ විද්‍යා හා චුම්භක ගති ගුණ යන සියල්ල ක්වොන්ටම් යාන්ත්‍ර විද්‍යාවේ නීති යටතේ විද්‍යුත් ආරෝපණවල අන්තර් ක්‍රියාවල ප්‍රතිඵලයන්ය.
අතිශය කුඩා අංශු හෝ අතිශය වේගයෙන් චලනය වන අංශු සමග ගණුදෙණු කිරීමේ දී ක්වොන්ටම් යාන්ත්‍රණය හා සාපේක්ෂතාවාදයට අනුව පදාර්ථයේ අභ්‍යන්තර හැසිරීම ඉදිරිපත් කරයි. විශාල සහ විශාල අණුවල ප්‍රමාණයේ පිළිවෙලින් හා වටපිටාවේ (විශාල) වස්තූන්ගේ හැසිරීම ගැන අනාවැකි කීමෙන් සාම්ප්‍රධායික නිව්ටෝනියානු භෞතික විද්‍යාවේ නියමයන් තවමත් නිවැරදිව පවතී.
කොතරම් නව අදහස් තිබුණ ද, ඉතා කුඩා අංශූන් විස්තරකරන ක්වොන්ටම් යාන්ත්‍ර විද්‍යාව ද ඉතා විශාල වස්තු විස්තර කරන සාපේක්ෂතාවාදය ද එක්සත් කිරීම සාමාන්‍යය සාපේක්ෂතාවයේ රැඳි තවමත් අනාගතය පිළිබඳ සිහිනයක් පමණි.
සිද්ධාන්තය
ක්වොන්ටම් යාන්ත්‍ර විද්‍යාව සඳහා ගණිතමය වශයෙන් තුල්‍ය වන විවිධ සූත්‍රකරණ පවතී. මේ අතරින් පරිණාමකවාදය වඩාත් පැරණි සහ බහුලව භාවිතා වන සූත්‍රකරණයක් වේ. මෙමගින් (වර්නර් හයිසන් බර්න් විසින් හඳුන්වාදුන්) න්‍යාය යාන්ත්‍ර විද්‍යාව සහ (අර්වින් ශෝඩිංගර් විසින් හඳුන්වාදුන්) තරංග යාන්ත්‍ර විද්‍යාව යන ක්වොන්ටම් යාන්ත්‍ර විද්‍යාවේ ආරම්භක අවධියට අයත් සූත්‍රකරණය යුගල සංයෝජනය හා සාධාරණීකරණය කෙරේ. පරිණාමකවාදයේ නිර්මාතෘ කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයීය සෛද්ධාන්තික භෞතික විද්‍යාඥ පෝල් ඩිරැක් වේ.
මෙම සූත්‍රකරණයේදී ක්වොන්ටම් පද්ධතියක ක්ෂණික තත්වය කළ එහි සියලු මිණිය හැකි ගුණාංග, හෙවත් නිරීක්ෂ්‍ය අන්තර් ගත වේ. ශක්තිය,පිහිටුම,ගම්‍යතාව සහ කෝණික ගම්‍යතාව මෙවන් නිරීක්ෂ්‍ය සඳහා උදාහරණ වේ. මෙම නිරීක්ෂ්‍ය සන්තතික (උදා- අංශුවක පිහිටුම)හෝ විවික්ත (උදා-හයිඩ්‍රජන් පරමාණුවකට බැඳී ඇති ඉලෙක්ට්‍රෝනයක ශක්තිය) විය හැක.
සාමාන්‍යයෙන් ක්වොන්ටම් යාන්ත්‍ර විද්‍යාවේදී නිරීක්ෂ්‍ය සඳහා නිශ්චිත අගයන් ලබා දීම සිදු කෙරේ. ඒ වෙනුවට සිදු කෙරෙන්නේ සම්භාවිතා ව්‍යාප්ති පිළිබඳ අනාවැකි පල කිරීමයි. මෙය නිරීක්ෂ්‍යයක් මැනීමෙන් ලැබිය හැකි එක් එක් ප්‍රතිඵලයන් ලැබීමේ සම්භාවිතාවයි.සාමාන්‍යයෙන් මෙම සම්භාවිතාව ත්, මැනීම සිදු කරන මොහොතේ ක්වොන්ටම් තත්වය මත රඳා පවතී. කෙසේ නමුත් ඇතැම් නිශ්චිත නිරීක්ෂයන්හි නිශ්චිත අගයන් හා බැඳුණු ඇතැම් තත්වද පවතී. මේවා නිරීක්ෂ්‍යයේ අයිගන් අවස්ථා ලෙස හැඳින්වේ(අයිගන් පරමාණු වැදගත් වන අතර එහි අරුත සහජ හෝ ලාක්ෂණික යන්නට සමීපවේ.) එදිනෙදා ජීවිතයේ දී සියලු නිරීක්ෂය අයිගන් අවස්ථාව යටතේ පවතින බව හැඟෙන අතර එය සාමාන්‍ය තත්වයකි. එදිනෙදා අපට හමු වන සියලු වස්තූන් සඳහා නිශ්චිත පිහිටීමක්, නිශ්චිත ගම්‍යතාවක් සහ පැවැත්ම සඳහා වූ නිශ්චිත කාල සීමාවක් ඇති බවක් සංවේදනය වේ. නමුත් දෙන ලද අවකාශයක් තුළ පරිමිත කාලසීමාවක් තුළ කිසියම් අංශුවක ගම්‍යතාව හෝ පිහිටුම සඳහා ක්වොන්ටම් යාන්ත්‍ර විද්‍යාවේ දී නිශ්චිත අගයන් ලබා දීම සිදු වේ. මේ හේතුවෙන් (අ) යමක අතිශ්චිත සම්බන්ධයක් ඇති අවස්ථාවක් සහ
(ආ) නිශ්චිත අගයක් ඇති අවස්ථාවක් සඳහා වෙනස් පද භාවිත කළ යුතු විය. ඒ අනුව ඉහත දෙවන අවස්ථාව මනිනු ලබන ගුණයේ අයිගන් අවස්ථාව ලෙස හැඳින්වේ.උදාහරණයක් ලෙස නිදහස් අංශුවක් සලකන්න. ක්වොන්ටම් යාන්ත්‍ර විද්‍යාවේ අංශු තරංග ද්වෛතයක් පවතින හෙයින් අංශුවෙහි ගුණ තරංගයක් ලෙස විස්තර කළ හැක. එබැවින් එහි ක්වොන්ටම් අවස්ථාව තරංග ශ්‍රිතයක් ලෙස හැඳින්වෙන අවකාශය පුරා පැතිරුණ අභිමත හැඩයකින් යුත් තරංගයක් ලෙස නිරූපණය කළ හැක. අංශුවෙහි පිහිටුම ගම්‍යතා නිරීක්ෂ්‍ය වේ ක්වොන්ටම් යාන්ත්‍ර විද්‍යාවේ අවිනිශ්චිතතා වාදයට අනුව පිහිටුම හා ගම්‍යතාව යන යුගල එකවර අපරිමිත නිරවද්‍යතාවකින් යුතුව නිර්ණය කළ නොහැක. කෙසේ නමුත් චලනය වන නිදහස් අංශුවක පිහිටීම පමණක් සැලකූ විට කිසියම් x පිහිටුමකදී ඉතා විශාල වූත් අනෙක් සියලු පිහිටුම් සඳහා ශූන්‍යට ඉතා ආසන්න වූත් තරංග ශ්‍රිතයක් සහිත පිහිටුම්-අයිගන් අවස්ථාවක් ලබාගත හැක.
යම් හෙයකින් මෙවන් තරංග ශ්‍රිතයක් මත පිහිටුම් මිනුමක් සිදු කළේ නම් එවිට x නම් ඵලය 100% ඉතා ආසන්න සම්භාවිතාවකින් යුතුව ලැබෙනු ඇත.වෙනත් අයුරකින් නිදහස් අංශුවේ පිහිටුම බොහෝ දුරට දැනගත හැකිවේ.මෙය පිහිටුම් අයිගන් අවස්ථාවක් නම් වේ(“ සාධාරණීකෘත අග අයගන් අවස්ථාවක්” යන්න ගණිතමය වශයෙන් වඩාත් නිරවද්‍ය වේ. අයිගන් ව්‍යාප්තියකි)නමුත් අංශුවක පිහිටුම් අයිගන් අවස්ථාවක පවතින විට එහි ගම්‍යතාව සම්පූර්ණයෙන්ම අවිනිශ්චිත වේ. අනෙක් අතට ගම්‍යතාමය අයිගන් අවස්ථාවක් තලීය තරංගයක හැඩය ගනී. h ප්ලාන්ක් නියතය ද , p ගම්‍යතාමය අයිගන් අවස්ථාවද වන විට මෙහි තරංග ආයාමය h/p ට සම වන බව පෙන්විය හැක. අංශුවක් ගම්‍යතාමය අයිගන් අවස්ථාවක පවතින විට එහි පිහිටුම සම්පුර්ණයෙන්ම අවිනිශ්චිත වේ.
සාමාන්‍යයෙන් පද්ධතියක් අපට අභිමත වන කිසිඳු පරීක්ෂණයක් සඳහා අයිගන් අවස්ථාවේ නොපවතී. නමුත් යමෙක් නිරීක්ෂ්‍යයක් මතින්ම ක්ෂණිකවම තරංග ශ්‍රිතය එම නිරීක්ෂ්‍යයේ අයිගන් අවස්ථාවක් (නැතහොත් සාධාරණීකෘත අයිගන් අවස්ථාවක්) බවට පත්වේ. මෙම ක්‍රියාවලිය තරංග ශ්‍රිත බිඳ වැටුම නම් වේ. මෙය අධ්‍යයනය කරනු ලබන පද්ධතිය මිනුම් උපකරණයන්ද ඇතුළත් වන පරිදි විස්තාරණ කළ යුතු අතර එවිට තවදුරටත් විස්තරාත්මක ක්වොන්ටම් ගණනය කිරීම් සිදු කළ නොහැක. මෙවිට පැරණි ආකාරයේ විස්තර කිරීමක් භාවිත කිරීමට සිදුවේ. මිනුම් කිරීමට මොහොතකට පෙර අවස්ථාටව අනුරූප තරංග ශ්‍රිතයේ හැඩය දන්නේනම් එවිට බිඳවැටුමෙන් ලැබිය හැකි එක් එක් අයිගන් අවස්ථාවන්ට අදාල සම්භාවිතා ගණනය කළ හැක. උදාහරණයක් සලකමු .ඉහත ජේදයේ දක්වා ඇති නිදහස් අංශුවේ -තරංග ශ්‍රිතය සාමාන්‍යයෙන් x0 මධ්‍යන්‍ය පිහිටුමක් වටා පිහිටන පිහිටුම් හෝ ගම්‍යතාමය අයිගන් අවස්ථාවක් නොවන තරංග ඇහුරුමක් වනු ඇත. අංශුවෙහි පිහිටුම මනිනු ලබන විට මැනිය හැකි ප්‍රතිඵලය ගැන නිශ්චිතව අනාවැකි පල කළ ෙනාහැක.එය එය බොහෝ විට තරංග ශ්‍රිතයේ විස්තරය විශාල වන xට ආසන්න විය හැකි නමුත් එය එසේ බව ස්ථිර වශයෙන්ම කිව නොහැක. මිනුම සිදුකර x නම් කිසියම් ප්‍රතිඵලයක් ලබාගත් විට x වටා කේන්ද්‍රගත වූ පිහිටුමේ අයිගන් අවස්ථාවක් බවට තරංග ශ්‍රිතය බිඳ වැටේ.
කාලයත් සමග තරංග ශ්‍රිතය වෙනස්කම් වලට භාජනය විය හැක. මෙහිදී ශ්‍රෝඩින්ගර් සමීකරණය පුරාණ යාන්ත්‍ර විද්‍යාවේ නිව්ටන් ගේ දෙවැනි නියමයේ කාර්යභාරයට සමාන කාර්යභාරයක් ඉටු කරමින් කාලයත් සමග තරංග ශ්‍රිත විච්ල්‍ය වන ආකාරය විස්තර කරයි. ඉහත උදාහරණයක සඳහා සලකා ඇති නිදහස් අංශුව සඳහා ශ්‍රෝඩින්ගර් සමීකරණය යෙදු විට එය තරංග ඇසුරුමේ කේන්ද්‍රය, පෞරාණක යාන්ත්‍ර විද්‍යාවවේදී බාහිර බලයන්ට යටත්ව නොවු අංශුවක් ආකාරයට , අවකාශය ඔස්සේ නියත ප්‍රවේගයකින් චලිත වනු ඇති බවට අනාවැකියක් ලැබේ. තවද කාලයත් සමග තරංග ඇසුරුම් ක්‍රමයන් විස්තාරණය වන අතර ඒ සමගම අංශුවේ පිහිටීම වඩාත් අවිනිශ්චිත වේ. මේ ආවරණය හේතුවෙන් පිහිටුම් අයිගන් අවස්ථා (මේවා අපරිමිත ලෙස කුඩා තරංග ඇසුරුම් සේ කළ හැකි විස්කාරික තරංග ඇසුරුම් බවට පත්වන අතර එවිට ඒවා තවදුරටත් පිහිටුම් අයිගන් අවස්ථා නොවේ.
ඇතැම් තරංග ශ්‍රිත නිසා හටගන්නා ව්‍යාප්ති කාලයක් සමග නියතව පවතී. පෞරාණික යාන්ත්‍ර විද්‍යාෙව් ගතික ලෙස සැලකෙන බොහෝ පද්ධති එවන් ස්ථිතික තරංග ශ්‍රිතයන් ඇසුරින් විස්තර කෙරේ. උදාහරණයක් ලෙස උත්තේජික තත්වයේ නොපවතින පරමාණුවක ඇති තනි ඉලෙක්ට්‍රෝනයක් සලකමු. පෞරාණික යාන්ත්‍ර විද්‍යාවේදී එය පරමාණුක න්‍යෂ්ටිය වටා වෘත්තාකාර පෙතක ගමන් කරන අංශුවක් සේ විස්තර වේ නමුත් ක්වොන්ටම් යාන්ත්‍ර විද්‍යාවේදී එය න්‍යෂ්ටිය වටා පිහිටන ස්ථිතික ගෝලීය සමමිතික තරංග ශ්‍රිතයක් ලෙස විස්තර කෙරේ (s වශයෙන් අංකනය කර ඇති අවම කෝණික ගම්‍යතා අවස්ථා පමණක් ගෝලීය සමමිතික වන බව නිරීක්ෂණය කරන්න)
කිසියම් ආරම්භක අවස්ථාවක පවතින තරංග ශ්‍රිතතයක් සැලකූවිට පසුව එලඹෙන ඕනෑම මොහොතක් සඳහා එහි ස්වභාවය පිළිබඳව නිශ්චිත අනාවැකියක් පල කළ හැකි හෙයින් තරංග ශ්‍රිත කාලය හමුවේ පරිණාමය වන්නේ නිර්ණායක අයුරින් යැයි කිව හැක. මිනුමක් අතරතුර තරංග ශ්‍රිතයක් තවෙකක් බවට පත් වීම නිර්ණය නොවන අතර බොහෝ දුරට අනාවැකි පලකල නොහැකි ස්වභාවයක් ගනී.(සසම්භාවී)
ඒ අනුව ක්වොන්ටම් යාන්ත්‍ර විද්‍යාවේ සම්භාවිතාමය ගුණය මිනුම්කරණය නිසා ඇතිවන්නක් බව කිව හැක. මෙය ක්වොන්ටම් පද්ධතියට අදාල පැතිකඩ අතුරින් තේරුම් ගැනීමට වඩාත් අපහසු වන්නකි. සුප්‍රසිද්ධ බෝ-අයින්ස්ටයින් විවාදයන්හි කේන්ද්‍රීය මාතෘකාව වුයේ ද මෙම ගුණයයි. මෙම විවාදයන් ඔස්සේ සිතිවිලිමය පර්යේෂණ මගින් ඉහත මූලික සිද්ධාන්ත පැහැදිලි කිරීමට අයින්ස්ටයින් සහ බොර් යත්න දැරීය. ක්වොන්ටම් යාන්ත්‍ර විද්‍යාව නිර්මාණය වීමෙන් පසු ගෙවී ගිය දශකය තුළදී “මිනුමක්” සඳහා අයත් වන්නේ මොනවාද යන ගැටළුව දීර්ඝ ලෙස අධ්‍යයනයට ලක් විය. තරංග ශ්‍රිත බිඳවැටුම් සංකල්පය ඉවත් කිරීම සඳහා ක්වොන්ටම් යාන්ත්‍ර විද්‍යාව සඳහා අර්ථ දැක්වීම නිර්මාණය කර ඇත.(උදා- සාපේක්ෂ අවස්ථා අර්ථ දැක්වීම බලන්න) මේ සඳහා දළ අදහසක් පහත පරිදි වේ. ක්වොන්ටම් පද්ධතියක්, මිනුම් උපකරණයක් හා අන්තර් ක්‍රියා කරන විට ඒවා එක එකෙහි තරංග ශ්‍රිත එකිනෙක පැටලීම සිදුවන අතර එවිට මුල් ක්වොන්ටම් පද්ධතිය තවදුරටත් ස්වාධීන ව්‍යුහයක් ලෙස නොපවතී. වැඩි විස්තර සඳහා “ක්වොන්ටම් යාන්ත්‍ර විද්‍යාවේ මිනුම්කරණය” ලිපිය බලන්න.
ක්වොන්ටම් යාන්ත්‍ර විද්‍යාවේ සොයා ගැනීම මන් ආසම විශය කරුණු
Thomas young (Double- Site experient)අලෙක්සේගේ තරංගමය ස්වභාවය පහදා දීම (c 1805)
Heri be Jquerel ගේ කිරහිගාටිය සොයා ගැනීම
කැතෝඩ නල පරීක්ෂණ මගින් ඉලෙක්ට්‍රෝණ සහ එහි සෘන ආරෝපිත බව සොයා ගැනීම (1897)
1850 සිට 1900 අතර කාලයේ සිදු කල කෘෂ්ණ වස්තු විකිරණය පිළිබද අධ්‍යයනය මෙය ක්වොන්ටම් විද්‍යාවේ සංකල්ප වලින් තොරව පැහැදිලි කල නොහැක.
අයින්ස්ටයින්ගේ ප්‍රකාශ විද්‍යුත් ආවරණය සොය ගැනීම (1905) (මෙයට නොබෙල් ත්‍යාගය හිමිවිය) මෙහිදී ආලෝකය ෆෝටොන් හෙවත් අංශු ලෙස පවතින බව පැහැදිලි විය.
Rovert Millikan ගේ තෙල් බිංදු පරීක්ෂණ මගින් විද්‍යුත් ආරෝපන ක්වෝන්ටම් හෙවත් ශක්ති එකලෙස ඇති බව සොයා ගැනීම (1909)
Ervest ruterford ගේ රන්පත් පරීක්ෂකයෝ පරමාණුවේ Plupuddin ආකෘතිය විරෝධනය කිරීම, මෙමගින් පරමාණුවේ ස්කන්ධ හා ධනාත්මක ආරෝපණය ඒකාකාරීව ව්‍යාප්ත වී ඇති බව පෙන්වා දීම.
Ottostin සහ walter gellachගේ Stern - Gerloach පරීක්ෂණයන් අංශුවක ක්වොන්ටම් ස්වභාවය පැහැදිලි කිරීම (1920)
Clintion Davidsson සහ lasxr Greer ඉලෙක්ට්‍රෝන විවරන පරීක්ෂණ මගින් ඉලෙක්ට්‍රෝනවල තරංගමය ස්වභාවය පහදා දිම (1927)
Clyd. l. Cowan සහ Fredricj Reive පරමාණුවක නියුට්ට්‍රෝණ පැවැත්ම සහ නියුට්රිනෝ පරීක්ෂණ මගින් තහවුරු කිරීම (1955)
Claus Jounnson ගේ ඉලෙක්ට්‍රෝන පිළිබද Doubesltiy පරික්ෂණ (1961)
1880 දී Kolaus von Klitizing ගේ ක්වොන්ටම් සිදුර ආවරණයට සොයා ගැනීම. මෙය සිදුරු ආචරණයේ ක්වොන්ටම් ආකාරය වන අතර මෙමගින් විද්‍යුත් ප්‍රතිරෝධන පිළිබදව නව අර්ථකතනයක් දෙන ලදී. එමෙන්ම මෙමගින් සියුම් ව්‍යුහ නියතියට ඉතා සියුම් නිදහස් අර්ථ කථනයක් දෙන ලදී.
Alain aspect ක්වොන්ටම් පටලැවිල්ල පර්යේෂණාත්මකව සත්‍යාපනය කිරීම (1982)
සටහන්
ස්වභාවිකවේද
ක්වොන්ටම් යාන්ත්‍ර විද්‍යාව
විද්‍යාව
භෞතික විද්‍යාව
රසායන විද්‍යාව
යාන්ත්‍ර විද්‍යාව
|
10,122 |
https://si.wikipedia.org/wiki/%E0%B6%86%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%20%E0%B6%85%E0%B7%83%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E0%B6%B8%E0%B7%92%E0%B6%9A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%BA
|
ආහාර අසාත්මිකතාවය
|
ආහාර ද්‍රව්‍ය වල ඇති ප්‍රෝටීන කෙරෙහි ඇතිවන අහිතකර ප්‍රතිශක්ති ක්‍රියාවලියක් නිසා ආහාර අසාත්මිකතාව ඇතිවේ. ආහාර අසාත්මිකතාවය ආහාර පරිභෝජනය නිසා ඇතිවන අජීර්ණය, වෙනත් ඹෞෂධ වැනි හා ආහාර ද්‍රව්‍ය ඇති කරන ප්‍රතික්‍රියා හ විෂ වර්ග මගින් ඇතිවන ප්‍රතික්‍රියාවලින් වෙනස් වේ.
ආහාර අසාත්මිකතාව - ආහාර ප්‍රෝටීන සදහා ඇතිවන අහිතකර ප්‍රතිශක්ති ක්‍රියාවලියකි
ෙඖෂධවේදය - කැෆේන් වෙවිලීම, චීස් , වයින් (ටයිරමීන්) ඉරුවා රදය, ස්කොම්බ්‍රොයිඩ්(හිස්ටැමීන්), මත්ස්‍ය විෂවීම
විෂ වර්ග - බැක්ටීරියාවක් මගින් ඇතිකරන ආහාර විෂවීම ස්ටැෆයිලො විෂ
අජීර්ණය - ලැක්ටෝස්වල අජීර්ණය (ලැක්ටේස් නම් එන්සයිමයේ ඌණතාවය)
අසාත්මික ප්‍රතික්‍රියාවක් ඇති කරන ආහාර ප්‍රෝටීනයක් අසාත්මික කාරකයක් නම්වේ. ගණන් බලා ඇති අන්දමට මිලියන 12 ක් පමණ වු ඇමරිකානුවන් පිරිසකට ආහාර අසාත්මිකතාව ඇති අතර එහි ප්‍රතිශතය ඉහල යමින් පවතී. වයස අවුරුදු තුනට පහල ළමුන්ගෙන් 6% - 8% අතර ප්‍රතිශතයකට ආහාර අසාත්මිකතාව ඇති අතර වැඩිහියන්ගෙන් 4%කට ආසන්න ප්‍රමාණයක එය දක්නට ඇත. ඇමරිකා එකසත් ජනපදය තුල ආහාර අසාත්මිකතාවයන් නිසා ආසන්න වශයෙන් 30,000ක් පමණ හදිසි රෝග අවස්ථා සඳහා ප්‍රතිකාර ලබන අතර 100ත් - 200ත් අතර මරණ සංඛ්‍යාවක් වසරකට වාර්තා වේ. වැඩිහිටියන් අතර බෙල්ලන් , රටකජු , මාළු , බිත්තර සඳහාද කුඩා ළමුන් අතර කිරි , බිත්තර , රටකජු හා අනෙකුත් ඇට වර්ග සඳහාද අසාත්මිකතා බහුලව දක්නට ඇත.
මේ සඳහා සිදුකරන ප්‍රතිකාර ක්‍රමවලදී තමාට අසාත්මික වන සියළුම ආහාර ද්‍රව්‍ය වලින් වැලකී සිටීම නිර්දේශ කෙරේ. අතිශයින්ම අසාත්මික කාරකයන් සඳහා සංවේදී පුද්ගලයින්හට සම්පුර්ණයෙන් අදාල ආහාර ද්‍රව්‍ය වෙත නිරාවරණය වීමෙන් වලකින ලෙසට අවවාද කෙරේ. එම ආහාර වර්ග ඇල්ලීමෙන් , ආඝ්‍රාණය කිරීමෙන් හ එවන් ආහාර තබන ලද මතුපිටක් සමග පවා ස්පර්ශ නොවන අන්දමට සිටීමට ඔවුනට උපදෙස් දෙයි. IgE ප්‍රතිදේහ (ඔමලිසුමැබි හො සෝලයර්) සහ ආහාර සඳහා ඇති අසාත්මිකතාව දරාගැනීමේ හැකියාව වැඩිදියුණු කරනු ලබන විශේෂිතවු ඹෞෂධ වර්ග නිෂ්පාදනය කිරීම පිළිබඳව පර්යේෂණ ගොඩනැංවී ඇත. ආහාර අසාත්මිකතාව ඇති පුද්ගලයින් සඳහා ඉබේ එන්නත් කෙරෙන Epipen හෝ Twinject නම් එපිනෙප්රින් නම් හෝර්මෝන එන්නත් කරනයක් හා ඔවුන්ට ඇති රෝගී තත්වය ගැන විස්තර කෙරෙන අවධානය ලබාදෙන අත්පළදනාවක් යන එන තැන්හි රැගෙන යාමට උපදෙස් දේ. මෙමගින් හදිසි අවස්ථාවන්හිදී වෛද්‍ය උපදෙස් අනුව නිසි ප්‍රතිකාර ලබාදීමට පුළුවන.
රෝග ලක්ෂණ
IgE ප්‍රතිදේහ මගින් ඇතිකර ආහාර අසාත්මිකතා පළමු වර්ගයේ සංවේදී ප්‍රතික්‍රියාවක් නම්වේ. මෙහිදී රෝග ලක්ෂණ ඇතිවීම ක්ෂණිකව තත්පර ගණනකින් හෝ පැයක් ඇතුළත සිදුවන අතර ඒවා පහත ආකාර වේ.
ඇන්ජියෝ ඉඩීමා - සිරුරේ මෘදු පටක වල ඉදිමීම , සාමාන්‍යයෙන් ඇසිපියන්වල , මුහුණේ , තොල්වල හා දිවේ ඇතිවේ. දිවෙහි , ස්වරාලයෙහි හා ශ්වාසනාලයෙහි වන ඉදිමීම් මගින් ඉහල ශ්වසන මාර්ගය අවහිර වීමෙන් හුස්ම ගැනීමේ අපහසුතාවයන් ඇතිවේ.
කුෂ්ට රෝග
ඇස් , සම , උගුර හා මුඛයෙහි ඇතිවන කැසීම
වමනය , ඔක්කාරය , පාචනය , බඩ කොරවීම හා බඩේ කැක්කුම. මෙම වර්ගයේ ලක්ෂණ ආන්ත්‍රික අසාත්මික ලක්ෂණ නම්වේ.
නාසය අවහිරවීම හා සොටු දියර ගැලීම
හති ගතිය , උගුර කැසීම , හුස්ම ගැනීමේ අපහසුතාව , ගිලීමේ අපහසුතාවය
මරණය පවා ඇති කළ හැකි ඉතා දරුණු අසාත්මික ප්‍රතික්‍රියාවන්
මෙලෙස ඉතා දරුණු අසාත්මික අවස්ථාවන් මගින් කම්පන තත්වයන් (shock) වුවද ඇතිවිය හැකිය. අවරුධිර පීඩනය ඇතිවීම , සිහි නැතිවීම සහ මරණය පවා ඇතිවිය හැකිය. මෙවන් අකාරයක ප්‍රතික්‍රියා ඇති කළ හැකි ආහාර ද්‍රව්‍ය වන්නේ රටකජු , වෙනත් ඇට වර්ග , කිරි, බිත්තර , සහ මුහුදු ආහාර ද්‍රව්‍යයන්ය.
නාසයෙන් සොටු දියර ගැලීම , ඇස්වල අසාත්මිකතාව ඇතිවීම , සමේ කැසීමකට ලක්වීම සහ හතිය ඇති කරන්නාවු අසාත්මික සින්ඩ්‍රෝමය සහිත පුද්ගලයින්ට මෙලෙස ආහාර අසාත්මිකතාවන් ඉතා පහසුවෙන් ඇතිවිය හැකිය. අසාත්මික රෝග ඇති තම පවුලේ හා ඥාතීන් සිටී නම් එවන් අයට රෝගය ඇතිවීමේ අවධානම වැඩිවන අතර මෙය පරම්පරාවෙන් පරම්පරාවට උරුම වන රෝගයක් බවටද සාක්ෂි දේ.ආසාත්මිකතාව ඇතිවන ආකාරය අනුව එය වර්ග 3 ක් යටතේ බෙදයි.
IgE නම් ප්‍රතිදේහ මගින් පාලනය වන අසාත්මික රෝග.
ඉහතින් විස්තර කරන ලද පළමු වර්ගයේ සංවේදී ප්‍රතික්‍රියාවන්.
මුඛ අසාත්මික සින්ඩ්‍රෝමය
IgE ප්‍රතිදේහ මගින් පාලනය වන සහ IgE නොවන ප්‍රතිදේහ මගින් පාලනය වන ප්‍රතික්‍රියා
ඉයසිනොෆිල මගින් පාලනය වන අන්නසෝත්‍රයේ අසාත්මිකතා
ඉයසිනොෆිල මගින් පාලනය වන ආමාශයේ අසාත්මිකතා
ඉයසිනොෆිල මගින් පාලනය වන ආන්ත්‍රික අසාත්මිකතා
IgE මගින් පාලනය නොවන ප්‍රතික්‍රියා
ආහාර ප්‍රෝටීන මගින් ඇති කරන අන්ත්‍රික රෝග සින්ඩ්‍රෝමය
ආහාර ප්‍රෝටීන මගින් ඇතිවන ගුද මාර්ගයේ අසාත්මිකතා
* ආහාර ප්‍රෝටීන මගින් ඇතිවන බඩවැල්වල අසාත්මිකතා. සිලියැක් රෝගය යනු ගුලුටන් නම් ආහාර ප්‍රෝටීනය නිසා ඇතිවන අහිතකර ප්‍රතිශක්ති ප්‍රතික්‍රියාවක් නිසා ඇතිවන රෝගී තත්වයකි.
සෝයා කිරිවල ඇති ප්‍රෝටීන සදහා IgE ප්‍රතිදේහ මගින් පාලනය නොවන අසාත්මික ප්‍රතික්‍රියාවක් වන සෝයා කිරි ප්‍රෝටීන අජීර්ණ තත්වය ළදරු , හා ළමා අවස්ථාවලදී ඇතිවේ.
මෙහි රෝග ලක්ෂණ ආහාර ප්‍රෝටීන මගින් ගුද මාර්ගයේ සහ අන්ත්‍රිකව ඇතිවන අසාත්මිකතාවයන් නිසා ඇතිවේ.
හයිනර් සින්ඩ්‍රෝමය - ආහාර ප්‍රෝටීන ආන්ත්‍රයෙන් අවශෝෂණය වු පසුව සෑදෙන IgE ප්‍රතිදේහහා ප්‍රතිදේහ ජනක හා ප්‍රතික්‍රියාවෙන් පෙනහළු වල ඇතිවන රෝගී තත්වය මේ නම්වේ. මෙහිදී පෙනහළුවලින් රුධිර වහනයක් සිදුවන අතර එමගින් එහි රුධිර යේ ඇති යකඩ තැන්පත් වීමෙන් හිමොසිඩරෝසිස් නම් තත්වය ඇතිවේ.
මූලාශ්‍ර
ආහාර විද්‍යාව
ප්‍රතිශක්තිකරණවේදය
|
10,126 |
https://si.wikipedia.org/wiki/%E0%B6%BB%E0%B7%83%E0%B7%8F%E0%B6%BA%E0%B6%B1%E0%B7%92%E0%B6%9A%20%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AD%E0%B7%92%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F
|
රසායනික ප්‍රතික්‍රියා
|
රසායනික ප්‍රතික්‍රියාවක් යනු සෑම විටම යොදාගන්නා රසායන ද්‍රව්‍යයේ වෙනස්වීමක් පෙන්වීමකි. ප්‍රතික්‍රියාව සඳහා සහභාගීවන රසායන ද්‍රව්‍ය නැතිනම් රසායන ද්‍රව්‍යයන් ප්‍රතික්‍රියක ලෙස හඳුන්වයි. රසායනික ප්‍රතික්‍රියාවක් සාමාන්‍යයෙන් හදුනාගනු ලබන්නේ රසායනිකව ප්‍රතික්‍රියකවලවන වෙනස්වීම මගිනි. එමෙන්ම එහදී ප්‍රතික්‍රියාවෙන් පසුව එය අවසන් ඵලය වශයෙන්, එය සෑම විටම ප්‍රතික්‍රියකවලට වඩා වෙනස් වූ ප්‍රතිඵල ලබාදේ. රසායනික ප්‍රතික්‍රියාවක් යනු සචල ඉලෙක්ට්‍රෝන ඉවත් වීම හා සම්බන්ධ වීම හරහා වන බන්ධන සෑදීමේ හා කැඩීමේ ක්‍රියාවලියයි. මෙම මතය භාවිතයෙන් න්‍යෂ්ටික ප්‍රතික්‍රියාවකදී මුලද්‍රව්‍ය අංශු වෙනත් අංශු බවට හැරවීම ද පැහැදිලි කරගත හැක.
රසායනික සංස්ලේෂණයෙන්හි දී අපට අවශ්‍ය ප්‍රතිඵලයන් ලබා ගැනීම සදහා එකිනෙක වෙනස් වූ ප්‍රතික්‍රියකවල එකතූන් යොදාගනී. ජෛව රසායන විද්‍යාවේදී සෛල තුළ ප්‍රතික්‍රියා කිරීමට නොහැකි තත්වයකදී වුව ද සෛල තුළදී සංස්ලේෂණ ක්‍රියාව එන්සයිම මගින් උත්ප්‍රේරණය කොට පරිවෘත්තීය ක්‍රියාවලීන් ඔස්සේ ප්‍රතික්‍රියාව සිදු කරයි.
රසායන විද්‍යාව
රසායනික ප්‍රතික්‍රියා
|
10,133 |
https://si.wikipedia.org/wiki/%E0%B6%BB%E0%B7%83%E0%B7%8F%E0%B6%BA%E0%B6%B1%E0%B7%92%E0%B6%9A%20%E0%B6%B4%E0%B6%AF%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AE%E0%B6%BA%20%28%E0%B7%83%E0%B6%A7%E0%B7%84%E0%B6%B1%29%E0%B6%BB%E0%B7%83%E0%B7%8F%E0%B6%BA%E0%B6%B1%E0%B7%92%E0%B6%9A%20%E0%B6%B4%E0%B6%AF%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AE%E0%B6%BA%20%28%E0%B7%83%E0%B6%A7%E0%B7%84%E0%B6%B1%29
|
රසායනික පදාර්ථය (සටහන)රසායනික පදාර්ථය (සටහන)
|
සැහැල්ලුතම මූල ද්‍රව්‍ය වනුයේ හයිඩ්‍රජන් හා හීලියම්ය. මේවා විශ්වයේ මහා පිපුරුමේ (Big Bang nucleosynthesis) මුල් විනාඩි 20 තුළ නිපදවූ අතර එය ස්කන්ධ අතර අනුපාතයෙන් 3 : 1 වේ. (ආසන්න වශයෙන් පරමාණු සංඛ්‍යා අතර අනුපාතය ගත් විට 12 : 1 වේ) හයිඩ්‍රජන් හා හීලියම් ඇතිවුණු පසු අනෙක් මූල ද්‍රව්‍ය ස්වාභාවිකව ඇති වූ අතර එය ස්වාභාවික සහ කෘත්‍රීමව කරන ලද න්‍යෂ්ටික සංස්ලේෂණ ක්‍රම, හා න්‍යෂ්ටික විඛන්ඩණය වැනි ක්‍රම මගින් ඇති විණි.
වසර 2006 වන විට මූල ද්‍රව්‍ය 117 තේරුම් ගෙන ඇති අතර (මෙහි තේරුම් ගත් යනු අනෙක් මූලද්‍රව්‍යවලින් පැහැදිලිව වෙන් කොට ගත් කාලයක් පවතී යන්න වේ.) මෙයින් 94 ස්වාභාවික පෘතුවියේ පවතී. මෙයින් 6 ක් අංශු මාත්‍රීය ප්‍රමාණ වලින් පවතී. ඒවා නම් ටෙක්නීටියම් පරමාණුක ක්‍රමාංකය 43, ප්‍රොමේතියම් පරමාණුක ක්‍රමාංකය 61, ඇස්ටටීන් පරමාණුක ක්‍රමාංකය 94 වේ. මීට අමතරව (සමහර විට) පරමාණුක ක්‍රමාංකය 98 වූ කැලිෆෝනියම් ඇතැම් වේලාවට අණාවරණය කරගෙන ඇති අතර එය තාරකා සහ අද්බූත තාරකාවල වර්ණාවලි මගින් සොයා ගත නොහැකි අතර ඒවා කෘත්‍රීමව ව්‍යුත්පන්න කළ යුතු වේ. මෙම මූල ද්‍රව්‍ය කෘත්‍රීම ක්‍රම මගින් ව්‍යුත්පන්න කරන ඉතා කෙටි අර්ධ ආයු කාලයක් සහිත විකිරණශීලී මූලද්‍රව්‍ය නිසා තැනෙන්නකි.
ඉතිරි මූල ද්‍රව්‍ය 22 පොළෝවේ හෝ කක්ෂ වර්ණාවලි මගින් සොයා ගත නොහැකි අතර ඒවා කෘත්‍රීමව ව්‍යුත්පන්න කළ යුතු වේ. මෙලෙස කෘත්‍රීමව ව්‍යුත්පන්න කරන ලද මූලද්‍රව්‍යයන් සියල්ලම විකිරණශීලී වන අතර ඉතා කුඩා අර්ධ ජීවිත කාලයක් ඇත. මෙම මූලද්‍රව්‍ය පොලොවේ තිබුණහොත් ඒවා බොහෝ දුරට දිරාපත් වේ. යම් හෙයකින් පොළොවේ හෝ නව තරුවක පැවතුණහොත් ඒ හදුනා ගැනීම පවා හැකි නොවන ඉතා කුඩා ප්‍රමාණ වලිනි. පළමුව කෘතීමව නිර්මාණය කරන ලද මූල ද්‍රව්‍ය වනුයේ ටෙක්නීටියම්ය. (ඒ 1937 දීය. ඒ අංශු මාත්‍රීය ලෙස ටෙක්නීටියම් පවතින බව 1925 දී සොයා ගත්තද, එතෙක් මූල ද්‍රව්‍ය හඳුනාගත නොහැකි වුනි. නැතහොත් එය 1925 සොයා ගත හැකිව තිබුණි.) මෙම ක්‍රියාවලිය කිහිපවරක් ස්වාභාවිකව අංශු මාත්‍රීයව පවතින මූලද්‍රව්‍ය සඳහා සිදු කෙරුණි.
මූල ද්‍රව්‍ය ලැයිතුවක්, නමෙන් , ලකුණෙන් , පරමාණුක ක්‍රමාංකයෙන් , ද්‍රවාංකයෙන්, තාපාංකයෙන් සහ පරමාණුවල අයනීකරණ ශක්තිය ලබා ගත හැක. හොදම මූලද්‍රව්‍යවල වර්ගීකරණ ආවර්ථිතා වගුවේ වන අතර සමාන ගුණැති මුලද්‍රව්‍ය එකට ගෙන එහි දක්වා ඇත.
References
http://en.wikipedia.org/wiki/Chemical_element#description
|
10,136 |
https://si.wikipedia.org/wiki/%E0%B6%A2%E0%B7%93%E0%B7%80%E0%B6%BA%E0%B6%A7%20%E0%B6%B6%E0%B6%BD%E0%B6%B4%E0%B7%8F%E0%B6%B1%20%E0%B7%83%E0%B7%8F%E0%B6%B0%E0%B6%9A
|
ජීවයට බලපාන සාධක
|
ජීව විද්‍යාත්මක කෝණයකින් බලන කළ, ජීවය ප්‍රගුණනය කිරීම සඳහා අත්‍යවශ්‍ය බොහෝ විශේෂිත ගුණ ජලයෙහි අඩංගුවන අතර එබැවින් එය අනෙකුත් ද්‍රව්‍යයන්ගෙන් විශේෂිත වේ. ප්‍රතිචලිත ක්‍රියාවලියට අවසානයේ ඉඩ ලැබෙන පරිදි ප්‍රතික්‍රියා කිරීමට කාබනික මූලයන්ට ඉඩ දෙමින් මෙම විශේෂිත භූමිකාව එය ඉටුකරයි. අප දන්නා සියලුම ජීවයන් ජලය මත යැපේ. ශරීරයේ බොහෝ ද්‍රව්‍යයන්ගේ ද්‍රාවකයක් ලෙස මෙන්ම ශරීරය ඇතුළත බොහෝ පරිවෘත්තීය ක්‍රියාවන්ගේ වැදගත් කොටසක් ලෙස ජලය වැදගත් වේ. පරිවෘත්තීය යනු සංවෘතියේ සහ අප වෘත්තියේ මුළු ඵලය වේ. සංවෘතියේදී, ජලය අණු මගින් ඉවත් කරනු ලබන්නේ (ශක්තිය අවශ්‍ය එන්සයිම රසායනික ප්‍රතික්‍රියාවක් මගින්) ඉතා විශාල අණු බවට ඒවා වැඩීම සඳහායි. (උදා - පිෂ්ටය, මේදය සහ ප්‍රෝටීන ශක්තිය සහ දැනීම ගබඩා කිරීම සඳහායි) අපවෘත්තියේදී, කුඩා අණු සැකසීම සඳහා ජලය, බන්ධන බිඳීම සඳහා යොදා ගනී. (උදා- ග්ලුකෝස්, මේද අම්ල සහ ඇමයිනෝ අම්ල ශක්තිය ලබාදීම සහ අනෙකුත් කරුණු සඳහා යොදා ගනී) මේ අයුරින් ජලය ඉතා වැදගත් වන අතර මෙම පරිවෘන්තීය ක්‍රියාවලට වැදගත් වේ. එබැවින්, ජලය නොමැතිව, මෙම පරිවාත්තීය ක්‍රියාවන්හි පැවැත්ම නවතින අතර, වායු අවශෝෂය, දුලි එකතු කිරීමආදී වූ කුමන ක්‍රියාවලියක් ඒ සඳහා ආදේශ කළ හැකි දැයි ගැටළුවක් පවතී,
ප්‍රභාසංස්ලේෂණය සහ ආශ්වාස ප්‍රාශ්වාස කිරීමට ජලය වැදගත් වේ. ප්‍රභාසංස්ලේෂණ සෛල හිරුකිරණවල ශක්තියෙන් ජලයේ හයිඩ්‍රජන් සහ ඔක්සිජන් වෙන් කරයි. හයිඩ්‍රජන් CO2 සමග සම්බන්ධ වී (ජලයේ හෝ වාතයෙන් අවශෝෂණයකර) ග්ලූකොස් සකස් කිරීමට හා ඔක්සිජන් නිදහස් කරයි. සියලුම ජීවත් වන සෛල මෙවැනි ඉන්ධන යොදා ගන්නා අතර හයිඩ්‍රජන් සහ කාබන් ඔක්සිහරණය කරනු ලබන්නේ හිරුකිරණ ලබාගැනීම සහ එම ක්‍රියාවලියෙන් පසුව ජලය සහ Co2 නැවත සකස් කිරීමටයි.
ජලය, අම්ල උදාසීණකරණයටත් එන්සයිම ක්‍රියාවලියටත් වැදගත් වේ. අම්ලයක්, එනම් හයිඩ්‍රජන් අයන (CH+ , එනම් ප්‍රෝටෝනයක් ලබාදෙන්නෙත්) භෂ්මයකින් උදාසීන කළ හැකි අතර, හයිඩ්‍රොක්සයිඩ් අයන වැනි ප්‍රෝටෝන ගෙන (OH) ජලය සකස් කිරීමට යොදා ගත හැකිය. ජලය උදාසීන යැයි සැලකිය හැකි අතර එහි PH අගය 7 කි. අම්ලවලට 7 ට වඩා අඩු PH අගයක් ඇති අතර භෂ්මවලට 7 ට වඩා වැඩි PH අගයක් ඇත. ආමාශ ගත අම්ල (HCl) වැදගත් වන්නේ ජීර්ණය සඳහායි. (කෙසේ වුවද එහි දාහක ශක්තිය අන්ත්‍රස්‍රෝත්‍රය මත ප්‍රතිවාහී අවස්ථාවේදී ක්‍රියා කරමින් ඇලුමිනියම් හයිඩ්‍රොක්සයිඩ් වැනි භෂ්ම අධිග්‍රහණය මගින් තාවකාලිකව ඒවා උදාසීන කරයි.) මෙසේ උදාසීන අණුක ජලය සහ ඇලුමිනියම් ක්ලෝරයිඩ් නිෂ්පාදනය කරයි. එන්සයිම සම්බන්ධවන මානව ජෛව රසායනික විද්‍යාව ජීව විද්‍යාත්මකව PH අගය ප්‍රශස්ත උදාසීන 7.4 ක් පෙන්ණුම් කරයි.
උදාහරණයක් ලෙස Escherichia coli සෛලයක 70% ජලයද, මානව ශරීරයේ 60 – 70 % ජලය ද, ශාකවල 90% දක්වා ජලය ද කුඩා ජල්ලියෙකුගේ ශරීරයේ 94-98% දක්වා ජලය ද අඩංගු වේ.
References
http://en.wikipedia.org/wiki/Water#Effects_on_life
ජීව විද්‍යාව
|
10,137 |
https://si.wikipedia.org/wiki/%E0%B6%BD%E0%B7%94%E0%B7%80%E0%B7%93%20%E0%B6%B4%E0%B7%8F%E0%B7%83%E0%B7%8A%E0%B6%A0%E0%B6%BB%E0%B7%8A
|
ලුවී පාස්චර්
|
ලුවී පාස්චර් () ප්‍රංශ රසායන විද්‍යාඥයෙක් හා ක්ෂුද්‍ර ජීව විද්‍යාඥයෙකි. ඔහු වඩාත්ම ප්‍රසිද්ධ වූයේ නොයෙකුත් රෝග වළක්වා ගැනීමට ඔහු කළ සොයා ගැනීම් නිසාවෙනි. ඔහුගේ පර්යේෂණවලින් රෝග වැළඳීමට මුල්වන විෂබීජ පිළිබඳ නියමය තහවුරු වූවා පමණක් නොව , උපන්ගෙයි සන්නිය හෙවත් පශ්චාත් ප්‍රසව උණ මගින් සිදු වන මරණ සංඛ්‍යාව අඩු කිරීමට ද මහඟු දායකත්වයක් ලබා දුණි. ඔහු ප්‍රථමවරට ජල භීතිකාවට එරෙහිව එන්නත් සොයාගත් පුද්ගලයා ද විය. ඔහු තවත් ප්‍රසිද්ධ වීමට කරුණක් වූයේ ඔහු කිරි හා වයින් වලින් රෝගී වීම වැළැක්වීමට ක්‍රමවේදයක් සොයාගැනීමයි. එය පාස්චරීකරණය නම් වේ. ෆර්ඩිනන්ඩ් කෝන් (Ferdinand Cohn) හා රොබට් කොච් (Robert Koch) ගෙන් පසු ක්ෂුද්‍ර විද්‍යාවේ පුරෝගාමියෙකු ලෙස ද ලුවී පාස්චර් හැඳින්වේ. ඔහු රසායන විද්‍යා අංශයෙන් ද, නව සොයා ගැනීම් බොහොමයක් සිදු කළේය. ස්ඵටිකවල අසමමිතික බව සොයා ගැනීම ඉන් එකකි. ඔහු මිය ගිය පසු, ප්‍රංශයේ ගෞරව බුහුමන් මැද “ඉන්ස්ටිටට් පාස්චර්” නම් ස්ථානයේ වළ දැමූ අතර, එය කොතරම් ගෞරවයක් ද යත් ප්‍රංශයේ “වීරෝධාර මිනිසුන්” නමින් හැඳින්වෙන පුද්ගලයන් පවා එහි වළදමා නොමැත. එනම්, එම ස්ථානය අතිශයින් ගෞරවයට පාත්‍ර වූවකි.
චරිතාපදානය
ලුවී ජීන් පාස්චර් (දෙසැම්බර් 27 1822) ප්‍රංශයේ ජුරා ප්‍රාන්තයේ ඩෝල් නම් නගරයේ උපත ලැබූ අතර, ඔහු හැදී වැඩුනේ ආර්බොයිස් හි නගරයකය. මෙහි ඔහුගේ නිවස හා විද්‍යාගාරය පිහිටා තිබූ අතර , අද වන විට එය පාස්චර් කෞතුකාගාරයකි. මොහුගේ පියා, ජීන් පාස්චර්, දුප්පත් සම් පදම් කරන්නෙකු වූ අතර, නැපෝලියානු යුධ සමයේ අත්දැකීම් බහුල සොල්දාදුවෙකි. ලුවීගේ හැකියාව පළමුව හඳුනාගත් පාසල් ගුරුවරයා ඔහුව École Normale Supérieure නම් ප්‍රංශ උසස් අධ්‍යාපන පීඨයට යොමු කළේය. 1848 දී ඩයිජන් ලයිසී හි(Dijon Lycee) භෞතික විද්‍යා මහාචාර්යවරයෙකු ලෙස සේවය කිරීමෙන් අනතුරුව , ඔහු ස්ට්‍රැස්‍බර්ග් සරසවියේ රසායන විද්‍යා මහාචාර්යවරයෙකු ලෙස සේවය කළේය. මෙහි දී ඔහුට සරසවි ප්‍රධානියාගේ (1849 දී) දියණිය වන මේරි ලෝරන්ට් මුණ ගැසුණු අතර , ඔවුන් 1849 මැයි 29 විවාහ විය. ඔවුන්ට දරුවන් 5 දෙනෙකු ලැබුණත් , ඉන් ජීවත්වීමට වරම් ලැබූයේ දරුවන් දෙදෙනෙකු පමණි. ඔහුගේ ජීවිතය පුරාවටම ඔහු භක්තිමත් කතෝලිකයෙකු විය. මෙහිදී ඔහු ප්‍රකාශ කළ වැකියක් සැමදා ඔහුගේ අනන්‍යතාව තහවුරු කරයි. “මගේ දැනුම වැඩිවත්ම , බ්‍රෙට්න්හි වහලෙකු තරමට මගේ විශ්වාසය ඉතිරි වෙයි. නමුත් මට ලැබෙන්නේ බ්‍රෙට්න්හි වහලෙකුගේ බිරිඳකගේ විශ්වාසය වැන්නක් පමණි”
කයිරැල් කේන්ද්‍රය හා ආලෝකයේ ධ්‍රැවණය පිළිබඳ සොයාගැනීම්
රසායන විද්‍යාඥයෙක් ලෙස පාස්චර් සේවය කළ විට, ඔහු ටාටරික් අම්ලය (1849) පිළිබඳ ගැටළුවක් නිරාකරණය කළේය. මේ සංයෝගයේ නිපදවා ගනුයේ ස්වභාවික වස්තූන්ගෙන් වන අතර, (උදා - වයින්මණ්ඩි) එය ධ්‍රැවනය වූ ආලෝකය හමුවේ එහි තලය භ්‍රමණය කරවයි. මේ අභිරහසට හේතුව වූයේ ටාටරික් රසායනික ක්‍රමවේදයන්ගෙන් නිපදවා රසායනික ප්‍රතික්‍රියා හා මූලද්‍රව්‍යය සම්මිශ්‍රණය එකම වුවද එහි බලපෑමක් නොමැති වීමයි.
සෝඩියම් ඇමෝනියම් ටාටරේට් හි කුඩා ස්ඵටික පරීක්ෂාවේ දී පාස්චර් දුටු දෙයක් නම්, අසමමිතික ආකාර 2කින් එන ස්පටික එකිනෙකේ තල දර්පණ ප්‍රතිබිම්භ ආකාර ගත් බවයි. සපටිත එවිට පැහැදිලි වූයේ මිශ්‍රණයක් පැවතිය හැකි ආකාර 2ක් පවතින බවයි. මෙම එක් ආකාරයකින් ධ්‍රැවණය වූ ආලෝකය දක්ෂිණාවර්තව භ්‍රමණය කරන අතර, අනෙක වාමාවර්තව භ්‍රමණය කරයි. සම මිශ්‍රණයකින් කිසිදු බලපෑමක් ඇති නොකරයි.මෙමගින් පාස්චර් ඔහුට ඇති වූ ගැටළුව පැහැදිලි කරන ලදී. ගැටළුවට හේතුව අසමමිතිකභාවයයි. එමගින් සංයෝග පැවතිය හැකි ආකාර 2ක් පවතී , නමුත් ජීව විද්‍යාත්මකව එය එකම වර්ගයේ වේ.
මෙය , විරල් අණු පිළිබඳ කිසිවෙකු සොයාගත් පළමු වතාවයි.
පාස්චර්ගේ ස්ඵටික විද්‍යාව පිළිබඳ නිබන්ධනය එම් . පුලියෙට්ගේ අවධානය දිනාගත් අතර, ඔහු පාස්චර්ට ස්ට්‍රැස්බර්ග් පීඨයේ රසායන විද්‍යා මහාචාර්වරයෙකු ලෙස කටයුතු කිරීමට අවස්ථාව සලසා දුනි.
1854 දී ඔහු ලිල් හි ආරම්භ වුණු නව විද්‍යා පීඨයක පීඨාධිපතිවරයා විය. 1856 දී ඔහු ප්‍රංශ උසස් අධ්‍යාපනාලයේ විද්‍යාත්මක පර්යේෂණ පිළිබඳ පරීක්ෂකවරයෙක් හා අධ්‍යක්ෂකවරයෙක් ලෙස පත් කෙරිනි.
වෛද්‍ය විද්‍යාවේ රෝගකාරක පිළිබඳ නියමය
ලුවී පැවසූ අන්දමට , පැසවීමේ ක්‍රියාවලිය සිදුවන්නේ ක්ෂුද්‍ර ජීවීන්ගේ වැඩීම හේතුවෙනි. බැක්ටීරියා පෝෂක මාධ්‍යයක් තුළ ක්ෂුද්‍ර ජීවීන්ගේ වැඩීම ස්වයං සිද්ධ ජනනයක් නොවන අතර, එය ජෛව ජනනයකි. (සියළු ජීවීන් බිත්තරයකින් උපත ලබා ඇත)
ලුවී පාස්චර් පෙරණයක් සහිත බඳුන්වල ගබඩා කළ රත්වූ බැක්ටීරියා පෝෂක මාධ්‍යය වාතයට නිරාවරණය කර එහි අඩංගු වැඩිමේ මාධ්‍යයෙන් ඉවතට යෑම වළක්වන ලදී. පෙරණයක් නොමැති බඳුනක වුව ද, වංගු සහිත නලයක් හරහා වාතය එනවිට සියුම් අංශුවලට ඉවත් වීමේ ඉඩක් නොමැත. එවිට පෝෂක මාධ්‍යයේ කිසිවක් වැඩුණේ නැත. එමනිසා අවට පරිසරයේ එවැනි මාධ්‍යවල වැඩුණු ජීවීන් මෙම මාධ්‍යයට බීජාණු ලෙසින් පැමිණි අතර, ස්වයං සිද්ධව මාධ්‍ය තුළ වැඩුණු මෙය ස්වයං සිද්ධ ජනනය පිළිබඳ නියමය අසත්‍ය බව ඔප්පු කරන අවසාන සහ වැදගත්ම පරීක්ෂණයයි. මෙම පරීක්ෂණය විෂබීජ පිළිබඳ නියමය තහවුරු කරයි.
විෂබීජ පිළිබඳ නියමය යෝජනා නොකළ මුල්ම පුද්ගලයා පාස්චර් නොවුණත් (ගිරෝලැමෝ ෆ්‍රැකැස්ටෝරෝ, අගස්ටිනේ බාසි, ෆ්‍රෙඩ්රික් හෙන්ලි) මෙම නියමය නිවැරදි බවට තහවුරු කරමින් පරික්ෂණ සිදු කර, යුරෝපය පුරාවට මෙම නියමය ගෙන ගිය විද්‍යාඥයා ඔහු විය. වර්තමානයේ ඔහු රොබර්ට් කොෂ්ට සමගාමීව විෂබීජ පිළිබඳ නියමයේ හා බැක්ටීරියා විද්‍යාවේ පියා ලෙස හැඳින්වේ.
පාස්චර් සොයාගැනීම් පෙන්වූ තවත් කරුණක් නම්, ක්ෂුද්‍රජීවීන් පැසවූ පානය දූෂණය කරන බවයි. මේ සමගම, ඔහු එය වැළැක්වීමට ක්‍රියාවලියක් නිර්මාණය කළේය. එනම් , කිරි වැනි ද්‍රව, රත් කළ විට එය තුළ ඇති බැක්ටීරියා ඉවත් කරන බවයි. මේ සම්බන්ධ ප්‍රථම පරීක්ෂණය ඔහු , ක්ලවුඩ් බර්නාඩ් සමග 1862 අප්‍රේල් 20 දින සිදු කළේය. පාස්චරීකරණය ලෙස හඳුන්වන්නේ මෙයයි.
පානීය දූෂණය, ක්ෂුද්‍ර ජීවීන් සතුන් හා මිනිසුන්ට ද බලපෑම් එල්ල කරන බව පාස්චර්ට ඒත්තු ගැන්වීමට සමත් විය. ඔහු, ක්ෂුද්‍රජීවීන්ට සිරුර තුළට ඇතුල්වීම වැළැක්වීමට යෝජනා කළ ක්‍රමය, ජෝසප් ලිස්ටර්ට සැත්කම්වල දී ප්‍රතිපූරක ක්‍රම යොදා ගැනීමට මග පෙන්වීය.
1865 දී, පෙබ්රීන් හා ෆ්ලැකරී නම් වසංගත රෝග 2ක් මගින් ඇලේස්හි සේද පණුවන් විශාල ප්‍රමාණයක් මරණයට පත්විය.පාස්චර් පැවසුවේ මෙයට හේතුව සේද පණු බිත්තරවලට ක්ෂුද්‍රජීවීන් පහර දීම නිසා මෙම රෝගය ඇතිවන බවයි. මෙම ක්ෂුද්‍රජීවියා විනාශ කිරීමෙන් රෝගය නැති කළ හැකි බව ද ඔහු පැවසීය.
පාස්චර් නිර්වායු ජීවීන් පිළිබඳව ද සොයාගත් අතර, එම ක්ෂුද්‍රජීවීන්ට වාතය හෝ ඔක්සිජන් නොමැතිව ජීවත් විය හැක. මෙය පාස්චර් ආචරණය නම් වේ.
රෝග නිරෝධවේදය හා එන්නත්කරණය
පාස්චර් පසුව අවධානය යොමු කලේ කුකුලන්ට වැළදෙන කොළරා රෝගයටයි. මෙහිදී, මෙයට බලපාන බැක්ටීරියා සාම්පලයන් නරක් වීම හේතුවෙන් වහාම, ඇතැම් කුකුළන්කිහිපයක් ආසාදනය කිරීමට නොහැකි විය. පාස්චර් මෙම නීරෝගී කුකුළන් නැවත යොදාගෙන, ඔවුන්ට නැවතත් රෝගය ආසාදනය කිරීමට උත්සාහ කළත් එය අසාර්ථක වුණි. දුර්වල වූ බැක්ටීරියාව, කුකුළන්ට මෙම රෝගය සඳහා නිරෝධනය වීමට උදව් වී ඇති අතර, එහි වූයේ ඉතා සුළු අතුරු ආබාධ පමණි.
වරක් පාස්චර්, ඔහු නිවාඩුවකට යන අවස්ථාවේ දී ඔහුගේ සහායකයා වන චාල්ස් චෙම්බර්ලෑන්ඩ් (ප්‍රංශ ජාතික) ට මෙම කුකුළන්ට එන්නත් කරන ලෙස උපදෙස් පිළිපදිනු වෙනුවට ඔහු ද නිවාඩුවකට පිටත්ව ගියේය. ඔහු ආපසු පැමිණි විට දුටුවේ මාසයක් වයසැති කෘත්‍රීම පෝෂණ වගාව කුකුළන්ට එතරම් සුවදායක නොවුණත් , සුපුරුදු පරිදි ආසාදනය මාරාන්තික වනු වෙනුවට කුකුළන් සම්පූර්ණ සුවය ලබා තිබූ බවයි. චෙම්බර්ලෑන්ඩ් සිතුවේ පරීක්ෂණයේ වැරදීමක් සිදුව ඇති බවයි. එමනිසා ඔහු එය ඉවත් කිරීමට ගියත් ඒ අවස්ථාවේ පාස්චර් ඔහුව නැවැත්වූවේය. පාස්චර් නිගනමය කළේ සුවය ලැබූ සතුන් දැන් රෝගයට නිරෝධනයක් දක්වන බවයි. මේ හා සමානම සිදුවීමක් Eure-et-Loir හි දී ඇන්ත්‍රැක්ස් වෛරසයෙන් සුවය ලැබූ සතුන්ට ද සිදුව තිබිණි.
1870 දී, ඔහු ඇන්ත්‍රැක්ස් සඳහා ප්‍රතිශක්තිකරණ ක්‍රමවේදයක් නිර්මාණය කළ අතර එය ගවයන් සඳහා සාර්ථක වුණි. මේ සමගම පාස්චර්ට අනෙක් ආසාදන සඳහා ද එන්නත් සොයාගැනීමට ආසාවක් ඇති වුණි.
තමා ඇන්ත්‍රැක්ස් එන්නත සෑදුවේ රෝග කාරක බැක්ටීරියාව ඔක්සිජන් සඳහා නිරාකරණය කිරීමෙන් බව පාස්චර් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළේය. දැන් ප්‍රංශයේ Biblotheque Nationale හි ඇති ඔහුගේ විද්‍යාගාර සටහන්වල පෙන්වාදෙන පරිදි පාස්චර් භාවිතා කළේ ඔහුගේ ප්‍රතිවාදියා වන පශු වෛද්‍ය ජීන් ජෝසප් හෙන්රි මවුසන්ට්ගේ ක්‍රමවේදයයි. මෙහිදී සිදු කරන්නේ ඔක්සිකරනයෙන් පොටෑසියම් ඩයික්‍රෝමේට් භාවිතා කිරීමයි. පාස්චර්ට ඇන්ත්‍රැක්ස් එන්නත නිපදවීමේ පේටන්ට් බලපත්‍රය ලැබීමෙන් පසු ඔහු ඔක්සිජන් ක්‍රමවේදය මගින් එන්නත නිපදවීය.
යම් රෝගයක දුර්වල ආකාරයක් වැළඳුණු විට එම වර්ගයා එම රෝගයේ ප්‍රබල ආකාරයටද ප්‍රතිශක්තිය දක්වන බවට ඇති මත පැරණි එකකි. මෙය වසූරිය තිබූ කළ පවා පැවතියකි. වසූරිය සඳහා එන්නත්කරණය පැවතීම හේතුවෙන් මරණ සංඛ්‍යාව විශාල ලෙස පහත වැටුණි. එඩිවර්ඩ් ජෙනර් ද එන්නත්කරණය සොයාගැනීමට පුරෝගාමී වූ අතර, ගව වසූරිය භාවිතයෙන් වසූරිය සඳහා ප්‍රතිශක්තියක් සොයා ගැනීමට (1796 දී) ඔහු වෙහෙසිණි. පාස්චර්ගේ සමය වන විට, මෙය වසූරිය සඳහා එන්නතක් ලෙස භාවිතා විය. වසූරිය එන්නතේ හා කොළරා , ඇන්ත්‍රැක්ස් එන්නත් අතර වෙනස වූයේ රෝග දෙකක දුර්වල අංශ දෙකේ ජීවීන් කෘතීමව ජනනය වීමයි.
මෙම සොයා ගැනීම වසංගත රෝග පිළිබඳ සොයාගැනීම්වල විප්ලවයක් ඇති කළ අතර, පාස්චර් මෙම කෘත්‍රීම, දුර්වල රෝග සඳහා වැක්සිනය යන (ජෙනර්ට ගෞරවයක් වශයෙන්) නම ලබා දීය. පාස්චර් ජලභීතිකාව සඳහා පළමු එන්නත සාවුන්ට එම වෛරසය ලබා දීමෙන් නිපද වූ අතර, අදාල ස්නායු පටකය වියළීමෙන් එම වෛරසය දුර්වල කළේය.
ජල භීතිකා එන්නත මූලිකවම සොයාගත්තේ පාස්චර්ගේ සමකාලිනයෙක් හා ප්‍රංශ වෛද්‍යවරයෙක් වන එමිල් රොක්ස් විසිනි. ඔහු ආසාධිත හාවුනගේ සුසුම්නාව වියළීමෙන් නිපද වූ ප්‍රතිකාරකයක් පිළිබඳ පර්යේෂණ කළ අයෙකි. මෙම එන්නත මිනිසෙකුගේ පරීක්ෂාවට පෙර පරීක්ෂා කර තිබුණේ බල්ලන් එකොළහකගේ පමණි.
මෙම එන්නත මුලින්ම භාවිතා කළේ ජලභීතිකා රෝගය වැළඳුණු නව හැවරිදි ජෝසප් මෙයිස්ටර් නම් කුඩා ළමයෙකු හටයි.( 1885 ජුලි 6) මෙය පාස්චර් හට, මිනීමැරීම් චෝදනා එල්ල විය හැකි තරමේ අවදානමක් වුවද, කුඩා ළමයා ප්‍රතිකාර නොමැති වුවත් අනිවාර්යෙන්ම මිය යන බැවින් ඔහුගේ සහායකයන් සමඟ සාකාච්චාවෙන් පසු ඔහු එම ල්‍රතිකාර කිරීමට වගකීම භාර ගත්තේය. මෙම එන්නත විශ්මයජනක ලෙස සාර්ථක වූ අතර ළමයා රෝගයෙන් දිවි ගලවා ගත්තේය. එබැවින් පාස්චර් වීරයෙකු ලෙස සැලකුණු අතර, මෙම ජයග්‍රහණය නොයෙකුත් එන්නත් සඳහා මග පෑදීය. මේ අනුව පාස්චර් විසින් “පාස්චර් අධ්‍යාපනාලය”ක් ද පිහිට වීය.
පාස්චර් මුහුණදුන් එකම අවදානම නීතිය නොවේ. The Story of San Michele හි ඇක්සෙල් මූන්තේ විසින් පහත වැකිය සඳහන් කරන ලදී.
පාස්චර් වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම නිර්භීත පුද්ගලයෙකි. ජලභීතිකා රෝගය වැළදුණු බල්ලාගේ ඛේටය සාම්පලයක් ගත නොහැකි වූ කල්හි, ඔහු මගේ දෙනෙත් ඉදිරිපිට එම බල්ලාගේ මුඛයෙන් ඛේටය ගැනීමට මඳක්වත් පසුබට නොවීය.
ප්‍රයෝගය පිළිබඳ චෝදනාව
1995 දී ලුවී පාස්චර්ගේ මරණයේ ශත වර්ෂ පූර්ණයේ දී New York Times සඟරාවේ “පාස්චර්ගේ ප්‍රයෝගය” නමින් ලිපියක් පළවුණි. එය ජෙරල්ට් එල්. ගෙයිසන් විසින් පාස්චර්ගේ විද්‍යාගාර සටහන් කියවීමෙන් පාස්චර් පොලි - ලෙ -ෆෝර්ම් හිදී කළ ඇන්ත්‍රැක්ස් එන්නත පිළිබඳ විස්තර සටහන් සාවද්‍ය බව හෙළි විය.
අවසාන දින කිහිපය හා ගෞරවාචාර
පාස්චර් ක්ෂුද්‍රජීව විද්‍යාඥයකුගේ ඉහළම ගෞරව සම්මානය වන ලීවන්හෝක් පදක්කම 1895 දී දිනාගත්තේය.
පාස්චර් “Grand Croix of the Legion of Honor” හි සාමාජිකයෙක් විය. එවන් පුද්ගලයන් මුළු ප්‍රංශයටම සිටියේ 75 පමණි. ඔහු මිය ගියේ 1895 දී ඔහු ප්‍රිය කළ St Vincent de Paul, ගේ කතාවට ඇහුම් කන් දෙමින් සිටින අතරතුරය. ඔහු වළ දැමූයේ නොටර් ඩෑම්හි දේව ස්ථානයේ වුව, ඔහුගේ සියලු පර්යේෂණ ප්‍රංශයේ Institut Pasteur නම් ස්ථානයේ වළ දැමීය. Institut Pasteur හා Université Louis Pasteur ඔහුට ගෞරවයක් වශයෙන් නම් කළ ස්ථාන විය. 1978 දී Michael H. Hart විසින් රචිත The 100A Ranking Of the Most Influential නම් පොතට අනුව ලොව ඉතිහාසයේ වැදගත්ම පුද්ගලයන් අතරින් පාස්චර් 12 වන ස්ථානය ලැබීය. 1992 දී ඔහුට කාල් මාක්ස් පරයා 11වන ස්ථානය ලැබීමට හැකිවිය.
පාස්චර්ගේ වැකි
1864 දී සෝබෝන්හිදී පැවැත්වූ දේශනයක දී පාස්චර් මෙසේ පැවසීය. “ස්වයංසිද්ධ ජනනය පිළිබඳ සිද්ධාන්තය , මේ තරම් සුළු පරීක්ෂණයකින් පෙන්වා දුන් පරිදි, කිසි දිනක සත්‍ය යැයි පැවසිය නොහැක” (ක්ෂුද්‍ර ජීවීන්, පැසවීමට උදව් වන බව පෙන්වීමට යොදාගත් පරීක්ෂණයට අදාලවයි)
මූලාශ්‍ර
භාහිර සබැඳි
විද්‍යාඥයෝ
රසායන විද්‍යාඥයන්
ජීව විද්‍යාඥයන්
|
10,140 |
https://si.wikipedia.org/wiki/%E0%B7%81%E0%B6%9A%E0%B7%8A%E0%B6%AD%E0%B7%92%20%E0%B6%B8%E0%B6%A7%E0%B7%8A%E0%B6%A7%E0%B6%B8%E0%B7%8A
|
ශක්ති මට්ටම්
|
(ඉලෙක්ට්‍රෝන පරමාණුවකට බැඳී සිටින විට න්‍යෂ්ඨියේ සිට එයට ඇති දුරට ප්‍රතිලෝමව සමානුපාතික වන ලෙස විභව ශක්තියක් ගැබ්ව ඇත.) මෙය මනිනු ලබන්නේ ඉලෙක්ට්‍රෝනයක් පරමාණුවක් වෙන් කිරීමට අවශ්‍ය ශක්ති ප්‍රමාණයන් වන අතර සාමාන්‍ය යෙන් එය ඉලෙක්ට්‍රෝන වෝල්ට් (eV) යන ඒකකයෙන් මනිනු ලබයි. ක්වෝන්ටම් යාන්ත්‍රික ව්‍යුහයේදී බැඳුණු ඉලෙක්ට්‍රෝනයකට ලබා ගත හැක්කේ න්‍යෂ්ටියේ මධ්‍යගත වූ තත්ත්වයක් පමණි. එමෙන්ම සෑම තත්ත්වයක්ම විශේෂ ශක්තිමට්ටමකට සම්බන්ධව පවතී. බැඳුණු ඉලෙක්ට්‍රෝනයක පහළම ශක්ති මට්ටම භූමි අවස්ථාව ලෙස හැඳින්වේ. ඉහළම ශක්ති මට්ටම උත්තේජිත අවස්ථාව ලෙස හැඳින්වේ.
ඉලෙක්ට්‍රෝනයක් වෙනස් මට්ටම් දෙකක් යටතේ සංක්‍රමණය වීමට එය එම මට්ටම්වල විභව ශක්තියේ වෙනස්කම් වලට ගැළපෙන සේ ප්‍රෝටෝනයක් ලබා ගැනීම හෝ පිට කිරීම සිදු කරයි. පිට කරන ලද ප්‍රෝටෝනයේ ශක්තිය එහි සංඛ්‍යාතයට සමානුපාතික වේ. (එබැවින් මෙම විශේෂ ශක්ති මට්ටම් විද්‍යුත් බන්ධන කවචයේ වෙනස්කම් ලෙස පෙන්නුම් කෙරේ. න්‍යෂ්ටික ආරෝපණ ඉලෙක්ට්‍රෝන සහ වෙනත් සාධක අතර ඇතිවන විද්‍යුත් චුම්භක ප්‍රතික්‍රියා වැනි දේ මත යැපෙන විශේෂ ගති ඇති කවචයක් සෑම මූලද්‍රව්‍යයකටම ඇත.)
නොකඩවාම වර්ණාවලි ශක්තියක් වායු හෝ ප්ලාස්ම අතරින් යන විට සමහරක් ෆෝටෝන පරමාණු මගින් උරාගන්නා අතර මේ නිසා ඉලෙක්ට්‍රෝන වලට තම ශක්ති මට්ටම් වෙනස් කිරීමට සිදු වේ. මෙම උත්තේජිත ඉලෙක්ට්‍රෝන පරමාණුවට බැඳී පවතින අතර අහඹු දිශාවලට යන ෆෝටෝන ලෙස නිරන්තරයෙන්ම නිකුත් කරයි. එබැවින් පහළ ශක්ති මට්ටම් වලට ඇද වැටේ. මේ ආකාරයට ශක්තිය නිකුත් කිරීමේ අඳුරු අවශෝෂණ කලාපරාශියක් සකස් කරන පෙරහනයක් ලෙස පරමාණු ක්‍රියාත්මක වේ. (පිටින් සිට පරමාණුව නොයෙකුත් දිශාවන්ගෙන් නිරීක්ෂණය කරන්නෙකුට ඔහුගේ අවටින් නිරන්තරයෙන්ම ඇතිවන වර්ණාවලියක් නොමැති හෙයින් පරමාණුවෙන් නිකුත් වන ෆෝටෝනවල පිටවුම් රේඛා රාශියක් මේ වෙනුවට දක්නට ලැබේ.) වර්ණාවලි රේඛාවල ශක්තිය හා පළල පිළිබඳ වර්ණාවලීක්ෂ මිනුම් සංයෝගයක අන්තර්ගතය සහ අඩංගු භෞතික ද්‍රව්‍ය තිරණය කිරීම සඳහා උදව් වේ.
වර්ණාවලිරේඛා වල සියුම් නිරීක්ෂණයන් ෙපන්ණුම් කරන්නේ සමහරක් සියුම් ව්‍යුහ වෙන්වන බවයි. මෙය සිදුවන්නේ බැමීම කක්ෂගත එකතුවීමෙනි. එනම් ඉලෙක්ට්‍රෝනයේ අවට කවචයේ සහ චලනයන්ගේ අන්තර්ක්‍රියාවයි. පරමාණුවක් බාහිර චුම්භක ක්ෂේත්‍රයක් වන විට වර්ණාවලි රේඛා කොටස් 3 කට හෝ ඊට වැඩි ප්‍රමාණයකට බිඳේ.
මෙය සීමන් ආචරණය නැමති සංසිද්ධියයි. මෙය සිදුවන්නේ පරමාණුව සහ එහි ඉලෙක්ට්‍රෝන වල චුම්භක ඝූර්ණය සමඟ චුම්භක ක්ෂේත්‍රය අන්තර්ක්‍රියා සිදුකරන විටයි. එක සමාන ශක්ති මට්ටම්වල බොහෝ ඉලෙක්ට්‍රෝන වින්‍යාශ ලබා ගැනීමට සමහරක් පරමාණුවලට හැක. එවිට එය පෙන්ණුම් කරනු ලබන්නේ තනි (Spectral) පරමාණුක රේඛාවක් ලෙසයි. (75) ඉලෙක්ට්‍රෝන ශක්තිමට්ටම් වැඩි දියුණු කරමින් වර්ණාවලි රේඛා වෙන්වීම හා වෙනස්වීම අභ්‍යන්තර චුම්භක ක්ෂේත්‍රයක් නිසා සිදුවිය හැකිය. බාහිර විද්‍යුත් ක්ෂේත්‍රයක් මගින් ඉලෙක්ට්‍රෝන ශක්ති මට්ටම් නවීකරණය කරමින් මෙම Spectral රේඛාවන්හි සංසන්දනාත්මක බෙදීමක් හා අපගමනයක් සිදුවීම ස්ටාර්ක් ආචරණය නම් වේ. (76)
බැඳුණු ඉලෙක්ට්‍රෝනයක් උත්තේජිත අවස්ථාවේ පවතින විට නියම ශක්ති මට්ටම් සමඟ අන්තර්ක්‍රියා කරන ෆෝටෝනයක් ශක්තිමට්ටම් සමග ගැළපෙමින් උත්තේජනය වූ ෆෝටෝනයක් පිටකරයි. මෙය සිදුවීම සදහා කරනු ලබන ෆෝටෝනයේ ශක්තියට ගැළපෙන පරිදි වෙනස් ශක්තියක් ඇති පහළ ශක්ති මට්ටම්වලට ඉලෙක්ට්‍රෝනය පත්විය යුතුය. පිටකරනු ලබන ෆෝටෝන ගැළපෙන අවධිවලට සමාන්තරව ගමන් කල yutu we. එනම් මෙහි ප්‍රෝටෝන 2ක තරංග ගමන් කිරිම සමමුහුර්ත වේ. මෙම භෞතික තත්ත්වය ලේසර් සකස් කිරීම සඳහා යොදා ගනී. ආලෝක ශක්තියේ සංගත කදම්භයක් පටු සංඛ්‍යාත පටියක යැවීමට ලේසර්වලට හැකියාව ඇත.
en:Atom#Energy_levels
|
10,142 |
https://si.wikipedia.org/wiki/%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AD%E0%B7%92%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B6%BA%E0%B6%9A%E0%B6%BA%E0%B7%9A%20%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B6%B7%E0%B7%8F%E0%B7%80%E0%B6%BA
|
ප්‍රතික්‍රීයකයේ ස්වභාවය
|
ප්‍රතික්‍රීයකයේ භෞතික තත්ත්වය
ප්‍රතික්‍රියා කරන සංඝටකයන් අනුව, ඊට ගත වන කාලය වෙනස් වේ. (ලවණ සෑදීමෙන් සහ අයන හුවමාරුවෙන් සිදුවන අම්ල ප්‍රතික්‍රියා ඉතාම වේගවත් ප්‍රතික්‍රියා වේ.) ප්‍රතික්‍රියාව සෙමින් සිදුවන්නේ අණු අතර සංයුජතා බන්ධන වින්‍යාසය පවතින විට හා අණු විශාල වු විටය.
භෞතික තත්වය
ප්‍රතික්‍රියකයක භෞතික තත්වය (ඝන, වායු, ද්‍රව) ප්‍රතික්‍රියා වේගය වෙනස් කිරීමට ඉවහල් වන ඉතාම වැදගත් සාධකයකි. ජලීය මාධ්‍යයේදී මෙන් ප්‍රතික්‍රීයක එකම කලාපයක තිබෙන අවස්ථාවේදී, තාප චලනය ඒවා එකිනෙක මුණගස්වයි. කෙසේ වුවද, ඒවා වෙනස් කලාපවල තිබෙන අවස්ථාවේදී ප්‍රතික්‍රීයක අතර අන්තර්කලාප වලට ප්‍රතික්‍රියා සිමාවේ. ප්‍රතික්‍රියා සිදු විය හැක්කේ ඒවා සම්බන්ධ විය හැකි පෘෂ්ඨය ඔස්සේ පමණි. ද්‍රව සහ වායු වලදී එය සිදුවන්නේ ද්‍රව මතුපිට පමණි. ප්‍රතික්‍රියාව සම්පුර්ණ වීම සදහා තදබල ලෙස සෙලවීම සහ කලවම් කිරීම අවශ්‍ය වේ. එනම් ඝන සහ ද්‍රව ප්‍රතික්‍රියකයක් කුඩා කොටස් වලට බෙදා වෙන් කරන විට එහි පරිමාට සාපේක්ෂව පෘෂ්ඨීය ක්ෂේත්‍ර ඵලය වැඩි වේ. එමෙන්ම එය අනෙකුත් ප්‍රතික්‍රීයක සමග ගැටෙන වර්ගඵල ප්‍රමාණය වැඩි වී ප්‍රතික්‍රියාව වේගවත් වේ.
උදාහරණයක් ලෙස කිසිවෙක් ගින්නක් ඇවිලු විට, ඔහු කුඩා දර කැබලි සහ අතු කැබලි යොදා ගනී. ඔහු කෙලින්ම විශාල දර කොට යොදා නොගනී.
කාබනික රසායනික විද්‍යාවේදී සමජාතීය ප්‍රතික්‍රියා විෂමජාතිය ප්‍රතික්‍රීයාවලට වඩා වේගයෙන් සිදුවේ යන සංසිද්ධියට ජලයෙහි සිදුවන ප්‍රතික්‍රියා වලට අදාල නොවේ. ඒවා විශේෂිත වූ අවස්ථාවකි.
සාන්ද්‍රණය
සාන්ද්‍රණය, ඝට්ටන වාදයට අනුව ප්‍රතික්‍රියාවේ වැදගත් ස්ථානයක් හිමිකරගනී. මෙයට හේතුව වන්නේ අණු එකිනෙක සමග ප්‍රතික්‍රියා කිරීමට නම් ඝට්ටනය වියයුතු වීමයි. ප්‍රතික්‍රියක වල සාන්ද්‍රණය වැඩි වන විට අණු ඝට්ටනය වීමේ සංඛ්‍යාතය වැඩි වන අතර යම් අවස්ථාවකදී ප්‍රතික්‍රියක එකිනෙක ළගින් පිහිටිමෙන් එකිනෙක සමග ගැටීම හේතුවෙනි. වැසූ බඳුනක පිහිටි ප්‍රතික්‍රීයක 2 ක් පිලිබඳ සිතන්න. එහි ඇති සියළුම අණු නිරන්තරයෙන්ම ඝට්ටනය වේ. එක් ප්‍රතික්‍රීයකයක් හෝ ඊට වැඩි ප්‍රමාණයක ප්‍රතික්‍රීයක ප්‍රමාණය වැඩිකිරීම මගින් මෙම ඝට්ටනය නිරන්තරයෙන්ම සිදු වීමට හැකියාව ඇති වන අතර එබැවින් ප්‍රතික්‍රියා ප්‍රමාණයද වැඩිවේ.
උෂ්ණත්වය
ප්‍රතික්‍රියාවේ වේගය සදහා උෂ්ණත්වය ප්‍රධාන බලපෑම් ඇති කරයි. ඉහළ උෂ්ණත්වයක ඇති අණු වඩා තාපශක්තියක් හිමිකර ගනී. ප්‍රතික්‍රීයක (ප්‍රතික්‍රියක + ප්‍රතික්‍රියක ඵලය)රසායනික ප්‍රතික්‍රියාවකදී රත් කළ විට, වඩාත් ශක්තිමත් අණු සහ පරමාණු වලට එකිනෙක සමඟ ගැටීම සඳහා වඩා හැකියාවක් ඇත. මේ ආකාරයට ඉහළ උෂ්ණත්වයකදී වැඩි ඝට්ටනයක් ඇතිවන්නේ රසායනික ප්‍රතික්‍රියාවකදී ඵලයක් ඇති කරමින්ය. කෙසේ වුවද විශේෂයෙන්ම ඉහළ උෂ්ණත්වයකදී අණු සදහා කම්පන ශක්තියක් ඇත. එනම් පරමාණු ඉතාම තදබල ලෙස කම්පනය වන අතර එබැවින් ඉහළ ගිය උෂ්ණත්වය ඝට්ටන ප්‍රමාණය වැඩි කරනවා පමණක් නොව එම ඝට්ටන පරමාණු ප්‍රතික්‍රීයක අණු නැවත සකස් කරයි. උදාහරණයක් ලෙස ශීතකරණයක් ප්‍රතික්‍රියා වේග මට්ටම අඩු කරනු ලබන්නේ ඒවා අණු සිසිල් කරන බැවිණි. අනෙක් අතට උදුනක් අණු සදහා තාපය ලබාදී ප්‍රතික්‍රියා මට්ටම වැඩි කරයි. එබැවින් ආහාර ඉක්මණින් පිස ගැනීමට හැක.
යම් ප්‍රතික්‍රියාවක චලනය අධ්‍යනය කළ හැක්කේ උෂ්ණත්ව වෙනස් වීමක් පැමිණුන විටයි. මෙම ක්‍රියාවලියේදී උෂ්ණත්වය තියුණු ලෙස ඉහළ නැගීමක් සිදුවිය යුතු අතර, (සමතුලිත ක්‍රියා වලිය අතරතුර මෙය ඉහල්වීමේ එක් අචල අගයකට පත්විය යුතුය.)
උත්ප්‍රේරක
උත්ප්‍රේරකයක් යනු රසායනික ප්‍රතික්‍රියාවකදී ප්‍රතික්‍රියාවේ අතර මැදියෙක් ලෙස එහි වේගය වෙනස් කිරීමට උපකාරීවෙන නමුත් අවසානයේදී රසායනිකව වෙනස් නොවී පවතින්නකි. උත්ප්‍රේරකයක් ප්‍රතික්‍රියාවේ සක්‍රීයන ශක්තිය අඩු කරමින් එහි යාන්ත්‍රණය වෙනස් කිරීමට දායක වේ. ස්වයං උත්ප්‍රේරණයේදී ප්‍රතික්‍රියාවේ ප්‍රතිඵලයම උත්ප්‍රේරකයක් වන අතර එය ප්‍රතික්‍රියාව ධනාත්මක ප්‍රතිචාරයක් වෙත යොමු කරයි. ජෛව රසායන ප්‍රතික්‍රියා වලදී උත්ප්‍රේරකයක් වශයෙන් ක්‍රියාකරන ප්‍රෝටීන්, “එන්සයිම” නම්වේ. මිෂේලිස්-මෙන්ටන් චාලක රසායනය මගින් එන්සයිම ප්‍රතික්‍රියා වල පවතින තත්ත්වය පිළිබද පැහැදිලි කරයි.
ඇතැම් කාබනික අණු වල ඇති විශේෂ අතර මැදි වලට එයට ආසන්නයේ ඇති කාණ්ඩයේ ප්‍රතික්‍රියාවට සහභාගි විය හැක.
මිශ්‍ර කිරීම / සෙලවීමද ප්‍රතික්‍රියාවේ ක්‍රියාකාරීත්වය වැඩි කරන අතර, එමගින් අංශු වල ගැටීම් වැඩි කර විශාල චාලක ශක්තියක් ලබාදෙයි. මෙහිදී අංශුවලට ඉහළ චාලක ශක්තියක් ලැබෙන අතර ප්‍රතික්‍රියක අතර සාර්ථක ඝට්ටනයක් ඇති වේ.
වායුමය ප්‍රතික්‍රියාවක පීඩනය වැඩි කිරීමෙන් එහි ප්‍රතික්‍රියක අතර ඝට්ටන වැඩි කර සීඝ්‍රතාවය වැඩි කළ හැක. මෙය සිදු වන්නේ වායුවේ ආංශික පීඩනය,එහි සක්‍රියතාවට සමානුපාතික බැවින් මෙම ආවරණය, ද්‍රවණයක සාන්ද්‍රණය වැඩි කිරීමට සමාන වේ. උත්ප්‍රේරක මගින් ඉදිරි හා ආපසු ප්‍රතික්‍රියා වල වේග සමානව වැඩි කරන නිසා එමගින් සමතුලිත ලක්ෂ්‍යය වෙනස් නොකරයි.
en:Chemical_kinetics#Factors_affecting_reaction_rate
රසායනික ක්‍රියාවලි
රසායන විද්‍යාව
|
10,144 |
https://si.wikipedia.org/wiki/%E0%B6%B1%E0%B6%BA%E0%B7%92%E0%B6%A7%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8A%20%E0%B6%85%E0%B6%B8%E0%B7%8A%E0%B6%BD%E0%B6%BA
|
නයිට්‍රික් අම්ලය
|
IUPAC නම Nitric acid
අනෙකුත් නම් නයිට්‍රික් ස්ප්‍රිතුව , සැල්පිටිරි අම්ලය
හදුනාගැනීම්
CAS අංකය [7697-37-2]
RTECS අංකය Qu5775000
SMILES O[N+](=O)[O-]
IUPAC නාමය Nitric(V) acid
ගුණ
අණුක සූත්‍රය HNO3
මෞලීය ස්කන්ධය 63.012 g/mol
සාමාන්‍ය පැවැත්ම පැහැදිලි , අවර්ණ , ද්‍රාවණයක්
ඝණත්වය 1.51 g /cm3 අවර්ණ ද්‍රාවණ
ද්‍රවාංකය -420C, 231K , -440F
තාපාංකය 830C , 356K , 1810F
(සංශුද්ධ අම්ල 68% ද්‍රාවණයක් තාපාංකය 120.50C ෙව්)
ජලයේ ද්‍රව්‍යතාව ද්‍රාව්‍යයි
ද්වීධ්‍රැව ඝූර්ණය 2.17 + 0.02 D
අන්තරායකභාව
EU වර්ගීකරණය ඔක්සිකරණ (O)
විඛාදනය (C)
R ප්‍රකාශනය R8, R35
S ප්‍රකාශනය (S ½ , S 23 , S 26 , S 36 , S 45
ජ්වලන අංකය අදාල නොවේ
අදාළ සංයෝග නයිට්‍රස් අම්ලය, ඩයිනයිට්‍රජන් පෙන්ටොක්සයිඩ්
අදාළ සංයෝග
නයිට්‍රස් අම්ලය
ඩයිනයිට්‍රජන් පෙන්ටොක්සයිඩ්
විශේෂයෙන් සදහන් කර නොමැති නම් මුලාශ්‍රවල ද්‍රව්‍ය පිළිබද තොරතුරු සපයන්නේ සම්මත තත්ව වලිනි. (250C හා 100 kPa)
නයිට්‍රික් අම්ලය,(Aqua fortis) හා නයිට්‍රික් ස්ප්‍රිතුව ලෙසද හඳුන්වන අතර එය අධිකවම විඛාදනශීලී හා පිළිස්සුම ඇති කිරිමට ද සමත් අන්තරායක ප්‍රභල අම්ලයකි. නයිට්‍රික් පිළිබඳ වූ මුල්ම සංස්ලේෂණය සඳහන් කරන ලද්දේ ක්‍රි. ව. 800 දී මුස්ලිම් ජාතික ආදි රසායන විද්‍යාඥ ජාබීර් ඉබන් හයියන් විසිනි.
සංශුද්ධ පිරිසිදු අවස්ථාවේ අවර්ණවන අතර කල් යත්ම නයිට්‍රජන්හි ඔක්සයිඩය නිසා කහ පැහැයකට හැරේ. ද්‍රාවණයේ නයිට්‍රික් අම්ලය 86%ට වැඩි නම් එය සධුම නයිට්‍රික් අම්ලය ලෙස හැඳන්වේ. තවද එහි අඩංගු නයිට්‍රජන් ඩයොක්සයිඩ් ප්‍රමාණය අනුව සධූම නයිට්‍රික් අම්ලය රතු සධූම නයිට්‍රික් අම්ලය සහ සුදු සධූම නයිට්‍රික් අම්ලය ලෙස නැවත වර්ග කෙරේ
භාවිත
IWFNA ද්‍රව ඉන්ධන රොකට්ටු තුළ ඔක්සිකාරක් ලෙස ක්‍රියා කරයි. BOMARC මිසයිලය තුළ ඇති ද්‍රව ඉන්ධන සංයෝග තුනෙන් එකක් ලෙස IRFNA හැදින්විය හැක.
නයිට්‍රික් අම්ලය හා ඇල්කොහොල ද්‍රාවණයක් වන , නයිටල් , ලෝහ වල ක්ෂුද්‍ර ව්‍යුහයක් නිරීක්ෂණය සඳහා භාවිතා කරයි.
වාණිජමය වශයෙන් පවතින නයිට්‍රික් අම්ලය 5-30% අතර ප්‍රමාණයක් ද පොස්පරික් අම්ලය 15 – 40% පමණ ප්‍රමාණයක් ද අඩංගු ජලීය මිශ්‍රණයක ආහාර පිරිසිදු කිරීම සඳහා සහ කිරි කර්මාන්තයේ දී භාවිතා වන උපකරණවල අවක්ෂේපිත කැල්සියම් හා මැග්නීසියම් ඉවත් කිරීමට යොදා ගනී. ( ජලය ගලා බැසීම හා නිෂ්පාදනය හා පිරිසිදු කිරීම් ක්‍රියාවලියේදී කඨින ජලය භාවිතය නිසා මෙය සිදු වේ.)
නයිට්‍රෝකරණය
නයිට්‍රෝ ග්ලිසරින් ට්‍රයිනයිට්‍රෝටොලුවීන් (TNT) හා සයික්ලොට්‍රයිමෙතිලීන් ට්‍රයි නයිට්‍ර ඇමීන් (RDX) වැනි නයිට්‍රජන් අඩංගු පුපුරණ ද්‍රව්‍ය සෑදීමේදී හා ඇමෝනියම් නයිට්‍රේට් වැනි පොහොර සෑදිමේදී නියට්‍රික් අම්ලය භාවිත කෙරේ.
ජීර්ණය
ICP –MS හා ICP – AES වැනි මූලද්‍රව්‍ය වර්ගීකරණ ක්‍රම වලදී ,තනුක නයිට්‍රික් අම්ලය මේපල් හා වයින් ද්‍රව කෘතිමව නිර්මාණය කිරීමට යොදාගනී. මෙවැන්නක් සිදු කිරීම සඳහා අති පිරිසිදු අම්ලය අවශ්‍ය වේ.මෙසේ වන්නේ විශ්ලේෂණ ක්‍රියාවලිය සඳහා ඉතා කුඩා ප්‍රමාණයක ලෝහ අයන ප්‍රමාණයක් බලපාන බැවිනි.
දැව කර්මාන්තය
අඩු සාන්ද්‍රණය සහිත (සාමාන්‍යයෙන් 10% ක් පමණ) නයිට්‍රික් අම්ලය මේපල් සහ පයින් දැව කෘතීමව නිර්මාණය කිරීමට යොදා ගනී. සාදන වර්ණය අළු - රත්‍රන් පැහැති පරණ ඉටි හා තෙල් නිමි දැව ආකාරයේ වේ.
අනෙකුත් භාවිතයන්
තනිවම නයිට්‍රික් අම්ලය බොහෝ ලෝහ සමග ප්‍රතික්‍රියා කරන නිසා ලෝහ කර්මාන්තයේදී ශුද්ධ කිර්ම්වල දී හා කාබනික සංස්ලේෂණයේදී යොදා ගැනේ. හයිඩ්‍රො ක්ලෝරික් අම්ලය හා මිශ්‍රව රත්‍රන් හා ප්ලැටිනම් දිය කරන එක් ප්‍රතිකාරකයක් වන රාජ අම්ලය සාදයි.
|
10,150 |
https://si.wikipedia.org/wiki/%E0%B7%83%E0%B7%8A%E0%B6%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%20%E0%B7%83%E0%B6%82%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%92%E0%B6%AD%E0%B7%92%20%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B6%B8%E0%B6%BA
|
ස්කන්ධ සංස්ථිති නියමය
|
ස්කන්ධ සංස්ථිති නියමය එසේත් නැත්නම් පදාර්ථ සංස්ථිති නියමය (හෝ ලොමොනොව් ලැවෝෂියර් නීතිය) කියා සිටින්නේ සංවෘත පද්ධතියක ස්කන්ධය පද්ධතිය තුළ කුමක් සිදුවුවත් නියතයක්ව පවතින බවයි. එනම් පදාර්ථය නැවත සකස් කළ හැකි වුවත් මැවීමට හෝ විනාශ කිරීමට නොහැකි බවයි. එමගින් කියවෙන්නේ සංවෘත පද්ධතියක් තුළ සිදුවන ඕනෑම රසායනික ක්‍රියාවලියක දී ප්‍රතික්‍රියකවල ස්කන්ධය, ඵලවල ස්කන්ධයට සමාන විය යුතු බවයි.
පදාර්ථ සංස්ථිති නියමය (අංශුවල සංස්ථිතික බව හැගවෙන) විශේෂ සාපේක්ෂතාවාදය හා ක්වොන්ටම් යාන්ත්‍රණය පැමිණීමට පෙර තිබු දළ භෞතික විද්‍යාත්මක නීතියක් ලෙස සැලකිය හැක. විවිධ ශක්ති ස්වරූප පද්ධති තුළට හා පද්ධතියෙන් ඉවතට යන පරිදි ඇති විවෘත පද්ධතිවල දී ස්කන්ධය ද සංස්ථිතික නොවේ. කෙසේ වුවත් සංවෘත පද්ධති සදහා ස්කන්ධ සංස්ථිති නියමය ඒවායේ ගම්‍යතා කේන්ද්‍ර අවස්ථිතික රාමුවල අනුසාරයෙන් බැලූ විට නුතන භෞතික විද්‍යාවට අයත් වෙයි.
මෙම ඓතිහාසික සිද්ධාන්තය, රසායන විද්‍යාව, යාන්ත්‍ර විද්‍යාව හා තරල ගතිකය වැනි ක්ෂේත්‍රවල බහුලව යෙදේ.
ඉතිහාසය
ඓතිහාසික වැදගත්කම හා දියුණුව
මුල් කාලීන නමුත් අසම්පූර්ණ ස්කන්ධ සංස්ථිතිය පිළිබඳ නියමයන් 13 වන සියවසේ දී Nasīr al - Dīn al - Tūsī (1201 – 1274) විසින් ආරම්භ කරන ලදී. වස්තුවක් වෙනස් කළ හැකි මුත් අතුරුදහන් කළ නොහැකි බව ඔහු විසින් ප්‍රකාශ කරන ලදී.
1789 දී ස්කන්ධ සංස්ථිති නියමය මුල්වරට පැහැදිලිව ප්‍රකාශයට පත් කළේ (ඒ හේතුව නිසාම රසායන විද්‍යාවේ පියා ලෙස හඳුන්වන)ලැවොෂියර් (1734 – 1794) විසිනි. කෙසේ වුවත් 1748 දී මික්ලේයිල් ලොමොනොසොව් (1711 – 1765) විසින් මීට සමාන අදහසක් ප්‍රකාශයට පත් කර පර්යේෂණ මගින් සනාථ කර තිබිණි. ලැවොෂියර්ගේ කාර්යට දායක වූ අනෙක් අය අතරට ජෝසප් බ්ලැක් (1728 – 1799) හෙන්රි කැවෙන්ඩිෂ් (1731 – 1810) හා ජීන් රේ (1583 -1645) ඇතුළත් වේ.
ඓතිහාසිකව , වායුවල බර තරාදි මගින් මැනනු ලැබූ බවට ප්‍රකාශයට පත් කළ රික්තක පොම්පය සොයාගැනීමට පෙර තේරුම් ගැනීමට නොහැකිව තිබූ වායුවල බර කෙරෙහි පෘථිවි වායු ගෝලය මගින් ඇති කරන උත්ප්ලාවකතා බලපෑම නිසා ස්කන්ධ සංස්ථිතිය අපැහැලිව පැවතුණි. හඳුනාගත් පසු ඇල්කෙමි රසායන විද්‍යාව නූතන රසායන විද්‍යාව බවට පරිවර්තනය වීම සඳහා මෙම ස්කන්ධය හා සම්බන්ධ සංසිද්ධිය ඉවහල් වුනි. රසායනික ද්‍රව්‍ය කිසිලෙසක අතුරුදහන් නොවන බව විද්‍යාඥයන් තේරුම් ගත් විට තුලා පාඨාංක අනුව උත්පාලකතාව ද සැලකිල්ලට ගත් පසු ඔවුන්ට මුල්වරට රසායනික ද්‍රව්‍ය පරිවර්තනය වීම පිළිබදව ප්‍රමාණාත්මකව හැදෑරිය හැකි විය. මෙය මුලද්‍රව්‍ය පිළිබද මෙන්ම සියළුම රසායනික ක්‍රියා හා පරිවර්තන (දහනය හා පරිවෘත්තීය ඇතුළුව) , මූලද්‍රව්‍යවල විවිධ ද්‍රාවණ / බර අතර සරළ ප්‍රතික්‍රියාවක් යන අදහස ද ඇති වීමට මග පාදන ලදී. මෙම නියමය ලොව පුරා විද්‍යාඥයන් විසින් භාවිතයට ගනී.
ව්‍යාපනය
ස්කන්ධ සංස්ථිතිය විශේෂ සාපේක්ෂතාවෙය්දී නොගැළපේ
අංශු පද්ධතියක ස්කන්ධය එම අංශුවල ස්කන්ධවල එකතුවට සමාන වේ යන නියමය ආදී භෞතික විද්‍යාවේදී සත්‍ය වුවත් විශේෂ සාපේක්ෂතාවයේදී එසේ නොවේ. ස්කන්ධ ශක්ති සමතුල්‍යතා සමීකරණය බන්ධිත පද්ධතියක් ඒවායේ කොටස්වල එකතුවට වඩා අඩු ස්කන්ධයක් දක්වන බව හගවයි. එම වෙනස ස්කන්ධ දෝශය ලෙස හදුන්වන අතර එය බන්ධන ශක්තිය - කොටස් එකට තබා ගන්නා බන්ධනයේ ශක්තියයි. (වෙනත් ආකාරයකට ප්‍රකාශ කරනවා නම් ඒවා වෙන් කිරීමට ශක්තිය අවශ්‍යය.) ස්කන්ධ දෝශය ඉහළ යන තරමටම බන්ධන ශක්තිය ද වැඩිවේ. බන්ධිත පද්ධතියක් නිර්මාණය කිරීමට කොටස් එකතුවන විට බන්ධන ශක්තිය නිදහස් වේ. පද්ධතියෙන් ශක්තිය පිටවන විට ස්කන්ධය අඩුවේ.
ස්කන්ධ සංස්ථිතිය, ශක්තිය හා ගම්‍යතාව සංයුක්තකරණය වූ පද්ධතියක සංස්ථිතිය ලෙසද ප්‍රකාශ කළ හැක. එමගින් ද ඕනෑම පද්ධතියක් (ද්වි ෆෝටෝන පද්ධතිය මැන) ඕනෑම නිරීක්ෂකයෙක් සදහා සමාන නොවෙනස් ස්කන්ධයම ලබාදේ.
යුගල නිෂ්පාදනයෙන් නිර්මාණය කරන ලද අංශු සඳහා ද ස්කන්ධ සංස්ථිතිය අදාල වේ. සංවෘත පද්ධතියක නිත්‍ය ස්කන්ධය නව අංශු නිර්මාණය වූ විට වෙනස් නොවේ. සංවෘත පද්ධතියක පද්ධතිය තුළ කුමක් සිදු වුවත් සම්බන්ධවන ඒවායේ ස්කන්ධ නොවෙනස්ව පවතී.
ආශ්‍රිත
Charge conservation
Conservation law
Fick's laws of diffusion
Law of definite proportions
Law of multiple proportions
මූලාශ්‍ර
ස්කන්ධය
සංස්ථිති නියම
භෞතික විද්‍යාව
|
10,159 |
https://si.wikipedia.org/wiki/%E0%B6%86%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B7%92%E0%B6%AD%E0%B7%8F%20%E0%B7%80%E0%B6%9C%E0%B7%94%E0%B7%80%20%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E2%80%8D%E0%B6%AF%E0%B6%BB%E0%B7%8A%E0%B7%81%E0%B6%B1%E0%B6%BA%20%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1%20%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8
|
ආවර්තිතා වගුව ප්‍රදර්ශනය කරන ක්‍රම
|
සම්මත ආවර්තිතා වගුව
ආවර්තිතා වගුවේ මෙම සාමාන්‍ය සැකස්මේදී ලැන්තනයිඩ හා ඇක්ටිනයිඩ අනෙකුත් මූලද්‍රව්‍යවලින් වෙන් කර ඇත. පුළුල් ආවර්තිතා වගුවට f ගොණුව ද ඇතුළත්වේ. ආවර්තිතා වගුවේ දීර්ඝ ආකාරයේ f ගොණුව හා සෛද්ධාන්තික g - ගොණුව අන්තර්ගත වේ.
විකල්ප සංස්කරණ (වගුවේ නිරූපණය)
පුළුල් වගුවෙහි අනෙකුත් මූලද්‍රව්‍ය සමගම ලැන්තනයිඩ හා ඇක්ටිනයිඩ ද ඇතුළත් වේ.
සම්මත වගුවෙහි (ඉහත දක්වා ඇත) මූලික තොරතුරු සපයයි.
සිරස් වගුව පටු පිටු සදහා පහළට රෝල් කර ඇත.
විශාල වගුව මූලික කරුණු මෙන්ම මූලද්‍රව්‍යවල මුළු නම් ද ප්‍රදර්ශනය කරයි.
අති විශාල වගුව ඉහත ඒවා හැරුණු කොට පරමාණුක භාර ද ලබා දේ.
විස්තර වගුවෙහි ප්‍රදර්ශනය වන්නේ අති විශාල වගුවේ කුඩා කළ සංස්කරණයකි.
විද්‍යුත් සෘණතා වගුව මූලද්‍රව්‍යවල විද්‍යුත් සෘණතා සපයයි.
ඉලෙක්ට්‍රෝන සැකැස්ම
ලෝහ හා අලෝහ
ශ්‍රේණි වෙනුවට කාණ්ඩ වර්ණ ගන්වා ඇත.
ශ්‍රේණි වෙනුවට සංයුජතා වර්ණ ගන්වා ඇත.
වෙනත් විකල්ප ආවර්තිතා වගු ද පවතී.
සමහර ආවර්තිත වගුවල ලෝහාලෝහ දිගේ අදුරු පිය ගැට පෙළ රේඛාවක් දක්වා ඇත. රේඛාවෙන් වම් පැත්තේ ලෝහ ද දකුණු පැත්තේ අලෝහ ද තිබේ.
References
http://en.wikipedia.org/wiki/Periodic_Table_of_the_Elements#Methods_for_displaying_the_periodic_table
|
10,166 |
https://si.wikipedia.org/wiki/%E0%B6%B6%E0%B7%92%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B6%BB%E0%B6%BA
|
බිත්තරය
|
බිත්තරයක් () යනු කලලයක් පළමුවෙන් වැඩීම ආරම්භ වන්නාවූ ඓන්ද්‍රිය වාහිනියක් වෙයි. විශේෂයෙන් කුරුල්ලන් බිත්තර මගින් පැටවුන් බිහි කරයි.
විවිධ නිදසුන්
බිත්තර
|
10,168 |
https://si.wikipedia.org/wiki/%E0%B6%9C%E0%B6%9C%E0%B6%B1%20%E0%B6%89%E0%B6%82%E0%B6%A2%E0%B7%92%E0%B6%B1%E0%B7%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%9A%E0%B6%AF%E0%B6%BA
|
ගගන ඉංජිනේරුවේදය
|
ගගන ඉංජිනේරුවේදය එසේත් නැත්නම් අවකාශතලය පිළිබඳ ඉංජිනේරු විද්‍යාව () යනු, ගුවන් යානා හා අභ්‍යාවකාශ යානා පසුපස ඇති මෝස්තරය, නිපදවීම හා විද්‍යාව පිළිබඳ වූ ඉංජිනේරු විද්‍යාවේ අංශකි. අවකාශතලය පිළිබඳ ඉංජිනේරු විද්‍යාව ප්‍රධාන කොටස් 2කට බෙදී ඇත. ගගනගාමී ඉංජිනේරු විද්‍යාව හා අජටාකාශගාමී ඉංජිනේරු විද්‍යාව එම කෙටස් 2යි. ගුවන්යානා සමඟ පෙර පැවති කටයුතු පෘථිවි වායුගෝලය තුළට සීමා වු අතර පසු කාලීනව ගුවන්යානා සමඟ පැවති කටයුතු පෘථිවි වායුගෝලයෙන් පිටත දී ක්‍රියා කරන සුළු ඒවා විය. “ගගනගාමී”යන්න නියම පදය වන අතරතුර දී වඩාත් පුළුල් “අවකාශතලය” භාවිතයේ දී එය අභිබවා ඇත. එසේ වී ඇත්තේ, ගුවන් ගමන් තාක්ෂණය බාහිර වායුගෝලයේ දී (පෘථිවි වායුගෝලයෙන් පිටත) ක්‍රියාත්මක වන ගුවන් යානා අන්තර්ගත වීමට තරම් ඉදිරියට පැමිණ ඇති නිසාවෙනි
අවකාශ තලය පිළිබඳ ඉංජිනේරු විද්‍යාව නිතරම, සාමාන්‍යයෙන් රොකට් විද්‍යාව ලෙස ද හැඳින්වේ.
F-15 ඊගල් හා F-16 ෆැල්කන් යානා සඳහා ප්‍රැට් සහ විට්නි F100 ජෙට් එන්ජින්, ඇමරිකා එක්සත් ජනපදයේ, ජෝර්ජියාවේ, රොබින්ස් ගුවන් හමුදා මූල ස්ථානයේ දී පරීක්ෂා කර බලන ලදී. එන්ජිම පිටුපස ඇති පැදවුම් දණ්ඩ සහිත නලය හඬ අවුරන අතර එන්ජිමෙන් පිටවන දුමාරයට පිටවීමට ඉඩ ලබා දේ.
සාරාංශය
නූතන ගුවන් යානා, වායුගෝලීය පීඩනයේ හා උෂ්ණත්වයේ වෙනස්වීම් හෝ වාහන කොටස් මත යෙදෙන දරුණු ව්‍යුහමය භාරය වැනි දරුණු තත්වයන්ට යටත් වේ. ඒ නිසාවෙන් ඒවා සාමාන්‍යයෙන් , වායු ගතිකය, ගුවන් නැව් හැසුරුමේ දී භාවිත ඉලෙක්ට්‍රොනික තාක්ෂණය, ද්‍රව්‍ය විද්‍යාව හා ප්‍රචාලනය අන්තර්ගත විවිධ තාක්ෂණයන් සමූහයකගේ නිමැවුමකි. මෙම තාක්ෂණයන් සමූහය එක්ව ගත් කළ අවකාශ තලය පිළිබඳ ඉංජිනේරු විද්‍යාව ලෙස සැලකේ. කේෂ්ත්‍රයේ ඇති සංකීර්නතාවය නිසා අවකාශ තලය පිළිබඳ ඉංජිනේරු විද්‍යාව එකිනෙකට සුවිශේෂී වූ විද්‍යාවේ අංශයන් පිළිබඳ විශේෂඥතාවයක් දක්වන ඉංජිනේරුවන් කණ්ඩායමක් විසින් මෙහෙයවනු ලැබේ. ගුවන් යානයක වර්ධනය හා නිෂ්පාදනය, හැකියාවන්, කාර්ය සාධනය, ලබා ගත හැකි තාක්ෂණය හා වියදම් අතර සැලකිලිමත් සමබරතාවය හා එකඟතාවය මත රඳා පවතී.
ආශ්‍රිත ලිපි
American Institute of Aeronautics and Astronautics
American Helicopter Society International
Flight test
Glossary of aerospace engineering
Index of aerospace engineering articles
List of aerospace engineering schools
List of aerospace engineers
List of Russian aerospace engineers
Sigma Gamma Tau – aerospace engineering honor society
Space Power Facility
පාද සටහන්
මූලාශ්‍ර
භාහිර සබැඳි
NDTAeroTech.com, The Online Community for Aerospace NDT Professionals
Air Service Training Aviation Maintenance UK
Question and Answer
Aircraft maintenance
|
10,169 |
https://si.wikipedia.org/wiki/%E0%B6%A7%E0%B7%9A%E0%B6%BD%E0%B6%BB%E0%B7%8A%20%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%9A%E0%B6%AB%E0%B7%92%E0%B6%BA
|
ටේලර් ශ්‍රේණිය
|
මෙහිදී ශ්‍රේණි වල ව්‍යාප්තිය වෙනතකට යොමු විය. මෙම පදයේ වෙනත් අදහස්, මත සදහා ශ්‍රේණි පාඩම බලන්න.
ටේලර් බහු පද ප්‍රකාශන වල තත්ත්වය ඉහළ යාමත් සමග, එය පිලිගත් ශ්‍රිතයක් බවට පත් විය. මෙම සංකල්පය ටේලර් සන්නිකර්ෂණය, 1,3,5,7, ,11 හා 13 යන අනුක්‍රමයේ බහුපද සහ Sinx ගෙන හැර පායි.
ගණිතයේදී ටේලර් ශ්‍රේණිය, තනි ලක්ෂ්‍යයකදී එහි ව්‍යුත්පන්නයන්ගේ වටිනාකම් වලින් අපේක්ෂා කල පදවල අපරිමිත එකතුව දක්වන ශ්‍රිතයක නිරූපණයකි. එය ඇතැම් විට, ටේලර් බහු පද ප්‍රකාශන වල සිමාව ලෙසද සැලකිය හැක. ඉංග්‍රීසි ජාතික ගණිතඥ බෲක් ටේලර්ට ගරුකිරීමක් වහයෙන් ටේලර් ශ්‍රේණි නම් කර ඇත. යම් ශ්‍රේණියක් ශූන්‍යයේදී ව්‍යුත්පන්නයන් භාවිතා කරයි නම් එම ශ්‍රේණිය ස්කෝට්ලන්ත ජාතික ගණිතඥ කොලින් මැක්ලෝරියන්ට පසුව නම් කරන ලද මැක්ලෝරියන් ශ්‍රේණිය ලෙසත් හදුන්වනු ලැබේ.
ශ්‍රේණි
ගණිතය
pl:Wzór Taylora#Szereg Taylora
|
10,172 |
https://si.wikipedia.org/wiki/%E0%B6%B6%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%9A%E0%B6%A7%E0%B6%B1%E0%B7%8A%20%E0%B6%A0%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%BA
|
බ්‍රේටන් චක්‍රය
|
බ්‍රේටන් චක්‍රය යනු නියත පීඩන චක්‍රයකි. එය වායු ට’බයින් එන්ජින්වල ක්‍රියාව, ජෙට් එන්ජින්වල මූලධර්ම හා වෙනත් දේවල් විස්තර කරයි. එය එම අදහස වර්ධනය කළ ඇමෙරිකානු ඉංජිනේරුවරයෙකු වූ ජෝජ් බ්‍රේටන්ට (1830 – 1892) පසුව නම් කරන ලදී. එසේ වුවත් එය සැබවින්ම ෙයාජනා කරන ලද්දේ 1791 දී බාබර් විසිනි. එය ඇතැම් විට ජෝයුලි චක්‍රය ලෙසද හඳුන්වනු ලැබේ. එරික්සන් චක්‍රය ද එවැන්නක් වන නමුත්, භාහිර තාපය භාවිතා කරන අතර ප්‍රතිජනකයක භාවිතය අන්තර්ගත වේ.
ඉතිහාසය
1872 දී ජෝජ් බ්‍රේටන්, ඔහුගේ රෙඩී මෝටරය සඳහා ජෙටන්ට් බලපත්‍රයකට ඉල්ලුම් කළේය. එම එන්ජිමේ වෙනම පිස්ටන සම්පින්ඩකයක් හා ප්‍රසාරකයක් භාවිතා කරන ලදී. සම්පීඩිත වාතය අභ්‍යන්තර ගින්නක් මගින් ප්‍රසාරක සිලිණ්ඩරයකට ඇතුළු වීමේ දී රත් කරන ලදී. බ්‍රේටන්, පිස්ටන් එන්ජිම හැරුණු විට වෙනත් කිසිදු දෙයක් නිපද නොවූ නමුත්, වර්තමානයේදී බ්‍රේටන් චක්‍රය යන පදය ගෑස් ට’බයින සමග සාමාන්‍යයෙන් සම්බන්ධ වී පවතී.
වෙනත් අභ්‍යන්තර දහන බල චක්‍ර මෙන්ම බ්‍රේටන් චක්‍රය ද විවෘත පද්ධතියකි. එසේ නමුත්, තාපගති විද්‍යාත්මක විශ්ලේෂණය සඳහා එය පිටවන වායූන් චූෂණයේදී නැවත භාවිතා කරන බව සංවෘත පද්ධතියක් මෙන් විශ්ලේෂණය කිරීමට හැකියාව ලබාදෙමින් සම්ප්‍රධානුකූලව පිළිගනු ලැබේ.
|
10,174 |
https://si.wikipedia.org/wiki/%E0%B6%91%E0%B6%B1%E0%B7%8A%E0%B6%A2%E0%B7%92%E0%B6%B8
|
එන්ජිම
|
එන්ජිමක් යනු දීඇති යෙදවුමකින් කිසියම් ආකාරයක ප්‍රතිදානයක් නිපදවන යාන්ත්‍රික උපාංගයකි.
යුධ හමුදාමය එන්ජින් වලට වටලෑමට වුවමනා එන්ජින්,විශාල කැටපෝල , ගල් විදින සහ දොරක් හෝ ඇවුරුමක් බිඳිමට යොදාගන්නා බර මුගුරක් වැනිදේ අයත් වේ.
ඉන්ධන ප්‍රභවයක් චාලක ශක්ති ප්‍රතිදානයක් නිපදවීම අරමුණ කරගත් එන්ජිමක් , ප්‍රධාන සංචලකයක් ලෙස හැඳින්වේ.එසේ නැතිනම් මෝටරය යනු පෙර සැකසුම් කරන ලද “ඉන්ධන” (විදුලි බලය ,ද්‍රාව තරල ප්‍රවාහයක් හෝ සම්පීඩන වාතය වැනි) භාවිතයෙන් චාලක ශක්තිය නිපදවන උපාංගයකි.
එන්ජිම ප්‍රථමයෙන් භාඩ්හ දහන එන්ජිම හා අභ්‍යන්තර දහන එන්ජිම ලෙස වර්ග කෙරේ.
කාරයකට, ආරම්භක මෝටරය ,ඉදිරිපස වීදුරුව පිසදමන මෝටරය ,ඉන්ධන පොම්ප කිරීමේ මෝටරය සහ කාරය අභ්‍යන්තරයෙන් පැති කන්නාඩි ගැලපීමට භාවිතාවන සහ (මෝටර් සවි කරන ලද) රේඩියෝ ඇන්ටනාව අයත් වේ. නමුත් එන්ජිම යනු, කාරය පදවාගෙන යන විදුලි බලාගාරයයි.
තාක්ෂණයේ ඉතිහාසය
|
10,176 |
https://si.wikipedia.org/wiki/%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AE%E0%B6%B8%E0%B6%9A%20%E0%B7%83%E0%B6%82%E0%B6%9B%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F
|
ප්‍රථමක සංඛ්‍යා
|
ගණිතයේදී ප්‍රථමක සංඛ්‍යාවක් හෝ ප්‍රථමකයක් ලෙස හැදින්වෙන්නේ 1 න් හා එම සංඛ්‍යාවෙන්ම පමණක් බෙදිය හැකි 1 ට වැඩි ප්‍රකෘති සංඛ්‍යාවක් වේ. ක්‍රි.පු. 300 දී පමණ යුක්ලීඩ් විසින් ආදර්ශනය කර ඇති පරිදි ප්‍රථමක සංඛ්‍යා අපරිමිතයක් පවතී. මුල් ප්‍රථමක සංඛ්‍යා 30 පහත දැක්වේ.
2,3,5,7,11,13,17,19,23,29,31,37,41,43,47,53,59,61,67,71,73,79,83,89,97,101,103,107,109,113, (OEIS හි A 000040 අනුක්‍රමය)
මීට වඩා දිගු ලයිස්තුවක් සදහා “ප්‍රථමක සංඛ්‍යා ලයිස්තුව” බලන්න. අර්ථ දැක්වීම් අනුව 1 ප්‍රථමක සංඛ්‍යාවක් නොවේ. 1 හි ප්‍රථමක බව පිළිබඳ පහතින් දක්වා ඇති සාකච්ඡාමය කරුණු දැක්වීම බලන්න.
එනමුත් දැන් වර්තමානයේ ප්‍රථමක සංඛ්‍යා
හැදින්වෙන්නේ මෙයාකාරයටය.සාදක දෙකක් පමණක් ඇති සංඛ්‍යා ප්‍රථමක සංඛ්‍යා වේ.
ප්‍රථමක වීමේ ගුණය ප්‍රථමක බව හෙවත් ප්‍රථමකත්වය ලෙස හැදින්වේ. ඉංග්‍රීසි භාෂාවේදී ප්‍රථමක හදුන්වන “Prime” යන පදය විශේෂ පදයක් ලෙසද යොදා ගැනේ. අංක 2 එකම ඉරට්ටේ සංඛ්‍යාව බැගින් 2ට වැඩි සියළු ප්‍රථමක ඔත්තේ ප්‍රථමක වේ.
ප්‍රථමක සංඛ්‍යා පිළිබඳ අධ්‍යයන ප්‍රකෘති සංඛ්‍යා අධ්‍යයනය සඳහා වු ගණිත ක්ෂේත්‍රය වන සංඛ්‍යාවාදයට අයත් වේ. තීව්‍ර පරීක්ෂණයන්ට භාජනය වි ඇතත් රීමන් කල්පිතය සහ ගෝඩ්බාක් ඌනනය වැනි ප්‍රථමක සංඛ්‍යා පිළිබඳ මූලික ගැටළු කිහිපයක් සදහා ශත වර්ෂයකට අධික කාලයක් පුරා විසදුම්වලින් තොරව පවතී. ප්‍රථමක සංඛ්‍යා ව්‍යාප්තිය පිළිබඳව ආදර්ශයක් ගොඩනැගීම සංඛ්‍යාවාදීන් අතර වඩාත් අවධානයට ලක්වු විෂය පථයකි. තනි තනි සංඛ්‍යා සැලකූ විට ප්‍රථමක සංඛ්‍යා අහඹු විසුරුමක් පෙන්වන සේ හැගෙන නමුදු සමස්ථයක් ලෙස ගත් කල ප්‍රථමක සංඛ්‍යා පැහැදිලිව අර්ථ දක්වා ඇති නියම කිහිපයක් මත පදනම් ව ව්‍යාප්ත වී තිබේ.
ප්‍රථමක සංඛ්‍යා පිළිබඳ සංකල්පය ගණිතයේ විවිධ ක්ෂේත්‍රයන් තුල සාධාරණීකරණයට ලක්ව තිබේ. අමුර්ත වීජ ගණිතයට අයත් ශාඛාවක් වන වලය වාදයේදී ප්‍රථමක අංගයක් යන පදයට නිශ්චිත අර්ථයක් ඇත. මෙහිදී නිශ්-ශුන්‍ය, ඒකීය නොවන a නම් වලය අංගය බලය අංගයක් වන b හා c සදහා bc බෙදයි නම් සහ අවම වශයෙන් b හෝ c වලින් එකක් හෝ a මගින් බෙදිය හැකි නම් එවිට a ප්‍රථමකයක් ලෙස අර්ථ දක්වනු ලැබේ. මෙම අර්ථයට අනුව ඕනෑම ප්‍රථමකයක ආකල ප්‍රතිලෝමයද ප්‍රථමක වේ. වෙනත් අයුරකින් කිවහොත් නිඛිල කලනය වලයක් ලෙස සලකන විට -7 ප්‍රථමක වේ. නමුත් වැඩි දුර පැහැදිලි කිරිමක් / අර්ථ දැක්වීමක් නොමැතිව ප්‍රථමක සංඛ්‍යාවක් යැයි පවසන විට එමගින් නිරන්තරයෙන්ම ධන නිඛිල ප්‍රථමකයක් නිරූපණය වේ. මෙම කරුණු යටතේ සංකිර්ණ වීජීය ප්‍රථමක අතරින් අයින්ස්ටයින් ප්‍රථමක හා ගෝසියානු ප්‍රථමක ඇතැම්විට ආකර්ෂණීය ස්වභාවයක් දරයි.
නොට් වාදයේදී ප්‍රාථමික කොටසක් යනු ඊට අඩු වටිනාකමකින් යුත් සරු කොට යුගලක නොට් එකතුව ලෙස ලිවිය නොහැකි කොටසක් වේ.
ප්‍රථමක සංඛ්‍යා
|
10,177 |
https://si.wikipedia.org/wiki/%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%92%E0%B7%83%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%20%E0%B6%89%E0%B6%82%E0%B6%A2%E0%B7%92%E0%B6%B1%E0%B7%9A%E0%B6%BB%E0%B7%94%20%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B7%80
|
පාරිසරික ඉංජිනේරු විද්‍යාව
|
පරිසරය වඩා යහපත් බවට පත් කිරීමට (වාතය, ජලය සහ/ හෝ භූ සම්පත්) මිනිස් වාසස්ථාන සඳහා හා වෙනත් ජීවීන් සඳහා සෞඛ්‍ය සම්පන්න ජලය, වාතය සහ භූමිය සැපයීමට සහ දූෂිත ප්‍රදේශ ප්‍රකෘතිමත් කිරීමට, විද්‍යාවේ සහ ඉංජිනේරු ශිල්පීය මූලධර්මවල භාවිතය, පාරිසරික ඉංජිනේරු විද්‍යාව වේ.
පාරිසරික ඉංජිනේරු විද්‍යාව, ජල හා වායු දූෂණය පාලනය කිරීම, ප්‍රතිචක්‍රීයකරණය, අපද්‍රව්‍ය කළමනාකරණය සහ මතභේදයට වාදයට, විනිශ්චයට පාදක වන පොදු සෞඛ්‍ය ගැටළු මෙන්ම පාරිසරික ඉංජිනේරු නීතිය පිළිබඳ දැනුමක් යනාදිය සම්බන්ධ කරගෙන ඇත. එහි තවදුරටත්, යෝජිත නිර්මාණ ව්‍යාපෘතිවල පාරිසරික බලපෑම පිළිබඳ අධ්‍යයනයන් ද අන්තර්ගත වේ.
පාරිසරික ඉංජිනේරුවෝ, එවැනි උපද්‍රවවල වැදගත්කම අගය කිරීම සඳහා අන්තරාය කර අපද්‍රව්‍ය කළමනාකරණ අධ්‍යයනයන් මෙහෙයවති. පිළියම් සහ විරුද්ධ මතයක පැතිරීම වළක්වාලීමේ පිළිවෙත පිළිබඳ උපදෙස් දෙති. එමෙන්ම ප්‍රමාද දෝෂ වැළැක්වීමට නීති රීති වැඩි දියුණු කරති. පාරිසරික ඉංජිනේරුවන් නාගරික ජල සැපයුම් සහ කාර්මික අප ජලය පිරියම් කිරීමේ පද්ධති සැලසුම් කිරීමත් සිදු කරයි. එමෙන්ම අම්ල වැසිවල බලපෑම, ඕසෝන් වියන ක්ෂය වීම, මෝටර් රථවලින් පිටවන දුමාරයෙන් සහ කාර්මික ප්‍රභවවලින් සිදුවන ජල දූෂණය හා වායු දූෂණය වැනි දේශීය හා ලෝකයටම බලපාන පාරිසරික ගැටළු පිළිබඳව සැලකිල්ලෙන් ද පසු වෙති.
විද්‍යාව
ru:Охрана окружающей среды#Энвайронментализм
|
10,180 |
https://si.wikipedia.org/wiki/%E0%B6%85%E0%B6%B0%E0%B7%92%E0%B7%80%E0%B7%9A%E0%B6%9C%E0%B7%93%20%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%9C%20%E0%B6%89%E0%B6%82%E0%B6%A2%E0%B7%92%E0%B6%B1%E0%B7%9A%E0%B6%BB%E0%B7%94%20%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B7%80
|
අධිවේගී මාර්ග ඉංජිනේරු විද්‍යාව
|
අධිවේගී මාර්ග ඉංජිනේරු විද්‍යාව යනු කාර්යක්ෂම සහ ආරක්ෂාකාරී අධිවේගී මාර්ග පද්ධතියක් ගොඩනැංවීමේ ක්‍රමවේදයකි. 20 වැනි සියවසේ දී එය කැපී පෙනෙන වර්ධනයක් අත් කරගෙන ඇති අතර එය සිවිල් ඉංජිනේරු විද්‍යාව තුළ වෙනම ඒකකයක් ලෙස ද ගොඩනැංවී ඇත. අධිවේගී මාර්ග ඉංජිනේරු විද්‍යාවේ ගුණාත්මක භාවයන් නිරන්තරයෙන් වර්ධනය වේ. මාර්ගවල තත්වය, මතුපිට ස්පර්ශයේ ස්වභාවය දර්ශනපත පරාසය, සමතලා වංගුවල අරය සහ වේගය නිර්ණය කරනු ලබන විචලනාත්මක බෑවුම් , අභ්‍යන්තර වෙනස්වීම් යන මේ සියලුම සංකල්පයන් අධිවේගී මාර්ග ඉංජිනේරු විද්‍යාවේ වැදගත් වේ. බොහෝ සංවර්ධිත රටවල පැතිරුණු අධිවේගී මාර්ග ජාලයක් පවතී.
එකසත් ජනපදය තුළ මාර්ග ගොඩනැංවීමේ රීති තත්ව තීරණය වනුයේ “අධිවේගී මාර්ග සහ ප්‍රවාහන අධිකාරිය පිළිබදව වන ඇමරිකානු සංගමයේ” ප්‍රකාශනවලින් සහ මෙම ක්ෂේත්‍රය පිළිබඳ පරීක්ෂණ පවත්වන “ප්‍රවාහන පරීක්ෂණ මණ්ඩලය” “ප්‍රවාහන ඉංජිනේරු ආයතනය” “ඒකාබද්ධ අධිවේගී මාර්ග පාලන මණ්ඩලය” සහ “ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ” නියමයන් පරිදිය.
ඉංජිනේරු විද්‍යාව
|
10,181 |
https://si.wikipedia.org/wiki/%E0%B6%B4%E0%B7%92%E0%B7%85%E0%B7%92%20%E0%B7%80%E0%B7%9B%E0%B6%BB%E0%B7%83%20%E0%B6%B8%E0%B7%98%E0%B6%AF%E0%B7%94%E0%B6%9A%E0%B7%8F%E0%B6%82%E0%B6%9C%20%E0%B7%84%E0%B7%8F%20%E0%B6%85%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%AD%E0%B7%8A%20%E0%B7%80%E0%B7%90%E0%B7%85%E0%B7%90%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B7%9A%20%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8
|
පිළි වෛරස මෘදුකාංග හා අනෙකුත් වැළැක්වීමේ ක්‍රම
|
බොහෝමයක් පරිශීලකයන්, පරිගණකය මඟින් බාගත කිරීමෙන් පසුව හෝ ක්‍රියා කරනවන්න (executable) ධාවනය කිරීමෙන් පසුව දන්නා වෛරස අනාවරණය කර නිශේදනය කරන පිළි වෛරස මෘදුකාංග ස්ථාපනය කරයි. පිළි වෛරස මෘදුකාංග යෙදුම් වෛරස අනාවරණය කර ගැනීමට බහුලව ක්‍රම 2ක් භාවිතා කරයි. පළමු වැන්න, බොහෝ දුරට බහුලවම භාවිතා වන ක්‍රමය, වන්නේ වෛරස අත්සන් අර්ථ දැක්වීම් ලැයිස්තුවක් යොදා ගෙන සිදු කරන ක්‍රමයයි. මෙය ක්‍රියාත්මක වන‍්නේ පරිගණක මතකය (එහි RAM හා බූට් සෙක්ටර්ස්) හා ස්ථාවර හෝ ජංගම ධාවකවල (දෘඩ ධාවන හා ෆ්ලොපි ධාවක) ගබඩා කර ඇති ගොනු පරික්ෂා කර එම ගොනු දන්නා වෛරස “අත්සන්” වල දත්ත සමූදායක් සමඟ සැසඳීමෙනි. මෙම අනාවරණ ක්‍රමයේ අවාසිය වනනේ පරිශීලකයන් ආරක්ෂා වන්නේ ඔවුන්ගේ අවසාන වෛරස අර්ථ දැක්වීම් යාවත්කාලීනයට (virus definition update) පෙර වූ වෛරස වලින් පමණි. දෙවැනි ක්‍රමය, සාමාන්‍ය හැසිරීම් මත පදනම් වූ වෛරස සෙවීමට ස්වයං ග්වේෂණ ක්‍රමයක් යොදා ගනී. මෙමෙ ක්‍රමයේ දී “අත්සන්” නිර්මාණය කර නැති වෛරස පවා අනාවරණය කර ගැනීමේ හැකියාව ඇත.
සමහරක් පිළි වෛරස මෘදුකාංගවලට යමින් හා එමින් පවතින ඊ තැපැල්වලට අමතරව විවෘත ගොනු සමාන ආකාරයටම පරීක්ෂා කළ හැක. මෙම ක්‍රමය “ඔන් ඇක්සස් ස්කෑනින්” ලෙස හඳුන්වයි. පිළි වෛරස මෘදුකාංගයක්, සත්කාරක මෘදුකාංගයට වෛරස සම්ප්‍රේක්ෂණය කිරීමේ සැඟවූ හැකියාව වෙනස් නොකරයි. පරිශීලකයන් ඔවුනගේ ආරක්ෂක හිඩැස් පුරවා ගැනීමට ඔවුන්ගේ මෘදුකාංග නිතර යාවත් කාලීන කළ යුතුය. නවතම තර්ජනවලින් ආරක්ෂා වීමට ද පිළි වෛරස මෘදුකාංග නිතර යාවත් කාලීන කළ යුතුය.
තවත් අයෙක් වෙනත් මාධ්‍ය මත දත්ත ( හා මෙහෙයුම් පද්ධති) වල රක්ෂිත (backup) ඇති කර වෛරස මඟින් ඇතිවන හානිය වළක්වා ගනී. මෙම වෙනත් මාධ්‍ය , පද්ධතියට සම්බන්ධ නොකර හෝ (බොහෝ විට) කියවීමට පමණක් (read only) හෝ වෙනත් ගොනු පද්ධතියක් භාවිතා කිරීම වැනි වෙනත් කාරණයක් නිසා ප්‍රවේශ විය නොහැකි ලෙස තබා ඇත. මෙම ක්‍රමයේදී වෛරසයක් මඟින් දත්ත නැති වුවහෝත රක්ෂිතය (අලුත් එකක් විය යුතුය) මඟින් නැවත ආරම්භ කළ හැක. රක්ෂිතය CD හෝ DVD වැනි ප්‍රකාශ මාධ්‍යයක තිබේ නම් හා එය සංවෘත නම් එය කියවීමට පමණක් වන අතර තවදුරටත් වෛරස මඟින් ආසාදනය විය නොහැකිය. ඒ ලෙසට ස්ථාපිත කර ඇති මෙහෙයුම් පද්ධතිය භාවිතා කළ නොහැකි තත්වයට පත් වුව හෝත බූටබල් (bootable) එකක් මත වූ මෙහෙයුම් පද්ධතියකින් පරිගණකය ආරම්භ කළ හැක. තවත් ක්‍රමයක් වන්නේ වෙනස් ගොනු පද්ධතියක් , වෙනස් මෙහෙයුම් පද්ධතියක් භාවිතා කිරීමයි. වෛරසයක් එවිට දෙකම ආසාදනය නොකරයි. දත්ත රක්ෂිත ද වෙනත් ගොනු පද්ධතිවල ගබඩා කර තැබිය හැකිය. උදාහරණ ලෙස NTFS ගොනු පද්ධතියක් මත ලිවීමට ලිනක්ස් හට විශේෂිත මෘදුකාංග අවශ්‍යය. එමනිසා අයෙක් එවැනි මෘදුකාංග ස්ථාපනය නොකර NTFS කොටසක් මත රක්ෂිත ඇති කිරීමට වෙනම MS වින්ඩෝස් ස්ථාපනයක් භාවිතා කරයි නම්, රක්ෂිතය ලිනක්ස් වෛරස වලින් ආරක්ෂා විය යුතුය. එලෙසම MS වින්ඩෝස් හට ext3 වැනි ගොනු පද්ධති කියවිය නොහැක. එමනිසා අයෙක් සාමාන්‍යයෙන් භාවිතා කරන්නේ MS වින්ඩෝස් නම්, රක්ෂිතය ලිනක්ස් මෙහෙයුම් පද්ධතිය භාවිතයෙන් ext3 කොටසක් මත ස්ථාපනය කළ හැක.
References
http://en.wikipedia.org/wiki/Computer_virus#Anti-virus_software_and_other_preventive_measures
|
10,184 |
https://si.wikipedia.org/wiki/%E0%B6%85%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BB%E0%B7%8A%20%E0%B6%A2%E0%B7%8F%E0%B6%BD%E0%B6%BA%E0%B6%A7%20%E0%B6%B4%E0%B7%99%E0%B6%BB
|
අන්තර් ජාලයට පෙර
|
1950 හා 1990 මුල් කාලයේ පුළුල්ව පැතිරුණු අන්තර් ජාලකරණය කිමෙක් ද යත් අන්තර් ජාලයට මුලිකත්වය ගත් පැමිණීමට පෙර බොහෝ සන්නිවේදන ජාල , ජාලයේ පොළවල් අතර සන්නිවේදනයට පමණක් ඉඩ හැරීමට එහි ස්වභාවය සීමා කර තිබුණි. සමහර ජාල අතර ද්වාර හෝ සේතු තිබුණු නමුදු එම සේතු බොහෝ විට සීමා සහිත හෝ එක් භාවිතයකට විශේෂව සාදා තිබුණි. එක් ව්‍යාප්ත පරිගණක ජාලකරණ ක්‍රමය මධ්‍යම ප්‍රධාන සැකසුම් ඒකක ක්‍රමය මත පදනම් වී , සරලව එහි පර්යන්ත බදු / බැදුනු මාර්ග ඔස්සේ සම්බන්ධ වීමට ඉඩ හරින ලදී. 1950 දී මෙම ක්‍රමය RAND ව්‍යාපෘතිය මගින් භාවිතා කළේ පීටස්බර්ග් පෙනිසෙල්වේනියා හි හර්බට් සීමන් වැනි ගවේෂකයන් මහද්වීප හරහා ස්වයංක්‍රීයව ක්‍රියා කිරීමේ සිද්ධාන්තය ප්‍රත්‍යක්ෂ කරමින් හා කෘතීම බුද්ධිය ගැන සුලිවාන් ඉලිනොයිස් හි ගවේෂකයන් හා සහයෝගයෙන් කටයුතු කිරීමට සහයෝගය දැක්වීය.
References
http://en.wikipedia.org/wiki/History_of_the_Internet#Before_the_Internet
|
10,186 |
https://si.wikipedia.org/wiki/%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AE%E0%B6%B8%E0%B6%9A%20%E0%B7%83%E0%B6%82%E0%B6%9B%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%20%E0%B6%B7%E0%B7%8F%E0%B7%80%E0%B7%92%E0%B6%AD%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A
|
ප්‍රථමක සංඛ්‍යා භාවිතයන්
|
දීර්ඝ කාලයක් තිස්සේම සංඛ්‍යාවාදය සහ විශේෂයෙන්ම ප්‍රථමක සංඛ්‍යා පිළිබඳ අධ්‍යයනය කිසිදු ප්‍රායෝගික භාවිතයකින් තොර ස්වකැමැත්ත මත අධ්‍යයනය කරනු ලබන ශුද්ධ ගණිතමය මාතෘකාවක් සඳහා සරලම උදාහරණය ලෙස සැලකිණි. විශේෂයෙන්ම බ්‍රිතාන්‍ය ජාතික ජී.එච්. හාඩි වැනි අංක ගණිතවාදීන් කිසිම යුදමය වැදගත්කමකින් තොර වූ සිය ක්‍රියාකාරකම් ගැන ආඩම්බර වූහ. නමුත් මෙම මතය 1970 දී පමණ ප්‍රථමක සංඛ්‍යා රහස් කේත භාෂා නිර්මාණය කරන ඇල්ගොරිතම සඳහා පදනම ලෙස යොදාගත හැකි බව ප්‍රකාශයට පත්වීමත් සමග බිඳ වැටුණි. ප්‍රථමක සංඛ්‍යා හෑෂ් වගු සහ ව්‍යාප්ත සසම්භාවී අංක ජනන සඳහා ද භාවිතා වේ.
මේ අතර එක් එක් භ්‍රමකයක් මත වූ ලෝහ ඇණ සංඛ්‍යාව අනෙක් ඕනෑම භ්‍රමකයක වූ ලෝහ ඇණ සංඛ්‍යාව සඳහා ප්‍රථමක හෝ අනුයාත ප්‍රථමක වන පරිදි භ්‍රමක යන්ත්‍ර නිපදවීමත් සමග පිහිටුම් පුණරාවර්තනයෙන් තොරව සම්පූර්ණ භ්‍රමක පිහිටුම් චක්‍රයක් සිදු කිරීමේ හැකියාව ඇති විය.
රහස් කේත භාෂා නිර්මාණය
RSA වැනි සමහර රහස් භාෂා කේත නිර්මාණය ඇල්ගොරිතම බිට් 512 වැනි විශාල ප්‍රමාණයේ ප්‍රථමක සංඛ්‍යා මත පදනම් වේ.
ස්වභාවධර්මයේ ප්‍රථමක සංඛ්‍යා පිහිටීම
ස්වභාවධර්මය තුළ විවිධ අංක නිරූපණය වී තිබෙනු දැකගත හැකි අතර මින් සමහරක් ප්‍රථමක සංඛ්‍යා වේ. නමුත් සංඛ්‍යාවක් ප්‍රථමක වීම නිසා එය ස්වභාධර්මයේ පිහිටන අවස්ථා විරල වේ. උදාහරණයක් ලෙස බොහෝ තාරුකා මාළුවන්හට බාහු 5ක් පවතී. නමුත් 5 ප්‍රථමක වීම හේතුවෙන් තාරුකා මසුන්ට බාහු 5ක් පවතී යැයි කීමට සාධක නොමැත. තවද ඇතැම් තාරකා මසුන් විශේෂයෙන්ට බාහු 5කට අසමාන සංඛ්‍යාවක් පවතී. Echinaster luzonicus ට බාහු 6ක් ඇති අතර , Luidia senegalensis ට බාහු 9ක් ඇත. Solaster endeca විශේෂයට බාහු 20 ක් දක්වා තිබිය හැක. බොහෝ තාරුකා මසුන් (එසේම අනෙකුත් බොහෝ එකිනොඩර්මාවන් / ශල්‍යවර්මීන්) පංච අරීය සමමිතිය දැරීමට හේතු අදට ද අපැහැදිලිය.
ස්වභාවධර්මයා විසින් ප්‍රථමක සංඛ්‍යා පරිණාමීය ක්‍රියාවලිය සඳහා යොදාගෙන ඇති ආකාරයට එක් උදාහරණයකි. Magicicada ගණයට අයත් රැහැයියන්ගේ ජීවන චක්‍රයන් සැලකිය හැක. මෙම කෘමීන් සිය ජීවන චක්‍රයෙන් වැඩි කාලයක් මැසි පිලවුන් ලෙස පොළව යට ජීවත් වෙති. මොවුන් පිලා අවධිය පසුකර සුහුඹුලන් බවට පත්වන්නේ වසර 15කට හෝ 17 කට පසුව වන අතර ඉන් අනතුරුව උපරිම වශයෙන් සති කීපයක් වූ ජීවිත කාලයක් තුළ ඔබ මොබ පියාඹමින් ප්‍රජනනය කර මිය යති. මෙම අසාමාන්‍ය ජීවන චක්‍රය නිසා Magicicada වන් සඳහා විශේෂණය වූ විලෝපීන් පරිණාමය වීමේ හැකියාව ඇතැයි විශ්වාස කෙරේ. යම් හෙයකින් Magicicada වන් ප්‍රථමක නොවන කාල සීමාවන් තුළ වූ ජීවන චක්‍රයකට හිමිකම් කීවේ නම් සිදු වන්නේ කුමක්දැයි යන්න සොයා බැලීමට ඔවුන්ගේ ජීවන චක්‍රය වසර 12ක් වී යැයි සිතමු. එවිට වසර 2, 3, 4, 6 හා 12 යන ඕනෑම කාලසීමාවන්ට වරක් ජීවන චක්‍රය සපුරණ විලෝපීන්ට Magicicadaවන් මත යැපීමේ හැකියාව ලැබේ. වසර 200ක කාලසීමාවක් සඳහා වසර 14 සහ 15 ක කාල පරාසයේ ජීවන චක්‍රයන් ඇති රැහැයියන් සහ වසර 13 සහ 17 ක ජීවන චක්‍ර ඇති රැහැයියන් සඳහා ඔවුන් සුහුඹුල් වන කාලය තුළ ඇතිවන විලෝපීය තර්ජන ගණනය කළ විට ප්‍රථමක නොවන ජීවන චක්‍රවල පරිණත කාලයන්හිදී ප්‍රථමක ජීවන චක්‍රවල පරිණත අවධීන්ට සාපේක්ෂව 2% කින් වැඩි විලෝපී ගහණයක් පවතින බවට නිගමනය විය. මෙය ඉතා කුඩා වාසියක් වුව ද මෙම කෘමීන්ගේ ජීවන චක්‍ර ප්‍රථමක සංඛ්‍යාමය කාලසීමාවන්ට පරිණාමය වීම සඳහා ස්වාභාවික වරණය සිදුවීමට මෙය ප්‍රමාණවත් වී ඇති බව පැහැදිලිය.
තවද සීමා ශ්‍රිතයේ හා සංකීර්ණ ක්වොන්ටම් පද්ධතීන්හි ශක්ති මට්ටම් අතර සම්බන්ධතාවයක් ඇති බව අනුමාන කෙරේ.
References
http://en.wikipedia.org/wiki/Prime_number#Applications
|
10,187 |
https://si.wikipedia.org/wiki/%E0%B6%9A%E0%B7%98%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%20%E0%B6%B6%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0%E0%B7%92%E0%B6%BA-%E0%B6%9A%E0%B7%98%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%20%E0%B6%B6%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0%E0%B7%92%20%E0%B6%B4%E0%B6%BB%E0%B7%8A%E0%B6%BA%E0%B7%9A%E0%B7%82%E0%B6%AB%E0%B6%BA%20%E0%B6%B4%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B6%B6%E0%B6%B3%20%E0%B6%89%E0%B6%AD%E0%B7%92%E0%B7%84%E0%B7%8F%E0%B7%83%E0%B6%BA
|
කෘත්‍රීම බුද්ධිය-කෘත්‍රීම බුද්ධි පර්යේෂණය පිළිබඳ ඉතිහාසය
|
විසිවැනි ශතවර්ෂයේ මැද භාගයේ, අතළොස්සක් විද්‍යාඥයෝ බුද්ධිමත් උපකරණ නිපදවීමට නව පිවිසුම් මාර්ගයක් ආරම්‍භ කළහ. එය, ස්නායු විද්‍යාෙව් නූතන සොයාගැනීම්, තොරතුරුවල නව ගණිතමය සිද්ධාන්ත, යන්ත්‍රවල හා ජීවීන්ගේ සන්නිෙව්‍දනය හා ස්වයංක්‍රීය පාලන ක්‍රම පිළිබඳ විද්‍යාවේ පාලනය හා ස්ථායීතාවය පිළිබඳ අවබෝධය, සහ ඒ සියල්ලටම වඩා ගණිතානුකූල තර්කනයෙන් උපුටා ගත් හරය මත රඳා පවතින උපකරණය, සංඛ්‍යාංක පරිගණකය සොයා ගැනීම මත රඳා පැවතුණි.
1956 ගිම්‍හාන සෘතුෙව් , ඩාට්‍මවුත් විද්‍යාලයේ සරසවියේ පැවති සම්‍මන්ත්‍රණයකදී නව කෘත්‍රීම බුද්ධි පර්යේෂණ ක්ෂේත්‍රය සොයා ගැණුනි. එයට සහභාගී වූඅය දශක කිහිපයක් ගත වන තුරු කෘත්‍රීම බුද්ධි පර්යේෂණවල මූලිකයන් බවට පත් විය. මැසචු -සෙට්‍ස් තාක්ෂණික ආයතනය, දේවස්ථාන මිෂනාරි සමිතිය හා ස්ටැන්ෆර්ඩ් හි කෘත්‍රීම බුද්ධි විද්‍යාගාර පිහිට වූ ජෝන් මැකාති, මර්වින් මින්ස්කි , ඇලන් නිවෙල් සහ හර්බට් සයිමන් ඒ අතරින් විශේෂ ෙව්. ඔවුන් හා ඔවුන්ගේ සිසුන් ලියූ වැඩසටහන්, බොහෝ මිනිසුන් සැකයක් නැතිව හුදෙක් මවිතයට පත් කරන සුළු විය. පරිගණක , වීජ ගණිතයේ වචන හරඹ විසඳමින් , තර්කානුකූල න්‍යායයන් සාධනය කරමින්, හා ඉංග්‍රීසියෙන් කතා කරමින් සිටියහ. 60 දශකයේ මැද භාගය වන විට ආරක්ෂාව පිළිබඳ ඇමෙරිකානු දෙපාර්තම්‍නේතුව විසින් ඔවුන්ගේ පර්යේෂණවලට විශාල ලෙස මුදල් සපයන ලදී. ඔවුහු නව ක්ෂේත්‍රයේ අනාගතය පිළිබඳ සර්ව ශුභවාදී වූහ.
*• H.A. සයිමන් , 1965
“අවුරුදු 20 ක් ඇතුළත, මිනිසාට කළහැකි ඕනෑම වැඩක් කිරීමට උපකරණවලට හැකි වනු ඇත.”
*• මර්වින් මින්ස්කි , 1967
“පරම්‍පරාවක් තුළ , කෘත්‍රීම බුද්ධිය නිර්මාණය කිරීෙම් ප්‍රශ්නය බොහෝ දුරට සාර්ථක ලෙස විසඳෙනු ඇත.”
මෙම අනාවැකි හා එවැනි අනාවැකි බොහොමයක් සැබෑ වූයේ නැත. ඔවුන් මුහුණ පෑ සමහර ප්‍රශ්නවල අසීරුතාවය හඳුනා ගැනීමට ඔවුහු අසමත් වූහ. 1947 දී වඩා සාරවත් ව්‍යාපෘතිවලට මූල්‍යාධාර ලබා දීමට කොංග්‍රසයෙන් දිගටම පවතින පීඩනයට සහ එංගලන්ත ජාතික සර් ජේම්‍ස් ලයිට්‍හිල්ගේ කෘත්‍රීම විව්‍චෙනයට ප්‍රතිචාරයක් ලෙස ඇමෙරිකානු හා බ්‍රිතාන්‍ය රජයන් කෘත්‍රීම බුද්ධිය සම්‍බන්ධ, සියළුම අවධානය යොමු නොකළ අතර පරියේෂණ සම්‍පූර්ණයෙන් නවත්වන ලදී. මෙය කෘත්‍රීම බුද්ධියේ ප්‍රථම අඳුරු සමය විය.
විශේෂඥ පද්ධතිවල ( මිනිස් විශේෂඥයන් එක් අයෙකුගේ හෝ කිහිප දෙනෙකුගේ දැනුම හා විශ්ලේෂණ හැකියාවන් අනුකරණය කළ හැකි එක් ආකාරයක කෘත්‍රීම බුද්ධි වඩසටහනකි) වාණිජ සාර්ථකත්වය නිසා 80 දශකයේ මුල් කාලයේ කෘත්‍රීම බුද්ධි පර්යේෂණ නැවත ප්‍රාණවත් විය. 1985 වන විට, කෘත්‍රීම බුද්ධිය සඳහා වූ වෙළඳපොළ ඩොලර් බිලියනයකට වඩා වැඩි මුදලක් උපයාගෙන තිබුණි. කෘත්‍රීම බුද්ධිය පිළිබඳ ඇති උද්‍යෝගය ක්‍රමයෙන් අඩු වීම හා වැඩිවීම පාලනය කරගත නොහැකි වුවහොත්, එම බලාපොරොත්තු කඩවීම අනිවාර්යෙන් අත්විඳීමට සිදුවන බවට, මින්ස්කි සහ අන් අය ප්‍රජාවට අනතුරු අඟවා සිටියහ. 1987 දී, ලැයිස්තු සැකසීමට ගන්නා පරිගණක භාෂාවක් සහිත උපකරණය වෙළඳ පොළේ බිඳ වැටීම ආරම්‍භ වීමත් සමගම නැවත වරක් කෘත්‍රීම බුද්ධිය අවමානයට පාත්‍ර විය. ඉන්පසු වඩාත් දිගු. දෙවැනි අඳුරු සමයක් කෘත්‍රීම බුද්ධියට උදා විය.
90 දශකයේ හා 21 වැනි ශතවර්ෂයේ මුල් කාලයේදී එක්තරා ප්‍රමාණයකට අප්‍රසිද්ධියේ වුවත්, කෘත්‍රීම බුද්ධිය එහි විශාලතම සාර්ථකත්වය අත් කර ගන්නා ලදී. සවිස්තරාත්මකව සැලසුම් සංවිධානය හා ක්‍රියාත්මක කිරීම , තොරතුරු කැනීම වෛද්‍ය විද්‍යාත්මක රෝග විනිශ්චය සහ තවත් බොහෝ ක්ෂේත්‍රවල විශාල ඔසවා තැබීමක් සිදු කළ කෘත්‍රීම බුද්ධිය, තාක්ෂණික කර්මාන්ත පුරා පිළිගැනීමට ලක් විය. එම දියුණුව ලඟා කරගත හැකි වූයේ විවිධ කරුණු කිහිපයක් හේතුවෙනි. වර්තමාන පරිගණක සතු ඇදහිය නොහැකි බලය ( මූර් ගේ නියමය බලන්න.) නිශ්චිත විශේෂ අතුරු ප්‍රශ්න විසඳීම දැඩි ලෙස අවධාරණය කිරීම, සමාන ගැටළු පිළිබඳ ක්‍රියා කරන ක්ෂේත්‍ර හා කෘත්‍රීම බුද්ධිය අතර නව සම්‍බන්ධතා නිර්මාණය සහ මෙම සියල්ලටම ඉහළින් ස්ථිර ගණිතමය ක්‍රමෙව්‍ද හා ඉතාමත් නිරවද්‍ය විද්‍යාත්මක ප්‍රමිතීන් කෙරෙහි පර්යේෂකයන්ගේ පවතින නව බැඳීම හා කැපවීම එම කරුණු අතර ෙව්.
References
http://en.wikipedia.org/wiki/Artificial_intelligence#History_of_AI_research
|
10,188 |
https://si.wikipedia.org/wiki/%E0%B7%83%E0%B7%96%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A%20%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8%E0%B7%80%E0%B7%9A%E0%B6%AF%E0%B6%BA%20%28Bus%20Topology%29
|
සූදානම් ක්‍රමවේදය (Bus Topology)
|
ජාලයක් තුළ ප්‍රධාන න්‍යායපත්‍රකරු (Scheduler) දත්ත තදබදය පාලනය කරයි. න්‍යායපත්‍රකරු වෙත ඉල්ලුම්කරනා පරිගණයකය මගින් දත්ත හුවමාරුවක් සිදුවීමට ඇත්නම් පණිවිඩයක් යවන අතර එය පෙළ ගැසීමට තබයි. එම පණිවුඩයේ හඳුනාගැනීමේ කේතයක් ඇති අතර එය ජාලයේ සෑම පුරුකක් වෙත විකාශය කෙරේ. න්‍යායපත්‍රය BUS තිබේ නම් ලබන්නාට ප්‍රමුඛතාව හා දැනුම් දීම් මගින් කාර්යය සිදු කරයි.
හදුනාගත් පුරුක පණිවිඩය රැගෙන යමින් පරිගණක දෙක අතර දත්ත හුවමාරුව ඉටු කරයි. එය සම්පුර්ණ කිරීමෙන් පසු BUS න්‍යාය පත්‍රානුකූලව ඊළග ඉල්ලීම් සදහා පෙළ ගැසී සිටී.
BUS
වාසි - ඕනෑම පරිගණකයකට සෘජුවම ඇතුළත් වෙමින් පණිවිඩ සාපේක්ෂව සරලව හා වේගවත්ව යැවිය හැක.
අවාස - පවරන සංඛ්‍යාතයන් හා ප්‍රමුඛතාවයන් මගින් තදබදය සංවිධානය කිරීමට න්‍යායපත්‍ර අවශ්‍ය වේ.
පරිගණක විද්‍යාව
Zug
|
10,192 |
https://si.wikipedia.org/wiki/%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B6%BD%20%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B7%80
|
ස්ථල විද්‍යාව
|
ස්ථල විද්‍යාව හඳුන්වන ඉංග්‍රීසි වදන ග්‍රීක බසින් ස්ථායීය අධ්‍යයනය යන තේරුම ගෙන වචන යුගල එක්ව තැනී තිබේ. ස්ථල විද්‍යාව ජ්‍යාමිතිය තවදුරටත් ප්‍රසාරණය වීමෙන් හටගත් ගණිතයට අයත් විෂය පථයකි. ස්ථල විද්‍යාවේ ආරම්භක අරමුණ අවකාශයේ ස්වභාවය අධ්‍යයනය කිරීමයි. ඒ සඳහා අවකාශයේ සියුම් මෙන්ම මහේක්ෂීය ව්‍යුහය අධ්‍යයනය කෙරේ. ස්ථල විද්‍යාව කුලකවාදය මත ගොඩැනැගී ඇති අතර එහිදී ලක්ෂ කුලක මෙන්ම කුලක කාණ්ඩ ද සලකනු ලැබේ.
ස්ථලක අවකාශයක් නිර්ණය කිරීමේ දී යොදාගන්නා ඇතැම් ලක්ෂණ ඇති කුලක කාණ්ඩයක් හෝ ඒවා පිළිබද අධ්‍යයනය ස්ඵලකය ලෙස හැදින්වේ. මෙම ලක්ෂ පහත විස්තර කෙරේ. ස්ථලක පරිණාමණයේදී යොදාගන්නා ශ්‍රිත හෙවත් අනුරූපක (සිතියම්) මෙහිදී වැදගත් තැනක් ගනී. දළ වශයෙන් මෙවන් ශ්‍රිත අවකාශය කොටස්වලට වෙන් කිරීමෙන් හෝ නිශ්චිත කොටස් එකම ඇලවීමකින් තොරව අවකාශය ප්‍රසාරණය කරන්නන් සේ හැදින්විය හැක.
19 වැනි සියවසේ අග භාගයේ දී පමණ ස්ථල විද්‍යාව නියමාකාරයෙන් විෂය පථයක් බවට පත්වූ අවධියේ එය ස්ථානීය ජ්‍යාමිතිය හෝ ස්ථානීය විශ්ලේෂණ යන අරුත් ඇති පදයන්ගෙන් හඳුන්වන ලදී. 1925 සිට 1975 අතර කාලය තුළ දී ගණිතයේ වර්ධනයට වඩාත් වැදගත් වූ විෂය පථයක් බවට ස්ථල විද්‍යාව පත් විය.
ස්ථල විද්‍යාව බොහෝ උප විෂය පථයන්ගෙන් සමන්විත වන අතර ගණිතයට අයත් විශාල විෂය පථයකි. මෙම උප විෂය පථයන් අතරම සුසංගිතතාව, සබැදියාව හා ගණනය කළ හැකි බව යන සංකල්පවලට අදාල ලක්ෂ කලක ස්ථල විද්‍යාව , ඒකසතලතාව සදෘශ්‍යතාව වැනි සංකල්ප අන්වේෂණයට අදාල වීජීය ස්ථල විද්‍යාව සහ ගැට පිළිබඳ වාදය වැනි කොටස් අයත් සමූදායක් පිළිබද අන්වේෂණයට යොදාගන්නා ජ්‍යාමිතික ස්ථල විද්‍යාව මූලික වේ.
ස්ථල විද්‍යාව හා ස්ථලක අවකාශ පිළිබඳ අධ්‍යයනයේ දී වඩාත් නිවැරදි අරුත් සොයාගැනීම සදහා ස්ථලක විද්‍යාත්මක ශබ්ද මාලාවක් යොදාගන්න.
ආශ්‍රිත
http://en.wikipedia.org/wiki/Topology
විද්‍යාව
|
10,195 |
https://si.wikipedia.org/wiki/%E0%B6%9C%E0%B6%AB%E0%B7%92%E0%B6%AD%E0%B6%B8%E0%B6%BA%20%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%8A%E0%B6%BD%E0%B7%9A%E0%B7%82%E0%B6%AB%E0%B6%BA
|
ගණිතමය විශ්ලේෂණය
|
විශ්ලේෂණය ඇරඹුණේ කලනයේ බරපතල සූත්‍රයන් වලින්ය. අනුක්‍රමයක සීමාවක් ද නැත්නම් ශ්‍රීතයක සීමාවක් ද නැත්නම් ශ්‍රීතයක සීමාවක් ද යන සීමාව පිලිබද සංකල්පය ඉතා සවිස්තරව සලකා බැලෙන ගණිතයේ අංශයකි. එයට අවකලනය, අනුකලනය හා මිනුම, අපරිමිත ශ්‍රේණී හා විශ්ලේෂණික ශ්‍රීත පිලිබද සිද්ධාන්ත ද ඇතුලත් වේ. මෙම සිද්ධාන්ත තාත්වික සංඛ්‍යා, සංකීර්ණ සංඛ්‍යා හා තාත්වික හා සංකිර්ණ ශ්‍රීත යන අන්තර්ගතවලදී අධ්‍යයනයට ලක්වේ. කෙසේ නමුත් මෙම සිද්ධාන්ත “ආසන්න බව” (සුපිරි තාර්කික අවකාශ) හෝ වඩා විශේෂිතව “දුර” (මෙට්‍රික් අවකාශ) වල අර්ථ දැක්වීම් වලින් සමන්විත වු ගණිතමය වස්තු පිලිබද අවකාශයකදී ද අධ්‍යයනය හා අර්ථ දැක්වීම් සිදු කළ හැක.
ඉතිහාසය
විශ්ලේශණයේ මුල් කාලීන ප්‍රතිඵල පැරණි ග්‍රීක ගණිතයේ මුල් යුගයේදී නිසැකව දක්නට ලැබිණි. උදාහරණයක් ලෙස අපරිමිත ජ්‍යාමිතික එකතුව සෙ(z)නෝගේ ද්විධාකරණය පිලිබඳ විරුද්ධාභාසයෙහි ඇතුලත් වේ. පසුව ඉයුඩොක්සස් හා ආකිමිඩිස් වැනි ග්‍රීක ගණිතඥයන් සිමාවේ හා අභිසාරිතාවයේ සංකල්ප වඩාත් පැහැදිලිව නමුත් අනියම් ආකාරයට භාවිතා කළහ. ඔවුන් මෙය සිදු කළේ ප්‍රදේශ හා ඝන වස්තු වල වර්ග ඵලය හා පරිමාව නිරවශේෂණ ක්‍රමය භාවිතයෙන් ගණනය කිරීමේදීය. ඉන්දියාවේ 12 වන සියවසේ ගණිතඥයෙකු වු භාස්කාර අවකලන කලනය පරිකල්පනය කළ අතර දැනට රෝලේගේ සිද්ධාන්තය ලෙස හදුන්වන වාක්‍යය සමග ව්‍යුත්පන්නය හා අවකලන සංගුණකය සදහා උදාහරණද සැපයීය.
14 වන සියවසේ දී සංගමග්‍රාමයේ මාධව විසින් සිදුකල කාර්යයන් ගණිතමය විශ්ලේශණයට මූලික අඩිතාලම දමනු ලැබීය. “ගණිතමය විශ්ලේෂණයේ නිර්මාතෘ” ලෙස සැලෙකන මොහු බල ශ්‍රේණි හා ටේලර් ශ්‍රේණි වැනි අපරිමිත ශ්‍රේණි වල සයින්, කෝසයින්, ටැංජන හා චාප ටැංජන වැනි ශ්‍රීත වල ව්‍යාප්තියද දියුණු කළේය. ඔහු ඔහුගේ ත්‍රිකෝණම්තික ශ්‍රිත පිළිඳව ටෙලර් ශ්‍රේණියේ දියුණු කිරීම හා සමගාමීව මෙම ශ්‍රේණි වල අවසාන භාගය කපා දැමීම නිසා ඇතිවන දෝශ වල විශාලත්වය තක්සේරු කළ අතර අපරිමිත ශ්‍රේණි සඳහා තාර්කික සන්නිකර්ෂණයක් ඉදිරිපත් කළේය. කේරල විදුහලේ වු ඔහුගේ අනුගාමිකයන් ඔහුගේ ක්‍රියාකාරකම් 16 වන සියවස දක්වා ව්‍යාප්ත කරන ලදී. 17 වන සියවසේ අවසාන භාගයේදී යුරෝපයේ නිව්ටන් හා ලෙයිබ් නිස් (z) වෙන වෙනම කලනය දියුණු කරන ලදී. එම කලනය 18 වන සියවස පුරා අඛණ්ඩව සිදුවු ව්‍යවහාරික (ප්‍රායෝගික) කාර්යයන්ගේ පිබිදීම සමඟ විචලනය පිළිබද කලනය, සමාන්‍ය හා ආංශික අවකලනය සමීකරණ, ෆවුරියර් විහ්ලේෂණය හා ජනන ශ්‍රීත වැනි විශ්ලේෂණික මාතෘකා දක්වා වර්ධනය විය. මෙම කාලය තුලදී දල විටික්ත ගැටලු සදහා කලනය යොදා ගැණුනි.
18 වන සියවසේදී ඉයුලර් ගණිතමය ශ්‍රීත පිලිබද මතයක් ඉදිරිපත් කරන ලදී. ස්වාධීන විෂයක් ලෙස තාත්වික විහ්ලේෂණය කරළියට පැමිණීම ඇරඹුණේ 1816 දී බර්නාර්ඩ් බොල්සා(z)නේ, සාන්තත්‍යය පිලිබද නූතන අර්ථ දැක්වීම ඉදිරිපත් කිරීමත් සමගය. 19 වන සියවසේදී කෝෂි වසින්, කෝෂි අනුක්‍රමය පිළිබද සංකල්ප හදුන්වා දීම කලනය ස්ථිර තාර්කික පදනමක් මත පිහිටුවීමට බෙහෙවින් මහෝපකාරී විය. ඔහු විසින් සංකිර්ණ විශ්ලේෂණයේ විධිමත් සිද්ධාන්තයද හදුන්වා දෙන ලදී. පොයිසන්, ලියුවිල් ෆවුරියර් හා අනෙක් අය ආංශික අවකලන සමීකරණ හා අනුවර්තී විශ්ලේෂණය අධ්‍යයනය කරන ලදී. මෙම ගණිතඥයන්ගේ හා වෙයර්ට්‍රැස් වැනි අනෙක් අයගේ දායකත්වය ගණිතමය .............. පිලිබඳ නූතන මතය ඇති වීමට බෙහෙවින් ඉවහල් විය. ගණිතමය විශ්ලේෂණය ක්ෂේත්‍රය ද ඇති විය.
සියවසේ මැද භාගයේදී රීමන් ඔහුගේ අනුකලනය පිළිබඳ සිද්ධාන්ත ඉදිරිපත් කරන ලදී. 19 වන සියවසේ අවසාන කොටසේදී වෙයර්ස්ට්‍රැස් විසින් විශ්ලේෂණයේ අංක ගණිතමය මුහුණුවර පෙන්වා දෙන ලදී. ජ්‍යාමිතික හේතු දැක්වීමක් සහජයෙන්ම වැරදි වැටහීමක් ලබාදෙන බව සිතු ඔහු සිමාවේ “එජසයිලන්-ඩෙල්ටා” අර්ථ දැක්වීම හදුන්වා දෙන ලදී. ඉන්පසු ගණිතඥයන් ඔවුන් විසින් සාක්ෂි වලින් තොරව තාත්වික සංඛ්‍යා වල සන්තානයක් උපකල්පනය කරනවායැයි අසහනයට පත් වුහ. ඉන්පසු ඩෙඩෙකයින්ඩ්, ඩෙඩෙකයින්ඩ් කැපුම් යොදා ගෙන තාත්වික සංඛ්‍යා ගොඩ නංවන ලදී. මෙහිදී ගණිතඥයන් විසින් අපරිමේය සංඛ්‍යා නිර්මාණය කරන ලද අතර ඒවා පරිමේය සංඛ්‍යා අතර වු හිස්තැන් පිරවීමටද දායකත්වය ලබා දුනි. එමගින් තාත්වික සංඛ්‍යාවල සන්නායන ලෙස නව සම්පුර්ණ කුලකයක් නිර්මාණය විය. එම කාලයේදී රීමන් අනුකලනයේ සිද්ධාන්ත වඩාත් දියුණු කිරීමට ගන්නා ලද ප්‍රයත්න තාත්වික සංඛ්‍යා වල ආසන්න න්‍යායන් පිළිබඳ කුලකයේ ප්‍රමාණය පිලිබඳ අධ්‍යයන සිදුකිරීමට හේතු පාදක විය.
විකෘති දෑ (කිසිසේත්ම සන්තනික නොවන ශ්‍රිත, සන්තතික නමුත් අවකලනය කළ නොහැකි ශ්‍රීත, අකාශ පුරවන වක්‍ර) ද නිර්මාණය වීමට පටන් ගැණුනි. මෙම සන්දර්භයේදී ජෝර්ඩන් මැනීම පිලිබද ඔහුගේ සිද්ධාන්ත දියුණු කරන ලදී. කැන්ටර් වර්තමානයේ සරල කුලක සිද්ධාන්ත ලෙස වර්තමානයේ හදුන්වන දෙන නිර්මාණය කරන ලද අතර බෙයිර් ප‍්‍රවර්ග සිද්ධාන්තය ඔප්පු කරන ලදී. 20 වන සියවසේ මුල් භාගයේදී ස්වයං ප්‍රත්‍යක්ෂ කුලක සිද්ධාන්ත යොදා ගෙන විධිමත් කරන ලදී. ලෙබස්ගියු මැනීමේ ගැටව විසදන ලද අතර හිල් බර්ට් විසින් අනුකලන සමීකරණ විසදීම සඳහා හිල්බට් අවකාශය හදුන්වා දෙන ලදී. ප්‍රමතිත දෛහික අවකාශය පිලිබඳ අදහස ද මතුවෙමින් පැවති අතර 1920 දී බනාශ් ශ්‍රීතය විශ්ලේෂණය නිර්මාණය කරන ලදී.
ගණිතය
|
10,202 |
https://si.wikipedia.org/wiki/%E0%B6%AD%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B7%92%E0%B6%9A%20%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%8A%E0%B6%BD%E0%B7%9A%E0%B7%82%E0%B6%AB%E0%B6%BA
|
තාත්වික විශ්ලේෂණය
|
තාත්වික විශ්ලේෂණය යනු තාත්වික සංඛ්‍යා කුලකය සමග සම්බන්ධ වන ගණිතමය විශ්ලේෂණයේ කොටසකි. එය අභිසරණය හා තාත්වික සංඛ්‍යා අනුක්‍රමවල සීමා, තාත්වික සංඛ්‍යාවල කලනය, සන්තතිය හා තාත්වික ලෙස අගයන ශ්‍රිතවලට අදාල ගුණ ඇතුලුව, තාත්වික ශ්‍රිත හා අනුක්‍රම වල විශ්ලේෂණික ගුණ සමග සම්බන්ධ වේ.
අවකලනය
|
10,204 |
https://si.wikipedia.org/wiki/%E0%B6%85%E0%B6%B7%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BB%20%E0%B6%AF%E0%B7%84%E0%B6%B1%20%E0%B6%91%E0%B6%B1%E0%B7%8A%E0%B6%A2%E0%B7%92%E0%B6%B1%E0%B7%8A
|
අභ්‍යන්තර දහන එන්ජින්
|
අභ්‍යන්තර දහන එන්ජිම යනු, දහන කුටීරය නැමැති සීමා සහිත ඉඩක් තුළ , ඉන්ධනයක හා ඔක්සිකාරකයක (සාමාන්‍යයෙන්, අපේක්ෂිත ලෙස වාතය) දහනයක් සිදුවන එන්ජිමකි. මෙම තාපදායක ප්‍රතික්‍රියාව ඉහළ උෂ්ණත්වයක හා පීඩනයක පවතින, ප්‍රසාරණය වීමට ඉඩ ඇති වායූන් නිපදවයි. අභ්‍යන්තර දහන එන්ජිමක වැදගත් ලක්ෂණය වනුයේ, පිස්ටන, භ්‍රමක මත ක්‍රියා කිරීම මඟින් හෝ එපමණක් නොව සමස්ත එන්ජිම ම චලනය කිරීම මඟින් හා එය මත පීඩනයක් යෙදීම මඟින්, එන්ජිමේ දෘඪ කෙටස්වල චලිතයක් ඇති කිරීමට සෘජුවම ක්‍රියා කරන, ප්‍රසාරණය විය හැකි උණුසුම් වායු මඟින් ඉදිරිපත් කරන ප්‍රයෝජනවත් කාර්යයයි.
මෙය වාෂ්ප එන්ජිම, ස්ටර්ලින් එන්ජිම වැනි බාහිර දහන එන්ජින් සමඟ අසමානතාවයක් දක්වයි. ඒවායේ වෙන වෙනම ක්‍රියා කරන තරලයක් රත් කිරීමට බාහිර දහන කුටීරයක් භාවිතා කරන අතර එය ඉන්පසුව එකින් එක ක්‍රියා කරයි. උදාහරණයක් ලෙස පිස්ටනයක් හෝ ටබයිනයක් චලනය කිරීම මඟින්.
අභ්‍යන්තර දහන එන්ජිම යන පදය, විශේෂයෙන් ප්‍රතිදාන පිස්ටන් එන්ජින්, වැන්කල් එන්ජින් සහ අඛණ්ඩ නොවූ දහනයක් සිදුවන සමාන ආකෘතීන් හැඳින්වීමට මුළුමනින් ම වාගේ සැමවිටම භාවිතා කරයි. කෙසේ වුව ද , ජෙට් එන්ජින්, බොහෝ රොකට්ටු සහ බොහොමයක් වායු ටර්බයින වැනි අඛණ්ඩ දහන එන්ජින් ද , අභ්‍යන්තර දහන එන්ජින් වේ.
සිව් පහර චක්‍රය ( ස්වයංක්‍රීය චක්‍රය)
සියලුම අභ්‍යයන්තර දහන එන්ජින් තාපාදායක රසායනික ක්‍රියාවලියක් වන දහනය මත රඳා පවතී. සාමාන්‍යයෙන් දහනය යනු වාතයෙන් ලබා ගන්නා ඔක්සිජන් සමග ඉන්ධනයක සිදුවන ප්‍රතික්‍රියාවයි. නමුත් ඇතැම් විට නයිට්‍රස් ඔක්සයිඩ් වැනි ඔක්සිකාරක ද යොදා ගත හැක. මෙහිදී ස්ටොයිකියෝ මිනිත අනුපාතයද සලකා බැලේ.
බොහොමයක් සුලභ නවීන ඉන්ධන හයිෙඩ්‍රාකාබනවලින් සැදී ඇති අතර වැඩි වශයෙන් පෙට්‍රෝලියම් පිරිපහදුවෙන් ලබා ගනී. මෙහි ඩීසල් ඉන්ධන, ගැසෝලින්වලින් පෙට්‍රෝලියම් වායුව හා දුලබ වශයෙන් ප්‍රොපේන් වායුව ලෙස ද හඳුනා ගෙන ඇති ඉන්ධන අඩංගු ෙව්. ඉන්ධන බෙදාහරින කොටස හැරුණු විට වෙනත් බරපතල නවීකරණය කිරීමකින් තොරව ගැසොලින් සඳහා නිර්මාණය කර ඇති.
ආශ්‍රිත ලිපි
මූලාශ්‍ර
භාහිර සබැඳි
Combustion video – in-cylinder combustion in an optically accessible, 2-stroke engine
Animated Engines – explains a variety of types
Intro to Car Engines – Cut-away images and a good overview of the internal combustion engine
Walter E. Lay Auto Lab – Research at The University of Michigan
YouTube – Animation of the components and built-up of a 4-cylinder engine
YouTube – Animation of the internal moving parts of a 4-cylinder engine
Next generation engine technologies retrieved May 9, 2009
How Car Engines Work
Unusual Internal-Combustion Engines
Aircraft Engine Historical Society (AEHS) – AEHS Home
Internal
Internal combustion
Fossil fuel phase-out
Piston engines
Pollution
Air pollution
19th-century inventions
එන්ජින්
|
10,206 |
https://si.wikipedia.org/wiki/%E0%B7%80%E0%B7%92%E0%B7%82%E0%B6%BA%20%E0%B6%B4%E0%B6%AE%E0%B6%BA
|
විෂය පථය
|
තාත්වික විශ්ලේෂණය යනු, අනුක්‍රම හා ඒවායේ සීමා, සන්තනික බව, අවකලනය, අනුකලනය හා ශ්‍රීත වල අනුක්‍රම යන සංකල්ප පිලිබද අධ්‍යයනය කරන විශ්ලේෂණයේ කොටසකි. කෙසේ නමුත් තාත්වික විශ්ලේෂණයේ විශය පථය තාත්වික සංඛ්‍යා වලට සීමා කර ඇති අතර එය භාවිතයට ඇති මෙවලම් පරාසයද අර්ථ දක්වයි.
තාත්වික විශ්ලේෂණය, සංකිර්ණ සංඛ්‍යා වල පෙර සදහන් කළ ගුණවලට වඩා පුළුල්ව අධ්‍යයනය කරන සංකිර්ණ විශ්ලේෂණයට තරමක් සමාන වේ. සංකිර්ණ විශ්ලේෂණයේදී පූර්ණ රූප ශ්‍රීත ඇසුරින් අවකලනය අර්ථ දැක්වීම සාමාන්‍ය තත්ත්වයකි. එහි නැවත නැවත අවකලනය කල හැකිවීම, බල ශ්‍රේණි ලෙස ප්‍රකාශයට පත්කළ හැකිවීම හා පුර්ණ සංඛ්‍යාමය කෝෂි සමීකරණය තෘප්ත කිරීම වැනි වැදගත් ගුණ කිහිපයක් ඇත.
කෙසේ නමුත් තාත්වික විශ්ලේෂණයේදී අවකලනය කල හැකි සුමට හෝ අනුවර්තී ශ්‍රීත සැලකීම සාමාන්‍ය වේ. මේවා පුළුල්ව යෙදිය හැකි නමුත් පුර්ණ රූප ශ්‍රිත වල බලවත් ගුණ කිහිපයක් මෙහි හමුනොවේ. තවද වීජ ගණිතය පිලිබද මූලික සිද්ධාන්තය වැනි ප්‍රතිඵල සංකිර්ණ සංඛ්‍යා මගින් සරලව දැක්විය හැක.
අනෙක් අතින් බලන කල තාත්වික සංඛ්‍යා වලට ඒවාටම ආවේනික වු වැදගත් විශ්ලේෂණික ගුණ කිහිපයක් ඇත. ඒවා සම්පුර්ණයෙන්ම පිලිවෙලකට සකස් කර ඇති අතර අවම උඩු සීමා ගුණයද පවතී. මෙම ගුණ ඒක විධ අභිසරණ අගය සිද්ධාන්තය වැනි තාත්වික විහ්ලේෂණයේදී වැදගත් වන ප්‍රතිඵල ගණනකට මඟ පාදයි.
References
http://en.wikipedia.org/wiki/Real_analysis#Scope
|
10,211 |
https://si.wikipedia.org/wiki/%E0%B6%85%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BB%E0%B7%8A%20%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%9A%E0%B7%81%E0%B6%AB%E0%B6%BA
|
අන්තර් නිවේශණය
|
ගණිතමය විශ්ලේෂණය යන ගණිතමය උප ඒකකයේ අන්තර්නිවේශණය යනු, දන්නා දත්ත ලක්ෂ්‍යවල විවික්ත කුලක පරාසයක් තුළ නව දත්ත ලක්ෂ්‍ය ගොඩ නැංවීමේ ක්‍රමවේදයයි.
ඉංජිනේරු විද්‍යාවේ දී හා විද්‍යාවේ දී අයෙකුට සාම්පල මඟින් හෝ පර්යේෂණ මඟින් ගත් දත් ලක්ෂ්‍ය විශාල සංඛ්‍යාවක් ඇති අතර ඔහු එම දත්ත ලක්ෂ්‍යවලට සමීපව ගැලපෙන පරිදි ශ්‍රිතයක් ගොඩ නැංවීමට උත්සාහ කරයි. මෙය වක්‍ර අනුසීහුම හෝ ප්‍රතිපායන විශ්ලේෂණය ලෙස හඳුන්වයි. අන්තර් නිවේෂණය වක්‍ර අනුසීහුවෙහි විශේෂ කොටසක් වේ. ශ්‍රිතය හරියටම දත්ත ලක්ෂ්‍ය තුළින් යා යුතුය.
අන්තර්නිවේෂණයට සමීපවම සම්බන්ධ වන වෙනත් ප්‍රශ්නයක් වන‍්නේ සංකීර්ණ වූ ශ්‍රිතයක් , සරල ශ්‍රිතයක් අනුසාරයෙන් සන්නිකර්ෂණය කිරීමයි. අපි ශ්‍රිතය දන්නා මුත්, එය ගණනය කිරීමට සංකීර්ණ වැඩි යයි සිතන්න. එවිට අපට සංකීර්ණ ශ්‍රිතයේ දන්නා දත්ත ලක්ෂ්‍ය කිහිපයක් ගෙන , එම දත්ත ලක්ෂ්‍ය අන්තර්නිවේෂණය කර සරල ශ්‍රිතයක් ගොඩ නැංවීමට උත්සාහ කළ හැක. සරල ශ්‍රිතය යොදා ගෙන නව දත්ත ලක්ෂ්‍ය ගණනය කිරීමේ දී අපට මුල් ශ්‍රිතය භාවිතා කිරීමේ දී ලැබෙන ප්‍රතිඵලවලට සමානව ප්‍රතිඵල නොලැබේ. නමුත් ගැටලුවේ වසම හා සරලකරණයට යොදාගත් අන්තර් නිවේෂණ ක්‍රමය මත දෝශය අවම විය හැක.
“කාරක අන්තර් නිවේෂණය” ලෙස හඳුන්වන අතිශයින් වෙනස් ආකාරයක අන්තර්නිවේෂණයක් ද ගණිතයේ ඇති බව පැවසිය යුතු වේ. කාරක අන්තර් නිවේෂණය පිළිබඳ ආදි සම්භව්‍ය ප්‍රතිඵල , රෙයිස් - තෝරික් ප්‍රමේයය හා “මාර්සින් කිවිච්” ප්‍රමේයය වේ. තවත් අපර ප්‍රතිඵල බොහොමයක් ද වේ.
References
http://en.wikipedia.org/wiki/Interpolation
|
10,214 |
https://si.wikipedia.org/wiki/%E0%B6%A2%E0%B7%99%E0%B6%A7%E0%B7%8A%20%E0%B6%91%E0%B6%B1%E0%B7%8A%E0%B6%A2%E0%B7%92%E0%B6%B1%E0%B7%8A
|
ජෙට් එන්ජින්
|
ජෙට් එන්ජින් () යනු නිව්ටන්ගේ චලිතය පිළිබඳ තෙවැනි නියමයට අනුව තෙරපුම ජනනය කිරීමට වේගයෙන් චලනය වන තරල ක්ෂේපයක් මුදාහරින ප්‍රතික්‍රියා එන්ජිමකි. ජෙට් එන්ජින් පිළිබඳ මෙම මූලික අර්ථ දැක්වීම turbojets, turbofans, rockets, ramjets, pulse jets සහ pump jets සදහා ද අදාල වේ. නමුත් පොදු භාවිතයේදී මෙම පදය සාමාන්‍යයෙන් ගෑස් ට’බයින, බ්‍රේට්න් චක්‍ර එන්ජින්, ඉතිරි බලය මගින් තෙරපුම ලබාදෙන, ට’බයිනයක් මගින් ශක්තිය ලබාදෙන භ්‍රමක සම්පින්ඩනයක් සහිත එන්ජින් හැදින්වීමට භාවිතා කරයි. නූතන ලෝකයට ජෙට් එන්ජින් කොතරම් සමීපවී ද යත් ඇතැම් අවස්ථාවලදී අත්වැරදීමකින් ගෑස් ට’බයිනය වෙනත් ක්‍රමවලට වඩා වැඩියෙන් ජෙට් ඉන්ජින්වල විශේෂ භාවිතයන් ලෙස හැඳින්වේ. බොහෝමයක් ජෙට් එන්ජින් අභ්‍යන්තර දහන එන්ජින් වුවද ගින්නෙන් නොදැවෙන ආකාර පවා පවතී.
දුර ධාවනය කරන චාරිකා සඳහා ජෙට් ගුවන් යානාවලට ජෙට් එන්ජින් මූලික වශයන් භාවිතා කරයි. මුල් කාලයේදී ජෙට් ගුවන් යානාවලට අකාර්යක්ෂම වූ ට’බොජෙට් එන්ජිමක් භාවිතා කරන ලදී. නූතන ජෙට් ගුවන් යානා සාමාන්‍යයෙන් ඉතා ඉහළ වේගයක් ලබාදීමට උදව් වන වඩාත් දුර ධාවනය කළ හැකි මෙන්ම වෙනත් ප්‍රවාහන ක්‍රමවලට වඩා හොඳ ඉන්ධන කාර්යෂමතාවයක් ඇති high-bypass turbofan engines භාවිතා කරයි. 2004 දී ලෝක ඉන්ධන ප්‍රමාණයෙන් 7.2% පමණ මූලික වශයෙන් ජෙට් එන්ජින් මගින් පරිභෝජනය කරන ලදී. 2007 දී එක් ගුවන් යානාවකින් අනිකට බොහෝ සෙයින් වෙනස් වන අතරතුරදී බොහෝ ගුවන් සේවා සඳහා තනි විශාලතම මෙහෙයුම් වියදම බවට පත් කරමින් සම්පූර්ණ මෙහෙයුම් පිරිවැය සාමාන්‍යයෙන් 26.5% පමණ ජෙට් ඉන්ධනවල මිල සඳහා වැය විය.
ආශ්‍රිත ලිපි
Air turboramjet
Balancing machine
Components of jet engines
Rocket engine nozzle
Rocket turbine engine
Spacecraft propulsion
Thrust reversal
Turbojet development at the RAE
Variable cycle engine
Water injection (engine)
සටහන්
මූලාශ්‍ර
භාහිර සබැඳි
Media about jet engines from Rolls-Royce
How Stuff Works article on how a Gas Turbine Engine works
Influence of the Jet Engine on the Aerospace Industry
An Overview of Military Jet Engine History, Appendix B, pp. 97–120, in Military Jet Engine Acquisition (Rand Corp., 24 pp, PDF)
Basic jet engine tutorial (QuickTime Video)
An article on how reaction engine works
Energy conversion
Gas turbines
Gas compressors
Turbomachinery
Engineering thermodynamics
Fluid dynamics
Aerodynamics
Discovery and invention controversies
20th-century inventions
|
10,217 |
https://si.wikipedia.org/wiki/%E0%B6%9A%E0%B7%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%20%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%80%E0%B6%AB%E0%B6%AD%E0%B7%8F%E0%B7%80
|
කේන්ද්‍රික ප්‍රවණතාව
|
සංඛ්‍යායනයෙහි, කේන්ද්‍රික ප්‍රවණතාව යන පදය වෙතින් අදහස් වන්නේ ප්‍රමාණාත්මක දත්ත කිසියම් අගයක් වටා රොක් වීමට නැඹුරු වීමේ ආකාරයයි. මෙම "කේන්ද්‍රිය අගය" විස්තර කිරීමේ ක්‍රම කිහිපයෙන් ඕනෑම එකක් කේන්ද්‍රික ප්‍රවණතාවයෙහි මිම්මක් වන්නේය. ප්‍රායෝගික සංඛ්‍යායන විශ්ලේෂණයෙහිදී, යමෙකු විශ්ලේෂණයෙහි ප්‍රාරම්භක ආකාරයක් තෝරාගැනීමට හෝ පෙර මෙම පද බොහෝ විට භාවිතා වෙති: මෙලෙසින්, "කේන්ද්‍රික ප්‍රවණතාවයෙහි සුදුසු මිම්මක් තෝරාගැනීම " ප්‍රාරම්භ අරමුණක් විය හැක.
සරලතම උදාහරණයන්හිදී, කේන්ද්‍රික ප්‍රවණතාවයෙහි මිම්ම වන්නේ මිනුම් කට්ටලයක සාමාන්‍යය වන අතර, සාමාන්‍යය යන පදය, සන්දර්භය ප්‍රකාර, මධ්‍යයනය, මධ්‍යස්ථය හෝ නිවේෂණයෙහි වෙනයම් මිම්මක් ලෙසින් විවිධ ආකාරයෙන් සම්ප්‍රයෝජනය කෙරෙයි. සාමාන්‍ය අගය ගණනය කරනු ලබන්නේ මිනිසුන් සමූහයක් හෝ වස්තු සමුහයක් පාදක කොට ලබාගන්නා දත්තයන් එකතු කොට එම අගය අදාල වස්තු හෝ මිනිසුන් අගයෙන් බෙදීමෙනි.
ආශ්‍රිත
සංඛ්‍යානය
|
10,218 |
https://si.wikipedia.org/wiki/%E0%B7%83%E0%B7%8F%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%BA%20%28%E0%B6%9C%E0%B6%AB%E0%B7%92%E0%B6%AD%E0%B6%BA%29
|
සාමාන්‍යය (ගණිතය)
|
Average යන ශ්‍රිතය මඟින් යම්කිසි කොටු ගණනාවක ඇති අගයයන්ගේ සාමාන්‍යය ලබා ගත හැකිය. මෙය උදාහරණ කිහිපයක් මඟින් තේරුම් ගනිමු. මෙම උදාහරණ සඳහා A1 සිට A10 දක්වා වු කොටුවල 12, 25, 8, 14, 33, 78, 11, 9, 41, 19 යන අගයයන් ඇතැයි ද සිතමු. අපගේ අවශ්‍යතාවය වනුයේ මෙම අගයයන් වල සාමාන්‍යය A11 නම් කොටුවේ දැක්වීමයි.
මෙම ශ්‍රිතය පැතුරුම්පත්වල බහුලවම භාවිතා වන එකක් වන අතර බොහෝ ගැටළු විසඳීමේදී අවශ්‍යම වන එකකි
පළමු ක්‍රමය
මෙම සාමාන්‍යය ලබා ගැනීම සඳහා A11 නම් කොටුවේ =(A1 + A2 + A3 + A4 + A5 + A6 + A7 + A8 + A9 + A10)/10 හෝ =sum(A1:A10)/Count(A1:A10) ලෙස A11 කොටුවට ඇතුළු කළ හැකිය.
දෙවන ක්‍රමය
Sum හා Count යන ශ්‍රිත භාවිතා කරමින් සංඛ්‍යාවල එකතුව සෙවීම වෙනුවට Average නම් ශ්‍රිතය තුළ කොමාව මඟින් සම්බන්ධ කරමින් A11 කොටුවේ =Average(A1 , A2 , A3 , A4 , A5 , A6 , A7 , A8 , A9 , A10) ආකාරයෙන් ලිවීමෙන් ද මෙය කළ හැකිය.
තුන්වන ක්‍රමය
කොමාව භාවිතා කරමින් ශ්‍රිතය තුළ සංඛ්‍යා සම්බන්ධ කිරීම වෙනුවට එය පරාසයක් ලෙස = Average (A1:A10) ආකාරයෙන් A11 කොටුවේ ලිවීමෙන් ද ද මෙය කළ හැකිය
සිව්වන ක්‍රමය
එම සම්පූර්ණ පරාසය පරාස කොටස් කිහිපයක එකතුවක් ලෙසින්, එම පරාස කොටස් කොමා මඟින් සම්බන්ධ කර = Average (A1:A4, A5:A7,A8:A10) ආකාරයෙන් ලිවීමෙන් ද ද මෙය කළ හැකිය. අවශ්‍ය පරාසය දෙතුන්පළක තිබෙන විට, මෙම ක්‍රමය භාවිතා කිරීම ඉතා පහසු ක්‍රමයක් වනු ඇත.
OpenOffice.org Calc
මෙහිදී මතක තබා ගත යුතු වැදගත් කරුණක් නාම් MicroSoft Excel වලදී ශ්‍රිතයක් තුළ පරාමිතික වෙනස් කිරීම කරනු ලබන්නේ කොමාවලින් නමුදු OpenOffice.org Calc වලදී එය තිත් කොමාවලින් සිදු කරනු ලබන බවයි. OpenOffice.org Calc වලදී පළමු දෙවන තුන්වන හා සිව්වන සමීකරණ පහත දැක්වේ
පළමු ක්‍රමය - =(A1 + A2 + A3 + A4 + A5 + A6 + A7 + A8 + A9 + A10)/10 හෝ =sum(A1:A10)/Count(A1:A10)
දෙවන ක්‍රමය - =Average(A1 ; A2 ; A3 ; A4 ; A5 ; A6 ; A7 ; A8 ; A9 ; A10)
තුන්වන ක්‍රමය - = Average (A1:A10)
සිව්වන ක්‍රමය - = Average (A1:A4 ; A5:A7 ; A8:A10)
NeedToAddCategory
ගණිතය
|
10,220 |
https://si.wikipedia.org/wiki/%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%9C%E0%B6%AD%E0%B7%92%20%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B7%80
|
ප්‍රගති විද්‍යාව
|
ප්‍රගති විද්‍යාව (κινειν,kinein චලිතය සඳහා භාවිතා වන ග්‍රීක වචන) යනු, ගති විද්‍යාවේ අංශයකි. එය චලිතය ඇති කරන ස්කන්ධයන් හෝ බලයන් පිළිබඳව සැලකීමකින් තොරව වස්තූන්ගේ චලිතය පිළිබඳව පැහැදිලි කරයි. එයට ප්‍රතිවිරුද්ධ ලෙස, චාලක විද්‍යාව, චලිතය ඇති කරන හෝ චලිතයට බලපාන බලයන් හා අන්තර් ක්‍රියා පිළිබඳව සැලකිල්ලක් දක්වයි.
ප්‍රගති විද්‍යාවේ සරලතම භාවිතය අංශු චලිතය හුවා දැක්වීමයි. (සංක්‍රමණ ප්‍රගති විද්‍යාව හෝ රේඛීය ප්‍රගති විද්‍යාව) භ්‍රමණය පිළිබඳ විස්තරය ( භ්‍රමණ ප්‍රගති විද්‍යාව හෝ කෝණික ප්‍රගති විද්‍යාව) වඩාත් සංකීර්ණය. ඝනීය දෘඩ වස්තුවක තත්වය, සංක්‍රමණ හා භ්‍රමණ ප්‍රගති විද්‍යාව යන දෙකම සංයෝජනය කිරීම මඟින් පැහැදිලි කිරීමට හැකිය. (දෘඪ වස්තු ප්‍රගති විද්‍යාව) යාන්ත්‍රික සන්ධි මඟින් එකිනෙකට සම්බන්ධ වී ඇති දෘඪ වස්තු පද්ධතියක ප්‍රගති විද්‍යාව වඩාත් සංකීර්ණ කාරණයකි. තරලයක ගලා යාම පිළිබඳ ප්‍රගති විද්‍යාත්මක විස්තරය ඊටත් වඩා සංකීර්ණ වන අතර ප්‍රගති විද්‍යාවේ අඩංගු දේවල් (චින්තනවලට) සාමාන්‍යයෙන් අයත් නොවේ.
ආශ්‍රිත
ගති විද්‍යාව
|
10,225 |
https://si.wikipedia.org/wiki/%E0%B6%B8%E0%B7%92%E0%B6%AB%E0%B7%94%E0%B6%B8
|
මිණුම
|
මිණූම යනු, වස්තුවක දිග , බර වැනි කිසියම් ගුණාංගයක විශාලත්වය මිණුම් ඒකකයකට සාපේක්ෂව නිමානය කිරීමයි. මිණුමක් සාමාන්‍යයෙන්, මීටරය හෝ කිලෝග්‍රෑමය වැනි කිසියම් පිළිගත් ප්‍රමාණිකයකට වස්තුවක් සැසඳිය හැකිවන පරිදි ක්‍රමාංකනය කරන ලද කෝදුවක් හෝ තරාදියක් වැනි මිණූම් උපකරණයක භාවිතය සම්බන්ධ කර ගනී. කෙසේ වුව ද, නිවැරදි මිණුම ඉතා වැදගත් වන , විද්‍යාවන්වලදී මිණූමකට කොටස් 3ක් තිබිය යුතු බවට පිළිගැනේ. පළමු වැන්න මිණුම එයම වේ. දෙවැන්න දෝෂයේ සීමාවයි. තෙවැන්න විශ්වාසනීය මට්ටමයි. එය භෞතික වස්තුවේ නියම ගුණය දෝෂයේ සීමාව තුළ පැවතීමේ සම්භාවිතාවයි. උදාහරණයක් ලෙස , වස්තුවක දිග 2.34 m + 0.01 m ලෙස 95% විශ්වාසනීය මට්ටමක් සහිතව අපට මැනිය හැක.
මිණුම පිළිබඳ විද්‍යාත්මක අධ්‍යයනය මිනිතය නම් වේ. මිණුම පිළිබඳ සිද්ධාන්තවලදී මිණූමක් යනු, ප්‍රමාණයක් මෙන් ප්‍රකාශ කරනු ලබන අස්ථිරතාවය අඩු කරනු ලබන නිරීක්ෂණයකි. ක්‍රියා දෙයක් ලෙස මැනීම යනු, එවැනි නිරීක්ෂණ සිදු කිරීමයි. එහි දුර, බලය, උෂ්ණත්වය හෝ කාලය වැනි භෞතික අගයයන් පිළිබඳ නිමානයන් අන්තර්ගත වේ. එහි, සමීක්ෂණවල දී ආකල්ප, වටිනාකම් හා ප්‍රත්‍යක්ෂ පිළිබඳ තක්සේරුව හෝ පුද්ගලයන‍්ගේ ස්වාභාවික හැකියාවන් පරීක්ෂා කිරීම වැනි දේවල් අන්තර්ගත විය හැක.
භෞතික විද්‍යාවන්වලදී මිණුම, ඉතාමත් පොදු වශයෙන් කිසියම් භෞතික අගයක්, එම අකාරයේ පිළිගත් අගයකට දරන අනුපාතය ලෙස සැලකේ.ඒ අනුව, දිග පිළිබඳ මිණුමක් යනු, භෞතික දිගක්, පිළිගත්, සම්මත මීටරය වැනි සම්මත දිගකට දක්වන අනුපාතයයි. මිනුම් ඒකකයක තාත්වික සංඛ්‍යාවක් වරක අකාරයෙන්, සාමාන්‍යයෙන් මිණුම් දෙනු ලැබේ. උදාහරණයක් ලෙස 2.53 m නමුත් ඇතැම් අවස්ථාවල දී (විද්‍යුත් සම්බාධනය පිළිබඳ මිණුම් වැනි) මිණුම් සඳහා සංකීර්ණ සංඛ්‍යා භාවිතා කරයි.
|
10,231 |
https://si.wikipedia.org/wiki/%E0%B6%B8%E0%B6%B0%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B6%BA
|
මධ්‍යස්ථය
|
සම්භාවිතා සිද්ධාන්තවල දී සහ සංඛ්‍යානයේ දී මධ්‍යස්ථය දත්ත සමූහයක් කොටස් දෙකකට විභේදනය කරන ඉලක්කම මධ්‍යස්ථය ලෙස හඳුන්වනු ලබයි. සීමිත අංක කිහිපයක මධ්‍යස්ථය එම අංක කුඩා අංකයේ සිට විශාල අංකය දක්වන පෙළ ගස්වා එහි මැද අගය තෝරා ගැනීමෙන් සොයා ගත හැක. ව්‍යාප්තියේ අංක ඉරට්ට සංඛ්‍යාවක් පවතින විට මධ්‍යස්ථය අනන්‍ය නොවේ. එම අවස්ථාවලදී මැද පිහිටන ඉලක්කම් දෙකේ මධ්‍යන්‍යය ගත යුතුය.
උදාහරණයක් ලෙස නම් යන ලැයිස්තුවේ මධ්‍යස්ථය වේ.
නමුත් නම් යන ලැයිස්තුවේ මධ්‍යස්ථය යනු හා ගේ මධ්‍යයනයයි. එනම් වේ.
සමස්ත ව්‍යාප්තියෙන් අර්ධයකට මධ්‍යස්ථයට වඩා වැඩි අගයක් ද ඉතිරි අර්ධයකට මධ්‍යස්ථයට වඩා අඩු අගයක් ද පවතී. යම් හෙයකින් කොටස් දෙකම සමස්තයේ අර්ධයට වඩා අඩු නම් සමස්ත ව්‍යාප්තියේ සමහරක් අවයව හරියටම මධ්‍යස්ථයට සමාන වේ.
උදා. :
මෙහි මධ්‍යස්ථය වේ.
|
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.