Datasets:

Complex
stringlengths
21
713
Simplification 1
stringlengths
25
696
Simplification 2
stringlengths
21
620
Simplification 3
stringlengths
21
753
රජයේ ඉඩම් පරිපාලනයේ දිගු කාලයක් තිස්සේ පැවති අකාර්යක්ෂමතාව හා සේවා සැපයීමේ ප්‍රමාදයට සාර්ථක පිළියමක් වශයෙන් රජයේ ඉඩම් තොරතුරු හා කළමනාකරණ පද්ධතිය එළිදැක්වුණි .
රජයේ ඉඩම් පරිපාලනයේ දිගු කාලයක් තිස්සේ අඉක්මන්වතාවක් හා සේවා සැපයීමේ ප්‍රමාදයක් තිබුණි. ඊට සාර්ථක පිළියමක් වශයෙන් රජයේ ඉඩම් තොරතුරු හා කළමනාකරණ පද්ධතියක් එළිදැක්වීය.
රජයේ ඉඩම් පරිපාලනයේ ඉක්මන් නැති බව හා සේවා සැපයීමේ ප්‍රමාදය දිගු කලක් තිස්සේ පැවතුණි. එයට සාර්ථක පිළිතුරක් වශයෙන් රජයේ ඉඩම් තොරතුරු හා කළමනාකරණ පද්ධතිය එළිදැක්වුණි.
රජයේ ඉඩම් පරිපාලනයේ දිගු කාලයක් තිස්සේ වැඩෙහි දක්ෂ බව නොමැති වීමක් හා සේවා සැපයීමේ ප්‍රමාදයක් පැවතුණි. එයට සාර්ථක පිළියමක් වශයෙන් රජයේ ඉඩම් තොරතුරු හා කළමනාකරණ පද්ධතිය එළිදැක්වුණි .
එහි ප්‍රථම අදියර වශයෙන් ඉඩම් තොරතුරු ඉදිරිපත් කිරීම , ඉඩම් බෙදා දීමේ හා ලියකියවිලි නිකුත් කිරීමේ ක්‍රියාවලි සඳහා සකස් කළ මෘදුකාංගය සාර්ථක ලෙස ක්‍රියාවට නැංවීමට මෙම වර්ෂයේ දී හැකි විය .
එහි ප්‍රථම අදියර වශයෙන් ඉඩම් තොරතුරු ඉදිරිපත් කිරීම , ඉඩම් බෙදා දීමේ හා ලියකියවිලි නිකුත් කිරීමේ ක්‍රියාවලි සඳහා සකස් කළ මෘදුකාංගය සාර්ථක ලෙස ක්‍රියාවට නැංවීම සිදු විය.
එහි ප්‍රථම අදියර වශයෙන් ඉඩම් තොරතුරු ඉදිරිපත් කිරීම, ඉඩම් බෙදා දීමේ හා ලියකියවිලි නිකුත් කිරීමේ ක්‍රියාවලි සඳහා මෘදුකාංගයක් සකස් කෙරීය. එය සාර්ථක ලෙස ක්‍රියාවට නැංවීමට මෙම වර්ෂයේ දී හැකි විය.
ඉඩම් තොරතුරු ඉදිරිපත් කිරීම , ඉඩම් බෙදා දීමේ හා ලියකියවිලි නිකුත් කිරීමේ ක්‍රියාවලි සඳහා මෘදුකාංගය සකස් කරන ලදී. එහි පළමුවන අදියර වශයෙන් සාර්ථක ලෙස එය ක්‍රියාවට නැංවීමට මෙම වසරේ දී හැකි විය .
දෙපාර්තමේන්තුව තුළ කාලයක් තිස්සේ පැවති අඩුපාඩුවක් විසඳමින් පාලන අංශය සඳහා ඉඩම් කොමසාරිස් තනතුරක් හා ගිණුම් අංශය සඳහා ප්‍රධාන අභ්‍යන්තර විගණක තනතුරක් ද අලුතින් ඇති කිරීමට හැකි විය .
දෙපාර්තමේන්තුව තුළ කාලයක් තිස්සේ පැවති අඩුපාඩුවක් විසඳමින් පාලන අංශය සඳහා ඉඩම් කොමසාරිස් තනතුරක් ඇති කළේය. ගිණුම් අංශය සඳහා ප්‍රධාන අභ්‍යන්තර විගණක තනතුරක් අලුතින් ඇති කිරීමට හැකි විය.
දෙපාර්තමේන්තුව තුළ කාලයක් තිස්සේ පැවති අඩුපාඩුවක් විසඳමින් පාලන අංශය සඳහා ඉඩම් කොමසාරිස් තනතුරක් අලුතින් ඇති කිරීමට හැකි විය. තව ද ගිණුම් අංශය සඳහා ප්‍රධාන අභ්‍යන්තර ගිණුම් පරීක්ෂක තනතුරක් ද අලුතින් ඇති කිරීමට හැකි විය.
දෙපාර්තමේන්තුව තුළ කාලයක් තිස්සේ අඩුපාඩුවක් පැවතිණ. එය විසඳමින් පාලන අංශය සඳහා ඉඩම් කොමසාරිස් තනතුරක් හා ගිණුම් අංශය සඳහා ප්‍රධාන අභ්‍යන්තර විගණක තනතුරක් ද අලුතින් ඇති කිරීමට හැකි විය .
මෙම වැඩසටහන ඉඩම් නොමැති පුද්ගලයන් සඳහා ඉඩම් ලබා දීමේ විශේෂ වැඩසටහන ලෙස අඛණ්ඩව පවත්වාගෙන යයි .
ඉඩම් නොමැති පුද්ගලයන් සඳහා ඉඩම් ලබා දීමේ විශේෂ වැඩසටහන ලෙස මෙය අඛණ්ඩව පවත්වා ගෙන යයි.
මෙම වැඩසටහන අඛණ්ඩ ව පවත්වා ගෙන යයි. ඒ, ඉඩම් නොමැති පුද්ගලයන් සඳහා ඉඩම් ලබා දීමේ විශේෂ වැඩසටහන ලෙස යි.
මෙම වැඩසටහන ඉඩම් නොමැති පුද්ගලයන් සඳහා ඉඩම් ලබා දීමේ විශේෂ වැඩසටහන ලෙස නොකඩවා පවත්වාගෙන යයි .
ඉඩම් බෙදා දීම ඉඩම් සංවර්ධන ආඥා පනත යටතේ අඩු ආදායම්ලාභි , ගොවි පන්තියේ , ශ්‍රී ලාංකික අයට ප්‍රමුඛත්වය ලැබෙන පරිදි සිදු කෙරෙයි .
ඉඩම් සංවර්ධන ආඥා පනත යටතේ ඉඩම් බෙදා දීම අඩු ආදායම්ලාභි, ගොවි පන්තියේ, ශ්‍රී ලාංකික අයට ප්‍රධානත්වය ලැබෙන පරිදි සිදු කරයි.
ඉඩම් බෙදා දීම ඉඩම් සංවර්ධන ආඥා පනත යටතේ සිදු කෙරෙයි. එහි දී අඩු ආදායම්ලාභි, ගොවි පන්තියේ, ශ්‍රී ලාංකික අයට මූලිකත්වය ලැබේ.
ඉඩම් බෙදා දීම ඉඩම් සංවර්ධන ආඥා පනත යටතේ අඩු ආදායම් ලබන, ගොවි පන්තියේ , ශ්‍රී ලාංකික අයට ප්‍රධානත්වය ලැබෙන පරිදි සිදු කෙරෙයි .
බලපත්‍රලාභීන් තෝරා ගැනීමේ ක්‍රමවේදයේ දී ඉඩම් කච්චේරි පැවැත්වීම සමහර පළාත් සභා සහ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලින් ලැබුණු සහයෝගය අඩුකමත් , නිලධාරි හිඟයත් ප්‍රවර්තන වර්ෂය තුළ පෙර වර්ෂයට සාපේක්ෂව පසුබෑමට හේතු වූ සාධක විය .
බලපත්‍රලාභීන් තෝරා ගැනීමේ ක්‍රමවේදයේ දී ඉඩම් කච්චේරි පැවැත්වීම සඳහා සමහර පළාත් සභා සහ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලින් ලැබුණු සහයෝගය අඩුකමත්, නිලධාරි හිඟයත් ප්‍රවර්තන වර්ෂය තුළ පෙර වර්ෂයට සාපේක්ෂව පසුබෑමට හේතු විය.
බලපත්‍රලාභීන් තෝරා ගැනීමේ ක්‍රමවේදයේ දී ප්‍රවර්තන වර්ෂය තුළ පෙර වර්ෂයට සාපේක්ෂ ව පසුබෑමක් විය. ඊට හේතු වූයේ ඉඩම් කච්චේරි පැවැත්වීමට සමහර පළාත් සභා සහ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලින් ලැබුණු සහයෝගය අඩුකමත්, නිලධාරි අඩුවත් ය.
සමහර පළාත් සභා සහ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලින් ලැබුණු සහයෝගය අඩුකමත් නිලධාරි හිඟයත් පැවතුණි. ඒවා බලපත්‍ර හිමි අය තෝරා ගැනීමේ ක්‍රමයේ දී ඉඩම් කච්චේරි පැවැත්වීම කෙරෙහි පවතින වසර තුළ පෙර වසරට සාපේක්ෂව පසුබෑමට හේතු වූ සාධක විය .
විරෝධතා සඳහා ගැසට් පත්‍රයේ පළකර නියමිත කාලයෙන් පසුව බදු අයකර භුක්තිය භාරදීම සිදු කෙරේ .
විරෝධතා සඳහා ගැසට් පත්‍රයේ පළ කර නියමිත කාලයෙන් පසුව බදු අය කර භුක්තිය භාර දීම සිදු කෙරේ.
විරෝධතා සඳහා ගැසට් පත්‍රයේ පළ කර නියමිත කාලයෙන් පසු බදු අය කරයි. පසු ව භුක්තිය භාර දීම සිදු කෙරේ.
විරෝධතා සඳහා ගැසට් පත්‍රයේ පළකර නියමිත කාලයෙන් පසුව බදු අයකර ප්‍රයෝජනයට ගැනීම භාරදීම සිදු කෙරේ .
ඉන් අනතුරුව රේඛා චිත්‍ර ලබා ගෙන බදුකර සකස්කර ඉඩම් අමාත්‍යාංශය හරහා ජනාධිපති ලේකම් කර්යාල වෙත යවා බදුකර අත්සන් කරවා ගෙන ප්‍රාදේශීය ලේකම් මඟින් ලියාපදිංචි කර බදුකර නිකුත් කෙරේ
ඉන් අනතුරුව රේඛා චිත්‍ර ලබා ගෙන බදුකර සකස්කර ඉඩම් අමාත්‍යාංශය හරහා ජනාධිපති ලේකම් කර්යාල වෙත යැවීය. එලෙස යවා බදුකර අත්සන් කරවා ගෙන ප්‍රාදේශීය ලේකම් මඟින් ලියාපදිංචි කර බදුකර නිකුත් කෙරේ.
ඉන් අනතුරුව රේඛා චිත්‍ර ලබා ගෙන බදුකර සකස් කර ඉඩම් අමාත්‍යාංශය හරහා ජනාධිපති ලේකම් කර්යාල වෙත යවයි. පසු ව බදුකර අත්සන් කරවා ගෙන ප්‍රාදේශීය ලේකම් මගින් ලියාපදිංචි කර බදුකර නිකුත් කෙරේ.
ඉන් අනතුරුව රේඛා චිත්‍ර ලබා ගෙන බදුකර සකස් කර ඉඩම් අමාත්‍යාංශය හරහා ජනාධිපති ලේකම් කර්යාල වෙත යවයි. ඉන් පසුව බදුකර අත්සන් කරවා ගෙන ප්‍රාදේශීය ලේකම් මඟින් ලියාපදිංචි කර බදුකර නිකුත් කෙරේ.
ඉඩම් සංවර්ධන ආඥා පනත යටතේ බලපත්‍ර නිකුත් කර ඇති ඉඩම් , සංවර්ධනය කළ පසුව ස්ථිර අයිතියක් ලබා දීම සඳහා කොන්දේසිවලට යටත්ව රන් බිම දීමනා පත්‍ර නිකුත් කිරීම මෙම දෙපාර්තමේන්තුවේ සංවර්ධන අංශය මඟින් මෙහෙය වන ප්‍රධාන වැඩසටහනකි .
මෙම දෙපාර්තමේන්තුවේ සංවර්ධන අංශය මඟින් මෙහෙය වන ප්‍රධාන වැඩසටහනක් වන්නේ ඉඩම් සංවර්ධන ආඥා පනත යටතේ බලපත්‍ර නිකුත් කර ඇති ඉඩම්, සංවර්ධනය කළ පසුව ස්ථිර අයිතියක් ලබා දීම සඳහා කොන්දේසිවලට යටත්ව රන් බිම දීමනා පත්‍ර නිකුත් කිරීමයි.
මෙම දෙපාර්තමේන්තුවේ සංවර්ධන අංශය මගින් මෙහෙයවන ප්‍රධාන වැඩසටහනකි. එනම්, ඉඩම් සංවර්ධන ආඥා පනත යටතේ බලපත්‍ර නිකුත් කර ඇති ඉඩම්, සංවර්ධනය කළ පසු ව ස්ථිර අයිතියක් ලබා දීම සඳහා කොන්දේසිවලට යටත් ව රන් බිම දීමනා පත්‍ර නිකුත් කිරීම යි.
මෙම දෙපාර්තමේන්තුවේ සංවර්ධන අංශය මඟින් මෙහෙය වන ප්‍රධාන වැඩසටහනකි. එනම් ඉඩම් සංවර්ධන ආඥා පනත යටතේ බලපත්‍ර නිකුත් කර ඇති ඉඩම් ,සංවර්ධනය කළ පසුව ස්ථිර අයිතියක් ලබා දීම සඳහා කොන්දේසිවලට යටත්ව රන් බිම දීමනා පත්‍ර නිකුත් කිරීමයි .
මෙම දීමනා පත්‍ර කොන්දේසි සහිතව සකස් කොට තිබූ අතර , ස්වර්ණ භූමි දීමනා පත්‍රවලට පමණක් රේඛා චිත්‍රයක් ඇතුළත්ව තිබූ අතර , ජය භූමි දීමනා පත්‍ර වැඩි ප්‍රමාණයක් සකස් කොට තිබුණේ මිනුම් රේඛා චිත්‍රයක් නොමැතිව ඉඩම් හතර මායිම් පමණක් ඇතුළත් කරමිනි .
මෙම දීමනා පත්‍ර කොන්දේසි සහිතව සකස් කොට තිබුණි. ස්වර්ණ භූමි දීමනා පත්‍රවලට පමණක් රේඛා චිත්‍රයක් ඇතුළත්ව තිබුණි. ජය භූමි දීමනා පත්‍ර වැඩි ප්‍රමාණයක් සකස් කොට තිබුණේ මිනුම් රේඛා චිත්‍රයක් නොමැතිව ඉඩම් හතර මායිම් පමණක් ඇතුළත් කරමිනි.
මෙම දීමනා පත්‍ර කොන්දේසි සහිත ව සකස් කොට තිබුණි. ස්වර්ණ භූමි දීමනා පත්‍රවලට පමණක් රේඛා චිත්‍රයක් ඇතුළත් ව තිබුණි. ජය භූමි දීමනා පත්‍ර වැඩි ප්‍රමාණයක් සකස් කොට තිබුණේ මිනුම් රේඛා චිත්‍රයක් නොමැති ව ඉඩම් හතර මායිම් පමණක් ඇතුළත් කරමිනි.
මෙම දීමනා පත්‍ර කොන්දේසි සහිතව සකස් කොට තිබුණි. එමෙන්ම ස්වර්ණ භූමි දීමනා පත්‍රවලට පමණක් රේඛා චිත්‍රයක් ඇතුළත්ව තිබුණි. ජය භූමි දීමනා පත්‍ර වැඩි ප්‍රමාණයක් සකස් කොට තිබුණේ මිනුම් රේඛා චිත්‍රයක් නොමැතිව ඉඩම් හතර මායිම් පමණක් ඇතුළත් කරමිනි .
උගත් පාඩම් සහ ප්‍රතිසන්ධාන කොමිෂන් සභාවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම සඳහා වූ ජාතික ක්‍රියාකාරි සැලැස්මේ ( LLRC වාර්තාව ) නිර්දේශවලට අනුව , උතුරු හා නැගෙනහිර පළාත්වල පැවති ගැටුම්කාරි වාතාවරණය නිමවීමෙන් පසුව එම පළාත්වල ජනතාවගේ ජන ජීවිතය නගා සිටුවීමේදී කඩිනමින් විසඳුම් ලබාදිය යුතු ගැටලුවක් ලෙස එම ප්‍රදේශවල පවත්නා ඉඩම් ගැටලු හඳුනාගෙන ඇත .
උතුරු හා නැගෙනහිර පළාත්වල පැවති ගැටුම්කාරි වාතාවරණය නිමවීමෙන් පසුව එම පළාත්වල ජනතාවගේ ජන ජීවිතය නගා සිටුවීමේදී කඩිනමින් විසඳුම් ලබා දිය යුතු ගැටලුවක් ලෙස එම ප්‍රදේශවල පවත්නා ඉඩම් ගැටලු හඳුනා ගෙන ඇත. ඒ උගත් පාඩම් සහ ප්‍රතිසන්ධාන කොමිෂන් සභාවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම සඳහා වූ ජාතික ක්‍රියාකාරි සැලැස්මේ ( LLRC වාර්තාව ) නිර්දේශවලට අනුවය.
උගත් පාඩම් සහ ප්‍රතිසන්ධාන කොමිෂන් සභාවේ නිර්දේශ ක්‍රියාත්මක කරන්නේ ජාතික ක්‍රියාකාරි සැලැස්ම මගිනි. එහි නිර්දේශවලට අනුව, උතුරු හා නැගෙනහිර පළාත්වල පැවති ගැටුම්කාරි වාතාවරණය අවසන් වීමෙන් පසු ව එම පළාත්වල ජනතාවගේ ජන ජීවිතය නගා සිටුවීමේ දී ඉක්මන් විසඳුම් ලබා දිය යුතු ගැටලුවක් ලෙස එම ප්‍රදේශවල පවත්නා ඉඩම් ගැටලු හඳුනා ගෙන ඇත.
උගත් පාඩම් සහ ප්‍රතිසන්ධාන කොමිෂන් සභාවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම සඳහා වූ ජාතික ක්‍රියාකාරි සැලැස්මේ ( LLRC වාර්තාව ) නිර්දේශවලට අනුව ගැටලු හඳුනාගෙන ඇත. එහිදී,, උතුරු හා නැගෙනහිර පළාත්වල පැවති ගැටුම්කාරි තත්ත්වය අවසාන වීමෙන් පසු එම පළාත්වල ජනතාවගේ ජන ජීවිතය නගා සිටුවීමේදී ඉක්මනින් විසඳුම් ලබාදිය යුතු ගැටලුවක් ලෙස එම ප්‍රදේශවල පවත්නා ඉඩම් ගැටලු හඳුනාගෙන ඇත .
අන්තර්පළාත් , පළාත් සභා සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාල මඟින් සිදු කරන ඉඩම් සංවර්ධන ව්‍යාපෘති සහ ඉඩම් කළමනාකරණ කටයුතුවල දී පාරිභෝගිකයාගෙන් ඍජුව ම හා වක්‍රව ලැබෙන ඉඩම් ගැටලු සඳහා නීතිමය හා තාක්ෂණ සහය ලබා දෙමින් අදාළ ගැටලුවලට විසඳුම් ලබා දීම ඉඩම් කොමසාරිස් ජෙනරාල් දෙපාර්තමේන්තුව සිදු කරයි .
අන්තර්පළාත් , පළාත් සභා සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාල මඟින් සිදු කරන ඉඩම් සංවර්ධන ව්‍යාපෘති සහ ඉඩම් කළමනාකරණ කටයුතුවල දී පාරිභෝගිකයාගෙන් ඍජුවම හා වක්‍රව ඉඩම් ගැටලු යොමු වේ. එරම ගැටලු සඳහා නීතියෙන් හා තාක්ෂණ සහය ලබා දෙමින් අදාළ ගැටලුවලට විසඳුම් ලබා දීම ඉඩම් කොමසාරිස් ජෙනරාල් දෙපාර්තමේන්තුව සිදු කරයි.
අන්තර් පළාත්, පළාත් සභා සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාල මගින් ඉඩම් සංවර්ධන ව්‍යාපෘති සහ ඉඩම් කළමනාකරණ කටයුතු සිදු කෙරේ. එහි දී පාරිභෝගිකයාගෙන් සෘජු ව ම හා වක්‍ර ව ලැබෙන ඉඩම් ගැටලු සඳහා නීතිමය හා තාක්ෂණ සහාය ලබා දෙමින් අදාළ ගැටලුවලට විසඳුම් ලබා දේ. එය සිදු කරන්නේ ඉඩම් කොමසාරිස් ජනරාල් දෙපාර්තමේන්තුව යි.
අන්තර්පළාත් , පළාත් සභා සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාල මඟින් සිදු කරන ඉඩම් සංවර්ධන ව්‍යාපෘති සහ ඉඩම් කළමනාකරණ කටයුතුවලදී පරිභෝජනය කරන්නාගෙන් කෙළින්ම හා වක්‍රව ලැබෙන ඉඩම් ගැටලු සඳහා නීතිමය හා තාක්ෂණ උදවු ලබා දීම හා අදාළ ගැටලුවලට විසඳුම් ලබා දීම ඉඩම් කොමසාරිස් ජෙනරාල් දෙපාර්තමේන්තුව සිදු කරයි .
රජයේ ඉඩම් පිළිබඳ තොරතුරු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් මෙම පද්ධතියට ඇතුළත් කිරීමට කටයුතු සිදු කෙරෙයි .
රජයේ ඉඩම් පිළිබඳ තොරතුරු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් මෙම පද්ධතියට ඇතුළත් කිරීමට කටයුතු කරයි.
රජයේ ඉඩම් පිළිබඳ තොරතුරු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් මෙම පද්ධතියට ඇතුළත් කිරීමට කටයුතු කෙරේ.
රජයේ ඉඩම් පිළිබඳ තොරතුරු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් මෙම පද්ධතියට ඇතුළත් කිරීමට කටයුතු සිදු කෙරෙයි .
ඒ අනුව මෙවැනි ඉඩම් මැනීමේ දී දීමනා පත්‍රයේ සඳහන් ඉඩම් ප්‍රමාණය සහ මැනීමෙන් පසුව නෛතිකව පවතින ඉඩම් ප්‍රමාණය ලෙස හඳුනාගන්නා ප්‍රමාණය අතර වෙනස්කම් පැවතීම නිසා විවිධ ගැටලු මතු වී තිබේ .
ඒ අනුව මෙවැනි ඉඩම් මැනීමේ දී දීමනා පත්‍රයේ සඳහන් ඉඩම් ප්‍රමාණය සහ මැනීමෙන් පසුව නීතියෙන් පවතින ඉඩම් ප්‍රමාණය ලෙස හඳුනාගන්නා ප්‍රමාණය අතර වෙනස්කම් පැවතීම නිසා විවිධ ගැටලු මතු වී තිබේ.
මෙවැනි ඉඩම් මැනීමේ දී දීමනා පත්‍රයේ සඳහන් ඉඩම් ප්‍රමාණය සහ මැනීමෙන් පසු ව නීතිමය වශයෙන් පවතින ඉඩම් ප්‍රමාණය අතර වෙනස්කම් පවතී. එම නිසා විවිධ ගැටලු මතු වී තිබේ.
ඒ අනුව මෙවැනි ඉඩම් මැනීමේදී දීමනා පත්‍රයේ සඳහන් ඉඩම් ප්‍රමාණය සහ මැනීමෙන් පසුව නීතිමය වශයෙන් පවතින ඉඩම් ප්‍රමාණය ලෙස හඳුනාගන්නා ප්‍රමාණය අතර වෙනස්කම් පැවතීම නිසා විවිධ ගැටලු මතු වී තිබේ .
2014 වර්ෂය තුළ ' බිම් සවිය ' වැඩසටහන යටතේ ක්‍රියාත්මක කරන ලද රජයේ ඉඩම් හඳුනා ගෙන නිරාකරණය කිරීමේ වැඩපිළිවෙළ සඳහා දායක වූ ප්‍රාදේශීය ලේකම් කාර්යාල , පළාත් ඉඩම් කොමසාරිස් කාර්යාල හා මෙම දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සඳහා අනුමත දිරි දීමනා ක්‍රමය යටතේ දිරි දීමනා ගෙවීම සම්බන්ධයෙන් විස්තරාත්මකව උපදෙස් මෙම චක්‍රෙල්ඛය මඟින් ප්‍රාදේශීය ලේකම්වරුන්ට , පළාත් ඉඩම් කොමසාරිස්වරුන්ට සහ අන්තර්පළාත් නියෝජ්‍ය ඉඩම් කොමසාරිස්වරුන්ට නිකුත් කර ඇත .
2014 වර්ෂය තුළ ' බිම් සවිය ' වැඩසටහන යටතේ ක්‍රියාත්මක කරන ලද රජයේ ඉඩම් හඳුනා ගෙන නිරාකරණය කිරීමේ වැඩපිළිවෙළ සඳහා දායක වූ ප්‍රාදේශීය ලේකම් කාර්යාල, පළාත් ඉඩම් කොමසාරිස් කාර්යාල හා මෙම දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සඳහා අනුමත දිරි දීමනා ක්‍රමය යටතේ දිරි දීමනා ගෙවීම සම්බන්ධයෙන් විස්තරාත්මකව උපදෙස් මෙම චක්‍රෙල්ඛයේ දැක්වේ. චක්‍රලේඛය ප්‍රාදේශීය ලේකම්වරුන්ට, පළාත් ඉඩම් කොමසාරිස්වරුන්ට සහ අන්තර්පළාත් නියෝජ්‍ය ඉඩම් කොමසාරිස්වරුන්ට නිකුත් කර ඇත.
2014 වර්ෂය තුළ 'බිම් සවිය' වැඩසටහන යටතේ රජයේ ඉඩම් හඳුනා ගෙන නිරාකරණය කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කෙරිණි. ඒ සඳහා දායක වූ ප්‍රාදේශීය ලේකම් කාර්යාල, පළාත් ඉඩම් කොමසාරිස් කාර්යාල හා මෙම දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සඳහා අනුමත දිරි දීමනා ක්‍රමය යටතේ දිරි දීමනා ගෙවයි. ඒ සම්බන්ධයෙන් විස්තරාත්මක උපදෙස් මෙම චක්‍රලේඛය මගින් ප්‍රාදේශීය ලේකම්වරුන්ට, පළාත් ඉඩම් කොමසාරිස්වරුන්ට සහ අන්තර් පළාත් නියෝජ්‍ය ඉඩම් කොමසාරිස්වරුන්ට නිකුත් කර ඇත.
2014 වසර තුළ ' බිම් සවිය ' වැඩසටහන යටතේ රජයේ ඉඩම් හඳුනා ගෙන විසඳීමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන ලදී. ඒ සඳහා උදවු වූ ප්‍රාදේශීය ලේකම් කාර්යාල , පළාත් ඉඩම් කොමසාරිස් කාර්යාල හා මෙම දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සඳහා අනුමත දිරි දීමනා ක්‍රමය යටතේ දිරි දීමනා ගෙවීම වුවමනාය. ඒ සම්බන්ධයෙන් විස්තර සහිතව උපදෙස් මෙම චක්‍රලේඛය මඟින් ප්‍රාදේශීය ලේකම්වරුන්ට , පළාත් ඉඩම් කොමසාරිස්වරුන්ට සහ අන්තර්පළාත් නියෝජ්‍ය ඉඩම් කොමසාරිස්වරුන්ට නිකුත් කර ඇත .
මෙම තත්ත්වය තුළ ඉදිරියේ දී ඉඩම්වල බදු ආදායම් ව්‍යුහය වඩාත් ශක්තිමත් වනු ඇත .
මෙම තත්ත්වය තුළ ඉදිරියේ දී ඉඩම්වල බදු ආදායම් සැකැස්ම වඩාත් ශක්තිමත් වේ.
මෙම තත්ත්වය තුළ ඉදිරියේ දී ඉඩම්වල බදු ආදායම් සැලැස්ම වඩාත් ශක්තිමත් වනු ඇත.
මෙම තත්ත්වය තුළ ඉදිරියේ දී ඉඩම්වල බදු ආදායම් ස්වභාවය වඩාත් ශක්තිමත් වනු ඇත .
මේ ආකාරයට මානව සම්පත් සංවර්ධනය සඳහා දෙපාර්තමේන්තුවේ විවිධ ක්ෂේත්‍රවලට අදාළ මාණ්ඩලික නිලධාරීන්ට මෙන්ම මාණ්ඩලික නොවන නිලධාරීන්ට ද රාජකාරි කටයුතු කිරීමේ දී අත්‍යවශ්‍ය වන පුහුණුව ලබා දුන් අතර ඔවුන්ගේ රාජ්‍ය හා පෞද්ගලික ජීවිතවලට පවා ප්‍රයෝජනවත් වන පරිදි පුහුණුව ලබා දෙන ලදී .
මේ ආකාරයට මානව සම්පත් සංවර්ධනය සඳහා දෙපාර්තමේන්තුවේ විවිධ ක්ෂේත්‍රවලට අදාළ මාණ්ඩලික නිලධාරීන්ට මෙන්ම මාණ්ඩලික නොවන නිලධාරීන්ට ද රාජකාරි කටයුතු කිරීමේ දී අත්‍යවශ්‍ය වන පුහුණුව ලබා දුනි. ඔවුන්ගේ රාජ්‍ය හා පෞද්ගලික ජීවිතවලට ප්‍රයෝජනවත් වන පරිදි මෙම පුහුණුව ලබා දෙන ලදි.
මේ ආකාරයට මානව සම්පත් සංවර්ධනය සඳහා දෙපාර්තමේන්තුවේ විවිධ අංශවලට අදාළ මාණ්ඩලික නිලධාරීන්ට මෙන් ම මාණ්ඩලික නොවන නිලධාරීන්ට ද රාජකාරි කටයුතු කිරීමේ දී අත්‍යවශ්‍ය වන පුහුණුව ලබා දුණි. ඔවුන්ගේ රාජ්‍ය හා පෞද්ගලික ජීවිතවලට පවා ප්‍රයෝජනවත් වන පරිදි පුහුණුව ලබා දුණි.
මේ ආකාරයට මානව සම්පත් සංවර්ධනය සඳහා දෙපාර්තමේන්තුවේ විවිධ ක්ෂේත්‍රවලට අදාළ මාණ්ඩලික නිලධාරීන්ට මෙන්ම මාණ්ඩලික නොවන නිලධාරීන්ට ද රාජකාරි කටයුතු කිරීමේ දී අත්‍යවශ්‍ය වන පුහුණුව ලබා දුනි. එමෙන්ම ඔවුන්ගේ රජයේ හා පෞද්ගලික ජීවිතවලට පවා ප්‍රයෝජනවත් වන පරිදි පුහුණුව ලබා දෙන ලදී .
පුනරාවර්තන වියදම තුළ සේවක සංඛ්‍යාව වැඩිවීමට සාපේක්ෂව පෞද්ගලික පඩි - නඩි වැඩිවීම ඊට හේතු වී ඇති ප්‍රධානතම සාධකය වී ඇත .
පුනරාවර්තන වියදම තුළ සේවක සංඛ්‍යාව වැඩිවීම සිදු වී ඇත. ඊට සාපේක්ෂව පෞද්ගලික පඩි - නඩි වැඩිවීම ඊට හේතු වී ඇති ප්‍රධානතම සාධකය වී ඇත.
ඊට හේතු වී ඇති ප්‍රධාන සාධකයක් වේ. එනම්, පුනරාවර්තන වියදම තුළ සේවක සංඛ්‍යාව වැඩි වීමට සාපේක්ෂ ව පෞද්ගලික පඩි-නඩි වැඩි වීම යි.
පුනරාවර්තන වියදම තුළ සේවක සංඛ්‍යාව වැඩිවීමට සමාන්තරව පෞද්ගලික පඩි - නඩි වැඩිවීම ඊට හේතු වී ඇති ප්‍රධානතම සාධකය වී ඇත .
කෘෂිකාර්මික බෝගවල නිෂ්පාදනය හා ඵලදායිතාව වැඩි කිරීම සඳහා ගොවියන් දිරිගැන්වීමේ අරමුණින් , දිරිගැන්වීමේ යෝජනා ක්‍රම රාශියක් ක්‍රියාත්මක කරනු ලැබේ .
කෘෂිකාර්මික බෝගවල නිෂ්පාදනය හා ප්‍රයෝජනවත්තාව වැඩි කිරීම සඳහා ගොවියන් දිරිගැන්වීමේ අරමුණින් දිරිගැන්වීමේ යෝජනා ක්‍රම විශාල සංඛ්‍යාවක් ක්‍රියාත්මක කරනු ලැබේ.
දිරි ගැන්වීමේ යෝජනා ක්‍රම රාශියක් ක්‍රියාත්මක කෙරේ. ඒ, කෘෂිකාර්මික බෝගවල නිෂ්පාදනය හා ඵලදායිතාව වැඩි කිරීම සඳහා ගොවියන් දිරි ගැන්වීමේ අරමුණෙනි.
කෘෂිකර්මය ආශ්‍රිත භෝගවල නිෂ්පාදනය හා ඵලදායිතාව වැඩි කිරීම සඳහා ගොවියන් දිරිගැන්වීමේ අරමුණින් , දිරිගැන්වීමේ යෝජනා ක්‍රම රාශියක් ක්‍රියාත්මක කරනු ලැබේ .
ඒවා නම් , රටේ ප්‍රධාන අගනුවර හා නාගරික ප්‍රදේශ සඳහා විශාල ජල සම්පාදන ව්‍යාපෘති ක්‍රියාත්මක කරමින් එම ප්‍රදේශවල ජීවත් වන ජනතාවට සියයට 100ක් නළ ජලය ලබා දීම , ප්‍රජා ජල සම්පාදන ව්‍යාපෘති මඟින් ග්‍රාමීයව ජීවත් වන ජනතාවට නළ ජලය ලබා දීම හා ක්‍රමවත්ව ජල පරීක්ෂා සේවා ලබා දීම මඟින් ගෘහස්ථ ජනතාවට සිය පෞද්ගලික ළිං හා අනෙකුත් මූලාශ්‍රවලින් සිය ජල අවශ්‍යතා සපුරා ගැනීමට අනුබල දීම යනාදිය යි .
රටේ අගනුවර හා නාගරික ප්‍රදේශ සඳහා විශාල ජල සම්පාදන ව්‍යාපෘති ක්‍රියාත්මක කරමින් එම ප්‍රදේශවල ජීවත් වන ජනතාවට 100%ක් නළ ජලය ලබා දීම, ප්‍රජා ජල සම්පාදන ව්‍යාපෘති මඟින් ග්‍රාමීයව ජීවත් වන ජනතාවට නළ ජලය ලබා දීම හා ක්‍රමවත්ව ජල පරීක්ෂා සේවා ලබා දීම මඟින් ගෘහස්ථ ජනතාවට සිය පෞද්ගලික ළිං හා අනෙකුත් මූලාශ්‍රයන්ගෙන් සිය ජල අවශ්‍යතා සපුරා ගැනීමට අනුබල දීම යනාදිය ඒ අතර වේ.
ඒවා නම්, රටේ ප්‍රධාන අගනුවර හා නාගරික ප්‍රදේශ සඳහා විශාල ජල සම්පාදන ව්‍යාපෘති ක්‍රියාත්මක කරමින් එම ප්‍රදේශවල ජීවත් වන ජනතාවට සියයට 100ක් නළ ජලය ලබා දීම හා ප්‍රජා ජල සම්පාදන ව්‍යාපෘති මගින් ග්‍රාමීය ව ජීවත් වන ජනතාවට නළ ජලය ලබා දීම යි. ක්‍රමවත් ව ජල පරීක්ෂා සේවා ලබා දීම මගින් ගෘහස්ථ ජනතාවට සිය පෞද්ගලික ළිං හා අනෙකුත් මූලාශ්‍රයවලින් සිය ජල අවශ්‍යතා සපුරා ගැනීමට අනුබල දීම ද ඊට අයත් ය.
ඒවා නම් , රටේ ප්‍රධාන අගනුවර හා නගර ආශ්‍රිත ප්‍රදේශ සඳහා විශාල ජල සැපයුම් ව්‍යාපෘති ක්‍රියාත්මක කරමින් එම ප්‍රදේශවල ජීවත් වන ජනතාවට සියයට 100ක් නළ ජලය ලබා දීම , ප්‍රජා ජල සැපයුම් ව්‍යාපෘති මඟින් ග්‍රාමීයව ජීවත් වන ජනතාවට නළ ජලය ලබා දීම හා ක්‍රමවත්ව ජල පරීක්ෂා සේවා ලබා දීම මඟින් ගෘහස්ථ ජනතාවට සිය පෞද්ගලික ළිං හා අනෙකුත් මූලාශ්‍රවලින් තමන්ගේ ජල වුවමනාතා සපුරා ගැනීමට උනන්දු කිරීම යනාදිය යි .
මානව සහ ස්වාභාවික ක්‍රියා නිසා සිදු වන වනහරණය හේතුවෙන් දැනට පවතින වන ආවරණය ශීඝ්‍ර ලෙස පහත වැටීමක් පෙන්වයි .
මානව සහ ස්වාභාවික ක්‍රියා නිසා සිදු වන වන විනාශය හේතුවෙන් දැනට පවතින වන ආවරණය ශීඝ්‍ර ලෙස පහත වැටීමක් පෙන්වයි.
දැනට පවතින වන ආවරණය ශීඝ්‍ර ලෙස පහත වැටීමක් පෙන්වයි. එයට හේතුව වන්නේ මානව සහ ස්වාභාවික ක්‍රියා නිසා සිදු වන වන විනාශය යි.
මිනිසුන්ගේ සහ ස්වාභාවිකව සිදුවන ක්‍රියා නිසා සිදු වන වන විනාශය නිසා දැනට පවතින වන ආවරණය වඩාත් වේගයෙන් පහත වැටීමක් පෙන්වයි .
මෙය වළක්වා ගැනීම සඳහා විනාශයට ලක් වූ වනාන්තර පුනරුත්ථාපනය හා ප්‍රතිෂ්ඨාපනය කිරීම මෙන්ම තවදුරටත් සිදු වන හානිය වළක්වා ගැනීම සඳහා අවශ්‍ය පියවර ගැනීම වැදගත් වේ
මෙය වළක්වා ගැනීම සඳහා විනාශයට ලක් වූ වනාන්තර නැවත වගා කිරීම මෙන්ම තවදුරටත් සිදු වන හානිය වළක්වා ගැනීම සඳහා අවශ්‍ය පියවර ගැනීම වැදගත් වේ.
මෙය වළක්වා ගැනීම සඳහා විනාශයට ලක් වූ වනාන්තර පුනරුත්ථාපනය හා ප්‍රතිෂ්ඨාපනය කිරීම වැදගත් ය. එමෙන් ම තවදුරටත් සිදු වන හානිය වළක්වා ගැනීම සඳහා අවශ්‍ය පියවර ගැනීම ද කළ යුතු ය.
මෙය වළක්වා ගැනීම සඳහා විනාශයට ලක් වූ වනාන්තර නැවත නගා සිටුවීම හා පිහිටුවීම කිරීම මෙන්ම තවදුරටත් සිදු වන හානිය වළක්වා ගැනීම සඳහා වුවමනා පියවර ගැනීම වැදගත් වේ.
සමාජීය සංවර්ධනය උදෙසා ඉඩම් වෙන් කිරීම සහ අලි වාසස්ථාන ආශ්‍රිතව ඉඩම් පරිහරණ රටාව වෙනස්වීම හේතුවෙන් අලි - මිනිස් ගැටුම වර්ධනය වෙමින් පවතී .
සමාජීය සංවර්ධනය උදෙසා ඉඩම් වෙන් කිරීම සහ අලි වාසස්ථාන ආශ්‍රිතව ඉඩම් පරිහරණ රටාව වෙනස් වීම හේතුවෙන් අලි - මිනිස් ගැටුම වැඩි වෙමින් පවතී.
අලි-මිනිස් ගැටුම වර්ධනය වෙමින් පවතී. සමාජීය සංවර්ධනය උදෙසා ඉඩම් වෙන් කිරීම සහ අලි වාසස්ථාන ආශ්‍රිත ව ඉඩම් පරිහරණ රටාව වෙනස් වීම එයට හේතු වේ.
සමාජයේ සංවර්ධනය සඳහා ඉඩම් වෙන් කිරීම සහ අලින් වාසය කරන ස්ථාන ආශ්‍රිතව ඉඩම් පරිහරණය කරන රටාව වෙනස්වීම නිසා අලි - මිනිස් ගැටුම වැඩි වෙමින් පවතී .
පසුගිය දශක කිහිපය තුළ ජනතාවට හා දේපළවලට මෙන්ම වන අලින්ට ද හානි කරමින් අලි - මිනිස් ගැටුම උග්‍ර පාරිසරික ගැටලුවක් බවට පත් වී ඇත .
පසුගිය දශක කිහිපය තුළ ජනතාවට හා දේපළවලට මෙන්ම වන අලින්ට ද හානි පමුණුවන අලි - මිනිස් ගැටුම උග්‍ර පාරිසරික ගැටලුවක් බවට පත් වී ඇත.
අලි-මිනිස් ගැටුම උග්‍ර පාරිසරික ගැටලුවක් බවට පත් වී ඇත. ඒ හේතුවෙන් පසුගිය දශක කිහිපය තුළ ජනතාවට හා දේපළවලට මෙන් ම වන අලින්ට ද හානි සිදු වී තිබේ.
පසුගිය අවුරුදු දහයක කාල සීමා කිහිපය තුළ ජනතාවට හා දේපළවලට මෙන්ම වන අලින්ට ද හානි කරමින් අලි - මිනිස් ගැටුම ඉතා බරපතල පාරිසරික ගැටලුවක් බවට පත් වී ඇත .
ඒ අනුව , කර්මාන්ත අංශය සඳහා වන ප්‍රතිපත්තිමය අරමුණු ළඟා කර ගැනීම උදෙසා පසුගිය වසරේ දී ජාතික ක්‍රමසම්පාදන දෙපාර්තමේන්තුව පහත විස්තර කර ඇති කටයුතුවල නියැලී ඇත
ඒ අනුව කර්මාන්ත අංශය සඳහා වන ප්‍රතිපත්තිමය අරමුණු ළඟා කර ගැනීමට පසුගිය වසරේ දී ජාතික ක්‍රමසම්පාදන දෙපාර්තමේන්තුව කටයුතු කොට ඇත. ඒ අනුව පහත විස්තර කර ඇති කටයුතුවල නියැලී ඇත.
පසුගිය වසරේ දී ජාතික ක්‍රමසම්පාදන දෙපාර්තමේන්තුව පහත විස්තර කර ඇති කටයුතුවල නියැලී ඇත. ඒ, කර්මාන්ත අංශය සඳහා වන ප්‍රතිපත්තිමය අරමුණු ළඟා කර ගැනීම උදෙසා යි.
ඒ අනුව , කර්මාන්ත අංශය සඳහා වන ප්‍රතිපත්ති වශයෙන් පවත්නා අරමුණු ළඟා කර ගැනීම සඳහා පසුගිය වසරේ දී ජාතික ක්‍රමසැපයුම් දෙපාර්තමේන්තුව පහත විස්තර කර ඇති කටයුතුවල යෙදී ඇත.
දැනට ක්‍රියාත්මක වන ව්‍යාපෘතිවලට අදාළව මෙහෙයුම් කමිටු රැස්වීම් , ප්‍රගති සමාලෝචන රැස්වීම් , අය - වැය සාකච්ඡා සඳහා සහභාගිත්වය දැක්වීම් සහ අවශ්‍ය දත්ත ඉදිරිපත් කිරීම් ජාතික ක්‍රමසම්පාදන දෙපාර්තමේන්තුව විසින් 2014 වර්ෂය තුළ සිදු කර ඇත .
2014 වර්ෂය තුළ දැනට ක්‍රියාත්මක වන ව්‍යාපෘතිවලට අදාළව මෙහෙයුම් කමිටු රැස්වීම්, ප්‍රගති සමාලෝචන රැස්වීම්, අයවැය සාකච්ඡා සඳහා සහභාගිත්වය දැක්වීම් සහ අවශ්‍ය දත්ත ඉදිරිපත් කිරීම් ජාතික ක්‍රමසම්පාදන දෙපාර්තමේන්තුව මගින් සිදු කරයි.
ජාතික ක්‍රමසම්පාදන දෙපාර්තමේන්තුව 2014 වර්ෂය තුළ සිදු කර ඇති කාර්යන් කිහිපයකි. ඒවා නම්, දැනට ක්‍රියාත්මක වන ව්‍යාපෘතිවලට අදාළ ව මෙහෙයුම් කමිටු රැස්වීම්, ප්‍රගති සමාලෝචන රැස්වීම්, අය-වැය සාකච්ඡා සඳහා සහභාගිත්වය දැක්වීම් සහ අවශ්‍ය දත්ත ඉදිරිපත් කිරීම් ය.
දැනට සිදු කරන ව්‍යාපෘතිවලට අදාළව මෙහෙයුම් කමිටු රැස්වීම් , වර්ධනය නැවත සලකා බැලීමේ රැස්වීම් , අය - වැය සාකච්ඡා සඳහා සහභාගි වීම දැක්වීම් සහ වුවමනා දත්ත ඉදිරිපත් කිරීම් ජාතික ක්‍රමසැපයුම් දෙපාර්තමේන්තුව විසින් 2014 වසර තුළ සිදු කර ඇත .
පද්ධති වැඩිදියුණු කිරීමේ ජාත්‍යන්තර ප්‍රමිති සාක්ෂාත් කර ගැනීම අරමුණු කරගත් සේවා , තොරතුරු හා සන්නිවේදන තාක්ෂණික යටිතල පහසුකම් ක්‍රියාත්මක කිරීමෙන් පෞද්ගලික අංශය අතිශය වැදගත් කාර්ය භාරයක් ඉටු කරයි .
සේවා, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණික යටිතල පහසුකම් ක්‍රියාත්මක කිරීමේ අරමුණ වන්නේ පද්ධති වැඩිදියුණු කිරීමේ ජාත්‍යන්තර ප්‍රමිති සාක්ෂාත් කර ගැනීමයි. ඉන් පෞද්ගලික අංශය අතිශය වැදගත් කාර්ය භාරයක් ඉටු කරයි.
පෞද්ගලික අංශය අතිශය වැදගත් කාර්යක් ඉටු කරයි. ඒ, පද්ධති වැඩි දියුණු කිරීමේ ජාත්‍යන්තර ප්‍රමිති ඉටු කර ගැනීම අරමුණු කර ගත් සේවා, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණික යටිතල පහසුකම් ක්‍රියාත්මක කිරීමෙනි.
පද්ධති වැඩිදියුණු කිරීමේ ජාත්‍යන්තර ප්‍රමිති සපුරා ගැනීම අරමුණු කරගත් සේවා , තොරතුරු හා සන්නිවේදන තාක්ෂණික යටිතල පහසුකම් ක්‍රියාත්මක කිරීමෙන් පෞද්ගලික අංශය අතිශය වැදගත් කාර්ය භාරයක් ඉටු කරයි .
ඉහළ තාක්ෂණික කර්මාන්ත ප්‍රවර්ධනයෙන් දේශීය කර්මාන්තවල ගුණාත්මකභාවය , ඵලදායිතාව හා තරගකාරිත්වය වැඩි කිරීමට රජය විසින් දැනටමත් අවශ්‍ය පියවර ගෙන ඇත .
ඉහළ තාක්ෂණික කර්මාන්ත වැඩි ෙන් දේශීය කර්මාන්තවල ගුණාත්මකභාවය, ප්‍රයෝජනවත්තාව හා තරගකාරිත්වය වැඩි කිරීමට රජය දැනටමත් අවශ්‍ය පියවර ගෙන ඇත.
දේශීය කර්මාන්තවල ගුණාත්මක බව, ඵලදායිතාව හා තරගකාරිත්වය වැඩි කිරීමට රජය විසින් දැනටමත් අවශ්‍ය පියවර ගෙන ඇත. එය සිදු කරන්නේ ඉහළ තාක්ෂණික කර්මාන්ත වර්ධනය මගිනි.
ඉහළ තාක්ෂණික කර්මාන්ත සංවර්ධනයෙන් දේශීය කර්මාන්තවල ගුණාත්මක බව , ඵලදායිතාව හා තරගකාරිත්වය වැඩි කිරීමට රජය විසින් දැනටමත් වුවමනා පියවර ගෙන ඇත .
රජයේ දැක්මට අනුව රටේ ආර්ථිකයට ඵලදායි දායකත්වයක් ලබා දීම සඳහා සෞඛ්‍යසම්පන්න හා ක්‍රියාශීලී ජනතාවක් සිටීම ඉතා වැදගත් ය .
රජයේ දැක්මට අනුව රටේ ආර්ථිකයට ප්‍රයෝජනවත් දායකත්වයක් ලබා දීම සඳහා සෞඛ්‍ය සම්පන්න හා ක්‍රියාශීලී ජනතාවක් සිටීම ඉතා වැදගත්ය.
රජයේ දැක්මට අනුව සෞඛ්‍ය සම්පන්න හා ක්‍රියාශීලි ජනතාවක් සිටීම ඉතා වැදගත් ය. ඒ, රටේ ආර්ථිකයට ඵලදායි දායකත්වයක් ලබා දීම සඳහා යි.
රජයේ දැක්මට අනුව රටේ ආර්ථිකයට ඵලදායි දායකත්වයක් ලබා දීම සඳහා සෞඛ්‍යසම්පන්න හා ක්‍රියාශීලී ජනතාවක් සිටීම ඉතා වැදගත් ය .
නිරන්තරයෙන් වෙනස්වීම්වලට බඳුන් වන , දැනුම මත පදනම් වූ ආර්ථිකයක අභියෝග ජය ගැනීමට සඳහා විවිධ නිපුණතාවලින් අනාගත පරපුර සවිබල ගැන්වීමත් , දැනුම් ආර්ථිකයක් ඇතිකිරීමත් රජයේ දැක්ම විය .
නිරන්තරයෙන් වෙනස් වීම්වලට බඳුන් වන, දැනුම මත පදනම් වූ ආර්ථිකයක අභියෝග ජය ගැනීමට සඳහා විවිධ නිපුණතාවලින් අනාගත පරපුර සවිබල ගැන්වීමත්, දැනුම් ආර්ථිකයක් ඇති කිරීමත් රජයේ දැක්ම විය.
දැනුම, නිරන්තරයෙන් වෙනස් වීම්වලට බඳුන් වේ. ඒ දැනුම මත පදනම් වූ ආර්ථිකයක අභියෝග ජය ගැනීම සඳහා විවිධ නිපුණතාවලින් අනාගත පරපුර සවිබල ගැන්වීම රජයේ දැක්ම යි. දැනුම් ආර්ථිකයක් ඇති කිරීමත් එයට අයත් ය.
සෑමවිටම වෙනස්වීම්වලට ලක් වන, දැනුම මත පදනම් වූ ආර්ථිකයක අභියෝග ජය ගැනීම සඳහා විවිධ නිපුණතාවලින් අනාගත පරපුර සවිබල ගැන්වීමත් , දැනුම් ආර්ථිකයක් ඇතිකිරීමත් රජයේ දැක්ම විය .
නිපුණතා අංශයේ සංවර්ධන වැඩසටහන 2014 - 2020 ක්‍රියාත්මක කරන ආකාරය ප්‍රතිශෝධනයට ලක් කිරීම සඳහාත් , එක් එක් නිපුණතා සංවර්ධන ආයතනවල ක්‍රියාත්මක සැලසුම් ප්‍රතිශෝධනයට ලක් කිරීම සඳහාත් නිපුණතා සංවර්ධන ආයතනවල නිලධාරීන් සමඟ සාකච්ඡා වාර කීපයක් පැවැත්වීම
නිපුණතා අංශයේ සංවර්ධන වැඩසටහන 2014 - 2020 ක්‍රියාත්මක කරන ආකාරය ආපසු සකස් කිරීමට ලක් කිරීම සඳහාත්, එක් එක් නිපුණතා සංවර්ධන ආයතනවල ක්‍රියාත්මක සැලසුම් ආපසු සකස් කිරීමට ලක් කිරීම සඳහාත් නිපුණතා සංවර්ධන ආයතනවල නිලධාරීන් සමඟ සාකච්ඡා වාර කීපයක් පැවැත්වීම සිදු වේ.
නිපුණතා සංවර්ධන ආයතනවල නිලධාරීන් සමඟ සාකච්ඡා වාර කීපයක් පැවැත්විය. 2014-2020 වර්ෂ තුළ නිපුණතා අංශයේ සංවර්ධන වැඩසටහන ක්‍රියාත්මක කරන ආකාරය ප්‍රතිශෝධනයට ලක් කිරීම සඳහාත්, එක් එක් නිපුණතා සංවර්ධන ආයතනවල ක්‍රියාත්මක සැලසුම් ප්‍රතිශෝධනයට ලක් කිරීම සඳහාත් ඒවා පැවැත්විය.
නිපුණතා අංශයේ සංවර්ධන වැඩසටහන 2014 - 2020 ක්‍රියාත්මක කරන ආකාරය නැවත සංශෝධනය කිරීමට ලක් කිරීම සඳහාත් , එක් එක් නිපුණතා සංවර්ධන ආයතනවල ක්‍රියාත්මක සැලසුම් නැවත සංශෝධනය කිරීමට ලක් කිරීම සඳහාත් නිපුණතා සංවර්ධන ආයතනවල නිලධාරීන් සමඟ සාකච්ඡා වාර කීපයක් පැවැත්වීම
මෙම අංශයේ සංවර්ධනයට අවශ්‍ය වන ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කිරීමටත් , පුද්ගලික අංශයේත් , රාජ්‍ය අංශයේ නිපුණතා සංවර්ධන ආයතනයේත් , කර්මාන්ත අංශ පාර්ශ්වකරුවන්ගේත් සක්‍රිය දායකත්වය මෙම අංශයේ දියුණුව සඳහා ලබා ගැනීමේ අරමුණිනුත් නිපුණතා අංශ සංවර්ධන වැඩසටහන සඳහා වන ජාතික මෙහෙයුම් කමිටුවේ ප්‍රථම රැස්වීම පැවැත්වීමට අවශ්‍ය කටයුතු සිදු කිරීම
මෙම අංශයේ සංවර්ධනය ට අවශ්‍ය වන ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කිරීමත්, පුද්ගලික අංශයේත්, රාජ්‍ය අංශයේ සහ නිපුණතා සංවර්ධන ආයතනයේත්, කර්මාන්ත අංශ කොටස්කරුවන්ගේත් සක්‍රිය දායකත්වය මෙම අංශයේ දියුණුව සඳහා ලබා ගැනීම අරමුණයි. ඒ අනුව නිපුණතා අංශ සංවර්ධන වැඩසටහන සඳහා වන ජාතික මෙහෙයුම් කමිටුවේ ප්‍රථම රැස්වීම පැවැත්වීමට අවශ්‍ය කටයුතු සිදු කිරීම
නිපුණතා අංශ සංවර්ධන වැඩසටහන සඳහා වන ජාතික මෙහෙයුම් කමිටුවේ ප්‍රථම රැස්වීම පැවැත්වීමට අවශ්‍ය කටයුතු සිදු කෙරීය. එහි අරමුණ වූයේ මෙම අංශයේ සංවර්ධනයට අවශ්‍ය වන ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කිරීමත්, පුද්ගලික අංශයේත්, රාජ්‍ය අංශයේ නිපුණතා සංවර්ධන ආයතනයේත්, කර්මාන්ත අංශ කොටස්කරුවන්ගේ සක්‍රිය දායකත්වය මෙම අංශයේ දියුණුව සඳහා ලබා ගැනීමත් ය.
මෙම අංශයේ සංවර්ධනයට වුවමනා වන ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කිරීමටත් , පුද්ගලික අංශයේත් , රාජ්‍ය අංශයේ නිපුණතා සංවර්ධන ආයතනයේත් , කර්මාන්ත අංශ කොටස්කරුවන්ගේත් වඩාත් ක්‍රියාකාරි දායකත්වය මෙම අංශයේ දියුණුව සඳහා ලබා ගැනීමේ අරමුණිනුත් නිපුණතා අංශ සංවර්ධන වැඩසටහන සඳහා වන ජාතික මෙහෙයුම් කමිටුවේ ප්‍රථම රැස්වීම පැවැත්වීමට වුවමනා කටයුතු සිදු කිරීම
සාර්ව ආර්ථික ප්‍රතිපත්ති සංවර්ධනය කිරීම , පවත්නා සාර්ව ආර්ථික ප්‍රශ්න හඳුනා ගැනීම , සමාලෝචනය හා සුදුසු නිර්දේශ ඉදිරිපත් කිරීම සාර්ව ආර්ථික සැලසුම් අංශයේ වගකීම වේ .
සාර්ව ආර්ථික සැලසුම් අංශයේ වගකීම් අතර සාර්ව ආර්ථික ප්‍රතිපත්ති සංවර්ධනය කිරීම, පවත්නා සාර්ව ආර්ථික ප්‍රශ්න හඳුනා ගැනීම හා සමාලෝචනය, සුදුසු නිර්දේශ ඉදිරිපත් කිරීම වේ.
සාර්ව ආර්ථික සැලසුම් අංශයේ වගකීම මෙසේ යි. එනම්, සාර්ව ආර්ථික ප්‍රතිපත්ති සංවර්ධනය කිරීම, පවත්නා සාර්ව ආර්ථික ප්‍රශ්න හඳුනා ගැනීම, සමාලෝචනය හා සුදුසු නිර්දේශ ඉදිරිපත් කිරීම යි.
සාර්ව ආර්ථික ප්‍රතිපත්ති සංවර්ධනය කිරීම , පවත්නා සාර්ව ආර්ථික ප්‍රශ්න හඳුනා ගැනීම , නැවත සලකා බැලීම සහ ගැළපෙන නිර්දේශ ඉදිරිපත් කිරීම සාර්ව ආර්ථික සැලසුම් අංශයේ වගකීම වේ .
මෙම අංශය දළ ජාතික නිෂ්පාදනය , උද්ධමනය හා ගෙවුම් ශේෂය ආදි සාර්ව ආර්ථික විචල්‍යය හා බැඳුණු කරුණු සම්බන්ධයෙන් කටයුතු කරයි .
මෙම අංශය දළ ජාතික නිෂ්පාදනය, වැඩි වීම හා ගෙවුම් ඉතිරිය ආදි සාර්ව ආර්ථික වෙනස්කම් හා බැඳුණු කරුණු සම්බන්ධයෙන් කටයුතු කරයි.
දළ ජාතික නිෂ්පාදනය, උද්ධමනය හා ගෙවුම් ඉතිරිය ආදිය සාර්ව ආර්ථික වෙනස්කම් හා බැඳුණු කරුණු ය. මෙම අංශය කටයුතු කරන්නේ එම කරුණු සම්බන්ධයෙනි.
මෙම අංශය දළ ජාතික නිෂ්පාදනය , උද්ධමනය හා ගෙවුම් ශේෂය ආදි සාර්ව ආර්ථික විචල්‍යය හා බැඳුණු කරුණු සම්බන්ධයෙන් කටයුතු කරයි .
ආසියානු සංවර්ධන බැංකුවේ තාක්ෂණික සහාය යටතේ ශ්‍රී ලංකාවේ සැලසුම් ක්‍රියාවලිය වැඩිදියුණු කිරීම සඳහා යෙදවුම් - නිමැවුම් වගු සහ ඡායා මිල සැකසීම සඳහා වූ රැස්වීම් සම්බන්ධීකරණය කිරීම ද මෙම අංශය මඟින් සිදු කෙරෙයි
ආසියානු සංවර්ධන බැංකුවේ තාක්ෂණික සහාය යටතේ ශ්‍රී ලංකාවේ සැලසුම් ක්‍රියාවලිය වැඩිදියුණු කිරීම සඳහා යෙදවුම් - නිමැවුම් වගු සකස් කෙරිණි. තවද, ඡායා මිල සැකසීම සඳහා වූ රැස්වීම් සම්බන්ධීකරණය කිරීම ද මෙම අංශය මඟින් සිදු කෙරෙයි.
මෙම අංශය මගින් සිදු කෙරෙන තවත් කාර්යකි. එනම්, ශ්‍රී ලංකාවේ සැලසුම් ක්‍රියාවලිය වැඩි දියුණු කිරීම සඳහා යෙදවුම්-නිමැවුම් වගු සහ ඡායා මිල සැකසීම සඳහා වූ රැස්වීම් සම්බන්ධීකරණය කිරීම යි. එය සිදු කරන්නේ ආසියානු සංවර්ධන බැංකුවේ තාක්ෂණික සහාය යටතේ යි.
ආසියානු සංවර්ධන බැංකුවේ තාක්ෂණික සහාය යටතේ ශ්‍රී ලංකාවේ සැලසුම් ක්‍රියාවලිය වැඩිදියුණු කිරීම සඳහා යෙදවුම් - නිමැවුම් වගු සහ ඡායා මිල සැකසීම සඳහා වූ රැස්වීම් සම්බන්ධීකරණය කිරීම ද මෙම අංශය මඟින් සිදු කෙරෙයි.
විවිධ රටවලින් හා ආයතන නියෝජනය කරමින් පැමිණෙන විදේශ නියෝජිතයන් සඳහා අවශ්‍ය රැස්වීම් සම්බන්ධීකරණය කිරීම
විවිධ රටවලින් හා ආයතන නියෝජනය කරමින් පැමිණෙන විදේශ නියෝජිතයන් සඳහා අවශ්‍ය රැස්වීම් සම්බන්ධීකරණය කරයි.
විවිධ රටවලින් හා ආයතන නියෝජනය කරමින් පැමිණෙන විදේශ නියෝජිතයන් සඳහා අවශ්‍ය රැස්වීම් සම්බන්ධීකරණය කිරීම
විවිධ රටවලින් හා ආයතන නියෝජනය කරමින් පැමිණෙන විදේශ නියෝජිතයන් සඳහා වුවමනා රැස්වීම් සම්බන්ධීකරණය කිරීම
සමාජ ආරක්ෂණ අංශය ළමා සංවර්ධන හා කාන්තා කටයුතු අමාත්‍යාංශය , සමාජ සේවා අමාත්‍යාංශය හා නැවත පදිංචි කිරීමේ අමාත්‍යාංශය සමඟ සම්බන්ධ වෙමින් කටයුතු සිදු කරයි
සමාජ ආරක්ෂණ අංශය, ළමා සංවර්ධන හා කාන්තා කටයුතු අමාත්‍යාංශය යන අමාත්‍යශාංශ නටහුතු කරන්නේ සමාජ සේවා අමාත්‍යාංශය හා නැවත පදිංචි කිරීමේ අමාත්‍යාංශය සමඟ සම්බන්ධ වීමෙනි.
සමාජ ආරක්ෂණ අංශය, ළමා සංවර්ධන හා කාන්තා කටයුතු අමාත්‍යාංශය, සමාජ සේවා අමාත්‍යාංශය හා නැවත පදිංචි කිරීමේ අමාත්‍යාංශය සමඟ සම්බන්ධ වෙමින් කටයුතු සිදු කරයි.
සමාජ ආරක්ෂණ අංශය ළමා සංවර්ධන හා කාන්තා කටයුතු අමාත්‍යාංශය , සමාජ සේවා අමාත්‍යාංශය හා නැවත පදිංචි කිරීමේ අමාත්‍යාංශය සමඟ සම්බන්ධ වෙමින් කටයුතු සිදු කරයි .
මෙම වෙනස් වීම නිසා වරප්‍රසාද නොලත් කාන්තාවන් , වැඩිහිටියන් , ආබාධිතයන් හා ළමුන් වැනි කණ්ඩායම්වල ජීවන තත්වය නඟා සිටුවීමට හා ඔවුන් සමාජ ප්‍රවාහයට එක් කිරීම උදෙසා ඉහත අමාත්‍යාංශය සමඟ එක් වී අවශ්‍ය ප්‍රතිපත්තිමය හා වැඩසටහන් සකස් කිරීම සඳහා දායකත්වය ලබා දෙන ලදි .
මෙම වෙනස් වීම නිසා වරප්‍රසාද නොලත් කාන්තාවන්, වැඩිහිටියන්, ආබාධිතයන් හා ළමුන් වැනි කණ්ඩායම්වල ජීවන තත්වය නඟා සිටුවීමට හා ඔවුන් සමාජ ප්‍රවාහයට එක් කිරීම උදෙසා ඉහත අමාත්‍යාංශය සමඟ එක් වී අවශ්‍ය ප්‍රතිපත්තිමය හා වැඩසටහන් සකස් කිරීම සඳහා දායකත්වය ලබා දුනි.
ඉහත අමාත්‍යාංශය සමඟ එක් වී අවශ්‍ය ප්‍රතිපත්ති හා වැඩසටහන් සකස් කිරීම සඳහා දායකත්වය ලබා දුණි. එහි අරමුණ වූයේ මෙම වෙනස් වීම නිසා වරප්‍රසාද නොලත් කාන්තාවන්, වැඩිහිටියන්, ආබාධිතයන් හා ළමුන් වැනි කණ්ඩායම්වල ජීවන තත්ත්වය නඟා සිටුවීම හා ඔවුන් සමාජ ප්‍රවාහයට එක් කිරීම යි.
මෙම වෙනස් වීම නිසා වරප්‍රසාද නොලත් කාන්තාවන් , වැඩිහිටියන් , ආබාධිතයන් හා ළමුන් වැනි කණ්ඩායම්වල ජීවන තත්වය නඟා සිටුවීමට හා ඔවුන් සමාජ ප්‍රවාහයට එක් කිරීම සඳහා ඉහත අමාත්‍යාංශය සමඟ එක් වී වුවමනා ප්‍රතිපත්තිමය හා වැඩසටහන් සකස් කිරීම සඳහා දායකත්වය ලබා දෙන ලදි .
පසුගිය දශකය තුළ ක්‍රියාත්මක වූ ග්‍රාමීය සංවර්ධන ප්‍රවේශවල පැවති අසමානතා සහ දුර්වලතා අවම කරමින් වර්තමාන රජයේ සංවර්ධන ක්‍රියාවලිය මේ වන විට ක්‍රියාත්මක වේ .
පසුගිය වසර දහය තුළ ක්‍රියාත්මක වූ ග්‍රාමීය සංවර්ධන ප්‍රවේශවල පැවති අසමානතා සහ දුර්වලතා අවම කරමින් වර්තමාන රජයේ සංවර්ධන ක්‍රියාවලිය මේ වන විට ක්‍රියාත්මක වේ.
වර්තමාන රජයේ සංවර්ධන ක්‍රියාවලිය මේ වන විට ක්‍රියාත්මක වේ. පසුගිය දශකය තුළ ක්‍රියාත්මක වූ ග්‍රාමීය සංවර්ධන ප්‍රවේශවල පැවති අසමානතා සහ දුර්වලතා මෙම රජය අවම කර තිබේ.
පසුගිය අවුරුදු දහයක කාලය තුළ ක්‍රියාත්මක වූ ග්‍රාමීය සංවර්ධන ප්‍රවේශවල පැවති අසමානතා සහ දුර්වලතා අඩු කරමින් වර්තමාන රජයේ සංවර්ධන ක්‍රියාවලිය මේ වන විට ක්‍රියාත්මක වේ .
මෙම රාමුව තුළ , දේශීය සම්පත් උපරිම ලෙස ප්‍රයෝජනයට ගනිමින් , විවිධ සංවර්ධන ප්‍රවේශ අතර මනා සංයෝජනයක් ඇතිකරමින් සංවර්ධනය ඉදිරියට ගෙනයාම සඳහා රජයේ නොපසුබට දායකත්වය ලබා දී ඇත
මෙම රාමුව තුළ දේශීය සම්පත් උපරිම ලෙස ප්‍රයෝජනයට ගනිමින් , විවිධ සංවර්ධන ප්‍රවේශ අතර මනා සංයෝජනයක් ඇති කරමින් සංවර්ධනය ඉදිරියට ගෙනයාම සඳහා රජයේ නොපසුබට දායකත්වය ලබා දී ඇත .
මෙම රාමුව තුළ, සංවර්ධනය ඉදිරියට ගෙන යාම සඳහා රජයේ නොපසුබට දායකත්වය ලබා දී ඇත. ඒ, දේශීය සම්පත් උපරිම ලෙස ප්‍රයෝජනයට ගනිමින් හා විවිධ සංවර්ධන ප්‍රවේශ අතර මනා සංයෝජනයක් ඇති කරමිනි.
මෙම රාමුව තුළ , දේශීය සම්පත් උපරිම ලෙස ප්‍රයෝජනයට ගනිමින් , විවිධ සංවර්ධන ප්‍රවේශ අතර මනා සම්බන්ධයක් ඇතිකරමින් සංවර්ධනය ඉදිරියට ගෙනයාම සඳහා රජයේ පසු නොබසින දායකත්වය ලබා දී ඇත.
එබැවින් රජයේ සංවර්ධන සැලැස්ම තුළ සියලු ම කලාප එක ම සංවර්ධන තලයකට ගෙනඑමින් ග්‍රාමීය ජනතාවගේ ජීවන තත්වය ඉහළ නැංවීමටත් , කලාප අතර අන්තර්සබඳතාව ඉහළ නැංවීමටත් , කලාප අතර පවතින අසමානතා අවම කිරීමටත් , එම කලාප ජාතික ආර්ථිකය හා ඒකාබද්ධ කිරීමටත් ප්‍රමුඛතාව හිමි වී ඇත
එබැවින් රජයේ සංවර්ධන සැලැස්ම තුළ සියලු ම කලාප එක ම සංවර්ධන තලයකට ගෙන එමින් ග්‍රාමීය ජනතාවගේ ජීවන තත්වය ඉහළ නැංවීමටත්, කලාප අතර අන්තර්සබඳතාව ඉහළ නැංවීමටත් ප්‍රධානතාව හිමි වී ඇත. එමෙන්ම කලාප අතර පවතින අසමානතා අවම කිරීමටත්, එම කලාප ජාතික ආර්ථිකය හා එකතු කිරීමටත් ප්‍රධානතාව හිමි වී ඇත.
එබැවින් රජයේ සංවර්ධන සැලැස්ම තුළ මූලිකත්වය හිමි වී ඇති අංශ කිහිපයකි. සියලු ම කලාප එක ම සංවර්ධන තලයකට ගෙන එමින් ග්‍රාමීය ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීමත්, කලාප අතර අන්තර් සබඳතාව ඉහළ නැංවීමත්, කලාප අතර පවතින අසමානතා අවම කිරීමත්, එම කලාප ජාතික ආර්ථිකය හා එක් කිරීමත් ඒ අතර වේ.
එබැවින් රජයේ සංවර්ධන සැලැස්ම තුළ සියලුම කලාප එකම සංවර්ධන තලයකට ගෙනඑමින් ග්‍රාමීය ජනතාවගේ ජීවන තත්වය ඉහළ නැංවීමටත් , කලාප අතර අන්තර්සබඳතාව ඉහළ නැංවීමටත් , කලාප අතර පවතින අසමානතා අවම කිරීමටත් , එම කලාප ජාතික ආර්ථිකය හා ඒකාබද්ධ කිරීමටත් ප්‍රමුඛතාව හිමි වී ඇත
ඒ අතරින් දිවි නැගුම , ගම නැගුම , පුර නැගුම සහ ප්‍රාදේශීය සංවර්ධන වැඩසටහන් යනාදිය ප්‍රාදේශීය ආර්ථිකය නංවාලීමේ අරමුණ සහිතව , ඒ ඒ පළාතට සුවිශේෂී වූ සංවර්ධන විභවයන් හඳුනා ගනිමින් ක්‍රියාත්මක වූ වැඩසටහන් වේ
ඒ අතරින් දිවි නැගුම, ගම නැගුම, පුර නැගුම සහ ප්‍රාදේශීය සංවර්ධන වැඩසටහන් යනාදියේ අරමුණ ‍ප්‍රාදේශීය ආර්ථිකය නංවාලීමයි. එම වැඩසටහන් ඒ ඒ පළාතට සුවිශේෂී වූ සංවර්ධන විය හැකිතාවන් හඳුනා ගනිමින් ක්‍රියාත්මක වේ.
ඒ අතරින් දිවි නැගුම, ගම නැගුම, පුර නැගුම සහ ප්‍රාදේශීය සංවර්ධන වැඩසටහන් යනාදිය වැදගත් වේ. ඒවා ප්‍රාදේශීය ආර්ථිකය නංවාලීමේ අරමුණ සහිත ව, ඒ ඒ පළාතට සුවිශේෂී වූ සංවර්ධන ක්‍රම හඳුනා ගනිමින් ක්‍රියාත්මක වූ වැඩසටහන් වේ.
ඒ අතරින් දිවි නැගුම , ගම නැගුම , පුර නැගුම සහ ප්‍රාදේශීය සංවර්ධන වැඩසටහන් යනාදිය ප්‍රාදේශීය ආර්ථිකය නංවාලීමේ අරමුණ සහිතව , ඒ ඒ පළාතට ඉතා විශේෂ වූසංවර්ධන විභවයන් හඳුනා ගනිමින් ක්‍රියාත්මක වූ වැඩසටහන් වේ .
මෙම මූල්‍ය ප්‍රකාශන ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතිවලට අනුකූලව පිළියෙල කිරීම හා සාධාරණ ලෙස ඉදිරිපත් කිරීම සහ වංචා හෝ වැරදි හේතුවෙන් ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශයන්ගෙන් තොර වූ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකි වනු පිණිස අවශ්‍ය වන අභ්‍යන්තර පාලනය තීරණය කිරීම කළමනාකරණයේ වගකීම වේ .
මෙම මුදල් ප්‍රකාශන ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතිවලට අනුකූලව පිළියෙල කිරීමත් හා සාධාරණ ලෙස ඉදිරිපත් කිරීමත් සිදු වේ. වංචා හෝ වැරදි හේතුවෙන් ඇති විය හැකි ප්‍රමාණාත්මක අසත්‍ය ප්‍රකාශයන්ගෙන් තොර වූ මුදල් ප්‍රකාශන පිළියෙල කිරීමට හැකි වනු පිණිස අවශ්‍ය වන අභ්‍යන්තර පාලනය තීරණය කිරීම කළමනාකරණයේ වගකීම වේ.
මෙම මූල්‍ය ප්‍රකාශන ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතිවලට අනුකූලව පිළියෙල කිරීම හා සාධාරණ ලෙස ඉදිරිපත් කිරීම කළමනාකරණයේ වගකීම යි. තව ද, වංචා හෝ වැරදි හේතුවෙන් ඇති විය හැකි ප්‍රමාණාත්මක වැරදි ප්‍රකාශයන්ගෙන් තොර වූ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකි වනු පිණිස අවශ්‍ය වන අභ්‍යන්තර පාලනය තීරණය කිරීම ද කළමනාකරණයේ වගකීම වේ.
මෙම මුදල් සම්බන්ධ ප්‍රකාශන ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතිවලට අනුකූලව සකස් කිරීම හා සාධාරණ ලෙස ඉදිරිපත් කිරීම සහ වංචා හෝ වැරදි නිසා ඇති විය හැකි ප්‍රමාණාත්මක බොරු ප්‍රකාශයන්ගෙන් තොර වූ මුදල් සම්බන්ධ ප්‍රකාශන සකස් කිරීමට හැකි වනු පිණිස වුවමනා වන අභ්‍යන්තර පාලනය තීරණය කිරීම කළමනාකරණයේ වගකීම වේ .
එම අවදානම් තක්සේරු කිරීම්වල දී , අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කිරීම පිණිස ව්‍යාපෘතියේ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට සහ සාධාරණ ලෙස ඉදිරිපත් කිරීමට අදාළ වන්නා වූ අභ්‍යන්තර පාලනය විගණක සැලකිල්ලට ගන්නා නමුත් ව්‍යාපෘතියේ අභ්‍යන්තර පාලනයේ සඵලදායිත්වය පිළිබඳ ව මතයක් ප්‍රකාශ කිරීමට අදහස් නොකරයි .
එම අවදානම් තක්සේරු කිරීම්වලදී අවස්ථාවට සුදුසු ගිණුම් පරීක්ෂණ පටිපාටි සැලසුම් කිරීම පිණිස ව්‍යාපෘතියේ මුදල් ප්‍රකාශන පිළියෙල කිරීමට සහ සාධාරණ ලෙස ඉදිරිපත් කිරීමට අදාළ වන්නා වූ අභ්‍යන්තර පාලනය විගණක සැලකිල්ලට ගනියි. එහෙත් ව්‍යාපෘතියේ අභ්‍යන්තර පාලනයේ සප්‍රයෝජනවත්ත්වය පිළිබඳ ව මතයක් ප්‍රකාශ කිරීමට අදහස් නොකරයි.
එම අවදානම් තක්සේරු කිරීම්වල දී, අවස්ථාවට අදාළ ව ගැළපෙන ගිණුම් පරීක්ෂණ ක්‍රියාවලි සැලසුම් කිරීම පිණිස ව්‍යාපෘතියේ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට සහ සාධාරණ ලෙස ඉදිරිපත් කිරීමට අදාළ වන්නා වූ අභ්‍යන්තර පාලනය ගිණුම් පරීක්ෂක සැලකිල්ලට ගනී. නමුත් ව්‍යාපෘතියේ අභ්‍යන්තර පාලනයේ ප්‍රයෝජනවත් බව පිළිබඳ ව මතයක් ප්‍රකාශ කිරීමට අදහස් නොකරයි.
එම අවදානම් තක්සේරු කිරීම්වල දී , අවස්ථාවට ගැළපෙන ලෙස ගැළපෙන විගණන පරිපාටි සැලසුම් කිරීමට ව්‍යාපෘතියේ මුදල් සම්බන්ධ ප්‍රකාශන සකස් කිරීමට සහ සාධාරණ ලෙස ඉදිරිපත් කිරීමට අදාළ වන්නා වූ අභ්‍යන්තර පාලනය විගණක සැලකිල්ලට ගනියි. නමුත් ව්‍යාපෘතියේ අභ්‍යන්තර පාලනයේ සඵලදායිත්වය පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීමට අදහස් නොකරයි .
කළමනාකරණය විසින් අනුගමනය කරන ලද ගිණුම්කරණ ප්‍රතිපත්තිවල උචිතභාවය හා යොදා ගන්නා ලද ගිණුම්කරණ ඇස්තමේන්තුවල සාධාරණත්වය ඇගයීම මෙන් ම මූල්‍ය ප්‍රකාශනවල සමස්ත ඉදිරිපත් කිරීම පිළිබඳ ඇගයීම ද විගණනයට ඇතුළත් වේ .
කළමනාකරණය විසින් අනුගමනය කරන ලද ගිණුම්කරණ ප්‍රතිපත්තිවල සුදුසුභාවය හා යොදා ගන්නා ලද ගිණුම්කරණ ඇස්තමේන්තුවල සාධාරණත්වය ඇගයීම ගිණුම් පරීක්ෂාට අදාළ වේ. මුදල් ප්‍රකාශනවල සමස්ත ඉදිරිපත් කිරීම පිළිබඳ ඇගයීම ද ඊට අදාළ වේ.
කළමනාකරණය විසින් අනුගමනය කළ ගිණුම්කරණ ප්‍රතිපත්තිවල ගැළපෙන බව හා යොදා ගත් ගිණුම්කරණ ඇස්තමේන්තුවල සාධාරණත්වය ඇගයීම ගිණුම් පරීක්ෂණයට අදාළ වේ. එමෙන් ම මූල්‍ය ප්‍රකාශනවල සමස්ත ඉදිරිපත් කිරීම පිළිබඳ ඇගයීම ද ගිණුම් පරීක්ෂණයට ඇතුළත් ය.
කළමනාකරණය විසින් අනුගමනය කරන ලද ගිණුම්කරණ ප්‍රතිපත්තිවල ගැළපෙන බව හා යොදා ගන්නා ලද ගිණුම්කරණ ඇස්තමේන්තුවල සාධාරණත්වය ඇගයීම මෙන්ම මුදල් සම්බන්ධ ප්‍රකාශනවල සමස්ත ඉදිරිපත් කිරීම පිළිබඳ ඇගයීම ද ගිණුම් සටහන් පරීක්ෂා කිරීම ඇතුළත් වේ .
සමාලෝචිත වර්ෂය තුළ දී ශ්‍රී ලංකා රජයෙන් ලැබුණු එකතුව රු . මිලියන 26. 89ක් වූ දායක මුදල් , ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය විසින් පවත්වා ගෙන යනු ලබන වාර්තාවල දක්වා ඇති ඊට අනුරූපී මුදල වන රු . මිලියන 24.49 සමග නොසැසඳුණි .
සමාලෝචිත වර්ෂය තුළ දී ශ්‍රී ලංකා රජයෙන් ලැබුණු දායක මුදල් එකතුව රුපියල් මිලියන 26. 89කි. ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය විසින් පවත්වා ගෙන යනු ලබන වාර්තාවල දක්වා ඇති ඊට අනුරූපී මුදල වන රු පියල් මිලියන 24.49 සමග නොසැසඳුණි.
සමාලෝචිත වර්ෂය තුළ දී ශ්‍රී ලංකා රජයෙන්, එකතුව රුපියල් මිලියන 26. 89ක් වූ දායක මුදල් ලැබුණි. ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවත්වා ගෙන යන වාර්තාවල දක්වා ඇති ඊට අනුරූපී මුදල වන රුපියල් මිලියන 24.49 සමඟ එය සැසඳුණේ නැත.
නැවත සලකා බැලූ අවුරුද්ද තුළ දී ශ්‍රී ලංකා රජයෙන් ලැබුණු එකතුව රු . මිලියන 26. 89ක් වූ දායක මුදල් , ජාතික ජල සැපයුම් හා ජලාපවහන මණ්ඩලය විසින් පවත්වා ගෙන යනු ලබන වාර්තාවල දක්වා ඇති ඊට සමාන්තර වන මුදල වන රු . මිලියන 24.49 සමග සැසඳුනේ නැත. .
මූල්‍ය ප්‍රකාශනවලට අනුව , වෙන් කරන ලද ඉහත සඳහන් ප්‍රතිපාදනවලින් සමාලෝචිත වර්ෂය අවසානයට රු . මිලියන 19ක් පමණක් උපයෝජනය කර තිබුණි .
මුදල් ප්‍රකාශනවලට අනුව වෙන් කරන ලද ඉහත සඳහන් ප්‍රතිපාදනවලින් සමාලෝචිත වර්ෂය අවසානයට රුපියල් මිලියන 19ක් පමණක් උපයෝජනය කර තිබුණි.
මුදල්මය ප්‍රකාශනවලට අනුව වෙන් කළ, ඉහත සඳහන් මුදල්වලින් සමාලෝචිත වර්ෂය අවසානයට රුපියල් මිලියන 19ක් පමණක් යොදවා තිබුණි.
මුදල් සම්බන්ධ ප්‍රකාශනවලට අනුව , වෙන් කරන ලද ඉහත සඳහන් ප්‍රතිපාදනවලින් නැවත සලකා බැලූ වසර අවසානයට රු . මිලියන 19ක් පමණක් යොදවා තිබුණි .
තව ද , ව්‍යාපෘතියේ අරමුණු ඉටු කර ගැනීම සඳහා මූල්‍ය සහ භෞතික ඉලක්ක සඳහන් කරමින් සම්පූර්ණ විස්තරාත්මක ක්‍රියාකාරි සැලැස්මක් පිළියෙල කර ක්‍රියාත්මක කර නොතිබුණ අතර ඒ සඳහා මූල්‍ය ප්‍රතිපාදන ද වෙන් කර නොතිබුණි .
තවද, ව්‍යාපෘතියේ අරමුණු ඉටු කර ගැනීම සඳහා මුදල් සහ භෞතික ඉලක්ක සඳහන් කරමින් සම්පූර්ණ විස්තරාත්මක ක්‍රියාකාරි සැලැස්මක් පිළියෙල කර ක්‍රියාත්මක කර නොතිබුණි. ඒ සඳහා මුදල් ප්‍රතිපාදන ද වෙන් කර නොතිබුණි.
තව ද, ව්‍යාපෘතියේ අරමුණු ඉටු කර ගැනීම සඳහා මුදල්මය සහ භෞතික ඉලක්ක සඳහන් කරමින් සම්පූර්ණ විස්තරාත්මක ක්‍රියාකාරි සැලැස්මක් පිළියෙල කර ක්‍රියාත්මක කර නොතිබුණි. ඒ සඳහා මුදල් ද වෙන් කර නොතිබුණි.
තව ද , ව්‍යාපෘතියේ අරමුණු ඉටු කර ගැනීම සඳහා මුදල් සම්බන්ධ සහ භෞතික ඉලක්ක සඳහන් කරමින් සම්පූර්ණ විස්තරාත්මක ක්‍රියාකාරි සැලැස්මක් සකස් කර ක්‍රියාත්මක කර නොතිබුණි. එමෙන්ම ඒ සඳහා මුදල් සම්බන්ධ ප්‍රතිපාදන ද වෙන් කර නොතිබුණි .
සපයන ලද තොරතුරු අනුව , ඉදිකිරීම් කටයුතු ක්‍රියාත්මක කිරීම සඳහා අනවශ්‍ය සංවර්ධන යෝජනාවක් මගින් තෝරාගත් විදේශීය කොන්ත්‍රාත්කරුවකු සමග 2013 මැයි 15 දින ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය විසින් කොන්ත්‍රාත් ගිවිසුමකට එළඹ තිබුණි
සපයන ලද තොරතුරු අනුව ඉදිකිරීම් කටයුතු ක්‍රියාත්මක කිරීම සඳහා අනවශ්‍ය සංවර්ධන යෝජනාවක් මගින් තෝරා ගත් විදේශීය කොන්ත්‍රාත්කරුවකු සමග 2013 මැයි 15 දින ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය විසින් කොන්ත්‍රාත් ගිවිසුමකට එළඹ තිබුණි.
සැපයූ තොරතුරු අනුව, 2013 මැයි 15 දින ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය විසින් කොන්ත්‍රාත් ගිවිසුමකට එළඹ තිබුණි. ඒ, ඉදිකිරීම් කටයුතු ක්‍රියාත්මක කිරීම සඳහා අනවශ්‍ය සංවර්ධන යෝජනාවක් මගින් තෝරා ගත් විදේශීය කොන්ත්‍රාත්කරුවකු සමඟ යි.
සපයන ලද තොරතුරු අනුව , ඉදිකිරීම් කටයුතු ක්‍රියාත්මක කිරීම සඳහා අනවශ්‍ය සංවර්ධන යෝජනාවක් මගින් තෝරාගත් විදේශීය කොන්ත්‍රාත්කරුවකු සමග 2013 මැයි 15 දින ජාතික ජල සැපයුම් හා ජලාපවහන මණ්ඩලය විසින් කොන්ත්‍රාත් ගිවිසුමකට එළඹ තිබුණි .
මූල්‍ය රෙගුලාසි 133 ප්‍රකාර ව , 2017 දෙසැම්බර් 31 වන විටත් ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ අභ්‍යන්තර විගණන අංශය මගින් ව්‍යාපෘතියේ ගනුදෙනු විගණනයට ලක් කර නොතිබුණි . පිවිතුරු සහ පුනර්ජනනීය බලශක්ති ප්‍රවේශය සඳහා කාන්තා සහභාගිත්වය ඉහළ නැංවීමේ ව්‍යාපෘති - 2015
මුදල් රෙගුලාසි 133 ප්‍රකාර ව , 2017 දෙසැම්බර් 31 වන විටත් ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ අභ්‍යන්තර ගිණුම් පරීක්ෂණ අංශය මගින් ව්‍යාපෘතියේ ගනුදෙනු ගිණුම් පරීක්ෂාට ලක් කර නොතිබුණි.
මූල්‍ය රෙගුලාසි 133 ප්‍රකාර ව, 2017 දෙසැම්බර් 31 වන විටත් ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ අභ්‍යන්තර විගණන අංශය මගින් ව්‍යාපෘතියේ ගනුදෙනු ගිණුම් පරීක්ෂණයට ලක් කර නොතිබුණි. පිවිතුරු සහ පුනර්ජනනීය බලශක්ති ප්‍රවේශය සඳහා කාන්තා සහභාගිත්වය ඉහළ නැංවීමේ ව්‍යාපෘති-2015
මුදල් සම්බන්ධ රෙගුලාසි 133 ප්‍රකාරව , 2017 දෙසැම්බර් 31 වන විටත් ජාතික ජල සැපයුම් හා ජලාපවහන මණ්ඩලයේ අභ්‍යන්තර විගණන අංශය මගින් ව්‍යාපෘතියේ ගනුදෙනු ගිණුම් සටහන් පරීක්ෂා කිරීම ලක් කර නොතිබුණි . පිවිතුරු සහ පුනර්ජනනීය බලශක්ති ප්‍රවේශය සඳහා කාන්තා සහභාගිත්වය ඉහළ නැංවීමේ ව්‍යාපෘති - 2015
1.2 ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම , අරමුණු , අරමුදල් යෙදවීම සහ ව්‍යාපෘති කාලය
1.2 ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම, අරමුණු, අරමුදල් යෙදවීම සහ ව්‍යාපෘති කාලය
1.2 ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම, අරමුණු, අරමුදල් යෙදවීම සහ ව්‍යාපෘති කාලය
1.2 ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම , අරමුණු , අරමුදල් යෙදවීම සහ ව්‍යාපෘති කාලය
ව්‍යාපෘති ගිවිසුම් ලියවිල්ල අනුව , ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරවීමේ හා ක්‍රියාත්මක කිරීමේ නියෝජිතායතනය ලංකා විදුලිබල මණ්ඩලය වේ .
ලංකා විදුලිබල මණ්ඩලය ව්‍යාපෘති ගිවිසුම් ලියවිල්ල අනුව ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරවීමේ හා ක්‍රියාත්මක කිරීමේ නියෝජිතායතනයයි.
ව්‍යාපෘති ගිවිසුම් ලියවිල්ල අනුව, ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරවීමේ හා ක්‍රියාත්මක කිරීමේ නියෝජිත ආයතනයක් වේ. එය ලංකා විදුලිබල මණ්ඩලය යි.
ව්‍යාපෘති ගිවිසුම් ලියවිල්ල අනුව , ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරවීමේ හා ක්‍රියාත්මක කිරීමේ නියෝජිත ආයතනය ලංකා විදුලිබල මණ්ඩලය වේ .
ව්‍යාපෘතියේ අරමුණ වන්නේ , නැගෙනහිර පළාතේ , අම්පාර දිස්ත්‍රික්කයේ ග්‍රාමීය ජනතාව සඳහා පිවිතුරු බලශක්ති ප්‍රවේශ වැඩි කිරීම සහ ලංකා විදුලිබල මණ්ඩලයේ පුහුණු හැකියා හා සේවා සැපයීම වැඩි දියුණු කිරීම වේ .
ව්‍යාපෘතියේ අරමුණ වන්නේ නැගෙනහිර පළාතේ සහ අම්පාර දිස්ත්‍රික්කයේ ග්‍රාමීය ජනතාව සඳහා පිවිතුරු බලශක්ති ප්‍රවේශ වැඩි කිරීමත්, ලංකා විදුලිබල මණ්ඩලයේ පුහුණු හැකියා හා සේවා සැපයීම වැඩි දියුණු කිරීමත් වේ.
ව්‍යාපෘතියේ අරමුණ වන්නේ, නැගෙනහිර පළාතේ, අම්පාර දිස්ත්‍රික්කයේ ග්‍රාමීය ජනතාව සඳහා පිවිතුරු බලශක්ති ප්‍රවේශ වැඩි කිරීම යි. එසේ ම, ලංකා විදුලිබල මණ්ඩලයේ පුහුණු හැකියා හා සේවා සැපයීම වැඩි දියුණු කිරීම ද අරමුණු කෙරේ.
ව්‍යාපෘතියේ අරමුණු කිහිපයකි. එනම් නැගෙනහිර පළාතේ , අම්පාර දිස්ත්‍රික්කයේ ග්‍රාමීය ජනතාව සඳහා පිවිතුරු බලශක්ති ප්‍රවේශ වැඩි කිරීම සහ ලංකා විදුලිබල මණ්ඩලයේ පුහුණු හැකියා හා සේවා සැපයීම වැඩි දියුණු කිරීම වේ .
මෙම මූල්‍ය ප්‍රකාශන ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතවලට අනුකූලව පිළියෙල කිරීම හා සාධාරණ ලෙස ඉදිරිපත් කිරීම කළමනාකරණයේ වගකීම වේ .
මෙම මුදල් ප්‍රකාශන ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතවලට අනුකූලව පිළියෙල කිරීම හා සාධාරණ ලෙස ඉදිරිපත් කිරීම කළමනාකරණයේ වගකීම වේ.
කළමනාකරණයේ වගකීම වන්නේ මෙම මුදල් ප්‍රකාශන ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතිවලට අනුව පිළියෙල කිරීම හා සාධාරණ ලෙස ඉදිරිපත් කිරීම යි.
මෙම මුදල් සම්බන්ධ ප්‍රකාශන ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතවලට අනුව සකස් කිරීම හා සාධාරණ ලෙස ඉදිරිපත් කිරීම කළමනාකරණයේ වගකීම වේ .
වංචා හෝ වැරදි හේතුවෙන් ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශවලින් තොර වූ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවනු පිණිස අවශ්‍ය වන අභ්‍යන්තර පාලනය කටයුතු සිදු කිරීම කළමනාකරණයේ වගකීම වේ .
වංචා හෝ වැරදි හේතුවෙන් ඇති විය හැකි ප්‍රමාණාත්මක අසත්‍ය ප්‍රකාශවලින් තොර වූ මුදල් ප්‍රකාශන පිළියෙල කිරීම සඳහා අවශ්‍ය වන අභ්‍යන්තර පාලනය කටයුතු සිදු කිරීම කළමනාකරණයේ වගකීම වේ.
වංචා හෝ වැරදි හේතුවෙන් ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශ ඇති විය හැකි ය. එවැනි ප්‍රකාශවලින් තොර වූ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකි වීම සඳහා අවශ්‍ය වන අභ්‍යන්තර පාලනය කටයුතු සිදු කිරීම කළමනාකරණයේ වගකීම වේ.
කළමනාකරණයේ වගකීමක් ඇත. එනම් වංචා හෝ වැරදි නිසා ඇති විය හැකි ප්‍රමාණාත්මක බොරු ප්‍රකාශ නොමැති මුදල් සම්බන්ධ ප්‍රකාශන සකස් කිරීමට හැකි වනු පිණිස වුවමනා වන අභ්‍යන්තර පාලනය කටයුතු සිදු කිරීම වේ .
මා ආචාරධර්ම අවශ්‍යතාවලට අනුකූල වන බවට සහ මූල්‍ය ප්‍රකාශන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශවලින් තොර වන්නේ ද යන්න පිළිබඳ සාධාරණ තහවුරුවක් ලබා ගැනීම පිණිස විගණනය සැලසුම් කර ක්‍රියාත්මක කරන බවට මෙම ප්‍රමිති මඟින් අපේක්ෂා කෙරෙයි .
මෙම ප්‍රමිති මඟින් බලාපොරොත්තු කෙරෙන්නේ ආචාරධර්ම අවශ්‍යතාවලට අනුකූල වන ආකාරයට මුදල් ප්‍රකාශන ප්‍රමාණාත්මක අසත්‍ය ප්‍රකාශවලින් තොර වන්නේ ද යන්න පිළිබඳ සාධාරණ තහවුරුවක් ලබා ගැනීම සඳහා ගිණුම් පරීක්ෂා සැලසුම් කර ක්‍රියාත්මක කිරීමයි.
මා ආචාරධර්ම අවශ්‍යතාවලට අනුවන බවට මෙම ප්‍රමිති අපේක්ෂා කරයි. තව ද, මූල්‍ය ප්‍රකාශන ප්‍රමාණාත්මක වැරදි ප්‍රකාශවලින් තොර වන්නේ ද යන්න පිළිබඳ සාධාරණ තහවුරුවක් ලබා ගැනීම සඳහා ගිණුම් පරීක්ෂණය සැලසුම් කර ක්‍රියාත්මක කරන බවට ද මෙම ප්‍රමිති මගින් අපේක්ෂා කෙරෙයි.
මා ආචාරධර්ම වුවමනාවලට එකඟ වන බවට සහ මුදල් සම්බන්ධ ප්‍රකාශන ප්‍රමාණාත්මක බොරු ප්‍රකාශ නොමැති වන්නේ ද යන්න පිළිබඳ සාධාරණ තහවුරු කිරීමක් ලබා ගැනීම අවශ්‍යය. ඒ සඳහා ගිණුම් සටහන් පරීක්ෂා කිරීම සැලසුම් කර ක්‍රියාත්මක කරන බවට මෙම ප්‍රමිති මඟින් බලාපොරොත්තු වෙයි.
මූල්‍ය ප්‍රකාශනවල දැක්වෙන අගයන් සහ හෙළිදරව් කිරීම්වලට උපකාරී වන විගණන සාක්ෂි ලබා ගැනීම පිණිස පටිපාටි ක්‍රියාත්මක කිරීම විගණනයට ඇතුළත් වේ
මුදල් ප්‍රකාශනවල දැක්වෙන අගයන් සහ හෙළිදරව් කිරීම්වලට උපකාරී වන ගිණුම් පරීක්ෂණ සාක්ෂි ලබා ගැනීම පිණිස පටිපාටි ක්‍රියාත්මක කිරීම ගිණුම් පරීක්ෂාට ඇතුළත් වේ.
පටිපාටි ක්‍රියාත්මක කිරීම ගිණුම් පරීක්ෂණයට ඇතුළත් වේ. ඒ, මූල්‍ය ප්‍රකාශනවල දැක්වෙන අගයන් සහ හෙළිදරව් කිරීම්වලට උපකාරි වන ගිණුම් පරීක්ෂණ සාක්ෂි ලබා ගැනීම සඳහා යි.
මුදල් සම්බන්ධ ප්‍රකාශනවල දැක්වෙන අගයන් සහ හෙළිදරව් කිරීම්වලට උදවු වන විගණන සාක්ෂි ලබා ගැනීම පිණිස පටිපාටි ක්‍රියාත්මක කිරීම ගිණුම් සටහන් පරීක්ෂා කිරීමට ඇතුළත් වේ.
තෝරාගත් පටිපාටි , වංචා හෝ වැරදි හේතුවෙන් මූල්‍ය ප්‍රකාශනවල ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශවලින් අවදානම් තක්සේරු කිරීම් ද විගණකගේ විනිශ්චය මත පදනම් වේ .
තෝරාගත් පටිපාටි, වංචා හෝ වැරදි හේතුවෙන් මුදල් ප්‍රකාශනවල ඇති විය හැකි ප්‍රමාණාත්මක අසත්‍ය ප්‍රකාශවලින් අවදානම් තක්සේරු කිරීම් ද විගණකගේ විනිශ්චය මත පදනම් වේ.
තෝරා ගත් පටිපාටි, වංචා හෝ වැරදි හේතුවෙන් මූල්‍ය ප්‍රකාශනවල, ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශ ඇති විය හැකි ය. එම සාවද්‍ය ප්‍රකාශනවල අවදානම් තක්සේරු කිරීම් ද ගිණුම් පරීක්ෂකගේ විනිශ්චය මත පදනම් වේ.
තෝරාගත් පටිපාටි , වංචා හෝ වැරදි නිසා මුදල් සම්බන්ධ ප්‍රකාශනවල ඇති විය හැකි ප්‍රමාණාත්මක බොරු ප්‍රකාශවලින් අවදානම් තක්සේරු කිරීම් ද ගිණුම් සටහන් පරීක්ෂා කරන්නාගේ තීරණය මත පදනම් වේ .
එම අවදානම් තක්සේරු කිරීම්වල දී , අවස්ථාවෝචිතව උචිත විගණන පටිපාටි සැලසුම් කිරීම පිණිස ව්‍යාපෘතියේ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට සහ සාධාරණ ලෙස ඉදිරිපත් කිරීමට අදාළ වන්නා වූ අභ්‍යන්තර පාලනය විගණක සැලකිල්ලට ගන්නා නමුත් ව්‍යාපෘතියේ අභ්‍යන්තර පාලනයේ සඵලදායිත්වය පිළිබඳ ව මතයක් ප්‍රකාශ කිරීමට අදහස් නොකරයි .
එම අවදානම් තක්සේරු කිරීම්වල දී , අවස්ථාවෝචිතව සුදුසු ගිණුම් පරීක්ෂණ පටිපාටි සැලසුම් කිරීම පිණිස ව්‍යාපෘතියේ මුදල් ප්‍රකාශන පිළියෙල කිරීමට සහ සාධාරණ ලෙස ඉදිරිපත් කිරීමට අදාළ වන්නා වූ අභ්‍යන්තර පාලනය විගණක සැලකිල්ලට ගනියි. නමුත් ව්‍යාපෘතියේ අභ්‍යන්තර පාලනයේ ප්‍රයෝජනත්වය පිළිබඳ ව මතයක් ප්‍රකාශ කිරීමට අදහස් නොකරයි.
එම අවදානම් තක්සේරු කිරීම්වල දී, අවස්ථාවට ගැළපෙන ලෙස ගැළපෙන ගිණුම් පරීක්ෂණ පටිපාටි සැලසුම් කිරීම සඳහා ව්‍යාපෘතියේ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට සහ සාධාරණ ලෙස ඉදිරිපත් කිරීමට අදාළ වන අභ්‍යන්තර පාලනය ගිණුම් පරීක්ෂක සැලකිල්ලට ගනී. නමුත් ව්‍යාපෘතියේ අභ්‍යන්තර පාලනයේ සඵලදායිත්වය පිළිබඳ ව මතයක් ප්‍රකාශ කිරීමට අදහස් නොකරයි.
එම අවදානම් තක්සේරු කිරීම්වල දී , අවස්ථාවට ගැළපෙන ලෙස ගැළපෙන විගණන පටිපාටි සැලසුම් කිරීම අවශ්‍යය. ඒ සඳහා ව්‍යාපෘතියේ මුදල් සම්බන්ධ ප්‍රකාශන සකස් කිරීමට සහ සාධාරණ ලෙස ඉදිරිපත් කිරීමට අදාළ වන්නා වූ අභ්‍යන්තර පාලනය ගිණුම් සටහන් පරීක්ෂා කරන්නාගේ සැලකිල්ලට ගනියි. නමුත් ව්‍යාපෘතියේ අභ්‍යන්තර පාලනයේ වඩාත් සාර්ථකත්වය පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීමට අදහස් නොකරයි .
කළමනාකරණය විසින් අනුගමනය කරන ලද ගිණුම්කරණ ප්‍රතිපත්තිවල උචිතභාවය හා යොදාගන්නා ලද ගිණුම්කරණ ඇස්තමේන්තුවල සාධාරණත්වය ඇගයීම මෙන්ම මූල්‍ය ප්‍රකාශනවල සමස්ත ඉදිරිපත් කිරීම පිළිබඳ ඇගයීම ද විගණනයට ඇතුළත් වේ .
කළමනාකරණය විසින් අනුගමනය කරන ලද ගිණුම්කරණ ප්‍රතිපත්තිවල සුදුසුභාවය හා යොදාගන්නා ලද ගිණුම්කරණ ඇස්තමේන්තුවල සාධාරණත්වය ඇගයීම මෙන්ම මුදල් ප්‍රකාශනවල සමස්ත ඉදිරිපත් කිරීම පිළිබඳ ඇගයීම ද ගිණුම් පරීක්ෂාට ඇතුළත් වේ.
කළමනාකරණය විසින් අනුගමනය කළ ගිණුම්කරණ ප්‍රතිපත්තිවල ගැළපෙන බව හා යොදා ගත් ගිණුම්කරණ ඇස්තමේන්තුවල සාධාරණත්වය ඇගයීම ගිණුම් පරීක්ෂණයට ඇතුළත් වේ. එමෙන් ම මූල්‍ය ප්‍රකාශනවල සමස්ත ඉදිරිපත් කිරීම පිළිබඳ ඇගයීම ද ගිණුම් පරීක්ෂණයට ඇතුළත් ය.
කළමනාකරණය විසින් අනුගමනය කරන ලද ගිණුම්කරණ ප්‍රතිපත්තිවල ගැළපෙන බව හා යොදාගන්නා ලද ගිණුම්කරණ ඇස්තමේන්තුවල සාධාරණත්වය ඇගයීම ගිණුම් සටහන් පරීක්ෂා කිරීමට ඇතුළත් වේ . එමෙන්ම මුදල් සම්බන්ධ ප්‍රකාශනවල සමස්ත ඉදිරිපත් කිරීම පිළිබඳ ඇගයීම ද ගිණුම් සටහන් පරීක්ෂා කිරීමට ඇතුළත් වේ .
මාගේ මතය සඳහා පදනමක් සැපයීම උදෙසා මා විසින් ලබා ගෙන ඇති විගණන සාක්ෂි ප්‍රමාණවත් සහ උචිත බව මාගේ විශ්වාසය යි .
මාගේ මතය සඳහා පදනමක් සැපයීම උදෙසා ලබා ගෙන ඇති ගිණුම් පරීක්ෂණ සාක්ෂි ප්‍රමාණවත් සහ සුදුසු බව මාගේ විශ්වාසයයි.
මාගේ මතය සඳහා පදනමක් සැපයීමට මා ගිණුම් පරීක්ෂණ සාක්ෂි ලබා ගෙන ඇත. ඒවා ප්‍රමාණවත් සහ ගැළපෙන බව මාගේ විශ්වාසය යි.
මාගේ මතය සඳහා පදනමක් සැපයීමට මා විසින් ලබා ගෙන ඇති විගණන සාක්ෂි ප්‍රමාණවත් සහ ගැළපෙන බව මාගේ විශ්වාසය යි .
( ආ ) ව්‍යාපෘතියේ මූල්‍ය ප්‍රකාශනවල දැක්වෙන වියදම ව්‍යාපෘතිය යටතේ පවත්වාගෙන යන වැඩිදියුණූ කළ මූල්‍ය වාර්තා හා ප්‍රගති වාර්තා සමඟ සතුටුදායක ලෙස සසඳා තිබුණේ ද යන බව ,
(ආ) ව්‍යාපෘතියේ මුදල් ප්‍රකාශනවල දැක්වෙන වියදම ව්‍යාපෘතිය යටතේ පවත්වා ගෙන යන වැඩිදියුණු කළ මුදල් වාර්තා හා ප්‍රගති වාර්තා සමඟ සතුටුදායක ලෙස සසඳා තිබුණේ ද යන බව පිළිබඳ අවධාරණය කරයි.
(ආ) ව්‍යාපෘතියේ මූල්‍ය ප්‍රකාශනවල දැක්වෙන වියදම ව්‍යාපෘතිය යටතේ පවත්වා ගෙන යන වැඩි දියුණු කළ මූල්‍ය වාර්තා හා ප්‍රගති වාර්තා සමඟ සතුටුදායක ලෙස සසඳා තිබුණේ ද යන බව,
( ආ ) ව්‍යාපෘතියේ මුදල් සම්බන්ධ ප්‍රකාශනවල දැක්වෙන වියදම ව්‍යාපෘතිය යටතේ පවත්වාගෙන යන වැඩිදියුණු කළ මුදල් සම්බන්ධ වාර්තා හා ප්‍රගති වාර්තා සමඟ සතුටුදායක ලෙස සසඳා තිබුණේ ද යන බව ,
( ඇ ) ශ්‍රී ලංකා රජයෙන් සහ ප්‍රදාන සපයනු ලබන නියෝජිතායතනයෙන් ලද අරමුදල්වලින් දරන ලද ව්‍යාපෘති වියදම් , මූල්‍ය හා භෞතික වශයෙන් ව්‍යාපෘතියේ ප්‍රගතිය , ව්‍යාපෘතියේ මෙහෙයුම් කටයුතුවලින් උද්ගත වූ වත්කම් සහ වගකීම් , ප්‍රදානවලින් කරන මිල දී ගැනීම් ආදිය දැක්වෙන පරිදි අඛණ්ඩ පදනමක් මත ප්‍රමාණවත් ගිණුම් වාර්තා පවත්වාගෙන ගනු ලැබුවේ ද යන බව ,
( ඇ ) ශ්‍රී ලංකා රජයෙන් සහ ප්‍රදාන සපයනු ලබන නියෝජිතායතනයෙන් ලද අරමුදල්වලින් දරන ලද පිළිබඳ අවධාරණය කරයි. ව්‍යාපෘති වියදම්, මුදල් හා භෞතික වශයෙන් ව්‍යාපෘතියේ ප්‍රගතිය, ව්‍යාපෘතියේ මෙහෙයුම් කටයුතුවලින් උද්ගත වූ වත්කම් සහ වගකීම්, ප්‍රදානවලින් කරන මිල දී ගැනීම් ආදිය දැක්වෙන පරිදි අඛණ්ඩ පදනමක් මත ප්‍රමාණවත් ගිණුම් වාර්තා පවත්වාගෙන ගනු ලැබුවේ ද යන බව පිළිබඳ අවධාරණය කරයි.
(ඇ) ශ්‍රී ලංකා රජයෙන් සහ ප්‍රදාන සපයන නියෝජිතායතනයෙන් ලද අරමුදල්වලින් දැරූ ව්‍යාපෘති වියදම්, මූල්‍ය හා භෞතික වශයෙන් ව්‍යාපෘතියේ දියුණුව, ව්‍යාපෘතියේ මෙහෙයුම් කටයුතුවලින් උද්ගත වූ වත්කම් සහ වගකීම්, ප්‍රදානවලින් කරන මිල දී ගැනීම් ආදිය දැක්වෙන පරිදි අඛණ්ඩ පදනමක් මත ප්‍රමාණවත් ගිණුම් වාර්තා පවත්වා ගෙන ගනු ලැබුවේ ද යන බව,
( ඇ ) ශ්‍රී ලංකා රජයෙන් සහ ප්‍රදාන සපයනු ලබන නියෝජිත ආයතනයෙන් ලැබීය. එම අරමුදල්වලින් දරන ලද ව්‍යාපෘති වියදම් , මුදල් සම්බන්ධ හා භෞතික වශයෙන් ව්‍යාපෘතියේ වර්ධනය , ව්‍යාපෘතියේ මෙහෙයුම් කටයුතුවලින් උද්ගත වූ වත්කම් සහ වගකීම් , ප්‍රදානවලින් කරන මිල දී ගැනීම් ආදිය දැක්වෙන පරිදි නොකැඩුණු පදනමක් මත ප්‍රමාණවත් ගිණුම් වාර්තා පවත්වාගෙන ගනු ලැබුවේ ද යන බව ,
ලංකා විදුලිබල මණ්ඩලය අනුගමනය කරන ගිණුම්කරණ ප්‍රතිපත්ති අනුව , ප්‍රාග්ධන ස්වරූපයේ කාර්ය සඳහා වන කම්කරු , ද්‍රව්‍ය සහ පොදු කාර්ය පිරිවැය ආදිය සම්මත පිරිවැය ක්‍රමය යටතේ තීරණය කරයි .
ලංකා විදුලිබල මණ්ඩලය අනුගමනය කරන ගිණුම්කරණ ප්‍රතිපත්ති අනුව ප්‍රාග්ධන ස්වරූපයේ කාර්ය සඳහා වන කම්කරු , ද්‍රව්‍ය සහ පොදු කාර්ය පිරිවැය ආදිය තීරණය කරනු ලබන්නේ සම්මත පිරිවැය ක්‍රමය යටතේය.
ලංකා විදුලිබල මණ්ඩලය අනුගමනය කරන ගිණුම්කරණ ප්‍රතිපත්ති අනුව, සම්මත පිරිවැය ක්‍රමය යටතේ තීරණය කරන කාරණා කිහිපයකි. එ්වා නම්, ප්‍රාග්ධන ස්වරූපයේ කාර්ය සඳහා වන කම්කරු, ද්‍රව්‍ය සහ පොදු කාර්ය පිරිවැය ආදිය යි.
ලංකා විදුලිබල මණ්ඩලය අනුගමනය කරන ගිණුම්කරණ ප්‍රතිපත්ති අනුව , මූලධන ආකාරයේ කාර්ය සඳහා වන කම්කරු , ද්‍රව්‍ය සහ පොදු කාර්ය පිරිවැය ආදිය සම්මත පිරිවැය ක්‍රමය යටතේ තීරණය කරයි .
කෙසේ වුව ද , සමාලෝචිත වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශනවල දේපළ , පිරියත , උපකරණ හා කරගෙන යන වැඩවල ඇතුළත් ව්‍යාපෘතියේ සේවා සම්බන්ධතා ගාස්තු සත්‍ය පිරිවැය මත තීරණය කර තිබුණි
කෙසේ වුව ද සමාලෝචිත වර්ෂය සඳහා වූ මුදල් ප්‍රකාශනවල දේපළ, පිරියත, උපකරණ හා කර ගෙන යන වැඩවල සේවා සම්බන්ධතා ගාස්තු සත්‍ය පිරිවැය මත තීරණය කර තිබුණි.
සමාලෝචිත වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශනවල දේපළ, පිරියත, උපකරණ හා කර ගෙන යන වැඩවල ඇතුළත් ව්‍යාපෘතියේ සේවා සම්බන්ධතා ගාස්තු වේ. ඒවා තීරණය කර තිබුණේ සත්‍ය පිරිවැය මත යි.
කෙසේ වුව ද , නැවත සලකා බැලූ වසර සඳහා වූ මුදල් සම්බන්ධ ප්‍රකාශනවල දේපළ , පිරියත , උපකරණ හා කරගෙන යන වැඩවල ඇතුළත් ව්‍යාපෘතියේ සේවා සම්බන්ධතා ගාස්තු ඇත්ත පිරිවැය මත තීරණය කර තිබුණි .
අරමුදල් ප්‍රදානය කරන ලද නියෝජිතායතනයෙන් අය කරගැනීම අරමුණු කරගෙන ලංකා විදුලිබල මණ්ඩලය විසින් සේවා සම්බන්ධතා වෙනුවෙන් දරන ලද රු . මිලියන 41. 05ක පිරිවැය , යෝග්‍ය නොවන ආකාරයෙන් මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ ලංකා විදුලිබල මණ්ඩලය විසින් දරන ලද ප්‍රාග්ධනය යටතේ දක්වා තිබුණි
අරමුදල් ප්‍රදානය කරන ලද නියෝජිතායතනයෙන් අය කරගැනීම අරමුණු කරගෙන ලංකා විදුලිබල මණ්ඩලය සේවා සම්බන්ධතා වෙනුවෙන් රුපියල් මිලියන 41. 05ක පිරිවැයක් දරයි. එම පිරිවැය ලංකා විදුලිබල මණ්ඩලය විසින් දරන ලද ප්‍රාග්ධනය යටතේ මුදල් තත්ත්ව ප්‍රකාශනයේ සුදුසු නොවන ආකාරයෙන් දක්වා තිබුණි.
ලංකා විදුලිබල මණ්ඩලය විසින් සේවා සම්බන්ධතා වෙනුවෙන් දැරූ රුපියල් මිලියන 41. 05ක පිරිවැය, නොගැළපෙන ආකාරයෙන් මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ ලංකා විදුලිබල මණ්ඩලය විසින් දැරූ ප්‍රාග්ධනය යටතේ දක්වා තිබුණි. එහි අරමුණ වී ඇත්තේ අරමුදල් ප්‍රදානය කළ නියෝජිත ආයතනයෙන් අය කර ගැනීම යි.
අරමුදල් ප්‍රදානය කරන ලද නියෝජිතායතනයෙන් අය කරගැනීම අරමුණු කරගෙන ලංකා විදුලිබල මණ්ඩලය විසින් සේවා සම්බන්ධතා වෙනුවෙන් දරන ලද රු . මිලියන 41. 05ක පිරිවැය , යෝග්‍ය නොවන ආකාරයෙන් මුදල් සම්බන්ධ තත්ත්ව ප්‍රකාශනයේ ලංකා විදුලිබල මණ්ඩලය විසින් දරන ලද ප්‍රාග්ධනය යටතේ දක්වා තිබුණි
නැගෙනහිර පළාතේ ජල සැපයුම් පහසුකම පුළුල් කිරීම මඟින් ආරක්ෂිත පානීය ජලය ලබා දීම හා ඒ තුළින් ප්‍රදේශයේ මිනිසුන්ගේ ජීවන තත්ත්වය වැඩිදියුණු කිරීමට දායක වීම ව්‍යාපෘතියේ අරමුණ වේ .
නැගෙනහිර පළාතේ ජල සැපයුම් පහසුකම පුළුල් කිරීම මඟින් ආරක්ෂිත පානීය ජලය ලබා දීම සිදු වේ. ව්‍යාපෘතියේ අරමුණ ප්‍රදේශයේ මිනිසුන්ගේ ජීවන තත්ත්වය වැඩිදියුණු කිරීමට දායක වීමයි.
ව්‍යාපෘතියේ මූලික අරමුණක් වේ. එනම්, නැගෙනහිර පළාතේ ජල සැපයුම් පහසුකම පුළුල් කිරීම මගින් ආරක්ෂිත පානීය ජලය ලබා දීම හා ඒ තුළින් ප්‍රදේශයේ මිනිසුන්ගේ ජීවන තත්ත්වය වැඩි දියුණු කිරීමට දායක වීම යි.
ව්‍යාපෘතියේ අරමුණු කිහිපයකි. නැගෙනහිර පළාතේ ජල සැපයුම් පහසුකම පුළුල් කිරීම මඟින් ආරක්ෂිත පානීය ජලය ලබා දීම හා ඒ තුළින් ප්‍රදේශයේ මිනිසුන්ගේ ජීවන තත්ත්වය වැඩිදියුණු කිරීමට දායක වීම වේ .
ණය ගිවිසුම අනුව ව්‍යාපෘතියේ ඇස්තමේන්තුගත මුළු පිරිවැය වටිනාකම රු . මි . 7 , 703කට සමාන ජපන් යෙන් මිලියන 6 , 054ක් වූ අතර ඉන් රු . මි . 6 , 239කට සමාන ජපන් යෙන් මිලියන 4 , 904ක් ජපන් ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිතායතනය ලබාදීමට එකඟ වී තිබුණි
ණය ගිවිසුම අනුව ව්‍යාපෘතියේ ඇස්තමේන්තුගත මුළු පිරිවැය වටිනාකම රුපියල් මිලියන 7 , 703කට සමාන ජපන් යෙන් මිලියන 6 , 054ක් විය. ඉන් රුපියල් මිලියන 6 , 239කට සමාන ජපන් යෙන් මිලියන 4 , 904ක් ජපන් ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිතායතනය ලබා දීමට එකඟ වී තිබුණි.
ණය ගිවිසුම අනුව ව්‍යාපෘතියේ ඇස්තමේන්තුගත මුළු පිරිවැය වටිනාකම රුපියල් මිලියන 7 , 703කට සමාන ජපන් යෙන් මිලියන 6 , 054ක් විය. ඉන් රුපියල් මිලියන 6 , 239කට සමාන ජපන් යෙන් මිලියන 4,904ක් ජපන් ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිත ආයතනය ලබා දීමට එකඟ වී තිබුණි.
ණය ගිවිසුම අනුව ව්‍යාපෘතියේ ඇස්තමේන්තුගත මුළු පිරිවැය වටිනාකම රු . මි . 7 , 703කට සමාන ජපන් යෙන් මිලියන 6 , 054ක් විය. එමෙන්ම ඉන් රු . මි . 6 , 239කට සමාන ජපන් යෙන් මිලියන 4 , 904ක් ජපන් ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිතායතනය ලබාදීමට එකඟ වී තිබුණි .
මුදල් රෙගුලාසි 133 හා කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ 2010 ජූලි 26 දිනැති කළමනාකරණ විගණන චක්‍රලේඛ අංක 5 ප්‍රකාරව සමාලෝචිත වර්ෂය සඳහා ව්‍යාපෘතියේ ගනුදෙනු ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ අභ්‍යන්තර විගණන අංශය විගණනය කර නොතිබුණි .
මුදල් රෙගුලාසි 133 හා කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ 2010 ජූලි 26 දිනැති කළමනාකරණ ගිණුම් පරීක්ෂණ චක්‍රලේඛ අංක 5 ප්‍රකාරව සමාලෝචිත වර්ෂය සඳහා ව්‍යාපෘතියේ ගනුදෙනු ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ අභ්‍යන්තර ගිණුම් පරීක්ෂණ අංශය ගිණුම් පරීක්ෂා කර නොතිබුණි.
සමාලෝචිත වර්ෂය සඳහා ව්‍යාපෘතියේ ගනුදෙනු ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ අභ්‍යන්තර ගිණුම් පරීක්ෂණ අංශය ගිණුම් පරීක්ෂණය කර නොතිබුණි. එය සඳහන් වන්නේ මුදල් රෙගුලාසි 133 හා කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ 2010 ජූලි 26 දිනැති කළමනාකරණ ගිණුම් පරීක්ෂණ චක්‍රලේඛ අංක 5 අනුව යි.
මුදල් රෙගුලාසි 133 හා කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ 2010 ජූලි 26 දිනැති කළමනාකරණ විගණන චක්‍රලේඛ අංක 5 අනුව නැවත සලකා බැලූ වසර සඳහා ව්‍යාපෘතියේ ගනුදෙනු ජාතික ජල සැපයුම් හා ජලාපවහන මණ්ඩලයේ අභ්‍යන්තර විගණන අංශය විගණනය කර නොතිබුණි .
කෙසේ වුව ද , ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය ක්‍රියාත්මක කරන සමාන ව්‍යාපෘතිවල ලැබීම් හා ගෙවීම් ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ ව්‍යාපෘති ගිණුම් අංශය පවත්වාගෙන යන තනි මුදල් පොතෙහි වාර්තා කර තිබුණි .
කෙසේ වුව ද ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය ක්‍රියාත්මක කරන සමාන ව්‍යාපෘතිවල ලැබීම් හා ගෙවීම් ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ ව්‍යාපෘති ගිණුම් අංශය පවත්වා ගෙන යන තනි මුදල් පොතෙහි වාර්තා කර තිබුණි.
ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය විසින් සමාන ව්‍යාපෘතිවල ලැබීම් හා ගෙවීම් ක්‍රියාත්මක කරනු ලබයි. එ්වා ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ ව්‍යාපෘති ගිණුම් අංශය පවත්වා ගෙන යන තනි මුදල් පොතෙහි වාර්තා කර තිබුණි.
කෙසේ වුව ද , ජාතික ජල සැපයුම් හා ජලාපවහන මණ්ඩලය ක්‍රියාත්මක කරන සමාන ව්‍යාපෘතිවල ලැබීම් හා ගෙවීම් ජාතික ජල සැපයුම් හා ජලාපවහන මණ්ඩලයේ ව්‍යාපෘති ගිණුම් අංශය පවත්වාගෙන යන තනි මුදල් පොතෙහි වාර්තා කර තිබුණි .
නොදිරන කසළ අපහරණය කිරීමේ දී බේල් මැෂිමක් යොදාගැනීමට කටයුතු කර නොතිබූ අතර සාම්ප්‍රදායික ලෙස කකුලෙන් පාගමින් සේවක ශ්‍රමයෙන් එම කටයුත්ත සිදු කර තිබුණි .
නොදිරන කසළ අපහරණය කිරීමේ දී බේල් මැෂිමක් යොදාගැනීමට කටයුතු කර නොතිබුණි. සාම්ප්‍රදායික ලෙස කකුලෙන් පාගමින් සේවක ශ්‍රමයෙන් එම කටයුත්ත සිදු කර තිබුණි.
නොදිරන කසළ අපහරණය කිරීමේ දී බේල් මැෂිමක් යොදා ගැනීමට කටයුතු කර නොතිබුණි. සාම්ප්‍රදායික ලෙස කකුලෙන් පාගමින් සේවක ශ්‍රමයෙන් එම කටයුත්ත සිදු කර තිබුණි.
දිරන්නේ නැති කසළ අපහරණය කිරීමේ දී බේල් මැෂිමක් යොදාගැනීමට කටයුතු කර නොතිබුණි. ඒ අතර සාම්ප්‍රදායික ලෙස කකුලෙන් පාගමින් සේවක ශ්‍රමයෙන් එම කටයුත්ත සිදු කර තිබුණි .
එමෙන් ම වැඩ පරිපාලක තනතුරට අදාළ ව සභාවේ බඳවාගැනීම් පටිපාටිය හා ඊට අදාළ මූලික සුදුසුකම් පිළිබඳ තහවුරුවක් විගණනයට ඉදිරිපත් නොකෙරුණි .
එමෙන්ම වැඩ පරිපාලක තනතුරට අදාළව සභාවේ බඳවා ගැනීම් පටිපාටිය හා ඊට අදාළ මූලික සුදුසුකම් පිළිබඳ තහවුරුවක් ගිණුම් පරීක්ෂාට ඉදිරිපත් නොකෙරුණි.
සභාවේ බඳවා ගැනීම් පටිපාටිය අදාළ වන්නේ වැඩ පරිපාලක තනතුරට යි. එය හා ඊට අදාළ මූලික සුදුසුකම් පිළිබඳ තහවුරුවක් ගිණුම් පරීක්ෂණයට ඉදිරිපත් නොකෙරුණි.
එමෙන්ම වැඩ පරිපාලක තනතුරට අදාළව සභාවේ බඳවාගැනීම් ක්‍රමවේදය හා ඊට අදාළ මූලික සුදුසුකම් පිළිබඳ තහවුරුවක් ගිණුම් සටහන් පරීක්ෂා කිරීමට ඉදිරිපත් නොකෙරුණි .
ඉකුත් වර්ෂයේ දෙසැම්බර් 31 දිනට රුපියල් මිලියන 40ක් වූ හිඟ ආදායම් , සමාලෝචිත වර්ෂය අවසන් වන විට රුපියල් මිලියන 41ක් වී තිබුණි .
ඉකුත් වර්ෂයේ දෙසැම්බර් 31 දිනට හිඟ ආදායම් රුපියල් මිලියන 40කි. සමාලෝචිත වර්ෂය අවසන් වන විට එම හිඟ මුදල රුපියල් මිලියන 41ක් වී තිබුණි.
ඉකුත් වර්ෂයේ දෙසැම්බර් 31 දිනට හිඟ ආදායම් රුපියල් මිලියන 40ක් විය. එය සමාලෝචිත වර්ෂය අවසන් වන විට රුපියල් මිලියන 41ක් වී තිබුණි.
පසුගිය වසරේ දෙසැම්බර් 31 දිනට රුපියල් මිලියන 40ක් වූ හිඟ ආදායම් , නැවත සලකා බැලූ වසර අවසන් වන විට රුපියල් මිලියන 41ක් වී තිබුණි .
ආදායම් මට්ටම ස්ථාවර නොවීම , ජීවන වියදම ඉහළ යාම වැනි හේතූන් මත තිරසර සංවර්ධන ඉලක්ක කරා ළඟා වීමට අවශ්‍ය සම්පත් හා ධාරිතාවන් අඛණ්ඩව ලබා ගැනීමට නොහැකි වී තිබුණි .
ආදායම් මට්ටම ස්ථාවර නොවීම, ජීවන වියදම ඉහළ යාම වැනි හේතූන් මත තිරසර සංවර්ධන ඉලක්ක කරා ළඟා වීමට ගැටලු ඇති වී තිබේ. අවශ්‍ය සම්පත් හා ධාරිතාවන් අඛණ්ඩව ලබා ගැනීමට නොහැකි වී තිබීමද ඊට හේතු වේ.
තිරසර සංවර්ධන ඉලක්ක කරා ළඟා වීමට අවශ්‍ය සම්පත් හා ධාරිතාවන් අඛණ්ඩ ව ලබා ගැනීමට නොහැකි වී තිබුණි. ඊට හේතු වූයේ ආදායම් මට්ටම ස්ථාවර නොවීම හා ජීවන වියදම ඉහළ යාම යි.
ආදායම් මට්ටම වෙනස් නොවී නොපැවතීම , ජීවන වියදම ඉහළ යාම වැනි හේතු මත තිරසර සංවර්ධන ඉලක්ක කරා ළඟා වීමට වුවමනා සම්පත් හා ධාරිතාවන් එක දිගට ලබා ගැනීමට නොහැකි වී තිබුණි .
2017 වර්ෂයේ සේවයේ නියුතුව සිටිය යුතු ඉතිරි දින 143 සඳහා අත්සන් ලේඛනයේ / ඇඟිලි සලකුණු යන්ත්‍රයේ සලකුණු කර හෝ නිවාඩු ලබා ගෙන හෝ බැහැර ගිය ලෙස ලේඛනයේ සඳහන් කර හෝ නොතිබුණි
2017 වර්ෂයේ සේවයේ නියුතුව සිටිය යුතු ඉතිරි දින 143 සඳහා අත්සන් ලේඛනයේ සඳහනක් නොවීය. ඇඟිලි සලකුණු යන්ත්‍රයේ සලකුණු කර හෝ නිවාඩු ලබා ගෙන හෝ බැහැර ගිය ලෙස ලේඛනයේ සඳහන් කර හෝ නොතිබුණි.
2017 වර්ෂයේ සේවයේ නියුතු ව සිටිය යුතු ඉතිරි දින ගණන දින 143කි. ඒ සඳහා අත්සන් ලේඛනයේ/ ඇඟිලි සලකුණු යන්ත්‍රයේ සලකුණු කර හෝ නිවාඩු ලබා ගෙන හෝ බැහැර ගිය ලෙස ලේඛනයේ සඳහන් කර හෝ නොතිබුණි.
2017 වසරේ සේවයේ යෙදී සිටිය යුතු ඉතිරි දින 143 සඳහා අත්සන් ලේඛනයේ / ඇඟිලි සලකුණු යන්ත්‍රයේ සලකුණු කර හෝ නිවාඩු ලබා ගෙන හෝ බැහැර ගිය ලෙස ලේඛනයේ සඳහන් කර හෝ නොතිබුණි
ව්‍යාපෘතියේ අරමුණ සබරගමුව පළාත සහ බස්නාහිර පළාතේ කොටසක ප්‍රවාහන හා යටිතල පහසුකම් වැඩි දියුණු කිරීමට දක්ෂිණ අධිවේගී මාර්ගය සහ මධ්‍යම අධිවේගී මාර්ගය සම්බන්ධ කරමින් නව අධිවේගී මාර්ගයක් ඉදිකිරීම යි .
ව්‍යාපෘතියේ අරමුණ සබරගමුව පළාත සහ බස්නාහිර පළාතේ කොටසක ප්‍රවාහන හා යටිතල පහසුකම් වැඩි දියුණු කිරීමට දක්ෂිණ අධිවේගි මාර්ගය සහ මධ්‍යම අධිවේගී මාර්ගය සම්බන්ධ කරමින් නව අධිවේගි මාර්ගයක් ඉදිකිරීමයි.
ව්‍යාපෘතියේ අරමුණ සබරගමුව පළාත සහ බස්නාහිර පළාතේ කොටසක ප්‍රවාහන හා යටිතල පහසුකම් වැඩි දියුණු කිරීම සඳහා නව අධිවේගී මාර්ගයක් ඉදිකිරීම යි. ඒ, දක්ෂිණ අධිවේගී මාර්ගය සහ මධ්‍යම අධිවේගී මාර්ගය සම්බන්ධ කරමිනි.
ව්‍යාපෘතියේ අරමුණක් ඇත. එනම් සබරගමුව පළාත සහ බස්නාහිර පළාතේ කොටසක ප්‍රවාහන හා යටිතල පහසුකම් වැඩි දියුණු කිරීමට දක්ෂිණ අධිවේගී මාර්ගය සහ මධ්‍යම අධිවේගී මාර්ගය සම්බන්ධ කරමින් නව අධිවේගී මාර්ගයක් ඉදිකිරීමයි .
දැනුදු ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් භාවිත කරන ලද කල්පිටිය ඕලන්ද බලකොටුව , දෙවන ලෝක යුද්ධ සමයේ භාවිත කළ පලාවි ගුවන් තොටුපළ , ශ්‍රී ලංකාවේ ඉතිහාසයට ඍජුව ම සම්බන්ධ වූ ස්ථාන ලෙස හැඳින්විය හැකිය .
වර්තමානයේ ශ්‍රී ලංකා නාවික හමුදාව භාවිත කරන කල්පිටිය ඕලන්ද බලකොටුව, දෙවන ලෝක යුද්ධ සමයේ භාවිත කළ පලාවි ගුවන් තොටුපළ ශ්‍රී ලංකාවේ ඉතිහාසයට ඍජුවම සම්බන්ධ වූ ස්ථාන ලෙස හැඳින්විය හැකිය.
ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් භාවිත කළ, ශ්‍රී ලංකාවේ ඉතිහාසයට සෘජු ව ම සම්බන්ධ වූ ස්ථාන කිහිපයකි. ඒ අතර, කල්පිටිය ඕලන්ද බලකොටුව, දෙවන ලෝක යුද්ධ සමයේ භාවිත කළ පලාවි ගුවන් තොටුපළ වේ.
දැන් වුවත්, ශ්‍රී ලංකාවේ ඉතිහාසයට කෙළින්ම සම්බන්ධ වූ ස්ථාන ලෙස හැඳින්විය හැකි ඒවා කිහිපයකි. එනම්, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් භාවිත කරන ලද කල්පිටිය ඕලන්ද බලකොටුව , දෙවන ලෝක යුද්ධ සමයේ භාවිත කළ පලාවි ගුවන් තොටුපළ ය.
වෙළ‍ෙඳ ද්‍රව්‍ය පුත්තලමට ගෙන ඒම සහ දේශීය නිෂ්පාදන කොළඹ වරායට ගෙන යාමට බත්තල් හා පාරු මඟින් ප්‍රවාහනය කිරීම සඳහා ලන්දේසින් විසින් ඉදිකරන ලද පාරු ඇළවල් තුනෙන් දෙකක් පමණ ඇත්තේ පුත්තලම දිස්ත්‍රික්කයේ ය .
වෙළ‍ෙඳ ද්‍රව්‍ය පුත්තලමට ගෙන ඒම සහ දේශීය නිෂ්පාදන කොළඹ වරායට ගෙන යාමට බත්තල් හා පාරු මඟින් ප්‍රවාහනය කිරීම සඳහා ලන්දේසින් විසින් ඉදිකරන ලද පාරු ඇළවල් තුනෙන් දෙකක් පමණ ඇත්තේ පුත්තලම දිස්ත්‍රික්කයේය.
ලන්දේසින්, වෙළ‍ෙඳ ද්‍රව්‍ය පුත්තලමට ගෙන ඒම සහ දේශීය නිෂ්පාදන කොළඹ වරායට ගෙන යාම සිදු කළේ බත්තල් හා පාරු මගිනි. ඒ සඳහා ඔවුන් විසින් ඉදිකළ පාරු ඇළවල් තුනෙන් දෙකක් පමණ ඇත්තේ පුත්තලම දිස්ත්‍රික්කයේ ය.
වෙළ‍ෙඳ ද්‍රව්‍ය පුත්තලමට ගෙන ඒම සහ දේශීය නිෂ්පාදන කොළඹ වරායට ගෙන යාමට බත්තල් හා පාරු මඟින් ප්‍රවාහනය කිරීම සඳහා ලන්දේසින් විසින් පාරු ඇළවල් ඉදිකරන ලදී . එයින් තුනෙන් දෙකක් පමණ ඇත්තේ පුත්තලම දිස්ත්‍රික්කයේ ය .
2013 වර්ෂයේ වතු ලැයිස්තුගත කිරීමේ අදියරයෙන් සකස් කරගන්නා ලද වතු ලැයිස්තුව සහ 2012 වර්ෂයේ ජන හා නිවාස සංගණනයේ යොදාගන්නා ලද පූර්ව ලැයිස්තුගත කිරීමේ ලේඛනය භාවිත කරමින් කෘෂිකර්ම අංශයේ විස්තරාත්මක දත්ත එක්රැස් කිරීම සිදු කරන ලදී .
2013 වර්ෂයේ වතු ලැයිස්තුගත කිරීමේ අදියරයෙන් සකස් කරගන්නා ලද වතු ලැයිස්තුව සහ 2012 වර්ෂයේ ජන හා නිවාස සංගණනයේ යොදාගන්නා ලද පූර්ව ලැයිස්තුගත කිරීමේ ලේඛනය භාවිත කරමින් කෘෂිකර්ම අංශයේ විස්තරාත්මක දත්ත එක්රැස් කිරීම සිදු කෙරිණි.
කෘෂිකර්ම අංශයේ විස්තරාත්මක දත්ත එක්රැස් කිරීම සිදු කෙරීය. එය සිදු කෙරුණේ 2013 වර්ෂයේ වතු ලැයිස්තුගත කිරීමේ අදියරයෙන් සකස් කර ගත් වතු ලැයිස්තුව සහ 2012 වර්ෂයේ ජන හා නිවාස සංගණනයේ යොදා ගත් පූර්ව ලැයිස්තුගත කිරීමේ ලේඛනය භාවිත කරමිනි.
කෘෂිකර්ම අංශයේ විස්තරාත්මක දත්ත එක්රැස් කිරීම සිදු කරන ලදී. ඒ සඳහා, 2013 වසරේ වතු ලැයිස්තුගත කිරීමේ අදියරයෙන් සකස් කරගන්නා ලද වතු ලැයිස්තුව සහ 2012 වසරේ ජන හා නිවාස සංගණනයේ යොදාගන්නා ලද පූර්ව ලැයිස්තුගත කිරීමේ ලේඛනය භාවිත කරන ලදී .
නව ගොඩනැගිලි බලපත් අනුමත කිරීම හෝ ගොඩනැගිලි අලුත්වැඩියාවන් සඳහා ( එකතු කිරීම / වෙනස් කිරීම ) නිකුත් කළ බලපත්‍ර හා නිකුත් කළ අනුකූලතා සහතික පිළිබඳ තොරතුරු පුත්තලම දිස්ත්‍රික්කයේ පිහිටි නගර සභා දෙක සහ ප්‍රාදේශීය සභා දහය මඟින් ලබා ගෙන 2014 ජනවාරි සිට දෙසැම්බර් දක්වා මාසිකව ප්‍රධාන කාර්යාලයට යවන ලදි .
නව ගොඩනැගිලි බලපත් අනුමත කිරීම හෝ ගොඩනැගිලි අලුත්වැඩියාවන් සඳහා ( එකතු කිරීම / වෙනස් කිරීම ) නිකුත් කළ බලපත්‍ර හා නිකුත් කළ අනුකූලතා සහතික පිළිබඳ තොරතුරු පුත්තලම දිස්ත්‍රික්කයේ පිහිටි නගර සභා දෙක සහ ප්‍රාදේශීය සභා දහය මඟින් ලබා ගැනීම සිදු විය. අනතුරුව 2014 ජනවාරි සිට දෙසැම්බර් දක්වා මාසිකව ප්‍රධාන කාර්යාලයට යැවීය.
නව ගොඩනැගිලි බලපත් අනුමත කිරීම හෝ ගොඩනැගිලි අලුත්වැඩියාවන් සඳහා නිකුත් කළ බලපත්‍ර හා නිකුත් කළ අනුකූලතා සහතික පිළිබඳ තොරතුරු පුත්තලම දිස්ත්‍රික්කයේ පිහිටි නගර සභා දෙක සහ ප්‍රාදේශීය සභා දහය මගින් ලබා ගැනුණි. ඒවා 2014 ජනවාරි සිට දෙසැම්බර් දක්වා මාසික ව ප්‍රධාන කාර්යාලයට යැවීය.
නව ගොඩනැගිලි බලපත් අනුමත කිරීම හෝ ගොඩනැගිලි අලුත්වැඩියාවන් සඳහා ( එකතු කිරීම / වෙනස් කිරීම ) නිකුත් කළ බලපත්‍ර හා නිකුත් කළ අනුකූලතා සහතික පිළිබඳ තොරතුරු පුත්තලම දිස්ත්‍රික්කයේ පිහිටි නගර සභා දෙක සහ ප්‍රාදේශීය සභා දහය මඟින් ලබා ගැනිණ. ඒවා 2014 ජනවාරි සිට දෙසැම්බර් දක්වා මාසයෙන් මාසයට ප්‍රධාන කාර්යාලයට යවන ලදි .
නව තාක්ෂණය තුළින් දෙවන භාෂාව ප්‍රවර්ධනය කර ගැනීම
නව තාක්ෂණය තුළින් දෙවන භාෂාව වැඩි කර ගැනීම සිදු වේ.
නව තාක්ෂණය තුළින් දෙවන භාෂාව දියුණු කර ගැනීම
නව තාක්ෂණය තුළින් දෙවන භාෂාව වැඩි දියුණු කර ගැනීම
1969 අංක 19 දරන පරමාණුක ශක්ති පනත ඉතා පැරණි වන අතර එය නව ජාත්‍යන්තර අවශ්‍යතාවන්ට අනුකූල නොවන නිසා 2011.06.22 වැනි දින නව පනතක් කෙටුම්පත් කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා ගෙන ඇති අතර විකිරණ ආරක්ෂණය , න්‍යෂ්ටික ආරක්ෂාව , විකිරණශීලි ද්‍රව්‍ය ප්‍රවාහනය හා විකිරණශීලි ද්‍රව්‍ය අපහරණය යනාදි කරුණු සම්බන්ධව නවතම ජාත්‍යන්තර අවශ්‍යතාවන්ට අනුකූලව සිදු කරන ආකාරයට කෙටුම්පත් කරන ලදි .
1969 අංක 19 දරන පරමාණුක ශක්ති පනත ඉතා පැරණිය. නව ජාත්‍යන්තර අවශ්‍යතාවන්ට අනුකූල නොවන නිසා 2011.06.22 වැනි දින නව පනතක් කෙටුම්පත් කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා ගෙන ඇත. විකිරණ ආරක්ෂණය, න්‍යෂ්ටික ආරක්ෂාව, විකිරණශීලි ද්‍රව්‍ය ප්‍රවාහනය හා විකිරණශීලි ද්‍රව්‍ය අපහරණය යනාදි කරුණු සම්බන්ධව නවතම ජාත්‍යන්තර අවශ්‍යතාවන්ට අනුකූලව වන ආකාරයට කෙටුම්පත් කෙරිණි.
1969 අංක 19 දරන පරමාණුක ශක්ති පනත ඉතා පැරණි ය. එය නව ජාත්‍යන්තර අවශ්‍යතාවන්ට අනුකූල නොවන නිසා 2011.06.22 වැනි දින නව පනතක් කෙටුම්පත් කිරීමට අමාත්‍ය මණ්ඩලයේ කැමැත්තලබා ගෙන ඇත. විකිරණ ආරක්ෂණය, න්‍යෂ්ටික ආරක්ෂාව, විකිරණශීලි ද්‍රව්‍ය ප්‍රවාහනය හා විකිරණශීලි ද්‍රව්‍ය අපහරණය යනාදි කරුණු සම්බන්ධ ව අලුත් ම ජාත්‍යන්තර අවශ්‍යතාවන්ට අනුව සිදු කරන ආකාරයට එය කෙටුම්පත් කෙරීය.
1969 අංක 19 දරන පරමාණුක ශක්ති පනත ඉතා පැරණිය. එය නව ජාත්‍යන්තර වුවමනාවන්ට නොගැළපෙන නිසා 2011.06.22 වැනි දින නව පනතක් කෙටුම්පත් කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අවසරය ලබා ගෙන ඇත. එමෙන්ම විකිරණ ආරක්ෂණය , න්‍යෂ්ටික ආරක්ෂාව , විකිරණශීලි ද්‍රව්‍ය ප්‍රවාහනය හා විකිරණශීලි ද්‍රව්‍ය අපහරණය යනාදි කරුණු සම්බන්ධව නවතම ජාත්‍යන්තර වුවමනාතාවන්ට අනුව සිදු කරන ආකාරයට කෙටුම්පත් කරන ලදි .
මෙයට එම නිලධාරීන්ගේ සංශෝධන ද අන්තර්ගත කොට සකස් කිරීමෙන් අනතුරුව 2013 නොවැම්බර් 4 දින නීති කෙටුම්පත් කිරීම් දෙපාර්තම්න්තුවට ඉදිරිපත් කරන ලදි .
මෙයට එම නිලධාරීන්ගේ සංශෝධන ද ඇතුළත් කොට සකස් කිරීමෙන් අනතුරුව 2013 නොවැම්බර් 4 දින නීති කෙටුම්පත් කිරීම් දෙපාර්තම්න්තුවට ඉදිරිපත් කෙරිණි.
මෙයට එම නිලධාරීන්ගේ සංශෝධන ද අන්තර්ගත කොට සකස් කෙරීය. අනතුරුව 2013 නොවැම්බර් 4 දින නීති කෙටුම්පත් කිරීම් දෙපාර්තම්න්තුවට ඉදිරිපත් කෙරිණි.
මෙයට එම නිලධාරීන්ගේ සංශෝධන ද අන්තර්ගත කොට සකස් කිරීමෙන් පසුව 2013 නොවැම්බර් 4 දින නීති කෙටුම්පත් කිරීම් දෙපාර්තම්න්තුවට ඉදිරිපත් කරන ලදි .
විකිරණ ප්‍රභව හා විකිරණශීලී සමස්ථානික භාවිත කරන රාජ්‍ය හා පුද්ගලික ආයතනවලට අඛණ්ඩව අධීක්ෂණ සේවා ලබා‍ දෙමින් අධිකාරිය විසින් එම ආයතනවල එම කටයුතු ආරක්ෂාකාරී අන්දමින් සිදු වන බව සාක්ෂාත් කර ගන්නා ලදි .
විකිරණ ප්‍රභව හා විකිරණශීලී සමස්ථානික භාවිත කරන රාජ්‍ය හා පුද්ගලික ආයතනවලට අඛණ්ඩව අධීක්ෂණ සේවා ලබා‍ දෙයි. අධිකාරිය විසින් එම ආයතනවල එකී කටයුතු ආරක්ෂාකාරි අන්දමින් සිදු වන බව සාක්ෂාත් කර ගන්නා ලදි.
විකිරණ ප්‍රභව හා විකිරණශීලි සමස්ථානික භාවිත කරන රාජ්‍ය හා පුද්ගලික ආයතනවලට අඛණ්ඩ ව අධීක්ෂණ සේවා ලබා‍ දුණි. එමගින් අධිකාරිය විසින් එම ආයතනවල කටයුතු ආරක්ෂාකාරි අන්දමින් සිදු වන බව ඉටු කර ගැනුණි.
විකිරණ ප්‍රභව හා විකිරණශීලී සමස්ථානික භාවිත කරන රාජ්‍ය හා පුද්ගලික ආයතනවලට එක දිගට අධීක්ෂණ සේවා ලබා‍ දෙයි. අධිකාරිය විසින් එම ආයතනවල එම කටයුතු ආරක්ෂාකාරී අන්දමින් සිදු වන බව සහතික කර ගන්නා ලදි .
එක්ස් කිරණ යන්ත්‍ර ඇතුළුව විකිරණශීලි ද්‍රව්‍ය හා ප්‍රවිකිරණ යන්ත්‍ර භාවිත කරන ආයතන ඒ සඳහා පරමාණුක ශක්ති අධිකාරියෙන් බලපත්‍රයක් ලබා ගත යුතු අතර 2013 වසරේ දී මෙවන් බලපත්‍ර 186ක් නිකුත් කරන ලදි .
එක්ස් කිරණ යන්ත්‍ර ඇතුළුව විකිරණශීලි ද්‍රව්‍ය හා ප්‍රවිකිරණ යන්ත්‍ර භාවිත කරන ආයතන ඒ සඳහා පරමාණුක ශක්ති අධිකාරියෙන් බලපත්‍රයක් ලබා ගත යුතුය. 2013 වසරේ දී මෙවන් බලපත්‍ර 186ක් නිකුත් කෙරිණි.
එක්ස් කිරණ යන්ත්‍ර ඇතුළු ව විකිරණශීලි ද්‍රව්‍ය හා ප්‍රවිකිරණ යන්ත්‍ර භාවිත කරන ආයතන ඒ සඳහා පරමාණුක ශක්ති අධිකාරියෙන් බලපත්‍රයක් ලබා ගත යුතු ය. 2013 වසරේ දී මෙවන් බලපත්‍ර 186ක් නිකුත් කෙරීය.
එක්ස් කිරණ යන්ත්‍ර ඇතුළුව විකිරණශීලි ද්‍රව්‍ය හා ප්‍රවිකිරණ යන්ත්‍ර භාවිත කරන ආයතන ඒ සඳහා පරමාණුක ශක්ති අධිකාරියෙන් බලපත්‍රයක් ලබා ගත යුතුය. එමෙන්ම 2013 වසරේ දී මෙවන් බලපත්‍ර 186ක් නිකුත් කරන ලදි .
මීට අමතරව විකිරණශීලී ද්‍රව්‍ය ආනයනය හා අපනයනය කිරීමට අධිකාරියේ අනුමැතිය ලබා ගත යුතු අතර 2013 වසරේ දී මේ සඳහා දෙන ලද බලය පැවරීම් සංඛ්‍යාව 522කි .
මීට අමතරව විකිරණශීලී ද්‍රව්‍ය ආනයනය හා අපනයනය කිරීමට අධිකාරියේ අනුමැතිය ලබා ගත යුතුය. 2013 වසරේ දී මේ සඳහා දෙන ලද බලය පැවරීම් සංඛ්‍යාව 522කි.
මීට අමතර ව විකිරණශීලි ද්‍රව්‍ය ආනයනය හා අපනයනය කිරීමට අධිකාරියේ කැමැත්තලබා ගත යුතු ය. 2013 වසරේ දී මේ සඳහා දෙන ලද බලය පැවරීම් සංඛ්‍යාව 522කි.
මීට අමතරව විකිරණශීලී ද්‍රව්‍ය මෙරටට ගෙන්වීම හා මෙරටින් යැවීමට අධිකාරියේ අවසරය ලබා ගත යුතුය. එමෙන්ම 2013 වසරේ දී මේ සඳහා දෙන ලද බලය පැවරීම් සංඛ්‍යාව 522කි .
විකිරණ හා විකිරණශීලී ද්‍රව්‍ය භාවිත කරන ස්ථාන අධීක්ෂණ ද අධිකාරියේ කාර්යය භාරයක් වන අතර 2013 වසරේ දී එවන් අධීක්ෂණ 138ක් සිදු කරන ලදි .
විකිරණ හා විකිරණශීලී ද්‍රව්‍ය භාවිත කරන ස්ථාන අධීක්ෂණයද අධිකාරියේ කාර්යය භාරයකි. 2013 වසරේ දී එවන් අධීක්ෂණ 138ක් සිදු කෙරිණි.
විකිරණ හා විකිරණශීලී ද්‍රව්‍ය භාවිත කරන ස්ථාන අධීක්ෂණ ද අධිකාරියේ කාර්යක් වේ. 2013 වසරේ දී එවන් අධීක්ෂණ 138ක් සිදු කෙරීය.
විකිරණ හා විකිරණශීලී ද්‍රව්‍ය භාවිත කරන ස්ථාන අධීක්ෂණ ද අධිකාරියේ කාර්යය භාරයක් වේ. එමෙන්ම 2013 වසරේ දී එවන් අධීක්ෂණ 138ක් සිදු කරන ලදි .
පර්යේෂණ හා සංවර්ධන ක්‍රියාකාරකම් සිදු කරමින් විකිරණ පිරිසැකසුම් ඒකකය මගින් ස්වභාවික බහු අවයවික හා විකිරණ අනුසාරයන් සිදු කරන වෙනස් කිරීම් තාක්ෂණය භාවිත කරමින් පරිසර හිතකාමි දිලීර නාශක ගුණ සහිත ශාක වර්ධකයක් නිපදවන ලදි .
පර්යේෂණ හා සංවර්ධන ක්‍රියාකාරකම් පිරිසැකසුම් ඒකකය මගින් සිදු කරයි. එම ඒකකය මගින් ස්වාභාවික බහු අවයවික හා විකිරණ අනුසාරයන් සිදු කරන වෙනස් කිරීම් තාක්ෂණය භාවිත කරමින් පරිසර හිතකාමි දිලීර නාශක ගුණ සහිත ශාක වර්ධකයක් නිපදවීය.
විකිරණ පිරිසැකසුම් ඒකකය මගින් පරිසර හිතකාමි දිලීර නාශක ගුණ සහිත ශාක වර්ධකයක් නිපදවන ලදි. එය නිපදවූයේ ස්වභාවික බහු අවයවික හා විකිරණ අනුසාරයෙන් සිදු කරන වෙනස් කිරීම් තාක්ෂණය භාවිත කරමිනි.
විකිරණ පිරිසැකසුම් ඒකකය පර්යේෂණ හා සංවර්ධන ක්‍රියාකාරකම් සිදු කරයි. එමගින් ස්වභාවික බහු අවයවික හා විකිරණ අනුසාරයන් සිදු කරන වෙනස් කිරීම් තාක්ෂණය භාවිත කරමින් පරිසර හිතකාමි දිලීර නාශක ගුණ සහිත ශාක වර්ධකයක් නිපදවන ලදි .
ශ්‍රී ලංකාවේ පරමාණුක ශක්ති අධිකාරිය , ජාත්‍යන්තර පරමාණුක ශක්ති නියෝජිතායතනයේ නාභි ලක්ෂය ලෙස ක්‍රියාකරමින් එහි තාක්ෂණික සහයෝගිතා වැඩසටහන් යටතේ තාක්ෂණික සහාය ලබා ගන්නා ලදි .
ශ්‍රී ලංකාවේ පරමාණුක ශක්ති අධිකාරිය , ජාත්‍යන්තර පරමාණුක ශක්ති නියෝජිතායතනයේ නාභි ලක්ෂ්‍ය ලෙස ක්‍රියා කරයි. එහි තාක්ෂණික සහයෝගිතා වැඩසටහන් යටතේ තාක්ෂණික සහාය ලබා ගැනිණි.
ශ්‍රී ලංකාවේ පරමාණුක ශක්ති අධිකාරිය, ජාත්‍යන්තර පරමාණුක ශක්ති නියෝජිත ආයතනයේ නාභි ලක්ෂය ලෙස ක්‍රියා කරයි. එසේ සිටිමින් එහි තාක්ෂණික සහයෝගිතා වැඩසටහන් යටතේ තාක්ෂණික සහාය ලබා ගැනුණි.
ශ්‍රී ලංකාවේ පරමාණුක ශක්ති අධිකාරිය , ජාත්‍යන්තර පරමාණුක ශක්ති නියෝජිතායතනයේ නාභි ලක්ෂය ලෙස ක්‍රියා කරයි. එහි තාක්ෂණික සහයෝගිතා වැඩසටහන් යටතේ තාක්ෂණික සහාය ලබා ගන්නා ලදි .
ජාත්‍යන්තර පරමාණුක ශක්ති නියෝජිතායතනයේ , ජපන් රජයේ හා කොරියානු රජයේ ආධාරයෙන් අධිකාරිය විසින් ශ්‍රී ලංකාවේ විද්‍යාඥයන්ගේ තාක්ෂණික හැකියාවන් දියුණු කිරීමට පියවර ගන්නා ලදි .
ජපන් රජයේ හා කොරියානු රජයේ ආධාරයෙන් අධිකාරිය විසින් ජාත්‍යන්තර පරමාණුක ශක්ති නියෝජිතායතනයේ උපකාර ඇතිව ශ්‍රී ලංකාවේ විද්‍යාඥයන්ගේ තාක්ෂණික හැකියාවන් දියුණු කිරීමට පියවර ගන්නා ලදි.
අධිකාරිය විසින් ශ්‍රී ලංකාවේ විද්‍යාඥයන්ගේ තාක්ෂණික හැකියාවන් දියුණු කිරීමට පියවර ගන්නා ලදි. ඒ, ජාත්‍යන්තර පරමාණුක ශක්ති නියෝජිත ආයතනයේ, ජපන් රජයේ හා කොරියානු රජයේ ආධාරයෙනි.
ජාත්‍යන්තර පරමාණුක ශක්ති නියෝජිතායතනයේ , ජපන් රජයේ හා කොරියානු රජයේ ආධාරයෙන් අධිකාරිය විසින් ශ්‍රී ලංකාවේ විද්‍යාඥයන්ගේ තාක්ෂණික හැකියාවන් දියුණු කිරීමට පියවර ගන්නා ලදි .
මේ සඳහා විශේෂඥ සේවා ශ්‍රී ලංකාවට සපයන ලද අතර අධිශිෂ්‍යත්ව ( 19ක් ) හා විද්‍යාත්මක චාරිකා ( 21ක් ) කෙටිකාලීන සම්මන්ත්‍රණ හා පුහුණු පාඨමාලා සඳහා ලාංකික විද්‍යාඥයන්හට ( 140කට විදේශ රටවල පවත්වන ලද ) සහභාගි වීමට අවස්ථාව සපයා දෙන ලදි .
මේ සඳහා විශේෂඥ සේවා ශ්‍රී ලංකාවට සැපයීය. එමෙන්ම අධිශිෂ්‍යත්ව ( 19ක් ) හා විද්‍යාත්මක චාරිකා ( 21ක් ) කෙටිකාලීන සම්මන්ත්‍රණ හා පුහුණු පාඨමාලා සඳහා ලාංකික විද්‍යාඥයන්හට ( 140කට විදේශ රටවල පවත්වන ලද ) සහභාගි වීමට අවස්ථාව සපයා දුනි.
මේ සඳහා විශේෂඥ සේවා ශ්‍රී ලංකාවට සැපයීය. අධිශිෂ්‍යත්ව (19ක්) හා විද්‍යාත්මක චාරිකා (21ක්), කෙටිකාලීන සම්මන්ත්‍රණ හා පුහුණු පාඨමාලා සඳහා ලාංකික විද්‍යාඥයන් හට (140කට විදේශ රටවල පැවැත්වූ) සහභාගි වීමට අවස්ථාව සපයා දුණි.
මේ සඳහා විශේෂඥ සේවා ශ්‍රී ලංකාවට සපයන ලදී. එමෙන්ම අධිශිෂ්‍යත්ව ( 19ක් ) හා විද්‍යාත්මක චාරිකා ( 21ක් ) කෙටිකාලීන සම්මන්ත්‍රණ හා පුහුණු පාඨමාලා සඳහා ලාංකික විද්‍යාඥයන්ට ( 140කට විදේශ රටවල පවත්වන ලද ) සහභාගි වීමට අවස්ථාව සපයා දෙන ලදි .
මෙම මධ්‍යස්ථානය යාන්ත්‍රික , රසායනික , සිවිල් ඉංජිනේරු හා කාර්මික ක්ෂේත්‍රවලට අදාළ නිර්විනාශක , අර්ධ විනාශකාරී හා විනාශකාරී පරීක්ෂණ සේවා සහිතව ජාත්‍යන්තරව පිළිගැනීමක් සහිත ප්‍රතීතනය ලත් විද්‍යාගාර පහසුකම් සහිත කලාපීය නිර්විනාශක සේවා සපයන්නන් හා තරඟකාරී විය හැකි වන සේ ඉදිකරනු ඇත .
මෙම මධ්‍යස්ථානය යාන්ත්‍රික, රසායනික, සිවිල් ඉංජිනේරු හා කාර්මික ක්ෂේත්‍රවලට අදාළ නිර්විනාශක, අර්ධ විනාශකාරී හා විනාශකාරී පරීක්ෂණ සේවා ජාත්‍යන්තරව පිළිගැනීමක් සහිත ප්‍රතීතනය ලත් විද්‍යාගාර පහසුකම් ඇතිව ඉදිකිරීමට අපේකිෂිතය. තවද, කලාපීය නිර්විනාශක සේවා සපයන්නන් හා තරඟකාරී විය හැකි වන සේ ඉදිකරනු ඇත.
මෙම මධ්‍යස්ථානය යාන්ත්‍රික, රසායනික, සිවිල් ඉංජිනේරු හා කාර්මික අංශවලට අදාළ නිර්විනාශක, අර්ධ විනාශකාරී හා විනාශකාරී පරීක්ෂණ සේවා සහිත ව ඉදිකරයි. තව ද, ජාත්‍යන්තර ව පිළිගැනීමක් සහිත ප්‍රතීතනය ලත් විද්‍යාගාර පහසුකම් සහිත කලාපීය නිර්විනාශක සේවා සපයන්නන් හා තරඟකාරි විය හැකි වන සේ ඉදිකරනු ඇත.
මෙම මධ්‍යස්ථානය යාන්ත්‍රික , රසායනික , සිවිල් ඉංජිනේරු හා කාර්මික ක්ෂේත්‍රවලට අදාළ නිර්විනාශක , අර්ධ විනාශකාරී හා විනාශකාරී පරීක්ෂණ සේවා සහිතය. ඒ ඔස්සේ ජාත්‍යන්තරව පිළිගැනීමක් සහිත ප්‍රතීතනය ලත් විද්‍යාගාර පහසුකම් සහිත කලාපීය නිර්විනාශක සේවා සපයන්නන් හා තරඟකාරී විය හැකි වන සේ ඉදිකරනු ඇත .
මෙහි දී කොන්ක්‍රීට් පරීක්ෂණ තාක්ෂණය සහිතව ඉදිකිරීම් ක්ෂේත්‍රයට අවශ්‍ය සියලු ම තාක්ෂණික සේවා ලබා දීමටත් හැකියාවන් සහිත නිර්විනාශක පරීක්ෂණ ශිල්පීන් ( ජාත්‍යන්තර ප්‍රමිතියට අනුකූල ලෙස පුහුණු කළ ) පුහුණු කර කාර්මික ක්ෂේත්‍රයේ ගුණාත්මකභාවය හා ඵලදායිතාව වැඩි දියුණු කිරීමත් සිදු කරනු ඇත .
මෙහි දී කොන්ක්‍රීට් පරීක්ෂණ තාක්ෂණය සහිතව ඉදිකිරීම් ක්ෂේත්‍රයට අවශ්‍ය සියලු ම තාක්ෂණික සේවා ලබා දීමටත් හැකියාවන් සහිත නිර්විනාශක පරීක්ෂණ ශිල්පීන් ( ජාත්‍යන්තර ප්‍රමිතියට අනුකූල ලෙස පුහුණු කළ ) පුහුණු කර කාර්මික ක්ෂේත්‍රයේ ගුණාත්මකභාවය හා ප්‍රයෝජනවත්තාව වැඩි දියුණු කරනු ඇත.
මෙහි දී කොන්ක්‍රීට් පරීක්ෂණ තාක්ෂණය සහිත ව ඉදිකිරීම් අංශයට අවශ්‍ය සියලු ම තාක්ෂණික සේවා ලබා දීමට කටයුතු කෙරේ. එසේ ම හැකියාවන් සහිත නිර්විනාශක පරීක්ෂණ ශිල්පීන් (ජාත්‍යන්තර ප්‍රමිතියට අනුකූල ලෙස පුහුණු කළ) පුහුණු කර කාර්මික අංශයේ ගුණාත්මකභාවය හා ඵලදායිතාව වැඩි දියුණු කිරීමත් සිදු කරනු ඇත.
මෙහි දී කොන්ක්‍රීට් පරීක්ෂණ තාක්ෂණය සහිතව ඉදිකිරීම් ක්ෂේත්‍රයට වුවමනා සියලුම තාක්ෂණික සේවා ලබා දීමටත් හැකියාවන් සහිත නිර්විනාශක පරීක්ෂණ ශිල්පීන් ( ජාත්‍යන්තර ප්‍රමිතියට අනුකූල ලෙස පුහුණු කළ ) පුහුණු කර ඇත. එමගින් කාර්මික ක්ෂේත්‍රයේ ගුණාත්මකභාවය හා ඵලදායිතාව වැඩි දියුණු කිරීමත් සිදු කරනු ඇත .
මෙම මධ්‍යස්ථානය හරහා ගොඩනැගිලි ක්ෂේත්‍රයේ , කාර්මික ක්ෂේත්‍රයේ , රක්ෂණ ක්ෂේත්‍රයේ එතර රැකියා නියෝජිතයන් , වල්ඩින් විශේෂඥයන් ශ්‍රී ලංකාවේ නිර්විනාශක සංගමය , ජාත්‍යන්තර නිර්විනාශක කමිටුව යනාදි විවිධ ක්ෂේත්‍රවල පුද්ගලයන් සම්බන්ධීකරණය කිරීමට හැකියාව ලැබණු ඇත .
මෙම මධ්‍යස්ථානය හරහා ගොඩනැගිලි ක්ෂේත්‍රයේ, කාර්මික ක්ෂේත්‍රයේ, රක්ෂණ ක්ෂේත්‍රයේ, එතෙර රැකියා නියෝජිතයන‍්, වල්ඩින් විශේෂඥයන්, ශ්‍රී ලංකාවේ නිර්විනාශක සංගමය, ජාත්‍යන්තර නිර්විනාශක කමිටුව යනාදි විවිධ ක්ෂේත්‍රවල පුද්ගලයන් සම්බන්ධීකරණය කිරීමට හැකියාව ලැබෙයි.
මෙම මධ්‍යස්ථානය හරහා විවිධ අංශවල පුද්ගලයන් සම්බන්ධීකරණය කිරීමට හැකියාව ලැබෙනු ඇත. එම අංශ ලෙස ගොඩනැගිලි අංශය, කාර්මික අංශය, රක්ෂණ අංශයේ එතෙර රැකියා නියෝජිතයන්, වල්ඩින් විශේෂඥයන්, ශ්‍රී ලංකාවේ නිර්විනාශක සංගමය, ජාත්‍යන්තර නිර්විනාශක කමිටුව යනාදිය දැක්විය හැකි ය.
මෙම මධ්‍යස්ථානය හරහා ගොඩනැගිලි ක්ෂේත්‍රයේ , කාර්මික ක්ෂේත්‍රයේ , රක්ෂණ ක්ෂේත්‍රයේ එතෙර රැකියා නියෝජිතයන් , වල්ඩින් විශේෂඥයන් ශ්‍රී ලංකාවේ නිර්විනාශක සංගමය , ජාත්‍යන්තර නිර්විනාශක කමිටුව යනාදි විවිධ ක්ෂේත්‍රවල පුද්ගලයන් එකට සම්බන්ධ කිරීමට හැකියාව ලැබෙනු ඇත .
10. ඉහත කී සාර්ථක දත්ත පදනම් කර ගෙන පර්යේෂණ කණ්ඩායම ගන්නෝරුවේ ගෙවතු බෝග පර්යේෂණ හා සංවර්ධන ආයතනයේ දී 2013 සැප්තැම්බර් මස 6 වන දින ක්ෂේත්‍ර දිනයක් පැවැත්වූ අතර මෙහි දී කෘෂිකාර්මික ද්‍රව්‍ය නිෂ්පාදන සමාගම් හා කාබනික ද්‍රව්‍ය යොදාගන්නා ගොවින් ඇතුළු අන්තඵල ලාභීන්ට මෙම නිෂ්පාදන හඳුන්වා දෙන ලදි .
10. ඉහත කී සාර්ථක දත්ත පදනම් කර ගෙන පර්යේෂණ කණ්ඩායම ගන්නෝරුවේ ගෙවතු බෝග පර්යේෂණ හා සංවර්ධන ආයතනයේ දී 2013 සැප්තැම්බර් මස 6 වන දින ක්ෂේත්‍ර දිනයක් පැවැත්වීය. මෙහි දී කෘෂිකාර්මික ද්‍රව්‍ය නිෂ්පාදන සමාගම් හා කාබනික ද්‍රව්‍ය යොදා ගන්නා ගොවීන් ඇතුළු අන්තඵල ලාභීන්ට මෙම නිෂ්පාදන හඳුන්වා දුනි.
10. ඉහත කී සාර්ථක දත්ත පදනම් කර ගෙන පර්යේෂණ කණ්ඩායම, 2013 සැප්තැම්බර් මස 6 වන දින අංශර දිනයක් පැවැත්විය. ඒ, ගන්නෝරුවේ ගෙවතු බෝග පර්යේෂණ හා සංවර්ධන ආයතනයේ දී ය. මෙහි දී කෘෂිකාර්මික ද්‍රව්‍ය නිෂ්පාදන සමාගම් හා කාබනික ද්‍රව්‍ය යොදා ගන්නා ගොවීන් ඇතුළු අන්තඵල ලාභීන්ට මෙම නිෂ්පාදන හඳුන්වා දුණි.
10. ඉහත කී සාර්ථක දත්ත පදනම් කර ගෙන පර්යේෂණ කණ්ඩායම ගන්නෝරුවේ ගෙවතු බෝග පර්යේෂණ හා සංවර්ධන ආයතනයේ දී 2013 සැප්තැම්බර් මස 6 වන දින ක්ෂේත්‍ර දිනයක් පැවැත්වීය. එමෙන්ම මෙහි දී කෘෂිකාර්මික ද්‍රව්‍ය නිෂ්පාදන සමාගම් හා කාබනික ද්‍රව්‍ය යොදාගන්නා ගොවින් ඇතුළු අන්තඵල ලබන්නන්ට මෙම නිෂ්පාදන හඳුන්වා දෙන ලදි .
ජා . ප . ශ . නියෝජිතායතනය ශ්‍රී ලංකා ගැමා මධ්‍යස්ථානයේ විද්‍යාගාරවලට අවශ්‍ය උපකරණ රැසක් , විශේෂඥ සේවාවන් හා අවශ්‍ය මිනිස් සම්පත් සංවර්ධනයට කාර්යය මණ්ඩලය පුහුණුව සඳහා ඇස්තම්න්තු කරන ලද රු . මිලියන 30ක් හා තවදුරටත් අවශ්‍ය විශේෂඥ සේවා හා පුහුණුව සඳහා රු . මිලියන 25ක් 2014 හා 2015 වසරවල එම ආයතනයේ තාක්ෂණික සහයෝගිතාව යටතේ ලබා දෙනු ඇත .
ජාත්‍යන්තර පරමාණු ශක්ති නියෝජිතායතනය ශ්‍රී ලංකා ගැමා මධ්‍යස්ථානයේ විද්‍යාගාරවලට අවශ්‍ය උපකරණ රැසක්, විශේෂඥ සේවාවන් හා අවශ්‍ය මිනිස් සම්පත් සංවර්ධනය ට කාර්ය මණ්ඩලය පුහුණුව සඳහා රුපියල් මිලියන 30ක් ඇස්තමේන්තු කෙරිණි. තවදුරටත් අවශ්‍ය විශේෂඥ සේවා හා පුහුණුව සඳහා රුපියල් මිලියන 25ක් 2014 හා 2015 වසරවල එම ආයතනයේ තාක්ෂණික සහයෝගිතාව යටතේ ලබා දෙනු ඇත.
ජාතික පරමාණුක ශක්ති නියෝජිත ආයතනය ශ්‍රී ලංකා ගැමා මධ්‍යස්ථානයේ විද්‍යාගාරවලට අවශ්‍ය උපකරණ රැසක්, විශේෂඥ සේවාවන් හා අවශ්‍ය මිනිස් සම්පත් සංවර්ධනයට කාර්ය මණ්ඩලය පුහුණුව සඳහා ඇස්තම්න්තු කළ රුපියල් මිලියන 30ක් ලබා දෙනු ඇත. තවදුරටත් අවශ්‍ය විශේෂඥ සේවා හා පුහුණුව සඳහා රුපියල් මිලියන 25ක් 2014 හා 2015 වසරවල එම ආයතනයේ තාක්ෂණික සහයෝගිතාව යටතේ ලබා දෙනු ඇත.
ජා . ප . ශ . නියෝජිතායතනය ශ්‍රී ලංකා ගැමා මධ්‍යස්ථානයේ විද්‍යාගාරවලට වුවමනා උපකරණ රැසක් , විශේෂඥ සේවාවන් හා වුවමනා මිනිස් සම්පත් සංවර්ධනයට කාර්යය මණ්ඩලය පුහුණුව සඳහා රු . මිලියන 30ක් ඇස්තම්න්තු කරන ලදී. එමෙන්ම තවදුරටත් වුවමනා විශේෂඥ සේවා හා පුහුණුව සඳහා රු . මිලියන 25ක් 2014 හා 2015 වසරවල එම ආයතනයේ තාක්ෂණික සහයෝගිතාව යටතේ ලබා දෙනු ඇත .
මෙම යන්ත්‍රාගාරය ශ්‍රී ලංකාවේ කුඩා හා මධ්‍යම කර්මාන්තකරුවනට ආධාර කිරීමට අමතරව විදේශ ආයෝජකයන්ට ලංකාවේ කර්මාන්ත බිහි කොට ගැමා කිරණ මගින් ජීවාණුහරණය කළ සිරින්ජර් , කැතීටර් , ජීවාණුහරිත තුවාල ආවරණ ආදිය විදේශ අපනයන වෙළඳ පොළට ලබා දීමට ආධාර කරනු ඇත .
මෙම යන්ත්‍රාගාරය ශ්‍රී ලංකාවේ කුඩා හා මධ්‍යම කර්මාන්තකරුවනට ආධාර කරයිත ඊට අමතරව විදේශ ආයෝජකයන්ට ලංකාවේ කර්මාන්ත බිහි කොට ඇත. ගැමා කිරණ මගින් ජීවාණුහරණය කළ සිරින්ජර්, කැතීටර්, ජීවාණුහරිත තුවාල ආවරණ ආදිය විදේශ අපනයන වෙළඳ පොළට ලබා දීමට ආධාර කරනු ඇත.
මෙම යන්ත්‍රාගාරය ශ්‍රී ලංකාවේ කුඩා හා මධ්‍යම කර්මාන්තකරුවනට ආධාර කරනු ඇත. ඊට අමතර ව විදේශ ආයෝජකයන්ට ලංකාවේ කර්මාන්ත බිහි කොට ගැමා කිරණ මගින් ජීවාණුහරණය කළ සිරින්ජර්, කැතීටර්, ජීවාණුහරිත තුවාල ආවරණ ආදිය විදේශ අපනයන වෙළඳපොළට ලබා දීමට ආධාර කරනු ඇත.
මෙම යන්ත්‍රාගාරය ශ්‍රී ලංකාවේ කුඩා හා මධ්‍යම කර්මාන්තකරුවනට ආධාර කරයි. එයට අමතරව පිටරටවල මුදල් ආයෝජනය කරන අයට ලංකාවේ කර්මාන්ත බිහි කොට ගැමා කිරණ මගින් ජීවාණුහරණය කළ සිරින්ජර් , කැතීටර් , ජීවාණුහරිත තුවාල ආවරණ ආදිය විදේශ අපනයන වෙළඳපොළට ලබා දීමට ආධාර කරනු ඇත .
දැනට අපනයනය කරන වෛද්‍ය උපකරණවල ගුණාත්මක භාවය ගැමා ප්‍රවිකිරණය මගින් වැඩි කර විදේශ රටවලට යවා ලංකාවට විදේශ විනිමය වැඩිපුර ලබා ගැනීමට ඉඩ ප්‍රස්ථාව සපයනු ඇත .
දැනට අපනයනය කරන වෛද්‍ය උපකරණවල ගුණාත්මකභාවය ගැමා ප්‍රවිකිරණය මගින් වැඩි කර විදේශ රටවලට යවා ලංකාවට විදේශ විනිමය වැඩිපුර ලබා ගැනීමට අවස්ථාව සපයනු ඇත.
දැනට අපනයනය කරන වෛද්‍ය උපකරණවල ගුණාත්මක බව ගැමා ප්‍රවිකිරණය මගින් වැඩි කෙරේ. පසු ව විදේශ රටවලට යවා ලංකාවට විදේශ විනිමය වැඩිපුර ලබා ගැනීමට ඉඩ සපයනු ඇත.
දැනට මෙරටින් පිටරටට යවන වෛද්‍ය උපකරණවල ගුණාත්මක භාවය ගැමා ප්‍රවිකිරණය මගින් වැඩි කරයි. එමගින් විදේශ රටවලට යවා ලංකාවට විදේශ විනිමය වැඩිපුර ලබා ගැනීමට ඉඩ කඩ සපයනු ඇත .
මෙම යන්ත්‍රාගාරය පරමාණුක ශක්ති අධිකාරියේ මෙන්ම ජාතික විශ්වවිද්‍යාලය හා අනෙකුත් රජයේ හා පෞද්ගලික පර්යේෂණ ආයතනවල සිටින විද්‍යාඥයන් සඳහා පර්යේෂණ හා සංවර්ධන ව්‍යාපෘති කර ගෙන යාමට අවශ්‍ය පහසුකම් ලබා දිය හැකි වන ලෙස ද සැලසුම් කර ඇත .
මෙම යන්ත්‍රාගාරය පරමාණුක ශක්ති අධිකාරියේ මෙන්ම ජාතික විශ්වවිද්‍යාලය හා අනෙකුත් රජයේ හා පෞද්ගලික පර්යේෂණ ආයතනවල සිටින විද්‍යාඥයන් සඳහා පර්යේෂණ හා සංවර්ධන ව්‍යාපෘති කර ගෙන යාමට අවශ්‍ය පහසුකම් ලබා දිය හැකි වන ලෙස ද සැලසුම් කර ඇත.
මෙම යන්ත්‍රාගාරය මනා ව සැලසුම් කර ඇත. ඒ, පරමාණුක ශක්ති අධිකාරියේ මෙන් ම ජාතික විශ්වවිද්‍යාලය හා අනෙකුත් රජයේ හා පෞද්ගලික පර්යේෂණ ආයතනවල සිටින විද්‍යාඥයන් සඳහා පර්යේෂණ හා සංවර්ධන ව්‍යාපෘති කර ගෙන යාමට අවශ්‍ය පහසුකම් ලබා දිය හැකි වන ලෙස යි.
මෙම යන්ත්‍රාගාරය පරමාණුක ශක්ති අධිකාරියේ මෙන්ම ජාතික විශ්වවිද්‍යාලය හා අනෙකුත් රජයේ හා පුද්ගලික පර්යේෂණ ආයතනවල සිටින විද්‍යාඥයන් සඳහා පර්යේෂණ හා සංවර්ධන ව්‍යාපෘති කර ගෙන යාමට වුවමනා පහසුකම් ලබා දිය හැකි වන ලෙස ද සැලසුම් කර ඇත .
ජල - කාලගුණ හා සමස්ථානික තාක්ෂණය යොදාගෙන මෙය උතුරු මැද කලාපයේ දිගටම ක්‍රියාත්මක වනු ඇත .
ජල - කාලගුණ හා සමස්ථානික තාක්ෂණය යොදා ගෙන මෙය උතුරු මැද කලාපයේ දිගටම ක්‍රියාත්මක වනු ඇත.
මෙය උතුරු මැද කලාපයේ දිගට ම ක්‍රියාත්මක වේ. ඒ, ජල-කාලගුණ හා සමස්ථානික තාක්ෂණය යොදා ගෙන යි.
ජල - කාලගුණ හා සමස්ථානික තාක්ෂණය යොදාගෙන මෙය උතුරු මැද කලාපයේ දිගටම ක්‍රියාත්මක වනු ඇත .